සමාජ සත්කාර්ය කටයුතු හොඳයි ද? නරකයි ද?

බ්ලොග්කරණය පිළිබඳව ඊයේ පැවැත්වුණ රූපවාහිනී වැඩසටහනේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක දුරකථනයෙන් සම්බන්ධ වෙමින් ඉදිරිපත් කළ අදහසක් පිළිබඳ සංවාදය වැඩිදුරටත් කළ යුතු යයි සිතනවා. (මෙම වැඩසටහන වෙත මෙතැනින් පිවිසිය හැකි ය.)

නන්දන පැවසුවේ බ්ලොග්කරුවන් පාසල්වලට උපකාර කිරීම වැනි දේශපාලකයන් විසින් කරන විදියේ සමාජ සත්කාර්ය වැඩ කරනවා වෙනුවට බ්ලොග් ප්‍රවර්ධනය, ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම වැනි කාර්යයන්ට අවධානය යොමු කිරීම වැදගත් බවයි.

එයට හේතුව වන්නේ නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙල සංවිධානය කරන නෙළුම්යාය පදනම විසින් එවැනි කටයුතු සංවිධානය කිරිම ප්‍රවර්ධනය කිරීමයි.

බ්ලොග්කරුවන් සියලු දෙනා දේශපාලනික බ්ලොග්කරුවන් නෙමෙයි. බ්ලොග් අවකාශය ඉතා පුළුල්. එහි දැනුම බෙදා ගන්නා පිරිස අතිශය විවිධත්වයකින් යුක්තයි. ඒ හැම කෙනෙකු ම වාමාංශික දේශපාලනයේ ආභාසය ලැබූ අය නෙමෙයි.

සමාජ සත්කාර්ය වැඩ ලෙස හැඳින්විය හැකි ඉංග්‍රීසියෙන් philanthropy ලෙස හඳුන්වනු ලබන වැඩ කටයුතු කරන්නට බොහෝ දෙනෙක් කැමැත්ත දක්වනවා. ඇතැමෙක් නිහඬව ම ඒවා කරනවා. තවත් අය ප්‍රසිද්ධියට කැමතියි. තවත් අයට ඒවායින් මතු බලාපොරොත්තු තිබෙනවා. උදාහරණයක් ලෙස දේශපාලකයන් ඒ වැඩවලින් ඡන්දය බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ම, සමාගම් සමාජ වගකීම හෙවත් Corporate Social Responsibility කියන දේ බොහෝ විට ප්‍රචාරය, බදුවලින් නිදහස් වීම වැනි දේ සමගත් සම්බන්ධයි.

හැබැයි ඉතින් හොඳ වැඩක් කරන එක මොන විදියට කළත් හොඳයි.

මෙවැනි කටයුතු සම්බන්ධයෙන් වාමාංශිකයන් අතර ප්‍රචලිත අදහසක් වන්නේ රජයන් විසින් කළ යුතුව තිබෙන මෙවැනි වැඩ පුද්ගලයන් කරන්නට යාම අනවශ්‍ය දෙයක් බවයි. එම අදහසේ තවත් එහාට යනකොට එමගින් සමාජ ප්‍රශ්නවලට තාවකාලික පැලැස්තර විසඳුම් දීමෙන් සමාජවාදය සඳහා අරගලය මොට වනවා ය කියාත් තර්කයක් තිබෙනවා.

මා මේ අදහසට එකඟ නැහැ. ලංකාව වගේ රටවල රජය තිබෙන්නේ ඒ වෙනුවෙන් ජනතාව දරන බරට සාපේක්ෂව අපේක්ෂිත මට්ටමට වඩා බෙහෙවින් පසුපසිනුයි.

හැබැයි, මගේ මට්ටමෙන් මා සමාජ සත්කාරක වැඩ ලෙස සලකන්නේ අපට සේවා සපයන හෝ අපට සමීප දිළිඳු අයට උදව් කිරීමයි. මට කළ හැකි ප්‍රමාණයත් එයයි.

හැබැයි, මෙවැනි සමාජ සත්කාර්ය කටයුතු දෙස හුදු පුණ්‍ය දෘෂ්ටි කෝණයකින් නො ව, සංවර්ධන දෘෂ්ටි කෝණයකින් බලන එක වැදගත් බවයි මා නම් හිතන්නෙ.

මිනිහෙකුට මාළුවකු දෙනවාට වඩා බිලී පිත්තක් දී මාළුවා අල්ලා ගන්නා හැටි කියලා දෙන එක සාධනීයයි. සංවර්ධනාත්මකයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මෙතන කමෙන්ටුවක් පළ කළ එක්තරා කුණුහරුප කියන අසහනකාරයකු විසින් මතු කරන ලද කරුණෙහි සාරය වන්නේ අදාළ රූපවාහිනී වැඩසටහනෙහිදී මා මීට විකල්ප මතයක් ඉදිරිපත් කළ බවයි. එය ඇත්තකි.

    වැඩසටහනට පෙර සිට ම මා නෙළුම්යායේ අය සමග අප සමාජ සත්කාර්ය ඉස්මතු කළ යුතු ද යන්න ගැන සාකච්ඡා කළෙමි. එහෙත්, එය එම සංවිධානයේ අයිතියකි.

    නෙළුම්යාය පදනම පැත්තෙන්, නන්දන ගුණතිලක කළ යෝජනාව සලකා බැලීම වැදගත් බව මම දැනටත් සිතමි.

    එහෙත්, සමාජ සත්කාර්යයන්හි යෙදීමට මිනිසුන් තුළ තිබෙන උනන්දුව අධෛර්යය කිරීම වැරදි බව මම සිතමි.

    ReplyDelete
    Replies
    1. ආදරණීය පැරා වෙත පෙර දා බැඳි සෙනෙහසින්,

      පැරා මචං මොකක්ද සීන් එක? අපි නම් මචං ඔය සීන්වලට නැහැ. අපි වමේ එකතුවක් විදියට උඹට සුබ පැතුවා ඊයේ ඉතසිතින්. උඹ දැක්ක නේද මචං ගිය පොස්ට් එකේ තිබ්බා අපේ සුබ පැතුම සහ උපදෙස්?

      අපි යුරෝප්වල රටවල් හතරක ඉඳන් උඹ වෙනුවෙන් වැඩසටහන ලයිව් බැලුවා පැරා. උඹමයි මචං උඹේ රෙදි ගලවගත්තේ ඊයේ. චා කියන්නේ පැරා චාම චා. උඹ කොච්චර ඊයේ අන්තිමට අසරණ වුණාද කිව්වොත් උඹෙන් වචන පිටවුණේ නැහැ. උඹ අපෙන් කණ පුරා දෙකක් කාලා ඔෆිස් ප්‍රෙමිසස් එකෙන් අවුස්ට් වුණ දවසෙවත් ඊයේ තරම් අසරණ බවක් අපි උඹේ මූණේ දැක්කේ නැහැ. ඇත්තෙන්ම දුකයි පැරා. එදා අපිට උඹට එරෙහිව අතක් උස්සන්න වුණ එකටත් වඩා ඊයේ උඹට වුණ දේ ගැන දුකයි පැරා.

      උඹ හැමදාම එක එකාට කඩේ යනවා මාර කැප කිරීමක් කරලා. ඒත් උන් හැමෝම උඹෙන් වැඩ අරන් උඹව ඩම්ප් කරනවා. යූ ආර් ජස්ට් ඩිප්පෝසබල් පැරා.

      1.උඹ උඹේ ඉගෙනීම (උසස් පෙළ, ඇණ මුරිච්චි තද කිරීම) කැප කරලා ජේ.වී.පී. කළා. උන් උඹෙන් වැඩ අරන් උඹව අතහැරියා. උඹේ ඉගෙනීමයි, රැකියාවයි විතරක් නෙවෙයි වෘෂණ කෝෂ දෙකත් නැති වුණා.

      2.උඹ යූ.ඇන්.පි. එකට කැත කඩේ යාමක් ගියා. උඹ ටවුන් හෝල් එකේ ඉඳන් කේම්බ්‍රිජ් ටෙරස් එකටත් එතනින් පිටකෝට්ටෙටත් රෙදි නැතිව කඩේ ගියා. දවසට පොස්ට් හතර පහ දැම්මා. උන් බලයට ආවා. උඹ ඩම්ප් වුණා ආයෙත්. උඹට සිළුමිණ හරි දිනමිණ හරි විතරක් නෙවෙයි නිකම් මාධ්‍ය සම්බන්ධීකාරක ජොබ් කට්ටක්වත් ලැබුණේ නැහැ.

      3.උඔ සිරිකොතට දිවා රෑ නොබලා කඩේ ගියා. කක්කුස්සි හේදුවා. කුණු අතුගෑවා. සුදුහුණු නෙවේ රබර් පේන්ට් අතින් වියදම් කරන් ගෑවා. මුර බල්ලෙක් වුණා. ඒත් උන් උඹට අඩුම ගානේ දේශපාලන විද්‍යා පීඨයේ කතිකාචාර්යකමක්වත් දුන්නේ නැහැ. උඹට වඩා ගොඩක් අඩු සුදුසුකම් තියෙන කුරේ ඒකට පත් වුණා.

      4.උඹ අන්තිමට මේ මොකක්ද යායක් ගැන ගායක් හදන් උන්ට කඩේ ගියා. උඹට නෙළවෙලාම ගියා අන්තිමට. අපිට ඔය යායවල් වැඩක් නැහැ. අපි උන්ව දන්නෙත් නැහැ. ඒත් උඹට වුණ දේ ගැන දුකයි. අවුරුදු අටක් බ්ලොග් ලියපු උඹට වඩා අද බ්ලොග් ගැන දන්න කෙනා වෙලා ඉන්නේ රාඩා. උඹ නිකං බිලි බෝයි කෙනෙක් විතරයි බං. උන් ⁣තීරණ අරන් ඒවා උඹලා ලවා කරවනවා. උඹලා එක්ස්-කෝර් එකේ නැහැ. උඹ පව් බං.

      උඹට හැමදාම මෙහෙම වෙන්නේ ඇයි පැරා? උඹ උන්ගේ පැලැන්තියට සෙට් වෙන්නේ නැහැ මචං. ඒක අපි ඊයේ හොදටම දැක්කා. උන්ට රාඩා ගැන තියෙන වැදගත්කම උඹ ගැන නැහැ. උඹ කොච්චර කරත් කුමාර් රූපසිංහ නෙනෙක්, ජිහාන් පෙරේරා කෙනෙක්, සර්වා කෙනෙක් තියා රන්ජිත් කීර්ති තෙන්නකෝන් කෙනෙක්වත් වෙන්නේ නැහැ. උඹ ඇවිත් සබ්-සබ්-සබ්කන්ට්‍රැක්ට්කාරයෙක්. උඹ හැමදාම වෝටර් බෝයි. එච්චරයි.

      එක්කෝ උඹ රිටායර් වෙයන් ගෞරව ඇතිව. ඊයේ උඹට ඒකට නියම අවස්ථාව. ⁣ඊයේ වැඩසටහන උඹේ ෆෙයාර්වෙල් එක කර ගෙන උඹට කැපෙන්න තිබ්බා. ඕනේ නම් පස්සේ අර ඩයන් ගෝමස් වගේ වෙන ඩෙසිග්නේෂන් එකකින් එන්න බැරියැ.

      උඹට දැන් වයස 51ක් ඉවරයි. උඹලා අපි දැන් වයසක මිනිස්සු බං. දැන් බලපං උඹේ දරු පැටවු දෙන්න තවම පොඩියි. උන් දෙන්නා කරකාර බඳින දවස එද්දී උඹ හැරමිටියෙන්. උඹ තවම උන් දෙන්න වෙනුවෙන් යමක් ඉතුරු කරලා නැහැ. උඹ හරි හැටි තැනකින් අතක් පයක් දිග ඇරලා ඉන්න පුළුවන් ගේ කෑල්ලක් හදා ගත්තේ නැහැ තවම. අර පරණ හුංඩුවේ ලගිනවා. ඕක ආරක්ෂිත නිවාසයක් නෙවෙයි බං. අර බලපං ඊශා. අද ආණ්ඩුවේ ජොබ් එකටම වැහැරිලා ගිහිං. ඔහොම දුක් විදින්න ඕන කෙනෙක් නෙවෙයි බං ඒ ගෑනි. උඹ උඹේ ජීවිතේ කාලකන්නි කර ගන්නවා මදිවට අර ලස්සන ජීවිත තුනකුත් කාලකන්නි කරනවා.අපි මේවා උඹට ආදරයෙන් සහෝදරතවයෙන් කියන්නේ. උඹ මේවා ගැන පොඩ්ඩක් හිතපං.

      දැන්වත් ටිකක් නිහඩව පැත්තකට වෙලා හිතපන්. ඔය අතිධාවනකාරී ගමන වෙනස් කරපං. උඹ මේ යන ගමන හරිද කියලා හිතපන්. සති දෙක තුනක් බ්ලොග් එකෙන් ඕෆ් වෙයන්. ඊට පස්සේ නව මුහුණුවරකින් වරෙන්. දැන්වත් උඹ සිංහල ජාතිකත්වයට වෛර කරන එක නවත්තපන් පැරා. උන් නරක මිනිස්සු නෙවෙයි. උන් අර දෙමළගේ ලේ ඉල්ලන නරුමයෝ නෙවෙයි. උන් තමයි මේ රටේ අනාගතය. උඹලා සිංහල ජාතිකත්වය යනු දෙමළ ජාතිකත්වයේ සතුරාය කියන ව්‍යාජය වපුරන එක නවත්තපං. අනාගත තරුණ පරපුර නොමග යවන එක නවත්තපන් පැරා. ඕවා සහගහන වැඩ.

      උඹ චා වෙනවා දැක්කම අපිට අප්සට් බං. උඹ දක්ෂ මිනිහෙක්. ඒත් උඹෙන් රටටවත් ලෝකෙටවත් වැඩක් වුණේ නැහැ. ට්‍රෙමෙන්ඩස් ටැලන්ට් වේස්ටඩ්.

      මේ වචන ටික අපි ලිව්වේ උඹ ගැන ආදරයෙන්. උඹ ඊයේ මලා. යූ නීඩ් ටු බෝර්න් එගේන්!

      පැරාට කවදත් ආදරේ අපි,

      එක්සත් ලංකාවක් සඳහා එක්සත් වම.

      Delete
    2. නෑ මචං පැරා මැරුනෙ, මීට අවුරුදු ගාණකට කලින් රාජකීය විද්‍යාලය විසින් සංවිධානය කල බ්ලොග් සම්මාන උලෙලදී.....
      ඒකෙදි මුල්ම සම්මාන නිර්දේශ වලදි පැරා ට සම්මානයක් තිබ්බෙ නෑ...
      පස්සෙ මූ (පැරා) එකේ සංවිධායකයන්ට බ්ලොග් එකෙන් අම්මා මෝ නැතිවෙන්න නෙලුවා...
      සංවිධායකයෝත් කමින් කල්ර්ස් ආ නොට් ගුඩ් කෙල්ල ගෙට ගනින් කියලා සම්මාන උලෙලට දවස් දෙක තුනක් තියෙද්දී මූට සම්මානයක් දීල උත්සවයේ කථාවකුත් දුන්නා...
      මෙන්න බොලේ ඊලග දවසේ මූ පට්ට යූ ටර්න් එකක් ගහලා කිව්වේ නැද්ද ...රාජකීය විද්‍යාලයේ සම්මාන උත්සවය අතිසාර්ථකයි.....නියමෙටම සම්මාන ටික දුන්නා කියලා හිටං.....මං හිතන්නේ එදාතමයි පැරා තමන්ගේ කලිසම ඔළුවෙන් ගලවලා තමන්ගේ නග්නත්වයේ හංස ගීතය ගැයුවේ කියලා

      මචං කකා: ප්ලීස් මෙන්න මෙවාට ලින්ක් දාපන්....උඹටත් පොඩි හිතේ අමාරුවක් ඇති නේ.....මේ ටීවි ප්‍රොග්‍රැම් එකට උඹේ මූනත් තහඩුව ඔබා ගන්න බැරි උනාට....බැරි වෙලාවත් කකාටත් ආරාධනය කලා නම් මූ ටිකක්ට් එකකුත් අරං ලංකාවේ....

      Delete
    3. වත්තේගමගේ කමෙන්ට් එක සිරා.....පැරා ට කට උත්තර නැති වෙන්න දීලා

      Delete
  2. ඊයේ වැඩසටහන අතරම නන්දන ගුණතිලක ට පිළිතුරක් දෙන්න දුරකතනයෙන් සම්භන්ද වෙන්න උත්සහ කලත් බැරි උනා. මීයාගල ඉස්කෝලේ ළමයින්ට අපි වතුර දෙනකොට ඒ ඉස්කෝලේ පටන් අරං අවුරුදු 66ක්. ඉතින් අවුරුදු 66ක් තිස්සේ අඩුම තරමින් පරම්පරා 4-5ක ළමයි විඳපු දුකට උත්තරයක් දෙන්න බැරිවෙලා හිටපු දේශපාලකයෝන්ගේ ප්‍රශ්නයට මාසයක් ඇතුලත ලක්ෂ 5 1/2 (පහ හමාරක) වගේ වියදමකින් උත්තරයක් දෙන්න අපිට පුළුවන් උනා. ඕක දේශපාලකයෝ කරනකම් බලා සිටියානම් තව පරම්පරා කියක් ඉන්න වෙයිද? නන්දන ගුණතිලක ලා වගේ දේශපාලකයෝ ඔය තැනින් එහාට නොයන්නේ මේ වගේ රාමු වලට කොටු වෙලා ඉන්න නිසාද කියල හිතෙනවා. අපරාදේ ඒ මිනිස්සු ඉගෙන ගත්ත දේවල්..

    ReplyDelete
    Replies
    1. අවසානයේ මට ආපු ප්‍රශ්නය තමයි නන්දන ගුණතිලකව අප හඳුනා ගත යුත්තේ මාර්කස්වාදියෙකු ලෙසට ද, නැති නම් ධනපති පක්‍ෂයක නියෝජිතයෙකු විදියට ද කියන එකයි.

      ඒ අවුලට හේතුව, අජිත් ධර්මකීර්ති කියූ කරුණයි, එනම් ඔහුගේ මිතුරු මාර්ක්ස්වාදියෙකු ඇසුවා ය කියන "ඇයි ඔය වැඩ ආණ්ඩුවෙන් කළ යුතු ඒවා නේද?" යන ප්‍රශ්නයයි.

      එයට අජිත් ධර්මා දි ඇති පිලිතුර මරේ මරු!

      Delete
  3. /* (මෙම වැඩසටහන වෙත රසිකලොජි බ්ලොගය ඔස්සේ පිවිසිය හැකි ය.) */

    මා උදේ නැවත පළ කළේ යූටියුබ් හි තිබුණු බාල තත්වයේ වීඩියෝවලට සබැඳි පමණයි.

    මේ වන විට ස්වාධීන රුපවාහිනි යේ වෙබ් අඩවියෙන් ද මේ වැඩ සටහන නැරඹිය හැකියි.

    http://tv.itn.lk/2017/03/21/kawuda-eththa-kiyanne-2017-03-21/

    දැන් මා එයත් මගේ සටහනට එකතු කළා.

    ReplyDelete
    Replies
    1. අයියෝ තට්ට කකා ඕනිවට වඩා දෙක පුන්න ගිහිං ඉල්ලගෙනම කෑව නේද පැරාගෙන්. ආන්න පැරා ඒ පාර 'මෙම වැඩසටහනට රසිකලොජි බ්ලොගය ඔස්සේ පිවිසිය හැක' කියන කොටසම අයින් කරලා කකාගේ බ්ලොග් පඩංගුවේ ලින්ක් එකත් එක්කම. ඒ වෙනුවට ITN ලින්ක් එක දාලා. හොද වැඩේ මූට.

      Delete
    2. රසික ඔය කැත වැඩේ (link spamming) ඒ කාලේ ඉඳන්ම කරා. සමහර වෙලාවල ලිපියට කිසිම අදාලත්වයක් නැති එයාගේ සයිට් එකේ දේ අනික් සයිට් වල කමෙන්ටු විදියට දානවා. ඒකෙන් බලාපොරාත්තු වෙන්නේ එයාගේ සයිට් එකේ හිට්ස් වැඩි කර ගන්න එක.

      Delete
    3. @ Anonymous March 22, 2017 at 3:19 PM
      පව් නේද?

      Delete
    4. @ Anonymous March 22, 2017 at 7:22 PM

      කරුණු නොදැන සාක්‍ෂි නැතුව බොරු චෝදනා කරන්න එපා.

      පැරා මගේ බ්ලොගයට සබැඳියක් යොදා තිබුණේ එහි මා යූටියුබ් වීඩියෝ එම්බෙඩ් කර තිබුණු නිසායි. මා එලෙස යූ ටියුබ් විඩියෝ යෙදා ගත්තේ ඒවන විට අයිටීඑන් වෙබ් අඩවියේ අදාල වැඩසටහන යොදා නොතිබුණු නිසයි.

      පසුව මා ඒ වැඩ සටහන එහි තිබෙනු දැක, මගේ බ්ලොගයද වෙනස් කළ අතර පැරාට ද ඒ බව දැන්වුවා.

      ඔබ මේ කරන චෝදනා කිසිසේත් ම මට අදාල නෑ.

      ඔබ හොඳින් දන්නා කරණයක් නම්, වෙබ් කියන්නේ එකිනෙක අතර ඇති සම්බන්ධතා නිසා ඇතිවන ජාලයක් බවයි. මා පැරා ගේ බ්ලොගට එන්නේ මගේ බ්ලොගයේ ඇති සබැඳියක් හරහායි. වෙබ් යන්න අර්ථවත් වීමට නම්, සමාන සහ එකිණෙකට අදාල අන්තර්ගතයන් එකිනෙක හා සම්බන්ධ කළ යුතුයි.

      අයිටීඑන් සබැඳිය සහිත මගේ ඉහත කමෙන්ටුවෙන් ම පෙනෙන පරිදි මා යොදන්නේ මගේ බ්ලොගයේ ලිපිවලට ලින්ක්ස් පමණක් නොවෙයි.

      නමුත්, මා ඔබට කරුණාවෙන් පවසන්නේ, අදාල නැති තැනක මා කිසිවිටක මගේ හෝ වෙනත් අඩවියක හෝ සබැඳියක් යොදා නැති බවයි.

      මා එසේ කර ඇති නම්, එක් උදාහරණයක් හෝ කරුණාකර පෙන්වා දෙන්න!

      Delete
    5. ha ha. paw oyy me rasika. nondi venava hema thenama.

      Delete
    6. පැරාත් පට්ට ආතල් වැඩ තමයි කරන්නේ. පව් ඔයි අර තට්ටයා. දැන් සැහෙන්න රිදිලා ඇත්තේ උගේ ලින්ක් එක අයින් කරපු එකෙන්.

      Delete
  4. පැරා අයියා............

    ඔය සමාජසත්කාර කියන වැඩේ මුලදී අපිටත්, විදානෙටත්, සබරේ ඇනෝටත්, ප්‍රසන්න අයියාටත්, තවත් බොහෝ දෙනෙකුටත් නෙලුම්යාය හැටියට අජිත් අයියා ඇතුළු පිරිසටත් සම්බන්ධ වෙන්න ලැබුණා. ඉතින් අපි හිතනවා ඒ ගැන කතා කිරීමට වගකීමක් තියෙනවා කියලා. ඇත්තට ම නන්දන ගුණතිලකගේ අදහසට මං මෙහෙම දෙයක් කියන්නං. බැරිවෙලාවත් අපි බ්ලොග් ගැන දැනුවත් කිරීම් ටිකක් එහෙම කරගෙන ගියා කියලා ඔතන කිව්වානං එයාලා කියනවා ඔයාලා බ්ලොග් ගැන දැනුවත් කරන්න නෙමෙයි ඕනේ ඔතන ඉන්න පිරිස යොදාගෙන පාසල් වල ඉන්න දුප්පත් ළමයින්ට පුළුවන් විදිහකට උදව්වක් කරන්න කියලා..... ඒ නිසා ඕවා වැඩිය හිතන්න එපා....... අපි මොනවා හරි කරා... ඒකත් ලොකු දෙයක් නේ....

    ReplyDelete
  5. රසිකලොජියට දැමූ කමෙන්ටුව

    //රාජ්22 March 2017 at 18:23
    සංවාදය මුල ඉඳල අගටම බැලුව. ටීටී ප්‍රෝග්‍රෑම් එකක් කියන්නෙ සමස්ත සමාජයටම කතාකරන වැඩසටහනක් නිසා කතාකලාටත් වැඩිය සරළව හැඳින්වීමක් කලයුතුව තිබුනා. අජිත් හෝ නාලක අතින් එවැනි යමක් කියවෙනව දැක්කෙ නෑ. විශේෂයෙන්ම බ්ලොග් අනෙක් ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලින් වෙනස් වන මූලිකම ලක්ෂණය වෙච්ච කමෙන්ට් කිරීම තුලින් ඇතිවන “සජීවීබව“ උලුප්පා දැක්වූවෙ නෑ. කමෙන්ට් ගැන කිව්වෙත් යන්තමින් සහ ප්‍රමාදව.

    මාධ්‍යවේදියාගේ ප්‍රශ්න ඇසීමත් අපේ තුන් දෙනාගෙ පිළිතුරු දීමත් කියන දෙකේම තිබුන තවත් අඩුවක් තමයි බ්ලොග් ලියන්නන් කියන්නෙ සාමාන්‍ය නිදහස ඇති තරම් ඇති පිරිසක් බව මතුකර නොපෙන්වීම. උදාහරණයක් විදියට නිවේදකයා ඇසූ ප්‍රශ්නවලින් බහුතරයක්, “සම්මාන දෙන අයට පුළුවන් නේද බ්ලොග් කරුවෙකු ‘විශේෂයෙන්‘ උස්සල පෙන්නන්න“, “බ්ලොග් ලියන අයගෙ දේශපාලන මතය බ්ලොග් එකෙන් ප්‍රවර්ධනය වෙනව නේද?“, “බ්ලොග් ලියන අය ඒවා ලියන්නෙ වෙනත් බලාපොරොත්තු ඇතුව විය නොහැකිද?“ සහ නන්දන ගුණතිලක අහපු “බ්ලොග් කාරයො බ්ලොග් ලියාගෙන ඉන්න, සමාජ වැඩ දේශපාලකයන්ට දෙන්න“ කියන ප්‍රශ්න සියල්ලටම දෙන්න තිබුන සරළ උත්තරය “ඔව්, බ්ලොග්වල ඕන දෙයක් වෙන්න පුළුවන්, එයාලට ඕන වැඩක් සංවිධානාත්මකව හෝ තනිව කරන්න පුළුවන්, ඒක තමයි බ්ලොග්වල තියන නිදහස“ කියන සංගත උත්තරේ මුලින්ම ‘දැනෙන්න‘ දුන්න නං හොඳයි.(පැරාගෙන් මේක කියවුනේ අඩු අවධානයක් සහිතව)

    ඒ වගේම බ්ලොග් නොලියන බ්ලොග් ගැන දැනුමක් නැති අයෙකුට වැඩසටහන බැලීමට තරම් රසවත් අදහස් කිහිපයක් මතුවුනා නම් හොඳයි. (ඒකත් පැරාට කරන්න තිබුන මං හිතන්නෙ, අර ක්‍රෙඩිට් කාඩ් කතාව වගේ එකක් දෙකක් කියන්න බෝලෙ ඉස්සුනා නං සුපිරියි)//

    ReplyDelete
  6. නන්දන ගුණතිලක ගේ ප්‍රශ්නය ගැන කිව්වම මට හිතෙන්නේ ජන්ද දායකයින්ට ආධාර බෙදන සජිත්ගේත් නන්දනගේත් වෙනසක් නැති බවයි.දේශපාලකයෝ ඉන්නේ තහඩු බෙදන්න,වැසිකිලි පෝච්චි කටවල් බෙදන්න,වියලි ආහාර බෙදන්න වගේ ප්‍රථමික වැඩ කරන්න විතරක් නම් උන්ව නඩත්තු කරන්න රටක් විදියට අපි දරන වියදම් සම්පුර්ණ අපරාධයක්.

    ReplyDelete
  7. සමාජ සත්කාර ගැන කියපු දේ මට නම් තේරුම් ගියේ මේ විදිහට. ඒ වගේ හැමෝම කරන පොත් දීම වතුර දීම වගේ හැමෝම කරන ජාතියේ සමාජ සත්කාර වලට වැය කරන කාලය ශ්‍රමය ධනය බ්ලොග් හෝ අන්තර්ජාලය මඟින් මිනිසුන්ගේ දැනුම තව තවත් පුළුල් කරන්න යොදාගන්නෙ නැත්තෙ ඇයි කියලා ඇහුව බවයි මට නම් තේරුනේ. වෙනත් විදිහකට කිව්වොත් ඒ වගේ ව්‍යාපෘතිවලට වඩා එහාගිය දෙයක් බ්ලොග් මඟින් කළහැකි බව.

    ReplyDelete
  8. නන්දන ගුණතිලක තවත් එක් දේශපාලකයෙක් පමණයි, දේශපාළුවෝ, රජයේ නිළධාරි, පූජකයෝ, සහ ප්‍ර‍ජා සංවිධාන ඇරටුබැහැපු වුන් යන සියල්ලෝම බයයි එයාල කවදාවත් ඉටු නොකරන එයාලගේ වගකීම වෙනෙකෙකු ඉටු කරලා එයාලගේ බඩ ගෝස්තරයට තට්ටුකරයි කියලා, චැරිටි වලට ටිකක් බයයි, එත් චැරිටි කාරයෝ ද මනුස්සයෝ කියල දන්න නිසා එච්චරම බය නැතුව අත ගහලා ටිකක් සාක්කුවෙත් දාගෙන නමත් පුම්බ ගන්නවා. හැබැයි එන්ජීඕ වලට නම් ගූ බයයි, ඒ මිනිස්සුන්ගේ ඇස් අරවන්න පුළුවන් උනුත් කලාතුරකින් හරි එන්ජීඕ වල ඉන්න නිසා.

    ReplyDelete
  9. හැබැයි නන්දන කීව ඇත්ත තමයි, අපේ වුන් සෙට් වුනු ගමන් කොරන්න තියන ජොබ් එක පැත්තක තියල පින් අතේ වැඩ කරන්න සෙට් වෙන අපේ ජාතික ලැදියාව,

    මම කරක් ගහන පැත්තක් තමා ගූගල් මැප් කෙරුවාව, වොලන්ටරි ජොබ් එකක් නේ, එකේ මොඩරේෂන් ලේසි වෙන්න හදපු ෆෝරූම් වලට සෙට් වුනු අපේ වුන් දැ හෝ ගාල චැරිටි වැඩ, පොත් එකතු කරනවා /බෙදනව ෆුල් බිසි ෆුල් හැපි, හැබැයි අපේ වුන් කවුරුත් ටෙක්නිකල් ක්වරි දාන්නෙත් නෑ, දාපුවට රිප්ලයි කරන්නෙත් නෑ, හොඳ වෙලාවට මොඩරේට් කරන්න ඉන්න සුද්දො / ඉන්දියන් කාරයෝ වැඩ ගොඩදාල දෙනවා.

    ReplyDelete
  10. පැරා.

    මම මේක ඔහෙගේම පොස්ට් එකේ ලියන්නෙ රාජ් විසින් කල කොමෙන්ටුවට සමානව මමත් හිතපු නිසයි.

    මේක බ්ලොග් ගැන රුපවාහිනියක කතිකාවක් උනාට බ්ලොග් වලට අලුත් කෙනෙක් මේක අහගෙන හිටියහනම් මේ බ්ලොග් කියන කිසිම මලදානයක අදහසක් ගන්ට බැහැ.

    ඔබ ලැබුන චාන්ස් එකෙන් ඔබගේ බ්ලොග් දෙක ප්‍රොමෝට් කළා කිව්වොත් නිවැරදියි.

    අනික අර ඇනෝ කොමෙන්ට් බ්ලොග් පොස්ට් ගැන කියද්දීත් ඔබලා සියලුම දෙනා ලිස්සල ගියා. මම ඒ ගැන වැඩිය නැහැ.

    හිටපු කාන්තාවගෙන් ප්‍රශ්න අහද්දිත් එයා ටැපලෙනකොට බලෙන්ම අජිත් ධර්ම කියන මනුස්සය එයාව බේරගත්ත කියල කිව්වොත් හරි. මොකද අජිත් ධර්මටවත් එතන වැඩි යමක් කියන්ට තිබ්බෙත් නැහැ.

    ඔබලා සියලුම දෙනා ඔතනට ආවේ "ඔන්න බ්ලොග් ලියල, සම්මාන උළෙලවල් තිබ්බ නිසා, අපි ටෙලිවිසොන් එකක සාකච්චාවකටත් ආව" කියන මානසික තත්වයකින් කියල කිව්වොත් වඩා නිවැරදියි.

    අනික ඔතන විහිළු සහගතම සිද්දිය උනේ බ්ලොග් ගැන කතා කරන්න ඇවිත් ස්වෙච්යා සේවය ගැන වැඩි කතාවක් ගිය එක.

    බ්ලොග් එකයි ස්වෙච්යා සේවයයි කියන්නෙ දෙකක්. එකට ගලපෙන්නෙම නැහැ.

    අනික අර කෝල් කල මනුස්සය ඔබට නගපු ප්‍රශ්නය. නීති සම්බන්දව.

    ඔබ සහ ඔබේ සගයා ඒක සිවිල් නීතියට බැර කරලා නිකන් හිටිය.

    සමහරක් වෙලාවට ඔබ ඇතුළු අපි මේ සියලුම දෙන කරන්නේ (ඇනෝ විදිහට මම කවදාවත් එන්නෙ නැහැ) මේ රජයේ ගොඩක් අදිකරණයට පාර්ලිමේන්තුවේ කටයුතු වලට එරෙහිව ප්‍රතිචාර දැක්වීමයි.

    එතකොට ඔබ ඇතුළුව මේ අපි ඔක්කොමත් හරිනම් සිවිල් නීතියට අනුව හිරගෙට යන්න ඕනෙ.

    එතනිනුත් ඔබ ලිස්සල ගියා. සහ ඔබලා සියලුම දෙනා.

    තවත් අතකින් බලනකොට ඇනොල ගැන කියද්දි ඔබ සැමටම කියන්ට තිබ්බ දේශපාලන මර බිය නිසා ඇනෝ විදිහට එන එක සාදාරනයි කියල.

    බලන්න ඔබේ බ්ලොග් එකේම සහ අනිත් බ්ලොග් වලත් අනෝ ල විදිහට එන මිනිස්සු කොච්චර හොඳ දේවල් කියනවද කියල. කොච්චර වටිනා දේවල් ප්‍රකාශ කරනවද කියල..

    මෙතැනදී අජිත් ධර්ම විසින් මාතලන් සහ අටමගේ බ්ලොග් ඉදිරිපත් කිරීමෙන් කලේ ඔවුන්ගෙන් ලකුණු ටිකක් දාගැනීම පමණයි කියලයි මට හිතෙන්නෙ.

    අනික අවසාන කරුණ තමයි, ගැහැණු චරිතයක් පට්ටමක් දීල අනිත් මිනිස්සුන්ගේ අවදානය දිනා ගන්න අවදානය වෙන අතකට හරවගන්න රුපවාහිනිය ඉස්සරහටත් ගෙන්න ගෙන අපි මෙහෙමයි සංවිදාන උනේ කියල හිතනවානම් ඒ වගේ ගොං පාර්ට් ගොඩ කාලයකට පස්සෙ අයෙත් දැක්ක කිව්වොත් නිවැරදියි.

    ඔබල සියලුම දෙනාටම සුභ පතනවා..!!

    ReplyDelete
    Replies
    1. ටික්කා

      It's too soft but still better, nice polite explanation.

      ++++++++++++++++++++++++++++++++

      Delete
    2. Mr. Ano. Thank you so much buddy. I know that I’m wasting my time to comment on this blog. Because Para will never respond to these kind of comments. By the way, good luck for them. isn’t it? :)

      Delete
    3. ටික්කා

      True mate.

      ඔබ එම කොමෙන්ට් එක දැම්මේ අවංකව හිත හොඳින්. ඒ වගේම ඔබත් අනෙක් බ්ලොග් කරුවන්ගෙත් අවංක කමත් මිනිසකුට උරුම ගෞරවයත් බලාපොරොත්තු වෙනවා.

      ඒත් මේ සම්මාන සෙල්ලමේ ඉන්නා සටකපට කූට පුද්ගලයන්ගේ අවංකකම, විරුද්ධ මත දරන අය සමග සංවර ලෙස මතවාදීව සාකච්ඡා කිරීම හරිම අඩුයි. ඒ නිසයි අපි වගේ දුප්පත් අහිංසක පාඨකයන්ට සහ ඇතැම් බ්ලොග්කරුවන්ට පවා "පර බල්ලන්" හෝ ඇතැම්විට උත්තර නැතිවුණාම හිටපු අන්ත දූෂිත රාජපක්ෂ රෙජීමයකට කිසිසේත්ම සම්බන්ධ නොවන නිදහස් අදහස් දැරූ අපව ඊට නිකරුණේ සම්බන්ධ කොට ඇනෝ බල්ලන්, බයි වහල්ලුන් ආදී මනස්ගාත මවවින් ඉතා නින්දිත ලෙස අපහාස කරන්නේ. ඇතැම්විට දෙමාපියන් දරුපවුල් පවා මතක්කර බැනීඑම මේ දුශ්ට ප්‍රොෆයිල් බ්ලොග්කරුවන්ගේ නිහීන ස්වභාවය පෙන්වීමක්.

      තවත් හරියටම කියනවානම් ඔය යූකේ ඉන්න අජිත් මහතා සෑම දහම්ගැටයක් ම ගහලා මීට පෙර සම්මාන උලෙලවල් දෙකක් කලා. කෙසේ හෝඅ ඒවාට මේ වගේ බරපතල විවේචන එල්ල වුනා අඩුයි.

      මිස්ස් වර්ල්ඩ් හෝ මිස්ස් යුනිවර්ස් වගේ සම්මාන උලෙලවල් ව්‍යාපාරිකයන්/ ආයතන විසින් පවත්වන අතිශය පෞද්ගලික සංදර්ශන බව ඔබ දන්නවා. ඒවාට අයිතිවාසිකම් කියනා ව්‍යාපාරිකයෝ ඉන්නවා. ඉහත සඳහන් අජිත් මහතා කලෙත් "නෙලුම් යාය" සම්මාන උලෙලවල් දෙකක් අමාරුවෙන් ඇදලා (හරියටම කියනවානම් ඇතැම් බ්ලොග්කරුවන්ගේ සේවය නොමිලේම ලබාගෙන) වැඩේ ඉතා සාර්ථක බවට විවිධ ව්‍යාපාරිකයන් හට පෙන්නලා ඒකෙ බහුතරයක් කොටස් බ්ලොග් ලෝකෙට සම්බන්ධ නැති වෙස්ටඩ් ඉන්ටෙරෙස්ට්ස් තියෙනා ව්‍යාපාරිකයන් හට විකිණූ එක හරියට IPO (Initial Public Offering) එකක් වගේ.

      මන් හිතන විදියට දැන් ඉහත කිව් අජිත්ටත් ඔය සම්මාන උලෙලේ තීරණ ගැනීමේ හැකියාවක් නැහැ. ඒ අයිතිය තියෙන්නේ ඔහුගෙන් එම සම්මාන උලෙල මිළට ගත් ව්‍යාපාරිකයන්ටයි. ඒකනේ ඔයි ඇන්ටි කෑලි මාද්‍ය සන්දර්ශනවලට එකපාරටම උඩින් කඩා වැටෙන්නේ....

      වැඩේ වෙලා ඉවරයි. අජිත්ලා බ්ලොග් ලියන ඔබලාත් කියවන ඇනෝ අපිවත් කන්සියුමබල් කොමෝඩිටියක් වගේ විකුණලා ඉවරයි !

      Delete
    4. /////I know that I’m wasting my time to comment on this blog. Because Para will never respond to these kind of comments./////


      Yes, Mr Tikka..... Ajith Parakum's haughtiness has no limits. That's exactly the reason why his blog has begun to falter.

      Delete
    5. ටිකකා,

      මම හවසයි මේක බැලුවේ අන්තර්ජාලයෙන්, කියන්න කනගාටුයි පැරා මම නම් හිතන්නේ පත්තරයක් සහ බ්ලොග් එකක් අතර ඇති මුලික වෙනස වන පාටකයන්ගේ අදහස් පළකිරීම ගැන ඔබ හරියට ඉස්මතුකලේ නෑ.

      එච්චර විතරක් නෙමෙයි විවිද පුද්ගලයන් අදහස් වලින් දායකවන විට බ්ලොග්ගයට වටිනාකමක් ලැබෙන එක ගැනත් කිව්වා මදි, ඔබ කිව්වා කිසියම් වුර්තියක පළපුරුද්දක් නැති කෙනෙකුට උනත් අදාළ වුර්තිය පිළිබද ප්‍රාමාණික දැනුම ඇති පුද්ගලයන් කියපුදේ පෙන්වාදෙන්න පුළුවන් බව. මම හිතන්නේ ඔබ මෙය සදහන් කිරීම වටිනවා මිට අමතරව බ්ලොග් වල විශ්වාසිය වෙබ් අඩවි සහ එසේ නොවන අඩවි අතර වෙනස්කම් හදුනාගැනීම ගැන පාටක්ලයන් නිසි ලෙස දැනුවත් කලේ නෑ.

      උදාහරණයක් දුන්නොත් https://www.justice.gov/opa/pr/glaxosmithkline-plead-guilty-and-pay-3-billion-resolve-fraud-allegations-and-failure-report

      මේ තියෙන්නේ ඇමරිකානු අදිකරණ දෙපාර්තමේන්තුව විසින් අතිශයෙන් විශ්වාසය තබියහැකි ඔවුෂද මාෆ්යාව ට විරුද්දව දඩ ගසන පුවතක් මෙහිදී .GOV අඩවියත් සාමාන්‍ය බ්ලොග් අඩවියත් අතර වෙනස පැහැදිලි කිරීම වටිනවා මොකද අන්තර්ජාලයේ විශ්වාසනීය දේ සොයාගැනීමේදී සැලකිලිමත් වියයුතු දේ හදුනාගන්න වැදගත් වෙනවා.

      කෙසේ වෙතත් සම්මාන ප්‍රධාන උත්සව ගැන නම් මගේ ප්‍රසාදයක් නෑ ඊට හේතුව යහපාලන රජය මර්දනය ක්‍රියාත්මක කරන අනාගත දිනකදී අන්තර්ජාලය කියන්නේ අපේ ආරක්‍ෂිත ආයුදයක් වියයුතු නිසා.

      Delete
  11. බ්ලොග්කරුවන් මහපොලොවට බස්සවා ඔවුන් සංවිධානය කර ඒ තුලින් බ්ලොග් අවකාශයේ යම් කිසි බලයක් අත්පත් කර ගැනීමට නෙළුම්යායේයේ පොරවල් උත්සහ කරන බවක් පේනවා.....මේ බව ඔවුන්ගේ ඇතැම් සම්මාන වලින් ප්‍රදර්ශනය වෙනවා....තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමට....බල්ලට මස් කට්ටත් පුසාට කරවල කෑල්ලත් දිය යුතු බව මේ අයහොදින් තේරුම් ගෙන තියෙනවා.....බ්ලොග් සංවිධානය විය යුත්තේ මහපොලොවේ නොව සයිබරයේය....අන්තර්ජාලයේ පුලුල් වීමත් සමග ප්‍රධාන දාරවේ මාධ්‍ය වලට වෙන බලපෑම සුලුප‍ටු නොවෙයි...අන්තර්ජාල පහසුකම් පුලුල්ව පැතිරී ඇති දියුණු රටවල අදවෙනකොට මුද්‍රිත දිනපතා පත්තර බංකොලොත් වී ගෙන යනවා...ලංකාවටත් ඒ තත්වය ලැබෙන කොට සයිබර් ගෝඩ් ෆාදර් ලා වීමට සිහින බලන අයගේ එක්පෙරිමන්ට් වලට ප්‍රවිණා යැයි කියා ගන්නා බ්ලොග් කරුවනුත් අහු වෙනකොට හාල්මැස්සො ගැන කවර කථාද......

    ReplyDelete
  12. MayyaMarch 22, 2017 at 7:28 PM
    //.බ්ලොග් සංවිධානය විය යුත්තේ මහපොලොවේ නොව සයිබරයේය///
    මේකයි මගේ නිගමනයත්

    ReplyDelete
  13. ආදරණීය පැරා වෙත පෙර දා බැඳි සෙනෙහසින්,

    පැරා මචං මොකක්ද සීන් එක? අපි නම් මචං ඔය සීන්වලට නැහැ. අපි වමේ එකතුවක් විදියට උඹට සුබ පැතුවා ඊයේ ඉතසිතින්. උඹ දැක්ක නේද මචං ගිය පොස්ට් එකේ තිබ්බා අපේ සුබ පැතුම සහ උපදෙස්?

    අපි යුරෝප්වල රටවල් හතරක ඉඳන් උඹ වෙනුවෙන් වැඩසටහන ලයිව් බැලුවා පැරා. උඹමයි මචං උඹේ රෙදි ගලවගත්තේ ඊයේ. චා කියන්නේ පැරා චාම චා. උඹ කොච්චර ඊයේ අන්තිමට අසරණ වුණාද කිව්වොත් උඹෙන් වචන පිටවුණේ නැහැ. උඹ අපෙන් කණ පුරා දෙකක් කාලා ඔෆිස් ප්‍රෙමිසස් එකෙන් අවුස්ට් වුණ දවසෙවත් ඊයේ තරම් අසරණ බවක් අපි උඹේ මූණේ දැක්කේ නැහැ. ඇත්තෙන්ම දුකයි පැරා. එදා අපිට උඹට එරෙහිව අතක් උස්සන්න වුණ එකටත් වඩා ඊයේ උඹට වුණ දේ ගැන දුකයි පැරා.

    උඹ හැමදාම එක එකාට කඩේ යනවා මාර කැප කිරීමක් කරලා. ඒත් උන් හැමෝම උඹෙන් වැඩ අරන් උඹව ඩම්ප් කරනවා. යූ ආර් ජස්ට් ඩිප්පෝසබල් පැරා.

    1.උඹ උඹේ ඉගෙනීම (උසස් පෙළ, ඇණ මුරිච්චි තද කිරීම) කැප කරලා ජේ.වී.පී. කළා. උන් උඹෙන් වැඩ අරන් උඹව අතහැරියා. උඹේ ඉගෙනීමයි, රැකියාවයි විතරක් නෙවෙයි වෘෂණ කෝෂ දෙකත් නැති වුණා.

    2.උඹ යූ.ඇන්.පි. එකට කැත කඩේ යාමක් ගියා. උඹ ටවුන් හෝල් එකේ ඉඳන් කේම්බ්‍රිජ් ටෙරස් එකටත් එතනින් පිටකෝට්ටෙටත් රෙදි නැතිව කඩේ ගියා. දවසට පොස්ට් හතර පහ දැම්මා. උන් බලයට ආවා. උඹ ඩම්ප් වුණා ආයෙත්. උඹට සිළුමිණ හරි දිනමිණ හරි විතරක් නෙවෙයි නිකම් මාධ්‍ය සම්බන්ධීකාරක ජොබ් කට්ටක්වත් ලැබුණේ නැහැ.

    3.උඔ සිරිකොතට දිවා රෑ නොබලා කඩේ ගියා. කක්කුස්සි හේදුවා. කුණු අතුගෑවා. සුදුහුණු නෙවේ රබර් පේන්ට් අතින් වියදම් කරන් ගෑවා. මුර බල්ලෙක් වුණා. ඒත් උන් උඹට අඩුම ගානේ දේශපාලන විද්‍යා පීඨයේ කතිකාචාර්යකමක්වත් දුන්නේ නැහැ. උඹට වඩා ගොඩක් අඩු සුදුසුකම් තියෙන කුරේ ඒකට පත් වුණා.

    4.උඹ අන්තිමට මේ මොකක්ද යායක් ගැන ගායක් හදන් උන්ට කඩේ ගියා. උඹට නෙළවෙලාම ගියා අන්තිමට. අපිට ඔය යායවල් වැඩක් නැහැ. අපි උන්ව දන්නෙත් නැහැ. ඒත් උඹට වුණ දේ ගැන දුකයි. අවුරුදු අටක් බ්ලොග් ලියපු උඹට වඩා අද බ්ලොග් ගැන දන්න කෙනා වෙලා ඉන්නේ රාඩා. උඹ නිකං බිලි බෝයි කෙනෙක් විතරයි බං. උන් ⁣තීරණ අරන් ඒවා උඹලා ලවා කරවනවා. උඹලා එක්ස්-කෝර් එකේ නැහැ. උඹ පව් බං.

    උඹට හැමදාම මෙහෙම වෙන්නේ ඇයි පැරා? උඹ උන්ගේ පැලැන්තියට සෙට් වෙන්නේ නැහැ මචං. ඒක අපි ඊයේ හොදටම දැක්කා. උන්ට රාඩා ගැන තියෙන වැදගත්කම උඹ ගැන නැහැ. උඹ කොච්චර කරත් කුමාර් රූපසිංහ නෙනෙක්, ජිහාන් පෙරේරා කෙනෙක්, සර්වා කෙනෙක් තියා රන්ජිත් කීර්ති තෙන්නකෝන් කෙනෙක්වත් වෙන්නේ නැහැ. උඹ ඇවිත් සබ්-සබ්-සබ්කන්ට්‍රැක්ට්කාරයෙක්. උඹ හැමදාම වෝටර් බෝයි. එච්චරයි.

    එක්කෝ උඹ රිටායර් වෙයන් ගෞරව ඇතිව. ඊයේ උඹට ඒකට නියම අවස්ථාව. ⁣ඊයේ වැඩසටහන උඹේ ෆෙයාර්වෙල් එක කර ගෙන උඹට කැපෙන්න තිබ්බා. ඕනේ නම් පස්සේ අර ඩයන් ගෝමස් වගේ වෙන ඩෙසිග්නේෂන් එකකින් එන්න බැරියැ.

    උඹට දැන් වයස 51ක් ඉවරයි. උඹලා අපි දැන් වයසක මිනිස්සු බං. දැන් බලපං උඹේ දරු පැටවු දෙන්න තවම පොඩියි. උන් දෙන්නා කරකාර බඳින දවස එද්දී උඹ හැරමිටියෙන්. උඹ තවම උන් දෙන්න වෙනුවෙන් යමක් ඉතුරු කරලා නැහැ. උඹ හරි හැටි තැනකින් අතක් පයක් දිග ඇරලා ඉන්න පුළුවන් ගේ කෑල්ලක් හදා ගත්තේ නැහැ තවම. අර පරණ හුංඩුවේ ලගිනවා. ඕක ආරක්ෂිත නිවාසයක් නෙවෙයි බං. අර බලපං ඊශා. අද ආණ්ඩුවේ ජොබ් එකටම වැහැරිලා ගිහිං. ඔහොම දුක් විදින්න ඕන කෙනෙක් නෙවෙයි බං ඒ ගෑනි. උඹ උඹේ ජීවිතේ කාලකන්නි කර ගන්නවා මදිවට අර ලස්සන ජීවිත තුනකුත් කාලකන්නි කරනවා.අපි මේවා උඹට ආදරයෙන් සහෝදරතවයෙන් කියන්නේ. උඹ මේවා ගැන පොඩ්ඩක් හිතපං.

    දැන්වත් ටිකක් නිහඩව පැත්තකට වෙලා හිතපන්. ඔය අතිධාවනකාරී ගමන වෙනස් කරපං. උඹ මේ යන ගමන හරිද කියලා හිතපන්. සති දෙක තුනක් බ්ලොග් එකෙන් ඕෆ් වෙයන්. ඊට පස්සේ නව මුහුණුවරකින් වරෙන්. දැන්වත් උඹ සිංහල ජාතිකත්වයට වෛර කරන එක නවත්තපන් පැරා. උන් නරක මිනිස්සු නෙවෙයි. උන් අර දෙමළගේ ලේ ඉල්ලන නරුමයෝ නෙවෙයි. උන් තමයි මේ රටේ අනාගතය. උඹලා සිංහල ජාතිකත්වය යනු දෙමළ ජාතිකත්වයේ සතුරාය කියන ව්‍යාජය වපුරන එක නවත්තපං. අනාගත තරුණ පරපුර නොමග යවන එක නවත්තපන් පැරා. ඕවා සහගහන වැඩ.

    උඹ චා වෙනවා දැක්කම අපිට අප්සට් බං. උඹ දක්ෂ මිනිහෙක්. ඒත් උඹෙන් රටටවත් ලෝකෙටවත් වැඩක් වුණේ නැහැ. ට්‍රෙමෙන්ඩස් ටැලන්ට් වේස්ටඩ්.

    මේ වචන ටික අපි ලිව්වේ උඹ ගැන ආදරයෙන්. උඹ ඊයේ මලා. යූ නීඩ් ටු බෝර්න් එගේන්!

    පැරාට කවදත් ආදරේ අපි,

    එක්සත් ලංකාවක් සඳහා එක්සත් වම.

    ReplyDelete
    Replies
    1. ඇයි බං මං ඔච්චර චා නම් මාව සීන් එකෙන් අවුට් කරන්න ම දත කාගෙන මැරෙන්න හදන්නේ. ඒක දැක්කාම මට අවුට් වෙන්න හිතෙන්නෙ ම නැහැ.

      Delete
  14. රසික, පැරා, මාතලන්, සරස, රාජ්, අරුණි, කොළඹ ගමයා ඇතුළු මෙකී නොකී සියළුම සිංහල බ්ලොග් රචකයන් අමු හිඟන රැළකි. ඒ ඔවුන් පිනට ලැබෙන සර්වර් අවකාශයේ මොනවා හෝ අපබ්‍රංශයක් කුරුටු ගා නොමිළේම පොරවල් වීමට උත්සාහ දරන්නන් නිසාය. උනුනුන් අතරේ "සම්මාන" නමැති ලී කැබෙලි කිහිපයක් බෙදා ගැනීම සඳහා වන මොවුන්ගේ බලු පොරය දකින මට සිහිවන්නේ නගරයේ හිඟන රැළකට කාසි කිහිපයක් විසි කළවිට ඒවා අහුලා ගැනීමට ඒ හිඟන්නන් පොරකන අන්දම ය.

    බ්ලොග් ලිවීම සඳහා සර්වර් අයිති සමාගම් මසකට ඩොලර් 50 ක වැනි මුදලක් අය කරන්නේ නම් මොවුන් එකෙක් හෝ බ්ලොග් නොලියනු ඇත.

    ReplyDelete
  15. අති විශිෂ්ඨයි පැරා. ඉතාමත් උසස් විධියට පැරා මෙම වැඩසටහනේ කතා කරනවා. ඇනෝ ගෙම්බො කොච්චර මඩ ගැහුවත් පැරා විශිෂ්ඨයෙක් !!!!

    ReplyDelete
  16. වැඩසටහන අතරවාරයේ මට හිතුනේ පැරාගේ වැඩි එකඟත්වය තිබුණේ නන්දනගේ ප්‍රකාශයට පක්ෂව කියලා. ඔය වගේ සමාජ සත්කාරක වැඩ ප්‍රශ්නකාරී වන්නේ සත්කාරයට වඩා ප්‍රචාරාත්මක බව වැඩි වෙනකොටයි, අවශ්‍යතාවයේ ස්කේල් එකක් ඉක්මවා සත්කාරය ක්‍රියාත්මක වෙනකොටයි, යම් යම් දේ කිරීමේ පිලිගත් ක්‍රමවේද භාවිතා නොකිරීම සහ ඒවාට බාධා වෙන පරිදි කිරීම වගේ දේවල් තමයි.

    ReplyDelete
  17. සංවාදය මන්දනය කල නන්දන ප්‍රශ්නය
    -----------------------------

    බ්ලොග් කරුවන් අවුරුද්දකට වරක් සමාජ සත්කාරයකට හවුල් වෙනවය කියන්නේ බ්ලොග් කරුවන් තමන්ගේ ඇනුවල් ගෙට්ටුගෙදර එක පැවැත්වීම නෙමෙයිද? ඒක එක්තරා විදියක වැලියු ඇඩඩ් ගෙට්ටුගෙදර් එකක්! (හරියට ආදි ශිශ්‍යයො එකතුවෙලා - පාසල් වල 90 කන්ඩායම, 2000 කන්ඩායම, විවි වල මාතර කන්ඩායම, හොරන කන්ඩායම වගේ ගෙට් ටුගෙදර් තියන කොට ඔය වගේ සමාජ සත්කාර කෑල්ලක් එකතු කර ගන්නවා. මෙතනත් ඕක තමයි. වඩා වැදගත් සමාජ සත්කාර කොටස නෙවෙයි, කට්ටිය අවුරුද්දකට වරක් හමුවෙලා, අලුත් අය අඳුනගෙන, විනෝද වෙලා, රිෆ්‍රෙශ් වෙලා යන එක. ඕක ඔය වගේ සංවාදයක දී කතා කරන්නවත් වැදගත් දෙයක්ද?)

    මේ සරල සත්‍යය කියන්න කෙනෙක් හිටියෙ නැහැනෙ. වම් පැත්තෙ වාඩිවෙලා හිටිය දෙන්නා තමයි ඕක පහදල දෙන්න තිබුනෙ. ඒ ගොල්ල හරි මුග්ධ විදියට සමාජ සත්කාර දේශපාලකයන්ට අයිතියි කියපු කෑල්ල අල්ලගෙන ගියා. මෙහෙයවපු ඩිල්ශානුත් ඒ වගේ දෙයක් මීටර් වෙන කෙනෙක් නෙවෙයි වගේ. මට දුක ඒ නිසා වටිනා සංවාද කාලයක් අපතේ ගියා.

    මට පේන්නෙ පැරාටත් ඕක හරියට වැටහිලා නැහැ වගේ. ඒකනේ මෙහෙම පෝස්ට් එකක් දාන්නේ.

    - Dimithri

    ReplyDelete
    Replies
    1. ප.ලි.

      පෝස්ට් එකේ පින්තූරෙ දැක්කම හිතෙනවා පැරාගේ මේ පෝස්ට් එක පහදන්න (කවුරු මොනව කිව්වත්, පැරා අකමැති වුනත් නැතත්) මනෝවිශ්ලේශනය අවශ්‍යවෙයිද කියලාත්! ;-)

      - Dimithri

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා