බැඳුම්කරෙන් ජීවත් වීම වෙනුවට ඇත්ත සෙවීමේ මාධ්‍යකරණය

මහ බැංකු බැඳුම්කර සිද්ධිය යනු මේ වන විට දේශපාලකයන්ට හා මාධ්‍යවලට හිතෙන හිතෙන හැටියට විකුණාගත හැකි දෙයක් බවට පත් වී තිබේ.

සාමාන්‍ය ජනතාවට මේ මහේක්ෂ ආර්ථික කාරණා තේරෙන්නේ නැත. මෙම කරුණු ඔවුන්ට තේරෙන බසින් සරළව කියා දීම මාධ්‍යවල කාර්යයි. මෙතැන සිදු වූ සිදු වීම වන්නේ මෙයයි: මහ බැංකුව 12.5%ක ස්ථිර පොළියට තිස් අවුරුදු කාලයක් තුළ ගෙවීම පිණිස රු. බිලියනයක් අවශ්‍ය බව ප්‍රාථමික මුල්‍ය වෙළඳපොළට දැනුම් දුන්නේ ය. එහෙත්, අවසානයේදී, අසාමාන්‍ය අන්දමට කටයුතු කරමින්, රජය රු. බිලියන 10ක් ම ණයට ගත් අතර එයින් රු. බිලියන පහක් ම රජයට ණයට දුන්නේ එවකට මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍ර‍න්ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස්ට අයත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමයි. මෙම ගනුදෙනුවෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් අධික ලාභයක් ලබන්නේ ඒ වන විට ද්විතීයක වෙළඳපොළේ රු. 120කට පමණ විකිණිය හැකි වූ රු. 100 බැඳුම්කර රු. 91 බැගින් මිළ දී ගන්නට හැකි වීමෙනි. එය අති දැවැන්ත ලාභයකි.

මහ බැංකු බැඳුම්කර නිකුතුවෙහිදී රජයට පාඩුවක් සිදු වී තිබේ. අර්ජුන් ඇලෝසියස්ගේ සමාගම දැවැන්ත ලාභයක් ලබා තිබේ. එම සමාගමට එවැනි දැවැන්ත ලාභයක් ලබා ගැනීමට හැකි වුණේ ඇලෝසියස්ගේ මාමා වූ එවකට මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍ර‍න් හෝ මහ බැංකුවේ වෙනත් නිලධාරීන් හෝ ඔහුට අභ්‍යන්තර රහස් හෙළිදරව් කිරීම නිසා ද යන්න තාක්ෂණික විමර්ශනයකින් සොයා ගත යුතු ය. මෙවැනි වැරදිවලට දැඩි දඬුවම් ලබා දීමට හැකි නීති තිබේ. 

දේශපාලකයන් හා රාජ්‍ය නිලධාරීන් කළ යුතුව තිබෙන්නේ එක එක ජාතියේ වාර්තා හදමින්, කොමිසම් පත් කරමින් සිටීම නො ව, එවැනි විමර්ශනයක් සිදු කර සත්‍යය සොයා ගැනීමයි. මෙය සිදු වූ ආකාරය හරියට ම දන්නා විපක්ෂයේ හා මාධ්‍යවල උදවියට තමන් දන්නා සාක්ෂි මේ මොහොතේ පවා ඉදිරිපත් කළ හැකි ය. ඔවුන් එය නො කරන්නේ ඇයි?

මෙතන සිදු වී ඇත්තේ අභ්‍යන්තර තොරතුරු ලබා දීමේ අපරාධයක් නො වේ නම්, එය වෘත්තික නොසැලකිලිමත්කමින් රජයට පාඩු වන අන්දමින් ක්‍රියා කිරීමේ වරද විය යුතු ය. එසේ කර තිබෙන්නේ සිතා මතා රජයට පාඩු කිරීමට නම්, ඒ සම්බන්ධයෙන් ද දැඩි දඬුවම් පැමිණවිය හැකි ය.

එසේ නො වේ නම්, මේ වනාහි සමාගමක් ඉතා උපායික ලෙස කටයුතු කිරීමෙන් අධික ලාභයක් ලබා ගත් දක්ෂකමක් විය යුතු ය. සමාගම් තිබෙන්නේ ලාභ ලබන්නට මිස පාඩු ලබන්නට නො වේ. ඒ නිසා ධනවාදය තුළ සිටිමින් සමාගම් අධික ලෙස ලාභ ලැබුවා ය කියා චෝදනා කිරීම මුග්ධකමකි.

බැඳුම්කර සිද්ධිය යනු ඇත්ත වශයෙන් ම එක්සත් ජාතික පක්ෂයේ අවසානයේ ආරම්භයයි. මේ ආණ්ඩුවෙන් පසු රනිල්ගේ නායකත්වයෙන් තවත් ආණ්ඩු පිහිටුවන්නට නො ලැබෙන තරම් ම මෙම අපවාදය ප්‍ර‍බල ය. එසේ ම, රාජ්‍ය බලය ගිලිහුණු සැණින් එක්සත් ජාතික පක්ෂය බිඳී විසිරී යන තරමට හා රනිල්ගේ නායකත්වයේ ප්‍ර‍තිඵලයක් ලෙස ම එජාපයට නායකත්වයක් නැතිව දුබල පක්ෂයක් බවට පත් වන තරමට මෙම සිද්ධිය ප්‍ර‍බල ය.

එහෙත්, බැඳුම්කර සිද්ධිය ගැන මේ ටිකත් කිව යුතු ය. ග්‍රීක් බැඳුම්කර මිළ දී ගැනීමේ ක්‍රියාමාර්ගයේදී මෙන් ඒ සල්ලි රටින් පිට ගියේ නැත. පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලබා ගත් දැවැන්ත ලාභය අපනයන කර්මාන්ත ආරම්භ කිරීමට යොමු කර ගත්තා නම් එයින් රටේ ආර්ථිකයට යම් ප්‍රයෝජනයක් ලබා ගන්නට තිබිණි. එහෙත්, ඇලෝසියස්ලා, මහේන්ද්‍ර‍න්ලා, රනිල්ලා එකතු වී කරමින් ඉන්නේ මාධ්‍ය ආයතන මිළ දී ගැනීම හා ආරම්භ කිරීමයි.

ලංකාවට දැනටත් මාධ්‍ය වැඩි ය. අවධානය දිනා ගැනීමට හා ඒ ඔස්සේ දැන්වීම් අලෙවි කර ගැනීමෙන් ලාභ ලබා ගැනීම සඳහා මාධ්‍ය නො කරන දෙයක් නැත.

බැඳුම්කරය යනු මේ වන විට අර්ජුන්ලාගේ රනිල්ලාගේ පමණක් නොව මාධ්‍ය ආයතනවල ද ලාභ ලබන මාර්ගයක් වී තිබේ. එය මාධ්‍යවේදීන් යයි තමන් හඳුන්වා ගන්නා ඇතැමුන්ගේ ජීවනෝපාය වී තිබේ. බැඳුම්කර සිද්ධිය ගැන එක එක විධියේ වාර්තා ලිවීම මේ වන විට 1971 හා 89 කැරැලිවල ලේ, කඳුළු විකුණාගෙන කෑම තරම් ම සුලබ වී තිබේ.

බැඳුම්කර සිද්ධියෙන් මතු වූ වැදගත් කරුණක් තිබේ. එනම්, ධනේශ්වර ආර්ථිකයේ මහේක්ෂ තලයේ මුල්‍ය වෙළඳපොළවල තිබෙන කූට, චෞර, කෑදර ස්වරූපය හෙළිදරව් වීමයි. එය ඇත්තෙන් ම නිෂ්පාදන සමාගම් කම්කරුවන්ගෙන් කරන සූරාකෑම වැනි එකක් නො ව, අතිශය කෘර අන්දමින් සමස්ත ජනතාව ම සූරාකන ක්‍ර‍මවේදයකි.

ධනේශ්වර මුල්‍ය වෙළඳපොළ වනාහි අතක් පයක් හොල්ලන්නේ ම නැතිව, ධන බලය හා වරප්‍ර‍සාදිත තත්වයන් පාවිච්චි කර සිදු කරන අතිශය කෘර සූරාකෑමක තෝතැන්නකි. ගමේ ගිනි පොළීකාරයාගේ සිට කොටස් වෙළඳපොළ හරහා පර්පෙචුවල් ට්‍රෙෂරීස් දක්වා ම සිදු වන්නේ එයයි. මේ වනාහි කිසිදු ඵලදායී වැඩක් නො කරන ධනේශ්වර නිකමුන් පිරිසකි.

සමාජවාදය ගොඩනගන්නට අරගල කරන කම්කරු පංති බලවේගවල වෛරයට සාමාන්‍යයෙන් ලක් වන්නේ කර්මාන්ත හිමියන් ය. එහෙත්, මුල්‍ය ධනපති ස්ථරය යනු කර්මාන්ත හිමියන් ද නිර්දය ලෙස සූරාකන, ඒ ගමන් ජාමෙත් බේරාගෙන ජීවත් වන සීතල සොරුන් පිරිසකි.

ගම්වලදී නම් මෙම ගිනි පොළීකරුවෝ මහජන නියෝජිතයන් බවට පවා පත් වෙති. 

ජාතික මට්ටමේදී ඔවුන් කොයි තරම් අහිංසක රංගනයක් ඉදිරිපත් කරනවා ද යන්න පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ පහත වීඩියෝවෙන් දැක ගත හැකි ය. මෙවැනි දැන්වීම් නිර්මානය කරන්නන් වාමාංශික හා මානව හිතවාදී අදහස් දරණ මහා සිනමාකරුවන් ද විය හැකි ය. ධනවාදය කෙතරම් සංකීර්ණ වී තිබේ ද? සමාජවාදය වෙනුවෙන් සටන් කරන්නන් අඩු ගානේ ධනවාදය හඳුනාගන්නටවත් උත්සාහ කරනවා ද?

Some stories begin with father-in-law's Trust and end with great rewards to the son-in-law 



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඔන්න අනුර කුමාර කියල තියනව පොඩි මිනිස්සුන්ට බලය ලැබුනාම ඔයවගේ දූෂණ වෙන්නේ නැහැල්ලු, ඒක නම් සහතික ඇත්ත මොකෝ වීරවංශ මහබැංකුවෙන් හොරකම් කරාද? නෑනේ. රුසියාවෙ කේජීබී කාරයෝ ට්‍රිලියනර්ලා වුනේ කොහොමද කියා එහේ සාමාන්‍ය මිනිස්සු නොදන්වා වගේම අනුර කුමාරල ආණ්ඩුකරන දාට කුමාරස්වාමි ට්‍රිලියනර් වුනු බව අනුර කුමාරලටත් දැනගන්න වෙන්නෙත් පත්තරෙන් තමා.

    ReplyDelete
  2. ඔය ඇඩ් එකට පෙනී හිටපු ගමේ මිනිස්සුන්ට සත පහක්වත් ගෙවන්න නැතුව ඇති. සමාජවාදී සිනමා කරුවන් හා ධනේශ්වර ජාවාරම්කරුවන්ගේ වැඩ ඔහොම තමා.

    ReplyDelete
  3. ලංකාවේ ගොබ්බ වාමාංශිකයන් විප්ලව කරන්නට හදන්නේ මුන්ගෙන් සල්ලි අරගෙන කර්මාන්ත ධනපතියන්ට එරෙහිව වර්ජන අරව මේව කරලා.

    ReplyDelete
    Replies
    1. අඩෝ කැරි වේසිගේ පුතා, බැහැපංඩෝ එළියට ගේ ඇතුල්ට වෙලා පකේ කතා නොකියා. ඈ බොල පකයෝ තෝ කියන්නෙ වාමාංශිකයනුත් තෝ වගේ සිරිකොතේ කක්කුස්සි කඩං කන්න ඕනි කියල‍ද? තොට තියෙන්නේ ජෙල තරුණයෝ දැන් වම වටා රොක් වෙන එක ගැන. තොට ඕනේ ගේම නම් අපිත් රෙඩි. උඹට ඕනි නම් අයෙත් පටන් ගමු.

      තෝ කවදා ඉදන්ද අක් දිග කමිස අදින්න ගත්තේ? යකෝ ව්‍යායාම කරපං. තෝ චීන ඌරෙක් වගේ දැන්.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. ගොබ්බ වාමාංශිකයන්ගේ ගොබ්බ දර්ශනවලට අප බිය නැති බව පෙන්වීමට පමණක් මෙම කමෙන්ටුව ඉතිරි කර තිබේ.

      Delete
    4. පැරා, අත්දිග කමිස අඳින එක නිර්මාක්ස්වාදීද?

      Delete
  4. පැරා,

    තවම ඔබ තුමාට මේ වීඩියෝවේ අර්ථය තේරෙන්නේ නෑ, මේ කියන්නේ පැරා රනිල් ලොක්ක සහ මහේන්ද්‍රන් සහ සමාගම ශ්‍රී ලංකාව බංකොලොත් කරාට පස්සේ විදුලිය නිපදවන නවීන ටොයි ක්‍රමයයි.

    //දේශපාලකයන් හා රාජ්‍ය නිලධාරීන් කළ යුතුව තිබෙන්නේ එක එක ජාතියේ වාර්තා හදමින්, කොමිසම් පත් කරමින් සිටීම නො ව, එවැනි විමර්ශනයක් සිදු කර සත්‍යය සොයා ගැනීමයි.//

    ඉතින් පැරා රනිල් ලොක්කනේ මේ දේවල් කරන්නේ. රනිලුත් මෙහෙම හොරකම් කරනවා නම් මට පොඩ්ඩක් පැහැදිලි කරනවද රනිල් ගෙයි මහින්ද ගෙයි වෙනස.

    //ධනේශ්වර මුල්‍ය වෙළඳපොළ වනාහි අතක් පයක් හොල්ලන්නේ ම නැතිව, ධන බලය හා වරප්‍ර‍සාදිත තත්වයන් පාවිච්චි කර සිදු කරන අතිශය කෘර සූරාකෑමක තෝතැන්නකි. //

    එහෙම කියන එක වැරැදී නේ පැරා මහා බැංකුවේ මේ වංචා කිරීමට ටෙලිෆෝන් කෝල් කියක් අගමැති ලවා බැංකුවලට දීල තියනවද මේවා සම්බන්දිකරණය කොච්චර අමාරුද ඊට අමතරව කෝප් වාර්තාව දියාරු කිරීමට ෆුට් නොට් දැමීම වෙනුවෙන් ඇමතිවරුන්ට මන්ත්‍රී වරුන්ට කොච්ච්ච්ර ගෙවන්න ඕනෙද ඔවුන්ව රහසිගතව සම්භන්ද කිරීමට කොපමණ ශ්‍රමයක් යොදන්න ඕනෙද ? මොනාද මේ ඔබ කියන මුසා.

    ReplyDelete
    Replies
    1. රනිල්ගේ ඉරණම අප මෙහි ලියා ඇත. ඒක මහින්දගේ නළලේ කෙටුණේ මීට අවුරුදු දෙකකට පෙර ය. ඒ දෙන්නා ම අවුට් ය. ඒ අයට සම්බන්ධ අයත් අවුට් ය.

      රනිල් සම්බන්ධයෙන් අපට කීමට ඇත්තේ මෙපමණකි. ආපු වැඩේ කරලා හිරේ පලයන්!

      Delete
    2. //ආපු වැඩේ කරලා හිරේ පලයන්!//

      මට මේච්චර කාලෙකට සොරකම් කරලා වැරදිකරු වී හිරේ ගිය ප්‍රධාන පෙලේ දෙසපලකයකු නම් මතක නෑ, ඔබට මට වඩා ජිවිත අද්දැකීම් ඇතිනේ, ඉතින් මතකද එහෙම කවුරුවත් හිරේ ගියා.

      Delete
  5. ජේආර් ගේ බෑණා ගේ රොබර් බැරන්ස් ලා.

    ReplyDelete
  6. අනේ අපි දන්න බැඳුම්කර, රජයේ සහ වෙනත් පොදු අරමුදල් ඇර වෙන මොකෙක්වත් ඕක ඇලෝෂියස් ඉල්ලපු ගාණටවත් ඉල්ලල නෑනේ, ඇරත් ඔයි බිලියන 10 එකවර නොවික්කත් ඔයි මාසෙම විකුණනවනේ, ඊළඟ වතාවේ වැඩි ඔපර් එකක් දාන්න එවුන් එරොප්පෙන් එනවද? කියන විදිහට ඇලෝෂියස් කාරය ගත්තුව 120 ගණනේ ඊටීඑෆ් එකටම විකුණල නම් අල්ල ගන්න ඕන අපේ ඊටීඑෆ් එකට විදින්න සෙට් කරපු එවුන්නේද? ඒ ඩීල් එක (ඊටීඑෆ්) වහන්න නේද හදන්නේ.

    නියමිත පරිදි තැරැව්කාරයෝ සියළුදෙනා එකතුවෙලා වැඩේ දුන්න නම් ඒකට ගේමක් කියන්නේ නෑනෙ, එහෙමනං රජයට පාඩු වෙලත් නෑ, අපි මොකුත් දන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. අද දිවයින පත්තරේ ලීඩ් නිව්ස් එක ඊපීඑෆ් එකට පාඩු වුණයි කියන එක. ඒත් ඉතින් පාඩු වෙන්න නම් වැඩි ගානට ගත්ත බැඳුම්කර අඩු ගානට විකුණන්න එපායැ. එහෙම එකක් නැහැ. හරි නම් කියන්න ඔුනැ ප්‍ර‍යිමරි ඩීලර් කෙනෙකු හරහා නො ගෙන කෙළින් ම ගත්තා නම් ලාභ වැඩියි කියන එකයි.

      ධනේශ්වර මුල්‍ය වෙළඳපොළ කියන එක හරියට නීත්‍යානුකූලව බේබි කපනවා වගේ වැඩක්.

      Delete
    2. සිරිසේනගේ තෝන් කොටහ දුන්නා නම් ගේම එතනින් එවරයි.

      Delete
  7. මේක අළුත් දෙයක් නෙමෙයි නේ... ඔතන උන එකම සීන් එක හවුල් ආන්ඩුවක් පිහිටුවාගෙන තනියෙන් කන්න ගිය එක.. ආන් ඒ වැඩේ නම් වැරදියි. ඒකනේ සිරාට මල පැනලා තියෙන්නේ. නැත්නම් ඉතින් හාල් ගිනි ගනන් ගිය එකටයි.. සබීතගේ බිල්ඩින් එකෙන් කන ඒවා ගැනත් කොමිසොන් දාන්න එපාය. ඒත් එහෙම ඒවා එන්නේ නෑ නේ..

    ReplyDelete
  8. //බැඳුම්කරය යනු මේ වන විට අර්ජුන්ලාගේ රනිල්ලාගේ පමණක් නොව මාධ්‍ය ආයතනවල ද ලාභ ලබන මාර්ගයක් වී තිබේ. එය මාධ්‍යවේදීන් යයි තමන් හඳුන්වා ගන්නා ඇතැමුන්ගේ ජීවනෝපාය වී තිබේ. බැඳුම්කර සිද්ධිය ගැන එක එක විධියේ වාර්තා ලිවීම මේ වන විට 1971 හා 89 කැරැලිවල ලේ, කඳුළු විකුණාගෙන කෑම තරම් ම සුලබ වී තිබේ.//
    අනිත් උන්ට බැන්නට පැරා මෙතන කරන්නෙත් ඔය ටිකම නේද?

    ReplyDelete
    Replies
    1. හා දැන් මං ලියපු ඒවට මට සල්ලි දීපු, මට ඡන්දෙ දීපු අය ඉදිරිපත් වෙන්නකෝ.

      යමක් විකුණන්න බැහැනේ මිළ දී ගත්ත අය නැතිව?

      Delete
    2. කවුරුවත් සල්ලිදෙනවා කියල නෙමෙයි මම කියන්නේ. ඔහේ කියන්නන් වාලේ වංචාවක් වෙලා තියෙනවා කිව්වට වැඩක් නැහැනේ. තාර්කිකව සහ විද්‍යානුකුලව පෙන්නන්න එපැයි කොහොමද වෙලා තියෙන්නේ කොච්චර පාඩු වෙලාද කියල වගකීමක් ඇතිව ලියනවනම්. දැන් කියන්න එපා මේ ලියල තියෙන්නේ ඒ වෙච්ච හැටි කියල
      // මෙම ගනුදෙනුවෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් අධික ලාභයක් ලබන්නේ ඒ වන විට ද්විතීයක වෙළඳපොළේ රු. 120කට පමණ විකිණිය හැකි වූ රු. 100 බැඳුම්කර රු. 91 බැගින් මිළ දී ගන්නට හැකි වීමෙනි. එය අති දැවැන්ත ලාභයකි. //

      Delete
    3. විවෘත වෙළෙඳපොළේ වැඩි මිලට විකුණන්න හැකි නිසා තමයි ප්‍රාථමික වෙළෙඳපොළේදී ඕක ගන්නේ. පාඩු වෙන්න කවුරුවත් ගන්නෙ නෑනේ. ඒක වංචාවක් වෙනවා නම් රජයේ සියලුම කොන්ත්‍රාත්, වෙන්දේසි නවත්වන්න වෙනවා. මෙතන වංචාව කියලා කියවන්න එන ගොඩක් අය අරන් එන්නේ පිළි ගන්න බැරි උපකල්පන.

      Delete
  9. පැරාටත් දැන් ධනේෂ්වරේ රඟ තේරිලා වගේ. එතකොට මොකක්ද විසඳුම? ඇයි ඒ ගැන මොකුත් නැත්තේ?

    ReplyDelete
    Replies
    1. විසඳුම කියන්නේ මහජන සංවාදයක් ඔස්සේ නිර්මානය කර ගත යුතු එකක් මිස කාගෙ හරි පොතක තියෙන එකක් නෙමෙයි.

      මගේ යෝජනාව මේකයි. අතරමැදි සූරාකන්නන් වන මධ්‍යම පංතියේ ආධිපත්‍යය බිඳ දමා, ඵලදායී නිෂ්පාදන කරන ආයෝජකයන්, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ඵලදායී වැඩ කරන කම්කරුවන්ගේ බලය ශක්තිමත් කළ යුතුයි. පවත්නා ගැටලු සම්බන්ධයෙන් විසඳුම් නිර්මානය කළ හැක්කේ මේ කොටස්වලට විතරයි.

      Delete
    2. /සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ඵලදායී වැඩ කරන කම්කරුවන්/ මේ අයට ව්‍යවසායකයින්, ශිල්පීන් සහ පුහුණු ශ්‍රමිකයින් කියමුද එතකොට ආයේ අමුතුවෙන් බල ගන්ව ගන්ව ඉන්න ඕනේ නෑ නිදහසේ ව්‍යාපාර කරගෙන යන්න පරිසරයක් තිබ්බාම ඇති.

      Delete
  10. Apita nodani api wikinena ratak meka..

    Meka balanna
    https://m.youtube.com/watch?v=h-xfz6nnNew

    Danna hama kenatama share karanna..

    ReplyDelete
  11. Me lipiye parage baila allaganna me link eka balanna.

    https://m.youtube.com/watch?v=h-xfz6nnNew

    ReplyDelete
  12. ////බැඳුම්කර සිද්ධිය යනු ඇත්ත වශයෙන් ම එක්සත් ජාතික පක්ෂයේ අවසානයේ ආරම්භයයි. මේ ආණ්ඩුවෙන් පසු රනිල්ගේ නායකත්වයෙන් තවත් ආණ්ඩු පිහිටුවන්නට නො ලැබෙන තරම් ම මෙම අපවාදය ප්‍ර‍බල ය. එසේ ම, රාජ්‍ය බලය ගිලිහුණු සැණින් එක්සත් ජාතික පක්ෂය බිඳී විසිරී යන තරමට හා රනිල්ගේ නායකත්වයේ ප්‍ර‍තිඵලයක් ලෙස ම එජාපයට නායකත්වයක් නැතිව දුබල පක්ෂයක් බවට පත් වන තරමට මෙම සිද්ධිය ප්‍ර‍බල ය.//////

    සහතික ඇත්ත. රටේ ප්‍රධාන දේශපාලන පක්ශයක්, බලය ලබාගෙන මේ තරම් කෙටි කාලයකින් අනාගත්ත ඇනගැනිල්ලක් ලෝක දේශපාලනයේවත් තියෙනවද කියා සැකයි. යුඇන්පී නායකයෝ පිලිබඳව නෙමේ, එහි අනුගාමිකයින් වෙච්ච ගමේ ගොඩේ බජාර් එකේ අහිංසක කොළ තොප්පි සපෝටර්ස්ලා ගැන දුකයි. ඒ ජනතාවට රනිල් මොකද කියන්නේ. වහන්න දෙයක් නැහැ දැන්.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා