ජිජැක් ද? ශීශෙක් ද? සිසැක් ද?

මුලින් ම කියන්න ඕනැ මා කිසිම දාර්ශනිකයකු සම්බන්ධයෙන් දේශීය නියෝජිතයකු නො වන බව. මේක ලියන්නේ අන්තර්ජාලය හරහා ඉගෙන ගන්න අය එක්ක අත්දැකීමක් බෙදා ගන්නටයි. එහෙම නැතිව කිසිම දාර්ශනිකයකු හෝ ශාස්තෘවරයකු ගැන විස්තරයක් මෙහි නැත.

ලෝකෙ තියෙන ශබ්ද ඔක්කොම සිංහල භාෂාවෙ නැහැ. සරළව ම කිව්වොත් ඉංග්‍රීසි o, t, v, w, z වැනි ශබ්ද සිංහලේ නැහැ.

ඒ වගේ ම තමයි දෙමළ භාෂාවෙ තිබෙන ලයනු රයනු වැනි සමහර ශබ්දත් සිංහලේ නැහැ.

සිංහල භාෂාවෙ තියෙන ශබ්ද ඔක්කොටමවත් වර්ණ හෙවත් අකුරු නැහැ. උදාහරණයක් ලෙස ගස කියන වචනෙ ගන්න.

ග්+අ+ස්+අ

ඔය අයනු දෙකෙන්ම උච්චාරණය කරන්නේ එක ම ශබ්දයක් නෙමෙයි. අපි සාමාන්‍යයෙන් අයන්න කියන්නේ ඔය මුල් අයන්නේ ශබ්දයටයි. දෙවෙනි අයන්නෙන් එන ශබ්දයට අකුරක් නැහැ.

එහෙව් එකේ, අපි නො දන්න භාෂාවල වචන ශබ්ද කරන හැටි අපි කොහොමද දන්නෙ?

අද කාලෙ ඒ දේ එතරම් ම අමාරු නැහැ.

දැන් මේ මතභේදයට තුඩු දීලා තියෙන වචනය ගන්නකෝ. Slavoj Žižek

අපි කොහොමද මේ වචනය උච්චාරණය කරන හැටි හොයා ගන්නෙ?

මේකට මුලින් ම මේ වචනය අයත් වෙන භාෂාව සොයා ගන්න ඕනැ. ඒක ටිකක් මොළේ පාවිච්චි කරලා කරන්න ඕනැ වැඩක්.

මේ Slavoj Žižek ස්ලෝවීනියානුවකු බව අන්තර්ජාලයෙන් සොයා ගන්නට පුළුවන්.

දැන් මේ වැඩේට ක්‍ර‍ම ගණනාවක් තිබෙනවා.

මේ වගේ විවිධ භාෂාවල වචන උච්චාරණය කරන්නට උදව් කරන වෙබ් අඩවි තිබෙනවා.

http://www.pronouncekiwi.com/Slavoj%20Zizek

https://www.howtopronounce.com/search/Slavoj%20%C5%BDi%C5%BEek/?h

නැතිනම් ගූගල් ගිහින් how to pronounce Slavoj Žižek ලෙස සෙවුමක් කරලා බලන්නට පුළුවන්.

විවිධ උච්චාරණ ලැබෙනවා. ඒත්, ඒවා හරි ද? Slavoj Žižek ස්ලෝවීනියානුවකු බවඅපි දන්නවා. ඒ නිසා ඔහුගේ නමේ සම්භවය බොහෝ දුරට ස්ලෝවීනියානු විය හැකියි. ඒ නිසා අපි සොයන්න ඕනැ ඒ භාෂාවේ උච්චාරණයයි. 

ගූගල් ට්‍රාන්ස්ලේට් ගිහින් එතන ශබ්ද වෙන හැටි බලන එක වඩා විශ්වාසනීය වන්නේ එතැනදීයි. එහි ස්ලෝවීනියානු භාෂාව තිබෙනවා. හැබැයි ස්ලෝවැක් භාෂාව එක්ක පටලවා ගන්නට එපා. ස්ලෝවීනියානු භාෂාව ස්ලෝවැක් භාෂාවට වඩා සමීප වන්නේ ක්‍රොඒෂියානු භාෂාවටයි.

මේ ගැන  තවත් ටිකක් සොයන්නට අපි මෙහෙමත් ගූගල් සෙවුමක් කරලා බැලුවා. how Slovenian language pronounces Slavoj Žižek

එතැනින් තමයි මෙන්න මේ තොරතුර ලැබුණේ. ඒත් ඉතින් මේක හරියට ම හරි ද කියලා අහන්නට වෙන්නේ ස්ලෝවීනියානු භාෂා විශාරදයෙකුගෙන් තමයි.

මේ ශබ්ද කිරීම ශිශෙක් කියන ශබ්දයට ටිකක් සමීපයි. හැබැයි සර්වසම නැහැ.ලෝකෙ තිබෙන සෑම ශාබ්දික විවිධත්වයක් ම ලියා දක්වන්නට වර්ණ අපට නැහැ. කිසිම භාෂාවකට නැහැ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. වමෙන් පදවන සුඛෝපභෝගී කාර් ගෙන්වන්නෝ සහ බෙදාහරින්නෝ,
    Slavoj Žižek (Lanka)Pvt Ltd.

    ReplyDelete
    Replies
    1. කොන්ඩඤ්ඤDecember 29, 2016 at 10:33 AM

      (1)
      වී.හැරිසන් නිසා හාල් ගනන් ?
      රවි නිසා $ ගනන් ?
      මෛත්‍රි නිසා අරක්කු සිගරට් ගනන් ?
      රනිල් හොරු සමග හෙලුවෙන් ?
      මේ සියල්ල අස්සේ
      යහපාලනකාමී පැරා තම පාඨකයන්ට භාෂාවල වචන උච්චාරණය කරන්න උදව්දීම යුගයේ ප්‍ර‍මුඛ කාර්යය කොට සැලකීම අද්විතීයයි!
      (2)
      ජිජැක් Pop Leftist Fashion Icon එකක් පමනී.
      සිංහලෙන් කිවුවොත් චුයින්ගම් එකක්.ඉරිඟු ඇටයක් නොවේ.

      Delete
    2. //යහපාලනකාමී පැරා තම පාඨකයන්ට භාෂාවල වචන උච්චාරණය කරන්න උදව්දීම යුගයේ ප්‍ර‍මුඛ කාර්යය කොට සැලකීම //

      අපි ඉතින් බොලා ආණ්ඩුව පෙරළනකල් බලන් ඉන්නවා හිටං. අපට හදිස්සියක් නැහැ.

      Delete
    3. දාර්ශනිකයන් තම රටට හදුන්වාදීමේ තරඟ ,
      දාර්ශනිකයන්ගේ නම් උච්චාරණය කරවන එලකියුෂන් ,
      දාර්ශනිකයන් කන බොන රෙන හැටි අනුකරනය කිරීම්,
      දාර්ශනික තොරන් පෙන්වා බඩුගැසීම්,
      ආදී කී නොකී කාරනා සලකා බැලූ විට ලාංකිකයන්ගෙ දර්ශන(දේශපාලන) ක්ෂේත්‍රයේ දර්ශනය හැර අන්සියල්ල ඇත.
      ඒවා, සංදර්ශන හෝ ප්‍ර‍දර්ශන හෝ විය හැක.

      ලංකාවට අබ සරණයී.

      Delete
  2. Replies
    1. තට්ට කන්නාඩි පොළඟා මේක ලිව්වනම් හෙන ප්‍රබුද්ධ අදහසක්. එහෙම නේද පොළගෝ

      Delete
  3. පැරා,

    ඔය ප්‍රශ්නය මේ වර්ෂයේ මුල් හරියේ පැන නැඟුණු වේලාවේ උඹගේ යාළු‍වකු වුණු බන්‍ධුල කුදලාගම ඔය ගැන පැහැදිලි කර තිබෙනවා සාක්ෂ්‍ය සහිත ව. එම ලිපියේ දී ඔහු පෙන්වා දෙනවා ඉංග්‍රීසි ශබ්ද (එක ම අකුරට විවිධ භාෂාවල විවිධ ශබ්ද තිබෙනවා) ‍උපයෝගී කර ස්ලාවෝයි ශිශෙක් යනුවෙන් පැවසුව ද නිවැරදි බව. එහෙත් ඔහු වැදගත් කරුණු ‍දක්වා තිබුණා Slavoj Zizek යන්න ජිජැක් ලෙස පැවසෙන බව. ඒ මෙහෙම යි,

    කාලයකට ඉස්සර ජිජැක් සහභාගි වුණ වැඩසටහනක දී ප්‍රශ්න විමසන්නා ජිජැක්ගෙන් අහනවා ඔබේ නම නිවැරදිව පවසන විදිය. එතකොට ජිජැක් ම පවසනවා "ස්ලාවොයි ජිජැක්" ලෙස බව. ඒක ඉතා පැහැදිලි වීඩියෝවක්. ඒක නොහේ හරි සේව් කරලා ඇති. හොයලා මෙතන පළ කරන්නම් පස්සේ. දැන් හෙව්වා හමු වුණේ නැහැ.

    මෙහෙමයි පැරා ශිශෙක් ද ජිජැක් ද වගෙ ගොන් ප්‍රශ්නවල එල්ලෙන එක විකාරයක්. මෙතනදි අප කතා කරන්න ඕන ජිජැක්ගේ අදහස්. දැන් ලංකාවේ ජිජැක්ගේ මහ එකා වෙන්න හදන කක්කුස්සි විශ්ලේෂකයෝ ජිජැක්ගේ නම ගැන ජිජැක්ට නැති රුදාවක් හදන්. ඇයි බං පැරා ඔය රසියන් ජර්මන් ෆ්‍රෙන්ච් නම් ලෝකේ පුරා උගත් විද්වත් මිනිස්සු කොච්චර වෙනස් විදියට උච්චාරණය කරනවාද?

    උඹ මේ ගැන කතා කරන්නේ දැනුම ගවේෂණය පිළිබඳ කතිකාවක් ලෙස බව පෙනෙනවා. ඒක හොඳයි. ඒත් උඹ වගේ පරිණත මිනිස්සුත් කක්කුස්සි විශ්ලේෂකයන්ව පුම්බන්න එපා. හොද දෙහි කට්ටක් අරන් අනපං බැලුම හිල්. වෙන්න!

    මේ ළඟදී මේදි හසන් ජිජැක් එක්කත් නෝම් චොම්ස්කි එක්කත් අල් ජසීරා එකේ සාකච්ඡා දෙකක් තිබ්බා. හසන් ඔක්ස්ෆර්ඩ් යුනියන් එක ඒකනින්නාද කළ ඔක්සෝනියන් කෙනෙක්. ඔහු ශබ්ද කරන්නෙත් ජිජැක් ලෙස. ඔතන Zi වල Ji ශබ්දයක් තියෙනවා.

    Medhi Hassan. උඹ ඒක හොයන් බලපං. ජිජැක් ජී නාගන්නවා හසන් එක්ක වාදෙට ගිහිං. ලැජ්ජයි බං. චොම්ස්කි කියනවා අද ට්‍රම්පිට හොඳයි කියන ජිජැක් වගේ අය තමයි එදා හිට්ලර්ටත් ආවැඩුවේ කියා!

    ඔතන තියෙන්නේ වෙන ප්‍රශ්නයක්. ජිජැක් ලංකාවේ ප්‍රචලිත කළේ දීප්ති. දීප්ති කිව්වේ ජිජැක්. කක්කුස්සි කාරයන්ට දැන් ඕන දීප්ති කිවිව එක වැරදියි කියන්න. පිස්සු බං. ඒ ගැන මර් කමෙන්ට් එකක් තිබ්බා කොහේ හරි.

    උඹ ඔව්වට පැටලෙන්න එපා. උඹ දන්නවා ඇතිනේ ජිජැක්ව ගෙනාවේ ලකී බව. ලකී කැලිෆෝර්නියා ගිහිං එද්දි ජිජැක්ගේ මුල්ම කාලේ පොතක් ගෙනාව. විභවියේ කතාවකුත් කළා.

    ReplyDelete
  4. පැරා,

    අර ආර්ටිකල් එක හමුවුණා. මචං අප ආර්ටිකල් එක මෙතන දාන්නේ නැතිව අදාළ ලින්ක් එක දාන්නම් (මොකද කුදලාගම දැන් ඔෆීශලි ලියන්නේ Dr. Sarasa ගේ බ්ලොග් එකට විතරයි කියලා ආරංචියි):

    https://youtu.be/KjEtmZZvGZA

    උඹේ දැනුමට පමණයි. කක්කුස්සි විවාරකයන්ගේ දැනුමට නොවේ.

    ReplyDelete
    Replies
    1. @ Ano December 29, 2016 at 1:53 AM

      What you say make sense.There are many words in other languages, which sound differently than they look. "hallelujah" and "San Jose" are just a few.

      eg:

      Delete
  5. අපේ නිවසේ කාලයක් දරුවන් බැලු ස්ලෝවේනියානු තරුණියක් සිටිය පෙත්රා කියල. එයා ඔය නම කිව්වේ dshijack ලෙස. ඒ නිසා ජිජැක් කියන එක වැරදි නැහැ කියල මටත් හිතෙන්නේ.
    ස්ලාව් භාෂාවේ ජ හෙවත් J අකුර ශබ්ද වෙන්නේ "යා" විධිහට . ජිජැක් වැරදි කියන අය jijack කියල ඉංග්‍රීසියට පෙරලනවා ඇති. නමුත් එංගලන්තේ ගොඩක් අය කියන්නේ ශිශෙක් කියල පැරා ලියල තියෙන විධිහට. මාස කිහිපයකට කලින් southbank centre එකේ ජිජැක් ගේ දේශනයකට ගිය වෙලේ නිවේදකයා කිව්වේ dhishek නැත්නං ධිෂෙක් කියල. ඉංග්‍රීසි ජාතිකයන් නම වරදවල කියනවනේ සාමාන්‍යයෙන්. කැන්ඩි කිව්වා වගේ.

    ReplyDelete
    Replies
    1. ඔයා කලිං ලියුවා නේද මේක ගැන?

      Delete
    2. නැඟෙනහිර ජර්මානුවන්ගේ කොමියුනිස්ට් ගඳ වහනය වෙනවා අද පැරාගේ බ්ලොග් එකෙන්....

      Delete
    3. අජිත්, හඳුන්කූරු එකක් නෙවෙයි, දාහක් පත්තු කළත් නැති වෙන ගඳක් නෙමෙයි ඔය කොමියුනිස්ට් ගඳ. ඔයා කමෙන්ට් දාන කොට ඒ ගඳ එන්නේ GDR (a.k.a. DDR) එකෙන්.

      Delete
    4. @ කල්‍යාණ මිත්‍ර. - මම ලිව්වා එකක් අවුරුදු දෙකකට විතර කලින්. හොයන්න ඕනේ.
      @අනෝ - ඔයා ඉතින් මා ගැන දන්නේ මොනවාද කියල තේරෙනවා. GDR කියන්නේ repressive රාජ්‍යයක් හැටියට තමයි මම හඳුන්වා දෙන්නේ ඕන කෙනෙකුට. බටහිර ජර්මනිය අසල තිබුණු නිසා සෝවියට් දේශයටත් වැඩිය නීති දරුණුවට තිබුන. සෝවියට් දේශයේ ඉන්න කාලේ මම කීප වරක්ම නැගෙනහිර ජර්මනිය හරහා ගිහිල්ල තිබෙනවා. ඒ රට ගැන හොඳ අදහසක් ස්ටාසිලන්ඩ් කියන පොතේ තියනවා අරගෙන කියවන්න.
      පැරණි සමාජවාදී ක්‍රම තිබූ යයි කියන රටවල් අතුරුන් ටිකක් කැමති එකකට තිබුනේ ජිජැක් උපන් ස්ලෝවේනියාව ඇතුලත්ව තිබු යුගෝස්ලාවියාව. ඒ ගැන ලියු ලිපියක් මෙතන තිබෙනවා.
      යුගොස්ලාවියාවට බැඳී පෙමට ඉකි බින්ද යුවතියන්

      Delete
    5. අජිත්, ඔයා කියන ඔය "ෂ්ටාසිලන්ට්" (ජර්මන් භාෂාවෙන් උච්ඡාරණය කරන්නේ එහෙමයි) කියන පොත ලියපු ඕස්ට්‍රේලියන් ගැහැනිය GDR එක ගැන මොනවා දන්නවාද?

      මම GDR එකේ 1972 සිට 1984 වෙන කම් ජීවත් වුණු කෙනෙක් හැටියට දන්නවා උන් සේරම කොමියුනිස්ට් ගඳයෝ කියලා, විශේෂයෙන් ම Cottbus පැත්තේ.

      Delete
    6. @ඇනෝ - මගේ බිරිඳගේ නෑදෑයන් හුඟක් ජිවත් වන්නේ නැගෙන හිර ජර්මනියේ තුරින්ගිය වල. භාගයක් බටහිර හා භාගයක් නැගෙනහිර. මේ දෙගොල්ල අතරේ වැඩි වෙනසක් මම දකින්නේ නැහැ. නමුත් බටහිර අය ටිකක් ආත්මාර්ථකාමී බව පේනවා. ඒ කියන්නේ ඒ ගොල්ලන්ගේ වියදම් වැඩි නිසා. නැත්ත තෑගී වුනත් අපි ගන්න ඕනේ වියදම් අධික ඒවා. සන්නාම නාම සහිත. නැගෙනහිර ය පොඩි දෙයකින් වුනත් සහිමට පත් වෙනවා. ඔබට මොකක් හරි දරුණු සිදුවීමක් වුනාද ගඳයෝ කියල පරිභව කරන්න? ඔබේ පිය කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙක්ද? ඔබ ඒ රටේ දේශපාලන ක්‍රමය හා මිනිසුන් දෙස බැලිය යුත්තේ මිට වැඩ objectively සහ compassion එකකින්. ම උගත් සෝවියට් දේශය හා ජනතාව දෙස මම බලන්නේ එහෙමයි.
      ස්ටාසිලන්ඩ් එකේ ලියන දේවල් බොරු නෙමේ කියල මම දනනවා. මට එහෙම දුක් විඳපු අය මුණ ගැහිලා තිබෙනවා. මගේ බිරිඳගේ සහෝදරිය බැන්දේ නැගෙන හිර ජර්මනියේ කෙනෙක්.
      මේ ඔවුන්ගේ ගම ගැන මම ලියපු එකක්.
      https://kolambagamaya.blogspot.co.uk/2014/04/5.html
      ඔවුන් ඉතා හොඳ racist නොවන මිනිස්සු. ඔබ කියන කොමියුනිස්ට් ගඳයෝ නෙමෙයි. නමුත් එක දෙයක් ඔවුන් තිර ලෙස කියනවා, නැවත නැගෙන හිර ජර්මන් දේශපාලන ක්‍රමයට යාමට ඔවුන්ට කිසිම අදහසක් නැහැ. මගේ වාමවාදී මිතුරන්ට මම මෙය නිතර කියන දෙයක්. මම ඔවුන්ට කියන්නේ ඒ ගැන විමර්ෂණය කරන්න කියලයි.
      අද පරණ නැගෙනහිර ජර්මනියේ ඩ්‍රෙස්ඩන්, ලිප්සිග් වැනි නගර වල හා තුරින්ගියා ප්‍රදේශයේ තත්වය බර්ලිනයට වඩා වෙනස්. බර්ලිනයේ මේ තාප්පය වැටීම සමරද්දී නැගෙනහිර කට්ටිය පරණ සමාජවාදී පක්ෂයට චන්දය දීල. ඔවුන්ට ඕනේ මුලින් තිබ්බ වගේ මාපියන් වැඩට යනවා නම් ළමයි බලන්න හදල තිබ්බ නිකේතන (මේවා අතිශයින් කාර්යක්ෂම හා හොඳ ඒවා. වැඩ කරන අයත් ළමයි ගැන, ළමා මනෝ විද්‍යාව ගැන උපාධි පවා අරගත් අය) නැවත ඇති කරන්න . සමහර ඒවා දැනටමත් තිබෙනවා. ඒවගේම මුලින් තිබ්බ ජිවිත කාලයටම බලපාන රැකියා, ආදියත් ඔවුන්ට ඕන වෙලා. නමුත් දේශපාලන ක්‍රමය නැතුව. ඒ නිසා එවැනි ළමා නිකේතන නැවත ඇති කරමින් තිබෙනව.

      Delete
  6. පැරාගෙ බ්ලොගට තිබූ කොමෙන්ටු වරුසාව සරසා විසින් ශීග්‍රයෙන් අවශෝෂනය කරමින් සිටින් බැව් පෙනේ.

    ReplyDelete
    Replies
    1. මේක තරගයක් නෙමෙයි. ඔහු ප්‍ර‍වර්ධනය කරන්නේ ඔහුගේ මතය. මා ප්‍ර‍වර්ධනය කරන්නේ මගේ මතය. මේක මත අතර සංවාදයක් විතරයි. තේරුමක් නැති අවලාද කමෙන්ට් සීයකට වඩා තේරුමක් ඇති ඉහළ තියෙන විධියේ කමෙන්ට් දහයක් වැටෙන එක හොඳයි.

      Delete
    2. සාරස ඉදල හිටල යහපත් දේ කරනවා, පහුගිය දවස් වල මේකේ මවුස් වීල් ගෙවෙන තරමේ කොමෙන්ට් දාපු අය එහේ ගිහිල්ලද?

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. //මේක තරගයක් නෙමෙයි.//

      ඔව්. උඹ වගේ හාල් මැස්සෙක් සරසා වගේ නිල් තල්මසකු එක්ක මොන තරඟ කිරිල්ලක් ද? සරසා කියන්නේ කිසියම් ගැටළුවක් ගැන විමසුමක් කරන්න පුළුවන් විද්වතෙක්. සරසාට ආචාර්ය උපාධියක් පිනට දීලා නැහැනේ. සරසා ඒක දිනා ගත්ත එකක් වැඩ පෙන්නලා. එහෙව් මනුස්සයෙක් එක්ක උඹ වගේ මරියසෙල් ගුණතිලකගේ කාර් එකේ ඇණ මුරිච්චි තද කර කර හිටපු එකෙක් මොන තරඟ කිරිල්ලක් ද බං? පුළුවන් දෙයක් කරගෙන හිටපං බං පව් නොදී.

      Delete
    5. හා! මං මේ උඹ වගේ ඇනොනිමස් බූරුවෙක් ඕක ඇවිල්ලා කියනකල් තමයි බලාගෙන හිටියෙ.

      Delete
    6. සරසතුමා තම ශතකය වාර්තා කරනවා මේ මොහොතේ. පාඨකාගාරය වෙතින් සරසතුමාට උණුසුම් සුබ පැතුම් එක්වෙනවා. සරමතුමා ද තම ආදරණීය පාඨකයන්ට ආචාර කරනවා.

      සරසාභිනන්දනය

      "ප‍ටු අදහස් නම් පවුරින් ලෝකය
      කැබැලි වලට නොබෙදී
      ඥානය නිවහල් වී
      බියෙන් තොරව හිස කෙලින් තබාගෙන
      සිටිනට හැකි කොහිදෝ
      ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
      මාගේ දේශය අවදි කරනු මැන සරසතුමෝ...

      සත්‍යය පතුලින් ගලනා පිරිසුදු වචන කොහිද ඇත්තේ
      ගතානුගතිකව පැවතෙන සිරිතේ මරු කතරට වැදිලා
      නිර්මල ජල ධාරාව තර්කයේ සිඳී ගිලී නොගියේ
      ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
      මාගේ දේශය අවදි කරනු මැන සරසතුමෝ......

      පසු නොබසින වීරිය පිරිපුන් බව දෙසට දෑත විදහා
      සදා දියුණු වන සිතිවිලි උදෙසා කම් කටයුතු උදෙසා
      ඉදිරිය වෙත ඔබ මා සිත යොමවා ඇත්තේ කොතැනකදෝ
      ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
      මාගේ දේශය අවදි කරනු මැන සරසතුමෝ..."

      Delete
    7. පැරා........මෙහෙම හොඳයි ලොක්කා. කමෙන්ට් ගොඩ ගහගෙන යනකොට වලට දාගෙන පස් වලින් වහගන්නැයි.

      මොනවා වුනත් පැරාගේ ධෛර්‍යය ශක්තිය අඬා වැටෙන බ්ලොග් ලියන්නන්ට මාර පාඩමක්.

      Delete
    8. ////උඹ වගේ මරියසෙල් ගුණතිලකගේ කාර් එකේ ඇණ මුරිච්චි තද කර කර හිටපු එකෙක්//:

      පැරා මොකක් ද බං මේ? මරියසෙල් කිව්වේ ගායිකාව නේ ද? යකෝ අපි නොදන්න දේවලුත් තියෙනවනේ උඹ ගැන!

      Delete
  7. උච්ඡාරණය ගැන සාකච්ඡාව අදාල නැති දෙයක් විදිහටයි මම හිතන්නෙ. නම උච්ඡාරණය කරන්නෙ කොහොමද කියන කාරණයට වඩා වැදගත් වෙන්නෙ අදාල පුද්ගලයා කරල කියල තියන්නෙ මොනවද යන්නයි. ඇන්ටන් චෙකොෆ්, පාවුලෝ කොයියෝ හැටියට අපි පාවිච්චි කරන උච්ඡාරණත් වැරදියි. නමුත් ඒ අයගෙ කෘති රසවිදින කාටවත් ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ.

    ස්ලොවේනියානු භාෂාවෙන් නිර්මාණය වුණු තමන්ගෙ නමේ උච්ඡාරණය, සිය අදහස් ප්‍රචලිත බටහිර යුරෝපයේ හා අමෙරිකාවේ වැසියන්ට වරදිනබව ගැන ජිජැක් දැනුවත්. ඔහු වතාවක් විහිළුවට වගේ කියලත් තිබුණ, තමන්ගෙ නම හරියට උච්ඡාරණය කරන කෙනෙක් මුණගැහුණොත් ඔහු තැති ගන්නා බව. මොකද, එහෙම කියපු ගමන්ම ඒක කිව්වෙ තමන්ගෙ රටේ පොලීසියෙ අය විය යුතුයි කියල ඔහුට හිතෙන නිසා.

    ReplyDelete
  8. ඕවා එච්චර ගනන් ගන්න එපා... අර සිම්බාබ්වේ ක්‍රිකට් ටීම් එකේ නම් අපේ උන්ට කියා ගන්න බෑ වගේම අපේ ඒවා උන්ට කියා ගන්නත් බෑ..

    අපේ මෝල් කමට අපි හිතනවා අපේ භාෂාව මාර පොහොසත් එකක්ය ඒකේ ඕනම ශබ්දයක් තියෙනවය කියලා... මම දැක්කා එකෙක් ළඟදි ලියලා තියෙනවා ලෝකයේ භාෂාවන් ගැන උගන්වන ආයතන වල ඉස්සෙල්ලම උගන්වන්නේ හින්ගල හෝඩියය කියලා.. මෙහෙම මරි මෝඩයන්ට නම් මේ ළිපිය බොහෝම වැදගත්...

    අරාබී වච්න ග්‍රීක් වච්න තියා ඉන්ගිරිසි වච්නවත් අපේ උන්ට හරියට උච්චාරනය කරන්න බෑ.. ඒත් අපේ අම්බරුවන්ට අනුව ලෝකයේ ලස්සනටම ඉන්ගිරිසි භාෂාව කතා කරන්නේ ලංකාවේ උන්...

    අනේ හුකේ නන්නානේ... පැරයි මායි හඳපානේ...

    ReplyDelete
  9. මට නම් හිතෙන විදියට ඔය නමේ උච්චාරණය ශිශෙක්වත්, ජිජැක්වත් නෙමෙයි. ඒ වුණාට එකකට පක්ෂපාත උදවියට ඒක තමන්ට කැමති විදියට ඇහෙන බව පෙනෙනවා. මේ වීඩියෝවේ ඇති ශබ්දය සිංහල වර්ණවලින් උච්චාරණය කරන්නට බැහැ. ඕකට මට කියන්න වෙන්නෙ මෙන්න මෙහෙමයි.
    ශිශෙක් කියල කිව්වත් වැරදියි
    ජිජැක් කියල කිව්වත් වැරදියි
    එබැවින් නංගියෙ මල්ලියෙ පවසමි
    දෙන්නම හරි ය කියා

    ReplyDelete
    Replies
    1. මං දි..ප්.තී.ට බයයි මල්ලියේ....

      Delete
    2. අනේ හුකේ දැන් දීප්තිව zisak අඳුරනවද?

      Delete
    3. මක්කා උනත් ඌ ලංකාවෙදි ජිජැක් වෙලා අහවරයි...

      Delete
    4. ආහ් පැරාාාාාා!

      උඹ මහන්සිවෙලා වීඩියෝ එකකුත් හොයා ගෙන නො ‍වැ! යුක්තියේ සුනන්ද දේශප්‍රිය යි සූජීව දිසානායක(*) යි ද ඕක උඹට හොයලා දුන්නේ?

      Delete
    5. //මක්කා උනත් ඌ ලංකාවෙදි ජිජැක් වෙලා අහවරයි...//

      ඔබ හරි මාදලන්!

      Delete
    6. //උඹ මහන්සිවෙලා වීඩියෝ එකකුත් හොයා ගෙන නො ‍වැ! යුක්තියේ සුනන්ද දේශප්‍රිය යි සූජීව දිසානායක(*) යි ද ඕක උඹට හොයලා දුන්නේ?//

      උන් නෙමෙයි ඕක හොයල දුන්නෙ. උඹගෙ (එක්කො ඕන්නැහැ)

      Delete
    7. ///මට නම් හිතෙන විදියට ඔය නමේ උච්චාරණය ශිශෙක්වත්, ජිජැක්වත් නෙමෙයි. ඒ වුණාට එකකට පක්ෂපාත උදවියට ඒක තමන්ට කැමති විදියට ඇහෙන බව පෙනෙනවා. මේ වීඩියෝවේ ඇති ශබ්දය සිංහල වර්ණවලින් උච්චාරණය කරන්නට බැහැ. ඕකට මට කියන්න වෙන්නෙ මෙන්න මෙහෙමයි.///

      දන්න හුත්තක් කතා කරපන් කැරි වේසිගේ පු‍තෝ. ඔච්චර පැහැදිලිව තියෙද්දිත් තෝ පකේ කතා කියන්නේ තෝ විදර්ශන වේසාවට පඅක දෙන එකෙක් හින්දද? අවලම් නාකි හමා. Fuck off!

      Delete
  10. ස්ලවෝජ් පුකක් - කියල කිව්වත් මොකෝ වැදගත් වෙන්නෙ ඔහුගේ අද්විතීය නවීන වාමාංශික දර්නය විතරයි.

    ReplyDelete
  11. https://www.youtube.com/watch?v=XS_Lzo4S8lA

    ReplyDelete
  12. ජර්මන් බාසාවේ වගේ නොලියන T එකක් Z එකට ඉස්සෙල්ලා ශබ්ද වෙන්නේ නැද්ද ඕකෙ Zizekවල දෙවනි z එකට කලින්? (Nazi = නාට්සි)

    ඉතාලි බාසාවේ ඩබල් Z ඉස්සරහින් T දානවා වගේ (Pizza=පීට්සා, Paparazzi= පැපරාට්සි)

    ReplyDelete
    Replies
    1. එහෙම වුණොත් ට්සිසෙක් කියන්න වේවි. මළ හත්තිලව්වක් වෙන්නෙ. එතකොට ට්සිසෙක් ය කියලා නම කියන අනුගාමිකයන් පිරිසකුත් ඇති වේවි ද?

      Delete
    2. Actually T sound comes when Z is in the middle not in front. So, Zitzek :-D.
      Btw Japanese put T in front and not pronounce it - Tsunami.
      Anyway I have no idea how Zizek is pronounced. Just want to say there are lots of instances pronunciation so different from spelling in non-phonetic languages. George = Jorge = in Spanish pronunciation "horhe" :-D

      Delete
  13. පැරා,

    //ඔවුහු පුස්තක දවාලන ලද්දේ යම් තැනකද, අවසානයේ ඔවුහු එහි මිනිසුන් ද දවා හළු කරනු ඇතැයි' ජර්මානු යුදෙව් කවියෙකු වන හයින්රික් හයින සිය ප්‍රකට ඛේදාන්ත නාටකයක ලීවේ 19 වැනි සියවසේදී ය. ඒ දිවැසි වදන අදාළ වන්නේ යුදෙව් ජන සංහාරය පිළිබඳ ජර්මානු ඉතිහාසයට පමණක් නොවේ......//

    සම්පූර්ණ ලිපිය කියවන්න පහත පුරුකින්

    http://www.jdslanka.org/s/index.php/2014-12-20-03-23-32/2014-12-30-18-25-25/627-2016-12-10-09-46-48

    ReplyDelete
  14. නැඟෙනහිර ජර්මානුවන්ගේ කොමියුනිස්ට් ගඳ වහනය වෙනවා අද පැරාගේ බ්ලොග් එකෙන්....

    ReplyDelete
  15. අපිට පිස්සු ඕයි.

    ReplyDelete
  16. Mee kathawata saman wickramaarachchi mahatha sambandada?

    ReplyDelete
  17. අම්මපා මේ වම්මුන්ට මිනිහෙක්ගේ නමක් ගැනවත් එකඟත්වයකට එන්න බෑනේ. ඉතින් කොහෙද විප්ලව කරන්නේ.

    ReplyDelete
  18. යකෝ ජිජැක් ද ශීශෙක් ද කියන මොකා හරි ...ඌ දන්නවා නම් ලංකාවෙ උන් උගේ නමට මරා ගන්න මරා ගැනිල්ල.ඌ ආපහු අම්මගේ බඩට ගිහිල්ලා ආයේ උපදිනවා... බුද්ධදාස හරි සිරිපාල කියලා හරි නමක් දා ගෙන.....

    ReplyDelete
  19. පැරා,
    ලෝකයේ සියලුම භාෂා උච්චාරණයට අදාළව භාවිතාවන මූලික ශබ්ද සංඛ්‍යාව 160 පමණ බව අන්තර්ජාතික ෆොනෙටික හෝඩිය පිළිබඳව සෙවීමේදී දැනගන්නට ලැබුණි.google මඟින් IPA බලන්න.
    ඉංග්‍රීසි උච්චාරණයේ දී එයින් ශබ්ද 45 ක් භාවිතාවන බව BBC ය පවසයි.Wikipedia වලින්ද IPA ගැන දැනගත හැකිය.වැඩි විස්තර සඳහා www.EnglishLanguageClub.co.uk
    bbclearningenglish.com pronunciation tips

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා