දිවුලපිටියේ ජනතාවගේ ස්වයං නිර්ණ හිමිකම

සන්ජන් සාමනායක 
මේ වීඩියෝවේ තියෙන්නේ අපරිණත දේශපාලකයන් හා නිලධාරීන් සම්බන්ධ මෝඩ වලියකි. රන්ජන් මෙවැනි වලි දමා ගැනීමට තරමක් ප්‍රසිද්ධ ය.

රන්ජන් වෘත්තික පරිණතභාවයකින් තොරව වලිවල පැටලෙන කේන්තිකාරයෙකි. ඔහු රඟපෑ චිත්‍රපටවල දෘෂ්ටියෙන් ම දේශපාලනය ද කරන්නෙකි. 

එහෙත්, ඔහු කිසි දිනෙක ජාතිවාදය. ආගම්වාදය වැනි පටු ආවේගයන් මත කුපිත වී සිටිනු මා දැක නැත.

මෙම මෝඩ වලි තුළ යම් අවංකකමක් ද තිබේ යයි සිතිය හැකි ය. එහෙත් රන්ජන් සියලු අවස්ථාවලදී අවංක යයි චරිත සහතිකයක් අප දැනට නිකුත් කරන්නේ නැත. අප පවසන්නේ නිරීක්ෂණයක් පමණි.

මෙම වීඩියෝවේ අවසාන හරියේ ඇති දෙබස් ඛණ්ඩ කීපයක් වෙත ඔබේ විශේෂ අවධානය යොමු කරමි.

“මම දිවුලපිටියෙ. මම මැරෙන්නෙත් දිවුලපිටියෙ. වැළලෙන්නෙත් දිවුලපිටියෙ. මේක දිවුලපිටිය ගමේ වැඩක්," වැනි දෙබස් මෙහි අසන්නට ලැබේ.

මෙය ම මේ ආකාරයෙන් ම උතුරු නැගෙනහිර දෙමළ ජනතාව ද කියන ලදී. උතුරු නැගෙනහිර ජීවත් වන ජනතාවට එම ප්‍රදේශවල දේශපාලනය හා සංවර්ධනය පිළිබඳ තීරණය කිරීමට අැති අයිතිය ලබා දිය යුතු ය යන්න එම සටන් පාඨය විය. 

එය වඩා සංකීර්ණ දේශපාලන භාෂාවකින් කිවහොත්, උතුරු නැගෙනහිර දෙමළ කතා කරන ජනයාගේ ස්වයං නිර්ණ අයිතියයි. 

දිවුලපිටියේ ජනතාව දිවුලපිටියේ ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කර තීරණය කිරීම එක්තරා ආකාරයකට දිවුලපිටිය ජනයාගේ ස්වයං නිර්ණ හිමිකමකි. 

ස්වයං නිර්ණ හිමිකම යනු ප්‍රජාතන්ත්‍රවාදී සංකල්පයක් බව ද, එය වඳුරු කුණුහරුපයක් නො වන බව ද මෙම උදාහරණයෙන් පැහැදිලි වේ. 

එහෙත්, ලොව කිසිම ජනතාවකට හෝ ජීව ප්‍රභේදයකට සීමාවකින් තොර ස්වයං නිර්ණ අයිතියක් නැත. උදාහරණයක් ලෙස, රටවල් කීපයක් හරහා ගලන ගංගාවක ජලය තමන්ගේ රටේදී හරවාගෙන අනෙක් රටට ගලා යාම වැළැක්වීම ස්වයං නිර්ණ හිමිකමට අයිති වන්නේ නැත. 

එය තවත් සරළ ලෙස මෙසේ තේරුම් ගත හැකි ය. දිවුලපිටියේ මහජනතාව විසින් තෝරා ගත් නියෝජිතයන් තමන් කැමති ආකාරයට දිවුලපිටියේ පරිසරය විනාශ කරන ආකාරය තීරණය කිරීම ස්වයං නිර්ණ හිමිකම නො වේ. මන්ද, දිවුලපිටිය යනු සමස්ත පරිසර පද්ධතියක් මත හුදෙක් ම මිනිසා විසින් නිර්මානය කරන ලද පරිපාලන දේශසීමාවක් පමණක් වන හෙයිනි. 

උතුරු නැගෙනහිර දෙමළ කතා කරන ජනයාගේ ස්වයං නිර්ණ හිමිකම ද එවැනි ම සංකීර්ණ කාරණයකි. දිවුලපිටියේ ඉන්දික අනුරුද්ධ දිවුලපිටිය ජනතාවගේ එකම නියෝජිතයා නො වේ. එසේම, දෙමළ ඊලාම් කොටි සංවිධානය කොයි තරම් අවධාරණය කළ ද එම සංවිධානය දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා ලෙස පිළි ගැනුණේ නැත.  

ඉන්දික අනුරුද්ධට පිටින් දිවුලපිටියේ ජනතාවක් සිටින්නා සේ කොටි සංවිධානයට පිටින් දෙමළ ජනතාවක් ද, දෙමළ ජාතියට පිටින් දෙමළ කතා කරන මුස්ලිම් ජනතාවක් ද උතුරු නැගෙනහිර සිටිති. 

ගම්පහ දිස්ත්‍රික්කයෙන් පත් වුණා ය කියා රන්ජන් රාමනායකට ද දිවුලපිටිය නියෝජනය කරන්නට හැකියාවක් නැත. එසේම, රටේ ජනතාවගේ බහුතර ඡන්දයෙන් බලයට පත් වුණා ය කියා ශ්‍රී ලංකා ආණ්ඩුවට ද දෙමළ ජනතාව නියෝජනය කරන්නට බැරි ය.  

දිවුලපිටිය, යාපනය කියා වෙනසක් නැත. ජනතාව දේශපාලනයට හා තීරණ ගැනීමේ ක්‍රියාවලියට සැබැවින් ම හා විධිමත් ලෙස සම්බන්ධ වන තරම් දුරට ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ශක්තිමත් වන තෙක් ස්වයං නිර්ණ අයිතිය දිවුලපිටියේ ජනතාවට ද ප්‍රශ්නයකි.

දේශපාලකයන්, රජයේ නිලධාරීන් හා ඔවුන්ගේ ගජමිතුරු කොන්ත්‍රාත්කාර ව්‍යාපාරිකයන් දිවුලපිටිය හප කරන්නේ එහි ජනතාවගේ ස්වයං නිර්ණ හිමිකම වැළලී ඇති බැවිනි.

අවාසනාව වන්නේ දිවුලපිටියේ ජනතාව එවැනි ප්‍රශ්නයක් උතුරු නැගෙනහිර දෙමළ ජනයාටත් තිබේ ය යන්න පිළි නො ගැනීමයි.



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Replies
    1. පස් හොරු දැනටමත් 48 දෙනෙකු මරලා තියනවා. රන්ජන් රාමනායකවත් මරනවා කියනවා හැමෝම ඉදිරියේ.

      Delete
    2. රටෙ ජනතාවගෙ පිනට පහලවූ නායකයින්,අයියෝ මෙහෙමත් කාලකන්නි රටක්.

      Delete
  2. ඇනෝ ෆීලිස්March 1, 2017 at 11:15 PM

    //දිවුලපිටිය ජනයාගේ ස්වයං නිර්ණ හිමිකම = උතුරු නැගෙනහිර ජනයාගේ ස්වයං නිර්ණ හිමිකම//

    බොට පික්සු ද පස්දුන්රට පැරා ඈ...

    දිවුලපිටිය සීන් එක එක‍ෙක්ගෙ පස් ජාවාරමක් සහ අනිකගෙ ජන්ද ගැරිල්ලක්. උතුරු නැගෙනහිර සීන් එක එහෙම ඉන්ඩිවිජුවල් මඟුලක් යෑ..

    ReplyDelete
  3. රන්ජන් නිර්භීත අහිංසක චරිතයකී... රන්ජන් වැනි කෙලින් කතාකරන කෙලින් වැඩ කරන අයව බිල්ලට දීමේ කුමන්ත්‍රණයක් දියත්කර ඔවුන්ගේ ජීවිත අවදානමකට ලක් කර ඇත...

    අපට විජය මහත්තයාව නැතිකර ගත්තු විදියට රන්ජන්ව නැති කරගන්න බෑ..

    මෙය සමාන්‍ය දෙයක් ලෙස සලකා ඔවුගේ ජීවිතය අනතුරේ නොදමා පාලකයිනී රන්ජන්ගේ ආරක්ෂාව තහවරු කරනු,,, !

    රන්ජන් අප රටට සම්පතකී මා වෙනත් දේශපාලන පක්ෂයක් නියෝජනය කලත්මාගේ දේශපාලන ගමනේ ගුරුන් ලෙස සලකන විජේ මහත්තයා සහ ජීවන් කුමාරනතුංග පරපුරේ ගරු කරන පුරුකක් ඔබ... මම අදහන ධර්මය අනූව ඔබට අල්ලා දෙවි පිහිටයි...

    ReplyDelete
    Replies
    1. රංජන් ඇමති තුමා ආරක්ෂා කිරිම මෙි රජයේ විශේෂ වගකිමක් !

      ඔවැනි ඇත්ත කථාකරන නිර්භිත මිනිසුන්ට අපේ රටෙි ඉඩක් නැහැ එබැවින් සියඵ දෙනාගේම වගකිමක් එතුමන් ආරක්ෂා කිරිම මැත කාලයේ අවංකව වැඩ කරන දේශපාලකයෙක් දැක්කමයි අපේ රටෙි.

      විජයගෙ පරමිපරාවෙ මිනිහෙක් එතුමත් මෙි රටට සේවය කරන්න ඉදිරිපත් උනේ ඔය ගර්ජන තර්ජන මැද්දෙ එහෙත් ඔහුගේ ජිවිතය උදුරා ගත්තා ඒ අයුරින් අපට සිටින එකම අවංක දේශපාලකයා මහජන සේවකයා නැති කරගන්න බැහැ පාලකයිනි එතුමන් ආරක්ෂා කරනු !

      Delete
  4. අජිත් පැරකුම් ජයසිංහ, ජාතීන්ගේ ස්වයං නිර්ණ හිමිකම විකෘති නොකරනු! උතුරේත් දකුණේත් තරුණ දෑතට යළි ආයුධ නොදෙනු.

    =================================


    පැරා මේ පොස්ට් එක උඹ පහුගිය ටිකේ ලිව්ව අනෙක් පෝස්ට් වලට වඩා හොඳා. උඹ මෙතන 50% ක් ඉතා ම වටිනා අදහස් දැන්වීමක් කරනවා. ඒකට අපි උඹට මල් මිටක් දීලා උම්මා එකක් දෙනවා (අපේ නහය වහගෙන හොඳේ). හැබැයි උඹ ඉතුරු 50% තුට්ටු දෙකේ අදහස් දැන්වීමක් බවට පත් කරනවා. ඒකට අපි උඹට මොනවාද දෙන්න ඕන? හොඳ මඩ වළක් ළඟට ඔබ ගෙනියලා මඩ වළ පැත්තට හරවලා පුකට පා පහරක් දෙන්න වෙනවා. ඒත් ඉතිං ගූ වළක ළගින එකෙක් මඩ වළකට තල්ලු කරලා වැඩක් නැහැනේ බං. 50% ක් හොඳයි 50%ක් නරකයි කියන්නේ උඹ උඩදාගෙන ලිව්වට මුකුත් වෙලා නැහැ. ඒක තමා උඹ ගැන යථාර්ථය පැරා. 2009 ඉදන් උඹ උඩදාගෙන ලියනවා. කෝ බං මුකුත් වුණේ නැහැනේ? බල සම්ප්‍රයුක්ත ශුන්‍යයිනේ පැරා. එතිං තේරුමක් නැහැ.

    උඹ දිවුලපිටි ප්‍රශ්නය දෙස සබුද්ධිකව බලනවා. උඹට යම් අවබෝධයක් තිබෙනවා ඇතැම් ප්‍රශ්න ප්‍රාදේශීය සීමාවන් එක්මවා ජාතික සීමාවන් ද ඉක්මවා අන්තර්ජාතිකය කරා ගොස් එතැනින් ද විශ්වීය ප්‍රශ්න බවට පත් වෙන්න පුළුවන් බව. දැන් පරිසරය පිළිබඳ ප්‍රශ්න දිවුලපිටියේ ප්‍රශ්නයක් විතරක් නොවේ. ඒ ප්‍රශ්නය මතුගමටත් බලපානවා, බර්ලින් වලටත් බලපානවා, පැරිස් වලටත් බලපානවා, ජිනීවා වලටත් බලපානවා. ඒක නිසා තමයි පැරා වාම දේශපාලනයේ හරිත පක්ෂ වලටත් තැනක් තියෙන්නේ. උඹ පහුගිය ඇමෙරිකන් ජනාධිපතිවරණයේදී ක්ලින්ටන්ට කඩේ ගියා. ඊශාට කැත කතා කියලා මෙතන සමහරු ළාමක වැඩ කරන කොටවත් ඒ ගැන කම්පා වෙලා පොස්‍ට් එකක් නොදාන එකා ක්ලින්ටන්ට කැත කතා කිව්වා කියලා, අර ගිරයක්ද මොකක්ද එකක් ක්ලින්ටන්ගේ රූපේ දාලා හැදුවා කියලා මෙතන පොස්ට් දාගෙන පස් කෑවනේ බං. ඒත් උඹට පරිසරය ගැන ඉදිරිගාමී අදහස් තිබුණ ජිල් ස්ටයින් සහෝදරිය ගැන ලියන්න උවමනාවක් තිබ්බේ නැහැ. උඹ මෙතනදී හරි පාරිසරික දේශපාලනය ගැන ලිව්ව එක හොඳයි.

    ඒත් බං පැරා උඹ කැළේ පැනිනවානේ ටික දුරක් යත්දී. මොකක්ද බං දිවුලපිටිය‍ට තියෙන ස්වර්ණ නීර්ණ අයිතිය කියන්නේ වාම දේශපාලන අර්ථයෙන්? මචං පැරා උඹ ඔන්න ඕවා එහෙම වමෙන් ඉගෙන ගත්තා කියන්න එපා කොහේවත් ගිහින්. ඕනේ නම් සුජීව දිසානායකගෙන් ඉගෙන ගත්ත කියපං. පැරා ඇයි බං නොදන්න මගුල් ලියන්නේ? යකෝ ලෙනින්වාදී ශික්ෂාව විග්‍රහ කෙරෙන්නේ "ජාතීන්ගේ" ස්වයංනිර්ණ අයිතිය ගැනයි. උඹට අපි දැන් කී සැරයක් කිව්ව ද ජාතීන්ගේ ස්වයංනිර්ණ අයිකිය ගැන ලෙනින් සහ විල්සන් කියවන්න කියලා. අදාල නිබන්ධන වල මාතෘකා පරණ පොස්ට්වල ඇති. හොයා ගනිං. ස්වයං නිර්ණ අයිතිය සහ ස්වයං පාලනය කියන්නේ දිවුලපිටියටයි, මතුගමටයි, අම්පාරටයි වගේ හුදෙක් භූගෝලීය ප්‍රදේශවලට දෙන දෙයක් නෙවේ. ජාතියක් පිළිබඳ වමට පැහැදිලි අදහසක් තියෙනවා. අදාල පොත උඹ දන්නවනේ. කතුවරයාගේ නම ලියන්නේ නැත්තේ උඹ අපිට එම නම ඈඳලා වාදිය කියලා මඩ ගහන නිසා. මචං වම ගැන ලියනවා නම් අධ්‍යයනය කරලා ලියපං ගොන් ටෝක් නැතුව. උඹේ සිටුකුමාරි ගෙදර වෙනම කාමරයක ජීවත් වෙන්න ගත්ත ඒකත් ස්වයං නීර්ණ අයිතිය වෙයි උඹට. ඒත් වම කතා කරන ස්වයං නිර්ණ අයිතිය ජාතීන් පිළිබඳ කාරණයක්. වම පෙනී සිටින්නේ ජාතීන්ගේ ස්වයං නිර්ණ අයිතිය වෙනුවෙන් මිසක් ඕනෑම අළුකුත්තේරු වැඩක් කරලා මේවා අපේ ප්‍රශ්න කියලා ඇඟ බේර ගන්න ස්වයං නිර්ණ අයිතියකට නොවේ.

    උඹ මෙතන කරන්නේ අන්තිම ජරා වැඩක් පැරා. උඹ මෙතනදී වාම ස්වයං නිර්ණ අයිතිය විකෘති කරන්නේ ස්වයං නිර්ණ අයිතිය සහ ස්වයං පාලනයක් සහිත විසඳුමක් කරා ජාතීන් අතර ඇතිවන සමගිය, සංහිදියාව බිද දමන්න. මෙච්චර කාලයක් අපි උඹෙන් ස්වයං නිර්ණ අයිතිය ගැන උඹේ ස්ථාවරය පුන පුනා අහනකොට මඟ හැරලා ගිය උඹ දැන් එකපාරටම ස්වයං නිර්ණ අයිකිය ගැන නොදන්න‍ හරුප කියවන්නේ ළඟ එන ව්‍යවස්ථා සංශෝධනයටත් කෙළින්න බව අපි දන්නවා.

    ReplyDelete
  5. ජාතිකත්ව නොපිළිගන්නා උඹලා එක්කවත් බහුතර සිංහල ජාකිකත්වයේ විශ්වාසය දිනා ගන්නට බැරි උඔලාලේ වික්‍රමසිංහ උන්නැහේ එක්කවත් ජාතික ප්‍රශ්නයට විසඳුමක් හොයන්න බැහැ. උඹලා ජයම්පති එන්ක තතමලා තතමලා ගෙනෙන විසදුම සිංහල ජාතිකත්වයේ සහය නැතුව කුණු කූඩයට යනවා. එතකොට උඹලා කියන්නේ උතුරේ තරුණයාට ආයුධ ගන්න කියලද ආයෙත්? පැරා උඹ අර සපත්තු ගැන, අර නවකතා ගැන, බැදුමිකර ගැන, ක්‍රීඩා ගැන මොනවා හරි ලියං හිටපං. ප්ලීස්. අපි ඉදිරියේදී සිංහල ජාතිකත්ව ව්‍යාපාරයත් ඒක්ක වැදගත් බ්ලොග් එකකදී ජාතික ප්‍රශ්නය ගැන සංහිදියාවකට එනවා. තවම අපි ගොඩ වුණේ නැහැ ඒ පැත්තේ. ළඟකදිම ගොඩ වෙනවා සහෝදරත්වයෙන්. උන් එක අතකින් උඹ වගේ මුඩුම, කුහක එවුන් නෙවේ බං. සියලු ජාතිකත්වයන්ට ගෞරව කරන තනි රටක් සඳහා විසඳුමක් සමිමත කර ගන්න පුළුවන් සිංහල ජාතාකත්වය සමඟ සහජීවනයකින් විතරයි. උඹ පිස්සු කෙළලා අපේ සහජීවනය නැති කරන්න එපා හොදේ. පැරා ප්ලීස් ඔයා දැන් රිටායර් වෙන්න.

    පැරා, අනාගත පරම්පරාවල සුරක්ෂිතභාවය වෙනුවෙන් අපි උඹෙන් කාරුණිකව ඉල්ලන්නේ මේ රට ආයේ ලේ විලක් කරන්න එපා. උතුරේත් දකුණේත් අහිංසක තරුණ දෑත් වලට ගිනි අවි දෙන්න එපා. තරුණ පරපුර නොමඟ යවන එක වහාම නවත්තපං. උඹලාගේ අත්වල තවමක් ලේ පැල්ලම් තියෙනවා. උඹලාට ඕන ඒ ලේ පැල්ලම් අනාගත පරම්පරාවල දෙයත් වලත් ගාන්න. අන්තිම වාමාංශිකයාගේ හුස්ම පොද ගිලිහෙන තෙක් අපි උඹලාගේ ලේ සල්ලි ගනුදෙනුවලට එරෙහිව සටන් කරනවා.

    වමේ අපි
    (අන්තර්ජාතික වාම විප්ලවීය දේශපාලනයක ලාංකීය සන්ලකුණ)

    ReplyDelete
    Replies
    1. උඹලා ගැන මට කියන්නට තියෙන්නේ උඹලාට 50%ක් පිස්සු. 50%ක් සාමාන්‍ය.

      මම නිදහස් මතධාරියෙකු නිසා වමේ වුණත්, දකුණේ වුණත් අදහස් මට අදාළ වන්නේ ඒවායේ තිබෙන යථාර්ථවාදී සහ මානුෂික ලක්ෂණ අනුවයි.

      මාක්ස්ගේ හා ලෙනින්ගේ ජාතීන්ගේ ස්වයං නිර්ණ අයිතිය පිළිබඳ න්‍යාය ලංකාවට ආදේශ කිරීම හා අදාළව මට උඹලාගෙන් අහන්නට තියෙන්නේ ඉතා සරළ ප්‍රශ්නයක් විතරයි.

      දෙමළ ජාතිය කියන්නේ කුමක් ද? දෙමළ කතා කරන ජනතාව ද? ලංකාවේ දෙමළ කතා කරන ජනතාව ද? උතුරු නැගෙනහිර දෙමළ කතා කරන ජනතාව ද? උතුරු නැගෙනහිර දෙමළ ජනතාව ද?

      එතකොට, ලංකාවේත්, උතුරු-නැගෙනහිරත් ජීවත් වන මුස්ලිම් ජනතාව හා ඔවුන්ගේ ඉල්ලීම් ගැන ඔබට කියන්නට තිබෙන්නේ කුමක් ද?

      කොහොම වුණත්, කමක් නැහැ. ජාතිවාදීන් අතර සම්මුති ඇති කරගෙන සියලු ජාතිකත්වයන්ට ගෞරව කරන තනි රටක් සඳහා විසඳුමක් සම්මත කර ගැනීමේ උඹලාගේ දේශපාලනයත් එක්ක මට ප්‍රශ්නයක් නැහැ.

      ජාතිවාදීන් අතර සම්මුති ඇති වුණත්, නැතත් ජාතිය කියන දේශපාලන ප්‍රජාවට පැවැත්මක් නැහැ. අපි ජාතිය අතෑරලා ඉවරයි. අපි කල්පනා කරන්නේ ජාතිය අතික්‍රමණය කළ දේශපාලන ප්‍රජාවක් ගැන.

      ජාතිය උඹලාම තියා ගනිල්ලා.

      Delete
    2. උඹලා සම්මුති ගහන්න යන සිංහල ජාතිවාදය ගැන අවබෝධයක් ජගත් පතිරණගේ අදහසෙන් ලබා ගනිල්ලා.

      දෙමළ ජාතිවාදයට සිංහල ජාතිවාදය එක්ක සම්මුතිගත වෙන්නට පුළුවන්. ඒක අලුත් මගුලක් නෙමෙයි. යුද්දෙ පීක් එකේදිත් ඒක තිබුණා. ඒක නිසා තමයි දෙමළ ත්‍ර‍ස්තවාදීන් එක් සිංහල ජාතිවාදයකුගේවත් මයිල් ගහකටවත් හානියක් නො කළේ.

      හැබැයි, ඒ සම්මුතිය සීමා වෙන්නේ ගැටුම පවත්වාගෙන යන්නට විතරයි. ගැටුමට විසඳුම් හොයන්නට නෙමෙයි.

      සාමාන්‍යයෙන් ජාතිවාදීන්ට එහෙම විසඳුම් අවශ්‍ය නැහැ. මොකද, ජාතිවාදය පවතින්නෙ ම ජාතිවාදී ගැටුම නිසායි. ජාතිවාදී ගැටුම විසඳුනොත්, ජාතියේ පැවැත්මටත් එය අභියෝගයක් වෙනවා. මොකද, ජාතිය සංවර්ධනය වෙලා අලුත් දේශපාලන ප්‍ර‍ජාවන් හැදෙනවා.

      උඹලාට සිංහල දෙමළ ජාතිවාදීන් අතර විසඳුමක් සඳහා වූ සම්මුතියක් ඇති කර ගන්නට පුළුවන් වුණොත්, මම හරාකිරි කර ගන්නවා. ඔය සම්මුතිය කවදාවත් ඇති වන එකක් නෙමෙයි. ජාතික ප්‍ර‍ශ්නය විසඳන්නේ අවසානයේදී ප්‍රාග්ධනය විසින් බව බලාගන්නට ලැබේවි උඹලා මැරෙන්නට කලින්. කුල ප්‍ර‍ශ්නෙට ඒක වෙච්ච හැටි හොයලා අධ්‍යයනය කරපල්ලා, ආචීර්ණ කල්පිත පොත්වලට යට වෙලා ඉන්නෙ නැතිව. පොත් කියවන එකට වඩා වැදගත් හිතන එක බං. හිතන්න බැරි එවුන් කොච්චර පොත් කියෙව්වත් වැඩක් නැහැ. උඹලාට වෙලා තියෙන්නෙ ඒක. උඹලායි බණ පොත් කියවන ගැමි උපාසක උපාසිකාවනුයි අතර වෙනසක් නැත්තෙ ඒ නිසායි.

      වමේ තොපි නම් අනේ මන්දා, වහ කාපියව් වලකට බැහැලා. තොපිට මේ රටට හෝ ලෝකයට කරන්නට පුළුවන් මගුලක් නැහැ.

      නිදහස් මතධාරීන් වෙලා ඔලුව නිදහස් කර ගනිව් ඔය මාක්ස්ගෙ ආගමෙන්.

      Delete
    3. Niyama uththare para, deela thiyenawa nathi wennama! Munta onna ohoma thamayi niruwath kara lama gahala pannanna oni!

      Delete
  6. ජාතීන්ගේ ස්වයං නීර්ණ අයිතිය නැමති සංකල්පයේ නිරුවත මෙම ලිපියෙන් මනාව අනාවරණය වේ.
    මෙයට අනුව ජාතීන්ගේ ස්වයං නීර්ණ අයිතියේ සීමාවන් තීරණය කරණු ලබන්නේ බටහිර ක්‍රිස්තියානි ජාත්‍යන්තර සුපිරි ව්‍යුහය විසින් හසුරුවනු ලබන බටහිර පරිසර වේදීන් විසිනි. මෙය අධිරාජ්‍ය වාදයක් විනා අන් කවරක්ද?
    ජාතීන්ගේ ස්වයං නීර්ණය යන සංකල්පය අවසාන වශයෙන් සේවය කරනුයේ බටහිර ක්‍රිස්තියානි ජාත්‍යන්තර සුපිරි ව්‍යුහයේ ආධිපත්‍යය වෙනුවෙනි.

    ReplyDelete
    Replies
    1. මොනම සංකල්පයක් වුණත් අදාළ වන්නේ නිශ්චිත සංදර්භයක් තුළයි. එසේම, එය එකී රාමුවෙන් පිටතට ගත් විට එහි ප්‍ර‍ශ්න කළ හැකි බොහෝ දේ තිබෙනවා. ඒකෙන් අදහස් වන්නේ නැහැ, යම් සංදර්භයක් තුළ සංකල්පයක් අදාළ වීම කුමන්ත්‍ර‍ණයක් ය කියලා.

      ජාතීන්ගේ ස්වයං නීර්ණය යන සංකල්පය අවසාන වශයෙන් සේවය කරනුයේ බටහිර ක්‍රිස්තියානි ජාත්‍යන්තර සුපිරි ව්‍යුහයේ ආධිපත්‍යය වෙනුවෙන් ය කියන අදහසත් තවත් සංකල්පයක් විතරයි. ඒකත් අදාළ වෙන්නේ යම් සංදර්භයක් තුළ විතරයි.

      Delete
  7. පැරා මාතෘකාවට අදාල නැතිදෙයක් නිසා සමා වෙන්න
    කළුතර නාගොඩ රෝහලේ තියෙන අකාර්යක්ෂම බව ගැන පොඩ්ඩක් ලියන්න පුලුවන්ද ?
    කළුතර නාගොඩ රෝහලට රෝගීන් යනු මිසක් එන තැනක් නෙමෙයි හරියට නලපාන ජාතකේ දිය රකුස ඉන්න විල වගේ . ඇවිදන් යන මිනිස්ස්සු එන්නේ පෙට්ටියේ . එකට ලොකුම හේතුව තියෙන හෙද අදිකාරිය එකම හෙදිය් අවුරුදු 25 ක් විතර එකම වාට්ටුවේ ඉන්නේ. ලෙඩෙක් මරුනක ඒගොල්ලෝ කියන්න හදාගෙන තියෙන්නේ "අපි මේ ලෙඩාව බලන්නේ/බැලුවේ නැ කියල" ඒ තරමට උද්දච්චයි.

    මම දන්නා ලෙඩ්ඩු තුන්දෙනෙක් මැරුණා . එක්කෙනෙක් මගේ මස්සින උදේ 4 ට විතර රෝහලට ඇවිදගෙන ගිය මනුස්සය (සිරෝසිස් තිබ්බා ) උදේ 10 වෙනකම් මුකුත් කරන්නේ නැතුව දාලා තිබ්බා උදේ 10ට අ විතර මැරුණා. අනිත් කෙනා නවලොකෙන් අර්සස් වලට ඔපරේට් කරලා සංකුල තවක් ඇතිවෙලා නගොඩට ගිහින් ඇඩ්මිට් කරපු වෙලාවේ මුනටම කියල නවලෝකේ ලෙඩ්ඩු අපි බලන්නේ නැ කියල ලෙඩ මැරුණා. අනිත් කෙනා ඉපදුන ගමන් බබෙක් එකනටම් දැන් කෙස් එකක් යනවා ඔය මම දන්නා අහල පහල දේවල් තව කොච්චර ඇතිද ? ඔයාගේ වයිෆ් ඉන්නෙත් එකේද ? පොඩ්ඩක් හොයල බලල ලියන්න

    ReplyDelete
    Replies
    1. මීට මාස හතරකට විතර උඩදි මේ රෝහලේ ම සේවිකාවකගේ නැන්දම්මා වන මගේ ළඟ ඥාති කාන්තාවක් රෝහලේදී මිය ගියා. නිව්මෝනියාවෙන් පෙළෙමින් සිට යන්තමින් ගොඩ පැත්තට පැමිණි ඇයව එම වාට්ටුවේ හෙද සොහොයුරියගේ ඇණැවුමෙන් නාවනු ලැබීමෙන් පසුව තමයි ඇය නිව්මෝනියාව උත්සන්න වී මිය ගියේ. මේවා පිළිබඳ සොයන්නට බලන්නට කිසිවෙක් නැහැ. එම රෝහලේ හෙද පරිපාලනය ඉතාම අකාර්යක්ෂම හා අමානුෂික බව තමයි මගේ නිරීක්ෂණය.

      එපමණක් නොවෙයි. මගේ බිරියට දරුවන් ලැබුණු එක හා රජය විසින් ලබා දෙන වැටුප් රහිත නිවාඩු ලබා ගැනීම වරදක් වගේ සලකමින් ඇය මාතෘ නිවාඩුවලින් පසු සේවයට වාර්තා කළ දෙවර ම ඇය තැන් තැන්වලට මාරු කළා. ඔබ කියන එක හරි. එතන හෙද පරිපාලනය අකාර්යක්ෂම කළමනාකරණයකට කදිම නිදසුනක්.

      ඒ වගේ ම තමයි අනෙකුත් පැතිකඩත්. එය ඩෙංගි තෝතැන්නක්. ඒ වගේ ම ඉදිකිරීම් ආදිය නිසා එහා මෙහා යාමට පවා ඉතා අනාරක්ෂිත තැනක්.

      Delete
    2. ඔව් තත්වය ඕකයි එළිපිටම කියනවා අපි බලන්නේ නෑ කියලා.
      හොද ලිපියක් ලියන්න බැරිද නෙයිතික කරුණු මග හැරලා.

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
    5. වමේ තොපි කියන්නේ සදාචාරයක් නැතිව නිර්නාමික දිග අවලාද ලියන්න බොහොම දක්ෂ එවුන් බව අපි දන්නවා. හැබැයි බොලාගේ ආදි ගුරුවරුන් නම් ඕවා ලිව්වේ නමින්. බොලාගේ වෙනස බොලාට කොන්ද පණ නැහැ.

      ඒවා කියවන්නවත් අපි කරදර නො වෙන බව දැන ගනිව්.

      දැන් බලා ගනිව් තොපේ දිග හෑලිවලට වෙලා තියෙන දේ.

      Delete
    6. //හොද ලිපියක් ලියන්න බැරිද නෙයිතික කරුණු මග හැරලා.//

      ඔබ ඉහත මා ඉවත් කරන ලද දිග කමෙන්ට් දෙක කියවන්නට නැතුව ඇති. මගේ බිරියට, දරුවන්ට පවා කිසිදු සදාචාරයකින් තොරව අපහාස කරන්නට පුළුවන් වාමාංශික කුහකයන් සිටින අවකාශයක දැනට මා එයට කැමති නැත.

      Delete
  8. අසව්... අසව් ...

    ෆේස් බුක් එකේ සොබ්බේ දාන්න ගිය පැරාගේ රෙදි ගැලවේ. මහා දේශපාලන විචාරක පැරාගේ රෙදි ගැල වූ ගයනි මංජුලා වෙදගේ නැඟණියනි, ඔබටයි මේ උත්තමාචාරය. පිළිගනු මැනැවි!

    ReplyDelete
    Replies
    1. අන්න ගිහින් බලපල්ලා. මගේ රෙදි ගැලවිලා තියෙන හැටි. උඹල නම් පව් කඳන් බං. තව වමේ අපි කියලත් කියනවා. ගොන් හරක්.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා