මස් කටවල් වෙනුවට තුවක්කු කටවල් කතා කරන්නට පටන් අරගෙන ද?

ගෙල කපා මරා දමන ලද දයා පතිරණගේ මළ සිරුර 
සයිටම් ප්‍රධාන විධායක නිලධාරිගේ රියට වෙඩි තැබීමේ ‘කුමන්ත්‍රණය' ගැන අප නම් කිසිවක් දන්නේ නැත. එහෙත්, ඒ ගැන සියල්ල දන්නා බව කියමින් ඇතැමෙක් පුවත්පත් සාකච්ඡා ද පවත්වති. දන්නා අය සාක්ෂි ඇතිව සිදු වූ සිද්ධිය ගැන විමර්ශන අංශවලට තොරතුරු දන්වන්න.

මේ ගැන දේශපාලනිකව නම් අපට කීමට තිබෙන්නේ මස් කටවල් වෙනුවට තුවක්කු කටවල් කතා කිරීම ආරම්භ වී තිබෙන බවයි. මේ යෙදුම සම්බන්ධයෙන් මා අපගේ පැරණි දේශපාලනික මිතුරකුට ණයගැති ය. අප එම දේශපාලන කණ්ඩායමෙන් කැඩී වෙනම වැඩ කිරීම ආරම්භ කළ අවස්ථාවේදී එම පුද්ගලයා කීවේ මෙසේ මස් කටින් කතා කරන්නට සිදු වී තිබෙන්නේ උතුරෙහිදී මෙන් තුවක්කු කටින් කතා නො කරන නිසා බවයි. 

හොරාට කලින් කෙසෙල් කැන වැට පනින කතාව ඔබ අසා තිබේ ද? මෙම වෙඩි තැබීම පිළිබඳ විවිධ ප්‍රකාශ පුවත්පත් සාකච්ඡා හා සමාජ මාධ්‍ය ඔස්සේ කරන අය ගැන මම නම් විමසිල්ලෙන් සිටිමි. වෙඩිල්ලේ උණුසුම යන්නටත් පෙර තීන්දු දෙන්නට තිබෙන හදිසිය මට නම් සැක සහිත ය. 

සිදුවීම් හුදකලාව ගත නො හැකි ය. දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මරා දැමීමට කොටි සංවිධානය කුමන්ත්‍රණය කළ බවට ඇති කතාවත් මේ වැරදුණු කුරුමානමත් හුදකලා සිදුවීම් නො වේ.

ඒවා පිළිබඳ කුමන්ත්‍රණ න්‍යාය ගොඩනගන සියල්ල දත් පුද්ගලයන් පවසන පරිදි ම මේවා පාලකයන්ගේ, ව්‍යාපාරිකයන්ගේ කුමන්ත්‍රණ වන්නටත් පුළුවන. එසේම, ඊට වඩා බරපතල දේශපාලන ක්‍රියාමාර්ග මේ පසුපස තිබෙන්නටත් පුළුවන.

මෙවැනි තරමක් දුරට අරාජික වූ, වල් බූරු ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක වන දේශපාලන වටපිටාවන් වනාහි අන්තවාදී බලවේග බලය වෙනුවෙන් කෙටි මාර්ග සොයා ත්‍රස්තවාදය වෙත යොමු වීමට ඉඩ තිබෙන වකවානු වේ.

1986දී ජවිපෙ සිය පළමු දේශපාලන ඝාතනය කළේ ය. එ් දයා පතිරණයි. මේ වන විට, එය ජවිපෙ විසින් කරන ලද ක්‍රියාවක් බවට සෑහෙන තරම් කරුණු ඉදිරිපත් වී තිබේ. එම ඝාතනය සම්බන්ධයෙන් මුලින් ජවිපෙට චෝදනා එල්ල වන විටත් ඇතැමෙකු හැසිරුණේ වර්තමානයේදී ඇතැම් කුමන්ත්‍රණ න්‍යායධරයන් හැසිරෙන ආකාරයට ම ය. මුලින් ජවිපෙට චෝදනා එල්ල කිරීම සිනහවට ලක් කරන ලදී. ආණ්ඩුව එම ක්‍රියාව කළේ ජවිපෙ පිට වරද පටවා මර්දනය කිරීමට බව ද කියන ලදී. ජවිපෙ ඒ වෙනුවෙන් මාවිත්තර සරත් නම් මැරවරයකු සම්බන්ධ කරගෙන ගාමිණී ලොකුගේ ද පටලවා කතාවක් නිර්මානය කරන ලදී. ජවිපෙ උත්සාහ කළේ දයා පතිරණ මරා දැමුවේ එවකට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ගාමිණී ලොකුගේ බව කියන්නට ය.

මා ජවිපෙ ශිෂ්‍ය අංශයේ පූර්ණ කාලිකයකු ලෙස වැඩ කරද්දී මෙම ඝාතනය පිළිබඳ අභ්‍යන්තරයේ ප්‍රශ්න කළ විට අපට ද කරන ලද පැහැදිලි කිරීම වූයේ එම ප්‍රබන්ධයයි.

‍මෙහිදී තවත් සිදුවීමක් සිහිපත් වේ. 2007 වසර මුල හරියේදී කොළඹ නගරයේ තැන් තැන්වල සුළු පිපිරීම් කිහිපයක් ඇති විය. ප්‍රාථමික මට්ටමේ සන්නද්ධ ක්‍රියාවන් වූ මෙම පිපිරීම් සම්බන්ධයෙන් අපි ඒ දිනවල සැක කළෙමු. ඒ සැකය නිවැරදි විය. ඒ සැකය ඉක්මණින් ම දුරු වූ අතර, එම ක්‍රියාව දකුණේ සන්නද්ධ කණ්ඩායමක ආරම්භක කටයුත්තක් බව කෙටි කලකින්  හෙළිදරව් විය. 

අප සන්නද්ධ අරගලවලට මූලධාර්මිකව විරුද්ධ නැත. එහෙත්, උපරිම වශයෙන් සන්නද්ධ වී සිටින රජයන් ඉදිරියේ ගල්කටස් සෙල්ලම්වල භයානකකම ගැන ලක්ෂ ගණනක් තරුණයන්ගේ හා වෙනත් මිනිසුන්ගේ ජීවිතවලින් අපි පාඩම් ඉගෙන ගෙන ඇත්තෙමු. සෑම දෙයක් ම අලුතින් කර ඉගෙන ගන්නට යනවාට වඩා ඉතිහාසය කියවන එක පහසු ය. 

මෙම සිද්ධිය එවැන්නක් යයි ඉඳුරා කියන්නට අපි නො දනිමු. එහෙත්, සන්නද්ධ දේශපාලනය පිළිබඳ අපේ ඉව නම් කියන්නේ මෙය සරළ සිද්ධියක් නො වන බවයි. බරපතල දේශපාලනික සිදුවීම් සමග විහිළු කිරීමේ පුරුද්දක් අපට නැත. වතුර කොරහේ කිඹුලන් දැකිය යුතු නැති මුත්, බිත්තරෙන් එළියට ආ ගමන් කිඹුල් පැටියකු වතුර කොරහේ වුණත් ඉන්නට පුළුවන. ඒ හූනකු යයි වරදවා වටහා නො ගන්නට අප පරිස්සම් විය යුතු ය. මන්ද, ආධුනිකයන්ගේ නිවැරදි ඉලක්කය මේවා විහිළු ලෙස සලකා සිනා සිසී සතුටින් සිටින අයකු විය හැකි ය.

එය රජය හෝ ව්‍යාපාරිකයන් හෝ වෙනත් අය විසින් හෝ දැනුවත්ව රඟදක්වන ලද ජවනිකාවක් නම්, එය ද බරපතල සිදුවීමකි.

මෙම සිදුවීම පිළිබඳ සිදු විය යුත්තේ දේශපාලන විමර්ශනයක් නො වේ. පොලිස් විමර්ශනයකි. පොලිසියේ, සන්නද්ධ හමුදාවල, රජයේ හා සිවිල් සමාජයේ සිටින රටට, ජනතාවට ආදරය කරන ජනතාවගෙන් අප ඉල්ලා සිටින්නේ ඉතා විධිමත් විමර්ශනයක් කරන ලෙසයි. මේ සම්බන්ධ විවිධ ප්‍රකාශ කරන්නන් එසේ කරන්නේ ඇයි ද යන්න ද විමර්ශනය කළ යුතු ය. මෙය පාලකයන්ගේ හා ව්‍යාපාරිකයන්ගේ රඟදැක්වීමක් නම්, එය හෙළිදරව් කර, අදාළ වගකිවයුත්තන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු ය.

එසේ නො වේ නම්, මෙම සිදුවීම කෙසේ සිදු වී ද යන්න ගැඹුරින් විමසා බැලිය යුතු ය. එවැනි ක්‍රියාවකට යමෙකු හෝ යම් පිරිසක් පෙළඹුණේ ඇයි ද යන්න සොයා බලා පිළියම් යෙදිය යුතු ය. එය සමාජ වගකීමකි. අප ඇති තරම් විනාශයන් දැක තිබේ. තවත් ඒවා දකින්නට තරම් අප අවාසනාවන්තයන් නො විය යුතු ය.

දයා පතිරණගේ මාතර නිවස හා ඔහුගේ අත් අකුරින් තැබූ සටහනක් 


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. අජිත්,

    දයා පතිරණත් හොඳ මිනිහෙක් නෙමෙයි. එයා කොළඹ විශ්වවිද්‍යාලය තුළ භාවිතා කළෙත් “පුද්ගල ත්‍රස්තවාදය”. පුද්ගලයන් විනාශ කිරීමෙන් ක්‍රමයක් වෙනස් කරන්න හදන එක සරලව “නරොදිනික් වාදය” නේද?

    මම එකදෙයක් කියන්නම්. පුද්ගල ඝාතන ප්‍රධානතම මාධ්‍යයක් කරගෙන ඒ තුළින් යම් දෙයක් දිනා ගැනීම සඳහා වූ අරගල වලට නායකත්වය දුන් බොහෝ පුද්ගලයන් මිනීමැරීමෙන් ආරම්භ කරල මැරුම් කෑමෙන් අවසන් වුනා.

    “අමිර්තලිංගම්ලගෙ දෙමළ විමුක්ති අරගලය” පිළිබඳව වඩුක්කෝඩෙයි සම්මේලනයේදී ශන්මුගදාසන් දැරුවේ ඒ වගේ අදහක් බව මතකයි. වැරදිනම් නිවැරදි කරන්න.

    ReplyDelete
    Replies
    1. දයා පතිරණ හෝ මේ ලියන මම හෝ ඔබ හෝ කවුරුවත් හොඳ මිනිසුන් නෙමෙයි. හොඳ කියන එකට නිර්වචනයක් නැහැ.

      හැබැයි දයා පතිරණ දේශපාලනික සත්වයෙක්. එම වකවානුවේ ඔහු පෙනී සිටියේ ජනප්‍රිය නො වන මතයක් වෙනුවෙන්. ඔහුත් පුද්ගල ත්‍රස්තවාදය භාවිතා කරන්නට ඇති. මතක තියා ගන්න අප හැමෝ ම තුළ ත්‍රස්තවාදියෙකු ජීවත් වෙනවා. කවුරුහරි සම්බන්ධයෙන් “ඕක මරන්න තියෙන්නෙ," යි කියලා කියන හැමෝ ම ඒ වගේ ත්‍රස්තවාදීන් තමයි. හැබැයි ප්‍රායෝගිකව ත්‍රස්තවාදියෙකු වෙන්නට හරි අමාරුයි. සමාජය එක්තරා විදියකට ත්‍රස්තවාදීන් බවට පත් වූ අය හා පත් වෙන්නට බැරිව ඉන්න අය විදියටත් බෙදන්නට පුළුවන්. (ත්‍රස්තවාදය කියන එකට රාජ්‍ය ත්‍රස්තවාදයත් ඇතුළත් වෙනවා.)

      Delete
  2. Daya Pathirana killing by JVP was the bingeing of 'Bheema Samaya' which killed lot of good innocent people. UNP politicos took full advantage of the situation to kill educated kids from villages (politicos hate educated kids of poor people)Again here JVP is starting a another 'Beema samaya'. I think we should start killing JVP again like in 71, 88/99.

    ReplyDelete
    Replies
    1. ඉහත අදහස ලිව්වේ කවුරු වුණත්, එය අපරීක්ෂාකාරිත්වයේ මුහුණු සියල්ල නියෝජනය කරන්නකි.

      මෙම ක්‍රියාව ත්‍ර‍ස්තවාදී ක්‍රියාවක් ද? නැතිනම්, තමන් විසින් ම රඟ දක්වා ගන්නා ලද්දක් ද යන්න අපි තවමත් නො දනිමු.

      එසේම, මේ අවස්ථාවේදී මෙවැනි ක්‍රියාවක් සිදු නො කිරීමට වැඩි ම ඉඩක් තිබෙන වාමාංශික කණ්ඩායම ජවිපෙ ය. එහෙත්, මෙය ලියන පුද්ගලයා කෙළින් ම ජවිපෙට ඇඟිල්ල දිගු කරන්නේ ඇයි ද ජවිපෙ අවධානයට යොමු විය යුතු ය.

      මේ වන විට රජය විසින් විවෘත කර තිබෙන ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී අවකාශය වසන්නට අවශ්‍ය වී තිබෙන විශාල පිරිසක් සිටිති. ඇතැම් වාමාංශිකයන් සිතාගෙන සිටින්නේ ප්‍ර‍ජාතාන්ත්‍රික අවකාශය වසා දැමුවහොත් තමන්ට වාසිදායක තත්වයක් උදා වනු ඇති ය කියා විය හැකි ය. එහෙත්, මෙවැනි දක්ෂිණාංශික බලවේග ද එවැනි අවස්ථාවක් උදා වන තෙක් බලා සිටින බව අප අමතක නො කළ යුතු ය.

      ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය, විනය හා මානුෂිකත්වය තරම් මෙම තත්වයට වෙනත් විසඳුමක් නැත.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  3. කුහක දොස්තරලා කොන් කරමු.. සයිටම් දොස්තරලා විතරක් චැනල් කරමු..

    ReplyDelete
    Replies
    1. මුග්ධ කතාවක්. සයිටම් දොස්තරලා 25ක්වත් මේ රටේ නැහැ. අනෙක සයිටම් දොස්තරලා කුහක නැහැ ය කියලා හෝ ලංකාවේ විශ්වවිද්‍යාලවලින් බිහි වෙන සියලු දොස්තරලා කුහකයි කියා හෝ කියන්නට බැහැ.

      Delete
  4. ෆේස්බුක්හි පළ වූ අදහසක්:
    Waruna Sudantha Herath මේ සිදුවීමත් එක්ක අජිත් පැරකුම් නියෝජනය කරන දේශපාලනයට ප්රතිවිරුද්ධ ඒ.විපක්ෂයෙ මිත්රයන්ගෙනුත් ඉදිරිපත් වුනේ මේ හා සමානම අදහසක්. හරිම උද්යෝගිමත් බලාපොරොත්තු සහගත හැගීමක් සගවගෙන ඒ අදහස් එළියට ආවේ. දැන් මේ පිළෙන් එන්නෙත් එහෙම අදහසක්. සිදුවීමත් එක්ක සමාජ මාධ්‍යවල සයිටම් විරෝධි ප්රොෆයිල්වලින් මේක ඇතුලේම ප්ලෑනකට වෙච්ච වැඩක්ය කියන්න ලොකු ව්‍යාපාරයක් ගියා තමයි. ඒත් ඇතිවුන ප්රශ්ණය සයිටම් මේ තරම් ලොකු තැනකින් ගන්න ඕන තරමේ ලොකුම ප්රශ්ණයක්ද? සන්නද්ධ අරගලයකට පාර හැදෙන්න තරම්. අජිත් පැරකුම් වගේ මහත්වරු ඒවට ක්රියාකාරිව සම්බන්ධ වෙලා හිටපු හින්දා අත්දැකීමෙන් දන්නවා ඇති දුමක් නගිද්දි වෙන්න යන දේ ගැන. ඒත් එදා තරුණ අසහනය පුපුරලා ගියේ මෙහෙම සාපේක්ෂව ෂුපිං දේවලටද?
    ( කොහොම නමුත් ආණ්ඩුව මේ වෙලාවේ බොර දියේ මාළු බාන්න සූදානමක් ඇතිය කියලනම් කාරණා පෙලගැස්සෙන විදිහෙන් දැනෙනවා. )

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ත්‍ර‍ස්තවාදය පැන නැගපු හැම කාලයක් ම අද වගේ මධ්‍යම පංතියේ, විශේෂයෙන් ම පහළ මධ්‍යම පංතියේ, පැවැත්ම දැඩිව අභියෝගයට ලක් වුණු කාල පරිච්ඡේදයි. මේ සිද්ධිය මොකක්ද කියලා මම දන්නෙ නැහැ. ඒත්, මා දන්නා එක් කාරණයක් තමයි, මේ වගේ වල් බූරු ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයක් සහිත, තරමක් දුරට අරාජික, ඒ වගේ ම රටට නායකත්වයක් ගැන කිසිදු බලාපොරොත්තුවක් නැති කාලපරිච්ඡේද කියන්නේ අතිශය උන්නතිකාමී බල ව්‍යාපෘති පෙරට එන සමයක්.

      Delete
  5. පැරා,
    මේ ලිපිය හරිම වටිනවා.
    ආයෙමත් ලේ වැගිරීමකට තරුණයන්ව තල්ලු නොවෙන පරිදි ඔවුන්ව හා සමාජයම දැනුවත් කිරීමේදි, අනෙක් කාටත් වඩා එහි අත්දැකීම් ඇති පැරාලට විශේෂිත වූ වගකීමක් හා යුතුකමක් ඇති නිසා.
    එය එලෙසින්ම එය ඉටුකරමින් ඉන්නා බව පෙනෙන නිසා පැරාට ශක්තිය හා ධ්‍යර්ය ප්‍රාර්තනා කරමි.

    ReplyDelete
  6. පැරා.. මේ ලිපි ලාංකේය තරුණ ප්‍රජාව අතරට ගෙන යාමට යම් කිසි ක්‍රියාවලියක් අවශ්‍ය යි. මා දන්නා තරමින් විශ්වවිද්‍යාල සිසු පරපුර පවා බ්ලොග් පිළිබදව දක්වන අවධානය අඩු යි.

    ReplyDelete
  7. https://www.facebook.com/groups/thulawa/permalink/1462048780485814/



    අයියෝ ඩොක්... මේ මොනවද?

    ReplyDelete
    Replies
    1. Lankawe kuhaka, uddachcha, winayakin thora dosthara mafiawa saha unge nadayin ayiyala mallila aththa kiwwa ahinsaka manussekuta watawela gahana hati thamayi e!

      Delete
  8. දයා පතිරණව මැරුවේ ජවිපෙ / දේශප්‍රේමී ශිෂ්‍ය සංවිධානය මගින් බවයි මා විශ්වාස කරන්නේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා