සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය; දුමින්ද සිල්වා ද මනුෂ්‍යයෙකි

සිරගත වීම කෙතරම් කණගාටුදායක ඉරණමක් ද යන්න දන්නේ සිරගත වූවෝ පමණි.

අධිකරණයෙන් මරණීය දණ්ඩනයට ලක් වීම යනු පහසුවෙන් ලිහා ගත නො හැකි ගැටයක සිර වීමකි.

දුමින්ද සිල්වාට, විදේශීය සංචාරකයකු මරා දමා ඔහුගේ පෙම්වතිය දූෂණය කර හිරේ ගිය මහින්ද ගෝලයකු වන සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණට, දූෂණ හා අපරාධ චෝදනාවලට මුහුණ දී සිටින රාජපක්ෂ පවුලේ අයගේ සිට ටිරාන් අලස් දක්වා බොහෝ දෙනෙකුට නීතියෙන් ගැලවීමේ දුෂ්කර මාර්ගය ගැන බලාපොරොත්තු තබා ගත හැක්කේ රාජපක්ෂ පවුල යළි බලයට පත් කර ගැනීම තුළ ය. රාජපක්ෂවරුන් බලයට පත් කර ගැනීම මෙන් ම නීතිමය ගැට ලිහා ගැනීම ද පහසු ක්‍රියාමාර්ග නො වේ.

සිය සැමියාගේ අනියම් බිරිය හා ඇගේ සේවිකාව ඝාතනය කර මරණීය දණ්ඩනයට ලක් වූ හිටපු ඇමති මිල්රෝයි ප්‍රනාන්දුගේ බිරිය මරණීය දණ්ඩනයෙන් මුදා ගැනීම පවා සංකීර්ණ ක්‍රියාදාමයක් විය. පහත පළ වන්නේ අප ඒ පිළිබඳව 2009 ජුලි 16 දින තැබූ සටහනකි.

“සිය සැමියාගේ අනියම් භාර්යාව හා ඇගේ සේවිකාව මරාදැමීමේ චෝදනාවට වරදකරුව මරණ දඬුවමට ලක්ව සිටි මේරි ජුලියට් මොනිකා ප්‍රනාන්දු නම් වූ රජයේ වතු කළමනාකාර හා සංවර්ධන ඇමති මිල්රෝයි ප්‍රනාන්දුගේ භාර්යාව 2009 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් විශේෂ ජනාධිපති සමාවක් යටතේ නිදහස් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. මෙම කාන්තාව 1991දී කරන ලද වරදට 2005දී තව තිදෙනෙකු සමග මරණ දඬුවමට ලක් කරනු ලැබ සිටි අතර මීට කලින් ජනාධිපතිවරයා ඇයගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට අඩු කර තිබිණි. ඇය නිදහස් කිරීමත් සමග සමාන බරපතල අපරාධ කර තිබුණු තවත් කාන්තාවන් 12දෙනෙකු ද නිදහස් කරන ලදී. ඔවුන් අතර, ලංකාවට මත් කුඩු ගෙන ආ විදේශික ගැහැණු දෙදෙනෙක් ද වූහ."

අනාගතයේදී දුමින්ද සිල්වා, සම්පත් චන්ද්‍රපුෂ්ප වැනි වැරදිකරුවන් වී සිටින පුද්ගලයන්ට නිදහස් වීම එතරම් පහසු නො වන බව පැහැදිලි ය. අධිකරණයෙන් වරදකරුවන් වන්නට ඔන්න, මෙන්න තත්වයේ සිටි නැසී ගිය කාදර් හා හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි වැනි අයගේ නඩු කල් ඇතුව ම නීතිපති හරහා ඉවත් කර ගත්තේ ඒ නිසා ය.

වර්තමානයේදී ද බොහෝ විමර්ශන අධිකරණ ක්‍රියාමාර්ග දක්වා ඉදිරියට ගෙන යාම දේශපාලන බලපෑම් ඔස්සේ අඩාල කරන්නේ ඒ නිසා ය.

දුමින්ද සිල්වා නමැති මරණ දණ්ඩනයට නියම වී අභියාචනා කර සිටින සිරකරුවාට වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට යාමට අවසර ඉල්ලා ඇති බවක් වාර්තා වේ.

එම ඉල්ලීමෙහි නීතිමය තත්වය පිළිබඳ අපි නො දන්නෙමු. මෙවැනි කරුණකදී බන්ධනාගාර හා අධිකරණ බලධාරීන් සැලකිලිමත් විය යුත්තේ සිරකරුවා පැන යන්නට උත්සාහ කරන්නේ ද යන්න ගැනයි. එසේ නොමැතිව සිරකරුවකුට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නට තිබෙන අයිතියට බාධා නො කළ යුතු ය.

සංකීර්ණ රෝගී තත්වයකට අදාළ නිර්දේශිත වෛද්‍ය ප්‍රතිකාර කිරීමට බන්ධනාගාර අධිකාරීන්ට පහසුකම් සලස්වා දිය නො හැකි නම්, එම වෛද්‍ය පහසුකම් මුදල් ගෙවා හෝ ලබා ගැනීමට සිරකරුවාට අවස්ථාව ලබා දිය යුතු ය. එසේ නොමැතිව සිරකරුවකුට මැරෙන්නට හරින්නේ නම් එය රජය විසින් කරනු ලබන අනියම් මිනීමැරුමකි. එහෙත්, ඒ සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ නිසි සුදුසුකම් සහිත වෛද්‍ය මණ්ඩලයක් විසිනි. අවසන් තීරණය අධිකරණය අත තිබීම ද සාධාරණ ය.

ලංකාවේ බන්ධනාගාරවල සිරකරුවන්ට ලබා දෙන වෛද්‍ය ප්‍රතිකාර පමණක් නො ව, මූලික පහසුකම් පවා ඉතා දුර්වල මට්ටමක පවතින බව ඇත්තකි.

මේ පිළිබඳ ප්‍රතිචාර දැක්වීමෙහිදී අප අමතක නො කළ යුතු කරුණක් තිබේ. ඒ සිරකරුවන් ද මනුෂ්‍යයන් බවයි. එය දුමින්ද සිල්වාට ද පොදු ය. මානව හිමිකම් ගැන නිරතුරුව කතා කරන අය මේ ගැනත් සිතිය යුතු ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. // මේ පිළිබඳ ප්‍රතිචාර දැක්වීමෙහිදී අප අමතක නො කළ යුතු කරුණක් තිබේ. ඒ සිරකරුවන් ද මනුෂ්‍යයන් බවයි. එය දුමින්ද සිල්වාට ද පොදු ය. මානව හිමිකම් ගැන නිරතුරුව කතා කරන අය මේ ගැනත් සිතිය යුතු ය //

    මා මා ... හේනෙ මාමා

    එක්සත් ජාතීන් ගේ අදීක්ශනය මත රනිලාන්ඩුවේ රෙදි සෝදන අතර පැරනි වාමාන්සිකයෙකු ලෙස පෙනී සිටී.....

    සින්හ්ල බොග කියවන ඔබ සැම මේ ගැනත් සිතිය යුතු ය

    ReplyDelete
    Replies
    1. සාරස, නොපමාව ඔබේ නම ගූරස (Goo rasa) ලෙස වෙනස් කර ගන්න.

      Delete
    2. @ ඇනෝ +++++++++

      @ Sa rasa
      බොට මෙව්වා කියල වැඩක් නෑ, ඒත් ඔන්න ඔහේ කියලම දානව. මේ මහින්ද/ ගෝථා පහරපු අසුචි ගොඩක් බවඋඹ නොදන්නව නෙමෙයිනෙ? දැන් එතකොට හේනෙ මාම පැරාද, උඹද? රෙදි නැතුවම අර නීලකාස හොරාට කඩේයන උඹල වගේ බයියො වගේම මේ ආණ්ඩුවෙ වැරදි නොපෙනුනා වගේ ඉන්න ටොයියොත් තමා , මේ රටට ගහල තියෙන ලොකුම හෙනේ.

      උඹල කතා කරන්නෙ කටින්ද නැත්නම් පුකෙන්ද? අපි මුංව ‍තෝර ගත්තෙ , අර නීලකාස හොරාව එලවන්න, උගේ යමපාලනය නවත්තන්න. රටක් තියා , හරක් පට්ටියක්වත් පාලනය කරන්න නුසුදුසු, කට ඇරියොත් අමු කෙබර කෙලින, කිසිම සැලස්මක්, ස්ථර ප්‍රතිපත්තියක් නැති ජෙප්පොන්ට දුන්නොත් හිකි*ලම යන නිසා හිටපු එකම විකල්පෞඅ මුං. ඉතින් දුන්නා, හිට්ලර් ගියා -චැප්ලින් ආවා. ලෙසම කොමඩි ෂෝ එක පෙන්නනවා.
      අපි වගේම පැරාත්, වැරද්දක් දැක්කම ඒකට විරෝධය පානවා.

      දැන් , උඹට මේ සරල සත්‍යය නොතේරෙනව නං, දීපං උඹේ උපාධිය ලමයෙකුට :)

      Delete
    3. // AnonymousNovember 13, 2016 at 12:55 PM
      සාරස, නොපමාව ඔබේ නම ගූරස (Goo rasa) ලෙස වෙනස් කර ගන්න. //

      ලඟදීම හොඳ නැකතක් බලා ඔබ කී ලෙසම ස ර ස නම ගූ රස ලෙස වෙනස් කොරගන්නම්...

      Delete
    4. // දැන් , උඹට මේ සරල සත්‍යය නොතේරෙනව නං, දීපං උඹේ උපාධිය ලමයෙකුට :) //

      ඔයා කීව නිසාම ඒක දීලා දැම්මා ලමයෙකුට... කීවට විස්වාස කොරන්න ගොන්ඇනෝ , ලමයා ඒක වීසි කරලා දැම්ම නේ... කිසිම වටිනාකමක් නැහැ අප්පා!

      Delete
    5. සා රස තුමෝ. මෙන්න බොට මගේ රෙස්පෙක්ට් එක...!! 👊🏽

      Delete
  2. ඊට කලින් බන්ධනාගාරගතවූවන් පරීක්ෂා කරන වෛද්‍යවරු හදාගන්නව නං හොඳයි. මට හිතෙන හැටියට පොලිසියට අධිකරණයට සහ බන්ධනාගාර නිලධාරීන්ට වඩා ඔවුන් දූෂිතයි.

    ReplyDelete
    Replies
    1. මේ වෛද්‍යවරුන් පත් කර ගන්නේ කුමන ආකාරයකට ද මම නො දනිමි. එහෙත්, ඔවුන් වැඩි දෙනෙක් වෛද්‍ය වෘත්තියට ගැලපෙන අය නො වේ.

      Delete
    2. දොස්තරලා ද මනුස්සයෝ ය?

      Delete
    3. මනුෂ්‍යයෝ ද ඇතැම් විට තිරිසන්නු ය.

      Delete
  3. බන්ධනාගාර රෝහලට ස්ථිර පත්වීම් දීම අහෝසි කළ යුතු අතර එය ජාතික රෝහල යටතට ගෙන සේවා මුර ක්‍රමයට වෛද්‍යවරුන් යොදවා ගත යුතුය. එවිට, සේවයට එන වෛද්‍යවරුන් සංඛ්‍යාව ඉතා විශාල වන නිසා බලපෑම් කිරීමේ හැකියාව අවම වනු ඇත.

    ReplyDelete
    Replies
    1. අන්න ක්‍රමේ කරනව නං.

      Delete
    2. ඉතාම හොඳ අදහසක්.

      Delete
    3. කොරයි. බලං හිටපං 😜😂

      Delete
  4. මරණ දඬුවම නියම වෙච්ච එකාට මොන වෛද්‍ය ප්‍රතිකාරද ? ඉක්මණට මැරෙනවා නම් ආණ්ඩුවට ලාභයි. රනිල් මෛත්‍රී කියන්නෙ කොන්ද පණ නැති පඟර නැට්ටො දෙන්නෙක්, උන්ගෙ තියෙන දීනකම නිසා තමයි රාජපක්ෂො ගැත්තො අධිකරණෙයි, බන්ධනාගරෙයි, ඉස්පිරිතාලෙයි ජෝගි නටන්නෙ. තව ටික දවසකින් කුඩු දුමියා සිංගප්පූරුවෙ මවුන්ට් එලිසබෙත් කියයි. ඒ කාලෙ ෆොන්සේකා මහත්තයට උණු වතුර ටිකක් ගන්නත් නඩු කියන්න වුණා, කෑවෙ බෙලෙක් පිඟානෙ, නිදා ගත්තෙ සිමෙන්ති පොලොවෙ. ඒවට ඇති වෙච්ච කේන්තියට තමයි මිනිස්සු හිටන් පඹයාව රජ පුටුවට උස්සල තිබ්බෙ. නැත්නම් ඔය රනිල්, මෛත්‍රී කියන්නෙ නායකත්ව ලක්ෂණ තියෙන උන්ද ? මහින්දගෙ ළඟින් තියන්නවත් පුළුවන්ද ?

    ReplyDelete
  5. පැරා මේ කතාව නොදන්නවා නොවෙයිනේ. "මිනීමරු කුඩු රජා දුමින්ද සිල්වා රටින් පිට කිරීමේ සැලසුම් දෙකක තොරතුරු මෙන්න: හඩුකාරියක්, විශේෂඥ වෛද්‍යවරුන්, ජඩමාධ්‍යකරුවන් හවුල්". http://www.lankaenews.com/news/4808/si

    මොහු මේ කරන්නේ බොරුවක් වංචාවක් නෙමෙයි නම් විතරයි ඔබ යෝජනා කරනදේට වටිනාකමක් තියෙන්නේ. මේක තනිකරම බොරුවක්, හාස්‍යජනක වංචාවක් බව ඕන පොඩි එකෙක් දන්නවා. ඉතින් ඇයි පැරා එහෙම කෙනෙක් වෙනුවෙන් ලියන්නේ? මේ "විශේශ" තත්වයට පත්වුන වෙන කෙනෙක් ගැන අහලා තියෙනවද?

    - Dimithri

    ReplyDelete
    Replies
    1. එකඟයි. මේ පෝස්ට් එකෙන් පැරා කියන දේ පැහැදිලි නෑ. පැරා කමෙන්ට් වලට දීලා තියන උත්තර දකිනකම් මාත් හිතුවෙ එහෙමයි.

      Delete
    2. දිමිත්‍රි, ඔය නඩුවෙන් උෟ හිරේ යනකලුත් බොහෝ දෙනා කිව්වෙ ඒක ප්‍රෝඩාවක් කියලයි. ඌ මොකෙක් වුණත්, අනෙක් සියලු හිරකාරයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මිනිහෙක් විදියට මට නම් ඌ තවත් හිරකාරයෙක් විතරයි.

      අනෙක, ප්‍රවෘත්ති කියන්නේ හැම විට ම ඇත්ත නෙමෙයි. මේක හොඳට අධ්‍යයනය කරන්නට පුළුවන් සිද්ධියක් තමයි විමල් වීරවංශගේ ගෙදර සිද්ධිය. ඒක නියම ඌරගෙ මාළු උගේ ඇඟ උඩ ම තබා කැපීමක්.

      එතනදිත් මම අඩු තරමේ ඒ නිව්ස් එකක් ෂෙයා කරන එකවත් කළේ නැහැ. මම ලියන්නේ මගේ ප්‍රතිපත්ති මත. එච්චරයි.

      Delete
    3. පැරාගෙ ප්‍රතිපත්තිය යහපාලනේ අසූචි හෝදන එක විතරමද ? කෝ අර යුක්තිගරුක, ප්‍රගතිශීලී සටන්කාමියා ?

      Delete
    4. එහෙම එකෙක් හිටියද?

      Delete
    5. // පැරාගෙ ප්‍රතිපත්තිය යහපාලනේ අසූචි හෝදන එක විතරමද ? කෝ අර යුක්තිගරුක, ප්‍රගතිශීලී සටන්කාමියා ? //

      පොරගතිසීලි සටන්කාමියා හේනේ මාමා කෙනෙක් වෙලා හිටන්! මොනා කොරන්නද.. උන් කියනවා... ඒ විදියට පැරා තුමා ලියනවා.....

      Delete
    6. සරස තුමා, ඔයා කරන්නෙත් පැරා කරන දේමනේ... ගෝතා කියනවා... ඒ විදියට ඔයාත් ඉතින් ලියනවා...

      ඊට පස්සේ කියනවා පැරා අරහෙමයි මෙහෙමයි කියලා... ඔයාත් අරහෙමයි මෙහෙමයි තමයි...

      ඔයාත් නම්බර් වන් හේනේ මාමා කෙනෙක්...

      Delete
    7. // සරස තුමා, ඔයා කරන්නෙත් පැරා කරන දේමනේ... ගෝතා කියනවා... ඒ විදියට ඔයාත් ඉතින් ලියනවා... //

      වෙනස තියෙන්නේ ස ර ස තුමා මුදල් වෙනුවෙන් කුලියට ලියන සහ කොමෙන් දමන බව ප්‍රසිද්දියේ පිලිගන්නා අතර පැරා තුමා තමා එසේ නොකරන අම්බානක සුවාදීන මාද්ය සින්හයෙක් බව කියා සිටීමයි හිටන්!

      සත්යවාදී සර ස තුමා ට ජය වේවා!

      Delete
    8. සරස තුමා, මේක අහන්න.....

      පැරා තුමා සල්ලිවලට ලියනවා නම් එතුමාට බස්වලයි කෝච්චිවලයි බඩගාන්න අවශ්‍ය නැහැනේ.... ඔය කියන විදියට සල්ලි ලැබෙනවා නම් එතුමා ගමන් බිමන් යන්නේ KIA Sportage එකක.

      Delete
    9. අදහසක් වශයෙන් වෛද්‍ය පහසුකම් මුදල් ගෙවා හෝ ලබා ගැනීමට සිරකරුවාට අවස්ථාව ලබා දිය යුතු ය කියන එකට මගේ විරුද්ධත්වයක් නැහැ.

      නමුත් මරන දඬුවම ලද (මීට ඉහත මේ ලෙසින්ම අධිකරනය අවඥාවට ලක්කල ) කෙනෙක් වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට මවුන්ට් එලිසබෙත් යනව වගේ එකක් උනොත් ඒක සැහෙන්න විකාරරූපියි නේද?

      නිසි සුදුසුකම් සහිත වෛද්‍ය මණ්ඩලයක් සහ අධිකරනයේ අනුමැතියකට යටත් කිරීම, ඒ අවස්ථාව ලබාදීම තරම්ම වැදගත්කමකින් යුක්තයි.

      නැත්නම් එක සල්ලිකාර අපරාධකාරයෙක් හිරේ ඉතුරුවෙන එකක් නැහැ.

      කොටින්ම කියනවානම්, බලවත් අපරාධකාරයො හිරේට නියම වෙච්ච ගමන් රෝහල්ගතවීම සිද්ද්වෙන්නෙ නැති ලෝකෙක තමයි මේ අවස්ථාව තිබිය යුතු.

      - Dimithri

      Delete
    10. // සරස තුමා, මේක අහන්න.....

      පැරා තුමා සල්ලිවලට ලියනවා නම් එතුමාට බස්වලයි කෝච්චිවලයි බඩගාන්න අවශ්‍ය නැහැනේ.... ඔය කියන විදියට සල්ලි ලැබෙනවා නම් එතුමා ගමන් බිමන් යන්නේ KIA Sportage එකක. //

      හැමෝටම මිලක් තියෙනවා කියලා අහලා නැත්ද?

      සමහරවිට පැරා ට ගෙවනා කස්ටිය එයා ගේ හැකියාවන් සහ පලපුරුද්ද මත ගෙවන ගානෙන් පෞද්ගලික වාහනයක් පාවිච්චි කොරන්න අමාරු ඇති...

      ඒ වගේම එවැනි දෙකයි පනහේ සේවාදායකයකු වෙනුවෙන් අපුල්ලන වැඩේකිරීම පැරා තුමා ගේත් දුරුවල කමක් වෙන්න ඇති....

      ඔන්න ඒකට අපේ සේවාදායකයෝ.... ඕන බූරුවෙකුට මිලියන් වලින් ගෙවන්නෙ හිටන්!

      Delete
    11. //නමුත් මරන දඬුවම ලද (මීට ඉහත මේ ලෙසින්ම අධිකරනය අවඥාවට ලක්කල ) කෙනෙක් වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට මවුන්ට් එලිසබෙත් යනව වගේ එකක් උනොත් ඒක සැහෙන්න විකාරරූපියි නේද? //

      අහෝ මේ රටේ සුවහසක් ගොබ්බ ජනතාව චන්දය පාවිච්චි කොට පත්කොරගත් රනිලාන්ඩුව....

      සෝපිත හිටියනම් සිවුරෙන් එල්ලිලා අපවත් වෙනවා හිටන්!

      Delete
    12. //ඔන්න ඒකට අපේ සේවාදායකයෝ.... ඕන බූරුවෙකුට මිලියන් වලින් ගෙවන්නෙ හිටන්!//

      නැත්නම් උඹ වගේ හැමදාම එකම වචන සැට් එක දාන බූරුවෙක්ව සල්ලි ගෙවල තියාගනීවිද?

      Delete
    13. // නැත්නම් උඹ වගේ හැමදාම එකම වචන සැට් එක දාන බූරුවෙක්ව සල්ලි ගෙවල තියාගනීවිද? //

      තිත්ත ඇත්ත ඕක තමා හිටන්!

      Delete
    14. දිමිත්‍රිගේ අදහසට අදාළවයි. දුමින්ද සිල්වාට ශ්‍රී ලංකාවේ ප්‍රතිකාර කළ හැකියි. ඔහු කිසි සේත් ම මවුන්ට් එලිසබෙත් යැවිය යුතු නැහැ. එහෙම යවන්න වෙන්නෙ දුමින්ද සිල්වාව විතරක් නෙමෙයි නේ. බන්ධනාගාර ස්කොඩ් එහෙකුත් යවන්න ඕනැ. ඒකට මහජන මුදල් වියදම් කරන්න අවශ්‍ය නැහැ.

      Delete
  6. දුමින්දට සිංගප්පූර් යන්න සල්ලි තියෙන හින්ද හොඳයි. නැත්තන මනුෂ්‍යයෝ හිරකරුවෝය වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. // දුමින්දට සිංගප්පූර් යන්න සල්ලි තියෙන හින්ද හොඳයි. //

      හොඳයි හොඳයි...
      ඔන්න ඕකයි මේ දවස්වල රාවය පත්තරේ ඉස්තාවරේ හිටන්!

      Delete
    2. සරසතුමෝ, මොකෝ අද තනියෙන්? කෝ ඔහේගේ මොණරවිල කුදලාගම දෙබෑයෝ? මකබෑවිලා ද?

      Delete
    3. ඇයි අර දෙමළ ජාතිවාදී සිංහල බෑයාත් නැහැ නේ ද?

      එයා මං ගැන කරපු ඓතිහාසික හෙළිදරව්වෙන් පස්සෙ මක බෑයා වුණා.හේතුව, ඒක කවුරුවත් ගණන් ගත්තෙ නැහැ නේ.

      Delete
    4. // සරසතුමෝ, මොකෝ අද තනියෙන්? කෝ ඔහේගේ මොණරවිල කුදලාගම දෙබෑයෝ? මකබෑවිලා ද //

      මොණරවිල මහත්තයා දීර්ග නිවාඩුවට නගරයෙන් පිට ගිහින් විවේකයක් ගන්නවා....

      කුදලාගම මැතිතුමා සදම්ප්ටනයේ හිටන් කාඩිෆ් වලට ගිහින් එතුමාගේ යාලුවන් හමුවෙන්න...

      මාර සෙනග වට කරගෙන යම යුද්දේ..
      ස ර ස තුමා අද තනියම වෙල මැද්දේ...

      Delete
    5. මේ සදම්ප්ටන් කියන්නේ සවුත් හැම්ප්ටන්ද....

      සරස වෙල මැද්දේ තනියම මොකෝ...පඹයෙක්වත් වුනාද..

      Delete
  7. ජනප්‍රිය අදහස් සමග සිට ගැනීම ලෙහෙසි ය. පහසු ය. මා එදාත් ජනප්‍රිය අදහස්වලට යට වුණේ නැත. අදත් එසේ ම ය. තිත්ත වුණත්, මා නම් පෙනී සිටින්නේ මගේ හෘදය සාක්ෂියට එකඟ ඇත්ත වෙනුවෙනි.

    මම හැමදාමත් මරණ දඬුවමට එරෙහි වී ඇත. දුමින්ද සිල්වාගේ මරණ දඬුවමට පවා මම නම් විරුද්ධ ය.

    එසේම, යම් වරදකට මිනිසකුට දඬුවම් දිය හැක්කේ එක් වරක් පමණි. එම දඬුවම දුන් පසුව අප තව දුරටත් ඒ මිනිසාට වෛර කිරීම තේරුමක් නැත.

    ReplyDelete
    Replies
    1. // එසේම, යම් වරදකට මිනිසකුට දඬුවම් දිය හැක්කේ එක් වරක් පමණි. එම දඬුවම දුන් පසුව අප තව දුරටත් ඒ මිනිසාට වෛර කිරීම තේරුමක් නැත. //

      කරබගොයා කන්න ඕන වුනාම තලගොයා කොරන තියරිය මොකද්ද කියලා කවුරුහරි ඇහුවොත් පැරා තුමා ගේ මේ කොමෙන්ටුව පෙන්නපන්!

      Delete
    2. //එසේම, යම් වරදකට මිනිසකුට දඬුවම් දිය හැක්කේ එක් වරක් පමණි. එම දඬුවම දුන් පසුව අප තව දුරටත් ඒ මිනිසාට වෛර කිරීම තේරුමක් නැත//

      මඟුලක් කියනවා. අන්න තිස්ස අත්තනායකයව , අල්ලලා ආයෙ හිරේ දාලා. ඌ කුඩු දුමියා වගේ අමනුස්සයෙක් නෙමෙයි,ඔච්චරම් කසනව නං,ලියනවකො ඒ අවසනාවන්තයා ගැනත්

      Delete
  8. දුමින්ද සිල්වාට වෙඩි වැදී නැත කීම ජනප්‍රිය බොරුවකි. මේ බොරුව වමාරා මුලින්ම හත්පොළේ ගා ගත්තේ භාරත ලක්ෂමන්ගේ දූ සිඟිත්තය. නමුත් උණ්ඩය මොළය පසා කරගෙන ගියාද යන්න නම් සැක සහිතය. මෙනින්ජි පටල වල රැඳුණා නම් ශල්‍යකර්මයකින් ඉවත් කළ පසු අතුරු ආබාධ ඇතිවීම ඉතාම අඩුය.

    ReplyDelete
    Replies
    1. ඈ බං අප්පුහාමි උඹ නම් කොල්වින්ගෙන් හරි සුනිල්ගෙන් හරි නියුරොසර්ජරි ඉගෙන ගත්ත එකෙක් වෙන්න බැහැ. ලියනගේ හදපු ගෝලයෙක් වෙන්නත් බැහැ උඹ. උඹ අ‍ර මහේෂි කෙල්ලගෙන් ද නියුරොසර්ජරි ඉගෙන ගත්තේ? නැත්තම් උඹ ජෝ පෙරේරාගෙන් ඉගෙන ගත්ත නියුරොඇනටමියෙන් වෙන්න ඕන ප්‍රොග්නෝසිස් කියන්නේ!!! මහත්තයෝ දන්න විදියට හුජ්ජ මැන මැන හිටපං බං. උඹ මේ වගේ කමෙන්ට් එකක් වැදගත් සයිට් එකකට ඇවිත් දාහංකෝ. ප්ලීස්...

      Delete
    2. හුජ්ජ දොස්තරගෙ බිජ්ජ එලියෙ....

      Delete
    3. //නමුත් උණ්ඩය මොළය පසා කරගෙන ගියාද යන්න නම් සැක සහිතය.// ඇයි දෙගිඩියාව? දොස්තර කෙනෙක් නේද? මොළේ පසාරු කොරන් ගියානම් දුමියා ඔය අපූරුවට ඉන්නෙ මොළේ නැතුවද?
      කියන තරමක් කියන්නෙ බොරු. ඒත් මම හිතුවෙ නෑ තමන්ගෙ ක්ෂේස්ත්‍රය සම්බන්ධයෙනුත් බොරු කියයි කියල

      Delete
    4. භාරතගෙ ගෝලයා වෙඩි තියලා තියෙන්නෙ පිස්තෝලෙකින් කියල වාර්තාවෙ තිබුණෙ. අපරාධෙ, T56න් තිබ්බා නම් ඔලු කට්ට කුඩු වෙලා ඕකා එතනම සෙත්තපෝච්චි වෙනවා.

      Delete
    5. //ඇයි දෙගිඩියාව? දොස්තර කෙනෙක් නේද? මොළේ පසාරු කොරන් ගියානම් දුමියා ඔය අපූරුවට ඉන්නෙ මොළේ නැතුවද?

      උණ්ඩය නෙවෙයි බෝර කූර ඔළුව පසා කරන් ගිය මිනිස්සුත් යසට හිටි බවට වාර්තා තියෙනවා. දත්ත නැති නිසා තමයි දෙගිඩියාවෙන් කියන්නේ. වෙඩි වැදුණ බව පෙන්වන ඡායාරූප නම් අන්තර්ජාලයෙත් පළවුණා.

      https://en.wikipedia.org/wiki/Phineas_Gage

      අධ්‍යයනයක් කරල එන්න හරිය.

      Delete
    6. //ඈ බං අප්පුහාමි උඹ නම් කොල්වින්ගෙන් හරි සුනිල්ගෙන් හරි නියුරොසර්ජරි ඉගෙන ගත්ත එකෙක් වෙන්න බැහැ. ලියනගේ හදපු ගෝලයෙක් වෙන්නත් බැහැ උඹ. උඹ අ‍ර මහේෂි කෙල්ලගෙන් ද නියුරොසර්ජරි ඉගෙන ගත්තේ? නැත්තම් උඹ ජෝ පෙරේරාගෙන් ඉගෙන ගත්ත නියුරොඇනටමියෙන් වෙන්න ඕන ප්‍රොග්නෝසිස් කියන්නේ!!! මහත්තයෝ දන්න විදියට හුජ්ජ මැන මැන හිටපං බං. උඹ මේ වගේ කමෙන්ට් එකක් වැදගත් සයිට් එකකට ඇවිත් දාහංකෝ. ප්ලීස්.

      ස්නායුශල්‍ය විශේෂඥ වෛද්‍ය ඇනෝවෙකුගේ කොමෙන්ටුවක්. ආමෙන් කියන්න පිංවත.

      Delete
    7. //දුමින්ද සිල්වාට වෙඩි වැදී නැත කීම ජනප්‍රිය බොරුවකි.//
      දුමින්දය වෙඩි කන තැනට ගෙනාවේ තොපේ මහලොකු මැදමුලන කුම්බාණ්ඩය නේද?

      Delete
    8. //දුමින්දය වෙඩි කන තැනට ගෙනාවේ තොපේ මහලොකු මැදමුලන කුම්බාණ්ඩය නේද?

      දුමින්දය විතරක් නෙවෙයි අර සත්ගුණවත් ප්‍රභාකරන් උපාසක මහතාවත්.

      Delete
  9. දැන් අර අබාධිත සෙබලුන්ට දීපූවා, මිය ගිය අයගේ වැන්දඹුවනුත් ඉල්ලනවා..

    දුමින්දට ඒක දුන්නාම කුඩු නූර් ඒ අයිතිවාසිකම ඉල්ලොවොත් මොකෑ කරන්නේ..

    මට නම් කියන්න තියෙන්නේ මෙච්චරයි..

    මේක නායකත්වයක් නැති ගොබ්බ ආන්ඩුවක්..

    ReplyDelete
    Replies
    1. // මේක නායකත්වයක් නැති ගොබ්බ ආන්ඩුවක්.. //

      පත් කොර ගත්තෙත් "අපිලම" තමා

      Delete
    2. තොපිලම නේන්නම් බූරුවෝ මරා සහ උගේ හැත්ත පත්කරගත්තේ.

      Delete
    3. කම්බ හොරාට වඩා මුන් දස දහස් ගුණයක් හොඳයි...

      Delete
    4. මොන දේ කීවත් හරකා තමා බැඳ තියෙනා ගස ට ආදරෙයි හිටන්!

      Delete
  10. //ලංකාවේ බන්ධනාගාරවල සිරකරුවන්ට ලබා දෙන වෛද්‍ය ප්‍රතිකාර පමණක් නො ව, මූලික පහසුකම් පවා ඉතා දුර්වල මට්ටමක පවතින බව ඇත්තකි. //

    ආණ්ඩුවේ ඉස්පිරිතාල වලත් ඒ හැටි වෙනසක් නැහැ මයේ හිතේ,...

    ReplyDelete
  11. There are two sides in this problem, humanistic side and legal aspect. Balance approach is welcome by law abide people. But law should be equal to all, not only for Duminda Silva, we all knew that no justice yet happened to the prisoners those who were killed during last prison riots.

    ReplyDelete
  12. මේකෙ Admin සාරසයද, එහෙම නැත්නම් පැරාද ? මේ සයිට් එකට දාන කොමෙන්ටුවලට පිළිතුරු දිය යුත්තෙ පැරායි, ඇයි මේ සාරසයා පැන පැන හැම එකටම හොට දාන්නෙ? ඌ දැන් පැරාගෙ ගල් කොල්ලා වෙලාද ?

    ReplyDelete
    Replies
    1. ගල් කොල්ලෝද මනුෂ්‍යයෝය.

      Delete
    2. // ඌ දැන් පැරාගෙ ගල් කොල්ලා වෙලාද ? //

      ඒ වගේ නේද පේන්නෙ හිටන්?

      ස ර ස තුමාටත් ඕක නොහිතුනා නෙවෙයි.....

      :D

      Delete
  13. සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය; දුමින්ද සිල්වා ද මනුෂ්‍යයෙකි. එලෙස ම ද්‍රවිඩ ජනයා ද මනුෂ්‍යයෝ නො වෙත් ද?
    ===============================================================================================

    අජිත් පැරකුම් ජයසිංහ මහත්මා ලාංකීය සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් තහවුරු කිරීමේ තම උදාර අරමුණ පෙර දැරි ව “සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය; දුමින්ද සිල්වා ද මනුෂ්‍යයෙකි” යන මැයෙන් ලිපියක් ලියා ඇත. “සිරගත වීම කණ(/න)ගාටුදායක ඉරණමකි” යි ද “අධිකරණයෙන් මරණීය දණ්ඩනයට ලක් වීම යනු පහසුවෙන් ලිහා ගත නො හැකි ගැටයක සිර වීමකි” යි ද “ලංකාවේ බන්ධනාගාරවල සිරකරුවන්ට ලබා දෙන වෛද්‍ය ප්‍රතිකාර පමණක් නො ව, මූලික පහසුකම් පවා ඉතා දුර්වල මට්ටමක පවතින බව ඇත්තකි” යි ද “සිරකරුවකුට මැරෙන්නට හරින්නේ නම් එය රජය විසින් කරනු ලබන අනියම් මිනීමැරුමකි” යි ද පවසන ජයසිංහ මහත්මා තම සංවේදී වදන් කැඳ හැළියට එක් කරන “මානව හිමිකම්” ලුණු මිට “සිරකරුවන් ද මනුෂ්‍යයන් බව” යි. ජයසිංහ මහත්මාගේ ලිපිය කියවන පාඨකයාගේ ළයමඬල සෝ ගින්නෙන් දැවේ; නෙතග කුඳුළු නැඟේ.

    ජයසිංහ මහත්මාට පෙර ද බොහෝ අය මෙවැනි ම වාගාලාප පැවසූහ. ජයසිංහ මහත්මාට සමකාලීන ව ද බොහෝ අය මෙවැනි වාගලාප පවසති. ජයසිංහ මහත්මාට පසු ද බොහෝ අය මෙවැනි ම වාගලාප පවසනු ඇත. එහෙත් ජයසිංහ මහත්මා හෝ ඒ මහත්මා අනුයන මඟට එළඹි අන් අය හෝ මෙතුවක් කල් අපේක්ෂා කළ “මානව හිමිකම්” හෝ “ප්‍රජාතන්ත්‍රවාදය” හෝ තවමත් යථාකරණය වී නැත්තේ කවර නම් හේතුවක් නිසා ද?

    ඒ සඳහා එක ම හේතුව නො වේ නම් අවම වශයෙන් මූලික හේතුවක් හෝ වන “මහා මඟහැරීම” නැත හොත් “මහා අතපසු වීම” ජයසිංහ මහත්මාගේ වාගලාප සංහිතාව තුළ ම සැඟ ව තිබේ. අජිත් පැරකුම් ජයසිංහ මහත්මා සිරකරුවන්ගේ හිමිකම් පිළිබඳ තම කතිකාව ගොඩනඟන්නේ කවර නම් භූගෝලිය වපසරියක සමාජ-දේශපාලන කතිකාවක් තුළ ද යන්න විමසීමෙන් එසේ සැඟ වී තිබෙන “මහා මඟහැරීම” නැත හොත් “මහා අතපසු වීම” හඳුනගත හැකි ය.

    ජයසිංහ මහත්මා සිරකරුවන්ගේ හිමිකම් පිළිබඳ කතිකාව ස්ථාපනය කරන්නේ දකුණ තුළ ය. දුමින්ද සිල්වා පිළිබඳ සෝ ගී ගයන ජයසිංහ මහත්මා අතින් වධකඳවුරු සමාන සිරගෙවල මියදෙන උතුරේ දෙමළා පිළිබඳ එකඳු හෝ සෝ වැකියක් ලිය වෙන්නේ නැත. දුමින්ද සිල්වා පිළිබඳ නෙතඟ කඳුළු නැඟෙන පද ගළපන ජයසිංහ මහත්මාගේ ලිපියේ සෙල්වරාජා යෝගචන්ද්‍රන් පිළිබඳ හෝ නඩරාජා තංගදුරෙයි පිළිබඳ හෝ එක් වදනක් හෝ සඳහන් වන්නේ නැත. තමන් විසින් ජාතික ප්‍රශ්නය ද ප්‍රජාතන්ත්‍රවාදය ද රාජ්‍යකරණය ප්‍රතිසංවිධානය ද පිළිබඳ ලිපි හාරදහසකට වඩා ලියන ලද බව පරවම්භනය කරන ජයසිංහ මහත්මාගේ එකී ලේඛනාගාරයේ කිසිඳු ලිපියක දෙමළ ජාතික විමුක්ති අරගලයට ජීව ප්‍රාණය සැපයීම නිසා ඊනියා ත්‍රස්තවාදය වැළැක්මේ පනත යටතේ සිරගත කරන ලද සහ එම සිරකුටිවල අවසන් සුසුම් හෙළු එකඳු දෙමළකු පිළිබඳ සාධනීය කියවීමක් සොයා ගත නොහැකි ය.

    දෙමළා නොඉවසන සිංහල මහා ජාතිකත්වය විසින් ගාමක බලය සපයන ලද දකුණේ පාලක පන්තිය විමුක්තිය උදෙසා අරගල කළ උතුරේ පීඩිත දෙමළ ජනයා මර්දනය කිරීම සුජාතකරණය සඳහා ගොඩ නැඟූ අපනාමකරණය වූයේ ත්‍රස්තවාදය යන්න ය. අශිෂ්ට වූ ඊනියා ත්‍රස්තවාදය වැළැක්මේ පනත වූ කලී එකී සුජාතරණයට නෛතික පදනමක් සකසා දීම ය.

    එක්දහස් නවසිය අසූ එක වර්ෂයේ බක් මහේ පස් වැනි දින මෙකී නීති ප්‍රකාර ව දෙමළ විමුක්ති අරගලයට පණ දුන් සෙල්වරාජා යෝගචන්ද්‍රන් (කුට්ටිමනී) සහ නඩරාජා තංගදුරෙයි ඇතුළු සය දෙනෙක් පාලක පන්තියේ අත්අඩංගුවට පත් වූහ. එම වර්ෂයේ ඉල් මහේ ඇරඹි නඩුව අවසන් වූයේ එක්දහස් නවසිය අසූතුනේ නවම් මහේ අග දී සෙල්වරාජා යෝගචන්ද්‍රන් (කුට්ටිමනී) සහ නඩරාජා තංගදුරෙයි ඇතුළු විමුක්තිකාමීන් සය දෙනෙකුට මරණිය දණ්ඩනය නියම කිරීමෙනි. පසු ව එම දණ්ඩනය දිවි ඇති තෙක් සිරගත කිරීමක් බවට පත් කෙරිණි.

    සිංහල මහා ජාතියේ දැහැමි මුහු‍ණට අපකීර්තිමත් කැළැලක් එක් කළ 1983 වර්ෂයේ ජුලි මස එළඹෙන විට මෙම සිරකරුවන් රඳවා තැබුණේ වැලිකඩ බන්ධනාගාරයේ ය. පාලක පන්තියේ අනුබල ලද, පාලක පන්තියේ මත්දියෙන් වෙර ලද සිංහල මැර සිරකරුවන් විසින් 1983 වර්ෂයේ ජුලි මස 25 වැනි දින සෙල්වරාජා යෝගචන්ද්‍රන් (කුට්ටිමනී) සහ නඩරාජා තංගදුරෙයි ඇතුළු විමුක්තිකාමීහු 35 දෙනෙක් අමානුෂික වධ බන්ධනයෙන් බන්ධනාගාරය තුළ දී ම ඝාතනය කරනු ලැබූහ. මරණ දණ්ඩනය ප්‍රකාශ කෙරුණු කල “මගේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට පෙර මගේ දෙනෙත් ගලවා පෙනීම නැති දෙමළකුට බද්ධ කරන්න” යි පවසා තිබූ කුටිටිමනීගේ දෙනෙත් අමානුෂික ලෙස ලෝහ දණ්ඩෙන් ඇන විනාශ කර ඉවතට ඇද දැමුණි. උදාර මානවභක්තියේ වදන්වලට ශබ්දය සැකසූ කුට්ටිමනීගේ දිව කපා දැමූ සිංහල මැර සිරකරුවන් එයින් වෑහුණු රුධිරය බිව් බව පැවසේ. ඉනික්බිති දෙදිනක් ගත වන්නට ද පෙර තවත් දෙමළ විමුක්තිකාමීහු 18 දෙනෙක් ද පෙර සේ ම ඝාතනය කරනු ලැබූහ.

    සම්බන්ධ යි …

    ReplyDelete
  14. එතැන් සිට වසර 29ක් ගෙවෙන කල 2012 වර්ෂයේ ඉල් මහේ අග දී එම වැලිකඩ බන්ධනාගාරය තුළ දී ම දකුණේ සිංහල සිරකරුවන් 24ක් පාලක පන්තිය විසින් අමානුෂික ව ඝාතනය කරනු ලැබූහ. දකුණේ ඊනියා මානවහිතවාදීන්ගේ ලිබරල් වින්තනය ප්‍රකම්පනය විණ. ඔවුන්‍ගේ ළයමඬල ගිනි ගැනිණි. මියගියවුන් සඳහා යුක්තිය ඉල්ලා හඬ නැඟිණි. වසර 29කට පෙර උතුරේ දෙමළ සිරකරුවන් 53 දෙනකු අමානුෂික වධ බන්ධනයෙන් වැලිකඩ බන්ධනාගාරය තුළ දි ඝාතනය කරනු ලැබූ විට ඒ පිළිබඳ සංවේදි නො වු දකුණේ බහුතර මහා සිංහල ජනයා 2012 වන විට දකුණේ සිංහල සිරකරුවන් 23 දෙනකු වැලිකඩ බන්ධනාගාරය තුළ දී අමානුෂික ව ඝාතනය වූ කළ ඒ පිළිබඳ සංවේදී වූහ. සෙල්වරාජා යෝගචන්ද්‍රන් (කුට්ටිමනී), නඩරාජා තංගදුරෙයි සහ ජෙගනාදන් ඇතුළු විමුක්තිකාමීන්ගේ ඇස් උගුළුවා, දිව කපා වැලිකඩ බන්ධනාගාරයේ දී ඝාතනය වීම අලළා “සිරකරුවන් ද මනුෂ්‍යයන්” යන වැකිය අකුරු නො කෙරෙන අජිත් පැරකුම් ජයසිංහ මහත්මාගේ අතින් දකුණේ පුද්ගල ඝාතනයකට වරදකරු වූ දුමින්ද සිල්වාගේ සෞඛ්‍යය අලළා “සිරකරුවන් ද මනුෂ්‍යයන්” යන වැකිය අකුරු කෙරේ. එම වෙනසට හේතුව අපට රහසේ පවසන නීරස යථාර්ථය කුමක් ද? එක ම ප්‍රශ්නය වුව දකුණ සඳහා එක් ආකාරයකටත් උතුර සඳහා තවත් ආකාරයකටත් දකුණේ සිංහල මහා ජාතිය විසින් සලකනු ලබන බව නො වේ ද?

    උතුර නො සලකා දකුණ තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කරන්නට සිහින මවන අජිත් පැරකුම් ජයසිංහ මහත්මාට 2016 වර්ෂයේ දී නො වැටහෙන යථාර්ථය නඩරාජා තංගදුරෙයි 1983 වර්ෂයේ දී කොළඹ මහාධිකරණයේ දී මෙසේ පැවසූවේ ය:

    “අප ඉල්ලා සිටිනුයේ බෙදී වෙන් වීම නො ව නිදහස ය. අප එය ඉල්ලා සිටිනුයේ පටු අදහසින් නො වේ. අප අපේක්ෂා කරනුයේ දෙමළ ජනයාගේ විමුක්තිය පමණක් නො ව සිංහල ජනයා සඳහා ද වඩා වැඩි යහපත ය. මක් නිසා ද යත්, එතැන් සිට (එනම් දෙමළ ජනයා විමුක්තිය ලද පසු), ඊනියා දෙමළ ප්‍රශ්නය අවස්ථාවාදී සිංහල දේශපාලනඥයන්ගේ ජීවනෝපාය වීම නවතිනු ඇති බැවින් ය. එමඟින් සිංහල ජනයාට තමා මෙදවස බැඳ තැබෙන දේශපාලන, සාමාජීය සහ ආර්ථික විලංගුවලින් නිදහස් වීමට ද සැබෑ වහල්භාවය රඳනා තැන වටහා ගන්නට ද ප්‍රස්තාවක් සැපයෙනු ඇත.

    වෙනස් ජාතීන් දෙදකට අයත් වන්නේ වුව, එක ම දූපතක ජීවත් වන සුමිතුරු මානවයන් ලෙස අපි මෙම (නඩු) විභාගයට සහභාගී වනුයේ (සිංහල) ඔබගේ අවබෝධය අපේක්ෂාවෙනි. වත්මන අප අපගේ අස්ථානය සුපැහැදිලි ව දක්වා ඇත. එමඟින් ගලනා අවබෝධය අනාගතයේ දී අප වෙනුවෙන් ඔබගේ හඬ නැඟීමට ඔබ පොලඹවන්නේ නම් අපගේ හදවත් සන්තර්පණයෙන් පිරී යනු ඇත.

    එම අවබෝධය යථාර්ථයක් බවට පත් නො වූව ද, ඔබ ඔබගේ නිදහස සඳහා ද වත්මන ඔබ සිර කර තබනු ලබන සමාජ සහ ආර්ථික විලංගු සිඳ බිඳ දමන්නට ද අනාගතයේ දී නැඟී සිටින කල ඔබගේ අධ්‍යාශය පිණිස අප අපගේ පූර්ණ සහය ලබා දෙන බව මම ඔබට මේ මොහොතේ හිතෛෂී ව පවසන්නට අපේක්ෂා කරමි.

    ‘යමකු නෙළා ගන්නේ තමා වපුළ දෙය ය’ යන කියමන අපි දැඩි ව විශ්වාස කරන්නෝ වෙමු. එනමුත් මගේ ළබැඳි යාතිකාව නම් බලලෝභී සිංහල දේශපාලනඥයන් විසින් වපුරන ලද දේ අහිංසක සිංහල ජනයා විසින් නෙළනු ලැබිය යුතු නැති බව ය.”

    ශ්‍රී සභාරත්නම්ගේ නායකත්වයෙන් ඇරඹෙන දෙමළ විමුක්ති අරගලයේ මූලාරම්භක සන්නද්ධ ක්‍රියාකාරීත්වයේ පුරෝගාමියෙකු වූ නඩරාජා තංගදුරෙයි 1983 වර්ෂයේ දී දකුණේ සිංහලයා අමතා කළ එම කතාව තුළ දෙමළ ජනයාගේ සාර අභිලාෂයන් ගැබ් ව තිබේ. උතුරේ ප්‍රශ්නය දකුණේ ප්‍රශ්නවල අනුශංගික සංඝටකයක් වන්නේ කිනම් ආකාරයකින් ද? ශෙල්වනායගම්ගේ සත්‍යග්‍රහවල සිට සර්වනාශනීය සන්නද්ධ අරගලයක් දක්වා දෙමළ විමුක්ති අරගලයේ මූලාභිලාෂයන් කවරේ ද? යන ප්‍රශ්නවලට පිළිතුරු එම ඵෙතිහාසික කතාව තුළ ලබා දී තිබේ.

    එහෙත් අවාසනාව නම් දකුණේ බහුතර සිංහල ජනයා සේ ම උතුරේ පශ්චාත් කාලීන සන්නද්ධ විමුක්ති අරගලකරුවන් ද නඩරාජා තංගදුරෙයි එදා සුපැහැදිලි ව ප්‍රකාශ කළ කරුණු නො සලකා හැරීම ය. වර්තමානයේ සිංහල ජාතිකත්වය සඳහා අරගල කරන දකු‍ණේ සහෝදරයන් ද දෙමළ ජාතිකත්වය සඳහා අරගල කරන උතුරේ සහෝදරයන් ද විසින් අධ්‍යයනය කරනු ලැබිය යුතු ම ප්‍රකාශනයක් වන්නේ නඩරාජා තංගදුරෙයි 1983 දී කළ සම්පූර්ණ කතාව ය. සිංහල ජාතිකත්වය ප්‍රවර්ධනය කිරීම යනු දෙමළ ජාතිකත්වය නිෂේධනය කිරීමක් නො වන බව ද දෙමළ ජාතිකත්වය ප්‍රවර්ධනය කිරීම යනු සිංහල ජාතිකත්වය නිෂේධනය කිරීමක් නො වන බව ද එමඟින් වටහා ගත හැකි ය. මෙදවස දකුණේ රජයන මතය වන දෙමළා නො සලකන සිංහලකම ද උතුරේ හිස ඔසවමින් පවතින සිංහලයා නො සලකන දෙමළකම ද විසින් සැම දා අපහසුවට පත් කරනු ලබන්ගේ ඒ ඒ ජාතිකත්වයේ ජාතික අනන්‍යතාවනට අන්‍යෝන්‍ය වශයෙන් ගෞරව කරමින් එක ම රටක් තුළ සියලු ජාතීන් ජීවත් වීම සඳහා උතුරේත් දකුණේත් පීඩිත ජනයා වෙනුවෙන් අරගල කරන වාම සහෝදරත්වය ය.

    සම්බන්ධ යි …

    ReplyDelete
  15. ජාතික ප්‍රශ්නයට විසඳුම ජාතිය නැති කිරීම බව ද සිංහල ජාතිකත්වය බිහි වන්නේ දෙමළා පසමිතුරු කර‍ ගෙන බව ද දෙමළ ජාතිකත්වය බිහි වන්නේ සිංහලයා පසමිතුරු කර‍ ගෙන බව ද වැනි මුග්ධ ප්‍රකාශ කරමින් විජාතික දෘෂ්ටිවාදයන් ප්‍රචලිත කරන්නට තතනන, උතුර නො සලකා දකුණේ ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් ස්ථාපනය කරන්නට තතනන අජිත් පැරකුම් ජයසිංහ මහත්මා ද නඩරාජා තංගදුරෙයිගේ ඵෙතිහාසික කතාව නිදහස් නිවහල් මනසකින් යුතු ව යළි කිය විය යුතු ය යි මම යෝජනා කරමි (එකල නම් ඒ මහත්මා එය කියවා ඇත. මෙකල එය අමතක ව හෝ අමතක කර හෝ ඇත!).

    දකුණේ සිංහල සිරකරුවන් වෙනුවෙන් ජයසිංහ මහත්මා විසින් ගැළපෙන, පාඨක ‍ළය සෝ ගිනි නැඟෙන, පාඨක නෙතග කදුළු නැඟෙන වදන් උතුරේ දෙමළ සිරකරුවන් වෙනුවෙන් ද ගැළපේවා!

    නිමි.

    ReplyDelete
  16. ශුද්ධි පත්‍රය:

    "වෙනස් ජාතීන් දෙදකට අයත් වන්නේ වුව, එක ම දූපතක ජීවත් වන සුමිතුරු මානවයන් ලෙස අපි මෙම (නඩු) විභාගයට සහභාගී වනුයේ (සිංහල) ඔබගේ අවබෝධය අපේක්ෂාවෙනි. වත්මන අප අපගේ අස්ථානය"

    යන්න පහත පරිදි නාවැරදිවිට යුතු ය:

    "වෙනස් ජාතීන් දෙදකට අයත් වන්නේ වුව, එක ම දූපතක ජීවත් වන සුමිතුරු මානවයන් ලෙස අප මෙම (නඩු) විභාගයට සහභාගී වනුයේ (සිංහල) ඔබගේ අවබෝධය අපේක්ෂාවෙනි."

    ReplyDelete
  17. 2012 වැලිකඩ ඝාතනය ගැන කරුණු ගවේශනය කළ ශාන්ත විජේසූරිය මාධ්‍යකරුවාට පසු කලෙක රට හැර ගොස් නේපාලයේ දිගු කලක් සිටින්නට සිදු විය. ඔහුට යුරෝපා රටකට සංක්‍රමණය වන්නට JDS කළ උදව් උපකාර තිබේ ද? ඔහුගේ වීසා කල් ඉකුත් වීම නිසා පැනවුණු දඩ හේතුවෙන් ඔහුට 2015 ජනවාරි 8දායින් පසුව ලංකාවට එන්නට බැරුව සිටියදී JDS කළ උදව් උපකාර තිබේ ද? ඔහු ආපසු ලංකාවට පැන ගත්තේ නේපාලයේ භූමි කම්පාව නිසා බව ඔබ දන්නවා ද? අදත් දුෂ්කර ජීවිතයක් ගත කරමින් අභියෝගාත්මක කරුණු ගවේශනය කරන ශාන්ත විජේසූරියට JDS කළ උදව් උපකාර තිබේ ද?

    කියවන්න: http://www.w3lanka.com/2015/04/blog-post.html

    වැලිකඩ ඝාතනයේ ප්‍රධාන වගඋත්තරකරුවකු ගැන ද සඳහන් කරමින් දුමින්ද සිල්වා නඩු තීන්දුව ගැන අප ලියූ ලිපියක් කියවන්න: එක එක ජාතියේ සේපාල ඒකනායකලාගේ ලංකාවේ දුමින්ද සිල්වා

    2012 වැලිකඩ ඝාතනය ගැන ඇසින් දුටු සාක්ෂි සහිතව අරගල කළ මේ මිනිසාට JDS කළ උදව් උපකාර තිබේ ද? කියවන්න: වැලිකඩ ඝාතනය ගැන යුක්තිය සොයා කරන මේ සටන

    මාධ්‍යවල ම මෙවැනි ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධයෙන් JDS කළ යමක් තිබේ ද? කියවන්න: නෙත් එෆ්. එම්. බැලුම්ගල හා මාධ්‍ය ත්‍රස්තවාදය

    අපරාධ නඩුවක සාක්ෂිකරුවකු මරා දමන්නැයි රජයෙන් ඉල්ලන මාධ්‍යකරුවෙක්

    මෙම ලිපියත් කියවන්න: සිරකරුවන් මරා දැමීම ‍පහත්, නීච පාලකයන්ගේ ප්‍රධාන ලක්ෂණයකි


    නඩු විභාගවලින් තොරව සිරකරුවන් මරා දැමූ රාජපක්ෂ යුගය ගැන කතා කරන්නට බැරිව ඔබගේ කටේ පිට්ටු ඇයි? මනුෂ්‍යයෝ ද සිරකරුවෝ ය

    වැලිකඩ සිරකරු ඝාතන ගැන සඳහන් තවත් ලිපි:

    වැලිකඩ බන්ධනාගාරයේ වල් බූරුවන්ගේ නිදහස් අරගලය

    1983 වැලිකඩ ඝාතනය හා තවත් එවැනි සිදුවීම් පිළිබඳව අපගේ ලිපිවල තවත් බොහෝ අවස්ථාවල සඳහන්ව තිබේ. 1983 වැලිකඩ ඝාතනය ගැන ම පමණක් දිගින් දිගට ම ලිපි ලියන මාධ්‍යකරණයක් අප නම් කරන්නේ නැත. එසේ කිරීමෙන් ඇති පලයක් ද නැත. ඉන් අනතුරුව තවත් බොහෝ වැරදි සිදු වෙද්දී ඒ ගැන කතා නො කර 1983 වැලිකඩ ඝාතනය ගැන පමණක් කතා කරමින් සිටින අයට කළ හැකි බලපෑමක් නැති බවට ජේඩීඑස් ප්‍රබල සාක්ෂියකි. මහින්ද රාජපක්ෂ පාලන සමයේ බරපතල වැරදි අපරාධකරුවන්, කුඩුකාරයන් යයි සලකා කිසිදු නඩු විභාගයකින් තොරව මිනිසුන් අමු අමුවේ මරා දමද්දී ඔබලා සිටියේ කොහේ ද? ඒ සිදුවීම් ගැන ලියූ බොහෝ අවස්ථාවල අපි 1983 වැලිකඩ ඝාතනය ගැනත් සඳහන් කර තිබේ.

    කුට්ටිමනීගේ ප්‍රකාශය වැදගත් ය. එහෙත්, එය ඔය කියන තරම් ම මහ ලොකු රුවන් වැකියක් නො වේ. වර්තමාන බුද්ධිමතුන් කළ යුත්තේ ඒවා කට පාඩම් කරගෙන මතුර මතුරා සිටීම නොව, ගොඩනැගෙමින් පවතින තත්වයන් විග්‍රහ කළ හැකි අලුත් ඥානයන් සම්පාදනය කිරීමයි.

    ReplyDelete
    Replies
    1. We may put this issue of Ajith Perakum in a Lacanian terminology as well (since Ajith Perakum understands Lacan more than Marx!): Ajith Perakum’s social intervention through his archives of articles, nourishes and expands the symbolic order of his readership so that The Real becomes more distant to his subject (readership). The Real is beyond the realm of linguistic symbolisation. By expanding the linguistic symbolisation of The Real with fantasies, Ajith Perakum further aparts the subject (readership in the case of Ajith Perakum) from The Real. That is what has been done from Mahanama’s Mahavamso to Ajith Perakum’s W3Lanka. If Ajith Perakum is genuinely interested in empowering his readership with social cognition so that they will be boosted to change the society, he should disrupt the screen of fantasy that separates the subject from The Real. Such juxtaposition of subject and The Real cannot be achieved by merely conditioning the psyche of his readers with weblogs of articles relating Andersenesque fairy tales.

      The experience of subject meeting The Real is traumatic in deed. It is not a pleasing experience such as reading Ajith Perakum’s fairy tales, which could surely make even Hans Christian Andersen a novice. Neither it is as comfortable as reposing on a bed of Roses. Dear Ajith Perakum, your motto proclaims that the truth is bitter as much as medicines. May I remember you that you need to adhere to and be guided by your motto. You need to slow-down a bit and focus on the quality rather than the quantity of your writings. I hope that will give you opportunities to create a masterpiece that can bring your readership the cognition of imaginary real, symbolic real or real real (as per Zizek). If you give a serious thought to the methods of disrupting the screen of fantasy that separate the subject from The Real, you will realise the shocking massacre of 1983 as a greatly resourceful incident. Then you will not ask anybody why the hell they keep on writing about the July 1983, even after 33 years.

      Nimalan Sivapatham,
      Colombo 05.

      End.

      Delete
    2. Mr. Perakum, the first part of my comment is being deleted every time I post it. What is going on mate?

      Delete
    3. Ajith Perakum’s REPORTING (NOT READING) of Social Phenomena & the Massacre of July 1983
      ================================================================================

      I happened to see this interestingly discursive polemic about the massacre of Tamil rebels in 1983. The writer of the initial comment tries to traverse the stratum superficialis of the incident in order to excavate and earth the truths hidden beneath. His/Her commentary of the appalling incident in 1983 in contrast to what happened in 2012, raises the question whether the public opinion and reaction in the South regarding the two incidents have been the same or different. His/Her proposition is that The People of the South has not felt the seriousness and the impact of the 1983 massacre as much as that of the 2012 counterpart. Perhaps that difference reflects a bitter truth about the lack of mutual understanding and empathy between the two ethnic groups. By incorporating the anecdotal account of Kuttimuni and Thangathurai, the writer emphasises on the virtuous aspirations of the original Tamil Nationalism.

      Ajith Perakum in his reply to the above comment, lists several links to his previous articles with a bearing to the incident in 1983. I took my time and went through the contents (including the comments) of articles to which Ajith Perakum has dearly pointed the readers. I could render the following excerpts through my scanning:

      1. ඉඳහිට සිදු වෙමින් තිබුණු මෙවැනි ඝාතන මහත් ආන්දෝලනාත්මක තත්වයට පත් වුණේ 1983 ජුලි කලබල අතරතුර වැලිකඩ දෙමළ සිරකරුවන් 53ක් ඝාතනය කිරීමේ සිද්ධියත් සමගයි.



      2. දෙමළ සිරකරුවන් ඝාතනය කිරීම දිගට ම සිදු වූ අතර වසර 2000දී බණ්ඩාරවෙල බිඳුණුවැව පුනරුත්ථාපන කඳවුරේ සිටි වයස අවුරුදු 30ට අඩු තරුණ දෙමළ සිරකරුවන් 26ක් ගම්වාසීන් හා වෙනත් අයගෙන් සැදුම්ලත් අයුතු ජන රාශියක් විසින් මරා දමන ලදී.

      2012 වසරේ වවුනියා රිමාන්ඩ් සිරගෙදර සිදු වූ ප්‍රහාරයෙන් එක් සිරකරුවකු මිය ගිය අතර විශාල පිරිසක් තුවාල ලැබූ හ.

      මේ සියලු සිදුවීම්වලදී මිය ගියේ දෙමළ සිරකරුවන් නිසා සිංහල සමාජය මේ මානව හිමිකම් උල්ලංඝනය වීම් ගැන උනන්දුවක් දැක්වූයේ නැත.//


      3. //වැලිකඩ සිරගෙදරදී 1983 ජුලි කලබල අතරතුර දෙමළ දේශපාලන සිරකරුවන් 53දෙනෙකු ඝාතනය කිරීම, බංඩාරවෙල බිඳුණුවැවදී පුනරුත්ථාපනය වෙමින් සිටි දෙමළ තරුණයන් පිරිසක් මරා දැමීම වැනි සිද්ධි මාලාවක තවත් එක් සිද්ධියක් වන්නේ 2012දී සිදු වූ වැලිකඩ ඝාතනයයි.//


      4. //ජේ. ආර්. ජයවර්ධන 1983 ජුලි කලබලය නිර්මානය කරමින් දෙමළ ජන සංහාරයක් හා අති දැවැන්ත දේපල විනාශයක් සිදු කළේ ය.

      එසමයේ ඔහුගේ අනුදැනුම ඔස්සේ හා නීතිමය රැකවරණය ඔස්සේ දෙමළ දේශපාලන සිරකරුවන් පනස් ගණනක් වැලිකඩ බන්ධනාගාරය තුළ කපා කොටා මරා දමන ලදී.//

      One could easily realise what Ajith Perakum has done in his prescribed articles. It is nothing but merely REPORTING the occurrence of the brutal massacre of Tamil rebels in 1983. He does not condemn in explicit terms, the State apparatus for brutally killing the Tamil brethren. His effort to sweep the truths under the carpet is mean in veracity and meagre in virtue.

      Why could not Ajith Perakum READ the case vignette of 1983 massacre instead of REPORTING it?

      Ajith Perakum’s entertainment of his readership with his acrobatic heroics are in the superstructure of the society. He does not traverse the superstructure of the society (consisting of ideologies with regard to the Gramscian constituents of political and civil societies) into the infrastructure (consisting of means and relations of production) to attain a cognition of the social interrelations. Thus, Ajith Perakum may entertain his readership with anecdotes such as his “legendary” confrontations with policemen, politicians, elites, academics etc. However, he fails to flash a beam of bright light to bring about an understanding of the very forces that govern the cultural hegemony that he hates quite often. One cannot come up with a coherent, consistent and reliable interpretation of a social phenomenon (seen in the superstructure) when one does not possess a sound understanding and cognition of the pertinent social interrelations (seen in the infrastructure/base). Consequently, such a person can only REPORT what he sees but cannot READ what he sees.

      Cont ...

      Delete
    4. You can keep on writing the same stuff. It is your choice and you have the freedom to do so. But it is nevertheless a model to be followed to me. Writing too is a process which in movement. What I write is my movement as a being and you can like or dislike it. I write to change the world and not to fix the history at some point. History is not the incidents. It must be made. Past is only experience after all which help us to make the future. I

      I am sorry for being unable to make you happy. But that's it.

      Delete
    5. Your comment has been marked automatically as spam. I have marked it not spam. It is programme and not my fault.

      Delete
    6. නිමලන් සහෝදරයා,

      සහෝදරයා කුහක NGO ලිබරල්වාදයේ අවමාන ඉවසමින් සිංහලයා සමඟ සංවාදයක් ඇරඹීම අපි ඉතා අගය කරනවා. ඒ ගැන අපේ අසීමිත ගෞරවය නිමලන් සහෝදරයාට හිමි වෙනවා.ඒ වගේ ම අපි සිංහලයන් වශයෙන් ලැජ්ජාවට පත් වෙනවා දෙමළ සහෝදරත්වය නඟන ප්‍රශ්නයකට අජිත් පැරකුම් කියන ලිබරල් සමානාත්මතාවේ සළුව පොරවා ගත්ත ජාතියක් නැති ඩොලර් කාක්කා පිළිතුර දුන්න අසික්කිත විධිය ගැන.

      එදා ජේ.ආර්. ජයවර්ධන අමිර්තලිංගම්ට කිව්ව උද්ධච්ච කතාවට සමානයි අජිත් පැරකුම් අද සංහිඳියාව සඳහා සිංහලයා සමඟ කතිකාවට එන දෙමළ සහෝදරත්වයට කියන උද්දච්ච කතාව. ජයවර්ධන ජනාධිපති මෙහෙම කියනවා:

      // If you want to fight, let there be a fight; if it is peace, let there be peace; that is what they will say. It is not what I am saying. The people of Sri Lanka say that.//

      ලන්ඩනයේ ඉයන් වුඩ් සමඟත් ජයවර්ධන ජනාධිපති තවත් උද්ධච්ච කතාවක් කියනවා මෙහෙම:

      //I am not worried about the opinion of the Jaffna people now… Now we cannot think of them. Not about their lives or of their opinion about us… The more you put pressure in the north, the happier the Sinhala people will be here… really, if I starve the Tamils out, the Sinhala people will be happy…//

      අද අජිත් පැරකුම් කියන්නෙත් එදා එයාගේ දේශපාලන ලොකු තාත්තා වුණු ජයවර්ධන ජනාධිපති කිව්ව විධියෙම උද්ධච්ච කතාවක්. දෙමළ සහෝදරත්වයට අපි ඉතා පැහැදිලිව කියකවා දකුණේ බහුතර සිංහල සහෝදරත්වය දරන මතය ඔය ජයවර්ධනලා පැරකුම්ලා කියන උද්ධච්ච කතාව නොවන බව. ඒක අපි නැවතත් කියනවා. අජිත් පැරකුම් අද කරමින් සිටින්නේ දෙමළාගේ දෙමළකමත් සිංහලයාගේ සිංහලකමත් ලිබරල්වාදී සමානාත්මතතාව තුළ දියකර හරින්න. ඒ කුමන්ත්‍රණය පරාජය කරන්න සිංහල ජාතිකත්වයත් දෙමළ ජාතිකත්වයත් එකාවන්ව සහෝදරත්වයෙන් නැඟී සිටිනින ඕන.

      දෙමළ සහෝදරත්වය තේරුම් ගන්න අවශ්‍ය දෙය වන්නේ බහුතර සිංහලා මේ රට තමාගේ යැයී කීම තුළ මේ රට දෙමළාගේ නොවේ කියන අදහසක් නැති බව යි. සුළුතරයක් එහෙම අන්තගාමී වුණත් බහුතරය අන්තගාමී නැහැ. අපි උත්සාහ කරන්න ඕන සිංහලයාට සිංහලකමත් දෙමළාට දෙමළකමත් රුකගෙන එකම රටක දේශපාලන බලය (පරිපාලන බලය පමණක් නො වේ) හවුලේ භුක්තිවිඳිය හැකි ක්‍රමයක් හදාගන්න. ඒ ක්‍රමයට කියන නම වැදගත් නැහැ. ඒක කළ හැනි වන්නේ පුළුල් කතිකාවක් සිංහල හා දෙමළ ජාතිකත්ව අතර ඇති කිරීමෙන් මිස ජයවර්ධන පන්නයේ උද්ධච්ච කතා කීමෙන් නොවේ. ඒ කතිකාව ගොඩ නඟන්න ඉඩ දෙන්නේ නැත්තේ ජාතික අනන්‍යතාවන් නැති කරන්න කුමන්ත්‍රණ කරන අජිත් පැරකුම් වගේ කාලකන්නි NGO ලිබරල්වාදීන්. එවුන්ට එරෙහිව නැඟී සිටීම උතුරේත් දකුණේත් ජාතිකත්වය රුකගැනීමට ළැදි සිංහල-දෙමළ සහෝදරත්වයේ ඵෙතිහාසික කාර්යභාරයක්. සිංහලයාගේ සතුරා දෙමළා නොවන අතර දෙමළාගේ සතුරා සිංහලයා ද නොවනවා. සිංහලයාගේත් දෙමළාගෙත් පරම පොදු සතුරා වන්නේ ලිබරල්වාදී කසී සළු‍ෙවන් තම කුණු වී ඕජස් ගලන කුණපය වසා ගත් ධනවාදය යි. අජිත් පැරකුම් යනු එම ලිබරල් ධනවාදයේ දෘෂ්ටිවාද ප්‍රචලිතකරන බඩගෝස්තරවාදියෙක්. සිංහල-දෙමළ සහෝදරත්වය “The nation that oppresses another nation forges its own chains” යන මාර්ක්‍ස්ගේ රුවන් වැකිය නිතොර සිහි කළ යුතු යි.

      ජාතිකත්වය යනු මාර්ක්ස්වාදීන්ට අදාළ නැති දෙයක් යැයි කියමින් පිස්සු කෙළින කාලකන්නි NGO ලිබරල්වාදීන්ගේ ගෝඩ් ෆාදර් වන අජිත් පැරකුම්ට අපි කියන්නේ මාර්ක්ස් හා එංගල් 1882 පෙබරවාරී 7 වැනි දා කාල් කෝට්ස්කිට ලියන ජාතිකවාදය, අර්තර්ජාතිකවාදය සහ පෝලන්ත ප්‍රශ්නය පිළිබඳ ලිපිය කියවන්න කියා යි. ජාතිකවාදයකින් තොරව අන්තර්ජාතිකවාදයක් පැවතිය නොහැකි වන්නේ ඇයි කියන ප්‍රශ්නයට පිළිතුර එම ලිපියේ මාර්ක්ස් හා එංගල්ස් පවසා තිබෙනවා.

      අජිත් පැරකුම්, උඹ අවුරුදු 30ක් වමේ ඉඳං පොල් ගෑවා ද?

      Delete
    7. වමේ සුමනේ වගේ ම දකුණේ රෑපසිංහ වගේ හැදෑරීමක් ඇති බුද්ධිමතුන්ට ජාතික ප්‍රශ්නය ගැන අවංක උනන්දුවක් තිබුණා.

      Delete
  18. අම්මට සිරි! පැරා ගේමට එන්ටර් වෙලා වගේ. මොකක්ද අකුරු තුනේ සංඥාවකුත් දීලා තියෙන්නේ. පැරා ඔන් සෝං වගෙයි. හොඳ හොඳ සෙල්ලම් එළි වෙන ජාමෙට ලු!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා