ජාතික ඔඩිට් බාලගිරි දෝෂය

පොදු දේපල වෙනුවෙන් ඇසිඩ් ප්‍ර‍හාරයට ලක් වූ ලලිත් අඹන්වෙල
ජාතික විගණන පනත මේ වන විට සෑහෙන දුරට සැර බාල කර හමාර ය. එහෙත්, තවමත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන දවසක් නැත.

යහපාලන රජයේ ප්‍ර‍මුඛ පොරොන්දුවක් වන ජාතික විගණන පනත සම්මත කර ගැනීමට නියමිතව තිබුණේ දින සීයේ වැඩසටහන අතරතුර ය. එහෙත්, එය සිදු වූයේ නැත.

එයට හේතුව විශේෂඥ මණ්ඩලයක් විසින් කෙටුම්පත් කරන ලද විගණන පනතේ ඇතැම් විධිවිධාන සම්බන්ධයෙන් මූලිකව ම රාජ්‍ය පරිපාලන සේවයෙන් මතු වූ විරෝධයයි. විශේෂයෙන් ම විගණන ගැටලු සම්බන්ධයෙන් වගකිව යුතු ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ට රාජ්‍ය අධිභාර පැනවීමේ බලය මෙම පනත මගින් විගණකාධිපතිවරයාට පැවරීම මෙම විරෝධයට හේතුවයි.

පසුව මෙම අධිභාර බලතල විගණන කොමිෂම වෙත පැවරීමට යෝජනා වී තිබිණි. දැන් ඇතැම් විට අධිභාර ඉවත් වී තිබෙනවා විය හැකි ය.

විගණන පනත දිය කර හැරීම සඳහා මුල් වුණේ ජ්‍යේෂ්ඨ රජයේ නිලධාරියෝ ය. වැඩියෙන් ම මේ ගැන ඇම්ම තිබුණේ රාජ්‍ය පරිපාලන සේවයේ වැඩියෙන් ම දූෂිත පිරිස්වලට ය. ඔවුන්ගේ උවමනාව ඉටු කර දීමට අගමැති රනිල් වික්‍ර‍මසිංහ දක්වා දේශපාලකයන් සැදී පැහැදී ඉදිරිපත් වූයේ ඇයි ද යන්න තේරුම් ගැනීම අපහසු නැත.

දේශපාලකයන් සමග එක්ව දූෂණයේ යෙදුණු හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ඇතුළු පිරිසකට දැනටමත් නඩු පැවරී තිබේ.

ලංකාව මෙතරම් දූෂණයක ගිල්වන්නට මුල් වූයේ දේශපාලකයන් වුණත්, ඔවුන්ට දූෂණය සඳහා අවශ්‍ය යටිතලය නිර්මානය කර දුන්නේ රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරීහු ය.

රාජ්‍ය පරිපාලන සේවයට තම ආරක්ෂාව සලස්වා ගන්නට හා වෘත්තීය ගරුත්වය යළි ඇති කර ගැනීමට පවා ශක්තිමත් විගණන පනතක් ඉවහල් කර ගත හැකි ය. කොටින් ම, දේශපාලකයන්ගේ පක්කාලි වැඩ නො කර සිටීම සඳහා අධිභාරයන්ට ආවරණය විය හැකි ය. හරියට දැන් පොඩි මිනිසුන්ට කිසිදු වැදගත් සේවාවක් නො කර සිටින්නට රජයේ නිලධාරීන් FCID යන්න වෙනවා ය යන තර්කය පාවිච්චි කරන්නා සේ ය.

විගණන පනතට මෙහෙම වන්නට විගණකාධිපති ගාමිණී විජේසිංහගේ ළාමක හැසිරීම ද හේතු විය. ඔහු මාධ්‍ය පිටේ යමින් දේශපාලනය කරන්නට පටන් ගැනීම පනින රිලවුන්ට ඉනිමං තැබීමක් විය.

අවසානයේදී ජාතික විගණන පනත ද අද නොවේ හෙට ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඕක ගෙනාවත් ක්‍රියාත්මක නෙකර සිටිය හැක. දැන් ප්‍රසම්පාදන පනත (procurement act) අනුව පත් කල ප්‍රසම්පාදන කමිටුව(National procurement commission )නිකං ඉන්න අතරේ ටෙන්ඩර් මගඩි සිදුවෙනවා !

    ReplyDelete
  2. පැරා,

    අපි බලමු ඒ ඒ පුදගලයාගේ මානසිකත්වයෙන්.

    මුලින්ම දෙසපලන්යා :-

    ඔහු මේ පනත ගෙන එන්න කියන්නේ බලයට එන්න උවමනා චන්ද ලබාගැනීමට, බලයට ආවිට ඔහු මෙය කිරීමෙන් ඔහුට ඇතිවන තත්වය.
    රජයේ මුදල් සොරකම් කිරීමට නිලදාරී සහය නැතිවීම, බලයට පැමිණීමට ගේදොර උකස් තියල බලයට පැමිණිලා තියෙන්නේ හත්මුතු පරම්පරාවටම උවමනා ධනය එකතු කිරීමටයි. එහම තියෙද්දී මේවගේ මරාලයක් දාගන්නේ ඇයි.

    දැන් නිලදාරියාගේ පාර්ශවයෙන් :-

    පසුගිය රජයේ දෙසපාලකයන්ට සොරකම් කිරීමට උපකාර කිරීමට සිදුවුනේ තමාගේ තත්වය ආරක්ෂා කිරීමට සහ තමාටත් කිසියම් මුදලක් සොයාගනිමටයි, හැන්ද අතේ තියනකොට බෙදා නොගන්නේ කවුද ? අනෙක රාජ්‍ය සේවයේ ලැබෙන්නේ සොච්චම් මුදලක් නොවැ. දැන් නව රජය බලයට පත් උනාම තමාටම විරුද්දව නීති ගෙන්න දේනේ මොන පිස්සුවටද ?

    රටේ පුරවැසියන් :- මේ කොට්ටාසයනම් කැමතියි ඉහත කොටස් 2ක ඉතා අවංක වෙනවට නමුත් තමන්ට පුළුවන් වෙන්න ඕනේ හැකි තරම් සොරකම් කරන්න වගේම හසු නොවී පවත්වාගන්න.

    රටේ බුද්ධිමතුන් :- මේ මිනිසුන් හැමවිටම බලන්නේ කුමක් හෝ තමා ලෝකය ඉදිරියේ ප්‍රසිද්ධ වෙන්න නමුත් ඔවුන් කැමති නෑ මේ ක්‍රමය ඇතිවෙලා තියෙන විදිය ගැන කියන්න හෝ එය වෙනස් කිරීමට.

    සරලව කිව්වොත් මේ ක්‍රමයට හැමෝම කැමතියි අකමැති තමන්ට වඩා අනෙක් පුද්ගලයන් මෙයින් සොරකම් කරනවා දකින විටයි.

    එහෙනම් මෙවැනි ක්‍රමයක් වෙනස් කරන්න වෙන්නේ ඇයි ?

    මෙය දිගින් දිගටම සිදුවූ විට වෙන්නේ රටේ ආර්ථිකයට දරන්න බැරි තත්වයට පත්වීමයි, මෙවැනි ක්‍රියාවලියක් පුපුරා ගියහම වෙන්නේ ග්‍රීසියේ වගේ සාමාන්‍ය මිනිසුන්ගේ ඉතුරුම් එඅලින් 50% පමණ රජයට පවරා ගැනීමයි.

    මෙය තවම ශ්‍රී ලංකාවේ සිදුවී නැති ඉදිරියේ සිදුවෙන තත්වයක්. මෙවැනි විනාශයක් අතිඋනාම ඇතිවන කම්පනය නිසා සාධනීය ප්‍රතිසංස්කරණ සිදුවෙන්නේ පුළුවන්, නමුත් මෙය සාර්ථකවම සිදුවී ඇත්තේ සිංගප්පුරුව වැනි රටක ඒකාධිපති පාලකයකු යටතේයි, මෙය තමයි ශ්‍රී ලංකාව වැනි මානසිකත්වයේ ඇති රටක මෙය ක්‍රියාකළ හැකි ආකාරය.

    කැනඩාව වැනි රටක ආදායම් බදු ගෙවන්නේ නෑ කියන්නේ ලජජා වියයුතු දෙයක් ලෙසයි සලකන්නේ නමුත් ශ්‍රී ලංකාවේ මෙය නම්බුවක් ලෙස තමයි සිතන්න පුරුදු වෙලා තියෙන්නේ.

    මගේ පියා අසුව දශකයේ සිට ආදායම් බදු ගෙවීම පටන්ගත් විට ඔහුගේ බොහේ දෙනා කිව්වේ ඔහු මෝඩකමක් කරන බවයි, නමුත් පසුකලක මම උසස් පෙළ පන්තියේදී දැනගත්ත පුවත් පතක සදහන් වෙලා තියනවා ඔහුගේ වුර්තියේ අය ශ්‍රී ලංකාවේ බදු ගෙවල තියෙන්නේ 40 දෙනෙක් පමණක් බව, මෙය මට හාස්‍යට හේතු උනේ ඔහුට එවක තිබුනේ පරණ කාරයක් පමණක් නිසා.

    ReplyDelete
    Replies
    1. කව්ද මේ "දෙසපලන්යා" කියන හාදයා

      Delete
    2. අර ග්‍රීසියේ වගේ ඉතුරුම්වලින් 50%ක් පවරා ගන්න එක කළ දාට නම් මුනුත් හැදෙයි; රටත් හැදෙයි.

      Delete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. අනේ මං දන්නෑ මචංලා දවල්ට කොහොම උනත් සිපිපිය රෑට නම් සොසෙජස් කකා කිරි බොනවලු. ඕක පුරුදුවුනේ තායිලන්තෙදිලු. අම්මප ඔය කතා ඇත්තද?

      Delete
    2. කතාව සහතික ඇත්ත !!!

      Delete
  4. මහඟු වෙදකමින් සත දත් පිනාවන්
    විතර නොවන ගුණ නැණ සපිරි නාවන්
    පතර නමැති සාරස මිතු මනාවන්
    එන අඩසිය වසෙත් මට වාසනාවන්”

    - මයුරවිල මි

    ReplyDelete
  5. ////////විගණන පනතට මෙහෙම වන්නට විගණකාධිපති ගාමිණී විජේසිංහගේ ළාමක හැසිරීම ද හේතු විය. ඔහු මාධ්‍ය පිටේ යමින් දේශපාලනය කරන්නට පටන් ගැනීම පනින රිලවුන්ට ඉනිමං තැබීමක් විය.//////////////

    ඔය කියන්නේ ඔක්කොම වැරදි හරි පුතී කියලා ඒ යකාටත් අසංග ප්‍රියමන්ත වෙන්න කියලාද.....පැරා.. පුතාලයි, පුතීලයි හරි තැනින් අල්ලගන්න....මේකත් හරියට රෙනවයි දෙනවයි වගේ වැඩක්නේ. ඔය ලෙවල් එකට යන්න එපා මචං. මට උඹවයි සරසායවයි පේන්නේ එකම සාම්බාරුවේ. මුරුංගා පොතු වගේ. උඹේ ලියවිල්ලේ මදේ නැහැ, සරසයා වගේ. අපි ඊට වඩා දෙයක් බලාපොරොත්තු වුනා. ආපහු පොඩ්ඩක් පස්සට පලයන් . සොරි පැරා.

    ReplyDelete
  6. දාන්ගල් අැනොනිමස්March 13, 2017 at 11:31 PM

    ඉන්දීය උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරනයන් ආසන 403න් ආසන 325 දිනාගත් BJP යේ නායක අගමැති මෝඩිට සුභපතුම්!

    ReplyDelete
  7. සුලෝචනාMarch 14, 2017 at 9:18 AM

    මාර්තු අට වැනිදා ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් මේ ආණ්ඩුව කාන්තාවන් නම් කරලා තිබුණේ 'තුන්කල් දකින්නී' කියලා. නමුත් එය 'තුන්කාල් දකින්නී' නිවැරදි වියයුතුය.

    අවුරුදු 2500යේ රජ ටෝක්ස් දෙන කාලකන්නී,අපේ රටේ ගෑණු විකුනං කනව මදිවට උන් කඹුරලා එවන තුට්ටු දෙකත් හොරකං කරනව.ඒ හොරු අල්ලන්න ආපු කාලකන්නී, හොරුත් එක්ක ඩීල් දාගෙන හොරු නිදහස් කරලා ගාන යටින් ගාන කපනවා.ඒ හින්දා විගණනය කියන වචනය පාර්ලිමේන්තුවේ ගැරඬි 225ට බූමීතෙල්ම තමයි.

    තව අවුුරුදු 2500ක් 'ගෑනූ අපි තුන්කාල්ම දකිමු'
    හෙණම ගහපං සුජී මුන්ට

    ReplyDelete
  8. විගණනය ශක්තිමත් කළා කියලා රාජ්‍ය සේවය ශක්තිමත් නෙවෙයි තියෙන තැනිනුත් පහළට වැටෙන එකයි වෙන්නේ. මොකද අධිභාර කතාව ඉස්සරත් තිබ්බා. දැන් FCID යන්න වෙයි කියලා කරන්නේ වැඩ නොකර ඉන්න එක මිසක් නීතිය අනුගමනය කරන එක නෙවෙයි. අර ගංවතුරෙන් අවතැන් වෙච්ච මිනිස්සු බේර ගන්න Navy එකේ බෝට්‍ටු යන්න බෑ කිව්වම ධීවරයින්ගේ තෙප්පම්, ඔරු එහෙම අරගෙන ඒ මිනිස්සු සල්ලි වෙනුවට අරක්කු ඉල්ලුවම රජයේ සල්ලි වලින් අරක්කු අරන් දුන්නා කියලා විගණකවරු ඒ නිලධාරියාට ලෙඩේ ඇද්දා. ඒත් එහෙම කරලා ඒ නිලධාරියා අර මිනිස්සු බේර ගත්තෙ නැත්නම් සිය ගාණක් මිනිස්සු මැරෙනවා. අදටත් ලංකාවේ විගණකවරු තමන්ගේ බලය කොච්චරද කියලා පෙන්වන්න කියන කතාවක් තමයි ඕක.

    ReplyDelete
    Replies
    1. කිතුලට නැංග උන්ටත් කියන්න කතාවක් තියනවනෙ..

      Delete
    2. කිතුලක් නෙවෙයි හොයලා බලන්න ආයතනවලට එන විගණකවරු වැඩ කරන්නෙ කොහොමද කියලා. එක ආයතනයක විගණකවරයෙක් දාපු නීතියක් අනුව ඒ ආයතනයෙන් චෙක්පතක් ගෙනියන්න ඒ සැපයුම්කරුවාම පුද්ගලිකව හැඳුනුම්පතයි සීල් එකයි අරන් එන්න ඕන. අත්සන සහතික කරලා නියෝජිතයෙක් එව්වට ගෙවන්න එපා කියනවා. මොකක්ද එහෙම කරන්න තියෙන නීතිය? අනික සමාගමක චෙක් අරන් යන්න ඒකේ සභාපති හරි ප්‍රධාන විධායක නිලධාරියා හරි එන්න ඕනද?තියෙන නීතියවත් ක්‍රියාත්මක කර ගන්න බැරි ඉද්දි ඒකට හේතු නොසොයා තව නීති දැම්මම වෙන්නේ කිසිම වැඩක් නොකර ඉන්න එක. මොකද වැඩ කරලා ලෙඩ දාගන්න ඕන නෑනේ.

      Delete
  9. Menna ape saukya sewaya qualitiya gana honda kathawak.. Tikak paranayi thamayi

    http://www.thesundayleader.lk/2013/06/02/accident-service-staff-watch-television/

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා