ආබාධිත සෙබලුන්ගේ විශ්‍රාම වැටුප් සටනෙන් ගැඹුරට දේශපාලනය

යුද්ධයෙන් මිය ගිය සෙබළුන්ට රණවිරුවන් යයි කියනු ලැබේ. ඒ අන්දමින් ම යුද්ධයෙන් ආබාධිත සෙබළුන්ට ආබාධිත රණවිරුවන් යි කියනු ලැබේ. ආබාධ නැති සෙබළුන්ට ද රණවිරුවන් ය භාවිතා වනු නිරීක්ෂණය කර ඇත්තෙමි. යුද්ධය අවසන් වූ පසු හමුදාවට බැඳුණු අයට ද රණවිරුවන් යයි කියනු ලැබේ. රණවිරුකම වෘත්තියක් වී ඇති සෙයකි.

සොල්දාදුවාගේ වෘත්තීය අනන්‍යතාව නිසි පරිදි යළි පිහිටුවීම යුදහරණ ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය කොටසකි. ඒ සඳහා මෙම රණවිරු මානසිකත්වය අවසන් කළ යුතුව තිබේ. අනාගතයට අවශ්‍ය හමුදාවක් නිර්මානය කිරීමට මෙම රණවිරු මානසිකත්වය බාධාකාරී ය.

බෙංගමුවේ නාලක, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, උදය ගම්මන්පිල වැනි රාජපක්ෂවාදී ජාතිවාදීන්ගේ උපායමාර්ගයකට අනුව නොවැම්බර් 7දා කොළඹදී මහා කලබලයක් ඇති කළ ආබාධිත සෙබළුන් පිරිසගේ  විශ්‍රාම වැටුප් ඉල්ලීම රජය විසින් ලබා දී තිබේ.

මෙම ඉල්ලීම කලක සිට පැවති, උදය ගම්මන්පිලලාගේ, රාජපක්ෂලාගේ ආණ්ඩුවට අවශ්‍යතාවක් තිබිණි නම් ලබා දිය හැකිව තිබුණු ඉල්ලීමකි.

එම ඉල්ලීම මුළුමනින් ම සාධාරණ නැත. මෙම සෙබළු සියලු දෙනා සම්පූර්ණයෙන් ම ආබාධිත ද නැත. එසේම, ඔවුන් ආබාධිතභාවය නිසා ලැබෙන විශ්‍රාම වැටුප් අයිතිය සඳහා අවශ්‍ය වසර 12ක සේවා කාලය සපිරීමට පෙර සේවයෙන් ඉවත් වුණේ ස්වකැමැත්තෙන්, වන්දි ලබා ගනිමින් හා මෙවැනි ඉල්ලීම් සඳහා ඇති අයිතිවාසිකම් ද අතහැර දමමිනි. ඔවුන්ට වයස අවුරුදු 55 දක්වා මූලික වැටුප හා ආබාධිත විශ්‍රාම දීමනාවක් ද ගෙවනු ලැබේ. මෙය රජයේ බොහෝ සේවකයන්ට, උපාධිධාරීන්ට ලැබෙන වැටුප් සමග සන්සන්දනය කළ විට සාධාරණ එකකි. මහන්සි වී වැඩ කරන පෞද්ගලික අංශයේ හා අවිධිමත් අංශයේ ඇතැම් සේවකයන්ට ලැබෙන වැටුප් මීට වඩා බොහෝ අඩු ය.

ඔවුන්ට තිබෙන ගැටලුව වයස අවුරුදු 55න් පසු එම වැටුප අහිමි වීමයි. මෙය ලංකාවේ පෞද්ගලික අංශයේ සියලු සේවකයන් මුහුණ දෙන තත්වයකි. ලංකාවේ මිනිසකුගේ උපතේදී ආයු අපේක්ෂාව කාන්තාවකට නම් අවුරුදු 78 මාස 6යි. පිරිමියෙකුට එය අවුරුදු 72කි. ජීවිතයේ ඉතිරි කාලය ගෙවීම සඳහා පෞද්ගලික අංශයේ සේවකයන්ට තිබෙන්නේ සේවක අර්ථසාධක අරමුදලේ හා සේවක භාරකාර අරමුදලේ ඉතුරුම් පමණි.

ආබාධිතයා යනු සමාජ අනුකම්පාව මත ම ජීවත් විය යුතු අයෙකු නො වේ. රජය විසින් කළ යුතුව තිබෙන්නේ ආබාධිතයන්ට ස්වාධීනව ජීවත් වීම සඳහා අවශ්‍ය තත්වයන් ගොඩනගා දීමයි. රජයේ වියදමින් නඩත්තු කළ යුත්තේ එහෙම බැරි අය පමණි.

මහජන මුදලින් වන්දි ගෙන ඉවත් වී, දශක ගණනාවක් තිස්සේ වැඩක් නො කර, මහජන මුදලින් වැටුප් ගත් මෙම ආබාධිත සෙබළුන් විරුවන් ලෙස කළ යුතුව තිබුණේ මෙම කාලය තුළදී සිය ජීවිතයේ ඉදිරි කාලය සැලසුම් කිරීමයි. ඔවුන් ගත් වන්දිය, ලබා දුන් වැටුප ඒ වෙනුවෙන් යොදවන්නට ඔවුන්ට යුතුකමක් තිබිණි. එයට රජය කුමන ආකාරයේ මග පෙන්වීමක් කළා ද යන්න අප දන්නේ නැත. ඉහළ මට්ටමේ වෘත්තික හමුදාවකට නම් නම් එසේ කළ හැකි ව තිබිණි. එවැන්නක් සිදු වී ඇති බවක් නො පෙනේ.

මෙම සෙබළ පිරිසගේ ඉල්ලීම ඉතා පැහැදිලිව රාජපක්ෂ පවුලේ ඉල්ලීම හා සමපාත වන එකකි. රාජපක්ෂ පවුල ඉල්ලන්නේ යුද්ධය අවසන් කළ නිසා තමන්ට රිසි පරිදි රට පාලනය කරමින් වරප්‍ර‍සාද, ලාභ ලබා ගැනීමේ නිදහසයි.

මෙම සෙබළුන්ගේ ඉල්ලීම සාධාරණ වන්නේ ‘උන්ට දෙනවා නම් අපටත් දියව්' යන පදනමිනි. මෙය මෙතනින් අවසන් වේ ද?

එවැනි ඉල්ලීම් සාධාරණ වන තවත් පදනම් ගණනාවක් තිබේ. මහජන මුදලින් වැටුප්, දීමනා, වරප්‍ර‍සාද ලබා ගන්නා, බදු සහන මත ආනයනය කරන වාහනය විකුණා රජයට ලැබිය යුතු මුදල් කෝටි ගණනින් සාක්කුවේ දමා ගන්නා, මහ බැංකු බැඳුම්කර වංචා වැනි සුපිරි ගේම්වලට සම්බන්ධ, ජනතා ප්‍ර‍ශ්න නො විසඳීම වෙනුවෙන් අවසානයේ වසර පහකට පසුව මහජන මුදලින් විශ්‍රාම වැටුපක් ද ලබා ගන්නා දේශපාලකයන් නම් පිරිසට දෙනවා නම් අපටත් දියව් යයි ඉල්ලා සිටින පදනමින් ද එය සාධාරණ ය.

විශ්‍රාම වැටුප් ගෙවන්නේ මහජන මුදලිනි. මේ වන විට රජයේ සේවයේ විශ්‍රාමිකයන් ලක්ෂ පහක් පමණ සිටිති. ඔවුන්ට විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා ජාතික ආදායමින් 3%ක් පමණ වැය වන බව වාර්තා වේ. විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රජය වසරකට වැය කරන මුදල රු. බිලියන 200ක් පමණ වේ. එහෙත්, ලංකාවේ ජනගහණයෙන් 82%ක් ම කිසිදු විශ්‍රාම වැටුපක් ලබන්නේ නැත.

2012 වසරේ ජනගහණ සංඛ්‍යාලේඛන අනුව සමස්ත ජනගහණයෙන් 12.4%ක් වූ ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහණ අනුපාතය 2020 වන විට 16% දක්වා වැඩි වේ. වසර 2030ට පෙර ලංකාවේ සමස්ත ජනගහණයෙන් හතරෙන් පංගුවක් වැඩිහිටියෝ ය. එය තරුණ ජනගහණයට වඩා විශාල පංගුවකි. දැනට ලංකාවේ තරුණ ජනගහණය සමස්ත ජනගහණයෙන් 22%ක් පමණ වේ.

රු. 3000ට අඩු මාසික ආදායමක් ඇති වැඩිහිටි ජනතාවට රු. 2000ක වැඩිහිටි දීමනාවක් රජය විසින් ගෙවනු ලැබේ. ලක්ෂ හතරකට ආසන්න වැඩිහිටි ජනගහණයකට මෙම දීමනාව ගෙවනු ලැබේ. තවත් 131,000කට මෙම දීමනාව ගෙවිය යුතුව ඇති බවත්, ඒ වෙනුවෙන් 2017 අයවැයෙන් ප්‍ර‍තිපාදන වෙන් කරන බවත් සමාජ සවිබලගැන්වීමේ හා සුබසාධන ඇමති එස්.බී. දිසානායක 2016 වසරේ ජාත්‍යන්තර වැඩිහිටි දිනය වෙනුවෙන් ඔක්තෝබර් 1දා මහනුව‍ර පොල්ගොල්ලේදී පැවැත්වුණ ජාතික උත්සවයේදී ප්‍ර‍කාශ කළේ ය.

ලංකාව ඇදී යමින් සිටින්නේ වැඩ කළ හැකි මිනිසුන් සංඛ්‍යාවට වඩා යැපෙන්නන් සිටින යුගයක් වෙතයි. එවැනි සංදර්භයක් තුළ, රටේ පාලකයන්ගේ අවධානය යොමු විය යුතුව තිබෙන මූලික කාරණා තිබේ. ලංකාවට සිය අනාගත සුරක්ෂිතතාව චිරස්ථායී කර ගත හැක්කේ ජනවිකාස වාසිය ඇති වර්තමාන අවධියේදී කරනු ලබන ඵලදායී ආයෝජන ඔස්සේ ය. (ජනවිකාස වාසිය යනු සමාජයක් ඉහළ මට්ටමේ උපත් හා මරණ අනුපාතිකයන් සහිත ග්‍රාමීය කෘෂිකාර්මික සමාජයක සිට පහළ මට්ටමේ උපත් හා මරණ අනුපාතිකයන් සහිත නාගරික කාර්මික සමාජයකට සංක්‍ර‍මණය වීමයි. – රොනල්ඩ් ලී හා ඇන්ඩෘ මේසන්)

ලංකාවේ පාලකයන් පමණක් නොව, දේශපාලන පක්ෂ හා සිවිල් සමාජය පවා රට මුහුණ දී තිබෙන තත්වය නිවැරදිව වටහා ගැනීමේ උනන්දුවක් පෙන්වන්නේ නැත. මා නම් මෙයට හේතුව ලෙස දකින්නේ දේශපාලකයන්, රජයේ නිලධාරීන්, සිවිල් සමාජ නායකයන් ඇතුළත් වන මධ්‍යම පංතියේ ගැටලුවක් ලෙසයි. ප්‍ර‍ධාන වශයෙන් ම රජයෙන් යැපෙන මධ්‍යම පංතියක් වන මෙම බලවේගය ඔවුන්ට වාසිදායක වන පවත්නා තත්වය ව්‍යූහාත්මක වශයෙන් වෙනස් කිරීමට කැමැත්තක් දක්වන්නේ නැත.

එහෙත්, ලංකාවේ මූලික ම ගැටලුව වන්නේ රජය කඩා නො වැටී තබා ගන්නේ කෙසේ ද යන්නයි. ඒ සඳහා උර දී සිටින්නේ සුවිසල් බදු බරකට උර දී සිටින, ඵලදායී වැඩ කරමින් නිෂ්පාදන හා සේවා ආර්ථිකයන්ට දායක වන පිරිසයි. අවාසනාවට රජයෙන් අවම සේවාවන් ප්‍ර‍මාණයක් ලබා ගන්නේ ද මෙම පිරිසයි. වෘත්තික ප්‍ර‍ජාවක් ලෙස වෙන් කර දක්වන්නේ නම්, පෞද්ගලික අංශයේ සේවකයන් හා අවිධිමත් ශ්‍ර‍ම අංශයේ සේවකයන් මෙම ප්‍ර‍වර්ගයට අයත් වෙති.

දේශපාලකයන්ගේ වරප්‍ර‍සාද වෙනුවෙන් ද, කාර්යක්ෂම මහජන සේවාවක් නො සපයමින් රජයේ සේවකයන් ලබා ගන්නා වැටුප් වෙනුවෙන් ද, පිංපඩි වෙනුවෙන් ද වැඩ කළ යුත්තේ ඒ අසරණයෝ ය. එපමණක් නොව, ලංකාවේ මධ්‍යම පංතික ආධිපත්‍යයෙන් යුත් දේශපාලන ක්‍ර‍මය තුළ ඔවුන්ට නියෝජනයක් ද නැත. 

නැවත මුල් කාරණයට එන්නේ නම්, විශ්‍රාමික ආබාධිත සෙබළුන්ගේ මෙම ඉල්ලීම ලබා දීම දේශපාලනික ය. හේතුව, මෙතන තිබුණේ වෙන දේශපාලන ගේමක් වීමයි. මෙම පිරිස යොදාගෙන ජාතිවාදී රාජපක්ෂවාදීන් උත්සාහ කළේ හමුදාව රජයට එරෙහිව කුපිත කිරීමට ය. 

මෙම ජාතිවාදීන් බලාපොරොත්තු වුණේ රජය සෙබළුන්ගේ ඉල්ලීම නො දෙනු ඇති ය කියා ය. එහෙත්, සාකච්ඡාව සඳහා ගිය පිරිස යහපත් පිළිතුරක් රැගෙන ආපසු පැමිණෙන්නට පෙර ඔවුන් ප්‍ර‍චණ්ඩත්වය වෙත යොමු වූයේ කෙසේ හෝ සිය අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙනි. මෙම කලබලය තනිකර ම දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා ආබාධිත සෙබළුන්ගේ ලේ සැලීමේ අරමුණින් දේශපාලනිකව මෙහෙයවන ලද්දකි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. රණවිරු විශ්‍රාම වැටුපට අයවැයෙන් රු. මිලියන 3500ක් වෙන් කර තිබේ.

    මේවාත් ගෙවන්නේ ඒටීඑම් එකෙන්, ජංගම දුරකථනෙන්, සිගරැට්ටෙකෙන්, අරක්කු කාලෙන්, මෝටර්සයිකලෙන් අපෙන් සූරා ගන්නා බදු මුදලෙනි.

    ReplyDelete
    Replies
    1. සෝරෝස් සීයට මරිසියක් දාලා බොරු බ්ලොග් පෝස්ට් ලියලා අපිත් කීයක් හරි ගාන කපාගමු ද පැරා තුමෝ?


      http://dennismichaellynch.com/soros-funded-group-organizing-massive-anti-trump-protests-nationwide/

      Hillary Clinton may have lost the presidential election, but one of her main backers is not stopping.

      The battle for the sovereignty of America is now between President-elect Donald Trump and open borders globalist George Soros.

      MoveOn.org, a liberal activist group that has exploded all across the nation, is funded by Soros’ Open Society Foundations. It is now well known that MoveOn.org was responsible for many of the riots and protests at Donald Trump’s campaign rallies, some of which became violent and dangerous.

      Delete
    2. යුද්ධය නිමා කිරීම නිසා රටට ඉතිරි වුණ මුදලක් එක්ක මේ මුදල සංසන්දනය කර බැලිය යුතුයි.

      -කඩවත පියසේන

      Delete
  2. මහජනතාවගෙන් සූරා ගත් මුදල්වලින් අධ්‍යාපනය ලබා, ඒ මහජනතාවටම "මුරුංගා ද" යැයි කොචොක් කොට, මැරෙන තුරාවට මහජනතාවට පරපුටුවෙක් සේ ජීවත් වන, මෙම බ්ලොගයේ තැනින් තැන වසුරු පිඬු සේ කොමෙන්ටු දමන 'සරස' නමැත්තා රාජපක්ෂ නූගතුන් වෙනුවෙන් තම අධ්‍යාපන සහතික මත මල පහ කර ඇති බව ඉතා පැහැදිළි ය.

    ReplyDelete
    Replies
    1. // AnonymousNovember 12, 2016 at 7:59 AM

      මහජනතාවගෙන් සූරා ගත් මුදල්වලින් අධ්‍යාපනය ලබා, ඒ මහජනතාවටම "මුරුංගා ද" යැයි කොචොක් කොට, මැරෙන තුරාවට මහජනතාවට පරපුටුවෙක් සේ ජීවත් වන, මෙම බ්ලොගයේ තැනින් තැන වසුරු පිඬු සේ කොමෙන්ටු දමන 'සරස' නමැත්තා රාජපක්ෂ නූගතුන් වෙනුවෙන් තම අධ්‍යාපන සහතික මත මල පහ කර ඇති බව ඉතා පැහැදිළි ය. //

      ඔයි සර ස ලා ස රණ ලා හදන්න බෑ අප්පා.....

      Delete
  3. උපන් දා සිට වාමාන්සික දේසපාලනේ කොලා ය, ජෙප්පන් සමග පෝස්ටර් ගැසුවාය, එලියකන්දෙ හෝටලේ නිවාඩු ගත කොලාය තමන් මහා ප්‍රොගතිසීලී අයෙක් ය කියාගන්නා පැරා තුමා රට වෙනුවෙන් සේවය කර අත් පා ඇස් හිස් අහිමි වූ අය ගේ වුර්තීය ඉල්ලීම පහත් කර සලකා රජයේ හොරනෑවෙන් කියා සිටිනා සුරන්ගනා කතාව ම මෙහි ලියා තැබීම සිරි ලාන්කික ජෙප්පන් ගේ ප්‍රොග්නෝසියාව කදිමට පැහැදිලිකොරති!

    ජයවේවා!

    ඝෝඨා ලකිසුරු වූ විට මෙවන් කැපකිරීම් කල ඈයන් ට සැනසීමක් ලැබෙනු නියතයි!

    ReplyDelete
    Replies
    1. ලකිසුරු කියන්නෙ යටත් විජිත ආන්ඩුකාරයට කියපු නම නේද​

      Delete
    2. නැහැ...ඒ අග්‍රාන්ඩුකාරයා...
      ලකිසුරු කියන්නේ ලන්කාවේ ජනාදිපති.... නම හැදුවේ ලන්කාදීප පත්තරෙන්... මා හිතන්නේ මීමන ප්‍රේමතිලක...

      වරක් දිනමිණ ලියන්නෙක් "ඉන්දියාවේ ලකිසුරු ලන්කාවට පැමිනේ" කියලා ලීඩ් එකක් ලියලා තිබුනා කියලා කතාවකුත් තියෙනවා හිටන්!

      Delete
    3. ගෝතා ලකිසුරු වීම කෙසේ වෙතත් වැඩි කලක් යන්න මත්තෙන් එයාට ජාත්‍යන්තර බන්ධනාගාරයක යකඩ කූරු ගණන් කරන්නට සිදු වීම නම් ඉර හඳ වගේ සහතිකයි.

      Delete
    4. ගොන් බූරු සරසයා හිතන්නේ අපි තවමත් එංගලන්තයේ යටත් විජිතයක් කියලා.මූට තියෙන්නේ වල් වනචර පාහර හොර තක්කඩි මරාගේ සිතුවිලිමයි. ඒකයි ලකිසුරු කියා ලියලා තියෙන්නේ. මරාගේ රජ පිස්සුව උගේ පුක ලෙවකන හැම බල්ලාටම තියනවා.

      Delete
    5. ලකිසුරු කිව්වෙ නම් ගවර්නර් කියන අරුතෙන් මම දන්න විදිහට. අන්තිම ලකිසුරු විලියම් ගොපල්ලව. සරස..උඹලට මීමන ප්‍රේමතිලකයන් මතක් වෙන්නේ මේ වගේ දේවල්වලට විතරද? මීමන ලංකාදීපයේ හිටියද;;;

      Delete
    6. // ගොන් බූරු සරසයා හිතන්නේ අපි තවමත් එංගලන්තයේ යටත් විජිතයක් කියලා.මූට තියෙන්නේ වල් වනචර පාහර හොර තක්කඩි මරාගේ සිතුවිලිමයි. ඒකයි ලකිසුරු කියා ලියලා තියෙන්නේ. මරාගේ රජ පිස්සුව උගේ පුක ලෙවකන හැම බල්ලාටම තියනවා. //

      ඔන්න සහෝදරවරුනි ඇත්ත තත්වෙ!

      Delete
    7. // සරස..උඹලට මීමන ප්‍රේමතිලකයන් මතක් වෙන්නේ මේ වගේ දේවල්වලට විතරද? මීමන ලංකාදීපයේ හිටියද;;; //

      සමාවෙන්න... ලකිසුරු යන වචනේ නිමැවුම් කරු කුමරතුඟුවෝ යැ

      http://www.silumina.lk/2016/03/27/_art.asp?fn=sm1603272&p=1

      Delete
  4. // මෙම බ්ලොගයේ තැනින් තැන වසුරු පිඬු සේ කොමෙන්ටු දමන 'සරස' නමැත්තා රාජපක්ෂ නූගතුන් වෙනුවෙන් තම අධ්‍යාපන සහතික මත මල පහ කර ඇති බව ඉතා පැහැදිළි ය.

    //

    බලාගෙන ගියාම ඒ කතාවත් ඇත්ත තමයි!
    :D
    ජයවේවා!

    ReplyDelete
  5. Indeed we are all living here because of devoted our security people. My question is when the war ear where do you ? Can understand your criticism. Do not look their requestion in political angle.

    ReplyDelete
    Replies
    1. I was against war then and now.

      I have worked in remote border villages as a school teacher. We too engaged in war in other ways.

      I am not against granting this demand because of the undue perks given to politicos.

      But ultimately who pays for all these?

      Delete
    2. නෙළුම්......යුද්ධය ආභරණයක් නම් එහි තව කොටස්කරුවෝ බොහෝය. ඒ සොල්ද්දුවෝ පමනක් නොවේ. මට යුද්ධය යනු මිණි ගිලිහුන් ගෙල පලඳනාවක් පමනක් යැයි සිතේ

      Delete
  6. මෙන්න උණු උණු පුවත්!

    චතුෂ තුෂර කුමාර නලින් ද සිල්වා ෆේස් බුක් එකෙන් එළවයි!

    මුහුණු පොතෙන් ඉවත්වීම

    ඔබට ස්තූතියි, චතුෂ තුෂර කුමාර මහතානෙනි මේ නාකි මැන්ටලයෙන් අප ගලවා දීම පිළිබඳව!

    ඔබට වෙලාව තිබේ නම් එළවා දැමිය යුතු තව මැන්ටල් කිහිපයක්ම තිබේ.

    ReplyDelete
  7. මේ ගොනා කළෙත් රණවිරුවෝ උඩ දාන් එක නේ...

    ඒකෙන් උනේ...

    ඝාතනවලට ඇතුලට දාලා හිටපු උන් ඔක්කොම නිදහස්..

    මහින්දවත් ගනන් ගත්තේ නැති මුන් අසාධාරණ ඉල්ලීම් දිනා ගත්තා..

    ආයෙත් රණවුරුවෝ මාකට් උනා..

    ජාතීවාදින්න් පොරවල් උනා..

    නායකයෙක් වච්නයක් එලියට දාන්න කලින් දහස් වතාවක් හිතන්න ඕන..

    අනික කරන කතාව, උපදේශකයින් හා එක්ව කලින් පිලියෙල කර ගන්න ඕන..

    නැත්නම් කතා නොකර ඉන්න ඕන..

    ReplyDelete
  8. /* යුද්ධයෙන් මිය ගිය සෙබළුන්ට රණවිරුවන් යයි කියනු ලැබේ ..*/

    ඇයි එළියකන්දේ කේ පොයින්ට් කෑම්ප් එක කළේත් රණවිරුවන් නේද?

    ReplyDelete
    Replies
    1. නොදන්න හුත්තවල් කතා නොකර හිටපිය හිවලා

      Delete
    2. @රසිකොලොජිස්ට් - RasikologistNovember 12, 2016 at 6:19 PM

      එළියකන්ද නෙවෙයි වෙන කොහේ හරි වුනත් අපරාධ කරපු අය ඉන්නවනම් නීතය ක්‍රියාත්මක කරන්න ඔබ සතු කරුණු ඉදිරිපත් කරන්න

      අනෙක් කාරණය එලියකන්දේ වගකීම ගන්න ඕන හිටපු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව. මොකද හමුදාවෙන් ක්‍රියාත්මක කරේ ඒ කාලයේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් දුන්න නියෝග. අද අගමැති වෙලා ඉන්න පුද්ගලයත් වධකාගාරයක් පවත්වන් ගියබවට චෝදනා ලැබුවෙක්.

      හැබැයි රණවිරුවෝ කියන්නේ රස්සාවකට හරි අනික් අය නොකරන කැප කිරීමක් කරපු මිනිස්සු. ඒ කැපකිරීමේ ප්‍රතිලාභ අපි භුක්ති විඳිනවා. ඒ කැපකිරීම දේශපාලන විදිහට අර්ථවත්ව ඉස්සරහට ගෙනියපු නැති එක දේශපාලකයන්ගේ වැරද්දක්.

      හැම රටකම හමුදාවල සමහර කොටස් අතින් අපරාධ වෙලා තියෙනවා. ඒවාට වෙනම දඬුවම් කිරීම එක දෙයක්. ඒවා මුල් කරගෙන සමස්ත හමුදාවටම ගරහන එක එක දෙයක්.

      ලෝකයේ කිසිම රටක මේ වගේ තමන්ගේ ආරක්ෂක හමුදාවලට ගරහන්නේ නැහැ. වියට්නාම්, කොරියන් යුද්ධ වලට ගිය ඇමරිකන් සෙබළුන්ට පවා ඒ රටේ මිනිස්සු ගෞරව කරනවා . ඒ යුද්ධ ඇමරිකාවේ මිනිස්සුන්ට කෙලින්ම තර්ජනයක් වුන අර්බුධ නෙවෙයි. අපරාධ ඕනෑතරම් වෙලා තියනවා. හොඳ නරක දෙපැත්තම මිනිස්සු හිටිය. Platoon වගේ film එකක කතා කරන්නේ ඒ ගැන. ඒ යුධ්ධවලට එරෙහිව මිනිස්සු නැගී හිටියේ දේශපාලකන්ට මිසක් හමුදාවට විරුද්ධව නෙවෙයි. අපරාධ කාරයන්ට විරුද්ධව නීතිය වෙනම ක්‍රියාත්මක වුනා. (ලංකාවෙත් අද එක වෙනවා)

      ලංකාවේ හමුදාවට විරුද්ධව තුප්පහි කතා කියන ගොඩක් අය LTTE එකේ වැඩ ගැන වචනයක්වත් කතා කරන්නේ නැහැ. (එක එච්චරම ස්ට්යිලිෂ් නැද්ද මන්ද). වැරැද්ද මොන පැත්තෙන් කරත් වැරැද්ද.

      නිකන් හොයල බලන්න War Veterans කියල. ඒ රටවල මිනිස්සු කොච්චර රණවිරුවෝ ගැන සලකනවද කියල (අපේ රටේ මිනිස්සු ඒ අතිනුත් හරි වෙනස්)
      https://www.google.com/search?client=ubuntu&channel=fs&q=war+veterans%5C&ie=utf-8&oe=utf-8#channel=fs&tbm=nws&q=war+veterans


      Delete
  9. එම්බල මයුරවිලය,

    පෙරැ දිනෙකැ මා ලියූ කවක විරිතක් නැතැයි කියමින් එහි දොසක් දුටු තොප සාරසයා ලියන පල්කව් හි දොසක් නොදකින්නේ උහු මිහිඳු රජපසුන්ගේ මල බුදින්නෙක් නිසාවෙන්දැ යි දැනැගැනීමටැ කැමැත්තෙමි.

    මේ වගටැ,
    X-Man

    ReplyDelete
    Replies
    1. එම්බා දුහුන,

      මා සන්මිතු සාරසයනට ගරහන තා කවරෙක්දැයි මා නොදනිමි. තාගේ කවිකම බැලුමටැ හැකිනම් ඔය කියනැ කුකවියක් දෙකක් මෙහි දමව.

      - මයුරවිල මි

      Delete
    2. මයුරවිලය,

      තොප ද එක්තරා කලෙකැ දුහුනකුව සිටි බැව් අමතක වී ද? මා ඇසූ පැනය තොප මඟ හැරියේ තොප ද සාරසයාගේ පිළිවෙත්හි ම පිහිටා ඇති හෙයින් ද? හැකි නම් මා සාරසයාට ගැරහූ තැනෙක් පෙන්වා දෙව.

      මා X-man වම් හ.

      Delete
    3. තව මෙම මහත්වරු නැද්ද හෙල බ්ලොග් තු ළේ
      වියුනුවේ පොර වෙන්න යටි සිතිනි ඇත ලො ලේ
      නොව සම වැජඹෙන්න ලැබගෙනම පුර බ ලේ
      කුකවිය නුඹ තමයි හෙළ දැයට වින ක ළේ

      රජ සෙබෙහිද විනිස සැල සටන බිමෙහි ද
      දිරිතර නැණ බලද කය බල ද එක ලෙ ද
      අපමණ කිතු යසස් පෑ සා ර ස ට අ ද
      කුකවි හරකෙකු කරහනු හරි ද?

      Delete

    4. ගි නි තැප තැප ඉඳන් ඇල් වතුරෙන් නා න
      X-man මෝඩයෙකි වුහු ගොන් ගති පා න
      මි නි සුන් මුලා කළ කල විය අව සා න
      ද නි තොත් එබව දැන් යහපත් බව පේ න

      Delete
    5. කුඹුරට බැස කරන්නට වැඩ බැඳි ආ ලේ
      හැමොටම හැකිද අමුඩෙම ගසනා කා ලේ
      එලිසම යොදා විරිතට ලියු කවි මාලේ
      කොපමණ හොඳද මගෙ හිතවත් කිවි රා ලේ?

      Delete
    6. සබඳ සාරසයෙනි,

      මහමෙර සදිසි මහ ගිරි කුළු හෙල් සිකර
      කුක්කුර බිරුම් අබියෙසැ සැලුනේ කවර
      බස'ඹරැ දිලෙනැ දිනකර වන් තෙප පවර
      දැක ඉසි වඩති අවියත් දුහුනෝ අවර

      - මයුරවිල මි

      Delete
    7. කුකවි සබඳට ළබැඳි ව…

      දුර්ගන්ධවත් ඩබ්ලිව් තුන ලංකාවේ
      සුපුරුදු දුගඳ නො ව නව ගඳයකි ආවේ
      විමසා බැලිමි කිම දැ යි ඒ ගඳ ආවේ
      කුකවි දුහුන මල හළ බව මා දුටුවේ

      සරසවි බැලුමසක් නැති දන කිවි නො වෙති
      ප්‍රතිභා නො පිහිටයි අරුමැසි කවි නොමැති
      ප්‍රතිභා ඇති දනෝ නිති කව් හුරු කරති
      නව රස අරුත් දින දින තත්භව කරති

      කුකවි දුහුන යම් ප්‍රතිභා ඇති සෙයකි
      නිති පුහුණුවක් කිසි දා ලැබ නැති සෙයකි
      පෙර රස කිසිත් රසවිඳ නම් නැති සෙයකි
      නව රස මවන්නට පෙර උගනිනු යෙහෙකි

      කව්සිළුමිණ ද කාව්‍යශේඛර කව ද
      සැලළිහිණිය ද ගිරාව සහ මුයුරය ද
      තිසරය සමඟ පරවිය සහ කොවුලිඳු ද
      හදාරනු මැනැවි නො දෙමින් මෙහි දුගඳ

      එළිවැට රැකුම පමණක් නො ව කව් බැඳුම
      ලඝු ගුරු සමඟ උගනිනු මැන විරිත් දම
      නැති නම් ඔබගේ අව කවිකම් කියවා ම
      අප දිවි නැසෙනු ඇත හිර වී දිවි සුසුම

      එළු සඳැසේ විරිත් මාලා සොඳින් දැන
      පිංගලනාථ රත්නාකර පෙළ ද දැන
      කවි බඳිනා නෙක බන්ධන රටා දැන
      කුකවි නො කර කව් මිණි දම් කරනු මැන

      සලමෙව සේන දණ්ඩීනුන් කියු ලෙස ම
      කවිය‍ට විෂය නිසි සත් තෝරා ගැනුම
      ‍නො කර නොනිසි කඳ පණුවන් නිති වැනුම
      කවිකම් නමින් කෙරුමය කවි වේසකම

      මල නො තලා වන බිඟු මී ගත් ලෙසට
      හංස රාජ කිරි දිය වෙන් කළ ලෙසට
      මිණි සයුරෙන් අගමිණි තෝරන ලෙසට
      සුබැසි ගනුව සාරස මුයුරය ලෙසට

      දුගඳ නිබඳ හමනා මෙහි සතර දෙස
      වසනු නො හැකි නැති නම් කව් අමා රස
      සාරස මයුරවිල ගෙන එන අමා රස
      කුකවි ලියා නැති නො කරව් සතර දෙස

      සබඳ කුකවි දුහුනෙනි මෙහි වසුරු හළ
      නො වෙනු මැනැවි වදයක් මෙතැනේ පතළ
      සාරස මයුරවිල කවිකම් නිති හසළ
      අබියස විසුළුවකි ඔබ විළි බිය ද හළ

      කවිකම සිතුමිණකි කරතොත් නිසි ලෙසට
      මහබඹු කිවි ය කව් ලොව ඇති සැම තැනට
      ඔහු තම සිතැඟි ලෙස හැරුණෙ ද යම් දෙසට
      මුළු ලොව හැරෙනු ඇත එසැණින් ඒ දෙසට

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Delete
    8. ගෝටාබය හෙට අනිද්ද කූරු ගනින කොට
      දුමින්දයා ළඟින් ඉඳන් පිටත් කහන කොට
      එල්ලුම්ගහ පෙනෙන විටදි හුජ්ජ පෙරෙන කොට
      විසිල් ගහමු අපි එක්වී මරාගෙ හැත්තට

      Delete
  10. ලංකාවෙ හුදී ජනයට ආබාධිත රණවිරු විශ්‍රාම වැටුප පිලිබඳ පැහැදිලි අවබෝධයක් නෑ. ගොඩක් දෙනෙක් හිතුවෙ මේ ආබාධිතයන්ට ජීවත් වෙන්න කිසිම වැටුපක් ආණ්ඩුවෙන් ගෙවන්නෙ නෑ, මොකද ඔවුන් අවුරුදු 12 සම්පූර්ණ වෙන්න ඉස්සෙල්ල ආබාධිත වෙලා තියෙන නිසා කියල. පස්සෙ මේකට පොලිසියෙන් කඳුලු ගෑස් ගහලා ජල ප්‍රහාර එල්ල කළාම, ඔක්කොම ආණ්ඩුවට බණින්න ගත්ත. මටනම් හිතෙන්නෙ ආණ්ඩුව එක දිගට අසූචි නාමින් ඉන්නව කියල. සති දෙකකට කලින් මහ බැංකු හොරා, ඊට පස්සෙ ආබාධිත රණවිරුවන්ට පහර දීම, දැන් බජට් එකෙන් පුක පැලෙන්න ටැක්ස්. මේ වගේ කප්පරක් අසූචි මහින්දගෙ ආණ්ඩුව අන්තිම කාලෙත් තිබුණෙ නෑ, මෙව්වා අපුල්ලන්න පැරාලගෙ වොෂින් මැෂින් පොඩි වැඩියි කියල මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. // මෙව්වා අපුල්ලන්න පැරාලගෙ වොෂින් මැෂින් පොඩි වැඩියි කියල මට හිතෙන්නෙ. //

      අහෝ... යහපාලනේ විසින් පැරා තුමා ව හේනේ මාමෙක් කොලා නේ.......

      Delete
  11. /* යුද්ධයෙන් මිය ගිය සෙබළුන්ට රණවිරුවන් යයි කියනු ලැබේ ..*/

    ඇයි එළියකන්දේ කේ පොයින්ට් කෑම්ප් එක කළේත් රණවිරුවන් නේද?

    ReplyDelete
    Replies
    1. නොදන්න හුත්තවල් කතා නොකර හිටපිය හිවලා

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා