පුනරුදය

මේ වගේ හැන්දෑවක සෙට් වෙමු 
ජාතික පුනරුද ව්‍යාපාරයක් පිළිබඳ සංවාද මාලාවක් මේ වන විට රට පුරා සිදු වෙමින් තිබේ. පස්යොදුන් කෝරළේ පුරවැසියන් ලෙස අප ද ඒ සමග සම්බන්ධ විය යුතු යයි අපි සිතුවෙමු. (අපි යනු මම නොව, මට වඩා එහා ගිය සාමූහිකත්වයකි. මා සිටින්නේ එම සාමූහිකත්වය තුළ වන අතර, මගේ ක්‍රියාමාර්ගය පොදු තීරණයක් මත පදනම් වූවකි. මේ සටහන ද ඒ අනුව ලියූ එකකි.)

ජාතියට පුනරුදයක් අවශ්‍ය ය. ප්‍රාදේශීයව අපේ ගමටත් එය අවශ්‍ය ය. මේ සංවාදයට අප ඔබට ආරාධනා කරන්නේ එහෙයිනි. මෙය විවෘත සංවාදයක් නො වේ. ඒ සංවාදයට අප ඔබට ආරාධනා කළේ ඔබ සමාජය වෙනස් කිරීම සඳහා මැදිහත් වීමේ හැකියාවක් ඇති පුද්ගලයකු ලෙස අප විසින් හඳුනාගෙන තිබෙන නිසා ය.

යටත් විජිත පාලකයන්ගෙන් නිදහස ලබා අපගේ ම පාලකයන් පත් කරගෙන අවුරුදු 68ක් ගත වී තිබුණත්, අපි තවමත් අපේ රට පාලනය වන ආකාරය ගැන තෘප්තිමත් නැත. එපමණක් නො ව, පාලනය ගැන කලකිරීම දිනෙන් දින වැඩි වෙමින් තිබේ.

අධික ණය බරකට උර දී සිටින ශ්‍රී ලංකා රජය පවත්වාගෙන යාම ම මේ වන විට බරපතල ගැටලුවක් වී තිබේ. රජය කඩා වැටුණහොත්, දරුණු ආර්ථික පීඩනයකට මුහුණ දෙන්නට සියලු ලාංකිකයන්ට සිදු වනු ඇත. එසේම, රටේ ස්ත්‍රීන්, පුරුෂයන්, ජාතීන් හා වෙනත් ප්‍ර‍ජාවන් එක් දේශපාලන ප්‍ර‍ජාවක් ලෙස එකට එකතු කර අනාගතය වෙත යොමු කරන්නට සමත් ආණ්ඩු පාලනයක් හා ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථාවක් සකසා ගැනීමට අපට තවමත් බැරි වී තිබේ. මෙම තත්වය සාමය චිරස්ථායී කර ගැනීමෙහි ලා නරක ලෙස බලපායි. සමාජයක් ලෙස අපට අපගේ හා අපගේ දරුවන්ගේ අනාගතය පිළිබඳ ඇත්තේ දෙගිඩියාවකි.

දැනට සිටින ජනගහණයට හෝ ප්‍ර‍මාණවත් සම්පත් නොමැතිව තිබියදී රටේ ජනගහණය වේගයෙන් වර්ධනය වෙමින් තිබේ. මිලියන 22ක පමණ උපරිමයකට ළඟා වනු ඇතැයි කලින් සලකන ලද ශ්‍රී ලංකාවේ ජනගහණය 2040 දශකයේදී මිලියන 25ක උපරිමයක් දක්වා වර්ධනය වනු ඇති බව දැන් ජනවිකාස විද්‍යාඥයෝ පවසති. මේ අතර, වසර 2025 වන විට රටේ ජනගහණයෙන් හතරෙන් පංගුවක් වයස අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටියන් වනු ඇත. වැඩිහිටි ජනගහණය දිනෙන් දින ඉහළ යමින් තිබේ. ජනගහණයේ යැපෙන්නන් වන ළමයින්, වැඩිහිටියන් වැනි අයට වඩා වැඩි වැඩ කළ හැකි වියේ ජනගහණයක් සිටින වාසිදායක තත්වය අපට හැමදාමත් ලැබෙන්නේ නැත. අපේ අනාගතය තීරණය වන්නේ වර්තමානයේ ළමයින් හා තරුණයන් වෙනුවෙන් කරනු ලබන ඵලදායී ආයෝජන මතයි. එහෙත්, අපේ දරුවන්ට ලබා දිය හැකි අධ්‍යාපනය, සෞඛ්‍යය, රැකියා, නිවාස, පරිසරය ආදිය ගැන අප සිටින්නේ සතුටින් ද?

අපට එසේ වූයේ ඇයි? මෙම ප්‍ර‍ශ්නයට ජනප්‍රිය පිළිතුරු තිබේ. එහෙත්, අප කල්පනා කර බැලිය යුතුව තිබෙන කාරණයක් වන්නේ වර්තමාන තත්වය ඇති කරන්නට පුද්ගලයන් ලෙස මෙන් ම සමාජයක් ලෙස ද අප කෙතරම් දායක වී තිබේ ද යන්නයි. අප හමුවේ තිබෙන වර්තමානය මෙසේ වන එක වළක්වන්නට අප ඇත්තෙන් ම කටයුතු කළා ද? අපේ සීයලාගේ, තාත්තලාගේ කාලයේ හා අපගේ ජීවිතවල මේ දක්වා කාලය තුළ අප කළ දෙයින් අපට අපේ දරුවන්ට සුබ අනාගතයක් තහවුරු දීමට බැරි වී තිබෙන්නේ ඇයි?

මෙතෙක් ආ මග සිදු වූ වැරදි ගැන සාකච්ඡා කරන්නට, ඉදිරියට කළ හැකි දේ ගැන කතා බහ කරන්නට, තත්වයන් වෙනස් කිරීම සඳහා සාමූහිකව වැඩ කරන්නට මහජන ව්‍යාපාරයක් අවශ්‍ය යයි අප සිතන්නේ එහෙයිනි.

රටට මෙන් ම ගමට ද අවශ්‍ය විධියේ නායකත්වයක් දකින්නට නො ලැබෙන වර්තමාන තත්වය තුළ, අපට සිටින නායකයන් මෙහෙයවා ගන්නටත්, අනාගතයට අවශ්‍ය නායකයන් නිර්මානය කර ගන්නටත් එවැනි ව්‍යාපාරයක් නැතුව ම බැරි ය.

එම නිසා සම්මත දේශපාලන පක්ෂ හා සිවිල් සමාජ රාමුවෙන් පිටතට විහිදෙමින් අපි අලුත් විධියක මහජන ව්‍යාපාරයක් පිළිබඳ සාකච්ඡාවක් පටන් ගනිමු.

එය කොතනින් හෝ පටන් ගත යුතු ය. මේ එතැන යයි සිතන්න.

මෙම සාකච්ඡාව අලුත් ම ඇරඹුමක් නො වේ. මෙවර අපි එයට දායක වීම සඳහා වික්ටර් අයිවන්ට හා සරත් විජේසූරියට ආරාධනා කර තිබේ.

මතුගම, අගලවත්ත පැත්තේ සිටින ඔබ මෙයට සහභාගි වීමට කැමති නම්, 15දා  ඉරිදා පස්වරු 2.30ට මතුගම නගරයේදී හමු වෙමු. ස්ථානය හා වෙනත් විස්තර දැන ගැනීම සඳහා අද දවස ඇතුළත 034-2248197 දුරකථන අංකය අමතන්න. කරුණාකර ඔබ කවුරුද යන්න හඳුන්වා දී කතා කරන්න.  

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. සරත් විජේසූරියත් එනවා නම් සාකච්ඡා කිරීම කෙසේ වෙතත් දේශනාවගයක් තියනවා අහන්න එන්න කීවා නම් හොඳයි නේද?

    ReplyDelete
    Replies
    1. දේශනේට පැය භාගයයි. එතකොට දන්න දෙන්නට පැයයි. ඉතුරු පැය දෙක උඹලා අපි වගේ නො දන්නා අයට කතා කරන්න.

      Delete
  2. පැරා, කොහොම ද සැපසනීප? හුඟ කාලෙකින්.අප කිවිව දේවල් ඇත්ත වේ‍ගෙන යනවා. උඹට කොහොමත් ඉතුරු වෙන්නේ මතුගම විත්ති වගේ ප්‍රාදේශීය පුවත්පතක් විතරයි. ලංකාවේ විප්ලවීය පුවත්පතක කර්තෘ වුණු, සිළුමිණ හෝ දිනමිණ කතුවරයා වෙන්න හිටිය උඹට වුණු දෙයක්. පව් බන් උඹ.

    ReplyDelete
    Replies
    1. දිනමිණ, සිළුමිණත් දැන් මතුගම විත්තිවලට වඩා දෙයක් නැහැ බං. ඒ වගේ ද W3Lanka?

      Delete
    2. ඔවු ඉතින් ඩොලර් කුට්ටිියකුත් ලැබෙනවා නේ....

      Delete
  3. වික්ටර් අයිවන් මේ ගැන රාවයට ලියනකොට පැරාගෙ අදහස කුමක්වේදැයි බල බලා හිටියේ. දිනාගත් ප්‍රදේශ ආරක්‍ෂා කරගන්න කුඩා ඒකක පිහිටුවනවා වගේ මේක නම් හොඳ වැඩක්.චන්දෙ දාට චන්දෙ දීල තමන්ගේ වැඩක් බලාගත් පලියටම හරියන්නේ නෑ.ජයවේවා!

    ReplyDelete
  4. කිසිදු ශ්‍රමයකින් තොරව, වංචාවෙන්, දූෂණයෙන් ධනය ඉපයිය හැකිය යන්න විශ්වාස කරන්නන් බහුතරයක් සිටින රටක් අවුරුදු 680 ක් ගියත් ගොඩ දැමීමට අපහසු ය.

    ReplyDelete
  5. ඇයි ඔයාලට ඕක සයිබර් අවකාෂයට ගේන්න බැරි. විරුද්ධ මතයට බයයිද....? එහෙම නැත්නම් ඒ පරපුරට බයද...? ඕය වගේම විකාරයක් තමයි අර ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවට කරපු ජන සහභාගීත්වය.. මම දැක්කා 40-50 එනවා කියලා දාලා තිබුනා.. ඔය දේශන අහලා අහලා ඇති වෙලා තියෙන්නේ.. දැන් කාලේ හොඳයි එයාලත් මිනිස්සු කියන දේ අහන්න.

    ReplyDelete
    Replies
    1. මචං මං මේකෙ නායකයෙකු නෙමෙයි. මේකට සම්බන්ධ වෙන්න මට ඒකෙ නායකයන් වුණත් ඒ තරම් උනන්දුවෙන් ආරාධනා කළේ නැහැ.

      මං මේකත් එක්ක සම්බන්ධ වුණේ හා ඉන්නෙ මගේ ගමේ මිනිහෙකු විදියට විතරයි. ගමේ දේශපාලන සමාජයත් එක්ක ඉන්න එකත් දේශපාලනිකයි. යම් අවකාශයක ඉන්න හැම තිස්සෙම ඒකෙ නායකයෙකු වෙන්නට ඕනැ නැහැ.

      ඔබ කියන දේ හරි. මේවා පරණ විලාසිතාවේ වැඩ. ඒ වුණාට ගම් තාම පරණ තමයි.

      මේක තමයි මාත් මේ සාකච්ඡාවට සහභාගි වෙන පළමුවෙනි අවස්ථාව. බලමු අපි වැඩේ මොන වගේ එකක් ද කියලා.

      මේ වගේ සාකච්ඡා සීයකට විතර මම මේ වන විට සහභාගි වී තිබෙනවා. හැබැයි, මේක මට වැදගත්. හේතුව මේ කොළඹ නෙමෙයි. කොළඹ ඒවට නම් මගෙ බල්ලවත් යන්නෙ නැහැ දැන්. පට්ට බොරු.

      Delete
  6. වැඩේ ඉවරවෙලාත් පෝස්ට් එකක් දාන්න..

    ReplyDelete
  7. වික්ටර් අයිවන් මේ ගැන රාවයේ ලිපි කිහිපයක්ම ලියා තියනවා. අදහස ඉතා හොඳයි. කොහොමත් නිකම් බලා හිටියොත් මේ රට හැදෙන්නේ නැති බව ස්ථිර නිසා හැකි හැම දෙයක්ම උත්සාහ කර බැලීම තමයි කලයුත්තේ.

    ReplyDelete
  8. අර "ජනවාරි අට විප්අල" හිටෝලා දෑඅවුරුද්දක් ගිහිංවත් බැහැල නැතෙයි ආයුබෝවන්ඩ ?


    ReplyDelete
  9. ගූරසයා දැන් මෙතන බෙට්ට දාන්න එන්නේ නැති එකනම් ලොකුම දෙයක්. ඕකා ඔය හැම තැනම බෙට්ට දාගෙන ගියේ ඌව ප්‍රසිද්ධ කරගන්න. විශේෂයෙන් w3lanka වගේ හැමෝම කියවන හරවත් දේ ලියවෙන බ්ලොග් එකක. අර කියමනක් තියෙන්නේ "No publicity is bad publicity" කියල.
    පැරා ඌට බැන්නට පස්සේ ඌ දැන් දවසට දෙක ගානේ පුක ඉරාගෙන බෙට්ට හිරකරගෙන පිස්සු විකාර ලියනවා alexa රෑන්ක් එකේ පැරාට වඩා උඩට එන්න. ඔකුන් කියන මල විකාර බල්ලෙක්වත් බලනවද.

    ReplyDelete
    Replies
    1. Anonymous January 15, 2017 at 8:26 AM,

      උඹ කොහොමද බන් ගූ වල රසදන්නේ? එකත් එකටම කාල ඇති.

      සාරස ලියන දෙයක් ඌ ලියාගත්තාවේ. පැරා ලියන දෙයක් ඌ ලියයි. උඹ මෙතන පුක නොදී හිටපන්. මේ දවස්වල බ්ලොග් වල පුක දෙන පොන්නයෝ වැහි වැහැල.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා