ජන ජීවිත කාලකණ්ණි කරන ආගම්

පන්සලක දායකයකු වන එකත් ලේසි වැඩක් නො වේ. අපේ පැත්තේ පන්සල් දායකයකු කී කරුණක් වන්නේ අද පන්සලේ පැවැත්වෙන උත්සවයක් වෙනුවෙන් රු. 5000ක් ද, අට පිරිකරකට මුදල් ද (අට පිරිකරක් නො වේ) දුන් බවයි.

හාමුදුරුවන්ට ඉන්නට මාලිගාවක් හදන ව්‍යාපෘතියකට ගෙඩි රුපියල් පනස්දාහකින් දායක වන්නට පොරොන්දු වී සිටින අපේ අම්මා මට ද රුපියල් පන්දාහකින්වත් ඒ පිංකමට දායක වන්නැයි යෝජනා කර අම්මා නිසා මගෙන් මුකුත් අහ නො ගත්තා ය.

මගේ ව්‍යාපාරික මිතුරෙකු කී කාරණයක් වන්නේ පන්සලකට යන්නට බැරි තරම් හාමුදුරුවන්ගෙන් කරදර බවයි. දැක්ක ගමන් සිමෙන්ති, වැලි, සුදු යකඩ ආදිය ඉල්ලන බවයි.

මම නම් පන්සල් නො යමි. ඇත්තම කියනවා නම් මට පන්සල පෙනෙන්නේ ම මාළු මාකට් එකක් වැනි තැනක් ලෙස ය.

ලංකාවේ මිනිසුන්ගේ ජීවිත කාලකන්නි කරන ප්‍ර‍ධාන බලවේගයක් වන්නේ පන්සල්, පල්ලි, කෝවිල් ආදී ආගමික ස්ථානයි. ශාස්තෘ භේදයකින් තොරව මේවා ජනතාවගෙන් මහා පරිමාණෙන් මුදල් කොල්ල කති. එසේ කරන්නේ ජනතාව නො දන්නා සසරකට, දෙවියන්ට බිය කිරීමෙනි. එසේම, ආගමික ආයතනවලට පරිත්‍යාග සිදු කිරීම අති උතුම් පුන්‍ය කර්මයක් ලෙස ප්‍ර‍වර්ධනය කිරීමෙන් ද ඒ සඳහා පෙළඹවීම ඇති කරයි.

ආගමික ස්ථාන විසින් අත්පත් කරගෙන තිබෙන දේපලවල ආර්ථික වටිනාකම සුළුපටු නො වේ. පූර්ව ධනේශ්වර යුගයේදී ලංකාවේ ඇතැම් ආගමික ස්ථාන සතුව විශාල දේපල ප්‍ර‍මාණයක් තිබුණු අතර ඉඩම්වල පදිංචිකරුවන් රාජකාරි හා බිම් පංගු ඔස්සේ ඍජුව ම සූරාකෑමේ අවස්ථාව ආගමික පූජකයන්ට තිබිණි.

කාමසුඛල්ලිකානු යෝගී ප්‍ර‍තිපදාවෙන් දිවි ගෙවන පූජකයන් හා ඔවුන් විසින් ප්‍ර‍වර්ධනය කරනු ලබන විවිධාකාර උත්සව අද වන විට ජනතාව සූරා කමින් ජන ජීවිත කාලකණ්ණි කරන, පහත් රුචිකත්වය වඩවන බලවේග බවට පත් වී තිබේ. 

ඵලදායී වැඩ කරන ජනතාව ආගම් පිටුදැකිය යුතු ය. දැනටත් දැවැන්ත අකාර්යක්ෂම රජයක බර උර දරා සිටින වැඩ කරන ජනතාවගේ ජීවිත තවදුරටත් කාලකණ්ණි කරන්නට ආගම්වලට ඉඩ නො දිය යුතු ය. 

ජන ජීවිත කාලකණ්ණි කරන සෙසු බලවේග වන්නේ ජ්‍යෝතිෂකාරයන්, කට්ටඩින් හා හොර වෙදුන් ය. ජනතාව මුළා කරමින් අධික ලෙස සූරා කන මොවුන්ට විශේෂ බදු පැනවිය යුතු ය. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. රසික වොරන්ට් වලින් ප්ලේන් එකේ ගිහින් නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඒ ගැන ලිපියේ සඳභන් ය.

      Delete
    2. ඒ ගැන ලිපියේ සඳභන් ය.

      Delete
    3. ඒ ලිපියේ ඇති කනගාටුදායක තත්වය වූයේ මෙයයි,

      ඇත්තට රසික ඔබ නිදහස් අද්‍යාපනයෙන් උපාදියක් හිමිකර එය පෙන්වා ඔස්ට්‍රේලියාවට රිංගාගෙන එහි වැඩි වැඩක් නැති සුළු රැකියාවක් කරමින් බ්ලොග ලියමින් කාලය කනවා දකින මටද ලංකාවේ ඉන්න අපි ගන්න සුපිරි ආතල් වල හැටියට ඔබ ගැන අවංකවම කනගාටුවක් ඇතිවෙනවා. ඔබ ඔසීවල හිඳ එස් ත්‍රී එකෙන් අවුරුදු තුනකට පසු අමාරුවෙන් එස් සෙවන් වලට එනවිට ලංකාවෙ ඉන්න ළඟදි කැම්පස් වලින් අවුට් වෙන කොල්ලො එස් 3 / 4 / 5 / 6/ 6 එජ් + / 7 එජ් හා දැන් ඇපල් අයි සෙවන් සියල්ලටම මාරු වුණා කලින් කලට ඉතා පහසුවෙන්.

      එමෙන්ම ඔබ 1999 වසරේ නිශ්පාදිත ටොයෝටා කැම්රි එකක් වසර 15ක් යූස් කරද්දි මෙහේ ඉන්න ඊයෙ පෙරේදා කැම්පස් වලින් අවුට් වෙච්චි පොඩි එවුන් අලුත්ම ටොයෝටා/ හොන්ඩා හයිබ්‍රිඩ් ෆුලි ලෝඩඩ් එව්වා ජාපනෙන් ගෙන්වාගෙන යූස් කරා. දැන්නම් රජය විශාල බදු දාපු නිසා ටිකක් අමාරු වුණත් කට්ටිය හොඳ වාහන යූස් කරනව.

      ට්‍රැවලින් ගැන කිව්වොත් මෙහේ උන් නිතර දැන් නිවාඩුවට සිඟපෝර්/ මැලේශියා/ඩුබායි / බැන්කොක් ගිහින් ආතල් ගන්නව ශ්‍රීලංකන් ස්පෙශල් ඔෆර්ස් වලින්. යුරෝප් 6-7 ඩේ ට්‍රැවල් එකක් ඩොලර් 1500 - 2000 වගේ ගාණට ඔෆර් තියෙනව මේ දවස්වල. ලෝකල් ට්‍රිප් නම් නිතර සෙට් වෙනව. අදත් පෝය දවසෙ අපි ට්‍රිප් එකක් ඇවිත් ඉන්න අතරෙ මේ ලියන්නෙ. අපරාදෙ රසික ඔයා ලංකාවෙ හිටියනම් ඔහොම කට්ට කන්න වෙන්නෙ නැහැ. ඔහොම තමයි. වට් ටු ඩූ? හ්ම්ම්...... ලයිෆ් ඉස් ලයික් දැට් !

      Delete
    4. @ Ano 4.13 PM

      මට සිඩ්නි වල ඉඳල ලංකාවට නිවාඩුවට ආපු ෆැමිලි එකක් හම්බුනා, සිටිසන්ශිප් තියෙන අය. ලංකාවෙ පහුගිය අවු. 05 දියුණුව හරිම පුදුමයි කියල එයාල නම් සතුටු වුණා. ඔසී වල අඩුපාඩු සෑහෙන්න විවේචනය කළා. එයාල නම් කියන්නෙ "ඉගැලිටේරියන්" කියල බයිල ගැහුවට ඉහළ පෝස්ට් කොහොම හරි සුද්දො අල්ලං ඉන්නවලු, අපේ කලු හමට යටින් හෙන කැපිල්ලලු. අරුණ පෙරේරා/ ටිලාන් ආතල් වගේ කෙළින් කතාකරන පොරවල් නම් මේක පිළිගනී. පොරටෝක් බාස්ල නම් ඉතින් කතාකරල වැඩක් නැහැ. අන්තිමට උන්ට එහෙත් මෙහෙත් දෙකම නැතිවෙයි දවසක.

      Delete
    5. @ Anonymous January 12, 2017 at 10:26 AM

      මෙන්න ලිපිය. ඔබ අසා ඇති කරුණ එහි සඳහන් කර ඇත.
      http://rasikalogy.blogspot.com/2017/01/poor-dad-rich-dad.html

      Delete
    6. @ Anonymous January 12, 2017 at 4:13 PM

      අනේ වාසනාවන්!

      Delete
    7. @Anonymous January 12, 2017 at 4:19 PM

      මෙන්න ඉගලිටේරියන් වචනය ගැන මා ලියූ සටහන:

      http://rasikalogy.blogspot.com/2015/06/what-hell-is-egalitarianism.html


      Thanks.

      Delete
    8. @ AnonymousJanuary 12, 2017 at 4:19 PM

      කොහේ හිටියත් මම ඇත්ත කතා කරන්නේ ඇනෝ.

      ඔබ කිව්ව කතාව හරියටම හරි. කොම්පියුටර් ඉන්ජෙක් වන මගේ යාළුවෙක් ගිය සතියේ ලංකාවේ ඉඳල යුරෝප් ට්‍රිප් එකකුත් ගහල මෙහේ දවස් හතරකුත් ඉඳල ලංකාවට ගියා.

      ඇත්තටම සතුටුයි ඌ ගැන. දවස් හතරක් හිටියට එක දවසයි මම ඌ එක්ක ෂොට් එකක් දැම්මේ. මගේ ෆ්ලැට් එකේ හිටියත් මහ රෑ මම එනකොට ඌ බුදි. උදේ පාන්දර ම ආයෙත් මම යනකොට ඌ බුදි.

      ඒ මදිවට කතා කලෙත් ගොඩක් වෙලාවට ෆෝන් එකෙක්.

      හිනාත් යනව වෙලාවකට. 😂😂😂

      Delete
  2. පැරා,
    පන්සල අදහන්නේ නැති උනාට බුද්ධ දර්ශනය පිළිගන්නවද ?

    -SAM-

    ReplyDelete
    Replies
    1. දර්ශනවාදයන් පිළිගන්නවා ද නැද්ද කියන එක වැදගත් නැහැ. දර්ශනයන් තිබෙන්නේ ඒකට නෙමෙයි. දර්ශනයන් කියන්නේ චින්තනයට ඉන්ධන.

      ඒ වගේ ම ලංකාවේ සමහරුන් කරනවා වගේ මුද්දර එකතු කරනවා වගේ දර්ශනයන් එකතු කිරීමත් තේරුමක් නැති දෙයක්.

      දර්ශනයන් භාවිතා කළ යුත්තේ පෞද්ගලික හා සමාජ ජීවිත වඩා යහපත් කර ගන්නටයි.

      Delete
    2. එතකොට පැරා අර ඉස්කෝලෙ ටීචර්ලා එක්ක සෙල්ලම් දාන කොට ඔය චින්තනය කොහෙද තිබුනෙ?

      Delete
  3. //ජන ජීවිත කාලකණ්ණි කරන සෙසු බලවේග වන්නේ ජ්‍යෝතිෂකාරයන්, කට්ටඩින් හා හොර වෙදුන් ය. ජනතාව මුළා කරමින් අධික ලෙස සූරා කන මොවුන්ට විශේෂ බදු පැනවිය යුතු ය//

    මුන් බ්ලොග් ලිව්වනෙ කාලයක්... හොර වෙදෙක් ඉඳන් උශ්ණම් කියකිය ලමයි නැති එව්වට බෙහෙත් කරා...

    කේන්දරකාරයෙක් තාම බ්ලොග් ලියනවා, මැරිච්ච උන් ගෙන්වනවා.. මැරෙන වෙලාව කියනවා... ඒ අස්සෙ ආණ්ඩුවට උපදෙසුත් දෙනවා...

    බොරුව වපුරන මේ වගේ කාලකණ්නි නිසා රට ඉවරයි...

    ReplyDelete
    Replies
    1. ගූතලන් ගැනද ඔය කියන්නේ?

      Delete
  4. ගෞතම බුදුන් හැර අටවිසි බුදුවරුන්ට අයත් අනිත් බුදුවරුන් විසින් දේශනා කරන ලද ධර්ම කාරණා පිළිබඳව දන්නා කෙනෙකු ඇත්නම් කියවීමට හෝ සවන්දීමට ඒවා සොයාගන්නා පිළිවෙල දන්වන්න. ඔබට පිං.

    ReplyDelete
    Replies
    1. මෙව්වට ඉතින් කොහෙන් හිනා වෙන්නද? ඔය කියන බුදුන් ඉන්න ඇත්තෙ ගෞතම බුදුන්ට අවුරුදු 5000ටත් එහා. එතකොට පලවෙනි බුදුන් ඉන්න ඇත්තෙ අවුරුදු ලක්ෂ ගානකට එහා. එයා නියැන්ඩතාල් කෙනෙක් වෙන්න ඇති.

      Delete
  5. ජන ජීවිත කාලකණ්ණි කරන ආගම් වෙනුවට ජන ජීවිත කාලකණ්ණි කරන පෘතග්ජන මිනිසුන් යන්න යෙදුවොත් හොද නැද්ද?


    "ගෞතම බුදුන් හැර අටවිසි බුදුවරුන්ට අයත් අනිත් බුදුවරුන් විසින් දේශනා කරන ලද ධර්ම කාරණා පිළිබඳව දන්නා කෙනෙකු ඇත්නම් කියවීමට හෝ සවන්දීමට ඒවා සොයාගන්නා පිළිවෙල දන්වන්න."

    ඕනෑම බුදුවරයෙක් දේශනා කරන ධර්මය එකයි. අනිත් බුදුවරු වෙනත් දහමක් දේශනා කර නැහැ.

    ReplyDelete
  6. https://www.youtube.com/watch?v=qxr-cv-JuI8&t=5s

    පැරකුම් සොයුර ඉහත දක්වා ඇත්තේ ලොව පිළිගත් (ශ්‍රී ලංකාවේ දොස්තර වරුන් පිළිගන්නා ) ඇමරිකාවේ https://www.cdc.gov/ ආයතනයේ වැක්සින් වල ප්‍රමිතිය සහතික කරන වාර්තාව සාදන ලද දොස්තර විලියම් තොම්සන් විසින් ඇමරිකාවේ කොන්ග්‍රස් සභික බිල් පොසි මහතාට ලිකිතව එවන ලද පාපොච්චාරණයයි ඔහුගේ පාපොච්චාරණය ඔබට මෙතනින් අසන්න පුළුවන් https://www.youtube.com/watch?v=y-Xpl4uYRBc
    මිට අනුව ලොව පුරා භාවිතයට ගන්නා MMR වැක්සින් මහින් ලබාගන්නා දරුවන්ට ඔටිසම් නමැති රෝහි තත්වය වැළදීමේ ප්‍රවනතාවය 340% වැඩිවෙන බව සොයාගත් ඔවුන් එම තොරතුරු විනාශ කල අයුරු පවසනවා,

    ඔබ ඉහත සදහන් කල //ජන ජීවිත කාලකණ්ණි කරන සෙසු බලවේග වන්නේ ජ්‍යෝතිෂකාරයන්, කට්ටඩින් හා හොර වෙදුන් ය. // අතරට බටහිර වයිද්‍යවරුන් ඇතුලත් නොවෙන්නේ ඇයි ?

    ReplyDelete
    Replies
    1. ඔතන බටහිර වෙදුන් කීවට 100%ම නෙවෙයිනෙ බං. ඕනෙනම් 5%ක් වගේ ඇති.
      නමුත් පැරා කියල තියෙන ලෝකෙ තියෙන ආගම් සහ ජ්‍යෝතිෂකාරයන්, කට්ටඩින් 100%ක්ම ජනජීවිත කාලකන්නි කරනව නෙව.

      Delete
    2. මෙතන 100% ම බටහිර වයිද්‍යවරුන් ඔය කියන වැක්සින් ශ්‍රී ලංකාවෙත් ඉන් පිටතත් පාවිච්චි කරනවා.
      මෙතන එකම වෙනස වයිද්‍යවරුන් ගෙන් බහුතරය ඉහත දොස්තර විලියම් තොම්සන් ගැනවත් කොන්ග්‍රස් සබික පොසි ගැනවත් ඇමරිකාවේ කොන්ග්‍රසය ගැනවත්
      ඔය පර්යේෂණය ගැනවත් දන්නේ නෑ, ප්‍රශ්නය දන්නා අය තම දරුවන්ට වැක්සින් ලබාදෙන්නේ නෑ උදාහරණ https://www.youtube.com/watch?v=bGNn_prJXhg&t=2s

      මම කියන්න දේ සරලයි අවසාන ප්‍රතිපලය මේවා පාවිච්චි කරන පිරිස දැන හෝ නොදැන හානියට පත්වෙනවා කතාව එච්චරයි! නමුත් ජනමාද්‍ය මේවා වසන්කරනවා මෙය ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේම සිදුවෙනවා

      Delete
    3. Lankika Sithuwili

      ලංකාවේ ඉන්න කාලකන්නි දොස්තර මාෆියා කල්ලියට පුක නැතිවෙන්න බේත් අගමැති රනිල් මහතාත් සවුක්ය ඇමති රාජිත මහතාත් දෙමින් ඉන්නවා. දැන් දොස්තරලා දුප්පත් ලෙඩුන් හූරගෙන කමින් මුදල් ගැරීම් රැසක් නැවතිලා අලුත් නීති නිසා. අවුෂද පනත නිසා බේත් මිල 75%-80% අඩුවෙලා, මෙඩිකල් ටෙස්ට් ගාස්තු වගේම පුද්ගලික රෝහල් ගාස්තුත් 75% කින් විතර අඩු වෙයි ලගදි. එජාපය 2050 වත් වෙනකම් බලයේ හිටියොත් සියලු පහසුකම් උසස් තත්වයෙන් ඉතාම අඩු මිලට නැත්නම් නොමිලේ ලැබෙන දියුනු අදිතාකශනික රටක් අපට පහසුවෙන් ඇතිකරගන්න පුලුවන්. ඒ වෙනුවෙන් විකාර නොලියා වත්මන් එජාප රජ වෙනුවෙන් පෙනී සිටින්න. අනාගතය ඉතාම සාර්තක බවට සැකයක් නැහැ.

      Delete
    4. @Lankika Sithuwili

      ඔය එන්නතින් ලෝකෙ පුරා බිලියන් ගනනක් මිනිස්සු මරනින් බෙරිලා තියෙනවා...ඇමරිකාවෙ vaccine sceptics කියන්නේ එන්නත් ගැන විෂ්වාස නොකරන conspiracy theorist ලා සුලු ප්‍රමානයක්... ඇමරිකාවෙ 9/11 කලෙ තමන්ගෙ ආන්ඩුවෙන්මය කියල හිතන ගොබ්බයොත් ඉන්නව... ලන්කාවෙ ඉන්න ඇමරිකානු විරොදී බටහිර විරොදී කබ්බන්ට ඕව ලොකු දෙවල් උනාට ඇමරිකාවෙ මිනිස්සුවත් උන්ව ගනන් ගන්නෙ නෑ..

      http://www.voicesforvaccines.org/i-was-duped-by-the-anti-vaccine-movement/

      Delete
    5. ඇනෝ,

      මුලින්ම https://www.youtube.com/watch?v=qxr-cv-JuI8&t=5s ඉදිරිපත් කලේ ඇමරිකාවේ කොන්ග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කරන යෝජනාවක් conspiracy theorist ල ගේ යෝජනාවක් ඇමරිකාවේ කොන්ග්‍රස් සබිකයෙක් ඉදිරිපත් කරනවද ?
      ලංකාවේ වගේ නෙමෙයි ඇමරිකන් කොන්ග්‍රසයේ බොරු ඉදිරිපත් කිරීම සිරදඩුවම් ලබන වරදක්.

      ඉහත සදහන් ඉල්ලීම ඔහු කරන්නේ සියලුම නිතියානුකුල ලියවිලි සමගබව මතක තියාගන්න.මෙය අද දක්වා ඇමරිකානු ජනමාද්‍ය ප්‍රසිද්දිය ලබානොදෙන්නේ ඔවුෂධ සමාගම් වල අයිතිකරුවනුත් විශාලම ජනමාද්‍ය අයිතිකරුවුත් එකම පිරිසක් වන නිසා.

      මෙය තේරුම් ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණය කරන සමයේ ජනමාද්‍ය කිවේවේ හිලරි 98% වැඩි සම්බවිතාවයකින් ජයගන්න බවයි ට්‍රම්ප් දිනනවයි කියපු මිනිසුන් හැදින් වුනේ ඔබ කියන conspiracy theorist පිරිසක් ලෙසයි දැන් ඔබට සත්‍ය තේරෙනවද ?

      ශ්‍රී ලංකාවේ ඔටිසම් වැඩිවීමේ සීග්‍ර තාවය 1995 දී 10000 ට 1 යි අද එය 80ට 1කයි ඔබට තෙරෙනේවද වෙනස ?
      ඔබ දන්නවද වයස 50ට වැඩි ශ්‍රී ලාංකිකයන් අදත් ජිවත් වෙන බව ඔබ දන්නවද මේ මිනිසුන් අතර ඔටිසම් සැදුන අය 100000 ට 1 වත් නැතිබව.
      නිකන් බොරුවට කෑගහන්නේ නැතුව කරුණු සොයල බලන්න
      http://www.divaina.com/2013/10/15/feature03.html

      මෙය ජානගත රෝගී තත්වයක් ලෙසයි මේ මිනිසුන් හදුන්වන්නේ නමුත් ජානගතවනම් හදිසියේ මෙහෙම වැඩි උනේ කොහොමද ?

      Delete
    6. @ Lankika Sithuwili

      ඔය කියන ඔටිසම් නමැති රෝගය 2005 -2015 ජනවාරි දක්වා කාලයේ ලංකාවේ පැතිරවූ බවට දැන් සොයාගෙන තිබෙනවා. පසුගිය සමයේ රට පාලනය කල අන්ත දූෂිත මිනීමරු ලේ පිපාසිත ෆැසිස්ට්වාදී රාජපක්ෂ ඒකාධිපති කල්ලිය විසින් සැලසුම් සහගතව මෙම රෝගය ලංකාවේ පතුරවා ඇති බවට ඉතා විස්වාස කටයුතු ආරංචි මගින් මා හෙලිකරගනු ලැබුවා. රාජපක්ශ කල්ලිය තමන්ට වහල්කම් ගැතිකම් කරන පිරිසක් බිහිකරගැනීමට කල තවත් කුමන්ත්‍රණයක් තමයි ඔය ඔටිසම් නමැති භයානක රෝගය. එමෙන්ම මෑතදී පැතුරුනු ඩෙංගු උවදුරත් පතුරා තිබෙන්නේ දැනට බලය ගිලිහී කිච වී සිටින රාජපක්ශගේ දූශිත පලාත් පාලන හෙංචයියන්ව හිටි පල් හොර රංචුව බවත් පැහැදිලියි. ඉදිරියේදී මේ සියල්ල හෙලිකිරීමට රජය කටයුතු කරයි සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා මේ සියල්ල සාක්ෂි සහිතව හෙළිකල පසු ඔබට සත්‍ය වැටහෙයි. අප සියල්ලටම පලමුව කල යුතු මේ අන්ත දූශිත රාජපක්ෂ කල්ලිය සහ ගෝටා වැනි මිනීමරුවන්ට කිසිදා බලයට ඒමට ඉඩ ලබා නොදී ඔවුන් දේශපාලනයෙන් සදහටම ඉවත්කර දැමීමයි. එවිට ඔය සියලුම ප්‍රශ්න විසඳාගත හැකියි. ඔබ කලයුත්තේ කෙසේ හෝ වත්මන් ජනතාවාදී රජය රැකගැනීමයි.

      Delete
    7. Lankika sithuwili
      ඔහු කොන්ග්‍රසයට් ඉදිරිපත් කරන්නෙ තමන්ට එහෙම සැකයක් තියෙනවා කියා පමනයි..
      ඔබ ඔය link වල තියෙන ඉන්ග්‍රීසි තෙරුම්ගැනීමත අපහසු වෙලා වගෙ..
      නමුත් එන්නත් ශරීරයට හානියක් නෑ කියලා ඔනෑ තරම් ඔප්පු වෙලා තියෙනවා... අද බටහිර anti vaccine lobby එකේ ඉන්නෙ දෙවියන්ට සියලු ලෙඩ හොදකලහැකියි කියා හිතන othrdox christian උන් පමනයි... වැක්සින් වලින් එහෙම අතුරු ආභාධ තියේනම් තමනෙ ජනගහනයේ සුභසිද්දිය ගැන හිතන දියුණු බටහිර රටවල් එවා හන්ගන්නෙ නෑ... තුන් වෙනි ලොකෙ රටක මෝඩ බටහිර විරොදයක් ඔලුව උඩතියාගෙන ඉන්න වගේ කෙනෙක් බටහිර රටවල් ගැන දන්න තරම මෙතැනින් පෙනවා..

      Delete
    8. ඔබ නොදන්නවා උනාට https://www.youtube.com/watch?v=wfqpZqEP6gg
      මේ වැක්සින් නිපදවන සමාගම් වලට නඩු පවරන්න බැරි විදියට ඇමරිකාවේ නීති සම්මත වෙනවා යම් ළමයෙකුට හානියක් උනොත් සිදුවෙන්නේ රජය විසින් වන්දි ගෙවීමයි දැනට ඩොලර් බිලියන 3ට අදිකව වන්දි ගෙවල තියනවා.

      කරුනාකර මෙය බලන්න https://www.youtube.com/watch?v=9TAEVV3gGHI

      Delete
    9. සමහර බටහිර බෙහෙතක අතුරු ආබාධ ඇතිවීමේ 0.001% විතර අවධානමක් තියෙනවා... ඒක බෙහෙත හදන සමාගම, ආන්ඩුව, දොස්තරලා සහ රොගීනුත් දන්නවා... කවදාවත් දියුනු රටක ජීවත්වෙන්න පින නැති ඔහේ නොදන්නවා උනාට ඇමරිකාවේ සහ යුරොපයේ ඖෂධ වෙලද දැන්වීමක් දානවානම් යටින් කුඩා අකුරින් මේ බෙහෙතේ අතුරු ආබාධ මේවයි කියා දානවා... බෙහෙතක් නිර්දෙෂ කරනකොට වෛද්‍යවරයා අතුරු ආබාධ ඇත්නම් එවායෙ අවධානම ගැන කියන්න නීතියෙන් බැදී සිටිනව...
      ෆාමසිස්ට් කෙනෙක් බෙහෙත සලිදීල ගන්නකොට අතුරු ආබාධ තියේනම් එවා සදහන් ලීෆ්ලට් එකක් රොගියාට දෙන්න ඔනෙ..
      නමුත් ඔය කියන විදිහට නොගිනිය හැකි තරම් සුලු ප්‍රතිශතයකට අතුරු ආබාධ ඇතිවීමේ අවධානමට වඩා වැක්සීන වලින් ජීවිත බේරපු ප්‍රමානය අතිමහත්... ඔක්කොටම වඩා ගොන්කම තමන්ගේ ජනතාවගේ සුබසුද්ධිය පලමු කොට සලකන දියුනු බටහිර රටවල් වල ආන්ඩු තමන්ගේ මිනිස්සුන්ගෙ එව වහනව වගේ අමන තර්කයක් ගෙන ඒම... එතැන තියෙන්නේ තුන්වෙනි ලොකයෙ වැසියෙක්ගෙ ගොබ්බ බටහිර විරොද්යක් පමනයි...

      Delete
    10. https://www.theguardian.com/business/2012/jul/03/glaxosmithkline-fined-bribing-doctors-pharmaceuticals

      ඔගේ වගේ බටහිර වන්දනා කරන මිනිසුන් මහලොකුවට බටහිර ගැන වර්ණනා කලත් බටහිර සිදුවෙන්නේ මොකද්ද කියල දන් නැති ලින් මැඩියෝ බව තමුන් කියල තියන දෙයත් ඔය උඩ තියන පුවතත් බැලුවහම තේරෙයි
      ඔය තියෙන්නේ ලෝක ප්‍රසිද්ධ GlaxoSmithKline කොම්පෙනියට ඇමරිකානු අධිකරණය ඉදිරියේ දොස්තර වරුන්ට අල්ලස් දීමට වරදකරු විමනිසා ඩොලර් බිලියන 3ක් වන්දි ගෙවපු පුවතයි // 0.001% විතර අවධානමක් තියෙනවා// සහ ඔය පුවත කියවල තමුන්ගේ මොලේ තරම තේරුම් ගන්න


      Delete
    11. තුන්වෙනි ලොකෙ රටක ඉන්න ඔහෙ වගෙ ගොන්බිජ්ජෙක් මොනවද බටහිර ගැන දන්නෙ.... මෝඩ පැටියො බටහිර නීතියක් තියෙන නිසා තමයි ඔහෙ කියන වගෙ වැඩවලට ඉඩක් නැත්තෙ... අවුරුදු 20 බටහිර ඉන්න මට ඔහෙ වගෙ ගොනෙක් එනව මේ රටවල් ගැන කියල දෙන්න.. බටහිරට යන්න කලින් ඉස්සෙල්ල සින්ගප්පූරුවට වත් ගිහිල්ල හිටු... තමන්ගෙ රටෙ පුරවැසිය ගැන සියල්ලටම වඩා ඉහලින් හිතන මෙ වගෙ රටවල ඉන්නත් පින් කරල තියෙන්නෙ ඔනෙ.. ඔහේට තියෙන ලෙඩෙ තමන්ට දියුනු ලොකෙට එන්න බැරිවෙච්ච ඊරිසියාවට මේ රටවලුත් තමන් ඉන්න තැන වගෙ කියල සැනසෙන මාමසිකත්වයක්

      Delete
    12. AnonymousJanuary 15, 2017 at 10:23 AM,

      තමුසේනම් පිටරටක වෙන්න බෑ, තමුසේ ලංකාවේ දියුණු පලාතක කෙනෙක් වෙන්නත් බෑ, හැබෑට තමුන් ඉන්නේ බින්තැන්නේ උරු වරිගේ වන්නිය ගේ අල්ලලු ගෙදරද (හැබැයි වන්නියත් උපාදිධාරියෙක් නිසා උටත් ලැජ්ජා ඇති තමුන් හේ අසල්වැසිය ගැන ) මොකද තමුන්ට හරියට ඉංග්‍රීසි තේරුම් ගන්නත් බෑ සිංහලත් තේරෙන් නෑ නොවැ

      Delete
  7. අජිත්,

    ඉස්සරවෙලා පන්සලකට දානයක් දෙන්න. පන්සලකට, දහම් පාසලකට පුළුවන් විදියට ආධාරයක් කරන්න. පුළුවන් විදියට ආගමික ප්‍රතිපත්ති වලට අනුගත වෙන්න. එතකොට ඔබ "ශාසනයේ" "දායකයෙක්" වේවි. අප නම් "ශාසනයේ" "උපාසකයන්" නොවුනත් "සාමාන්‍ය දායකයන්".

    අවම වශයෙන් අප වගේ "සාමාන්‍ය දායකයකුවත්" නොවී "බෞද්ධ ආගමික සංස්ථාව" විවේචනය කරන එක සදාචාරාත්මක නැහැ. අනෙක ඔබ මෙහි සාමාජිකයකු නොවනවා නම් මෙහි කටයුතු වලින් ඔබට සිදුවන පාඩුවක් නැතිනම් ඔබට ඇති ප්‍රශ්නයක් නැහැනෙ. යම් පාඩුවක් හෝ හානියක් ඔබට සිදුවෙනවා නම් මැදිහත් වීමේ නිදහස ඔබට හිමියි.

    "බෞද්ධ ආගමික සංස්ථාව" පිළිබඳව අපටත් විවේචන තිබෙනවා.භික්ෂුන් සම්බන්ධයෙන් විනය නීති හදන්න ගිගියන්ට බැහැ. ඒ වගේම "බෞද්ධාගම" කියන්නෙ අපි කැමති වුනත් නැතත් "මහා සංස්කෘතියෙ" කොටසක්. මේක ඕනෑම සංස්කෘතියක් සම්බන්ධයෙන් බොහෝ දුරට සත්‍යයක්.

    අපි මෙහෙම කියමු. ඔබ හෝ මම ශ්‍රී ලාංකික "ඉස්ලාම් ආගමික සංස්ථාවේ" වැඩකටයුතු සහ සිදුවිය යුතු යයි අප සිතන ප්‍රතිසංස්කරණ පිළිබඳව "දෙන්නම් බැටේ" වර්ගයේ විවේචන කරන්න ගියොත් කුමන ප්‍රතිපලයක් වෙයිද?

    ඕනෑම ආගමික සංස්ථාවක් පිලිබඳ යහපත් ප්‍රතිසංස්කරණ සඳහා මුල් විය යුත්තේ ඒ ආගම් වල ශ්‍රාවකයන්. නැතිනම් මේ වගේ ගොඩ ඉඳන් නැව් පෙරලන්න හදන ඕනෑම ක්‍රියාවක් විනාශ වෙන්නේ මහා විනාශයකින්.

    ReplyDelete
    Replies
    1. කිසිදු ආගමක යහපත් ප්‍ර‍තිසංස්කරණ සිදු වන බවක් දැකිය නො හැකි ය. එයට හේතුව කුමක් ද? වර්තමානයේදී ආගම් වනාහි තවත් එක් ලාභ ලබන ව්‍යාපාර විශේෂයක් පමණි. ආගම් ප්‍ර‍තිසංස්කරණය වී තිබෙන්නේ ඒ පැත්තට ය.

      Delete
  8. පැරා මම 100% 200 එකගයි

    ReplyDelete
  9. එදා වේල හොයා ගන්න නැති දුප්පත් පවුලක කාන්තාවක් ලඟදි මිය ගියා. පන්සලට දායකවෙලා නෑ කියලා හාමුදුරුවෝ හොඳටම දෙස් දෙවොල් තියල පාන්සුකූලෙ දෙන්නනම් සිමෙන්ති කොට්ට 5ක් ඉල්ලුවා. ඔන්න මුන්ගෙ බුද්දාගම

    ReplyDelete
    Replies
    1. ඔය හාමුදුරුන් කියන මිනීමරු අසික්කිත කාලකන්නි කහ රෙදි පොරෝගත් කහකඩ ගනගෙඩි පාහර බල්ලො ටික ඔක්කොම මරල දාන්නෙ නැතුව මේ ප්‍රස්න විසඳන්න අමාරුයි. ඊලඟ විවස්තා සංශෝදනයේදි ලංකාව නිරාගමික රාජ්‍යක් බව ප්‍රකාශ කර බුද්දාගමට රජයෙන් මුදල් දෙන එක සම්පූර්නයෙන් නවත්වා පන්සල් අරාජික කල යුතුයි. පන්සල්වල ඉඩම් සියල්ල රජයට පවරාගෙන වෙනම වෙන්දේසි කල යුතුයි. අනවසරයෙන් තනා ඇති කොලඹ පන්සල් සියල්ල කඩා ඉවත්කල යුතුයි. ඔය කහකඩ හොරුන්ගේ ආදායම් මාර්ග අවහිර කොට මින්ස්සු පන්සල් මාෆියාවෙන් ඈත් කිරීම කල යුතුමයි.

      Delete
    2. උඩ ඇනෝ, කවුද බන් ඔය සන්සෝදනේ කොරන්නෙ කහකඩ හැත්ත ගාව දෙකට නැමෙන නෝන්ජල් ආප්පයද? නැත්නම් ගන්ගාරාමෙ ගනින්නාන්සෙගෙ ප්‍රධාන දායක හාමුද? :D

      Delete
    3. නෑ බන් මහින්ද ඊළඟ පාර දිනපුවම අනිවාර්යෙන් ඔය සන්සෝදනේ ගේනවා. නානසාරත් එක්ක මල පැනල ඉන්නෙ මිනිහව පැරැද්දුව කියල.

      Delete
    4. AnonymousJanuary 12, 2017 at 1:55 PM

      දැන් පෙන්වන්නේ විමල්ගේ පොලිස් චිත්‍රපටය නිසා පොඩ්ඩක් ඉඳින්. ඉස්සරහට උඩින් හතුරු යටින් මිතුරු වහපාලන - මලබද්ද විපස්ස ජොයින්ට් නිර්මානයක් විදිහට අලුත් ෆිල්ම් එකක් එයි - ආගම් වලට ගේම් දෙන. පැරා ඉතින් කොහොමත් ආණ්ඩුවෙ කස කාරය නෙව. හම්බන්තොට කේස් එකේදි වගේ ජෙප්පොත් පැත්තකින් සෙට් වෙයි, ලකුණු ටිකක් දාගන්න එන විදිහක් බලල.

      Delete
    5. කහකඩ මුදලාලිලට විරුද්ධව බෞද්ධ සමාජයෙන් විරෝධයක් මතුවිය යුතුයි.

      Delete
    6. කහකඩ මුදලාලිලට විරුද්ධව බෞද්ධ සමාජයෙන් විරෝධයක් මතුවිය යුතුයි.

      Delete
    7. //කහකඩ මුදලාලිලට විරුද්ධව බෞද්ධ සමාජයෙන් විරෝධයක් මතුවිය යුතුයි.//

      නමුත් විරෝධය නගන්නේ කිසිම ආගමක් අදහන්නේ නැති එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කුලියට කහින ලියනප්පුලගෙන්. අන්නේකයි මෙතන එකම කේස් එක.

      ලංකාවෙ දේශපාලකයො ඔක්කොම හොරු, වෙනස ලොකු හොරකම් සහ පොඩි හොරකම් විතරයි. උන්ගෙ ගුණ ගයන්න හෝ විවේචනය කරන්න දෙපැත්ත බෙදිලා කාකොටා ගන්න ගොං හරක් ඡන්දදායකයො තරම් තවත් මෝඩයො ලොවෙත් නෑ.

      Delete
  10. වර්තමානයේ "ජාතිය සහ ආගම"විකුණන බිස්නස් එකත් "යහපාලනය" "යුක්තිය සාධාරණත්වය", "ප්‍රජාතන්ත්‍රවාද්ය" වගේ සන්කල්ප කුණුකොල්ලෙට විකුනනවා වගේමයි. ධනවාදී පල්හොරුන්ගේ සාගතවාදයට ප්‍රජාතන්ත්‍රවාවාදය කියලා හිතන් ඉන්න මේ අසරණයන්ට අනුකම්පා කල යුතුයි.

    පැරාලා බහු පක්ශ ප්‍රජාත්න්ත්‍රවාදය කියලා හිතන් ඉන්නේ ඵකම පන්තියේ කට්ටිය අපිට පේන්න බොරුවට දෙකට බෙදිලා චන්දේ ඉල්ලලා චන්දෙන් පස්සේ ඵකට සෙට්වෙන ඵක. එලුවාගේ අහවල් ඵක වැටෙනතුරු පස්සෙන් ගිය නරියා මෙන්, අසාර්තක පාලක කාලකන්නි ජඩයන්ගෙන් සන්වර්දන සිහින බලාපොරොත්තුවන (අවු 68ක් රැවටී තවත් රැවටෙන ) සදාකල් පල්හොරුන්ට යටත්ව සිටියත් තමුන් සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී උතෝපියාවේ සිටිනා බව හිතාගෙනසිටින, ඵනම් තමුන් ඉන්නා රට ගැනවත් තේරුම්ගැනීමට හැකියාවක් නැති මහා උගතුන්ගේ දේසපාලන විස්ලේසන කියවූ විට හිනාවෙනවාද අඩනවාද යන්න හිතාගනීමටත් බැරිය.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ ඔය විකුණන සංකල්ප ලැයිස්තුවට සමාජවාදය, විප්ලවය, නිර්ධන පංතිය වගේ වචනත් එකතු වෙන්නට ඕනැ. ඒවා විකුණන කට්ටියත් ඔය අවුරු 68 තුළ කළේ මිනිසුන් රවටන එක ම තමයි.

      Delete
    2. ඇයි හැම මගුලටම ඊනියා "මධ්‍යම පංතියක්" කියල එකකට දොස් පවරන මධ්‍යම පන්ති විරෝධය, ඊනියා "සුබසාධනවාදී ආර්ථික විරෝධය" විකුණමින් ඒ වෙනුවට "ධනපති පංතිය" නමැති බිස්නස් කරන දේශපාලකයින් හා උන්ගේ ගජමිතුරු කල්ලිවලට සුදුහුණු ගාමින් අතට බලය ගොනු වන අමු නිරුවත් ධනවාදයට සහාය දිය ය යුතුය යන මතය ප්‍රවර්ධනය කිරීම, "මධ්‍යම පංතියට කුඩු වෙන්නට ගහන එක තමයි මේ වෙලාවේ දේශපාලනය." වැනි මල විකාර දෙසාබෑමත් ඒවා විකිනීමට උත්සාහ කිරීමත් තුට්ටු දෙකේ කුලී ලියන්නන්ගේ බඩගොස්තරවාදී වැඩ තමයි.

      Delete
  11. ........ජන ජීවිත කාලකණ්ණි කරන සෙසු බලවේග වන්නේ.........

    ඇයි මාධ්‍ය කඩ කාරයෝ.

    ReplyDelete
  12. අාගම් වල අවශ්‍යතාවය අැතිවන්නේ බය නිසාය.විශේෂයෙන් මරන බය.අාගමෙන් තව තවත් බය වැඩිකරයි.දානයේ අනුහස් පෙන්වයි.

    බයෙන් පීඩිත පුද්ගලයාට විවිධ පොරොන්දු දිය හැක. මේ බය ඉවත්ක්කල හැකිනම් තවදුරටත් අාගමෙන් වැඩක් නැත.
    අද කාලෙ හොදම පහසුම ජීවන ක්‍රමය සිවුරක් පෙලගැනීමයි. මීට වසර 2500කට පෙර සිටි ඒ ගුරුවරයා සාමාන්‍ය මිනිසා තමන් වටා ගොඩනැගී අැති අාර්ථික වපසරිය දුටුවානම් මොනවා සිතෙයිද

    ReplyDelete
  13. පංසල් වලට නිච්චි නිනවුනැතිව මුදල්දෙන අය නිරීක්ෂනය කලාම තමන් උපයාගත් ධනය ගැන වරදකාරීහැගීමක් අැති අය, බුදුදහම හැර වෙනත් අාගම් ගැන කියවා නැති අය විශේෂයි.
    අපි ඔජ වඩන විශ්වය අැක මේක ගැන බුදුන් කීව කියන කතා ජෛන පොත්වල පුරාන යන නමින් හදුන්වන හිංදු පොත්වලත් තියනව.සාහිත්‍යකාරයො කැටයම් ශිල්පියො නිර්මානය කල
    බුදුන් මහපොලවට ගන්න තුරුම ගනරාලල මිනිස්සු හූරගන කනව.

    ReplyDelete
  14. පංසල් වලට නිච්චි නිනවුනැතිව මුදල්දෙන අය නිරීක්ෂනය කලාම තමන් උපයාගත් ධනය ගැන වරදකාරීහැගීමක් අැති අය, බුදුදහම හැර වෙනත් අාගම් ගැන කියවා නැති අය විශේෂයි.
    අපි ඔජ වඩන විශ්වය අැක මේක ගැන බුදුන් කීව කියන කතා ජෛන පොත්වල පුරාන යන නමින් හදුන්වන හිංදු පොත්වලත් තියනව.සාහිත්‍යකාරයො කැටයම් ශිල්පියො නිර්මානය කල
    බුදුන් මහපොලවට ගන්න තුරුම ගනරාලල මිනිස්සු හූරගන කනව.

    ReplyDelete
  15. very correct Parakum sir. My congadulation.

    ReplyDelete
  16. ඒකං තිරික්කලං දානේතීී - දස දහසං තිරික්කලං ලබ්භති කියල බණ පදයක් කිව්වලු හාමුදුරුවො බණට වඩම්මපු තිරික්කලේට ආස හිතුන පාර.

    ReplyDelete
  17. ඇයි පැරා පන්සල් කෙලිය බලන්න ඕනේ මේ පිටරටවල. මාර බෞධයෝ . ඉගෙනගන්නේ IT වල ඉහලම එව්ව . ඒවුනාට බැඳගෙන ඉන්නේ කඹේ සයිස් පිරිත් නූල් . වඳින්නේ බිම දිගාවෙලා අර මොකාද තාපසය වගේ. පන්සල් ප්‍රොජෙක්ට් චෛයත්තය හදන්න කුටි හදන්න. වයස ගිහින් මෙහෙ ඇවිල්ල දුක කියල පෙන්ෂන් එක හදාගෙන ඉන්න , මෙහෙ කිසිම වැඩක් නොකර, එකෙන් බාගෙටත් වැඩිය පන්සලට තමයි දෙන්නේ. සංගයලගේ ලොකුම බිස්නස් තියෙන්නෙ පිටරටවල. ඊයේ මම දැක්ක හාමුදුරුවො Salvationarmy කඩේ ඇඳුම් තෝරනවා. ලංකාවේ දායකයන්ට වෙන්ඩ ඕනේ.

    ReplyDelete
    Replies
    1. ++++++++
      Very correct.
      Para-we have some Sri lankan temples in Melbourne which are nick named after certain ladies who are the main upasikas in those (if you could see what's implied by that).

      Delete
  18. වෙස්සන්තර නම් ආත්මාර්ථකාමියෙකි, එතකොට සුමනාවතී? - I dont get this!
    ===========================================

    අපේ අම්මා සාමාජිකාවක් වන ගමේ වැඩිහිටි සමිතිය නිසා, මහලු වයසේ පසුවෙන, තම සැමියන් මිය ගොස් වැන්දඹුවී කල් ගත කරන, කිසිදු ආදායම් මාර්ගයක් නොමැති, විවාහ වූ දරුවකුගේ නිවසේ කල් ගත කරන, ජීවිතයේ මේ සෑඳෑ සමයේත් අනවශ්‍ය ප්‍රශ්නවලට මැදිහත් වී සිටින කාන්තාවන් කීප දෙනෙකු ගැන මම දනිමි.

    මගේ මවට වඩා වසර කිහිපයකින් වයසෙන් අඩු ඉන් එක් කාන්තාවක් විටින් විට පැමිණ මගේ මවට විවිධ උදව් උපකාර කිරීමට පුරුදු වී සිටියි. ඇය කලක් මගේ මවගේ තනියට නිවසේ නවාතැන් ගෙන ද සිටියාය. මගේ මව ද ඇයට හැකි අයුරින් උදව් උපකාර කරන්නීය. එය වින්-වින් තත්වයකි.

    මෙවර ලංකාවේ මා ගත කළ කාලයේ දෙතුන් දිනක්ම ඇය නිවසේ දී මුණ ගැසුණි. අවසන් දිනයේ දී ද ඇය අප නිවසට උදේ පාන්දරින් ම ආවේ වෙනත් ගමනක් යාමට සැරසීය.

    "පුතේ මේ නැන්දාට දැන් පැන්ෂන් එකක් ලැබෙනවා නේ. මේ ඒක ගන්න යන ගමන් ලු!" අම්මා පැවසුවාය.

    මා දැන සිටියේ ඇයට කිසිදු ආදායමක් නොමැති බවකි.

    "ආ, හොඳයිනේ. ළඟදී ඉඳලාද ඒ?" මම විමසුවෙමි.

    "ඔව්, මෙයා කොහොම හරි ග්‍රාම සේවකට කියලා හදාගෙන. රුපියල් දෙදාස් පන්සීයක් ම ලැබෙනවා!" අම්මා කීවේ මද සිනාවකිනි.

    ඒ මිතුරු සරදමක් බවත්, ඇයට ලැබෙන්නේ මසකටම රුපියල් දෙසිය පනහක් බවත් මම මොහොතකින් දැන ගත්තෙමි.

    මා කළේ, "මෙන්න එහෙනම් මගෙනුත් නැන්දාට!" කියා රුපියක් දෙදහස් පන්සීයක් ඇය අතට දීමයි.

    පැයක් පමණ කාලයක් අප නිවසේ ගත කළ ඇය පිටව යාමට කලින් මා අමතා කීවේ, "පුතා මං පන්සලේ කුළුණක් හදන්න රුපියල් අටදාහක් දෙන්න ලියලා තියෙනවා. පුතා දුන්නු සල්ලිවලින් ඒකට ගන්නම් පුතාටත් පින් සිද්ධ වෙයි!" කියාය.

    මම තරමක විස්මයට පත්වීමි.

    "අපෝ මට ඔය තියෙන පින් ඇති. ඔය සල්ලි කෑමට බීමට ගන්න!" මම ස්ථිරවම කීවෙමි.

    කවුරුන් හෝ දෙන මුදලක් සහ මසකට ලැබෙන රුපියල් දෙසිය පනහේ පින් පඩිය හැර වෙනත් කිසිදු ආදායමක් නැති, ඥාතියෙකු ගේ නිවසේ තාවකාලිකව නතර වී සිටින ඇය වැන්නියක, ඇගේ තත්වයේ හැටියට අති විශාල මුදලක් වන රුපියල් අටදාහක් පන්සලේ කුළුණක් සෑදීම වැනි නොවැදගත් වැඩක් සඳහා දීමට පොරොන්දු වී ඇත්තේ, එයින් පින් ලැබේය, ඒ පින් බලෙන් මතු ආත්මයේ හෝ මීට වඩා හොඳ ජීවන තත්වයක් ලැබේය යන චේතනාවෙන් බව පැහැදිලිය.

    ඒ ගැන මගේ අවුලක් නැත.

    මා දුන් මුදල දැන් ඇගේ ය. එය ඇය කැමැති ආකාරයකට වියදම් කළ හැක. ඒ ගැන ද මගේ අවුලක් නැත.

    නමුත්, මෙවැනි අයගේ වත්මන් අසරණකම සහ එ නිසාම ඇතිවෙන අනාගතය උදෙසා පින් කිරීමේ අවශ්‍යතාවය දඩමීමා කරගෙන කුළුණු වැනි අනවශ්‍ය ඉදිකිරීම් සැලසුම් කරන පන්සල් ගැන නම් මට ඇති වෙන්නේ කෝපයකි.

    මගේ අතිරික්ත මුදල් එවැනි නිෂ්ඵල වැඩවලට දීමට වඩා නැති බැරි අයෙකුට දීමට මා කැමති බව අමුතුවෙන් කිව යුතු නොවේ.

    මේ සිදුවීම සම්බන්ධයෙන් මට ඇති අතුරු ප්‍රශ්නයක් නම්, මා දුන් මුදල ඇය පන්සලේ කුළුණ සෑදීම සඳහා පරිත්‍යාග කළහොත්, එයින් පිං ලැබෙන්නේ කාටද? ඇයට ද, මට ද? යන්න ය.

    http://rasikalogy.blogspot.com/2016/04/i-dont-get-this.html

    ReplyDelete
    Replies
    1. මේ කතාව ඔබේ බ්ලොග් එකෙන් මීට පෙරත් කියවා තිබෙනවා. පුදුම කනගාටුවක් අැතිවුනා. අාගම තරම් මිනිසුන් සූරාකන වෙන එකක් නෑ.
      තමන්ට තම දරුවන්ට කන්ඩ නැතත් ගනගෙඩියට පුදන සංස්කෘතියක් තියෙන්නෙ

      Delete
  19. මාර්ක්ස් වාදයෙන් ඔබේ ඔළුව කුරුවල් වී ඇතිබවනම් පැහැදිලියි....

    ReplyDelete
  20. ඕක විෂම චක්රලයක්. පන්සල ගැන පුරාණ මිත්යාල කතාවක් නැත්නම් මාළිගා, ප්රමතිමා, තොරණ් ආලවට්ටම් දාලා හදන තරමට තමයි පන්සල මාකට් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ගණයෝ තමන්ගේ පන්සලේ බිස්නස් දියුණු කරගන්න ඕන කරන සල්ලි මිනිස්සුන්ගෙන් හූරා ගන්නවා. තමන්ගේම සල්ලිවලින් හදපු අරුමෝසම්වලට වශී වෙලා මිනිස්සු තව තවත් සල්ලි පන්සලට පුදනවා. ගණයෝ ඒ සල්ලිවලින් සුඛෝපභෝගී ජීවිත ගත කරනවා.

    ReplyDelete
  21. මචං ඔය පින්තුරේ ඉන්න පිටිදුවේ සිරිධම්ම හාමුදුරුවන්ගේ බණක් ඇහුව.
    සමන්තභද්‍ර හිමි

    රහතුන් ගැන. තාර්කිකව කතා කරනවා හැබය්. රහතුන් කියන්නේ දර්ශනිකයනට් මිසක් ප්‍රාතිහාර්ය කරන අයට නෙමේ කියල.

    ReplyDelete
    Replies
    1. මාත් ඇහුව. ඇත්තටම පොරමාර විදියට තර්කානුකූලව කිව යුතු ඇත්ත කියනව. මිත්‍යාන්ධකාරයෙන් සමාජය මුදාගනන් ඌරගෙ මාලු ඌරගෙ ඇගේම තියල කපන ගැලවුම්කාරයෙක්ද මන්ද

      Delete
  22. මම යනවා මෙහෙ පොඩි පන්සලකට හාමුදුරුවෝ එක්ක මහායාන බුද්ධාගම , තව නොයෙකුත් සුත්‍ර ගැන කතා කරලා එනවා. මගේ බ්ලොගේ සමහර ලිපි වලට මට අමතක වෙන සුත්‍රයක් ගැන ඒ හාමුදුරුවෝ මතක් කරල දෙනවා. පන්සලේ දේවාලයක් නැහැ. වෙන එනම් මනනුත් නැහැ. අවුරුද්දකට සැරයක් දෙකක් දානේ දෙනවා ඒ හාමුදුරුවන්ට. බෞද්ද්ගම ආගමක් හෝ දර්ශනයක් වේවා ඒක ගෙනියන්න හාමුදුරුවරුත් ඉන්න එපැයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා