කස්ත්‍රො මළා. අපත් මැරිලා ද?

කස්ත්‍රො මිය ගියා ය කියලා මට නම් කිසිම හැඟීමක් නැහැ. කොහොමත් අවුරුදු 90ක් ජීවත් වූ මිනිහෙකුගේ මරණය ගැන පවුලේ ඥාතියෙකුවත් දුක් විය යුතු නැහැ.එහෙම කෙනෙකු මිය ගියා ම පොඩි පාළුවක් වගේ දෙයක් තමයි තාවකාලිකව දැනෙන්නේ. දීර්ඝ කාලයක් ජීවත් වුණ පුද්ගලයා තමන්ට ලැබුණු කාලය තමන් කොහොම භාවිතා කළා ද කියන එක පෞද්ගලික දුකට, සතුටට හේතුවක් විතරයි.

මට කස්ත්‍රො ගැන ගුණකථන ලියන්න හිතෙන්නෙත් නැහැ. පස්සෙ කාලෙක මට බාර්වලදී පෞද්ගලිකව හමු වෙලා නැති විමල් කුමාර් ද කොස්තාව දැනෙන්නේ නැතුව ගියා වගේ අසූනමයෙන් පස්සෙ මට කියුබාවත් දැනෙන්නෙ නැතුව ගියා. ඒක නිකම් නිව්ස් එකක් විතරක් වෙලා ගියා.

හැබැයි මොකුත් නො ලියා හිටියොත් කට්ටිය හිතයි ද දන්නෙ නැහැ මං ධනවාදියෙක්, නවලිබරල්වාදියෙක් බ්ලා බ්ලා බ්ලා කියලා. මොකද, කවුරුහරි ප්‍රසිද්ධ පුද්ගලයෙකු හරි ලොක්කෙකු හරි මළා ම එයා ගැන කතා කරන එක ඉස්සර ඉඳලා ම තියෙන මෝස්තරයක්.

දැන් අපේ පරම්පරාවට කොහොමත් ඔබිචුවරි හෙවත් අවමංගල ශෝක ප්‍රකාශ තමයි උරුමය වෙලා තියෙන්නේ.

ලංකාවේ සාර්ථකව පවත්වාගෙන යන එක ම ප්‍රාදේශීය පුවත්පත තමයි උදයන්. ළඟදි දවසක් මං කිලිනොච්චියේ කාර්යාලයක තිබුණු උදයන් පත්තර මිටියක් පෙරළලා බැලුවා. ඒකෙ මං දැක්ක විශේෂ ම දෙය තමයි සෑම පත්තරයක ම මළවුන් වෙනුවෙන් පවුලේ ඥාති මිත්‍රාදීන් විසින් පළ කරන ලද ශෝක ප්‍රකාශ ගණනාවක් දැන්වීම් විදියට පළ වෙලා තිබෙනවා. ඒක එක්තරා සාහිත්‍ය ලේඛනයක්. ඒ වගේ ම මට පෙනුණු විදියට පුවත්පතේ ප්‍රධාන දැන්වීම් ආදායමත් ඒක.

මේ වැඩේ ඔය බෞද්ධ රූපවාහිනී නාලිකාත් කරනවා. කවුරුහරි මැරුණා ම ඒ අය වෙනුවෙන් රූපවාහිනියෙන් බණ කියන්නට සලස්වලා ඥාතීන්ගෙන් මුදල් අය කරනවා.

ලංකාවේ දර්ශනවාදීන්ගේ අවධානය මේ ඔබිචුවරි වගේ සීන්කෝන්වලටත් ඔන්න යොමු කළා ය කියල හිතාගන්නකෝ හිටං.

ඉතින් ආපහු ප්‍රස්තුතයට එමුකෝ. මං හිතන්නේ කස්ත්‍රෝ කියන්නේ සමාජවාදය වෙනුවෙන් අසාර්ථක පරීක්ෂණයක් කරපු තවත් කෙනෙක්. ඔහුත්, කිම් ඉල් සුංත් සමානයි. ඔවුන් තමන්ගේ පරීක්ෂණයේ නිරීක්ෂණ අවුල් වුණත්, පරීක්ෂණය අතහැර නො දා කරනවා. ඒක මාරයි කියලා කියන එක හරියට පරීක්ෂණයෙන් අපේක්ෂිත සත්‍යෙක්ෂණ නො ලැබෙන බව දැනගෙන ම උපන්‍යාසය අතහැර දමන්නේ නැතිව පරීක්ෂණ නලය දිගින් දිගට ම බන්සන් දාහකයට අල්ලගෙන ඉන්නවා වගේ වැඩක්.

ලෝක ඉතිහාසයේ සමාජවාදය හෝ වඩා යහපත් සමාජයන් වෙනුවෙන් කරපු සියලු පරීක්ෂණ අවුල්සහගත වෙන්නට පුළුවන්. අවසානයේ ලෝකය ඇවිත් තියෙන්නේ ඉබාගාතේ වගේයි කියා සිතෙන්නටත් පුළුවන්. සමාජවාදය තවත් ඒකාධිපතිවාදයකට ලඝු වෙනකොට, පෙරටුගාමී පක්ෂය තවත් ඒකාධිපතිවාදයක් පමණක් වන විට, අපි හිතුවා ප්‍රජාතන්ත්‍රවාදය වඩා දියුණුයි කියලා. ඒ වුණාට, දැන් එය බහුතරයේ වල් බූරු නිදහසක් බව බ්‍රෙක්සිට්, ට්‍රම්ප්, කොලොම්බියා ජනමතවිචාරණය වැනි උදාහරණ මගින් පෙන්වා දී තිබෙනවා.

මම හිතන්නේ චීනය, වියට්නාමය, නිකරගුවාව වගේ විප්ලව සිදු වුණ රටවල් කියුබාවට වඩා වෙනස් වුණේ වෙනත් පරීක්ෂණයකට මුල පුරපු නිසායි.

හැබැයි මම නම් හිතන්නේ මෙතන වැරැද්ද තියෙන්නේ උපන්‍යාසයේයි. සමාජවාදය කියා අපි අපේක්ෂා කරන්නේ මොකක් ද? සමාජවාදය කියන්නේ ධනපති පංතිය කන, බොන, අඳින, පළඳින, හිතන, දේශපාලනය කරන, සංවර්ධනය කරන විධියට ඒ දේවල් කරන්නට හැකියාව නිර්ධන පංතිය අතට ලබා ගැනීම ය කියන එක ද?

මට හිතෙනවා අපි තවමත් නතර වෙලා ඉන්නෙ අර්ථවත් ජීවිතයක් කියන්නේ මොකක් ද කියන ප්‍රශ්නෙ ගාව ය කියලා. සමාජවාදය වෙනුවෙන් දේශපාලනයත් ගිහින් තියෙන්නේ ඒ ප්‍රශ්නය මගහැර ගිය හෙවත් බයිපාස් කර ගිය පාරක.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. කැස්ත්‍රෝ මැති තුමාට අමා මහා නිවන් සුව ලැබේවා....!!!

    බොරු කියන්න එපා පැරා.. ඔයා සිරිකොතෙන් පර්මිෂන් එනකන් උන්නා නේ මේ ගැන ලියන්න.. හොර ගෙඩියා...

    ReplyDelete
    Replies
    1. සිරිකොතෙන් නෙමෙයි සීඅයිඒ එකෙන්.

      Delete
    2. Oya Mathalan nemei Ponnathalan! :D

      Delete
    3. ප්‍රභාකරන් 2009 දි මැරුණා, 1989 විතර මිනිහ මලා නම් තව ගොඩ දෙනෙක් ජීවත්වෙනවා, පවුල් ලෝකේ පුරා විසිරෙන එක අඩුවෙනවා, රටක් දියුණු කරන්න හිටපු ගාමිණී, ලලිත් ප්‍රේමදාස වගේ අය ඉතුරුවෙලා පවුල් හොරුන් බලයට එන්නේ නැහැ. 2016 මැරිච්ච කස්ත්‍රෝ 1986 විතර මැරුණන් ඒත් ඒවගේ.

      Delete
    4. ප්‍රේමදාසයා ඉතුරුවුණා නම් හරිෂෝක්, කොල්ලෙක්ට ගෙදරින් එලියට බහින්න බැරි වෙනවා. ඒ අතින් මරා හොඳයි, සුදු වෑන්වල උස්සන් ගියෙ අණ්ඩුව දරුණු ලෙස විවේචනය කළ උන්, ප්‍රේමදාසයා හිටියා නම් විරුද්ධ පක්ෂෙ එකෙක් ඉතුරු කරන එකක් නෑ.

      Delete
  2. සාරසයො මෙන්න වරෙන්,
    ලියපන් උඹේ සුපුරුදු අඩෝ වැඩියාව
    "රනිල්ට කඩේ යන පැරා.. බ්ලා බ්ලා..."

    ReplyDelete
    Replies
    1. ඇයි ගූරසගේ යහපාලන කොමෙන්ටුව!

      Delete
    2. // AnonymousNovember 29, 2016 at 8:48 AM //

      // AnonymousNovember 29, 2016 at 9:40 AM //

      සේවා ඉස්තානයේ ඩේටා නාස්ති කොට සරස තුමා ව හිට් කිරීම පිලිඹඳව ඔබලාට අපිලාගේ උපහාරය හිටන්!

      තැන්කිවු මල්ලිලා!

      Delete
  3. ශෝක ප්‍රකාශ කරද්දී අපි පාංශුකූලෙ දෙන හාමුදුරුවරු වගේ වෙන්න ඕන. නැත්තං සමාජ අපවාද

    ReplyDelete
  4. පෙර සන් මිතු උවදන් නොම ගෙන සිත ට
    ව ර ද දු ට ත් ඒ ගැණ සැලකුම් නොකො ට
    නෙ ව ද වි ඳ ත් කළ සැලකුම් මේ නුම හ ට
    සිරිකොත මුදල් ගෙන ඇත පැරකුම් දැනට


    අ නු න් තමන්හට කළගුණ සැලකී ම
    නි ති න් ‍ වේ සුදන ගති නිති පැවතී ම
    එ ව න් ගුණ නොමැති පැරකුම් දෙන ගේම
    උ තු න් මය සැණෙක නොතකා දුරලී ම!!

    ReplyDelete
    Replies
    1. මයුරවිල මීයෝ මියුරවිල මායෝ උඹෙයි මොණරවිල විනරමොළගෙයි ඇත්ත නම ඇඩ්‍රස් එක පෝන් නොම්බරේ දාන්නද?

      Delete
    2. හැකිනම් වහසි බස් නොදොඩා දමනු මැනවි.
      - මයුරවිල මි.

      Delete
  5. But healthcare and education there were given by the govt! So what if they could put a bullet in your head with no warning and no justification! And so what if you couldn't disagree with the govt of have any rights to self determination - He gave the people free stuff!!!
    Are people on the left really that clueless?

    ReplyDelete
  6. " මම හිතන්නේ චීනය, වියට්නාමය, නිකරගුවාව වගේ විප්ලව සිදු වුණ රටවල් කියුබාවට වඩා වෙනස් වුණේ වෙනත් පරීක්ෂණයකට මුල පුරපු නිසායි. "

    මේ ප්‍රකාශය පැහැදිලි නෑ. මොකද්ද ඔබ මෙයින් අදහස් කරන්නේ ? මොකද්ද ඔබ කියන වෙනත් පරීක්ෂණය?

    ReplyDelete
    Replies
    1. මම අවසානයේදී අහන ප්‍ර‍ශ්නයක් තියෙනවා. ඒ තමයි අර්ථවත් ජීවිතය කියන්නේ මොකක් ද කියන එක. ඒ ප්‍ර‍ශ්නය පැත්තකින් තියමු.

      මෙතනදී අදාළ වන කාරණයක් වන්නේ වර්තමාන ලෝකයේ දියුණු මිනිස් ජීවිතය කියන තත්වය තම රටේ ජනයාට අත්පත් කර දීමේදී කියුබාව කොයි තරම් සාර්ථක වුණා ද කියන එකයි. එතනදී කියුබාව වෙනස් වෙන්නට කැමති වුණේ නැති තරම්. මම කියපු අනෙක් රටවල් වෙනස් වුණා.

      Delete
    2. මට තේරුණා. ඔබ කියන්නේ තාක්ෂනය, අන්තර්ජාලය, යාන වාහන , වගේ දියුණු මිනිස් ජීවිතය ඔවුන්ට නොමැති වීම ගැන වෙන්න ඇති .
      ඔබ හිතන්නේ මේ දේවල් නැතුව ඔවුන් සතුටින් සිටින ජාතියක් නොවේ කියලද ? ඔවුන්ගේ එක පුද්ගල අදායම වියට්නාමය හා නිකරගුවා වට වඩා වැඩි.
      දුෂිත රටවල් දර්ශකයේත් කියුබාව අනිත් කි රටවල් වලට වඩා උඩින් ඉන්නවා 56 වෙනි තැන. ධනවාදය මේ තුලට රිංගා ගත්තොත් ඔවුන් ඊට වැඩ දුෂිත වෙන්නට බැරි නැද්ද සහ ඊට වඩා පහලට වැටෙන්නට බැරි නැද්ද ?
      ඇත්තටම මේ අර්ථවත් ජීවිතය කියන වචන තුල ඇත්තටම අර්ථයක් තියෙනවද? අපි සැමදාම කරන්නේ එදි නෙදා කාලා බිලා මැරිලා යන එක නේද කොහොම කලත් ?

      Delete
  7. /* දැන් අපේ පරම්පරාවට කොහොමත් ඔබිචුවරි හෙවත් අවමංගල ශෝක ප්‍රකාශ තමයි උරුමය වෙලා තියෙන්නේ. */

    අනේ ඉතිං අපි සැමටම, මේ තුං සරණේ සරණයි!

    ReplyDelete
  8. [[හැබැයි මොකුත් නො ලියා හිටියොත් කට්ටිය හිතයි ද දන්නෙ නැහැ මං ධනවාදියෙක්, නවලිබරල්වාදියෙක් බ්ලා බ්ලා බ්ලා කියලා. මොකද, කවුරුහරි ප්‍රසිද්ධ පුද්ගලයෙකු හරි ලොක්කෙකු හරි මළා ම එයා ගැන කතා කරන එක ඉස්සර ඉඳලා ම තියෙන මෝස්තරයක්.]]

    ෆිදෙල්

    ReplyDelete
  9. බොස්, නවලිබරල්වාදය හා පශ්චාත් නූතවාදය ගැන ටිකක් පැහදිලි කරන්න පුලුවන්ද ඉන්ටර්නෙට් එකේ තියෙන පැහැදිලි කිරීම් කියවලා අවුල් වෙලා ඉන්නේ, පොස්ට් එකට අදාල නෑ තමයි දැනගන්න ඇහුවේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා