ජවිපෙට අවුරුදු අටකින් විසඳිය හැකි ප්‍රශ්න මේ ආණ්ඩුවට අවුරුදු දෙකකින් විසඳීමට බැරි වුණේ ඇයි?

අපි 2015 ජනවාරි 8 වෙනස වෙනුවෙන් දායක වුණෙමු. අද වනතුරුත් මම රටේ යහපත වෙනුවෙන් කරනු ලබන දේශපාලන වෙනස්කම් වෙනුවෙන් මා ක්‍රියාත්මක වන ප්‍ර‍ධාන අවකාශය වන සමාජ මාධ්‍ය තුළ ආණ්ඩුවට සහයෝගය දෙන්නෙමි.  

ඇත්ත කීවොත්, සමාජ මාධ්‍යවල සතුරන්ගෙන් කුණුහරුප අසා ගනිමින්, තර්ජනවලට ලක් වෙමින් ආණ්ඩුවට සහයෝය දෙන්නට උත්සාහ කරන ක්‍රියාකාරිකයන් සමග සම්බන්ධතාවක් නඩත්තු කරන්නට තරම් හෝ බුද්ධියක් ඇති මාධ්‍ය නායකත්වයක් මේ ආණ්ඩුවට නැත. ආණ්ඩුව බොහෝ දේ කරයි. නො කරන එක දෙයක් ඇත. ඒ දේශපාලනයයි. මෙහිදී දේශපාලනය යන්නෙන් මා අදහස් කරන්නේ දේශපාලන අරමුණු වෙනුවෙන් ජනතාව බලමුළුගැන්වීමයි. එහිදී ආණ්ඩුවේ මාධ්‍ය වැඩපිළිවෙල ඉතා වැදගත් ය.

ආණ්ඩුව අසාර්ථක වී තිබෙන මූලික ම හේතුව ඇත්තේ මාධ්‍ය තුළයි. වර්තමාන යුගය වනාහි ඉතිහාසයේ අන් කවර කලෙකටත් වඩා දේශපාලනය මාධ්‍යකරණය බවට පත් වී තිබෙන යුගයකි. මාධ්‍යකරණයේ මෙම යුගයේදී සත්‍යය යනු මාධ්‍ය මගින් කරන ලබන ප්‍රබන්ධයක් බවට ම පත් වී තිබේ. එකම බොරුව පුන පුනා කීමෙන් සත්‍යයක් බවට පත් කිරීමේ ගොබෙල්ස් න්‍යාය වඩාත් හොඳින් භාවිතා වන්නේ වර්තමානයේදී ය. සත්‍යය යනු කුමක් ද යන්න ඇත්තෙන් ම වැදගත් නැත. වැදගත් වන්නේ මාධ්‍ය විසින් වාර්තා කරනු ලබන්නේ කුමක් ද යන්නයි.

මෙයට හොඳම උදාහරණයක් ලෙස සැලකිය හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියයි. පාර්ලිමේන්තුව විසින් පත් කරන ලද අනු කමිටු විසින් මේ වන විට සිය වාර්තා ඉදිරිපත් කර තිබේ. ව්‍යවස්ථාව ගැන මහජනතාවගේ අදහස් විමසීමට පත්කරන ලද නීතිඥ ලාල් විජේනායක කමිටුවේ වාර්තාව ද ඉදිරිපත් වී තිබේ. මෙම වාර්තා සලකා බලා අගමැතිවරයාගේ සභාපතිත්වයෙන් යුත් මෙහෙයුම් කමිටුව විසින් වාර්තාවක් සකස් කළ යුතු ය. ව්‍යවස්ථා කෙටුම්පතකට පාදක වන්නේ එයයි. එහෙත් ඒ සම්බන්ධ කිසිදු කාර්යයක් සිදු වන්නේ නැත. එහෙම තිබියදීත්, බලලෝභී දේශපාලන නායකයන් ජාතිවාදය අවුළුවමින් රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාවක් පිළිබඳ මාධ්‍ය ඔස්සේ කතා පවත්වන්නට පටන් ගෙන තිබේ. ආණ්ඩුව මේ අනු කමිටු හයේ වාර්තාවල අඩංගුව ගැන මහජන සංවාදයක් ඇති කිරීමට සැලකිය යුතු වැඩකොටසක් කරන්නේ පවා නැති අතර, ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය මෙතැනින් ඉදිරියට යයි ද යන්න ද මේ මොහොත වන විට පැහැදිලි නැත. ආණ්ඩුව දේශපාලනය කරන්නේ නැතැයි මා කියන්නේ ඒ නිසා ය. පාර්ලිමේන්තුවෙන් පහළට ජනතා සහයෝගය බලමුළුගන්වන්නේ නැතිව කිසිදු අරමුණක් කරා යන්නට ආණ්ඩුවකට බැරි ය.

ජනමාධ්‍යවලින් ප්‍රචාරය වන තරමක් ප්‍රචාරය වන්නේ ආණ්ඩුවේ වැරදි ය. ආණ්ඩුව අසාර්ථක බව ය. ආණ්ඩුව රට විනාශ කරන බව ය. ආණ්ඩුව පෙරළිය යුතු බව ය. රටේ ජනාධිපතිවරයා මරා දැමිය යුතු බව නියමින් හා අනියමින් කියන ජනමාධ්‍යකරුවෝ විශේෂයෙන් සමාජ මාධ්‍යවල සිටිති. රටේ තත්වය, ආර්ථික අර්බුදය, මහජන වගකීම හා තමන්ගේ උපායමාර්ග මොනවාදැයි ජනතාවට පැහැදිලි කර දීමට ආණ්ඩුව බරපතල ලෙස අසමත් වී තිබේ. ආණ්ඩුවේ ම මැති ඇමතිවරුන් විපක්ෂය ලෙස කටයුතු කරන සංදර්භයක් තුළ එහෙම වීම පුදුම විය යුතු තත්වයක් නො වේ.

එහෙත්, පසුගිය දෙවසරක කාලය තුළ මේ රටේ සිදු වූ බොහෝ යහපත් දේ තිබේ. මූලිකව ම පාර්ලිමේන්තුව ඇතුළු මහජන ආයතන හා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන නීති සංශෝධන ගණනාවක් පසුගිය සමයේ සිදු කෙරිණි. ඇතැම් ඒවා මේ රටේ ජනතාව ඉල්ලා සිටි ඒවා ද නො වේ. නිදසුනක් ලෙස, තොරතුරු දැනගැනීමේ හිමිකම වැනි දියුණු හිමිකමක් භුක්ති විඳීමට තරම් මේ රටේ ජනතාව දියුණු ද යන ප්‍රශ්නය මතු වේ. මේ රටේ මාධ්‍ය හා දේශපාලකයන් ආණ්ඩුවේ ප්‍රජාතාන්ත්‍රික භාවිතාවන් ජනතාවට හඳුන්වා දෙන්නේ කොන්ද පණ නැතිකම් ලෙස ය. රටට ඒකාධිපති පාලනයක් අවශ්‍ය ය යන යල් පැන ගිය, ජයවර්ධන, ප්‍රේමදාස, රාජපක්ෂ වැනි ඒකාධිපතියන් විසින් අත්හදා බලා අසාර්ථක වූ මූලෝපාය නැවත ජනතාව වෙත ප්‍රවර්ධනය කරමින් තිබේ. එහෙත්, පසුගිය දෙවසර තුළ කිසිදු දේශපාලන ඝාතනයක් මේ රටේ සිදු නො වූ බව ද, කිසිදු මාධ්‍යකරුවකු මරා නො දැමූ බව ද අප සිහිපත් කර ගත යුතු ය. රාජ්‍ය ආයතනවල බලවත් ස්ථානවල සිටින රාජපක්ෂවාදීන්ට දේශපාලන වෙනස නිසා සැලකිය යුතු වෙනස්කමක් සිදු නො වූ අතර ඔවුන් වැඩි දෙනෙක් මේ මොහොත වන විටත් සිය බලය ආණ්ඩුව කඩාකප්පල් කිරීම සඳහා යොදා ගනිමින් සිටිති. ආණ්ඩුවේ බොහෝ වැඩසටහන් අසාර්ථක වීම පිටුපස මෙම බලවේගය සිටිති. එයට හොඳම උදාහරණය වන්නේ දූෂණ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට හා දූෂිතයන්ට දඬුවම් කිරීමට ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග අසාර්ථක වූ ආකාරයයි. අවසානයේදී කෝ අපව ඇල්ලුවාදැයි ඔච්චම් කරන්නට පුළුවන් තරම් ශක්තිමත් තැනකට මේ සොරුන් පත් වී තිබේ.

යහපත් අරමුණු වෙනුවෙන් ජනතාව බලමුළු ගන්වා ගැනීමට අවශ්‍ය නායකත්වය සැපයීමේ හැකියාව මේ ආණ්ඩුවට නැත. නිදසුනක් ලෙස, 2015 අයවැය තුළ යම් පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක් දක්නට ලැබිණි. එම අයවැය යෝජනා අතර කැපී පෙනෙන ලක්ෂණ කීපයක් තිබිණි. ඒවා මෙසේ ය:
අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ පාලනය
සහනාධාර ක්‍රම අධෛර්ය කිරීම
වාහන භාවිතය අධෛර්ය කිරීම
ඍජු විදේශ ආයෝජන දිරිගැන්වීම
සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දිරිමත් කිරීම

එහෙත්, මෙම අයවැය යෝජනා හරිහැටි ක්‍රියාත්මක වූයේ නැත. නිදසුනක් ලෙස වාහන භාවිතය අධෛර්යය කිරීමට හා වාහන ආනයනය සඳහා ලබා දෙන තීරු බදු සහන අත්හිටුවීමට ගත් තීරණය ලත් තැන ම ලොප් විය. අද වන විට දේශපාලකයෝ හා ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීහු කලින් කළ පරිද්දෙන් ම තීරු බදු රහිතව වාහන ආනයනය කර විකුණා ගනිමින් දැවැන්ත පරිමාණෙන් මහජන මුදල් මංකොල්ල කති. මෙහිදී මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම අධෛර්ය කිරීමට මේ සමස්ත බලවේගය ම කටයුතු කළ අතර, මධ්‍යම පංතිය මත පදනම් වන වාමාංශික පක්ෂ පවා මෙම යෝජනාව දිරිමත් කිරීම සඳහා කිසිවක් නො කර මුනිවත රැක්ක හ.

ආණ්ඩුවට ලැබුණේ අධික ණය බරකින් අසමතුලනය වූ ආර්ථිකයක් පමණක් නො වේ. දූෂිතභාවයේ, අකාර්යක්ෂමත්වයේ, දේශපාලනික ගැතිභාවයේ ආසාදනයන්ගෙන් ඉදිමුණු දැවැන්ත හොරි ගෙඩියක් වැනි දැවැන්ත රජයක් ද ආණ්ඩුවට උරුම වී තිබේ. රටේ ඵලදායී වැඩ කරන ජනතාවගේ ජීවිත මත කාලකන්නිකමේ අඳුරු සෙවණැලි පතිත වී තිබෙන්නේ මෙම දැවැන්ත රජය නඩත්තු කිරීමට ගෙවන බදු කන්දරාව නිසා ය. ලක්ෂ 15කට අධික සේවක පිරිසක් සිටින රජය වනාහි මේ රටේ ජනගහණයෙන් හතරෙන් පංගුවකගේ යැපුම් මාධ්‍යයයි. මේ රට ණය ගන්නේ, අධික ලෙස බදු අය කරන්නේ මේ රජය නඩත්තු කිරීමටයි. රජය සුබසාධන සේවා පවත්වාගෙන යන්නේ මේ රාජ්‍ය වියදම් සාධාරණීකරණය කරන්නට මිස ඇත්තට ම ජනතාවට සේවා සපයන්නට ද යන්න රාජ්‍ය සේවාවන් ක්‍රියාත්මක වන ආකාරයෙන් තක්සේරු කර ගත යුතු ය.

එහෙම තිබියදී, රජයෙන් යැපෙන මෙම බලවත් මධ්‍යම පංතියේ ජනතාව හා ඔවුන්ට නායකත්වය දෙන වාමාංශික පක්ෂ කතා කරන්නේ හරියට ආණ්ඩුව ණය අරගෙන ධනපති පංතියට සල්ලි බෙදා දී තිබෙන්නා සේ ය. පසුගිය දශක ගණනාවක් තිස්සේ රජය ගත් ණයවලින් හා බදුවලින් යම් තරමක් දේශපාලකයන් සොරකම් කළ බව ඇත්ත ය. එහෙත්, වැඩි ප්‍රමාණය වියදම් වුණේ රජය නඩත්තු කරන්නට ය. සුබසාධනයට වැය වුණේ ඊට වඩා අඩු ප්‍රතිශතයකි. මේ රටේ ජනතාවගේ ජීවිත කාලකණ්ණිකමට ප්‍රධාන හේතුව රජයයි. දුකට සත්‍ය හේතුව වෙනුවට ව්‍යාජ හේතු ප්‍රවර්ධනය කිරීම මධ්‍යම පංතිය මත පදනම් වූ ලංකාවේ වාමාංශික දේශපාලනයේ නිධන්ගත තත්වයකි.

මධ්‍යම පංතික වීරයන්ට ආණ්ඩු විවේචනය කරන්නට පුළුවන. එහෙත්, විකල්ප ඉදිරිපත් කරන්නට බැරි ය. රාජපක්ෂවාදීන් ගැන අමුතුවෙන් කතා කරන්නට දෙයක් නැත. වර්තමාන අර්බුදය ඔඩු දිව්වේ ඔවුන්ගේ කාලය තුළයි. ලංකාවේ ධනවාදයට කේනීසියානු සුබසාධනවාදී රාජ්‍යයේ සීමා මායිම් පුපුරුවා නො හැර ඉදිරියට යන්නට බැරි ය. වෙනත් ආකාරයකින් කියනවා නම්, මධ්‍යම පංතියට බලය දෙන ඊනියා සුබසාධනවාදී ආර්ථිකය වෙනුවට ධනපති පංතිය අතට බලය ගොනු වන පරිදි පෞද්ගලික අංශයට මූලිකත්වය දෙන ධනවාදී ප්‍රතිපත්ති ඉදිරියට ගැනීම හැර වෙනත් විකල්පයක් කිසිවෙකු විසින් යෝජනා කර නැත. අප මෙම මූලෝපායට සහාය දිය යුත්තේ ඒ එකකට වඩා අනෙක හොඳ නිසා නො ව, මුල් එක අසාර්ථක වී හමාර නිසා ය. එසේම දෙවෙනි එක අනිවාර්යයෙන් සාර්ථක වේ යයි කිව හැකි නිසා ද නො වේ. ලංකාවේ රජය කඩා වැටී ග්‍රීසියේ මෙන් පතුලක් නො පෙනෙන ආර්ථික අගාධයකට ඇද වැටීම වළක්වා ගැනීම සඳහා මේ මොහොතේ වෙනත් විකල්පයක් කිසිවකු විසින් යෝජනා කර නැති නිසා ය.

මේ වන විට ආණ්ඩුව තුළ ඇති අභ්‍යන්තර ගැටුම් හා බැහැරින් එන ආණ්ඩු විරෝධයේ බලපෑම නිසා ආර්ථිකය පවත්වාගෙන යාමට අවශ්‍ය මට්ටමේ හෝ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට ආණ්ඩුව අසමත් වී තිබේ. රටෙහි විපක්ෂ බලවේග විසින් නිර්මානය කරමින් තිබෙන අස්ථාවරත්වය හමුවේ ආයෝජකයන් ආකර්ශනය කර ගැනීමට හා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වයන් ඔස්සේ ව්‍යවසාය ප්‍රවර්ධනය කිරීමට ආණ්ඩුව දරන උත්සාහය ද සාර්ථක වන්නේ නැත. ප්‍රධාන පක්ෂ දෙක එකතු වී ආණ්ඩුවක් පිහිටුවාගෙන තිබියදී පවා පසුගිය කාලයේ දැවැන්ත දූෂිත පාලනයක් ගෙන ගිය රාජපක්ෂ පවුලේ අන්තේවාසිකයන්ට හා ජනතා විමුක්ති පෙරමුණ වැනි සරළ ආණ්ඩු විරෝධය හා කඩාකප්පල්කාරිත්වය හැර අන් දෙයක් කවදාවත් කර නැති වාමාංශික පක්ෂවලට බලවත් විය හැකි තරමට ආණ්ඩුව දුර්වල වී තිබේ. මූලික හේතුව ඇත්තේ අන් තැනක නො ව, ආණ්ඩුවට ජනතාව බලමුළුගන්වා ගැනීම පිළිබඳ අවබෝධයක් නැති වීම තුළ ය.

පසුගියදා හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහනට පැමිණි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පැවසූ කරුණක් වූයේ තමන් බලයට පත් වී අවුරුදු හතක් අටක් ඇතුළත ලංකාවේ ආර්ථිකයේ ප්‍රශ්න විසඳන බවයි. තමන්ට විසඳන්නට අවුරුදු හත අටක් අවශ්‍ය ප්‍රශ්න වර්තමාන ආණ්ඩුව අවුරුදු දෙකකින් විසඳා නැති නිසා දැන් ජවිපෙ ආණ්ඩුව පෙරළිය යුතු බව කියයි. 

(2017-01-08 රාවය පුවත්පතෙහි පළ වූ ලිපියකි)

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ජ.වි.පෙ ආණ්ඩුව පෙරලන්න හදන්න් 2020දි ලුනෙ.හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ කිසිම බලයක් නැතුව ජ.වි.පෙ කිසිම දෙයක් නොකලා කියන එක අසාධාරණයි.

    දේශපාලණයේ අරමුණ "බලය" ලබා ගැනීම.එය නැතුව, මුකුත් කරන්නෑ කියන්න එපා.අනික මේ සියලු යාණ්ඩු එකම ගමනක වෙනස් මුහුනු විතරයි.ඒනිසා රට වැටිලා තියෙන තැනට ඒ සියලු ආණ්ඩු වග කිව ‍යුතුයි.

    ReplyDelete
    Replies
    1. ජවිපෙ ආණ්ඩු බලය ගැනීම ප්‍රශ්නයක් නෙමෙයි. එහෙත්, පවතින යථාර්ථය තුළ ජවිපෙ ආණ්ඩුවක් බිහි වෙනවා නම් බිහි වෙන්නේ ග්‍රීසියේ වැනි කඩා වැටීමක් සිදු වන සංදර්භයක වෙන්න පුළුවන්. ආණ්ඩු පිහිටුවන්නට රට ඒ තත්වයට ඇද දාන එකෙන් වෙන්නේ ජනතාව මහත් අවාසනාවන්ත තත්වයකට පත් වීමයි.

      මේ ආණ්ඩුව බලයට ගෙන එන්නට ජවිපෙ විශාල වැඩ කොටසක් කළා. එම සංදර්භයේදී ජවිපෙ වගකීම වන්නේ විවේචනාත්මකව සහයෝගය දෙමින් ආණ්ඩුව ලවා වැඩ කරවා ගැනීමයි. අපි කරන්නේ ඒක.

      ආණ්ඩු පත් කරන්නට ඡන්දය දෙන්නැයි ජනතාවට කියා ආණ්ඩුව බලයට පත් වී ටික දවසකින් අපි ඕවා දන්නෙ නැහැ ය කියා අයින් ගහන එවුන්ට තව වතාවක් ඒ වැඩේ කරන්නට අපි ඉඩ තියන්නෙ නැහැ. මේ වගේ ගල් ආඳන්ට රැවටෙන්නට එපා ය කියන එක අපි දිගට ම ප්‍රවර්ධනය කරනවා.

      Delete
  2. රට ගොඩනගන්න නම් 2020 දී එජාප රජයක් පිහිටුවා 2030 දක්වා රනිල්වික්‍රමසිංහ නායකත්වය දරන එම ආන්ඩුව පැවතිය යුතුයි...

    ReplyDelete
  3. i dont see any reason to safe guard the government as this government is also taking the footsteps of previous regime.thanks to the government after two years no one has been imprisoned of corruption, murder and abuse of power during the previous regime, person's who are supposed to be investigated by FCID go to FCID make complains of others, same set of corrupted ministers run the country. even this china port harbor deal i dont think any of leaders had the need to negotiated terms in our favor, if this port is such a flow why would china buy it, its still has not reached the break even point and government very well knows it, but they never say it to the public,so the general public is under the impression that the port is going to be loss forever, which is not the case,any how if our stupid governments are not capable of managing such asset they could simply outsourced the management to some sri lankan company that is capable of doing so,
    back to the topic, two years back majority of social media users were rooting for sirisena without expecting any financial or personal gain, now its the opposite, people who are pro mahinda make a bigger sound
    the table has turned but is it right for the government to say all social media is bad we control it just because people dont say what they wanna hear, its called hypocrisy,
    I can very well sense that this government today is not taking the path people wanted them to take, forget about the shitty things previous regime did, at least continue the good stuff they did like cleaning the roads
    and dramas such as asking us to pay our fair share of taxes and stealing from epf coffers to start your own media channel does not sound right isnt it, its so ironic that they had to use our own money to change our opinion about them, everytime i see perpetual try ad i wonder why i still continue to pay taxes, i get that there could be imperfections but these are fundamentals they were supposed to act on
    as far I'm concerned the more agitated and frustrated the common public are the more they would lean towards changing the government like what happend two years back
    i have met with so many people who voted for the yahapalana clan now vouching to vote for gota if he contests for the next election
    so if the governement just like in the case of usa (obama neglecting the majority white population) continue to disregard the wishes of common man there is a good change that he will come in to power and take off all the freeedom that we have today. if that happens its no ones fault but the government cz when you power u dont to what u are supposed to do but u waste ur time doing stupid shit

    ReplyDelete
  4. මහින්දව පන්නලා අලුත් ආණ්ඩුවක් පත් කළා නම් සහ එසේ පත් කරන්නට ඡන්දය දෙන්නට ය කියලා ජනතාවට කිව්වා නම්, දැන් ඉතින් කළ යුතුව තිබෙන්නේ පාලනයට සම්බන්ධ වෙලා වෙනස්කම් ඇති කරන්නට උත්සාහ කරන එක මිසක් ආපහු පිටින් ඉඳගෙන බනින එක නෙමෙයි. (සාමාන්‍යයෙන් මේ වැඩේ ඔස්තාද්ලා ජවිපෙයි) විවේචනය ලේසියි. හැබැයි වෙනස්කම් සඳහා බලවේග කළමනාකරණය කරන එක ඉතාම අමාරු වැඩක්. ඒකෙදි බොහෝ විට බෙල්ල දෙන්නට වෙනවා. හැබැයි ඉතින් ඉතිහාසයට වඩා වැදගත් වෙන්නේ පුද්ගලයන් නෙමෙයි, සමාජ විපර්යාසයි. සිවිල් සමාජ නායකයන් දේශපාලනික නො වන තැන එතනයි.

    ReplyDelete
    Replies
    1. is nt it the responsibility of the people who got the power to their hand to make sure that they live up to the expectations set by them. we as common people only get a chance to evaluate their performance at a election which happens once in a while not everyday. i'll ask you a small question lets say you are hired by me to do a translation of an article and return in 10 days, but u dont do my work instead you keep on doing other stuff and after 10 days you got nothing to give me, is it my fault or responsibility to stop all my work and watch your every move and scream at you for diverting your attention to other work, or is it your responsibility to act as an adult and deliver what you promised, all what i can do is wait for 10 days if you dont do it give it to some one else, these people needs to be held accountable for what they have stood up, only way we can make our voices heard is by criticism. and how can you explain ලනයට සම්බන්ධ වෙලා වෙනස්කම් ඇති කරන්නට උත්සාහ කරන එක, if i wanna do that how can i get involved

      Delete
  5. //පසුගිය දෙවසරක කාලය තුල මේ රටේ බොහෝ යහපත් දේ සිදුවී තිබේ//
    එකඟයි. ඒ උනත් කිරි කලේට ගොම බින්දුවක් වැටුනා වගේ වෙන සමහර දේවල් යහපාලනය වෙනුවෙන් කැපවූ මිනිසුන් සදහටම කලකිරීමට පත් කරනවා. පීකොක් ලියනගේගෙ තානාපති පත්වීමත් ඒ වගේ දෙයක් කියලයි මට හිතෙන්නේ. මේවා වෙන්නම ඕන දේවල්ද?

    ReplyDelete
    Replies
    1. ඒ වගේ දේවල් දැඩිව විවේචනය කළ යුතුයි. ඒ එක්කම අපි මතක තියා ගත යුතු කාරණය වන්නේ අපට ශ්‍රේෂ්ඨ නායකයන් නැහැ. ඉන්නෙ මිථ්‍යා විශ්වාස කරපින්නා ගත්, බුද්ධි හීන සාමාන්‍ය මිනිසුන් පිරිසක්. ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලන එක තේරුමක් නැහැ. නො ලැබෙන දේ ගැන නෙමෙයි ගන්න පුළුවන් දේ ගැන හිතමු.

      Delete
  6. පැරා,

    මේ අන්ඩුවේ කිසිම දෙයක් සිදුවෙන්නේ නෑ කියන්නේ නෑ. තොරතුරු තක්ෂණික අංශය රජයේ ආයතන අතර සම්බන්ද කරමින් සෙමින් වන දියුණුවක් තියනවා . නමුත් මෙය ප්‍රමාණවත් මදි.

    මහින්දගේ කාලයේ විවිද පුද්ගලයන් විශාල ප්‍රමාණයක් ව්කතුවී කල සොරකම් සිදුවූ අතර මේ රජය පුද්ගලයන් සුළුපිරිසක් විසින් විශාල සොරකම් කරමින් තියනවා.

    ඕක තමයි ඇත්ත. හරියට බැලුවහම රජයන් දෙකම එක සමානව වගේ සොරකම් කරලා තියනවා.

    මේ රජය ජනමාද්‍ය වේදීන් මැරුවේ නෑ කියන දේ ඇත්ත උනත් එහෙම වෙන්නේ මෙරජය එහෙම කලොත් ඉතා සුලුකලකින් රජය පෙරලීමට කටයුතු සිදුවෙන බව දන්නා නිසා, මා මිට කලින් කිව්වා විදියට 30 වසරක යුද්ධය දිනීම නිසා මහින්දට ලැබුන දේසපාලන ප්‍රාග්ධනය මයිත්‍රිට නෑ ඔහු දේසපාලන හිගන්නෙක්. මේබව ඔහු දන්නේ නිසයි ඔබ ඔයකියන සංවරය ලැබිල තියන්නේ.

    අනෙක් අතට එක රජයේ ප්‍රතිවිරුද්ද පිරිස් සිටින නිසා ඔවුන් බයයි මහින්ද වගේ හැසිරෙන්න.

    //මධ්‍යම පංතික වීරයන්ට ආණ්ඩු විවේචනය කරන්නට පුළුවන. එහෙත්, විකල්ප ඉදිරිපත් කරන්නට බැරි ය. //

    ඇයි පැරා ඔබට මතක නැද්ද මම කිව්වා ඉලෙක්ට්‍රොනික වානිජ්‍ය දියුණු කිරීමට PAYPAL පහසුකම ලබාදීම ගැන එච්චර විතරක් නෙමෙයි රටේ බැංකු වල අන්තර්ජාලය තුලින් විකිනීමට සහ මිලදීගැනීමට පහසුකම් සපයන Merchant account සහනදායි මිලට පාරිබෝගිකයන්ට ලබාදියයුතු බව කිව්වා මතකද ?
    අද සම්පත් බැංකුව ලබාදෙන මේ සේවාව සදහා වසරකට රුපියල් 60000 ක් ඔබ වෙළදාම කලත් නොකලත් ගෙවන්න වෙනවා, මේ නිසා සුලුපරිමාන මිනිසුන්ට මෙය කල නොහැකි වී තිබෙනවා.

    අද විශාල සමාගම් මෙම සේවා අපුරුවට ක්‍රියාත්මක කරනවා උදාහරණ ඔබ අද මෙය බලනවානම් යන්න https://www.keellssuper.com/SpecialPromotion

    බලන්න (GOLDI CHICKEN MEAT BALLS 400G) රුපියල් 240 ටින් එකක් ඔවුන් විකුනන්නේ රුපියල් 120ට මේවගේ භාණ්ඩ 5ක් 50% වට්ටමක් දෙනවා රුපියල් 2000ට වඩා ඔවුන්ගෙන් භාණ්ඩ මිලදීගන්න විට.

    මෙහිද අදාළ භාණ්ඩ 5න් පාරිබෝගිකයට මිලදීගන්න දෙන්නේ එක වර්ගයකින් භාණ්ඩ 3ක් පමණයි.

    මෙවැනි ප්‍රවර්දන ක්‍රම මේ බලවත් සමාගම් අපරට තුලත් පාවිච්චි ක්රනනබව ඔබ දන්නවද ?

    මේවා පොඩි වෙළදුන්ට කරන්න බැරිවෙලා තියන්නේ ඔවුන්ට ඇතුල් වෙන්න බැරි විදියට වෙළද බාදා ඇති නිසා.

    අපරටේ තැපැල් සේවය ආරක්ෂා කාරී ලෙස පාවිච්චි කල හැකි විදේශ වලට අපනයන කල හැකිනම් අපට ලෝකයට භාණ්ඩ අපනයනය කර ඩොලර් උපයන්න පුළුවන් බව කිව්වා ඔබට මතක නැද්ද ?

    මෙන්න මේවා තමයි පැරෝ විකල්ප! මේවා නොකර ඔබතුමා කියන සංකල්ප වල තමයි වරද තියෙන්නේ,.

    ReplyDelete
    Replies
    1. පේ පෑල් වත් මුන්ට දීගන්ට බැරි ඒකෙ වෙන මොන කථාද බං. මුං හරක්. පේ පෑල් හරියට දුන්නොත් රටට හිතාගන්න බැරි විදේශ විනිමයක් එනව.

      Delete
    2. //මහින්දගේ කාලයේ විවිද පුද්ගලයන් විශාල ප්‍රමාණයක් ව්කතුවී කල සොරකම් සිදුවූ අතර මේ රජය පුද්ගලයන් සුළුපිරිසක් විසින් විශාල සොරකම් කරමින් තියනවා.
      //

      ගොන්කතා කියන්න එපා ඕයි... මහින්ද කර හොරකම් වලින් 4 පංගුවක් වත් මෙ ආන්ඩුව කරල නෑ... මහින්ද ඔය වරායෙන්, හයිවේ වලින් කොමිස් ගහපු ඒව ප්‍රසිද්ධ හොරකම් පමනයි, නමුත් බැසිල් ලංකාවෙ හා ලංකාවට එන ව්‍යාපාරිකයින්ගෙන් කොච්චර කොමිස් ගත්ත කියල දන්නවද? එතකොට ඔහේට මිනීමරු ගෝටාභය කරපු පාහර වැඩ දැක්කෙ නැත්ද? ඔහෙ වගේ බටහිර විරොදී, ඉන්දීය විරොදී, යූඑන්පී විරොදී උලමෙකුට් නොපෙනුනාට මේ ආන්ඩු රාජපක්ෂ මාෆියා කල්ලියට වඩා 100 ගුනයකින් හොදයි...

      Delete
    3. ගොන් ඇනෝ,

      ආසියාවේ විශාලතම සංචිතයක් වන විශ්‍රාම වැටුප් EPF හි අරමුදල් වලින් ලබල තියන මුළු ලාබයට වඩා arjuna aloysius ගේ perpetual treasuries ලාබ ලබල තියනවා. මෙය ප්‍රමාණවත් සොරකමේ තරම දැනගන්න.

      තව දෙයක් මෙය සිදුවුනේ වසර 2 ට අඩු රාජ්‍ය කාලයකදී මහින්ද විශාල සොරකම් කරලා තිබනවා නමුත් වසර 30ක යුද්දය ඉවර වූ බවත් ලංකාව වටේ සියලුම මාර්ග නවීකරණය වී ඇති බවත් උතුරුකරය වැදගත්ම සංවර්දන වැඩ ඉවර ලර් ඇති බවත් අමතක කරන්න එපා.

      රනිල් ලොක්ක ඩොලර් බිලියන 5ක ආදාර චීනයෙන් ඉල්ලන්නේ මහින්ද හදපු හම්බන්තොට වරාය පෙන්නලා බව අමතක කරන්න එපා එහම නැතුව ඇමරිකාවෙන් හෝ එංගලන්තයෙන් හෝ යුරෝපයෙන් ලැබිල තියන ලබ්බක් නිසා නොවන බව ඔබේ සිගිති මොලයට වැටහේව.

      Delete
    4. අනේ Lankika Sithuwili ගොං බිජ්ජ නිකන් පලයන් බන් අමු ගොන් කතා නොකිය, පේපෑල් උලම. තෝ දන්න වරායයි පේපෑලුයි, එහෙන් මෙහෙම් මොනවහරි වචනයක් දෙකක් අහුලගත්තු බොලා වගේ මරාට රෙදි නැතුව කඩේ යන ගොං බයියො ෆෝම් වෙලා අමු ගොං බයිල ගහනව. ගොං රිලවෝ එක්සත් ජාතික පක්ෂයට තව අවු. 03ක් දීල බලපන් හොරකම් සම්පූර්ණයෙන්ම නවත්තල ලංකාව දියුණු තත්වයට ගේන හැටි, තොපි ඉරිසියාවෙ පැලිල පැලිල මරා එක්ක හැමිණිලා මැරිල යාවි. නොදකින් තොපි වගේ මොළේ කලදක් නැති පල් හොර මරාගෙ වහල් බයි හැත්ත.

      Delete
    5. //රනිල් ලොක්ක ඩොලර් බිලියන 5ක ආදාර චීනයෙන් ඉල්ලන්නේ මහින්ද හදපු හම්බන්තොට වරාය පෙන්නලා//

      මේකෙන්ම තේරෙනව මූගෙ ගොන්කම... හරක් පැටියො මරා චීනෙට රට ණය කරල වරායකුයි, නැව් නො එන එයාපෝට් එකකුයි හදපු නිස්ස තමයි රනිල්ට එණය ගෙවන්නචීනෙට එක ආයිත් දීල ණය ගන්න වෙලා තියෙන්නෙ....
      මරා යුද්ධෙ ඉවරකරා(මරා/ගෝට සරම් දෙකක් ගහගෙන තනියෙන් ගිහින්ලුනෙ යුද්ධෙ ඉවරකරල තියෙන්නේ ), පාරවල් හදුව ( ලොකෙ වැඩිම කොමිස් ගැහිල්ලක් ගහල හදාපු පාර ) නිසා ඌ මාරයි වගෙ කථානම් වීරවන්සයථ් කියනවනෙ...

      Delete
    6. //රනිල් ලොක්ක ඩොලර් බිලියන 5ක ආදාර චීනයෙන් ඉල්ලන්නේ මහින්ද හදපු හම්බන්තොට වරාය පෙන්නලා//

      මේකෙන්ම තේරෙනව මූගෙ ගොන්කම... හරක් පැටියො මරා චීනෙට රට ණය කරල නැව් නො එන වරායකුයි, එයාපෝට් එකකුයි හදපු නිස්ස තමයි රනිල්ට එණය ගෙවන්නචීනෙට එක ආයිත් දීල ණය ගන්න වෙලා තියෙන්නෙ....
      මරා යුද්ධෙ ඉවරකරා(මරා/ගෝට සරම් දෙකක් ගහගෙන තනියෙන් ගිහින්ලුනෙ යුද්ධෙ ඉවරකරල තියෙන්නේ ), පාරවල් හදුව ( ලොකෙ වැඩිම කොමිස් ගැහිල්ලක් ගහල හදාපු පාර ) නිසා ඌ මාරයි වගෙ කථානම් වීරවන්සයථ් කියනවනෙ...

      Delete
    7. //ගොං රිලවෝ එක්සත් ජාතික පක්ෂයට තව අවු. 03ක් දීල බලපන් හොරකම් සම්පූර්ණයෙන්ම නවත්තල ලංකාව දියුණු තත්වයට ගේන හැටි//

      අදට අවුරුදු 2කක් ඉවරයි ඔච්චර හොරකම් කල මාරට තවම නඩුවක් වත් දාල නැතිබව මේ මොඩය දන්නේ නැද්ද ?

      Delete
  7. පාරා. මේ යහපාලනය අස්සෙ ඉන්න මයිත්‍රී නමැති දෙපිටකාට්ටුවා ඉතා ඉක්මනින්ම මහින්දව අගමැති පුටුවෙ ඉන්දනව ඉරහඳ වගේ.

    වෝක්ස් වැගන් නැතිවට වෙස්ටර්න් මෝටර්ස් හරි ආපු එකගැන සන්තෝසයි.

    රනිල් බොහොම අමාරුවෙන් අලි පාටිය සමග කොහොමහරි රට ගොඩදාන එකට ලොකු ගේමක් දෙනව.

    ඊයෙ හම්බන්තොට සිද්දියෙන් පැහැදිලිවම පේනව මහින්ද ඇතුළු හොර නඩයට රට දියුණු වෙනවට බොහොම ඉරිසියාවක් තියෙනව කියල.

    මේ රෙද්දෙ යහපාලනේන් නිදහස් පක්ෂ ඇවුන් වගේම මයිත්රිත් පන්නල දැමිය යුතුයි. මොකද පත්තර බලන පඹයෙක් වගේ නායකයෙකුගෙන් වැඩක් නැහැ.

    ReplyDelete
  8. එහෙම කියන්න එපා... අනුර කුමාර කොම්‍රඩ් ඇමතිකන් කොරාපූ අවුරුදු දෙකට බස් එකක් දාලා තියෙනවා අමාත්තියන්සෙට..
    තා එකෙක් සීගිරියට ගඩොල් වගයක් ඇදලා.. වැඩිපුර ඇදලා.. ආයෙත් පහලට බාලත් තියෙනවා..
    ඇයි වැව් හෑරිල්ල ඒකත් බැඳුම්කරේ වගේම තමයි හිටන්...

    ReplyDelete
  9. //තමන් බලයට පත්වී අවුරුදු හතක් අටක් ඇතුලත රටේ ආර්ථීකයේ ප්‍රශ්න විසඳනවා- අනුර කුමාර දිසානායක//
    හොඳයි. හොඳයි. එතකන් දැනට ආර්ථීකයට කරන විනාශය නතර කරපල්ලා. උඹලා තාමත් ඉන්නේ ලංගම බස් ගිනිතියපු, ට්‍රාන්ස්ෆෝමර් ගිනිතියපු කාලේ හිටපු මානසිකත්වයේ. අනුරාධපුරේ පොළොන්නරුවේ ගොවියෝ කොළඹට ගෙනත් උන්ගේ පුකවල් කොළඹ කන්තෝරුවල වැඩකරන ගෑනුන්ට මිනිස්සුන්ට පෙන්නලා ලබාගත් ජයග්‍රහණ මොනවද? දවස ගානේ කොළඹ පෙළපාලි යනකොට විදේශ ආයෝජකයෝ ඒවිද? ජවිපෙ මේ මොහොතේ හැසිරෙන විදිය බලනකොට ඒ අයගේ අනාගත පොරොන්දු විශ්වාස කරන මිනිස්සුන්ට වෙන්නේ එළුවාගේ මොකක්ද එක හැලෙනකම් පස්සෙන් ගිය නරියට වෙච්චදේ!

    ReplyDelete
  10. /ඇත්ත කීවොත්, සමාජ මාධ්‍යවල සතුරන්ගෙන් කුණුහරුප අසා ගනිමින්, තර්ජනවලට ලක් වෙමින් ආණ්ඩුවට සහයෝය දෙන්නට උත්සාහ කරන ක්‍රියාකාරිකයන් සමග සම්බන්ධතාවක් නඩත්තු කරන්නට තරම් හෝ බුද්ධියක් ඇති මාධ්‍ය නායකත්වයක් මේ ආණ්ඩුවට නැත.// gayantha karunathilaka must be the most ineffective media minister of them all.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා