තමන්ගේ සීමා නො දන්නා සිමාලා රටේ සීමා නිර්ණය කරන්නට යාම

ලොකු සිමා හා පොඩි සිමා 
මේ දවස්වල ප්‍රදර්ශනය කරමින් තිබෙන පළාත් පාලන සීමා නිර්ණ නරි නාටකය දුටු විට ලියන්නට සිත් විය.

කමිටු පොරවරුනි, ලංකාවේ ඕනෑ තරම් විගඩං තියෙනවා ය. ඒ නිසා බොලාත් තව ඒවා පෙන්නන්නට ඕනෑ නැත. සීමා නිර්ණය ගැන විගඩමක් පෙන්නන්නට ඕනෑ ම නම් ඒක ඇමති පෙන්වා ගනු ඇත. බොලා ඕනෑ නැත. අප දේශපාලකයන් පත් කර තිබෙන්නේ ඒවාට ය. රාජ්‍ය නිලධාරීන් ඒවා කරන්නට ඕනෑ නැත.

අනෙක රාජ්‍ය ප්‍රතිපත්ති සැලසුම් කමිටුවක් යනු දේශපාලන පක්ෂ කොමිටියක් නො වේ. ඒ වනාහි රටේ අනාගතය පිළිබඳ ඉතා වැදගත් තීරණ තීන්දු ගන්නා වගකිව යුතු ව්‍යූහයකි. එවැනි කමිටුවක සාමාජිකයන් යනු රටේ ඉතිහාසය වෙනස් කරන පිරිසකි. ඔවුන් එම කාර්යය අවසන් වන තෙක් ඉතා වගකිව යුතු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ලෙස හැසිරිය යුතු ය.

එවැනි කමිටුවකට නුසුදුස්සන් පත් කළ එක ගැන මුලින් ම ඇමති ම කණ් දෙක අල්ලාගෙන සිටීන් ඉඳීන් කළ යුතු ය. සභාපති අශෝක පීරිස් හැසිරෙන්නේ තනිකර ම ඇමතිවරයෙකු තරම් ම මුග්ධ ආකාරයකිනි. මොහු වනාහි හිටපු ඉඩම් කොමසාරිස් ජනරාල්වරයෙකු බව මෙම ලිපියේ දැක්වේ. සාමාන්‍යයෙන් ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් දන්නේ යමක් හරියට නො කරන හැටි කියන්නට ය.

මේ කමිටුවේ සිටින අනෙක් අයව පත් කර තිබෙන්නේ දේශපාලන පක්ෂ විසින් ය. එජාප විසින් ඒ.එස්.එම්. මිස්බා ද, එජනිස විසින් කේ. සාලිය ද, ජවිපෙ විසින් උපුල් කුමාරප්පෙරුම හා දෙජාස විසින් මහාචාර්ය බී. බාලසුන්දරම්පිල්ලෙයි ද පත් කර තිබේ.

මෙහි සභාපතිවරයා දේශපාලන පක්ෂවලට කමිටු වාර්තාව පමා කිරීමට අවශ්‍ය වූ බවට කතාවක් මාධ්‍යවලට කීවේ ය. මෙවැනි ඔප්පු කළ නො හැකි කතා මාධ්‍යවලට කියමින් දේශපාලන සංදර්ශන පවත්වන්නන් විසින් සීමා නිර්ණය සම්බන්ධ අභියාචනා විභාග කරන්නට ඇත්තේ කෙසේ ද යන්න ද සැක සහිත ය. එවැනි ප්‍රශ්න තිබිණි නම්, ඔහු කළ යුතුව තිබුණේ කල් ඇතිව ම එය කියන එක ය. දැන් ඒවා කීමෙහි තේරුමක් නැත. කරන්නට බැරි නම් කලින් ම ඉල්ලා අස් විය හැකිව තිබිණි. හැබැයි, භාර ගත් වැඩේ සම්පූර්ණ නො කරන කමිටු සාමාජිකයන් එම කාර්යය වෙනුවෙන් ලබා ගත් සියලු දීමනා හා වරප්‍රසාදත්, ප්‍රමාදය වෙනුවෙන් වන්දිත් ගෙවිය යුතු ය. මහජන මුදලින් පත් කරන කමිටු කියන්නේ සෙල්ලං නො වන බව කමිටුපාලුවන් තේරුම් ගත යුතු ය.

පැන්සොන් ගිය පසු අර ජනතා විමුක්ති පෙරමුණේ අය නිතර කියන ආප්තෝපදේශයක තිබෙන්නා සේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නේ නැතිව ඇමතිවරුන්ට පන්දම් අල්ලමින් විවිධ කමිටුවලට පත් වෙමින් කාටත් වැඩක් නැති කමිටු වාර්තා හදන කමිටුපාලුවන් පිරිසක් ද මේ රටේ සිටිති. ඔවුන් ද රටේ මහජන මුදල් සූරා කන දේශපාලකයන්ගේ හා රාජ්‍ය නිලධාරීන්ගේ ම තවත් ඇනෙක්සියකි.

දේශපාලන පක්ෂ ඡන්දවලට බිය වීම තේරුමක් නැත. උන්නත් දාහයි, මළත් දාහයි කියා ආණ්ඩුව ඡන්දයට යා යුතු ය.

සීමා නිර්ණය කඩිනමින් අවසන් කර, අදාළ නීති සංශෝධන කිරීමෙන් පසුව පමණක් මීළඟ පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු ය. එතෙක් පළාත් පාලන ආයතන විසින් කරනු ලබන එක ම වැදගත් කාර්යය වන කුණු අදින එක අබාන්සෙකට භාර දිය හැකි ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. හොඳයි , පළාත් පලත් පාලන ආයතනවලට මහජන නියෝජිතයන් තෝරා පත් නොකර නිලධාරින්ම ඒවා පවත්වා ගෙන ගියොත් රටට් වෙන පාඩුවක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. පළාත් පාලන නියෝජිතයන් නැතුව ඔය පළාත් පාලන ආයතන ෂෝක් එකට තියෙන්නෙ. මන්ත්‍රීලා හිටියත්, නැතත්, ඕවායින් ඇති වැඩක් නැහැ. වැඩකට කරන්නෙ කුණු අදින එකයි. ඒක ක්ලීනිං සර්විස් එකකට දුන්නා නම් ඕව ඕනැම නැහැ.

      Delete
    2. ඉතින් බන් පළාත් පාලන විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවෙත් ඔය කෙළියම තමයි. රටේ අගමැතිවරයා ඒකාබද්ධ විපක්සෙ නරි රැල ඉස්සරහ රිළා නැටුම් පාන ගමන් උන්ට ලෝකෙ නැති සැප? කෝටි ගානක වාහන.

      ඔයිට වැඩිය හොඳ නැත්ද බන් පුද්ගලික අංශයේ හොඳ දක්ෂ ජ්‍යෙෂ්ඨ කළමනාකාරයෙක්ට/ නැත්නම් කීප දෙනෙක්ට රටේ පාලනය බාර දීල ඌට/ උන්ට කෝටි දෙක තුනක මාසික වැටුපක් ගෙව්ව නම් වැඩේ ශේප්. මාසෙකට බිලියන් ගාණක් රටට ඉතුරුයි, රටත් හොඳට පාලනය වෙයි අඩුගානෙ මීට වඩා සෑහෙන හොඳට.

      Delete
  2. A Facebook comment: Sreen Yapa Boralessa පැරා ලියමනේ ලොකු වැරදි තියෙනවා අශෝක පීරිස් කියන්නෙව් කීර්තිමත් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජේය්ශ්ඨයෙක් හිටපු ලේකම්වරයෙක් එතුමා කවදාවත් ඉඩම් කොමාසරිස්වරයෙක් විදියට කටයුතු කරලා නෑ එතුමා හිටපු මැතිවරණ කොමසාරිස්වරයෙක් පැරාල නොදන්නවා වුනාට පහුගිය ජනාදිපතිවරනෙදි මහින්ද දේශ්ප්‍රිය මහතාගේ පිටුපසින්න් සෙවනැල්ල වගේ විශේශ මෙහෙයක් කලේ එතුමයි දේශප්‍රිය මහතා වුවද උපදෙස් ලබාගන්නේ ඔහුගෙන් තව මේක දේශපාලකයන්ට කඩේ ගිහින් ලැබිච්ච පෝස්ට් එකකුත් නෙමේ මැතිවරණ කොම්සම තමා එතුමාගේ නම දෙන්නේ

    ReplyDelete
    Replies
    1. පෙන්වා දීමට ස්තුතියි. ඒ අනුව යම් සංශෝධන කළෙමි. එහෙත්, ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරියකු ලෙස ඔහුගේ හැසිරීම බොළඳ බව කිව යුතු ය. රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම වන්නේ දේශපාලකයන් සමග ආරාවුල් ඇති කර ගැනීම නොව, වෘත්තිකයින් ලෙස තත්වයන් කළමනාකරණය කර ගැනීමයි.

      Delete
    2. අශෝක පිරිස්ගෙ හැසිරීම එහෙම වෙනද පුළුවන්. එයා හැමදාම හිටියේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ. මැතිවරණ දෙපාර්තමේන්තුවට චන්ද නැති කාලෙට වැඩක් නැහැ. එකම වැඩේ ග්‍රාමසේවකට කියල චන්ද නාම ලේකන කරනව හැරෙන්න. චන්ද කාලෙට ලොකු කෙරුමෙක් වෙනවා මොකද අත දිගහැරලා වියදම් කරන්න සල්ලි හම්බවෙන නිසා. අනිත් එක කොළඹින් බස් වලින් ගිහින් කාර් ගෙනාව කියල කියන අයට කොලේ අත්සන් කරල ගෙන නිසා අනිත් රජයේ සේවකයනුත් ඇඳුනුම්කම ඇතිකරගන්නවා. එතකොට කීර්තිමත් රාජ්‍යසේවකයෙක් වෙනවා. චන්ද්‍රිකට නම් ලංවෙලා හිටිය එමගින් ඉහලට ගියා කරපු මගුලක් නම් නැහැ. ඔලුව ටිකක් ඉස්සිලා තියෙන්නේ.

      Delete
  3. මෙතන අපූරුවට පෙන්වන්නේ අපේ තියෙන ගොබ්බ ගති. දෙන්නම් එකිනෙකාට වඩා පිම්බෙන්න බලන්නේ. සාමුහිකත්වයක් කියලා දෙයක් ඇත්තේ නෑ. හැම එකාම බලන්නේ තමන් පිම්බෙන්න.

    මට නම් ඔහු කීර්තිමත් නිළධාරියෙක් නම් නෙමෙයි. ඔහුට රජයෙන් පවරපු වැඩක් තියෙද්දි ඔහු ගිහින් ආන්ඩු විරෝධි පුවත් පත් වල පිටු පුරවනවා ආන්ඩුවට හා ඇමතිට එරෙහිව. තමන්ට මේ දේවල් හිතට එකඟව කරන්න බැරි නම් මුලින්ම ඒ බව කියලා අයින් වෙන්න ඕන.

    කොහොම හරි එකිනෙකාට අරින්න්න ගිහින් අන්තීමට දෙන්නම් නාගත්ත.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන් ම ඒක තමයි වුණේ. රජයේ නිලධාරීන් කියන්නේ දේශපාලකයන් ජාතියෙ ම ගොබ්බසේනලා ටිකක්. දේශපාලකයන් නිසා උන්ගේ කලර්ස් පසුගිය කාලයේ පෙනුණේ නැහැ. දැන් දේශපාලකයන්ගේ බලය අඩු වෙලා නිලධාරි බලය වැඩි වෙනකොට උන්ගේ කණකොක් පාට හොඳට පෙනෙනවා.

      Delete
  4. අශෝක පීරිස් ගැන ලියා තියෙන දේවල්වලට නම් එකඟ වෙන්න බැහැ. මේ තරම් ඉක්මනට හරි මේක ආවේ ඔහුයි උපුල් කුමාරප්පෙරුමයි නිසා තමයි.
    අතින් වියදම් කරගෙන අත්සන් නොකර මඟහැරපු හාදයන්ගෙ අත්සන් ගන්න ගියෙත් ඔවුන් දෙන්නා.
    යම් දුර්වලතා ඇති.
    හැබැයි වැඩිපුර කරුණු නොවිමසා ඔහුව විවේචනය කිරීම ගැන නම් එකඟ වෙන්න බැහැ. සීමා නිර්ණය කතාවෙ තිරය පිටිපස්සෙ දේවල් දන්න කෙනෙක් විදියට මම කියන්නේ

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස්වලට එකඟයි. ඒත්, අපි දේශපාලකයන් සම්බන්ධයෙන් ඔය විදියට හිතන්නේ නැහැ නේ. දීලා අදිනවා නේ දැක්ක ගමන්.

      මොකට ද අපි ජ්‍යේ්ෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ට ඔච්චර කරුණාවන්ත වෙන්නෙ? ඒ කට්ටියත් දේශපාලකයන් ගන්න වරප්‍ර‍සාද ටිකක් අඩුවෙන් ගන්නවා. ඔවුන්ගේ වගවීම සම්බන්ධයෙන් අප දැඩි විය යුතුයි. නළවන්නට ඕනැ නැහැ.

      මෙම ප්‍ර‍ශ්නයේදී ඔහුගේ හැසිරීම වෘත්තික නැහැ. ඔය වගේ ම ප්‍ර‍ශ්නයක් තමයි විගණකාධිපති සම්බන්ධයෙනුත් තියෙන්නේ.

      Delete
    2. මෙහෙමද වෘත්තිකයෝ හැසිරෙන්නේ... මුන් නිකං මොන්ටිසෝරී ළමයි වගේ...

      Delete
  5. පැරා කියල තියෙන කුණු අදින කථාවට 1000% එකගයි.

    එකත් හරියට කොරගන්න බැරි අවුං අබාන්ස් එකට දුන්නහම ඒකත් ඉවරයි.

    මේ ඔක්කොටම මුල කොන්දක් නැති දෙබිඩි නායකයෙකු රටේ (අ)වාසනාවට අපිම තෝරා පත්කරගැනීම.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි ටිලාන් මචන් ඔය කියන පළාත් පාලන ආයතන විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවෙත් ඔය කෙළියම තමයි. රටේ අගමැතිවරයා ඇතුලු කිසිම කමකට නැති මුග්ධ ඇමති රැල ඒකාබද්ධ විපක්සෙ හොර රැල ඉස්සරහ අමුම මෞ කුජීත විදිහට රිළා නැටුම් පාන ගමන් උන්ට ලෝකෙ නැති සැප? කෝටි ගානක වාහන.

      ඔයිට වැඩිය හොඳ නැත්ද බන් පුද්ගලික අංශයේ හොඳ දක්ෂ ජ්‍යෙෂ්ඨ කළමනාකාරයෙක්ට/ නැත්නම් කීප දෙනෙක්ට රටේ පාලනය බාර දීල ඌට/ උන්ට කෝටි දෙක තුනක මාසික වැටුපක් ගෙව්ව නම් වැඩේ ශේප්. මාසෙකට බිලියන් ගාණක් රටට ඉතුරුයි, රටත් හොඳට පාලනය වෙයි අඩුගානෙ මීට වඩා සෑහෙන හොඳට. වත්මන් අගමැති මෙන් කිසි කමකට නැති පුස් චරිතයකට වඩා වැඩට දක්ෂ එවුන් ඕනෙ තරම් ඉන්නව සාමාන්‍ය පුද්ගලික ආයතන වල.

      Delete
    2. මචං. උබ මේ කියල තියෙන ඔක්කොම හරි. ඒත් වැඩේ තියෙන්නේ දක්ෂ මිනිස්සුන්ට පෞද්ගලික අංශයෙන් හරි පෞද්ගලික අංශයට දීල හරි හරියට කළමනාකරණය කරගන්න තියෙන අකමැති කම. දක්ෂයෙක්ට වඩා බත්බලයන්ට තමයි මොන රජය ආවත් සලකන්නේ.

      අනික ඔහොම දේවල් කරන්න ගියහම කියන්නේ රජය පෞද්ගලිකකරණය කරනවා කියන පුහු දේවල් කියල ඒකත් කාබාසිනියා කරන එක.

      පෞද්ගලික අංශ දියුණු වෙන්නෙත් රාජ්‍ය අංශ මකබැවිල යන්නෙත් සුදුස්සාට සුදුසු තැන නොලැබීමෙන්.

      හරිනම් පටන්ගන්න ඕන ඔතනින්.

      උබල අපි වගේ හිතනවානම් ලංකාව සංවර්දිත රටක් කරන එක ලොකු වැඩක් නෙමෙයි.

      එත් ඉතිං ඒ වගේද කන්න නැති උනත් ජාතිය ආගම සංස්කෘතිය අපේ ආසම දේශපාලන නායකයන් පිලිබඳ ඇදහීම.

      හාද??? 👍🏽

      Delete
  6. 2017 වසරේ සිට අපට බැනීමට අවශ්‍ය නම් තමන්ගේ ම බ්ලොගයක් ආරම්භ කරගෙන එසේ කරන ලෙස දැනුම් දෙමු.

    මෙහි පළ වනු ඇත්තේ ශිෂ්ට භාෂාවෙන් පළ වන අදහස් පමණි.

    එම කොන්දේසිවලට යටත් නො වන කමෙන්ට් වෙනුවෙන් වැය වන ඩේටා වෙනුවෙන් මගේ මෙව්ව එක.

    ReplyDelete
    Replies
    1. අපි දායි එහෙනං කමෙන්ට්

      Delete
    2. Anonymous January 3, 2017 at 1:56 PM

      මචන් මෙන්න මේ ආණ්ඩුවට රෙදි නැතුව කඩේ යන එවුන්ගෙ පල් හෑලි උන්ටම බලාගන්න කියල අපි වෙන හොඳ බ්ලොග්ස් හොයාගෙන යමු. පුදුම අලි ඔලුවකින් ඉන්න හාල්පාරුවෝ මුන් නම්. මේ කබ්බන්ගෙ කාලෙ දැන් ඉවරයි.

      Delete
    3. එහෙනම් මැරෙයි මං බඩගින්නෙ

      Delete
    4. බඩගින්නේ මියයාම හෝ නොයාම ඔබේ තීරණයකි. නමුත් ඔබගේ සිල්ලර කඩය බංකොලොත් වීම ඔබේ ප්‍රතිපත්ති අනුව සිදුවේ. එවිට වෙන අතක් බලාගෙන බඩගිනි නිවාගත හැකිය. කෙසේ නමුත් පැරාට ඇති වාසිය නම් පැරාගේ සේවා යෝජකයෝද (සිරිකොතේ) අමු ගොබ්බන් වීම නිසා පැරාට වැල් බයිලා ගසා උන්ව රැවටිය හැකිය. අනික් අතින් පැරාලාට ලැබෙන තුට්ටු දෙක කපා දැමුවා කියා උන්ට ලැබෙන සැලකිය යුතු මට්ටමේ විශේෂ ලාභයක්ද නැති නිසා දිගටම අරමුදල් ලැබෙනු ඇත. ඒවා පෙටි කෑශ් මට්ටමේ සුළු වියදම්ය.

      Delete
    5. මගේ කඩය බංකොලොත් වන එක ගැන ඔබ කණගාටු නො වන්න. ඔබේ ඩේටා ඔබ පිරිමසා ගන්න.

      Delete
    6. This comment has been removed by a blog administrator.

      Delete
    7. This comment has been removed by a blog administrator.

      Delete
    8. ඔය උඩ එකත් ඌම තමයි දාල තියෙන්නෙ

      Delete
  7. මගේ බ්ලොගය පළ කරන්නේ නිදහස්ව හිතන මිනිසුන්ට කියවීමට හා වැදගත් සාකච්ඡාවක් කිරීමටයි. එබැවින් අපට බැන වැදීමට මෙහි පැමිණෙන අසහනකාරයන්ට තමන් කැමති බ්ලොගයකට ගොස් ඒවා කර ගත හැකි ය. අදාළ නැති කමෙන්ට්වලට ඉදිරි කාලයේදී මෙහි ඉඩක් ලැබෙන්නේ ම නැති බව අවබෝධ කරගෙන කාලය හා ඩේටා නාස්ති කර ගැනීමෙන් වළකින්න.

    ReplyDelete
    Replies
    1. යමක් කමක් කියවන්න තියෙන බ්ලොග්ස් කොත්තු කඩ ලෙවල් එකට නොදා ඉන්න උත්සාහ කරමු.

      Delete
    2. Good decision Para. We were sick of having to read all kind of stupid comments which do not add any value to the conversation.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා