රාජපක්ෂ පවුල + ඒකාබද්ධ විපක්ෂය + ජවිපෙ + මහරාජා කොම්පැනිය + දෙමළ ඩයස්පෝරාව + කොටි සංවිධානය: අශුද්ධ සන්ධානයට මළ මිනිී ඕනෑ කර තිබේ.

වසර 2002දී රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන ගෙන එන ලදී. 

කොටි සංවිධානය සමග සටන් විරාමයකට එළැඹ සාකච්ඡාමය විසඳුමක් සඳහා ද පියවර ගන්නා ලදී. 

මේ හා සමාන්තරව ජාත්‍යන්තර වශයෙන් ලෝක වෙළඳ සංවිධානයේ ගෝලීයකරණ වැඩසටහන ඉදිරියට පැමිණියේ ය.රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ඒ සමග බද්ධ වෙමින් බටහිර රටවල හා ජපානයේ ආධාර ඇතිව වේගවත් ආර්ථික ප්‍රතිසංස්කරණ පද්ධතියකට මුල පුරන ලදී. ඒවා එවකට ලෝක බැංකුව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ලෝකයේ ප්‍රවර්ධනය කරමින් තිබුණු ගෝලීයකරන වැඩසටහන සමග අනුගත වන ව්‍යූහාත්මක ගැලපුම් විය. 

එයට එරෙහිව තල දෙකක විරෝධතා ක්‍රියාමාර්ග ගැනිණි. එක් තලයකදී අප ද සම්බන්ධ වෙමින් ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරය ඔස්සේ සිවිල් සමාජය ආර්ථික ප්‍රතිසංස්කරණවලට එරෙහිව දැවැන්ත විරෝධයක් මතු කළේ ය. ධනේශ්වර ගෝලීයකරණයට එරෙහිව ජාත්‍යන්තර විරෝධතා ව්‍යාපාරය සමග එය සම්බන්ධ විය. ජාත්‍යන්තර ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙස ලෝක වෙළඳ සංවිධානයේ ගෝලීයකරණ වැඩසටහන හකුළා ගැනීමට සිදු විය. ජාතික වශයෙන් යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන පරාජය කරන ලදී. 

අනෙක් තලයේදී ජනතා විමුක්ති පෙරමුණු ප්‍රමුඛ ජාතිවාදී ව්‍යාපාර මෙම වාසිය උපයෝගී කරගෙන රජයේ සාම වැඩසටහනට එරෙහිව ජාතිවාදය අවුළුවා, රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව බිඳ දමමින්, යුද්ධයකට රට තල්ලු කරන ලදී. එයට සම්මුති විරෝධී දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ ද අනුග්‍රහය ලැබිණි. ඔවුන් බලාපොරොත්තු වුණේ තත්වය භාවිතා කරමින් ඔවුන්ට වඩා වාසිදායක තත්වයක් නිර්මානය කර ගන්නටයි. එහෙත්, මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යුද්ධය ජය ගන්නට සමත් විය. 

වසර 2004දී එවකට ජවිපෙ අභ්‍යන්තර නායකයකු වූ කුමාර් ගුනරත්නම් සිය පෞද්ගලික මිතුරකුට පැවසූ කරුණක් වූයේ වික්‍රමසිංහ රජයේ ආර්ථික වැඩසටහන දියත් වී නම් නැවත වරක් වමට අවස්ථාවක් නො ලැබෙන බැවින් එය පැරදවීමට ජවිපෙ කටයුතු කරන බවයි. ජවිපෙ ඒ වෙනුවෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක සමග සම්මුතියකට පැමිණියේ ය. එතැනින් නො නැවතී, විජේදාස ලියනආරච්චි ඝාතනය වැනි සිද්ධි රැසක් සම්බන්ධයෙන් සැකයට භාජනය වී සිටි මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් කිරීමටත් කටයුතු කළේ ය. බැසිල් රාජපක්ෂගේ භූමිකාව ප්‍රසිද්ධ වන්නටත් පෙර කුමාර් ගුනරත්නම් පැවසුවේ ඔවුන් අනිවාර්යයෙන් ම සොරකම් කරන නිසා තමන් කිසි සේත් ම ඔවුන් සමග සම්බන්ධ නො වන බවයි. එහෙත්, මේ හා සමග ම ජවිපෙ අභ්‍යන්තරයේ බරපතල අර්බුදයක් ඇති විය. කුමාර් ස්වකැමැත්තෙන් සිය පවුල සමග විදේශගත වන්නේ මෙම අර්බුදය අතරතුරයි. ඔහු එසේ කරන්නේ ජවිපෙ නායකත්වය සමග පූර්ණ අවබෝධයකිනි. ජවිපෙ නායකයන් තවමත් මුවා වන්නේ ඒ එකඟතාවන්ටයි. එහෙත්, කුමාර් විසින් ජවිපෙ අභ්‍යන්තරයේ ගොඩනගා ගන්නා ලද කණ්ඩායමේ බලපෑම මත මෙම එකඟතාව බිඳ දමමින් කටයුතු කරන්නේ කුමාර් ගුනරත්නම් ම ය.

මෙම කතාව අප සිහිපත් කරන්නේ නැවත වතාවක් රඟ දැක්වෙමින් තිබෙන්නේ එම නාටකය ම නිසා ය. එහෙත් වෙනස්කම් තිබේ. 

එදා රනිල් වික්‍රමසිංහගේ යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහනට දැඩි විරෝධය පළ කළ අපි අද වන විට රනිල් වික්‍රමසිංහගේ වැඩසටහනට කොන්දේසි සහිතව සහාය වන්නෙමු. එයට හේතු කීපයක් තිබේ. ඉන් ප්‍රධාන වන්නේ ලෝක වෙළඳ සංවිධානයේ ප්‍රාග්ධන ගෝලීයකරණ වැඩසටහන දැන් ජාත්‍යන්තර වශයෙන් පරාජය කර හමාර තිබීමයි. ඒ නිසා අද වන විට ඉන්නේ එදා අප නව ලිබරල් ලෙස හැඳින්වූ රනිල් වික්‍රමසිංහ නො වේ. මූලිකව ම එදා තිබුණු ලෝක වෙළඳ සංවිධානය අද සක්‍රිය නැත. එහි වැඩසටහන පැරදවීමේදී ඉන්දියාව ද සුවිශේෂ වැඩ කොටසක් කළ අතර, අද වන විට ඇමරිකාව, බ්‍රිතාන්‍යය පවා එම වැඩසටහන අත්හැර දමා තිබේ. 

අනෙක් පැත්තෙන්, මහින්ද රාජපක්ෂගේ දශකය තුළ ආර්ථික ජාතිකවාදය එහි උපරිමයට ම ගොස් අසාර්ථකත්වය ඔප්පු කළේ ය. විවෘත ණය වෙළඳපොළෙන් ලබා ගත් විදේශ ණය මත නිර්මානය කළ රාජපක්ෂගේ ඊනියා සංවර්ධන මායාව මහා ණය උගුලක් බව දැන් හෙළිදරව් වී තිබේ. ගෝලීය වෙළඳපොළ සමග විධිමත් අන්දමින් සම්බන්ධ නො වී ලංකාවට තව දුරටත් ඉදිරියට යන්නට මාර්ගයක් නැත. ණය බරින් හා දූෂණයෙන් පැසවා ඉදිමුණු, ලංකාවේ ආර්ථික දේහය මත හැදුණු දැවැන්ත හොරි ගෙඩියක් වැනි රජය මේ අන්දමින් පවත්වාගෙන යාම පවා අද වන විට කළ නො හැක්කක් බවට පත් වී තිබේ. ලංකාව හමුවේ විකල්ප රැසක් නැති අතර, පවත්නා අර්බුදය සඳහා විසඳුමක් යෝජනා කරන්නට හෝ සමත් වී සිටින්නේ රනිල් වික්‍රමසිංහ - මෛත්‍රීපාල සිරිසේන හවුල් ආණ්ඩුව විසින් පමණි. ඒකාබද්ධ විපක්ෂය යනු නීතියෙන් ගැලවීම පිණිස කරන චෞරයන්ගේ දේශපාලනයක් වන අතර, ජවිපෙ යනු කිසිදු විකල්පයක් නැති කඩාකප්පල්කාරිත්වයට පමණක් සීමා වුණ පක්ෂයකි. 

අප මෙම කරුණු ටික සටහන් කළේ අන් කිසිවක් නිසා නොව, රට හමුවේ තිබෙන එක ම විකල්පය ක්‍රියාත්මක කිරීම පිණිස රජය දරණ උත්සාහය කඩාකප්පල් කරමින්, බලයට ඇති කෑදරකම හේතුවෙන් ම එකතු වෙමින් තිබෙන ඉතා පටු අරමුණු සහිත කණ්ඩායම් කීපයක් හෙළිදරව් කළ යුතු නිසා ය.

ගොඩනැගෙමින් තිබෙන සන්ධානයේ දිග පළල එසේ මෙසේ නො වේ. ඒ මෙසේ ය:


රාජපක්ෂ පවුල + ඒකාබද්ධ විපක්ෂය + ජවිපෙ + මහරාජා කොම්පැනිය + දෙමළ ඩයස්පෝරාව + කොටි සංවිධානය

මෙම අශුද්ධ සන්ධානය හරහා දිවෙන වැඩසටහන මෙසේ ය: 


  • ආර්ථිකය ගොඩගැනීමට රජය දරණ උත්සාහය කඩාකප්පල් කිරීම
  • රජයට සම්බන්ධ වෘත්තිකයන් රජයට එරෙහි කඩාකප්පල්කාරිත්වය වෙත යොමු කිරීම
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඔස්සේ රටේ දිගු කාලීන ගැටුම්වලට සාකච්ඡාමය සම්මුති ඇති කර ගැනීම වැළැක්වීම
  • රාජ්‍ය ප්‍රතිසංස්කරණ ඔස්සේ සාමය චිරස්ථායී වීම වැළැක්වීම
  • සිංහල ජාතිවාදය ඇවිළවීම ඔස්සේ දෙමළ ජාතියට සංහිඳියාව පිළිබඳ බලාපොරොත්තු සුන් කර, මධ්‍යස්ථ දෙමළ නායකත්වය අර්බුදයට පත් කර, යළි ත්‍රස්තවාදයට හිස එසවිය හැකි වාතාවරණයක් නිර්මානය කිරීම
  • රට තුළ අරාජිකත්වයක් ඇති කිරීම
  • ඒ ඔස්සේ නීතියෙන් ගැලවීමට අවශ්‍ය මහජන දේපල සොරුන්ට මුක්තිය තහවුරු කර දීම
  • ඔවුන් හරහා තම පටු පෞද්ගලික අභිලාෂයන් ඉටු කර ගැනීම
  • රටේ තරුණයන් දේශපාලන අරමුණු වෙනුවෙන් බිල්ලට දීම සඳහා බිලී බා ගැනීම ලෙහෙසි වන පරිදි ඔවුන් තුළ ඉච්ඡා භංගත්වය ස්ථාවර කිරීම


ඔබටත් ලංකාව තවත් සිරියාවක්, ග්‍රීසියක්, ඇෆ්ගනිස්තානයක් බවට පත් කරගෙන ඔබගේත් දරුවන්ගේත් අනාගතය අඳුරු කර ගැනීමට අවශ්‍ය නම් ඔවුන් සමග එක් වන්න. එහෙත්, ඔබේ දරුවන් මෙහි මිය යන කල ඔවුන්ගේ දරුවන් විදේශ රටවල සුව සේ සිටිනු ඇත. 

ඔවුන්ට මළ මිනී අවශ්‍යව තිබේ. ඔබේ දරුවා ඔබ ඒ වෙනුවෙන් දෙනවා ද?  

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ලංකාව දියුණු කරන්න නම් හැම කාලකන්නියම හුරතල් කරකර ඉදල හරියන්නෙ නෑ... මුලු ලොකය සමගම වෙලද ගිවිසුම්වලට යා යුතුයි.. රටෙ පාඩු ලබන හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොට, ත්‍රිකුනාමලෙ තෙල්ටැංකි ව්‍යපෘති, දුම්‍රිය, ශ්‍රීලන්කන් වගේ දේවල් අර්ධවශයෙන් හො පෞද්ගලීකරනය කල යුතුයි....

    උසස්පෙල සමත්වෙන්නන්ගෙන් 15% පම්නක් කැම්පස් යන උසස් අධ්‍යාපනය වෙනුවට ලොකයෙ පෞද්ගලික විශ්වවිද්‍යාල ලන්කාවට ගෙන්වගෙන එවාට ඇතුලුවීමට රජය අධ්‍යාපන ණය ලබාදිය යුතුයි.








    ReplyDelete
    Replies
    1. උඩ ඇනො කියල තියෙන දෙවල් කරන්නනම් 2030 දක්වා රනිල් වික්‍රමසින්හ බලයෙ ඉන්න ඔනෙ..

      Delete
    2. ඇයි පාර්ලිමේන්තුව. ඒක තමයි මුලින්ම පෞද්ගලීකරනය කළ යුතු. ඊළඟට පළාත් සභා, ප්‍රාදේශීය සභා........

      Delete
    3. We are generations and generations behind developed countries in the world. The first change should come from our own people by way of change in attitude and behaviour. Looking at some comments in Sarasa's blog, I thought they are pretty backward, negative and hateful. Hats off to Para for trying to change attitudes of our people.

      Delete
  2. හඃ හඃ හඃ !!! පට්ට !!! හිනා කාල මැරෙනව ඕයි !!! යි.

    "රාජපක්ෂ ණය උගුල ?" ඇනස්ලි සහ බර්ටි නැති කාලේ ඔහේවත් ඉන්න එපැයි.

    අර තමුසේ කියවලා තියනවද සුගතපාල ද සිල්වාගේ "එසේ වී නම් මිනිසුනේ අසව්"

    එකේ විනාඩි පහක් ඇතුලත විෂයන් දහයක් කතා කරන "හිටපු උප ගුරෙක් වූ උප ඇමති" කෙනෙක් ගැන කියනවා.

    ReplyDelete
    Replies
    1. උඹ නම් දෙයියෙක් මචං. ඇත්තට ම මං පාවිච්චි කළ යෙදුමට වඩා උඹ යෝජනා කරන මේ ‘රාජපක්ෂ ණය උගුල' කියන යෙදුම නියමයි. උඹ ඇඩ්වටයිසිං කොපිරයිටිං ද බං කරන්නෙ. මරු වචන සෙට් එක. තැන්කියු!

      Delete
    2. "උඹ ඇඩ්වටයිසිං කොපිරයිටිං ද බං කරන්නෙ?"

      ඉස්සර දිගටම කළා මචං. දැනුත් ඉඳහිට freelance කරනව. නියම රස්සාව. සල්ලි වකාරෙට. උඹත් මෙන්න මේ මල ඉලව් බ්ලොග් ලිවිල්ල අත ඇරල freelance වත් creative copy writing කරපං.

      Delete
  3. නොදන්න ගොඩක් දේවල් දැනගත්ත. ආන්ඩුවට විවේචනය කරන හැමෝම ප්‍රතිගාමීන් බව අවබෝධ වුනා. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුව විවේචනය කරන්න ඕනැ. හැබැයි විකල්පත් යෝජනා කරන්න ඕනැ.

      Delete
  4. Please listen this talk and understand the leaders of Sri Lanka and the leaders of the developed world.
    https://www.whitehouse.gov/blog/2017/01/06/we-need-be-their-greatest-advocates

    ReplyDelete
  5. MAMATH EKAGAI OBATA ,PARA.

    ReplyDelete
  6. මහලොකු ලිබරල්වාදියෝ මේ ගැන මොකද කියන්නේ
    http://www.bbc.com/sinhala/sri-lanka-38459499

    ReplyDelete
    Replies
    1. ළූනු අස්වනු නෙළන කාලෙට ළූනු ගොවියන් පිටරටින් ගෙන එන ළූනුවලට විරුද්ධ වෙන එකයි මේකයි අතර කිසිදු වෙනසක් නැහැ. ලංකාවේ තල් රා හදන්නේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල විතරයි. ඒ කර්මාන්තයේ යෙදෙන අය එය ආරක්ෂා කර ගන්නට මෙවැනි යෝජනා ගෙන එන එක සාමාන්‍ය දෙයක්. දකුණේ අපේ ගමේ මතුගම පැත්තේ පුංචියට කිතුල් පැණි, හකුරු වෙළඳපොළක් තියෙනවා. ඒකට සම්බන්ධ දිළිඳු මිනිසුනුයි. එතනට පොල් පැනි ගෙනත් දැම්මත් මේ වගේ විරෝධතා මතු වේවි. ඇයි මේ වගේ සාමාන්‍ය දේවල් ජාතිවාදයෙන් තෙම්පරාදු කරන්න හදන්නෙ?

      Delete
    2. ඇයි පොල් රා ගෙනාවම තල් රා ගන්න එක අඩුුවෙනවද? මොන බහුබූත කතාද මේ... අනික නැගෙනහිර කොහෙද බන් තල් ගස්.... උඹලට දෙමළ ජාතිවාදෙ පේන්නෑ.. සිංහල එක විතරයි පේන්නෙ..

      පුලුවන් නන් කියපන් බලන්න උඹලා දෙමළුන්ට සංජීවනේ උගනන්නන කරලා තියෙන දේවල් ටිකක්... අඩුම තරමෙ දෙමලෙන් හරි ලියපු අාටිකල් එකක්...

      Delete
    3. උඹ ඊට කලින් ගිහින් බලලා වරෙන් නැගෙනහිර පළාතේ තල් ගස් නැද්ද කියලා.

      ඔතන ජාතිවාදයක් නෙමෙයි තියෙන්නේ. මාකට් ඔහොම තමයි.

      Delete
    4. ‍කෝ අන්තිම ප්රස්නෙට උත්තර?

      Delete
    5. 1.ජාතික රාජ්‍යයක් බිහිවීමට තිබිය යුතු මූලිකම කොන්දේසිය ජාතික ආර්ථිකයයි. එහිදී ජාතික රාජ්‍ය සීමාව තුල නිදහසේ අමුද්‍රව්‍ය භාණ්ඩ ශ්‍රමය සහ සේවා නිදහසේ සංචරණයට අවස්ථාව තිබිය යුතුයි.
      ඕක කාල් මාක්ස්ගෙ පොත්වලත් තියෙනවා.ලිබරල්වාදයටත් එකඟයි. නලීන්ද සිල්වාටත් එකඟයි.
      2.ඔයා ඉක්ටා ගැන කිව්ව දේවල් ඔක්කොම බොරුද?

      Delete
    6. අපි සහජීවනේ උගන්නන්නෙ දෙමළුන්ට නෙමෙයි සිංහලුන්ට. දෙමළුන්ට සහජීවනේ උගන්නන්න දෙමළ එවුන් ඉන්නවා. සහජීවනේ පටන් ගන්නෙ තමන්ගෙන් මිසක් අනුන්ගෙන් නෙමෙයි. උඹට උඹේ ගෑනිත් එක්ක සහජීවනේ පටන් ගන්න ඉස්සෙල්ලා උඹ හොඳ වෙයන්.

      අනෙක සහජීවනය තියෙන්නෙ උඹල වගේ ජාතිවාදී කසලවලට නෙමෙයි. ඒක තියෙන්නෙ සිංහල දෙමළ බුද්ධිමතුන්ට. ප්‍රගතිශීලීන්ට.

      උඹලට සහජීවන කතා වැඩක් නැහැ. දෙමළ ජාතිවාදියොත් එක්ක හැමනියල්ලා.

      Delete
    7. හැක් හැක්. අනේ උඹේ ප්‍රගතිශීලේ

      Delete
    8. කෝ කියහන් බලන්න දෙමළුන්ට සහජීවනය උගන්නන එකෙක්ව? නිකන් වැල බයිලා ගහන්න එපා බන්.... අපිට ඔය සහජීවනෙන් වැඩක් නෑ... දෙමළුන්ගෙ බොරැ ඊළමට අපි ඉඩ දෙන්නත් නෑ... ඒවා අරන් ඕනි තැනකට යන්න කියහන්...

      Delete
    9. @Shenal Mendis
      ගොන්බිජ්ජො උතුරෙ තමන්ගෙ ඉඩම් හමුදාවෙන් නිදහස් කරලදෙන්න කියල ඉල්ලන දෙමලට සහජීවනෙ උගන්නන්න කලින් දකුනෙ ඉදන් සුලුජාතීන්ව දාස් ගනනින් මරපු ගෝටාභය කියන මිනීමරුව බලයට ගෙන්න ඉල්ලන වීරවන්ස/ ගෙවිදු/ නලීන් වගෙ හාදයින්ට සහජීවනෙ උගන්නල හිටපිය

      Delete
    10. මුලින් සහජීවනේ උගන්නන්න ඕනැ බිම දාගෙන ගහන එකාට මිසක් බිම වැටිලා අඤ්ඤකොරොස් වෙලා ඉන්න එකාට නෙමෙයි.

      Delete
    11. @Shenal Mendis
      දෙමලු කොහේ යන්නද උන්ගේ රට අතැරලා. උතුර බලෙන් අල්ලන් ඉන්න හමුදාවේ උන්ට කියපන් හිමීට අයින් වෙන්න කියල නිකන් නොන්ඩි වෙන්නේ නැතිව.

      Delete
    12. දෙමළුන්ට ලන්කාවේ රටක් නෑ. මෙහෙ ඉන්න බැරිනන් ඉන්දියාවට ගිහින් රටක් හොයා ගන්න කියපල්ලා... හමුදාව ඉන්න හමුදාවට ඕනි තැන නැතුව එක එකා කියන තැන් වල නෙමේ.

      වෙනම රටක් ඉල්ලන සුලු ජාතික පරයන් ඔක්කොම මරලා දාන්න තමා ඕනා. උන්ව හුරතල් කරන්නද කියන්නෙ? හිට්ලර්ට කරපු දේම ලන්කාවෙත් කරන්න ඕනා. මැරිච්ච දෙමලු සමරන ඔක්කොම ‍ද්රෝහීන් විදියට සලකලා ප්රසිද්ධියෙ වෙඩි තියන්න ඕනි...

      @අජිත්.... දැන් සිංහල මිනිස්සු කොහෙද දෙමලාට බිම දාගනෙ ගහන්නෙ? දෙමලානේ වෙනම රටක් හදන්න ෆෙඩරල් ඉල්ලන්නෙ? වැරදි කාරයො සිංහල අපිද? 50-50 ඉල්ලුවෙ අපිද? දෙමලුන්ට රටේ නායකකම ගන්න සර්ව ජන ජන්දෙට විරැද්ධ උනේ සිංහල අපිද? මේවාට උත්තර දීපන්...

      Delete
    13. ඕක කලින් ම කිව්ව නම් ඉවරයි නේ. එතකොට උඹ හරකෙකු බව ලේසියෙන් තේරුම් අරගන්න තිබුණා.

      Delete
  7. උඹ ලේක් හවුස් එකේද වැඩ කරන්නෙ? මචන් උඹ මේවා ලිය ලියා ඉන්න වෙලාවේ ගූ කාපන්. ඊට නම්බුයි

    ReplyDelete
    Replies
    1. නෑ මචං. ලංකාවේ එවුන්ගේ ස්ටේපල් ෆුඩ් එක ගූ තමයි. ඔය මං විවේචනය කරන එවුන් ගූ කාලා අතුරුපසටත් ගූ ම කනවා.

      Delete
    2. ඒක ඇත්ත ... අසුචි කන පනුවා දන්නේ නැහැ ඌ කන්නේ අසුචි කියලා...ඕක තමා ලංකාවේ ඇත්තන්ගේ තත්වේ..

      Delete
  8. අපේ රටේ සංවර්ධනේ
    අපේ රටේ සංවර්ධනේ
    පුංචි අපේ වර්ධනේ...

    ReplyDelete
  9. රනිල්ගෙන් තොර ලෝකයක් කෙසේ සිතමිද............

    ReplyDelete
  10. අපරාදේ කියන්නේ ඇල්ලේ ගුණවංශ නම් කෙලින්ම කිව්වා, ආයේ මේ රට ලේ විලක් කරනවා කියලා.

    මේ ගොබ්බ නායකයා යටතේ අනිවාර්යයෙන් ආයෙත් ඒ දේ වෙනවා.

    අද ද රෙණ මුළු වැඩසටහනෙම කලේ ජාතිවාදය පතුරලා ලේ කුපිත කරපු එක.

    ජෙප්පන්ටත් මළමිනීවලින් තොර පැවැත්මක් නෑ...

    ReplyDelete
  11. ජවිපේ - වී මෝල් සංධානය

    වසර කීපයකට පෙර මම සමීක්ෂණ වැඩකට අනුරාධපුරය අවට මධ්‍යම පරිමාණ කෘෂි ව්‍යාපාරිකයන් හමුවුනා වැඩිදෙනෙක් වී මෝල් හිමියන්, ගියේ අනුරාධපුරය අවටින් වෑන් හයර්කරගෙන, ඉන් එක් වෑන් රියදුරක් වී මෝල් වලට පාර නිවැරදිව දැන සිටි නිසා ඉතා පහසුවුනා, ඔහු කීවේ සාමාන්‍යෙයන් ජන්දයකට පෙර ඔහු දන්නා ජවිපේ අය එම බෝහෝ මෝල්/වී මිළඳීගන්නන් වෙත රාත්‍රිෙය් යන බවත් ඔවුන් ඔතන ලද පාර්සලයක් රැගෙන එන බවත්, පාර්සල් ගැනවත් යන කාරණය ගැනවත් මඟින් කවදාවත් කතා නොතරන බවත් ඒ චන්දවැඩට දෙන සල්ලි මිටි බව ඔහු සැක කරන බවත්ය.

    මේ තොරතුර මා කුතුහලයට පත්කළ නිසා පසුගිය කාලයේ ජවිපේ රජයේ වී මිළඳීගැනීම ගැන දක්වන අදහස් ගැන වාඩි අවදානයක් දැක්වූවා, රජයේ වී මිළඳීගැනීමේ ක්‍රියාවලියේ වැඩිම වාසිය ඇත්තේ වී මුදලාලිලාට සහ මෝල් කරුවන්ටයි, මේ වසරේ ජවිපේ වී මෝල් හිමියන්වෙනුවෙන් අමුවෙන්ම කඩේ යනවා රජයේ ගබඩාවල ඇති වී නිකුතුව ප්‍රමාදකරවීමට, අරමුණ තමුන්ට කප්පම් ගෙවන වී මෝල් කරුවන්ගේ ගබඩාවල දැනට ඇති වී උපරිම සහල් මිළකට විකුණාගැනීමට අවශ්තාව ලබාදිමද?

    ReplyDelete
    Replies
    1. මේ බිස්නස් එකේ ප්‍රසාරණයක් තමයි ජවිපෙ අර වාහන කම්හලට එරෙහිව නගන හඬ. ඒ පිටුපස්සෙත් ලංකාවට වාහන ආනයනය කරන වෙළෙන්දන් ඉන්නවා.

      Delete
    2. 88-890දි,මව්බ්ම සහලින් ස්වයංපෝසනය කරන්න JVP කාරයෝ ගොවිජන සේවා මධ්‍යස්තාන සහ වී ගබඩාත් ගිනි තිබ්බානේ.අතිරික්ත කෘෂි නිලධාරිනුත් මරලත් දැම්මා.
      ඒත් 2017දි කොහොමද අම්මපා හාල් ප්‍ර‍ශ්නේ ආවේ?

      Delete
  12. පපර පපර පෑං

    පිළිගන්න පැරා දැන් සමාජවාදයෙන් ඌ. ඇම්. පී. එකට

    ReplyDelete
    Replies
    1. අපි සමාජවාදය වෙනුවෙන් වැඩ කරනවා මිසක් පක්ෂ වෙනුවෙන් කඩේ යන්නෙ නැහැ. සමාජවාදය කියන්නේ සමාජය වෙනුවෙන් කරන දෙයක් මිස පක්ෂ වෙනුවෙන් කරන දෙයක් නෙමෙයි.

      සමාජවාදය කියන අරමුණ කරා යන්නට සාධනය කර ගත යුතු අභිමතාර්ථ තිබෙනවා.

      මේ අවස්ථාවට අදාළව නම් රට ඒකාධිපතිවාදයෙන් ගලවා ගැනීම, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම, ජාතිවාදයට එරෙහිව කටයුතු කිරීම, ආර්ථික ජාතිකවාදය පියමං කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කිරීම ආදී කටයුතු තිබෙනවා.

      මේ මොහොතේදී මේ කාරණා සමග නිමග්න වී සිටින පක්ෂය එක්ක හා ආණ්ඩුව එක්ක අපි වැඩ කරනවා. එච්චරයි. මේකෙ වෙන ගිවිසුමක් නැහැ.

      හෙට ඔය කියන සමාජවාදියෝ මේ දේවල් කරනවා නම් අපි ඒ අයටත් සහයෝගය දෙනවා.

      Delete
    2. හිනාවෙලා ඉළ ඇදෙනවා ඕයි මේ ටෝක්ස් වලට

      Delete
    3. මාකස් ගාවවත් නැති ‍ටෝක්ස් තමා මූ ගාව තියෙන්නෙ...

      Delete
    4. ප්‍රති තර්කයක් නැති වුණා ම ඔය වගේ කතා කියනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.

      මාක්ස්වාදය ආගමක් විදියට නෙමෙයි බං විද්‍යාවක් විදියට පාවිච්චි කරපල්ලා.

      Delete
    5. මාක්ස්වාදය ආගමක් වත් විදයාවක් වත් නෙමේ.. නිකම්ම නිකන් අදහස් ටිිකක් විතරයි...

      Delete
    6. අයිසෙ ශෙනාල්

      //මාක්ස්වාදය ආගමක් වත් විදයාවක් වත් නෙමේ.. නිකම්ම නිකන් අදහස් ටිිකක් විතරයි...//

      මාක්ස්වාදය කියන්නෙ කිසිම ප්‍රායෝගිකත්වයක් නැති මනස්ගාත බහුබූත ටිකක් විතරයි. ඔය කියන මාක්ස්වාද ලබ්බෙන් ගොඩනගපු කිසිම රටක් වත් අඩුම ගානෙ ගම්මානයක්වත් නැහැ.

      ස්ටාලින්ගේ රාජ්‍ය ධනවාදී සංකල්ප සහිත දැඩි ඒකාධිපති පාලනය නිසා බලගතු රුසියාවකුත් දෙං ක්ෂාඕ පෙං ගේ බුද්ධිමත් රාජ්‍ය ධනවාදී සංකල්ප නිසා ධනවත් චීනයකුත් ෆිදෙල් අල්‍යෙන්ද්‍රෝ කැස්ත්‍රෝ-රූස් සහෝදරයාගේ මහජන හිතමිත්‍රවාදී ක්‍රමය නිසා කියුබාවත් රැකුණා මිසක් ඔය කියන කෙහෙල්මල් මාක්ස්වාදය කියන විගඩමෙන්වත් ඕක මතුරන බහුතර වම්මුන් හෝ හිටපු වම්මුන් කියන කාලකණ්ණින් වත් ලෝකයට දුන් මෙලෝ මගුලක් නැහැ.

      ලංකාවේ වම්මුන් කියාගන්නා/ හෝ හිටපු වම්මුන් කියන කාලකණ්ණින් එක්කෝ වාසුදේවගේ සිට වීරවංස දක්වා අපතයින් මෙන් පසුගිය අන්ත දූශිත රෙජීමයට කඩේ යති, නැතහොත් උන්ට නොදෙවෙනි වත්මන් අන්ත දූෂිත යහපාලන රෙජීමයට සොච්චමක් වෙනුවෙන් විළි ලැජ්ජා නැතුව හිරිකිත ලෙස කඹුරති. ජවිපෙ වැනි සටකපට කාලකණ්ණින් කිසිදා මේ පොළවේ බිහිකල නොහැකි මනෝරාජික සංකල්ප දෙසා බාමින් බලයේ සිටින එවුන් විවේචනය කරමින් කල් මරති. ඔන්න ඕකයි සැබෑ තත්ත්වය.

      Delete
  13. //ඔබටත් ලංකාව තවත් සිරියාවක්, ග්‍රීසියක්, ඇෆ්ගනිස්තානයක් බවට පත් කරගෙන ඔබගේත් දරුවන්ගේත් අනාගතය අඳුරු කර ගැනීමට අවශ්‍ය නම් ඔවුන් සමග එක් වන්න. එහෙත්, ඔබේ දරුවන් මෙහි මිය යන කල ඔවුන්ගේ දරුවන් විදේශ රටවල සුව සේ සිටිනු ඇත. //

    ReplyDelete
  14. "රාජපක්ෂ පවුල + ඒකාබද්ධ විපක්ෂය + ජවිපෙ + මහරාජා කොම්පැනිය + දෙමළ ඩයස්පෝරාව + කොටි සංවිධානය"

    බලං ගියාම රනිලට ඉන්නේ පැරා විතරනේ...

    ReplyDelete
  15. //ගොඩනැගෙමින් තිබෙන සන්ධානයේ දිග පළල එසේ මෙසේ නො වේ//
    -මේ වචන පෙළ සහතික ඇත්ත ය. එත් උන්ගේ වාසනාවට අපේ අවාසනාවට අපේ ලොකු ඩබලට ඒක තේරෙන්නේ නැත...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා