මුස්ලිම් විවාහ නීතිය හා සිංහල ජාතිවාදීන්ගේ දෙමළ මුස්ලිම් මචංලා

ශ්‍රී ලංකාවේ නීතියෙහි උඩරට, තේසවලමෙයි හා මුස්ලිම් ආදී උප කොටස් මෙකී ජාතික අනන්‍යතාවන්ට අදාළ ය. කාන්තාවට හා ගැහැනු දරුවාට අදාළ වන නීතියක් වන 1995 අංක 22 පනත යටතේ සංශෝධිත දණ්ඩ නීති සංග්‍ර‍හයේ 363 කොටස වෙත අවධානය යොමු කරන්න.

ඒ හා සම්බන්ධ වන අනෙකුත් නීතිය වන්නේ 1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනතයි.

මුස්ලිම් පුද්ගල නීතිය අනුව, නිශ්චිත අවම විවාහක වයසක් නියම නො වන බව මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර පෙන්වා දෙයි. (“Social Transformation, Gender Inequality and Violence against Women in Contemporary Sri Lanka” by Professor Emeritus Savitri Goonesekere, පි.10)

මුස්ලිම් නීතිය අනුව, කාන්තාවකගේ විවාහය සඳහා යෝග්‍ය වයස වන්නේ වැඩි විය පැමිණීමයි. එහිදී වැඩි විය පැමිණෙන වයස අවුරුදු 12ක් ලෙස සැලකේ.

අවුරුදු 12ට අඩු කාන්තාවකගේ විවාහය ලියාපදිංචි කිරීමට පෙර විශේෂ ක්වාසි අධිකරණයක අවසර ලබා ගත යුතු ය. ඒ අනුව වයස අවුරුදු 12ට අඩු ගැහැනු ළමයින්ගේ විවාහයන් පවා සිදු වීමට ඉඩක් තිබේ.
මුස්ලිම් ජාතිකයකු සමග විවාහ වන මුස්ලිම් නො වන කාන්තාවකට වුව අදාළ වන්නේ මුස්ලිම් නීතියයි.

මුස්ලිම් නො වන අනෙකුත් සියලු වාර්ගිකයන් සඳහා අදාළ නීතියට අනුව විවාහ වීම සඳහා පිළිගත් අවම වයස අවුරුදු 18කි. වයස අවුරුදු 16ට අඩු ගැහැනු ළමයකු සමග කැමැත්තෙන් වුව ලිංගිකව එක් වීම දූෂණයක් ලෙස සැලකේ. ඒ වෙනුවෙන් වසර හතේ සිට 20 දක්වා විය හැකි දණ්ඩනයකට වැරදිකරුවා ලක් කෙරේ.

අප මෙම සටහන ද සහිතව ජාතික ප්‍රශ්නයට විසඳුම සියලු ජාතික අනන්‍යතාවලට ගරු කිරීම ද? පුළුල් දේශපාලන ප්‍රජා ගොඩනැගීම ද? යන මැයෙන් ලිපියක් ලියා දින කිහිපයක් ගත වෙද්දී කොළඹදී ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානය විසින් කොළඹදී උද්ඝෝෂණයක් පවත්වන ලදී.

ජී.එස්.පී. ප්ලස් බදු සහන ලබා දීම වෙනුවෙන් යුරෝපා සංගමය විසින් ඉදිරිපත් කරන ලද හා සුළුතර ගැටළු පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත රිටා ඉසාක් න්ඩියායේ විසින් ඉදිරිපත් කරන ලද කාරණා මෙහිදී දැඩි විරෝධයකට ලක් විය.යුරෝපා සංගමය හෝ එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය විසින් මතු කර දක්වන ලද එක ම කාරණය විවාහ නීතිය නො වන බව ද පැවසිය යුතු ය. 

මුස්ලිම් විවාහ නීතිය පමණක් නොව, වයස අවුරුදු 18ට අඩු ළමා විවාහවලට අවසර දෙන උඩරට විවාහ නීතියේ ඇතැම් ලක්ෂණ ද දියුණු සමාජ ප්‍රමිතීන් සමග පෑහෙන්නේ නැත. විශේෂයෙන් ම විවාහය වැනි සංවේදී කාරණා සම්බන්ධයෙන් රටක තිබිය යුත්තේ එක් නීතියකි. එක් ජනවර්ගයකට දූෂණයක් තව ජනවර්ගයකට නීත්‍යානුකූල විවාහයක් විය යුතු නැත.

අනෙක් පැත්තෙන් ළමා අයිතිවාසිකම්, කාන්තා අයිතිවාසිකම් වැනි සංවේදී විෂයයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තරව ගොඩනගා ගන්නා ලද ප්‍රමිතීන් අනුව කටයුතු කිරීම සමස්ත ලෝකයේ ම වගකීමකි.

ඇත්තෙන් ම ලංකාවේ නීතිය එසේ ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව හැඩගැසෙමින් තිබේ. ශ්‍රී ලංකාවේ සිදු වන අපරාධයක වගකීම දැරිය යුතු අවම වයස් සීමාව කලින් පැවතියේ අවුරුදු 8 ලෙසයි. 

එහෙත්, අලුතෙන් ම දණ්ඩ නීති සංග්‍ර‍හයට කර තිබෙන සංශෝධනයක් අනුව, අපරාධයක වගකීම දැරිය යුතු අවම වයස අවුරුදු 12 දක්වා වැඩි කර තිබේ.

ඊට අමතරව, වයස අවුරුදු 12ත් 14ත් අතර ළමයකුට චෝදනාවක් එල්ල වූ විට, එම වරද සිදු කිරීම සඳහා එම ළමයාට ප්‍ර‍මාණවත් චේතනාවක් ඇති කර ගැනීමට තරම් බුද්ධියක් තිබිණි ද යන්න තීරණය කිරීමට මහේස්ත්‍රාත්වරයාට අභිමතය හිමි වේ.

අපරාධයක් සම්බන්ධයෙන් වගකීමක් දැරිය හැකි අයෙකු ලෙස නීතිය විසින් නො සලකනු ලබන ළාබාල දැරියක විවාහ කර ගැනීම නීත්‍යානුකූල යයි නීතියේ ම තවත් අංශයක් විසින් සලකනු ලැබීම කෙතරම් විකෘති තත්වයක් ද?

කුඩා ළමයින් මහණ කිරීමට අවසර දීමේ නීත්‍යානුකූලත්වය ද අප ප්‍රශ්න කරන්නේ ඉහත සංදර්භය තුළ ම ය.

අප මුලින් ම දක්වන ලද සටහන තැබුවේ ඇත්තෙන් ම මීට වසරකට පමණ ඉහතදී අප විසින් ලියන ලද ලේඛනයකින් උපුටා ගනිමින් ය. ඒ බව විශේෂයෙන් සඳහන් කරන්නේ මෙම සංවාදය කාලයක් තිස්සේ ලංකාවේ සමාජයේ ඇති එකක් බව පෙන්වා දීමට ය.

ජාතික අනන්‍යතාවන් වෙනුවෙන් පෙනී සිටීම ප්‍රගතිශීලීන් විසින් භාර නො ගත යුතු බව ද, ප්‍රගතිශීලීන් විසින් කළ යුතු වන්නේ පුළුල් දේශපාලන ප්‍රජාවන් වෙනුවෙන් කටයුතු කිරීම බව ද අප පුන පුනා කියන්නේ මෙම සංදර්භය තුළයි.

ප්‍රගතිශීලීන් ජාතික අනන්‍යතා සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී තමන්ගේ සහයෝගය දෙන්නේ කුමන කාරණාවලට ද යන්න පැහැදිලිව තෝරා ගත යුතු ය. එසේ නැතිව ජාතික අනන්‍යතා ආරක්ෂා කිරීම කොන්දේසි විරහිතව භාර ගත යුතු නැත. ජාතිවාදීන් සමග ප්‍රගතිශීලීන්ගේ අන්තර් ක්‍රියාකාරිත්වය තෝරා බේරාගෙන කළ යුතු එකකි. එය ජාතීන්ට අභ්‍යන්තරයෙන් ම පුළුල් දේශපාලන ප්‍රජාවන් වෙත සංවර්ධනය වීමට උත්ප්‍රේරක සපයන ක්‍රියාමාර්ග මිස ජාතිවාදයන් තුළ සිර වීමට බල කරන ක්‍රියාමාර්ග නො විය යුතු ය.

මෙම සංදර්භය තුළ ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ සඳහා වන ජාතීන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් ද මෙම තෝරා ගැනීම කරන්නට සිදු වේ. ජාතීන් විනාශ කිරීමට හේතු වන ඉල්ලීම් සම්බන්ධයෙන් යථාර්ථවාදී දැක්මක් ප්‍රගතිශීලීන්ට තිබිය යුතු ය. නිදසුනක් ලෙස, දෙමළ ජාතිය තුළ, විශේෂයෙන් ම ගැමි තරුණයන් අතර, නැවත ජාතිවාදී සන්නද්ධ අරගලයක් පිළිබඳ සිහින නිර්මානය කිරීමට උත්සාහ කරන ඉහළ පංතික හා ඩයස්පෝරික කොටස් ගැන ඉතා නිවැරදි තෝරා ගැනීමක් ප්‍රගතිශීලීන්ට අවශ්‍ය ය. 

පුළුල් දේශපාලන ප්‍රජාවක් සම්බන්ධයෙන් අප ඉදිරිපත් කරන අදහස අධ්‍යතන සිංහල මූලික ශ්‍රී ලාංකික අනන්‍යතාව සමග පටලවා ගන්නා වාමාංශිකයන් සම්බන්ධයෙන් අනුකම්පා කිරීම හැර වෙනත් අපට කරන්නට දෙයක් නැත. අප කතා කරන්නේ ඒ ශ්‍රී ලාංකිකකම ගැන නො වේ.

අප මෙම බ්ලොගයෙහි අපේ රට හැඳින්වීම සඳහා යොදා ගන්නේ ලංකාව යන වචනයයි. මෙය අපි දීර්ඝ කාලයක සිට දැනුවත් ව කරන්නෙමු. අප තේරුම් ගැනීමට අවශ්‍ය නම් මෙහි ඇති ලේඛන හාරදහසකට කිට්ටු ගණන පරීක්ෂා කර බලන්න.

ලෝක ඉතිහාසය තුළ හැමදාමත් දේශපාලන ප්‍රජාවන් තිබී ඇත්තේ අනෙකුත් සෑම දෙයක් සේ ම චලනයක ය. රංග වීරක්කොඩිගේ සිංහල ජාතිවාදයට පදනම් වන සිංහලකම හෝ ඔහුගේ මිතුරකු ලෙස පෙනී සිටින්නට උත්සාහ කරන රෝහිත භාෂණගේ හෝ ඔහු නො වේ නම්, පහත ගැටලුව මතු කරන නිර්නාමික භාෂණවාදියාගේ දෙමළ ජාතිවාදයට පදනම් වන දෙමළකම හෝ ලොව සදාකාලිකව පවතින ඒවා නො වේ. 2009 මැයි 18දායින් පසුව පවා මේවායේ දැවැන්ත චලනයන් සිදු වී තිබේ. 2015 ජනවාරි 8දා යනු ඒ චලනයේ වැදගත් සලකුණක් තැබූ අවස්ථාවකි. කුහක නො වී එය අධ්‍යයනය කරන්නන්ට එය සිංහල සමාජයේ ද ඉදිරි ගමනක් ලෙස නිරීක්ෂණය කළ හැකි ය. උතුරු නැගෙනහිර දෙමළ මුස්ලිම් ජනයා පමණක් නො ව, දකුණේ සිංහලයන් විසින් ද සාමූහික අරගලයක් හරහා මුදුන් මුළින් ම සෙලවූයේ ගැඹුරට මුල් විහිදා තිබුණු ජාතිවාදී පසුගාමිත්වයකි. 

බලයට පත් වූ බොනපාට්ලා කුමක් කළත් අප දිගට ම ඒ සමගි මූලධර්මය හා පොදු ජන අරගලය අත් නො හැර, ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ එහෙයිනි. අපේ කකුලෙන් අදින්නට එදා ඒ අරගලයේ අනෙක් පැත්තේ සිටි මාක්ස්වාදී අන්තවාදීන්ට තබා රනිල්ට හෝ මෛත්‍රීටවත් බැරි ය. පැරදුණත්, අපි ඒ අරගලයේ හරය වෙනුවෙන් පෙනී සිටීම අතහැර දමන්නේ නැත. 

කොටි සංවිධානයේ පරාජයෙන් පසු දෙමළ ජාතියට ඉදිරි ගමනක් ඇත්තේ දෙමළ ජාතිවාදය තුළ නො වන බව හා දේශපාලන ප්‍රජාවන් පුළුල් වීම තුළ බවට අවබෝධයක් දෙමළ ජනයා තුළ ඇති වෙමින් තිබෙන බව ජාතිවාදී පාට කණ්ණාඩි ගලවා උතුරේ සමාජය අධ්‍යයනය කළොත් තේරුම් ගත හැකි ය.

මෙය දකුණේ සිංහල සමාජයෙහි ද සැලකිය යුතු කොටසක් තුළ මුල් බැස ගනිමින් තිබේ. එයට බාධා කරන ප්‍රධාන බලවේග වන්නේ ජාතිවාදියෝ හා හා ජාතිවාදය සරණ ගොස් සිටින මාක්ස්වාදියෝ ය.

සිංහල ජාතිවාදී රංග වීරක්කොඩිගේ දෙමළ ජාතිවාදී මචං අසන ප්‍රශ්නය පහත දැක්වේ. එහි භාෂාව, ස්වරය හා සමස්ත ප්‍රකාශනය ම ජාතිවාදීන්ගේ නිරුවත හෙළි කරන කදිම සාහිත්‍යයකි. 

"පශ්චාත් යටත්විජිත ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කෙරෙන අරගලය පැරා ඥානනය කර ගන්නේ දකුණේ වැඩක් හැටියට යි. පැරා විශ්වාස කරනවා උතුර නො සලකා දකුණේ දේශපාලන ව්‍යාපාරයකින් ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ හැකි බව. පැරා වටහා ගන්නේ නැහැ උතුර නො සලකා සමස්ත ලංකාවේ කෙසේ වෙතත් දකු‍ෙණ් තුළ හෝ ප්‍රජාතන්ත්‍රවාදය යථාකරණය කළ නො හැකි බව. උතුරේ පීඩිත ජනයා තම ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් දිනා ගැනීමට කරන අරගලය මර්දනය කිරීම සඳහා ය යන වහන්තරාවට මුවා වී තම යි පාලක පන්තිය සැමදාමත් දකුණේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කළේ. උතුරට එල්ල කළ ගිනි අවිම තම යි අසූව දශකයේ දී දකුණේ තරුණ ජීවිත 60 000 ක් බිලි ගත්තේ. උතුරේ පීඩිත ජනයාගේ අරගලය මර්දනයට ගෙනා නීති ම තම යි දකුණේ මාධ්‍ය නිදහසත් ප්‍රකාශනයේ නිදහසත් නැති කළේ. බන්ධනාගාරය තුළ අමානුෂික ව පාලක පන්තිය විසින් ඝාතනය කෙරුණු කුට්ටුමනී සහෝදරයා 1983 දී පැවසූ දෙය වසර දහයක් ගෙවෙන්නත් පෙර සත්‍යයක් වූ බව පැරාට වැටහෙන්නේ නැහැ. එනිසා උතුර නො සලකා දකුණේ අපේ ම කියා දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැඟීමට ගිය පැරා අද පාලක පන්තියට ප්‍රශස්ති ගයන මට්ටමට වැටිලා. නිදහස යනු වරණීය ව පාලක පන්තියට හිතවත් අයට ලැබෙන වරප්‍රසාදයක් නො විය යුතු යැයි පැවසූ ලක්සම්බර්ග් සහෝදරිය පැරාට වහ කදුරු වෙලා.

පැරා නිතොර පවසන දෙයක් තම යි ලංකාවේ තිබෙන්නේ සම්පත් බෙදී යෑමේ විෂමතාවක් හා උතුරටත් දකුණටත් පොදු ප්‍රශ්න රාශියක් මිස දෙමළ ජාතිය‍ට සුවිශේෂ ප්‍රශ්න රාශියක් නො වන බව. ඇත්තෙන් ම රංගයා ඕක තම යි සියලු අන්ත සිංහල ජාතිවාදීන් පට්ට ගහන ගැලවුම් වාක්‍ය ය. නලින්ගේ ටයිප්රයිටර් කතාවේ තිබුණෙත් ඔය අදහස ම යි. සමාජය තුළ නිදන්ගත ව සුප්ත සමයක තිබෙන ජාතිවාදී මනෝභාවයන් ද නසා ඉවත් කිරීම අරමුණ කර ගෙන ක්‍රියාකාරි විය යුතු පැරා වැනි දක්ෂ මිනිසුන් විසින් ද ජාතිවාදය රහසේ පෝෂණය කරනු ලැබීම ඛේදාන්තයක්. එක ම ප්‍රශ්නය වුව දකුණ සඳහා එක් ආකාරයකටත් උතුර සඳහා තවත් ආකාරයකටත් දකුණේ සිංහල මහා ජාතිය විසින් සලකනු ලබන්නේ නැති ද?"


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඔන්න ඕක තමයි පැරකුම් රටකට කොන්ද පන තියන පාලකයො නැතිකමේ අඩුව. ඔය Customary Laws කියන්නේ කබරයා තලගොයා කරන වැඩ. ඔය නීති කියන්නේ කන්න ඕනා උනාම කොන්ද පණනැති පාලකයො සුලුතරයත් එක්ක චන්ද බලාගෙන ඕන අසාධාරණයකට එන එකඟතා. ඔය වගේම අවලං නීතියක් තමයි තේසවලාමෙයි කියන්නෙත්. එකකොට හින්දු සහ මුස්ලිම් විවාහ නීතියේ චීදනම්, මහාර් , කයිකුලි. මොන අවලං වැඩද? එතකොට මුස්ලිම් විවාහ නීතියට අනුව සිංහල බෞද්ධ කෙල්ලෙක් හොඳ පුළුල්ව හිතන මුස්ලිම් කොල්ලෙක් කසාද බැඳීමේදී කෙල්ල මුස්ලිම් වෙන්න ඕනා. මුස්ලිම් කෙනෙක් ආගම වෙනස් කලොත් දඬුවම මරණය. කතා කරන්නකෝ කෙලින්.

    එකඟ වෙමුකෝ මේවට.

    01. මොකා කවුරු බැන්දත් ඒක වෙන්නේ සාමාන්‍ය නීතියට අනුව.
    02. විවාහ චාරිත්‍ර වලට ආගමික තහංචි දාන්න පන්සල් වල හාමුදුරුවරුන්ට (එයාලට කිසිම බලයක් දැනටත් නෑ), පාදිලි වරුන්ට,කුරුක්කල්ලට, මවුලවිලට බෑ.චාරිත්‍රයක් ඉල්ලුවොත් දෙන්න ඕනෑ.
    03. දික්කසාද සහ නඩත්තු නීතියත් ඔක්කොටම එකයි.ඔය කාති අධිකරණ, උඩරට විවාහ දික්කසාද නීති මුකුත් බෑ.
    04.ඕනෑම ජාතියක මව්පියන්ගෙ අභාවයෙන් දේපල දරුවන්ට උරුම වීමේ උරුමවීමේ අයිතිය සමානයි.
    05. ලංකාවේ තිබිය යුතු ඉඩම් වර්ග දෙකයි. එක පුද්ගලික ඉඩම්. දෙක රජයේ ඉඩම්. පළමු ඉඩම් වර්ගය විකිනීමේදී සාමාන්‍ය වෙළඳපල ක්‍රියාකාරීත්වය හැර වෙන කිසිදු සාධකයක් උපයෝගී කර නොගත යුතුයි.
    06.රටේ ඕනෑම ප්‍රදේශයක ව්‍යාපාර ආරම්භ කිරීමේ අයිතිය සහ පවත්වා ගැනීමේ නිදහස ඕනෑම පුරවැසියකුට හිමිවිය යුතුයි.
    07. රජයට සහ රජයේ මගපෙන්වීම යටතේ පුද්ගලික අංශයට මහ ජනතාවගේ යහපත උදෙසා රටේ ඕනෑම තැනක මහා පරිමාන ජනාවාස සහ සංවර්ධන යෝජනා ක්‍රම ආරම්භ කිරීමේ අයිතිය තිබිය යුතුය.

    - මොණරවිල

    ReplyDelete
    Replies
    1. පසු සටහන:

      01. එකක් අමතක වුනා. දෙදෙනාගෙන් කවුරුත් ආගම් වෙනස් කරන්නේ නෑ.

      Delete
  2. තම්බින්ට ඕනෑ විදිහට කෙලින්න දෙන්න බෑ ඔක්කොටම එක නීතියක් වෙන්න ඕනේ.

    ReplyDelete
  3. 1/2

    පැරා, කාරණ දෙකක් පිළිබඳ උඹේ (මෙය පැරණි මිතුදම සලකා භාවිත වන හිතෛෂි වදනක් මිස පසමිතුරු ආමන්ත්‍රණයක් නො වේ) අවධානය යොමු කරවන්න කැමති යි:

    1. මගේ මතකයට අනුව අප ඔක්කොම්බර් මස 28 වැනි දින සිට එදිරිවාදිකම් අත්හැරීමේ පුළුල් එකඟතාවක සිටිනවා. එතැන් සිට අද දින වන තෙක් අප අතර කිසිදු ගැටුමක් හෝ ප්‍රතිපක්ෂ අන්තර්ක්‍රියාවක් හෝ සිදු වූයේ නැහැ. නමුත් පසු ගිය දින දෙක තුළ ඔබ කිසි යම් අසූදන එළඹුමක සිටින බව පෙනෙනවා. එය එතරම් සාධනීය ප්‍රවණතාවක් නො වේ. සාමය යනු ක්‍රියාවලියක්. එම ක්‍රියාවලිය සරල රේඛීය ප්‍රගමනයක නො ව සර්පිලාකාර ප්‍රගමනයක් පෙන්වන්නක්. පෙර දිගට ද පසු දිගට ද වරින් වර ගමන් කරමින් සමස්ත චලනය ඉදිරියට යොමු වන ආවර්තී චලනයක වන සාමය ක්‍රියාවලියක් බිඳ වැටෙන කල නො ලසා ඒයට හේතු සලකා බැලිය යුතු යි. අපගේ විමර්ශනයට අනුව ඔබ කිසි යම් නිර්නාමික ආලෝචනයකට අපගේ කර්තෘත්වය ආරෝපණය කර නොමඟ ගොස් සිටිනවා. එවැනි ව්‍යාකූලතා ඇති විය හැකි යි. නෙල්සන් මැන්ඩෙලා වරන් පැවසූ පරිදි ම අප අමතක කළ යුතු නැති දෙයක් නම් සාමය ගොඩ නැගීම යනු පසමිතුරු කණ්ඩායම් දෙකක් අතර සිදුවන්නක් බව. අතීත පසමිතුරුකම් විසින් එකී කණ්ඩායම් දෙක තුළ අන්‍යෝන්‍ය ලෙස සිදු වූ එදිරිවාදීකම්වල තුවාල වියළී ගිය ද වේදනාව තවමත් පවතිනවා. එනිසා සාම ක්‍රියාවලියක ආරම්භයේ සිට තිරසාර සාමයක් ඇති වන තෙක් ගත වන සංක්‍රාන්ති සමය තුළ එකිනෙකා පිළිබඳ සැකය යනු අනිවාර්ය අංගයක්. ඉවසීම යනු සාමය සඳහා මූලාවශ්‍ය අංගයක් වන්නේ එනිසා. සාමය ගොඩ නැඟීම සහ ගැටුම් සමථනය පිළිබඳ සිද්ධාන්ත යුඬ ජයග්‍රහණයෙන් පසු යුගයේ දී දකුණේ සමාජය අමතක කර ඇති බව යි පෙනෙන්නේ. දකුණ තුළ තමන්ගේ දේශපාලන භාවිතය ස්ථානගත කර ගත් පැරාටත් එම සිද්ධාන්ත අමතක ව ගොස්. අප යෝජනා කරනවා පැරා නැවත ගැටුම් සමථනය පිළිබඳ යොහාන් ගල්තූන් කිය විය යුතු බව.

    අපට අවශ්‍ය වන්නේ සමාජ ප්‍රපංචයන් පිළිබඳ විෂයනිශ්‍රිත කියවීමක් මිස පුද්ගලනිශ්‍රිත කියවීමක් නො වේ. එනිසා පුද්ගල හැඟවුම්කරණ අවශ්‍ය වන්නේ නැත. මතවාද හා දෘෂ්ටිවාද තලයේ දී කතිකාව ගොඩ නැඟීම යි වැදගත් වන්නේ. දේශපාලන විචාරයට පමණක් නො වේ කලා විචාරයටත් මේක අදාළ දෙයක්. අයි. ඒ. රිචර්ඩ්ස් භාවිත විචාරය වගේ විධි ක්‍රමයක් ගොඩ නැඟුවෙත් පුද්ගල හැඟවුම්කරණය නො සලකා කෘතිය කියවීම තුළ. පසු කාලීන ව ව්‍යුහවාදය වර්ධනය වන්නෙත් ‍රෝලන්ඩ් බාර්ත්ස් කතුවරයා මිය යාම පිළිබඳ සංකල්පය ගොඩ නඟන්නෙත් පුද්ගල හඟවුම්කරණය නැත හොත් කතුවරයා පඨිතයෙන් ඉවත් කිරීමට යි. පඨිතය වඩා පුළුල් ව කිය විය හැකි වන්නේ එවිට යි. ඩෙරිඩාගේ විසංයෝජනය දක්වා පශ්චාත් ව්‍යුහවාදය වර්ධනය වන විට අප පඨිතයේත් සංඝටකයන් දක්වා ම ‍ෙගමන් කරනවා. අප කලකට පෙර විපැරාකරණය (deparation) යන සංකල්පය ගොඩ නැඟුවේ ද එම අරමුණින්. පඨිතය මතු වී කතුවරයා මිය යන යුගයක දී පැරා නැවතත් පඨිතය යට පත් කර කතුවරයා මතු කර ගන්නවා. මේක අවාසනාවන්ත තත්ත්වයක්. පැරා කළ යුත්තේ තව දුරටත් කියවීම. පැරා වහා ම කියවීමේ තාක්ෂණය වෙනස් කළ යුතු යි. තිරස් කියවීම වෙනුවට සිරස් කියවීම ප්‍රගුණ කරන්න. එවිට ඔබට වැඩි වේගයකින් කියවා අවබෝධ කර ගත හැකි ය. එය මිස මාලක සිල්වා චේ කියවීම නො වේ පැරාගේ ගැටලුව විය යුත්තේ.

    පිස්සු කෙළින්නේ නැති ව ඔන්න ඔය ශ්‍රී නාමය අපලෝපණය කරපං පැරා! (Your presumptions are not facts!) අක්ෂය පාඨකයෙකු පැමිණ උඹෙන් වමසුවොත් එම ආලෝචනය උඹ පවසන පුද්ගලයා විසින් ම ලියන ලද බවට ඔඛ සතු ව ඇති අනුභූතික සාක්ෂි මොනවාද කියා, උඹ හිර වෙනවා නේ ද?

    ReplyDelete
    Replies
    1. යමෙකු දැඩිව පෙනී සිටින මතයේ බුද්ධිමය හිමිකම් නම් සහිතව පැවරීම නරක දෙයක් නො වේ.

      මා නමින් පෙනී සිටින්නේ ද තමන්ගේ අදහස් සම්බන්ධයෙන් නිර්නාමිකත්වය වෙනුවට නමින් පෙනී සිටීම දිරි ගන්වන්නේ ද ඇයි කියන එක මීට කලින් ද පැහැදිලි කර තිබේ.

      විශේෂයෙන් ම සමාජ මාධ්‍යවලට මෙම වගවීම අවශ්‍ය ය. අනෙක් පැත්තෙන් සමාජය වෙනස් කිරීමේ විකල්ප අරගලවල යෙදී සිටි කණ්ඩායම් තමන්ගේ අටපහ සුද්ද කර ගැනීම අවශ්‍ය ය. සමාජය වෙනස් කිරීමේ අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසියක් වන්නේ තමන් වෙනස් වීමයි.

      Delete
    2. //අපට අවශ්‍ය වන්නේ සමාජ ප්‍රපංචයන් පිළිබඳ විෂයනිශ්‍රිත කියවීමක් මිස පුද්ගලනිශ්‍රිත කියවීමක් නො වේ. එනිසා පුද්ගල හැඟවුම්කරණ අවශ්‍ය වන්නේ නැත. මතවාද හා දෘෂ්ටිවාද තලයේ දී කතිකාව ගොඩ නැඟීම යි වැදගත් වන්නේ. දේශපාලන විචාරයට පමණක් නො වේ කලා විචාරයටත් මේක අදාළ දෙයක්. අයි. ඒ. රිචර්ඩ්ස් භාවිත විචාරය වගේ විධි ක්‍රමයක් ගොඩ නැඟුවෙත් පුද්ගල හැඟවුම්කරණය නො සලකා කෘතිය කියවීම තුළ. පසු කාලීන ව ව්‍යුහවාදය වර්ධනය වන්නෙත් ‍රෝලන්ඩ් බාර්ත්ස් කතුවරයා මිය යාම පිළිබඳ සංකල්පය ගොඩ නඟන්නෙත් පුද්ගල හඟවුම්කරණය නැත හොත් කතුවරයා පඨිතයෙන් ඉවත් කිරීමට යි. පඨිතය වඩා පුළුල් ව කිය විය හැකි වන්නේ එවිට යි. ඩෙරිඩාගේ විසංයෝජනය දක්වා පශ්චාත් ව්‍යුහවාදය වර්ධනය වන විට අප පඨිතයේත් සංඝටකයන් දක්වා ම ‍ෙගමන් කරනවා. අප කලකට පෙර විපැරාකරණය (deparation) යන සංකල්පය ගොඩ නැඟුවේ ද එම අරමුණින්. පඨිතය මතු වී කතුවරයා මිය යන යුගයක දී පැරා නැවතත් පඨිතය යට පත් කර කතුවරයා මතු කර ගන්නවා. මේක අවාසනාවන්ත තත්ත්වයක්. පැරා කළ යුත්තේ තව දුරටත් කියවීම. පැරා වහා ම කියවීමේ තාක්ෂණය වෙනස් කළ යුතු යි. තිරස් කියවීම වෙනුවට සිරස් කියවීම ප්‍රගුණ කරන්න. එවිට ඔබට වැඩි වේගයකින් කියවා අවබෝධ කර ගත හැකි ය. එය මිස මාලක සිල්වා චේ කියවීම නො වේ පැරාගේ ගැටලුව විය යුත්තේ. //

      මේක ලිව්ව සහෝදරයාටයි,

      මේ වගේ දේවල් අපේ පැරා ගොයියට තේරෙන්නේ නැහැ. පැරාට තේරෙන්නේ රනිල් හාමු එවලා තියෙන guideline එකේ විදියට ලියන්න විතරයි. ඒක නිසා සහෝදරවරු පැරා අපහසුවට පත්වෙන කමෙන්ටු කෙටීමෙන් වලකින්න. ප්ලීස්. පැරාට බඩේ පාර ගහන්න එපා.

      Delete
    3. ඔබ හරි. ඔය කියන දේ මට තේරෙන්නේ නැති බව ඇත්තකි. මට තේරෙන දේ ගැන මා ලියා ඇත. ඒ ලිව්වේ රනිල් හාමුගේ මාර්ගෝපදේශ මත හෝ නැතිව හෝ එය ලියා ඇත්තේ මා ය. ඒ නිසා කැමති නම් ඒ ගැන කතා කරන්න.

      Delete
  4. 2/2

    2. ජාතික අනන්‍යතා සුරුකීම හා ප්‍රවර්ධනය සඳහා අප ඉදිරියටත් පෙනී සිටිනවා. ඕනෑම ජන වර්ගයකට තම ජාතියේ අනන්‍යතා සුරැකීමට සහ ප්‍රවර්ධනයට අත්‍යන්ත අභිලාෂයක් තිබෙනවා. පශ්චාත් යටත්විජිත ලංකාවේ රාජ්‍ය ප්‍රතිසංවිධානය කිරීමේ දී රාජ්‍යකරණයේ ව්‍යුහය හා කෘත්‍යය වෙනස් කළ යුත්තේ ඇයි? යන ප්‍රශ්නයට එක පිළිතුරක් වන්නේත් බහුවිධ ජනවාර්ගික සමාජයක ඒ ඒ ජාතීන්ගේ අනන්‍යතා ප්‍රවර්ධනයට පුළුල් අවකාශයක් සලසා දීම යි. අප ලාංකික අනන්‍යතාවට විරුද්ධ වන්නේ නැත. ගැටලුව වන්නේ පැරා විසින් ප්‍රවර්ධනය කෙරෙන ලාංකික අනන්‍යතාව තුළ පවතින හෙජමොනික ස්වභාවය යි. දෙමළ ජාතියේ අනන්‍යතාව සිංහල මහා ජාතියේ අනන්‍යතාව තුළට සම්ප්‍රජන්‍ය ව ස්වීකරණය කර ගැනීමෙන් ගොඩ නඟන ඊනියා ලාංකික අනන්‍යතාවක් අපට එපා. අප අපගේ එම අදහස මීට පෙර ප්‍රකාශ කර තිබෙනවා (නිදහස වෙනුවට සිර කුටිය පුළුල් කිරීමට යෝජනා කරන අජිත් පැරකුම් ජයසිංහගේ සැඟවුණු සිංහල මහා ජාතිකවාදය ... යන ශීර්ෂය යටතේ). එම අදහසින් කොටසක් මෙසේ උපුටා දක්වමු:

    //ජයසිංහයන් පවසන “ජාතික සීමාවන් ඉක්මවා යන දේශපාලන ප්‍ර‍ජාවන් ගොඩනැගීම” යන වියුක්ත ප්‍රකාශයේ භාවිත අර්ථය කුමක් ද? එමඟින් බිහි වන ඊනියා ලිබරල් ධනවාදී සමානාත්මතාව කුමක් ද? මේ අන් කිසිවක් නො ව, විෂමජාතීය අනන්‍යතාවන්ගෙන් හෙබි ලාංකීය සමාජය සමජාතීය ශ්‍රී ලාංකික අනන්‍යතාවක් බවට පත් කර ගැනීමේ කූට ව්‍යාපෘතියකි. එමඟින් බිහි කර ගන්නා ඊනියා සමානාත්මතාව සමපාත වන්නේ සිංහල මහා ජාතියේ අනන්‍යතාව මත ය. එනම් සිංහල මහා ජාතියේ සම්මතය තුළට පීඩිත ජාතීන් ස්වීකරණය කරවා එකී පීඩිත ජාතීන්ගේ අනන්‍යතාවන් සිංහල මහා ජාතියේ හෙජමොනික (අධිපති) අනන්‍යතාවන් තුළ දිය කර හැරීම ය. මෙය පරම සිංහල මහා ජාතිවාදය යි. අනෙකාගේ අනන්‍යතාවට ගෞරව කර එය පිළිගැනීම වෙනුවට අනෙකාගේ අනන්‍යතාව නැති කර අනෙකා ද තමා හා සමාන අයෙකු බවට පත් කිරීම සිංහල මහා ජාතිකත්වය පෝෂණය කිරීමක් පමණි. තල තෙල් ගඳ නැති දෙමළා කෙරෙහි සිංහල මහා ජාතිකත්වයට විරෝධයක් හෝ ගැටලුවක් හෝ නැත. සිංහල මහා ජාතිකත්වයට ගැටලුව ඇත්තේ දෙමළාගේ අනන්‍යතාව පිළිබඳ ය. දෙමළ ජනතාවගේ විමුක්ති අරගලයට සාපේක්ෂ ව අතිශය ප්‍රතිගාමී අස්ථානයක සිටි භ්‍රෂ්ටයෙකු වූ, තල තෙල් ගඳ නැති, සිංහලකරණය වූ දෙමළෙකු වූ ලක්ෂ්මන් කදිරගාමරයන් සිංහල මහා ජාතිකත්වයට වීරයෙකු වූයේ එනිසා ය. කදිරගාමරයනට අගමැති ධුරය ලබා දිය යුතු බවට හඬ නැඟුවේ සිංහල මහා ජාතිකත්වය මිස දෙමළ සහෝදරත්වය නො‍ වේ. වාමාංශිකයන්ගේ අරමුණ සියලු ජාතීන්ගේ අනන්‍යතාවන්ට අන්‍යෝන්‍ය ලෙස ගරු කරන, ඒවා ඉවසන සාර සමාජයක් ගොඩ නැඟීම ය. දෙමළ ජනයාට සිංහල හාලේ බත් කන්නට බල කරන, සිංහල ඇදුම් අඳින්නට බල කරන, සිංහලෙන් වැඩ කරන්නට බල කරන ඊනියා ලාංකීය අනන්‍යතාවකින් අපට වැඩක් නැත. “විවිධත්වයේ එක්සත්කම” විනා “විවිධවය වෙනුවට ඒකීයත්වයක්” අපට අවශ්‍ය නැත. අප සිංහල මහා ජාතිකත්වයට පවසන්නේ ඔබලාගේ “ඊනියා සමානාත්මතාවත් සාටෝපවත් ‘ජාතික සීමාවන් ඉක්මවා යන දේශපාලන ප්‍ර‍ජාවන්’ ගොඩනැගීමත් ඔබලා ම පෙට්ටගමක දමා තබා ගන්න” යනුවෙනි. අපගේ ආදිආචාර්ය කාල් මාර්ක්ස් විසින් සංකල්පගත කළ “අන්තර්ජාතිකවාදියා” යනු ජයසිංහයන් පවසන අධිපති සිංහල මහා ජාතිකත්වයට වක්‍ර ව සහය දෙන ඊනියා සමානාත්මතාවාදියෙකු නො වේ. //

    ReplyDelete
    Replies
    1. ඔක්කොම්බර්/ඔක්තෝම්බර් නෙවෙයි ඔක්තෝබර්.

      September, October, November, December, මේ මාස වලින් M එකක් නැති ඔක්තෝබර් මාසෙට M එකක් දාගත්තේ අපේ සිංහල බයියෝ.

      Delete
    2. “ජාතික සීමාවන් ඉක්මවා යන දේශපාලන ප්‍ර‍ජාවන් ගොඩනැගීම” යන ප්‍රකාශය වියුක්ත ප්‍රකාශයක් නො වේ. එය විවෘත හෝ විවෘත අවසානයක් ඇති ප්‍රකාශයකි. යම් අදහසක් ගැන අඩුවෙන් කතා කර තිබෙන පළියට ම එය වියුක්ත අදහසක් වන්නේ නැත.

      ලංකාවේ දේශපාලන ප්‍රජාවන් පුළුල් වීම පිළිබඳ හා නූතන සිංහල, දෙමළ ජාතීන් සංවර්ධනය වීම පිළිබඳ අපි මීට කලිනුත් සාකච්ඡා කළෙමු. කරාව, දුරාව ආදී බැහැරින් සංක්‍රමණය වූ ප්‍රජාවන් ද, උඩරට සිංහල ඇතුළු තවත් සංස්කෘතික වශයෙන් විෂම ප්‍රජාවන් ද සිංහල භාෂාව මූලික කරගෙන ස්වීකරණයට ලක් වෙමින් වර්තමානයේ පවතින සිංහල ජාතිය ගොඩනැගිණි. තවත් කොටස් ද එයට ස්වීකරණය වෙමින් තිබේ. විශේෂයෙන් ම කොළඹ සිට මීගමුව පසු කර යන වෙරළබඩ තීරයේ දෙමළ සම්භවයක් ඇති කතෝලික ජනයා සිංහලකරණ වන ආකාරය බලන්න. එතැන ඇත්තේ බලහත්කාරයක් නො ව, ස්වේච්ඡාවෙන් සිදු වන ක්‍රියාවලියකි. එහිදී බලවත් ප්‍රජාවේ බලපෑමට සුළුතර ප්‍රජාව නතු වීම සිදු වන මුත් එය බලහත්කාරයක් නො වේ. මෙම ජනයාගේ ස්වීකරණය සම්පූර්ණ වීමට ඉඩ නො දෙන්නේ සිංහල ජාතිවාදියෝ ය.

      ස්වීකරණය ලොව කොතැනත් සිදු වන්නේ බලවත් දේශපාලන ප්‍රජාවට සුළුතර ප්‍රජාවන් ස්වීකරණය වන ලෙස ය. එම බලවත්භාවය අනිවාර්යයෙන් ම ජනගහණයේ විශාලත්වය මත පදනම් වන්නේ නැත. ඒ නිසා ජාතියක් ලෙස බලවත් වීමට ඇති අයිතිය සෙසු ජාතීන්ගේ නාස් තුඩ ළඟින් අවසන් වන පරිදි භාවිතා කිරීමට ජාතිවාදී ව්‍යාපාරවලට ඇති අයිතියට අප ගරු කළ යුතු ය.

      (පහළට)

      Delete
    3. වාමාංශිකයන් පෙනී සිටින්නේ කුමක් වෙනුවෙන් ද යන්න මට වැදගත් නැත. හේතුව ඔවුන්ගේ ස්ථාවරයන් පදනම් වන්නේ දෘෂ්ටිවාදයන් මත ය. ප්‍රගතිශීලීන් පෙනී සිටිය යුත්තේ කුමක් වෙනුවෙන් ද යන්න ගැන කතා කිරීමට මම කැමැත්තෙමි.

      ප්‍රගතිශීලීන් යනු ඉතිහාසය සමග ගමන් කරන පිරිසක් මිස ඉතිහාසයට එරෙහිව යන පිරිසක් නො වේ. දේශපාලන ප්‍රජාවන් පුළුල් වීම ඉතිහාසය පුරා ම සිදු වූ අඛණ්ඩ ක්‍රියාවලියකි. එම ක්‍රියාවලිය තුළ ප්‍රචණ්ඩත්වයක් ද අන්තර්ගත විය. එහෙත්, හිට්ලර්ගෙන් පසු ලෝකය තුළ එවැනි ප්‍රචණ්ඩත්වයන්ට එරෙහිව ප්‍රබල මතයක් ඇත.

      ප්‍රගතිශීලීන්ගේ කාර්යය වන්නේ දේශපාලන ප්‍රජාවන් පුළුල් වීමේ ක්‍රියාවලියට සාධනීය ලෙස මැදිහත් වීමයි. එහිදී ජාතීන් හා සංස්කෘතීන් සම්බන්ධයෙන් මැදිහත් විය යුත්තේ ඉතා පරිස්සමෙනි. බලහත්කාරය වැළැක්වීම, කෘරත්වය පිටුදැකීම, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම හා ගොඩනැගෙන පුළුල් දේශපාලන ප්‍රජාව තුළ සියලු ජාතීන්ගේ සාධනීය හිමිකම් ආරක්ෂා කර ගැනීම හා ඒවා ප්‍රවර්ධනය කිරීම ද ප්‍රගතිශීලීන්ට කළ හැකි කාර්යයන් වේ.

      පුළුල් දේශපාලන ප්‍රජාවන් පරිකල්පනය කිරීම “සියලු ජාතීන්ගේ අනන්‍යතාවන්ට අන්‍යෝන්‍ය ලෙස ගරු කරන, ඒවා ඉවසන සාර සමාජ" වැනි මිථ්‍යාවන් ප්‍රවර්ධනය කිරීමට වඩා ප්‍රගතිශීලී කාර්යයක.

      ජාතිවාදීන්ගේ පසුගාමී අනන්‍යතා ඉල්ලීම්වලට අන්‍යෝන්‍ය ලෙස ගරු කරන සමාජයක් යනු නියම මළ ඉලව්වක් වනු ඇත.

      එවැනි සමාජයකදී සුමනසිරිගේ කුඩා දරුවා මහණ කරන පින්කමට අසල්වැසි නඩරාජා හා මොහොමඩ් එනු ඇත. මොහොමඩ්ගේ දියණියගේ ලිංගේන්ද්‍රිෙයහි භගමනිය බ්ලේඩ් තලයකින් කපා මුත්‍රා කිරීමට හා ඔසප් වීමට පමණක් සිදුරක් ඉතිරි කර සපත්තුවක් සේ මසා දැමීමට සෙල්ලම්මා හා සෙනෙහෙලතා උදව් කරනු ඇත. නඩරාජා කටු ගසාගෙන වේල් පෙරහරේ යන විට, ගිනි පාගන විට හා සුමනසිරිත්, මෙහොමඩුත් හරෝහරා කියනු ඇත.

      මෙය සාර සමාජයක් ද? මාර සමාජයක් ද?

      Delete
  5. මාෂා අල්ලාහ්

    පැරා කොටුව ඉට්ටේසම ඉස්සරහා බෙලි කැපීමටත් ඉඩ දෙමු..

    මාත් එදාට එනවා මචෝ... ගවුමක් ඇඳගෙන..

    ReplyDelete
    Replies
    1. අනික පොඩි උන් මහණ කිරීම ගැනත් කතා කරන්න එපා මචං... ඒකත් ඔය උඹ කියන මක්කද එකක් නේ...

      Delete
    2. නංගිලා මහණ කරවීම පිළිබඳව පැරා සහ මාතලන්ගේ අදහස් කෙසේද ?

      Delete
    3. ගූ බෙට්ටේ ඉස්සරහ පැත්ත ය පස්ස පැත්ත ය කියල වෙනසක් තියෙනව ද?

      Delete
  6. වාමාංශිකයන්ගේ අරමුණ සියලු ජාතීන්ගේ අනන්‍යතාවන්ට අන්‍යෝන්‍ය ලෙස ගරු කරන, ඒවා ඉවසන සාර සමාජයක් ගොඩ නැඟීම යයි සිතන මාක්ස්වාදී ප්‍රතිගාමීන්ටයි.

    ඔබේ සාර සමාජයේදී සුමනසිරිගේ කුඩා දරුවා මහණ කරන ‘පින්කමට' අසල්වැසි නඩරාජා හා මොහොමඩ් සාදු සාදු කියමින් එනු ඇත. මොහොමඩ්ගේ දියණියගේ ලිංගේන්ද්‍රියෙහි භගමනිය අමු අමුවේ බ්ලේඩ් තලයකින් කපා දමා මුත්‍රා කිරීමට හා ඔසප් වීමට පමණක් කුඩා සිදුරු ඉතිරි කරමින් සපත්තුවක් සේ මසා දමන අවස්ථාවේදී සෙල්ලම්මා හා සෙනෙහෙලතා ඇගේ දෙපා තදින් අල්ලාගෙන සිටිමින් උදව් කරනු ඇත. නඩරාජා කටු ගසාගෙන වේල් පෙරහරේ යන විට හා ගිනි පාගන විට සුමනසිරිත්, මෙහොමඩුත් හරෝහරා කියනු ඇත.

    ReplyDelete
    Replies
    1. ජ්‍යාත්‍යන්තර සම්මුතීන් වලට සහ මානව හිමිකම් වලට බටහිර කුමන්ත්‍රණ කිය කිය, එක එක්කෙනාගේ ඕන කම් වලට නීති customize කරගන්න එක තව දුරටත් කලොත් පැරකුම් උපහාසයෙන් දක්වා ඇති බව පෙනෙන "(අ)සාර සමාජය වුනත් හැදෙන්නට වුවද බැරි නැත.

      Delete
  7. //"ශ්‍රී ලංකාවේ අපරාද නීතිය හා මුලික අයිතිවාසිකම් ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය(මහජන නීතිය ) සෑම අයෙකුට සමානවේ ...නමුත් සිවිල් නීතිය (පුද්ගලික නිතිය ) විවිධ ජන කණ්ඩායම් අනුව වෙනස් වේ...ඒ අනුව තේසවලාමේ නීතිය.... උඩරට නිතිය.... මුස්ලිම් නිතිය (මුස්ලිම් නිතිය යනු ෂරියා නිතිය නොවේ.... එය ෂරියා නීතියට වඩා ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතියට ළඟ නීතියකි).... ඒ ඒ ජන කණඩායම් වලට අදාලව සීමිත වශයෙන් ක්‍රියාත්මක වේ....නීතිය බිහිවන්නේ සිරිත් මත පදනම්ව යන උපකල්පනය මත පදනම්ව මෙවැනි උප නීති ක්‍රියාත්මක වේ.....මුස්ලිම් විවාහ හා දික්කසාද නීතියට බලාත්මක බවක් ලැබෙන්නේ ඒ අර්තයනි....නමුත් වයස අවුරුදු 16 ට අඩු ගැහැණු දරුවෙකු කැමැත්තෙන් හෝ ලිංගික සංසර්ගය කරා පොළඹවා ගැනීම අපරාද වරදක් (ස්ත්‍රී දුෂණයක් ) ලෙස අපරාධ නීතිය (මහජන නීතිය )..... එනම් සෑම අයෙකුම සමානව යටත් කරනු ලබන නීතිය සලකනු ලබයි....මුස්ලිම් විවාහ නීතිය පිලිබඳ ගැටලුවේ නෛතික පසුබිම එයයි....මේ ගැන අදහස් පළකරන්නන් ජාතිවාදී නොවී අදාල නෛතික ගැටලුව ගැන අදහස් පළ කරන්නේ නම් ඉතා වටියි" - Chamara Guruge//

    ReplyDelete
  8. මුස්ලිම් විවාහ නීතිය වෙනස් කොරන්න ඒගොල්ලෝ කැමති නැත්නම් ඒ නීතිය සකල සිරි ලාන්කිකයන්ටම බාවිතා කිරීමට ඉඩ දිය යුතුය!

    ReplyDelete
    Replies
    1. මරා කැමති වෙයි එක පයින්

      Delete
    2. බුකියෙ ඕකට ෆයිට් කරන උන්නම් ඕකම තමයි ටාගට් කරන්නෙ. තමුන් ගෙ ගෙදර එකාට උගන්නල කසාද බන්දල දෙන එක හොඳනම් එහෙම කලාම දියුනු වෙනවනම් තමන් එහෙම කරගත්තම ඉවරයි. අදටත් සිංහල ග්‍රාම්‍ය සංස්කෘතික කොටසක් අඩුවයසින් විවාහ වෙනවා. මම හිතන්නෙ සංඛ්‍යාවක් විදියට මුස්ලිම් උන්ට වඩා වැඩියි.
      ඒකට බනින්න ඕන වුනත් සෙට් එකක් හදා ගන්න ජාතිවාදය වගේ අමාරුයි.
      ඒ නිසා හැම මගුලටම තම්බියව අල්ලගන්න ලේසිය තමයි ඔය තියෙන්නෙ.

      Delete
  9. Mr. Ajith Perakum Jayesinghe,
    W3Lanka.

    Dear Mr. Jayesinghe,

    RESPECTING OTHERS ECHOES THE EMINENCE OF YOUR CHARACTER.

    It is my great pleasure to learn that you have referred to one of the finest legal scholars of Sri Lankan origin. Emeritus Professor Savitri W. Ellepola Goonesekere is a highly respected academic not only locally in Sri Lanka but also internationally all over the world. She has been the mentor for several generations of erudite legal experts for many decades and she deserves the highest respect on her own merit.

    It is my greatest displeasure that you dare not to be respectful to the great lady in your scrappy writing. I do not understand why you are so much reluctant to offer the due respect to academics. Perhaps, it may be a sort of complex that governs your mindset. But, your personal conflicts with the academics in your paranoia should be kept personal within your idiosyncratic milieu. Your personal struggles do not provide you a license to dishonour others.

    I wonder whether you have pathologically acquired a personality of an Ellepola ancestor so that you could just mention in a hierarchical and arrogant tone, the bare name “Savitri Goonesekere” in your writing. Mr. Jayesinghe, do you get a writer’s cramp when you start to write the names of academics so that you are unable to entitle them with the honours? If you have a difficulty in finding a proper Sinhala term for the word “emeritus” in your Malalasekara English-Sinhala Dictionary, let me kindly assist you by suggesting a few words with Sanskrit etymology: සේවාර්ජිත, සේවාසම්මත, සම්මානිත.

    Mr. Jayesinghe, you do not need a hesitation in offering respect to the people who deserve it. You will not deprecate your rank by offering others the honours, which they deserve. Therefore, I kindly request you to re-evaluate your doctrine that has imposed a self-restriction on you not to adorn names with apt titles.

    Let me conclude with a brief biographical note of Emeritus Professor Savitri W. Ellepola Goonesekere: She was born to the highly respected Up-Country aristocratic family of Ellepola and was educated at the distinguished Ladies College in Colombo 7. She earned her first degree from the University of Peradeniya and went on to read for her master’s degree at the world famous Harvard Law School. Professor Goonesekere boasts a highly decorated academic career, which spans over five decades. She is considered as the pioneer female jurist in Sri Lanka, who held an array of inaugural designations as the first female to achieve such feat.

    Mr. Jayesinghe, let me bring your attention to the following thoughts of Emeritus Professor Savitri W. Ellepola Goonesekere, which she published in a joint statement with Dr. Ahilan Kadirgamar (for Mr. Jayesinghe’s information: Dr. Ahilan Kadirgamar happened to be a leftist just as his remarkable father Silan!):

    “If sovereignty is in the people, the rights and aspirations of all the people must be recognised, with due respect for their diverse religions, languages and ethnicities. Such a plural society will inevitably have to move towards a state which regards and treats all religions alike. The constitution will also have to reiterate that Sinhala and Tamil are both national and official languages.”

    Thank you for you time.

    Yours sincerely,
    JCN
    Jehan Cedric Nugawela,
    Hartford - Connecticut.

    ReplyDelete
    Replies
    1. //She earned her first degree from the University of Peradeniya and went on to read for her master’s degree at the world famous Harvard Law School. Professor Goonesekere boasts a highly decorated academic career, which spans over five decades. She is considered as the pioneer female jurist in Sri Lanka, who held an array of inaugural designations as the first female to achieve such feat. //

      මාස්ටර් උපාදියෙන් නැවැතුනැයි? ඩොක්ටරේට් එහෙම ගත්තෙ නැතෙයි?

      Delete
    2. //Your personal struggles do not provide you a license to dishonour others.//

      Referring to someone by his/her name without honorifics or educational qualifications is dishonouring? That's an astounding accusation. Omitting honorifics maybe construed as not paying full honours. But, for the life of me I can not understand by what stretch of imagination it can be a "dishonor" !

      Delete
    3. // Referring to someone by his/her name without honorifics or educational qualifications is dishonouring? //

      Yes Sir!
      Thats why I always address myself as ස ර ස තුමා!!

      Delete
    4. In your case I don't think it is enough සරාස් අතිගරුතුමනි

      Delete
    5. Colonial bootlickers, sycophants and lickspittles!

      Who do they think I am?

      Delete
    6. //Who do they think I am? //

      You are Mr Ajith Parakum Jayasinghe of Mathugama!

      Delete
  10. The purpose of this blog is not worrying about the respects whether they are due or not. There are many other media in this world for such purposes.

    We don't care anyone's titles, qualifications, race, caste, creed, school, Ellepola ancestor or whatever. We apologize for not mentioning her title as Professor and it was corrected.

    It is anyone's duty to work for the betterment of the society and no one must ask for extra regards for doing one's duty.

    Nugawela, you are another fake identity of the pervert who has nothing else than looking at this blog and making various types of comments in numerous bogus identities showing all his identity crises.

    I know this man very well and he used lot of such identities in the past also. Now he is rather mean even to appear for all the tribal backward mentalities against which we are fighting here. Stop writing bullshit. Think of what we are writing. We are fighting against racist backwardness you promote in other identities appearing as a Marxist.

    When you have nothing to say you find something like this.

    Watch this video and understand the dynamics of racism which you promote covering to Marxism.

    ReplyDelete
  11. හිතෙන බොහෝ දේ ඇත. ලිවීමට වෙලාව අඩුය, කම්මැලිය. කෙටියෙන් ලියමි :- ආගම් මලකරදරයකි

    ReplyDelete
  12. කෙළියා නේ ද තාප්පෙට අජිත් පැරකුම්? වැරදි ගහට කොටපු දාට තමයි කොට්ටොරුවා කෙළවා ගන්නේ. අජිත් පැරකුම්ගේ රංගන සේර ම ඉවරයි. අජිත් පැරකුම්ගේ බොරු ප්‍රභූ විරෝධය නිරාවරණය වෙනවා දැන්.

    ඔතන අහලා තියෙන්නේ තේරෙන භාෂාවෙන් කියනවා නම් "බොල ජයසිංහ, උඹ ඇල්ලේපොළ මහාධිකාරම්ගේ භූතාත්මය ද?" කියලා නේ. නැති නම් ඉතිං "උඹ, රාජා ගූණසේකර ද?" කියලා නේ.

    අජිත් පැරකුම් මහත්තයෝ, ඇල්ලෙපොළ ල, නුගවෙල ල අස්සේ ජයසිංහ ල රිංග ල ඇට චප්ප කර ගන්නෙ නැති ව ඉඳිං. කළුගල්වල ඔළුව ගහ ගන්න එක වීරකමක් නෙවේ බං.

    අජිත් පැරකුම් මේ දැන ගන්න අහන්නේ නො දන්න හින්ද. ජයසිංහ වලව්ව තියෙන්නේ කොහේ ද? ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරගේ ශ්‍රී ලංකාවේ වලව් නාමාවලියේ ජයසිංහ වලව්ව හොයා ගන්න බැරි වුණා තව ම. පද්මා එදිරිසිංහ දන්නවා ද දන්නේ නැහැ.

    ජයසිංහ වලව්ව සබරගමුවේ වලව්වක් වෙන්න ඇති මගේ හිතේ. අර සුප්‍රකට මිද්දෙණිය වලව්වට කිට්ටු ව ද තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ඕවට අපි හිනාවෙන්නේ පුකෙන්!

      Delete
    2. වලව්වක පලහිලව්ව!

      https://si.wikibooks.org/wiki/%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%8F%E0%B7%83_%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%9A%E0%B6%B1_%E0%B6%B1%E0%B7%80%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F_%E0%B6%91%E0%B6%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80-_03_-_%E0%B7%80%E0%B6%BD%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A_%E0%B6%B4%E0%B7%85%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B7%80%E0%B7%8A%E0%B7%80

      Delete
    3. ඔව් ඉතිං කොහොමත් ඔබතුමාගේ මූණ පුක වගෙනේ. ඉතිං මූණෙන් හිනා වුණත් පුකෙන් හිනා වුණා වගේ තමයි. වෙනසක් නැහැ.

      දැන් පුළුවන් නම් හෙට උදෙන් දා ගනිං වලව්කාරයන්ට ගැකිකම් කරන වාමාංශිකයෝ කියලා පල්පෑල්ලක් රට්ටු හිනස්සන්නයි අනුකම්පාව දිනා ගන්නයි. ඔබතුමා හිතන්නේ ඔබතුමාගේ විවේචකයෝ හැමෝම ‍අර භාෂණ ද කවුද කියන හාදයා කියලනෙ. ඕක ලෙඩක් බං. භාෂණ භීතිකාව.

      Delete
  13. මී රසහව් දත් මා සන් මිතු මයුරවිලයනට උපහාර වේවා!
    =============================================

    සබඳ මයුරවිලයෙනි,

    ඔබ පෙර දිනැ රසාකර සිතුම් ජයසෙනයන අලළා කළ සිහි කැඳවුම නම් අගනේ යැ. මම මහත් සේ රසවිඳියෙමි. මධුපානෝත්සව හෙවත් මී බී කෙළි වූ කලී පෙරපර දෙ‍දිග සත් සාහිත වහ‍රැ මහරු කිරියකි. ඒ වූ කලී හුදු මී රස විඳුමෙක් නො වැ මී රස, ගී රස, සුබැසි රස ඈ නන් රස වගුරුවන රසහමුවෝ යැ. එදවස සැඳෑ කලැ බේරේ මහ නිවසැ පියගැට පෙළ බැස යන කාරියකරවනයෝ ද මී රස විඳුම් ලොවැ මීපල් වන් මීමනයෝ ද උනු පුත සුනිල මාධවයෝ ද සඳමිණ මානවසිහයෝ ද ඈ සුවියත් පරපුරෙක් මී රස විඳුමට සිතැති වූවෝ යැ. මිහිඳු අබසොඳුරැවෝ ද අමතක කළ යුතු නැති රසවතෙකි. මී රස විඳුමැ මා දෙවැනි ගුරු වන් කරුණරතන අමරසිහයෝ නම් කෙදිනකැ හෝ මතකයෙන් නො ගිලිහෙති. පත්තරකාරයනට “බෝතලපත්තරකාරයන” යැයි කීම එකල ගරැ බුහුමනෙක් යැ. අනඳ කේ. විජයතුඟු හෙවත් බණ්ඩාරේ අනුයමින් “ඔබත් මමත් එක් කළේ ද බෝතලය යි; ඔබත් මමත් වෙන් කළේ ද බෝතලය යි” පැවැසිය හැකි යැ. හිරැ අවරඹරැ රඳනා කල ඇරඹෙන බෝ මී රස විඳුම් වාද-විවාද, විචාර-ප්‍රතිචා‍ර, රොස්-පරොස්, තුටු-මනතුටු කැරැ සඳ අවරඹරැ රඳවා නිම වේ. ‍එනයින් වැඩෙන සත් පිබිදුම අපමණ යැ. අජිත සමරනා ළබැඳියන හැඳින සිටි මී රස විඳුම අජිත පැරකුමුවෝ නම් නො දනිති. එනිසා පැරකුමුවෝ රසාකර සිතුම් ජයසෙනයනට ගරහති. පැරකුමුවෝ සිතන්නෝ මී රස විඳුම යනු තුමු කසිප්පු කට ගොන්නක බී, රබර වතු මැදැ වැදැ, සරම බිම ‍ෙහළැ, බමන මතෙන් බහු රූ නැටුම වැන්නෙක් බව යැ. අහෝ! විකල දන; දනෝ දද!

    පිය සබඳ මයුරවිලයෙනි, මී රසයෙන් රසයෙන ඔබ සත් සාහිත ලෝලයට පුද පිණිස මම මෙදවසැ මී රස විඳුම ගැන ගැදි පබඳකේ ලියමින් සිටිමි. නුදුරැ මැ පළ කරමි. පරසතු මලින් පුද ලද යුතු ඔබ, වනපස මලින් පුද ලද යැ රොස්පරොස් නො වනු මැනැවි.

    සබඳ මයුරවිලයෙනි, ඔබ විසින් අප ගුරුදේවයනගේ මිණි පබඳෙක් වන “ගුරු ගුණ සමර” සිහි කරන ලද යැ. මාහැඟි යැ. නුගවෙලයන් විසින් විමසෙන සාවිත්‍රී වි. ඇල්ලේපොළ ගූණසේකර සිරිමතියගේ හිමිසඳ වූ රාජා ගුණසේකරයන පිළිබඳ ගුරු ගුණ සම‍රැ සඳහන් යැ. සරච්චන්‍ඳ්‍රයෝ ලලිතාවන සමඟ ඇමෙරිකාවැ සිට සිය රට එන්නෝ මඳ කලකට එංගලන්තයැ ගුණදස් අමරසෙකරයන ඇසුරැ වසන්නාහ. එකල ‍ගුරුදේවයෝ ද එංගලන්තයැ අදියුරැවැ යැ. සරච්චන්‍ඳ්‍රයෝ එදවස රවුළ වඩවා සිටියහ. එසිරි දුටු ගුරු දේවයෝ “සර් දැන් ඩී.එච්. ලොරන්ස් වගේ නේ” යැයි පවසන්නෝ “නැහැ. රාජා ගුණසේකර වගෙ යි කියන්න” යැයි සරච්චන්‍ඳ්‍රයනගෙන පිළිවදන් ලබන්නාහ. රවුළ වැඩුම එකල පකට වැ තිබිණ. සොබන මනමේ කුමරියක වූ ට්‍රිලීෂියා ගුණවඩු සිරිමතියගේ පියසබඳ අරියසෙන ජයසෙකර ගුණවඩුවෝ ද පකට රවුළක් වැඩූ සුධීමතෙක් වූහ.

    මා පිය සබඳ මයුරයෙනි, ඔබගේ රසබර, හරබර මිණි පබඳක් කියවනු රිසි වැ මම නවතිමි. මයුරයන ද සරසයන ද නොමැති වූයේ නම් කදලාගම ද මෙහි එනු රිසි නැති යැ. පැරකුමුවන බලා සිටිනුයේ මා ද රෝ. භා. අබවඩුවන වන බවට දුර්මත පතුරුවා නැති ගැටුම් ඇති කරන්නට යැ. දුටු යැ; පටු යැ; පවිටු යැ. මතුගම පැරකුමු‍වන නො දනින මී රස විඳුම පිළිබඳ ඒ රස දනැ සිටි දඹදෙණි පැරකුමුවෝ මෙසේ පවසති:

    “ඉති පිවිතුරු ගදෙව් - නෙත් නන්අවන්කෙළියෙන්
    මිහිමත කලුන් ඉහි රජ - අවරඹරෙ සඳ රැඳවි”

    දඹදෙණි පැරකුමුවෝ කලිකාල සාහිත සර්වඥ පණ්ඩිත යැ. මතුගම පැරකුමුවෝ කවරෙක් ද? යැයි සබඳ මයුරවිලයෝ දනිත් ද?

    බන්‍ධුල කුදලාගම,
    ‍සදම්ටනය.

    ReplyDelete
  14. https://www.facebook.com/Kumari76/videos/922373454574896/

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා