මේ විගණකාධිපතිත් වැඩ කරන්නේ ජවිපෙ ජාතික ලැයිස්තුව ඉලක්ක කරගෙන ද?

ලංකාව තිබෙන්නේ මේ වගේ හාදයන්ට මැදි වෙලා ය   
අඩුවෙන් වැඩ කර වැඩියෙන් වැටුප් හා වරප්‍රසාද බලාපොරොත්තු වන ලක්ෂ 15ක මධ්‍යම පංතිකයන්ගෙන් සමන්විත, අකාර්යක්ෂම ඊනියා සුබසාධන සේවාවන් මත සිය පැවැත්ම සාධාරණීකරණය කර ගන්නා රාජ්‍ය අංශය ලංකාවේ ආර්ථික දේහය මත ඇති දැවැන්ත ම පිළිකාව බව අප මීට කලිනුත් පෙන්වා දුන්නෙමු. ලංකාවේ ජනතාවගේ ජීවිත කාලකණ්ණි කරන බදු හා ණයවලට මූලික හේතුව මෙම අකාර්යක්ෂම රාජ්‍ය යන්ත්‍රයට පොම්ප කරන්නට සිදු වී තිබෙන මහජන මුදල් කන්දරාවයි.

සමස්තයක් ලෙස ම රාජ්‍ය සේවය ජන පීඩක ය. ඉහළ රාජ්‍ය නිලධාරීන් දේශපාලකයන් තරමට ම හෝ ඊටත් වඩා දූෂිත ය. තීරු බදු රහිත වාහන, විදේශ සංචාර වැනි වරප්‍රසාද රැසක් ද දේශපාලකයන් සේ ම ඔවුහු මහජන මුදලින් භුක්ති විඳිති. ඇත්ත වශයෙන් ම, ජනතාව වැඩියෙන් ම පීඩාවට පත් වන්නේ ප්‍රමාණාත්මකව දේශපාලකයන් සංඛ්‍යාවට වඩා වැඩි මෙම ස්ථරය විසින් කරනු ලබන දූෂණ හා ඔවුන්ගේ අකාර්යක්ෂමතාව හේතුවෙනෙි. එහෙත් ඔවුහු දේශපාලකයන්ට මුවා වී සිය සොරකම් වසාගෙන සිටිති.

රාජ්‍ය නිලධාරීන්ගේත්, දේශපාලකයන්ගේත් කුහකකම හොඳින් නිරූපණය කරන අවස්ථාවකි, පෙබරවාරි මාසයේදී ගැසට් කිරීමට නියමිත බව කියන ජාතික විගණන පනත් කෙටුම්පත.

මෙම පනත දැන් කාලයක් තිස්සේ ඇදි ඇදී තිබේ.එයට ප්‍රධාන හේතුවක් වන්නේ පරිපාලන සේවා සංගමය හා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති අතර තිබෙන කඹ ඇදීමකි. එසේම, දේශපාලකයන් ද මෙයට සම්බන්ධ ය. ඔවුන්ට උවමනා වන්නේ පරිපාලන නිලධාරීන් කඩේ යවාගෙන මඩිය තර කර ගන්නට ය. විගණනය ඔවුන්ගේ සතුරකු වන්නේ ඒ නිසා ය. 

රාජ්‍ය මුදල් හා දේපල සම්බන්ධ විගණන ප්‍රශ්නවලදී අමාත්‍යාංශ ලේකම්වරුන්ට අධිභාරයන් පැණවීමේ බලතල මුලින් ඉදිරිපත් කරන ලද විගණන පනතෙහි තිබිණි.එහෙත්, පරිපාලන සංගමයේ නිලධාරීන්ගේ විරෝධය මැද දැන් එය අකුළාගෙන තිබේ.

මේ අතර, විගණන රහස් හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් රු. ලක්ෂ 30ක් දක්වා දඩ විගණන නිලධාරීන්ට එරෙහිව පැණවීම සඳහා කෙටුම්පතට අලුතෙන් එකතු කර තිබෙන වගන්තිවලට විගණකාධිපති ගාමිණී විජේසිංහ ඇතුළු විගණන සේවා කොමිෂම හා විගණකාධිපති දෙපාර්තමේන්තු වෘත්තීය සමිති ද විරුද්ධ ය. ඒක පනතට තල්ලු කර තිබෙන්නේ පරිපාලන නිලධාරීන්ගේ බලපෑමෙනි.

මෙහි මූලධර්මය කුමක් ද? තමන්ට කෙළ වෙනකොට බෑ ය. වෙන එකෙකුට කෙළ වෙනකොට හා ය. කෙසේ වෙතත්, දැන් ඒකත් හකුළාගෙන හමාර ය. දැන් උපරිම දඩය රු. ලක්ෂයක් පමණි. 

අලුත් විගණන පනත් කෙටුම්පත අනුව කී අධිභාරයන් පැනවීමේ බලය විගණකාධිපතිවරයාට නොව, විගණන කොමිෂමට පැවරෙන බව දැනගන්නට තිබේ. එම කොමිෂමේ සභාපතිවරයා විගණකාධිපතිවරයා වන මුත් ඔහුට හා ඔහුගේ දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිතිවලට අවශ්‍ය වන්නේ එම බලය කොමිෂමට නොව විගණකාධිපතිවරයාට පමණක් ලබා ගැනීමටයි.

වර්තමාන විගණකාධිපති ගාමිණී විජේසිංහ යනු ඇත්තෙන් ම රජයේ ඉහළ නිලධාරීන්ගේ සංකේතාත්මක චරිතයකි. දේශපාලකයා විසින් නාස් ලණුව බුරුල් කළ පසු රජයේ නිලධාරීන් හැසිරෙන්නේ කිසිවකුට පාලනය කළ නො හැකි ගොන් නාම්බන් සේ ය. මෙය මේ වන විට ඕනෑ ම රජයේ කාර්යාලයක දැකිය හැකි තත්වයකි. ගාමිණී විජේසිංහ වලිකාරයෙකි. හැබැයි ඔහුගේ වාර්තාව අනුවත් මහ බැංකු බැඳුම්කර වංචාව යනු පැහැදිලි වගඋත්තරකරුවෙකු නැති වෘත්තීය අපරීක්ෂාකාරිත්වයක් පමණි.  

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, විගණකාධිපතිවරයා වනාහි පාර්ලිමේන්තුවට පමණක් වගකිව යුතු තනතුරකි. එහෙත්, විගණකාධිපතිවරයා යනු රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි. ඔහු ද තීරු බදු රහිත වාහන ආදී වරප්‍රසාද මහජන මුදලින් ලබා ගන්නා රජයේ සෘජු කොටස්කරුවෙකි. ඔහු කටයුතු කළ යුත්තේ රජය සමග සහයෝගයෙන් මිස විරුද්ධ පාක්ෂික මන්ත්‍රීවරයකු ලෙස මාධ්‍ය සංදර්ශන තබමින් නො වේ. මින් පෙර විගණකාධිපතිවරුන් ගාමිණී විජේසිංහ සේ මාධ්‍ය වීරයන් වන්නට ගියේ නැත.

දේශපාලකයන් හොරුන් බව ඇත්තකි. මුදල් ඇමති රවි කරුණානායක විසින් විගණකාධිපතිවරයාට යවන ලද ලිපියකට විගණකාධිපතිවරයා පිළිතුරු ලියන්නේ එහි පිටපතක් කෝප් කමිටුවේ එක් සාමාජිකයකු වන බිමල් රත්නායකට පමණක් ලබා දෙමිනි. කාරණාව කුමක් වුවත්, මේ වනාහි කුමන වෘත්තිකභාවයක් ද?

රජයේ නිලධාරීන් කියන්නේ දේශපාලකයන්ට වඩා ඉදිරියෙන් සිටිය යුතු අභිමානවත් වෘත්තිකයන් පිරිසක් විය යුතු ය. නැතිනම් කවදාවත් මේ රජයෙන් ජනතාවට වැඩක් නැත. ජනතාව ගැන කියන්නට තිබෙන්නේ ද එය ම ය. ජනතාව ද දේශපාලකයන්ට වඩා ඉදිරියෙන් සිටිය යුතු ය. විශේෂයෙන් ම, ඵලදායී වැඩ කරන කම්කරු පංතිය දියුණු විඥානයක් සහිත පිරිසක් බවට පත් විය යුතු ය. කම්කරු පංතිය කිසි සේත් ම ලංකාවේ මධ්‍යම පංතිය සිය පරමාදර්ශ බවට පත් නො කර ගත යුතු ය. 

හිටපු විගණකාධිපති සරත් මායාදුන්නේ පසුගිය මහ මැතිවරණයේදී ජවිපෙ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයකට පත් විය. අනාගත ජාතික ලැයිස්තු මන්ත්‍රීකම් වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් බිහි වීම ද රාජ්‍ය සේවයේ යහපතට හේතු වන තත්වයක් නො වේ.

රජයේ නිලධාරීන් යනු දේශපාලකයන් සේ ම පීඩිත ජනතාවගේ ප්‍රශ්න කිරීමට ලක් විය යුතු පිරිසකි. දේශපාලකයන්ට මුවා වී සුරතල් වීමට හා පඩ ෂෝ වීරයන් වීමට ඔවුන්ට ඉඩ නො දිය යුතු ය. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මා විසින් පලකරන ලද පහත කමෙන්ටුව පල නොවුයේ පැරා ගේ කොන්ද පන නැති නිසාද? නැතහොත් මගේ දුර්වල කමක් නිසාද?

    ඇත්තටම පැරා මේ පැත්තකින් ඉඳන් බ්ලොග් කියවන කමෙන්ට් දාන අපිටත් ඔය සැකයම ඇතිවුනා. මොකද සාමාන්‍යයෙන් බ්ලොග් කියවන සහ කමෙන්ට් දමන ඒ වගේම බ්ලොග් නොලියන අපි වගේ කෙනෙකුට බ්ලොග් කරුවෙකුට පැල් බැඳගෙන ගැහුව කියල ඇති කිසිම ප්‍රයෝජනයක් නෑනේ. අනික අපි වගේ මිනිස්සු කිසිම දේශපාලන කඳවුරුකටත් නෑ.
    මම දන්නා එක උදාහරණයක් කියන්නම් ඔබ කතාවට මුලපිරුව නිසා. මාත්, එක්තරා විදියක ලොකු රැඩිකල් කමක් පෙන්වන බ්ලොග්කරුවකුත් හඳුනන ඉතා ජේෂ්ඨ සන්නද්ධ හමුදා නිලධාරියකුත් සිටිනවා. මෑත කාලයේදී මේ බ්ලොග්කරුවා අර හමුදා නිලධාරියා අමතා දැනට බ්ලොග් ලියන විශ්‍රාමික හමුදා නිලධාරියකු පිලිබඳව ඒ සන්නද්ධ හමුදාව සතු තොරතුරු ඉල්ලා තිබෙනවා. නමුත් ඒ ජේෂ්ඨ නිලධාරියා නියම නිලධාරියකු සහ මහත්මයකු ලෙස ක්‍රියාකරමින් කිසිදු තොරතුරක් ලබාදීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ තොරතුරු බ්ලොග්කරුවකුට තබා සාමාන්‍ය සිවිල් පුද්ගලයකුටවත් කිසිම අවශ්‍යතාවයක් නැහැනෙ. මම හිතන විදිය ඒ හැදුවෙ මොකක් හරි සොයාගෙන නිර්ණාමිකව මඩ ගහන්න.
    අනික මේ බ්ලොග්වල කුණු කතා කියමින් එකිනෙකා මරාගන්න හදන බොහොම දෙනෙක් විස්සෙ විසිපහේ කොල්ලො නෙමෙයි තිස්පහ නෙමෙයි හතලිස් පහත් පැනපු උදවියනේ.

    ReplyDelete
    Replies
    1. මම දන්න රැඩිකල් සහ කබු බ්ලොග් කරුවො කිහිප දෙනෙක්ම ඉන්නවා අනික් බ්ලොග් කරුවො මෙහෙම කිව්වා මෙහෙම කරා කිය කිය බොරු ගොතා ගෙන ලිං පඩි ගානෙ කියව කියව යන.... මුං බ්ලොග් කාරයින්ට පැය ගනන් ටෙලිෆෝන්කෝල් දීලා බොරු පතුරවනවා.....තැන තැන ඇනෝ කොමෙන්ට් ගහනවා....

      ගොං රැල මේවට රැවටිලා මරා ගන්නවා....

      හොඳම උදාහරණෙ උඩ කොමෙන්ට් එක.... දැන් ඉතින් අර වයසක ඩයල් එක මෙව්වා දැකලා උඩ බිම පනිනවා....

      Delete
    2. ඉහත මුල් කමෙන්ටුව පළ නො වූයේ මගේ කොන්ද නිසා නොව ඔබේ මොකක් හෝ ප්‍රශ්නයක් නිසා ය. මන්ද, මා කමෙන්ට් මොඩරේට් කර නැත. මා කරන්නේ වැඩකට නැති කමෙන්ට් කපා දැමීමයි. මෙවැනි කමෙන්ටුවක් කපා දැමීමට හේතුවක් නැත.

      Delete
    3. වයසක ඩයල් එක මෙව්වා දැකලා උඩ බිම පනිනවා...////// කල කරුමය හඹා එනවා වලක්වන්න බෑ සෙනසුරු වක්‍රව ගමන් කරන නිසා මේ දවස්වල බොඩි පුජා තියනවා මාර්තු 25 වෙනකොට අපලය උඩු දුවනවා

      Delete
    4. "රුවන් ෆර්ඩිනැන්ඩස් සහ නෙලුම් යායේ සාතිශය සංවේගය!" කියල බැනර් එකක් කල් ඇතුවම ලෑස්ති කළොත් නරකද ?

      Delete
  2. "අඩුවෙන් වැඩ කර වැඩියෙන් වැටුප් හා වරප්‍රසාද බලාපොරොත්තු වන ලක්ෂ 15ක මධ්‍යම පංතිකයන්ගෙන් සමන්විත, අකාර්යක්ෂම ඊනියා සුබසාධන සේවාවන්..."

    පැරා. මේ තත්වයෙන් මිදුණු හෙදි - හෙද සේවය වැඩියෙන් වැඩ කර අඩුවෙන් වැටුප් හා වරප්‍රසාද බලාපොරොත්තු වන ලක්ෂ 15ක මධ්‍යම පංතිකයන් නොඉක්මවන හා සමන්විත, කාර්යක්ෂම සුබසාධන සේවාවක්..." වුයේ කෙසේද?

    "මේ කාලයේ සැබෑ දේශපාලනය යනු" අර සීනි , පරිප්පු, කිලෝව බැගිනුත් ඌරල් රහට කරවල කැල්ලක් පැන්සොන් ගිය උප ගුරා සහ අනාගතයේ පැන්සොන් යාමට නියමිත මිසීලා ඔතන නැද්ද? උන් කම්කරුද?

    එන්නකො සහෝ විවාදයට නැවත ජහපාලන සරම ගලවන හැටි පෙන්න්න.


    ReplyDelete
    Replies
    1. මා රජයේ සේවකයකුව සිටීමෙන් හෝ මගේ බිරිඳ රජයේ සේවකයකු වීමෙන් මා කියන ඉහත කරුණු කිසිවක් අසත්‍ය වන්නේ නැත. මා රජයේ සේවය පිළිබඳ හොඳින් ම දන්නේ එහි සිටි නිසා ය. මට එය දැඩිව විවේචනය කරන්නට හැකියාව තිබෙන්නේ ඒ නිසා ය.

      මෙතන තිබෙන්නේ පුද්ගලයන් පිළිබඳ ප්‍රශ්නයක් නො වේ. රජයේ සේවයේ යෙදෙන, අවංකව වැඩ කරන, තමන්ගේ වැටුපට වඩා දේවල් කරන ගුරුවරු හා වෙනත් රජයේ සේවකයෝ ඉන්නවා. එහෙම හිටියා ය කියා රජයේ සේවයේ සමස්ත ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ.

      මේවා ගැන ඔබ සමග වාද විවාද කිරීමට මගේ උනන්දුවක් නැත්තේ ඔබ මේ කතා කරන්නේ පෞද්ගලික මඩ ගසා ගැනීමකට මිස වෙනත් දෙයකට නො වන නිසායි. අප දේශපාලනය කරන්නේ ඔබ දේශපාලනය කරන තැන නො වේ. ඒ නිසා ඔබත්, මාත් අතර සංවාදය ඔබටවත්, මටවත් වැඩක් නැත.

      Delete
    2. රජයේ සේවය ඉතා අකාර්යක්ෂමයි, නමුත් ඉන් අදහස් වන්නේ නෑ එය පුද්ගලික අංශයට පැවරිය යුතු බව ඊට හේතුව සින්හප්පුරු රජයේ රාජ්‍ය අංශය කොතරම් කාර්යක්ෂම ද කියල කියනවනම් ඔවුන් ලෝකයේ වරායන් 9ක් පාලනය කරනවා.

      අප බලන්න ඕනේ ඔවුන් එහෙම කරන්න පුළුවන් උනේ ඇයි කියලයි.

      Delete
  3. Para please do a post on using the widespread use of alligator weed for Mukunuwanna in whole of colombo city hotels/restaurants. This is something to do with providers. The cultivators seem to have found Alligator weed is much faster growing and more profitable than Mukunuwanna. I have mentioned this few years/months back even and no one took attention, it is still going on. It would be a great service to open the eyes of the concerned and you have the ability to do that. Its about the food that everyone is eating and should get higher priority above all other topics.

    Hope you will do something with your voice.

    The easier way to find out if you are eating alligator - the stalks have a hole inside like in a PVC pipe, this is easily noticeable in bigger stalks in your malluma.

    ReplyDelete
  4. පැරා,

    ඔබගේ දැනගමිම පිණිස වරලත් ගනකාධිකාරවරයකුට chartered Accountant කෙනෙකුගේ මුළු ආදායම ආදායම් බදුවලින් නිදහස් කරලා තියෙන්නේ ඇයි? ඊට හේතුව මේ වුර්තියේ මිනිසුන් කිසියම් විදියකින් දුශිතස්යන් උනොත් සිදුවන පාඩුව විශාල නිසා මෙනිසා ඔවුන්ට දුෂිත වීමට පෙලබෙන සියලු බාදා ඉවත් කරලා තියනවා.

    මේ පදනම මත ඉදල තමයි සිංගප්පුරුව තුල ඉහල වැටුප් ඇමති වරුන්ට දෙන්නේ, මම බොහෝ අවස්ථාවල කිව්වෙත් එකයී ඇමති වරුන්ට හා මන්ත්‍රීවරුන්ට ඉතා ඉහල වැටුප් ලබාදෙන අතර සිංගප්පුරුවේ වැනි සුදුසුකම් ඇති මිනිසුන් තොරණ ක්‍රමයක් ඇති කලයුතු බව.

    සින්හප්පුරුවේ වැනි ක්‍රමයකට විරුද්ධ වන්නේ මේ බ්ලොග් අඩවියම කියවන සාමාන්‍ය ජනයා බව තේරුම් ගන්න. ලෝකයේ අප වැනි රටක් ලෝක මට්ටමේ ප්‍රමිති වලට ගියානම් ගිහින් තියෙන්නේ මේ විදියටයි එහෙම නැතුව සිවිල් සමාජයේ පෙලබවිමෙන් දියුණු වූ රටක් තියනවද ?


    //මේ අතර, විගණන රහස් හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් රු. ලක්ෂ 30ක් දක්වා දඩ විගණන නිලධාරීන්ට එරෙහිව පැණවීම සඳහා කෙටුම්පතට අලුතෙන් එකතු කර තිබෙන වගන්තිවලට විගණකාධිපති ගාමිණී විජේසිංහ ඇතුළු විගණන සේවා කොමිෂම හා විගණකාධිපති දෙපාර්තමේන්තු වෘත්තීය සමිති ද විරුද්ධ ය. ඒක පනතට තල්ලු කර තිබෙන්නේ පරිපාලන නිලධාරීන්ගේ බලපෑමෙනි. //

    මෙහෙම කරලා තියන්නේ යම් විදියකින් බලවත් දෙසපාලනයයෙකුට විරුද්දව ක්‍රියා කිරීමට සැරසෙන විට මෙවැනි චෝදනා ගෙන එමින් අදාළ නිලදාරීන්ගේ අත් බැද තබන නිසා බව ඔබට තේරෙන්නේ නැද්ද?


    //හැබැයි ඔහුගේ වාර්තාව අනුවත් මහ බැංකු බැඳුම්කර වංචාව යනු පැහැදිලි වගඋත්තරකරුවෙකු නැති වෘත්තීය අපරීක්ෂාකාරිත්වයක් පමණි. //

    ඔව් එය නිවැරදියි! මොකද ඔහුට සොයාබැලීමට හැකියාව තියන්නේ ගිණුම් කරනයේත් අදාළ අවස්ථාවේ වුර්තිය නොවන ලෙස සිදුවුණා කියන දේ අනුව නිගමනයකට පැමිනිමටයි, ඔහුට තාක්ෂණික විගණනයක් කිරීමට නීතියවත් පහසු කම් වත් ලබාදීලා නෑ (තාක්ෂණික විගනනයකදී තමයි මහබැංකුවේ අධිපති වරයාගේ දුරකථන ඇමතුම්, අගමැති වරයා ලංකා බැංකුවට ගත් ඇමතුම් සහ ඒවා ගත් වේලාවන් ආධිය පිළිබදවා සවිස්තරව නිගමනයකට එන්න පුළුවන් වෙන්නේ. එහෙමෙ නැතුවම මුළු ලෝකෙටම හොරකමක් බව පෙනෙන්න තිබුනත් ඒවා නිතියානුකුල විදියට ඔප්පු කිරීමට ක්‍රමවේද යෙදිය යුතුයි මෙය කල යුත්තේ පවතින අදාළ ආයතන වලට නිසි පුද්ගලයන් ඔවුන්ට උවමානා පහසුකම් සහ ඔවුන්ට ආරක්ෂාව ලබාදීම මගිනුයි.

    පසුගිය කාලයේ දිල්රුක්ෂි ඩයස් ට කරපු වැඩෙන් සහ දොස්තර නිලංග සමරසින්හට වුනදේ අමතකද පැරා

    ශ්‍රී ලාංකිකයන්ගේ මතකය සිති 2 ට අඩු නිසා දොස්තර නිලංග ගැන කියන්නම්, ඔහු මත්ද්‍රව්‍ය චෝදනා ඇති බලවතුන් ඇල්ලීමට සුදානම් වෙන විට ඔහුගේ ආරක්ෂාව ඉවත් කර තානාපති සෙවා වල ආරක්ෂාව ලබන තත්වයට පත් කළා මතකද පැරා.

    ReplyDelete
    Replies
    1. නිලංග සමරසිංහ කියන්නේ UNP යට රෙදි නැතුව කඩේ යන්න හදපු එකෙක්. මතක නැද්ද පහුගිය මහා මැතිවරණදී සිරිකොතේ මාධ්‍ය සාකච්චාවක් තියල කිව්වේ UNP අපේක්ෂක ලැයිස්තුවෙ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයො නැතෙයි කියල. නැති බලයක් ආරුඪ කරගෙන මහා පොරක් වෙන්න ගිය බල්ලගෙ වැඩේ කරන්න හදපු බූරුවෙක් තමයි නිලංග සමරසිංහ කියන්නේ. අපි දන්න තරමින් MBBS විතරක් තියෙන සාමාන්‍ය වෛද්‍යවරයෙක්. කටුස්සන්ගේ කරේ රත්තරන් බැන්දම ඔහොම තමයි."මත්ද්‍රව්‍ය චෝදනා ඇති බලවතුන් ඇල්ලීමට" ද අන්තරාකාරී ඖෂධ පාලක මණ්ඩලය තියෙන්නෙ? නිලංග අන්තිමට කිච වෙනකොට migrate වෙන්න බොරු හේතු හදා ගත්ත.

      Delete
    2. ඔහුගේ ආරක්ෂාව මුළු මනින්ම එක දවසක ඉවත්කලා, එවක් තිලක් මාරපන කිව්වේ තමන් එම තීරණය නොගත් බවයි රනිල් කිව්වේ ඔහු එම තනතුරේ සිටිය යුතු බවයි. ලස්සනම දේ ඔහුගේ ආරක්ෂාව ඉවත්කළ කෙනෙක් ඉදිරිපත් නොවීමත් ඔහු අස්කළ බව දැනුම් දීමත් කියන හාස්‍යජනක දේ සිදුවුනා. ඉතා අනතුරු දායක තත්වයට පත්වුණ ඔහට තානාපති පිහිට ලබන්න සිදුවුනා.

      Delete
    3. වරලත් ගණකාධිකාරීන්ට විශේෂ බදු සහන නැහැ. සියළුම වෘත්තිකයන් 16% බදු ගෙවිය යුතුයි.

      Delete
    4. ඉයන්,

      මගේ මෙතුරෙක් වූ වරලත් ගණකාධිකාරී වරයෙක් කියපු දෙයක් තමයි කිව්වේ සමහර විට ඔහු කියපු දේ මම වැරදියට තේරුම් ගත්ත වෙන්න පුළුවන්, නමුත් ඔබ නිවැරදියි ඔවුන් බදු ගෙවිය යුතුයි.

      Delete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  6. රනිල්මනේ වැඩේ වකූරු කරගත්තේ, පඩිමදි කියල විගනකාධිපති අඩනකොට පල් පාට් දාන්නේ නැතිව මදි නොකියන්න බෙදල දුන්නම් පාඩුවේ සැතපිලා ඉදීවි, මහින්ද / හිටං ක්‍රමය ඒක නෙව, දැන් විගනකාධිපති - විකනාධිපති වෙලා රනිල්ව පැන පැන හපා කනවා.

    ReplyDelete
  7. ශ්‍රී ලංකා පරිපාලන සේවය යනු මැටි මොල්ලුන්ගේ සිටින තැනකි. දේශපාලකයින්ට කොන්ද නමන යටත් නිලධාරීන්ට දත් විලිස්සන මජර වෘත්තියකි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා