වැඩ නිමවා අපසු යන ප්‍රිය අමරදේවයිනි, ඔබට සුබ ගමන්!

කිසිවෙකු හෝ කිසිවක් අජර, අමර වන්නේ නැත.

එහෙත් අමරදේවයන් පිළිබඳ මතකය සිංහලයා පිළිබඳ මතකය ලොව පවතින කල් පවතිනු ඇත.

යමෙක් උපන්නේ කවදා ද, මිය ගියේ කවදා ද යන්න වැදගත් නැත. වැදගත් වන්නේ ඒ අතරතුර කාලය තුළ එම පුද්ගලයා කුමක් කළේ ද යන්නයි.

ඔහු තමන් ජීවත් වූ අසූ අට වසරෙන් වැඩි කාලයක සංගීතය තුළ ම ජීවත් වූයේ ය. ඔහු සිය නිර්මානශීලිත්වය සංගීතය තුළ මුදා හැර, එය එහි උපරිම විභවයන් කරා යාමට ජීවිත දොර කවුළු විවර කළේ ය.

සිය ඉපදීම ලෝකයට අර්ථවත් දෙයක් බව ඔප්පු කිරීමට සියයට සියයක් සිය කාර්යය ඉටු කළ ලෝකවාසීන් අතළොස්ස අතරින් අමරදේවයන් එක් අයෙකි. කිසිවකු ලෝකයට අත්‍යවශ්‍ය නැතැයි කීවත් ඇතැම් මිනිසුන් ඉවත් වූ විට ඇති වන රික්තය සමස්ත වා ගැබ ම සසල කරයි. මේ අවසන් සුසුම් හෙළුවේ එවන් ශ්‍රේෂ්ඨ මිනිසෙකි.

වැඩ නිමවා අපසු යන ප්‍රිය අමරදේවයිනි, ඔබට සුබ ගමන්!

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. හෙළයේ මහා ගාන්ධර්වයාණෙනි, සිරිලක හෙළ සංගීතය අලෝකමත් කරනුවස් ඔබගෙන් ලැබුණු දායකත්වය ගැනිය නොහැක්කක්. අමා මහ නිවන් සුව ඔබට....!!!

    ReplyDelete
  2. ස්වර්ණ විමානෙන් එහා ලෝකයට සුබ ගමන්...!

    මා බෙහෙවින් ප්‍රිය කරන සංගීතවේදියෙක් ඔහු. මේ වැනි නික්මයම් වලින් ඇති වෙන රික්තකයන් යලි පුරවනු නොහැකියි.ඒ තරමටම ඔවුන් තමන්ගේ අනන්‍යතාවය තම විෂය තුල තහවුරු කරගෙන තිබෙනවා ඉතා විශිෂ්ට ලෙසට.

    ReplyDelete
  3. ඇල්බට් පීරිස්ගේ
    නිම් හිම් සෙව්වා මා සසරේ කියන බටහිර ගීතයට තමයි මම වැඩියෙන්ම කැමති.

    ReplyDelete
    Replies
    1. වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා යනු අමරදේවයන්ගේ මුල් නම නේද?

      Delete
    2. ඔව් ඒක ඇත්ත. සොරි වේවා

      Delete
    3. කව්ද ඇල්බට් පීරිස්? මේක මඩ ප්‍රහාරයක්.

      Delete
  4. ලෝ දහම මෙයයි. කෙදිනක හෝ ආපසු යා යුතුයි. මගේ හද බැඳි සංගීතවේදියාණෙනි, ඔබට සුභ ගමන්!!!

    ReplyDelete
  5. කණකොක් තටුවේ සුදුමැලි පාටින්
    සීතල සලුව වියන්නේ ...

    මෙතුවක් කල් සවන් සැනසූ ඔබට පින්.

    සුභ ගමන් ගාන්ධර්වයාණනි..

    ReplyDelete
  6. "අමරදේව " දේවවාදයක් තරමටම ලංකාවේ සංගීතය ඇතුලේ බලවත්.එහෙම වෙන්නේ විෂය ඇතුලේ ඔහුගේ පිරුණු බව නිසා . හරියට පුරා වෘතයක් (lagend) වගේ .සංගීතය ඇතුලේ එක සීමාවක මැරෙනකල්ම එක පැත්තක් අල්ලාගෙන ඉන්න ඔහුට පුළුවන් උනා .ඒක සුවිශේෂයි .කලාව පිලිබඳ රසය ,සෞන් දර්ය සිද්ධාන්ත ඕනෑවටත් වඩා සංගීත ලොවට දායාද කරන්න අමරදේව නැමති සංගීත ශිල්පියා සමත් වුණා .ඒ එක්කම ජනප්‍රිය සංස්කෘතියයි සම්භාව්‍ය සංස්කෘතියයි එකට එකතු කරන්නටත් අමරදේවයන් ට පුළුවන් උනා . සංගීතය කියන විෂය ඇතුලේ පසුකළ නොහැකි ක්ෂිතිජයක් තරමටම දැනෙන මේ සුන්දර මනුස්සයා කලාව පිලිබඳ දේශපාලනික නොවීම පිළිබඳව පමණක් පොඩි දුකක් පුද්ගලිකව මට තියෙනවා .ඒක එහෙම වන්නේ අමරදේව කියන්නේ sign value එකක් .එහෙම කෙනෙකුට ගොඩක් දේවල් කරන්න පුළුවන් සහ දේවල්වලට මැදිහත් වෙන්න පුළුවන් .ඒක මගෑරුනේ ඇයි කියන එක ගැන මට විවේචනයක් තියෙනවා .ඒක එහෙමයි කියල අමරදේවයන්ට සංගීත ශිල්පියෙකු හැටියටත් ,ගායකයෙක් හැටියටත් ගුරුවරයෙක් හැටියටත් දැනෙන සීමාව අඩු වෙන්නේ නෑ .අතීතයේ වියැකී ගිය සතුට රැගෙන යලි වඩින්න ආරාධනා ....... ආරාධනා.............

    ප්‍රගීත් රත්නායක

    ReplyDelete
    Replies
    1. ප්‍රගීත් රත්නායක (Anonymous November 3, 2016 at 1:59 PM)

      "අතීතයේ වියැකී ගිය සතුට රැගෙන යලි වඩින්න
      ආරාධනා ....... ආරාධනා............."

      මේ පදවැල් වලට සමාන අර්ථයක් තියන දේවල් තමයි අද බුද්ධිමත් දේශපාලන කතිකාවත් වල වුනත් කියන්නේ.

      "අතීතයේ වියැකී ගිය සතුට රැගෙන යලි පිපෙන්න
      ආරාධනා ....... ආරාධනා............."

      Delete
  7. හරියට හරි පැරා ජීවත්ව සිටි කාලයේ අර්ථවත් යමක් ලෝකයට එකතු කල යුග පුරුෂයෙක් තමයි අමරදේව කියන්නේ..

    ReplyDelete
  8. දුෂිත රාජපක්ෂ රෙජිමයට කඩේ ගිය තවත් එක් කලා රිටක්

    ReplyDelete
    Replies
    1. සංගීතඥයෙක් වීම එකක්.
      දේශපාලනය කිරීම තව එකක් දෙක පටලවාගන්න එපා

      Delete
    2. ඒකනේ අතිගරු ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා අමරදේව ශ්‍රීමතාණන් ගේ දේහය ඔසවාගෙන නිදහස් චතුරස්‍රයට ගියේ?

      Delete
  9. අමරදේව නම් මහා ඝාන්ධර්වයා මැරිලා ටිකක් කල්.. භෞතික ශරීරයත් අපෙන් වෙන් වෙලා... නිර්මාණ ටික ඉතිරිවෙයි...

    ReplyDelete
    Replies
    1. siyalla dath maathalan

      Delete
    2. මේකට තමා මනුස්සයෙකුගේ හිස්කම කියන්නෙ අවුරුදු පනහ පැනලත් ජීවිතේ අර්ථවත් යමක් කරපු නැති නිකම්ම නිකම් ගයිඩෙක් රටට සමාජෙට දැනෙන යමක් කරපු මිනිහෙකුට ඔලොක්කු කරනව.හිස් කළගෙඩි වල සද්දෙ විතරයි

      Delete
    3. Maathalan, this comment is not appropriate for Amaradeva. A Sinhala News Paper did a similar mistake with a heading "Amarasara Goluwei".

      Delete
    4. මැස්සේක් ගිය උඩ.මමත් හිතුවා අමරදේවට දැන්නං සින්දු කියන් බැ කියලා හැබැයි ,උමාරියා එක්කයි ලගදි කියපු ටෙලි නාට්‍යය ගිතයක් තියනවා ගිමන් හරින දියඔ දිගේ කියලා ,ඒක අහලා මම පුදුම උණා අවුරුදු 80 ගානක් වෙලත් මේ මනුස්සයා ඒ සිංදු වලින් මම දුන්න හැගිම ගැන

      Delete
  10. අමරදේව අනිවා classical music වලට ලංකාවේ මෙතෙක් පහලවුන නොම්මර එක .

    අපරාදේ තමන්ගේ අන්තිම කාලෙ අර මෙදමුලන මිනීමරු රාජපක්ෂ තුරුලේ යන්න වුන එක ගැන . හරිම කණගාටු වෙමි

    ඒ අතින් සුනිල් අය්යා බොහොම ශ්‍රේෂ්ට ... තමන්ගේ සංගීත හැකියව සහ සමාජ තත්ත්ව එකදිපති මෙදමුලන බල්ලන්ට විරුද්ධව පාවිච්චි කලා

    ඔබතුමාට නිවන් සැප

    ReplyDelete
    Replies
    1. මැදමුලනේ බල්ලන්ගේ තුරුලේ හිටපු මුත් බල්ලෙක් තමයි.

      Delete
  11. අමරදේව යනු දේව කුලයේ අමරනීය ශ්‍රේෂ්ඨයා යන්නයි.
    මමත් අමරගෝප යනුවෙන් මගේ නම වෙනස්කරගත යුතුයි.

    ReplyDelete
    Replies
    1. කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලි මාරුවෙන්නෙ නෑ ලොක්කා.

      Delete
    2. //අමරගෝප //
      ඔබගේ නම ගෝපයියා ලෙසට වෙනස් කරන මෙන් යෝජනා කරමි...

      Delete
    3. අමරදේවට ඇල්බට් පීරිස් ලෙසත්, දේව කුළයෙ කියාත් ජගත් කියන්න හදන්නෙ මොකද්ද කියා පැහැදිලි නෑ?

      අමරදේව කියන්නෙ රටේ මිනිස්සු එකතු කරපු සම්මාදං කාසි වලින් ඉන්දියාවෙ ගිහින් ඉගෙන ගෙන තමංගෙ නිර්මාණ හරහා ඒ ණය පොළිය එක්කම ජනතාවට ආපහු ගෙවපු මනුස්සයෙක්. අමරදේවගේ නිර්මාණ ගැන මිසක් කුළයයි, නමයි, දේශපාලනයයි අදාල වෙන්නෙ කොහොමද පවුලෙන් පිට උන්ට?

      Delete
    4. ජගත් කියන එකාට මාර කුල වාදයක් තියෙනව වගේ..... අමරදේවගෙ කුලේ එකෙක් මුගෙ ගෑනි අරන් ගිහින්ද මන්දා....

      Delete
    5. මට කුලවාදයක් තියෙනවනම් මෙහෙම ප්‍රසිද්ධියේ විහිළු කරන්නේ නෑ.
      ඇත්තටම අමරදේව නම දාගත්තේ ඒ අරුතින් වෙන්න පුළුවන්.

      Delete
    6. අමරදේව නම දා ගත්ත නෙමෙයි, සරත්චන්ද්‍රයන් දාල දුන්න. එතුමගෙ මුල්ම සන්ගීත අද්‍යක්ෂනය ගවුස් මාස්ටර් එක්ක කරපු අසෝකමාල චිත්‍රපටයෙ ටයිටලේ යන්නෙ සහය සන්ගීතය ඇල්බට් පෙරේර කියල.

      Delete
    7. කුලය ගැන හිතල වෙනස් කරන්නේ මුල් නම නෙවෙයි, වාසගම. අමරදේව වාසගම වෙනස් කරේ නැහැ. (ඩබ් . ඩී . අමරදේව)

      Delete
  12. සුබ ගමන් එතුමාට

    ReplyDelete
  13. සුබ ගමන් අමරදේවයිනි

    ReplyDelete
  14. ඉතාමත් හෘදයාංගම කෙටි සටහනක්. අමරදේවයන් ගැන කිවයුත්තෙ කෙටියෙන්. මෙවැනි මිනිසුන් ගැන ඉතාම කෙටියෙන් කියලා ඉවර කරන්න පුලුවන්. වැඩ නොකරපු අය ගැන නම් දීර්ඝ හඳුන්වාදීම් අවශ්‍යයි. මොකද හාදයෝ වැඩ කරලා නැහැ.

    මේ සටහනට මම පෞද්ගලිකව කැමතියි.

    ///කිසිවෙකු හෝ කිසිවක් අජර, අමර වන්නේ නැත.////

    මේවා මිනිස්සු හිතන්න ඕන.

    ReplyDelete
  15. සිත් සැනකෙළියේ සිතුවිලි සලෙලුන් නිහඩව නිදා සිටිණුයේ මල හිරු බසිනා සැන්දෑ යාමයේ ඔබ අපෙන් සමුගෙන බැවිනි වසන්තයේ මල් පොකුරු නෙලා ඔබගේ මරණ මංචකයේ තබන්නට අප කිසිදා නොපැතුවෙමු. ඔබ මල පසු සොහොන් කොතේ දුක්ගීයක් ලියුවද ඒ දුක් ගීතයට සප්ත ස්වරයේ මියුරු සංඛ්‍යාතයන් මුසු කර ගැඹුරු හැගීමක තනිකරන්නට හඩ මුසුකරන්නෙකු අපට කොයින්ද දැන්? සංගීතය අදුරට ඉඩදී අදුරේම සගවා අපගෙන් වෙන්ව යන මහා ගාන්ධර්්‍වයානණි,
    ඔබට නිවන් සුව පතන්නට තරම් මා හට පරාර්ථකාමී විය නොහැක්කේ මන්දැයි මම නොදනිමි. හෙයින් පතමි මෙසේ,
    සසර වසන තුරු නිවන් දකින තුරු පින්කෙත හෙල රන්දෙරනේ දෙසවන් පුරවන්නට යලි යලිත් අප අතරේම ඉපදේවා!!!!!!!
    ආචාර්්‍ය පණ්ඩිත් එබ්ලිව්.ඩී අමරදේවයානණි ලක් දෙරණේ නාමය ලෝ පතල කල විශිෂ්ඨ සංගීතය නැවත අපට ඇසෙන දිනක ඔබ යලි උපන්නේයැයි අප තුංග අභිමාණවත් සතුටකට පත්වනු ඇත. මේ දුක් ගීයේ ගී නාදය යාන්තමින් ඔබට ඇසේවා!!!!!!! නන්නාදුණනා මාගේ අත් අකුරින් ලියූ මේ ශෝකය මකන්නට නැවත අප අතරෙම ඉපිද කිසිවෙකුටත් සම කල නොහැකි අමිල දක්ෂතාවයෙන් ලක් වැසියන් අද සිරවී සිටින සංගීත අපායෙන් ගලවා ගනුමැනවි......

    ReplyDelete
  16. ගිණිගත් හිතක් නිවන්න සමත් හඬක්... අළුත් පරපුර සාදරයෙන් පිළිගත් ප්‍රවීනයෙක්... දක්ශකමක් අගයන්නෙක්... කොල්ලන්ගේ කොළුකම් උපේක්ශාවෙන් විඳගත් වැඩිහිටියෙක්...
    ඔව්.. ඔහු පුරාවෘත්තයක්.
    සුභ ගමන්..!
    ජයවේවා..!!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා