ජේ.ආර්.ගේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

ජේ.ආර්. ජයවර්ධන තමයි මේ රට ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ලෙස ව්‍යවස්ථාගත කළේ. ඒ 1978දීයි.

මේ නමේ තිබෙන සමාජවාදී කෑල්ල බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක් වුණා. ඇතැමෙකුට එය විහිළුවක් වුණා. එහෙත්, ජේ.ආර්. එය ව්‍යවස්ථාවට ඇතුළත් කර තිබෙන්නේ බොහෝ දුරට හිතලා මතලායි.

1979 මාර්තු 23දා හොරණ ශ්‍රීපාලි සෞන්දර්ය විශ්වවිද්‍යාල පීඨය විවෘත කිරීමේ උත්සවයේදී ජේ.ආර්. මෙම කාරණය පැහැදිලි කරනවා. ඔහුගේ කතාවේ මෙහෙම තිබෙනවා.

“මා තෝරා දෙන්න යන වචනය සමාජවාදයයි. හුඟක් දෙනෙක් අහනවා තමුන්නාන්සේලා සමාජවාදය කියන්නේ එක්සත් ජාතික පක්ෂය සමාජවාදී පක්ෂයක් ද කියලා. ඔව්, අපි සමාජවාදී පක්ෂයක්.

“මේ රටේ සීයට හැටක් බඩු නිපදවන මාර්ග, බඩු බෙදන මාර්ග, මුදල් හුවමාරු කරන ක්‍රම රජයට හෝ මහජනයාට අයිතියි. සමාජවාදය කියන්නේ ඒකයි.

“ඩී.ඇස්. සේනානායක මහත්මයාගෙ කාලෙ තමයි (රජයේ) ඉඩම් පුද්ගලයන්ට, ධනපතීන්ට විකිණීම තහනම් කෙරුවෙ. ඒ නිසා ඒ සමාජවාදී ක්‍රමය අපි ආරක්ෂා කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා වගේ ම. නමුත් අඩුපාඩු රාශියක් තියෙනවා.

“මේවා හොඳට පාලනය කරන්නෙ නැහැ. ඇතැම් ආයතන හොඳට පාලනය කරන්නෙ නැහැ. දූෂණ වැඩ කෙරෙනවා. රජයට ගත්තු වතුවල අඩුපාඩු තියෙනවා. හොරකම් කෙරෙනවා. පුද්ගලයන් අත තිබුණ කාලෙ වගේ මනා පාලනයක් නැහැ. නියම විදියට පාලනයක් නැත්නම් සමාජවාදය ඉතාමත් ම භයානක වාදයක් වෙනවා. භයානක ක්‍රමයක් වෙනවා."

මේ කතාවෙදි ජේ.ආර්. වැඩිදුරටත් සමාජවාදය ගැන කතා කරනවා. ඔහු මෙහෙමත් කියනවා.

“අපි කෝකත් කරන්නෙ තමුන්නාන්සේලාගේ ප්‍රයෝජනයට. තමුන්නාන්සේලා ධනපතියන් වෙනවා නම් සන්තෝෂ වෙනවා. ධනපති ක්‍රමයට අපි විරුද්ධයි. නමුත් ධනපතීන්ට විරුද්ධ නැහැ. ධනපති ක්‍රමය කියන්නේ සටනකින්, ලේ වැගිරීමකින්, එක් එක්කෙනා පාගලා සූරා කාලා, කඩා වඩාගෙන තමන්ගෙ දියුණු වීම පමණක්, තමන්ගෙ මුදල් ගැන පමණක්, තමන්ගෙ කර්මාන්තශාලාව ගැන පමණක්, තමන්ගෙ මුදල් ගැන පමණක්, තම තමන් පෞද්ගලිකව දියුණු වීම ගැන පමණක් තණ්හාධික ලෙස ක්‍රියා කිරීම. ඒ ක්‍රමයට (අපි) අකැමැතියි. ඊට ඉඩ දෙන්නෙ නැහැ. නීති මාර්ගයෙන් සේවකයන්ගෙ ජීවිත ආරක්ෂා කිරීමට, පඩිය ආරක්ෂා කිරීමට, රැකියා ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

“දුප්පතුන් ධනපතීන් වීමේ වැරැද්දක් නැහැ. සමාජවාදී ආණ්ඩුක්‍රමයක් යටතෙ ධනපතීන් නැහැ....."

මේ කතාව මා නැවත පළ කළේ එක් හේතුවක් මතයි. ලංකාවේ සමාජ ක්‍රමය වෙනස් කිරීම, විප්ලව කිරීම, සමාජවාදය ගොඩනැගීම ගැන කතා කරන, ඒ වෙනුවෙන් දිවි කැප කර සිටින බව කියන විශාල පිරිසක් සිටිනවා. ඒ අය මුලින් ම ලංකාවේ පවතින ක්‍රමය තේරුම් ගත යුතුයි. 

ලංකාවේ සමාජය වෙනස් කරන්නට තීරණාත්මක මැදිහත් වීමක් කළ අයෙකු තමයි ජේ.ආර්. ජයවර්ධන. ඔහුගේ නායකත්වය යටතේ ලංකාවේ ආර්ථිකය ලෝකයට විවෘත කළා. ඒ වගේ ම, අදටත් ක්‍රියාත්මක වන විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන්නා.

ජේ.ආර්. තමයි, විදේශ ආයෝජනවලට ලංකාව විවෘත කළ රාජ්‍ය නායකයා. කලින් පැවති ආණ්ඩු විසින් වන්දි ගෙවා රජයට පවරාගෙන තිබුණු වතු සමාගම් වැනි ව්‍යවසාය නැවත පෞද්ගලික අංශයට ලබා දුන්නෙත් ඔහු තමයි. 

ජේ.ආර්. බලයට එන විට ඇත්තෙන් ම ලංකාවේ රාජ්‍ය ධනවාදී සමාජවාදී සමාජ ක්‍රමය අසාර්ථක වෙලා ඉවරයි. සෝවියට් දේශය, චීනය වැනි රටවල තිබුණේ සමාජවාදයක් ය කිව්වාට ඒවා බොහෝ දුරට රාජ්‍ය ධනවාදී ඒකාධිපති රටවල්. රටේ සියලු දේපල, නිෂ්පාදන හා බෙදාහැරීමේ මාධ්‍ය රජය යටතට ගැනීම තමයි එහිදී සිදු වුණේ. සමාජවාදී ලක්ෂණයක් ය කියන්නට පුළුවන් මහජනයා විසින් පිහිටුවා ගන්නා ලද සමුපකාර පමණයි. එහෙත්, ලෝකයේ බොහෝ සමාජවාදී යයි කියන රටවල වුණා වගේ ලංකාවේත් සමුපකාර රජය විසින් ම අල්ලාගෙන තවත් එක් රාජ්‍ය ව්‍යවසායක් බවට පත් කරනු ලැබුවා. ඒවා සමුපකාර වුණේ නමට විතරයි. සමගි පෙරමුණු සමාජවාදී රජය තමයි සමුපකාර සංකල්පය ම කාබාසිනියා කර දැම්මේ. ඉන් පසු පැමිණි ජේ.ආර්.ගේ ආණ්ඩුව විවිධ සේවා සමුපකාර සමිතිවල මිනීපෙට්ටියට ඇණ ගැහුවා.  

ඇන්.ඇම්. පෙරේරාගේ නායකත්වයෙන් සමාජවාදයේ නමින් දියත් කරන ලද ස්වයංපෝෂී ආර්ථික ජාතිකවාදයේ අත්හදා බැලීම නිසා රටේ ජනතාව සෑහෙන දුෂ්කරතාවකට මුහුණ දී, ජනතාවට සමාජවාදයත් එපා වෙන තත්වයක් තමයි ඇති වී තිබුණේ. ඇන්.ඇම්ගේ ආර්ථික මූලෝපාය වූ සියල්ල තම රට තුළ ම නිපදවාගෙන පරිභෝජනය කිරීම යන ආර්ථික ජාතිකවාදී සංකල්පය හේතුවෙන් ජනතාවගේ ජීවිත ගුණය පිරිහුණා. ඒ වගේ ම, ආර්ථික වර්ධනයත් අඩාල වුණා. රැකියා හිඟය, දිළිඳුකම වැනි ප්‍රශ්න උග්‍ර වුණා.

ජේ.ආර්. ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය හයෙන් පහක බලයක් සහිතව රජයක් පිහිටුවන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. එම ආර්ථික ප්‍රතිපත්තියේ නියමුවා වන ඇන්.ඇම්. පෙරේරාට 1936න් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීකම පවා අහිමි වෙනවා. 

ධනේශ්වර ලිබරල් ඒකාධිපතිවාදියකු ලෙස සැලකිය හැකි ජේ.ආර්. ලංකාවේ පැවති සමාජ ක්‍රමය ගැන ඔහුගේ අවබෝධය මා ඉහත උපුටා දැක්වූ කතාවෙන් ප්‍රකාශ කරනවා. 

ඔහු ලංකාවේ වෙළඳපොළට මූලිකත්වය දෙන ආර්ථික ප්‍රතිසංස්කරණවලට මුල පුරන්නේ ඒ අවබෝධයේ සිටයි. හැබැයි, ඔහුට පවා පහසුවෙන් ධනවාදයට හැරවිය නො හැකි තරම් දැවැන්ත රාජ්‍ය අංශයක් රටේ තිබෙනවා. 

මේ රාජ්‍ය අංශය හකුළුවන්නට තීරණාත්මක පියවරක් කවුරුවත් ගත්තෙ නැහැ. ඒකට හේතුව තමයි, රජයෙන් පෝෂණය වුණ මධ්‍යම පංතිය 1977 වන විට දැවැන්ත, බලවත් පංතියක් බවට පත් වී තිබීම. දේශපාලන බලය තීරණය කළේ ප්‍රධාන වශයෙන් ම ඔවුනුයි. ජේ.ආර්. පවා කළේ මෙම පංතිය මත ම යැපෙන එකයි. 

එහෙත්, පෞද්ගලික අංශයට ප්‍රමුඛතාව දුන් ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් රාජ්‍ය අංශය අකාර්යක්ෂම කරමින් දිය කර හරින්නටත් ඔවුන් කටයුතු කළා. මධ්‍යම පංතිය ඉතා ම පටු ආත්මාර්ථකාමිත්වයකින් යුක්තව තමන්ගේ රැකියා සුරක්ෂිතභාවය වෙත පමණක් අවධානය යොමු කරමින් අර කඩාවැටීම නො තකා හැරියා. ඒ විතරක් නෙමෙයි, ඒ අකාර්යක්ෂමතාව මත යැපෙමින් අඩුවෙන් වැඩ කරන්නට හා සාපේක්ෂව වැඩි වරප්‍රසාද ලබා ගන්නටත් අවස්ථාව පාදා ගත්තා.

මේ ආරම්භය තමයි පසුකාලීනව රාජ්‍ය සේවය සාධාරණීකරණය පිණිස සුබසාධනයට ආවරණය වන තත්වය දක්වා දිග්ගැහුණේ. 


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා, මෙන්න මේ වාක්‍යය නිවැරදි කරපං මචං:

    //එම ආර්ථික ප්‍රතිපත්තියේ නියමුවා වන ඇන්.ඇම්. පෙරේරාට 1936න් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීකම පවා අහිමි වෙනවා.//

    උ‍ඹ වැදගත් යමක් කියන්න තතමනවා පැරා. ඒත් ඒක යට යනවා උඹේ වාම වෛරය නිසා.

    පැරා ඔය එක්කම කියපංකෝ ඒකීය ලංකාවක් තුළ උ‍ඹේ නායකතුමා (ශාස්තෘ) බලය බෙදන හැටි, මචං නැති ප්‍රශ්න ඇති කරන්න එපා. හොදට මතක තියා ගනිං වමේ අපි මේ බලය බෙදීම ගැන බලා ගෙන ඉන්නේ. උඹලා ගැන සිංහලයන්ට විශ්වාසයක් නැහැ. ඒක නිසා උඹලා මේ වැඩේ හැන්ඩ්ල් කරන්න ගිහිං මේක කුරුවල් කරන්න එපා. අපි කියනවා දෙමළාගේ ප්‍රශ්නය විසඳිය හැක්කේ සිංහලයාගේ විශ්වාසය දිනාගත් නායකයෙකුට විතරයි කියලා.

    අපිට පැරා අන්තර්ජාතිකයේ ගොඩාක් වැඩ තියෙනවා. ඒත් මේ ප්‍රශ්නයේදී අපේ සහය ඕන නම් අපි කෙටිකාලීනව ජාතික තලයට එන්න වුණත් සුදානම්. උඹලා මේ වැඩේ අනලා උතුරේත් දකුණේත් තරුණයා අතට ආයුධ දෙනවාට අපි කැමති නැහැ පැරා.

    ReplyDelete

  2. "....අපිට පැරා අන්තර්ජාතිකයේ ගොඩාක් වැඩ තියෙනවා...."

    සභාවේ මහ සිනා.

    ReplyDelete
  3. පැරා,

    මේ ඕනැ එකටයි එපා එකටයි මධ්‍යම පන්තිය කියන මුව හම අල්ලගන්න එපා. ඔය කියන මධ්‍යම පංතියෙ සම්භවය සහ විකාශනය ගැන උඹ දන්න මගුලක් නෑ. මධ්‍යම පන්තිය පිලිබඳ ඒ කරුණු විශ්ලේෂණය කරල විවේචනයක් කරපන්. මනස්ගාත ලියන්න එපා. මිනිහෙක්ට යම් උසස් ශාස්ත්‍රාලීය අධ්‍යාපනයක් අවශ්‍යයි කියල උඹේ පරණ වාමාංශික සගයන් කියන දේට අපිත් එකඟයි.

    " උඹලා ගැන සිංහලයන්ට විශ්වාසයක් නැහැ. ඒක නිසා උඹලා මේ වැඩේ හැන්ඩ්ල් කරන්න ගිහිං මේක කුරුවල් කරන්න එපා. අපි කියනවා දෙමළාගේ ප්‍රශ්නය විසඳිය හැක්කේ සිංහලයාගේ විශ්වාසය දිනාගත් නායකයෙකුට විතරයි කියලා."

    දැන් බලපන් බලය බෙදීම පිළිබඳව ජාතිකවාදී අපිත් උනුත් අතර විවිධ පරස්පරතා තියනවා. නමුත් උන් ඔය කියන දේ තමයි ප්‍රායෝගික තත්වය.

    සිංහල ජාතික අනන්‍යතා විනාශ කිරීමෙන් දෙමළ ජාතික අනන්‍යතාවය ආරක්ෂා කළ හැකිය කියන පදනමින් උඹ මෙතන පිඟන් කඩේට පැනපු ගොනා වෙලා වැඩේ කුරුවල් කරනව.

    දැන් බලපන් ඉස්සර මෙතන කුදලාගම, මයුරවිල වගේ උගත් බුද්ධිමත් මිනිස්සු සංවාද කළා. ඇත්තටම දේශපාලන ජීවිතේදීවත් පුද්ගලික ජීවිතෙදිවත් ඒ මිනිස්සු ජාති, ආගම්, කුල, ප්‍රදේශ වාදීන් නෙමෙයි. උඹ මොකද කළේ ඒ මිනිස්සු එක්ක න්‍යායිකව හැප්පෙන්න බැරි උනාම ඒ මිනිස්සුන්ව එලෙව්වා. ඒ මිනිස්සු උඹත් එක්ක දේශපාලනිකව විරුද්ධ වුනත් මෙතන උඹට සහ පවුලේ උදවියට මඩ ගහන කමෙන්ට් වලට තරයේ විරුද්ධ වුනා අපිට මතකයි.

    දැන් උඹ කමෙන්ට් නැතුව වේලි වේලි පාලු ගෙයි වලන් බිඳපන්.

    ReplyDelete
    Replies
    1. මෝඩයා, උඹ දන්නව ද කුදලාගම, මොනරවිල, බන්දුල කුදලාගම වගේ නම්වලිනුත් කමෙන්ට් කළේ මා ම බව.

      මේක පළමු වතාවටයි මා මේ හෙළිදරව් කරන්නේ.

      ඒ වුණාට උඹලා ම නේ කියන්නේ මගේ බ්ලොගයේ මා ම කමෙන්ට් කරනවා ය කියලා.

      ඇත්තම කියනවා නම්, වමේ අපි කියලයි, ඔය ජාත්‍යන්තර මෙව්ව එක කියලායි කමෙන්ට් කරන්නෙත් මා ම තමයි.

      අැයි අවුල් ද?

      Delete
    2. Ajith Perakum JayasingheMarch 19, 2017 at 9:15 AM......///////

      පැරා චතුර S ට උපදෙස් දුන්නදා නැතිනම් චතුර S පැරාට උපදෙස් දුන්නද

      Delete
    3. ෆුල් අවුල්, නේ?

      Delete
    4. Agent Ajeet P has gone insane and he has gone out of his mind. His mentally sickness has been revealed by this unsound lunatic comments. I wish him speedy recovery and no point of reading such absent minded person's blog hereafter. So sad.

      Delete
    5. ෆුල් අවුල්, නේ?........

      අවුල් ද කියන්නේ පැරා උඹ රෙද්ද උස්සලා Xක පෙන්නනකොට!!!!!

      නෙලුම් යායේ උන්ට රෙදි නැතිවම වෝටස් ඒජ් එන්න කියමු ද වමේ අනික් සෙට් එක කොහොමත් එන්නේ නැනේ එදාට

      Delete
    6. එතකොට දේශපාලුවන්ට කොහොමත් අදාළ නැති බ්ලොග් සම්මාන වලට දේශපාලකයෝ ගෙන්නන්න එකේ සංවිධායකයෝ කොච්චර දීනද?

      එතකොට ඒ දේශපාලකයෝ එන බ්ලොග් සම්මාන උළෙලවල් වලින් බ්ලොග් සම්මාන ගන්න යන බ්ලොග් ලියන්න්නෝ කොච්චර දීනද?

      Delete
    7. දේශපාලකයන් ඇවිල්ලා යයි. අපි උන්ව කරේ තියාගෙන ඉන්නෙ නැහැ. ගිය අවුරුද්දෙත් ඔය කරු ජයසූරිය ආවෙ.

      අපිත් දේශපාලනේ නෙ කරන්නෙ. උන් මහජන නියෝජිතයෝ. අපි ස්වේච්ඡාවෙන් බලපෑම් දේශපාලනය කරන අය. අපට උන් ලොකුත් නැහැ. උන්ට අප ලොකුත් නැහැ.

      Delete
  4. පැරා,

    මම හිතනවා රාජ්‍ය අංශය කාර්යක්ෂම කල හැකි බව කලයුත්තේ පහත වැඩ ටිකයි.

    01. රජයේ වැඩක් කරවාගැනීමට එන ඕනෑම පුරවැසියකුට අනුක්ක්රමික අංකයක් ලබාදීම සහ එම අනුක්ක්රමික අංකය මගින් අදාළ වැඩේ කරන්නේ කවුද කොච්චර ප්‍රමාණයක් කරලා ඉවරද දැන් එහි ප්‍රගතිය කෙසේද ? කියන කාරනා ඕනෑම වෙලාවක දැනගැනීමට හැකිවීම.

    02. මෙනිසා වැඩකරන්නේ කවුද නොකරන්නේ කවුද කියල පහසුවෙන් හදුනාගැනීමට හැකි වීම.

    03. මෙම ක්‍රමය නිසා සෑම සේවකයකුගේ ම කාර්යක්ෂම බව මැනීමට හැකි වීම.

    04. කිසියම් කාලයකදී අදාළ වැඩේ කිරීම අවසන් කලයුතු අතර එය සිදු නොවී පවතීනම් අදාළ ලිපි වෙනම අංශයකට යොමුවීම මෙමගින් පමාවට හේතු ව වාර්තා කල යුතු වීම

    05. මෙවැනි ක්‍රියා මහින් පහසුවෙන් වරද නිවැරදි කිරීම සිදු කල හැකි වන අතර ඉක්මනින් වරද සොයාගැනීමට හැකියි.

    මෙවැනි ක්‍රමයක් ඇතිකිරීමට ඇති අපහසු කම.

    01. ඉංග්‍රීසි භාෂාව කතාකිරීමේ සහ ලිවීමේ හැකියාව බොහෝ රාජ්‍ය නිලදාරින්ට නොමැති වීම. මොකද කිසියම් වැඩක් යම් නිලදාරියෙකුට යොමුවූ විට ඔහුට කලයුතු කාරණා 2කයි තියෙන්නේ ( a ) වැඩේ කිරීම ( b ) වැඩේ කරන්න බැරිනම් කළනොහැකි වීමට හේතුව කෙටිසටහනක් යොදා ඊලග නිලදාරියාට පැවරීම.

    02. මෙහිදී මේ කෙටිසටහන ඉංග්‍රීසියෙන් ලියන්න බැරිනම් ඊලග නිලදරියාට තේරුම් ගැනීමට නොහැකි වෙනවා, අද ඉතා අඩු ප්‍රාග්ධන පිරිවැයක් යන පරිගණක ක්‍රමයකින් වේගයෙන් මෙය කල හැකි උනත් ඉංග්‍රීසි නොදනිම මේ ක්‍රමය විශාල අවුල් ජාලයක් වෙත යනවා, මේ නිසා කළහැකි සරලම දේ නම් මේ සටහන් සිංහලෙන් කරන්න පුළුවන් ක්‍රමයක් ඇතිකිරීමයි අද අප https://www.google.com/intl/si/inputtools/try/ මහින් පහසුවෙන් මෙය කරනවා වගේ, මේ නිලදාරින්ට පහසුවෙන් අදාළ සටහන යොදල ඉදිරියට යවන්න පුළුවන්.

    මෙවැනි ක්‍රමයකදී පහසුවෙන් වැඩ කරන සහ නොකරන මිනිසුන් සොයන්න පුළුවන්, අවසාන ලෙස වැඩ නොකරන මිනිසුන් මේ හේතු මත ආයතනයෙන් ඉවත්කිරීමට නීති ගෙනාවනම් ඔබ ඔය කියන අකාර්යක්ෂම තාවය නැතිකළ හැකියි.

    මම කලින් සදහන් කරලා තියන විදියට දැනටමත් ඉතා අක්කර්යක්ෂම වියාපාරයක් වූ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මේ තත්වයට ගෙන ආපු අති සාර්ථක වියාපාරයක් බවට පත්වී ඇති බව අමතක කරන්න එපා. http://www.asianmirror.lk/news/item/22967-australia-s-internet-speeds-worse-than-sri-lanka

    අද වනවිට ඔස්ට්‍රේලියාවට වඩා වේගවත් අන්තර්ජාල පහසුකම් ශ්‍රී ලංකාවේ තිබෙන බව අමතක කරන්න එපා

    ReplyDelete
    Replies
    1. ගැමුනුMarch 19, 2017 at 1:47 PM

      //මම කලින් සදහන් කරලා තියන විදියට දැනටමත් ඉතා අක්කර්යක්ෂම වියාපාරයක් වූ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මේ තත්වයට ගෙන ආපු අති සාර්ථක වියාපාරයක් බවට පත්වී ඇති බව අමතක කරන්න එපා.//
      හිතවත් W3Lanka පාරිභෝගිකය,
      ශ්‍රි ලංකා ටෙලිකොම් උදාහරණය අනෙකුත් රාජ්ය ආයතන කාර්යක්ෂම කිරීමේ වැඩපිලිවෙලට පිටුවහලක් නොසපයයී.(ශ්‍රි ලංකා ටෙලිකොම් වියුක්ත උදාහරණයකි).

      //මම හිතනවා රාජ්‍ය අංශය කාර්යක්ෂම කල හැකි බව කලයුත්තේ පහත වැඩ ටිකයි//
      2005ට පසු රජ්ය සේවයට කිසිදු වැඩපිලිවෙලක් හෝ කලමනාකරනයක් නෙමැතිව බඳවාගත් ග්‍රාමීය පහල පංතියට අයත් විශාල පිිරිස කිිසිදු අයුරකින් පුනුරුත්ථාපනය කල නොහැකි මැට්ටන් විශේෂයකි.

      Delete
    2. ගැමුනු,

      //ශ්‍රි ලංකා ටෙලිකොම් උදාහරණය අනෙකුත් රාජ්ය ආයතන කාර්යක්ෂම කිරීමේ වැඩපිලිවෙලට පිටුවහලක් නොසපයයී.(ශ්‍රි ලංකා ටෙලිකොම් වියුක්ත උදාහරණයකි//

      මගේ පියා 1979 දී ඉල්ලපු දුරකථනය ලැබුනේ 1997 දියි. මේකෙන් අක්ර්යක්ෂම කම තරුම් ගන්න පුළුවන් තව මොන කතාද ?

      //2005ට පසු රජ්ය සේවයට කිසිදු වැඩපිලිවෙලක් හෝ කලමනාකරනයක් නෙමැතිව බඳවාගත් ග්‍රාමීය පහල පංතියට අයත් විශාල පිිරිස කිිසිදු අයුරකින් පුනුරුත්ථාපනය කල නොහැකි මැට්ටන් විශේෂයකි.//

      200% එකගයි නමුත් ඔබ මා කියල තියන දේ කියෙව්වනම්

      {මෙවැනි ක්‍රමයකදී පහසුවෙන් වැඩ කරන සහ නොකරන මිනිසුන් සොයන්න පුළුවන්, අවසාන ලෙස වැඩ නොකරන මිනිසුන් මේ හේතු මත ආයතනයෙන් ඉවත්කිරීමට නීති ගෙනාවනම් ඔබ ඔය කියන අකාර්යක්ෂම තාවය නැතිකළ හැකියි.}

      තේරෙයි මීට පිළිතුර ලැබෙන හැටි.

      Delete
    3. රාජ්‍ය සේවයේ නැත්තේ කළමනාකරණ හැකියාවයි. ටෙලිකොම් එක කෙළින් කළේ ජපන් කළමනාකරණය යි. ජපන් අයිතිය යි. අපේ අතිශයින් දුර්වල ශ්‍රී ලංකා පරිපාලන සේවා වල අයට හා ඊට ඉහල දේශපාලකයන්ට කළමනාකරණ හැකියාවත් උවමනාවත් නැත. වැටුප්, වාහන, විදේශ ගමන්, වරප්‍රසාද හා සමහර අය අල්ලස ලබාගැනීම සඳහා පමණක් උවමනාව ඇත. ඔබගේ ටෙලිකොම් උදාහරණයෙන් ම පෙනෙන පරිදි අයිතිය, පාලනය මාරු නොකර ඔය ක්‍රමවේද පමණක් ටින්කර් කර පලක් නැත.

      Delete
  5. නිදහස් අද්යාපනය රැක ගැනීම වෙනුවෙන් සයිටම් ආරක්ශා කරමු කියලා තව ලිපියක් දෙකක් ලියපන් පැරා.මතක ඇතිව වාමාන්ශිකයන්ටත් ඒ එක්කම ටිකක් බැනපන්.මොකද ලගදි රාජිතත් හම්බවෙනවානේ.

    ReplyDelete
    Replies
    1. අධ්‍යාපන නිදහස පිළිබඳ අපේ තර්කවලට උඹලට උත්තර නෑ නේ ද? සයිටම් එකක් අපේ කරේ එල්ලන්නෙ නැතුව උඹලට ගොඩ යන්නට ක්‍රමයක් ඇත්තෙම නෑ නේ ද?

      Delete
    2. ඒක තමයි පැරා,උඹ වගේ පොරකගේ සිරා තර්ක වලට අපට කට උත්තර නැතිවෙනවා තමයි.තව ඒ වගේ සිරා ලිපි ලියපන්.සමීර සේනාරත්න වගේ ව්‍යවසායකයන් රැකගැනීමේ අගයත් වැඩ නොකරන රාජ්ය සේවකයන් එලවා දැමීමේ වැදගත්කමත් ලියපන්.පස්සේ නිකමට වගේ රාජිත හම්බවුනහම අපට කට උත්තර නැති වෙන්න දුන්නා කියලාත් මතක් කරපන්.

      Delete
    3. සමීර සේනාරත්න කොහෙද බං ව්‍යවසායකයෙකු වෙන්නෙ? එහෙනම් ඉතින් අපිත් ව්‍යවසායකයො තමයි. මොකද, අපිත් කවුරු හරි ව්‍යවසායකයෙකු ගාව වැඩ කරනවා නේ. මුලින් ව්‍යවසායකයා කියන්නේ කවුරුද කියලා ඉගෙන ගනිල්ලා.

      රාජිත එක්ක අපට නම් අවුලක් නැහැ. උඹලට අවුල් වුණාට අපට කරන්නට දෙයක් නැහැ. උඹලට අවුල් වෙන හැමෝ ම අපටත් අවුල් වෙන්නට ඕනැ නැහැ නේ.

      Delete
    4. ඒක තමයි මචන් අපි බේසික් වත් දන්නේ නැති මෝඩයෝ.අන්න ඒකට රාජිත මැතිතුමා.අන්න උඹලට පෑහෙන උගත්තු.

      Delete
    5. අර සන්නස්ගල කියනවා වගේ මේ පාහර ඇමතිලයි, උන්ට කඩේ යන උන්වයි හන්දියෙ තියලා රෙද්ද උස්සලා පස්සට වේ වැලෙන් තලන්න ඕනේ...

      Delete
    6. මුලින් ම ගහපන් ඌට. මොකද, ඌ ඡන්දෙන් දිනුවා නම් ඔය කතාව කියන්නෙ නැහැ.

      ගොන් කතාවලට රැවටෙන්න එපා බං.

      Delete
  6. ලබන අඟහරුවාදා රාත්‍රී 9.30ට ස්වාධීන රූපවාහිනියේ සංවාද වැඩසටහනක් පැවැත්වේ.
    එයට හරකුන් දෙදෙනෙක්, කිරි පුස්සෙක් සහ එළදෙනක් සහභාගිවෙති.
    මුන් අතරින්
    Cowද ඇත්ත කියන්නේ?

    ReplyDelete
  7. සමාජවාදය ගේන්න කලින් මහන්සි වෙලා හම්බ කරන්න ඉගැන්විය යුතුයි. ආකල්පයයි, හිතන විදිහයි වෙනස් නොකරන්නේ නම් කිසිම 'වාදයක්' ප්‍රායෝගික නැහැ.

    ReplyDelete
  8. දෙරණ සිරිලක රකින භූපතිඳේ
    ඔබ ය සිළුමිණ සුපුන් හෙළ දීපේ
    සැලෙන ආසිරි කුසුම් වරුසාවේ
    දිනෙන් දිනයේ ඉසුරු සාදා – මෙතුන් හෙළයේ සතුට පාදා
    ජයෙන් ජය වේවා!
    ජයෙන් ජය වේවා!

    දැයේ ජනතා උතුම් සේවාවේ
    වරම් දුන් මට ඔබ යි ආලෝකේ
    අනාගතයේ පැතුම් සපුරාලා
    දිනූ දෙරණේ කසුන් [......] දොළොස් මාසේ පහන් තිලකෙන්
    සදා බැබලේවා!
    සදා බැබලේවා!

    උපන් දිනයේ අපේ ජනපතිඳා
    දහම් දීපේ මුදුන් මල් පිපුණා
    නායකත්වේ උදා හිරු පායා
    රුවන් දෙරණේ මිනිස් ගංගා – එරන් කිරණේ කෙහෙළි නංවා
    යසෝ ගී ගැයුවා!
    යසෝ ගී ගැයුවා!

    ඔබට ආසිරි පතන අද දවසේ
    සියළු දන හා බැඳී එක විලසේ
    ජනපතින්දේ මමත් එක් වීලා
    බිරිඳ හා දූ පුතුන් සමගින් - මැතිණි හා ඔබෙ නමට මෙලෙසින්
    සලමි මල් වරුසා!
    සලමි මල් වරුසා!



    ReplyDelete
    Replies
    1. ගජේන්ද්‍රMarch 20, 2017 at 12:07 AM

      ‍වස් කවියකි.

      Delete
    2. @ ගජේන්ද්‍ර ---

      නැත. ශ්‍රී ලංකාව නූතන යුගයට ගෙන ආ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිගේ 74 වන උපන් දිනය (1980) වෙනුවෙන් නිර්මාණය වූ ගීතයකි.

      Delete
    3. වික්ටර් රත්නායක නේද කිව්වේ ?

      Delete
    4. @ Mohotti ---

      ඔව් !

      Delete
  9. " බලලා ඉවරයි ලියවෙන බ්ලොග් ටික ...


    බලලා ඉවරයි ලියවෙන බ්ලොග් ටික
    ටික කලෙකින් සිංහල බාසේ
    සිරිකොත තණ කන නෙලුම් හරක් රැල
    පන්නන්නට සැරසෙවු රාළේ

    නිකම්ම ලැබෙනා රිසි අය ලියනා
    බ්ලොග හට ලී කෙලි මොටද අනේ
    ලී කොට ගන්නට අත යට මුදලක්
    ගෙව්වා නේදෝ ගෙවුනු දිනේ

    අනේ ඔබේ දරු කැලම හඬන විට
    මොනවද නුඹ ඔවුනට දෙන්නේ
    බණේ සිටින දෙවියෝ අද ඇත්නම්
    මුන් ටික හතරට පලනවනේ
    ජනවරි අට සිට නිදහස ඉල්ලන
    පිපී වැනී ගිය මල් පිපුණා
    යතුරු පුවරුවට විවේකයක් නැත
    බ්ලොග් ලොව යුධ ගිනිදැල් නැගුණා

    සප්පායන් වී ජාතික ආලෙන්
    යතුරු පුවරු ටික මුව තියලා
    හප්පන්නේ කවදද පර ගැතියන්
    සිංහල බ්ලොග් ලොව කැති ගහලා
    රට ගැන හිතනා අප වැනි පුඟුලන්
    පෙරමුණකට රැස්වන සද්දේ
    නෙලුම් කකුළු රැල දිය කෙළියාවේ
    ටිකකට උතුරන තුරු හොද්දේ

    සිංහල බ්ලොග්කරුවන් විසි කරලා
    අමුණයි ලීකොට පිටිපස්සේ
    සාරස නම් බ්ලොග් ලොව වැඩි දෙවියෙක්
    මාර සෙනඟ මැද යම යුද්දේ
    කෙහෙල් කුරුල්ලන් වාගේ රුපු හිස්
    අට ඉස් බෙක් විසිවී වැටුණා
    බ්ලොග් ලොව මරණය මියුරුය කියලා
    සාරසයන් සටනට වැදුණා

    ගී පද - පරාක්‍රම කොඩිතුවක්කු ශුරීන් වීර පුරන් අප්පු චිත්‍රපටයට කළ පද රචනයක් ඇසුරින් මොණරවිල

    මුල් නිර්මාණය සඳහා

    ගී තනු - ප්‍රේමසිරි කේමදාස ශුරීන්
    ගායනය - සුනිල් එදිරිසිංහ ශුරීන් "

    ReplyDelete
    Replies
    1. වෙලේ සුදා ගේ මුදල් යොදවා දුමින්ද සිල්වා ප්රධාන ආරාධිතයා කර බ්ලොග් සම්මාන උලෙලක් පැවැත්වුවොත් බ්ලොග් ලියන අය මෙසේ ප්රකාශ කරනු ඇත

      තේමාව "මතින් තොර ලංකාවක්"

      1. ධර්මකීර්ති-මේකෙ කුඩුකාරයන්ගෙ සල්ලි නෑ.අපි බොහොම සාදාරන විදියට මේක කරන්නේ

      2. පැරා-දුමින්දගෙයි අනිත් දේශපාලකයන්ගෙයි වෙනසක් නෑ.එම නිසා මගේ පූර්න සහයෝගය

      3. කලනසිරි-මගේ සන්සදය මේ වෙනුවෙන් වැඩකරනවා.මුදල් දෙන්නේ කවුද කියලා මන් දන්නේ නෑ. කාටහරි ඒ ගැන ප්රශ්නයක් තියෙනවා නම් සල්ලි දෙන අය හොයලා ඒ අයගෙන් අහගන්න

      4. හෙන්රි-මගේ නම ඉවත් කර ගන්නවා.දේශ පාලකයන්ගෙන් තෑහි ගන්න මම කැමති නෑ......ඒ වුනාට නිකමට.......යන්න....ඕනෑ.

      5. ප්රා.ජේ. - විනෝදයක් තියෙන්නේ කොතැනද මම එතැන. මම නම් යනවා.

      6. අටම් - මම වෙන මුකුත් දන්නේ නෑ.බ්ලොග් ප්රවර්දනය වන නිසා මම උද්ව් කලා

      7. මාතලන්- සොයාගැනීමට නොහැක. නමුත් උත්සවයට යනු ඇත.

      අවසානයේ ගරු දුමින්ද අතින් තෑගි ලබාගත් වීරෝදාර බ්ලොග් කරුවෝ එතුමාට ස්තුතිකර විසිර ගියහ.

      Delete
  10. පැරා, උඹ ඉතා ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕනැ කරන කමෙන්ට් එකක් පළ වෙලා තිබ්බා. මෙන්න මේක:

    //AnonymousMarch 19, 2017 at 8:48 AM
    පැරා,

    මේ ඕනැ එකටයි එපා එකටයි මධ්‍යම පන්තිය කියන මුව හම අල්ලගන්න එපා. ඔය කියන මධ්‍යම පංතියෙ සම්භවය සහ විකාශනය ගැන උඹ දන්න මගුලක් නෑ. මධ්‍යම පන්තිය පිලිබඳ ඒ කරුණු විශ්ලේෂණය කරල විවේචනයක් කරපන්. මනස්ගාත ලියන්න එපා. මිනිහෙක්ට යම් උසස් ශාස්ත්‍රාලීය අධ්‍යාපනයක් අවශ්‍යයි කියල උඹේ පරණ වාමාංශික සගයන් කියන දේට අපිත් එකඟයි.

    " උඹලා ගැන සිංහලයන්ට විශ්වාසයක් නැහැ. ඒක නිසා උඹලා මේ වැඩේ හැන්ඩ්ල් කරන්න ගිහිං මේක කුරුවල් කරන්න එපා. අපි කියනවා දෙමළාගේ ප්‍රශ්නය විසඳිය හැක්කේ සිංහලයාගේ විශ්වාසය දිනාගත් නායකයෙකුට විතරයි කියලා."

    දැන් බලපන් බලය බෙදීම පිළිබඳව ජාතිකවාදී අපිත් උනුත් අතර විවිධ පරස්පරතා තියනවා. නමුත් උන් ඔය කියන දේ තමයි ප්‍රායෝගික තත්වය.

    සිංහල ජාතික අනන්‍යතා විනාශ කිරීමෙන් දෙමළ ජාතික අනන්‍යතාවය ආරක්ෂා කළ හැකිය කියන පදනමින් උඹ මෙතන පිඟන් කඩේට පැනපු ගොනා වෙලා වැඩේ කුරුවල් කරනව.

    දැන් බලපන් ඉස්සර මෙතන කුදලාගම, මයුරවිල වගේ උගත් බුද්ධිමත් මිනිස්සු සංවාද කළා. ඇත්තටම දේශපාලන ජීවිතේදීවත් පුද්ගලික ජීවිතෙදිවත් ඒ මිනිස්සු ජාති, ආගම්, කුල, ප්‍රදේශ වාදීන් නෙමෙයි. උඹ මොකද කළේ ඒ මිනිස්සු එක්ක න්‍යායිකව හැප්පෙන්න බැරි උනාම ඒ මිනිස්සුන්ව එලෙව්වා. ඒ මිනිස්සු උඹත් එක්ක දේශපාලනිකව විරුද්ධ වුනත් මෙතන උඹට සහ පවුලේ උදවියට මඩ ගහන කමෙන්ට් වලට තරයේ විරුද්ධ වුනා අපිට මතකයි.

    දැන් උඹ කමෙන්ට් නැතුව වේලි වේලි පාලු ගෙයි වලන් බිඳපන්.//

    ඇත්තෙන්ම පැරා උඹේ ජීවිතයේ ගොන්කම්, අමනකම්, කුහකකම්, නරුමකම් හැම දෙයක්ම ඒ කමෙන්ට් එකේ තියෙනවා. . වගේම උඹ අද අවලංගු කාසියක් වෙලා තියෙන්නේ ඇයි කියන ප්‍රශ්නයට උත්තරේත් ඒ කමෙන්ට් එකේ තියෙනවා. මචං, ඒ කමෙන් එක ගොඩාක් ගැඹුරින් අධ්‍යයනය කරපං පැරා. උඹ රිටායර් වෙයන් මචං. උඹ මචං ඩ්‍රොප් වෙලා චාටර් වෙන්න ඕනැ කෙනෙක් නෙවෙයි. ප්ලීස් පැරා ගෞරව ඇතිව රිටායර් වෙයන්. ගුඩ් ලක් ෆෝර් යුවර් ලාස්ට් ස්ටේජ් ඕෆ් ලයිෆ් විත් යුවර් ෆැමිලි. වී ඕල් හෑව් අවර් යූස් බයි ඩේට් ඇන්ඩ් යුවර්ස් ඊස් රීච්ඩ්. යුවර් බෙස්ට් ඊස් බිහයින් යූ. නෝ පොයින්ට් ජස්ට් ගෙටින් රිඩික්‍යුල්ඩ්.

    ReplyDelete
    Replies
    1. ඕකේ මචං. මං මේ උඹ කියන කල් බලා හිටියෙ රිටයර් වෙන්න.

      Delete
  11. මාතෘකාවට අදාළ නොවන කොමෙන්ටුවක් - (දැන් මෙහෙම කොමෙන්ටු ගැන ටිකකට කලින් රසිකගේ බ්‍ලොග් එකේ පොර ටෝකකුත් දීලයි ආවේ )

    මට මතක හැටියට මීට වසර 7කට පමණ පෙර ටැබූ සබ්ජෙක්ට්ස් නම් බ්ලොග් කරුවා පැරාට නෝ්න්ඩි කළේ පැරාගේ සමාජවාදී අදහස් ගැන කෝචොක් කරමින් ( අර ශාස්තෲ නවකතාව ගැන විචේචන ආදිය) - එසේ වූ පැරා අද රනිල් නිතරම පවසන සමාජ වෙළඳපොළ ආර්ථිකයක් පිළිබඳ පහන් සිතක් ඇති අයෙකු බවට රූපාන්තරණය වූයේ කෙසේ ද ?

    ReplyDelete
    Replies
    1. ලක්ෂාන්
      මාතෘකාවට අදාළ නොවන කොමෙන්ටුවක් - මේ මොන ලබ්බක් කතා කරනවා ද?
      කොමන්ට් නැතිව වේලි වේලි ඉන්න බ්ලොග්වලට් මොන ලබ්බක්හරි කමක් නෑ !!!කොමන්ට් ගාන වැඩිකරගෙන ජනප්‍රිය බ්ලොග් කරුවෙකු බව ලොවට කියන්න තියන චාන්ස් එකනේද නැතිකරන්න යන්නේ ඇනෝ කපලා මතලන්ගේ බ්ලොග් එක දැන් වේලෙනවා

      Delete
    2. එදත්, අදත්, මා නම් ඔය ගතානුගතික සමාජවාදය පිළිගත් කෙනෙකු නෙමෙයි. මා එදත්, සමාජවාදය යළි සොයා ගන්නට උත්සාහ කරමින් තමයි හිටියේ. එදා අදහස් එදා සංදර්භයට අදාළයි. වර්තමානයේ ආර්ථිකය තිබෙන සංදර්භය තුළ අප ඉන්නේ ප්‍රායෝගික විසඳුම් එක්කයි. මුලින් තියෙන එක කඩා වැටෙන්න නො දී රැක ගන්නට ඕනැ. එතනින් ඉදිරියට යන්නට පුළුවන් වෙන්නෙ ඉන් පසුවයි.

      අපේ අදහස් සංවර්ධනය වෙලා තිබෙන නිසා එදා සිටිය තැනට වඩා අද අප වෙනස් වෙන්නට පුළුවන්. ඒක තමයි පරිණාමය කියන්නේ. පරිණාමයේදී දේශපාලන සත්වයන්ට වුණත් උචිතෝන්නතිය අදාළ වෙනවා.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා