වර්ජනය කරන පෞද්ගලික බස් රජයට පවරාගෙන ලංගම දියුණු කරනු!

පෞද්ගලික බස් මගමරුවන් මිනීමැරීමේ අයිතිය වෙනුවෙන් කරන වර්ජනය මේ වන විට සාර්ථකව දියත් වේ.

බොහෝ කාර්යාල සේවකයන් නිවාඩු දමා ඇති නිසා අමතර දුම්රිය ධාවනය වුවත්, එතරම් තදබදයක් නැති බව වාර්තා වේ. දුම්රිය කොහොමත් තදබද නිසා මෙය සාමාන්‍ය තත්වයට වඩා හොඳ තත්වයක් විය හැකි ය.

මේ අතර පාසල් ප්‍රවාහන සේවා, ත්‍රිරෝද රථ ආදිය සුපුරුදු අන්දමින් පාරේ දුවනු දක්නට ලැබේ. එම අංශ පෞද්ගලික බස් හිමියන් තරම් සංවිධානගත නැති බව පෙනේ.

පෞද්ගලික බස් ප්‍රවාහන සංගම් යනු පෞද්ගලික බස් සේවකයන්ගේ සංවිධානවලට වඩා එම බස් හිමිකරුවන්ගේ සංවිධාන වේ.

පෞද්ගලික බස් සේවකයන්ට සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල, රක්ෂණාවරණ, නිවාඩු තබා බස් නැවතුම්පළවල හිසට සෙවණක්, වැසිකිළියක්, වතුර පයිප්පයක්වත් නැත.

ඔවුන්ට පඩි පාලක සභාවක් හෝ නැති බව මගේ දැනුමයි. මා වැරදි නම් කරුණාකර නිවැරදි කරන්න.

මෙම සේවකයන් වනාහි පෞද්ගලික බස් හිමියන්ගේ වහලුන් පිරිසකි. ඔවුන්ට කිසිදු රැකියා සුරක්ෂිතභාවයක් නැත. හිමිකරුවාට අවශ්‍ය ඕනෑ වෙලාවක ඔවුන් දොට්ට දැමිය හැකි ය. එහෙත්, එසේ කරන්නට බැරි වී තිබෙන්නේ අන් කිසිදු හේතුවක් නිසා නොව, මෙම රැකියාව කිසිවකුට ලෙහෙසියෙන් කළ නො හැකි නිසා ය.

වර්ජනය කළ අද දවස වෙනුවෙන් බස් හිමියන් කී දෙනෙකු සේවකයන්ට පඩි ගෙව්වාදැයි සොයා බලන්න.

බස්රියෙන් මාටියා ගසා ගන්නට ලැබෙන සොච්චම් මුදල නිසා මේ වහලුන් සිතන්නේ බස් තමන්ගේ ය කියා ය. මගීන් පාරේ ඇති රොඩු ය කියා ය.

රියදුරු රැකියාව කරන, ඊනියා ප්‍රභූන්ගේ රියදුරන් නො වන වෙනත් බොහෝ රියදුරෝ මාර්ග නීතිවලට අනුකූලව රිය පදවති. ලෙහෙසියෙන් දඩ නො කති. තමන්ගේ කාර්යය ද හරියට කරති.

බස් රියදුරන් මග මරුවන් වන්නේ කාලකන්නිකමට ය.

අද දවසේ අපේ රටේ වීරයන් වන්නේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ රියදුරෝ, කොන්දොස්තරලා හා කාර්මිකයෝ ය.

මග මරුවන් ඉදිරියේ රජය දන නො නැමිය යුතු ය. හෙට වන විට මාර්ගයට වාර්තා කිරීමට කාලය දී නො පැමිණෙන බස්කාරයන්ගේ මාර්ග බලපත් අවලංගු කළ යුතු ය.

1978 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා විසින් අත්‍යවශ්‍ය කර්මාන්තයක් ලෙස ප්‍ර‍කාශයට පත් කළ කර්මාන්තයක වැඩවර්ජනය කිරීම වරදකි. පෞද්ගලික බස් ප්‍රවාහනය දැනට අත්‍යවශ්‍ය කර්මාන්තයක් නො වන්නේ නම් එසේ ප්‍රකාශයට පත් කළ හැකි ය. වගකීම් ඉටු නො කරන බස් රජයට පවරාගෙන ලංගමට භාර දිය හැකි ය.

රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයෙන් ලංගම දියුණු කිරීම ගැන බැරෑරුම්ව කල්පනා කිරීමට මෙය අවස්ථාවක් කර ගත යුතු ය. ලංගම යනු බස් පමණක් නො වේ. වටිනාකම මිළ කළ නො හැකි තැන්වල පිහිටා ඇති බස් නැවතුම්පොළ ඇතුළුව ලංගම සතු දේපල නිසි ලෙස කළමනාකරණය කරනවා නම්, බස් ගාස්තු අඩු කරන්නට වුව හැකියාව ලංගමට තිබේ.

දුම්රිය සේවා දියුණු කිරීමට ද රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය උපයෝගී කර ගත යුතු ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ආව, සාරසගෙ බෙට්ට තවම නෑ
    යන්නම්.

    ReplyDelete
    Replies
    1. අද සරස තුමා ත්‍රී වීල් එකක් එලෝනොවා ඕයි! දැන් තමයි නිවාඩුවක් ලැබුනෙ හිටන්!

      Delete
    2. ගූ රස අද බෙටි අදිනවා වගෙයි, දත් ගලවන්නේ නැතිව.

      Delete
    3. Anonymous December 2, 2016 at 10:30 AM

      උඹ අසූචි ගිලින මළපෙරේතයෙක් නේද??? එක එකාගෙ බෙටි වැටෙනකන් බලන් ඉන්නෙ?

      Delete
    4. // උඹ අසූචි ගිලින මළපෙරේතයෙක් නේද??? එක එකාගෙ බෙටි වැටෙනකන් බලන් ඉන්නෙ? //

      සාදාරන ඇනෝ තුමෝ...
      ඔයි නිතර අසූචි ගැණ කතා කරන්නේ මිස්ටර් කක්කා ඇනෝ තුමා නේ!

      Delete
    5. ආහ් දැන්නෙ බන් මීටර් වුණේ? ඔය කියන්නෙ අර ඉස්සර පඩ ගූ හුලිජ්ජ ගැන ලියපු තට්ට කක්කා බෙට්ටා මේව ලියනව කියල නේද? අම්මපා දැන් ඌ අසූචිලොජි කියල විගඩමක් පටන් අරන් "මං හෙන ලොකු පොර" ජාතකේ ලියනව නේද හිටු කියල? තට්ට _කයගෙ විකාර.

      Delete
  2. මේකෙන් පේන්නේ වෙන මක්කත් නෙමෙයි..

    මෛත්‍රිට වඩා මහින්ද තාමත් බලවත් කියන එක...

    ReplyDelete
  3. අම්පිටියේ හාමුදුරුවන්ට මඩ ගහන්නේ නැතිව උඹලගේ විදිහට ගැලපෙන කැමක රෙසිපි එකක් ගෙන ඉන්න

    ReplyDelete
  4. මීනී මැරීමට ඇති අයිතිය තහවුරු කරව්

    ReplyDelete
  5. වහල්ලු දැකලා තියෙනවා, රනිල් පව්ද්ගලික ව්යාපාර ආණ්ඩුවට පවරාගෙන ඒවා දියුනු කරයි කියලා හිතන වහලෙක්නම් දැක්කමයි. දන්නෙ නැද්ද ඔයාගෙ හාමුගෙ මාමා තමයි ලන්ගම විනාශ කරේ කියලා?

    ReplyDelete
    Replies
    1. රනිල් උඹලගෙ දෙයියො ද? අපි මේ කතා කරන්නෙ රනිල්ට නෙමෙයි බං. අපි කියන්නේ ආණ්ඩුවට. ආණ්ඩුව කියන්නෙ රනිල් නෙමෙයි. ආණ්ඩුව කියන්නෙ බලතුලනයක පවතින තත්වයක්. රනිල් කියන්නෙ එක බලයක් විතරයි. උඹලා වගේ පටු දැක්මක් තියෙන එවුන් ද ඇතුළත්ව මේ රටේ ජනතාව කියන්නෙත් බලයක්. අපි පෙනී හිටින්නෙ ඒ බලය වෙනුවෙන්.

      Delete
    2. කොහොම උනත් බස් රජයට හෝ ලංගමයට පවරා ගැනීමනම් විසඳුම නොවේ.
      කල යුත්තේ දැඩි නියාමනයක් ස්ථාපිත කිරීමයි.
      මේ නියාමනය කියන එක ඇතුලේ, බස් රථ වල තත්වය, කාල සටහන්, රියදුරන්ගේ බලපත්‍ර, සේවකයන්ට විධිමත් පුහුණුවක් ආදිය සියල්ල ඇතුලත් වේ.

      Delete
  6. ටැක්ස් එකේ වරදක් දකින්නෙම නැද්ද? පැරා අය්යෙ...
    ආන්ඩුවට තෙරුම් කරන්න්නෙ කොහොමද?

    ReplyDelete
    Replies
    1. දඩය යම් දුරකට අසාධාරණ වෙන්න පුළුවන් වමෙන් ඉස්සර කිරීම කියන කාරණේදි විතරයි.මොකද, එතනදි ඉස්සර කිරීම කියන එක පොලිස් නිලධාරියා අර්ථකථනය කරන ආකාරය අනුව අසාධාරණයක් වෙන්නට පුළුවන්. අනෙක් වැරදිවලට ඔය දඩය පණවන එකේ වරදක් නැහැ. ඒවා කරන්නේ හිතාමතායි.

      Delete
    2. එතකොට අංකල් වේග සීමා වලට ගහන දඩය වැරදි නැද්ද?

      Delete
  7. පැරා, අපට කවදා ද බං උඹෙන් මේ වගේ ආර්ටිකල් එකක් කියවන්න ලැබෙන්නේ?

    http://tamildiplomat.com/sinhala-ultra-nationalism-beyond-mahinda/

    උඹ අර රෝසා ගැන ලිපියක් ලියලා ට්‍රයි එකක් දුවිනා නේ ද? ඒත් උඹ උත්සාහය අතහැරියේ ඇයි? වැඩේ දිගටම කරන්න තිබ්බා මචං. යෟ කැන් ඩූ ඉට්.

    ReplyDelete
    Replies
    1. මේ අර පැරාගේ පරණ දේශපාලන මිත්තරෙයෝ නේද, සුලු පටු අසනීපයක් නෙවෙයි තියෙන්නේ.

      Delete
    2. පැරැකුමුවන්ගේ වමැ පැරැණි මිතු කැල - දුරු රටැ සිට

      Delete
  8. බස් හිමියන් වන ලංගම ට වත්, බස් මුදලාලි ට වත් පාරේ බස් පාලනය දිය යුතු නැත, පාරේ බස් දිවවීම “මකල හදපු නව මඟි ප්‍රවාහන අධිකාරියකට“ පැවරිය යුතුය. ලංගමයේ සහ බස් මුදලාලිලාට ඇත්තේ එම අධිකාරිය විසින් නියම කරන ධාවන වාර සඳහා කුලියට බස් සැපයීමයි, පනවානු ලබන සීමාවන් උල්ලංගනය කරනු ලබන අය ට දඩ ගැසීම මොබයිල් ඩේටා මොනිටරින් ක්‍රමයකට හරවා කොම්පැණියකට පැවරිය හැක.

    ReplyDelete
    Replies
    1. ඒ ජොබ් එක, ජෙනරාල්ට හරි ගෝටව හයර් කරල මිනිහට හරි දුන්න නම් එයාලා ඇත්තටම ජෙනරාල්ලද නැත්නම් රෙනරාලලා ද කියලද සැක හැර දැනගන්න ලැබේවි.

      Delete
    2. ඔව්, මේක තමයි හොඳ ක්‍රමය. දිස්ත්‍රික් ප්‍රවාහන අධිකාරියෙන් එක් එක් මාර්ග සඳහා කාල සටහන් හදලා ඒ අනුව බස් ධාවනය කරන්න ටෙන්ඩර් කැඳවා දෙන්න පුළුවනි. එතකොට ඔය කොට කොට යෑම නැති වෙනවා.

      දැනටමත් බස් ගාස්තු තීරණය කරන්නේ මධ්‍යම රජයෙන් ම නිසා, කාලසටහනුත් උංම හැදුවාට වරදක් නෑ! අනික මහ රෑටත් බස් දැම්මැකි!

      Delete
    3. මගේ අදහස නම් දැනට පෞද්ගලික බස් 15,000 ක් තිබෙනවානම් ඒවායේ බලපත්‍ර දෙසැම්බර් 31 දා සිට අවලංගු කිරීමයි. ඒවෙනුවට වර්ජනය කිරීමට අයිතියක් නැති, පැවරිය නොහැකි නව බලපත්‍ර 15,000 ක් ලොතරැයි ක්‍රමයට තෝරගන්නා සමෘද්ධි ලාභීන් 15,000 කට ලබා දී ඔවුන් සමෘද්ධි ක්‍රමයෙන් අයින් කිරීමයි. එවිට බස් අයිති අයට මාර්ග බලපත්‍ර අවශ්‍යනම් කලින් සමෘද්ධි ලාභී බලපත්‍ර හිමියාට මාස පතා නියමිත ගාස්තුවක් ගෙවා ලබා ගැනීමයි. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් ගන්නෙ එහෙමයි.

      Delete
    4. //ඒ ජොබ් එක, ජෙනරාල්ට හරි ගෝටව හයර් කරල//

      දැන් නම් ගෝටව හයර් කලාට වැඩක් වෙන එකක් නැහැ. එයාට ඕනෑ දෙයක් කරන්න දෙන ජනාධිපති අයියෙකුයි, ආරක්ෂක අමාත්යාන්ශයකුයි නැතුව කොහෙද වැඩක් කරන්නේ.

      Delete
    5. ආවේගයට කියූ නිසා ද මන්දා ප්‍රායෝගික නොවන කතාවක් ඉයන්.

      Delete
  9. ලංගම නග්ගන්න යැම කියන්නේ ලංකාවේ වැඩ වුණු/වෙන විදියට ආයෙත් මහජන මුදල් නාස්තියක් විතරයි.

    ReplyDelete
    Replies
    1. කළ යුත්තේ මෙයයි.

      දිස්ත්‍රික් ප්‍රවාහන අධිකාරියෙන් එක් එක් මාර්ග සඳහා කාල සටහන් හදලා ඒ අනුව බස් ධාවනය කරන්න ටෙන්ඩර් කැඳවා දෙන්න පුළුවනි. එතකොට ඔය කොට කොට යෑම නැති වෙනවා.

      දැනටමත් බස් ගාස්තු තීරණය කරන්නේ මධ්‍යම රජයෙන් ම නිසා, කාලසටහනුත් උංම හැදුවාට වරදක් නෑ! අනික මහ රෑටත් බස් දැම්මැකි!

      Delete
    2. ///එතකොට ඔය කොට කොට යෑම නැති වෙනවා.///
      කොට කොට යන එකට වඩා දැන් ගැටළුව ඉගිළෙන එක...

      Delete
    3. ඉගිලෙන්නත් බෑ, ටයිම් ටේබල් ඇති නිසා, අනික එයින් ලැබෙන අමුතු වාසියකුත් නෑ. මාර්ග නීතී කඩ කර දඩ ගෙවන්න වෙනවා හැරෙන්න!

      Delete
  10. දඩ මුදල රුපියල් 25000ක් කල පමණින් මිනි මැරීමට ඔවුන්ට ඇති හැකියාව හෝ උඩ සදහන් කල අයිතිය නැතිවී යනවාද? මේ දඩ මුදල වැඩි කල පමණින් මේ සියල්ල විසදෙන්නේ නැත. මෙවැනි වැරදි කරන රියදුරන් අල්ලා හොදින් පරික්ෂා කර නිසි සාක්ෂි ඇතිව ඔවුන්ගේ රියදුරු බලපත්‍ර අහෝසි කල යුතුය. නමුත් එසේ කල විට රජය බලාපොරොත්තු වෙන අදායම නම් ලැබෙන්නේ නැත.

    ReplyDelete
  11. ප්‍රවාහනය, අධ්‍යාපනය, සෞඛ්‍යය කියන ක්ෂේත්‍ර තුන සියළු දෙනාට සමානව භුක්ති විඳින්න පරිසරය හැදුණොත් ලංකාව ඉබේම දියුණු වේවි...

    ReplyDelete
  12. කොච්චර හයිවේ ගැහුවත් වැඩක් නෑ ලංකාවේ ත්‍රීවිල් සහ ප්‍රයිවෙට් බස් වලට හරි හමන් වැඩපිළිවෙලක් යම් නියාමනයක් නැතිව ලංකාවේ මාර්ග තදබදය නැති කරන්න අමාරුයි.මේ සෙට් එක කොච්චර බලවත්ද කියල පේනවනේ .කෝච්චි නවත්වනව ලංගම බස් වලට ගහනව හරියට ලංකාව ඇතුලේ පුංචි ආණ්ඩුවක් වගේ.දැන් ලංකාවෙ මේ වගේ පුංචි ආණ්ඩු හැමතැනම දොස්තරලගේ ආණ්ඩුව එහෙන්.පාණ්ඩු ආණ්ඩුවක් රට පාලනය කරන කොට කබ්බොත් ආණ්ඩු කරනව .ආණ්ඩුව බල්ලට ගියාම බල්ලො ආණ්ඩු කරනව.

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. ඔබත් බස් මගියෙක්ද? එන්න අප හා එක්වන්න ...අපි අපේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමු. ඔබේ අදහස් යෝජනා, චෝදනා අපිට කියන්න. ...සිතන්න සමස්ථ මගී ප්‍රවාහන සේවාව තුල වඩාත්ම ප්‍රභල පාර්ශවය වන්නේ මගියාය ....එකතු වන්න "සමස්ථ ලංකා බස් මගීන්ගේ එකමුතුව" සමග....
    https://www.facebook.com/groups/1065911470194634/

    ReplyDelete
  15. කරන්න ඕනේ හොඳම වැඩේ පෞද්ගලික බස් අත්‍යවශ්‍ය සේවයක් ලෙස ගැසට් කිරීම. එලෙස සේවයට වාර්තා නොකරන බස්වල රූට් පර්මිට් කැන්සල් කිරීම.

    ReplyDelete
  16. පැරාටත් රජය ලොකු වුණා එහෙනං ඈ.........????????

    ReplyDelete
  17. මෙච්චර කල් රජයේ සේවකයෝ මහා බරක් සහ විනාසයක් කියමින් බ්ලොග් ලොව හොල්ලන්න උත්සාහ කොල පැරා තුමා දැන් කියනවා බස් ආන්ඩුවට පවරා ගන්න ලු....!

    එතකොට ඒවා ආන්ඩුවට පවරාගෙන දුවන්නේ පෞද්ගලික සේවකයෝ දාලා ද හිටන්?

    ආන්ඩුවට පවරා ගැනීම හිටපු මාකස් වාදීන් ගේ අවසාන තුරුම්පුව ය!

    ReplyDelete
    Replies
    1. හනේ මාක්ස්වාදය ගැන තමුසෙගෙ දැනුමේ තරම. තමුසේ කොමෙන්ට් කොටන්නේ නිකම් අනුන්ගෙන් අහගත්ත දේශපාලනයෙන් මිසක් හරිහමන් විදිහට දේශපාලනය ඉගෙනගෙන නෙවෙන බව බොළඳ කොමෙන්ට් වලින් පෙනෙනවා.

      බස් ආණ්ඩුවට ගත්තම ඒ සේවකයොත් රජයට ගන්නවා කියන එක දන්නවා බස් ජනසතුවේ ඉතිහාසය තමුසේ දන්නවනම්.

      තමුසෙලා වගේ ගොම්පස් අල්ලන මෝඩ සට්ටඹි නිසා තමයි මරා වගේ හොරුන්ට රජවෙන්න පුළුවන් වුනේ.

      Delete
    2. සාරස තුමාට ඕකවත් තේරෙන්නේ නැද්ද..වර්ජනේ කරන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරනවා...වර්ජන කරන පෞද්ගලික ආයතන ආණ්ඩුවට පවර ගන්නවා.
      හාමු වගේම තමයි සපෝටර්ලත්...නලුවෝ නෙවෙයි මොල..මොල..

      Delete
    3. හහ් හා, නළුවො නෙවෙයි නලු බට්ටො බන්. මුන් නම් උපතින්ම මන්ද බුද්ධික හිවල්ලු ටිකක්. නොදකින්. ආණ්ඩුවත් එකයි ආණ්ඩුවට රෙදි නැතුව කඩේ යන පැරාල වගේ සට්ටැඹි හැත්තත් එකයි, අමුම අමු ගොබ්බ.

      අනික් පැත්තෙන් ඒකාබද්ද මලබද්දෙ ඉඳන් මේ කඩාකප්පල්කාරී වැඩ මෙහෙයවන අපතයො නිසා දුවිඳින්නෙ අහිංසක මිනිස්සු. ජෙප්පො ඒ අස්සෙ කැකුණ තලනව.

      Delete
    4. // හනේ මාක්ස්වාදය ගැන තමුසෙගෙ දැනුමේ තරම. තමුසේ කොමෙන්ට් කොටන්නේ නිකම් අනුන්ගෙන් අහගත්ත දේශපාලනයෙන් මිසක් හරිහමන් විදිහට දේශපාලනය ඉගෙනගෙන නෙවෙන බව බොළඳ කොමෙන්ට් වලින් පෙනෙනවා. //

      මම නම් දේසපාලනේ දන්නෙ නැහැ... හැබැයි මාකස් වාදෙ දන්නවා.... මම මාකස් හෝ එකෙත් කාලයක් පදින්චි වෙලා හිටියනේ හිටන්...

      ඒක නෙවෙයි, ඇත්තටම ඔහෙ ගෙ රෑන්ක් එක මොකද්ද හිටන්?

      Delete
    5. //වර්ජනේ කරන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරනවා...වර්ජන කරන පෞද්ගලික ආයතන ආණ්ඩුවට පවර ගන්නවා. //

      ඌ මට ගහනවා
      මට ඌ ගහනවා වගේ නේ හිටන්?

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. // ආන්ඩුවට පවරා ගැනීම හිටපු මාකස් වාදීන් ගේ අවසාන තුරුම්පුව ය! //

      හොඳින් කියවා බලන්න... සරස තුමා කතා කරන්නේ මාක්ස් වාදීන් ගැන නොව මාකස් වාදීන් ගැනය!

      ඒ "සට්ල් ඩිෆරන්ස්" එක නොහඳුනන වයසක ඇනෝ කෙනෙක් ස ර ස තුමා ට චෝදනා කරයි:

      // හනේ මාක්ස්වාදය ගැන තමුසෙගෙ දැනුමේ තරම. //

      මේම නාකි ඇස් නොපෙනන ඇනෝ මහතා හිටාන ඉන්නේ සරස තුමා කතා කොරන්නේ මාක්ස් වාදය ගැන කියා ය!

      සරස මාක්ස් වාදය නොදනී. ඒ ගැන එතුමාට ලැජ්ජාවක් නැත. එහෙත් එතුමා "මාකස් වාදය" දනී. ඒ එතුමා කාලයක් පේරාදෙනි විශ්ව විද්යාලේ මාකස් ශාලාවේ නේවාසිකව හිටි නිසාය හිටන්!

      Delete
    8. එතකොට සරස, තමුසේ කවදාක්වත් නාකි වෙන්නේ නැද්ද?

      Delete
    9. මාකස් වාදය වගේම, මාකස් වදයත් අති සුන්දරයි. මාකස් කන්ඳ නගින එකම සුන්දර වදයක් නොවැ සරස තුමෝ.

      Delete
    10. ස්තූතියි සාරස,

      මා හිතන්නේ ඔබට එරෙහිව පිස්සුබල්ලෙක් මෙන් බිරූ මේ පඩ ඇනෝවරයා නාකි හම්බඩ පැන්ෂන් ගිය හිටපු ආමිකාර රට ගොං පුඟුලෙක් විය හැකි බවයි.

      මාකස් ගැන කියන්නේ නම් ඔබ අදහස් කලේ සීසර් ට ගේම ඇද්ද මාකස් ගැන විය යුතුයි. ඇත්තෙන්ම ගයිස් ජුලියස් සීසර් (ක්‍රි.පූ. 100 ජුලි 13 - ක්‍රි.පු. 44 මාර්තු 15) යනු පුරාන රෝමයේ බිහිවූ බලගතුම හමුදාමය සහ දේශපාලනික නායකයායි. රෝමන් ජනරජය රෝමානු අධිරාජ්‍යය බවට පත් කිරීමේ ක්‍රියාවලියේ දී මොහු ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන ලදී.

      ජනප්‍රිය සම්ප්‍රදායට අයත් වූ දේශපාලනඥයකු ‍වූ මොහු නිල නොවන ත්‍රි ආධිපත්‍ය සම්බන්ධතාවක් ගොඩනඟාගෙන ‍රෝමානු දේශපාලන කරලිය වසර කිහිපයක් තිස්සේ පාලනය කරන ලදී. ඔහු තම ත්‍රි-ආධිපත්‍ය සම්බන්ධතාවය ගොඩනඟා ගන්නා ලද්දේ මාකස් ලිසිනියස් ක්‍රැසස් සහ නීයස් පොම්පියස් මැග්නස් යන පුද්ගලයන් සමඟ වේ. කෙසේ නමුත් ඔහුගේ මෙම පාලන ක්‍රමයට ඔප්ටි මෙට්ස් සම්ප්‍රදා‍යට අයත් වූ රෝමානු සෙනෙට් සභිකයන් වූ මාකස් පෝසියස් කැටෝ සහ මාකස් කැල්පර්නියස් බයිබලස් වැනි පුද්ගලයන් විරුද්ධ වූහ. සීසර් ගෝල් ප්‍රදේශය යටත් කර ගැනීමත් සමඟ රෝමානු පාලනය අත්ලාන්තික් සාගරය දක්වාම විහිදී ගිය අතර මුල් වරට රෝමය මඟින් බ්‍රිතාන්‍ය ආක්‍රමණය කරන ලද්දේ ද සීසර්ගේ මෙහෙයවීම යටතේ වේ. මෙම ආක්‍රමණය ක්‍රි.පූ. 55 දී සිදු විය. කෙසේ නමුත් ත්‍රි පුද්ගල ආධිපත්‍යයෙහි බිඳ වැටීමත් සමඟ පොම්පේ සහ සෙනෙට් මණ්ඩලය සමඟ මත ගැටුම් හට ගන්නා ලදී. ක්‍රි.පූ. 49 දී තම හමුදාවන් රු‍බිකෝන් නදිය හරහා මෙහෙයවමින් සිවිල් යුද්ධයක් ආරම්භ කළ අතර ඒ ඔස්සේ ඔහු ‍රෝමානු අධිරාජ්‍යයේ අනභිභවනීය නායකයා බවට පත්විය.

      රාජ්‍ය පාලනය සියතට ගැනීමත් සමඟ සීසර් රෝමානු සමාජයට සහ එහි පාලන ක්‍රමයට දැඩි සංශෝධන එක් කිරීමට ක්‍රියා කළේය. ඔහු ජීවිත කාලය පුරාව‍ටම රෝම අධිරාජ්‍යයා ලෙසට නම් කරන ලද අතර ජනරජයේ පාලන තන්ත්‍රය දැඩි ලෙස ඔහු වටා කේන්ද්‍රගත විය. කෙසේ නමුත් සීසර්ගේ මුල් කාලීන මිතුරෙකු වූ මාකස් ජුනියස් බෲටස්ගේ මග පෙන්වීම යටතේ ක්‍රියාත්මක වූ සෙනෙට් සභිකයන් සමූහයක් විසින් ක්‍රි.පු. 44 මාර්තු 15 වැනි දින සීසර්ව ඝාතනය කරන ලදී. මෙම ඝාතනයේ අරමුණ වූයේ රෝම ජනරජය එහි මුල් තත්වයට ගෙන ඒමයි. කෙසේ නමුත් මෙහි ප්‍රතිඵලය වූයේ තවත් රෝමානු සිවිල් යුද්ධයක් ඇරඹීමයි. එය අවසානයේ දී රෝමය සීසර් විසින් හදාවඩාගත් ඔහු‍ගේ පුත්‍රයා වූ ගයිස් ඔක්ටවියානස් යටතේ ඒකාධිපති පාලන ක්‍රමයකට යටත් විය. ක්‍රි.පූ. 42 දී එනම් සීසර්ගේ ඝාතනයෙන් වසර 2කට පසු සෙනෙට් සභාව විසින් නිල වශයෙන් සීසර් රෝමානු දෙවිවරයෙකු ලෙස නම් කරන ලදී.

      සීසර්ගේ ජීවි‍තයෙන් වැඩි කොටසක් පිළිබඳ තොරතුරු හෙලි කරගෙන ඇත්තේ සීසර් විසින්ම තම හමුදා ව්‍යාපාර ‍ගැන ලියා තැබූ විස්තර සහ අනෙකුත් සමකාලීන මූලාශ්‍ර ඇසුරෙන් වේ. මෙම අනෙකුත් සමකාලීන මූලාශ්‍ර අතරට සීසර්ගේ දේශපාලනික විරුද්ධවාදියා වූ සිසේරෝ විසින් ලියූ ලිපි සහ ඔහු විසින් සිදු කළ දේශන යනාදියත් සැලස්ට් විසින් ලියන ලද පුරාණ ලේඛනත් කැටලස් විසින් ලියූ කවි පද යනාදියත් අයත් වේ. තවද සීසර්ගේ ජීවිතය පිළිබඳ වඩාත් සවිස්තර වාර්තාවන් ඔහුගේ කාලයෙන් පසුව වාසය කළ ඇපියන්, සුටෝනියස්, ප්ලූටාක්, කැසියස් ඩියෝ සහ ස්ට්‍රැබෝ වැනි ඉතිහාසඥයන් විසින් ලේඛනගත කොට ඇත.

      කෙසේ නමුත් මාකස් වාදය ගැන සඳහන් කරමින් ලියූ මේ ශූර ලියවිල්ල ඔබේ නිර්මාණශීලී ලේඛන රටාව මොනොවට පැහැදිලි කරයි.

      Delete
    11. මාකස් වාදය = පේරාදෙණියේ මාකස් ප‍්‍රනාන්දු ශාලාවට ඉහළ කන්ද තරණය කිරීමද බන් සාරසෝ? පේරා නොගිය අපි දන්නෙ කොහොමද බන් බොලාගෙ අපභ්‍රංශ? තේරුම් කොරල දීපිය සාරස බාප්පේ?

      Delete
    12. //AnonymousDecember 2, 2016 at 4:28 PM
      ස්තූතියි සාරස,

      කෙසේ නමුත් මාකස් වාදය ගැන සඳහන් කරමින් ලියූ මේ ශූර ලියවිල්ල ඔබේ නිර්මාණශීලී ලේඛන රටාව මොනොවට පැහැදිලි කරයි. //

      ගරු කටයුතු ඇනෝ තුමනි....

      ඔබ ගේ මනහර කරුණු දැක්වීමටත්, "මාකස් වාදය" අගේ කිරීම ගනත් මගේ හදවතින් ම පිඩෙන ඉස්තූතිය පිලිගන්න!

      Delete
    13. // AnonymousDecember 2, 2016 at 4:18 PM
      එතකොට සරස, තමුසේ කවදාක්වත් නාකි වෙන්නේ නැද්ද? //

      දැනටමත් හොඳටම නාකියි ඕයි!
      තමුසෙ ගේ රෑන්ක් එක කියන්නෙ නැද්ද හිටන්?

      Delete
    14. //Asanga ManpitiyaDecember 2, 2016 at 4:27 PM
      මාකස් වාදය වගේම, මාකස් වදයත් අති සුන්දරයි. මාකස් කන්ඳ නගින එකම සුන්දර වදයක් නොවැ සරස තුමෝ. //

      එහෙමයි.. ඔබ සමග එකඟයි අසන්ග තුමෝ!

      Delete
    15. // AnonymousDecember 2, 2016 at 4:33 PM
      මාකස් වාදය = පේරාදෙණියේ මාකස් ප‍්‍රනාන්දු ශාලාවට ඉහළ කන්ද තරණය කිරීමද බන් සාරසෝ? පේරා නොගිය අපි දන්නෙ කොහොමද බන් බොලාගෙ අපභ්‍රංශ? තේරුම් කොරල දීපිය සාරස බාප්පේ? //

      http://mallepol.blogspot.com/2016/07/blog-post_27.html

      Delete
    16. මාත් දන්නවා මාර්කස් ප්‍රනාන්දුවාදය නම්. ෆර්ස්ට් ඉයර් එකේ ඉගනෙ ගත්තේ.
      හැබැයි මාර්ස්වාදය දන්නේ නෑ. මාර්ස් හෝල් එකේ හිටියේ මෙඩ්ඩෝ, ඩෙන්ටෝ, ඇග්‍රෝ වගේ උං මට මතක විදියට!

      Delete
    17. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර කිහිපයක් පිළිබඳව තිලකසිරි ඒකනායක ලියූ ලිපියක්.
      http://thilakasitha.blogspot.com.au/2016/07/1.html

      Delete
  18. Bandaranayaka mahatha bus mudalaalilata baya une netha.E nisa ethuma eda ounge bus mahajana santhaka kota Langamaya heduweya.Adath karanna tghiyenne e tikai.Pugalika bus Langamayata pawara ganna.

    ReplyDelete
  19. දැන් නම් බස්කාරයො වර්ජනේ ඉල්ලං කන ලෙවල් එකක් තියෙන්නේ. ත්‍රීවීල්කාරයෝ උදේ වේල විතරයි බඩගින්නේ හිටියේ, දැන් පිස්සු බල්ලෝ වගේ "අද අපි වර්ජනේ" කියලා රෙද්දේ ගහගෙන හයර් දුවනවා. බස්කාරයොත් වැඩිම තව වේල් දෙකක් අදී. දැන් කවුරුත් දැක්කනේ මේ එදා වේල හිගන්නන්ට කොරන්න පුලුවන් ලබ්බක් නෑ කියාලා. දැන් ඔය ගමන්ම 2500 අවම දඩේත් දාලා, මුන්ට දැඩි කොන්දේසි මාලාවකට යටත් කරන්න තියෙන්නෙ. උදාහරණයක් විදහට දවස් 2ක ගමන්වාර දුවන්න බැරි උනොත් බලපත්‍රය අවලංගු වෙනවා වගේ කොන්දේසි බලපත්‍රයටම ඇතුලත් කරන්න පුලුවන්. ඕක ගන්න වෙලාවට ඕනේ දේකට අග්‍රී වෙනවනේ. දැනටමත් TRC එකෙන් දෙන tv,radio,mobile license වල ඔය වගේ කොන්දේසියක් තියෙනවා

    ReplyDelete
  20. පසුගිය ඒකාධිපති වියරු රෙජීමය සමයේ මැදමුලන මෘගයාගෙන් කණපුරා කා ඩෙසර්ට් එකට පා පහරවල් කිහිපයක් ද ලබා සද්ද නැතිව ඇඹිටිල්ලන් හික් මීයෙක් මෙන් කිචව හිඳ හිටිගමන් යහපාලන ආන්ඩුව යටතේ එක්වරම ලොකුපොරක් වූ බස් ගැමුනු නැමති අමුම මැටි පිස්සු බල්ලා ගේ පිස්සු රෝගය අද ඇරඹුනු පෞද්ගලික බස් වර්ජනය නිසා තාවකාලිකව සනීප විය.

    මේ අව් අස්සෙ නිලවලා වියාපෘතියට වියදම් කල රුපියල් බිලියන ගනනක මුදල ගැන පොර ටෝක් එකක් දුන්නේ කිසිම දෙයක බරක් පතලක් නොසිතා ඔහේ පිස්සු විකාර කියවන වත්මන් ජනපතිවරයාය. මහින්ද රාජපක්ෂ උන්නැහේ චීනේ ඉඳගෙනම එම චෝදනාව ගැන වහාම සොයා බලා වැරදි කාරයන් ට දඬුවම් දෙන්න යැයි නිවේදනයක් නිකුත් කලේය. බලාගෙන ගියාම වැඩේට ගස් යන්නේ නිමල් සිරිපාල නිදි කුරේ ගොබ්බසේනය. ජනපතිවරයා පස්ස පැත්තෙන් සබන් කොලේ තියා ඇරලා තියෙන්නේ සිරිපාල ට ය.

    අපට දුක පැරාලාගේ කඩේ යාමෙන් පැරාලාගේ පුද්ගලික සුභසිද්ධිය සැලසුනත් බහුතර ජනතාවට කිසිදු සුගතියක් අත් නොවීමය.

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුවත් එකයි ආණ්ඩුවට රෙදි නැතුව කඩේ යන පැරාල වගේ සට්ටැඹි හැත්තත් එකයි, අමුම අමු ගොබ්බ. අනික් පැත්තෙන් ඒකාබද්ද මලබද්දෙ ඉඳන් මේ කඩාකප්පල්කාරී වැඩ මෙහෙයවන අපතයො නිසා දුවිඳින්නෙ අහිංසක මිනිස්සු. ජෙප්පො ඒ අස්සෙ කැකුණ තලනව. නොදකින් !

      Delete
    2. @ Anonymous December 2, 2016 at 2:58 PM

      උඹට ඇත්තටම හිංගල තේරෙන්නේ නැද්ද? මේ බ්ලොග් එකේ පැරා සිය වතාවකට වැඩිය කියලා තියනවා පැරා කඩේ යන්නේ ආණ්ඩුවට නෙවෙයි, සමාජ සාධාරණ ප්‍රතිපත්තිවලට කියලා.

      Delete
  21. දැන් තමයි හමුදා වලට වැදගත් දෙයක් කරන්න තියන වෙලාව, එලවලු විකුනන්නයි, පාරවල් අයින හදන්නයි, කෑම කඩ පවත්වාගෙන යන්නයි වෙනුවට. හමුදාවේ සිටින හා අවුරුදු 22 ක සේවයෙන් වීශ්‍රාම ගිය බර වාහන වලට බලපත් ඇති රියදුරන්ගෙන් සෑහෙන බස් ප්‍රමාණයක් දුවවන්න පුළුවන්.

    ඒ එක්කම AnonymousDecember 2, 2016 at 2:21 PM කියා ඇති පරිදි, මේ තමයි හොඳ නියාමනයක් ඇති කරගන්න හොඳම වෙලාව. ඒත් එක්කම, නොදුවන බස්වල බලපත්‍ර අවලංගු කිරීමයි, අත්‍යවශ්‍ය සේවා හැටියට ගැසට් කර නොදුවන බස් රජයට පවරා ගැනීමත් කරන්න පුළුවන්. හැබැයි, අපේ ලොකු තැන්වලට වෙන හැම දෙයකටම වාගේ, මේකටත් දැක්මක් හෝ සැලසුමක් තිබෙන බවක් නම් පෙනෙන්නට නැහැ.

    ReplyDelete
  22. //මෙම සේවකයන් වනාහි පෞද්ගලික බස් හිමියන්ගේ වහලුන් පිරිසකි. ඔවුන්ට කිසිදු රැකියා සුරක්ෂිතභාවයක් නැත. හිමිකරුවාට අවශ්‍ය ඕනෑ වෙලාවක ඔවුන් දොට්ට දැමිය හැකි ය.

    මේකට මට හිතෙන විසඳුම තමයි, පුද්ගලික බස් වලින් කෙරෙන වැරදි ඕනෑම එකකට අයිති කරුවාට දඩ ගහන එක. උදාහරණෙකට ඉරි කපලා ඉස්සර කළොත් දඩය එන්නේ රියැදුරුට නොව වාහන හිමිකරුට. එම දඩ වලින් බේරීමට අවශ්‍ය නම්, බස් සේවකයන් කරන යම් වැරදි වලට පනවන දඩ ඔවුන් විසින් ගෙවිය යුතුය යන ගිවිසුමකට, බස් හිමියාc සහ බස් සේවකයාට එළඹීමට සිදු වෙනවා. එවිට ඔවුන්ගේ රැකියාවට යම් නීතිමය තත්ත්වයක් ලබා දිය හැකියි.

    ReplyDelete
    Replies
    1. කව්ද බං මේ ගොං ටෝක්ස් දෙන ගෝරිලි මූනා?

      මූව දැන්කම ලෙඩ්ඩු බය වෙනවා ඇතිනේ හැබෑවට. ගොං ටෝක්ස් දෙන්නේ නැතුව කෝලිතයටවත් කියලා මූන පොඩ්ඩක් ගොඩ දා ගනිං. දත් ටික නම් පොල් කෑල්ල වගේ. ගඩොල් කුඩුවලින් ද මදින්නේ?

      Delete
    2. තනි අකුරේ චාටර් උතුමගේ ගෝලයා ඇවිත් වගේ. පුහ්!

      Delete
    3. මෙඩ්ඩන් ගේ වලියක් වගේ?

      Delete
  23. මග මරුවන්ගේ සටනට ජයවේවා ! ආණ්ඩුමට්ටු කරන්ඩ බැරි ආණ්ඩුව පලවා හරිමු

    ReplyDelete
  24. බස් වර්ජනේ නිසා දුම්රිය පුද්ගලික කරණය කරන්න කියන ගොනෙක් දැක්කමයි.... මුන්ට කොහෙන් ගියත් පුද්ගලිකරණය....

    ReplyDelete
  25. පැරා උඹ ඉන්නව ද මචං?

    ෆේස්බුක් එකේ හාදයෙක් ලොකු ටෝක්ස් දෙනවලු මනෝවිශ්ලේෂණය ගැනයි මනෝ වෛද්‍ය විද්‍යවෙ ගැනයි. අපි ෆේස්බුක් එකේ නැහැනේ මචං. උඹ ඒ හාදයා ලිව්ව මහ ලොකු විචාරය ගැන ලිපිය ‍W3Lanka එකේ පොස්ට් එකක් හැටියට දාපංකෝ. උගේ විචාරය නිසා අපේ එකෙක් පැරිස්වල හිනාවෙලා හිනාවෙලා කෙළ ඉස්මොල්ලේ ගිහින් මැරෙන්න යනවා!

    සාදුලා සිංහල, ඉංග්‍රීසි දන්නේ නැහැ කියලා ලොකු ටොක් දෙන හාදයගේ සිංහල, ඉංග්‍රීසි දැනඅම විතරක් නෙවෙයි සාමාන්‍ය පෙළ, උසස්පෙළ හා ඇක්ට් සික්ස්ටීන් ගැනත් කතා කරන්න.

    උඹලා මේ කැටපෝල් අල්ලන් පිස්සු කෙළින නිසා අපි ෆේස්බුක් නැහැනේ පැරා.

    උඹ ඉතිං රොගීන්ගේ case reports and medical histories වලටත් කෙටි කතා කියලා හිතලා excellent කියන එකේ ඔන්න ඔය විචාරය ද මොකක් ද එකත් පළ කරපං පැරා.

    ReplyDelete
  26. Route permit will be cancelled? Heard news now! Seems like govt. Is doing what para saying!

    ReplyDelete
  27. මම නම් හිතන්නේ මේක ගැලපන්නේ නැති මොඩ කතාවක්.
    ප්‍රයිවට් බස්කාරයෝ අන්තිම නරකයි කියල ඔනෙ කෙනෙක් දන්නවා
    ඒවුනාට මේක උන්ට විතරක් බලපාන එකක් නෙවෙයිනේ හයි ස්පීඩ් ගිහින් 25000 ගෙවන්න උනදාට තේරෙයි, වහනයක් එලවල තියෙන එකෙක් වෙන්න එපැයි මුලින්ම. 60 ට ගිහින් සමහර ගමන් යන්නපුලුවන්ද ඔයි ? එක තමයි ගොඩක් අය රිස්ක් එකක් අරගෙන හයි ස්පීඩ්යන්නේ පොලිස් කාරයෙකුට අහුවුනොත් අවාසනාවට තමා, අනික බලනවකො මේ සිදියේදී රවී කරුණානායකගේ හැසිරීම ඔය මොන බයිල කිව්වත් ඔකා දඩ ගැහුවේ අයවැයෙන් සල්ලි හොයන්නතමා, පස්සේ බස් ගැමුණුට කිචවෙලා දඩ අකුලගන්න උනහම උගේ තරහයි මෝඩකම ප්‍රදර්ශනකරල 25 දඩ ගැහුවේ නිකම් කැකිල්ලේ රජවගේ මේවගේ දඩගහපු බදු ගහපු කාලයක් යුදේ තියෙනකොටවත් තිබුනේ නැ. රුපියල 151 වැටිල රට ඉතාම භයානක අඩියටම වැටිල.වටේ පිටේ තියෙන දෙයක් පොඩ්ඩක් හොයල බලනවකෝ.

    ReplyDelete
  28. රාජ්‍ය අංශයේ අනවශ්‍ය ලෙස යොදවා ඇති කාර්‍ය මණ්ඩල, අකාර්‍යක්‍ෂමතාවය සහ දූෂණය පාලනය කර ගත හැකි නම් ...

    ReplyDelete
  29. ලීසිං වාරිකය ගෙවන්නත් තියනවා නේද කියලා බස් කාරයින්ට මතක් වුණාම වර්ජනය අත හැර දැම්මා. මුන්ට එක දවසකට වඩා වර්ජනය කරන්න කිසිම විදියකින් පුළුවන්කමක් නෑ. දශක ගණනාවකින් කොළඹ ගාලු පාරේ නොතිබුණු රථ ධාවන විනයක් ඊයේ දැක ගන්න ලැබුණා. ලංගම බස් ලස්සනට නිවැරදිව බස් ධාවන මංතිරුවේ ගමන් කරන ආකාරයත් දැක ගන්න ලැබුණා. 1977 බලයට පත් වුණු යූ.ඇන්.පී. ආණ්ඩුව කරපු මෝඩකමක් තමයි පුද්ගලික බස් ධාවනයට අවසර දීම.

    ReplyDelete
  30. ඇමරිකාව වගේ රටවල මිනිහෙක් වැරැද්දක් කලාම ඒක අන්තර් ජාල රහස්‍ය ලිපි ගොනුවට යනවා. බිල් ගෙවන්න පරක්කු නම්, ක්‍රෙඩිට් කාඩ් පියවන්නෙ නැත්නම් ඒ ඔක්කොම යනවා. ඒ නිසා කෙනෙකුට රස්සාවක් දෙන්නෙ මේවා බලලා. අවුල් නම් හැමදාම හිඟා කන්නයි වෙන්නෙ. ඒ තරම් දඬුවම් වැඩියි. ඒ රටවල වැරදි දූෂණ අඩුයි. රටවල් දියුණුයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා