සවුදි අරාබිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සාමාජිකත්වයට දෙවන වරටත් පත් වීම

සවුදි අරාබිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සාමාජිකත්වයට දෙවන වරටත් සාමාජික ඡන්දයෙන් තේරී පත් වීම මානව හිමිකම් සංවිධානවල දැඩි විවේචනයට ලක් වී තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ සාමාජික රටවල් සංඛ්‍යාව 47කි. සෑම වසරක ම එයින් තුනෙන් එකක් තුන් අවුරුදු කාල සීමාවක් සඳහා යළි පත් කර ගනු ලැබේ. සවුදි අරාබිය සිය පළමු තුන් අවුරුද්ද අවසන් කිරීමෙන් අනතුරුව මෙසේ දෙවන වරටත් තේරී පත් විය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ සාමාජිකත්වය හිමි වන්නේ කලාපීය පදනමකිනි. සවුදි අරාබියට හිමි වී තිබෙන්නේ ආසියානු කලාපයට හිමි ස්ථානයකි. මානව හිමිකම් කොම්ෂමේ ආසියානු කලාපය නියෝජනය කරන සෙසු රටවල් වන්නේ ජපානය, ඉරාකය හා චීනයයි.

සවුදි අරාබිය යේමනයේ හවුති කැරැලිකරුවන්ට එරෙහිව 2015 සිට එල්ල කරනු ලබන ගුවන් ප්‍ර‍හාර හේතුවෙන් සිවිල් වැසියන් 4000ක් පමණ වඩා මිය ගොස් ඇති බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හා හියුමන් රයිට්ස් වොච් සංවිධාන 2016 මුලදී චෝදනා කළේ ය.

මානව හිමිකම් කොමිෂම මේ පිළිබඳ බාහිර පරීක්ෂණයකට යොමු වීම සවුදි අරාබිය පසුගිය මාසයේදී වැළැක්වූයේ ය. ඒ වෙනුවට මානව හිමිකම් උල්ලංඝනයන් ගැන පරීක්ෂණ පැවැත්වීම රටින් බැහැර යේමන රජය වෙත පැවරීමට ඔවුහු සමත් වූ හ.

මානව හිමිකම් සංවිධාන චෝදනා කරන්නේ පීඩක රාජ්‍යයන් විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම හයිජැක් කර තමන්ගේ උවමනාවන්ට යොදා ගන්නා බවයි.

සවුදි අරාබිය 2015දී පුද්ගලයන් 157කට එරෙහිව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ රටකි. එරට කාන්තාවන්ට සම අයිතිවාසිකම් නැත. රජයට විරුද්ධ මත පළ කරන්නන් මර්දනයට ලක් කෙරේ.

මේ අතර රුසියාව පළමු වතාවට මානව හිමිකම් කොමිෂමට තේරී පත් වීමේ ඡන්දයකින් පරාජය වී නැවත තේරී පත් වීමට අසමත් විය. රුසියාවට ඡන්ද 112ක් ලැබුණ අතර ඡන්ද 114ක් ලැබුණු ක්‍රොඒෂියාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමට තේරී පත් විය.

(ගිය සතියේ රාවය පුවත්පතේ විදෙස් පිටුවට ලියන ලද ලිපියක් බව කරුණාවෙන් සලකන්න)



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. අජිත් පැරකුම් ජයසිංහගේ කන පොපියන්නට මහාචාර්ය ඩෙස් මල්ලිකාරච්චි දුන් අතුල් පහර. මෙම පහරත් සමඟ ම අජිත් පැරකුම් ජයසිංහ තෝන්තුවා වී සිටී. අහෝ අජිත්!

    https://youtu.be/OJ2GdV5wxBg

    අජිත් පැරකුම් ජයසිංහ යනු කෙතරම් අශාස්ත්‍රීය සරලමතික‍යකු ද යන්න පැහැදිලි වන්නේ ඩෙස්ගේ විදග්ධ දේශනයට පසු W3Lanka කියවන විට ය.

    ReplyDelete
    Replies
    1. තොපි සේරම ගංජා ගහලා ඉන්න පිස්සෝ.

      Delete
    2. ගංජා ඇනෝ :D ඒකනේ බං අපි අපිට ඕන දේවල් ලියන්නේ. ගංජා ගැහුවාම ඔහොම තමයි. පාරේ බල්ලෙක් හුජ්ජ කරලා තිබ්බොත්, එතන තරනය කරන්න ඔරු හදනවා. ඕක ගංජාවල හැටියක් බං. උඹ ගනන් ගන්න එපා.

      Delete
  2. මෙච්චර කල් සම්මුතිවාදේට කඩේ ගිහින්, ඔරුව පෙරලෙනවා දැක්ක ගමන් මුස්ලිම් හාදයන් ට විරුද්ද දෝසාරෝපනේ ගිය සතියෙ ඉඳන් ම පටන් ගත්තා නේ පැරා තුමෝ??

    හොර ගෙඩියා!!!

    ReplyDelete
    Replies
    1. සබඳ සාරසයෙනි,

      තෙපි පරසිත් විමසන නැණින් යුතු පුඟුලෙකි. මේ පැරකුමු "කනු රිසිවූ කල කබර තෙම තල තෙම" සේ දකියි.

      මුන් වත්මනෙහි සියුම්ව යත් දරනුයේ රනිලා මුසල්මනු අන්තවාදයට එරෙහි ජන සම්මතවාදියකු ලෙස සිහල ජනකැල අබිමුව ඔපදමනටය.

      -මයුරවිල මි.

      Delete
    2. සාරස,

      ඊ ලඟට කුදලාගම - මයුරවිල SET එකෙන් බඩ පුරා කන්නෙ ඉයන්. මන් දැක්ක මයුරවිල දැනටමත් ගේම ඉල්ලලා තියනව.

      පව් ඉයන් කියන්නෙ අහිංසක යූඇන්පී ගිරවෙක්. සාරස පොඩ්ඩක් කුදලාගම - මයුරවිල SET ට කියල වැඩේ ශේප් කරපං. ඉයන් කියන්නෙ නරක මිනිහෙක් නෙමෙයිනෙ සාමාන්‍ය ජීවිතේදී.

      Delete
    3. සරසයෝ, උඹ කොච්චර උඩ පැන්නත් උඹ දංකුඩ කන මැදමුලන ගුබ්බෑයමේ කිසිම කෙනෙක් මේ ලෝක ධාතුව පවතින තුරු බලයට ආයේ නම් පත් වෙන්නේ නෑ, හරිය?

      Delete
    4. ///ඉයන් කියන්නෙ නරක මිනිහෙක් නෙමෙයිනෙ සාමාන්‍ය ජීවිතේදී.///
      ++++++++++++++++++++++

      Delete
    5. //හරිය?//
      වැරදිය!

      Delete
  3. අයිවන්ගෙන් අහන්න ඔන වෙලාවක ඇයි රාවය වගේ වැදගත් තැනක පැරා වගේ ගොබිබසේන කෙනෙකුට සති පතා බහුබූත ලියන්න ඉඩ දෙන්නේ කියලා. ජනරංජන මේ විකාර වැඩවලට වගකියන්න ඕන. අපි ෆීල්ඩ් එකෙත් රැඩිකල් ඩිසෙක්ශන් එකක් කරලා අයින් කරපු පිළිකා ආයේ ෆීල්ඩ් එකට වද්ද ගැනීම භයානක යි. අපි රාවට රැක ගන්න වෙහෙසුණු පාඨකයෝ. අපිට අයිතියක් තියෙනවා මේවා ගැන කතා කරන්න. Change.org පෙත්සමක් අත්සන් කරලා රාවයට යවන්න ඕන.

    අපි රාවයට සල්ලි දීලා ගන්නෙ අජිත් පැරකුම්ගේ කුණුහරුප කියවන්න නෙවෙයි. අපි රාවය ගන්නෙ පහත තිබෙනවා වගේ විද්වත් ලිපි කියවන්න. ඒවා අස්සේ පැරාගේ විහිළු දාලා හරියන්නෙ නැහැ.

    (යාපනය සරසවියේ සිසුන් දෙදෙනා පිළිබඳ ලියවුණු ලිපියකිනි.)


    //මින් ප්‍රකාශිත නග්න විසකුරු වර්ගවාදය නොතකා හැරියද, එය ඉක්මවා ගිය වැදගත් දේශපාලන තර්කනයක් එහි ගැබ්ව තිබේ. ඒ වනාහී දෙමළ ජනයාට එරෙහි රාජ්‍ය ප්‍රචණ්ඩත්වය ගැන ජනමාධ්‍ය ඔස්සේ ගොඩනංවන අධිපති සිංහල ආඛ්‍යානය යටින් ඇති ජනප්‍රිය දේශපාලන තර්කනයයි. එ් තර්කනයේ මූලික ලක්‍ෂණය කිහිපයකි. ඒ අනුව, දෙමළ ජනයා ඉලක්ක කොට මුදාහැ‍රෙන රාජ්‍ය ප්‍රචණ්ඩත්වය වනාහී 'අනපේක්‍ෂිත අහම්බයකි.' කොකුවිල් වෙඩිතැබීම වැනි කිසියම් හුදකලා ප්‍රචණ්ඩ සිදුවීමක් මගින් බාධා නොවන තාක් කල් දෙමළ ප්‍රදේශවල 'සාමාන්‍ය තත්ත්වය' රජයයි. ඒ සාමාන්‍ය තත්ත්වයට දෙමළ ජනයා කොළඹ ආණ්ඩුව කෙරෙහි කෘතඥ විය යුතු ය. ඒ සිතීම් අනුව 'අහම්බය' යනු 'සාමාන්‍ය තත්ත්වය'ට පටහැනි, සාමාන්‍ය තත්ත්වය තුළ සිදුවිය හැකි යැයි අපේක්‍ෂා නොකළ 'හුදකලා අවාසනාවන්" සේ සැළකේ.

    නමුත් ඒ 'සාමාන්‍ය තත්ත්වය' නිර්මාණය කොට ඇත්තේ දෙමළ ජනයාගේ දෛනික දිවියේ නිදහස හා සාමකාමීත්වය උල්ලංඝණය කරන ප්‍රචණ්ඩ යථාර්ථයන්ගෙන් බව තව දුරටත් වසන්ව පවතී. ලක්‍ෂ සංඛ්‍යාත සෙබළුන් දෙමළ ජනයාට අයත් ගේ දොර ඉඩ කඩම් අත්පත් කොටගෙන කඳවුරු ලා සිටීම ඒ 'සාමාන්‍ය තත්ත්වයේ' කොටසකි. යාපන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් රැස්කළ දත්ත හා සංඛ්‍යා ලේඛණයන්ට අනුව, යුද්ධයෙන් සත් වසරකට පසු යාපන දිස්ත්‍රික්කයේ 97,000කට නොඅඩු ජනකායක් ගේ දොර ඉඩ කඩම් අහිමිව තව දුරටත් අවතැන්ව දිවිගෙවීමත් ඒ 'සාමාන්‍ය තත්ත්වයේ' කොටසක් සේ සැළකේ. ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් ඉකුත් වසරේ අග භාගයේ සිදුකළ සමීක්‍ෂණයන් මගින් අනාවරණය වූ පරිදි, යාපනය දිස්ත්‍රික්කය තුළ පමණක්, යුද අනාථ කඳවුරු 32ක පවුල් 1536ක් තව දුරටත් ගාල්කොට තැබීම ද ඒ සාමාන්‍ය තත්ත්වයේම පංගුවකි. කොකුවිල් සිදුවීම 'අවාසනාවන්ත අහඹුවක්' සේ පෙන්නුම් කරන්නේ ඉහත කී 'සාමාන්‍ය තත්ත්වයට' ඉන් බාධා වන නිසා ය.

    විසි අට අවුරුද්දකට කලින් දකුණේ ගම් නියම් ගම්වල කඳවුරු ලා මහ රෑ වීදි සරණ රජයේ සන්නද්ධ සේනා පිළිබඳ ප්‍රචණ්ඩ යථාර්ථය නොතකා තංගල්ලේ සිසු ඝාතනය වටහා ගත නොහැකි බව බොහෝ දෙනා එදා දැන සිටියහ. නමුත් කොකුවිල් සිදුවීම් වටහාගැනීමට අත්‍යාවශ්‍ය සන්දර්භය උතුරේ රජයන ඉහතින් කී ප්‍රචණ්ඩ යථාර්ථයන් මගින් නිර්මාණය වී ඇති බව සිතන්නට දකුණේ බහුතරයක් දෙනා මෙදා පැකිළෙති. මහමඟ නිරායුධ තරුණයන් මරා දැමීම සෙස්සන් කෙරෙහි ත්‍රස්තය පතුරුවාලිය හැකි දැනුවත් උපක්‍රමයක් සේ රාජ්‍ය හමුදාවන් විසින් සළකන බව ලෙයින් උගත් සමාජයක් නිරායුධ දෙමළ තරුණයන් මහමඟ මරා දැමෙන්නේ මාර්ග නීති කඩ කොට, පොලිස් අණ නොතැකූ නිසා යැයි කල්පනා කරන්නේ ඒ නිසා ය.

    ලංකාව අලුත් වටයකින් ලේ වැකි පැරණි ඉතිහාස මාවත් කරා ගමන් කිරීමේ ආහ්ලාදය විඳිමින් සිටිතැයි ලියන්නට සිදුවීම 'අවාසනාවක්' විය හැකි ය. නමුත් ඒ මාවත් අවුරා රැක සිටින පැරණි ඉරණම් තවදුරටත් 'අහම්බයන්' නොවේ.☐

    (මෙම ලිපිය 2016 ඔක්තෝබර් 30 වැනිදා 'රාවය' පත්‍රයේ මුලින් පළ විය.)//

    ReplyDelete
  4. "සවුදි අරාබිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සාමාජිකත්වයට දෙවන වරටත් සාමාජික ඡන්දයෙන් තේරී පත් වීම මානව හිමිකම් සංවිධානවල දැඩි විවේචනයට ලක් වී තිබේ."

    ඉතින් පැරා අපි මොනවා කරන්නද? සාමාජික චන්දෙන්නේ පත්වෙලා තියෙන්නෙ.

    "මේ අතර රුසියාව පළමු වතාවට මානව හිමිකම් කොමිෂමට තේරී පත් වීමේ ඡන්දයකින් පරාජය වී නැවත තේරී පත් වීමට අසමත් විය. රුසියාවට ඡන්ද 112ක් ලැබුණ අතර ඡන්ද 114ක් ලැබුණු ක්‍රොඒෂියාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමට තේරී පත් විය."

    ඉතින් පැරා ඒකටත් අපි මොනවා කරන්නද? සාමාජික චන්දෙන්නේ පරාද වෙලා තියෙන්නෙ. තියෙන්නෙ.

    ඕක තමයි දේශපාලනේ කියන්නෙ. දැන් බලන්න රටට අච්චර වැඩක් කරපු මහින්දව ගෙදර යවල ගෙනාපු කෙනා. ඒ කළෙත් බහුතරයේ සුලුතරයත් සුළුතරයේ බහුතරයත් වන චන්දදායකයො. ඉතින් එකත් ප්‍රජාතාන්ත්‍රවාදී මහා විප්ලවයක් කියන පැරාට පුලුවන්ද මේක ප්‍රජාතාන්ත්‍රවාදී නොවෙයි කියන්න.

    එතකොට තව එකක් 87 - 90 කාලෙ එජාප කැබිනට්ටුවේ හිටිය පළමු පෙළ ඇමතිවරයෙක් සහ 89 න් පසු දිගටම 93 දී ප්‍රේමදාස මැරෙනකම් රජයේ තුන්වෙනි තැන වන සභානායක කම දරපු කෙනා නේද දැන් අගමැති ?

    එකත් ඉතින් ප්‍රජාතන්ත්‍රවාදෙනෙ.

    -මොණරවිල

    ReplyDelete
    Replies
    1. පැරා තුමා ගේ ප්‍රජාතන්ත්‍රවාදේ තියෙන්නේ පැරා තුමා ලඟ නොව එතුමා ගේ සේවාදායකයා වන UNDP වෙත බවයි පේන්නට තියෙන්නේ....

      Delete
    2. දැන් බලන්ට අපේ නෙලුම් පොහොට්ටුවේ කට්ටිය සමුපකාර චන්ද දිනන හැටි.
      එකත් ඉතින් ප්‍රජාතන්ත්‍රවාදෙනෙ. නැද්ද අපේ පී -කොක්

      Delete
    3. ඩොක්ටර් කියන්නෙ ඇත්ත. පැරා පහුගිය කාලෙම සිංහලකමට, බෞද්ධකමට විරුද්ධව වැඩ කළා. දැන් මුළු ලෝකෙම තමන්ගේ රටවල ජාතිය, ආගම රකින්න ඕන කියන මතයට ඇවිත් ඉන්නේ. පැරාලගෙ බොරු කතාවලට පදනම හදපු එංගලන්තෙ, ඇමෙරිකාවෙ වගේ රටවල් අද ඒ මතයට ඇවිත්. දැන් පැරා මහා සිංහල බෞද්ධය වගේ රගපාන්න හදනවා. පැරා පහුගිය ටිකේ ක්‍රමයෙන් ඒක කරගෙන එනවා. ඩොක්ටර්ලා වගේ දැනුම් තේරුම් තියෙන අය පැරාගෙ බොරුව හෙළි කරනින ඕන. ඒක වටින දෙයක්. නැත්තන් පැරා සිංහල බෞද්ධකමත් විකුණල බඩ වඩා ගනියි.

      පැරා ඒ වැඩේ කරන්න හැදුව දාට තමයි පැරාගෙ දත් ටික මේ රටේ මිනිස්සු ගලවන්නේ. ඩොක්ටර්ලා වගේ හිරි වට්ටන්නෙ කැතුව පැරාගේ දත් ටික ගලවලා බිම දැමෙයි. පැරා දැන් මෙතන ගරන උනන්ද නැහැ. අර යූ. න්. සල්ලි බ්ලොග් එක ගැනයි උනන්දු. මේවා වැහි නැති අකුණු වදින ජරා වැඩ. පැරා ගැන ඉංග්‍රීසියෙනුත් ලියවලා දම්මවන්න ඕන යූ.එන් එකේ අයටත් බලන්න.

      Delete
    4. සරසයෙනි; මයුරවිලයෙනි,

      පැරකුමුවන වත්මනැ පකට කරන හැසිරුම විසින් නම් ඔවුනගේ දසන් දෙතිස උදරගත වැ පමණක් නවතින බවක් නො පෙනේ. දෑ හිතබැඳි දනන් විසින් පැරකුමවනගේ වත පුරා වැර දරා යොමවනු ලබන පහරින් ලෙ ෆො III (Le Fort III) අයුරු අස්ථි භංගුරයෙක් මැ සිදු කරනු ලබනු ඇත. අහෝ පැරකුම්! නො ලදි සැනසුම්!

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      Delete
    5. // දෑ හිතබැඳි දනන් විසින් පැරකුමවනගේ වත පුරා වැර දරා යොමවනු ලබන පහරින් ලෙ ෆො III (Le Fort III) අයුරු අස්ථි භංගුරයෙක් මැ සිදු කරනු ලබනු ඇත. //

      අහෝ කුදලාගම සුදීමතුනි...

      එම කාරනාව සත්යයක් නම් පැරකුමුවෝ තම උඩුහනුකාස්ති ලෝ පටින් වෙලා දන්තජයන් එකට ගැටගසාගෙන සිටිනා හැඩැයැ!

      Delete
    6. එසේ යැ! එසේ යැ! පිය සාරසයෙනි, එසඳහා නිසි ටයිටේනියම් ලෝ පතුරු ද ඇණ මුරිච්චි ද පැරකුමුවන කලක් ඇණ මුරිච්චි තද කළ වෝකර සමාගමින් නොමිල ව සපයනු ඇත.

      Delete
  5. //එරට කාන්තාවන්ට සම අයිතිවාසිකම් නැත.//

    මෙරට කාන්තාවන්ට සම අයිතිවාසිකම් ඇති කිරීමට පැරා කර ඇති වැඩ කීපයක් පැරාගේම බ්ලොල් එකෙන් හමු වේ.


    /////// සකල විධ ලෝක ධාතුවේ ස්ත්‍රී වර්ගයාගේ විමුක්තිය තමා විසින් ම තමන්ගේ බ්ලොග් කඩමාල්ල මඟින් ම සලසා දිය යුතු බව පවසන මතුගම අජිත් පැරකුම් ජයසිංහගේ ස්ත්‍රීවාදී ක්‍රියාකාරීත්වයේ ස්වභාවය කියා පාන සුවිශේෂී සිදුවීම් කීපයක් මෙසේ සටහන් කරමු:

    1. තමා සේවය කළ පාසලේ තරුණ විදුහල්පතිනියට අනියම් සම්බන්ධයකට යෝජනා කර ඇය එය ප්‍රතික්ෂේප කළ පසු ඇයට එරෙහි ව පාසලේ ගුරුවරුන් උසිගන්වා පාසල් පරිපාලනය කඩාකප්පල් කිරීම (සිදුවීමට අදාළ හඬ පටය අප සතු ව ඇත).

    2. තමා සමඟ කලක් දේශපාලනය කළ තම ජීවිතය බේරා දුන් සගයෙකුගේ ප්‍රිය භාර්යාවට අනියම් යෝජනා කර ඇය එය ප්‍රතික්ෂේප කළ පසු ඇය පිළිබඳ අසත්‍ය කතා පැතිරවීම (සිදුවීමට අදාළ එස්.එම්.එස්. අප සතු ව ඇත).

    3. තම ව්‍යාපාරයකට ලේඛන සහයා ලබා දුන් ස්ත්‍රියකට අසභ්‍ය ප්‍රකාශන යතුරුලියනය කරන්නට භාර දී ඇය ඒ පිළිබඳ තම නායකයාට පැමිණිලි කළ පසු ඇයගේ පෞද්ගලික ජීවිතය කඩාකප්පල් වන සේ අසත්‍ය කතා පැතිරවීම (සිදුවීමට අදාළ ලිඛිත පැමිණිල්ල අප සතු ව ඇත).

    4. කන්තලේ ප්‍රදේශයේ ගුරුවරයෙකු ව සිටිය දී තම ශිෂ්‍යාවක සමඟත් එම ශිෂ්‍යාවගේ මව සමඟත් සම්බන්ධයක් පවත්වාගෙන යාම සහ එම තොරතුරු හෙළි වීම නිසා ශිෂ්‍යාවගේ මව කනේරු ඇට කා හෘදස්පන්දන වේගය අසාමාන්‍ය ලෙස අඩු වී ඉතා අසාධ්‍ය තත්ත්වයකට පත්වීම (සිදුවීමට අදාළ පොලිස් වාර්තාවේ සහතික කළ පිටපතක් අප සතු ව ඇත). ///////

    ReplyDelete
    Replies
    1. මේ, මේ, ඕව ඔහොම තියාගෙන ඉන්ට එපා.
      වහාම FCID හරි බැරිමනං විමල්ට හරි ඩලස්ට හරි දෙන්ට.
      අනිවාර්යයෙන්ම මේකට නම් මොනවා හරි කරන්ට ඕනේ.

      Delete
    2. හැබෑව නේන්නම්, ඕව මොනවට අස්සෙ ගහගෙන තියාගන්නවද මන්දා? පැරාව කපලා දාන්න පාවිච්චි කරනවා මිසක!

      Delete
  6. මරු නෙක වෙස් ගෙනැ එන සේ අදිරදවාදය ද කලෙන් කලැ නව වෙස් ගෙනැ මතු වැ එයි. වමැ වැදියවුනගේ මාර්ක්ස්වාදයැ “අන්තර්ජාතිකවාදය” යනු ද දකුණැ වැදියවුනගේ ලිබරල්වාදයැ “සමානාත්මතාවය” යනු ද අදිරදවාදයැ නන් නය වෙස් යැ. යුරෝපය හැර දා නව අදිරදවාදය ඇමෙරිකාව තම වාහකයා කැරැ ගෙනැ ඇත. එදවස මැකෝලෙ සාමි විසින් පැවැසුණු දෑ මෙදවස සීරුමාරුවට කරමින් සිටිනුයේ නේක ජාති දනන් එක්සත් කරවීම තුමු අරමුණ බව හඟවන පිරිසකි. ඔවුහු නම් නූතන අදිරදවාදය පතුරුවනු රිසි වැ එක් වැ සිටින “එක්සත් ජාතිහු” යැ. දිළිඳු රටැ කෙරෙහි ‍පතළ කරුණ සිතින් යැයි පවසමින ද ලෝ සමඟිය සුරකින සිතින් යැ පවසමින ද “මානව හිමිකම්” නම් ඔවුනට අවිසය අපට විසය අමුතු නයෙක් පවසමින ද මේ “එක්සත් ජාතිහු” දිළිදු රටැ වැදැ, ඒ රටැ දෙස් හැදියා නසන්නේ යැ; බටහිර විදෙස් හැදියාව මැ පතුරැවන්නේ යැ. මුල් කලැ මෙකී කිරියට ඔවුහු මෙම දිළිඳු රටැ වැසි අනුකාරක සැබෑ උගත් පරපුරෙක් යොදා ගත්හ. බටහිරයන්ගේ උපකාරයෙන් බටහිර සරසවි වැදැ, බටහිර දැනුම ගෙනැ, ‍යළි පැමිණි මෙකී පරපුර බටහිර ඇඳුමෙන් සැරැසී, බෙන්ස් රියැ නැඟැ පැමිණැ, විද්වත් සමුළු වැදැ, තරුණ දනමන බටහිර දැනුමෙන් නසැ, එදවස මැකෝලෙ සාමි පැවසූ අයුරට අනුරැ වැ, පැහැයෙන් ද ලෙයෙන් ද ලාංකික වනමුත් රුචියෙන් ද සිතුමෙන් ද පැතුමෙන් ද සද්හැදියාවෙන් ද නැණයෙන් ද ඉංගිරිසි වන කාලසුද්දනගේ පන්තියෙක් බිහි කළහ.

    විසිඑක් වැනි සියවස වන විට පෙර කී කාලසුද්දනගේ පන්තියට අදිරදවාදීනගේ නයපතැ වූ කිරිය පෙළ තව දුරටත් ඉටු කළ නො හැකි වටපිටාවෙක් ‍මෙසිරිලක ද ඇතුලු බොහෝ දිළිඳු රටැ ඇති විණ. කල් ගතවත් මැ උගත් කාලසුද්දනගේ කුලී කොන්තරාතුව එළි වීමත්, එනයින් එකී කාලසුද්දනගේ “ප්‍රභූ” පෙළැන්තිය නො රිස්සන තරුණ පරපුරෙක් වැඩී පැමිණීමත් එකී නො රිස්සුමට හේතු විණි. ඉක්බිති වැ නව අදිරදවාදය විසින් තෝරා ගැනුණේ පෙර කී “ප්‍රභූ” පන්තියට එරෙහි වැ බොරැ සටනෙක් කරන බැව් රටට පෙන්වන, දෙස් විදෙස් නිසි අදයුරුවෙක් නො ලද, තුමු මහමඟෙන් ද කුණු කානුවෙන් ද උගත් බව නිතොර පවසන, වදකඳවුරැ වැදැ තුමු විඳි දුක්ගැහැට හැඩවැඩ කැරැ නිතොර පවසන, මරුටි අටසියය රියෙන් ගමන් යන රැවැටිලිකාර “නිර්ප්‍රභූ” පන්තියකි. මෙකී පිරිස නිසි ලෙස රුකියාවෙක් නො කරති; පල්හඩු බසෙන් වියුණුසටහන් නම් කඩමාල්ලෙක් දෙකෙක් දිනපතා පළ කරති. ‍

    ReplyDelete
    Replies
    1. //ඉක්බිති වැ නව අදිරදවාදය විසින් තෝරා ගැනුණේ පෙර කී “ප්‍රභූ” පන්තියට එරෙහි වැ බොරැ සටනෙක් කරන බැව් රටට පෙන්වන, දෙස් විදෙස් නිසි අදයුරුවෙක් නො ලද, තුමු මහමඟෙන් ද කුණු කානුවෙන් ද උගත් බව නිතොර පවසන, වදකඳවුරැ වැදැ තුමු විඳි දුක්ගැහැට හැඩවැඩ කැරැ නිතොර පවසන, මරුටි අටසියය රියෙන් ගමන් යන රැවැටිලිකාර “නිර්ප්‍රභූ” පන්තියකි. මෙකී පිරිස නිසි ලෙස රුකියාවෙක් නො කරති; පල්හඩු බසෙන් වියුණුසටහන් නම් කඩමාල්ලෙක් දෙකෙක් දිනපතා පළ කරති. ‍ //

      ඔබ මෙහි කියනා "අඟේ සිට කන කෑමේ" කර්මාන්තය පැරා තුමා යහමින් කොරමින් සිටින බව පෙනේ....

      Delete
    2. හැබෑවටම මේ පැරා තුමා ගරන වගෙයි කියන්නේ. ගොඩක් අයට අෂ්ටම ඒරාෂ්ටකය 2017 පෙබරවාරියෙන් ඉවර වෙනවා. ඒත් පැරාගේ අපල කාලේ දැන් වගෙයි ලබන්නෙ.

      Delete
    3. අනේ අම්මපා, ලියන බිජ්ජක් ලියපල්ලකො තේරෙන බාසාවෙන්!

      Delete
  7. රාවය විදෙස් පිටුවක් මෑත කාලයේ තිබුණේ නැහැ. පහුගිය සතියේ ඉඳන් රාවයේ විදෙස් පිටුවට ලියන්නේ අජිත් පැරකුම් ජයසිංහ...

    ReplyDelete
    Replies
    1. // පහුගිය සතියේ ඉඳන් රාවයේ විදෙස් පිටුවට ලියන්නේ අජිත් පැරකුම් ජයසිංහ... //

      අන්ධයො සැට් එක අලියා ව විස්තර කොලා වගේ හිටී නේද හිටන්?

      Delete
    2. මේ මොන උගුඩුවෙක්ද බොල? තෝ මෙතන රාවයේ ඇඩ් දාන්නෙ නැතුව ඉඳින්. බ්ලොග්වල දැන් පුක දෙන එවුන් වැහිවැහැලා.

      Delete
    3. අම්මප ?

      අහෝසි කාලේන කජ්ජෙන පුහුලන් කිව්වලු !

      මටත් හිතුන රාවය කොච්චර බංකොලොත්ද කියල උඹ වගේ එකෙක් රාවයෙ lead එක ලියද්දි.

      Delete
    4. රාවය පුවත්පත වර්ථමානයේ වැටී ඇති බරපතල බංකොලොත් භාවය තරිඳු වැන්නවුන් රාවයේ මුල් පුවත් ලිවීමෙන් පෙනේ. මං රාවය ගන්නේ 94 ඉදලා. තරිඳු, ඔබට රාවයට කරන්න පුළුවන් ලොකුම මෙහෙවර තමයි එකෙන් අයින් වෙලා යන එක.

      Delete
  8. නියමයි නේද පැරා, ඔයා ලියපු සරල දේකට මෙච්චර බැනලා කොමෙන්ට් දානවනම්. වෙන කාටවත් මේ තරම් කාලයක් ඔය කොමෙන්ට් කාරයො වැය කරනවා මම දැකලා නැහැ. පැරාගේ වටිනාකම ඒකෙන්ම තේරෙනවනෙ!

    ReplyDelete
    Replies
    1. කලිසම ටිකක් පාත් කරපන් බලන්න උඹේ පුකේ පැරාගේ ප යන්න හිරවෙලාද බලන්න...

      Delete
    2. නියමයි නේද පැරා.. ඇනොනිමස,

      පෙර කල යම් රජකුට තෙපි වන් සෙනක, පුකකුස, කවිඳු සහ දෙවිඳු ඈ පඬු වෙසෙසක් වූ බැව් දනිමි. තෙපි මෙකල පැරකුමු රදට අනුසස් කෙරෙන නව පුකකුස යැයි සිතමි.

      සගය මෙකල නම් "පුක" යනු අවියත් පදයෙකි නමුදු "කුස" නම් "බඩ" නොහොත් උදරයය.

      සගය "පුක" තිබෙනුයේ "බඩ" වැඩි දේ තුන් වරු ඉකුත් කල පිටකෙරුමට මිස එමගින (පුක මගින්) "බඩ" වැඩීමට (උදර පෝෂණයට) නම් නොවේ.

      සගය සැරද!(?)

      -මයුරවිල මි

      Delete
    3. @ මයුරවිල

      "පුක" යනු අවියත් පදයක් නොවේ!

      Delete
    4. ඒ කෙසේද රසිකයෙනි ? වැඩිදුර තොරතුරු දැනගනු රිසිවෙමි.
      - මයුරවිල

      Delete
    5. කලකට පෙර ඒ බව බ්ලොගයක ලියා සනාථ කර තිබුණි.

      http://kathandara.blogspot.com/2011/04/is-puka-four-letter-word.html

      පසු කලෙක ගාල්ල නගරයේ කවුදෝ විසින් අලවන ලද පෝස්රටයක පුක යන වචනය තිබී, ඒ ගැන උසාවියේ නඩුවක් ද විභාග වුණු බවත්, පුක යනු අසභ්‍ය වචනයක් නොව ශරීරයේ කොටසක් බව පිළිගත් නිසා, චුදිතයා නිදහස් වූ බවත් වාර්තා වී තිබුණි.

      Delete
    6. පැහැදිලි කෙරුම ගැන තුති. ඔබ පොස්ටුවද කියැවීමි.

      "නමුත් පුක කියන වචනය සාමාන්‍යයෙන් එලිපිට කියන එකක් නං නෙමේ." යන සඳහන ද දුටිමි. ඉන්ද අදහස් වනුයේ ඒ යම් අවියත් වහරක් බැව් නොවෙද රසිකයෙනි? කෙසේ වුව සැම අවියත් වහරක්ම අසැබි නොවේ.

      මේ සුලු කරුණු ගැන නොව ට්‍රම්පයන ගේ ජය පිළිබඳව සිනුවර වැස්සන් පමුක ඔස්තරෙලියානුන් දරන මත දැනගනු රිසිවෙමි.ඒ පිළිබඳව පෝස්ටුවක් පළකළ මනාය.

      මෙරට නම් ඒ ජය තම ජයක් සේ දකින පුඟුලෝ බොහෝය. හෙළ කරුමයෙහි සිහ සමක් පෙරවා සිටින "වර්ණ සිඟාලතෙම" ඒ ජය මෙතුපල් සිරිසෙන් ලද ජයට සමකරමින් දොඩමින ට්‍රම්පයන ගේ ජය මල් වට්ටියට අතගසා තිබිණි.

      සැමුවෙල රුදිරිගු වනද දිවංගත කල මෙවන් පුඟුලන් රටට ඇවැසිමය.

      - මයුරවිල මි.

      Delete
    7. මයුරවිල හෙලබස හැදෑරුවෙ කොහෙන්ද ?
      - ඇනෝ මි.

      Delete
    8. එකලොස්වැන්න තෙක් රජ විදු පියෙස වැද සිහල බස හැදෑරීමි. දසතුන්වැන්නෙන් පසු විදුපියසින් බැහැරව නීති සත උගත්තෙමි. ඉනික්බිති කළමනාකෙරුම පිළිබඳව සත්පති පිරියෙසුම සමත්වීමි. කිසිදු උසස් සත්සලකින් හෙළබස හදාරානොමැත්තෙමි. නමුදු ගමලදුන් ඈ සාහිත කලා මිණි පහන් වෙතින් එලිය දුටිමි.

      තවම මා සිසුවෙකි. ඒ බැව් දැන දිවි ඇතිතෙක් හෙලබස ඇතුලු සිප්සතර හදාරමි.

      මෙහි බස් පෙළහරෙහි සමත් සැබෑ පඬුවන් වන කුදලාගම, කීරාල ඈ අබිමුව මා කුදුබව සිහිපත්කරමි.

      -මයුරවිල මි.

      Delete
  9. Me ano set eka maara equipped and organized wagei Para. Post eka daala peyak yanna kalinyen post eka ala karala. Parata wechcha deyak. Para oya depress welada me ano set eke attack eken. Mokada den Para blog eke penenna nehe. Meka kumanthranayakda manda.

    ReplyDelete
  10. සංවර්ධනය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය වගේ අංශ කිහිපයක් හැර අනෙක් පැතිවලින් එක්සත් ජාතීන්ගේ සංවිධානය අසාර්ථක ව්‍යාපෘතියක්.

    ReplyDelete
    Replies
    1. එකනේ කියන්නේ ඉයන්,

      අවුරුද්දක් ඇතුලත අර දාස් ගානක් සේවකයො ඉන්න බැංකු, දුරකථන සමාගම් පරද්දල සීයට පන්සීයක ලාබ (500%ක) ලබපු සේවකයො 20 ක් විතර ඉන්න “Perpetual Treasuries" කියන්නේ ගිනස් වාර්තාවක් පිහිටවපු ලෝක මට්ටමේ ව්‍යාපෘතියක්.

      නරකද ඉයන් UN එක Perpetual Treasuries වලට දුන්නනම්?

      සැරද ඉයන් !!!

      ප.ලි. : තාම රෙදි අඳිනවද ?

      - මොණරවිල

      Delete
    2. "ඉයන්" නමින් පෙනී සිටින ගොන් හරකෙක් තප්පුලයි...

      Delete
    3. ඉයං,

      ඔබ 'සංවර්ධනය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය වගේ අංශ කිහිපයක් හැර අනෙක් පැතිවලින් එක්සත් ජාතීන්ගේ සංවිධානය අසාර්ථක ව්‍යාපෘතියක්' කියා කියන්නේ අනුභූතික සාක්ෂි ඇතුවද?

      Delete
  11. උබලා මෙහේ පිස්සු කෙලිනවා... අන්න ඇමෙරිකාවේ අලුත් movement එකක් පටන් අරගෙන.. slogan එක "දිනූ මව්බිම අනතුරේ .. හිලරි සමග නැගිටිමු"

    ReplyDelete
  12. ජාත්‍යයන්තර දේශපාලනය සහ ක්‍රීඩා කටයුතු ද සියල්ල මුදල්වලට යටයි!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා