ජනමාධ්‍යයට දේශපාලන බලපෑම් නැතිව ගියොත්, ලංකාවට ඩොලර් ලැබීම නැවතී අප වැනි ඩොලර් කාක්කන් කොළඹ ගස් යට මැරී වැටෙනු ඇත

ජනමාධ්‍යවලට තර්ජන කරනවා ය කියා අනේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා ද කියනවා ය. උන්නැහේගේ කාලේ නම් ඔය තර්ජන තිබුණේ නැත.

පාර්ලිමේන්තුවේදී ජවිපෙ මන්ත්‍රී නලින්ද ජයතිස්ස ඇසූ ප්‍ර‍ශ්නයකට පිළිතුරු දෙමින් ඇමති සාගල රත්නායක පෙන්වා දුන් පරිදි රාජපක්ෂලාගේ මාධ්‍ය නිදහස මෙසේ ය:

2006 ජනවාරි සිට 2015 ජනවාරි 15 දක්වා

මාධ්‍යකරුවන්

මරාදැමීම් - 13
අතුරුදහන් කිරීම් - 01
පහරදීම් - 87
අත්අඩංගුවට ගැනීම් - 20
ජනමාධ්‍ය ආයතනවලට පහරදීම් - 5

මෙම සිදුවීම් සම්බන්ධයෙන් සාක්ෂි ද විනාශ කර ඇති බව ඇමතිවරයා පෙන්වා දුන්නේ ය.

මාධ්‍යවේදී තිස්සනායගම්ට ත්‍ර‍ස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අවුරුදු 20ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් දීම ද සිහිපත් කළ යුතු ය. දේශීය හා ජාත්‍යන්තර බලපෑම් නිසා පසුව ඔහු විශේෂ ජනාධිපති සමාවක් යටතේ නිදහස් කරන ලදී. 

දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයට සම්බන්ධව කටයුතු කළ ඉසයිප්‍රියා වැනි මාධ්‍යකරුවන්ට අත් වූ ඉරණම ඇතැම් විට වාර්තාගත නො වන්නට පවා ඉඩ ඇත. 

2015 ජනවාරි 15 සිට මේ දක්වා තත්වය අපට වාර්තා වන්නේ මෙසේ ය:

රජයේ ඍජු අනුදැනුම, මෙහෙයවීම මත මාධ්‍යකරුවන්

මරාදැමීම් - 0
අතුරුදහන් කිරීම් - 0
පහරදීම් - 0
අත්අඩංගුවට ගැනීම් - 0
ජනමාධ්‍ය ආයතනවලට පහරදීම් - 0

මෙම සංඛ්‍යාලේඛන වැරදි නම් නිවැරදි කර දැක්වීමට ඔබට අවස්ථාව තිබේ. (මෙහෙම ගියොත්, ලංකාවට මානව හිමිකම්, මාධ්‍ය නිදහස, ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය ආදිය වෙනුවෙන් ඩොලර් ලැබීම නැවතී අප වැනි ඩොලර් කාක්කන් කොළඹ ගස් යට මැරී වැටෙනු ඇත.)

මීට අමතරව, මෑතදී,

රනිල් වික්‍රමසිංහ මහතා ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත ‘ටොයිලට් පේපර්ස්' ලෙස හැඳින්වූයේ ය.ඊට කලින් තවත් දෙකයි පනහේ නිවේදකයකු පොර කළේ ය.

දෙරණ රූපවාහිනී නාලිකාවට එරෙහිව ජන‍මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කරුණු දැක්වීම සදහා කාලයක් ලබාදී ඇත. මෙම නිලධාරියා මීට කලින් ද ඔය වගේ බහුබූත වැඩක් කළේ ය.

අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කරමින් ලංකා ඊ නිවුස් වෙබ් අඩවියත්, එහි කර්තෘවරයාත් විවේචනය කළේ ය.මීට කලින් මෙම ඇමතිවරයාට ඇවන්ට්ගාඩ් සම්බන්ධයෙන් මාධ්‍ය හැසිරීම ගැන ද ප්‍ර‍ශ්න තිබුණු බව මතක ය.

ගලබොඩ අත්තේ ඥානසාර භික්ෂුව ජාතික රූපවාහිනියට එරෙහිව වෛරී ප්‍ර‍කාශ කර තිබේ.මෙම භික්ෂුව වෛරී ප්‍ර‍කාශ හැර අන් යමක් දන්නේ ද?

මෙවැනි දේවලින් ද මාධ්‍යවේදීන් නම් මල් කැකුළුවල සිත් තදින් පෑරී තිබේ.

මාධ්‍ය හිමිකම්, මානව හිමිකම් ආදිය වෙනුවෙන් පෙනී සිටින සංවිධාන ඒවාට විරුද්ධව දැවැන්ත හඬක් නඟනු පෙනේ. ඉතා සන්තෝස ජනක ය.

ඒ වුණාට මාධ්‍ය කෙරුවාව නම් කිසිදු වෙනසක් වී ඇති බවක් නො පෙනේ.

ප්‍ර‍ධාන ධාරාවේ මාධ්‍ය සමාජ ප්‍ර‍ශ්න ආමන්ත්‍ර‍ණය කරනවා වෙනුවට කරන්නේ කුණු රසැති දේශපාලන ඕපාදූප, ජාතිවාදය, පුරුෂෝත්තමවාදය වැනි දේ බෙදා හැරීමයි.

සරළ උදාහරණයක් දෙමි. දිනකට ලක්ෂ ගණනක් මගීන් යන එන දකුණු දුම්රිය මාර්ගයේ ලුනාව පාලම වෙනුවට අලුත් පාලමක් දැමීම සඳහා පසුගිය දින හතරක් දුම්රිය ධාවනය සිදු වුණේ මාතර-මොරටුව අතර හා රත්මලාන-කොටුව අතරයි. මේ පිළිබඳ ප්‍ර‍ධාන ධාරාවේ මාධ්‍ය කීයක් වාර්තා කළා ද?

ඊට කලින් දිනෙක දුම්රිය පීලි පැනීමක් නිසා මෙම මාර්ගයේ දුම්රියවල ගමන් ගන්නා කාර්යාල සේවකයන් ඇතුළු මගීන් ලක්ෂයක් පමණ දැඩි දුෂ්කරතාවකට මුහුණ දුන් හ. ඒ ගැන ජනමාධ්‍ය කීයක වාර්තා වුණා ද?

මේ කියවන ඔබ ඇතැමෙක් ද මෙම සිදුවීම් ගැන දැන ගන්නට ඇත්තේ පළමු වතාවට ය. මේවා ප්‍ර‍වෘත්ති නො වේ ද? ජනමාධ්‍ය තිබෙන්නේ මහජන ප්‍ර‍ශ්න කෙරෙහි වගකිව යුත්තන්ගේ අවධානය යොමු කරමින්, රජය හා වෙනත් ආයතන සාධනීය ලෙස විවේචනය කරමින් සමාජය යහපත් අන්දමින් වෙනස් කරන්නට දායක වන්නට ය.

එහෙත්, අපේ රටේ ජනමාධ්‍ය හා ජනමාධ්‍යවේදීන් ලෙස තමන් හඳුන්වා ගන්නා පිරිස කරන්නේ මොනවා ද? මාධ්‍ය වෙනුවෙන් මුදල් යොදවන පුද්ගලයන්ගේ දේශපාලන හා වෙනත් උවමනා ඉටු කිරීම පුවත්පත් කලාව ද? මේ ආයෝජකයන් ඇතැමෙක් මාධ්‍ය හා මාධ්‍යවේදීන් භාවිතා කරන්නේ කළු සල්ලි සුදු කර ගැනීමේ ලොන්ඩරි කර්මාන්තයක් වෙනුවෙනි.

ජාතීන්, ආගම්, ස්ත්‍රීන්, පුරුෂයන් අතර භේද ඇති කිරීම, සමාජයට බිය විකිණීම, විෂමතා පුළුල් කිරීම, සමාජ ධ්‍රැවීකරණය වැඩි කිරීම, පහත් රුචිකත්වය ඇවිස්සීම, මිථ්‍යාව පැතිරවීම, මුග්ධත්වය බෝ කිරීම, දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය නැති කර රට පරිහාණියට පත් කිරීම වැනි ක්‍රියා ජනමාධ්‍යයේ වගකීම් ද?

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. අජිත්,

    2005 ට කලින් රජයයන් ගේ ඍජු අනුදැනුම, මෙහෙයවීම මත මාධ්‍යකරුවන් මරාදැමීම්,
    අතුරුදහන් කිරීම් , පහරදීම්, අත්අඩංගුවට ගැනීම්, ජනමාධ්‍ය ආයතනවලට පහරදීම් වෙලාම නැද්ද?

    එහෙම වෙලා තියෙනවනම් ඒව යන්තමින්වත් සඳහන් කළොත් හොඳ නැද්ද?

    -මොණරවිල

    ReplyDelete
    Replies
    1. වෙලා තියෙනවා. චන්ද්‍රිකාගේ කාලේත්, ඉන් පෙර, ප්‍රේමදාසගේ කාලේ හා ජේ.ආර්.ගේ කාලේත්, සිරිමාවෝගේ සමගි පෙරමුණු ආණ්ඩුව කාලේත් ගොඩක් වුණා.

      ලේක්හවුස් රජයට පවරා ගැනීම, දවස නිවස සීල් තැබීම, රිචඩ් ද සොයිසා ඝාතනය වැනි සිදුවීම් ඓතිහාසික කලු පැල්ලම්.

      Delete
    2. අජිත්,

      ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා පිහිටුවා ගත් සක්‍රිය තත්වයේ තියන සංවිධාන තියෙනවද?

      ඊළඟට මම අහන්නේ මේ අපි පලිප්පු දාන "මාධ්‍ය නිදහස" ගැන නෙමෙයි. ජනමාධ්‍යවේදිය කියන්නෙත් පූර්ණව හෝ අර්ධකාලීනව සේව්‍යයකුට (employer) කෙනෙකුට සේවය කරන සේවකයකුටනේ(employee). සමහරවිට අර වගේ සේවා ගිවිසුමක් (contract of service) මෙන්ම සේවය සඳහා වන ගිවිසුමක් තියෙන්නත් පුළුවන් (contract of service), එතෙන්දි මාධ්‍යවේදියා contracter කෙනෙක්. ඒ වගේම සමහරු freelancers ල.

      මම අහන්නෙ "මාධ්‍ය හිමි ස්වාමි - මාධ්‍යයන්හි සේවයේ නියුතු සේවක" සම්බන්ධය යටතේ මේ මාධ්‍යවේදීන්ගේ මුලික සේවක අයිතිවාසිකම්වත් ලංකාවේදී සුරක්ෂිතද කියල?

      මම දන්නා තරමටනම් සුබවාදී තත්වයක් නෙමෙයි මෙතන තියෙන්නෙ. නමුත් මාධ්‍යවේදීන්වත් මේ ගැන ගැඹුරින් කතා කරන්නෙ නෑ.

      දේශපාලන බලපෑම් නැති මාධ්‍ය ලෝකේ කොහෙවත් තියනවා කියල මම විස්වාස කරන්නේ නෑ. ඔය දේශපාලන බලපෑම් නැති මාධ්‍ය නිදහස ආණ්ඩුව වලින් ඉල්ලන්න කලින් ජනමාධ්‍යවේදියො තමන්ගෙ employers ලාගෙන් අවම සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කරන බවට සහතික කරගැනීමට අරගලයකට ගියොත් නරකද?

      -මොණරවිල

      Delete
    3. ලංකාවේ ජනමාධ්‍ය කියන්නේ වෘත්තිකමය පැත්තෙන් ඉතා පසුගාමී ආයතන විශේෂයක්. ඒවායේ සේව්‍ය සේවක සම්බන්ධකම් පවා පවතින්නේ ඉතාම පසුගාමී තත්වයකයි.

      නිර්මාන හිමිකම් වගේ දේවල් එහිදී තඹ දොයිතුවකට මායිම් කරන්නේ නැහැ. එහිදී ඉතාම නිර්දය විදියට සූරාකෑමට ලක් වන දෙපිරිසක් තමයි නිදහස් මාධ්‍යකරුවන් හා ප්‍රාදේශීය මාධ්‍යකරුවන්.

      මාධ්‍ය ආයතනවල කර්තෘ මාණ්ඩලිකයන් බොහෝ විට කටයුතු කරන්නේ ආයතන හිමිකරුවන්ගේ නියෝජිතයන් ලෙසයි. ආයතන හිමිකරුවන් තරමට ම ඔවුනුත් දූෂිතයි. වෙනත් අංශ ගැන කරුණු හෙව්වාට මේ ආයතනවල අභ්‍යන්තරය කුණු ගොඩවල්. කිසිම ප්‍රජාතන්ත්‍රවාදයක්, වෘත්තීය හිමිකම්වලට ගරු කිරීමක් නැති තරම්.

      ඉතිහාසය පුරාම මාධ්‍යකරුවන් බලවත්, ධනවත් පුද්ගලයන්ගෙන් විවිධ භෞතික, මානසික අල්ලස් ලබා ගන්නවා.

      මෙම තත්වයට අභියෝගයක් එල්ල වුණේ පුරවැසි මාධ්‍ය නිසායි. පුරවැසි මාධ්‍ය ප්‍රවර්ධනය වගේ ම, ඒවායේ ගුණාත්මකභාවය වර්ධනය කිරීමත් එහිදී ඉතා වැදගත්.

      Delete
  2. //එහෙත්, අපේ රටේ ජනමාධ්‍ය හා ජනමාධ්‍යවේදීන් ලෙස තමන් හඳුන්වා ගන්නා පිරිස කරන්නේ මොනවා ද? //

    ගිනි පිඹීම සහ හොරි කැසීම!

    ReplyDelete
    Replies
    1. මරාගේ පුකේ හොරි නේද දතෝ

      Delete
  3. දැන් මාද්දියකාරයෝ බය වෙන්න ඕන ආන්ඩුවෙන් නෙමෙයි, එකාබද්ධ මළබද්දෙන් උන්ට එකෙකුට දෙන්නෙකුට ගේම දෙනවා කියන එක සිම්පල් වැඩක්..

    ReplyDelete
    Replies
    1. සගය මාතලන,

      "සර්පයාගේ දියණිය" වෙත මග කියූ ඔබට තුති! අගයකළ යුතු ලිපියක් නමුදු "ඇනෝ" කමෙන්ටු එහි වලකා ඇති බැවින් කිසිදු නොලීමි.

      "සියලු ඇනෝමස්හු _න්නයෝ නොවෙති."

      ඔබට නැවත තුති.

      -මයුරවිල මි

      Delete
    2. සෝදුපත:

      "සියලු ඇනොනිමස්හු _න්නයෝ නොවෙති. අතරින්පතර එකෙකු දෙදෙනෙකු සිටිය හැකි වුවද ඉන් එතරම් අවැඩක් නොවේ"

      -මයුරවිල මි

      Delete
    3. මම එයැයිට කිව්වා... දැන් හරි ඇති...

      Delete
  4. විපක්‍ෂයේ ඉන්න කොට නම් හැමෝම මාධ්‍ය නිදහසේ මුර දේවතාවුන්.

    මේ මං බරක් ඔබාමා පත්වුණු දවසේ ලියපු පැල්කවි දෙක තුනක්.

    බලයට එන්න පෙර නිදහස භාෂණ යේ
    පරමාදර්ශයයි මැතිඳුගෙ චින්තන යේ
    තම පණ වුවද දෙන්නයි සැරසී සිටි යේ
    අමතක වේ ද බලයට පත් වූ හැටි යේ

    ෆොක්ස් ටෙලිවිෂනයට ගින්දර තැබේවි ද
    වොෂින්ටන් පෝස්ට් කතුවර මැරේවි ද
    අල්-කයිඩා ව ගැන ලිපියක් ලියන ලද
    උප කතුවරුන් හෙට සිරගෙට වැටේවි ද

    විපක්‍ෂයේ ඉඳ සිල් අරගෙන වාගේ
    රටේ ප්‍රශ්ණ විසදිය හැක කජු වාගේ
    එරට මෙරට කොයි දේසෙත් එක වාගේ
    බලමු හෙට කෙරුම් ජනපති ඔබමා ගේ

    ReplyDelete
  5. ඇයි CSN ආයතනයේ විකාශන බලපත්‍රය අහෝසි කිරීම ? ( තව ටික දවසකින් ඔය වැඩේම දෙරණටත් වෙයි)

    ReplyDelete
    Replies
    1. ඉතින් CSN එකට පුළුවන් නඩුවක් දාලා තමන්ගේ අයිතිය දිනාගන්න.

      Delete
    2. අදද රෙණ

      Delete
    3. csn සිදුවීම ගැන පසුගිය "රාවය" කලාපයක හොඳ ලිපියක් තිබ්බා කේ.සංජිව ලිව්වා.

      Delete
  6. සසීදරන් නම් මාධ්‍යකරුවෙකු මේ ආණ්ඩුව මගින් අත් අඩංගුවට ගත්තේය ඒ නීති විරෝධීව රටෙන් පිට වී නැවත රටට පැමිණි අවස්තාවේ ය. (මතක් කර දුන්නාට ජයම්පතී බුලත්සිංහලට ස්තුතියි)

    ReplyDelete
  7. මොන වැරදි තිබුනත් මේ ආණ්ඩුවේ මාධ්‍ය නිදහස මම මේ දක්වා කිසිදු ආණ්ඩුවකින් දැකල නෑ. ඉස්සර ගහන්න එපා මරන්න එපා කිව්ව සමහර මාධ්‍යකරුවන් දැං නේ අපිට ගහපල්ලා කියල හැසිරෙන බවකුත් පේනව.
    කොහොම උනත් ස්වාධීන මාධ්‍ය කියල ජාතියක් මේ ලෝකෙ නෑ. ඉතිං උන්ට ඕන විදියකට ඕන දෙයක් කීමේ නිදහස තිබිය යුතුයි. වැරැද්දක් තියනව නං ඒ ගැන සාමාන්‍ය නීතිය යටතේ කටයුතු කල යුතුයි. දැන් තියන මාධ්‍ය නිදහස ආණ්ඩු වෙනස් වුනත් ආයෙ කැරකෙන්න ඉඩ නොතැබිය යුතුයි.
    (ලේකම්, දෙරණට ලිපියක් එවීමෙන් මාධ්‍ය නිදහස නැති වෙනෝ.... කියල බෙරිහන් දෙන එවුන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වමු)

    ReplyDelete
    Replies
    1. හැබැයි ලේකම් නම් අංක එකේ ජෝකර් කෙනෙක් බව නම් පේනවා.මිනිහා කරන වැඩවලින් ආණ්ඩුවේ ලකුණු තමයි කැපෙන්නේ.

      Delete
    2. මම දන්නා තරමින් විද්‍යුත් මාධ්‍ය පිලිබඳ නියාමන බලතල තියෙන්නෙ විදුලි සංදේශ නියාමන කොමිසමට. එකේ ප්‍රධානියා අධ්‍යක්ෂ ජනරාල්. නියාමන බලතල ක්‍රියාත්මක කළයුත්තේ ඔහු විසින්. එත් නීතියේ නියම කර ඇති විදියට.

      මේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නියම ගොබ්බසේන කෙනෙක්. ඔහොම නාලිකා ගැන පැමිණිල්ලක් ආව කියල ඒක පාර්ශවික විමර්ෂණ තියල නිදහසට කරුණු අහන්න මොනම බලයක්වත් ඔය ගොබ්බසේනට නැහැ.

      අනික ඔය චෝදනාව කරන්නෙ ජනාධිපතිගෙ කතාවක හරය වෙනස් වන විදියට කෑල්ලක් විකාශනේ කළා කියලනේ. එහෙමනම් මුල් පැමිණිල්ල කරන්න ඕනෑ ජනාධිපති.

      නමට නීතිඥ වුනාට වැඩක් නෑ. අනික මේ ගොබ්බසේන උසාවි ගිහින් කරපු වැඩක් අපි දන්න තරමින් නෑ.

      ඔය වගේම තව ගොබ්බසේන කෙනෙක් හිටියෙ අන්තරාකාර ඖෂධ පාලක මණ්ඩලේ, නිලංග සමරසිංහ කියල දොස්තර කෙනෙක්. කෝ දැන් ඇඩ්රස් නෑ නේද?

      මේ ගොබ්බසේනටත් වෙන්නෙ ඕක තමයි. තමන්ගෙ සීමාව දන්නැති මේ වගේ මෝඩ වඳුරො ලඟට නොගන්න දැන් ඉන්න රජ්ජුරුවොත් තේරුම් ගන්න ඕන.

      Delete
  8. ප්‍රාග්ධනයේ ත්වරණය කියන්නේ විෂයමුලිකත්වයේ නාභිගත යමක් නොවන අතරම ක්‍රමවිරෝධයේ ආශාව පසු පස හඹා යාමක් ද නොවේ. ක්ෂතිය අභිමුඛවන සෑම අවස්ථාවකම කලාකරුවාගේ ආශාව ගුහාගතවන්නේ එහිම දිගුවක් හැටියටමිස වෙළඳපොල අර්චන කාමය නිසාම නොවේ. කෙටියෙන් පවසතොත් ඇරිස්ටෝටලියානු කලාත්මක විනෝදය පවතින්නේ මාක්සියානු අතිරේඛ ප්‍රමෝදය මත නොවන අතර ඊට හිමිවන්නේ ම උත්තරාරෝපිත කාටිසියානු අර්ථයකි. එනිසාම අවරසික කලාව යනුවෙන් දෙයක් පවතින්නේ ෆ්‍රොයිඩියානු ප්‍රාථමික ප්රෝමොදය මත බවට වන තර්කණය බැහැර කිරීමට සිදුවේ. එය සැබෑවටම පවතින්නේ ඒ මත නොව ඩෙරිඩියානු පාරභෞතිකය මතය. කලාවට ඇති කලාවෙහිම පැවැත්ම අපගේ භෞතික ආශාව ෆැන්ටසියට එරෙහිව කරන විප්ලවය සමාජ ආර්ථික කොන්දේසිවලට සාපේක්ෂ බවට වන පශ්චාත් මාක්සියානු තිසිසය බැහැර කළ නොහැක්කේ එබැවිනි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය විශ්වය මගින් ම සුජාත කලාවේ කන්‍යාභාවය චේදනය වීමත් ඒ තෙරපුමෙන් පැනනගින ලාලසාව ( ලාලසාව කියන්නෙම පෙරටුගාමී කලාවේ විලෝමය නම්) වර්තමාන විමුක්ති දේශපාලනයේ කේන්ද්‍රයක් වන්නේ එබැවිනි. රෙනේ මැග්රිට් තම සුරුට්ටු පයිප්පය පයිප්පයක් නොවන බව කියද්දීම එය පයිප්පයක් වන්නේ එබැවිනි.

    ReplyDelete
    Replies
    1. කරුණාකර පැරා අපහසුවට පත් වන කමෙන්ටු කෙටීමෙන් වලකින්න.

      Delete
    2. එෆ් සමානයි ඩෙල්ටා එම්වී දාල ඕක විසඳන්න පුළුවන්. ඩෙල්ටා ගන්න පුළුවන් උස්වත්ත වෙතින්.

      Delete
    3. ඕක වෙන්නෙ මෙහෙමයි මචං. උජ්වලිතයේ ජෛව අපබාහිකත්වය මත ඩෙරිඩාගේ පාරභෞතිකය පරමෝත්කර්ෂණය කිරීමෙන් බහුසම්බන්ධිත උණ්ඩුකපුච්ඡීය හා භගමනික ලාලසාව මාක්ස් විසින් මංජුසා ඛණ්ඩනය කර තිබේ. එම බහිෂ්කරණීය ධ්‍රැවීකෘත ෆ්‍රොයිඩියානු ආලම්බනය විසින් මස්තිෂ්කීය අපවාහකය චුම්බාලංකරණය කිරීමෙන් නව නාරිදේහීය ප්‍රමෝදය උත්තරාරෝපණය වී තිබේ. ඒ ඔස්සේ ද්විපැරාකරණිත වූ මධුමේහය සකලම්බිත පාතදුම්බරීකෘත භග්න වීමෙන් ඇරිස්ටෝටලියානු ගුදීය සංකල්පය ලකාන් විසින් තුෂ්නිම්භූතකරණයට ලක් කර තිබේ.

      Delete
    4. පැරා, ටැබ්ලට් එක ගත්තේ නැති ද අද?

      ඔබගේ ඉහත ආලෝචනය විසින් අර්පණය කෙරෙන්නේ thought dissociation, thought derailment, neologism, incoherence, flight of ideas ඈ රෝග ලක්ෂණ රාශියෙක් ඔබ සතු බව යි. මෙය විධිමත් සිතුවිලි අකර්මණ්‍යතාවකට ඉඟි කරයි. ඔබට දැනටමත් paranoid/persecutory delusions ද ඇති නිසා schizophrenia (මෙය වඩා නිවැරදි ව ශබ්ද කෙරෙන්නේ ස්කිට්සොප්‍රීනියා ලෙස මිස ශිසොප්‍රීනියා ලෙස නො වන බව ඔබට පළමුව දැනුම් දුන්නේ කවුරුන් ද කියා මතක ද?) තත්ත්වය සලකා බැලිය යුතු රෝග නීර්ණයකි.

      ඔබ දැනටමත් schizophrenia තත්ත්වයෙන් පෙළෙන්නෙකු නම් මෙය එහි උත්තසන්න වීමක් විය හැකි ය. වහා ම සුදුසුකම් ලද මනෝ වෛද්‍ය විශේෂඥයෙකු හමු වන්න (කිසිදු ශාස්ත්‍රීය වැදගත්කමක් නැති පල්හෑලි අඩංගු කර ආප්ප බාන ලෙස පොත් පළ කර, ඒවා නොමිලයේ සහ බලෙන් රෝහල්වල මනෝ වෛද්‍ය සායනවලට ලබා ‍දුන්, රටෙත් නැති, බ්ලොග් ලියමින් නො දන්නා හරුප දොඩවන, මෝහනකාර හොර මනෝ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර හෝ උපදෙස් හෝ නො ගන්න).

      අපට පෙනී යන ආකාරයට නම් ඔබට මෙවර ECT (Electro-Convulsive Therapy) ලබා දීමට සිදුවනු ඇත. එය මෙවර ශීර්ෂයට නො ව පශ්චාත් භාගයට ලබා දීම මනා ය. එක ඉලෙක්ට්‍රෝඩයක් ගුදමාර්ගය තුළ ද තවත් ඉලෙක්ට්‍රෝඩයක් ශිශ්න මුණ්ඩයට සම්බන්ධ කර ද අධිවොල්ටීය ECT මාත්‍රාවක් ලබා දීමෙන් ඔබගේ තත්ත්වය පාලනය කර ගත හැකි ය.

      Delete
    5. උඹ මචං ලෙඩ්ඩු කලබල වෙනකොට හයවන මහලින් බිමට පනින ජාතියෙ දොස්තර කෙනෙක් නෙ බං. කොහෙන්ද උපාධිය ගත්තෙ? වික්‍රමාරච්චි යුනිවසිටියෙන් ද?

      Delete
    6. සොරි. වික්‍රමාරච්චි මෙඩිකල් කොලේජ් එකෙන් ද?

      Delete
    7. ඔබතුමා විමසන්නේ (සමන්) වික්‍රමාරච්චි මනෝ විශ්ලේෂණ සරසවිය ගැන ද? නැති නම් (ග්‍රේබ්‍රියල් පෙරේරා) වික්‍රමආරච්චි අයුර්වේද වෛද්‍ය විද්‍යාලය ගැන ද? මා නම් ඒ දෙ‍කෙන් එකකවත් ඉගෙන ගෙන නැත. ඔබතුමා නම් මතුගම සරසවියේ සියලු තනතුරු දරන බව මම දනිමි.

      මේ පැරා, කෝ බං කොස්තා ගැන ලිපියක්?

      Delete
  9. ඩී.බී.විජේතුංග ජනාධිපතිතුමාගේ කාලයේදීත් මාධ්‍යවලට රාජ්‍ය මර්දනය පැවතුනේ නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. නැහැ වගේ තමයි මතක. ඒ කාලෙත් අගමැති රනිල්.

      Delete
    2. අජිත්,

      ඔය ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති කාලෙ අධ්‍යාපන ඇමති කවුද? කළු ජූලියට සම්බන්ධ බවට යාපන විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ වාර්තාවේ ඒ ඇමතිගේ නම තිබුන වගේ මතකයි. 2005 දී වර්තමාන ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති ඒ ගැන ලියල තිබුන. එතකොට ප්‍රේමදාස ජනාධිපති කාලෙ සභානායක කවුද අජිත්?

      - මොණරවිල

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා