දුප්පත්කම, දූෂණය, අවනීතිය වෙනුවට ෂාබුවලට එරෙහිව යුද්ධ කරන පිලිපීනය

(මාතෘකාවේ දැක්වෙන ෂාබු යනු එරට මත්ද්‍ර‍ව්‍යවලට භාවිතා වන පොදු නමයි. හරියට ලංකාවේ කුඩු සේ ය.)

මේ දිනවල පිලිපීනය ලෝක අවධානයට ලක් වී තිබෙනවා. එයට හේතුව තමයි, එරට ජනාධිපති රොඩ්‍රිගෝ (ඩිගොං) ඩූටර්ට් විසින් දියත් කර තිබෙන මත්ද්‍ර‍ව්‍යවලට එරෙහි යුද්ධයයි. මේ වන විට මෙම ව්‍යාපාරය විසින් මරා දමා තිබෙන මිනිසුන් සංඛ්‍යාව 3600 ඉක්මවයි. ජනාධිපතිවරයා ම පවසන පරිදි රට පුරා මිලියන් තුනක මත්ද්‍ර‍ව්‍යවලට ඇබ්බැහි වූවෝ සිටිති. පිලිපීනය මිලියන 98ක් ජනගහණය සිටින රටක්. මිලියන තුනක් යුදෙව්වන් මරා දැමූ හිට්ලර් මෙන් තමන් ද මෙම මත්ද්‍ර‍ව්‍යවලට ඇබ්බැහි වූවන් මිලියන තුන මරා දැමීමට කැමති බව පිලිපීන ජනාධිපතිවරයා ප්‍ර‍සිද්ධියේ ම පැවසී ය. මෙම ප්‍ර‍ශ්නය දැන් විසඳීම අනාගත පරපුර වෙනුවෙන් කළ යුතු දෙයක් බව ඔහු පවසයි.

ඩූටර්ට් පැවත එන්නේ දේශපාලනික පවුලකිනි. ඔහුගේ පියා පිලිපීනයේ හිටපු ආණ්ඩුකාරයෙක්. එසේම, ඔහුගේ පවුල පිලිපීනයේ හිටපු ඒකාධිපති ජනපති ෆර්චිනන්ඩ් මාකෝස් පළවා හැරීමේ විප්ලවයෙහි ද ක්‍රියාකාරී වුණා. වෘත්තියෙන් නීතිඥයකු වන ඩූටර්ර් ඩවාඕ නගරයේ හිටපු පුරපතිවරයායි. වසර 22ක් තිස්සේ ඔහු එම ධුරයේ තුන් වරක් ම කටයුතු කළා. පුරපති සමයේත් ඔහු අසම්මත දේශපාලනඥයෙකි. අපරාධ සුලබ ඩවාඕ ඔහු විසින් වාසයට ප්‍රිය ස්ථානයක් ලෙසත්, ආර්ථික වශයෙනුත් සංවර්ධනය කරන ලද බවට පිලිගැනීමක් එරට තිබෙනවා. ඔහු පුරපති සමයේදීත් මත්ද්‍ර‍ව්‍ය, මත්පැන්, දුම්වැටි ආදියට එරෙහිව දැඩි පියවර ගත්තා. එසේම, ඔහු එසමයේදීත් අපරාධකරුවන් ඝාතනය අනුමත කළ කෙනෙක්. මත්ද්‍ර‍ව්‍ය සමග සම්බන්ධ වූවන් හා අපරාධකරුවන් යයි නම් කළ පුද්ගලයන් ඝාතනය කළ ඩවාඕ මරණීය සාමූහිකය (ඩවාඕ ඩෙත් ස්කොඩ්) සමග ඔහුගේ අනියම් සම්බන්ධකම් කුප්‍ර‍ටයි. මුලදී ඔහු මේ බව ප්‍ර‍තික්ෂේප කළත්, පසු කලෙක ඔහු ප්‍ර‍සිද්ධ රූපවාහිනී සාකච්ඡාවකදී එය පිළිගත්තා. ඔහුට එරට භාවිතා වන ටැගලොග් බසින් පටබැඳී තිබෙන ඩිගොං යන නමේ අරුත දඬුවම් කරන්නා යන්නයි. තමන් පුරපති සමයේ අපරාධකරුවන් 1200කට වග කියූ බවට ඔහු පුරසාරම් දොඩවනවා. ඩූටර්ට් හිටපු ජනාධිපති ග්ලෝරියා අක්විනෝගේ අපරාධ මර්දන උපදේශක ලෙසත් කාලයක් සේවය කළා.

තමන් ජනාධිපති වුවහොත් අපරාධකරුවන් ලක්ෂයක් මරා දමන බව ඩූටර්ට් ජනාධිපති වීමට කලින් ම ප්‍ර‍කාශ කළා. “මත්ද්‍ර‍ව්‍ය සමග සම්බන්ධ බැල්ලිගේ පුතාලා, තොපි දැනගනියව්, මම තොපව ඉතුරු කරන්නේ නැහැ," යි ප්‍ර‍සිද්ධ රැස්වීම්වල කියූ ජනාධිපති අපේක්ෂකයකුට 2016 අප්‍රේල් ජනාධිපතිවරණයේදී දැවැන්ත ජයග්‍ර‍හණයක් ලබා දීමට පිලිපීන ජනතාව කටයුතු කළා.

ජනාධිපතිවරණය ජය ගත් පසු සිය හෙංචයියකු වූ රොනල්ඩ් ඩෙලා රෝසා පොලිස් ප්‍ර‍ධානියා ලෙස පත් කළ ඔහු මත්ද්‍ර‍ව්‍ය වෙළෙන්දන් හා ඇබ්බැහි වූවන් දහස් ගණනින් මරා දමන ලෙසත්, එහිදී තමන් ඔවුන් ආරක්ෂා කරන බවත් පොලිසියට පැවසුවා. ජනාධිපති ධුරයේ වැඩ භාරගත් දිනයේ මත්ද්‍ර‍ව්‍යවලට සම්බන්ධ අය මරා දමන ලෙස ඔහු ජනතාවගෙන් විවෘතව ම ඉල්ලා සිටියා. ඝාතන රැල්ල ඒ සමග ම ආරම්භ වුණා. මෙම ඝාතන රැල්ල මෙහෙයවන්නට පිලිපීන පොලිසියට වැඩි පහසුකම් ලබා දීම වෙනුවෙන් ඩූටර්ට් එරට සෞඛ්‍ය වැය ශීර්ෂයෙන් 25%ක් කපා හැර තිබෙනවා. එසේම, ජනාධිපති වැය ශීර්ෂයත් ඉහළ නංවාගෙන තිබෙනවා. නියෝජනය හා විනෝදාස්වාදය යන අලුත් වැය ශීර්ෂයක් යටතේ ජනාධිපති කාර්යාලයට වෙන් කරගෙන තිබෙන ඩොලර් මිලියන 150ක් ද එයට ඇතුළත් වෙනවා. මේ අතර මත්ද්‍ර‍ව්‍ය සමග විවිධාකාරයෙන් සම්බන්ධ ලක්ෂ පහකට වැඩි පිරිසක් මේ වන විට රජයට භාර වී තිබෙනවා. ඔවුන් පුනරුත්ථාපනය කරන්නට හෝ හරිහමන් වැඩපිළිවෙලක් පිලිපීනයේ ක්‍රියාත්මක වන්නේ නැහැ. 

මේ වන විට පිලිපීනයේ පොලිසියටත් වඩා ඝාතන සිදු කරන්නේ අවදියෙන් සිටින පිරිස් ලෙස හැඳින්වෙන ඝාතකයන් විසිනුයි. මේ අතරවාරයේ මත්ද්‍ර‍ව්‍ය පාවිච්චි කරන අහිංසකයන්, පෞද්ගලික එදිරිවාදීන් ආදියත් ඝාතනය වෙනවා. මත්ද්‍ර‍ව්‍ය කල්ලිත් සිය තරගකරුවන් මරා දමන්නට මේ අවස්ථාව භාවිතා කරනවා.

නීත්‍යානුකූලව කටයුතු කරන ලෙස පිලිපීනයේ ශ්‍රේෂ්ඨාධිකරණය රජයෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී තමන් යුද නීතිය ප්‍ර‍කාශයට පත් කරන බවට ඩූටර්ට් තර්ජනය කළා. එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම ක්‍රියාවලිය විවේචනය කළ විට පිලිපීනය එක්සත් ජාතීන්ගේ සංවිධාන සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වන බවට ඔහු තර්ජනය කළා. මේ වන විට ඔහු පිලිපීනය සමග ඓතිහාසිකව ම සම්බන්ධකම් ඇති ඇමරිකා එක්සත් ජනපදය සමගත් දැඩි මතභේද ඇති කරගෙන තිබෙනවා. ඔහුගේ වැඩසටහනට එරෙහිව කතා කරන දේශපාලනඥයන්, මානව හිමිකම් ක්‍රියාකාරිකයන්, සිවිල් සංවිධාන, ජනමාධ්‍ය හා පුද්ගලයන් ඕනෑ කෙනෙකු මත්ද්‍ර‍ව්‍ය ජාවාරම්කරුවන්ගෙන් යැපෙන අය ලෙස හඳුන්වන්නට ඩූටර්ට් හා ඔහුගේ ආධාරකරුවන් කටයුතු කරනවා. තමන් මානව හිමිකම් ගණන් නො ගන්නා බව ඔහු විවෘතව ම පවසනවා. 

ඔහු මේ වන විට විවෘතව ම හැසිරෙන්නේ මිලිටරි ඒකාධිපතියකුගේ ස්වරූපයෙනුයි. පසුගිය අගෝස්තුවේදී ජාතික රූපවාහිනියේ පෙනී සිටිමින් ඔහු මත්ද්‍ර‍්‍ය ජාවාරම් සමග සම්බන්ධ යයි ඔහු කියන විනිසුරුවරුන්, දේශපාලනඥයන්, රජයේ නිලධාරීන්, පොලිස් නිලධාරීන් 159කගේ නම් ලැයිස්තුවක් කියවා ඔවුන්ට එරෙහි පියවර ද දැනුම් දුන්නා. සාක්කි රහිත මෙම ලැයිස්තුවේ අවුරුදු අටකට පෙර මිය ගිය විනිසුරුවරයකුගේ නම ද තිබුණා.

පිලිපීන ජනතාව මෙවැනි උම්මත්තකයෙකු ජනාධිපති ධුරයට පත් කර ගත්තේ ඇයි? එරට දැවැන්ත අපරාධ අනුපාතිකයක් හා මත්ද්‍ර‍ව්‍ය භාවිතයක් ඇති රටක් ද? එහෙත්, වෙනත් රටවල් සමග සන්සන්දනාත්මකව බැලූ කල පිලිපීනය අපරාධ, මත්ද්‍ර‍ව්‍ය භාවිතය වැනි කරුණු අතින් එතරම් සුවිශේෂ තත්වයක නැහැ. පිලිපීනයේ ඇත්ත ප්‍ර‍ශ්න වන්නේ දූෂණය, දුප්පත්කම, දුර්වල සෞඛ්‍යය, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා රටේ දිගු කලක සිට මුල් බැසගෙන තිබෙන බලවත් පුද්ගලයන් වරදට දඬුවම් නො ලැබීමේ සංස්කෘතියයි. එවැනි ප්‍ර‍ශ්න විසඏඳනවාට වඩා මෙවැනි ව්‍යාජ හේතුවක් පසුපස හඹා යාම පහසුයි; ජනප්‍රියයි. එය හරියට යතුර නැති වූ තැන යතුර සොයනවා වෙනුවට එළිය තිබෙන පහන් කණුව යට යතුර සොයනවා වැනි වැඩක්.

ඩූටර්ට්ගේ මත්ද්‍ර‍ව්‍යවලට හා අපරාධවලට එරෙහි ඝාතන ව්‍යාපාරයට එරට එක් පිරිසක් සහයෝගය දෙන්නේ එයින් රට සමෘද්ධියට පත් වනු ඇතැයි විශ්වාසයකින් යුක්තවයි. මේ සියල්ල අතරතුර ඩූටර්ට් පිලිපීනයේ ජනප්‍රිය පුද්ගලයෙක් වන්නට හේතු වූ වෙනත් ලක්ෂණත් තිබෙනවා. ඔහු ව්‍යාපාරවලට දිරි දෙන දේශපාලකයකු ලෙස සැලකෙනවා. එසේම, ඔහු සුළුතර හිමිකම්වලට ගරු කරන කෙනෙක්. ඔහු ඩවාඕ පුරපති ලෙස කටයුතු කරන සමයේ නගරයේ කොන් කරන ලද ස්වදේශික ජන කොටස්වල නියෝජනය ශක්තිමත් කරන්නට පියවර ගත්තා. එසේම, ඔහු පිලිපීනයේ මාඕවාදී නව මහජන හමුදාවේ අරමුණුවලට ගරු කරන එහෙත් ඔවුන්ගේ සන්නද්ධ අරගලය ප්‍ර‍තික්ෂේප කරන කෙනෙකු බව ද පවසා තිබෙනවා. ඔහු පිලිපීනය තුළ ෆෙඩරල් ස්වරූපයේ බලය බෙදා හැරීමේ රාජ්‍ය ප්‍ර‍තිසංස්කරණයකට පක්ෂව අදහස් පළ කර ඇති අයෙක්. පිලිපීනයේ මින්දනාඕ දූපත් ආශ්‍රිතව මුස්ලිම් සටන්කාමීන් විසින් දිගුකාලීන වෙනම රාජ්‍ය අරගලයක් දියත් කර තිබෙනවා. එපමණක් නොවෙයි ඩූටර්ට් අවස්ථා කීපයකදී ම සුළුතර ලිංගික ප්‍ර‍ජාවන් වන සමලිංගික, ද්විලිංගික, සංක්‍රාන්ති ලිංගික වැනි ජනතාවන්ගේ හිමිකම් වෙනුවෙනුත් විවෘතව පෙනී සිට තිබෙනවා.ඔහු ඩවාඕ පුරපති කාලයේ නගරයේ රතිඤ්ඤා තහනම් කළා. එසේම, අළුයම 1 සිට පෙ.ව. 8 දක්වා ප්‍ර‍සිද්ධ ස්ථානවල මත්පැන් අලෙවිය තහනම් කිරීමට නීති ගෙනාවා.

ඩූටර්ට් තමන් කතෝලිකයකු බව ප්‍ර‍තික්ෂේප නො කරතත්, ඔහු ආගම දේශපාලනයෙන් බොහෝ දුරට ඈත් කර තබා ගන්නා කෙනෙක්. වරක් ඔහු පාප්තුමා පිළිබඳ කළ ප්‍ර‍කාශයක් සම්බන්ධයෙන් ඇති වූ මතභේදයකදී ඔහු විවෘතව ම පැවසූ කාරණයක් වන්නේ පාසල් වියේ ළමයකුව සිටියදී කතෝලික පූජකවරුන් ඔහු ලිංගික වශයෙන් අපහරණය කළ බවයි.

මෙවැනි උම්මත්තක, ඒකාධිපතියන්ට ලොල් කරන පිරිස් ලංකාවේත් සිටින නිසා පිලිපීනයේ සිදු වන දේවල් ගැන අවධානයෙන් සිටීම වැදගත්.

රාවය තනියාය - 2017 ජනවාරි 01

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මම වැඩි දුර යන්නෙ නැතුව කෙලින්ම කියන්නම් - මාක් මයි වර්ඩ්ස් ටුඩේ
    වසර 2020 දී ගෝඨාභය රාජපක්ෂ මෙරට ජනාධිපති වනු ඇත
    ඒක ටිකක් V for Vendetta වගේ කේස් එකක් වුනත් මේ ආණ්ඩුවේ ගමන නවතින්නේ එතැනන්.

    ReplyDelete
    Replies
    1. රාජපක්ෂවාදීන්ගේ හීන.... මේ ආන්ඩුවේ කොපමන වැරදි තිබුනත් ඔය මිනීමරු අලුගෝසුවාට ආයෙ බලය දෙන්නේ නෑ...
      2017-18 කාලයේ ලන්කාවේ ආර්තිකය එලබෙන විදෙශ ආයොජන සමග යහපත් වෙනවා... 2030 දක්වා රටේ නායකයා වෙන්නේ රනිල් වික්‍රමසිංහ පමනයි

      Delete
    2. ඒකට ඉතින් නලලේ අළු ගාගෙන කොණ කපාගන්නත් වෙයි

      Delete
    3. ඔය යෝජනාව සෙනෙවිරත්න ඇමතිවරයා ගෙනාපු අවස්ථාවේදී ජනාධිපතිතුමා තදින්ම විරුද්ධ උනා කියලයි පත්තරවල තිබුනේ. ලක්ෂාන් මං ඔයාගේ ප්‍රකාශය ලියලා තියා ගත්තා. හැබැයි 2020 වෙනුවට කෝකටත් කියලා 2030 දැම්මා.

      Delete
  2. පිලිපීන බස හැඳින්වීම උච්චාරනය කරන්නේ "තගාලෝ" කියලා... එළ කොල්ලෙක් තමයි... ළෝකයම හොල්ලලා ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. කුමුස්තකා කුයා මාතා? කුං පානො අං ඉයොංග් ගිනගව?

      Delete
    2. මාතලන්ලගෙ රනිල් ලොක්කා 2005 ඇදගෙන නෑමේ දෙවනි අදියර 2017දී සම්පුර්න කරනු ඇත.
      ජුං පං ලං පපං සිරිකොතං වසා දමං යුඇම්පි ඔපසිසං, 2035ට ට්‍ර‍යිකොරං

      Delete
    3. ඔව් මාතලන්.... තගාලොග්...තගාලො යනුවෙන් කියවේ.

      Delete
  3. මාතෙ, පිලිපීන කෑලිත් සෙල්ලමටම උපන් එව්වා නෙද? හරිම හුරුබුහුටු එව්වා තමයි ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. ෂ්.... කෑ ගහන්න එපා... පැරා කපලා දායි....

      Delete
  4. ඇත්තටම කිව්වොත් කොච්චර නපුරු මිනීමරුවෙක් වුණත් ඔය කියන රුද්‍රිගෝ උන්නැහේ වගේම ගෝඨාභය උන්නැහේටත් රටෙ බහුතර සාමාන්‍ය මිනිස්සුන්ට දැනෙන යමක් කරන්න පුළුවන් වෙයි. පඬියොන්ට ඉතින් පඬි කතා කිය කිය ඉන්න එක මිස වැදගත් දෙයක් කරන්න පුළුවනෑ? ගෝඨාභය හෝ වෙන එකෙක් හෝ කමක් නැහැ රට පිලිවෙලකට ස්ථාවරව හදන්න පුළුවන් එකෙක් නම්, ව්‍යාපාර/ කර්මාන්ත සහ රැකිය සපිරි වාසයට ප්‍රිය ස්ථානයක් ලෙසත්, ආර්ථික වශයෙනුත් සංවර්ධනය කරනවානම් අපට අවශ්‍ය ප්‍රධාන දෙය ඒකයි. මරාගේ ගොන්පාට් නැතුව විනයගරුක විදිහට රට හදන්න පුළුවන් ඕනේම එකෙකුට අපි ෆුල් සපෝට්.

    ReplyDelete
    Replies
    1. හැබැයි පස්සෙ යුද අපරාධ චෝදනා අරව මේව එනකොට අනේ මාව විදුලි පුටුවෙ වාඩි කරන්න හදනවා, ඒකට නම් ඉඩ දෙන්න එපා, මාව බේරගනියෝ අරවා මේවා කියන්නෙ නැතිව බය නැතුව මුහුණ දෙන්නත් එඩිතරකම තියෙන්න ඕනැ. කාට හෝ වීරයන් වන්නේ ඒ වගේ අයයි. කියවලා බලන්න ගාන්ධි මරපු නතුරාම් ගොඩ්සෙ උසාවියේදි කළ ප්‍ර‍කාශය. රට වෙනුවෙන් ය කියලා මිනී මරනවා නම් බය නැතුව එල්ලුම් ගස් යන්නත් සූදානම් වෙන්න ඕනැ.

      Delete
    2. තමුන් කරන දෙයෙහි වගකීම් ගැනීම සහ මනා වගවීම කශේරුවක් ඇති හොඳ නායකයකුගේ ලක්ෂණයකි. ගොඩ්සේ යනු නායකයෙකු නොව මීට ටික දිනකට පෙර පැරාගේ බ්ලොගයේම පබ්ලිසිටි ලබාදුන් ෆේස්බූක් රිළවා ගේ වඩාත් දියුණු අවස්ථාවක් නියෝජනය කල හැඟීම්බර මෝඩයෙකි.

      ගොඩ්සේට වඩා ඕනෑතරම් උදාහරන ලංකාවේ තිබේ. හමුදා අත්-අඩංගුවට පත් එල්ටීටීඊ මරාගෙන මැරෙන්නන් මෙන්ම හිටපු ජවිපෙ/ එල්ටීටීඊ සාමාජිකයන්ගේ අදහස් මීට නොදෙවෙනිය.

      අදාළ චෝදනාවලට ප්‍රශ්නවලට මුහුණදීමට සියලු නායකයෝ සූදානම් විය යුතුය. ලංකාවේ හිටපු දූෂිත රෙජීමය මෙන්ම ඊට නොදෙවෙනි වත්මන් අන්ත දූෂිත රෙජීමයේ ප්‍රධානීන්ද ඔවුන් කල/ කරගෙන යන සහ ඉදියට කෙරෙන සියලු දූෂණ/ අවකල් ක්‍රියාවලට වගකිව යුතුය. නමුත් යම් නායකයෙක් සැබෑවටම ජනතාවට සේවයක් කිරීමට ගොස් අමාරුවේ වැටෙනවානම් ජනතාව වන අප අපට හැකි අයුරින් උදව් උපකාර කරමු. නමුත් අවාසනාවකට මෙන් එබඳු අවංක උවමනාවක් ඇති නායකයන් ලංකාවේ නම් නැති බව පැහැදිලිය. එබැවින් අපට කීමට ඇත්තේ වැපිරූ දේ නෙලාගනු කියායි.

      පැරාලාටද බ්ලොගවල මෙවැනි වැල්වටාරම් පල්හෑලි ලියමින් කාලය කාදැමීමට හැකිය. අපේ ඊට කිසිදු විරුද්ධත්වයක්ද නොමැත.

      Delete
    3. "බය නැතුව මුහුණ දෙන්නත් එඩිතරකම තියෙන්න ඕනැ. කාට හෝ වීරයන් වන්නේ ඒ වගේ අයයි."

      හරියට හරි. අර ඒ කාලෙ මතුගම උපගුරුවරයකු වූ අජිත් පී. ජයසිංහ "වලසා සමග තනිව පොරබැදුවා" වගේ.

      Delete
    4. //පැරාලාටද බ්ලොගවල මෙවැනි වැල්වටාරම් පල්හෑලි ලියමින් කාලය කාදැමීමට හැකිය. අපේ ඊට කිසිදු විරුද්ධත්වයක්ද නොමැත.//

      හොරා! ඔයා මෛත්‍රී නේද? හොරා වගේ ඇවිල්ල ඇනෝ කමෙන්ට් දානවා. නෝටියා!

      Delete
    5. පැරෝ, මම මෛත්‍රී වුණත් වෙන එකෙක් වුණත් කතාව ඇත්තනේ? මොනාද බන් මේ මෙලෝ රහක් නැති පල්හැලී ලියන්නෙ?

      ගිණිකොන දිග ආසියාව තුල බලවත් චීනය විසින් පිලිපීනය, ජපානය, වියට්නාමය සහ චීනය යන රටවල් සියල්ලම අයිතිවාසිකම් කියනා දූපත් ක්‍රම ක්‍රමයෙන් අත් පත් කරගනිමින් පැවතුනා. එය String of Pearls නැමති චීන ආරක්ශක ව්‍යාපෘතිය හා සැසඳෙන්නක්. වත්මන් පිලිපීන ජනාදිපති බලයට පත් වන්නටපෙර පැවති රජය චීනය සමග ආරෝවට ගියේ බරක් ඔබාමාගෙ ගොබ්බ විදෙස් ප්‍රතිපත්තිය අනුව ඇතිකළ අමෙරිකානු මග පෙන්වීම යටතේ.

      නමුත් වත්මන් ජනපති රුද්‍රිගු බලයට ආ වහාම ඔහු චීනය සමග පැවති ප්‍රශ්න දෙපාර්ශවයට ම වැඩදායක ලෙස විසඳමින් පවතිනවා. ඒ සමගම ඔහු රුසියාව සමග ද ඉතාම සාථකව නව සම්බඳතා පටන් ගනිමින් ඉන්නේ.

      විශේෂයෙන් ම පිලිපීන දූපත් වල භූගෝලීය පිහිටීම චීනයට වැදගත් නිසා චීනය සමග සහයෝහයෙන් වැඩ කොලොත් දෙපැත්තටම වාසි අත් වන බවත් පිලිපීනයට බොහේ ආර්ථික වාසි ලබා ගත හැකි බවත් ආර්ථිකය සහ ව්‍යාපාර සංවර්ධනය සම්බන්ධයෙන් ශූර බුද්ධියක් ඇති වත්මන් පිලිපීන ජනපති දන්නවා. හරියට මහින්ද රාජපක්ෂ 2008 දේ එවකට නැගී එමින් තිබූ චීනයට ස්ට්‍රැටජික් වටිනාකමක් ඇති හම්බන්තොට චීන ආදාර මත වරායක් අරඹා ඒ හා චීනයට වුවමණාවටත් වඩා සමීප වී රට වටාම චීන ආදාර ලබාගෙන ව්‍යාපෘති කලා වගේ. මරාට ගැස්සුනේ ඇමෙරිකාවයි ඉන්දියාවයි බැලන්ස් කරගන්ට බැරිවුණ නිසා.

      මේ චීන මිතුරුකම අමෙරිකාවේ ඇහැට ඇඟිලෙන් ඇනීමක් නොවන්නේද?

      ඒ නිසයි එක පාරටම අමෙරිකාව ප්‍රමුක බටහිර සහ ජපාන මාධ්‍ය පිලිපීන ජනපතිට පහර දෙන්නේ!! බටහිරින් පඩි ගන්නා අමෙරිකාව විසි කරනා මස් කටු ලෙවකන ශ්‍රී ලාංකික නියෝජිතයින්ගෙන් ලැබෙන තුට්ටු දෙකට කඹුරන ලංකාවාසී බෝතල් පත්තර කාරයෝ ද බොග ඔස්තාද්ලාද CNN, Fox, NHK, BBC, NHK, ABC, CNBC පතුරවන පච ප්‍රචාර ඒවාටත් වඩා කුලුබඩු සහ රසකාරක යොදා සින්හලෙන් අපට ළදරු ආතල් දෙන්නේ!

      මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුනු එවුන් ගැන කියනවානම්, එන්ගලන්තයෙ බ්‍රිතාන්‍ය පෙරදිග වෙළඳ සමාගම විසින් චීනුන් ට අබින් කෑමට පුරුදු කර බ්‍රිතාන්ය යටත් විජිතයක් ව පැවති අෆ්ගනිස්තානයේ අබින් වවා ඒවා හොන් කොන්ග් හරහා චීනුන් ට විකුනා මුලු චීනය ම එකම ඇබ්බැහිවූවන් රැලක් බවට පත් කළ අයුරු ඔඅබට මතක ඇති. පසුකාලීනව මාඕ ත්සෙ-දොං යටතේ සිදු වූ සන්ස්කෘතික විප්ලවය කාලේ දී මිලියන් 30 පමන චීන ජනතාවක් මැරුම් කෑවා. එයින් වැඩි කොටස ඕපියම් (අබිං) ඇබ්බැහිවූවන් හා විකුනන්නන්! විදේස බලවේග විසින් ඇබ්බැහිතාවයට පත් කල රටක් ඉන් මුදවා ගැනීමට සමත් වූ එක් අවස්තාවක් තමා චීනයේ සන්ස්කෘතික විප්ලවය!

      පිලිපීන ජනාදිපතුතුමාත් උත්සාහ කරන්නේ එවැනි තත්වයක්. හැබැ‍යි එයට පිලිපීනයට ඇඟිලි ගැසීමට බලා සිටිනා ඇමෙරිකාව ජපානය සහ යුරෝපය විරුද්ධ වෙලා ඔවුන් ගේ බත් බැලයන් ලවා මාධ්‍ය සන්දර්ශන පැවැත්වීම ස්වාභාවිකයි ! නමුත් පෙනෙන හැටියට මේවා කිසිසේත්ම සාර්ථක නොවනු ඇති.

      Delete
    6. //පිලිපීන ජනාදිපතුතුමාත් උත්සාහ කරන්නේ එවැනි තත්වයක්. හැබැ‍යි එයට පිලිපීනයට ඇඟිලි ගැසීමට බලා සිටිනා ඇමෙරිකාව ජපානය සහ යුරෝපය විරුද්ධ වෙලා ඔවුන් ගේ බත් බැලයන් ලවා මාධ්‍ය සන්දර්ශන පැවැත්වීම//

      මරා/ ගෝටා මිනීමරනකොට ඒකට විරුද්ධව බටහිර රටවල් විරුද්ධවෙද්දී ව්‍යග්‍රාවංශල කිව්වෙත් ඔය කතාවමයි....

      Delete
    7. Ano 11.35 pm

      +++++++++++++++++++++++++

      Well explained, though u seems quite pro-Chinese, the basic idea represents the actual situation in Philippines.

      But Rodriguez Duterte also not much good person as u praise.

      Delete
  5. ප්‍රජාතන්ත්‍රවාදයේ අයිරනිය නම් ඇති මෙවැනි මිනීමරුවන්ට ඡන්දය දෙන ජනතාව නියෝජනය කිරීමට සුදුසුම අය ඒ මිනීමරුවන් ම වීමයි!

    ReplyDelete
    Replies
    1. ඔබ ඉතාම නිවැරැදිය. අපට ඇති දුක නම් ඔබවහන්සේ වැනි රහසින්වත් පව් නොකරන මතු බුදුවන්නට පෙරුම් පුරන බෝසතාණන් වහන්සේලාව නියෝජනය කිරීමට සුදුසු අතිපාරිශුද්ධ මුනිවරුන් ලංකාවේ තබා ඔස්ට්‍රේලියාවේවත් නොමැතිවීමයි. අහෝ ඛේදයකි.

      Delete
  6. ගස මුලින් කපා නොදමා අතු රැහිමෙන් පලක් නැත. මා සිතනා පරිදි මේ පුද්ගලයා කරන්නේ එයයි.

    ReplyDelete
    Replies
    1. ගස මුලින් කපාදමන්නේ කෙසේදැයි පැහැදිලි කර දෙන්න. මා දන්නා පරිදි මොහු ජාවාරම්කරුවන් සහ ඇබ්බැහිවූවන් යන දෙගොල්ලන්ටම ශොට් එක දෙනු පෙනේ. ප්‍රධාන ජාවාරම්කරුවන්/ මහ මොළකරුවන් වැනසීම ලෙහෙසි නැත.

      මගේ අදහස නම් (වත්මන් ලංකාවේ පාලක රනිල්-සිරිසේන-සම්බන්දන් කණ්ඩායම මෙන් කිසිදු වැදගැන්මකට ඇති දෙයක් නොකට කාලය කා දැමීමට වඩා) ගස මුලින් කැපිය නොහැකි නම් හැකි අයුරින් අතු ටික පෑහීම වත් කළ යුතු බවයි. එවිට ටික කලකට හෝ ගසෙහි වැඩීම බාලවී ඉන් වන උපද්‍රව පාලනය වනු ඇත. ගස එසේම තිබෙන්නට දී උඩබලා සිටීමට සාපේක්ෂව එයත් වටී.

      Delete
  7. අයිසෙ පැරා,

    පිලිපීනයේ කෙහෙල්මල් කියව කියව ඉන්න වෙලේ උතුරේ සහ නැගෙනහිරද දිවයිනේ වෙනත් ප්‍රදේශවලද කඳවුරු වල රඳවා තබාගෙන අහිංසක දෙමල තරුණ තරුණියන් ඔබ එලිය කන්ද වද කඳවුරේ විඳි වධ බන්දනයන්ට වඩා දහස් ගුණයකින් දරුණු වද බන්දනයනට මේ මොහොතේත් ලක්වන බව දන්නවාද?

    නව ආණ්ඩුව බලයට පත්වී ගතවූ වසරක කාලය තුළ ද, ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශ විසින් සිදුකරනු ලබන සුදුවෑන් පැහැරගැනීම්, වධහිංසා පැමිණවීම් හා ලිංගික හිංසනයන් නොකඩවා සිදුවෙමින් පවතින බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන දෙකක් විසින් එළිදක්වනු ලැබ ඇති නවතම වාර්තාවලින් පෙන්වා දෙයි.

    මෙම වාර්තාවන්ට හා අදාළ තොරතුරු මූලාශ්‍රවලට අනුව මෛත්‍රිපාල සිරිසේන ගේ ජනාධිපති පදවි ප්‍රාප්තියෙන් ගෙවුණු වසරක කාලය තුළ මෙ වැනි සිදුවීම් 30කට වැඩි ප්‍රමාණයක් සම්බන්ධයෙන් සාක්ෂි එම සංවිධාන වෙත ලැබී තිබේ.

    සත්‍යය හා යුක්තිය සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපෘතිය (International Truth and Justice Project – ITJP) විසින් බ්‍රහස්පතින්දා(07) නිකුත් කරන ලද වාර්තාවෙහි සුදුවෑන් පැහැරගැනීම්, වධහිංසා පැමිණවීම් හා ලිංගික හිංසනයන්ට අදාළ සිදුවීම්20ක තොරතුරු අඩංගු වේ. මීට අමතරව තවත් එවැනි සිදුවීම් 5කට වැඩි ප්‍රමාණයකට අදාළ තොරතුරු තමන් අත පවතින බවත්, ඒවා සම්බන්ධයෙන් තවදුරටත් කරුණු සොයාබැලෙමින් පවතින බවත්, ITJP ප්‍ර‍කාශකයෙක් JDS වෙත අනාවරණය කළේ ය.

    වාර්තාවට ඇතුළත් වදහිංසාවට හා ලිංගික දූෂණයන්ට ලක්වී ඇති 20 දෙනාගෙන් 5 දෙනෙක් ස්ත්‍රීන් වන අතර ඉතිරි 15දෙනා පිරිමි වෙති.

    බ්‍රිතාන්‍යයේ පිහිටි වධහිංසාවන්ට පාත්‍ර‍ වූ වින්දිතයන් රැකබලාගැනීමේ වෛද්‍ය පදනමක් වන ‘වධහිංසාවලින් නිදහස'(Freedom From Toture – FFT) සංවිධානය කියා සිටින්නේ නව ආණ්ඩුව බලයට පත්වී ගත වූ වසරක කාලය තුළ තමන් වෙත එවැනි සිදුවීම් 8ක් වාර්තා වී ඇති බව යි.

    ReplyDelete
    Replies
    1. cont'd

      ‘සුදුවෑන් තවමත් ක්‍රියාත්මක යි’

      “ශ්‍රී ලංකාවේ ‘සුදුවෑන්’ අවාසනාවන්ත ලෙස තවමත් ක්‍රියාත්මක වෙමින් තිබේ; එය සුපුරුදු පරිදි ම දියුණු ව්‍යාපෘතියකි” යි ITJP වාර්තාව දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග්හි දී එළිදක්වමින් එම සංවිධානයේ යස්මින් සූකා පවසා සිටියාය. “රාජ්‍යයේ මර්දනකාරී යාන්ත්‍රණය බිඳදැමීමට හේතුවන ආරක්ෂක අංශවල කඩිනම් ප්‍රතිසංස්කරණයක් නොමැතිව, වගවීමක් ඇතිවිය නොහැකි බව මෙම තත්ත්වය විසින් පෙන්වාදෙන්නේය”යි ද යස්මින් සූකා අවධාරණය කරයි.

      2015 වසර තුළ දී තමන්ට ශ්‍රී ලංකාවේ හමුදා හා පොලිස් ඒකකයන් ගේ අත්අඩංගුවේ සිටිය දී විඳින්නට සිදු වූ අමානුෂික වධහිංසා හා ලිංගික අපහරණයන් පිළිබඳ විස්තරාත්මක සාක්ෂි රටවල් හතරක සිටින දෙමළ වින්දිතයන් 20 දෙනකු විසින් ITJPවෙත ලබාදී තිබේ.

      අවසන් පැහැරගැනීම දෙසැම්බරයේ

      මීට පෙර ද වධහිංසා පමුණුවන ස්ථාන ලෙස ජාත්‍යන්තර වාර්තා විසින් පෙන්වා දුන් වවුනියාවේ ජෝසොෆ් කඳවුර ඇතුළු හඳුනාගත් ස්ථානවල දී සේම රහස්‍ය වධකදවුරුවල දී ද මෙම වධහිංසා සිදු වී තිබේ. ITJP වාර්තාව හෙළිදරව් කරන මෑතම වධහිංසා හා ලිංගික හිංසනයන් සහිත සුදුවෑන් පැහැරගැනීම සිදුවී ඇත්තේ පසුගිය මාසයේ, එනම් 2016 දෙසැම්බරයේදී ය.

      ITJP ට අනුව ඇතැම් දෙමළ දේශපාලනඥයෝ ද, ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය ද, ශ්‍රී ලංකාව තුළ සිටින රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහු ද දැනටත් සිදුවෙමින් පවතින මෙම මානව හිමිකම් උල්ලංඝනයන් ගැන දැනුවත් ව සිටිති. වධහිංසා පැමිණවීම් හා ලිංගික හිංසනයන් අවසන් කිරීම සම්බන්ධයෙන් සැබෑ වුවමනාවක් ඇත්නම් මෙම සිදුවීම් පිළිබඳව කඩිනම් විමර්ෂණයන් සිදුකිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට හැකි බව සිය වාර්තාව එළිදක්වමින් ITJP කියයි. අතීතයේ දී එල්ටීටීඊ සංවිධානය සමඟ සබඳතා පැවැති, දැනට විදේශගත ව දිවිගෙවන දෙමළ ජාතිකයන්ට ආපසු ලංකාවට යාමේ ඇති අවදානම පිළිබඳව ද වාර්තාව අනතුරු හඟවයි.

      2015 ජිනීවා යෝජනාවලියට අනුව වගවීමේ ක්‍රියාවලිය පිළිබඳ ශ්‍රී ලංකා ආණ්ඩුව බැරෑරුම්ව කල්පනා කරන්නේ නම්, ආරක්ෂක අංශවල ප්‍රතිසංස්කරණ, නීති ප්‍රතිසංස්කරණ හා සාක්ෂිකරුවන් ආරක්ෂාකිරීමේ ඵලදායී වැඩපිළිවෙලක් ස්ථාපනය කිරීම වැනි පියවරයන් ගැනීමේ වැදගත්කම ITJP වාර්තාව අවධාරණය කරයි.

      “යුද්ධයෙන් දිවි ගලවාගත්තකුට දැනට ක්‍රියාත්මක මර්දනකාරී හා නො ඉවසනසුළු වාතාවරණය තුළ සත්‍ය කොමිසමක් හමුවේ ආරක්ෂිතව සාක්කි ලබාදිය හැකිද යන්න බලවත් ගැටලුවක්” යස්මින් සූකා වැඩිදුරටත් කියා සිටී.

      “ජනාධිපති සිරිසේන ගේ පළමු පාලන වසර මත වධහිංසාවේ සෙවනැල්ල වැටී ඇත” – FFT

      ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස සිරිසේන ගේ පළමු වසරක පාලන කාලය මත වධහිංසාවේ සෙවනැල්ල වැටී ඇතැයි පවසන එක්සත් රාජධානියේ සිට ක්‍රියාත්මක මානව හිමිකම් අනුග්‍රාහක සංවිධානයක් වන ‘වධහිංසාවලින් නිදහස’ (Freedom From Toture – FFT)කියාසිටින්නේ, ආණ්ඩුව වෙනස් වීමෙන් පසු සිදුකැරුණු වධහිංසා පැමිණවීම් සම්බන්ධයෙන් මේ දක්වා විශේෂඥ උපදේශන පතා තමන් වෙත ඉදිරිපත් කැරුණු වින්දිතයන් ගේ සංඛ්‍යාව අටක් බව යි. එම අටදෙනා ම දෙමළ ජාතිකයන් වන අතර ශ්‍රී ලංකා හමුදාවන් හෝ බුද්ධි අංශ විසින් ඔවුන් නීති විරෝධීව රඳවාගෙන වධහිංසාවට පමුණුවා ඇති බව එම සංවිධානය කියයි.

      “අපයෝජනයේ ‘ගැඹුරු ස්වභාවය’ තවමත් ප්‍රජාවන් භීතියට පත්කරමින් තිබෙන බව හා ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද පුනරුත්ථාපනයට බාධාකරමින් තිබෙන බව හඟවන, සිරිසේන බලයට පැමිණියාට පසුවත් සන්නද්ධ හමුදා හා බුද්ධි අංශ විසින් සිදුකරන වධහිංසා පිළිබඳ වෛද්‍ය සාක්ෂි අප සතුව තිබෙනවා” සිය නවතම තොරතුරු එළිදක්වමින් FFTප්‍රතිපත්ති හා උපදේශන අධ්‍යක්ෂ සෝන්‍යා ස්කීට්ස් හා ප්‍ර‍කාශ කළාය.

      ‘ජෝසොෆ් කෑම්ප්’ හා ‘හතරවැනි තට්ටුව’

      තමන් මෑතකදී ම වධහිංසාවට පමුණුවනු ලැබුවේ යුද හමුදාව විසින් වවුනියාවේ පවත්වාගෙන යන අපකීර්තිමත් ජෝසොෆ් කඳවුරේ දී බව දිවිගලවාගත්තවුන් දෙ දෙනකු විසින් හඳුනාගනු ලැබ තිබේ. අනෙකුත් හඳුනාගත් වධ කඳවුරු අතරට කොළඹ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයේ හතරවැනි තට්ටුව හා තාවකාලික වනගත කඳවුරක් ද ඇතුළත් වන අතර, සෙසු සිදුවීම්වල දී වින්දිතයන් ගේ දෑස් බැඳ තැබීම ද ඇතුළු හේතු නිසා වධක ස්ථානයන් හරිහැටි හඳුනාගැනී නැත.

      මෙම මෑතකාලීන වධහිංසාවලින් දිවිගලවාගත්තවුන් බොහොමයක් දෙනා ගේ සිරුරුවල රත්කළ ලෝහ පොලුවලින් සිදුකරන ලද පිළිස්සීම් දක්නට ලැබුණු බවත්, වින්දිතයන් තමන්ට විඳින්නට සිදුවූ ලිංගික වධහිංසාවල විවිධ ආකාරයන් අනාවරණය කළ බවත් FFT කියයි.

      තමන්ට වාර්තා වූ සිදුවීම් අට, තමන් ITJP වාර්තාව හා සන්සන්දනය කළ බව පවසන FFT, එම වාර්තාවට ඇතුළත් වන්නේ තමන්ට වාර්තා වී ඇති සිදුවීම් 8න් එක් සිදුවීමක් පමණක් බවත්, සෙසු සිදුවීම් 7 ම ITJP වාර්තාවට අයත් සිදුවීම් නොවන බවත් ස්කීට්ස් කියා සිටී.

      වාමාංශිකයින් වශයෙන් අප විරුද්ධ විය යුත්තේ මෙන්න මේවාටයි.

      Delete
    2. වාමාංශිකයිනි,

      ඊනියා යුධ විරෝධී නුඹලා වලසා එනවිට ගහෙත් නොනැග පලා යද්දී මතුගම උපගුරුවරයකු වූ සැබෑ යුධ විරෝධී අජිත් පී. ජයසිංහ වලසා සමග තනිව දිවි නොතකා පොරබැදුවා නුඹලාට අමතකද? මේ අරගලයද ඔහුට බාරය. ඊට නුඹලාගේ උපදෙස් අවශ්‍ය නැත. මෑතකදී රවිරාජ් වෙනුවෙන් ඔහු කළ අරගලය මහත්පල මහානිසංස ගෙන දුන් හැටි නුඹලා නුදුටුවෝද?

      අජිත් පී. යනු ශ්‍රී ලාංකේය විප්ලවයට මග කියන පහන් තරුවය. උන් රටක මහා ජාතියේ අනන්‍යතාවය නැති කිරීමෙන් සුළු ජාතික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ න්‍යාය සහ රටක මධ්‍යම පන්තිය විනාශ කිරීමෙන් ඒ රටේ සමාජ ප්‍රගමනයට හේතු වන විප්ලවයට මගපාදන න්‍යාය ලොවට හඳුන්වා දුන් මේ සියවසේ මහා දාර්ශනිකයා බව නුඹලා පිලිනොගන්නහුද?

      එය එසේ නොවන්නේනම් “පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය” පිලිබඳ පර්යේෂණ නිසාම වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් වන අනාගත නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබන ලෝ ප්‍රකට ශ්‍රී ලාංකික මනෝ වෛද්‍ය විශේෂඥයකු විසින් අජිත් පී. ව සම්මුඛ සාකච්චාවට ලක්කර ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලබා දෙයිද?

      මේ ලෝ ප්‍රකට මනෝ වෛද්‍ය විශේෂඥවරයා දැනට ගතින් විදේශ රටක ජීවත්වන නමුත් සිතින් මෙහිය. අපේ රටේ කරුමය කියන්නේ මේ මනෝ වෛද්‍ය විශේෂඥවරයා තමන්ගේ ආදී ශිෂ්‍යකුයයි කියාගැනීමට අපේ රටේ කිසිදු වෛද්‍ය පීඨයක් වාසනාවන්ත නොවීමයි.

      එසේම Sri Lanka College of Psychiatrists ද මේ මනෝ වෛද්‍ය විශේෂඥවරයා වෙත අඩුම ගන්නේ සාමාන්‍ය සාමජිකත්වයවත් පිරිනැමීමට සාධාරණ නොවීම සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම ලැජ්ජාවකි.

      - හාල් මාක්ස්

      Delete
    3. ඔව් නේද මෙයා කව් රු පිලිගත්තත් වැඩක් නෑ ලන්කාවේ අය පිලිගන්නේ නැතුව නේද ? මොකද ලන්කාවෙනෙ බටහිර වයිද්‍ය විද්‍යාව බිහිවුනේ සහ දැනටත් එහි ජාත්‍යන්තර කේන්ද්‍රය . බටහිර කියල දාගෙන තියෙන්නේ සුද්දෝ.

      Delete

    4. මේ ලෝ ප්‍රකට මනෝ වෛද්‍ය විශේෂඥවරයා දැනට ගතින් විදේශ රටක ජීවත්වන නමුත් සිතින් මෙහිය. අපේ රටේ කරුමය කියන්නේ මේ මනෝ වෛද්‍ය විශේෂඥවරයා තමන්ගේ ආදී ශිෂ්‍යකුයයි කියාගැනීමට අපේ රටේ කිසිදු වෛද්‍ය පීඨයක් වාසනාවන්ත නොවීමයි. එසේම Sri Lanka College of Psychiatrists ද මේ මනෝ වෛද්‍ය විශේෂඥවරයා වෙත අඩුම ගන්නේ සාමාන්‍ය සාමජිකත්වයවත් පිරිනැමීමට සාධාරණ නොවීම සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම ලැජ්ජාවකි./////////////

      @ හාල් මාක්ස්
      මම Psychiatrist නොවෙමි. එය මම කිහිප වතාවක් කියා තිබේ. මගේ විශය පථය Psychology සහ Psychotherapy වේ. ඔබලා ඉතා ඉහලින් අගයන සෝවියට් දේශයේ MD වෛද්‍ය උපාධිය ලැබු අයෙකි. වසර 16 ලංකාවේ රෝහල් වල සේවය කලෙමි. කොලොන්ගොඩ ග්රාමීය රෝහලේ ස්ථාන භාර වෛද්ය නිලධාරී ලෙසටද (1995) මිනිපේ ප්රදේශයේ සෞඛ්ය වෛද්ය නිලධාරී ලෙසටද මුලින් සේවය කොට පසුව මීගමුව මුලික රෝහල(1998), උතුරු කොළඹ ශික්ෂණ රෝහල(2000), හලාවත මුලික රෝහල සහ කොළඹ යුද හමුදා රෝහල (2002- 2006)යන රෝහල් වල සේවය කරන ලදි. එංගලන්තයේ බාන්ස්ලි විද්යාලයෙන් ළමා මනෝ විද්යාවද , කැනඩාවේ හම්බර් විද්යාලයෙන් මනෝ සමාජීය පුනරුථාපනය පිළිබඳවද හදාරා තිබේ. එසේම ඇමරිකාවේ ෆිලඩෙල්ෆියාවේ කෝට්ස්විල් ප්රතිකාර ආයතනයේ මනෝ විද්යාඥ සුසන් රොජර්ස් යටතේ EMDR මනෝ ප්රතිකාරය පිළිබඳ පුහුණුව ලබා තිබේ. දැනට කැනඩාවේ යෝර්ක් විශ්ව විද්යාලයේ පශ්චාත් උපාධි අධ්යනයන් හදාරයි. මගේ පරියේෂණ පත්‍රිකා එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය (2015) මෙන්ම ඇමරිකා යුද හමුදාව විසින් ද පළ කොට තිබේ. ( pl see http://fmso.leavenworth.army.mil/Collaboration/international/Sri%20Lanka/PTSD.pdf අන්තර්ජාතිකව ප්‍රකට වූ පත්‍රිකා මෙන්ම පොත් කිහිපයක්ද මම ලියා තිබේ. මේ පොත් වලට පෙරවදන් සපයා තිබෙන්නේ මහාචාර්‍ය මේරි සීමන් (University of Toronto ) සහ සයිමන් ෆ්‍රේසර් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ගෝඩ්න් අතලි වැනි ලෝ ප්‍රකට විද්වතුන් වෙති. මම ඔබලා මෙන් ලිං මැඩියෙකු නොවෙමි. මම අන්තර්ජාතික ප්‍රජාව සමග වැඩකරන්නෙකි. මම කැනඩාවේ Registered Mental Health Therapist වෙමි එසේම කැනඩාවේ Registered EMDR Therapist කෙනෙකි . මට ඉරිසියාවෙන් පිරුණු කුහකයන් බහුතරය සිටින තුන්වන ලෝකයේ හිඟන රටක වෘත්තීය සංගම් වල ලියාපදිංචි අවශ්‍ය නැත​. මගේ ලියාපදිංචිය තිබෙන්නේ පලවන ලෝකයේ රටක් වන කැනඩාවේය​. ඔවුන් මගේ දැණුම සහ හැකියාවන් පිලිගනිති.

      Delete
    5. ඉතින් අනේ ඔයා ඔච්චර සිරා පොරක් නම්,සින්හලෙන් බ්ලොග් ලිය ලියා අපි වගේ කුහකයෝ හිගන්නෝඅස්සේ රින්ගන්නේ මොකටද? ඔය අන්තර් ජාතික පොරවල් වලට ඉන්ග්රීසියෙන් බ්ලොග් එකක් ලියාගෙන ඔහේට වෙලාඉන්නකො. ඔයා ඔච්චර සිරා පොරක් නම් කෙලින්ම රුසියාවෙන් අන්තර්ජාතික ප්රජාව එක්කම වැඩකරන්න තිබුනනේ.ලන්කාවේ ඈත කැලවල් වල හිගන්නෝ අස්සේ රින්ගුවේ මොකටද.? වැදගත් වුර්තිකයෝ ඔය වගේ පොර ටෝක් දෙන්නේ නැහැ හලෝ.මිනිස්සුන්ට අපහාස කරන්නේත් නැහැඔය ලන්කාවේ ප්රොෆෙශනල් බොඩීස් වල ලියාපදින්චිය ලබා ගන්න සුදුසුකම් නැති බව නොකියා ඒවාට අපහාස කිරීමෙන් ඔබට ලබාගත හැක්කේ කුමක්ද.

      Delete
    6. ඉතින් ඔයා ඔය හැම තිස්සෙම ලන්කාවේ කරපු රිසර්ච් ගැන කිය කියා ඉන්නේ අන්තර් ජාතික ප්‍රජාව ගැන පලමු ලෝකයේදී කරපු රිසර්ච් ගැන කියන්න කෝ.කැනඩාවේදී පබ්ලිශ් කරපු පොත් ගැන කියන්න කෝ.

      Delete
    7. This comment has been removed by a blog administrator.

      Delete
    8. Why do you delete our comments man? We need to expose this self-acclaimed (pseudo) psychiatrist.

      Delete
    9. ඔයා මනෝ වෛද්‍ය විශේෂඥයෙක් තියා මනෝවෛද්‍යවරයෙක්වත් නෙවෙයි කියලා අපි දන්නවා. ඒත් ඔයා හරි කැමතියි නේද අනික් අය එහෙම කියනවට? ඔයා දන්න මනෝ වෛද්‍ය විද්‍යාවක් නැහැ. ඒත් ඔයා මනෝ වෛද්‍යවරුන්ටත් මනෝ වෛද්‍ය විද්‍යාව උගන්නන්න නම් හදනවා. ඔයාගේ ඔය උඩ දාන MD එක පශ්චාත් උපාධියක් නෙවෙයි. ඒක MBBS එකටත් වඩා සබ්ස්ටෑන්ඩර්ඩ් පළමු උපාධියක්. ඒවා අරන් එන අයගේ වැඩ කිඩ අපි ඕන තරම් දැකලා තියෙනවා ඇක්ට් සික්ස්ටීන් එකේදී. ඔයා මෙතන නොදන්න අය මැද්දට පැනන් මහා ප්‍රාඥයා වෙන්න හදන්න එපා. ඔයාට කොහොමත් පෙරිපරිවල MO, AMOH, MOH වගේ වැඩක් ඇරෙන්න වෙන මොනවා දෙන්න ද මෙයා. ඔගොල්ලන්ට ඉතින් කොහොමත් ඉතිරි වෙන්නේ ඔයා ඔය අන්තිමට හිටිය රෝහල තමයි. ඔයාට වඩා දක්ෂකමක් තියෙන ඔයාගේ ජාතියේ අය නම් ඇනස්තීසියා වලට හරි පැන ගන්නවා. ඔයා ඔය මිනිපේ ඉදන් හලාවත, මීගමුව, රාගම ආවේ මනෝ වෛද්‍ය විශේෂඥ පුහුණුවට නෙමෙයිනේ. මිනිස්සුන්ව රවට්ටන්න එපා. ඕනෙනම් පෙරිපරි ගිහින් ජාතික රෝහලටම වුණත් ක්‍රමයෙන් එන්න පුළුවන්. ඔයා ඒවා ගැන කයිවාරු ගහන්නේ ඔයා දක්ෂ කමින් ආවා වගේ. ඔයා ඉතිං ඇක්ට්සික්ස්ටීන් එකෙන් වැඩකිඩ පෙන්නලා ලිස්ට් එකේ යටින් පළවෙනියා වුණාම එකපාරම ජාතික රෝහලට පත්වීම් ලැබෙන්නේ නැහැ අනේ.

      ඇක්ට් සික්ස්ටීන් එකත් රීලා ගොඩ දා ගත්ත ඔයාට මොන පශ්චාත් උපාධි ද මෙයා. ඔයාට නොබෙල් තෑග්ග ලැබෙයි කියලා ඔයා හිතන් ඉන්නේ ඔයා ලියන ලෙඩ්ඩුන්ගේ විස්තරවලටද? ඒවා කෙටිකතා කියලා හිතන් ඉන්න එක්කෙනෙක් ඒවා යටින් "excellent" කියලා කමෙන්ට් කරනවා. එහෙම කරලා ඉන්ටවිවි එකත් ලබා ගන්නවා. ඔයා වගේ අයව ලොකු කොහොමත් ඔයාගේ ජාතියෙම පොරටෝක්කාරයන්ට තමයි. ඔයාගේ ඔය නොබෙල් තෑගි සිහිනය අත්හැර ගන්න. ඒක ලාංකිකයෙක්ට ලැබෙනවා නම් ලැබෙන්න ඕන කමනි මෙන්ඩිස්ට (නාලකගේ නෝනා) මිසක් ඔයා වගේ පචෝරිස් කෙනෙකුට නෙවෙයි.

      ඔයා ඔය ලිව්වා කියන පොත් කබල් ගැනත් කියන්නම්කෝ ඔයාම මෙතනට ඇදලා ගත්ත නිසා. ඔයා මාරයි මෙයා. ලෙඩ්ඩුන්ගේ විස්තර ලියලා පොත් විදියට දානවා. ඔය ලෙඩේ කාලයක් පුෂ්පාටත් තිබ්බා. හැබැයි පුෂ්පා ඔයාට වඩා යමක් දන්න කෙනෙක්. පුෂ්පාට තමන්ගේ වෘත්තිය ගැන ඕන කරන සුදුසුකම් තියෙනවා. අනෙක ඔයාට වඩා මෙඩිසින් ගැනත් පුෂ්පා දන්නවා. ඔයාගෙන් කාලයක් තිබ්බ ලොකුම කරදරයක් තමයි ඔයාගේ පිස්සු පොත් ඔයා බලෙන් ක්ලිනික්වලට දෙන එක. බෝර්ඩ් සර්ටිෆයිඩ් ස'කියැට්රිස්ලා යුනිට් එකක් බාර ගත්ත ගමන් ඔයාගේ මනස්ගාත පොත් ටික යුනිට් ලයිබ්‍රි එකෙන් එලියට දානවා. මොකද ඔයාගේ ටොම්පච කියවලා අලුතින් එන MO කණ්ඩායම් ඔලුව අවුල් කර ගන්න නිසා. ඒක නිසා හලාවත, මීගමුව, රාගම වගේ පැතිවල කඩලකාරයන්ට හොදයි. ඔයාට පින් දෙනවා ඇති.

      Delete
    10. This comment has been removed by a blog administrator.

      Delete
    11. තුන්වන ලෝකයේ ඉරිසියාව , කුහකකම ,පෙන්වන අනගි ලියවිල්ලකි. මොහු මෙසේ කියයි ///බෝර්ඩ් සර්ටිෆයිඩ් ස'කියැට්‍රිස්ලා යුනිට් එකක් බාර ගත්ත ගමන් ඔයාගේ මනස්ගාත පොත් ටික යුනිට් ලයිබ්‍රි එකෙන් එලියට දානවා /////// මේ පොත් මා ලියා තිබෙන්නේ ලංකාවේ ප්‍රකට මනෝ වෛද්‍යවරයෙකු වූ නීල් ප්‍රනාන්දු මහතා සමග බව මොහු නොකියන්නේ මන් ද ? මේ ලියපු පුද්ගලයා තම නියම නමෙන් පෙනී සිටින්නටවත් බිය නිවටයෙකි. ඔහු කිසිම දිනෙක තමන් ගේ නියම නමින් මා සමග වාදයකට එන්නේ නැත​. මොහු අනිවාර්‍යෙන්ම දිස්ත්‍රික් කෝටාව නිසා තුන්වන ලෝකයේ ඉතියෝපියාව උගන්ඩාව වැනි අසමත් රාජ්‍ය වල විශ්ව විද්‍යාල වලටත් පහල ලෝකයේ විශ්ව විද්‍යාල දර්ශක අතරින් පළමු 2000 ටවත් අයත් නොවන වෛද්‍ය විද්‍යලයකට ගොස් සෝවියට් දේශය වැනි හඳටත් ගිය ජාතියක් විසින් දුන් වෛද්‍ය උපාධියක් හෑල්ලු කරන්නට හදන්නේ තමන් ඉතියෝපියා උගන්ඩා වෛද්‍ය විද්‍යල වලටත් පහත් වෛද්‍ය විද්‍යාලයකින් පැමිනි හීනමානය වසා ගැනීමටය​. මෙවැනි හීනමාන ග්‍රාමීය පසුගාමීත්වයෙන් පිරි බයියෝ මම ලංකාවේ රෝහල් වල සේවය කල කාලය තුලදී දුටුවෙමි. මා විසින් ලියන ලද පී.එම්.සී / රෝහලේ සමාජවාදය ලිපි කියවන්න . එම ලිපි වල ඔබ වැනි ඉරිසියාවෙන් විඳවන අවාසනාවන්ත මිනිසුන් ගැනද සඳහන් වේ. හැකිනම් අජිත් පැරකුම් ජයසිංහ හරහා ඔබගේ අනන්‍යතාවය තහවුරු කරගෙන මා සමග ප්‍රසිද්ධ විවාදයකට එන්න​. ඔබ නොඑන බව මට 100 % විශ්වාසය​. ඒ මන් ද යත් ඔබ වැනි ඉරිසියාව , කුහකකම ග්‍රාමීය පසුගාමීත්වයෙන් සපිරි දිස්ත්‍රික් කෝටාව නිසා වෛද්‍ය විද්‍යාල වලට ගිය පුස්සෝ ආත්ම ශක්තිය නැති නිසා බුරන්නේ හැංගී සිටය​. ජීවිතයේ එකම සැරයක් හෝ මිනිසෙකු වන්න . හැකි නම් මා සමග ප්‍රසිද්ධ වාදයකට එන්න​. ඔය රිචඩ් මාක්ස් , හාල් මාක්ස් වගේ බොරු නම් වලින් එන්න ලැජ්ජ නැද්ද​?

      Delete
    12. ට්රාන්සිල්වේනියා,
      AnonymousJanuary 3, 2017 at 12:15 PM
      යන කොමෙන්ට් එක දැම්මේ මමයි.අනෙක් කොමෙන්ට් ගැන මාදන්නේ නැත. මා දොස්තර කෙනෙක් හෝ එවැන්නෙක් නොවෙමි. මා ඇනෝ එන්නේ බ්ලොගර් විසින් ඒ පහසුකම දී ඇති බැවිනි. ඔබ ඊට කැමති නැතිනම් කල යුත්තේ බ්ලොගර් හට ඒ ඔප්ශන් එක නැති කරන ලෙස දැන්වීමයි.නැත්නම් පැරාට කියා ඇනෝ බ්ලොක් කල හැක. තමන්ගේ සුදුසුකම් කිය කියා යන එක මා දකින්නේ ඇනෝ එන එකටත් වඩා නිවට කමක් ලෙසිනි. මා නැවතත් පලමු ප්රශ්නය අසන්නම්.මුලු ලෝකෙම පිලිගත්ත සිරා පොරක් වන ඔයා අපි වගේ හිගන්නන් නිවටයන් කුහකයන් අස්සේ එන්නේ මොකටද?
      පැරාට,මා මේ බ්ලොග් එක බලන්නේ 2009 සිටයි. ඉද හිට කොමෙන්ට්ද කරමි.ඔබේ බ්ලොග් එක අල කිරීමට මට අවශ්ය නැත.

      Delete
    13. “තුන්වන ලෝකයේ හිඟන රටක වෘත්තීය සංගම් වල ලියාපදිංචි අවශ්‍ය නැත” .

      මින් මේ ලෝක මට්ටමේ විශේෂ (අ)ඥ මනෝ වෛද්‍යතුමන් අදහස් කරනුයේ Sri Lanka College of Psychiatrists ය. මේ පිලිබඳ වැඩි විස්තර සඳහා වෙබ් අඩවිය http://slcpsych.lk/web/ වේ.

      සැබවින්ම මෙය වෘත්තීය සංගමයක් නොව විශේෂඥ සුදුසුකම් ලද Psychiatrists ලා විසින් පිහිටුවා ගන්නා ලද තවත් professional body එකකි.

      මෙහි සාමාජිකත්වය ලබාගැනීම හිඟමනෙන් නම් සිදු කළ නොහැක. මෙහි සාමාජිකත්වය (Ordinary membership or Associate membership ) ලබාගැනීමට අවශ්‍ය සුදුසුකම් පහත දැක්වේ.

      Ordinary membership

      Any medical practitioner who has the qualification of Doctor of Medicine ( psychiatry) of the Postgraduate Institute of Medicine of the University of Colombo.

      A fellow or a member of the Royal college of Psychiatrists of United Kingdom, United States of America , Australia and New Zealand prior to and including 1986 practicing psychiatry in a manner acceptable to the Council.

      Associate member
      A medical practitioner who is a graduate of a Medical School or University recognized by the Sri Lanka Medical council and who is registered or qualified to be registered as a medical person under section 29 of the Medical ordinance and has been successful in MD ( Psychiatry) part 1 examination or holds a diploma in Psychiatry.
      A medical practitioner who is a graduate of a Medical School or University recognized by the Sri Lanka Medical council and who has obtained Fellowship or Membership of the Royal college of Psychiatrists of the United Kingdom, United States of America, Australia and New Zealand after 1986, who is practicing psychiatry in a manner acceptable to the Council.

      ලෝක මට්ටමේ විශේෂ (අ)ඥ මනෝ වෛද්‍යතුමෙකුට සභාවක් ඉදිරියේ යටට නොඇඳ සරම ඔසවා මුහුණ පිසීමට ඇති අයිතියට අපි ගරුකරමු.

      Delete
    14. එකල පැවති දේශපාලන මණ්ඩලයේ යෝජනා සම්මතය පරිදි සමාජවාදී සෝවියට් දේශය විසින් 1980 දශකයේ දී අකනිටා බඹ ලොව සිට මනුලොව දක්වා සොයා බලා, ඉන් පෙර ”තුන්වන ලෝකයේ හිඟන රටක” රජ පවුලක සඳුන් ගැටයක් අතින් දරා උපන්, රන් හැන්දෙන් රන්කිරි කට ගෑ මහෞෂධ කුමරුවෙකු නිසි කල පැමිණි කල ඒ රටින් රැගෙන තම රට ගෙනගියේ වෛද්‍ය අධ්‍යාපනය ලබා දෙනු සඳහාය.

      ඒ කුමක් නිසාවත් නොව “ ඒ හිඟන රටින් ” තම භූමියට පැමිණ වෛද්‍ය අධ්‍යාපනය ලබන පින්වත් කුමරුවකු අනාගතයේදී “පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය” පිලිබඳ පර්යේෂණ නිසාම වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් වන අනාගත නොබෙල් ත්‍යාගයෙන් වසර 2017 දී පිදුම් ලබන බවද, ඔහු වෛද්‍ය අධ්‍යාපනය ලැබූ වෛද්‍ය විද්‍යාලයද ඒ අයත් රටද ඒ නිසාම මහත් කීර්තියකට පත්වන බවද අවසාන සාර් රජතුමාට රස්පුටින් කියූ අනාවැකියක් සඳහන් ලේඛනයක් ලුනචාර්ස්කි විසින් සොයාගනු ලැබ තිබීම නිසාය.
      මේ ලෝ ප්‍රකට විශේෂ (අ)ඥ මනෝ වෛද්‍යතුමා MD උපාධිය ලබා අර “හිඟන රටට” පැමිණ කොතෙක් උත්සාහ කළ අර “හිඟන රටේ” MD උපාධිය නම් ලබා ගත නොහැකි වීම අර “හිඟන රටේ” කරුමයයි.

      සමහර කට හැකරයන්නම් කියන්නේ අර “හිඟන රට” හඳට රොකට් යවා නැති නමුත් ඒ රටේ MBBS උපාධිය අර රටේ MD උපාධියට වඩා උසස් බව බටහිර රටවල් පවා පිළිගන්නා බවයි.

      අර “හිඟන රටේ” මර හිඟන්නන් සමග මේ ලෝ ප්‍රකට විශේෂ (අ)ඥ මනෝ වෛද්‍යතුමාට ඉන්න බැරිබව තේරුම්ගත් පලවන ලෝකයේ රටක් වන කැනඩාව එතුමාව ගෙන්වා ගත්තේ එතුමාට නිසැකව ලැබෙන නොබෙල් මල්වට්ටියට අත ගසන්න්නට කැනඩාවත් හැකිවන වන නිසාමය.

      Delete
    15. කැනඩාවේ ඉන්න පැරාමෙඩික් හොර සයිකියැට්රිස්ට්, ඔයාගේ රුසියන් එම් ඩී එකේ තරම ගැන නම් කතා කරලා වැඩක් නැහැ. ඒකේ තරම අපි හොදට දන්නවා. ඔයා ඒ ජාතියෙ හවුස් ඔෆිසර් කෙනෙක් දන්න තරම්වත් මෙඩිසින් දන්නේ නැති බවත් අපි දන්නවා.

      ඔයා ඉතින් සයිකියැට්රි දන්නේ නැති එකේ නීල්ගේ ‍ක්ලාර්ක් වැඩේ කරන්න ඇති. ඒ වගේ මට්ටමෙන් එනවා නම් කමක් නැහැ. හැබැයි ඔයා වි‍ශේෂඥ මනෝ වෛද්‍යනම් නෙවේ මෙයා. ඒක පේන තැනක ලායලා ති‍යාගන්න.

      ඔයා ඔච්චර වීරයා නම් අර පැරා මැකුව කමෙන්ට් එක පබ්ලිෂ් කර ගන්නකෝ. ඒකේ තියෙනවා ඔයාගේ කෙරුවාවේ ඉතුරි ටික. පැරාට කියලා පබ්ලිෂ් කරගන්න බලන්න. ඔයාගේ රෙදි ගැලවිලා ඉවරයි ගොයියෝ දැන්. ඔයා දන්න වෛද්‍ය විද්‍යාවක්වත් මනෝ වෛද්‍යවිද්‍යාවක්වත් නැහැ. ඔයා ෆුල් ට්‍රයි එකක් දෙනවා පොරක් වෙන්න. ඒත් ඔයාට බැහැ. උපන් හැකියාව ඔච්චරයි. ඉන්ටර්විව් එකක් කරන් ඉන්න ඔයාගේ ජාතියේ එක්කෙනෙක් එක්ක.

      ඔයා දන්නවා ද දිස්ත්‍රික් කෝටාව අදාල නැති මෙරිට් ලිස්ට් එකක් තියෙන බව? ඔයාට බැහැ අනේ. ඔයා වි‍‍ෙශ්ෂඥ මනෝ වෛද්‍යවරුන්ට ජෙල දාන්න එපා. ඔයා සතුටු වෙන්න අලුත් සයිකියැට්‍රිස් එක්ක කතා කරන්න ලැබිච්ච එක ගැනවත්. එයා ඔයාට වඩා ගොඩක් ක්වොලිෆයිඩ්. පැරාමෙඩික් කෙනෙක් කන්සල්ටන්ට් සයිකියැට්‍රිස්ට් කෙනෙක්ට සයිකියැට්‍රි උගන්වන්න යනවා. මැස්සෙක් ගිය උඩ! ඔයාට බැහැ මෙයා. ක්ලැරිකල් ජොබ් එකක් හොයලා දෙන්න ද?

      වීරයට අපි කියනවා පැරා මැකුව කටමන්ට් එක පබ්ලිෂ් කරන්න කියලා වීරයගේ රෙදි ගැලවෙන හැටි බලන්න.

      ඔයාට බැහැ. ඒක ලබා උපන් හැටි මෙයා. ඊලග ආත්මෙදිවත් ට්‍රයි කරන්න හොදේ.

      Delete
    16. MR. Paramedic, ඇයි පැරාට කියලා කමෙන්ට් මකවන්නේ?

      Delete
    17. මම පැරාට කිසිම කමෙන්ට් එකක් මැකීමට උපදෙස් නොදුන් බව පැරා දන්නවා ඇති. පැරා මේ කබ්බන් ගේ ඕනම අපහාස කොමෙන්ට් එකක් කුණුහරප වේවා පළ කරන්න​. කපන්න එපා.

      මට ඔබලා වැනි ලෝක ශ්‍රේනිගත කිරීමේදී ඉතා පහල අගයක් දරණ 1960 ගනන් වල සිට තවමත් ලෝකය පිලිගත් පරියේෂණයක් / පරියේෂණ පත්‍රිකාවක් එළි දැක්වීමට නොහැකි වූ නොදියුණු අධ්‍යාපන ආයතන වලින් එන ඔබලාට කැනඩා / US වෛද්‍යවරු කියන්නේ Third World Medical Graduates කියාය​.

      අර ටිකක් පොෂ් ඉංග්‍ර්‍රිසි දන්න පවුල් වලින් ආ කොල්ලන් ඔබලාගේ නොදියුණු අධ්‍යාපන ආයතන වලින් ආවද ඔවුන් පොත පත කියවා මේ කලාපයේ විභාග වලින් පාස් වී ලංකාවේ නම්බුව ටිකක් හෝ තබති. නමුත් ඔබලා වැනි බයියන්ට IELTS පාස් වීමටවත් දැණුමක් නැති නිසා ඔබලාව මේ රටවල් ගන්නේ නැත . ඒ නිසා ලංකාවේ වේලෙමින් පිටරට ඉන්න මිනිසුන්ට ඉරිසියා කරමින් ඔබලාගෙ 3 වන ලෝකයේ අසූචි වලේම ඉන්න​. අසූචි වලේ ඉන්නා පනුවාට අසූචි වල හිල්ටන් එකකි. ඒ නිසා ලංකාවෙන් පිට කිසිම රටකට ගොස් නැති යන්නටත් ක්‍රමයක් නැති ඔබලා ඔය හිල්ටන් අසූචි වලේම ඉන්න.

      සයිකයාට්‍රි සහ සයිකෝලොජි අතර වෙනස නොදත් ලංකාවෙන් පිටරටකට ගොස් නැති ලිං මැඩියන්ට ඉරිසියාවෙන් පිරුණු කුහකයන් බහුතරය සිටින තුන්වන ලෝකයේ හිඟන රටක වෘත්තීය සංගමයක් මහ මෙරක් වූවාට බටහිර රටවල් ඔබලාව ගනන් ගන්නේ නැත​. ඔවුන්ට එය තවත් එක් තුන් වන ලෝකයේ දුගී හිඟන ජොයින්ට් එකකි. මා කියන්නේ බොරු නම් පිටරට ඉන්න අයගෙන් අසා ගන්න.

      මාව 2016 අගෝස්තු මාසයේදී හාවර්ඩ් විශ්ව විද්‍යාලය (මහාචාර්‍ය ජුඩිත් හර්මන් විසින් ) විසින් PTSD මාතෘකාවක් සඳහා මට දේශනයකට ආරාධනා කරන ලද බව මේ මැට්ටා දන්නේ නම් ඉරිසියවේ හද පැලී යනු ඇත​. ඔබලාගේ දුගී හිඟන ජොයින්ට් එකේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ දේශනයකට ගියේ කවුද ?

      මට කැන්සාස් වල වොෂ්බන් විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය ්ඩ්විඩ් ප්‍රවෝස් PTSD සඳහා ආරාධිත දේශනයකට ආරාධනා කලේ 2006 තරම් අතීතයකය​. ඔබලාගේ හිඟන ජොයින්ට් එකේ වොෂ්බන් ගියේ කවුද ?

      එසේම කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය විසින් පබ්ලිශ් කරන ලද 2015 ග්ලෝබල් මෙන්ටල් හෙල්ත් සංග්‍රහයේ එක් පරිචේදයක් ලියන ලද්දේ ලාංකික වෛද්‍යවරුන් දෙදෙනකි. එක් අයෙක් රුසියන් MD ලත් මා බව දැනගන්න​.

      මනෝ විද්‍යාව / මනෝ චිකිත්සනය ගැන ඉදිරි කාලයේ මම ලෝකයේ ප්‍රධාන පෙලේ විශ්ව විද්‍යාලයක PhD අධ්‍යනය ආරම්භ කරමි එවිට ඔබලාගේ ඉරිසියාවෙන් කුජීත වූ හදවත් නවතිනු ඇත​.


      ලෝකයේ විශ්ව විද්‍යාල දර්ශක අතරින් පළමු 2000 ටවත් අයත් නොවන වෛද්‍ය විද්‍යලයකට දිස්ත්‍රික් කෝටාව නිසා තමන් ගේ නියම නමින් මා සමග වාදයකට ඒමට බිය නිවට හීනමාන බයියෙක් / බයියන් සමග තවත් වාද කිරීමෙන් පලක් නැත​. මොවුන් කවදවත් කෙලින් මා සමග වාදයකට එන්නේ නැත​. එන්නේ ඇනෝලා වශයෙනි . මොවුන් මට බයය.

      මිනිසුන් ජීවත් විය යුත්තේ අනුකම්පාවට ලක් වෙමින් නොව ඉරිසියාවට ලක් වෙමින් බව ලෙනින් කියා තිබේ. මේ කබ්බන් ගේ ඉරිසියාවට ලක් වීම මගේ සාර්ථකත්වයේ එක් දර්ශකයකි.

      පැරා මම නවතිමි.

      Delete
    18. මේ දොස්තරට/මනෝ චිකිත්සකයාට මාමේ ප්රශ්නය යොමු කරන්නේ තෙවෙනි වතාවටය.
      ලෝකෙ හැම තැනින්ම දේශන වලට ආරාධනා ලැබෙන, පලවෙන ලෝකයේ අන්තර්ජාතික ප්රජාව එක්ක ජීවත් වන,පශ්චාත් උපාදි කරන ඔයා ඇයි සින්හලෙන් බ්ලොග් ලිය ලියා අපි වගේ මෝඩ තකතීරු හිගන ඉන්ග්රීසි බැරි ජීවිතේට පිටරට දැකලා නැති ගම්වල ජීවත් වන අය අස්සේ රින්ගන්නේ. ඔය ගිය රටටම වෙලා ඉන්ග්රීසියෙන් බ්ලොග් එකක් ලියාගෙන රිසර්ච් එකත් එහෙම කරගෙන අන්තර් ජාතික ප්රජාව එක්කම ඉන්න පුලුවන්නේ. ඔයාගේ ඔය ලොකු කතන්දර අපිට කියන්නේ ඇයි.ඒවාත් ඒගොල්ලන්ටම කියන්නේ නැත්තේ ඇයි.
      අපි වගේ නූගත් ලින් මැඩියන් ඉන්න ඉතියෝපියාවටත් පහල විශ්ව විද්යාල තියෙන ගොන් රටකින් ඔයා ගියානේ.දැන් ඉතින් ඔහාට වෙලා ඉන්න බැරි ප්රශ්නය මොකක්ද?
      දිස්ත්රික් පදනමින් කැම්පස් ආපු ගම්වල ඉන්ග්රීසිත් බැරි මෝඩයන් ලන්කාවේ කන්සල්ටන්ට්ලා වෙද්දී ඔයා වගේ හදට ගිය රටකින් සිරා උපාදියක් ගත්ත ඉන්ග්රීසි පුලුවන් රට රටවල් වල ගිය සිරාපොරකට ලන්කාවේ පශ්චාත් උපාදියක් පාස් වෙන්න බැරි වුනේ ඇයි.
      ඔයා පී එච් ඩී එක ඉවර වෙනකොට ඔයාට වයස කීයක් විතර වේවිද.

      Delete
    19. මේ පුද්ගලයා ඉතා විශාල බොරු ගන්නාවක් කියා ඇති නිසා පැහැදිලි කිරීමක් කරමි.
      1.මොහු මූලික උපාධිය ලබා ඇත්තේ යුක්ක්රේනයේ විනිට්ස්යා නම් විශ්ව විද්යාලයෙනි.එය ලෝක ශේනිගත කිරීම් වලදී ඇත්තේ ලන්කාවේ විශ්ව විද්යාලවලට වඩාඉතා පහලිනි. එය රුසියාවෙන් ලද ආධාරයකි
      2.මොහු මේ ලිපි රිසර්ච් පේපර්ස් පල කල ඇමරිකානු ආරක්ශක කේම්බ්රිජ් වැනි ෆෝරම් පවතින්නේ නිදහස් අඩවි වශයෙනි.නැතුව ඒවා ඔවුන්ගේ ප්රධාන පර්යේශන අඩවි නොවේ.විශය ගැන උනන්දු අයෙකුට ලිපි තමන්ගේ පර්යේශන ආදිය ඒවායේ පල කර ගත හැක.හරියට අපි පොඩිකාලේ ලමා පත්තරයකට ලිපියක් ලිව්විට සමහර විට පලවුනාක් වැනිය.ලමා පත්තරයක ලිපියක් පල වුන පලියට ඕ ලෙවෙල් පාස් වෙන්නට බැරි බව අපි දනිමු.
      3.කතා පැවැත්වීම .මොහු කියන්නේ මොහුගේ කීර්තිය රටරටවල පැතිරීම නිසා ඔවුන් මොහුව කතා පැවැත්වීමට ගෙන්නා ගත්තා කියායි.නමුත් සිදු වූයේ එය නොවේ.මොහු ලන්කාවේ ආමි එකේ පොදු දත්ත මොහුගේ වගේ භාවිතා කිරීමයි.
      4. ලන්කාවේ දොස්තර කෙනෙකුට කැනඩාවේ හෝ අමෙරිකාවේ එකවර ලියාපදින්චි වීමට නොහැක.ඒ සදහා විභාග කිහිපයක් සමත් විය යුතුය.බොහෝ දෙනෙක් කරන්නේ පලමුව පැරාමෙඩිකල් වැඩක් හොයාගෙන පසුව විභාගය පාස් වීමය.මේවා කවුරුත්දන්නා දෙවල් වන අතර ලන්කාවෙන් ගිය දොස්තලා මේවා හන්ගන්නේ නැත.
      5.මනෝ උපදේශනය හා මනෝ වයිද්ය විද්යාව දෙකක් ලෙස මොහු කියන දෙය ඇත්තකි.නමුත් මනෝ වයිද්ය වරයෙකු වීම ඉතාඅපහසු වන අතර මනෝ උපදේශකයකු වීම ඉතා පහසු දෙයකි.ඊට උසස් අද්යාපන සුදුසුකම් හෝ විශාල මුදලක් අනවශ්ය වන අතර ලන්කාවේ පවා දැන් මෙවැනි කුඩා පාඨමාලා පවතී. මෙය රැකියා දෙකකි.මනෝ චිකිත්සකයකු යනු වයිද්යවරයෙකු නොවේ.ලන්කාවේ ලැබ් වල වැඩ කරන අය මෙනිනමුත් මේ සම්භන්දයෙන් ඉහලට ඉගෙන ගතහැක.සාමාන්යයෙන් දොස්තරලා මෙවැනිදෙවල් කරන්නේ නැත.දොස්තර කෙනෙකු වෙන්නට ඉගෙන ගෙන ෆාමසිස්ට් කෙනෙක් වීම මීට සම කල හැක.

      Delete
    20. මේ මැට්ටා තමාගේ කකුල තම මුඛයට දමාගෙන තිබේ.

      1) මොහු මූලික උපාධිය ලබා ඇත්තේ යුක්ක්රේනයේ විනිට්ස්යා නම් විශ්ව විද්යාලයෙනි.එය ලෝක ශේනිගත කිරීම් වලදී ඇත්තේ ලන්කාවේ විශ්ව විද්යාලවලට වඩාඉතා පහලිනි. එය රුසියාවෙන් ලද ආධාරයකි { ඒ කියන්නේ අපි ඔක්කොම එකම බෝට්ටුවේද ? උගන්ඩාවටත් පහලින් ද ? මම අධ්‍යාපනය ලැබුවේ සෝවියට් සමය තුලය .. ඒ කාලයේ ග්‍රේනිගතකිරීම අනුව ලෝකයේ මුල් පෙල 150 තුල සිටියේය​. නමුත් ඔබලා මුල් 2000 අතරවත් නැත }

      2) මොහු මේ ලිපි රිසර්ච් පේපර්ස් පල කල ඇමරිකානු ආරක්ශක කේම්බ්රිජ් වැනි ෆෝරම් පවතින්නේ නිදහස් අඩවි වශයෙනි.නැතුව ඒවා ඔවුන්ගේ ප්රධාන පර්යේශන අඩවි නොවේ.විශය ගැන උනන්දු අයෙකුට ලිපි තමන්ගේ පර්යේශන ආදිය ඒවායේ පල කර ගත හැක.හරියට අපි පොඩිකාලේ ලමා පත්තරයකට ලිපියක් ලිව්විට සමහර විට පලවුනාක් වැනිය.ලමා පත්තරයක ලිපියක් පල වුන පලියට ඕ ලෙවෙල් පාස් වෙන්නට බැරි බව අපි දනිමු. { අනේ මැට්ටෝ මේ ලින්ක් එක බලනු. http://assets.cambridge.org/97811070/22324/frontmatter/9781107022324_frontmatter.pdf මේ අනුව (Cambridge University Press - Essentials of Global Mental Health Edited by Samuel O. Okpaku ) මා සමග මේ පරියේශන පත්‍රිකාව කල ලංකාවේ මනෝ වෛද්‍ය විශේසඥ මහාචාර්‍ය දයා සොමසුන්දරම් ද ලමා පත්තරයකට මා සමග ලියා තිබේ . මට අපහාස කලාට කමක් නැත මහාචාර්‍ය දයා සොමසුන්දරම්ට අපහාස කරන්න එපා }


      3) කතා පැවැත්වීම .මොහු කියන්නේ මොහුගේ කීර්තිය රටරටවල පැතිරීම නිසා ඔවුන් මොහුව කතා පැවැත්වීමට ගෙන්නා ගත්තා කියායි.නමුත් සිදු වූයේ එය නොවේ.මොහු ලන්කාවේ ආමි එකේ පොදු දත්ත මොහුගේ වගේ භාවිතා කිරීමයි. { මැටි මහතානනි ලෝක ශ්‍රේනිගත කිරීමේදී ඔබලා මෙන් නොව ලෝකයේ හොඳම විශ්ව විද්‍යාලය වූ හාවර්ඩ් විශ්ව විද්‍යාලලේ මට පීටීඑස්ඩී ගැන දේශනයකට ආරාධනා කලේ පොදු දේවල් ඇසීමද ? හාවර්ඩ් විශ්ව විද්‍යාලයත් ඔබලාගේ මෙන් උගන්ඩා ස්වාසීලන්ත විශ්ව විද්‍යාල එක්ක ඉන්න ආයතනයක් කියාද සිතුවේ.හාවර්ඩ් විශ්ව විද්‍යාලය ආරාධනා කරන්නේ ඒ ඒ විශයන් ගැන දැණුම තිබෙන බව තහවුරු කර ගැනීමෙන් පසුව බව මේ බ්ලොගය කියවන සාමාන්‍යෙ පෙළ සමත් සිසුන් ද දනිති }

      4) 4. ලන්කාවේ දොස්තර කෙනෙකුට කැනඩාවේ හෝ අමෙරිකාවේ එකවර ලියාපදින්චි වීමට නොහැක.ඒ සදහා විභාග කිහිපයක් සමත් විය යුතුය.බොහෝ දෙනෙක් කරන්නේ පලමුව පැරාමෙඩිකල් වැඩක් හොයාගෙන පසුව විභාගය පාස් වීමය.මේවා කවුරුත්දන්නා දෙවල් වන අතර ලන්කාවෙන් ගිය දොස්තලා මේවා හන්ගන්නේ නැත. { හැංගීමට දෙයක් නැත මම කැනඩාවට ආවේ 2009 දී ය 2010 වන විට මම ලෝකයේ හොඳම විශ්ව විද්‍යාලයක් වන යෝක් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා උපාධිය හදාරමින් සිටි බව ප්‍රසිද්ධියේ කීවෙමි. මගේ FB එකෙත් එය තිබේ. මේ පශ්චාත් උපාධි අධ්‍යනයෙන් පසුව PhD එක වෙත නුදුරු කාලයේ යමි }

      5) මනෝ වයිද්ය වරයෙකු වීම ඉතාඅපහසු වන අතර මනෝ උපදේශකයකු වීම ඉතා පහසු දෙයකි. { මැටි මහතානෙනි මම කැනඩාවේ ලියාපදිංචි මනෝ චිකිත්සකයෙක්මි, එසේම චිකිත්සනය සඳහා ලියාපදිංචිය තිබේ. පීඑච්ඩී එකක් අවසන් කිරීමෙන් පසුව මනෝ විද්‍යාඥ සන්නාමය ලැබේ. ඔබ කියන පරිදි ////////////උසස් අද්‍යාපන සුදුසුකම් හෝ විශාල මුදලක් අනවශ්‍ය වන අතර ලන්කාවේ පවා දැන් මෙවැනි කුඩා පාඨමාලා පවතී. ///////////// අනේ මැට්ටෝ ඔබ ලංකාවත් කැනඩාවත් සංසංදනය කරන්න එපා. කැනඩාවේ ලියාපදිංචි මනෝ චිකිත්සකයෙක්මි, එසේම චිකිත්සනය සඳහා ඔබලාගේ මෙන් ඉතා පහල අගයක් දරණ විශ්ව විද්‍යාල වලින් නොව කැනේඩියානු විශ්ව විද්‍යාලයකින් මනෝ විද්‍යාව සඳහා උපාධියක් තිබිය යුතුය​. IELTS පාස් වීමට ඉංග්‍රීසි දැණුම නැති ඔබලා වැනි පුද්ගලයන්ට කැනේඩියානු විශ්ව විද්‍යාලයකින් මනෝ විද්‍යාව සඳහා උපාධියක් ලබා ගැනීම යනු සිහිනයකි. තවද කැනඩාවේ ලියාපදිංචි මනෝ චිකිත්සනය සඳහා තුන් වන ලෝකයේ මනෝ වෛද්‍යවරු ලඟ නොව කැනඩාවේ (පළවන ලෝකයේ) මනෝ වෛද්‍යවරු ලඟ ප්ලේස්මන්ට් කොට තිබිය යුතුය​. මම මේවා සියල්ලම ජය ගත්තෙමි. (part 1)

      Delete

    21. අනේ මැටි මහතානෙනි මේ අහන්න (part 2)

      1980 දී පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (PTSD) සොයා ගැනීමෙන් පසු ඉතා වැදගත් සොයා ගැනීමක් ලෙස හැඳින්විය හැකි Posttraumatic Embitterment Disorder (PTED) රෝගය මනෝ විද්‍යාවට අභිනවයෙන් එක්වූ නවතම කාංසා/ ක්ලමථ රෝගී තත්වයකි. මෙම අන්තර්ජාතික (PTED) සම්මේලනයේ වෛඥානික කමිටු සාමාජිකයෙකු ලෙස මටද පත්වීම් ලැබී තිබෙන බව ඔබ දන්නවාද ? මා වැනි ශ්‍රී ලාංකිකයෙකු (එම වෛඥානික කමිටුවේ එකම ශ්‍රී ලාංකිකයා මමය​) පත් වීම ගැන ඔබ සතුටු නොවන බවත් ඉරිසියාවෙන් පැලෙන බවත් මම දනිමි. ඒ ලාංකිකයාගේ හැටිය​. ඔබ වැනි පුද්ගලයන් නිසා අපි සැමදා 3 වන ලෝකයේය​.


      ලෝක ශ්‍රේනිගත කිරීමේදී ඉතා පහල අගයක් දරණ 1960 ගනන් වල සිට තවමත් ලෝකය පිලිගත් පරියේෂණයක් / පරියේෂණ පත්‍රිකාවක් එළි දැක්වීමට නොහැකි වූ නොදියුණු අධ්‍යාපන ආයතන වලින් එන දිස්ත්‍රික් කෝටාව නිසා වෛද්‍ය විද්‍යාලයකට පය තැබූ එහෙත් IELTS පාස් වීමට බැරි නිසා අපි ලංකාවට ආදරෙයි කියා මෙහි වැඩකරන නමුත් පිටරට සේවය කරන පුද්ගලයන්ට ඉරිසියා කරන ඔබ වැනි හාල් කෑලි මම එමට දැක තිබේ. අවාසනාවන්ත මිනිස මේ ලින්ක් එක බලව​. මේ මගේ නවතම පොතයි. මේ පොතට පෙරවදන දී තිබෙන්නේ ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ අංශයේ මහාචාර්‍ය මේරි සීමන් විසිනි.

      https://transyl2014.blogspot.ca/2016/08/a-new-book-on-literature-and-psychology.html

      තේරුණාද සෝවියට් උපාධිකාරයාගේ තරම ?

      පැරා මේ මැට්ටා මට මෙපමන බිය ඇයි ? . නිවට නීචයෙකු සේ ඇනොනිමස් කොමෙන්ට් වලින් එනවා මිස තම නියම නමෙන් මා සමග වාදයට ඒමට මොහුට කොන්දක් නැත​. මම රුවන් එම් ජයතුංග වෙමි. මොවුන් සැමදා මට බයය​. ඒ නිසා හැංගී ගල් ගසති. අයෙත් මෙතන ඇනෝ කොට කොට තම හීනමානය ප්‍රදර්ශනය කරන්නේ නැතුව අජිත් පැරකුම් ජයසිංහ හරහා තම අනන්‍යතාවය තහවුරු කර ගෙන මා සමග විවාදයකට එනු

      රුවන් එම් ජයතුංග

      Delete
    22. මේ මිනිහා නම් තමන් පොරක් කියන්න දෙන්නේ පුදුම ගේමකි.ඒ සදහා කුමන වර්ගයේ බොරුවක් කීමටත් ඕනේම කෙනෙකු යොදාගැනීමටත් කිසිම බයක් නැත.
      1. විනිට්ස්යා විශ්ව විද්යාලය කිසිම දිනෙක ලෝක ශ්රේනිගත කිර්රම් වල ඉහල තිබී නැත.
      2. ඕපන් ෆෝරම් එකක රිසර්ච් එකක් පලවුනාට ඒක ලොකු දෙයක් නොවේ ඔයාට නම් ඒවා ලොකු දෙවල් වෙන්න ඇති.
      3. ලන්කාවේ ආමි එකට පොදුවේ ලැබුන අවස්තාවක් කඩාගෙන පොරටෝක් දෙන්න ලැජ්ජානැද්ද හලෝ.ඔයා ආමි එකෙන් අයින් වුනේ මොකද ?
      4. සරලව කිව්වොත් ඔයා කැනඩාවේ වයිද්යවරයෙක් නොවෙයි.ඒක හින්දා බොරු දොස්තර පාට් නොදා ඉන්න.ඔයා පී එච් ඩී කරන්නේ වයස 60දීද.
      5. ඔය පෙරවදන් ලියන එක කරන්නේ අත දීමක් හැටියට මිසක් ඔයා පොරක් හින්දා නෙවෙයි.ඒ මිනිස්සුන්ගේ නම් විසිකර කර පොරක් වෙන්න හදන්නේ නැතිව තනියම වැඩක් කරන්න.
      6.ඔයයි අපියි කවුරුත් එක බෝට්ටුවේ ඉන්න ජරා සත්තු තමයි හලෝ.වැඩේ කියන්නේ අපි ඒක දන්න වා.ඔයාඒකවත් දන්නේ නැහැ.ඔයා වැදගත් පොරක් නම් මේ ලියලා තියෙන කතා ලියන්නේ නැහැනේ හලෝ.ඔයා අපිටත් වඩා පහල ඉන්න ජරා සතෙක් හින්ද තමයි තමන් ටිකකාලයක් හරි ජීවත් වෙච්ච රටටත් අපහාස කරකර මේ වගේ කතා ලියන්නේ.
      7. ඔයා වගේ කැනඩාවට ගිහිල්ලා දොස්තර කම අත ඇරලා පොඩි කෝස් එකක් කරලා රස්සාවක් කරන ගමන් දොස්තර පාට් දදා එක එක අයගේ නම් වීසි කර කර මින්ස්සුන්ව අන්දනවාට වඩා ගමේ ඩිස්පෙසරියක බේත් දෙන එක නම්බුයි හලෝ

      Delete
    23. @ AnonymousJanuary 4, 2017 at 7:33 PM

      I am a non bias commentator

      I went through Ruwan M Jayatunge ‘s links and it seems to me that he has done internationally recognized work on psycho trauma. This is great work by a Sri Lankan.

      As Sri Lankans we should not attack him due to jalousies and petty differences.
      Ruwan you should come to Sri Lanka as a clinical psychologist one day.

      P. De Silva

      Delete
    24. මෑතකදී ලංකාවේ එක් වෛද්‍යවරයෙක් ඇනොනිමස් ඇවිත් මම සයිකයාට්‍රිස්ට් ද යැයි ඇසීය​. ඊට පිලිතුරු දුන් මා මම සයිකයාට්‍රිස්ට් (Psychiatrist) කෙනෙකු නොවන බවත් මා ස්පෙෂලයිස් කරන්නේ මනෝ විද්‍යාව (Psychology) සහ මනෝ චිකිත්සනය (Psychotherapy) බවත් කීවෙමි. මනෝ චිකිත්සනය හෙවත් සයිකොතෙරපි යන වචනය ඔහු කියවූයේ ෆිසියොතෙරපි ( Physiotherapy) ලෙසටය​. මේ අනුව ඔහු ඔයා පැරාමෙඩික් කෙනක් නේ නේ කියා අවඥාවෙන් කීවේය​.

      මෙයින් මට ලංකාවේ වෛද්‍යවරු සමහරක් අතර පවත්නා තත්ව කීපයක් තේරුම් ගියේය​. එකක් යම් ප්‍රතිශතයක් වූ මේ වෛද්‍යවරු තුල ඉංග්‍රීසි පිළිබඳ ඉතා හීන දැණුමක් තිබේ. සමහරක්ට සයිකොතෙරපි හා ෆිසියොතෙරපි වචන දෙක ඉංග්‍රීසියෙන් කියවා තේරුම් ගත නොහැක​. මේ තත්වයට මම පුදුම් නොවෙමි. ඒ මන්ද යත් 1998 පමණ කාලයේදී මම නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය බී විද්‍යාතිලක මහතා සමග මීගමුව රෝහලේ වෝඩ් රවුන්ඩ්ස් කරමින් සිටින විට ඔහු ලයනල් නම් ඉන්ටර්න් වෛද්‍යවරයා ගෙන් එක් කාන්තාවක් පෙන්වා හව් මෙනි චිල්රන් කියා ඇසුවේය​. එවිට වෛද්‍ය ලයනල් වන් චිල්රන් කියා උත්තර දුන්නේය​.

      වෛද්‍ය ලයනල් විදෙස් භාෂාවකින් වෛද්‍ය විද්‍යාව හදාරා තිබුනේ නම් මම මේ කතාව කියන්නේ නැත​. නමුත් මට පුදුම වූයේ මෙලෙස ඌණ ඉංග්‍ර්‍රිසි දැණුමක් සහිතව මොවුන් කෙලෙස විශාල ඉංග්‍ර්‍රිසි ටෙක්ස්ට් පොත් කියවා තේරුම් ගත්තේද සහ කෙලෙස ඉංග්‍ර්‍රිසියෙන් වෛද්‍ය විභාග පාස් වූයේද කියාය.

      මම මෙය ආනන්දා මහා විද්‍යාලයේ ඉගෙන ගෙන කොලඹ වෛද්‍ය විද්‍යලයට ගිය මා මිත්‍ර වෛද්‍ය ලිලිත් ලියනගේ ගෙන් ඇසූ විට ඔහු කීවේ සමහර මහාචාර්‍යවරු ඉංග්‍රීසි අවම දැණුමක් සහිත වෛද්‍ය සිසුන්ට සිංහලෙන් පිලිතුරු දීමට අවසර දී ඇති බවයි. එය එසේ නම් ඉතා නරක ප්‍රවණතාවකි.

      දෙවන කරුණ වන්නේ මේ සමහරක් තුල පවතින ගතානුගතික වැඩවසම් මානසිකත්වයය​. ඔවුන්ට අනුව අනෙකුත් අනුපූරක වෛද්‍ය සේවා පහත් සේවාවන් වෙති. Physiotherapy හෙවත් භෞතචික්තිසාව රෝගී සත්කාරයේ වැදගත් සේවාවකි. උතුරු ඇමරිකාවේ PhD තිබෙන ෆිසියෝතෙරපිස්ට් ලා සිටින අතර ඔවුන් වෛද්‍යවරුන්ටත් වඩා උපයති.

      රැකියාවන් තත්වයෙන් උසස් හෝ පහත් වන්නේ නැත​. උතුරු ඇමරිකාවේ රැකියාව නිසා මිනිසෙකු පහත් කොට කතා කරනවා මම මේ දක්වා දැක නැත​. නමුත් ලංකාවේ රැකියාව නිසා ඉතා පහත් කොට කතා කරන වෘත්තිකයන් මම දුටුවෙමි.

      ලංකාවේ වෛද්‍ය සේවය තුල පවතින ගතානුගතික වැඩවසම් මානසිකත්වය වැඩිපුරම පවත්වාගෙන යන්නේ ඉහල පන්තියකින් පැමින වෛද්‍යවරු වූ කොටස් වලටත් වඩා සයිකොතෙරපි හා ෆිසියොතෙරපි වචන දෙක ඉංග්‍රීසියෙන් කියවා තේරුම් ගත නොහැකි වන් චිල්රන් වර්ගයේ පන්ති අතික්‍රමණයට උත්සහ දරන වෛද්‍යවරු තුලය​.

      Delete
    25. මේ සයිකොලොජි සයිකියැට්රි ප්රශ්නය ලන්කාවේ ආරක්ශක අන්ශ වලට සම්භන්ද තැනක සිටි දොස්තර කෙනෙකුටද තිබුනේය. කුඩා මනෝ උපදේශන පාටමාලාවක් කර සිටි ඔහු තමන් සයිකියැට්රි ස්ට් කෙනෙක් ලෙස පෙනී සිටීම නිසා එතැනින් එලවා දැමීය. මොහු ඊට පසුව හමුදා නිල ඇදුම් ඇද මීගමුව රෝහලට ගොස් ආමි පාට් දමන්නට ගොස් එතැනින්ද එලවා දැමුවේය.කරගන්නට දෙයක් නැතුව රට ගිය මොහු පොඩි රස්සාවක් කරමින් විස්තර නොදන්නා අයට දොස්තර පාට් දමමින් අන්තර්ජාලයතුල සිටී.

      Delete
  8. කෙසේ නමුත් ඔහුගේ සයිකොතෙරපි ෆිසියොතෙරපි වියවුල මම නිරාකරනය කොට දෙමි. සයිකොතෙරපි පැරාමෙඩික් විශය යටතේ එන්නේ නැත . එය මනෝ විද්‍යාව යටතේ එන විශයකි. සයිකොතෙරපි සඳහා උතුරු ඇමරිකාවේ PhD දක්වා ඉගෙන ගත හැකිය​. මාගේ මනෝ විශ්ලේෂණය පිලිබඳව එක් ගුරුවරියක වූ නෝරා ටේලර් හට සයිකොතෙරපි සඳහා PhD එකක් තිබේ. ඇයව ඩොක්ටර් නෝරා ටේලර් කියා හඳුන්වති.

    ReplyDelete
    Replies
    1. මේ සයිකොලොජි සයිකියැට්රි ප්රශ්නය ලන්කාවේ ආරක්ශක අන්ශ වලට සම්භන්ද තැනක සිටි දොස්තර කෙනෙකුටද තිබුනේය. කුඩා මනෝ උපදේශන පාටමාලාවක් කර සිටි ඔහු තමන් සයිකියැට්රි ස්ට් කෙනෙක් ලෙස පෙනී සිටීම නිසා එතැනින් එලවා දැමීය. මොහු ඊට පසුව හමුදා නිල ඇදුම් ඇද මීගමුව රෝහලට ගොස් ආමි පාට් දමන්නට ගොස් එතැනින්ද එලවා දැමුවේය.කරගන්නට දෙයක් නැතුව රට ගිය මොහු පොඩි රස්සාවක් කරමින් විස්තර නොදන්නා අයට දොස්තර පාට් දමමින් අන්තර්ජාලයතුල සිටී.

      Delete
    2. නමුත් ඔහුට (Ruwan M Jayatunge ට) ලෝකයේ හොඳම විශ්ව විද්‍යාලයක් වන යෝක් විශ්ව විද්‍යාලයෙන් (York University) මනෝ විද්‍යාවට උපාධියක් තිබෙනවා එසේම ඔහු PhD එක කරනවා මනෝ විද්‍යාව ගැන . ඔහු කැනේඩියානු යුද හමුදාවේ PTSD පිලිබඳ උපදේශයෙක් නිසා ඉදිරි කාලයේ ඔහුට කැනේඩියානු පුරවැසිකම දීමට යනවා.

      P De Silva

      Delete
    3. යෝක් විශ්ව විද්යාලයේ මුදල් ගෙවා කල හැකි උපාදි අනන්තවත් ඇත .එම නිසා ඒවා ගැන කියවීමෙන් වැඩක් නැත.කැනඩාවේ ptsd ගැන වෙනම කවුන්සිලයක් තිබේ .එහි එන්නේ වයිද්යවරුන්ය.PHD කිරීම හා කරන්නට සිතාසිටීම අතර විශාල වෙනසක් ඇත.. ඉතින් ඔය දේවල් කලා කියලා කලින් කරපු පිස්සු අහෝසි වෙනවාද ?ඔය මනුස්සයා කැනඩාවේ ඔච්චර දෙවල් කරනවා නම් අපි අස්සේ එන්නේ මොකටද.?

      Delete
    4. තවත් එකක් මම අහන්නට හිටියේ. ඇයි ඔබ ඇනෝ එන්නේ ? ඔබ Ruwan M Jayatunge ට බියක් තිබෙනවාද ? ඔබ හරි නම් ඔබ නියම නමෙන් නොඒම ගැන සැකයි

      P De Silva

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා