ඉන්ටරගේටඩ් බැඳුම්කර මාධ්‍ය කොම්පැනියට ඔබේ ප්‍රතිචාරය කුමක් ද?

ජනයුගය බිහි කරන බැඳුම්කරයට මුල් වූ කරකාර බන්ධනය 
2015 පෙබරවාරි මස, අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු සභාපති ධුරය හොබවන සමයේ, මහ බැංකු බැඳුම්කර අයුතු ලෙස මිළ දී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට දැවැන්ත පාඩුවක් සිදු කරමින් අධික ලාභයක් ලැබුවේ යයි චෝදනා ලැබ සිටින, මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස්ට අයිති පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අරමුදලින් පිහිටුවන ඉන්ටර්ග්‍රේටඩ් මීඩියා නෙට්වර්ක් සමාගම විසින් වෙබ් අඩවි, පුවත්පත්, රේඩියෝ, රූපවාහිනී ආදියෙන් සමන්විතව ආරම්භ කරන මාධ්‍ය ජාලයේ සිංහල පත්තරය අප්‍රේල් මාසයේ මුලදී ආරම්භ කිරීමට නියමිත ය.

අර්ජුන් ඇලෝසියස් මේ අයථා මුදල්වලින් අඩු තරමේ ඇඟලුම් කම්හලක්වත් පටන් ගත්තා නම් සමාව දිය හැකි ය. එහෙමත් බැරි නම්, මාධ්‍ය ම උවමනා නම්, ජනතාවගේ මුදල් නිසා, ජනතාව තවත් බූරුවන් නො කරන බව පෙන්වන මාධ්‍යයක් පටන් ගන්නට තිබිණි. එහෙත්,මව්බිම ඊටත් වඩා අසික්කිත විදියට ඉස්සර කර, තමන් මෙතෙක් කල් වැඩ කළ ආයතනයේ වෙළඳපොළ අල්ලා ගැනීම සපථ කරන පිරිසක් සමග දියත් කරන පත්තරයකින් දොරට වඩින මෙම මාධ්‍ය පෙරහර ගැන දැන් තබා ම කියන්නට පුළුවන.

ඉන්ටරගේටඩ් (ප්‍රශ්න කරනු ලැබූ - ඔව්, ජනාධිපති කොමිෂම විසින් පවා) මාධ්‍ය කොම්පැනිය වෙත මේ රටේ ඒකාබද්ධ ය කියන විපක්ෂය, ජවිපෙ, පෙසප, සෙසු වාමාංශික කණ්ඩායම්, රාජ්‍ය නොවන සංවිධාන, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ශිෂ්‍ය සංවිධාන, වෘත්තීය සමිති, උගතුන්, බුද්ධිමතුන්, සමාජ මාධ්‍ය ආදිය ප්‍රතිචාර දක්වන ආකාරය ඉතා වැදගත් ය. මේ අය එම මාධ්‍යවලට කතා කරනවා ද? පළමු ප්‍රශ්නය එයයි. එසේ කතා කරනවා නම්, බැඳුම්කර මගඩිය ගැන ඔවුන් මෙතෙක් දැරූ අදහසට සිදු වන්නේ කුමක් ද?

දෙවන කාරණය වන්නේ ජනතාව දක්වන ප්‍රතිචාරයයි. මේ වන විට පුවත්පත් අලෙවි නියෝජිතයන්ට සන්තෝසම් දෙමින්, සෑම මාධ්‍යයක ම දැන්වීම් පළ කරමින් ඔවුන් කරගෙන යන මාධ්‍ය ප්‍රචාරය හමුවේ ජනතාව මෙම පුවත්පත මිළ දී ගනීවි ද? නැද්ද?

මේ දක්වා, බැඳුම්කර විරෝධී පෙරළිකරුවන් කිසි කෙනෙක් බැඳුම්කර මාධ්‍ය කොම්පැනිය ගැන ජනතාව දැනුවත් කිරීමට කට ඇර නැත.

හයියෙන් පත්තර දියත් කළාට ජනතාවට උවමනා නම් ඒවා හෙමින් සැරේ අකුළා දැමිය හැකි බව මීට කලින් රදලියගොඩ යකඩ හොරා දියත් කළ පත්තරයෙන් පෙනිණි.

මේ වන විටත් වෙළඳපොළේ අත පල්ලෙන් වැටි වැටී තිබෙන පත්තර ගණනාවක් අයිතිකාරයන් කවුරුදැයි නො දත් කළු සල්ලිවලින් දුවන ඒවා යයි සිතිය හැකි ව්‍යාපෘති ය. ඒවා කියවන සංඛ්‍යාව ඇතැම් විට අපේ මේ බ්ලොග් පඩංගු කියවන සංඛ්‍යාවටත් වඩා අඩු ය. ලංකාවේ සියලු මාධ්‍ය පවතින්නේ බොරු අලෙවි වාර්තා, කෙප්ප රේටිං, ඇඩ්වටයිසිං සඳහා සල්ලි මලුවල සිට යෝනි මාර්ග දක්වා පුද දීම් ආදී කුණු ජරා වැඩ මත ය.

පත්තර විතරක් නොව, සෙසු මාධ්‍ය ද සෑහෙන දුරට කළු සල්ලි සුදු කරන ලොන්ඩරි වේ. ලංකාවට ඇත්තට ම මාධ්‍ය වැඩි ය. මාධ්‍ය වැඩි වුණා ය කියා තරගකාරිත්වය ඇති වී තිබෙන්නේ සල්ලි හෙවීමේ කුණු වැඩවලට මිස ගුණාත්මකභාවය වැඩි කිරීමට නො වේ.

අපේ ඉල්ලීම මෙයයි. බැඳුම්කර මාධ්‍ය වර්ජනය කරන්නැයි කියන්නට මේ රටේ විපක්ෂය, ජවිපෙ, පෙසප, සෙසු වාමාංශික කණ්ඩායම්, රාජ්‍ය නොවන සංවිධාන, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ශිෂ්‍ය සංවිධාන, වෘත්තීය සමිති, උගතුන්, බුද්ධිමතුන්, සමාජ මාධ්‍යවලට ධෛර්යය තිබේ ද?

බැඳුම්කර මීඩියා කොම්පැනියේ ඉරණම ඔබේ අතේ ය.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා "මහරාජා" තියරිය දාන්නේ මොකද ? ගාන හරියට ලැබුනේ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. රස්සාව නැති වෙයි කියල බයයි ද? බලමුකො අර මං කියපු කට්ටිය ප්‍රතිචාර දක්වන විදිය?

      Delete
    2. //බලමුකො අර මං කියපු කට්ටිය ප්‍රතිචාර දක්වන විදිය?//
      පැරාගෙ පැරණි මිත්‍රයන්ට අමතරව තවත් කට්ටියක් ආවොත් ඒ, එයාල වෙන්න පුළුවන්...

      Delete
    3. //ගාන හරියට ලැබුනේ නැද්ද?// කියන ප්‍රශ්නෙ ඇතුළෙ මෙහෙම එකකුත් තියෙන්නට පුළුවන්. ඒ කියන්නෙ ඉස්සර ගොඩක් සද්දෙ දාපු අය නිස්සද්ද කරන්නත් එහෙනම් සල්ලි දාලා ඇති.

      Delete
  2. මේ සිංහල පත්තරයේ නම කුමකද ?

    ReplyDelete
  3. විරුද්ධ වීම පක්ෂවීමට වඩා පක්ෂවිමක් ලෙස මේ රටේදී පැහැදිලිවම දැකිය හැක.මේ රටේ මිනිස්සු පුදුමාකාර පිරිසකි.තීන්තවේලී නැත. අල්ලන්න එපා කියා බෝඩ් ගැසූ විට තීන්ත අල්ලා අතගා බලන වර්ගයකි මේරටේ ජනතාව.පත්තරේ කොහොමද කියල බලන්න ගන්නෙ නැද්ද බලන්න.දිවයිනට වඩා නැගල යනව.

    ReplyDelete
    Replies
    1. එහෙම කළොත් ඉතින් ඒකෙන් පේන්නෙ බැඳුම්කර මගඩිය ගැන තියෙන ඇත්ත විරෝධයේ තරම තමයි.

      Delete
    2. //පත්තරේ කොහොමද කියල බලන්න ගන්නෙ නැද්ද බලන්න.දිවයිනට වඩා නැගල යනව.//
      ++++++++++++++++++++++++++++++++++++++

      Delete
  4. පැරා,

    හෙ හේ,

    //අපේ ඉල්ලීම මෙයයි. බැඳුම්කර මාධ්‍ය වර්ජනය කරන්නැයි කියන්නට මේ රටේ විපක්ෂය, ජවිපෙ, පෙසප, සෙසු වාමාංශික කණ්ඩායම්, රාජ්‍ය නොවන සංවිධාන, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ශිෂ්‍ය සංවිධාන, වෘත්තීය සමිති, උගතුන්, බුද්ධිමතුන්, සමාජ මාධ්‍යවලට ධෛර්යය තිබේ ද? //

    මේකෙන් වෙන්නේ නොමිලේ ප්‍රචාරණය දීම නේද පැරා ? අපේ මිනිස්සු එපා කිව්වොත් ඒවම නේද කරන්නේ ?

    // ලංකාවේ සියලු මාධ්‍ය පවතින්නේ බොරු අලෙවි වාර්තා, කෙප්ප රේටිං, ඇඩ්වටයිසිං සඳහා සල්ලි මලුවල සිට යෝනි මාර්ග දක්වා පුද දීම් ආදී කුණු ජරා වැඩ මත ය. //
    නම් 200% එකගයි

    මේ මගුල් නිසා තමයි පැරෝ කල් ඇතුව කිවේ බ්ලොග් අඩවි ස්වාදීනව තබාගැනීමට ඔය කියන සම්මාන උවමනා නැතිබව කණගාටුව කියන්නේ ඔබල දැනට ඉතිරිවෙලා තියන ස්වාදීන මිනිසුන් ටිකත් එකතු කරලා මිනිසුන් රවටන දෙසපාලුවන්ට සේනක බිබිලේ ගේ නම විකුණලා සම්මාන දිමනේ.

    ReplyDelete
    Replies
    1. අයියෝ! ඔයා තාම සම්මානෙ එල්ලිලා නේ. අපි නම් ඒවා අමතක කරලා වැඩ. ඔබ කියන දේ වෙලා නැති බව වැඩි කලක් යන්නට කලින් පෙනේවි.

      Delete
    2. බ්ලොග් අවකාශයේ ඉදිරි අනාගතයේ විශාල වෙනස්කම් සිදුවෙයි, හොදට එකදෙයක් මතක තියාගන්න යම්විදියකින් රජයට බලපෑමක් කිරීමට හැකි වෙන්නේ තම අනන්‍යතාවය රහසිගතව තබාගත් මිනිසුන්ගෙන් පමණයි, අනෙක් අයගෙන් වැඩිදෙනෙක් අල්ලස් දී මිලදී ගනී තව කොටසක් තර්ජනය කර නිහඩ කරයි ඉතා සුළු පිරිසකගේ ජිවිත නැතිකරන තරමට රජය ප්‍රචණ්ඩකාරී වෙයි.

      මේ ක්‍රියාවලිය කොතරම් වේගයෙන් සිදුවෙනවද කොතරම් සෙමෙන් සිදුවෙනවද කියන දේ තීරණය වන්නේ හම්බන්තොට වරාය චිනට කොච්චර් ඉක්මනින් විකුණගන්න පුළුවන් ද කියන කාරණාවයි. යම් විදියකින් බැරි උනොත් එදාට රජයේ නියම පාට බලන්න පුළුවන්.

      නිසිපරිදි අරමුදල් සපයාගන්න බැරි උනොත් රජයේ රාක්ෂ මුණ ජනතාවට පෙන්වයි, එහෙම උනාම බ්ලොග් අවකාශයේ ක්‍රියාකාරිත්වය දැකගන්න පුළුවන්.

      Delete
    3. ඔය කියන රාක්ෂ මුහුණ රාජපක්ෂගේ සාමාන්‍ය මුහුණ විය. ඒ කාලයේත් අප නම් පෙනී සිටියේ අනන්‍යතාවෙනි. අනන්‍යතාව රහසිගතව තබා ගත් අය ද ඒ කාලයේ පවා සිටිය හ.

      බ්ලොග් සම්මාන උළෙලක් පැවැත්වුණා ය කියා අනන්‍යතාව රහසිගතව තබා ගන්නා අවශ්‍ය අයට එයින් කිසිදු බලපෑමක් වන්නේ නැත. බ්ලොග් සම්මාන උළෙලේදී පවා ඇතැම් සම්මාන ගැනීමට කිසිවෙකු පැමිණියේ නැත්තේ එහෙයිනි.

      අනන්‍යතාව සඟවා ගත් අය සිංහල බ්ලොග් අවකාශයේ නම් වැඩිපුර කර තිබෙන්නේ ආණ්ඩුවට බලපෑම් කිරීම නො ව, බ්ලොග් අවකාශයේ ම කොටස්වලට අඩන්තේට්ටම් කිරීමයි.

      Delete
    4. /අනන්‍යතාව සඟවා ගත් අය සිංහල බ්ලොග් අවකාශයේ නම් වැඩිපුර කර තිබෙන්නේ ආණ්ඩුවට බලපෑම් කිරීම නො ව, බ්ලොග් අවකාශයේ ම කොටස්වලට අඩන්තේට්ටම් කිරීමයි./ ඔව් නේ.

      Delete
  5. මේ ලිපිය සම්බන්ධයෙන් මට විවේචන පවතී.අයථා මුදල් වලින් ඇගලුම් කම්හලක් හෝ මාද්‍ය ආයතන හෝ කුමක් ආරම්භ කලද එය සාධාරණ නොවේ. බැඳුම්කර ගණුදෙනුව තවමත් ඇත්තේ පරීක්ෂණ තත්වයේ ය. ඔබ පූර්ව නිගමනයකට එලබ ඇත්තේ ද? කලින් මවුබිම මාද්‍ය ආයතනයේ වැඩ කල පමණින් ඔවුන් සැමදා එම ආයතනයේම වැඩ කල යුතු යැයි නියමයක් නැත. වෙනත් ආයතනයක ගිය පසු මුල් අත්දැකීම් හා පළපුරුද්ද ප්‍රයෝජනයට ගැනීමත් ඔබ කියන ආකාරයට අචාර ධර්ම වලට පටහැනි වේ යැයි මම සිතමි. බැඳුම්කර මගඩිය යනු තවමත් මගඩියක් නොවේ.

    ReplyDelete
    Replies
    1. බැඳුම්කර ගනුදෙනුව මගඩියක් තමා ය. මේ කොමිසමෙන් ද පරීක්ෂා කරනු ඇත්තේ එය නීත්‍යානුකූල මගඩියක් ද, නැද්ද යන්න පමණි. නීත්‍යානුකූල මගඩියක් නම් අවුලක් නැත. සබිතගෙ බිල්ඩිම ගැන ආණ්ඩුව කියන්නේ සියල්ල නීත්‍යානුකූලව කෙරී ඇති බවයි. අත යටින් මාරු වෙන කොමිස් අහු වන්නට නම් එක්කෝ දුන් එකා කිව යුතු ය. නැතිනම් ගත් එකා කිව යුතු ය.

      මේ අලුත් පත්තරේ ද ජ්‍යෝතිෂ පඩංගුවක් ඇති බව කියා තිබේ. කලින් තැනින් ගෙන යන අත්දැකීම් ඔය වගේ ඒවා ය. ස්ත්‍රී දූෂණ, අපරාධ එහෙම වාර්තා කරන ආකාරය ගැන බලන්න.

      Delete
  6. අපි පත්තර ගන්නේ ඔතන්න /පිහිදාන්න, කඩදාසි බර ලාබෙට එනවනම් ඕනෙකක්.

    ReplyDelete
  7. විමල් වීරවංශගේ කණ්ඩායමේ හෙලදිව පත්තරේට සල්ලි දැම්මේ කවුද?

    ReplyDelete
  8. ඔයාට රෙද්දක් ඇඳගෙන ගිහිල්ලා රාජිත වගේ අමනයෙක් එන රැස්වීමක් ගැන ප්‍රවුත්ති සාකච්චා දෙන්න පුලුවන්නම් ඒ මිනිස්සු ඒ පත්තරයට කතාකලාම මොකද? ඒක ඒ මිනිස්සුන්ගේ පවුද්ගලිකත්වය.ඔයා අකමැති හැමෝටම අනිත් අයත් අකමැති වෙන්න ඕනෙ නැහැ. (ඔයා දුන්න උත්තරේත් ඕක තමයි. )

    ReplyDelete
  9. එනවා යයි කියන මාධ්‍ය ආවාම බලමු. දැන් තියෙන එවත් කරන්නේ තමන්ගේ business promotions තමයි

    ReplyDelete
  10. මේ පත්තරය මම කිසිදාක මුදල් ගෙවා නොගනිමි.

    ReplyDelete
    Replies
    1. ඔයත් ඉතින් ඒ කොම්පනියේම නිසා නොමිලයේම ගෙදරට ලැබෙනවා නේ.
      ඉතින් මොකටද මුදල් ගෙවා ගන්නේ.

      Delete
    2. ඔව් ඔව් ඒකනෙ

      Delete
  11. උක්කුංබබාMarch 29, 2017 at 10:49 PM

    පැරත් හීං නුලෙන් ගරිල්ලා මාර්කටිං පාරක් දෙන්නේ ...... ඇත්ත කියහං හොලා බැදුංකරේ ප්‍ර‍චාරක අංසෙ නේද වැඩකලන්නෙ?

    ReplyDelete
    Replies
    1. හරි මං එහෙම ය කියමුකෝ. මං අහන්නෙ ඇයි ලංකාවෙ මෙතෙක් කල් හිටපු බැඳුම්කර විරෝධීන්ට මේ ගැන අදහසක් නැද්ද?

      Delete
  12. "ඒවා කියවන සංඛ්‍යාව ඇතැම් විට අපේ මේ බ්ලොග් පඩංගු කියවන සංඛ්‍යාවටත් වඩා අඩු ය"

    මේ බ්ලොගය ඔබට අයිති වුවාට, එහි ලිපි දමන්නේ ඔබ වුවාට, මෙයට බ්ලොග් පඩංගුව කියා අපහාස කිරීම නොකරන්න. මක් නිසාද මේ බ්ලොගය කියවන්නේ අපිය. ඔබේ අදහස් පිලිගන්නා සහ නොපිලිගන්නා අපිය.

    ReplyDelete
  13. හා, හා එතකොට ඒකට විරුද්ධ වෙන එකත් ඒකාබ්ද්දේ වැඩක්, එහෙම නොකලොත් ඒකාබද්දේ බැන්දුම්කරේට බ්ලයින්ඩ්, තමුසේ මාරයිනේ පැරා..තමුසේ ඒකෙනුත් පාන්ඩුව බේරුවානේ ඕයි..

    ReplyDelete
    Replies
    1. නැහැ ආණ්ඩුවෙත් මෛත්‍රී පිලට ඕනැ නම් මේ වර්ජනයට එකතු වෙන්නට පුළුවන්.

      යූඇන්පියට නම් එහෙම කරන්න සදාචාරයක් නැහැ. මොකද, උන් ඡන්ද කළේ මේ බැඳුම්කර සල්ලිවලින්. උන් වෙනුවෙන් බෙල්ල දුන්න අර්ජුන් මහේන්ද්‍රන් වෙනුවෙන් උන් පෙනී ඉන්නට ඕනැ. ඒකට තමයි චෞර සදාචාරය කියන්නෙ. උන් ඒක කරනවා.

      දැන් ඔයාලා වගේ අනෙක් වීරයන් තමයි අවුල් වෙලා තියෙන්නෙ.

      අපි කියන්නෙ ඔය කඩඉම පාස් කරන්න බැරි එවුන් ෆේල් කියලායි.

      ඔය පත්තරේ ආවාම කියවලා බලන්න බැඳුම්කර විරෝධියො කීදෙනෙකු ඒකට හවුල් වෙලා ද කියලා.

      අපි කියන්නෙ වෙළඳපොළ අන්තයෙන් හරි මුන්ට උගන්නන්න පුළුවන් පාඩම උගන්නන්න ඕනැ කියලායි.

      Delete
    2. පැරා.. ප්‍රශ්නයට පිලිතුරක් විදියට " ආණ්ඩුවෙත් මෛත්‍රී පිලට" යන්න ඇතුලත් කලාට ඔබේ ලිපියේ එය සඳහන්ව නොතිබිනි,
      Quote - "මේ රටේ ඒකාබද්ධ ය කියන විපක්ෂය, ජවිපෙ, පෙසප, සෙසු වාමාංශික කණ්ඩායම්, රාජ්‍ය නොවන සංවිධාන, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ශිෂ්‍ය සංවිධාන, වෘත්තීය සමිති, උගතුන්, බුද්ධිමතුන්, සමාජ මාධ්‍ය ආදිය" endquote
      ඔබ නිරායාසයෙන් ලියුවේ මෙම ලිපියයි, මගේ ප්‍රශ්නයට පිලිතුර ඒ ගැන අහපු නිසා ලියූවකි, කොහොම උනත් එහෙම හරි , දැන් හරි ලියපු එක හොඳයි..

      හැබැයි ඔබේ චර්යාව එහෙම තියාගෙන අපි ෆෙයිල් යැයි කීමනම් හොඳයි කීමට බැරිය...

      Delete
    3. මෛත්‍රී පිල යනු බැඳුම්කර සොරුන් හා බැඳී සිටින පිරිසකි. හොරාගේ අම්මාගෙන් පේන අසන්නට කැමති අය වෙනුවෙන් පසුව එකතු කළෙමි.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා