විමල්ට මෙහෙම වුණේ ඇයි?

ඔබේ දරුවන් වෙනුවෙන් හෝ ආපසු හැරෙන්න විමල්. 
විමල් වීරවංශගේ බිරිඳගේ අක්කා වන තනුජා නිශාන්තිගේ ස්වාමි පුරුෂයා වන බෝඹුවල දිසාවගේ ආනන්ද අශෝක කුමාරට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ අංක KB-6038, HQ-4974, GR-5774, KI-4648, KA-7440 දරණ වාහන ලබා දී තිබුණු බව ප්‍රසිද්ධ විය.

පහත වීඩියෝවේ සිටින්නේ විමල්ගේ බිරිඳගේ අක්කාගේ දුව යයි කියන අයෙකු හා ඇගේ මව ලෙස සැලකිය හැකි අයෙකි. වේදනාවේ රහස තේරුම් ගත හැකි නේ ද?

මෙම වීඩියෝවේ අවසන් හරියේ කතා කරන කාන්තාව ජවිපෙ වෙනුවෙන් පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ, ඒ හේතුවෙන් ම සිය බිරිය හා කුඩා දරුවා මරා දැමීමේ කෘර අත්දැකීම ලද ජවිපෙ හිටපු මහජන නියෝජිතයකු වූ අජිත් කුමාරගේ සොයුරියක විය හැකි ය. විමල් වීරවංශ විවාහ වී සිටින්නේ අජිත් කුමාරගේ තවත් සොයුරියක් සමග ය. විමල්ගේ පවුල් ගස ද එසේ මෙසේ වල් ගසක් නො වේ.

තක්කඩින්ගේ අවසන් නවාතැන ජාතිවාදය ය යන කියමනට තවත් සාක්කියක් කුමට ද? මෙම වීඩියෝවේ සිටින කාන්තාව අවසානයේදී පොලිසියට කියන්නේ යාපනයට ගොස් ගහන්නට ය කියා ය. ඒ කියන්නේ සොරුන් වුණත් සිංහලයන්ට එරෙහිව කටයුතු නො කළ යුතු ය. පොලිසිය කළ යුත්තේ දෙමළුන්ට ගැසීම ය.

උදය ගම්මන්පිල තර්ක කරන්නේ විමල් වීරවංශ වාහන අවභාවිතයට අනුබල දුන් බවට කිසිදු සාක්ෂියක් නැති බවයි. එසේ නම්, මෙම වාහන නිකුත් කළේ හුදෙක් ම නිලධාරීන් තමන්ගේ කැමැත්ත පරිදි විය යුතු ය. මෙම වාහන අවභාවිතාවන් කළ පුද්ගලයන් ද අත්අඩංගුවට ගත යුතු ය. ඉංජිනේරු සංස්ථාවේ මෙවැනි වංචා ගණනාවක් හෙළිදරව් වී බොහෝ කල් ය. වාහන අවභාවිතාවට අමතරව, විමල් වීරවංශගේ ගෝලයන් ගණනාවකට සහ ඔවුන්ගේ බිරියන්ට, ඥාතීන්ට කිසිදු වැඩක් නො කර ගෙදර සිටියදී වැටුප් පවා ගෙවන ලදී.

විමල් වීරවංශ සිය දේශපාලනයේ ආරම්භක සමයේදී අප සමග එක්ව සිටියේ ය. කැරැල්ලක් සම්බන්ධයෙන් කිසිදු කලෙක අත්අඩංගුවට පත් නො වූ විමල් වීරවංශ ජවිපෙ දේශපාලන මණ්ඩලයෙන් මහින්දගේ සමීප කවයට පිවිස, ජාතිවාදයට මුවා වෙමින් මහජන දේපල සොරකම් කිරීමට අනුබල දී රිමාන්ඩ් භාරයට පත් වීම මා නම් දකින්නේ අපගේ පැරණි මිතුරකුට සිදු වූ මහා ඛෙදවාචකයක් ලෙස ය. 

පක්ෂයේ වැඩ කිරීම සඳහා බයිසිකල් හොරකම් කරන්නට සිදු වූ හා ඒ නිසා දණ්ඩනයට ලක් වූ මිතුරන් ඇසුරු කළ අතීතයක් විමල්ට තිබිණි. අතීතයේ විමල් ඇසුරු කළ ඒ හිතවතුන් තව දුරටත් ජවිපෙ සිටියත් නැතත්, යම් ජීවන පරමාදර්ශ රැක ගනිමින් තවමත් එවැනි අහිංසක ජීවිත ගත කරන බව විමල් නො දන්නවා විය නො හැකි ය.  

මේ වනාහි මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඉතා මන්දගාමී පරීක්ෂණයක ප්‍රතිඵලයකි. මෙම පරීක්ෂණය ද සිදු වී තිබෙන්නේ ඉතා අකාර්යක්ෂම අයුරින් නිසා විමල්ට ඇප හා නිදහස ලබා ගැනීම දුෂ්කර නො වනු ඇත.

විමල් සිය අත්අඩංගුවට ගැනීම ගැන දොස් පවරන්නේ මීට කලින් වතාවක විදේශ ගමන් බලපත්‍ර වංචාවක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට පත් වන්නට නියමිතව සිටියදී බේරා යැවීමට මැදිහත් වූ රනිල් වික්‍රමසිංහට ය.

රාජ්‍ය සේවයට දේශපාලන ඇඟිලි ගැසීම් සිදු වීම වළක්වා ගන්නට අවශ්‍ය පසුබිම මේ වන විට නිර්මානය වී තිබේ. රාජ්‍ය සේවකයන් කළ යුතුව තිබෙන්නේ එම පසුබිම භාවිතා කරමින් ඇඟිලි ගැසීම් වළක්වා ගැනීම හා නීත්‍යානුකූලව වැඩ කිරීම මිස ඇඟිලි ගසන තෙක් බලා සිටීම නො වේ. රාජ්‍ය සේවය යහපත් අන්දමින් වෙනස් කිරීමේ මූලික වගකීම ඇත්තේ රාජ්‍ය සේවකයන්ට හා ඔවුන්ගේ වෘත්තීය සමිතිවලට ය. රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය ගොඩනගා ගැනීම දේශපාලකයන්ගෙන් බලාපොරොත්තු විය යුතු දෙයක් නො වේ.

එහෙත්, අවාසනාවට එය සිදු වන්නේ නැත. වෘත්තීය සමිති කරන්නේ රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කිරීමට රජය පැත්තෙන් ඉදිරිපත් වන යම් කිසි යෝජනාවක් තිබේ නම් එයට එරෙහි වීම පමණි. රාජ්‍ය සේවකයන්ගේ පැත්තෙන් කිසිවක් සිදු වන බවක් නො පෙනේ. රජය යනු දේශපාලකයන්ගේ බූදලයක් නො වේ. රජය ජනතාවට අයත් දෙයකැයි අපි විශ්වාස කරන්නේ නැත. මන්ද, රජය එය භාවිතා කරන්නේ මහජන මුදල් අවශෝෂණය කර ගැනීමට පමණි. රජයේ හිමිකරුවන් වන්නේ ප්‍රධාන වශයෙන් ම දේශපාලකයන් හා රජයේ සේවකයන් ය. තමන්ගේ යැපුම් මාධ්‍යය වන රජය හරියට ගොඩනගා ගැනීමට රජයේ සේවකයන් මහන්සි විය යුතු ය. එය නඩත්තු කිරීම වෙනුවෙන් ජනතාව උසුලා සිටින අධික ණය හා බදු බර යම් දුරකට හෝ සාධාරණීකරණය කිරීමට රජයේ සේවකයන් උත්සාහ කළ යුතු ය.

රාජපක්ෂ පවුලේ සිට විමල් වීරවංශලා හරහා බැඳුම්කර සිද්ධිය දක්වා යුක්තිය පමා වීම රාජ්‍ය අංශයේ අකාර්යක්ෂමතාව කදිමට නිරූපණය කරයි.

විමල් වීරවංශට ඇප ඉල්ලා සිටිමින් අධිකරණයට ඉදිරිපත් කරන ලද එක් හේතු කාරණාවක් වන්නේ විමල්ගේ දියනියගේ මානසික තත්වයයි. විමල් ජවිපෙ සමග සම්බන්ධ වන්නේ වර්තමානයේ ඔහුගේ දරුවන් බඳු ළමයකු ලෙසයි. ඒ වකවානුවේ විමල්ගේ පවුල වනාහි ඉතා දිළිඳු, කුල පීඩිත පවුලකි. විමල්ගේ දියනියට අද තිබෙන සැප සම්පත්වලින් අංශු මාත්‍රයක් විමල් කියන ළමයාට තිබුණේ නැත. එහෙත්, ඔහුට වඩා නිරවුල් මනසක් තිබිණි. ඔහුගේ දිළිඳු මව වරෙකත්, පියා වරෙකත් සොරකම් සම්බන්ධයෙන් සිරගත වන තත්වයකට ඔහු මුහුණ දුන්නේ නැත. 

විමල්ලා මේ රටේ අනාගතය විනාශ කරන්නේ තමන්ගේ දරුවන්ගේ ද මානසිකත්වය සමගයි. ධනය නො තිබුණත්, ඔහු ළඟ බොහෝ සුන්දර දේ තිබිණි. එක් විරු සමරුවකට ඔහු ඇතුළු පිරිස විසින් රහසේ නිර්මානය කර, ප්‍රදර්ශනය කරන ලද හැඟීම්බර සමරු නිර්මානයක් තවමත් මගේ සිතේ ඇඳී තිබේ. 

එදා සිටි අව්‍යාජ විමල් මෙවන් මහජන දේපල සොරකු වීම ගැන වගකිව යුත්තේ විමල් පමණක් නො වේ. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. //ඔහුගේ දිළිඳු මව වරෙකත්, පියා වරෙකත් සොරකම් සම්බන්ධයෙන් සිරගත වන තත්වයකට ඔහු මුහුණ දුන්නේ නැත//
    ++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. ලාංකික වාමාංශිකයන්ගෙ අවිඥානයේ වීරයා විමල් වීරවංශ‍ය (ලංකාවේ ලෙනින්).
      ලංකාවෙදි,දේපල රැස් කිරීම,රථ ගාය,සොරකම,වාචාල කම ,බඩු ගැසිම ,පවාදීම් හා නිලතල මගින් පීඩීත පංතියෙන් මේ ආත්මයෙදිම පැන ගැනීමට ඇති හැකියාව විප්ලවීයයී!
      සකල දේශවාසි වාමාංශිකයනි වහා නැඟටිවු, ඔබේ සිහිනකුමරා සති ‍දෙකකට F වාට්ටුවේ !


      ( විරවංශත් රෝයල් ගියා නම් තවම පරික්ෂන ඇරඹිලත් නැත.)

      Delete
    2. විමල්ගේ මව හෝ පියා යූ. එන්. පී. එකට අභියෝගයක් නොවූ නිසා කිසිදිනෙක අත්ඩංගුවට පත්වූයේ නැත. එහෙම නැත්නම් අපිට බලන්න තිබුනා හෙහ් හෙහ්

      Delete
    3. බොටත් අබියෝගෙ හැදිලද?

      Delete
  2. 88/89 කාලේ ජේ.වී.පී. වැඩ කරලත් අත් අඩංගුවට පත් නොවූ මේ කාලකණ්නියා දැන්වත් අත් අඩංගුවට පත් වුණු එක හොඳයි.

    ReplyDelete
  3. අර කෑගහන ගෑනි දගලන්නේ හරියට වීරසංගිලි පනික්කියට වෙනම නීතියක් තියෙන්නෙ ඔනෙ වගේ...

    ReplyDelete
    Replies
    1. මයුරපාදJanuary 11, 2017 at 2:24 PM

      මහා ලොකු ලිබරල් මතවාදය ප්‍රචලිත කරන පොරවල් කුල භේදය අවුස්සමින් බමුණු වෙස් ගන්නේ ඇයි

      Delete
    2. කුලභේදය කියලා එකක් තියෙනවා කිව්වාම බමුණු වෙස් ගැනෙනවා නම් ජාතිභේදය කියලා එකක් තියෙනවා කිව්වාමත් එහෙම වෙන්න ඕනැ.

      Delete
    3. කුලභේදය ගොඩක්ම තියෙන්නේ දෙමල ජනතාව අතර. ජාතිභේදය ගැනත් කියන්න තියෙන්නේ එච්චර තමයි. පොඩ්ඩක් ඒ පැතිවල ගිහින් බලන්න.

      Delete
    4. Seems they( wimal's extended family) still enjoying the power!!

      Delete
  4. Replies
    1. මහ බැංකු කොල්ලය ගැන කටක් හොල්ලපු නැති එකා මෙතනදි කුලප්පු වෙලා

      Delete
    2. Yes, show only. Misuse of govt property is not criminal, remember what MS said when AHM Fawzie was arrested for misuse of vehicle. Different law for Fawzie and Vimal, these are new trends (things to come)in future for all defeated politicians unless of course MS take them into the unity govt. Jayawewa!!! (Keerthy Wijebahu DJV)

      Delete
    3. කවුද විමලසිරි ගේ නෑනා ද, නෑනා ගේ දුව ද?

      Delete
  5. සමාජවාදීයෙකුගේ විපරිත ගමන් මග !

    ගිය ජනාධිපතිවරණයේ පිළියන්දල පැවති සන්ධානයේ අන්තිම රැස්වීමේදී "සිරිසේන,සිරිසේන කෝ මේ සිරිසේන" කියමින් කෑමොර දුන් විප්ලවවාදියා රිමාන්ඩ් වෙන කොට ඒ විප්ලවවාදියාගේන් ජිවත් වෙච්චි පරපෝෂිතයෝ කලබල වෙලා වියරුවෙන් කෑගහන හැටි.දැන් ඉතින් තියෙන්නේ "පංචායුධයක්"ජාතියේ බෙල්ලේ ගැට ගහන්න කලින් විමල්ගේ ඉණ වටේ ගැටගහන්නයි.

    ReplyDelete
  6. මචන් පැරා. උඹ සිරාම විප්ලවාදියනෙ. උඹ ඒ කාලේ අත් අඩන්ගුවට පත්වෙලා නැද්ද?

    ReplyDelete
    Replies
    1. http://transyl2014.blogspot.ca/2016/12/blog-post_31.html

      meka kiyawapan

      Delete
    2. කියෙව්වා. පැරා නියමෙට සමාජගත වෙලා තියෙනවා ජේ.වී.පී. එකෙන් යූ.එන්.පී. එකට. ඒ විතරක් නෙමෙයි අන්තිමට රනිල්ගේ ටොයිලට් පේපර් එකක් බවට පත්වෙනකම්. විමල් රනිල්ට චෝදනා කරන්කොට පැරාගේ හිත රිදිච්ච එක සාධාරණය.

      Delete
    3. මම යූඑන්පී ම ය කියමුකෝ. මං අහන්නෙ අනෙක් ඒවායි ඒකයි අතර තියෙන වෙනස මොකක් ද?

      Delete
    4. පැරා, ස්පොට් ඔන් ආන්ස්වර්. මුන්ට තියෙන්නේ යූඑන්පී එකෙන් දෙයක් කරනකොට බලන් ඉන්න බැරි කැසිල්ල

      Delete
    5. ඔක්කොම පක්ෂ එකයි නම් ඇයි යූ. එන්. පී. එකට කඩේ යන්නේ. උඹට නිර්පාක්ෂිකව ඉන්න පුළුවන්න. ඇයි ආණ්ඩු මාරු කරන්නේ. නිකන් තමුන්ගේ වැඩක් බලාගෙන් ඉන්න පුළුවන්නේ

      Delete
    6. නිර්පාක්ෂිකව ඉන්නවයි කියන එකයි, පක්ෂයක ඉන්නවයි කියන දෙකේ වෙනස මොකක් ද?

      ඔයා කියන දේ අහලා මං එහෙනම් මේ ආණ්ඩුව මාරු නො කර ඉන්නං.

      Delete
  7. //එක් විරු සමරුවකට ඔහු ඇතුළු පිරිස විසින් රහසේ නිර්මානය කර, ප්‍රදර්ශනය කරන ලද හැඟීම්බර සමරු නිර්මානයක් තවමත් මගේ සිතේ ඇඳී තිබේ.//
    ඒ සමරු නිර්මාණයේ මොනවද තිබුනේ?

    ReplyDelete
    Replies
    1. ඒක නිකං දන්නැද්ද ඔය සදා සමරමු සොහොයුරෝ වගේ මෙලෝ හැබෑ අරුතක් නැති පාඨ එක්ක ඔය එරබදු මල්, කටුකම්බි අරවා මේවා දාලා නිර්මානය කරන ප්‍රචාරකවාදී නිර්මානයක් තමයි. ඒ වුණාට ඉතින් ලස්සනයි. ඒ හැඟීම්වල ඉන්නකො‍ෙ හැඟීම්බරයි.

      Delete
    2. සදා සමරමු සොහොයුරෝ යන පාඨය ව්‍යාකරණව සදොස් ය.

      Delete
  8. "පක්ෂයේ වැඩ කිරීම සඳහා බයිසිකල් හොරකම් කරන්නට සිදු වූ හා ඒ නිසා දණ්ඩනයට ලක් වූ මිතුරන් ඇසුරු කළ අතීතයක් විමල්ට තිබිණි. "

    සොරකමේ බීජ පැලවී ඇත්තේ ඒ කාලයේදීමයි ඒ කියන්නේ. දැන් නම් ඒවා රූස්ස ගස් වීලා නේද ?
    මේ හැසිරීම් වලින් මට සිතුනේ ඔවුන්ට බලය තිබිණි නම් කොතරම් දරුණු වනවා ඇත්ද යන්නයි.

    ReplyDelete
  9. හේව මාමාගේ මාමාද හේනයෙකි.... පසු කලෙක ඔහු රටට හෙණයක් වූ අතර පසුව ඔහුගේ බෑණා ජ්‍යාත්‍යන්තර මට්ටමේ හෙණයක් වූයේ මාමාගෙන් බාගෙට උගත් මැරෙන දිනය තැන් තැන් වල ඇද බාන්නට ගත් කල්හී ය....

    හේව බෑනාට හූනන් ගෙන් හුණුසහල් ලැබී හූනාගල සිට හුලන්දාවට සුදු හුරෙක් එක්ක හුරුවම් බලන්න යන්න ලැබේවායි පතමි...

    ReplyDelete
  10. දන්නෙ නැති හින්දයි අහන්නෙ?

    ඔය කාලේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති වෙලා හිටිය එක් පුද්ගලයකු වන්නේ වත්මන් එජාප ජාතික ලයිස්තු මන්ත්‍රී මහාචාර්ය ආශුබෝධ මාරසිංහය කියන කතාව සහ සභාපති වෙලා හිටිය අනෙක් පුද්ගලයා දැනටත් රාජ්‍ය ආයතනයක සභාපති කියන කතාව ඇත්තද?

    රාජ්‍ය සංස්ථාවක, මණ්ඩලයක සහ අධිකාරියක ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා සභාපති නේද? අමාත්‍යංශයක නම් ලේකම්.

    එතකොට විශේෂයෙන්ම ඔය සභාපතිවරු මේ චෝදනාවෙන් ගැලවෙන්නෙ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. ආශු මාරසිංහත් දැන් ඔය උපන් දා ඉඳන් යූඇන්පී වගේ කතා කළාට කාලයක් විමල්ගේ පක්ෂෙන් ඇවිත් ඉංජිනේරු සංස්ථාවේ සභාපති වෙලා හිටියා. මේ වාහන හුටපට වුණේ ඒ කාලෙ නම් එයාත් අනිවාර්යයෙන් ම මේවායේ කොණක ඉන්නවා.

      Delete
  11. ඇත්තටම මට දුක හිතුනා... මූ හොඳ එකෙක්.. සමහර උන් ඔය තත්වෙට ආවම තනියෙන් කන්නේ... මූ හත්මුතු පරම්පරාවටම සලකලා.. ඒ පිනෙන් අර පවු මැකෙයි.. මොකෝ එළෝ මෙළෝ නැතිව ගහන රටක මෝය කටින් පොල්ලෙල්ලක් ගියාට අවුලක් නෑ නේ අප්පා...

    ReplyDelete
    Replies
    1. Like lokka family ruined lokka, in a way Weearawanse family ruined Weearawanse. He gave luxury houses to his family at low cost. He escaped from it by returing all the houses later after loosing elections. Now these vehicles were given to all his family members and cronies. Seriously these people must have thought they will rule forever and these obvious day light robberies would never get revealed.

      Delete
  12. විමල් වීරවංශ ජනතා විමුක්ති පෙරමුනේ හිටියනම්,
    පක්ෂෙත් ගොඩ, විමලුත් ගොඩ, සිංහල ජාතියත් ගොඩ, රටත් ගොඩ.

    කොහොම වුනත් මෙතුමා ලක්ෂ 3.5ක ජනතා නියෝජිතයෙක් බව මතක තබාගත යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඈ ගොනෝ, ලක්ෂ 40ක් චන්දෙ දුන්නු ෆොන්සේකව චෝදනාත් නැතිව බිම ඇදගෙන ගිහින් හිරේ දානකොට තොට නින්ද ගිහිල්ලද හිටියේ?

      Delete
    2. එතකොට ෆොන්සේකා පහුගිය මහා මැතිවරනේදී රටෙන්ම චන්ද කීයක් විතර ගත්තද ?

      Delete
    3. එහෙනම් අවුලක් නැහැනේ. ඊළඟ චන්දෙන් ගන්න චන්ද ගාන අනුවලු හිරේ යවන්නේ. විමල්ට හිරෙන් එලියට ආවට පස්සේ ඊළඟ චන්දෙ උගේ පාන්කඩ පක්ෂෙන් ඉල්ලලා බලන්න කියපන්.

      Delete
    4. ෆොන්සේකාට දඬුවම් කළේ යුධාධිකරණකින් සහ මහාධිකරණයෙන්. යුධාධිකරණ කියන්නෙත් නිසි බලය සහිත අධිකරණයක් කියල තීන්දු කලේ ශිරාණි බණ්ඩාරනායක. ෆොන්සේකා ජනාධිපති සමාව ලබාගන්නකොට එයා එයාව වරදකරු කරපු තීන්දු වලට විරුද්ධව අභියාචනා කරලා තිබුනේ. ඒවා සාර්ථක වෙයි කියන විශ්වාසය තිබුනානම් මොකටද ජනාධිපති සමාව ලබාගන්නෙ. ඒවා සාර්ථක වුනානම් මහින්ද කිච වෙනවනේ.

      දැන් කියන්න එපා උපරිමාධිකරණය මහින්දට අවශ්‍ය විදියට තීන්දු දෙයි කියල බයට එහෙම කළා කියල. එහෙම කරල තියනවනම් ඒ විනිසුරුවරුන්ට විරුද්ධව පරීක්ෂණ කරලා පාර්ලිමේන්තු යෝජනා සම්මතයකින් අයින් කරන්න මේ අවුරුදු දෙක ඇතිනෙ.

      මහින්දට අවශ්‍ය විදියට තීන්දු දුන්න කියල පරීක්ෂණයක් අඩුගානේ කම්කරු විනිශ්චය සභා සභාපති කෙනෙක්ටවත් විරුද්ධව පැවත්වුනාද?

      Delete
    5. මහින්දගේ යුදධිකරණේ තමයි පහුගිය චන්දෙ ජනතා අධිකරනෙන් පරාද කලේ. ඊට වඩා ලොකු අධිකරණයක් නැහැ.
      ඔය තර්ක ඔය විදියටම අපිටත් කියන්න පුළුවන්. විමල්ට දඬුවම් දෙන්නෙත් අධිකරණයෙන් තමයි. නඩු අහන්නනේ අත්අඩංගුවට ගත්තේ. තෝ හිතුවේ වැරදිකාරයා කරලා තීන්දු කරලත් ඉවරයි කියලද? දැන් විමලේට පුළුවන් ඕනනම් මේ අධිකරණෙ පිළිගන්නේ නැහැයි කියල විලාප තියන්න. මෝඩ ජෝක්ස් නොදා හිටු. මෙතන නහයෙන් අඬන්න පටන් ගත්තා ආපහු පරණ ටේප් එක දාගෙන.

      Delete
    6. ජගත් මෙතන කොටන හුගාක් උන්ට තියෙන්නේ විමල් එක්ක වයිරයක්. මොකද උන් එකෙක්ටවත් විමල්ගේ දක්ෂ කම් වලට කිට්ටු කරන්නත් බැහැ. පැරා මාතර ජේ. වී. පී. ප්‍රචාරක ලේකම්. ඒත් විමල් රටේම ජේ. වී. පී. ප්‍රචාරක ලේකම්. එහෙම බලන කොට මෙතන පැරාගේ *ක කහන් උන්ගේ තරම හිතා ගනිල්ලකෝ

      Delete
    7. ////මොකද උන් එකෙක්ටවත් විමල්ගේ දක්ෂ කම් වලට කිට්ටු කරන්නත් බැහැ.////

      සම්පූර්ණ ඇත්ත. අපි එක්කෙනෙක්වත් විමල් තරම් මහජන දේපළ හොරකමට දක්ෂ නැහැ.

      Delete
    8. බයියන්ගේ තර්ක තමයි තර්ක.

      Delete
  13. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  14. ඇත්තයි බෙහෙතුයි දෙක ම තිත්තයි මිස්ටර් වීරවංශ. ජාතීවාදී උන්මත්තකයා.

    පැරා මේ වීඩියෝ එක බලන්න බැරි ඇයි...

    ReplyDelete
  15. HQ-4974 Kiyanna tractor trailer ekak

    ReplyDelete
  16. ජරාජීරණ වෙච්ච දේශපාලන තත්වයක් ඇතුලේ විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීම ගැන උදම් ඇනීමවත් ශෝකවීමවත් තේරුමක් නැති වැඩක්. ලාංකීය දේශපාලනය ඇතුලේ සිද්දවෙනවා කියන ඩීල් සම්ප්‍රදාය අනුව විමල් ටික දිනකට ඇතුලට ගියේ කුමනහෝ ඩීල් එකකට සාමුහිකව හෝ තනිව එකඟත්වයට පැමිණීමෙන් අනතුරුව කියලයි මගේ පුද්ගලික විශ්වාසය.

    වංචාව දූෂණය මහරජතුමා කලත් එයට දඬුවම් හිමිවිය යුතුයි... ඒ වගේම යමක් වෙනුවෙන් තමුන්ගේ ස්වාදීන මතය ප්‍රකාශ කරන්න කොන්ද සවිමත් වියයුතුයි... කමෙන්ට් එකක් දාද්දිවත් තමුන්ගේ අනයතාව්‍ය හංගගෙන එන්න තරම් කශේරුකාව සවිමත් නැති පුද්ගලයින් ඉන්න රටක දේසපාලුවෝ හෝල් සේල් හොරකම් කිරීම අරුමයක්ද?

    ReplyDelete
  17. මෙන්න බලන්න ඇත්ත -----

    විමල්ගේ හොරකමට කඩේ යන වහල්ලු !!

    https://www.youtube.com/watch?v=8v3Q9Rjek_E

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා