සුද්දා කියන විදියට රෙදි ඇන්දොත් අපේකමට මොකක් වෙයි ද?

පහත පළ වන්නේ උදයසිරි වික්‍රමරත්නගේ ‘සුද්දෙක් ඔබ අමතයි' නාට්‍යයේ නලින් ප්‍රදීප් උඩවෙල රඟපාන චරිතයේ දෙබස් ඛණ්ඩයකි.

“ඇත්තට ම ආධාර ලැබෙන්නෙ සුද්දො ඉන්න රටවල්වලින් විතරයි. ඒ රටවල්වලින් ආධාර ලැබෙන්නෙ ඒ රටවල් විදේශ වීම නිසා ම නෙමෙයි. ඒ රටවල්වල සුද්දො ඉන්න නිසා.

“ඔන්න විදේශ කියන හැම රටකින් ම ආධාර ලැබෙනවා නම් විදේශාධාර කිව්වට කමක් නැහැ. ඒත් ඇත්තට ම ආධාර ලැබෙන්නෙ සුද්දො ඉන්න රටවල්වලින් විතරයි.


“ඒක නිසා නිවැරදි යෙදුම සුද්දාධාර."


දැන් අද දිවයින පුවත්පතේ මුල් පුවත කියවන්න.

යුරෝපා සංගමයේ ජී. එස්‌. පී. ප්ලස්‌ (GSP+) බදු සහනය යළි ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා රටට ඉතා අනතුරුදායක කොන්දේසි 58 කට රජය එකඟවී ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් 'දිවයින ඉරිදා සංග්‍රහය' ට වාර්තා වේ.

මේ කොන්දේසිවලට එකඟ වී ඒ පිළිබඳ ප්‍රගතිය යුරෝපා කොමිසමට දැක්‌වීමට ද රජය ක්‍රියාකර ඇති බවද වාර්තා වේ.


ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත ඉවත්කර ඒ වෙනුවට ගෙනෙන නව නීතිය සමාලෝචනය කර එය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සම්පාදනය කිරීම, අත්අඩංගුවේ සිටින රැඳවියන් සම්බන්ධ නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම, සියලු එල්. ටී. ටී. ඊ. හිටපු සටන්කරුවන් පුනරුත්ථාපනය කිරීම අවසන් කිරීම, රැඳවියන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අපරාධ නීතියට සංශෝධන ගෙනඒම, මහජන ආරක්‌ෂණ ආඥා පනත සමාලෝචනය කිරීම, අතුරුදන් වූවන් සම්බන්ධයෙන් වෙනම කාර්යාලයක්‌ ස්‌ථාපිත කිරීම, නව මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්‌මක්‌ (2017- 2021) හඳුන්වාදීම, ත්‍රස්‌තවාදී සංවිධාන ලෙස ලැයිස්‌තුගත කර ඇති දෙමළ සංවිධාන හා පුද්ගලයන් සම්බන්ධ තත්ත්වය සමාලෝචනයට ලක්‌ කිරීම (මින් පුද්ගලයන් 86 දෙනෙක්‌ සහ සංවිධාන 08 ක්‌ කරන ලද පරීක්‍ෂණ අනුව එම ලැයිස්‌තුවෙන් ඉවත් කිරීමට අපේක්‌ෂා කරන බව රජය දන්වා ඇත.)


පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය, නීතිපති දෙපාර්තමේන්තුව සහ අල්ලස්‌ කොමිසම හමුවේ ඇති දූෂණ චෝදනා නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම, දූෂණවලට එරෙහිව අල්ලස්‌ කොමිසම මගින් නව ක්‍රියාකාරී සැලැස්‌මක්‌ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම. නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ පළාත්වලට බලය බෙදාහැරීම යන කරුණු සලකා බැලීම, නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ මැතිවරණ ප්‍රතිසංස්‌කරණ හඳුන්වාදීම, ඉඩම් ආඥාපනතට සංශෝධන සිදුකිරීම, දෙමළ භාෂාව කතා කරන කාන්තා පොලිස්‌ නිලධාරිනියන් ප්‍රමාණය ඉහළ නැංවීම, පාර්ලිමේන්තුවේ අවම වශයෙන් සියයට 25 කාන්තා නියෝජනයක්‌ ඇතිකිරීම සහ මුස්‌ලිම් නීතිය යටතේ විවාහ විය හැකි අවම වයස නීතියෙන් නියම කිරීම (මේ සඳහා කැබිනට්‌ අනුකාරක සභාවක්‌ පත්කිරීමට නියමිතය.) ඇතුළු ඉතා බරපතල කොන්දේසි රැසක්‌ මෙම බදු සහනය ලබා ගැනීම සඳහා රජය විසින් යුරෝපා කොමිසම වෙත එකඟවී එම කොන්දේසි ඉටු කිරීමේ ප්‍රගතියද එම කොමිසම වෙත වාර්තා කර තිබෙන බවද රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් තවදුරටත් 'දිවයින ඉරිදා සංග්‍රහයට" වාර්තා වේ.


සුද්දා අපට රෙදි අඳින්නැයි කියයි. අපට විචිකිච්ඡාව ය. රෙදි ඇන්දොත් අපේකමට මොනවා හරි වෙයි ද?

අපේ ගැහැනුන්ට, තරුණයන්ට, අපේ මිනිසුන්ට සාධාරණ ලෙස සලකන්නැයි සුද්දා අපේ රජයට කියයි. අපට විචිකිච්ඡාව ය. අපේ ආණ්ඩුව අපට මිනිසුන් ලෙස සැලකුවහොත් අපේකම නැති වෙයි ද?

අපට නම් මිනිසුන් ලෙස සැලකුවත් ඉවසිය හැකි ය. හැබැයි දෙමළුන්ටත් එහෙම සැලකුවොත්....

බුදු අම්මේ අපට තියෙන ප්‍රශ්න ඒවා ය.



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. සුද්දාවත් තකන් නැති මානව හිමිකම් අපිට මොකටද... අඩුම ගා‍නේ සුද්දොත් අපි වගේම ‍ෆුල් සූට් එක අදිනවා......

    ReplyDelete
    Replies
    1. උද කමෙන්ට් එක දාපු එකාට වැරදිලා . මානව හිමිකම් ඕන නිදහස් මිනිස්සුන්ට.

      Delete
    2. Shenal - හින්දි කතා කරන උදවියගෙන් ණයට ගත්තු නමක්.

      Mendis - සුද්දාගෙන් ණයට ගත්තු නමක්.

      හැබැයි ඔය දෙගොල්ලම අපිට කෙළින්න බලාගෙන ඉන්න එවුන්, හොඳේ....

      ජාතියේ අප්පච්චි (හුටා.... ඒකත් දෙමළ වචනයක්) වගේ හොරකම් කරලා ධනය උපයන්න. සුද්දෝ වගේ මහන්සි වෙලා ධනය උපයන්න එපා.

      Delete
  2. අම්මට හුඩු එහෙම නීති දාල කොහොමද අපිට රෙදි අන්දන්නෙ? අපි හොරු එක්ක හෙලුවෙන්ම ඉන්නව.

    ReplyDelete
  3. අන්ත ගෝත්‍රික රාජපරම්පරාවක වහල්ලු වෙලාහිටපු ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදයෙ හෙවනැල්ල හෝ වැටෙන්නෙ සුද්ද නිසා....
    සුද්දගෙ විද්‍යාත්ම හා තාක්ශනික සොයාගැනීම් නොවෙන්නෙ තාමත් ලොකෙ ශතවර්ෂ ගානක් පිටිපස්සෙ...
    සුද්දගෙ මානව හිමිකම් නොවෙන්න අද ලොකෙ කොතැනද කියල පැරාම හිතල බලන්න
    සෝවියට් දෙශය විසින් පතුරුවනලද සමාජවාදයේ වහල්ලු වෙලාහිටපු රටවල් ගනනාවක් එකෙන් ගැලවෙන්නෙ සුද්ද (මෙතැන මන් අදහස් කරන්නෙ බටහිර රටවල් ), නිසා... එනිසා ඇත්තටම ලොකෙම සුද්දට ණයගැතියි

    ReplyDelete
    Replies
    1. @ Anonymous January 15, 2017 at 10:11 AM

      යේක ෂරි යේක ෂරි !!!

      ෂුත්ත පලාගෙන යනවා අප්පා !

      Delete
  4. // සුද්දා අපට රෙදි අඳින්න කියයි //
    උගේ අම්මගේ රෙද්ද. අපි සීතාම්බර පටේ ඇඳලා ඉන්න එක ඌට පෙන්නේ නැති හැටි!

    ReplyDelete
  5. සුද්දෝ කියන කොට එහෙමයි. කරනකොටනම් ඉතින් අර බ්රෙක්සිට්, ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ වැඩ තමයි (උන්ටනම් කාලයක් ගිහින් හරි තේරුණා. අපේ උන්ට..)

    ReplyDelete
    Replies
    1. ඔත දෙකේම එච්චර අවුලක් නෑ... නීතිව්‍රොදී සන්ක්‍රමනිකයො තියාගන්න් ඔනෙ නෑ

      Delete
  6. Excellent. Hats off for the writer for writing this blog. Some of our people who still live in caves wont understand.

    ReplyDelete
  7. සුද්දා අපිට රෙදි අඳින්න කියනවා වගේ අපේ රෙදි ගලවන්නත් කියනවා... ඒකට මොනාද කරන්නේ?

    ReplyDelete
  8. කොන්දේසි නෙමේ,දඬුකදේ ගැහැව්වත් අපේ උන්ව සිවිලයිස් කරනව සුම්මා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා