පුවත්පත් කලාවේදීන් ඝාතනය සම්බන්ධ ගෝලීය නීති මුක්ති දර්ශකයෙන් පළමු වතාවට ශ්‍රී ලංකාව ඉවතට

පුවත්පත් කලාවේදී්න් ආරක්ෂා කර ගැනීමේ කමිටුව (CPJ) විසින් 2008දී ආරම්භ කරන ලද ගෝලීය නීති මුක්ති දර්ශකයෙන් පළමු වතාවට ශ්‍රී ලංකාව ඉවත් කර තිබේ. මෙම වාර්තාව සෑම වසරක ම නොවැම්බර් 2දා පළ කරනු ලැබේ. මළවුන්ගේ දිනය ලෙස ද සැලකෙන මෙම දිනය CPJ විසින් පුවත්පත් කලාවේදීන් ඝාතනය සම්බන්ධ නීති මුක්තිය අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය ලෙස නම් කර තිබේ. පසුගිය වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව මෙම දර්ශකයේ ‘ජයග්‍රාහී' සිව්වන ස්ථානයේ වැජඹුණේ ය. (අදාළ වාර්තාව මෙතැනින්)

පසුගිය වසර දහයක කාලය තුළ නො විසඳුණු පුවත්පත් කලාවේදීන්ට එරෙහි අපරාධ සංඛ්‍යාව ජනගහණයට සාපේක්ෂව සලකමින් මෙම දර්ශකය ගණනය කරනු ලැබේ. 2016 දර්ශකය සඳහා සැලකිල්ලට ගෙන තිබෙන්නේ 2006 සැප්තැම්බර් 1 සිට 2016 අගෝස්තු 31 දක්වා කාල පරිච්ඡේදයයි. දර්ශකයට ඇතුළත් කරනු ලබන්නේ මෙම කාල පරිච්ඡේදය තුළ නො විසඳුණු ඝාතන පහක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ඇති රටවල් ය. මෙවර රටවල් 13ක් එයට ඇතුළත් වී තිබේ. ගිය අවුරුද්දේ 14කි.

2015 වසරේදී ලොව පුරා පුවත්පත් කලාවේදීන් 72ක් මරා දැමිණි. එයින් 69%ක් මිනී මැරුම් ය. 31%ක් රාජකාරි කරන අතර දී සිදු වූ මරණ ය. 

මෙම දර්ශකයේ පළමු ස්ථානය දෙවන වරටත් අත් කරගෙන තිබෙන්නේ සෝමාලියාවයි. එහි මාධ්‍යකරුවන් මරා දැමීම් වැඩි සංඛ්‍යාවකට සැක කෙරෙන්නේ අල්-ෂබාබ් සන්නද්ධ කණ්ඩායමයි. දෙවන හා තුන්වන තැනට පත් වන සිරියාවේ හා ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍යය ත්‍ර‍ස්ත සංවිධානය විසින් අඩු වශයෙන් මාධ්‍යකරුවන් හයදෙනෙකු හෝ මරා දමා තිබේ. 

ඇෆ්ගනිස්තානය, නයිජීරියාව, බංග්ලාදේශය හා පකිස්තානය මෙම දර්ශකයේ පිට, පිට දෙවෙනි අවුරුද්දටත් සිටිති. 

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් නවයක් 2008 සිට 2015 දක්වා ම මෙම දර්ශකයේ අඛණ්ඩව ඇතුළත්ව සිටිය හ. ශ්‍රී ලංකාව ඉවත් වීම නිසා දැන් එම සංඛ්‍යාව අටකි. 

පුවත්පත් කලාවේදීන් මරා දැමීම සම්බන්ධයෙන් වැරදිකරුවන්ට දඬුවම් කිරීමේදී ඝාතන සැලසුම්කරුවන් ද ඇතුළුව සියලු අපරාධකරුවන්ට දඬුවම් ලබා දී තිබෙන ප්‍ර‍තිශතය 3%ක් පමණක් බව CPJපවසයි. සැකකරුවන්ගෙන් 40%ක් ඉස්ලාමීය රාජ්‍යය වැනි සන්නද්ධ කණ්ඩායම් වන අතර 25%ක් රජයේ හෝ හමුදාවල අයයි.

 ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. එම ආයතනයට අනුව 2005 සිට 2009 දක්වා කාලයට මාධ්‍යවේදීන් 16 දෙනෙකු ඝාතනය කර තිබෙනවා. මෙයින් 14 දෙනෙකුම දමිල ජාතිකයින්. ලසන්ත වික්‍රමතුංග හා සම්පත් ලක්මාල් හැරුනාම අනිත් අය එයට ඇතුලත් වෙලා නැද්ද?

    ReplyDelete
  2. මේ ආන්ඩුවෙන් නම් මරන්නේ නෑ.. මරපු උන් නැවත නැවතත් මරණවා.. හැබයි වැඩි කල් නොයා ගේම පටන් ගන්නා බවටත් ලොකු සම්භාවිතාවක් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ////හැබයි වැඩි කල් නොයා ගේම පටන් ගන්නා බවටත් ලොකු සම්භාවිතාවක් තියෙනවා...//////////

      නුදුරේම ආපහු ලිස්ට් එකට ඇතුලත් කරගන්න වෙයි කියලා මටත් හිතෙනවා..

      Delete
    2. කරන්න දෙයක් නෑ... මැරුවත් ඇත්ත ලියනවා... මහින්ද මහත්තයගේ කාළේත් ලිව්ව අපිට මේ ගොබ්බයෝ නතින්ග්...

      Delete
    3. මාතා......ලියන්නෝ ගොබ්බයෝ වීමත් , පාලකයෝ ගොබ්බයෝ වීමත් දෙකක්. උන් හෙවත් පාලකයෝ ගොබ්බයෝ වූ සැනින්ම ලියන්නෝ ගොබ්බයෝ වීම කනගාටුවට කාරනයක්. මේ දකින්නේ වනචර දශකයේ ලියපු ලියනප්පුලාද, මේ ලියන්නේ මොන ලියනප්පුලාද යන්න තෝරා ගැනීමේ අපහසුතාවයකි. බලං ගියාම එකෙක්වත් වරදක් කර නැත. මම අදටත් දුක්වන්නේ ජනවාරි අට ගැන නොව...අගෝස්තු 18 පිලිබඳවය.

      Delete
  3. ඔබ හරි මාතලන්. මටත් එහෙම හිතෙනවා. කොහොමත් ලංකාව වගේ රටක කවුරුත් දේශපාලනයට එන්නෙම හොරකන් කරන්න කියලා ඔවුන් දන්නවා.ඒ නිසා කවුරුත් කාටවත් දඩුවන් දෙන්නේ නෑ. මොකද කාට හරි දඩුවම් කරොත් එක ඔවුන්ටත් වෙන්න පුළුවන් නිසා දඩුවම් නොකර මග අරිනවා. කවුරු හරි මේවා, හොරකන්, හෙළි කරන කොට ඔවුන්ව මරා දානවා. ඒක නොදන්නා අපි ඔය හැම පැත්තටම කඩේ යනවා. ඒක දැනගෙනත් නොදන්නා වගේ පැරාලා තාමත් කඩේ යනවා....

    ReplyDelete
    Replies
    1. "ඒක දැනගෙනත් නොදන්නා වගේ පැරාලා තාමත් කඩේ යනවා...."
      ඒකනම් අසාධාරන චෝදනාවක් කියලයි හිතෙන්නෙ, ද රීඩ් අස්.
      ඔය කියන මජර ක්‍රමය නැති කරන්න නෙවෙයිද පැරාගෙ පෑන හැසිරෙන්නෙ

      Delete
    2. //ලංකාව වගේ රටක කවුරුත් දේශපාලනයට එන්නෙම හොරකන් කරන්න//

      මේක කරුණක් විධියට ඔප්පු කරන්න සාක්ෂි ඉදිරිපත් කරන්නට පුළුවන් ද?

      දේශපාලනය කරනවා කියන්නේ බලයට එනවා කියන එක විතරක් නෙමෙයි නේ. හොරකම් නො කර දේශපාලනය කරන ඕනෑ තරම් මිනිස්සු මේ රටේ ඉන්නවා.

      Delete
    3. ඔබ නිවැරදි ඇති ඇනෝ.. මම මෙතන පැරාලා කියල කිවේ විශේෂයෙන්ම ඔහු ගැන නොවේ. ගොඩක් අය ලාභ ප්‍රයෝජන තකා එවැනි දේ කරන අය ඉන්නවා. පැරා එහෙමයි කියල මම හිතන්නේ නැ.

      Delete
    4. ඔබ තවමත් හිතනවද පැරා, තමුන්ගේ මුදල්, කාලය වැය කරමින් මේ තරම් කැප කිරීම් කරලා දේශපාලනයට මිනිස්සු එන්නේ සමාජ සුබ සාධනයට, සමාජ සේවයට කියලා.

      ඉහත කරුණ සම්බන්දයෙන් ඔබගෙන්ම කරුණක් ඉදිරිපත් කරන්නම් .

      " විකුණන්නට සියඹලා ගෙන ආ මිනිහාගේ සියඹලා බරින් ඇටවලට, ලෙලිවලට, ගෝනියට ගිය බර අඩු කළ මුදලාලි කියා ඇත්තේ මුදල් ගෙවන්නට බරක් නැති බවයි. ඒ වෙලාවේ ඒ ගැමියා ඇසූ ප්‍රශ්නය නීතියටත් අදාළ ය. “එතකොට මුදලාලි මම සියඹලා ගෙනාවෙ ම නැද්ද?"

      එතකොට ඔබ කියන ඔය සුපිරිසිදු දේශපාලකයෝ කිසිම දෙයක් හොරකන් කරලම නැද්ද ?
      එහෙම ඔප්පු කරන්න බැරි උනා කියලා ඒ අත් පිරිසිදුයි යන්න අප පිලි ගත යුතුද. ?

      Delete
    5. //ලංකාව වගේ රටක කවුරුත් දේශපාලනයට එන්නෙම හොරකන් කරන්න//

      කවුරුත් කියලා ලියනවට වඩා බොහොමයක් කියලා ලිව්වානම් තමයි නිවැරදි.

      Delete
    6. සමාවෙන්න. වැරැද්ද නිවැරදි කර ගන්නම්. පාර්ලිමේන්තුවේ ඉන්න 225න් 224ක් හොරුය. එක සුපිරිසිඳු දේශපාලකයෙක් ඇත.

      Delete
  4. විදග්ධ කතිකාවක් ජනමන රුචිකර ලෙස ගෙන එන වියුණු ලොව කුමර වියුණුව: “කියන්න”
    =============================================================================

    අනූව දශකයේ පළමු වැනි භාගයේ දී අන්තර්ජාලය පිළිබඳ යම් යම් කතා මෙරට අගනගරය ආශ්‍රිත ව තරුණ කවවල අවිධිමත් සංලාපයන් අතරට එක් ව තිබිණි. එදවස රාමක්‍රිෂ්ණන් මාවතට නුදුරු ව, සමුද්‍රාසන්න ව පිහිටි පැරණි ගොඩනැඟිල්ලක පවත්වා ගෙන යන ලද අන්තර්ජාතික ප්‍රවෘත්ති සේවයක ශ්‍රී ලංකා කාර්යාලයේ අබලං පුටුවකට බර දී, සන්ධ්‍යා මානයේ ක්ෂේත්‍ර වාර්තා ලියමින් සිටි මම එතැන් සිට දශකයක් ගත වන්නටත් පෙර අන්තර්ජාලය මෙතරම් මෙරට ව්‍යාප්ත වෙති යි යන්න හෝ එය ජන ජීවිතයේ මෙතරම් සංඝටනීය අංගයක් බවට පත් වෙති යි හෝ නො සිතීමි. වර්තමානය වන විට තොරතුරු ලබා ගැනීමේ සහ තොරතුරු බෙදා හැරීමේ මූලික ක්‍රමය බවට අන්තර්ජාලය පත් ව ඇත. විසි එක් වන ශතවර්ෂයේ පළමු වැනි දශකයේ මැද දී ප්‍රචලිත වූ බ්ලොග්කරණය (වියුණුකරණය) සිංහල ඒකකේත අක්ෂර භාවිතය සමඟ නව්‍ය ප්‍රාණයක් ලබා මෙරට ව්‍යාප්ත විණ. වර්තමානයේ බ්ලොග්කරණය විසින් මාධ්‍යකරණය ප්‍රතිනිර්වචනය කරනු ලැබ ඇත.

    පාසල් ගුරුවරයෙකු ව දුෂ්කර සේවයේ යෙදී සිටි සමයේ දී වාර්තාකරුවෙකු ලෙස මාධ්‍ය ක්‍ෙෂ්ත්‍රයට පිවිසි අජිත් පැරකුම් ජයසිංහ මහත්මා මාධ්‍ය ලොව පියවරෙන් පියවර ඉදිරියට පියනඟා මෙරට ප්‍රමුඛ විප්ලවීය පුවත්පතක අගසකසුකම ද දැරූ කෘතහස්ත මාධ්‍යවේදියෙකි. කිසි යම් මතවාදමය විසංවාදයක් නිසා ප්‍රමුඛ ධාරාවේ මාධ්‍ය කරළියෙන් විතැන් වූ අජිත් පැරකුම් ජයසිංහ මහත්මා වර්ෂ දෙදහස් නවයේ දී පමණ බ්ලොග්කරණයට පිවිසෙන්නේ ය. විවිධි ආකෘති කීපයක වියුණු කීපයක් අත්හදා බැලූ ජයසිංහ මහත්මා විසින් නිත්‍ය ව නිර්මාණය කෙරෙන ඩබ්ලිව් තුන ලංකා වියුණුව සිංහල වියුණු ලොව අග්‍රසේර වන්නේ ය.

    ඩබ්ලිව් තුන ලංකා නිර්මාතෘ අජිත් පැරකුම් ජයසිංහ මහත්මා දෙස් විදෙස් සම්මානයට පාත්‍ර වූ බ්ලොග්කරුවෙකි. ලන්ඩනයේ සුප්‍රකට අජිත් ධර්මා පදනමෙන් ගෞරවාන්විත නෙළුම්යාය සම්මානය දිනා ගත් අජිත් පැරකුම් ජයසිංහ මහත්මා, සුදත් මහදිවුල්වැව අභිදේශනය, පිලිප් ශාන්ත ගුණානුස්මරණ අභිදේශනය ඈ සුවිශේෂී ශාස්ත්‍රවන්තයෙකුට පමණක් හිමි වන අභිදේශන කීපයක් ම කිරීමට වරම් ලද දුර්ලභ පඬිරුවනක් වන්නේ ය. ජයසිංහ මහතා විසින් සිංහල බ්ලොග්කරණයට කරන ලද සුවිශාල සේවය අගයනු වස් එතුමාට “බ්ලොග්පති” ගෞරව නාමය තරුණ බ්ලොග්කරුවන් විසින් ලබා දී ඇත. තව ද ජයසිංහ මහතාගේ අනුගාමික හිතෛෂීන් විසින් “වියුණුපති” සම්මානය එතුමාට ප්‍රදානය කිරීමට කටයුතු සලසනු ලැබ ඇත. සතළිස් ලක්ෂයකට වැඩි පාඨක ප්‍රජාවක් අජිත් පැරකුම් ජයසිංහ මහත්මා සමඟ නිබඳ ව අන්තර්ක්‍රියා කරති. ජයසිංහ මහත්මා සැබෑ ජන පදනමක් ඇති, දේශපාලනික ව සවිඥානික සමාජ ක්‍රියාකාරිකයෙක් ද වේ. . මෙරට කීර්තිමත් විප්ලවීය පුවත්පතක අගසකසු ව සිටිය දී එම තනතුර සඳහා හෝ ගුරු වෘත්තිය අත් නො හැරි ජයසිංහ මහත්මා බ්ලොග්කරණය සඳහා ගුරු වෘත්තිය අතහැරීම මඟින් පෙන්නුම් කෙරෙන්නේ බ්ලොග්කරණයට එතුමාගේ ඇති කැපවීම ය.

    නර කෙසින් ද බුහුමන් ලබන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන අජිත් පැරකුම් ජයසිංහ මහත්මාගේ නව බ්ලොග් සත්කාරය “කියන්න” නමින් ජනගත ව ඇත. “කියන්න” යනු පාඨක ඔබට ඔබගේ අදහස් විවිධ ආකාරයට කියන්නට ඉඩ සලසන ඔබගේ වේදිකාව යි. ලිඛිත ව සේ ම සේයා රූ ඈ අවශේෂ ආකාරවලින් ද ඔබට “කියන්න” සමඟ එක් විය හැකි ය. “කියන්න” අඩවියේ පළ වන සටහන් විදුහුරු ය. විවිධ සමාජ ස්ථිතීන් හා ගතිකයන් පිළිබඳ ශාස්ත්‍රීය කතිකාවන් ළගන්නාසුලු ආකාරයකට “කියන්න” මඟින් අරඹනු ලැබ වර්ධනය කෙරේ. සරල සුමඟ ඉදිරිපත් කිරීම නිසා “කියන්න” අඩවියේ සාකච්ඡා වන මාතෘකා රුචිකර යි; ජනමන නො වෙහෙස යි.

    පාඨක ඔබගේ හිතාදර අජිත් පැරකුම් ජයසිංහ මහත්මා “කියන්න” වැනි මහා ව්‍යාපෘතියකට මුල පිරුවේ පුරා වසර හතක් තිස්සේ සතළිස් ලක්ෂයකට අධික පාඨක ඔබ එතුමාට ලබා දුන් අනවරත, නොමඳ සහය නිසා ය. එතුමාගේ සාර්ථකත්වය පාඨක ඔබ ය. ඩබ්ලිව් තුන ලංකා වෙත පාඨක ඔබ දැක් වූ අපරිමිත දායකත්වය “කියන්න” වෙත ද එලෙස ම දක්වනුඇති බවට සැකයක ලේශ මාත්‍රයක් හෝනො පවතී. “කියන්න” යනු ඔබ පාඨකයා මෙන් ම ලේඛකයා ද බවට පත් කරවන මහඟු ව්‍යාපෘතියකි. එහි සම්පත් දායකයෙකු වන්නට ඔබ කළ යුත්තේ ඔබගේ අදහස් “කියන්න” වෙත එකතු කිරීම ය. “කියන්න” සමඟ එකතු වන ඔබට “අන්තර්ජාතික ව්‍යාපෘතියකට අපි ද දායක වුණෙමු” යන පහන් සංවේගය ඇති වනු නිසැක ය.

    ඔබගේ දිනපතා කිය වන වියුණුසටහන් අතරට විදග්ධ කතිකාවක් ජනමන රුචිකර ලෙස ගෙන එන වියුණු ලොව කුමර වියුණුව: “කියන්න” ද අද ම එක් කර ගන්න.

    www.kiyanna.lk

    “කියන්න” සමාරම්භක පාඨකයෙක්.

    ReplyDelete
    Replies
    1. අප්පා, ලේසිපාසු අසනීපයක් නෙවෙයි වගේ.

      Delete
    2. ආමෙන්...

      Delete
  5. ලංකාව දර්ශකයෙන් ඉවත්කරන්න වෙලා තියෙන්නේ තාක්ෂණික කරුණක් උඩ වෙන්නැති,

    ලංකාවේ එහෙම අය ඉන්නවද?

    ReplyDelete
  6. සහරා කාන්තාරෙ අතරමං වෙලා ඉන්න එකෙක්ට කුල් වතුර වීදුරුවක් ගෙනත් දුන්න වගේ..

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා