යූඇන්පියට රට විකුණන්න නො දී විප්ලවේ කොරහල්ලකො බං

මේවා රට විකුණගෙන කන සිස්ටම් කියලා ජෙප්පෝ කියන්නේ.
ඉතින් බං උඹලත් මේකෙන්ම කන්නේ නැතිව...
විප්ලවේ කොරහන්කෝ හිටන්...

අප මිත්‍ර බ්ලොග්කරුවකු වන මාතලන් විසින් ෆේස්බුක්හි තබන ලද මෙම සටහන මේ මොහොතේ අතිශය දේශපාලනික ප්‍රකාශයක් බව ද, අවශ්‍ය නම් ඔය වෙනත් නිතර කියන දේශපාලන රුවන් වැකි ගනයෙහි ම ලා සැලකිය හැකි බව ද කියමි.

2015 ජනවාරි 8 විප්ලවයට සහභාගි වූ අයට අරමුණු කීපයක් තිබුණු බව පෙනේ. එක් පිරිසකට අවශ්‍ය වී තිබෙන්නේ රාජපක්ෂ පාලනය අවසන් කිරීමට පමණි. ඒ අය හැකි ඉක්මණින් අත් සෝදාගෙන ඉවත් වූ අතර, එතැන් සිට හැසිරෙන්නේ තමන් එහෙම එකක් කළේ නැහැ වගේ ය. එපමණක් නො ව, දැන්, දැන් අනියමින් රාජපක්ෂලාගේ න්‍යාය පත්‍රයට වැඩ කරන්නට ද මේ අය පටන් ගෙන තිබේ.

මේ පිරිස ගිහින් පට්ටල් ගැහී තිබෙන්නේ අපි ඕවට නෑ, අපි දෙකට ම නෑ ආදී වශයෙන් සම්භාව්‍ය ටෝක් දෙමින් අවසානයේදී යටින් ගේම් ගසමින් ඇත්ත වශයෙන් ම රාජපක්ෂලා වෙනුවෙන් ම වැඩ කළ නඩ සමග වීම අහම්බ නො වේ.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කර ගත් සන්ධානයක් බලයට පැමිණීම යනු ඔළු මාරුවකට වඩා ආර්ථික ප්‍රතිපත්ති මාරුවක් බව තේරුම් ගන්නට බැරි තොත්ත බබාලා ඒ දවස්වල ම පැත්තකට විය යුතුව තිබිණි.

එජාපයේ ආර්ථික ප්‍රතිපත්තිය ඉතා හොඳ එකකැයි අපි නො කියමු. එහෙත්, අපට තියෙන ප්‍රශ්නය වන්නේ අප හමුවේ වෙනත් විකල්පයක් තිබේ ද යන්නයි.

කිසිදා භාවිතයට නො ගත්, භාවිතයට ගැනීමට තුන් හිතකවත් නැති මනෝරාජික අදහස්වලින් ඇති වැඩක් නැත. අප හමුවේ තිබෙන්නේ හෙට දවසේ පැවැත්ම පිළිබඳ බරපතල ගැටලුවකි.

එක පැත්තකින් ලෝකයෙහි තිබෙන්නේ ලංකාවට ලොකු අවස්ථාවක් ලබා ගත හැකි තත්වයක් නො වේ. ලංකාව තව දුරටත් ලාභ ශ්‍රමය මිළ දී ගත හැකි තැනක් නො වේ. නිදහස් වෙළඳ කලාපවල පමණක් කිසි දා නො පිරවෙන පුරප්පාඩු 20,000ක් තිබේ. ගම් මට්ටමේ පොල් ගෙඩියක් කඩා ගන්නට, තේ දළු ටික නෙළා ගන්නට, කුඹුරක් කොටා ගන්නට, කිතුලක් මැද ගන්නට ශ්‍රමිකයෙකු සොයා ගත නො හැකි ය. එහෙයින්, ලාභ ශ්‍රමය හා අඩු නිෂ්පාදන පිරිවැය සොයාගෙන ලංකාවට ආයෝජකයන් පැමිණෙන්නේ නැත.

අනෙක් පැත්තෙන්, මැද පෙරදිගින් ලැබෙන ආදායම්වල වර්ධනය ද අඩු වී තිබේ.

මේ රටින් අපනයනය කර ගන්නට තිබෙන තේ, රබර්, පොල්වලට ද ලොකු අපනයන ඉල්ලුමක් නැත.

ලංකාව වනාහි ව්‍යවසායකත්වය දිරි ගන්වන සමාජයක් නො වේ. තවත් මිනිසුන්ට රැකියා සපයමින්, තමන් ද ලාභ ලබන, ණය බර වැනි විශාල අනතුරු දරා ගන්නා ව්‍යවසායකයන්ට ලංකාවේ මිනිසුන් කියන්නේ ධනපතියා යන කුණුහරුප වචනයයි. ලංකාවේ වාමාංශිකයන් සිතන්නේ හා ජනතාවට කියන්නේ ලාංකිකයන්ගේ කාලකන්නි ඉරණමට හේතුව මේ ධනපතියන් බවයි. ඒ නිසා ඔවුන්ගේ වැඩි පඩි ඉල්ලා, අඩුවෙන් වැඩ කර, ඔවුන් මිරිකා බදු ගෙන, ඔවුන්ගේ ව්‍යවසායන් විනාශ කර දැමිය යුතු යයි ඔවුහු ජනතාවට උගන්වති.

ඒ ව්‍යවසායවල වැඩ කරන මිනිසුන්ට ඔවුහු අනුකම්පා කරති. ඔවුන්ට බැරි නම් ඔවුන්ගේ දරුවන්ට හෝ තමන් සේ රජයේ සේවකයන් වන්නට අවස්ථාව ලබා දීම යහපත් ජීවිතයක යතුර ලෙස ඔවුහු සලකති.

රජයේ සේවය වනාහි ඉතා පහසු, වැඩිපුර වැඩ නැති, අවශ්‍ය නම් වැඩ නො කර ම සිටිය හැකි, මොනවා කළත්, නො කළත්, ලෙහෙසියෙන් රස්සාව නැති නො වන, විශ්‍රාම වැටුප් සහිත සුරක්ෂිත ජීවිතයකි.

එහෙත්, ඇත්ත වශයෙන් ම මේ රටේ කාලකන්නිකම නිර්මානය කරන්නේ ඵලදායී වැඩක් නො කර, මහජන බදු මුදල් හා අනාගත පරම්පරා උගසට තබා ගත් ණයවලින් යැපෙන ලක්ෂ 15ක් පමණ වන දේශපාලකයන්ගෙන්, නිලධාරීන්ගෙන් හා රජයේ සේවකයන්ගෙන් සැදුම් ලත් සූරා කන මධ්‍යම පංතිය බව ද, ලංකාවේ සත්‍ය සමාජ ක්‍රමය වන්නේ මෙම මධ්‍යම පංතියේ ආධිපත්‍යයෙන් යුත් ධනේශ්වර ක්‍රමයක් බව ද මොවුන් පිළි ගන්නේ නැත. මන්ද, මනෝරාජික ධනපතියෙකුට බැනීම ඊට වඩා පහසු නිසා ය.

වාමාංශිකයන්ගේ විප්ලවය මහින්ද රාජපක්ෂ කොරලා හමාර කළේ ය. ඒ කියන්නේ මධ්‍යම පංතියට සැප දෙන දැවැන්ත රජයක් හැදුවේ ය. ඒ වෙනුවෙන් අනාගත පරම්පරා ගණනාවක් උගස් කරමින් ණය ගත්තේ ය. දැන් තිබෙන ප්‍රශ්නය එය තව දුරටත් පවත්වාගෙන යන්නට බැරිකමයි. පවත්නා රජය එජාප එකක් වුණත්, අතිශය බලවත් මධ්‍යම පංතියේ සහයෝගය නැතිව එම පක්ෂයට බලය පවත්වාගෙන යා නො හැකි ය. ඒ නිසා මධ්‍යම පංතිය රිදවන තීරණ හෙවත් ඵලදායී වැඩ නො කරන පිරිස්වලට කරන ගෙවීම් නැවැත්වීමේ තීරණ කිසිවක් ගන්නට එජාපය සූදානම් නැත. අනෙක් පැත්තෙන් පාලක සන්ධානයේ ශ්‍රීලනිපය යනු බොහෝ දුරට මධ්‍යම පංතියේ ප්‍රධාන ම පක්ෂයයි.

එජාපයේ ව්‍යවසායකත්ව හිතවාදී ස්ථරය මේ වන විට තරමක් ආක්‍රමණශීලී ප්‍රතිපත්ති වෙනස්කම් වෙනුවෙන් මුල පුරා තිබේ. ආයෝජකයන්ට සේවා සලසන්නට තිබෙන ආයෝජන මණ්ඩලය වැනි ආයතන එක් පාලනයක් යටතට ගනිමින්, සංවර්ධන කලාප පහක් හා සංවර්ධන මණ්ඩල නිර්මානය කරමින්, ඒවායේ ව්‍යවසායකත්ව සංවර්ධන කටයුතු මෙහෙයවන්නට නීති මුක්තිය ද ඇතුළු පුළුල් බලතල ඇති තවත් ආයතන කීපයක් ද හදමින්, සුපිරි බලතල ඇති ඇමති තනතුරු දෙකක් නිර්මානය කරන්නට පනතක් සම්මත කර ගන්නට එජාපය සැරසෙමින් සිටියි. මේ වන විට මෙම පනතට කැබිනට් අනුමැතිය ද හිමි වී තිබේ. මේවා සිදු වන්නේ එජාප ශ්‍රීලනිප සාකච්ඡා ඔස්සේ බව ද අප මතක තබා ගත යුතු ය. ශ්‍රීලනිපයේ ඇතැම් වාචාලයන් එළියේ කෑගැසුව ද, ඇතුළේ වැඩේ යන්නේ පූර්ණ අවබෝධයකිනි.

මේ ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බරපතල ගැටලු ඇති වේ. එහෙත්, ආර්ථික පැවැත්ම තහවුරු කර ගැනීමට බැරි වන්නේ නම් ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවලින් වැඩක් ගත නො හැකි වනු ඇත.

හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපළ කළමනාකරණය කිරීම සඳහා 99 වසරක් වෙනුවෙන් 80%ක් චීනයට කොටස් හිමි, ලංකාවට 20%ක් පමණක් කොටස් හිමි සමාගමකට භාර දීම ගැන විවේචන අසන්නට ලැබේ. වැඩේ කියන්නේ ඔය රෙද්දවල් තියාගෙන හිටියා ය කියා ණය ගෙවන්නට තරම්වත් ආදායමක් ලැබෙන්නේ නැති නම් ඇති වැඩේ මොකක් ද කියා ය.

ලංකාවට සම්පත් ආරක්ෂා කර තබා ගත හැකි ය. එහෙත්, ඒ සම්පත්වලින් වැඩක් ගන්නට බැරි ය. මෙයට හොඳම උදාහරණය එප්පාවල පොස්පේට් නිධියයි. එය හාරා ගැනීම ඇමරිකානු සමාගමකට පැවරීමේ උත්සාහය පැරදවූයේ අප ද සහභාගි වූ දැවැන්ත අරගලයක් ඔස්සේ ය. ඉන් පසු එම අරගලයේ සංකේතීය නායකයා වූ මහමාන්කඩවල පියරතන හාමුදුරුවන් ද අධ්‍යක්ෂ ධුරයක් දරන සමාගමකට එප්පාවල පොස්පේට් නිධිය සම්බන්ධ කටයුතු පැවරිණි. අවුරුදු 20කට පමණ පසුවත් එම සමාගමෙන් කරන නිෂ්පාදනයක් නැත. පොහොර නිධියක් මත සිටගෙන අපි පිටරටින් පොහොර ආනයනය කරමින් ගොවිතැන් කරන්නෙමු.

ආර්ථික ජාතිකවාදය වඳ එකක් බව පුන පුනා පෙනී ගොස් තිබෙන සංදර්භයක් තුළ, එජාප නායකත්වය කිසියම් විකල්පයක් වෙනුවෙන් උත්සාහයක් දරයි. එය හරි යාවි ද, වරදීවි ද යන්න දැන ගන්නට හැකි වන්නේ කොරලා ම බලලා ය.

දැන් ඉතින් මේ සුපිරි ඇමති තනතුරු දෙකට පත් වන්නට යන රනිල් වික්‍රමසිංහ හා මලික් සමරවික්‍රම ගැන හෝ භාණ්ඩාගාර බැඳුම්කර වංචාව ගැන අප දන්නා දේවල් ම නැවත, නැවත අපට කියා දෙන්නට උත්සාහ කරන අයට මට කීමට ඇත්තේ මෙයයි.

තමන්ගේ විකල්පය ඉදිරිපත් කරන්න. සියල්ල දත් වාමාංශිකයන්ට නම් තමන්ගේ විප්ලව මෙව්වා එක කරන්නට පුළුවන. හැබැයි, රජයේ රස්සා බලාගෙන ඉගෙන ගන්න, මොකුත් නො දන්නා කැම්පස් ළමයින් ගොනාට අන්දා පාරට දමා නො වේ. රජයේ රස්සා කරමින්, හැමදාම එක ම පිරිස රැස් වන කොළඹ කමිටු රැස්වීම්වලින් හා ෆේස්බුක් එකෙන් විප්ලව කරන එක නවතා ක්‍රියාධරයන් සටනට මුල පිරිය යුතු ය.

ජනතා විමුක්ති පෙරමුණ අනාගතයේ රට කරවන්නට බලාපොරොත්තු වන විදිය අධ්‍යයනය කළ හැකි ජවිපෙ විසින් පාලනය කරන සමුපකාරයක් තිබේ. ඒ අධ්‍යාපන සේවක සමුපකාර ණය දෙන සමිතියයි. එහි ප්‍රධාන වශයෙන් ම සාමාජිකයන් වන්නේ ගුරුවරුන් ය. අවුරුද්දකට, දෙකකට පෙර ජවිපෙ එහි බලය ඇල්ලුවේ ය. මේ වන විට සමිතිය කොට උඩ ය. විස්තර පසුව ලියමි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. විපක්‍ෂයේ ඉඳ සිල් අරගෙන වාගේ
    රටේ ප්‍රශ්ණ විසදිය හැක කජු වාගේ

    ReplyDelete
  2. වම්මුන්ට විව්‍යසායකයින් වෙන්න, ව්‍යාපාර කරන්න බෑ... සෝවියට් සංගමයෙ ඉදන් ජෙප්පන්ගෙ ණයදෙන සමිතිය වෙනකම්ම එක එහෙමමයි.
    පහුගිය අවුරුදු 50 ඇතුලත ලෝකය ලබාගත් හැම ආර්තික සංවර්ධනයක්ම, තාක්ශනික දියුනුවක්ම ලබාගත්තෙ නිදහස් වෙලදපොල ධනවාදය නිසා පමනයි

    ReplyDelete
  3. අවසානෙට සමාජවාදී කරුමේ විඳවපු රටවලුත් වැරැද්ද හදාගෙන ඉස්සරහට ගිහිං, ඒත් ඒක අවබෝධකර ගන්න බැරි මේ ඇදහිලිකාර බූරුවන්ට ඕක කියාදෙන සැටියක් සොයා ගන්නාතුරු අපිට නම් ඉදිරිගමනක් නෑ, ජේආර්ගේ නැකසලයිට් මගඩි අසාධාරණ නෑ කියලාත් හිතෙනවා.

    ඕකුන්ට වී මෝල් කාරයෝ කප්පම් දෙනවා ඡන්ද කරන්න හේම, ඒ වුන් කන්න කපල මාර්කට්එකට වී එනකොට පාරට බැහැල ජෝගි නටන නිසා, ආණ්ඩුව හරි බරි ගැහිල මිළ නියම කරල ගබඩා අරිනකොට දුප්පත් ගොවියන්ගේ වී ටික තුට්ටු දෙකට මෝල් කාරයෝ අරගෙන නොවිකුණා ඉතිරි වෙලා තියෙන්නේ රජයේ සේවකයෝ වවපු කුඹුරු වල වී විතරයි. සමහර ගොයි සමිති වල ඉන්නෙත් ජෙප්පෝ(ජීවිතේට කුඹුරක් පස්සවන්න නොදන්න ගොවි නායකයෝ), උන් සහ ගොයි නියාමකලා කොමිස් අරගෙන ගොයි සමිතියේ කෝටා එකට මොල් කාරයන්ගේ වී ආණ්ඩුවේ ගබඩාවලට රිංගවනවා, අන්තිමට ආණ්ඩුව අතින් පාඩු කරගෙන මොල් කාරයන්ටම අාපහු ඒ වී විකුණනවා හාල් කරල වැඩි ගානට විකුණගන්න.

    ReplyDelete
  4. ඒ අය හැකි ඉක්මනින් අත සෝදාගෙන ඉවත්වූ අතර......... මං හිතන්නේ ඒ අය අත සෝදා ගන්න තැනට ඉක්මනටම තල්ලු කලා කියලයි.

    ඔය හොරකං කරා කියන අයගේ සල්ලි ටික හිත රිදෙන්නෙ නැති විදියකට ගන්න ක්‍රමයක් ගැන හිත හිත කාලේ කනවට වඩා හොඳයි ඒ අයට ව්‍යවසායක ලේබලය අලවලා කරලියට ගන්න එක. කාලෙකට ඉස්සර බන්දුල ගුණවර්ධනට නම් මෙහෙම එකක් කිව්වා මතකයි. "කවුරුඋනත් කමක් නෑ විසිපස් දෙනෙකුට රස්සා දෙනවානම් ඒ සල්ලි ආපු හැටි හොයන්න එපා".

    ReplyDelete
  5. this issue with the port is eventually china will control all our inward ports, currently they have a terminal in colombo habrbour and given the fact that they are going to operate they would have power to stop all imports to us/make it difficult or increase the cost in the event if we try to do someting that does not please their policy. example get close to usa/japan/india/pakistan, with the control of lk ports they will control the entire sea route, however what alternative do we have. the state is not able to do any business due to hyporotic polyticians and stupid trade unions, remember the time when colombo port was only managed by ports authority what kind of a power did port workers had.,those illetrate useless inefficent bastrards could strike just as those blood sucking doctors and ruin the entire economy, now that there are several terminals their powers are lost,these are problems we can overcome with very carefull and strategic planning, but who has the competency or the need to do that. no body. can u blame the general public no, we have no control what so ever of the decisions the government makes. what would eventually happen is people will get sick and tired of unp thives and then will bring back the thugs of previous regime to power, our leaders are wasting a golden oppetunity they got to make this country right

    ReplyDelete

  6. මේ ලියුම C.A චන්ද්‍රපේම ගේ "කොලපාට සමාජයක්" පොතේ අනුකරනයක් වත් ද?

    හැබැයි මෑන්ස් ට නම් රනිල් වහන්සේ එපා වෙලා මහින්ද මහත්ත්යා ලඟට ආවා හිටන්!

    ReplyDelete
    Replies
    1. සාරස කුක්කු පැටියා, නෝටියා මෙතනත් කොමෙන්ට් එකක් දාලා.ඔයාගේ කොමෙන්ට් වලට මම හරි කැමතියි වස්තුව.

      Delete
  7. එතනත් හොඳ සංවාදයක් යනවා... ඊට පස්සෙ මම දැම්මා අර අවුරුදු දෙකක් ඉතර අමාත්තියන්ශ 4ක් රන් කරලා මක්කද කරේ කියලා. අනුර කුමාර බස් එකක් අරගෙන දැම්මලු මොකක්ද අමාත්තියන්සෙකට. ඒ කියන්නේ තා ටිකක් කල් උන්නා නම් බස් 6 ක් ඉතර දායි.. අපරාදේ...

    ReplyDelete
    Replies
    1. තා ටික කලක් උන්නා නම්.... බස් තියන් පයින් යන්න වෙයි.

      Delete
    2. Anura kymara mona gon wassekda.
      U bus ekak daapu ekath loku deyak.

      Delete
  8. "ලංකාවේ වාමාංශිකයන් සිතන්නේ හා ජනතාවට කියන්නේ ලාංකිකයන්ගේ කාලකන්නි ඉරණමට හේතුව මේ ධනපතියන් බවයි. ඒ නිසා ඔවුන්ගේ වැඩි පඩි ඉල්ලා, අඩුවෙන් වැඩ කර, ඔවුන් මිරිකා බදු ගෙන, ඔවුන්ගේ ව්‍යවසායන් විනාශ කර දැමිය යුතු යයි ඔවුහු ජනතාවට උගන්වති." හරියටම හරි. කලකට පස්සේ ජෙප්පන්ගේ සැබෑ හෙළුව පෙන්වා දෙන්නට ඔබට හැකිවීම ගැන බොහොම සතුටුයි. ජෙප්පන්ට රට ගියොත් මහින්දයාගේ කාලේ අපේ රට "කේතුමතී රාජධානිය" වගේ නේද තිබුණේ කියලා ඔය මෝඩයන්ට හිතෙයි. එතකොට ඉතින් නහයටත් උඩින් වතුර ගිහිල්ලා ඉවරයි. මම මේ කිව්වේ මහින්ද අධිරාජයාගේ පාලනය හොඳයි කියලා එහෙම නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. Dan thiyena eka hondaida napunsaka

      Delete
  9. පැරා,

    මිට කලකට පෙර මම රාජ්‍ය සේවය තුල මේ ප්‍රශ්නය විසදන ආකාරය ගැන විස්තර කළා,
    අද වනවිට පවතින ශ්‍රී ලංකා රජය මේ දේවල් ස්වල්ප වශයෙන් ක්‍රියාත්මක කරමින් පවතිනවා, මේ රජය දක්ෂ නෑ තමන් කරන වැදගත් දේවල් නිසිලෙස ප්‍රචාරණය කරන්න, උදාහරණ ගත්තොත් අද උප්පැන්න සහතික මරණ සහතික සහ විවාහ සහතික ඔබේ ප්‍රාදේශීය ලේකම් කර්යාලයෙන් රුපියල් 100ක් වැනි මුදලකට විනාඩි 10 වැනි කාලයකින් ලබාගැනීමට හැකිවී ඇති බව බොහෝදෙනා දන්නේ නෑ.

    නමුත් වියාපාර වලදී අපට චීනයේ අලිබබා වැනි තනි ආයතනයක් දිනකට ඩොලර් බිලියන 14 ක් වැනි මුදලක් ගනුදෙනු කිරීම මගින් චීනයට ලැබෙන විදේශ විනිමය විශාලයි පහත සබැදි වලින් ශ්‍රී ලංකාවේ රජය සේවය සම්බන්ද කල හැක්කේ කෙසේද කියන දේ මම සාකච්චා කළා

    http://lankasithuwili.blogspot.com/2015/11/blog-post_26.html

    http://lankasithuwili.blogspot.com/2015/11/blog-post_16.html

    මාකියන දේ අද වෙන විට ඉතා සෙමින් සිදුවෙමින් පවතිනවා, ප්‍රශ්නය නම් රටට මුදල් ලැබීම ඉතා වේගයෙන් අඩුවන තත්වයක් තුල මේ සාදනිය දේවල් ප්‍රමාණවත් නැතිබවයි මගේ අදහස.

    ඔබට මතක ඇති හම්බන්තොට වරාය ගැන කියන විට මම සැමවිටම කිව්වේ මහින්ද සමයේ කරනලද ඉතා අනගි නිර්මාණය මෙය බව, ඔබම හිතන්න මේ වරායෙන් කිසිම වැඩක් නැත්නම් චීනය වසර 99 ට බදුගන්නේ උන්ට පිස්සු නිසා නෙමෙයි.

    මෙහි ඇති විශිෂ්ට වැදගත් කම ඔවුන් දන්නා නිසයි, අපි ඇසිය යුතු ප්‍රශ්නය ඇයි අපට මෙයින් ප්‍රයෝජන ගන්න බැරි කියන එකයි, ඊට මුලිකම හේතුව මෙහි ඉදිවියයුතු තෙල් පිරිපහදුම් ඉදිනොවිමයි, මහින්ද අනවශ්‍ය වියදම් (මත්තල ගුවන් තුටෝපොල ) මනොකර මෙය ඉවර කලානම් මෙලහකට අතිවිශාල විදේශ විනිමයක් මෙයින් ලැබෙනවා.

    මෙසේ මෙවැනි දේ විකිණී යන්නේ දේශපාලකයන් කරන කොමිස් සෙල්ලම බව ඔබට තේරුම් ගන්න බැරිද ?

    ReplyDelete
    Replies
    1. ඔහේට නොතේරුනාට ඔහෙත් ඉදිරිපත් කරන්නේ ජෙප්පෙන්ගේ කියන විදිහේම බයිලාම තමයි.

      චීනෙට නම් පිස්සු නෑ තමයි, පකිස්තානෙත් හම්බන්තොට වගේම වරායක් හදලා, නැව් නැති නිසා ණය ගෙවාගන්න බැරිවුනාම එයාලම බදු අරන්, ඒව්වා සුපිරි ප්ලෑන්.

      Delete
    2. ඇණයා Nut Man,

      චිනේ ණය දීල කරලා තියෙන්නේ තමන්ට උවමනා ප්‍රාග්ධන ආයෝජනය අපලවා කරවාගෙන ණය ගෙවන්න බැරි වෙනකොට ඔවුන්ම බද්දට ගැනීමයි,
      සිංගප්පුරුවේ තියෙන්නේ රාජ්‍ය අංශය තමයි එහි රජය ඔබ නොදන්නවා උනාට රටවල් 9ක වරායවල් පාලනය කරනවා.

      ප්‍රශ්නය තියෙන්නේ රාජ්‍ය අංශයේ නෙමෙයි රටේ දෙසපළුවන් ට උවමනාවක් නෑ මේ වුර්තිය සමිති පාලනය කරන්න මෙන්න මෙහෙමයි ජෙප්පෝ පාලනය කරන්නේ https://www.youtube.com/watch?v=ytMXSLeqFMY

      ඔබට නොතේරෙන්නේ ජෙප්පෝ පාලනය කරන විදියයි

      Delete
    3. චීනෙන් ණය ගත්තා. ගෙවන්න බෑ.බද්දට දෙනවා හැර විසඳුමක් නෑ කියමුකෝ. ඉන්දියාව ඒක බල බල නිකා ඉඳීද. හම්බන්තොට ඔය කියන සංවර්ධනය පටන් ගන්න කොටම ඉන්දියාව තානාපති කාර්යාලයෙ ශාඛාවක් ඇරියා මට මතකයි. ඉන්දියාව තරහා කරගත්තොත් JR ට කරපුදේම කරාවි. අන්තෝ ජටා බහි ජටා.

      Delete
    4. Lankika Sithuwili සින්ගප්පූරුවෙ තියෙන්නෙත් පවුල් පාලනයක් සහ අන්ත බලහත්කාරයක්. උතුරු කොරියාව වගේම තමයි.ඒ විදියෙන් රාජ්‍ය අංශයක් හදාගත්තම උන් වැඩ කරන්නෙ මෙහේ පැන්ශන් බලකාය වගේ නෙවෙයි.
      අපිට හරියන්නෙ ප්‍රයිවටයිස් පාලනයක්. සින්ගප්පූරු ක්‍රමේට රට හදයිද උතුරු කොරියන් ක්‍රමේට හදයිද ශුවර් නැති නිසා එකෙකුටවත් ලොකු බලයක් දෙන්න හොඳ නෑ. ලොක්කෙක් විදියට හිතන්න තරම් හීනමානෙ නැති මිනිස්සු ලංකාවෙ නෑ

      Delete
  10. Darwin port in Australia sold to Chinese for 99 years. They are tip to get Melbourne port as well . Don't make big deal out of business transactions
    http://www.abc.net.au/news/2016-03-07/darwin-port-deal-funds-quick-hit-to-nt-economy/7228000

    ReplyDelete
  11. 2016 දෙසැම්බර් මස 18 වැනි දින,

    අජිත් පැරකුම් ජයසිංහ මයා,
    ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ වෙබ් පරිපාලක,
    W3Lanka වෙබ් (බ්ලොග්) අඩවිය.

    ගරු මහත්මයාණෙනි,

    කවීන්ද්‍ර අජිත් පැරකුම් ජයසිංහයන්ගේ කාව්‍ය නිර්මාණ දෙකක් අප වෙබ් අඩවියේ පළ කරනු ලැබීම සඳහා අවසර ගැනීම
    --------------------------------------------------------------------------------------------------

    අප විසින් තව දෙසතියකට පමණ පසු ජනගත කරනු ලැබීමට නියමිත නව වෙබ් අඩවියක පළ කිරීම සඳහා ඔබතුමාගේ කාව්‍ය නිර්මාණ දෙකක් අලළා ලිය වී ඇති විචාර ලිපි දෙකක් අප වෙත ලැබී ඇත. එම විචාර ලිපිවලට අදාළ කාව්‍ය නිර්මාණ මතු දැක්වෙන පරිදි ය:

    දිශාවක් නො දත් සුළඟ
    මී මල් යළි පිපුණා

    අපගේ නව වෙබ් අඩවියේ පළ කරනු ලැබීමට නියමිත එම විචාර ලිපි දෙක සමඟ එම විචාර ලිපිවලට අදාළ ඔබතුමාගේ කාව්‍ය නිර්මාණ දෙක ද පළ කෙරෙන්නේ නම් මනා බව සංස්කාරක මණ්ඩලය වශයෙන් අපගේ හැඟීම ය. එම අරමුණ පිණිස ඔබතුමාගේ කාව්‍ය නිර්මාණ දෙක අපගේ වෙබ් අඩවියේ පළ කිරීම සඳහා ඔබතුමාගේ අවසරය ලබා දෙන මෙන් අපි කාරුණික ව ඉල්ලා සිටිමු. ඔබතුමාගේ ප්‍රතිරූපණ හිමිකමට ගෞරව කරමින් ඔබතුමාගේ කීර්ති ශ්‍රී නාමය එම කාව්‍ය පෙළ සමඟ අපි කෘතඥපූරක ව සඳහන් කරන්නෙමු.

    අපගේ නව වෙබ් අඩවිය පූර්ණ ශාස්ත්‍රීය අරමුණකින් ඇරඹෙන්නකි. එහි කිසිඳු සෘජු හෝ වක්‍ර හෝ වාණිජ අරමුණක් නැති බව ද දන්වනු රිසියෙමු.

    ස්තුතියි!

    සංස්කාරක මණ්ඩලය,
    නව වෙබ් අඩවිය (ජනවාරියේ දී ජනගත වීමට නිමිත).
    ‍පොදුජන ක්ෂේත්‍ර සාමූහිකය.

    ReplyDelete
    Replies
    1. අවසර ඇත. නව ප්‍රයත්නයට උණුසුම් සුබපැතුම්!

      Delete
  12. ෂිවිල් සමාජේ කීප දෙනෙකුට (ප )ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීකම් ලැබෙනවලු. පැරාට ආරාධනාවක් නැතෙයි ? හැබයි දැන් නම් පැරා ඉන්න ඕනේ එතන තමයි

    ReplyDelete
    Replies
    1. ලංකා සී නිව්ස් එකෙන් ද ඔය ආරංචිය ලැබුණේ?

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. නෑ ඔයාලගේ සත්හඬේ http://sathhanda.lk/news/3377-5-7 :D

      Delete
    4. මං ඔය සිවල් සමාජයේත්, කලා සමාජයේත්, වෙන මොන එකකවත් නැහැ. මට ටයිටල් නැහැ. මං පැරා විතරයි.

      Delete
    5. //ඔයාලගේ සත්හඬේ//

      මොනවද අපේ කියන්නේ? අපේ කියලා දැනට පත්තරයක් නැහැ. ඒ අඩුව ළඟදීම පුරවනවා. පත්තර, රේඩිටෝ, රූපවාහිනී.... අති දැවැන්ත මාධ්‍ය ජාලයක්. ඒකෙන් දෙන ප්‍රචාරය හමුවේ ඔය කැහුටු දෙරණ, හිරු සහ අනෙකුත් මාධ්‍යවලට වෙන්නේ කඩේ වහලා දාන්නයි. අනිවාර්යයෙන්ම 2030 වෙනකම් එ.ජා.ප. ආණ්ඩුවක් තියනවා. ඔයාලගේ මහින්දට එතකොට 90 ත් කිට්ටු කරලා තියෙයි.

      Delete
  13. මොකක්ද වෙලා තියෙන්නේ ජවිපෙ පාලනය කරන අධ්‍යාපන සමුපාකාරෙට?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා