ජනාධිපතිවරයාගේ ප්‍රකාශය එම අවස්ථාවේ සිදු නොකළ යුතුව තිබූ දෙයක් - රජිත් කීර්ති තෙන්නකෝන්

මල්වාන ඉඩමේ නඩුව ඉවරයි. අයිතිකාරයාගෙන් ප්‍රකාශයක්වත් ලියාගත්තේ නෑ. ජනපති කථාවේ නොකියූ කථාව මේකද?

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති රැස්වීමක දී ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශය ලංකාවේ සමස්ථ දේශපාලන චිත්‍රය උණුසුම් කිරීමට සමත් විය. එම ප්‍රකාශය මුළු රටම තිගැස්මකට ලක් කොට ඇත.

මාගේ පුද්ගලික අදහස නම්, ජනාධිපතිවරයාගේ ප්‍රකාශය එම අවස්ථාවේ සිදු නොකළ යුතුව තිබූ දෙයක් බව යි. ස්වාධීන කොමිෂන් සභාවන් පිළිබද ලංකාවේ ජනතාවට අති මහත් බලාපොරොත්තු තබා ඇත. අප එම කොමිෂන් සභා සැබෑ ලෙසම සක්‍රීය විය යුතු බව විශ්වාස කරමු. ඉදිරියටත් ඒ වෙනුවෙන්ම පෙනී සිටිමු.

අප ගේ කැමැත්ත නොවන නමුත්, එහි ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට පසුබිම් වූ දේශපාලනික කරුණු හදුණා ගැනීම වැදගත් වේ. එය අද දවසේ ලංකාවේ දේශපාලන යථාර්ථය තේරුම් ගැනීමට හේතු පාදක වනු ඇත්තේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක හමුදා නිලධාරීන් සහභාගි වු ‘සත්විරු උරුමය‘ උත්සවයේ දී ‘ස්වාධීන කොමිෂන් සභා, හිටපු නාවික හමුදාපතිවරු හා ආරක්ෂක ලේකම් අධිකරණයට ඉදිරිපත් කිරීම, වංචා හා දුෂණ විමර්ශනය සහ දිගු කලක් රිමාන්ඩ් බන්ධනාගාරගත කළ සැකකරුවන් පිළිබඳ කළ කථාව සමාජයේ සියලු දේශපාලන පාර්ශවකරුවන්ට ලබා දුන් “Shock Treatment” කම්පන ප්‍රතිකාරයක් බවට පැහැදිලිය. එහි ක්ෂණික ප්‍රතිඑලය ජනාධිපතිවරයාට අවාසිදායක ‘කළු‘ පැල්ලමකි. නමුත්, එයින් විද්‍යාමානවන අර්බුදය කුමක් ද?

ආණ්ඩු පක්ෂයේ පාර්ශවකරුවන් වන එජාපය සහ ශ්‍රීලනිප රාජ්‍ය පාලනයේ දෛනික රාජ්‍ය කටයුතු සම්බන්ධයෙන් දිගු කලක් පුරා සීත ගැටුමක් තිබේ. මෙම ගැටුම් මහ බැංකුව, විනිවිද භාවයක් නොමැති ටෙන්ඩර් සහ වෙනත් ගනුදෙනු, අපරාධ විමර්ශන, දේශපාලන අවශ්‍යතා සඳහා දුෂණ වංචා විමර්ශන යොදා ගැනීම යන කරුණු මත පදනම් වී වර්ධනය වූ ඒවාය.

මෙම ප්‍රකාශයේ පළමු කොටස, එනම් නාවික හමුදාපතිවරුන් තිදෙනා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා සම්බන්ධයෙන් වු ප්‍රකාශය වංචා හා දුෂණ විමර්ශනය සම්බන්ධයෙන් ඝෘණාත්මක බලපෑමක් සිදු කළ හැකි බවයි. ඇවන්ගාඩ් පරීක්ෂණ ආඩාල වූයේ මේ ආණ්ඩුවේ ඇතුළතින් හා පිටතින් එල්ල වූ බලපෑම් නිසා බව රහසක් නොවේ. අපරාධ නඩුවක්, දැන් දුෂණය සඳහා උත්සහ දැරීමක්, බවට ලඝු වී චෝදනා එල්ල වී තිබේ. හමුදා නිලධාරීන් වූ පමණින් ලංකා ආණ්ඩුවේ නීති පද්ධතියට පිටතින් කටයුතු කිරීමේ හැකියාවක් පැවතිය නොහැකි ය. ඇවන්ගාඩ් පළමු නැව සම්බන්ධයෙන් ද ගිණි අවි පනත යටතේ මේ නිලධාරීන්ට නඩු පැවරිය යුතු බවයි. එසේ තිබිය දී ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීම පිළිබඳ ප්‍රසිද්ධියේ නොසතුට පළ කිරීම දුෂණ විරෝධී ව්‍යාපාරයට දැඩි ඝෘණාත්මක බලපෑමක් ඇති කරනු ඇත්තේ ය. ඒ සමාජ ක්‍රියාකාරීන් ලෙස අපේ පැත්තේ කතාවයි. නමුත්, අපරාධ නඩු නිමිත්තක් අද ‘දුෂණයට තැත් කිරීම‘, අනුබලදීම වැනි චෝදනාවකට ලඝු වී තිබේ. ඇත්තට ඇවන්ගාඩ් අපරාධයක් ද? දුෂණයට තැත් කිරීමක් ද? මට නම් ඇවන්ගාඩ් අපරාධයක් මිස ‘දුෂණයට තැත් කිරීමක් නොවේ.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ දෙවන කොටස, රහස් පොලීසිය, පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය සහ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත දේශපාලන බලපෑම් එල්ලවන බව හා දේශපාලන න්‍යාය පත්‍රයක ක්‍රියාත්මක වන බවයි. ඒ සමඟම ජනාධිපතිවරයා තමන් කොමිසන් සභාවට දුරකතන ඇමතුම් ලබා නොදෙන බවත්, බලපෑම් නොකරන බවත් පවසයි. එසේ නම් මේ චෝදනා එල්ල වන්නේ කාටද? පැහැදිලි ලෙසම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙත ය.

එවැනි බලවත් චෝදනාවක් සඳහා පදනම සැකසෙන කරුණු කිහිපයක් මෙසේය.

1. ජනාධිපතිවරණ ප්‍රතිඑල නිකුත් වී දින කිහිපයකින් රටින් බැහැරව ගිය බැසිල් රාජපක්ෂ මහතා අද දේශපාලන බලවේගයක් බවට පත්වෙමින් තිබේ. ඔහුට එරෙහිව ඇති චෝදනා විමසීමේ දී එවන් නිදහසක් ඔහුට හිමිවන්නේ කෙසේ ද? මේ වන විට අනාවරණය වී ඇති පරිදි ප්‍රශ්න සහගත මල්වාන ඉඩම සහ නිවසේ නීත්‍යානුකුල අයිතිය 2010 සිට 2015 ජනවාරි 15 දක්වා පැවතියේ තිරු කුමාර් නඩේෂන් වෙතය. බැසීල් ගේ සමීපතම හිතවතා අද අග්‍රාමාත්‍යවරයාගේ සමීපතමයෙකි. ඔහු වැඩි වේලාවක් ගත කරන්නේ ද අරලිය ගහ මන්දිරයේ ය. දුෂණ විරෝධී පෙරමුණ අප මතු කරන කාරණය ද මෙයයි. තිරු කුමාර් ගෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය ප්‍රකාශයක් ලබා නොගන්නේ ඇයි? (2016 ඔක්තෝබර් 14, මෙම නඩුවේ තීරණාත්මක දිනයකි. )

2. මහ බැංකු බැදුම්කර බැඳුම්කර වංචා සිදුවීමේ මුල්‍ය අපරාධයට සම්බන්ධ පුද්ගලයන් සම්බන්ධ කෝප් විමර්ශන අතරමඟ නවතා දැමීම සහ මහ බැංකුව සිදු කළ විමර්ශනයේ කාර්යභාර නිලධාරිනිය මාරු කිරීම සහ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය සහ රහස් පොලීසිය මේ පිළිබඳ විමර්ශන සිදු නොකිරීම. මහ බැංකු විමර්ශන වාර්තාවේ කොටසක් හෙළිදරව් කිරීම සිදු කළ පුද්ගලයා පිළිබඳ විමර්ශන අරඹා ඇත. නමුත්, මුල්‍ය අපරාධයේ පාර්ශවකරුවන්ට රජයේ නව තනතුරු හිමිව තිබේ. යහපාලන ආණ්ඩුවේ දැවැන්තම මුල්‍ය අපරාධයට දඩුවම් නැති ද?

3. මෙරට ඇති දැවැන්ත මුල්‍ය වංචා පිළිබඳ විමර්ශන ප්‍රගතියක් නොමැති පරිසරයක සංවිධානාත්මක මුල්‍ය අපරාධයක් නොවන සුළු සිදුවීමක් (මුල්‍ය අගයට අනුව) පිළිබඳ ජනාධිපතිවරයාගේ සමීපතම අමාත්‍යවරයෙකු වන ඒ.එච්.එම්.ෆවුසි මහතා ට එරෙහිව නඩු පැවරීම ශ්‍රීලනිප යේ මන්ත්‍රී කණ්ඩායම අතර දැඩි අසහනයක් නිර්මාණය කොට ඇත. සිවිල් ක්‍රියාකාරිකයෙකු ලෙස මම ඇමතිවරුන්ට නඩු පැවරීමට අත් දෙකම ඔසවා කැමති ය. නමුත් රුපියල් ට්‍රිලියන 8 ක් හොරකම් කර ඇති රටක කැබිනට් අමාත්‍යවරයෙකුට වාහනයක් අයාථා පරිහරණය පිළිබද නඩු පැවරීම තුලින් සමාජයට ලැබෙන පණිවුඩය කුමක් ද? එය මෙරට දේශපාලන යථාර්ථය හා කොතරම් බද්ද වන්නේ ද? (අවධාරණය - මම ෆවුසි ඇමතිවරයාට නඩු පැවරීමට කිසි ලෙසකින් හෝ විරුද්ධ නැත)

4. ශ්‍රීලනිප නියෝජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා ගේ රාජ්‍ය සේවයේ නියුතු දියණිය ද්වීතියන පදනම යටතේ සේවයෙන් නිදහස් කොට අමත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයට ඇතුලත් කොට ඇත. මෙය රාජ්‍ය සේවයේ සුලබ ව්‍යවහාරයකි. ද්විතීයන පදනම මත නිදහස් කිරීම නීති විරෝධී බවට යම් විමර්ශන ආයතනයක් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතව ඇත. ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පවසන්නේ තමන්ගේ කාර්ය මණ්ඩලයට සේවකයෙකු ලබා ගැනීමට පවා නොහැකි තත්වයක් පවතින බවයි. රාජ්‍ය සේවකයෙකු ද්විතියන පදනම මත නිදහස් කිරීම නඩු පැවරිය යුතු තත්වයක් ලෙස දකින කොමිෂන් සභා එවැනි ප්‍රවේශයක් මහා පරිමාන මුල්‍ය අපරාධ සම්බන්ධයෙන් නොදක්වන්නේ ඇයි? (නැතවත් - මම මේ විමර්ශනයට විරුද්ධ බව මෙයින් කිසි ලෙසකින් හෝ ගම්‍ය නොවේ.)

5. මහ බැංකුවට පරිබාහිර මුදල් අමාත්‍යාංශය සහ අයිසීටීඒ (ICTA) ආයතන හරහා බදු මුදල් එකතු කිරීමට “Payment Gateway” සෑදීමට දරණ උත්සහයක් වැළැක්වීමට ජනාධිපතිවරයා ඔක්තොබර් 11 දින මැදිහත්වී තිබුණි. ඒ අනුව අයබදු අය කිරීමේ “Payment Gateway” මහ බැංකුව මඟින් ක්‍රියාත්මක විය යුතු බවට ඔක්තෝබර් 12 දින මහ බැංකුව විසින් සියලුම බැංකු වෙත නිවේදනයක් නිකුත් කොට ඇත. දැවැන්ත වංචාවකට ඉඩ සැලසෙන ක්‍රියාවලියක් එමඟින් වැළැක්වුණු බව ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා වැනි වෘත්තිකයින්ගේ අදහස විය.

6. දේශපාලන මැදිහත්වීමක් නොවේ නම් විමල් වීරවංශ, ශෂී වීරවංශ පාස්පෝට්, උප්පැන්න නඩු විමර්ශන මෙලෙස මන්දගාමී විය හැකිද? විමල් ගේ නඩුව ප්‍රමාද කරන්නේ අගමැති ද? ජනපති ද?

ජනාධිපතිවරයා ස්වාධීන කොමිෂන් සභාවන් හි කාර්යභාරය පිළිබඳ නොසතුට එළිපිට ප්‍රකාශ කිරීමට හේතු වූ ආසන්නතම සිදුවීම් මේවා බව පැහැදිලිය. තවත් අවශ්‍ය නම් මෙවැනි උදාහරණ සැපයිය හැකිය. ස්වාධීන කොමිෂන් සභා අල්ලසට දුෂණයට එරෙහිව පවරන සෑම නඩුවකට අපි සිවිල් සමාජය ලෙස අත්පොලසන් දෙන්නෙමු. නමුත්, ජනාධිපතිවරයා, පක්ෂ නායකයා, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියාට එලෙසම තම පාක්ෂිකයා දෙස බැලිය හැකි ද? එය දේශපාලන යථාර්ථය ද?

රාජපක්ෂ පවුලේ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට පෙර දිනකට හෝ දෙකකට පෙර කොමිෂන් සභාවක සමාජිකයෙකු අවස්ථා තුනක දී ජනාධිපතිවරයා හමුවී ඇති බව උඩරට නියෝජනය කරන අමාත්‍යවරයෙකු චෝදනා කොට ඇත. වංචා විමර්ශනය සම්බන්ධයෙන් පතල නමක් ඇති පුද්ගලයා ඒ කිසිදු අවස්ථාවක ජනාධිපතිවරයාට රාජපක්ෂ පවුලේ සාමාජිකයෙන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ තොරතුරු දක්වා නැත. (ජනාධිපතිවරයා මේ බව සිය කථාවේ දී ඉතා පැහැදිලිව පවසයි) නමුත්, මෙම සිදුවීම් අතර ඇති සම්බන්ධය ජනාධිපතිවරයා රාජපක්ෂ පවුලට හිරිහැර කිරීමට නියෝග ලබාදෙන්නේය යන අදහස සමාජගත කිරීමට හේතුවේ. මෙය පක්ෂ දේශපාලනයට අතිශයින් සංවේදී බව අප අමතක කළ යුතුද?

ප්‍රකාශයේ තෙවන කොටස, අධිකරණ කේෂ්ත්‍රයේ ප්‍රතිසංස්කරණ මුළුමනින්ම කඩාකප්පල් වූ තත්වයක් මත දිගින් දිගටම නඩු ගොඩ ගැසීමේ තත්වය හා සම්බන්ධ යථාර්ථයකි. චෝදනා එල්ල කළ නොහැකි, නඩු පැවරිය නොහැකි දහස් ගාණක් වසර ගණනාවක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට ඇත. මේ තත්වය අර්බුදයක් බවට පත්වී ඇති නමුත් එයට කිසිදු සාධනීය මැදිහත්වීමක් අධිකරණ අමාත්‍යාංශය, නීතිපති, අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මේ දක්වාම ගෙන නොමැත. නමුත්, උක්ත යථාර්ථය මතු කිරීම උදෙසා ජනාධිපතිවරයා විසින් මතුකර දක්වන ලද ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ චෝදනාව එල්ල වී දැනට රිමාන්ඩ් බන්ධනාගාරගත කොට ඇති නිලධාරීන් සම්බන්ධ ප්‍රකාශය අතිශයින් බැරෑරුම් සහගතය. ඔවුන් නිදහස් කළ යුතුය යන අදහසක් ඒ තුළින් සමාජගත වීමට ඇති ඉඩ ප්‍රස්ථාව විශාලය. එය ලංකා ඉතිහාසයේ යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ බලාපොරොත්තු දවා අළු කිරීමට තරම් ය. ජනාධිපතිවරයාගේ මේ වැරදි නිදර්ශනය ට අතුරුදන් වූවන් වෙනුවෙන් මරණය අතින් ගෙන පෙනී සිටි මට නම් සරළව සමාව දිය හැක්කක් නොවේ.

ජනාධිපතිවරයා ගේ ප්‍රකාශය කාලීන වශයෙන් දැවැන්ත වටිනාකමක් ඇති විෂය කරුණු වැරදි උදාහරණ සමඟ සමාජයට ඉදිරිපත් කළ ප්‍රකාශනයක් බවට පත් වී ඇත්තේය. ලංකාවේ මුල්‍ය අපරාධ විමර්ශනය, නඩු පැවරීම සහ දේශපාලන අවශ්‍යතා සඳහා අපරාධ විමර්ශන භාවිත කිරීම පිළිබඳ සමාජ කතිකාවක් ඇරඹිය යුතුව ඇත. නැතිව සිදු විය යුතුව ඇත්තේ ජනාධිපතිවරයාගේ කථාව හේතුවෙන් අපරාධ විමර්ශන අතහැර දමා ජනවාරි 8 බලාපොරෝතු හකුලා ගැනීම නොවේ. අනෙක් අතට මෙය රජයේ සමස්ථ ප්‍රතිසංස්කරන න්‍යායපත්‍රය විනාශ කිරීමේ නිමිත්ත බවට පත් නොවිය යුත්තේය.

ස්වාධීන කොමිෂන් සභා වෙනුවෙන් පෙනී සිටි අපට එම කොමිෂන් සභාවල සැබෑ ස්වාධීනත්වය ආරක්ෂා කර ගත හැක්කේ එවිටය.

රජිත් කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය
ජාතික සංවිධායක/දුෂණ විරෝධී පෙරමුණ

2016 ඔක්තෝබර් මස 14 වැනිදා

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ජයවේවා රජිත් කිර්ති තෙන්නකෝන් ...

    ReplyDelete
  2. පැරා තුමා සිරිකොත වෙනුවෙන් වේගවත් ගමනක... දිනකට පොස්ට් තුන ගානේ සොරිසේන හුටන් තුමාට විරුද්දව....

    ඔබට සතුටුයිද දැන්?

    ReplyDelete
    Replies
    1. යුධ හමුදා බුද්ධි අංශය විසින් ජනාධිපතිවරයා වෙත ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අසත්‍ය වාර්තාවක් මත පදනම්ව මේ දිනවල කතාබහට හේතුවී ඇති ප්‍රකාශය එතුමන් විසින් කළ බවට ලංකා ඊ නිව්ස් හි සඳහන් වෙනවා. එය සත්‍ය නම් මෙය මහා කුමන්ත්‍රණයක කොටසක් බවත් ජනාධිපතිතුමා ඒ කුමන්ත්‍රණයේ ගොදුරක් බවත් පැහැදිලියි.

      මේ අවස්ථාවේදී ආරක්ෂක විෂය පිලිබඳ ප්‍රාමණික විද්වතුන් වන විචාරකතුමන් වගේ පුද්ගලයන් නිහඬව නොසිට තියුණු සංවාදයක් ආරම්භ කළ යුතුයි. පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේදී විචාරක තුමා මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව සිදුකිරීමට නියමිතව තිබූ කුමන්ත්‍රණයක් පිළිබඳව පහත ලෙස අනාවරණය කළා.

      "මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ඉතා භයානක කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. මේ තොරතුරු අනාවරණය කරගන්න මට දුරකථන ඇමතුම් ඉතා විශාල ගණනක් සහ වැදගත් පුද්ගලයන්ට නොදැනෙන පරිදි ඔවුන්ගේ අදහස් දැනගැනීමක් කරන්නට සිදුවුනා. මෙය දැලිපිහියෙන් කිරි කනවා වැනි භයානක ක්‍රියාවක් වුණා. ලැජ්ජා නැතිව සමහර ලොක්කෝ කිව්වා, අපි හොඳින් හෝ නරකින් මහින්දට බලය අරන් දෙන බව. මෙය ඉතා භයානක තත්වයක් බව මා දැඩිව අවධාරණය කරනවා. මගේ ජීවිතයට එල්ලවියහැකි තර්ජන නිසා මා දන්නා සියල්ල මෙහි හෙළි කරන්නට බැහැ. නමුත් අපි ජනවාරි 8 වැනිදායින් පසුව ඉතා භයානක තත්වයකට මුහුණ දෙන බව කියන්නට පුළුවන්. ජනාධිපතිවරණය සාධාරණව නොපැවැත්වීමටත්, ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගතහොත්, භයානක කුමන්ත්‍රණයක් මගින් එතුමා ඝාතනය කර හෝ බලය අල්ලාගැනීමටත්, සැළසුම් සකසා තිබෙනවා. බීමත්ව කටමැත දොඩවන පුද්ගලයකු කීවා නම් එය ගණන් නොගෙන ඉන්නට තිබුනා. නමුත් මා මෙම තොරතුරු හොයාගත්තේ ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග මගින්. රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග, ඉතා පැහැදිළිව තහවුරු කර තිබෙනවා, ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරදින බව. මේ රටේ යුක්තිය සාධාරණත්වය අගයන ජනතාවගෙන් මා ඉල්ලා සිටින්නේ මේ ගැන අවදියෙන් සිට, අසාධාරණයට එරෙහිව, අවශ්‍ය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වන ලෙසයි."

      මොහොතක් සිතා බලන්න විශ්‍රාමිකව සිටියදී පවා විචාරක තුමා රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම වෙනුවෙන් ජීවිතය නොතකා කැපවූ ආකාරය. ඇත්තටම මෙයයි සැබෑ ගවේෂණාත්මක වාර්තාකරණය.

      ආරක්ෂක විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙ අදහස මේ අනාවරණය නිසා සිදුවීමට නියමිතව තිබූ කුමන්ත්‍රණය වැළකුණු බවයි. ඒ වගේම විචාරක තුමා වගේ ආරක්ෂක විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සිටීම පිළිබඳවත් කුමන්ත්‍රණකරුවන්ගේ පසුබෑමට හේතු වූ බවත් ඔවුන් ගේ අදහසයි.

      බලයට පත්වූ වහාම මෛත්‍රීපාල සිරිසේන මහතා කළයුතුව තිබුණේ විචාරක තුමන්ව නැවත සේවයට කැඳවා මේ කුමන්ත්‍රණය පිලිබඳ පරීක්ෂණ කටයුතු ඔහු වෙත පැවරීමයි. විශ්‍රාමිකව සිටියදී පවා අර තරම් වැදගත් තොරතුරු ලබාගැනීමට තරම් දක්ෂයකු වූ විචාරක තුමන්ව සියලු බලතල සහිතව සේවයේ පිහිටවූ විට මොනතරම් සේවයක් ලබාගන්නට තිබුණාද?

      සැබවින්ම විචාරක තුමා බ්ලොග් අවකාශයට සීමා නොවිය යුතුයි. එතුමන්ගේ ලිපි සැබවින්ම පලවිය යුතුවන්නේ Janes Defense Weekly වැනි ස්ථාන වලයි. මේ මෑතකදී එතුමන් විසින් AK -47 ගිනි අවිය පිලිබඳ ලිපි පෙළ රුසියානු ජනාධිපති පුටින් මහතාගේ පවා අවධානයට යොමුවී තිබීම සතුටට කාරණයක්. රුසියානුවන් පවා නොදැන සිටි කරුණු රැසක් විචාරක තුමා අනාවරණය කිරීම පිළිබඳව පුටින් මහතා විශ්මයට පත්වී ඇතිබවද සැලයි.

      සැබවින්ම මෛත්‍රීපාල සිරිසේන මහතා තවදුරටත් ප්‍රමාද නොවී කළයුත්තේ විචාරක තුමන්ව නැවත සේවයට කැඳවා තම ආරක්ෂක උපදේශක ලෙස පත් කිරීමයි. ඒ සඳහා උපරිම සුදුසුකම් විචාරක තුමන් සතු බව එතුමන්ගේ නම අගට අකුරු වලින් යෙදෙන, වීරත්වය සහ විශිෂ්ට සේවය වෙනුවෙන් ලද පදක්කම් රැසකින් (WWV සහ USP වැනි ) සහ කීර්තිමත් යුද විද්‍යාලවලින් ලද සුදුසුකම් (psc වැනි) රැසකින් පැහැදිලියි.

      Delete
    2. ඔය සාරසා වගේ ඉරිසියාකාරයො විචාරක තුමාට කට කැඩිච්ච කතා කිව්වට ඇත්තටම විචාරක තුමා හමුදාවෙන් විශ්‍රාම ගැනීම අනුමත කිරීම මහින්ද රාජපක්ෂ කළ බරපතල වරදක්. මේ වැඩෙන් යුධ හමුදාවට මේ වැඩෙන් වුනේ බරපතල පාඩුවක්. විචාරක තුමා වගේ යුධ ශිල්පය සහ ආරක්ෂක විෂය පිළිබඳව ජාත්‍යන්තර මට්ටමේ විශේෂඥයෙක් අහිමිවීම වගේ දැවැන්ත පාඩුවක් ශ්‍රී ලංකා යුධ හමුදාවට නෙමෙයි ඇමරිකානු හමුදාවටවත් දරන්න බැහැ.

      බොහොම දෙනෙක් දන්නෙ නැති දෙයක් තමයි එතුමාගේ බ්ලොග් ලිපි ඉංග්‍රීසියට පරිවර්තනය කරගෙන මේ රටේ සියලු විදේශ තානාපතිවරුන් කියවන බව. ඇත්තටම විචාරක තුමා ඉංග්‍රීසියෙන් ලියන්නෙ නැත්තෙ මව්බසට තියන ආදරේ හින්ද. විචාරක තුමා විශ්‍රාම ගත්තට පස්සෙ දෙස් විදෙස් ආයතන කීයකින් කතා කලාද? පළාතක ගියෙ නෑ.

      දැන් බලන්න ඔය රජිත් කීර්තිලා අර විචාරක තුමා අනාවරණය කළ මුල් කුමන්ත්‍රණය ගැන සක්‍රියව මැදිහත් වුනානම් ඔය දෙවන කුමන්ත්‍රණයක් වෙන්නෙ නැහැනේ. ඇත්තටම විචාරක තුමා දිවි නොතකා කළ අනාවරණය සලකලා එතුමාට ජීවතුන් අතර සිටින හමුදා සාමජිකයකුට හෝ සිවිල් පුද්ගලයකුට වීරත්වය වෙනුවෙන් පිරිනැමෙන ඉහලම පදක්කම වන “වීරෝධාර විභූෂණය” (WV) පිරිනමන්න රජයට බලකරන්න වත් රජිත් කීර්තිලා මැදිහත් වෙන්න ඕනෑ.

      ඇත්තටම විචාරක තුමා ඔය දේවල් බලාපොරොත්තු වෙන්නෙ නෑ. දැනටත් ලබල තියන WWV, RWP,RSP ගැනවත් එතුමා සඳහන් කරන්නෙ නෑ. බලන්න අර ගෝඨාභයල උසාවියටත් පදක්කම් ගහගෙන එන රටක විචාරක තුමාගෙ නිහතමානීත්වය.

      Delete
    3. ඇත්තටම අපිටත් ඔය කාරණාව මතක නැතිවුණා හැටි. දැන් බලන්නකෝ ඔය ගෝඨාභයල, සරත් ෆොන්සේකලා නම ලියල මහ උජාරුවට RWP,RSP,VSV,USP,rcds,psc වගේ කෑලි එල්ලනවනේ. ඒත් විචාරක තුමා ඒ අතින් කොච්චර නිහතමානීද. තමන්ටත් නමේ අගට දාන්න පුළුවන් ඔය අකුරු ජාති ගැන එතුමා නිකමටවත් කියන්නෙ නෑනේ.

      Delete
    4. // ගෝඨාභයල, සරත් ෆොන්සේකලා නම ලියල මහ උජාරුවට RWP,RSP,VSV,USP,rcds,psc වගේ කෑලි එල්ලනවනේ//

      CGR (Dematagoda) හොඳ මදිද හිටන්?

      Delete
    5. // ඔය සාරසා වගේ ඉරිසියාකාරයො විචාරක තුමාට කට කැඩිච්ච කතා කිව්වට ඇත්තටම විචාරක තුමා හමුදාවෙන් විශ්‍රාම ගැනීම අනුමත කිරීම මහින්ද රාජපක්ෂ කළ බරපතල වරදක්. //

      ඉතා අහින්සක ස ර ස තුමාත් මේ කේස් එකට ගෑවිලා නේ... හැබෑට කාවද විස්වාස කොරන්න පුලුවන් මේ දවස්වල?

      Delete
    6. මහින්ද රාජපක්ෂට හොඳින් හෝ නරකින් හෝ බලය ලබා දීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවලක් තිබුණා යයි විචාරක 2014 වසරේ දෙසැම්බර් පවසා ඇති බව සත්‍යදැයි පළමුව සොයා බැලුවෙමි. ඔහු එසේ පවසා ඇත. නමුත් එය පරම අසත්‍යයකි. බොහෝ දෙනෙකු පලිප්පු දමා කියූ ජනවාරි 8 රෑ කුමන්ත්‍රණයද එවැනිම පරම අසත්‍යයකි. මේ පිළිබඳව මංගල සමරවීරලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලට ගැන අද මංගල සමරවීරවත් කතා කරන්නේ නැත.

      "රාවය" ඇතුළු බොහෝ ජනමාධ්‍යද එක් මේජර් ජෙනරල්වරයකුගේ නමද සඳහන් කරමින්
      කුමන්ත්‍රණයක් පිළිබඳව මහා ඝෝෂාවක් එකල නැගූ බව ඔබ සැමට මතක ඇතැයි සිතමි.මගේ මතකය නිවැරදි නම් පැරකුම්ද ඊට සම්බන්ධ විය. මේ මේජර් ජෙනරාල්වරයා ශ්‍රී ලංකා යුධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා ලෙස පසු කලෙක පත්කරනුයේ ජනාධිපති සිරිසේන විසිනි.

      මා දන්නා පරිදි විචාරක යනු විශ්‍රාමික මේජර්වරයෙකි. මේජර්වරයකු යනු යුධ හමුදාවේ මධ්‍යම තලයේ නිලධාරියෙකි. විචාරක රාජපක්ෂ, විශේෂයෙන්ම ගෝඨාභය විරෝධියෙකි. එයට හේතු කාරණා විචාරකට තිබෙන්නට පුළුවන.

      නමුත් කිසිදු පදනමක් රහිතව කුමන්ත්‍රණයක් පිලිබඳ ඉතා රහසිගත කරුණු ඉතා ඉහළ හමුදා නිලධාරීන් වෙතින් තමා ඉතා සූක්ෂම ලෙස අනාවරණය කරගත්තා යයි විචාරක පැවසීම සැබවින්ම විකාරයකි.

      ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්හි ජෙනරල් තලයේ නිලධාරීන්ගේ දේශපාලන අදහස්හි අසමානකම් පිළිබඳව දන්නකුට පමණක් ශ්‍රී ලංකාව තුළ හමුදා හමුදා කුමන්ත්‍රණයක් යනු සිහිනයකටත් එහා ගිය දෙයක් බවට අවබෝධ කරගතහැකි වනු ඇත.

      ඉහත සඳහන් හමුදා කුමන්ත්‍රණය සත්‍යය යනුවෙන් මොහොතකට උපකල්පනය කරමු. එය විශ්‍රාමික මේජර්වරයකුට පැවසීමට තරම් ඒ ඉහළ නිලධාරීන් අඥාන වේද?

      මා නිවැරදිනම් විවාදයට තුඩුදී ඇති පොස්ටුව විචාරක විසින් පළකර ඇත්තේ මහින්ද රාජපක්ෂ බලයේ සිටින අවසන් සති දෙක තුළය. ඔය වැනි බරපතල අනාවරණයක් සිදුකළ විචාරකට මේ දක්වා රාජපක්ෂ කඳවුරෙන් තර්ජනාත්මක දුරකථන ඇමතුමක් හෝ ලැබුණාදැයි මෙතෙක් විචාරක පවසා ඇතිදැයි මම නොදනිමි.

      එසේ කියනවානම් එය මහින්ද රාජපක්ෂ පාලන කාලයේ ජීවිත ආරක්ෂාව පතා රටින් බැහැර වීමට සිදුවුනා යයි පැරකුම් කියන සුරංගනා කතාව වැනිය.

      එකල වික්ටර් අයිවන්ට නොතිබුණු තර්ජනයක් පැරකුම්ලාට විචාරකලාට තිබෙන්නේ කෙසේද?

      Delete
    7. උම්බෑ............තව හයියෙන් උම්බෑ..............උම්බෑ............තව හයියෙන් උම්බෑ.............. හිකෙන් පුනා

      Delete
  3. විචාරක යනු සැබවින්ම වට්ටෝරු වෙදෙකි,

    පොතෙන් උගත් දේ හැර ප්‍රායෝගිකව දන්නා මගුලක් නොමැති බව තවත් යම් COMMENT එකක් දැමූ හමුදා නිලධාරියකු වෙත කළ මඩ ගැසීමෙන් පෙනේ. ඒ නිලධාරියා 1990 මුල් භාගයේදී නැගෙනහිර අනු ඛණ්ඩයක් භාර නිලධාරියකු බව පෙනේ. ඔහු අනු ඛණ්ඩයක් සමග GPMG 2ක් යෙදවීම ගැන කතා කරයි, GPMG යන්නෙහි තේරුම GENERAL PURPOSE MACHINE GUN යනුය.

    විචාරකට අනුව ඒ විහිළුවකි . GMPG යනු මීටර 1000ක පමණ පරාසයක් ඇති ක්ෂේත්‍ර අවියකි (Field Gun). පොතේ හැටියට විචාරක නිවැරදිය. නමුත් එකල මව් කඳවුරෙන් කිලෝමීටර් 3-4ක් ඈතින් නැගෙනගිර තිබූ සහ පිරිස් බලයෙන් සීමිත වූ අනු ඛණ්ඩ ආරක්ෂාකර ගැනීමටනම් ඒ කඳවුරු වෙත එවැනි ගිනි බලයක් සැපයිය යුතුව තිබිණි.

    ශ්‍රී ලංකා යුධ හමුදාව අයුතු ජන රාශියකට එරෙහිව ප්‍රථමයෙන් සංවීධානාත්මක මැෂින් තුවක්කු ප්‍රහාර එල්ල කලේ 1958 දීය. ( මේජර් අර්ඩ්ලි මැකයිසර් සහ මේජර් එම්.ඕ. ගුණරත්න යන නිලධාරීන් ගෞරවයෙන් යුතුව Bren Gun එක සමග සිහිපත් කරමි.) නමුත් යුධ හමුදාවේ සිටි පලියට සැම ගුණරත්න කෙනෙකුම වීරයෙක් නොවන බව විචාරක හොඳින් දනී.

    අයුතු ජනරාශියක් විසුරවා හැරීම පිලිබඳ විචාරකගේ පොස්ටුවද විකාරයකි. නමුත් ඒ කාලේ විචාරකලා කියවූ හමුදා පොතේ හැටියට හරිය. නමුත් අයුතු ජනරාශියක් විසුරවා හැරීමේ පරම බලය ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහය අනුව ප්‍රදේශයේ මහේස්ත්‍රාත් වරයාටය. ක්‍රමය තීරණය කරනුයේ ඔහු විසිනි. ප්‍රදේශයේ මහේස්ත්‍රාත්වරයා අභිභවා ක්‍රියා කිරීමේ කිසිදු බලයක් රාජ්‍ය නිවේදිත නිලධාරියකුට (Gazetted Officers) නැත.

    මා ඉතා කරුණාවෙන් සියලු ආධුනික රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගෙන් ඉල්ලසිටිනුයේ ඔබට යම් අයුතු ජන රාශියක් විසුරවා හැරීමට අනක් ලද මොහොතක පවත්නා තත්ව යටතේ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා හමුව ඒ පිලිබඳ "B" වාර්තාවක් මහේස්ත්‍රාත්වරයා හමුවේ ඔහු මගින් ගොනුකර ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ලිඛිත නියෝග ලබන ලෙසය.

    වෙනදා සරම කරට ගෙන සටනට එන විචාරක අද ගොළුය. විචාරක පාලු ගෙයි වලං බිඳී කාලය දැන් අහවරය.


    ReplyDelete
  4. මචං විචාරක,
    නිකං උම්බෑ ගාන්න එපා බං, කියල සහ අහල තියන දේවල් වලට ගිනි කසේට උත්තර දීල කියපු අහපු එවුන්ගෙ රෙදි ගලවපන්කෝ ? එහෙමනෙ බං ආමි කොල්ලො.


    ReplyDelete
  5. මචං විචාරක,
    නිකං උම්බෑ ගාන්න එපා බං, කියල සහ අහල තියන දේවල් වලට ගිනි කසේට උත්තර දීල කියපු අහපු එවුන්ගෙ රෙදි ගලවපන්කෝ ? එහෙමනෙ බං ආමි කොල්ලො.


    ReplyDelete
  6. Wicharaka wikarayageda redi galawunu wagayi !!! Mu ena ena rallata ahuwena jathiyak janmayak nathi sakkiliyek, hamudawata muwa wunata

    ReplyDelete
    Replies
    1. //නමුත් එකල මව් කඳවුරෙන් කිලෝමීටර් 3-4ක් ඈතින් නැගෙනගිර තිබූ සහ පිරිස් බලයෙන් සීමිත වූ අනු ඛණ්ඩ ආරක්ෂාකර ගැනීමටනම් ඒ කඳවුරු වෙත එවැනි ගිනි බලයක් සැපයිය යුතුව තිබිණි//

      මේ වාක්‍යයම ඇති මේ මනුස්සයා යුද්ධ හමුදාවේ කුස්සියකටවත් ගොඩවෙලා නැති බව කියන්න. අනුඛණ්ඩයක් detachment කියන එකේ නිර්වචනයවත් දන්නේ නැති ගොන් වහන්සේ කෙනෙක් තව එනවා field guns ගැන කතා කරන්න.

      මේ උන්නැහේ මට කියමු බලන්න ප්‍රධාන කඳවුරකින් කි.මී. 3 - 4 ඈතින් තනිවම තිබුණු අනුඛණ්ඩය කුමක්ද, කුමන බලසේනාව, ඒකකය, කණ්ඩායම, (ඒ මොනවාදැයි තේරෙනවා නම්) යටතෙද තිබුණේ. එහි තිබුණු අවි මොනවාද, කරන ලද කාර්ය භාරය කුමක්ද කියලා.

      ලැජ්ජයි උන්නැහේ ලැජ්ජයි. නොදන්නාකම මේ විදිහට දිගටම පෙන්නන්න එපා. තමන්ගේ අඩවියේදී හෝ ඉන් පිටතදී ඇනෝ නොගහන බවට දිවුරන මහා ප්‍රාඥයා මෑතක සිට තමන්ට කමෙන්ට්ස් 10 - 15 ක් වත් නොවැටෙන නිසා දැන් වියරු වැටී සිටියි.

      තමුන්ගේ ඊනියා හමුදා දැනුම පාවිච්චිකර, අනුඛණ්ඩයක ආරක්ශාව සලසන ආකාරය ගැන යුද න්‍යාය අනුව ලිපියක් පලකරනු. ලංකාවේ හමුදා අනුගමනය කල ආරක්ෂක පියවර සහ අවි පිළිබඳ විස්තරයක් ප්‍රායෝගිකව ඒවා යොදාගත් ආකාරය ගැන විස්තර සහිතව ලියනු.

      එසේ කලනොහැකිනම් තා නපුන්සකයෙකි. බ්ලොග් ලෝකයේ සදා වැජඹෙන්නට සිතා ක්‍ෂණික ප්‍රොෆයිල් හදාගෙන අනුන්ට මඩ ගසන්නට උත්සාහ කරන මඩ කරියෙකි.

      Delete
    2. ඔය වයසට ඔහොමත් කේන්ති ගන්න හොඳද විචාරකතුමෝ? දැන් මේ කොල්ලො දවස් ගානක් තිස්සෙ අහන ඔබතුමා යුධ බිමේදී දක්වපු වීර ක්‍රියා වලට ලැබුණු වීර පදක්කම් ටිකේ විස්තරයි, නිකැළැල් සහ විශිෂ්ඨ සේවයට ඔබතුමාට ලැබුණු පදක්කම් වල විස්තරයි, ඔබතුමා යුධ ශිල්පය පිලිබඳ ඉගෙනුම ලැබුව ආයතන වල විස්තරයි , එනිසාම ඔබතුමා නම නම අගට යොදන අකුරු ගැනයි සඳහන් කළාම අහවරයි නොවැ. මේ බ්ලොග් ලෝකෙදි ඕව නොකිය ඕනෑවට වඩා නිහතමානී වෙන එක හොඳ නෑ.

      Delete
  7. ICTA එකත් එක්ක ඩීල් දැම්ම මම දන්න එකෙක් අන්න බංග්ලාදේශයේ දේශපාලන රැකවරණ ඉල්ලනවලු.

    පව් ඕයි. රජෙක් වගේ හිටිය මිනිහෙක්.

    ICTA.... අපි නොදන්න ICTA 😜😜😂😂 පැරා අයියේ. බැඳුම්කර ගනුදෙනුවටත් වඩා ලොකු වංචා වෙන්නෙ එතන. හැක හැක icta හැක හැක හසක්..

    ReplyDelete
  8. ජයවේවා රජිත් කිර්ති තෙන්නකෝන්

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා