අම්බරුවන් සමග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය කිරීම

2015 ජනවාරි 8 විප්ලවයේ එක් මූලික අරමුණක් වූයේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමයි.

ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාවලියක් ඔස්සේ එම කාර්යය ඉදිරියට යමින් තිබේ. අද දින එහි වැදගත් ඉදිරි පියවරක් තබන ලද බව වාර්තා විය.

අගමැති විසින් උප කමිටු හයක වාර්තා ව්‍යවස්ථාදායක සභාව වන පාර්ලිමේන්තුවට වෙත ඉදිරිපත් කර තිබේ.

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල මන්ත්‍රීවරුන් 11 බැගින් සමන්විත එම උප කමිටු හය සහ ඒවායේ සභාපතිත්වය දරන්නන් මෙසේ ය:

මූලික අයිතිවාසිකම් -ඇමති මහින්ද සමරසිංහල
අධිකරණ - ඇමති රාවුෆ් හකීම්
රාජ්‍ය සේවය - ඇමති සුසිල් පේ‍්‍රමජයන්ත
රාජ්‍ය මූල්‍ය - මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන (ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරයි)
නීතිය හා සාමය - ඇමති සාගල රත්නායක
කේන්ද්‍රය සහ පරිධිය එනම් මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන අතර ඇති සම්බන්ධතාව - ඩී. සිද්ධාර්ථන්

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් වන නාමල් රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම වැනි අය ද මෙම කමිටුවල සිටිති.

මෙම වාර්තා සකස් කිරීමේදී ලාල් විජේනායකගේ සභාපතිත්වයෙන් යුත් මහජන නියෝජන ලබා ගැනීමේ කමිටුවේ වාර්තාව මත පාදක වන්නට ඇතැයි අපි සිතමු.

මෙම වාර්තා අගමැතිවරයාගේ සභාපතිත්වයෙන් යුත් මෙහෙයුම් කමිටුව විසින් අධ්‍යයනය කිරීමට නියමිත ය. එහි මන්ත්‍රීන් 21 අතර ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රසන්න රණතුංග ද සිටියි.

මෙම මෙහෙයුම් කමිටුව විසින් ද දෙසැම්බරයේදී වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත ය.

අප ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගැන විශේෂයෙන් සඳහන් කළේ ඔවුන් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ගැන දුර්මත ප්‍රවර්ධනය කරමින් සිටින බැවිනි. ඔවුහු ද ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ කොටස්කරුවෝ ය.

මෙම වාර්තා පුළුල් මහජන සාකච්ඡාවකට භාජනය කළ යුතු ය. කෙටුම්පතක් සකස් කළ යුත්තේ ඉන් අනතුරුව ය.

එම කෙටුම්පත ද සංවාදයට භාජනය කිරීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලබන ව්‍යවස්ථා කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ ඡන්දයෙන් ද, ඉන් පසුව ජනමත විචාරණයකින් ද සම්මත විය යුතු ය.

ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍ර විරෝධී 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්, එහි ඒකාධිපති ජනාධිපති තනතුරෙන් හා විකාරරූපී මැතිවරණ ක්‍රමයෙන් ගැලවිය යුතු ය.

එසේම, රටට ගැලපෙන, බිම් මට්ටම දක්වා විහිදෙන බලය බෙදා හැරීමක් එහි අන්තර්ගත විය යුතු ය.

සිංහල, දෙමළ, මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද, මහජනතාවගේ ද සහභාගිත්වයෙන් සිදු වන මෙම ව්‍යවස්ථා ගොඩනැගීමේ ක්‍රියාවලිය අතිශය වැදගත් ය. එය සාර්ථක කර ගැනීම අප සැමගේ වගකීමකි. එම ක්‍රියාවලියට සහභාගි නො වී, පිටින් සිටිමින් කුමන්ත්‍රණ න්‍යාය ගොඩනැගීමෙහි යෙදී සිටින බලවේග පරාජය කිරීම ද එහිදී ඉතා වැදගත් ය.

මෑත ඉතිහාසය පුරා ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා යනු අන්තවාදී කල්ලි විසින් බලයට කෙටි මං සෙවීම සඳහා භාවිතා කළ අවස්ථා වේ. දැනුදු ඒකාබද්ධ විපක්ෂය හා රාජපක්ෂ පවුල සූදානමින් සිටින්නේ එයටයි. බොදු බල සේනා, රාවණා බලය, සිංහ ලේ වැනි අන්තවාදී බෞද්ධ සංවිධාන මෙන් ම තව්හිද් ජමාත් වැනි මුස්ලිම් සංවිධාන ද, දෙමළ ජාතිවාදී ඉතුරු බිතුරු ද, වාමාංශික අන්තවාදියෝ ද මෙවැනි අවස්ථා මත ආයෝජනය කිරීමට සූදානමින් සිටිති.

ජාතික හා ආගමික ගැටුම් ඇති කරන වෛරී ප්‍රකාශ කරන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නො බලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් දී ඇති බව වාර්තා විය. නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට අන්තවාදී මහණුන්ගේ නරිනාටකවල චරිත බවට පත් වී සිටින පොලිස් කෝලම්වලට විරුද්ධව ද නීතිය ක්‍රියාත්මක නො කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු ය.

දූෂණය කරන්නට ළමයින් ඉල්ලන තව්හීද් ජමාත් නායක රාසික් හා එවැනි සිංහල ජාතිවාදී උම්මත්තකයකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ගලගොඩඅත්තේ, අම්පිටියේ අම්බරුවන් වැනි තවත් සමාජ විරෝධීන් කිහිප දෙනෙකු ජාතිවාදය හා ආගම්වාදය අවුස්සමින් කැළඹීම් ඇති කිරීමට උත්සාහ කරමින් සිටිති. මහින්ද රාජපක්ෂ පසුගිය දිනෙක මඩකලපුවට ගොස් අම්පිටියේ භික්ෂුව හමු වූ බවට ද වාර්තා තිබේ. ඔවුන්ට නීතියට ඔලොක්කු කරන්නන්ට ඉඩ දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්නට ලැබෙන්නේ නැත.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. අජිත්,

    අර ජනවාරි අට විප්-අලේ පෙර ගමන්කරු වන් වුනායයි තමන්ම කියා ගන්න සම්මානනීය බ්ලොග් රචකයන්ටත් නව ව්‍යවස්ථාවක් සම්පාදනයට දායක වෙන්න ඉඩ නොදීම බරපතල වැරද්දක් නොවැ.

    ඔය ව්‍යවස්ථා සම්පාදනේට කලින් පළාත් පාලන චන්දෙ තිබ්බනම් නරකද?

    මොන ව්‍යවස්ථාව ගෙනාවත් ජනමත විචාරණයකින් සම්මත වෙන්න නම් බහුතරයේ බහුතරය අවශ්‍යයි. සුළුතරයේ බහුතරයත් බහුතරයේ සුළුතරයත් එකතුකරලා 51% ක් ගන්න ජනමත විචාරණයකදී අන්තිම අමාරුයි. එහෙම සම්මත කරන ව්‍යවස්ථාවක් කෙටි කාලයකින්ම මහා ලේ වැගිරීමක් එක්ක ඉවරවේවි.

    දැන් බලන්න ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක පත්වෙච්ච විදිය. තනිකර කප්පම් ගෙවීමක් නෙ. ඔය සෙල්ලම නම් නව ව්‍යවස්ථාවක් සම්පාදනයෙදි අමාරු වේවි.

    දැන්වත් තේරෙනවද ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේදී මහින්ද සාධකය තීරණාත්මක බව?

    -මොණරවිල

    ReplyDelete
    Replies
    1. මෙම ක්‍රියාවලියට පොදු මහජනතාවට සම්මාදම් වීමට අවස්ථාව ලබා දෙන ලදී. ඒ බව දන්නේ නැද්ද? ඉදිරියේදීත් මෙම යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාව තිබේ.

      අනෙක, මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම මුළු රටට ම අවශ්‍යව තිබෙන ක්‍රියාවකි. එයට මහින්ද රාජපක්ෂ සාධකයක සුවිශේෂ වැදගත්කමක් නැත. මෙම ජාතික අවශ්‍යතාවට සහයෝගය දීම හෝ නො දීම මත මහින්දගේ පැවැත්ම ද තීරණය වනු ඇත.

      අනෙක් පැත්තෙන්, ශ්‍රී ලාංකිකයන් කැමති නම් මේ අවස්ථාව ද මිස් කර ගන්නට ප්‍රජාතන්ත්‍රවාදී ඉඩක් තිබේ. විදේශගත වී තිබෙන අයට එය ප්‍රශ්නයක් නො වනු ඇත. එහෙත්, ලංකාවේ ජීවත් වන අයට එයින් අත්පත් වනු ඇත්තේ සදාකාලික කාලකන්නිකමක් පමණි.

      කාලකන්නිකම තෝරා ගැනීම ද ප්‍රජාතන්ත්‍රවාදී ය. බ්‍රිතාන්‍ය, ඇමරිකා ජනයා පවා එසේ කර තිබේ. එය ප්‍රජාතන්ත්‍රවාදයේ උගුලක් බව තේරුම් ගෙන කටයුතු කිරීම ද වැදගත් ය.

      පටු දැක්ම, අවස්ථාවාදය මත පදනම් වූ පසුගාමිත්වයන් වෙත යොමු වන ප්‍රජාතන්ත්‍රවාදයෙන් පලක් නැති බව බ්‍රෙක්සිට් හා ඇමරිකානු ජනාධිපතිවරණය විසින් අපට උගන්වා ඇති පාඩමයි.

      Delete
    2. "මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම මුළු රටට ම අවශ්‍යව තිබෙන ක්‍රියාවකි."

      එකඟය.

      "එයට මහින්ද රාජපක්ෂ සාධකයක සුවිශේෂ වැදගත්කමක් නැත."

      කිසිසේත් එකග නොවෙමි. නව ව්‍යවස්ථා සම්පාදනයක් සඳහා අවශ්‍ය පාර්ලිමේන්තුවේ 2/3 ලබා ගැනීමට සහ ජනමත විචාරණයකදී 51% ක් ලබාගැනීමට මහින්ද රාජපක්ෂ සාධකය යේ උපකාරය අත්‍යාවශ්‍යය. නුදුරේදීම පළාත් පාලන මැතිවරණයක් පැවැත්වුවහොත් මේ කාරණය එසේ නොවේද නැතිද යන්න කල්තබා තීරණය කළ හැකිය.

      "මෙම ජාතික අවශ්‍යතාවට සහයෝගය දීම හෝ නො දීම මත මහින්දගේ පැවැත්ම ද තීරණය වනු ඇත."

      එකඟ නොවෙමි. මහින්දගේ නොපැවැත්ම මේ කාරණය මත තීරණය නොවේ. ජනමත විචාරණයකදී 51% ක් ලබාගැනීමට නොහැකි වූවොත් ආණ්ඩුවේ නොපැවැත්ම ස්ථිර කෙරෙනු ඇති අතර මහින්දගේ පැවැත්ම ස්ථිර කෙරෙනු ඇත.

      ආණ්ඩුව බුද්ධිමත් නම් මහින්ද දිනා ගත යුතුය. අප කැමති වුනත් නැතත් රටට අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ ලබා දියහැක්කේ බහුතරයේ බහුතර කැමැත්ත ලබාගත හැකි නායකයකුට පමණි.

      " කාලකන්නිකම තෝරා ගැනීම ද ප්‍රජාතන්ත්‍රවාදීය."

      එකඟ වෙමි. ජනවාරි 08 ජනාධිපතිවරණයෙන් පත්වූයේ බහුතරයේ සුලුතරයත් සුලුතරයේ බහුතරයත් හිමිකර ගත් ජනාධිපතිවරයෙකි. එය ප්‍රජාතන්ත්‍රවාදී නමුත් ප්‍රායෝගිකව බොහෝ සීමාකම් ඇති කරවයි. ඒ තේරීම කාලකන්නි කමක්දැයි තීරණය කළයුත්තේ ඔය කියන විප්ලවයේ සටන්කරුවන්ය.

      -මොණරවිල

      Delete
    3. // අර ජනවාරි අට විප්-අලේ පෙර ගමන්කරු වන් වුනායයි තමන්ම කියා ගන්න සම්මානනීය බ්ලොග් රචකයන්ටත් නව ව්‍යවස්ථාවක් සම්පාදනයට දායක වෙන්න ඉඩ නොදීම බරපතල වැරද්දක් නොවැ. //


      වැඩකරු කොහේ සිටියත් සැමදා සුදිලේ
      මෝඩයන් ට හිමි තැන නම් කටු අකුලේ
      වියවස්තා හදන්නට දුන්නොත් රටම වලේ
      පැරා තුමා පඹයෙක් නොවැ මොණරවිලේ!


      Delete
    4. ඕයි සාරස, බලනවා තමුන්ගේ සන් මිතුරු මයුරවිල කොච්චර වැදගත් විධියට විශ්ලේෂණාත්මකව පැරාට ඇඩ්‍ර‍ස් නැති වෙන්නව දීල තියෙන හැටි. තමුසෙව ඒ සෙට් එකන දාන්නත් ලැජ්ජයි හලෝ. උඹ කට ඇරියොත් ඉතින් පැරාගේ ඩොලර් කුට්ටිය ගැන කියවන එක විතරයි. කිසිම වැදගත් දෙයක් ඉස්මතු කරන්නේ නෑ. නැත්නම මරාට හරි ගෝටට හරි කොන්දේසි විරහිතව පුක දීම විතරයි. ඕව අපට අහල එපා වෙලා යකෝ.

      උඹට කියන්න තියෙන්නේ මෙච්චරයි

      සාරස 'හු'යනූ
      පුක දිදී නොම යනු
      තම වැඩක් කර ගනූ
      නැතොත් මැදමුලන ගොස් හැමිනෙනූ

      Delete
    5. // AnonymousNovember 20, 2016 at 1:19 AM //

      ගරු ඇනෝ තුමනි:
      ඔබගේ ගේ අවවාදය හිස් මුදුනින් පිලිගෙන මීට පසු තව තවත් මරි මෝඩ ගොන් කොමෙන්ට්ස් දමමින් රාජපස්සලා වෙනුවෙන් කඩේ යෑමට උනන්දු වන බව මෙයින් ප්‍රකාස කොරමි.
      මීට සත්යවාදී,
      සර ස තුමා

      Delete
  2. මධ්‍යය හා පරිවාරය අතර සම්බන්ධය පිළිබඳ අනුකමිටුවේ වාර්තාව කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියෙහි පළ වී තිබේ. මෙතැනින් පිවිසෙන්න

    ReplyDelete
    Replies
    1. මෙන්න පැරා තුමෝ අමෙරිකාවෙන් ඔහෙලට එවුව ඩොලර් වල විස්තර!

      According to the paper, the State Department’s total assets equaled $93.8 billion in the last fiscal year, which concluded on September 30, increasing by $3.2 billion compared to 2015.

      Of this amount, $585 million was spent by the State Department under the article ‘Democracy, human rights and governance’ – $70 million down on the 2015 figure.

      The report didn’t specify the projects funded by the agency abroad, but Secretary of State John Kerry wrote in the preface that “we have supported important democratic gains in Sri Lanka, Nigeria, and Burma.”

      https://www.rt.com/news/367436-us-promoting-democracy-kerry/

      Delete
    2. පැරාලට ඔය ඩොලර් දකින්නවත් ලැබෙන්නෙ නෑ. පාකියසූර්තිලා, ජෙහාන්ලා, රනිල්ලා, චන්ද්‍රිකාලා ඔය ඩොලර් අරගෙන රුපියල් වලට හරවලා දෙන දාහක් දෙදාහක් තමයි පැරාලට, සමන් රත්නප්‍රියලට ලැබෙන්නෙ.

      Delete
  3. පවතින වියවස්ථාව අනුව මැර බලය, ධනබලය සහ පක්ශ නායකයාට අවනතවීම් අනුව තේරී පත් උන සාමාන්නිය පෙල විභාගයවත් සමත් නැති නූගත් දැනට පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයින්ගෙන් සදුම්ලත් කමිටු යෝජනා ක්‍රියාත්මක උවහොත් රටට වන වින්නැහිය සිතා ගැනීමටත් අපහසුයි. ජනතාව කබලෙන් ලිපට වැටෙන්න යනවා වගේ. අවශ්යවන්නේ දැනට පවතින වියවස්ථාව වෙනුවට අලුත් සන්න්කල්පයක් මත අලුත් වියවස්ථාවක්. අලුත් සන්කල්පයක් මත මවිසින් මෙම කමිටුවට ඉදිරිපත් කරන ලද www.cultureddemocracy.blogspot.com වෙබ් අඩවියේ " ප්‍රජාතන්ත්‍ර වලෙන් ප්‍රජාතන්ත්‍ර පොකුනට" යන ලිපිය කියවන්න.

    ReplyDelete
  4. පුලුවන් නම් ගේන්න ජනමත විචාරනයකට...

    දෙන්නම් ඇස්ටි හැලෙන්න


    මහජනයාට පෙන්වාලා සුහද කොකා
    මේ රට බෙදන්නට සැරසෙන ගරා යකා
    වියවස්තාව ගෙන එන්නට කිම්ද හැකා?
    ජනමතවිචාරනයේන් මිස කල නොහැකා

    නගර සබා චන්දෙට එන්නට බය ය
    සමූපාකාර චන්දෙන් ලැබ පරාජය
    විචාරන්න ආ කල තොපි ජනමතය
    කපලා අතට දෙමි රනිල ගෙ පුස් ඇටය!

    ReplyDelete
    Replies
    1. ඇස්ටි නෙවෙයි තොගේ ඇට දෙකත් හැලෙනවා ජනමත විචාරණයේදී. පැරදෙන්න බලාගෙන ගේන්නේ නෑ.

      Delete
    2. ගෙනෙයි මෙන්න කියලා...

      බලාගෙන ඉන්න හිටන්!

      Delete
    3. සාරසයෝ. මතක තියාගනින් මේක ස්ක්‍රීන්ෂොට් ගහලා සේව් කරගන්නවා නියම කාලය ආවම තොට උත්තර දෙන්න. පුරාට මක දෙන්නා.

      Delete
    4. ප්‍රබාකරන්ට ජාතක වෙච්ච එවුන්ට පුදුම ඇම්මක්නෙ තියෙන්නෙ බලය බෙදන්න. යුද්දෙන් බැරි උන දේ ව්යවස්ථාවෙන් කරනවනම් මොකටද හරකො අපි යුද්ධයක් කරේ?

      Delete
    5. ගොං ඇනෝ, මතක නැත්තන් මතක් කරගනිං ආන්ඩුව යුද්ද කලේ දෙමල ජනතාව කොටින්ගෙන් ගලවගෙන උන්ට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අරන් දෙන්න​. නැතුව උන් සත්තු වගේ කොටුකරල බලන්න යන්න නෙවෙයි.

      Delete
    6. //AnonymousNovember 20, 2016 at 11:44 AM
      සාරසයෝ. මතක තියාගනින් මේක ස්ක්‍රීන්ෂොට් ගහලා සේව් කරගන්නවා නියම කාලය ආවම තොට උත්තර දෙන්න. පුරාට මක දෙන්නා. //

      ඇනෝ තුමා ගේ එකට ජය වේවා...

      හැබැයි මචන්, උඹලා මොන වියවස්තාව ගෙනාවත් ජනමතවිචාරනයකට ආවොතින් අපි මොන දහම් ගැටයක් ගසා හෝ ඒක පරාජය කොරන එක කොරනවාමයි හිටන්!

      මොලයක් තියෙනවා නම් වියවස්තාව ජනමතවිචාරනයකට යෑම පිලිඹඳව චම්පුක රෙනවක මහත්තයා කීව දේ මතක් කොර ගන්න හිටන්!

      Delete
    7. ඔව් ඒකනේ අර පීනස් කටහඬින් මොරදෙන අනාථ නාකි හම්පඩ දිනේසයා දැන් හමුදා කුමන්ත්‍රණ බයිලාවක් ගහන්නේ. කලුආරච්චියෝ ජනමත විචාරණය දිනපුදාට තොගේ පුකේ තාරගානවා ගානවාමයි.

      Delete
    8. // ජනමත විචාරණය දිනපුදාට තොගේ පුකේ තාරගානවා ගානවාමයි. //

      ඇනෝ තුමෝ...
      ඔහේට පස්ස පැත්ත සමග පුදුම සම්බන්දකමක් නේ තියෙන්නේ!!! සිරිකොතේ ද වැඩ හිටන්?

      Delete
    9. රනිල් මහබැන්කුවෙන් හොරාකාපු සල්ලි වලින් නඩත්තු වෙන සක්කිලි ඇනො. දෙමල මිනිස්සුට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය දැනුත් තියෙනවා. රට ෆෙඩරල් කරලා දුර්වල කරගෙන තවත් පලස්තීනයක් කරන්න දෙන්නෙ නෑ අපි කීයටවත්.

      Delete
  5. Coming Soon ....

    "රාජපක්ෂගේ කරිස්මාවට එරෙහි ව
    අජිත් පැරකුම්ගේ ඩොග්මාව"


    ළඟ දී ම බලාපොරොත්තු වන්න ...

    (ජාතිද්‍රෝහීන්ට එරෙහි ව බර අවි ප්‍රහාරයක් බව කරුණාවෙන් සලකන්න)

    ReplyDelete
    Replies
    1. කැරිස්ටර්ලාට එරෙහිව අජිත් පැරකුම්ගේ ඩොගි ස්ටයිල් ලිවීම දැන් ම කියවන්න.

      Delete
    2. බ්‍රෙක්සිට් වුනා හිලරිත් දැන් පරාදය
      ඇන්ජෙලා මාකරුත් ළඟදීම අනාතය
      නෝට්ටු කෙලිය නිස මෝදිට අමාරුය
      චීනේ සරණ යාමට දැන් ප්‍රමාදය

      ලොව නැග එන හැඩය ජාතික මත වාද
      තමන් හිසට තම අත සෙවනැලි නේද
      වියත් මගද සමගින නව මත වාද
      ගෝඨාභය සැරසෙන සැටි නොපෙනේද

      ලිව්වත් ඔපදමා පැරකුමු බොළඳ කතා
      කියවා නොරැවටෙමු මැදිහත් සිතින් සිතා
      සමූපකාර චන්දත් පරදිනම නිසා
      ජනමත විමසුමක් තබයිද දිවිය නසා

      - මයුරවිල මි

      Delete
    3. මයුරවිලගේ පල් හෑල්ලේ කිසිම විරිතක් නෑ. මිනිහා සිංහල භාෂාවට කරන්නේ නිග්‍රහයක්.

      Delete
    4. සගය,

      ඔබෙන් විරිත උගැන්මට මෙහි පැමිණියෙමි. දැන් විරිත යනු කුමක්දැයි විවරණ කෙරෙමින් වීරිත් සරිසැටි උගැන්වුව මනාය. මා සැම කල සිසුවෙකි.

      - මයුරවිල මි

      Delete
    5. කෙතරම් දත කා උඩ පැන්නත්
      පර්සි නොම ඒ ය බලයට යළිත්
      ගෝඨාභය හොඳ යයි කිව්වත්
      එයා හිරගෙට යන දවස ඇවිත්

      Delete
    6. // AnonymousNovember 20, 2016 at 11:20 AM


      මයුරවිලගේ පල් හෑල්ලේ කිසිම විරිතක් නෑ. මිනිහා සිංහල භාෂාවට කරන්නේ නිග්‍රහයක්.//


      ඉහත ආලෝචන පළ කළ දුහුනාගේ දැන ගැනුම පිණිස මැ ලියමි.

      සබඳ, පෙර දිනෙකැ විරිත් නො තබමින්, එළිවැට පමණ තබමින්, එක වැකිය අසක් කඩ කැරැ ලියමින් මහ කව් පැබැඳු‍ෙමක් සේ මෙහි පළ කළාහු ද තොපි මැ වියැ යුතු යැ. එ සේ නො වුවැ ද වන්නාට. සබඳ, විරිත යනු හුදු සමුදුරු ගොස් විරිත මැ නොවන්නේ යැ. හෙළ කව් සතරැ විරිත් අඩ සියයෙකට ද වඩා වැඩියෙන් පවතී. සබඳ, තොපි කව් යැ යි සිතන්නාහු කොළඹ යුගයැ කව් රැසෙක් මැ බැඳි සුලබ සමුදුරු ගොස් විරිත මැ යැ. එසේ නොවන්නේ මැ යැ. කව්සිළුමිණ ඈ නෙක කව් කියවව්, එළු සඳැස් ලකුණ කියවව්. තොප කව් බඳනා නන් නය විරිත් උගනිනු නිසැක යැ.

      සබඳ, තොපගේ මඳ දැනුම වූ කලී මා සන්මිතු මයුරවිලයනගේ ගැටලුවෙක් නොවන්නේ යැ. මනා විරිතකට ලඝු ගුරු ගළපා මයුරවිලයන් විසින් පැබැඳුණු කව් පද මල් කලඹ සඳ සුවිරිත් යැ; පද සුබැසි යැ; පවත් බිඳ සුනිසි යැ. මහ කව් බැඳියැ යුතු වන්නේ මහ පුරිස්, මහ විරු සුදනන් අලළා මැ බැව් පෙර කල අප ගුරුහු කාව්‍යාදර්ශයැ ද සියබස් ලකරැ ද ලා පැවසූවෝ යැ. මයුරවිලයන් එමඟ අනු යා නිසි සුදනන් අලළා මැ කව් බැඳ අප සිත අම රස ගෙන දෙන්නේ යැ. රනිලුන් අලළා බැඳියැ හැකි මහ කවෙක් නැති යැ. කව් බඳිනු නිසි උන් වන් අවසෙස් පුරිස් තෙම පිණිස නො වැ මහ පුරිස් තෙම පිණිස මැ යැ. සබඳ, තොප ද නන්දෙඩවිලි නවතා කව් බඳනා විදි මයුරවිලයනගෙන් ද සරස‍තුමන්ගෙන් ද උගනිව. කරුණ සිතින් මෙවදන් පැවසීමී. අමනාපයෙක් නැත තුන් හිතෙකවත් මගේ. කව්කම කෙරුම පෙර පින්පල ලෙස යි හොඳේ!

      මා සන්මිතු මයුරවිලයෙනි, දුහුනන්ගේ බකපඬු වදනින් උකටලී නො වනු මැන. දෙස-බස-රුස රැක්මට ඔබ සරසයන සමඟ කරනු ලබන සත්කිරිය උතුම් යැ; අතිඋතුම් යැ.

      සරසයෙනි, මයුරවිල‍යනට සහය පතා ඔබ ද කවි මිණෙක් නො ලසා පළ කරනු මැනැවි.

      මා සන්මිතු මයුරවිලයනට අවලාද නැඟූ කුකවි දුහුනාට මම පහත කවි ශික්ෂාව පවසමි:

      කුකවි සබඳට ළබැඳි වැ…

      දුර්ගන්ධවත් ඩබ්ලිව් තුන ලංකාවේ
      සුපුරුදු දුගඳ නො ව නව ගඳයකි ආවේ
      විමසා බැලිමි කිම දැ යි ඒ ගඳ ආවේ
      කුකවි දුහුන මල හළ බව මා දුටුවේ

      සරසවි බැලුමසක් නැති දන කිවි නො වෙති
      ප්‍රතිභා නො පිහිටයි අරුමැසි කවි නොමැති
      ප්‍රතිභා ඇති දනෝ නිති කව් හුරු කරති
      නව රස අරුත් දින දින තත්භව කරති

      කුකවි දුහුන යම් ප්‍රතිභා ඇති සෙයකි
      නිති පුහුණුවක් කිසි දා ලැබ නැති සෙයකි
      පෙර රස කිසිත් රසවිඳ නම් නැති සෙයකි
      නව රස මවන්නට පෙර උගනිනු යෙහෙකි

      කව්සිළුමිණ ද කාව්‍යශේඛර කව ද
      සැලළිහිණිය ද ගිරාව සහ මයුරය ද
      තිසරය සමඟ පරවිය සහ කොවුලිඳු ද
      හදාරනු මැනැවි නො දෙමින් මෙහි දුගඳ

      එළිවැට රැකුම පමණක් නො ව කව් බැඳුම
      ලඝු ගුරු සමඟ උගනිනු මැන විරිත් දම
      නැති නම් ඔබගෙ අව කවිකම් කියවා ම
      අප දිවි නැසෙනු ඇත හිර වී දිවි සුසුම

      එළු සඳැසේ විරිත් මාලා සොඳින් දැන
      පිංගලනාථ රත්නාකර පෙළ ද දැන
      කවි බඳිනා නෙක බන්ධන රටා දැන
      කුකවි නො කර කව් මිණි දම් කරනු මැන

      සලමෙව සේන දණ්ඩීනුන් කියු ලෙස ම
      කවිය‍ට විෂය නිසි සත් තෝරා ගැනුම
      ‍නො කර නොනිසි කඳ පණුවන් නිති වැනුම
      කවිකම් නමින් කෙරුමය කවි වේසකම

      මල නො තලා වන බිඟු මී ගත් ලෙසට
      හංස රාජ කිරි දිය වෙන් කළ ලෙසට
      මිණි සයුරෙන් අගමිණි තෝරන ලෙසට
      සුබැසි ගනුව සාරස මයුරය ලෙසට

      දුගඳ නිබඳ හමනා මෙහි සතර දෙස
      වසනු නො හැකි නැති නම් කව් අමා රස
      සාරස මයුරවිල ගෙන එන අමා රස
      කුකවි ලියා නැති නො කරව් සතර දෙස

      සබඳ කුකවි දුහුනෙනි මෙහි වසුරු හළ
      නො වෙනු මැනැවි වදයක් මෙතැනේ පතළ
      සාරස මයුරවිල කවිකම් නිති හසළ
      අබියස විසුළුවකි ඔබ විළි බිය ද හළ

      කවිකම සිතුමිණකි කරතොත් නිසි ලෙසට
      මහබඹු කිවි ය කව් ලොව ඇති සැම තැනට
      ඔහු තම සිතැඟි ලෙස හැරුණෙ ද යම් දෙසට
      මුළු ලොව හැරෙනු ඇත එසැණින් ඒ දෙසට

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Delete
    7. බන්ධුල සුදීමතුනි,

      ඔබේ අදහස් ගරුකොට පෙර දිනෙක ලියැවුනු නීති ශතකයෙන් මෙසේ රජපදයටත් වඩා කවිත්වය අගේ යැයි ගෙනහැර දක්වමු:

      සඳ කැලුම විලස් වූ මුත්හරත් රන් වලල්ලත්
      ලකල හිස කෙසත් නැමත් කුසුම් අංගරාගත්
      මෙයින දන නො වේ දුල් බස් විලස්නෙන් දිලුම් වේ
      බරණ නොව වදන්න මැය් ඔප් නැගිමෙන් දිලෙන්නේ

      විදුව දනට රූවෙය් කිත් සැපත් ලංකෙරෙය්
      ඒ රද පිදුම ලබය් දෙව් ගුප්ත වත් බෝගකාරය්
      විදෙස ගමනෙදි නැයෙක් ගුරුන් ගේ ගුරෙක් වේ
      එබඳු විදු නොදත්තා ‍මෝඩ සිව්පා සතෙක් මැය්

      ඉවසතොත් පියවදන් කුමට ද? කිපේනම් අන් රිපුහු කුමට ද?
      සියන් ඇතහොත් ගිනි ද සුමිතුරු වෙතොත් දිමඹසුවකින් වැඩවේ ද? දුදන වීනම් සපු ද, හිරි ඇති කල්හි බරණ ද, පඬිට දනයද ඇතොත් කිවිබව රජය කුමට ද, එයින්ඇතිවන වෙසෙස්පල කොද?

      Delete
    8. බන්දුල මයුරවිල සාරස සුදිමතුනි
      දුහුනා නොවෙමි පැණයකි සිත කළඹවන

      හෙළ කවි සිරිත් ඇසුරට නොම වේය දන
      කවියක් වියන්නට ලගු ගුරු ඕනෙමද?

      මනමේ සියබාහු පතිවත රැකුනානම්
      කළල උපත් නොව ක්ලෝනම උරුම වෙද ?

      හංසන- බද්දේගම

      Delete
  6. රටේ මුදල් හා කාළය කා දමන කාළකන්නි ක්‍රියාවක්.

    මෙක ජනමත විචාරණයකින් සම්මත කර ගත යුතු දෙයක් නේ..

    දාන්න කියන්නකෝ ඔක්කෝම කරලා ජනතාවට..

    අර බුද්ධ සාසන ඇමති ගේන පනත් වලට උන් දේම තමා වෙන්නේ..

    මෙලෝ දෙයක් නොකරන එකේ මෙහෙම දෙයක්වත් කරන එක හොඳයි...

    ඕක ගේන්න තිබුනේ කරනයි කියන සංවර්ධනේ කරයින් පස්සෙ..

    අනිවාර්යයෙන් රට ගිනි තියන වැඩක්..

    මම කිව්වා කියලා ලියා තියා ගනින් පැරෝ..

    ReplyDelete
  7. මෙය රටට උවමනා දෙයක් උනත් ආණ්ඩුවට මේක කරගන්න ශක්තිය නැහැ. හොරු අල්ලන්න උවමනා බලයට වඩා වැඩි බලයක් මේ වැඩේට ඕනෑ. වැඩේ නොකෙරුනත් දෙකම කතාවට හොඳ මාතෘකා.

    ReplyDelete
    Replies
    1. මේක රටට උවමනා නිසායි අපි මේ වෙනුවෙන් සටන් කරන්නේ. ඒක මහින්ද ගෙනාවා නම් ඒත් අපි උදව් කරනවා.

      මේ වගේ කාරණාවලදි පක්ෂ දේශපාලනය නෙමෙයි වැදගත්. අරමුණයි වැදගත්.

      මේක ක්‍රියාත්මක කරවන්න ඕනැ. ආණ්ඩු පෙරළගන්නට ඕනැ අය ඒක ක්‍රියාත්මක කරවන්නට උදව් කරලා පෙරළ ගත්තට අපට කමක් නැහැ.

      Delete
  8. මහා මාක්ස්වාදියො රනිල්ගෙ, කොටින්ගේ ලොකුම ආරක්ශකයො වෙලා ඉද්දී තමයි තේරෙන්නෙ මාක්ස්වාදයද, ධනවාදයද දෙකම ගෝලීය අධිරාජ්යවාදයේ මෙවලම් දෙකක් කියලා. එකම විසදුම ජාතිකවාදය.

    ReplyDelete
    Replies
    1. +++++++++++++

      ජයවේවා!

      හොර වියවස්තාව බන්ගවේවා!

      Delete
    2. මරාගේ පුක ලෙවකන්නන් වඳ කිරීමේ ක්‍රියාන්විතය ළඟදීම ආරම්බ කෙරේ.

      Delete
    3. // AnonymousNovember 20, 2016 at 9:22 PM
      මරාගේ පුක ලෙවකන්නන් වඳ කිරීමේ ක්‍රියාන්විතය ළඟදීම ආරම්බ කෙරේ. //

      රනිල් ගේ පුක ලෙවකන්නන්ප මනක් ඉතිරි කරනු ලැබේ?
      අසාදාරනයි හෆ්ෆා!

      Delete
  9. පෙනී යන විදිහට ඕකට ඉස්සෙල්ලා ඡන්දයක් එන්නෙත් නෑ, ඡන්දෙකට ඉස්සෙල්ලා ඕක එන්නෙත් නෑ, 2020ටම අදී වගේ.

    ReplyDelete
  10. බැහැපං ඩෝ පැරා එළියට. ‍මේකේ දෙකෙන් එකක් විසඳගන්න. 2020 ට කලින් මහින්ද සර් බලය අල්ලනවා. එතකොට උඹට පනින්න තැනක් නැහැ නේද ඩෝ? ඉන්දියාවටවත් පනින්න බලපං. ඉස්සෙල්ලම කල්තියා මරුටි කට්ට විකුණපං. නැත්තම් උඹ අවදානමක් අරං මරුටි කට්ට ගැන හිතලා ආයේ ලංකාවට එයි. මතකයිනේ ගියේ සැරේ? කතා කරපං ‍ ඩෝ පැරා.

    ReplyDelete
    Replies
    1. භාෂණ-ශර්මිලා කණ්ඩායමේ එවුන් දැන් එළිපිට ම මහින්දට කඩේ යනවද?

      Delete
    2. පැරා සිතන්නේ පැරාට විරුද්ධ හැමෝම පැරාගේ පරණ කණ්ඩායමේ අය බවය. ඒ තරමටම පැරාට එම කණ්ඩායම භීතිකාවක් වී ඇත. එය රෝගී තත්ත්වයකි.

      පැරා, කාලයක් හිතාගෙන හිටියේ ඉරිදා ඉංග්‍රීසි පත්තරයක කර්තෘ කෙනෙක් කමෙන්ට් කරන බවය. ඉන්පසු වමට උදව් කරන යුරෝපා අධ්‍යාපනයක් ලබපු සල්ලිකාරයෙක්ව සැක කළේය. දැන් පැරාගේ පරණ කන්ඩායම කමෙන්ට් කරන බව පවසයි. අපිට හිතෙන්නේ පැරා කියල කිසිම කෙනෙක්ට පැරා උන්නද මලාද කියලවත් මතක නැහැයි කියලයි. මොකද ඒ අය ලියන පත්තරවලවත් වෙබ්සයිට්වලවත් පැරා ගැන වචනයක් වක් නැහැ.

      පැරාම තමන්ට එරෙහිව කමෙන්ට් කරන බවයි අපිට හිතෙන්නේ. පැරා පබ්ලිසිටි මරුවනේ කොහොමත්. කොහාමත් සමහර කමෙන්ට් පැරාගේ පරණ කන්ඩායමේ අය ලිව්ව වෙන්න බැහැ. පත්තරකාරය ඉංග්ලිෂ් එකක් දෙකක් දැම්මා වගේ පත්තරේ බැලුවම. ඒත් සිංහල ඒවා කන්ඩායමේ නෙමේ. පැරා අනන් ඉන්නේ. අනික ඒ කන්ඩායම මහින්දට කඩේ යයි ද කවදාවත්? පැරාට මඤ්ඤං කියන්නේ නිකං යැ?

      පැරා කරන වැරදි වැඩක් තමයි අනුමානය මත පදනම් වෙලා එක එක නම් වලට චෝදනා කරල එක. නඩුවක් වැටුණ දාට තමයි කෙළ වෙන්නේ. ජීවිත ආරක්ධාවට විදේශගත අයගේ නම් කියනවා කියන්නේ සාපරාධයක්. පැරා ඒ අයට වීස දික්කරලා දෙන්න යනවද මන්දා එහෙම නැත්තම්. මොකක් වුණත් භාෂණ-ශර්මිලා කියන්නේ හරි ලස්සන ගැළපෙන නම් දෙකක්. ටයිගර් පතාවුදි - ශර්මිලා තාගෝර් වගේ නම් දෙකක්. රන්-රස වගේ පෑහෙනවා. පැරා - ඊශා වගේ එළ හරකයි-මීහරකයි වගේ නම් දෙකක් නෙවෙයි.

      පැරා අහක ඉන්න අයට අභූත චෝදනා කරන්න ගිහින් ඉලිලනි කනවා වගේ අපිට හිටතනවා.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා