තිහේ ලොතරැයිය ඇදෙයි ද?

ජනවාරි 1 සිට ලොතරැයි මිළ රු. 30 වන බව කියනු ලැබේ.

ලොතරැයි මිළ වැඩි නම් ඒවා මිළ දී නො ගෙන සිටිය හැකි ය. එහෙත් ප්‍රශ්නයක් තිබේ. ඒ ලොතරැයි විකිණීමෙන් ජීවත් වන 250,000ක් පමණ වන බව කියන පිරිසගේ ජීවනෝපාය අහිමි වනු ඇති බවට නැගෙන තර්කයයි.

ලොතරැයි අලෙවිය තරමක් අඩු වී නැවත ස්ථායී වනු ඇත. ලොතරැයි වෙළෙන්දන්ට සාධාරණ කොමිස් මුදලක් ගෙවිය යුතු ය. එහෙත්, මිළ වැඩි කිරීමත් සමග ම කොමිස් ප්‍රතිශතය අවම කර ඇති බවක් කියැවේ.

ලොතරැයි වෙළඳුන් අතර සැලකිය යුතු ප්‍රමාණයක් ආබාධිතයෝ සිටිති. මෙතැනින් පිවිස ආබාධිත ලොතරැයි වෙළෙන්දකු සමග මා කළ කතා බහක් කියැවිය හැකි ය.

කෙසේ වෙතත්, ලොතරැයි යනු ඇත්තෙන් ම අධෛර්යය කළ යුතු දෙයකි. රජය ලොතරැයි පටන් ගත්තේ ආදායම් උපදවා ගැනීමේ මාර්ගයක් ලෙසයි. රජය ඉලක්ක කළ යුත්තේ කෙළින් ම ආදායම් බදු අය කර ගැනීම මිස මෙවැනි මහජනයා රවටන ජිමික් නො වේ. 

අනෙක් පැත්තෙන් රජය ලොතරැයි මගින් කරන්නට උත්සාහ කරන්නේ පහළ පන්තික ජනතාව තුළ වාසනාව පිළිබඳ මිථ්‍යාවක් නිර්මානය කිරීමයි. දිනෙක ජය නියත යන යෙදුම කාලකන්නිකම මැද ආර්ථික සමෘද්ධියේ ජීවන බලාපොරොත්තුවක් පිළිබඳ මිථ්‍යාව අලෙවි කරන කදිම වචන කට්ටලයකි. 

ලොතරැයි මිළ දී ගන්නන් වැඩි දෙනෙක් දිළිඳු ජනතාව හා පහළ මධ්‍යම පංතිකයන් බව නිරීක්ෂණය කළ හැකි ය. 

ලොතරැයි විකුණන සාමාන්‍ය වෙළඳුන්ට ඔවුන් දරන වෙහෙසට සරිලන ආදායමක් ලැබෙන්නේ නැත. උදේ සිට රෑ වන තෙක් උගුර ලේ රස වන තුරු කෑ ගසමින්, ගිනි අව්වේ වේලෙමින් කරන නිරර්ථක රැකියාව ඔවුන් ද තමන්ට යුක්තියුක්ත කර ගන්නේ තමන්ටත් ඉතිරි වූ ටිකට් පතකට යම් දිනෙක දිනුමක් ඇදෙනු ඇතැයි සිතාගෙන ය. 

ලොතරැයි විකිණීම ආබාධිත ජනයා වැනි සීමිත පිරිසකට සීමා විය යුතු අතර හැකි හැම කෙනෙකු ම එයින් ඉවත් කර ඵලදායී ශ්‍රම කාර්යයකට යොදවන්නට රජය වග බලා ගත යුතු ය. 

මහජනයාගේ පැත්තෙන් ද මෙවැනි නිරර්ථක කාර්යයන්ගෙන් ඉවත් වීම සමාජ වගකීමක් ය යන හැඟීම ඇති කර ගත යුතු ය.  

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. “ලොතරැයි වෙළෙන්දන්ට සාධාරණ කොමිස් මුදලක් ගෙවිය යුතුය.”

    කුලියට ලියන පෙන්ෂන්කාර උපගුරෙක් 2016-12-31 දින ලියා ඇත.

    “මධ්‍යම පංතියට කුඩු වෙන්නට ගහන එක තමයි මේ වෙලාවේ දේශපාලනය.”

    උන්නැහම පැය ගණනකට පෙර දෙසැම්බර් 31උදේ 6. 43 ට එසේ ලියා ඇත.

    එතකොට ලොතරැයි වෙළෙන්දන් මධ්‍යම පංතියට අයිති නැද්ද?

    වෝකර් සමාගම වෙතින් ඇණ මුරිච්චි තද කිරීමවත් හරියට නූගත් මේ ප්‍රා(අ)ඥයා මේවා කියන්නේ සහ “මධ්‍යම පංතියට කුඩු වෙන්නට ගහන දේශපාලනය”කරන්නේ විශ්‍රාම වැටුප ලැබීමට සුදුසුකම් ලබන කාලසීමාව තෙක් සේවය කර ඉල්ලා අස්වී විශ්‍රාම වැටුප් ලබමින් කුලියට ලියන අතර සහ බිරිඳ විශ්‍රාම වැටුප් හිමි හෙදි සේවයේ නියුතුව රජයෙන් සියලු දීමනා සහිතව වැටුප් ලබාගන්නා අතරය. ඒ රැකියා මේ ප්‍රා(අ)ඥයාට අනුව කම්කරු රැකියාය.

    සිරිසේන මහත්තයෝ තව මඩු වලිග එහෙම නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඔබට ඔබගේ අදහස් ලියා තැබූ තැන්වල පිළිතුරු දී ඇත.

      ප්‍රති තර්ක මතු කිරීමට වෙලාවක් නැතැයි කයිවාරු ගසන ඔබ මෙම බ්ලොගය වටා කැරකෙමින්, කාටත් අමතක අතීත ලිපි පවා කියවමින් (ඇණ මුරිච්චි කතාව) මෙහි කමෙන්ට් දමමින් කාලය කා දමන්නේ ඇයි?

      පිළිතුර සරළ ය. ඔබගේ ආශාවේ වස්තුවෙන් මා ලබන ප්‍රමෝදය කෙරහි ඇති පසමිතුරුකම ය.

      අහෝ දුකකි!

      Delete
    2. උඹ පව් සාරස! මේක නැතුව උඹට හුස්ම වැටෙන්නෙත් නැද්ද බං? මං නම් උඹ කවුරුද කියල දන්නෙත් මේ ළඟදියි. මට උඹේ කිසිම වැදගත්කමක් නැහැ.

      කාලයක් තිස්සේ සාරස නමිනුයි, තව එක එක විධියට නිර්නාමිකවයි මෙතන කමෙන්ට් කර කර, තමන්ට ම තුමා කියා කියා ගනිමින් ඔය නටන නාඩගම තේරුම් ගන්නට නම් තමන්ගේ මොළය පරීක්ෂා කර ගන්නට වෙනවා.

      උඹට තිබෙන්නේ නාසිසිස්ම් කියන තත්වය. ඒ එක්කම උඹට අර මං කලින් කිව්ව ප්‍රශ්නයත් තියෙනවා.

      උඹ ඇත්තට ම පව් බං. ඕනැ එකක් ලියලා උඹේ මානසික අසහනය මෝචනය කර ගනින්. මං මොකුත් කියන්නෙ නැහැ. උඹට 2017දීවත් සහනය ලැබේවා!

      Delete
    3. හහා.. ගූරසයා අතේ මාට්ටුද? අහෝ බේදයකි

      Delete
    4. අහක ඉන්න සාරස අල්ලගන්න එපා. මම අහල තියන ප්‍රශ්ණවලට උත්තර දෙන්න. ඔබ මනෝ විශ්ලේෂණය ඉගෙනගත්තේ වෝකර්ස් ගරාජයෙන්ද?

      Delete
  2. /////ලොතරැයි මිළ දී ගන්නන් වැඩි දෙනෙක් දිළිඳු ජනතාව හා පහළ මධ්‍යම පංතිකයන් බව නිරීක්ෂණය කළ හැකි ය. /////////

    පැරා.......මම දැනට ජීවත්වෙන රටේත් තත්වය මේකම තමයි. හූරන ලොතරැයියේ සිට නොයෙකුත් මාදිලියේ බඩු ඇත. මේ මිලදීගන්නා බොහෝ අය ඔය සමාජ තලයේ උදවියය. දත්ත සැපයීමට නොහැකිවුවත්, මම මේ ලොතරැයි පිලිබඳ හොඳින් දන්නේ කාලයක් මම ට්‍රේඩ් එකේ සිටි නිසාය. ලොතරැයි දිනුම් අදින දවසට තොරතෝන්චියක් නැතුව වැඩය. ලොතරැයි මිලද කාලෙන් කාලෙට වැඩිවේ. වෙලඳාමේ ඉතා සුලු අඩුවක් සිදුවුනත්, එය සැලකිය යුතු ප්‍රමානයක් නොවේ. ලොතරැයි මිලදී ගත හැක්කේ අවසරලත් සිල්ලර කඩ සහ අවසරලත් සුපර්මාකට් තැන්වලින් පමනක් නිසා, ලොතරැයි නිසාම ජනිතවූ රැකියා හෝ එයින් යැපෙනා පවුල් නැතිවම ඇති යයි සිතමි. ලොටරි රෙප්ස්ලා සහ කාර්යාල සේවකයින් එතරම් නොවේ.

    ReplyDelete
  3. උඩ චිත්‍රය පැරාගේද..

    ReplyDelete
    Replies
    1. ඔව්. රෑ මෝටර් සයිකලේ දාගෙන ගිය තරුණයා.

      Delete
  4. ලොතරැයිය යනු සම්භාවිතාවය නොතේරෙන ජනතාව මත ඇති බද්දයි.

    ReplyDelete
  5. ලොතරැයි එජන්ට්කමත් බාර් ලයිසන් එක වගේ එකක් නේද?

    ReplyDelete
  6. උදා වූ නව වසරේ දී පැරාට රුපියල් කෝටි සීයක විතර ජැක්පොට්(*) එකක් හිට් වේවා යැයි ඉත සිතින් පතමි.

    (*) නිවැරදි උච්චාරණය ශැක්පොට් බව ස්ලෝවේනියානු මිතුරෙකු පැවසී ය.

    ReplyDelete
  7. ආබාධිතයෙක් ගෙන් ලොතරැයියක් ගන්න මනුස්සයෙක් එකවර පැතුම් දෙකක් පතනවා.එකක් තමා ආබාධිතයාට පිහිටවුනා කියන හැඟීම අනික තමා ලොතරැයිය දිනුම.ආබාධිතයින් යොදවා ගැනීමේ හේතුවත් වැඩිපුර ලොතරැයි අලවිය වෙන්න පුලුවන්... කවදහරි මටත් ලොතරැයියක් ඇදෙයි කියලා කේන්දරෙත් තියන නිසා මාත් ඉදල හිටල ලොතරැයි ගන්නවා... :D

    අනිත් කාරණාව තමා “නීරෝගා “ වගේ ලොතරැයි මිල දී ගත්තම ලංකාවේ සෞඛ්‍යට එයින් දායකත්වයක් ලබා දෙනවා කියලා කියනව දැන්වීම් වල දැකල තියෙනවා (උදාහරණයකට)

    කොහොම වුනත් කොහොමෙයි ඇදුනොත් ...........එපා කියන්නෙ නෑනේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා