රතනගේ මුට්ටිය, චම්පිකගේ ගැට හා අනුරගේ ගණිතය

අපේ රටේ අනාගතේ
පුංචි අපි තමයි 
රනිල් කාලයක් තිස්සේ අවස්ථාවක් ඉල්ලමින් සිටියේ ය. වර්ෂ 2015දී මේ රටේ ජනතාව ඔහුට ඒ අවස්ථාව දුන්නෝ ය. ඔහු යම් යම් දේ කරමින් සිටියි. කරනවාටත් වඩා, ඔහු සිටින්නේ මාර උද්දාමයෙනි. ඔහුත්, ඔහු වටා සිටින සහචර නඩයත් ඉන්නේ ආතල් එකේත් සුරතාන්තයේ බව පෙනේ. 

මේ ආතල් කට්ටියට කියන්නට තියෙන්නේ මේකයි. මහින්දට කෙළ වූ පසු ඔහු පසුපස යන්නට බැලයන් පිරිසක් සිටිය හ. ඒ නිසා ඔහු තාමත් ජාමෙ බේරාගෙන හිරේ නො ගොස් සිටියි. රනිල් ඔයාට නම් කෙළ වූ දවසට මෙයා කවුරුවත් නැත. ඔයාගේ පක්ෂය පවා ඔයා අවිශ්වාස කරද්දී මෙයා ඔයාව අපි විශ්වාස කළෙමු. ඔයා මේ බැඳුම්කර කේස්සෙකෙන් අපට සුහද කොකා පෙන්නුවේ ය. වසර 2020න් පසු ඔයාට තිරුපතිවල ඉන්න අර ඔයාගේ දෙයියන්ගේ ම පිහිටයි. ඉදිරි වසර තුනේ මොනවා හරි කළොත් ඔයාට චාන්ස් එකක් තිබේ. 

ඔයාගේ ඔඩොක්කුවේ සිටින චම්පික එයාගේ රතන, ඥානසාර ආදී සාදුලා ලිහා දමා ඇති බව පෙනේ. මේ හනුමලා ඔය ලෑස්ති වෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට සූදානම් වන අවස්ථාවේ නැවත වතාවක් රට බෙදෙනෝ යි කියමින් රට ගිනි තියන්නට ය. 

මේ අවස්ථාවේදී නම් ඇත්තට ම බලලෝභීන් බොහෝ දෙනෙකුට යුද්දෙ නැතුව පාළු බව පෙනේ. එහෙම අය ඉන්නේ දකුණේ පමණක් නො වේ. උතුරේ ද සිටිති. ඒ නිසා මේ වන විට උතුරේ කොටි සංවිධානයක් පිහිටුවීමේ වැඩේ ද දකුණේ අනුග්‍රහයෙන් යළි සිදු වෙමින් තිබේ ද යන්න සොයා බැලීම බුද්ධි අංශවලට භාර ය. 

රනිල්ට අවස්ථාවක් දුන්නා නම්, චම්පිකටත් අවස්ථාවක් දුන්නාම මොකදැයි අසන එකත් සාධාරණ ය. ඒ වගත් මෙසේ ය.

ඔය චම්පික රණවක මේ රටේ ප්‍රබල අමාත්‍යාංශ හතරක් වන පරිසර, විදුලිබල, පෙට්‍රෝලියම් හා මේ වන විට මෙගාපොලිස් අමාත්‍යාංශ භාරව සිටියේ ය. ඒ වගකීම් තුළ ඔහු විසින් සලකුණු කරන ලද සුවිශේෂ රාජ්‍ය පාලන කුසලතාවක් ගැන දන්නා කෙනෙක් කියන්න. කරුණාකර අරයා අපට කරන්න දුන්නෙ නැහැ ය කියන සිරිසේනවාදය දේශනා නො කරන්න.

අමාත්‍යාංශයක් රන් කරපු කාලේ විමල් නම් අඩු ගානේ තමන්ගේ ඥාතීන්ට අමතරව, ජවිපෙන් තමන් සමග කැඩී ආ හාමතින් සිටි විප්ලවවාදී පල් හොරුන් රැළකට ද වාහන අරවා මේවා දී තමන්ගේ නඩය හෝ ශක්තිමත් කර ගත්තේ ය. උන්ට උන් පැතූ විමුක්තිය ලැබිණි. එසේම විමල් වෙනුවෙන් උද්ඝෝෂණයක් කරන්නට තිහ හතළිහක් සිටිති. 

චම්පිකට අඩු ගානේ තමන්ගේ පක්ෂය විමල්ගේ කොම්පැනිය ගානට හෝ හදා ගන්නට බැරි විය. ඒ නිසා චම්පිකලා හැමදාමත් උත්සාහ කරන්නේ මොකක් හෝ පල් වලක් ඉහින්නට ය. නන්නත්තාර වෙමින් සිටියදී සෝම හාමුදුරුවන්ගේ මිනිය විකුණා නැග්ග නැගිල්ල පරමාදර්ශ කරගෙන කවදා හෝ ජනාධිපතිකමට ම යන්නට කුමන්ත්‍රණයක් කර ගත හැකි දහම් ගැටයක් ගසා ගත හැකි යයි ඔහු සිතනවා ඇත. 

තත්වයන් වෙනස් වන්නේ එකයි එකයි දෙකයි, දෙකයි දෙකයි හතරයි විදියට නොව දෙකේ වර්ගය හතරයි, හතරේ වර්ගය දාසයයි ආදී වසයෙන් යයි සිතා සිටින ගණිතඥයෙක් ද අපට සිටිති. ඒ අපේ ජවිපෙ නායකතුමා ය. ජවිපෙට වුව අවස්ථාවක් දීම ගැන මට නම් ගැටලුවක් නැත. දැන් රනිල් කරන අනිවාර්ය ලයිෆ් සේවිං හෙවත් පණ බේරා ගැනීමේ ධනේශ්වර ප්‍රතිසංස්කරණ වැඩසටහන චීනයේ, වියට්නාමයේ කරන ආකාරයට තනි පක්ෂ ක්‍රමයකින් මීටත් වඩා හොඳින් කරන්නට පුළුවන් විය හැකි ය. ජනතා විමුක්ති පෙරමුණ නො කෙරෙන මගුලක් වන්නේ මෙන්න මේ තනියෙන් ම කොරන්නට ඉල්ලන එක නිසා ය. නැතිනම් 2004දීත් මේ රටේ ජනතාව ඔවුන්ට ආණ්ඩුවක් දුන්නෝ ය. ඔය තනියෙන් මගුල වෙන්නේ නැති එකකි. අඩු ගානේ තමන්ගෙන් කැඩී ගිය පෙරටුගාමී එක හා කොළඹ තිබෙන දාර්ශනිකයන් එකතු කරන්නන්ගේ අන්‍යෝන්‍යාධාර සමිති සමගවත් පයුරුපාසානමක් හදා නො ගෙන අනේ මන්දා අනුර.

ලංකාවේ දේශපාලනයේ සිටින අනාගතය මිටින් ගත් නායකයන් වන්නේ මෙන්න මේ වගේ හාදයෝ ය. ඔවුන් බලා සිටින්නේ මේ රටට කෙළ වී ගිය කලෙක චාන්ස් එකක් ගන්නට ය. එහෙත්, කෙළ වී පුක බිම ඇනුණු පසු ලොකු පුටුවක වාඩි වීමේ තමන්ගේ ආතල් එක ගන්නවා හැර වෙන ලොකු දෙයක් කරන්නට නො හැකි බව ඔවුන් තේරුම් ගන්නේ නැත. අපි මේ උත්සාහ කරන්නේ කෙළ වෙන එක වළක්වා ගන්නට ය.

කඩා වැටෙනකල් බලා ඉන්නේ නැතුව, ගමින් ගමට ගොස් මහජනයා හමු වී දේශපාලනය කතා බහ කර, මහජන ශක්තිය පිළිබඳ විශ්වාසය තබා අනුරාගී උද්‍යෝගයකින් කටයුතු කරන කෙනෙකු මේ මොහොතේ ඉන්නවා නම් ඒ වික්ටර් අයිවන් පමණ ය. එම සාකච්ඡාව තුළ රාජ්‍ය බලය මාතෘකාවක් නො වන නිසා කවුරුවත් කලබල විය යුතු නැත. 

අපේ මාධ්‍ය මිතුරකු සමග නුදුරු දිනෙක කතා කරමින් සිටියදී ඔහු වැදගත් අදහසක් ඉදිරිපත් කළේ ය. මා කීවේ ලෝකයේ දේශපාලන නැඹුරුවක් වී තිබෙන සංස්ථාපිතයට පිටතින් මතු වන නායකත්වයක් මිසක දැනට ඉන්නා කිසිදු නායකයකුගේ හැකියාවක් දකින්නට නැති බවයි. මගේ මිතුරා කීවේ ඉදිරි පෙළේ සමායතන අංශයෙන් හෙවත් සිංහලෙන් කියනවා නම් කෝපරේට් සෙක්ටර් එකෙන් යමෙකු සංස්ථාපිතයට පිටතින් ආවොත් රට ගොඩ ගන්නට උත්සාහ කළ හැකි බවයි. එම අදහසෙහි ද වැදගත්කමක් තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මට කෝපරේට් සැට්ටරයේ සැලසුම්කරණය සහ පරිපාලනය ගැන වසර දහයක පලපුරුද්දක් ඇත. ඇප්ලිකේෂන් එකක් දමා බැලිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. අැප්ලිකේෂන් දැමීමට පෙර දැන්වීම හරියට කියවන්න. එහි ඉදිරි පෙළේ සමායතන අංශයෙන් ලෙස ද සඳහන් වේ. ඇප්ලිකේෂන් දැමීමටත් පෙර ඔබ ෆේල් බව කණගාටුවෙන් දැනුම් දෙමු.

      Delete
    2. රසික ඔබ සතුව ඇත්තෙ සිනුවර පිලිවෙලවූ පිරිසිදු (සිපිපි) සැලසුම්ද ?

      Delete
  2. පැරා, උඹ දැන් මොකක් ද මෙතන කායන්නේ? ජාතික ප්‍රශ්නය ගැන නම් උඹ කතා කරන්නේ අපි මැදිහත් වෙනවා. අපි වෙන කිසිම කුණු ගොඩකය අත දාන්නේ නැහැ කියලා මධ්‍යම කාරක සභාව තීරණය කරලා තියෙන්නේ. ඔබට දැනිලා ඇතිනේ ැපි දැන් මේවායේ නොඑන බව.

    අපි උඹට පොඩි ඇඩ්වයිස් එකක් දෙන්න ආවේ උඹ දරුපවුල් කාරයා නිසා. උඹ ඔය බවාන්දකාරයේ ඉනින තට්ටම්බදුකාරයන්ව චින්කට එරෙහිව කුලප්පු. කරවන එක නවත්තපන්. මෙතනදි අපි ඉන්නේ චින්තා එක්ක. එහෙම කිවිවම උඹව මඤ්ඤං වුණා නේද? අපි නැව කියනවා ිපි මෙතනදි වම වෙනුවෙන් චින්කාට සමය දෙනවා. කරකවලා අතහැරියා වගේ ද උඹට???

    අපිව ආයේ මෙතනට ගෙන්වා ගන්න එපා බුල කෙලලා ඕකේ?

    ReplyDelete
    Replies
    1. පුකෙන් හිනා වෙලා සරමත් ඉරුණා බං.

      Delete
    2. පරෙස්සමෙන් පැරා, මගෙ යාලුවෙක් පුකෙන් හිනා වෙලා මලා.

      Delete
    3. මොකද උඹ හිනාවෙන්නෙ? උඹ දන්නවද අපේ මධ්‍යම කාරක සභාව කියන්නෙ කොහොම තැනක්ද කියල? යකෝ දැනගනින් ලෝක වාමාශික ව්‍යාපාර ඉතිහාසයෙ තිබුණු දියුණුම මධ්‍යම කාරක සභාව තමයි මේක. උඹ දැනගනින් මේ ජනවාරි 26 සෙනසුරු මාරුව වුනාට පස්සේ ලෝක වාමාංශික විප්ලවය අවුරුදු 27කට පස්සෙ ජයග්‍රාහී මාවතට අවතීර්ණ වෙනව.

      මෙතනදි අපි ඉන්නේ සෙනසුරු එක්ක. එහෙම කිවිවම උඹව මඤ්ඤං වුණා නේද? අපි නැවත කියනවා අපි මෙතනදි වම වෙනුවෙන් සෙනසුරුට සහය දෙනවා. කරකවලා අතහැරියා වගේ ද උඹට??? දැනගනින් සෙනසුරු කියන්නෙ වැඩකරන පීඩිත කම්කරු පන්තියට අධිපති ග්‍රහය.

      අපිව ආයේ මෙතනට ගෙන්වා ගන්න එපා බුල කෙලලා ඕකේ?

      Delete
    4. එනකොට මට සරමක් අරන් වරෙන්. මේක දැන් ඉරිලම අඳින්න බැහැ.

      Delete
    5. මොනවටද බං ඔය ගෝත්‍රික සරොං කඩමාලු ? මාක්ස්, එංගල්ස්, ලෙනින්, ට්‍රොට්ස්කි, මාඕ, ක්‍රස්තෝ, චේ , හෝ චි මිං සරොං ඇන්දද බං ? මේ සැබෑ වාමාංශික අපි වගේ අඩුගානේ රෑටවත් පිජාමා එකක් ඇඳපන්. ඔය සරොං මානසිකත්වයෙන් මිදෙනකම් ශ්‍රී ලාංකේය විප්ලවය සාර්ථක වෙන්නේ නෑ.

      Delete
    6. එතකොට අර පුකෙන් හිනා වෙන එක ගැනත් උඹේ විග්‍ර‍හය කියපන්කො.

      Delete
    7. ඒක බං අදේශපාලනිකයි. නිර්මාක්ස්වාදියි. සෙනසුරු විරෝධීයි. සෙනසුරු පුකට සතුරුයි. පුක කියන්න ගුද. ගුදට අධිපති ග්‍රහය බුද. කෙනෙක්ගෙ ජන්ම කේන්ද්‍රයෙදී බුද සෙනසුරුගෙ දෘෂ්ටියට අහුවුනොත් ගුදට “සිරිකොත අපලය” ලබනව. හැබැයි ඒ අපලය තිබිද්දීම බුද, අධ්‍යාපනයට අධිපති ගුරුගෙ දෘෂ්ටියට අහුවුනොත් ඒ කේන්ද්‍ර හිමියාට අධ්‍යාපන ඇමතිකම උනත් ලැබෙන්න පුළුවන්. ඒ වගේම ඒ අපලය තිබිද්දීම බුද, ආරක්ෂාවට අධිපති රවීගෙ දෘෂ්ටියට අහුවුනොත් ඒ කේන්ද්‍ර හිමියාට අභ්‍යන්තර ආරක්ෂක ඇමතිකම උනත් ලැබෙන්න පුළුවන්. ඒවාට කියන්නෙ නීච භංග රාජ යෝග කියල. උඹේ උපන් දිනේ වෙලාව සහ ස්ථානය එව්වොත් කියල දෙන්නම් උඹට ගුද මාර්ගයෙන් සිළුමිණ කර්තෘ කම ලබාගන්න පුලුවන්ද කියල.

      මාක්ස් ඉපදුනේ 1818 මැයි මාසේ පස්වෙනිදා අලුයම 2.00 ට. මේ ඉතා මෑතකදී ජර්මනියේ කිසිම කෙනෙක් සැක නොහිතන ප්‍රසිද්ධ ස්ථානයකදී රැස්වුනු අපේ මධ්‍යම කාරක සභාව මාක්ස්ගෙ කේන්ද්‍රය අධ්‍යයනය කළා. ඒ විස්තර අපි උඹට කියන්නෙ මොකටද? උඹ දැනගනින් මේ ජනවාරි 26 සෙනසුරු මාරුව වුනාට පස්සේ ලෝක මාක්ස්වාදී වාමාංශික විප්ලවය අවුරුදු 27කට පස්සෙ ජයග්‍රාහී මාවතට අවතීර්ණ වෙනව.

      මෙතනදි අපි සකල ලෝකවාසී නිර්ධනයන් වෙනුවෙන් අවධාරණය කරනවා අපි ඉන්නේ සෙනසුරු එක්ක කියල. එහෙම කිවිවම උඹව මඤ්ඤං වුණා නේද? අපි නැවත කියනවා අපි මෙතනදි වම වෙනුවෙන් සෙනසුරුට සහය දෙනවා. කරකවලා අතහැරියා වගේ ද උඹට??? දැනගනින් සෙනසුරු කියන්නෙ වැඩකරන පීඩිත කම්කරු පන්තියට අධිපති ග්‍රහය.

      අපිව ආයේ මෙතනට ගෙන්වා ගන්න එපා බුල කෙලලා ඕකේ?

      Delete
    8. Classic writing! One bullet, three enemies! Start your own blog man!

      Delete
    9. අඩෝ උඹ නම් ක්ලැසික් මචං. දිගට ම බුල ම කෙළින්න හිතෙනවා.

      Delete
    10. Para aye nam ohoma moda prashna ahana ekak na Anolagen.. One bullet four enemies Machan including Para. Well done!!

      Delete
  3. කොර්පොරේට් සෙක්ටර් එකේ ඉන්න අය දේශපාලනයට ගෙනාවොත් යම් වෙනසක් බලාපොරොතු විය හැකිද? ලංකාවේ කෙසේ වුනත් ඕස්ට්‍රේලියාවේ නම් එහෙම කිහිප දෙනෙක්ම පහුගිය කාලයේ දේශපාලනයට ආවත් ඒ අයට සම්ප්‍රදායික දේශපාලකයන්ට තරම්වත් වැඩක් කරගන්න බැරිවුනා. රාජ්‍ය පරිපාලනය කියන්නේ ඔය පෞද්ගලික ආයතනයක් පාලනය කරනවාට වඩා බොහෝ වෙනස් බෝල් ගේම් එකක්. පෞද්ගලික ආයතනයක් පාලනය කිරීම පහසුයි. හේතුව එකේ වැඩකරන සේවකයන් සිය පරිපාලනයට පහසුවෙන් නතු කරවාගන්නට පුළුවන් කම. නැත්නම් ඔවුන්ට එම ආයතනයේ රැකියාව අහිමි වෙනවා. නමුත් දේශපාලනයේදී තත්ත්වය ඊට වඩා වෙනස්. මට නම් හිතෙන්නේ ඔය කොර්පරේට් සෙක්ටර් එකෙන් වගේම අනිකුත් වෘත්තීය අංශවලින් සමන්විත ඇඩ්වයිසරි බෝඩ් එකක් හොඳයි කියලා. දැනටත් ඔයවගේ උපදේශකවරු පත්කරලා තිබුනත් ඒ අය මොනවා කරනවාද කියලා රටේ ජනතාව දන්නේ නැති නිසා ඇඩ්වයිසරි බෝඩ් එකක් ඊට වඩා ඉෆෙක්ටිව් වෙනවා.

    ReplyDelete
  4. ඔන්න ඔය පොටෝ එකේ ඉන්න ජෝඩුව එකට ආඳලා ගත්තොත් අනාගත නායකත්වයට සුදුසු නැද්ද? රස්සා ප්‍රශ්නෙත් උස් මිටි බලලා ලේසියෙන් විසඳන්න පුළුවන්. මේ තිබුණා මේ නෑ කියලා ඕනම දේකින් ලිස්සලා යන්නත් පුළුවන්. සුමනදාසයටත් ආපහු රස්සාව දෙන්නත් පුළුවන්. දෙන්නටම සින්දු කියන්න පුළුවන් නිසා රටම ආතල් එකේ තියන්නත් පුළුවන්. ඉතිං ඊට වඩා දෙයක් මක්කටෙයි.

    ReplyDelete
  5. ඉන්නව ඉන්නව ශෝක් කෝපරේට් බුවාල ටිකක්
    දම්මික පෙරේර, නිමල් පෙරේර, වෙල්ගම, කොතලාවල, මහරාජල.

    ReplyDelete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  7. මහාරාජා දත විකාගෙන ඉස්සරහට එන්නේ ඕකටම තමා හැබැයි මනුස්සය ජනාධිපති කළත් හැංඟිලම ඉඳී. මුදල් ඇමටිය, මැරියට් ලොකුවිතාන හේම වලංගු නැද්ද?

    මගේ යෝජනාව තාම කොච්චියෙන් නුවර යනව කියන හිටපු බැංකු සභාපති

    ReplyDelete
  8. අයියණ්ඩිය බිය නොවන්න. මේ කප තිබෙන තුරු සංස්ථාපිතයට පිටින් මොකෙක් වත් ලංකාවේ බලයට පත් වන්නේ නැත. ෆුල් ස්ටොප්.

    ReplyDelete
  9. A good, realistic analysis of political landscape. Probably "Para" have more ears on ground. Regarding to Champika, nice comments. Champika is trying to emulate JR, as JR did after 77. With new responsibilities Megapolis and other mega projects Champika is trying go along the JR path. (probably aiming Presidents seat in future). Ranil on other hand forgotten what Champika had done to him in past and given him the opportunity to perform. When we have grade 8 fail ministers playing fool and doing nothing sitting in ministries better to have an Engineering graduate like Champika at least trying to develop something for the country. If Champika succeeds in Mega projects he can be key guy in politics. But as Para analyses he cant even have his party managed to gain any momentum. At end he would still depend on one of major parties to hang on as he always did. But he has the knack to select the right horse everytime. We have to wait and see how things evolve.

    ReplyDelete
  10. මේ හිගන රටේ ඇති කෝපරේට් සැට්ටරයක් නැත. ඉන්නේ බයින්ග් ඇන්ඩ් සෙලින්ග් කරන ලොකු කළු කඩ මුදලාලිලා පමණය

    ReplyDelete
    Replies
    1. එකෙන්ම. එකම වෙනස ඒ කාළේ කළු කෝට් එකයි මඩකලපු සරම ඇන්ද උන් අද කොට් එකට කලිසම් ඇඳලා ටයි එකක් දානවා එච්චරයි.

      Delete
  11. රනිල්ට කෙළවු දවසට කවුරු නැතත් මහින්ද සෙවනැල්ලක් සේ සිටින බව ඊලඟ චන්දය රනිල් පරදිනවා වගේම බොහොම පැහැදිලිය.

    ReplyDelete
  12. දේශපාලනය කියන්නේ කල්ට් එකක් පැරා... ඒක ලේ මස් ඇට නහරවල තියෙන්නේ ඕන එකක්. දැන් බලන්න මහින්ද හා ප්‍රේමදාස. මොකෝ පොලිටිකල් සයන්ස් කරලද? ඒත් මිනිස්සු දිනාගන්න දන්නවා වගේම, දැනෙන යමක් කරපු මිනිස්සු. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය ගැන ළොකුවට කතා කරන රනිල්ට වඩා මෛත්‍රී ගාව ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා. පැරා හිතනවද මෛත්‍රී නැතිව මේ මාධ්‍ය නිදහස තියෙයි කියලා. අනික පර්සනැලිටිය කියන දේ. ඒක එකසිය ගානට බලපානවා.

    අනික කෝපරේට් සෙක්ටර් කියන්නේ මක්කුද? එකෙක්වත් නිශ්පාදනයක් කරන උන්ද? ඔක්කෝම සර්විස් ප්‍රවයිඩර්ස්ලා. අනික හොර එකවුන්ට්ස්, වහලා ගහන ඇනිමල් රිපෝට්. ජරාව දීලා ගන්න ඔඩිට් රිපෝට්, ඉන්ලන්ඩ් රෙවනිව් එකත් එක්ක එකතු වෙලා ආදායම් බදු වංචා කරන උන්. කස්ටම් එකේ උන් එක්ක එකතුවෙලා බදු මාටියා ගහන උන්ගේ රජ දහනක්. උනුත් එකයි මුනුත් එකයි.

    ඉතින් එකපාරට මේ වගේ තැනකට කඩා පාත් වෙන එකෙක්ට ඔය කල්ට් එකේ රැඳෙන්න බෑ. නිර්මාල්ලා දමලා ගහලා යන්නෙත්, සරත් විජේසූරියලා අඬන්නෙත් ඒකයි. මේක එකපාරට වෙනස් කරන්න මොකාටවත් බෑ.

    ReplyDelete
  13. ඔය කෝපරේට් සෙක්ටර් කතාව කියපු පැරාගේ යාලුවා කලින් දවසේ රෑ ඩොනල්ඩ් ට්‍රම්ප් උන්නැහේ හීනෙන් දකින්න ඇති.

    ReplyDelete
    Replies
    1. මට මතක් වුනෙත් ට්‍රම්ප්ව.දැන් මේ විදියට බැලුවොත් හැමදාම අපිට වෙන්නේ අත්හදා බල බල ඉන්න.

      Delete
    2. ට්‍රම්පට් අයියා දැනටම නාගෙන ඉන්නේ... ඔය යකා ඔය රට කනවා...

      Delete
  14. corporate set එකේ කවුද ඉතින් ඉන්නේ? මන් හිතන්නේ නැහැ උන්ට පුළුවන් කියල .උන්ගේ අරමුණ හම්බු කිරිල්ල නිසා ආණ්ඩුවේ කොන්ත්‍රාත් ඔක්කොම තමන්ගේ මල්ලට දා ගනීවි .

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා