ඥානසාර මිනිහෙක් ද?

චිත්‍ර‍ය සිළුමිණ පුවත්පතෙනි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට එරෙහිව නඩු පැවරීමට බොදු බල සේනා සංවිධානය තීරණය කර ඇති බව වාර්තා වේ.

එහි මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අපහාස වන අයුරින් සහ සංවිධානයේ කීර්තිනාමයට හානිවන අයුරින් 'This Man' (මේ මිනිහා) ලෙස හඳුන්වමින් විදෙස් මාධ්‍යයකට අදහස්‌ පළ කළ බව බොබසේ විධායක නිලධාරි දිලන්ත විතානගේ පවසයි.

බොබසේ මහින්දට එන්තරවාසියක් යවා සල්ලි නො දුන්නොත් නඩු දාන බව කියයි.

මහින්දට මතක් කර ගන්නට ජන කවියක් කියමි. එහි නිධාන කතාව කෙටියෙන් මෙසේ ය: කොටියෙක් වහු පැටියෙකු අල්ලාගෙන කන්නට යන විට තමන් ලොකු වුණා ම කන්නට පුළුවන් නිසා අතහරින ලෙස වහුපැටියා ඉල්ලා සිටියේ ය. කොටියා අනාගතය ගැන කල්පනා කර එසේ කළේ ය. පසුව, ලොකු වී සිටි හරකා පසුපස එළවා අල්ලාගෙන කපටි හරකාගේ උපදෙස් මත කබරොස්ස වැලකින් තමන්ගේ ගෙලට බැඳගෙන ගෙන යන්නට උත්සාහ කරද්දී ශක්තිමත් හරක් නාම්බා විසින් ඇදගෙන යන කල කොටියා මේ කවිය කීවේ ලු.

පොඩි­කොට නොකෑ කොට
ලොකු කොට කන්ට බැරි කොට
මා අත වරද කොට
ගස්ස ගස්සා නාදු කන් කොට

මේ අතර, මහින්ද ඥානසාරට මේ මිනිහා ය කියූ එක අසා අපේ ගමේ කතාවක් ද මට මතක් වේ. අපේ ගමේ ඉස්සර කාලේ හිටපු ප්‍රභූන් හැඳින්වුණේ අප්පුහාමිලා කියා ය. අප්පුහාමිලා ඔය දුප්පත් ඇත්තන්ගේ ගෙවල්වලින් දෙන වතුර වීදුරුවක්වත් නො බිව්වාට දුප්පත් ගෑනුන්ගේ නම් කටවල් වුණත් කනවා ය.

චරිතය හොඳට ම හොඳ අප්පුහාමිලා බූරු පිටිවලටත් යති. බූරු පිටිය කියන්නේ ඔය අප්පුහාමිකම් ඇති තැනක් නො වේ. බූරුවා ගහලා පැරදුණු විට අප්පුහාමිලා වුණත් ලොං හැලුණු බල්ලන් වැනි වේ.

වරක් අප්පුහාමි සහෝදරයන් දෙදෙනෙක් එකට බූරු පිටියට ගිය හ. එහිදී අප්පුහාමි මල්ලී කරපු නො පනත්කමකට ගමේ සාමාන්‍ය බූරුකාරයෙක් මෙසේ කීවේ ය:

“මෙන්න මේ මිනිහා තමයි ඔය වැඩේ කළේ," යි ගැමියා අප්පුහාමිට ඇඟිල්ල දිගු කර කීවේ ය.

මෙය ඇසූ අප්පුහාමිගේ අයියා අප්පුහාමිට හැටට නැග්ගේ ය. ඔහු එසේ කී ගැමියාගේ බොටුවෙන් අල්ලාගෙන මෙසේ ඇසුවේ ය.

“ඈ යකෝ, තෝ එහෙම කතා කරන්නෙ මේ මිනිහෙක් ද?"

ඇත්තෙන් ම ඥානසාර මිනිහෙක් ද?

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. කටුස්සාJanuary 4, 2017 at 1:09 AM

    සමහරක් ක්ෂුද්‍ර‍ජීවින් නිසා අලිත් මැරෙනවා අපිත් මැරෙනවා.

    ReplyDelete
  2. ඔය නඩුව දිනන්න නම් නානසාර තමන් මිනිහෙකු නොවන බව පෙන්වා ඔප්පු කළ යුතුයි.

    එළ!

    ReplyDelete
  3. අප්පො + හාමු = අප්පුහාමි

    (මගේ ඒ නිර්වචනයට අදාල කතාව පසුව ලියන්නම්)

    ReplyDelete
    Replies
    1. අනේ මේ, තමුන්නාන්සෙගේ ඔය මල කෝලං මනස්ගාත තමුන්වහන්සේගේම බොගේ ලියාගන්නවා. අපිට ඔය පල් හෑලි අහවල් ලබ්බකටද? ඔන්න හයිපර්ලිංක් හෙම දාල කට්ටියගෙන් කුණුහබ්බ අහගන්න ලැබුනොත් අපි මුලින්ම කිව්ව බව මතක තියාගන්න.

      Delete
    2. ලියා පළ කළ පසුව මෙතැන හයිපර් ලින්ක් දාන්නම්!

      Delete
  4. පැරා. ඔය නඩු සිද්දියෙන් එකක් හොඳටම පැහැදිලි වෙනව. දිලන්තල නාන සාරලා ට මහින්දට විරුද්දව නඩුවක් හරි කියන්ට තරම් ශක්තියක් තියෙනව කියන්නෙ මහින්ද ට ආයෙ දේශපාලන වශයෙන් දැවැන්ත බලයක් නැහැ කියන එක.

    නිකමට හිතන්න මහින්ද බලයේ ඉන්න කාලෙක නඩු කියන්න නෙමෙයි හිතුවත් ඇති ඔය දබලටම තව්තිසා දෙව් ලොව බලන්න.

    අනික සමහරක්විට මේ ආණ්ඩුව සමග නෑදෑ හිතවත්කමක්වත් පටන්ගන්ට හිතන්ද දන්නෑ ඔහොම කරන්නෙ.

    දේශපාලකයෝ වගේම තමයි ආගම්කාරයොත්.

    මේ සමහරක්විට දේශපාලනේ බ්‍රෑන්ඩ් නිව් එපිසොඩ් එකක් වෙන්නත් පුළුවන්.

    හා ද?

    ReplyDelete
    Replies
    1. මම මේ කතාවට එකගයි .මොකද unp රාජපක්ෂ මේදවස්වල මේ මිනිහා පස්සෙමයි.

      Delete
    2. යේස්ඔෆ්කෝස්, දැං බල්ලොත් කකුල උස්සනවානේ.

      Delete
  5. එම්බා පැරකුමුව, තොපට සතුටුයිද දැන්?

    ReplyDelete
  6. බුදු හාමුදුරුවෝ තමා මනුෂ්‍යයෙක් කියලා ප්‍රකාශ කලා. සම හරක් ගෝලයෝ ගැන නම් සැකයි.

    ReplyDelete
  7. ඉතින් චමල් මේකට ගාවගන්ට ඕනැ නැහැ නෙව.

    ReplyDelete
  8. පැරා,

    මුස්ලිම් ජනයාගේ අනුකම්පාව ලබාගැනීමට මහින්දම දිලන්තල මාර්ගයෙන් කරන දෙයක් කියල හිතෙන්නේ මට විතරද ?

    ReplyDelete
  9. කළ හොඳ පස්සෙන් එළවනවා කියන්නෙත් මේවටම නේද බං..

    හංදියක බෝ ගහක් යට හිටපු රස්තියාදුකාරයෙක්ට රජ සැප දීලා මහා නායකලගෙත් පුකේ ඇරපු ඒවයේ රිටර්න් තමයි ඔය එන්නේ.. සංඝ බේදයත් මොකක්ද පාප කර්මයක්ය කියනවනේ හිටන්...

    ReplyDelete
  10. අමතක වෙච්ච අය ඉන්නව නම් මෙයාගේ වැඩ මතක් කරගන්න.

    ඔය හාදයාගේ 2013 හැසිරීම

    ඔය හාදයාගේ 2014 හැසිරීම

    ReplyDelete
    Replies
    1. පිස්සුද පෙරේරා මහත්තයෝ. ඔය වල් කොල්ලො බොදු බල සේනාවට ගහපු කැලෑ පත්තර. ඉරිසියාව ඉරිසියාව.

      මේ උතුම් දර්මද්විපයේ බුදු රජුන්ට පස්සේ පහලවූ බුද්ද පුත්‍රයාට ඔහොම කියනවයි..??

      ප. ලි.

      ඔය ගණය මැරුණ දවසට ඔහෙල ඔක්කොමල්ලටම එන්න කියල හිටං මම විස්කි දන්සලක් දෙනව බුදු ෂුවර්.

      🍻

      Delete
    2. අනේ මන්දා ටිලාන් මුන්ට පිස්සුද, අපිට පීකුදුද කියලා. මන් හිතන්නේ අපිට පිස්සු.

      මට විස්කි එපා, වොඩ්කා දියන්.

      Delete
    3. හිටහන්කෝ පෙරේරා අයියේ.

      බ්ලොග් එකේ සීනියර් සිටිසන් මහත්තයත් එක්ක වෙලාවක ගහමු රෂියන් ස්ටෑන්ඩර්ඩ් බෝතලයක් හිටං

      🍻

      Delete
  11. බොබසේ කියන්නේ මෑත ඉතිහාසයේ හදපු තුච්චම දේශපාලන ප්‍රොජෙක්ට් එක.

    ReplyDelete
  12. නානසාරත් කිව්වලුනේ ලොක්ක කී නිසා කොලා කියලා, මීඩියාකාරයෝ නානසාරලාටත් එහා නිසා මොකක් විශ්වාස කරන්නද?

    ReplyDelete
  13. “ඔයගොල්ල කරගෙන යන්න අපි විරුද්ධ වෙන්නම්“ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පැරා වැනි, මුහුකුරා ගිය, අප මෙන් කීබෝඩ් එකෙන් නොව මහපොළොවේ දේශපාලනය කොට ඊට අයුක්තිසහගත වන්දියක් ගෙවීමට සිදුවූ, දේශපාලන විචාරකයෙක් නොදැන සිටීම ගැන මවිතය පළ කරමි.

    ReplyDelete
  14. දැන් මහින්ද මේ එන්තරවාසියට බයේ ඇඳ යට හැංගිලා ඇති !

    ඥානසාර - ඩිලන්ත කියන්නේ මහින්දට කෙලවන්න නිර්මාණය කළ පිල්ලි දෙකක් . අන්තිම මොහොතෙ මහින්ද මුන් දෙන්නට කෙලින්න ගියාම වැලක්කුවේ චම්පික.

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරැදියි,

      බේබදු සඟ මැරයන්ගේ අවශ්‍යථාව අනුව රටක් පාලනය කරනවානම් ඔය පාර්ලිමේන්තුවේ වැඩ වාසය කරන මීහරක් රැළ ගෙදර යවා බොදුබල අනුඛණ්ඩය එහේ යැව්වා නම් ඉවරය. ඥාණසාර නම් සංඝ මැරයා යහන්ගත වන්නේ මිනීමරුවන් සහ කුප්‍රකට කුඩු ඒජන්තලා සමගය. මුන්ගේ එකම සහ අවසාන උවමනාව මිලිටරි පාලනයක් පවත්වාගෙන යෑමය. කට ඇරියොත් උණ්ඩය මුන්ගේ සටන් පාඨය වී හමාරය.

      සඟ මැරයා ඩිලාන් පෙරේරාට වල් සතා,පරයා කියා ඇමතූවේ ප්‍රසිද්ධියේම මහියංගනයේදීය. වල්සතාට, වල්සතා නොකිය මල්සරා කියන්නදැයි කියාත් අසති. උන්ට නම් මොකා කියා ඇමතුවත් ජනතාවට ප්‍රශ්නයක් නැත. නමුත් බුද්ධ පුත්‍රයෙකුට ජනතා ඝාතනයන් සඳහා හමුදා යෙදවීමට ඉල්ලා සිටියා යැයි කීම පවා නිර්මල බෞද්ධ දර්ශණයට ගැසූ පා පහරක් වැනිය. මුන් වැනි සංඝ මැරයන් දළඳා මාළිගය ඉදිරිපිට නුවර වැවේ ගිල්වා මැරිය යුතුය. ගලබොඩ අත්තේ ඥාණසාර හැසිරෙන්නේ අපි පත්කර ගත් අපේ රටේ පාලකයා උගේ පුක්කොල්ලා හැටියටසලකාය. සමාවෙන්න. කනගාටුවෙන් වුවත් එය කීමට සිදුවිය.

      අහෝ! මහානායක පින්බත් ගිලින ගණගෙඩියනි,

      මෙවන් නිඝන්ඨයින් ශාසනයේ තබාගත යුත්තේ, ඔබගේ කුස පුරවන, පිපාසය සංසිඳුවන අහිංසක දායකයින් අමු අමුවේ මරා දැමීමට හමුදා ඉල්ලා සිටින සංඝ බ්‍රිගේඩියර් වරු ලෙසද??????

      Delete
  15. නානසාරලගෙ,පැවැත්ම තියෙන්නෙ ජාතිවාදය මතයි.හැබැයි ඉතිං ඔය ජාතිවාදයම තමයි උන්ව නිවන් යවන්නෙත්.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා