රණවීරයන් සමග ගම්මන්පිලයන්ගේ කුමන්ත්‍ර‍ණ

මෙම සෙබළියට ඇති ආබාධය කුමක් ද?
බෙංගමුවේ නාලක, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, උදය ගම්මන්පිල වැනි රාජපක්ෂවාදී ජාතිවාදීන්ගේ උපායමාර්ගයකට අනුව ඊයේ කොළඹදී මහා කලබලයක් ඇති කළ ආබාධිත සෙබළුන් පිරිසගේ ඉල්ලීම රජය විසින් ලබා දී තිබේ.

මෙම ඉල්ලීම 2008 පමණ සිට පැවති, උදය ගම්මන්පිලලාගේ, රාජපක්ෂලාගේ ආණ්ඩුවට අවශ්‍යතාවක් තිබිණි නම් ලබා දිය හැකිව තිබුණු ඉල්ලීමකි.

එම ඉල්ලීම මුළුමනින් ම සාධාරණ නැත. මෙම සෙබළු සියලු දෙනා සම්පූර්ණයෙන් ම ආබාධිත ද නැත. එසේම, ඔවුන් ආබාධිතභාවය නිසා ලැබෙන විශ්‍රාම වැටුප් අයිතිය සඳහා අවශ්‍ය වසර 12ක සේවා කාලය සපිරීමට පෙර සේවයෙන් ඉවත් වුණේ ස්වකැමැත්තෙන්, වන්දි ලබා ගනිමින් හා මෙවැනි ඉල්ලීම් සඳහා ඇති අයිතිවාසිකම් ද අතහැර දමමිනි. ඔවුන්ට වයස අවුරුදු 55 දක්වා මූලික වැටුප හා ආබාධිත විශ්‍රාම දීමනාවක් ද ගෙවනු ලැබේ. මෙය රජයේ බොහෝ සේවකයන්ට, උපාධිධාරීන්ට ලැබෙන වැටුප් සමග සන්සන්දනය කළ විට සාධාරණ එකකි. මහන්සි වී වැඩ කරන පෞද්ගලික අංශයේ ඇතැම් සේවකයන්ට ලැබෙන වැටුප් මීට වඩා බොහෝ අඩු ය.

ආබාධිතයා යනු සමාජ අනුකම්පාව මත ම ජීවත් විය යුතු අයෙකු නො වේ. රජය විසින් කළ යුතුව තිබෙන්නේ ආබාධ සහිත ජනයාට ස්වාධීනව ජීවත් වීම සඳහා අවශ්‍ය තත්වයන් ගොඩනගා දීමයි. රජයේ වියදමින් නඩත්තු කළ යුත්තේ එහෙම බැරි අය පමණි.

මහජන මුදලින් වන්දි ගෙන ඉවත් වී, දශක ගණනාවක් තිස්සේ වැඩක් නො කර, මහජන මුදලින් වැටුප් ගත් මෙම ආබාධිත සෙබළුන් විරුවන් ලෙස කළ යුතුව තිබුණේ මෙම කාලය තුළදී සිය ජීවිතයේ ඉදිරි කාලය සැලසුම් කිරීමයි. ඔවුන් ගත් වන්දිය, ලබා දුන් වැටුප ඒ වෙනුවෙන් යොදවන්නට ඔවුන්ට යුතුකමක් තිබිණි.

කෙසේ වෙතත්, මෙම ඉල්ලීම ලබා දීම නරක නැත. හේතුව මෙතන තිබුණේ වෙන දේශපාලන ගේමකි. මෙම පිරිස යොදාගෙන ජාතිවාදී රාජපක්ෂවාදීන් උත්සාහ කළේ හමුදාව රජයට එරෙහිව කුපිත කිරීමට ය. 

ජයග්‍ර‍හණයේ සතුට මුහුණුවල ඉතිරේ
මෙම ජාතිවාදීන් බලාපොරොත්තු වුණේ රජය සෙබළුන්ගේ ඉල්ලීම නො දෙනු ඇති ය කියා ය. එහෙත්, සාකච්ඡාව සඳහා ගිය පිරිස යහපත් පිළිතුරක් රැගෙන ආපසු පැමිණෙන්නට පෙර ඔවුන් ප්‍ර‍චණ්ඩත්වය වෙත යොමු වූයේ කෙසේ හෝ සිය අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙනි. මෙම කලබලය තනිකර ම දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා ආබාධිත සෙබළුන්ගේ ලේ සැලීමේ අරමුණින් දේශපාලනිකව මෙහෙයවන ලද්දකි. මේ සිනා සිසී පෙන්නන්නේ ඒ ජයග්‍ර‍හණයේ සංකේතයකි.

කෙසේ වෙතත්, මේ බර ද අවසානයේදී දරනු ඇත්තේ රජයෙන් අවම වරප්‍ර‍සාද ලබමින් පෞද්ගලික අංශයේ හා අවිධිමත් අංශයේ ඵලදායී වැඩවල යෙදෙමින් බදු බරට උර දෙන අසරණයෝ ය. යුද්ධය අවසන් කිරීමට මුවා වී රාජපක්ෂලාගේ සිට බොහෝ අය මේ අසරණයින් සූරා කති.

ප්‍රජාතන්ත්‍ර‍වාදය හා නිදහස යනු වල් බූරුවන්ට නඩලං නටන්නට ලබා දී තිබෙන අවස්ථාවක් නො වේ. තමන්ට එරෙහි කුමන්ත්‍ර‍ණ හමුවේ කොන්ද පණ ඇතුව කටයුතු කරන්නට ශක්තිය නැති ආණ්ඩුවකට පැවැත්මක් තිබේ ද? 
වීදිවිරුවෝ



සංවිධායකවරු
අපි සව්දිය පුරමු
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. රාවණා බලය හෝ ගම්මන්පිල වැනි සංවිධාන එදා එල්ටීටීය කළාක් මෙන් ආබාධිතයින්ව මිනිස් පළිහක් ලෙස යොදා ගෙන ඇති බව පෙනේ!

    ආබාධිත පුද්ගලයින්ට පමණක් නොව කිසිම පුරවැසියෙකුට පහරදීම අනුමත කළ නොහැක!

    ReplyDelete
    Replies
    1. රසිකොලොජි ගොන්බිජ්ජෝ නිකන් බයිල ගහන්න එපා ඕයි. එල්ටීටීය මිනිස් පලිහක් තියාගත්තෙ නැහැ. ජනතාව ඔවුන් සමග හිටියෙ කැමැත්තෙන්, මිනීමරු හමුදාව අතින් මැරුම් නොකා පණ රැකගන්ට. බොරුවට මෙතන ගොන් කතා කියන්න එපා. ඕක පහුගිය අන්ත දූෂිත ආමි කාරයෝ කියන්නෙ කොහොමත් මහ මිනීමරු කිසි අණක් ගුණක් නැති අලුගෝසුවො ටිකක්. මුන්ට අතපය නැතුවත් මෙච්චර විසේ නම් ආමි එකේ හිටපු කාලෙ කොහොම මිනී මරන්ට ඇත්ද? කාළකණ්ණි හැත්ත මුන්ට වෙඩි තියන්න තිබ්බෙ.

      Delete
    2. " ආබාධිත රණවිරුවන්ට පහර දීමෙන් බුකිය කැළඹේ.. ජනපතිට-අගමැතිට ‘අති අසභ්‍ය’ අමු කුණුහරුප වලින් බුකිය පුරා බැණ වදිති.."

      "අබාධිත රණවිරුවන් වෙත ඊයේ දිනයේ පොලීසිය විසින් එල්ල කරන ලද කදුළු ගෑස් හා අධි පීඩන ජල ප‍්‍රහාරවලට සමාජ ජාලාවන්හි දැඩි ලෙස විරෝධතා එල්ල වෙමින් තිබේ.

      ෆේස්බුක් ගිණුම් ඔස්සේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ෆේස්බුක් පිටුවල ඉතා අසභ්‍ය වචනවලින් ඔවුනට බැන වදිමින් සිටිති.

      ජනාධිපති හා අගමැගිගේ ෆෙස්බුක් පිටු හසුරුවන්නන් එම අසභ්‍ය ප‍්‍රතිචාර ඉවත් කිරීමට දැඩි වෙහෙසක් ගන්නා ඇයුරුද නිරීක්‍ෂණය කල හැක."

      - lanka c news

      මම රනිල්ගෙ fb එක බැලුව. හොඳම ඒවයින් කියල comment දාල තියනව.

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
    5. බ්ලොග් ලෝකයෝ ලොකුම පොන්නයා රසිකලොජි ඇනෝ කොටයි.

      Delete
    6. රසික සහ පැරෝ

      මේක වත්මන් ජනතා හිතවාදී යහපාලන රජයට විරුද්ධව සිදුකරන මහා හයානක කුමන්ත්‍රණයක කොටසක්. මෙය ඇරඹුමක් පමණයි. මේ තොරතුරු අනාවරණය කරගන්න මට දුරකථන ඇමතුම් ඉතා විශාල ගණනක් සහ වැදගත් පුද්ගලයන්ට නොදැනෙන පරිදි ඔවුන්ගේ අදහස් දැනගැනීමක් කරන්නට සිදුවුනා. මෙය දැලිපිහියෙන් කිරි කනවා වැනි භයානක ක්‍රියාවක් වුණා. ලැජ්ජා නැතිව සමහර ලොක්කෝ කිව්වා, අපි හොඳින් හෝ නරකින් මහින්දට බලය අරන් දෙන බව. මෙය ඉතා භයානක තත්වයක් බව මා දැඩිව අවධාරණය කරනවා. මගේ ජීවිතයට එල්ලවියහැකි තර්ජන නිසා මා දන්නා සියල්ල මෙහි හෙළි කරන්නට බැහැ. නමුත් අපි 2017 ජනවාරි 8 වැනිදායින් පසුව ඉතා භයානක තත්වයකට මුහුණ දෙන බව කියන්නට පුළුවන්. මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කර හෝ බලය අල්ලාගැනීමටත්, සැළසුම් සකසා තිබෙනවා. බීමත්ව කටමැත දොඩවන පුද්ගලයකු කීවා නම් එය ගණන් නොගෙන ඉන්නට තිබුනා. නමුත් මා මෙම තොරතුරු හොයාගත්තේ ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග මගින්. රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග, ඉතා පැහැදිළිව තහවුරු කර තිබෙනවා, රාජපක්ෂ කල්ලිය මේ සියල්ල පසුපස සිටින බව. මේ රටේ යුක්තිය සාධාරණත්වය අගයන ජනතාවගෙන් මා ඉල්ලා සිටින්නේ මේ ගැන අවදියෙන් සිට, අසාධාරණයට එරෙහිව, අවශ්‍ය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වන ලෙසයි.

      මම ඔතන හිටියානම් නිසැකවම මේ කුමන්ත්‍රණකාරී ගෙම්බංපිළවා, ආළවක හා ඉත්තෑ වහන්සේලා ඇතුළු සියලු දෙනාම "වෙඩි තබා" අතඩංගුවට ගන්නා බව ස්ථිර වශයෙන්ම පවසමි.

      -හිටපු හමුදා ජෙනරල්වරයෙක්

      Delete
    7. // -හිටපු හමුදා ජෙනරල්වරයෙක්//

      කොහෙද හිටියෙ මචන්?

      Delete
    8. පැරෝ තමුසෙ නේද මෙතන ඇඩ්මින්? තමුසෙ මෙතන බ්ලොග් ලෝකයේ ලොකුම පොන්නයා වෙන රසිකලොජි පොන්නයගේ පොන්න වැඩ එලිකරන කමෙන්ට්ස් මතකනවා දැන්ම ගමන්. ඒත් තමුසේ මාතට මඩ ගහල රසිකලොජි පොන්නයා දාන ඇනෝ කමෙන්ට් මකන්නේ නැහැ.

      තමුසේට ලොකු ඇති රසිකලොජි පොන්නයව. ඒත් ඌ අපිට නම් පොන්න හු යන්නක් විතරයි. පැරෝ තමුසෙට රසාකලොජියා ලංකාවට ආවම පුක දෙන එකට ‍තමුසේ ඌව ආරක්සා කොරන්න හදන්න එපා. තමුසෙලාට පුක දීම දේසපා‍ලනේට වඩා ලොකු වෙන්නේ තමුසෙලගේ ලොක්ක නිසාද?

      රසිකලොජි පොන්නා කරන පොන්න වැඩ වහන්නෙ නැතුව හිටහන් පැරෝ.

      Delete
    9. රසිකලොජිට අත නොතබනු. රසික රකිමු; රසිකගේ අමු කුජීත කුහක හෙළුව එලිකරන මාතලන් ඇතුළු ප්‍රගතිශීලීන් මඩ වැසි වස්සවා නිහඬ කරමු.

      මීට,

      ඔසී ඩොලරයට ලොබ බැඳි බ්ලොග නිලමැස්සෝ

      Delete
    10. ඔය කියන හිටපු හමුදා ජෙනරල්වරයා ඊයේ "විශ‍්‍රාමික රණවිරු රැකියා පොල" පැත්තෙ ගියත් ජොබ් එකක් සෙට් කරගන්න බැරිවුනා කියල ආරංචියක් තියනවා. උන්නැහැට ඔය සාරසලට වගේ නෙමෙයි RWP,RSP,VSV,USP,rcds,psc වගේ කොච්චර සුදුසුකම් තියනවද. RPC විතරයි අඩු. කරුමේ කරුමේ.

      Delete
    11. ai danne neha comment reject karanne, kunuharappa nam kamak neha. genaral la meke liyanna enne neha ,UNP karayek wenna athi, sarath fonsekage, keenek wage, eya karaana deth liyala thiyanne, sure eketa, cantine eke wada athi.

      Delete
    12. //උන්නැහැට ඔය සාරසලට වගේ නෙමෙයි RWP,RSP,VSV,USP,rcds,psc වගේ කොච්චර සුදුසුකම් තියනවද. RPC විතරයි අඩු. කරුමේ කරුමේ. //

      UPS එකක් තියෙනවා නම් ඔයි ලයිට් කපනා කාලෙට හරිම ප්‍රොයෝජනවත් හිටන්!

      Delete
  2. පැරා,

    අර සමහරු ඒ කාලේ තොප්පිගල කැලෑවක් කිව්වෙත්, අලිමංකඩ වෙනුවට පාමංකඩ යනව සහ කිලිනොච්චි වෙනුවට මැදවච්චි යනව කිව්වෙත්, ඕනැ ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කිව්වෙත් හමුදාව දිරිමත් කරන්න වෙන්න ඇති නේද?

    උතුරු නැගෙනහිර ත්‍රස්තවාදය මර්ධනය කළ විජයග්‍රහණයේ අයිතිය එජාපයට කවදාවත් ලබාගන්න බැහැ. අන්ත කුහකකම නිසා මල් වට්ටියට අතගහන්න තිබුණු අවස්ථාව නැතිකරගත්ත.

    කලින් සමහරු විශේෂයෙන්ම 2015 ජනවාරි සහ අගෝස්තු වල චන්දෙ දාපු තරුණ පරපුර හිතුවෙ එජාපය කියන්නෙ අතිශය ලිබරල්වාදී අදහස් දරන ආර්ථික ප්‍රාතිහාර්යයක් කරන්න පුළුවන් දේව කොට්ටාශයක් වගේ එකක් කියල.

    දැන් හැමෝටම තේරෙනව මුන් වැඩ බැරි කයිවාරුකාර ටාසන්ල ටිකක් කියල. දැන් අර "අලුත් පරපුර" එහෙම කොහෙද? දැන් අර කොන්ඩකාර රැවුල, ජගත් මනුවර්ණය ලැම්බොගිනියකද යන්නෙ එන්නෙ ?

    රුපියල් 100ක රීලෝඩ් එකකින් රුපියල් 49 ක් බදු කැපෙනකොට ජහපාලන පොයියන්ට සනීපද? Google loon වලින් නොමිලෙ වයි ෆයි හම්බවුනාද?

    ජහපාලන පොයියනේ දැන් පවුමෙ ටයි බැඳගෙන ලූන් එනකං චූන් වෙවී පානුයි ලුකයි කාපල්ලා.

    ReplyDelete
    Replies
    1. hitha yatin, bana bana reload karagannwa.........small tip..use viber, whatsapp, u can save money.

      Delete
    2. Sarath umba maha amu gonnek oi...

      Delete
  3. වැට් අහෝසිකරණු !, පඩිවැඩිකරණු !, සියලු උසස් පෙළ සමතුන්ට නොමිලේ කැමති පාඨමාලා හැදෑරීමට විශ්ව විද්‍යාල ඇතිකරණු !. සියළු උපාදිධාරින්ට රජයේ රැකියා දෙනු!. බඩු මිල අඩුකරනු. !

    ReplyDelete
  4. //බෙංගමුවේ නාලක, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, උදය ගම්මන්පිල වැනි රාජපක්ෂවාදී ජාතිවාදීන්ගේ උපායමාර්ගයකට අනුව ඊයේ කොළඹදී මහා කලබලයක් ඇති කළ ආබාධිත සෙබළුන් පිරිසගේ ඉල්ලීම රජය විසින් ලබා දී තිබේ.//

    //කෙසේ වෙතත්, මෙම ඉල්ලීම ලබා දීම නරක නැත. හේතුව මෙතන තිබුණේ වෙන දේශපාලන ගේමකි. මෙම පිරිස යොදාගෙන ජාතිවාදී රාජපක්ෂවාදීන් උත්සාහ කළේ හමුදාව රජයට එරෙහිව කුපිත කිරීමට ය.//

    අජිත් පැරකුම් ජයසිංහ මෙවැනි බරපතළ ප්‍රකාශ කරන්නේ අනුභූතික සාක්ෂ්‍ය මත පදනම් ව ද?

    සැ. යු: අනුභූතික සාක්ෂ්‍ය යනු න්‍යායාත්මක සාක්ෂ්‍ය නො වේ. අජිත් පැරකුම් ජයසිංහ සිතා සිටින්නේ අනුභූතික සාක්ෂ්‍ය යනු අරක මෙහෙම වුණා, ඒක නිසා මේක මෙහෙම වුණා වැනි සාධනයන් බව ය (අනුභීතික සාක්ෂ්‍ය පිළිබඳ පෙරඅපර දෙදිග විමසුමක් සෑගිරියේ කීරාළ විසින් කලකට පෙර මෙහි පළ කරන ලදී). එලෙස ම අජිත් පැරකුම් ජයසිංහට නෛතික අර්ථයෙන් සෘජු සාක්ෂ්‍ය සහ පරීවේෂණ සාක්ෂ්‍ය අතර වෙනස ද නො වැටහේ.

    අජිත් පැරකුම් ජයසිංහ ඩබ්ලිව් තුන ලංකාහි කරමින් සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ න්‍යාය පත්‍රයට අනුකූල ව කාව්‍ය සංකල්පනා ලිවීම ය. කාව්‍ය කීවාට ඒවා වියත් කවි නො ව පැල් කවි ය. ඒවා අජිත් පැරකුම් ජයසිංහ සිරිකොත මුර කරන කල දැනෙන වෙහෙස නිවා ගන්නට ද උපකාර වේ.

    අජිත් පැරකුම් ජයසිංහ එක්සත් ජාතික පක්ෂයේ න්‍යාය පත්‍රයට අනුකූල ව කාව්‍ය සංකල්පනා ලියන්නේ ඩබ්ලිව් තුන ලංකාහි ය. අජිත් පැරකුම් ජයසිංහ එක්සත් ජාතින්ගේ න්‍යාය පත්‍රයට අනුකූල ව කාව්‍ය සංකල්පනා ලියන්නේ කවර තැනක ද?

    අක්ෂය පාඨකයෙක්.

    ReplyDelete
  5. කියල ගස්සගත්ත වගේ එකක් මට දැනුනෙ... අනාගතයේ සාධාරණ උද්ගෝෂණ වලට තියෙන වටිනාකම් පවා දියවෙලා යනව...

    ReplyDelete
  6. අද හෙළ සෙට් එක වෙනුවට ඇනෝ සෙට් එකක ඇවිත් රෙනවා.

    ReplyDelete
    Replies
    1. වැසිකිළියක රෙන්නේ නැතිව පාරේ රෙන්ඩ කියලද මහත්තයෝ කියන්නේ

      Delete
  7. පැරා තුමා විරෝදය දක්වන ඈයොන් ට ගහන්න කියන ඉස්තාවරේට ඇවිල්ලා!

    කන මග ඔස්සේ සිරිකොතට!

    ReplyDelete
    Replies
    1. නැත. මා කියන්නේ රජයට එරෙහිව හමුදා උසි ගන්වන්නට උත්සාහ කරන පිරිස්වලට එරෙහිව පවත්නා නීතිය යටතේ කටයුතු කළ යුතු බවයි.

      Delete
    2. රජයට එරෙහිව හමුදා උසි ගන්වන්නට උත්සාහ කරන පිරිස්වලට එරෙහිව පවත්නා නීතිය යටතේ කටයුතු සිජ්ජ වෙන්නේ එම උසිගැන්වීම අසාර්තක වුනොත් පමනයි කියලා පැරා තුමා දන්නෙ නැද්ද?

      Delete
    3. සරස, මැදමුලන ගුබ්බෑයමේ දංකුඩ රස ද?

      Delete
    4. Sa rasa

      "බසා වේළල" පිනාචාර්ය හරක් විජේසූරිය දැන් පොත් ලියන්නෙ නැද්ද? ලේඛකයන් හූරා කනවට මදිවට හොරට පොත් ගහනව කියල කතාවක් යනව. ඒ කතාව ඇත්තද?

      Delete
    5. // සරස, මැදමුලන ගුබ්බෑයමේ දංකුඩ රස ද? //

      රසයි... කැප් එක දාන්නේ තට්ටෙට සීතල හින්දද?

      Delete
    6. // "බසා වේළල" පිනාචාර්ය හරක් විජේසූරිය දැන් පොත් ලියන්නෙ නැද්ද? ලේඛකයන් හූරා කනවට මදිවට හොරට පොත් ගහනව කියල කතාවක් යනව. ඒ කතාව ඇත්තද? //

      අර අපූර් සන්සාර් කතා ලීව ලේකිකාවට ගේමක් දීලා කියලා ස ර ස තුමාටත් ඔයි කනින් කොනින් ඇහිලා තියෙනවා හිටන්!

      Delete
    7. සුබැසි සාරසයනි,

      සරත්(ක්) විජසුරිය මහදුරු සබැඳිව "බාසා වෙළල" යන පදය පමණක නොව "බාසා වෙලු" යන පදයද යෙදිය හැක. ඒ පද නොසරුප් වදන් නොවේ. එසේ සිතනුයේ බසෙහි නිපුනබව නැත්තෝය. ඉදිරි කල "බාසා වෙළල" හා "බාසා වෙලු" යන්නෙහි පදරුත් දිගුව විමසමි.

      පසු සටහන -
      සුබැසි සාරසයනි, කුදලාගමයනි, මයුරවිලයනි තෙපි සුවෙනැයි සිතමි. සෑගිරියේ කීරාළයන් මෙතෙක් සපැමිණ නැත.

      Delete
    8. usi ganwanawa kiyanne athatama mokakda....?
      meya kiyanna widiyata....ara ranwiruwo....DOG s da.....
      ballonwa thami normal usi ganwanne....
      apee great ranawiruwan ayeth pennuwa oyalata....eyala kochara BRAVE da kiyala, kohomath 90% hamudawee aye kamthi EX PRS. da thamai......

      Delete
    9. ‍වියුණු ලොවැ හෙළ හවුලැ සුමිතුරු සඟයෙනි,

      මම තොප කිසි කලැ තනි නො කරමි. මම ද සටනට පැමිණියෙමි. විජයසුරු වසුරුවන ගැන බෝ දේ පැවැසිය හැකි යැ. මා කොළඹ සරසවියැ යම් මඬලෙක සිටි කලැ මේ විජයසුරු තෙම සත්පති පරිසුම සමත් වනු නො හැකි වැ බිඳි මන‍ ඇති වැ සිටි බව මට මතක යැ. එකල මා මිතුරු වැ සිටි අනුර විකුම්සිහයන් සමඟ මම දුම්රියැ නැඟැ වනවාසලැ යන්නෙම් මේ විජයසුරු වසුරුවනගේ ගවකම් ගැන දොඩමින් හාස සංවාද වන්නෙමි. විජයසුරු තෙම නම් මෙදවස සරසවි කතරැ වැඩි හුදු පතොකකි. ඔවුනගේ සත දැනුම අජූව යැ. ඔවුන දන්නා එක මැ විදෙස් සාහිතකරුවො අර්නස්ට හෙමිංවේ පමණි.

      විජයසුරු වසුරුවෝ මා ද සිටි කමිටුවකට පත් වැ හඩු බසින් උන් ලියූ විමසුමෙක් අගයන්නට මට දුන්හ. බස හඩු යැ; සත දුහුළු යැ; ගඳ පිළී ගඳ යැ. මම උන් කන පොපියන්නට විවරුවෙක් ලිවීමි. එතැන් සිට විජයසුරු වසුරුවනට මා වහ කදුරු යැ.

      මනකල් කුසුමිය පිටුපස වැටී මේ විජයසුරු කළ කී දෑ ද රසබර යැ. සාරසයන, මයුරවිලයන රිසි නම් පසු වැ තව ලියමි.

      පැරකුමුවෝ අනා ගෙනැ ඇත. මයුරවිලයන සමඟ වෙල්ලස්ස මහ සටනට උර දුන් මඩුගල්ලේ විසින් පැරකුමුවනගේ හැඳි වත ගලවා දමනු ලැබ ඇත. යහපත් යැ. සැරද!

      සෑගිරියැ කීරාළ

      Delete
    10. // මනකල් කුසුමිය පිටුපස වැටී මේ විජයසුරු කළ කී දෑ ද රසබර යැ. සාරසයන, මයුරවිලයන රිසි නම් පසු වැ තව ලියමි.
      //

      කීරාල මැතිඳුනි, මහීශ විජයසුරු ගැන ඔබෙන් තවත් දෑ දැනගැනීමට කැමැත්තෙමි...

      Delete
    11. සන් මිතු කුදලාගමයෙනි - කීරාලයෙනි - සාරසයෙනි,

      සරත්(ක්) වි(අජව)සූරිය මහැදුරු උදෙසා "බාසා වෙළල" නම් විසෙස් පදය පසුගිය වස ඇසල හා නිකිණි මස්හි ජනගත කළ පුඟුලා නම් මම ය.

      මුන් කෙරෙහි "බාසා වෙළල" යන පදය පමණක නොව "බාසා වෙලු" යන පදයද යෙදුම මනාය.

      අනෙක් සගයිනි, ඒ නොසරුප් වදන් නොවේ. එසේ සිතනුයේ බසෙහි නිපුනබව නැත්තෝය.

      වැලිවිටියේ සොරත නැණ පහණ විසින් සකසන ලද සුමංගල මහා වදන්කොසුව අනුව “වෙළල" යනු වෙරළය.

      ගිජුලිහිණියකු සේ ගත්කතුන් ගසාකන සේරිවාණිජ සම, ගත්වණික කුල මේ මහැදුරා සිතනුයේ සිහල බස නම් මහ සමුදුර වැදහැකි එකම මග නම් උන් හරහා බවය. සිහල බස මහ සමුදුරක් නම් මුන් එහි වෙරළය.

      එබැවින් මුන් නම මුලට "බාසා වෙළල" නම් විසෙස් පදය සුදුසුමය.

      එසේම “වෙලු” යනු වෙලීමය. මේ සේරිවාණිජ සම ගත්වණික කුල මහැදුරා පිනට ලද මහැදුරුකමට පෙර සිටද වෙලුවේ බස ය.

      හෙළ බස ද, සකුව ද, මගධය ද, ඉංගිරිසිය ද මනාව හදාල හෙට්ටිආරච්චි, අලවිස වීජසෙකර, රන්මඩල, සරාසඳ, විජයවඩු, ගමලද ඈ පඬුවන අත පත් සිහල බස උන් වියමනින් කසී සළුවක් වුව මුන් අත පත් සිහල බස වෙලුමින් ගොරහැඩි කඹ පටකි. වේ.

      මුන් බස වෙලන “හඩු බාසෙකු” බැවින් මුන් නම මුලට "බාසා වෙලු" නම් විසෙස් පදයද සුදුසුමය.

      එකල මුන් “හඩු බස් වෙලුමට” නිරතුරු ගමලදුන් වෙතින් කස පහර ලැබිණි.

      මුන් අන් සැපත සහ යසස නොඉවසන්නෙකි. මුන් වෙලු කඩමාලු පොතක, සිහල බස මෙන්ම සකු රස සාහිත සයුර පිලිබඳ වෙසරද මහැදුරු හෙමපල් විජවඩුන් ගැහැණු සොඬකු ලෙස දැක්වීමෙහි නිර්ලජ්ජී තැතක් ගෙන තිබිණි.

      මුන් ගත්කතුන් ගසාකන ගිජුලිහිණියෙකි. සත්කෝරලයේ ජනිතව ඉතා දුකට කිරියකින් වංග බස උගෙන එබසින් පළවූ මහඟු සාහිත මිණිරුවන් සිහලට නැගු දිවංගත සිතුම් සිරිකත සිහආරච්චි සිරිමතිය මුන් එකල ගසා කෑ අතර මෙකලද ගසාකයි.

      මුන් ඇඳි සුදු පිරුවටය කඩා සැබෑ තතු හෙළිකළ යුතුමය. එසේම ඔබ වෙතින් මා ඇයද සිටිනුයේ මුන් පිළිබඳව ලියන විට නිරතුරු "බාසා වෙළල" සහ "බාසා වෙලු" යන විසෙස් පද යොදන ලෙසය.

      - මයුරවිල මි

      Delete
    12. එතකොට රතුපස්වල හමුදාවට විරැද්ධව ජනතාව උසි ගැන්නුවේ කවුද කියල හොයල බලන් නැද්ද?

      Delete
    13. හොයන්න දෙයක් නැහැ... ඒක කොලේ එක්කත් ජාතික පක්සෙයි ජෙප්පොයි හිටන්!

      Delete
    14. බුලත් කොළේ හදා ගන්න ජෙප්පෝ හොඳයි... ඡන්දේ දිනුවට පස්සේ උන් නරකයි.... සරස පුකෙන්ද කතා කරන්නේ?

      Delete
    15. මයුරවිල මි කියන්නේ දේවක ජයසූරිය නම් පුද්ගලයා නේද

      Delete
  8. 13 වන සියවසේ මුල් භාගයේදී අවසන් වූ පොළොන්නරු යුගයෙන් පසු සිංහලයා මෙතෙක් ජීවත් වුණේ කිසිදු දියුණුවක් නැති, අමු කාළකණ්නින් ලෙසය. පොළොන්නරු යුගයෙන් පසු කිසිදු දියුණු ශිෂ්ටාචාරයක සළකුණු මෙරට දකින්නට නැත්තේ ඒ නිසා ය. වසර 800 ක් තිස්සේ එසේ වනචාරීන් ලෙස ජීවත් වූ සිංහලයන්ගේ තවත් එක් වනචර හැසිරීමක් ය අප ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලය අසල දුටුවේ.

    ReplyDelete
  9. ගෙම්බන්පිලලා, සද්දාකන්දේ ඉත්තෑතිස්සලා ඉස්සරහට දාල රාජපක්ෂලා ගහපු ගේමෙන් එයාල දිනුම්. ආණ්ඩුව පරාදයි. මොකද දැනටම දකින දකින එකා බනිනව. ගැහුවෙ ආබාධිතයන්ටනෙ. ඉඳල ඉඳල තෝරපු කුජීතම, එහෙත් සාර්ථක වැඩක් මරා සෙට්එකේ.

    ReplyDelete
    Replies
    1. අනේ පලයං යන්න
      පොර ටෝක් උතුරන්න
      වදින කොට හම යන්න
      එනවා මෙතන බුදු වෙන්න

      -පෙදෙන් නරි සිරිත

      Delete
    2. මචං රාජ්,

      බ්ලොග් ලිවිල්ල හරි කමෙන්ට් කිරීම හරි දේශපාලන පක්ශයක්/ කල්ලියක් වෙනුවෙන් රෙදි නැතුව කඩේ යනව වගේ නෙවෙයි. අඩු ගානෙ රූපවාහිනී සංවාදයක අනෙක් පක්ෂ පතුරුගැහීමත් බ්ලොග් ලිවිල්ලට වැඩිය ඉතාම පහසුයි. මොන වැඩේ කලත් විවේචන එල්ල වෙන සිස්ටම් එක ඇතුලේ තමන් ප්‍රශ්න කිරීම්වලට උත්තර දෙන්න බැරි නං කරන්න දෙයක් නෑ. මරා සෙට්එක තමන්ම හිතෙන් මවාගත් මනෝ විකාර (නැත්නම් අබිලිං මාමලා වැනි අය දෙසා බෑ ගජබින්න) මෙබඳු විවෘත බ්ලොග් අඩවියක දෙසා බෑමට ගොස් ගොස් කුජීත වූ අයුරු බලන්න.

      බ්ලොග්කරුවන් අතර තියන ප්‍රධාන මත දෙකක් මම දැකල තියනව.

      එක පිරිසක් ඉන්නෙ හිත රිදෙන කමෙන්ටු නොදැමිය යුතුයි, බ්ලොග් ලියන්නන් දිරිමත් කලයුතුයි කියන ස්ථාවරයේ. අනෙක් පිරිස ඉන්නෙ ඕනෑම දෙයක් ප්‍රශ්න කල හැකියි කියන ස්ථාවරයේ. (මම ඉන්නෙ දෙවැන්නෙ. හිතමිතුරුකම්, කල්ලි, හමුවීම් නැතත් සංවාදයන් තිබිය යුතුයි. මැරිච්ච බ්ලොග් අවකාශයක් වැඩක් නෑ)

      Delete
  10. //කොන්ද පණ ඇතුව කටයුතු කරන්නට ශක්තිය නැති ආණ්ඩුවකට පැවැත්මක් තිබේ ද? //

    මදෑ... හරක් විජේසූරියලා, පිරිමිමිසීලා, සෝපිතලා, රතනලා, වියන් අන්ගොඩලා නිර්මාල් ලා එක්ක එකතුවෙලා හදාගත්තු නපුන්සක ආන්ඩුව...

    ReplyDelete
  11. Chathuranga Deshapriya
    3 hrs ·
    ඇසින් දුටුවෙමි…………

    රණවිරු උද්ඝෝෂණ ගාලුමෝදර පිටියෙන්
    ආරම්භ වුණා ........ඉල්ලීම් දෙන්න පරක්කු නිසා
    මහ සංඝරත්නය සමඟ ජනාධිපති ලේකම් කාර්යාලය බලා පිටත් වුණා ...........
    මුලින් පැමිණියේ රෝදපුටු වල සිටි රණවිරුවන්

    ඉදිරියට ඇදෙන මොහොතේ බැරියල් දමා අවහිර කරා
    එක රණවිරුවෙකු කිව්වා මහත්තයො ඔය බැරියල් දාලා අපිව හිනස්සන එපා කියලා .......ඔබතුමා නොදන්නවා ඇති කොටිය අපිට දැම්මේ බෝම්බ දාපු බැරියල් ..... ඒ නිසා ඔයවගේ දෙවල් වලින් අපිව නවත්වන්න බෑ..... කරුණා කරලා අපිට යන්න දෙන්න අපි කරදරයක් කරන්නැ කියලා ඒ විරුව කිවුවා .......
    එත් අර හිටපු පොලිස්කාරයා බැරියල් එක වැහුවා ...............

    අර රොද පුටුවේ හිටපු සෙබලා එක අතින් තල්ලු කලේ බැරියල් එක දෙන්නෙක් තල්ලු කරගෙන වැටුනේ ...............

    පස්සෙ හිටපු මිනිස්සු එක්කම මමත් ඇතුලට ගියා ............
    ඊට පස්සෙ ජල ප්‍රහාර එල්ල කරා ...........
    මම දැක්ක එක ආබාධිත සෙබලෙකුට වැදුණු වතුර පරට ඔහුගේ බොරු කකුල ගැලවිලා විසිවුණ .........
    පුලුවන් පුලුවන් අය නැගිට්ටුවා ......

    දිගටම ඉස්සරහට ගියා ........

    එක අක්ක කෙනෙක් වතුර ගහපු වහෙනේට නැගැලා අතේ තිබුණ කූඩෙන්ම ගැහුවා .......

    ඇස් පෙන්නේ නැති සෙබළු තමන්ට වතුර පර වැදිලා බිමට වැටෙනකම් දන්නෑ ......

    ඊට පස්සේ කඳුළු ගෑස් ගහන්න ගත්තා ...........

    ඒ අතර තුර එක්කෙනෙකුට වෙඩි වැදිලා කියලා උස්සගෙන දිව්වා අපේ හාමුදුරුවෝ කෙනෙක් සමඟ .........

    සමහර සෙබළුන්ට කඳුළු ගෑස් වැදිලා ඇස් දෙක වහගන්න අත්දෙක නෑ ............

    රෝදපුටුවෙ හිටපු සෙබලුන්ට ඇස් දෙක වහගත්තම රොද පුටුව පදින්න විදියක් නැතුව එතනම හිටියා ...........

    කකුල් දෙකම නැති රෝදපුටුවෙ හිටපු සෙබලාට කනේ පරවල් 3ක් 4ක් ගැහුවා එක දිගටම ........

    මෙවා දැක්කම පට්ටම දුකක් ඇති වුනේ ...........

    මට කඳුළු ගෑස් වැදුණු වෙලවේ මගේ ඇස් දෙකට වතුර පොගපු ලෙන්සුව තිබ්බෙත් එක අතක් නැති අපේ සෙබලෙක් .....

    ආබාධිත වුණාට ඒ තිබුණ ශක්තිය දැක්කම මාරම ගැම්මක් අවා අපිටත් ........

    ආබාධිත රණවිරුවන් ආබාධිත නෑ කියලා ඊයේ තමයි ඔප්ප් කලේ ...........

    ඔක්කොම ඉවර වෙලා එන්න කලින් අර කනෙ පාර කාපු හමුදාවෙ සෙබළා කිව්වා අර කැරලි මර්දන එකේ ලොක්කට ..
    ඔබතුමාගේ කනේ පාර මට රිදුන්නෑ මම කැවේ බොම්බ පරවල් කියලා ....
    හැබැයි දුකයි අපේම අය අපිට ගහපු එක කියලා.....

    අපි යනවා අපෙන් වරදක් වුණා නම් සමාවෙන්න අපි ආවේ අහිංසක ඉල්ලීමක් ඉල්ලන්න විතරයි නැතුව රණ්ඩු සරුවල් කරන්න නෙමෙයි කියලා කිව්වා ......

    අත් කකුල් ඇස් නැති වුණත් ඔක්කොම එකා වගේ හිටියා .......

    ඉල්ලීම් ලැබුණා කියලා කට්ටිය විසිරිලා ගියෙත් නෑ .....

    ඇතුළට ගියපු අය එළියට එවන්න එතකොට තමයි අපි යන්නේ කියලා පොලිසියට කිවුවා ......

    මේ අපේ විරුවන්ට ගහපු එකනම් මහ නින්දිත ක්‍රියාවක් .....

    උතුරට නැති දකුණට ඇති යහපාලන නීතිය .........

    #Chathuranga_deshapriya

    ReplyDelete
    Replies
    1. දන්නෙ නැති හින්ද අහන්නෙ.
      බැරියල් කියන්නෙ මොකද්ද?

      Delete
    2. සාරස කියන දේ ඇත්තනම් මේක නින්දිතකමේ පතුලටම ගිය ආණ්ඩුවක්.

      ලැජ්ජයි, නින්දිතයි, හිරිකිතයි !!!

      තොපට සාප වේවා !!!

      Delete
    3. // දන්නෙ නැති හින්ද අහන්නෙ.
      බැරියල් කියන්නෙ මොකද්ද? //

      බැරියල් කියන්නෙ ඔයි උඩුවලවේ පැත්තෙ යනකොට හම්බුවෙන හන්දියක් හිටන්! බැරියල් හන්දිය කියලා බස්සෙකෙන් බස්සන්නේ හිටන්!

      Delete
    4. අතිගරු සරසතුමනි, නො ලසා ඩබ්ලිව් තුන ලංකා වෙත වඩිනු මැනැවි. මහා සංග්‍රාමය ඇරඹී ඇත. ඔබතුමාගේ ගද්‍ය පද්‍ය කාව්‍යාධාර අවැසි ව තිබේ.

      Delete
    5. සිරිකොත කියන විදියට වියමන් ලියලා
      විරෝදතා කරනා දන පහත් කලා
      සිය පිලිවෙත් මුදල් වෙනුවෙන් අලෙවි කොලා
      මොක්පුර නොදුටු පැරකුම් වැනි නොමල මලා

      Delete
    6. kohommma hari.....anthimata....usawi niyoga ganna baruwa....lajjawen wage ...liyalama dunna......what a great.......fight ..all guys..........
      3 million gewaganna beha....rata wenuwen ..atha paya nethi kara gatha kollanta..........ranil ge car eketa 650million...ane apoi................wahapalanaya....

      Delete
    7. මැදමුලන ගුබ්බෑයමේ දංකුඩ ගිලලා
      අතුරුපසට බේබදු රජාගේ මල කාලා
      අබ්බගාතයන් රැළක් උසි ගන්වාලා
      මොක්පුර නොදුටු සරස යයි අපේ දත් ගලවාලා

      Delete
    8. කරුන්කා ටිකෙන් නා ගත් කල එන ගතිය
      බැඳුම්කරේ විකුනාලා ගත හැකිය
      යහපාලන ගොන්බිජ්ජන් හට හති ය
      "දෙකේ පොත්" ගලවන්න මා දන්නේ නැතිය!

      Delete
    9. බැඳුම්කරෙන් ගැහුවා යැයි කියන කෙනාම
      හරී හොඳයි කියනවාලු ඉස්කිරිම් ෂොට් එක දැක්කාම
      හම්බන්තොටින් අදිවේගෙන් ගහපු මුලු මුදලම
      ඩුබායි බැංකුවේ මැනෙජ් කළේ හිටපු අදිපතියාම

      Delete
    10. මහින්ද අර්ජුන් වෙනුවෙන් පෙනී සිටීමේ සැබෑ හේතු හෙළිවේ!

      Mahinda’s support for Arjun exposed

      Delete
  12. මතුගමැ ජයසිහ පැරැකුමුවෝ කෙළියෙන් පෙරැ කලැ විසූ මහ වැව් බැඳි මහ පැරැකුමුවනටද සුලලිත සාහිත මහ පොත් ලියා ලූ කලිකල් සාහිත සරුවණ පඬි වූ පඬි පැරකුමුවනටද සමැ වෙති.

    එකල්හි ඒ මහ පැරකුමුවෝ එකලැ "අහසින් බටැ එකැ දිය බිඳකුදු වැඩෙකට නොගෙනැ ගොළු මුහුදට නොයවමි" යි යනැ අදිටනින් යුතුවැ කෙළි කළ හ. මේ පැරකුමුවෝ ද "මාගේ යතුරු පුවරුවෙන් කෙටෙනැ එකදු සිහල යුනිකෙතක් හෝ රනිල හාමුතෙම සේදුමට හැරැ වෙනෙකෙකටැ ඉඩ නොහරිමි" යන සීහනාද කෙරෙමින් දැඩි අදිටනින් යුතුවැ මහත් වෙරැ යොදා පඬි පැරකුමු පරදනැ බක පඬි වදනින් විරු විකුම් පා අතිමහත් කෙළි කෙළෙති. අපට සතුටු යැ දැන්.

    -- වහරග්ගොඩැ හෙනරත්

    ReplyDelete
    Replies
    1. පැරකුම් වත:

      යහ මඟ වසාලන බාධක දුරු කෙරුම
      තම මුළු දිවියැ අරමුණ කැරැ ගෙනැ පරම
      විඳි දුක අපමණ යැ පසු ගිය කාලයැ ම
      නුඹ නැත එහෙත් අතැහැරැ ඒ දුක් විඳුම

      වෝකර සමාගම වෙත බැඳුමට ලද වරම
      උපයුත කළේ නම් නිසැක වැ වෙයි යහම
      කාලකන්නිකම ගැසු හිස මුදුනට ම
      ගොස් පැටළුණෙ යැ අරගලයක නිස්පල ම

      නසමින් දනය රැඳි දන මහ රුදුරු ලෙස
      ජාතික දනය නසමින් දුටු සතර දෙස
      රුදුරු අවි දරා නුඹ සෙව් රුහිරු රස
      නො ලැබැ ගොසින වැටුණෙ යැ නුඹ හිරවාස

      තැළෙනා කලැ සුකුරු මඩිති මහත් ලෙස
      නුඹ පිට කළා නො වැ පිටවුණි සග ගම වාස
      ඒ තොරතුරු නිසා නැති විය සත් දිවි දහස
      නුඹ දිවි ගැලවුණෙ යැ විඳි මුත් මර පහස

      එළිය කන්ද ගොස් එන්නට වරම් ලද
      වීරවිලැ තුමු මැ ඉගැනුම් සුරුව ලද
      අතැවැසි වෙමින අනුනට පැසැසුම් මැ ලද
      මිනිසෙකු වී පැමිණි නුඹ ගුරුකමෙක් ලද

      පෙර ජාතියකැ කළ පින් පල ලැබූ ලෙද
      හමු වැ සතන් පිරි මනකල් ගුණ සබඳ
      අතහිත ලැබිණි නැඟැ එන්නට තටු විහිඳ
      නුඹ නැවතුණෙ යැ අගකසුවැ රසය විඳ

      දසත දනන් තුඩැ රැඳුණෙ යැ නම මැ නුඹැ
      මතු වුණි උපන් ගෙයැ ලද මහ නුගුණ නුඹැ
      මුදුනා වෙනු වැ නසැ ලදැ ඒ තැනැ මැ නුඹැ
      විසි විණි පිටට පව් පල ලැබැ දුක් වැ නුඹැ

      රැකියාවෙක් කරමි දරුවෙකු සදමි කියැ
      දිවි අරුතක් ලබමි ඒ සැප දෙකෙන් කියැ
      පැතූ පැතුම් ඉටු නො වුණෙ යැ කරුමැ කියැ
      කඳුළැල් සැලි යැ මේ මහ කරුමයෙක් කියැ

      කල් ගත වී යැ ලදුයෙ යැ දරු දෙදෙනෙකු මැ
      වෙදැදුරු කෙනෙකුගේ මූණට සම සම සේ මැ
      මඳසරු පුඟුල් තෙමැ වුවැ කළැ අප අරුමැ
      එපවත නො පවසමි සිතමින් අද දින ගැන මැ

      වැලේ වැල් නැති වැ සිටි අපහසු කාලයැ මැ
      ඇරඹි යැ වියුණුවෙක් ලියනට නායක ගුණ මැ
      හිතවත් වෙන්න කළැ කුණු වැඩ සැම තැනැ මැ
      ටික ටික රිංගුවෙ යැ නුඹ සිරිකොතැ වෙත මැ

      පනස් එක් වසක් ගෙව මතුගමට වැද
      දෙස බස රැස රකින්නට නුඹ කළ දෑ සබඳ
      පිළිබඳ පැහැදැ මනතුටු කැරැ අපි ද අද
      සුපැතුම් පතමු අද දින රෙදි ඇපිලුවද


      පැරැකුමුවන්ගේ වමැ පැරැණි මිතු කැල
      දුරු රටැ සිට

      Delete
    2. වහරග්ගොඩැ හෙනරත් හා පැරැකුමුවන්ගේ පැරැණි මිතු කැලවෙතය,

      අජිත පැරකුමු ජයසිහයෝ ඔබ වදන නොඅසති. විලිය නොදනිති. දිරිය නොහරති. ගහපතිතෙම වෙතින් කොතෙකුත් දඬු පහර ලදුවද උන් හැර නොයන සුනඛතෙම සේ ජයසිහයෝ ගජ පසම වසති. ඒ වනති. ඒ මෙසේය.

      "සලපය තරිඳු හිමරැස වෙයි හිම ගිරිඳු
      කරඹය මුහුදු දිළිඳුව ඇවිදියි කිවිඳු
      ලද මේ සියලුදේ උවදුරු දැරුය රුදූ
      සතවෙත පතල සිරිකොත මය සුපිරීසිදූ"

      - සුබැසි කුදලාගමයන්, මයුරවිල හා මොණරවිල ඈ සුබස් පෙමුන්ගේ සන් මිතු හත්තොටුවේගම මි.

      Delete
    3. හෙදි වලප

      සි ප බ ඳ කොමළතින් මුව මී පොවා පි යා
      සැ ප වි ඳ කලක් සමගි ව මන පිනා පි යා
      ල ප ස ඳ ලෙසින් උන් මගෙ හිමි මරා පි යා
      අ ප අ ද කුමට වෙන් කරපී ද පා පි යා

      කි සි යම් වරද නොමකළ මගෙ හිමි සඳ යා
      අ ද දැ න් ඇවිත් මැරි තගෙ හීයෙන් විද යා
      ම ට ව න් මෙදුක ඇවිලෙයි හද තුළ කකි යා
      ර ජ ක ම් කරණ හැටි කදිමයි බලු ජඩ යා

      රජකම් කරණ අය තොප ඇස දුටුවා ද
      කිසියම් වරද නැති කෙනෙකුට දුකදේ ද
      සුපසන් මහිමි විද කුමකට මැරුවා ද
      මටවන් මෙදුක තගෙ අඹුවට නොවදී ද


      ජයසිංහ මිස් විසිනි


      සබඳ, ඔබගේ සාහිත ඇල්මෙන් අපි තුටු වෙමු. අපගේ සුබ පැතුම් පිළිගනු මැනැවි!

      ඉහත පැදිය පබැඳුවෝ මතුගම අජිත පැරකුමු ජයසිහයනගේ පිය පාදපරිචාරිකා කින්නරාවෝ යැ.

      අජිත පැරකුමු ජයසිහයෝ අසූව දසකයෙහි දී නො මඟ ගොස් එළිය කන්දෙන් ද වීරවිලින් ද සිය දිවි රැක ගත්තාහු යැ. එකදහස් නවසිය අනූව දසකයෙහි මුල දී ජයසිහයනගේ අපල කාලය මඳකට දුරු වැ ගිය නමුත් එය දැන් දැන් යළි ඒරාෂ්ටක වැ එළැඹෙමින් තිබේ. ඔවුනගේ වේලාපත්කඩ පරිසුම් කළ මතුගමැ කැලෑ වෙහෙරැ වැසි යකා හාමුදුරුවනගේ අදහස වී ඇත්තේ ජයසිංහයනට මාරක අපලයක් ළඟ ළඟ මැ පැමිණෙන බව යැ. එනිසා සියලු සතුරන් සමඟ එදිරිවාදිකම් අත්හිටුවා සාමයෙහි හස්තය දිගු කරනු මනා යැයි උන්වහන්සේ ජයසිහයනට අනුසස් දී ඇත. එනයින් ජයසිංහයෝ කොන්දේසි විරහිත වැ යටහත් පහත් වැ වම්මුනට කෝල කරති. වම්මුන ද එය සාදරයෙන් පිළිගෙන ඇති සෙයකි.

      දැන් මෙහි පෙර කලැ සේ ගැටුම් නැති. ජයසිහයනයට මේ කොදෙව්වෙන් පිට වැ යුරෝපය හෝ ඔස්ට්‍රේලියාවට හෝ යන මෙන් ද යකා හාමුදුරුවන් අනුසස් දී ඇතත් ජයසිහයෝ එය නම් කවර කලැ හෝ කළ නො හැකි බැව් මැ පවසා ඇත. එයට හේතුව ජයසිහයන් තම දෙව්රිය වන මරුටි අටසියය දමා යෑමට ඇති අකමැත්ත යැ. ඔවුහු මීට වසර ගණනකට පෙර දිවි පරදුවට තබ‍ා භරත දෙසැ සිට මෙසිරිලකට පැමිණියෝ ද මරුටි අටසියයට ඇති ලොබ නිසා යැ. ඒ බැව් දන්නෝ දනිති.

      ඒ කෙසේ වුව ද ජයසිහයනගේ පිය පාදපරිචාරිකාව පෙර සූදානමක් ලෙස ඉහත පැදි පෙළ ලියා තබා ගෙන ඇත්තේ ඉදිරියෙහි දී ඩබ්ලිව් තුන ලංකාහි පළ කිරීමට යැ. එවන් අවාසනාවන්ත ඉරණමෙක් ජයසිහයනට නම් උරුම නො වේවා යනු අපගේ එක මැ පැතුම යැ.

      Delete
    4. අත් පා ගැන නොසිත එඩියෙන් රුපු නහලා
      ජයගත් හෙල පුතුන් ගැන බොරු බේගල් ගොතලා
      අබාදිත රණවිරු වන් හෙලා තලා
      පැරා තුමා අණුවන කම් මෙදත් කොලා!

      Delete
    5. ඉත්තෑතිස්ස, ආළවක හොර ගණයින් එකතු වෙලා
      අත් පා නැති සෙබළ පිරිසක් උසි ගන්වාලා
      ගුටි වදින්නට හැර පැත්තකට වෙලා
      සරසත් සමඟ නිරයට යන බව ඔප්පු කළා

      Delete
    6. දෙස බස රකින සඟ හට අවලාද කොට
      එලිසම නැතිව කවි බාගා උලුක් කොට
      ඉන්නා දුදන දන නහමින් වෙලාවට
      යන්නට බය නැතිය ස ර සා අපායට!

      Delete
    7. Anonymous November 8, 2016 at 4:18 PM
      Anonymous November 8, 2016 at 4:43 PM
      Anonymous November 8, 2016 at 4:32 PM

      වෙත කුළුණුබරව ලියමි.

      සගය, පද කිහිපයක එලිසම රැක එකිනෙක පහලින් ලිව් පමණින් ඒ කව් නොවේ.

      කවකට විරිතක් අවැසිය. එක් රැයින් කවියකු විය නොහැක. ඊට මනා පරිචයක් අවැසිය. ඒ ලැබ කව් පබැඳුම මනාය. තොප මේ කරනුයේ "කයි පදබැඳුමකි".

      එබැවින් සගය කිවි කම හුරුපුරුදු අප ඉදිරියේ හුදු "දෙකයියෙකු" නොවී දිරි ගෙන උගෙන කිවියකු වෙව. අපිද තොපට අත දෙමු.

      -මයුරවිල මි

      Delete
    8. සඟයින් සිටින්නේ දෙස බස රකින්නට නෙවේය
      උන් හට උරුම නිවනට මඟ හැර ගැනීමය
      දන නසමියි කියන්නේ රුදිරෙට ඇති ආසාවය
      මුන් හැම දෙන යැවිය යුත්තේ අංගොඩටය

      Delete
    9. මාහැඟි පිළිවදනෙකි. මයුරවිලයෙනි මගේ ඇගැයුම් ඔබට යැ. අප ඇරැඹු හෙළ බස් පෙළහර ද කව්කම් පෙළහර ද අනුයන්නට මේ දුහුනන් තතමනු දකින අපට කවර නම් තැනෙකින් හාස නො නැඟේ ද?

      Delete
    10. අපේ හෙළ කමෙන්ට් කරුවනි....

      මට "පෝටාවෙ අසක්කුළුව"යනු කුමක්දැයි පහදා දෙනු මැනව ප්ලීස්!!

      Delete
    11. මයුරවිලයෙනි, මෙහි වැද සිටින කුකවියාට ගුරුදෙවි කුමරතුඟුවනගේ විරිත් වැකිය ද පැරැණි එළු සඳැස් ලකුණ කරහම්පිටිගොඩ සුමනසාරාභිනන්දන සකසුව ද පිංගලනාථයනගේ වෘත්තරත්නාකරයැ සොරත සකසුව ද වහා ලබා දෙව. නැති නම් මේ කුකවි තෙම හෙළ කව් කෙත වල් වද්දනු නිසැක යැ.

      Delete
    12. පීකොක් ලේඛ..කයානනි.....මගේ පෝටාවෙ ගැටළුවට උත්තරයක් හෙළු ඩික්ශනරියේ නැද්ද.....නැත්නම් උඹලාගේ හෙළුව අප්සට්ද...එහෙමත් නැත්නම් මේවා ටීවි එකේ යොදන්නේ හෙළුව නොදන්නා එවුන් හෙලුවෙන්ද....මට නම් හිතෙන්නේ උඹලගේ හෙළුව මදි කියලාය :D

      Delete
    13. අරුණ පෙරේරාණනි, මම ඔබට පිළිවදන් ලියමින් සිටිමි. දිවා අහරට ගියෙමි. සිසිරයේ අහර කිස පමා වැ දර ගනු අපහසු යැ. ඔබ විමසන පද බහුරුත් යැ. ඔබ වියුණුවැ තව හෝරා කීපයකින් විදුහුරු ආලෝචනයෙක් පළ වනු ඇත. ඉනික්බිති ‍ඔබට පෝටාව ද අසක් ද කුළුව ද ගැටලු නො වනු ඇත. ඉවසව සබඳ. රුකියාව ද කරමින් මැ තොප මන තුටු කළ යුතු යැ. මෙරට වෙදකම ගැස්සුණහොත් මහ අවුලෙක් යැ.

      සබඳ කිමෙක් ද මේ තෙලදසුන් කතාව? හැකි නම් යූනළ පුරුක එවනු මැන. එසේ නැතත් මම සියලු අරුත් නිදසුන් සහිත වැ එවමි.

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Delete
    14. මචෝ කුදලානෝ.....බොහෝම ස්තුතියි. මම බලන වැඩසටහනක්. උඹ ඔය හෙළුවෙන් ඉල්ලන්නේ මේක නේද..මම බාගෙට හෙළුවෙන් නිසා තේරුනේ මෙහෙමයි.

      පෝටාවේ ඉසක්කුළුව තේරුම් ගන්න, ද්විඝඨන උණ්ඩුක පුච්චතාවය ආකාරයේ පැහැදිලි කිරීමක් නොකර තේරෙන හෙළුවෙන් කියහං. උඹට තෙරෙනෙවානේ ප්‍රශ්නේ තියෙන්න එකාට කොහොමද කියලා දෙන්න ඕන කියලා

      Delete
    15. අරුණයෙනි,

      ඔබ විමසනුයේ "පෝටාවෙ අසක්කුළුව" පිලිබඳ නොව "පෝටාවේ ඉසක්කළුව" පිළබඳව යයි සිතමි. සගය මාද ඒ දෙ වදන ඇසුවේ මුල් වරටය. මේ කුමක් හෝ රූවාහිනි කිරියක් වේ යයි සිතමි.

      සගය, සොරත හිමිසඳු තම සුමංගල වදන් කොසුවෙහි මෙසේ පවසයි.

      පෝටා - ඇලක වේල්ලෙන් ජලය පිටාර ගලන තැන, ඉහළ කුඹුරු වල ජලය පිටාර යන තැන, ඉහළ කුඹුරුවලට වැඩිවීමෙන් ජලය ගලාගිය, පහල කුඹුරු වලට දීම සඳහා රැස්කර තැබූ ජලය. කුඹුරක දිය රැස්කිරීමට බැඳී මහ වේල්ල.

      කමනු මැන "ඉසක්කළුව" යන්නෙහි පදරුත් එහි නොදැක්වේ. තවදුරටත් පදරුත් විමසමි. ලද විගස ඔබ වෙත දන්වමි.

      - මයුරවිල මි.

      Delete
    16. එසේමය...එසේමය. ඒ නම් ඉසක්කුළුවමය. ගැත්තාට සමාවුව මැනවි. මාත් චුට්ට චුට්ට ඉගෙනගන්නවා. හිටපු ගමන් ඉංග්‍රීසියෙනුත් අර ආලෝචනයක්ද මොකක්ද කරන්න. ඒකත් හරි ආතල්.

      Delete
    17. සගය එහි යම් දොසක් වීද?
      -මයුරවිල මි

      Delete
    18. උඹ විමසනුයෙ කුමක්ද....

      Delete
    19. යම් අපහාසයක් වීද? යන්නය.
      -මයුරවිල මි

      Delete
    20. නුඹ විමසන්නේ බසෙහි දොසක් අරභයා නම් මගේ පිලිතුර වන්නේ හෆොයි නැත කියාය. මම කිසිම බසක් හෝ කිසිම විෂයක් මනාව හැදෑරුවෙක් නොවෙමි (මගේ වෘත්තියට අමතරව.). මං ආසයි බං දෙයක් ඉගෙනගන්න. මගේ ජීවිතේ අතපසුවුන ලොකුම සහ එකම අතපසුවීම. ඒක පසුතැවිල්ලකට වඩා එහා ගිය...පොඩි බයිපාස් එකක් කියලා හිතනවා. ඉමෝශනල් වුනාද මන්දා...

      Delete
    21. බ්‍රිතානියේ වැඩ වසනා සබඳ අරූ
      සිය බස නගා ආලෝචන කරන සුරූ
      කුදලාගම සමග පෙරටම එන විරිය දැරූ
      හෙල හවුලේ වැඩ සටහන එකළු කෙරූ

      Delete
    22. ආලෝචන කියන්නෙ ආලේපන වගේ දෙයක්ද?

      Delete
  13. 1/2

    ගරු අජිත පැරකුමු ජයසිහ සිරිමතුනි,

    ඉංගිරිසි අදිරදවාදය විසින් ලොවැ රජයන ලද දහනව වැනි සියවසැ එංගලන්තයැ වෙස්මිනිස්ටර් මැති සබයැ කැරුණු කතාවෙක් පිළිබඳ ඔබතුමන්ගේ සිත යොමු කැරැවනු රිසියෙමි.

    “I feel with them, that it is impossible for us, with our limited means, to attempt to educate the body of the people. We must at present do our best to form a class who may be interpreters between us and the millions whom we govern; a class of persons, Indian in blood and colour, but English in taste, in opinions, in morals, and in intellect. To that class we may leave it to refine the vernacular dialects of the country, to enrich those dialects with terms of science borrowed from the Western nomenclature, and to render them by degrees fit vehicles for conveying knowledge to the great mass of the population.”

    ‍මෙම කතාව කළෝ තෝමසු බැබින්ටන මැකෝලෙහු යැ. කිතු වසෙන් එකදහස් අටසිය තිස්පස් වැන්නැ නවම් මසැ දෙවැනි දා මැකෝලෙ සාමි ඉංගිරිසි මැති සබය අමතා මෙලෙස පවසනුයේ එදවස ඉංගිරිසි ගණවාසයක් වැ පැවැති භරත දෙසැ දනමන තම දෙස-බස-රැස නො සලකන එනමුදු ඉංගිරිසි දැනුමට, අවැතුමට, පැවැතුමට මැ සලකන පිරිසක් බවට පත් කැරැ ගැනුමත්, එසඳහා භරත දෙසැ මැ උපන් පැහැයෙන් ද ලෙයෙන් ද භරත වනමුත් රුචියෙන් ද සිතුමෙන් ද පැතුමෙන් ද සද්හැදියාවෙන් ද නැණයෙන් ද ඉංගිරිසි මැ වන දුඹුරු සහීබ පන්තියෙක් සකසා ගැනුමත් පිළිබඳ ය.

    ගරු ජයසිහ සිරිමතුනි, ඉංගිරිසිහු මෙසිරිලක අරබයා ද මෙම වැඩ පිළිවෙළ මැ කිරියට නො නැඟුවෝ ද? කිතු වසින් එකදහස් නවසිය හතළිස්අට වැන්නැ මෙසිරිලකට නිදහස ලබා දෙන කලැ ඉංගිරිසිහු පෙර කී පැහැයෙන් ද ලෙයෙන් ද ලාංකික වනමුත් හදමන‍ ඉංගිරිසි මැ වන කාලසුද්දනගේ පන්තියෙක් මෙසිරිලක බිහි කැරැ ගෙනැ නො සිටියෝ ද? සැබැවින් මැ නිදහස යන නාමයෙන් ඉංගිරිසින් විසින් සිදු කරන ලදුයේ තමා වැනි මැ සිතුම්පැතුම් දරනා පන්තියකට රට කැරුම බාර දීම නො වේ ද? අදිරදවාදයේ අරමුණ සම්පත් කොල්ලකෑම පමණක් මැ නො වැ බටහිරයන්ගේ හැදියාව ලොවැ නන් දෙස පැතිරවීම ද විණ. සැබැවින් මැ පැරැණි අයුරු අවිය මුල් කැරැ ගත් අදිරදවාදය පියවරෙන් පියවර සියුම් දැනුම මුල් කැරැ ගත් නව අදිරදවාදයෙක් බවට පසු ගිය සමයැ පත් වැ ඇත. ඒ සැම ‍අයුරක මැ අදිරදවාදයේ ඒකායන අරමුණ වූයේ බටහිර හැදියාව ලොවැ රජ කැරැ වීම මැ පමණි.

    මරු නෙක වෙස් ගෙනැ එන සේ අදිරදවාදය ද කලෙන් කලැ නව වෙස් ගෙනැ මතු වැ එයි. වමැ වැදියවුනගේ මාර්ක්ස්වාදයැ “අන්තර්ජාතිකවාදය” යනු ද දකුණැ වැදියවුනගේ ලිබරල්වාදයැ “සමානාත්මතාවය” යනු ද අදිරදවාදයැ නන් නය වෙස් යැ. යුරෝපය හැර දා නව අදිරදවාදය ඇමෙරිකාව තම වාහකයා කැරැ ගෙනැ ඇත. එදවස මැකෝලෙ සාමි විසින් පැවැසුණු දෑ මෙදවස සීරුමාරුවට කරමින් සිටිනුයේ නේක ජාති දනන් එක්සත් කරවීම තුමු අරමුණ බව හඟවන පිරිසකි. ඔවුහු නම් නූතන අදිරදවාදය පතුරුවනු රිසි වැ එක් වැ සිටින “එක්සත් ජාතිහු” යැ. දිළිඳු රටැ කෙරෙහි ‍පතළ කරුණ සිතින් යැයි පවසමින ද ලෝ සමඟිය සුරකින සිතින් යැ පවසමින ද “මානව හිමිකම්” නම් ඔවුනට අවිසය අපට විසය අමුතු නයෙක් පවසමින ද මේ “එක්සත් ජාතිහු” දිළිදු රටැ වැදැ, ඒ රටැ දෙස් හැදියා නසන්නේ යැ; බටහිර විදෙස් හැදියාව මැ පතුරැවන්නේ යැ. මුල් කලැ මෙකී කිරියට ඔවුහු මෙම දිළිඳු රටැ වැසි අනුකාරක සැබෑ උගත් පරපුරෙක් යොදා ගත්හ. බටහිරයන්ගේ උපකාරයෙන් බටහිර සරසවි වැදැ, බටහිර දැනුම ගෙනැ, ‍යළි පැමිණි මෙකී පරපුර බටහිර ඇඳුමෙන් සැරැසී, බෙන්ස් රියැ නැඟැ පැමිණැ, විද්වත් සමුළු වැදැ, තරුණ දනමන බටහිර දැනුමෙන් නසැ, එදවස මැකෝලෙ සාමි පැවසූ අයුරට අනුරැ වැ, පැහැයෙන් ද ලෙයෙන් ද ලාංකික වනමුත් රුචියෙන් ද සිතුමෙන් ද පැතුමෙන් ද සද්හැදියාවෙන් ද නැණයෙන් ද ඉංගිරිසි වන කාලසුද්දනගේ පන්තියෙක් බිහි කළහ.

    ගරු ජයසිහ සිරිමතුනි, විසිඑක් වැනි සියවස වන විට පෙර කී කාලසුද්දනගේ පන්තියට අදිරදවාදීනගේ නයපතැ වූ කිරිය පෙළ තව දුරටත් ඉටු කළ නො හැකි වටපිටාවෙක් ‍මෙසිරිලක ද ඇතුලු බොහෝ දිළිඳු රටැ ඇති විණ. කල් ගතවත් මැ උගත් කාලසුද්දනගේ කුලී කොන්තරාතුව එළි වීමත්, එනයින් එකී කාලසුද්දනගේ “ප්‍රභූ” පෙළැන්තිය නො රිස්සන තරුණ පරපුරෙක් වැඩී පැමිණීමත් එකී නො රිස්සුමට හේතු විණි. ඉක්බිති වැ නව අදිරදවාදය විසින් තෝරා ගැනුණේ පෙර කී “ප්‍රභූ” පන්තියට එරෙහි වැ බොරැ සටනෙක් කරන බැව් රටට පෙන්වන, දෙස් විදෙස් නිසි අදයුරුවෙක් නො ලද, තුමු මහමඟෙන් ද කුණු කානුවෙන් ද උගත් බව නිතොර පවසන, වදකඳවුරැ වැදැ තුමු විඳි දුක්ගැහැට හැඩවැඩ කැරැ නිතොර පවසන, මරුටි අටසියය රියෙන් ගමන් යන රැවැටිලිකාර “නිර්ප්‍රභූ” පන්තියකි. මෙකී පිරිස නිසි ලෙස රුකියාවෙක් නො කරති; පල්හඩු බසෙන් වියුණුසටහන් නම් කඩමාල්ලෙක් දෙකෙක් දිනපතා පළ කරති. ‍

    සබැඳි යි …

    ReplyDelete
  14. කෝ යකෝ අර දේශද්‍රෝහි බ්ලොග්කරුවා ගැන කරනවා කියපු හෙළිදරව්ව?

    ReplyDelete
    Replies
    1. අජිත පැරකුමුවෝ එම හෙළිදරව්ව සහිත 2/2 අඩ පළ කළ සැණ අපලෝපණය කරති. එම්බා පැරකුමු, තොප දිරි ඇති නම් එම හෙළිදරව්ව පළ කරව.

      Delete
    2. ඔය තියෙන්නෙ යකෝ පල්ලෙහා. කමෙන්ට් කරන හැටි ඉගෙන ගනිං ඉස්සර වෙලා.

      Delete
  15. 2/2

    මෙකී පිරිස තම රැවැටිලිකාර “නිර්ප්‍රභූ” රැඟුමෙන් වත්මන් තරුණ පරපුර වසඟයට ගෙන ඇත.

    මෙවැනි සද්ගුණවත් පුඟුලෙකු ලෙස පෙනී සිටින පස්දුන් කෝරලයැ වසන වියපත් වියුණුසටහන්කා‍ර පුහු පඬියෙකු තමා පිටුපසැ වැටි, තම වසඟයට වැටි තරුණ පරපුර අලෙවි කැරැ තම මඩිය තර කැරැ ගැනුමකට අදාළ “වාර්තාවෙක්” මා වෙත යමෙකු විසින් එවනු ලැබැ ඇත. එම “වාර්තාව” වූ කලී මෙසිරිලක පදනම වන හෙළ-බොදු හැදියාව තරුණ පරපුරැ සි‍තසතනින් මකා දමා, බටහිර හැදියාව මෙසිරිලක තරුණ පරපුරැ සිත්සතනැ සනිටුවහන් කැරැමැ සඳහා නව වියුණුසටහන් අඩවියෙක් ඇරැඹුමට ජාතීන්ගේ එක්සත්කම පිළිබඳ වැදිබණ දෙසන නව අදිරජවාද‍යේ පෙරගමන්කරුවෙකුගෙන් මුදල් ලබා ගැනුමට පෙර කී අප දෙසට, බසට හා රැසට දුටුකම්, වෙරකම් කරන තැනැත්තා විසින් ඉදිරිපත් කෙරුණු “ව්‍යාපෘති වාර්තාවකි”. එම වාර්තාව කියැ වූ මම ළසෝ ගිනි වැදැ කම්පා වූයෙමි.

    “To render the future generations a mindset that will reject the Sinhala-Buddhist values and deject any attempts for the promotion of Sinhala-Buddhist culture ….”, “I believe sternly that Sri Lanka must not be a Sinhala-Buddhist country anymore, not only in its creed but also in the very consciousness of its people ….” වැනි වැහි නැති අසනි පතිත විය යුතු, දෙස නැසුමට සැකැසුණු වැඩ පිළිවෙළෙක් එහි විණ.

    ගරු ජයසිහ සිරිමතුනි, අප දෙස-බස-රැසට සතුරුකම් කරනට කිරිය කරන මෙකී තැනැත්තා තමා ගැතිකම් කරන බටහිර විදෙස් බලවේග සියල්ල ද එකී බලවේගවල මෙසිරිලකැ කොම්පදාරු පන්තිය ද සමඟ එක් වැ පැමිණැ වෙර දැරුවේ වුවැ මෙසිරිලක හෙළ-බොදු හැදියාව නම් නසන්නට නො හැකි මැ යැ. අවසන් සිංහලයාගේ අවසන් පණනල ද මෙසිරිලකැ වාගැබට මුසුවන තෙක් අපි මෙසිරිලකැ හෙළ-බොදු හැදියාව සුරකිමු. මහරජ කුලයැ සිට සැඩොලු කුලයැ දක්වා සියලු දන එක සමාන වැ සැලකූ බුදු සමයෙන් පොහොසත් වැ වැඬුණු හෙළ-බොදු හැදියාව මත පදනම් වූ අපට බටහිරයන්ගේ මාර්ක්වාදී පන්ති රහිත සමාජ නය සේ මැ ලිබරල්වාදී ඉගලිටේරියනිසම් නය ද අවැසි නැත. මෙසිරිලකැ අනාදිමත් කලැ සිට නන් නය දනෝ සමගි වැ විසුහ. මෙසිරිලකැ හෙළ-බොදු පදනම නැසුමට තතනන පෙර කී වියපත් වියුණුසටහන්කරුවා වත්මනැ කුලී සේවය සපයන බටහිර නව අදිරදවාද‍යැ මුතුන්මිත්තන් මෙසිරිලක සූරාකන්නට නන් නය දනන් අතර ගැටුම් ඇති කරනු වස් බටහිර “සමානාත්මතා” දැනුම එකාවන් වැ සිටි දනන් සිතැ දැමී යැ. හෙළ-බොදු හැදියාව තුළ සියලු වර්ගයක මැ, ජාතියක මැ, ආගමක මැ දනන් හට ඉඩකඩ තිබේ. හෙළ-බොදු මෙසිරිලකැ සමඟි වැ සියලු දනන් එක් වැ සිටිය හැකි යැ; එක් වැ සිටිය යුතු යැ. ‍දෙමළුනට අර කොටස යැ; මුස්ලිමුනට මේ කොටස යැ; ඉතිරිය සිංහලයනට යැ ඈ මෙසිරිලක කඩා බිඳ දමන බටහිර ලිබරල් “සමානාත්මතා” අපට අවැසි නැත. අපට බටහිර ලිබරල් “සමානාත්මතාව” දෙසන්නට එන පඬිවරු ඇමෙරිකාවැ ෆ්ලොරීඩාවැ හෝ එංගලන්තයැ මිඩ්ලිසෙක්සයැ හෝ දෙමළ ස්වපාලනයක් ඇති කැරැ ගැනුමට ඉඩ දෙන්නෝ ද? නැති යැ; කිසිසේත් නැති යැ. එසඳ “යනු තමිල්නාඩුවට” යැයි පවසා අපර අඩට පා පහරෙක් නම් දෙනු ඇති යැ.

    ගරු ජයසිහ සිරිමතුනි, මා පෙර කී පස්දුන්කෝරල‍යැ වසන වියපත් වියුණුසටහන්කරුවා මුදල් ලබා ගැනුම සඳහා මෙසිරිලක නැසුමට ඉදිරිපත් කළ “ව්‍යාපෘති වාර්තාවැ” සඳහන් මතු දැක්වෙන වදන් පෙළ විසින් සිදු කරනු ලබනුයේ එම පුඟුලා කෙරෙහි සිතබැඳි, හදබැඳි සුවහස් දනන්, තම මඩිය තර කැරැ ගැනුමට අලෙවි කිරීමක් නො වේ ද?

    “I am very much confident that I could certainly mould the mindset of future generations to unconditionally observe the ideologies that I have mentioned under the topic of objectives. The most formidable readership that I have attracted to my current blog per se, is a sufficient testimony for my capacity and credentials to make this project a real success …..”

    අදිරදවාදයැ නයපතට අනුගත වැ කියන්න ලියන්න ඈ ඇරයුමෙන් ඇරැඹී ඇති වියුණුසටහන් අඩවියට බරපැන ලබා ගැනුමට සැකැසුණු මෙකී “ව්‍යාපෘති වාර්තාව” මම පළමු වැ නො ඇදහුයෙමි. එහෙත් අපගේ කොළඹ ඒජන්තවරිය මෙම “ව්‍යාපෘති වාර්තාව” සැබෑ බැව් පිරිසුම් කැරැ පැවසුවා යැ. තවත් නො බැඳි සිරුරු කීපයක් ද එලෙස මැ මෙය සැබෑ බැව් පවසනු ඇසේ.

    ගරු අජිත පැරකුමු ජයසිහ සිරිමතුනි, තරුණ පරපුර නොමඟ යවමින් දෙස-බස-රැස නැසුමට කිරිය කරන මෙවැනි නරුමයනට කවර නම් දඬුවමෙක් නිසි දැ යි ඔබ තුමන් මැ පවසනු මැනැවි.

    “දු පුතුනේ රට අපේ ය, දූ පුතුනේ අප රටේ ය

    මැල් පැන් සුවඳ දෙයි ගල් කණුවල පිපුණු
    ලේ දහදිය නටයි රණ දෙරණේ හැඵණු
    ජාතිය නඟන රිසියෙන් ඔද වැඬුණු
    එනු ඉදිරියට පුත පැරකුම් දුටුගැමුණු

    සමනල ගිරග ඉර හඳ සැතපෙන තුරු ම
    රටවට මුහුද නිසල ව නිදියන තුරු ම
    පුලතිසි පිළිමයට යළි පණ එන තුරු ම
    මේ සිරිලක මඬල පුත අපට යි උරුම”

    දේශමාමක,
    උඩදුම්බර වෝල්ටර මඩුගල්ලේ විසිනි.

    නිමි.

    ReplyDelete
    Replies
    1. ඕකද බං මහ ලොකු හෙළිදරව්ව?

      මං හිතුව ට්‍රිබල් එක්ස් එකක් ය කියල.

      ඕක ප්‍ර‍බන්ධයක් විධියට සාර්ථක නැහැ.

      හැබැයි උඹේ නම් හා වාසගම් කලාව නම් ආතල්.

      සිරාවට ම අහන්නෙ, ඇත්තට ම උඹට මොකද බං වුණේ?

      Delete
    2. ගරු අජිත පැරකුමු ජයසිහ සිරිමතුනි,

      තොප මෙමට අමතන ලීලයෙන් තොප කලක සිට මා හඳුනන සෙයක් අවසෙස් සඟයනට සිතිය හැකි යැ. මම තොප පෙර කලැ සිට නො හඳුනමි. තොප වරදවා මා වෙන යම් අ‍යකු බැව් සිතන සෙයකි.

      මම උඩදුම්බර වෝල්ටර මඩුගල්ලේ මි. පෙළපතින් මම මඩුගල්ලේ කරුණාතිලක ජයසුන්දර වීරසේකර රාජපක්ෂ වාහල නායක නිසි මුදියන්සේ වොල්ටර මඩුගල්ලේ මි. ඉංගිරිසි අදිරවාදිනය එරෙහි වැ වෙල්ලස්ස මහ කැරැල්ලට මයුරවිල කැප්පෙටිපොළ සුරුවිරුවන් සමඟ උර දුන් පරපුරකින් මම පැවත එමි. මේ සිරිලක දෙස බස රැස ගැන හද තුළ නැඟෙනා පෙමින් මම කිරිය කරමි.

      තොප විසින් නව අදිරදවාදයෙන් කාසි ගෙනැ සිංහල ජාතිය වඳ කරනට කිරිය කරන්නාහු යැ යනන් නම් ඉතා නින්දිත යැ; නීච යැ; නිරගත යැ. තොපි එවැන්නක් නො කළාහු ද?

      දෑ හිතකාමී,
      මඩුගල්ලේ කරුණාතිලක ජයසුන්දර වීරසේකර රාජපක්ෂ වාහල නායක නිසි මුදියන්සේ වොල්ටර මඩුගල්ලේ

      Delete
    3. ඔය චෝදනාව ඇත්තක්. මමත් ඕක ගැන හොයලා බැලුවා. පැරා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙන් සල්ලි අරන් kiyanna.lk කියන වෙබ් සයිට් එක කරන්නේ. ඒකේ යන ලිපි සේරම යූ.න්. ඇජෙන්ඩා එකට අනුවයි ලියලා තියෙන්නේ. පැරා සුමනෙලට රෑපසිජහලට බැණ බැණ හිටියට දැන් NGO නෙවෙයි INGO වලින් ඩොලර් කුට්ටියට වැඩ. මේ රටේ තරුණයන්ව නෙමෙඟ යවන ඔය වැඩ මහා කිරිසන් පාප වැඩ. ඕවයෙන් හොයන සල්ලි වලින් කන අහිංසක දරුවන්ටත් සාප වෙනවා. පැරා ඔය වරඩ නවත්කලා දාන්න. ඔබට තියෙන හැකියාවෙන් සාධාරණව කීයක් හරි උපයන් ජීවත් වෙන්න. මැරෙන මොහොතට නැතාකම් දඅන් වෙනින වෙයි ඕවට.

      Delete
    4. අජිත් පැරකුම් කාගෙන් සල්ලි ගත්තත් නැතත් ලංකාවට කරන්නේ යහපතක්. ලංකාව 1955 සිටම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකයෙක්. ඒ නිසා එක්සත් ජාතීන්ගේ නිර්නායක ක්‍රියාත්මක කරන්න බැඳිලා ඉන්නවා. ඔය එක එක රටවල්වල ස්වෛරීභාවය කියන්නේ ලංකාවේ ඉන්න වනචාරී ගොබිලන්ගේ මනෝ විකාරයක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයට බැඳුණු ගමන් ම රටක ස්වෛරීභාවය යම් තරමකින් අඩු වෙනවා, මොකද තමුන්ට හිතුණු දේ කරන්නයි, නොහිතුණු දේ නොකරන්නයි කිසිම සාමාජික රටකට බැරි නිසා. එතන තියෙන්නේ සාමුහිකභාවයක්. සියළුම රටවලට අවශ්‍ය දේ තමයි රට තුළත්, රටින් පිටත් සිදු වෙන්නේ. මේ වනචාරී ගොබිලන් හිතන්නේ තමුන්ගේ රටේ ඕන මිනියක් මරා ගෙන රට පාලනය කරන්න පුළුවන් කියලා. ටික කලකට කරන්න පුළුවන් වෙයි මහත්තයෝ... ඒත් මිනී මර මර හැමදාම රට පාලනය කරන්න බෑ. කවදා හෝ පාලනයෙන් විසි වෙලා හිරේ යන්න වෙනවා.

      Delete
    5. මොණරවිල කැප්පෙටිපොළ තරම් මරි මෝඩ වැඩක් කරපු තවත් කෙනෙක් මේ ලංකා ඉතිහාසයේ ම ඉන්නවාද කියලා සැක යි. තමුන්ගේ අතේ තිබුණු ආයුධ තමුන්ගේ සතුරා අතට යවලා නිකං ඉල්ලං පරිප්පු කෑවා. ඉංග්‍රීසින් කළ වරද තමයි ඒ වාගේ මන්ද බුද්ධිකයකුයේ හිස ගසා දැමීම.

      Delete
  16. Para,

    You have been urging for this and now you have got what you dearly wanted. This is your doom's day. Please get down Yaka thero from Kele temple and listen to some paritta.

    ReplyDelete
  17. දේශද්‍රෝහී ජයසිංහ,

    ඔබ කෙරෙහි අප තැබූ විශ්වාසය මුදලට පාවා දුන් ඔබ නරුමයෙකි.
    W3Lanka වර්ජනය කරමු.


    W3Lanka හිටපු පාඨකයෝ

    ReplyDelete
  18. පැරා දේව දූතයෙක් වගේ පෙනී හිටියට ඇත්තට යක්ෂයෙක් බලන් යන කොට. හරිම කනගාටුවක් දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. තව ගොඩාක් කමෙන්ට් තනියම දාන්න. එතකොටවත් ඔය මතය ස්ථාපිත කරගන්න පුළුවන් වෙයි ද බලන්න.

      Delete
    2. //// ඉක්බිති වැ නව අදිරදවාදය විසින් තෝරා ගැනුණේ පෙර කී “ප්‍රභූ” පන්තියට එරෙහි වැ බොරැ සටනෙක් කරන බැව් රටට පෙන්වන, දෙස් විදෙස් නිසි අදයුරුවෙක් නො ලද, තුමු මහමඟෙන් ද කුණු කානුවෙන් ද උගත් බව නිතොර පවසන, වදකඳවුරැ වැදැ තුමු විඳි දුක්ගැහැට හැඩවැඩ කැරැ නිතොර පවසන, මරුටි අටසියය රියෙන් ගමන් යන රැවැටිලිකාර “නිර්ප්‍රභූ” පන්තියකි. මෙකී පිරිස නිසි ලෙස රුකියාවෙක් නො කරති; පල්හඩු බසෙන් වියුණුසටහන් නම් කඩමාල්ලෙක් දෙකෙක් දිනපතා පළ කරති. ‍////

      හුකෑස්!

      Delete
  19. Very very disappointed about you Para. We have seen how much you promoted that blog through your Facebook for last few months. You shouldn't have misused the trust of your readers for money. Disgusting.

    ReplyDelete
  20. මරු අප්පා. අරිසෙන් අහුබුදු ශූරින්ගේ ගෙදර ගියා වගේ. පැරා හොර ගෙඩියා... මේ යකා හෙළ හවුලෙත් ඉඳපු පොරක්නේ...

    කොමෙන්ට් වල ඇත අමා රස.....

    ReplyDelete
  21. meeyala okkoma marila eppdila wage dan katha karanne, mee ratee una dewal danne wat neha, meeyo wage eda hangi hangi hitiya hati.meke liyapu keenage ath deka , ara ranweruwa wage una nam eyata theerai, jeewethe kohomada kiyala.

    lajje wenna mee wage dewal liyanwata................

    ReplyDelete
  22. අර හොර ගණයන්ගෙ සිවුරු ගලවලා පාරෙ හෙලුවෙන් ඇවිද්දවන්න ඕන.

    ReplyDelete
    Replies
    1. සර් ජෝන් කොතලාවල අගමැති වෙලා හිටියා නම් ඔය හොර ගණයින්ගේ තට්ටේ තාර ගාලා තමයි අරින්නේ...

      Delete
    2. තට්ටෙ නෙවෙයි. පුකේ. තාර ගානවා කියුවේ පුකේ. හැමෝගෙම නෙවෙයි. දුසිල් මහණුන්ගේ. ගණගෙඩි වහන්සේලටික ඒකට පොරට ලස්සනට රිටන් එකක් දුන්නා. හෙළයේ මහා දියසෙන් සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් ලොක්කව දක්කන් ඇවිත්.

      Delete
    3. ///හෙළයේ මහා දියසෙන් සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් ලොක්කව දක්කන් ඇවිත්///

      රට අගාධයට යෑම ආරම්භ වුණු වර්ෂය තමයි 1956.

      Delete
  23. රටම හමුදාවක් වුනානම් ජනතාවගේ වැටුප් ප්‍රශ්න ඉක්මනට විසඳෙයි. හිනා වෙන්නද, අඬන්නද මන්දා.

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියාම "රට වෙනුවෙන්" අත පය දන් දීලා තියෙන්නේ ඉත්තෑතිස්ස, ආළවක, ගෙම්බන්පිළ වගේ හාල් කෑලි නේ.

      Delete
  24. සන් මිතු කුදලාගමයෙනි - කීරාලයෙනි - සාරසයෙනි,

    සරත්(ක්) වි(අජව)සූරිය මහැදුරු උදෙසා "බාසා වෙළල" නම් විසෙස් පදය පසුගිය වස ඇසල හා නිකිණි මස්හි ජනගත කළ පුඟුලා නම් මම ය.

    මුන් කෙරෙහි "බාසා වෙළල" යන පදය පමණක නොව "බාසා වෙලු" යන පදයද යෙදුම මනාය.

    අනෙක් සගයිනි, ඒ නොසරුප් වදන් නොවේ. එසේ සිතනුයේ බසෙහි නිපුනබව නැත්තෝය.

    වැලිවිටියේ සොරත නැණ පහණ විසින් සකසන ලද සුමංගල මහා වදන්කොසුව අනුව “වෙළල" යනු වෙරළය.

    ගිජුලිහිණියකු සේ ගත්කතුන් ගසාකන සේරිවාණිජ සම, ගත්වණික කුල මේ මහැදුරා සිතනුයේ සිහල බස නම් මහ සමුදුර වැදහැකි එකම මග නම් උන් හරහා බවය. සිහල බස මහ සමුදුරක් නම් මුන් එහි වෙරළය.

    එබැවින් මුන් නම මුලට "බාසා වෙළල" නම් විසෙස් පදය සුදුසුමය.

    එසේම “වෙලු” යනු වෙලීමය. මේ සේරිවාණිජ සම ගත්වණික කුල මහැදුරා පිනට ලද මහැදුරුකමට පෙර සිටද වෙලුවේ බස ය.

    හෙළ බස ද, සකුව ද, මගධය ද, ඉංගිරිසිය ද මනාව හදාල හෙට්ටිආරච්චි, අලවිස වීජසෙකර, රන්මඩල, සරාසඳ, විජයවඩු, ගමලද ඈ පඬුවන අත පත් සිහල බස උන් වියමනින් කසී සළුවක් වුව මුන් අත පත් සිහල බස වෙලුමින් ගොරහැඩි කඹ පටකි. වේ.

    මුන් බස වෙලන “හඩු බාසෙකු” බැවින් මුන් නම මුලට "බාසා වෙලු" නම් විසෙස් පදයද සුදුසුමය.

    එකල මුන් “හඩු බස් වෙලුමට” නිරතුරු ගමලදුන් වෙතින් කස පහර ලැබිණි.

    මුන් අන් සැපත සහ යසස නොඉවසන්නෙකි. මුන් වෙලු කඩමාලු පොතක, සිහල බස මෙන්ම සකු රස සාහිත සයුර පිලිබඳ වෙසරද මහැදුරු හෙමපල් විජවඩුන් ගැහැණු සොඬකු ලෙස දැක්වීමෙහි නිර්ලජ්ජී තැතක් ගෙන තිබිණි.

    මුන් ගත්කතුන් ගසාකන ගිජුලිහිණියෙකි. සත්කෝරලයේ ජනිතව ඉතා දුකට කිරියකින් වංග බස උගෙන එබසින් පළවූ මහඟු සාහිත මිණිරුවන් සිහලට නැගු දිවංගත සිතුම් සිරිකත සිහආරච්චි සිරිමතිය මුන් එකල ගසා කෑ අතර මෙකලද ගසාකයි.

    මුන් ඇඳි සුදු පිරුවටය කඩා සැබෑ තතු හෙළිකළ යුතුමය. එසේම ඔබ වෙතින් මා ඇයද සිටිනුයේ මුන් පිළිබඳව ලියන විට නිරතුරු "බාසා වෙළල" සහ "බාසා වෙලු" යන විසෙස් පද යොදන ලෙසය.

    - මයුරවිල මි

    ReplyDelete
    Replies
    1. මහැදුරු "බාසා වෙලු" සරත් විජේසුරිය "ටොං පච මහාචාරියෙක්.. තුට්ටු දෙකේ මිනිහෙක්" කියමින් අධිකරණ ඇමති සාධාරණ මහචාරියාගේ අමුඩයත් ගලවා දැම්ම නේද?

      ඔවා දෙනු පරහට - තමා සම්මතෙහි පිහිට සිට
      දුසිරිත් දනන් දෙන - ඔවා වැද්දන් දෙසන බණ වැනී

      ජැක්සන් ඇන්තනි පළමු පෙළ සමාර්ථය ලබනකොට, දෙවනපෙළ සමාර්ථය ලබුවෙක්ව ආචාර්ය මණ්ඩලයට තෝරා ගත්තේ මොකද කියන කතාවත් ඒ කාලේ කොළඹ විශ්වවිද්‍යාලයේ හැමෝටම ලොකු ප්‍රශ්නයක් වුණාලු.

      Delete
    2. සගය,

      මේ බාසා වෙළල" සහ "බාසා වෙලු" සරත්(ක්) වි(අජව)සූරිය අවසන ඒ කන්න දුන් අත් ද සපා කෑ දුදනකු බව තොප නොදනිත්ද ?

      මුන් කලෙක සම-උපකාර වෙළඳසැලෙක බිල්පත් ලියන්නකු විය. ඒ හෙලිය යුතු කිරියක් නොවේ. නමුදු මුන් අද ද ලියනුයේ පෙර බිල්පත් වල සහල්, පරිප්පු, කරවල ඈ පිලිබඳ ලියු බසින් මය.

      සගය කීරාලයෙනි මේ උන් තතු පැවසීමට කාලයයි.

      - මයුරවිල මි

      Delete
    3. මහාචාර්ය සරත් විජේසුරියතුමා තමාගේ පුතාව, තමාගේ අහිoසක දෙමාපියන්ව විකුනමින් පොත් ලියලා, යාපනයට ගිහිල්ලා, බෙල්ල පැත්තකට නවාගෙන කතාවක් කරලා, අහිoසක සොල්දාදුවන්ව අන්දලා, ඒවා යුද්ධ කරන අහිoසක සොල්දාදුවන්ටම විකුනමින්, අහිoසක සොල්දාදුවන්ගේ වැටුපටත් විද්දා. මේව බොරුද කියලා දවස් වල යාපනය පැත්තේ යුද්ධ කරපු සොල්දාදුවන් දන්නවා

      Delete
    4. හැක හැක, ඔය කියන බාසා වෙල්ලා තුමා ටික දවසකට කලින් මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගෙ නන්දිකඩාල් පොත දෙකේ කොලයට දාලා කෝචෝක් දදා හිටියා. මොකද තමන්ගෙ මුළු ජීවිත කාලෙ පුරාම ලියපු ඔක්කොම පොත් විකිණිච්ච ප්‍රමාණයේම එකතුවටත් වැඩිය බුවාගේ "රෝඩ් ටු නන්දිකඩාල්" පොත සති දෙකෙන් තුනෙන් පාස් කරපු හින්දා.

      අද මෙයා ඉන්නේ ගල උඩ රීපු බළලෙක් වගේ. දේශපාලනයට ගෑවෙන්න කලින් කැම්පස් ලෙක්චර් තනතුර නිසා තිබ්බ ගෞරවයත් නෑ. තටමල තටමල බලයට ගෙනාපු, බොහොම සුපිරි සෙට් එකක් කියලා ලේබල් ගහපු උන් ටිකත් හිටපු උන් වගේම (සමහර වෙලාවට් උන්ටත් අන්ත විදියට) පිස්සු කෙලන හින්දා දැන් දෙනෝ දාහක් ඉස්සරහා සරම කඩන් වැටිච්ච එකෙක් ගාණටම වැටිලා. ඔය හින්දා දැන් මෑන්ස්ට භාගෙට පිස්සු. තව ටික දොහොකින්ම අංගොඩ තමා. පව්. මොනා උනත් දක්ෂ පොත් ප්‍රකාශකයෙක් වගේම රිලැක්ස් එක කතා පවත්වන්න පුලුවන් ප්‍රසිද්ධියක් තිබ්බ කෙනෙක්. දේශපාලනේ නිසා මිනිස්සුන්ට වෙන අලකලංචි වැඩ තමයි.

      Delete
    5. මචන්ලා දේශපාලන මති මතාන්තර පැත්තක තියමුකො. මතකද මුන්දෑ එක පාරක් සාහිත්‍ය උත්සවය නිමිත්තෙන් වාර්ෂිකව BMICH එකේ තියන පොත් ප්‍රදර්ශනේ අවලංගු කරන්න කියල උසාවි ගියා? හේතුව මුගේ විජේසුරිය පොත් ප්‍රකාශක ආයතනෙට stall එකක් ලැබුනෙ නෑ කියල. මොන තරම් කුහකයෙක්ද?

      Delete
    6. මයුරවිල,

      මහාචාර්‍යය 'බාසා වෙලු' සරත් විජේසුරිය කියන්නෙ කිසිදු වගකීමකින් තොරව ඕපදුප මාධ්‍ය ඔස්සේ පල කරන මහ බාල මිනිහෙක් කියලා මට තේරුනේ මුගේ 'හුචක්කු' කතාව පලවෙනි වතාවට අහපු දවසෙමයි. එදා ඉඳන්ම මට මෑන් ඇලජික්.

      මමත් දූෂිත රාජපක්ශ කල්ලියට එරෙහිව ඡන්දෙ දීපු කෙනෙක්, හැබැයි මූ වගේ දෙපිටකාට්ටුවෝ ගැන මම එදත් සැක කළා. මුනුත් හරියට ජෙප්පො වගේ ඡන්දෙ කාලෙ මාධ්‍ය ඉස්සරහට ඇවිත් එක දාගෙන පස්සෙ කිසිම වගකීමක් නැතුව තමුන්ගෙ ජනප්‍රියත්වය වෙනුවෙන් බොරුවට ආණ්ඩුව විවේචනය කරන අවස්ථාවාදී කුහක සුවිශේශී සමාජ කුලකයක ප්‍රබල චරිතයක්.

      මහා ලොකු මහාචාරියා 'මහාචාර්‍යය' කියන තනතුරටත් නිග්‍රහ කරනවා කටේ තියෙන වාචාල කමටයි, හිතේ තියෙන තන්හාවටයි. මුන් වගේ එවුන්ට මිනිස්සු ගල් ගහන්න පටන් ගන්න දවස වැඩි ඈතක නැති බව නම් විශ්වාසයි.

      මූට ගැලපෙන නියම නම 'ගොමාචාර්ය හරක් හුජ්ජසූරිය'

      Delete
    7. මචන් මයුරේ; ඕලෙවෙල් ගණිතය ෆේල් නිසාම පමණක් සිංහල ඉතිහාසෙ වගේ දෙයක් කරල කැම්පස් ගිහින් මුට්ටි අල්ලල ස්ටාෆ් ගිහින් කාලයක් බින්න බැහැගෙන ඉඳල මහාචාර්ය කියාගත් පමණින්ම උගතෙක් කීව හැකිද? මේ මනුස්සයා ලියපු එක වැදගත් පොතක් කියපංකෝ භාෂාව හෝ සාහිත්‍යමය වශයෙන් විශේෂ වැදගත්කමක් තියෙන? මේ මනුස්සයා සිංහල භාෂාව වෙනුවෙන් මොනවද කරල තියෙන්නෙ?

      ඕනෙනම් පොත් ටිකක් ප්‍රින්ට් කරල පොත්සාප්පු වලට දාල තමන්ම බක පඬි පොත් ටිකක් කියල පල්හෑලි ටිකක් පබ්ලිශ් කරල ඇති. මුන් මේ උගත් කියං හිතං ඉන්න, රටේ මිනිස්සු බහුතරය මුන්ටත් වඩා නූගත් නිසා ලූලා නැති වලේ බකපණ්ඩිතයො වෙච්චි කණයි.

      Delete
    8. අය්යෝ හුච්චක්කු විජේසුරිය ගැන නේද මේ කියල තියෙන්නෙ, ඔය යකා හුචක්කු කතා කියාගෙන කුණු රස එලි ගන්නන කොටම අපිට තේරුණා රටම ගදගස්සන හුච්චක්කුවක් වේවි කියල. දැන් බලු හුචක්කුවක් වෙලා නේද ? ආණ්ඩුව අමාරුවෙන් ආර්ථිකේ ඇදගෙන යන ගමන් කුණු කතා කියල රට ගද ගස්සන්නේ නැතුව අඩු ගානේ කියන දෙයක්වත් වැදගත් විදිහට කියන්න ඉගෙන ගන්න බැරි හැටි මේ සෙවලයට. නැත්නම් කියන්න වෙන්නෙ ඔය මහාචාර්ය පට්ටම දීපිය කියල ළමයෙකුට.

      Delete
    9. අනේ උඹලා වගේ බත් කන හරක් රැළක්....

      යකුනේ, ආචාර්ය සරත් විජේසූරිය පීචං වුණැයි කියමුකෝ.... එහෙම වුණාට එතුමා පෙනී හිටපු ප්‍රධාන කාරණාව - රටක යහපාලනය - පීචං වෙන්නේ නෑ මේ ආත්මෙටවත්. අපිට මනුස්සයා නෙවෙයි වැදගත්. අපිට වැදගත් වෙන්නේ සමාජ හර සහ සාරධර්ම. අන්න ඒක දැන ගනිල්ලා.

      Delete
    10. ගොන් රජෝ, උබට තේරෙන්නෙ නැති බව හැබෑව රටට වෙන්න යන දේ..තප්පු ලන්නෙ නැතුව ඉදපන් දෙන පුන්නක්කු කාලා..

      Delete
    11. @ Anonymous November 9, 2016 at 12:35 AM >>>

      ඇයි මොකද වෙන්න යන්නේ රටට? රටේ පුක පැත්තේ ගූ හිර වෙන්න යනවද? තෝ අද ඉඳලා හෙට මැරිලා යයි. රට තියෙයි කල්පාන්තය එකකල්. චූ කරලා බුදිය ගනින් රටේ අනිත් මිනිස්සුන්ට පව් නොදී.

      Delete
    12. Anonymous November 9, 2016 at 12:46 AM

      හයියෝ... නිපුණ කේන්ති ගන්න එපා මචන්, ඔන්න ඕක අල්ලල දාපන්, ඉතින් ඉතින් ළඟදි ඊ-නිව්ස් එකේ ටොම් පච පිරිච්චි පල් හෑල්ලක් ලිව්වෙ නැතෙයි?

      Delete
    13. මචන්ස්ලා... මොකද්ද මේ හරක් විජේ ගේ හුචක්කු කතාව හිටන්?

      Delete
    14. ඒ තමයි මැදමුලන ආච්චිගෙයි සීයාගෙයි හුචක්කු කතාව.

      Delete
  25. පැරකුම් හරියටම හරි - හොඳට සැළසුම් කළ නාඩගමක් - පොදු හරක් ජනතාව අන්දන්න ලස්සනට ෆොටෝ අරන් තිබුනා පාරේ කෑම කනවා වගේ දේවල්. අනේ කරුණ තමයි විනයක් නැතිව හැසිරෙනවා නම් අනිවාර්යෙන්ම පාලනය කරන්න ඕනෙ. ගම්මන් පිල කිවුවා මහින්ද චක්‍ර ලේඛය අනුමත කරලලු තිබුනේ. අවුරුදු කීයක් යනවද අනුමත කරන්න? ඇයි ක්‍රියාත්මක කළේ නැත්තෙ?

    ReplyDelete
  26. සගයිනි බැඳුම්කර මගඩි නළුවද අමතක නොකළ මනාය.

    බැඳුම්කරේ ප්ලෑන සදා ගෙන ආවේ රනිල් තමයි
    බැඳුම්කරේ දස ගුණයෙන් වැඩිකෙරුවේ මාම තමයි
    බැඳුම්කරේ පිට විකුණා හම්බ කළේ බෑන තමයි
    බැඳුම්කරේ නුඹ අහසේ පැරාතුමා තාම හඬයි

    බැඳුම්කරේ නුඹ වෙනුවෙන් හඬ නැගුවේ අපේ ළමයි
    බැඳුම්කරේ නුඹ හන්දා මඩ නෑවේ අපේ ළමයි
    බැඳුම්කරේ කෝප් එකේ නෝට් දැමූ අපේ ළමයි
    බැඳුම්කරේ නෝට් නිසා පච වෙන්නේ අපේ ළමයි

    බැඳුම්කරේ නුඹ හන්දා කෙලවෙන්නේ රටට තමයි
    බැඳුම්කරේ නුඹ හන්දා රෙදි කැඩුනේ අපේ තමයි
    බැඳුම්කරේ නුඹ හන්දා යූඇම්පී ඉවර තමයි
    බැඳුම්කරේ එන චන්දේ පරදින්නේ උඩින් තමයි

    - මයුරවිල මි.

    ReplyDelete
  27. රන විරුවො හිටියෙ යුද්ධ කාලෙ.මේ ගොල්ලො අර අත පය කැඩුනු හිගන්නො වාගෙ තමුන්ගෙ දුක කියල ආන්ඩුවෙන් සල්ලි හිඟාකනව.මම හිතාගෙන හිටියෙ,රනවිරුවො කියන්නෙ,කවුරුවත් ඉදිරියෙ අත පාන අය නෙමේ කියල.

    ReplyDelete
    Replies
    1. මම හිතාගෙන හිටියෙ රැලේ ගිය බැල්ලියක් කාණු පල්ලක වදාපු අවජාතක බල්ලෙක් කියන්නෙ නූගත් පාහරයෙක්ට කියල. බලනකොට අවජාතක පාහර බල්ලෙක් උනාට අකුරු දන්නව විතරක් නෙමෙයි මේ 10.22 ට ඇනෝ කමෙන්ට් එකකුත් දාල තියෙන්නෙ.

      Delete
    2. @ Anonymous November 8, 2016 at 10:35 PM >>>

      තමුන්නැහෙට මොකද ඔච්චර පුකේ රුදාව? ඔය මනුස්සයා කියලා තියෙන්නේ සම්පූර්ණ ඇත්තක්. ඊයේ රඟ දැක්කුවේ රණ විරුවෝ නෙවෙයි, මහ හිඟන රැළක්. මම කියන එක වැරදි නම්, ඒ රණ විරුවන්ව හිඟන රැළක තත්ත්වයට ඇදලා දාපු ඉත්තෑකන්දේ සහ නාලක කියන හොර ගණයින් දෙදෙනා සහ ඕස්ට්‍රෙලියානු පුරවැසි ගෙම්බන්පිලයා තමයි ඒකට වග කියන්න ඕන.

      Delete
    3. //ඕස්ට්‍රෙලියානු පුරවැසි ගෙම්බන්පිලයා තමයි ඒකට වග කියන්න ඕන//

      ශ්‍රී ලාංකේය බ්ලොග් අවකාශයේ වඩාත්ම දීප්තිමත් තාරකාව වෙච්ච 'සිනුවර මහා ප්‍රාඥයා' යන විරුදාවලී ලත් සිඩ්නි නැව්ටෝක් අතිඋත්තමයන් වහන්සේ මේගැන මොනවද කියන්නේ කියලා දැනගන්න ආසයි. කෝ ඒ කොබා???

      Delete
    4. ගෙම්බන්පිල ගෙරියා කළා වගේ "සීනුවර මහා ප්‍රාඥයයා" ඕස්ට්‍රෙලියානු ජාතිකයන් රවටා මුදල් මංකොල්ල කා නැහැ; අබ්බගාතයින් දවස් ගාණක් අව්වට වේළෙන්න ශ වැස්සට තෙමෙන්න හැරලා උන්ට කඳුළු ගෑස් වදින්න වැඩ කළේ නැහැ.

      ඒ නිසා, ගෙම්බන්පිලයා වසුරු පිඬක්.

      රසික උගත් මිණි පහණක්.

      Delete
    5. මම හිතාගෙන හිටියෙ අකුරු දන්න අවජාතක පාහර බල්ලො ඉන්නෙ එකයි කියල නොවැ. බලනකොට 11.56 ටත් තව එකෙක් ඉඟටිය පාත්කොරල තියෙන්නෙ.

      අම්මප මේ රනිල් හාමුටත් සිරිකොතේ ඉඳුලුයි මස් කටුයි පිළිකන්නට වීසිකරන කැත පුරුද්ද නවත්තගන්න බැරි හැටි. මොනවද ඉතිං කුණු කරෝල කටුයි හං කෑලියි ලෙව කකා කුප්පායමක් පිලිකන්නක් පඳුරක් ගානෙ දඩාවතේ ගිය එවුන්ට මස් කට්ටක් හම්බවුනාම?

      Delete
    6. මෙන්න බොලේ 12.34 ට තවත් එකෙක්.

      Delete
    7. //රසික උගත් මිණි පහණක්//

      හිකි හිකි හිකි හුකෑස්, උගත් කියන්නේ ජඩකම්, කුහකකම් අපහාස වැනි මනපහත් අධම ක්‍රියා ගැන වෙන්ටැ? ඒ අන්සෙන් නම් ඉතින් ඌ ටොපේ ටොප්.

      මචන් කැප් එක දාන්නේ තට්ටෙට සීතල හින්දද?

      Delete
    8. @ Anonymous November 9, 2016 at 12:44 AM

      මැදමුලන ගුබ්බෑයමේ දංකුඩ කන බල්ලෙක් උඹ.

      කොහෙද ඉතින් ගමේ බේබද්දෙක් කෙහෙල් කොටුවක ගෑනියෙකුට බලහත්කාරකම් කරලා ඉපදෙන එවුන් එහෙම හරි කාලා බඩගින්න නිවා ගන්න එපැයි. මේ වගේ අවජාතකයින්ට සිරිකොතෙන් නම් කුණු මාළු කට්ටක්වත් හම්බ වෙන්නේ නෑ.

      Delete
    9. මැදමුලන දංකුඩ බල්ලෝ රෑ ජාමේ වැඩට බැහැලා....

      Delete
    10. හහ් හා ! මැදමුලන කුණු ඇලේ ගංකබරු අගේන්ස්ට් සිරිකොතේ නකදී පුසින ලොලිපොප් රතුතොල් ලොල් හැත්තස් !

      ආතල් ඕයි ! ලොල්ලන්ට මල පැන්නම පට්ටම ආතල් ! එල එල ඔහොම යන් !

      Delete
  28. ආයෙත් උද්ඝෝෂණයක් කරන්න පුළුවන් වසර 12ක සේවා කාලය සම්පූර්ණ කළ අයට

    ReplyDelete
    Replies
    1. ඔව්. වසර 12 සේවා කාලය සම්පූර්ණ කළ ආබාධිත නො වන අයටත් විශ්‍රාම වැටුප් ඉල්ලන්න පුළුවන්.

      ඒ වගේ ම වසර 12 සම්පූර්ණ කර විශ්‍රාම ගිය ආබාධිත සෙබළුන්ට පුළුවන් මේ කට්ටියට කලින් දුන්න වන්දිය තමන්ටත් දෙන්න ය කියලා.

      Delete
    2. ආහ් පැරා! උඹේ පෝස්ටි එකට සොරි වුණා නේ ද හෙළ හවුල නිසා අද? උඹ හැංගිලා හිටිය කියලා ආරංචියි වරුවක් ම, what a pity!

      බලපං හෙළ හවුල වැඩකය බැස්ස ම වාද භේද නැති ව කමෙන්ට්සි 122+

      Delete
    3. කාටද බං මුළු දවස තිස්සෙම මේවයෙ ඉන්න පුළුවන්? වෙන ජීවිතයක් නැද්ද?

      Delete
  29. මීට ඉහතදී මා සඳහන් කළ දෙයක් නැවතත් සිහිපත් කරමි. යහපාලන මොඩලය ලංකාව වැනි රටකට ගැලපෙන්නේ නැත. එය ගැලපෙන්නේ ලංකාවට වඩා ශිෂ්ට සම්පන්න සමාජයකටය. එවන් සමාජවල පවා රටේ ජන ජීවිතය අඩපණ කරණ වල්බූරු නිදහසක් නැත. මේ අදහසට එකඟ නොවන අය වෙනුවෙන් එක් උදාහරණයක් පෙන්වමි. මීට වසර කිහිපයකට පෙර ධනවාදයට එරෙහිව යයි කියමින් තරුණ පිරිස් ලොව පුරා ප්‍රසිද්ධ ස්ථානවල කුඩාරම් ගසමින් දින ගණනාවක් ගතකළ බව විදෙස් පුවත් වලින් අසන්නට ඇත. නමුත් මේ සියලු රටවල් මෙය මර්ධනය කලේ බලහත්කාරයෙනි. කිසි රටකින් ඔවුන්ගේ ඉල්ලීම් වලට ඇහුම්කන් දීමක් හෝ සිදුකලේ නැත.

    ReplyDelete
  30. ඈ පැරා,

    Donald Trump දිනුවනේද? මෙහෙ විතරක් නෙමෙයි ලෝකෙ පුරාම ප්‍රගතිශීලී බුද්ධිමත් ජාතිකවාදී රැල්ලක් පටන් අරන් වගේ.

    ළඟදීම මෙහෙත් "Make Sri Lanka Great Again" වෙයි වගේ.

    ඇත්තටම ජහපාලනේ දැන් මිනිස්සුන්ට තිත්තයි. චන්දයක් තිබ්බොත්නන් හොදලම යයි වගේ.

    මෙහෙ වැඩේට "SIRANIXIT" වගේ නමක් කොහොමද?

    ReplyDelete
  31. //මහරජ කුලයැ සිට සැඩොලු කුලයැ දක්වා සියලු දන එක සමාන වැ සැලකූ බුදු සමයෙන් පොහොසත් වැ වැඬුණු හෙළ-බොදු හැදියාව මත පදනම් වූ අපට බටහිරයන්ගේ මාර්ක්වාදී පන්ති රහිත සමාජ නය සේ මැ ලිබරල්වාදී ඉගලිටේරියනිසම් නය ද අවැසි නැත//

    හුකා. එතකොට අර නිකාය කියල තියෙන්නේ මොකටද? කුල බේදය නැති කරන්න වෙන්ඩ ඇති.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා