තේ වතු තව දුරටත් ඕනෑ ද?

අජිත් පැරකුම් ජයසිංහ, රාවය, 2016-10-23
ලංකාවේ වතු කම්කරුවන් යනු තවමත් වහල්භාවයෙන් නො මිදුණු ප්‍ර‍ජාවකි. ජීවත් වීමට දිනකට රු. 1000කට වැටුපක් ඉල්ලා ඔවුන් කළ අරගලය ඔවුන්ගේ වැටුප රු. සිට රු. 730 දක්වා පමණක් වැඩි වීමෙන් අවසන් වූ බව මාධ්‍ය වාර්තා කරයි. ඇතැමෙක් එය ජයග්‍රහණයක් ලෙස ද තවත් අය එය පරාජයක් ලෙස ද සලකති. රු. 730ක දෛනික වැටුපක් වර්තමාන ජීවන වියදම සමග සැසඳෙන්නේ නැති බව පැහැදිලි ය.

වතු කම්කරුවෙකුගේ කලින් තිබූ දෛනික වැටුප රු. 620කි. ඉන් මූලික වැටුප රු. 450 කි. දිරි දීමනා වශයෙන් රු. 30 ක් වැටුපට එක්වන අතර තවත් රු. 140ක් පැමිණීමේ දීමනාව වශයෙන් ලබා දෙන ලදී.පැමිණීමේ දීමනාව වන රු. 140 ලබා ගැනීම සඳහා 75‍% ක පැමිණීමේ ප‍්‍රතිශතයක් සම්පූර්ණ කළ යුතු ය.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු.730 දක්වා වැඩි කරනු ලැබුවේ මෙසේ ය: මූලික වැටුප රු. 500 දක්වා වැඩි කර ඇත. දිරි දීමනාව රු. 60 දක්වා ද, පැමිණීමේ දීමනාව රු. 170 දක්වා ද වැඩි කර තිබේ.

මෙම වැටුප ලබා ගැනීම සඳහා කම්කරුවකු විසින් දිනකට තේ දළු කිලෝ 18-20 අතර ප‍්‍රමාණයක් නෙළිය යුතු ය. රබර් කිරි කැපීම හා වෙනත් වතු කම්කරු රැකියා සම්බන්ධයෙන් ද මෙවැනි ඉලක්ක තිබේ. වතු කම්කරුවන්ට වැඩ ලැබෙන දින ගණන තීරණය වන්නේ වත්තේ ස්වභාවය අනුවයි. ඇතැම් වතුවල කම්කරුවන්ට මාසයකට දින 14ක්වත් වැඩ ලැබෙන්නේ නැත. වතු කම්කරුවන් ගැන කතා කරන විට අපගේ ද අවධානය වැඩි වශයෙන් යොමු වන්නේ තේ වගාව ආශ්‍රිත කම්කරුවන්ට ය. එහෙත්, රබර්, පොල්, කුරුඳු, දුම්කොළ, කුළුබඩු හා ඔයිල්පාම් වැනි වගාවන් ආශ්‍රිත වතු කම්කරුවෝ ද සිටිති. ඔවුන්ට වෙනස් ජීවනෝපාය ගැටලු තිබේ. ඒ කෙරෙහි අවධානයක් යොමු නො වන තරම් ය.

මෙම වැටුප් වැඩිවීම සඳහා අදාළ වන සාමූහික ගිවිසුම අත්සන් කිරීමට නියමිතව තිබුණේ 2015 අප්‍රේල් මාසයේදී ය. දෙවසරක් වෙනුවෙන් වන 2013දී අත්සන් කරන ලද සාමූහික ගිවිසුම 2015 මාර්තු මාසයෙන් කල් ඉකුත් වුවත්, පුරා වසර එකහමාරක් ගත වන තෙක් වතු සේවක වැටුප් සම්බන්ධයෙන් සාමූහික ගිවිසුමකට එළඹීමට සේව්‍ය, සේවක දෙපාර්ශ්වය අසමත් විය. ඒ වෙනුවෙන් සාකච්ඡා වට 20කට වඩා පවත්වන ලද බව වාර්තා වේ. අවසානයේදී සිදු වූයේ වතු කම්කරුවන්ට හිමි විය යුතුව තිබූ වැටුප් වැඩි වීමක් වසර එකහමාරක් තිස්සේ ම අත්හිටුවා තිබීමයි.

වතු කම්කරු දෛනික වැටුප ඇත්තෙන් ම වැඩි කර තිබෙන්නේ රු. 50කින් පමණි. ඒ රු. 450 සිට 500 දක්වා ය. බොහෝ මාධ්‍ය මෙම යථාර්ථය වාර්තා කළේ නැත. වතු සමාගම් වැටුප් වැඩි කිරීමකට එකඟ වූයේ නැත. ඔවුන් කියන්නේ වතු පාඩු ලබන බවයි. හාම්පුතුන්ට අවශ්‍ය ජීවන වියදම මත නො ව, ඵලදායිතාව මත පදනම් වූ වැටුප් ය.

වතු හාම්පුතුන් ඒ සම්බන්ධයෙන් දොස් පවරන්නේ ශ්‍රමිකයන්ටයි. කෙන්යාව, ඉන්දියාව වැනි රටවල වතු කම්කරුවන් දිනකට දළු කිලෝ 30කට වඩා නෙළද්දී, ලංකාවේ වතු කම්කරුවන් නෙළන දළු ප්‍රමාණය කිලෝ 20ට අඩු බව ඔවුහු පෙන්වා දෙති. එහෙයින් සමස්ත නිෂ්පාදන වියදමින් 70%ක් ශ්‍ර‍ම වියදම් බව ඔවුහු පවසති. එහෙත්, කම්කරු නායකයන් පෙන්වා දෙන්නේ එයට හේතුව වැරදි කළමනාකරණය හා නව තාක්ෂණය වෙනුවෙන් ආයෝජනය නො කිරීම බවයි.

තේ වගාවේ භූමි ඵලදායිතාව ද ඉතා අවම ය. ලංකාවේ තේ හෙක්ටෙයාරයකින් ලබන වාර්ෂික අස්වැන්න කිලෝ 1700ක් වෙද්දී තරගකාරී ඉන්දියාවේ හා කෙන්යාවේ එය 2000 ඉක්මවයි. එයටත් වග කිව යුත්තේ කම්කරුවෝ ද? නැත. එයට වගකිව යුත්තේ යටත් විජිත යුගයේ බොරු සෝබනය පවත්වාගෙන යන්නට අසරණ උත්සාහයක් දරන ලංකාවේ ඊනියා ප්ලාන්ටර් වෘත්තිකයන්, කළමනාකරණය හා නිසි ආයෝජන නො කර, මුඩු පොළවෙන් ලාභ ලබන්නට බලාගෙන සිටින වතු සමාගම් ය.

2016 තේ නිෂ්පාදනය කිලෝ මිලියන 300ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එය වසර 2000න් පසු අඩු ම අස්වැන්නයි. එයින් අපේක්ෂිත ඩොලර් මිලියන 843 ආදායම ද 2007න් පසු අවම ආදායමයි.

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ධාන තේ වෙළඳපොළවල් වන මැද පෙරදිග හා රුසියාව ආශ්‍රිතව මතු වී තිබෙන දේශපාලන කැළඹිලි තේ මිළ අඩු වීමට හේතු වී ඇති බවයි කර්මාන්ත මෙහෙයුම්කරුවන් පවසන්නේ. මැද පෙරදිග හා රුසියාව ශ්‍රී ලංකාවේ ප්‍ර‍ධාන තේ ගැනුම්කාර රාජ්‍ය දෙකක්. ශ්‍රී ලංකා තේවලට ඉහළ පෙළේ යුරෝපා වෙළඳපළෙහි විශාල අලෙවියක් නැත.

ආර්ථික සංගණනය යටතේ 2014 වසරේදී ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් කරන ලද කෘෂිකාර්මික කටයුතු පිළිබඳ ගණන් ගැනීමේදී තේ වගාව කුඩා ගොවිකාරක අංශය හා වතු අංශය ලෙස ප්‍ර‍වර්ග දෙකක් ලෙස දක්වා තිබේ. ඒ අනුව අක්කර 20ට වැඩි තේ වගා තේ වතු ලෙසත්, අක්කර 20ට අඩු, පර්චස් 40ට වැඩි තේ වගා කුඩා තේ වතු ලෙසත් හඳුනාගෙන ඇත. කුඩා තේ වතු හිමියන් බොහෝ විට පවුලේ අයගේ හෝ බාහිර කම්කරුවන්ගේ හෝ සහයෝගය ඇතිව තමන්ගේ ඉඩමේ ම වැඩ කරන ගොවීන් පිරිසක් ලෙසත් හැඳින්විය හැකි ය.

මේ වන විට ලංකාවේ තේ හා රබර් කර්මාන්තයේ වැඩි පංගුවක් අයිති කුඩා වතු හිමියන්ටයි. කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ 2012 වාර්ෂික වාර්තාවේ සඳහන් වන ආකාරයට එම වසරේ ජාතික තේ නිෂ්පාදනය වූ කිලෝග්‍රෑම් මිලියන් 326.27න් 71.4%කට ම දායක වුණේ කුඩා තේ වතු අංශයයි. 2012 වන විට කුඩා තේ වගාකරුවන් 390,346ක් කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය විසින් හඳුනාගෙන තිබුණි. 2014 වන විට කුඩා තේ වතු අංශය යටතේ ශ්‍රී ලංකාව තුළ තේ වගා කර තිබෙන මුළු බිම් ප්‍ර‍මාණය අක්කර 300,885ක් (හෙක්ටෙයාර් 121,764) බව ආර්ථික සංගණනයේදී වාර්තා විය.

වතු වගාව යටතේ තේ වගා කර තිබෙන බිම් ප්‍ර‍මාණය අක්කර 234,124ක් වෙනවා (හෙක්ටෙයාර් 94,749). 2002 වසරේ කෘෂි සංගණන දත්ත සමග සන්සන්දනය කළ විට 2014 වන විට වතුවල තේ වගා කළ බිම් ප්‍ර‍මාණය අක්කර 59,814කින් හෙවත් මුළු බිම් ප්‍ර‍මාණයෙන් 20.3%කින් අඩු වී තිබෙන බව දක්නට ලැබේ. වතු අංශයේ වැඩිම තේ වගාව දක්නට ලැබෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේයි. 1970 වසරේදී රජයට පවරා ගන්නා ලද මෙම වතුවලින් වැඩි ප්‍රමාණයක් 1990 දශකයේදී නැවත සමාගම්ලට බදු දෙන ලදී. සමාගම්වල ඉල්ලීම අනුව බදු කාලය ද අවුරුදු 99 දක්වා දීර්ඝ කරන ලදී. එහෙත්, එය වැවිලි කර්මාන්තයේ දියුණුවට හේතු වී ඇති බවක් දක්නට ලැබෙන්නේ නැත.

ශ්‍රී ලංකාවේ තේ වගාව ආශ්‍රිතව සෘජුව හා වක්‍ර‍ව ජීවනෝපාය සලසා ගන්නා පිරිස ලක්ෂ 30ක් පමණ වන බව මාධ්‍ය වාර්තා පවසයි. එය ලංකාවේ සමස්ත ජනගහණයෙන් 10%කට වැඩි ය. ඔවුන් අතරින් බහුතරය කාන්තාවන් වීම ද සුවිශේෂ තත්වයකි.

2012 වසරේ නිල ජන හා නිවාස සංගණන වාර්තා අනුව ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 4.4%ක් ජීවත් වන්නේ වතු ආශ්‍රිතවයි. වතු කම්කරුවන් බහුතරයක් පාරම්පරිකව ජීවත් වන්නේ ඉතා අඩු පහසුකම් ඇති ලයින් කාමරවලයි. වයස අවුරුදු 5ට අඩු මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන්ගෙන් වැඩිම පිරිසක් වතු කම්කරු ජනතාවගේ දරුවන් ය. එසේම,රක්ත හීනතාවයෙන් පෙළෙන ගර්භනී මව්වරුන්ගෙන් වැඩිම පිරිසක් වන්නේ ද වතු කම්කරු පවුල්වල ගැහැනු ය. උපතේදි වැඩිම දරු මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේද වතු කම්කරු ප්‍රජාවෙනි. එහෙත්, මේ වන විට වතු කම්කරු රැකියා සඳහා ඇති අවස්ථා සංඛ්‍යාව මෙන් ම, ඒ වෙනුවෙන් තිබෙන ඉල්ලුම ද ශීඝ්‍රයෙන් අඩු වී යමින් තිබේ. මේ වන විට වතු කම්කරුවන් ලෙස සැලකිය හැකි ශ්‍රමිකයන් සංඛ්‍යාව දෙලක්ෂයක් පමණ වේ. ඔවුන් බහුතරයක් සේවය කරන්නේ වතු සමාගම් 23ක ය.

මෙම කම්කරුවන්ගෙන් ද 25%ක් පමණ කොන්ත්‍රාත් ක්‍රමයට වැඩ කරන්නන් වන අතර ඔවුන්ට වැටුප් ගෙවන්නේ නෙළන දළු ප්‍රමාණය අනුව ය. එම දෛනික වැටුප රු. 730ට වඩා වැඩි ය. එහෙත්, ඔවුන් වෙනුවෙන් වතු සමාගම් සේවක අර්ථසාධක අරමුදලට හා සේවක භාරකාර අරමුදලට දායකත්වයන් සපයන්නේ නැත. මෙම කම්කරුවන් ලබා ගන්නේ වතුවල ම ජීවත් වන කංකානම්වරුන් ලෙස හැඳින්වෙන ශ්‍රමබල සපයන්නන් කොන්ත්‍රාත්කරුවන් පිරිසක් හරහා ය.

මේ වන විට තේ හා රබර් ආශ්‍රිත වැවිලි කර්මාන්තය තිබෙන්නේ දරුණු අර්බුදයක ය. වතු සමාගම් පවසන ආකාරයට අර්බුදයට හේතුව ශ්‍රම ඵලදායීතාව කෙන්යාව, ඉන්දියාව වැනි රටවලට වඩා අඩු වීම එයට ප්‍රධාන හේතුව බවයි. එයින් නිෂ්පාදන වියදම් අධික වන නිසා ඒ රටවල් සමග තරග කිරීම දුෂ්කර බව ඔවුහු පෙන්වා දෙති. වතු කම්කරු වැටුප් ඒ තරම් සුවිසල් නම්, ඔවුන්ට ඉතා හොඳ ජීවන තත්වයක් හිමි විය යුතු ය. එහෙත්, එවැනි සමෘද්ධියක් වතු කම්කරු ප්‍රජාව අතර නැති බව කියන්නට සංඛ්‍යාලේඛන අවශ්‍ය නැත. රජයේ ඉඩම් බදු ගෙන සිටින වැවිලි සමාගම් දැන් වතු වගාව සම්බන්ධයෙන් රජයෙන් සහන ඉල්ලා සිටින තත්වයක් මතු වී තිබේ.

සමාගම්වලට ලාභයකුත් නැති, කම්කරුවන්ට සියවස් එකහමාරක් තිස්සේ කාලකන්නිකම හැර අන් යමක් අත් කර නො දුන්, භූමි ඵලදායිතාව ඉතා අඩු, පාරිසරික වශයෙන් ද විනාශකාරී වතු වගාව තව දුරටත් මේ අන්දමින් කරගෙන යාමේ තේරුමක් තිබේ ද යන්න කල්පනා කිරීමට මෙය අවස්ථාවක් කර ගත යුතු ය. වතු කර්මාන්තය පිළිබඳ තක්සේරුවක් කිරීම සඳහා ජාත්‍යන්තර විගණන සමාගමක සේවය ලබා ගැනීමට රජය මේ වන විට පියවර ගෙන තිබේ. එහෙත්, වතු කර්මාන්තය යනු හුදෙක් ව්‍යාපාරික විගණනයකින් හෝ තක්සේරුවකින් හෝ පමණක් තේරුම් ගත හැකි ක්ෂේත්‍රයක් නො වේ. එ් සම්බන්ධ සමාජ විද්‍යාත්මක අධ්‍යයන ද වැදගත් ය. එසේම, කුඩා තේ වතු කර්මාන්තයෙහි තිබෙන සාපේක්ෂ සාර්ථකත්වය කෙරෙහි ද අවධානය යොමු කිරීම ඉතා වැදගත් ය. පසුගිය දිනවල කුඩා තේ වතු හිමියන්ට දළු කිලෝවකට ගෙවන මුදලේ වාර්තාගත වැඩි වීමක් දක්නට ලැබුණු බව මාධ්‍යවල වාර්තා වුයේ නැත.

වැවිලි කර්මාන්තය ආශ්‍රිතව පුළුල් අධ්‍යයනයක් අවශ්‍ය ය. එහිදී ආර්ථික කාරණා පමණක් නො ව, සමාජ, සංස්කෘතික, ජනවාර්ගික, පාරිසරික ආදී සෑම අංශයක් කෙරෙහි ම ගැඹුරු අවධානයක් අවශ්‍ය ය. අනාගත ප්‍රතිපත්ති සම්පාදනයෙහිදී එය ඉතා වැදගත් ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Companies made huge profits by cutting down all the trees planted by colonial time planters

    ReplyDelete
  2. ස ර ස තුමා ගේ විසඳුම:

    1. නුවර එලියේ ඇති සියලු සමාගම් මගින් පාලනය වන රජයේ වතු පර්චස් 20 බැගින් කට්ටි කල යුතුය.
    2. පලමුව වත්තේ ලියාපදින්චි සියලු වතුකම්කරුවන් හට පර්චස් 20 ඉඩම් කට්ටිය බැගින් දිය යුතුය
    3. ඉතිරි ඉඩම් කට්ටි (ප්‍රමානයෙන් මිලියනයකට වඩා වැඩි ය ) ප්‍රසිද්ද වෙන්දේසියේ දැමිය යුතුය.
    4. නුවර එලියේ නිවාඩු නිකේතන, ලෙශර් ලොජස්, හොලිඩේ හෝම්ස්, බඩු පොට් සහ ගනිකා නිවාස ඇරඹීමට කල්පනා කොරනා පින්වතුන් එම ඉඩම් කොටස් බර ගනන් වලට මිලට ගනු ඇත.
    5. ඒ මගින් ලැබෙන ආදායමෙන් ආන්ඩුවට සියලු විදේශ නය ගේවා වසර දහයක් පමන යනතුරු වියදම් වන සියලු රජයේ වියදම් ද පියවා ගත හැකිය...

    කොහොමද ස ර ස තුමා ගේ මොලේ හිටන්?

    ReplyDelete
    Replies
    1. /// ස ර ස තුමා ගේ විසඳුම: -- බ්ලා බ්ලා..///

      දැන් ඔය විසඳුම් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි නේද ඒකා-බඩ්ඩ විපස්සෙ හිටන්තුමා එක්කම අළුත් ආණ්ඩුවක් පිහිටෙව්වම?

      ///කොහොමද ස ර ස තුමා ගේ මොලේ හිටන්?///
      මොලේ කෙසේ වෙතත් ස ර ස තුමාගේ නැට්ටේ හිටන් ගොම වගෙයි හිටන්!

      Delete
    2. // සාරසතුමා,
      ජීවිත නොතකා සටන් කළ ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික රණවිරුවන්ව උවමනාවෙන්ම අමතක කරල වගේ? ඇරියස් එකක්වද්ද? //

      ඇත්තම තමා...

      My Bad....

      සොලි හොඳේ..

      ඇරියස් එකත් කවර් කරන්, වැඩෙත් බේරගන්න මෙහෙම කොලත් නරකද හිටන්...

      අපි සටන් බිමේ දී "ආබාදිත" තත්වයට පත් වූ සියලුම රණවිරුවන් ට පර්චස් 40 ගානේ දෙමු...

      පඩ ශෝ දාන යුද්දෙට බයේ හැන්ගිලා හිටි හාදයන් ව අමතක කොරමු හිටන්?

      Delete
    3. අදහස නම් හොඳයි සාරසතුමා,
      එතකොට කවදාවත් සටන් බිමේ නොහිටපු "මොලේ ආබාධිත" විශ්‍රාමික හමුදා සාමාජිකයන්ට මොනවගේ දෙයක්ද දෙන්න ඕනැ?

      Delete
    4. ඒ ගොල්ලන්ව තේ කඩවල් වල බිල් ලියන්න දාමු..

      Delete
    5. නරකද වැඩක් නැති රිටයරි පොරවල් කංකානි වැඩට දැම්මොත්....

      Delete
    6. මේ වතු ගැනයි හමුදාව ගැනයි දේශපාලකයෝ ගැනයි කතාබහ දිග හැරෙද්දි වතු වගාව අදටත් කෙරෙන ප්‍රදේශයකින් බිහිවුණු පැරණි පරම්පරාවේ දේශපාලනඥයකු සම්බන්ධ සත්‍ය සහ රසවත් කතාවක් මතක් වුනා.

      ඔය පී.සී. ඉඹුලාන ඇමතිතුමා සම්බන්ධ රස කතාවක් තියෙනව. ඉඹුලාන ඇමතිතුමා ඒ කාලෙ රුවන්වැල්ල මන්ත්‍රීතුමා. දවසක් අසූ ගණන්වල මුල ඉඹුලාන ඇමතිතුමාට (ඒ කාලෙ එතුමා නියෝජ්‍ය ඇමති) අවශ්‍යවුනා කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රකට යුධ හමුදා රෙජිමේන්තු මූලස්ථානයක යම් ප්‍රධානියකුට කතා කරන්න. ඉතින් ඇමැතිතුමා දුරකථන ඇමතුමක් අරන් මෙහෙම කිව්වලු.

      “ළමය මම පීසී ඉඹුලාන. මට කර්නල් _ _තුංගට කතා කරන්න ඕනෑ.”

      එදා මේ රෙජිමේන්තු මූලස්ථානයෙ දුරකථන ක්‍රියාකරුව හිටියේ ගුණ_ _න කියල ලඟදි උසස්වීමක් ලද කෝප්‍රල් වරයෙක්. මෙයා වැඩි උගත් කමක් නැති ඔලුව ඉදිමුණු කෙනෙක්. මිනිහ මෙහෙම උත්තර දුන්නලු.

      “ළමය? කොහේ ඉන්න ළමයෙක්ද? මම කෝප්‍රල් ගුණ_ _න. අයිසෙ ඉස්සර වෙලා කතා කරන්න ඉගෙන ගන්නව.”

      ඉඹුලාන ඇමතිතුමා නිවුණු කෙනෙක්නෙ. ඉතින් ඊලඟට එතුමා මෙහෙම කිව්වලු.

      “ළමය මම මේ පීසී ඉඹුලාන. මාව දන්නෙ නැද්ද? මට කර්නල් _ _තුංගට කතා කරන්න ඕනෑ.”

      මේක ඇහුනම කෝප්‍රල් ගුණ_ _නට මල පැනල මෙහෙම කිව්වලු.

      “අයිසෙ මම දැන් තමුසෙට එකපාරක් කිව්ව. ඉස්සර වෙලා කතා කරන්න ඉගෙන ගන්නව. තමුසෙ පීසී. මම කෝප්‍රල්. පීසී කෙනෙක් කොහොමද අයිසෙ කෝප්‍රල් කෙනෙකුට ළමය කියන්නෙ? අනික පීසී කෙනෙක් මොකටද අයිසෙ කර්නල් කෙනෙකුට කතා කරන්නෙ?”

      ඔය වෙලාවේ ඔතනින් යන්න ආවලු ඒ කාලෙ රෙජිමේන්තු සැරයන් මේජර් _ _ _නායක.මේ _ _ _නායක දැකපු කෝප්‍රල් ගුණ_ _න රිසීවරේ අතේ තියාගෙන මෙහෙම කිව්වලු.

      “බලන්නකො සර්, මේ කොහෙද යන ඉඹුලාන කියල පීසී කෙනෙක් සීඕ සර්ට කතා කරන්න ඕනැ කියල කරදර කරනවා. ඒ යකා කතා කරන්නවත් දන්නෙ නෑ.”

      වැඩේ තේරුම්ගිය රෙජිමේන්තු සැරයන් මේජර් _ _ _නායක පැනපු ගමන් රිසීවරේ අරන් සමාව ගෙන ඉඹුලාන ඇමතිතුමාව අදාළ තැනට සම්බන්ධ කළේ කෝප්‍රල් ගුණ_ _නට පුටුවෙන් වීසිවෙලා යන්න පයින් පාරක් දෙමින්ලු.

      යහපත් කෙනෙක් වන ඉඹුලාන ඇමතිතුමා මේ සිද්ධිය ගැන පැමිණිලි නොකළත් _ _ _නායක ගෙන් සහ කෝප්‍රල් ගුණ_ _නගෙ සහයට හිටිය සෙබළා හරහා මේ සිද්ධිය කඳවුර පුරා ප්‍රචාරය වුනාම කෝප්‍රල් ගුණ_ _න ගෙන් ඉහල නිලධාරීන් පවා අහන්න ගත්තලු.

      “කෝප්‍රල් ලඟදි පීසී ඉඹුලාන එහෙම කතා කලේ නැද්ද ?” කියල.

      ඉහල නිලධාරීන් ඉස්සරහ කට පියාගෙන දත්මිටි කාගෙන හිටියත් වෙනත් කෝප්‍රල්වරු අර ප්‍රශ්නෙම අහද්දී කෝප්‍රල් ගුණ_ _න ගෙන් පිටවුනේ ශුද්ධ සිංහල වචන විතරමලු.


      Delete
    7. Me ape wicharakage wikramayak neda kiyanne, ammapa miniha danuth ohomayi!

      Delete
    8. // මොලේ කෙසේ වෙතත් ස ර ස තුමාගේ නැට්ටේ හිටන් ගොම වගෙයි හිටන්! //

      සින්හල බොග් අවකාසේ ඇනෝවරුනි අහන්න....
      ඔබට හැකිය ඒ ගොම ටික හෝදාලා දමන්න.....!

      Delete
    9. Anonymous October 21, 2016 at 12:28 PM

      Superb comment dude. Nice story & well written. Don't know whether it's true or not but your writing style is brilliant. It is better if you could start your own blog.

      A typical blog reader

      Delete
    10. Sa rasa is a bit too drastic but there is a lot of substance in his proposals when considered rationally.

      Delete
    11. විචාරක ගැන නෙමෙයි කියන්නෙ. මං දන්න විදියට එයා ඔය කියන නිලධාරීන් යටතේ සේවය කළේ නැහැ. මේ කියන්නෙ වෙන කෙනෙක් ගැන. සමහර විට විචාරක මේ සිද්ධිය ගැන දන්නව ඇති.මම හැලපකඩේ දාපු comment එකක් අරන් කෙනෙක් කොපි කරල මෙතන දාල.

      Delete
    12. This comment has been removed by a blog administrator.

      Delete
  3. හොඳ පැහැදිළි කිරීමක්...
    අපි රාවය හරහාත් මේ පැහැදිළි කිරීම කළා....
    මේ මිනිස්සු ජීවත්වෙන්නේ නිවාඩු දවසක කරන කුලී වැඩකින්

    ReplyDelete
    Replies
    1. ඉතිං මේ ලිපියත් රාවයේ මේ සතියේ පළවෙන එකක් නේද? නැවත ප්‍රචාරයක් ද?

      Delete
  4. me yakath nikan my 3 wage. kade giya palanaya pissue kelina nisa bayla liayanna patan gena

    ReplyDelete
  5. ඊට වඩා නරකද ත්‍රයිලෝක පත්‍ර වගාව.

    ReplyDelete
    Replies
    1. සුවර්, මාතලන් තමයි මේ Ano

      Delete
  6. පැරා ගේ ලිපිය හොදයි. තව ටිකක් වතු සමාගම් ගැන අධ්‍යනය කරලා ඒ වතු සමාගම් මේ කර්මාන්තයට කරන හානිය ගැනත් දත්ත ඇතුව ලිවුවා නම් වඩාත් හොදයි. ඔය උඩ ඇනෝ කිවුවා වගේ ගොඩක් සමාගම් ගස් කපල විකුනනවා. තවත් සමාගම් හරියට පොහොර ටික, වල් නාශක ටික දාන්නේ නෑ. කටු පොල් (ඔයිල් පාම් ) වගා කිරීමෙන් වන හානිය, වගේ දේවල්. මේවා ජාතික සම්පත් කියන හැගීම නැ.

    ReplyDelete
    Replies
    1. THE READ US කියන බ්ලොග් එක කොහේ හරි බ්ලොග් සින්ඩියක එල්ලන්නකෝ. එතකොට අනිත් අයටත් කියවන්න පුලුවන්. ඉල්ලීමක් පමනයි.

      Delete
    2. ස්තුති ඉල්ලීමට. තාම පටන් ගත්ත විතරයි. වෙලාවක් ලැබුණු ගමන් එක කරන්න හිතන් ඉන්නේ.

      Delete
  7. The system has to be agreed upon and streamlined; and it will meet a lot of opposition, especially from unions. But, the way forward in the long run is for the workers to become sub-lessees and suppliers rather than wage earners. To meet the objections of the Sinhala villagers, they too could be part of it. The upcountry RPC estates are big enough to have a large number of sub lessees.

    ReplyDelete
  8. 1/3

    A Note for Ajith Perakum Jayesinghe

    Mr. Jayesinghe, let me begin with congratulating you on your superb article “WHY IS DATA SO IMPORTANT IN JOURNALISM?“, which was published at kiyanna.lk on the 21st October 2016. I consider it quite ironic that an article written to emphasise the importance of data in journalism happened to be full of unsubstantiated data.

    I understand that you have an irresistible affinity for the American writer Samuel Langhorne Clemens who is well-known in the literary world by his nom de plume, Mark Twain. You have become a sort of brand ambassador for Mark Twain in Sri Lanka in the recent times. However, your credibility as an ardent reader of Mark Twain is subjected to serious doubt by your own writings. I am surprised to read in your index article that you have misquoted and misinterpreted Mark Twain when you wrote the following:

    // One of Mark Twain’s cliche but brainy quote is “There are three kinds of lies: lies, damned lies, and statistics.” //

    Mr. Jayesinghe, while you are advocating the need for legitimacy and fidelity of information in journalism, you have just eaten your own words. I do not see any difference in your journalism from that of the Sinhala newspaper, which you have condemned so harshly. Let me take you to the original saying by your most revered Mark Twain, which was originally published as “Chapters from My Autobiography” in twenty-five articles in the North American Review in 1906-7. Mark Twain’s complete autobiography was published posthumously in two volumes in 1924. Here, I quote the relevant segment from the first volume of his autobiography. It is in the chapter: NOTES ON "INNOCENTS ABROAD" and I do quote little longer for the purpose of clarification. (For your information: “The Innocents Abroad” is a travel book by your champion writer Mark Twain)

    // I wrote the rest of The Innocents Abroad in sixty days, and I could have added a fortnight's labor with the pen and gotten along without the letters altogether. I was very young in those days, exceedingly young, marvelously young, younger than I am now, younger than I shall ever be again, by hundreds of years. I worked every night from eleven or twelve until broad day in the morning, and as I did 200,000 words in the sixty days the average was more than 3,000 words a day--nothing for Sir Walter Scott, nothing for Louis Stevenson, nothing for plenty of other people, but quite handsome for me. In 1897, when we were living in Tedworth Square, London, and I was writing the book called Following the Equator, my average was 1,800 words a day; here in Florence (1904), my average seems to be 1,400 words per sitting of four or five hours.

    I was deducing from the above that I have been slowing down steadily in these thirty-six years, but I perceive that my statistics have a defect: 3,000 words in the spring of 1868, when I was working seven or eight or nine hours at a sitting, has little or no advantage over the sitting of to-day, covering half the time and producing half the output. Figures often beguile me, particularly when I have the arranging of them myself; in which case the remark attributed to Disraeli would often apply with justice and force:

    "There are three kinds of lies: lies, damned lies, and statistics."//

    Any donkey who reads the above excerpt from Mark Twain’s autobiography can understand that Mark Twain was just referring to another person’s (Benjamin Disraeli’s according to Mark Twain) saying. What does Ajith Perakum Jayesinghe, who claims himself that he is the godfather of Mark Twain do? I wonder how uncomfortable Mark Twain's soul resting in Woodlawn cemetery in New York would feel, if it happened to read Mr. Jayesinghe’s remarkable sentence:

    // One of Mark Twain’s cliche but brainy quote is “There are three kinds of lies: lies, damned lies, and statistics.” //


    Cont ...

    ReplyDelete
  9. 2/3

    Who is Ajith Perakum Jayesinghe and what is Ajith Perakum Jayesinghe to write such rubbish implying the possession of the so called cliché (please remember that Mr. Jayesinghe is an expert in French) to his love Mark Twain. This is an unforgivable insult to Mark Twain by his own godfather. The saying “There are three kinds of lies: lies, damned lies, and statistics.” was certainly not said originally by Mark Twain. Although, Mark Twain had attributed the saying to Benjamin Disraeli who was a former premier of England, there has not been any documented evidence in the wealth of literature penned by Disraeli himself or by any other to justify the claim.

    Ajith Perakum Jayesinghe exhibits his ranked ignorance and utter confusion as well as his academic dishonesty when he writes the following nonsensical paragraph:

    // Many who quote this to ridicule statistics ignore the fact that Twain attributed the saying to the then British Prime Minister Benjamin Disraeli and it relates to the political context of the time. Is it right to quote it today? //

    what rubbish is it to say “it relates to the political context of the time” when Disraeli had not said such a saying? These are all fabrications and confabulation by Mr. Jayesinghe. Perhaps, Mark Twain observed a misunderstanding of a a few sentences in the famous speech “TO MY FELLOW-DISCIPLES AT SARATOGA SPRINGS” by the British economist and politician Lord Leonard Henry Courtney in New York in 1895. Lord Courtney said:

    // After all, facts are facts, and although we may quote one to another with a chuckle the words of the Wise Statesman, “Lies—damned lies— and statistics,” still there are some easy figures the simplest must understand, and the astutest cannot wriggle out of. So we may be led to the serious consideration of change by the evolution of materials of conviction which those who run may reed, though some who read may wish to run away from them. And when the means of cure are found to be easy and practicable, the end ought to be near. In view of this forecast I hesitate, even in addressing my fellow-believers at Saratoga, to add another word. And yet the truth must be told. //

    Lord Courtney did not specify Disraeli or any other when he said “the Wise Statesman” despite the definitive article. Perhaps, it may be Disraeli referred to as “the Wise Statesman” but there has not been any convincing evidence regarding the context of the lecture to confirm it.

    I hope that Ajith Perakum Jayesinghe will understand the defects and deficiencies of his article in regard to the credibility of the facts. In particularly, Mr. Jayesinghe should have been more attentive and cautious about the fidelity of his facts as he was writing on the very same topic of the importance of data in journalism. In fact, Mr. Jayesinghe has been notorious for misquotation and misinterpretations. I remember that Mr. Jayesinghe has misquoted and misinterpreted Joseph Stalin for something which he had never said.

    I will not go into a discussion about the nuances in your article regarding the definitions of facts, data, statistics, evidence etc. Bandula Kudalagama had previously written an article about scientific method regarding Western and indigenous medical practices in which he had discussed about data, facts, evidence, evidence based medicine etc. if you wish to study about the limitations of statistics, I recommend you to read a classical book titled “How to Lie with Statistics” by Darrell Huff.

    Cont ...

    ReplyDelete
  10. Onna lamayine Dan apita ajith parakumge engreesi tikak balaganna puluwan weyi thawa tikakin!

    ReplyDelete
  11. 3/3

    Let me conclude this note now. Ajith Perakum Jayesinghe should be more responsible in his endeavour and conduct as a journalist. Mr. Jayesinghe, you need to read a lot and study a lot on the topics that you wish to write about. Just because a laptop computer was gifted to you by a political organisation or just because your internet bill is paid by a political organisation, you should not write and publish nonsense. Even without a genuine versatility, one may still appear as an erudite scholar until one comes up with his thoughts in words. As soon as one opens one’s mouth the pandit becomes a bakapandit. Dear Mr. Jayesinghe do not make an exhibition of yourself in the blogosphere. Please stop misleading the young generations with your fallacious articles.

    Segiriye Keerale

    ReplyDelete
  12. All what you write here are in Wikipedia and other websites. This article is not about Mark Twain and you must not worry so much about a blog written by me. None of my blogs are meant to go in history. So anyone can simply read and forget them.

    On the other hand, the saying has been authored by Mark Twain though he attributed it to Disraeli. If you have evidence to prove I am totally wrong and to say that it is Disraeli's copyright, I don't bother a bit to correct it. I am not writing about Mark Twain or Disraeli here. It is mere news.

    Please don't worry so much about me. Do something to save your youth generation from me. People come here to read my articles and only a few read the comments. That's the reality.

    Why don't you try to do your NGO funded website properly and write whatever you want there?

    Anyway, be careful! You are too much thinking of me and it is absurd to see that I have been the focal of your tiny world.

    ReplyDelete
    Replies
    1. 1/2

      I have put forward an academic case for Ajith Perakum Jayesinghe’s consideration. But, he has responded in an uncivilsed manner with totally irrelevant propositions. Now, I will respond to him in the manner that he understands well.

      Ajith Perakum Jayesinghe has proven himself that he is a ranked ignorant person once more. It is crystal clear that Ajith Perakum Jayesinghe has not read Mark Twain, not at least his autobiography. The saying was certainly not authored by Mark Twain. Perhaps, it could be a saying by Disraeli. But I have clearly explained that the saying had already been in literature by the time it was mentioned in Mark Twain’s autobiography. I have referred him to the original texts and proven in the temporal profile that the saying had already been in use before Mark Twain’s mentioning. I have quoted from the original sources and this idiot Ajith Perakum Jayesinghe cannot understand the grammar of English in the original texts. Consequently, the idiot asks me to prove it again. The Bloody idiot Ajith Perakum Jayesinghe, I have proven my claim (i.e. the index saying had been in English literature before Mark Twain as well as Benjamin Disraeli) comprehensively and I cannot help your incompetence in English as well as your lack of academic conduct. I do not wish to teach a bloody idiot anything at all and there are only limited interventions to help a person with inborn learning difficulties (please check out the old medical term for learning difficulties). I challenge this bloody idiot who pretends to be a professor of English literature to prove his own claim that the index saying was originally said by Mark Twain and to negate my claim counterfactually.

      It is not surprising that Ajith Perakum Jayesinghe behaves in such a disgusting manner when we consider the poverty of his language skills as well his illegitimate brought up in destituteness. A man who has just started to read simplified versions of literary works such as tales from Shakespeare, tales from Dickens etc. will surely have difficulties in reading and comprehending the original texts. Ajith Perakum Jayesinghe’s problem is that he does not have an academic culture, which was gradually developed over the long years of his lifetime. Ajith Perakum Jayesinghe has just started to read Mark Twain in the fifth decade of his life. He did not have the opportunity to learn anything in his childhood and consequently he has developed a serious inferiority complex as he happened to associate himself with educated people later on in his life. It is only now in the fifth decade of his life that he reads the literary material that we used to read in the primary school. It is never late for a man to learn the things that he does not know. But, to ignore the correct thing when shown by somebody who knows it, is the inborn stupidly of Ajith Perakum Jayesinghe. Moreover, to pretend as if he knows everything in front of young generations and to mislead them, is the danger of the humanised beast in Ajith Perakum Jayesinghe.

      Cont ...

      Delete
    2. 2/2

      What this monster in the name of Ajith Perakum Jayesinghe does, is to revenge the future generations for his hopelessness that he could not obtain a proper formal education. We should not allow this imbecile Ajith Perakum Jayesinghe to destroy the lives of our future generations. Ajith Perakum Jayesinghe, it will be more respectful to go and beg at Matugama junction rather than to mislead and destroy the youth for a few dollars. We pledge solemnly that we will never let Ajith Perakum Jayesinghe to mislead the youth of Sri Lanka until we breathe our last.

      I proclaim that Ajith Perakum Jayesinghe has not ready any serious work in English or Sinhala literature. His ignorance is not only in literature but also philosophy, politics, sociology etc. Of course, we should not expect an erudition from a man who boasts that he learnt from gutters. What he has learnt from the gutters are nothing but waste and he is used to feed on sewage. Ignorance is a bliss and so he is happy with his ignorance. I knew that Ajith Perakum Jayesinghe would not acknowledge his blunder. But I took it as a historical obligation to expose his ignorance for the benefit of future generations. It is not only in English that Ajith Perakum Jayesinghe exhibits his hopeless ignorance but also in Sinhala. We explained scholarly how to write “Sarala” in Sinhala properly in the past. But this idiot still keeps on writing it in his uneducated way. It was quite appropriate that Ajith Perakum Jayesinghe was kicked out of formal education institutions such as universities when he was trying to obtain academic qualifications in the twilight of his life.

      We will keep on exposing the demon hidden behind Ajith Perkum Jayesinghe's “most innocent” simpleton face. I feel sorry that I cannot help Ajith Perakum Jayesinghe. Of course, how can I help a man who is an inborn idiot. Only thing that I can do is to post some kindergarten and primary school English textbooks from the Europe for his use. I will surely do it in the due course.

      There are three kinds of fools: fools, utter fools and idiots. Ajith Perakum Jayesinghe is surely an instance of the last kind. Ajith Perakum Jayesinghe, please stand in front of a mirror and look into it, then you will see an ugly porcine structure and that is a classical example of an idiot.

      Segiriye Keerale

      End.

      Delete
    3. Mr. Keerale, isn't it better you start your own blog. We come here to read para's blog, not some rubbish which distracts us.

      Delete
    4. Anonymous October 22, 2016 at 9:18 AM

      Dear Nipuna,

      It is better you too start your own blog. Better to write for UNP green blood etc. as well. Please do not publish rubbish on other's blogs as you do every time.

      Delete
  13. මචන් කීරාල තුමෝ,

    පැරා තුමා වුරුතීය බ්ලොග් කරුවෙකු නේ හිටන්.... ඔයි UN එකට සම්බන්ද කතාවක් නේ පැතිරිලා තියෙන්නේ...

    ඉතින් පැරා තුමා සම්බන්ද ආයතනයේ තිත්ත බෙහෙත් වැනි දෘස්ටිය සිරි ලාන්කික සින්හල බ්ලොග් කියවන්නන්ට සීනි තවරලා බොන්න දෙන්න නේ සුදු මහත්තුරුන් ට වුවමනා...

    ඉතින් පැරා තුමා සින්හලෙන් ලියනවා, අපි සින්හලෙන් කොමෙන්ට්ස් දානවා, සින්හල දන්නෙ නැති UN සුද්දා පැරා තුමා ගේ බ්ලොගේට ලැබෙන හිට්ස් ගාන සහ කොමෙන්ට්ස් ගාන දැකලා තමන් ගේ ආයෝජනේ අපතේ නොගියැයි කියලා හිටන්, වැරි ගුඩ් පැරා කියලා පිටට තට්ටුවක් එහෙම දාලා ගතමානාව අත මිට මොලවනවා...

    දැණ් බලන්න බ්ලොග් ඔස්තාර් රසික ගේ බ්ලොගේටත් වඩා පැරා ගේ පෝස්ට් වලට කොමෙන්ට්ස් වැටෙනවනේ හැමදාම..

    ඒ කොමෙන්ට්ස් ලිපියට අදාලද නැත්තන් විචා ව බයිට් එකට ගන්න ඒවද නැත්නම් නිකම්ම නිකම් මරිමෝඩ අන්දරේ ටයිප් කොමෙන්ට්ස් ද කියලා සුද්දා දන්නේ නෑනේ හිටන්...

    සුද්ද හිතන්නේ විචා ට බයිට් කොරපු කොමෙන්ටුත් ලිපියට අදාල ඒවා කියලා නේ...

    අන්න ඒ ප්‍රපන්චය තුල පැරා තුමාත් සන්තෝසෙන්, සුද්දත් සන්තෝසෙන්, විචාට බයිට් දෙන වුන් සහ ස ර ස තුමා වගේ පුස් අන්දරේලත් සන්තෝසෙන්!

    ඉතින් ඒ වගේ සන්හිඳියාවක් රජකොරනා පැරා ගේ බ්ලොගේ සුද්දට තේරෙන රැජින ගේ බාසාවෙන් පැරා ව නෝන්ඩි කොරාලා කොමෙන්ට්ස් දැම්මාම ඇති වෙන තත්වේ ඵැදිලි කොල යුතු නැහැ නේ...

    අන්න ඒ නිසා පැරාව බයිට් කොරලා දාන කොමෙන්ට් රැජිනගේ බාසාවෙන් නොදා සුද්දට තේරෙන්නෙ නැති සින්හලෙන් ලියමුද හිටන්?

    මීට පුස්සෙක් සහ අන්දරේ වන ස ර ස තුමා

    ReplyDelete
    Replies
    1. අතිගරු සාරසතුමනි,

      ඔබතුමා අපට පුස්සෙක් හෝ අන්දරේ හෝ නො වන්නේ ය. ඔබතුමා පිළිබඳ අප හද වැඩී ඇති ගෞරවාදරය අපමණ ය. අජිත් පැරකුම් ජයසිංහ වෘක්ෂසුනඛයා විසින් සිදු කෙරෙමින් පවතින තරුණ පරපුර නොමඟ යැවීමට එරෙහි ව සාරසතුමා ද මයුරවිලයන ද ගෙන යන සටන පිළිබඳ අසීමිත පැහැදීමක් අප හද තුළ ඇත. අජිත් පැරකුම් ජයසිංහ නම් ‍පොදු සතුරාට එරෙහි ව අපි සියලු වෙනස්කම් ඉවත ලා එකාවන් ව නැඟී සිටිය යුතු වෙමු. එම සටන අප අවසන් කළ යුතු වන්නේ අජිත් පැරකුම් ජයසිංහගේ සිරිකොත ව්‍යාපෘතිය පමණක් නො ව ඊනියා යහපාලන ආණ්ඩුව ද පරාජය කිරීමෙනි. එම කාර්යයේ දී අපි අපගේ නොමඳ සහය සාරසතුමනට ද මයුරවිලයනට ද කොන්දේසි විරහිත ව ලබා දෙන්නෙමු. සාරසතුමා වැනි අප හිතවත් ෆේ. ගුරු.. සිරිමතියගේ ශිෂ්‍යරත්නයක් කෙදිනකවත් පුස්සෙක් හෝ අන්දරේ හෝ නො වන බව ඉඳුරා පවසමු. සිරිකොතේ මුදලට කහින අජිත් පැරකුම් ජයසිංහ කාලකණ්ණියාගෙන් අපගේ රට ද තරුණ පරපුර ද බේරා ගනිමු.ooo

      සෑගිරියේ කීරාළ

      Delete
    2. අනේ කීරාළේ ,

      මේ බරපතලව සිදු කෙරෙමින් පවතින තරුණ පරපුර නොමඟ යැවීමට එරෙහි ව හිටං තරුණ පරපුර හරිමග යැවීමට මොකක් හෝ කරමයක් දාන්නකෝ හිටං.
      සාරසගේ මල්ලේ පොල් එන්නෙත් එලොව පොල් ගානට නිසාත් ඒ හැර පැරකුම් සුධිමතුන්ගේ මේ අඩවියත් හැර බලන්නට හරි හමං අඩවියකුත් නැති වෙලේ ( විචාරකගේ යුද්ධ උපක්‍රම සහ තුවක්කු සුද්ධ කිරීමත්, ඉයන්ගේ චන්ද මධ්‍යස්තානෙත් රසිකගේ මා පාන් කන අන්දම ගැන ලියන රචනාත් මාතලන්ගේ වීර වික්‍රම කඩු පයිට් කතාත් නැතිකමට බලමි) ඔබතුමා මයුරවිලයන් ටොරොන්ටෝවේ කුදලාගමයන් කැටුව නව ආරේ බොගක් දමන්නේ නම් හිටන් අතිශය කියන්නේ සාතිශය සන්තෝෂයට පත්වෙනවාය හිටන්.

      ඔබට තන්කිව් වේවා.
      මේ මාරවිල ඇන්ටන්

      Delete
    3. මෙන්න මේක කියවලා හිනා ගිය පාර කෙළ ඉස්මොළේ ගියා මචං.

      //අජිත් පැරකුම් ජයසිංහ නම් ‍පොදු සතුරාට එරෙහි ව අපි සියලු වෙනස්කම් ඉවත ලා එකාවන් ව නැඟී සිටිය යුතු වෙමු. එම සටන අප අවසන් කළ යුතු වන්නේ අජිත් පැරකුම් ජයසිංහගේ සිරිකොත ව්‍යාපෘතිය පමණක් නො ව ඊනියා යහපාලන ආණ්ඩුව ද පරාජය කිරීමෙනි. එම කාර්යයේ දී අපි අපගේ නොමඳ සහය සාරසතුමනට ද මයුරවිලයනට ද කොන්දේසි විරහිත ව ලබා දෙන්නෙමු.//

      යකෝ වැඩක් ඇති වැඩක් කරපල්ලා. මං මේ බ්ලොග් එක කරන එක නැවැත්තුවා ම රට හැදෙනවා නම්, මං හෙට ම ඒක නවත්තලා දාන්නම්.

      බොලා දෛනිකව, නො වරදවා බෙහෙත් බීපල්ලා.

      Delete
    4. /////බොලා දෛනිකව, නො වරදවා බෙහෙත් බීපල්ලා/////////

      ඒයි බොලාට ඇහුනද......

      Delete
    5. //මීට පුස්සෙක් සහ අන්දරේ වන ස ර ස තුමා//

      තමන් කවුද කියාත්, තමන්ගේ කොමෙන්ටු මොන වගේද කියාත් ස ර ස දැන සිටීම අපි අගය කල යුතුයි!

      Delete
  14. හිරු කණ්ඩායමේ කට්ටියටයි මම මේ කියන්නේ. උඹලා කට්ටියක් දැන් ජර්මනියේ ඉඳගෙන ෆුල් ටයිම් විප්ලවේ කරනවා ය කියනවා නේ. අඩු තරමේ අර උඹලා පටන් ගත්ත ජේඩීඑස් ලංකා වෙබ් සයිට් එක හරි පිළිවෙලකට කරපල්ලා. ඒකට රිපෝටර්ස් විතවුට් බෝඩර්ස් එකෙන් සල්ලිත් දෙනවා නේ. හිරු පත්තරේ පරණ ලිපි නැවත, නැවත පළ කර, කර ඉන්නේ නැතිව අලුත් දෙයක් ලියපල්ලා. ඔය උඹලා මෙතන ඇවිත් මගේ එක්ක ඇරියස් පියවගන්න ලියන දේවල් වුණත් හරියට ලියලා පළ කරපල්ලා.

    මේ සම්බන්ධයෙන් උඹලාට ආදර්ශයට ගන්නට පුළුවන් ඔය ජාතියේ වෙබ් එකක් තමයි කලම්බු ටෙලිග්‍රාෆ්. උවිඳු කුරුකුලසූරියගෙන් ඒ වගේ එකක් කරන හැටි අහගනිල්ලා.

    උඹලට හැමදාමත් තියෙන ප්‍රශ්නෙ මචං විනයක් නැතිකම. අනෙක, උඹලා හැමදාම සෙක්ස් ප්‍රශ්න දේශපාලනේ එක්ක පටලවා ගන්නවා. උඹලා ලියන ඒවා කියෙව්වා ම මට හිතාගන්න පුළුවන් දැන් ඔහේ වෙන දේවල්. මං දන්නවා නේ මෙහේ උඹලා වැඩ කරපු හැටි.

    අනෙක, උඹලාගේ දේශපාලනයේ මූලික ධාවකයක් වෙන්නේ උඹලාට තිබෙන මානසික ආතති. ඒක ප්‍රශ්නයක් නැහැ. මානසික ආතති නො තිබුණා නම් වින්සන්ට් වෑන් ගෝගෙන් ඓතිහාසික නිර්මාන බිහි වෙන එකක් නැහැ. ඒත්, උඹලා කරන්නේ මොකක් ද? ඒ ආතති මගේ පිටින් යවන්න උත්සාහ කරන එක.

    මං මචං තනි මිනිහෙක්. මගේ පස්සෙන් සිරිකොත එනවා ද මං දන්නෙ නැහැ. මං නම් උන් පස්සෙන් යන්නෙ නැහැ.අපේ කණ්ඩායම ඇතුළේ ඇති වුණ අර්බුදය මගේ දේශපාලන ජීවිතයේ වගේ ම උඹලාගේ දේශපාලන ජීවිත තුළත් තවමත් දෝංකාර දෙනවා. මේ ප්‍රශ්නය ම දීප්තිලාට, නිර්මාල්ලාටත් තියෙනවා. ඒකට හේතුව වන්නේ එ් ඛණ්ඩනයෙන් පසුව අප දෙගොල්ලන් ම සාමූහිකව අසාර්ථක වී තිබීමයි.

    ඔය ප්‍රශ්නය සලකා බලන්න ඕනැ සමස්ත ලෝකයේ ම රැඩිකල් දේශපාලනයේ අර්බුදය තුළයි. අනෙක් පැත්තෙන්, අප උඹලා අයත් මේ පරපුර ම වියපත් වෙමින් යන එකත්, ඒ හා සම්බන්ධ මානසික තත්වයනුත් මේ තත්වයට හේතු වෙනවා.

    මගේ පැත්තෙන් මම කරන්නේ තනියෙන් හෝ නො නැසී ඉන්නට උත්සාහ කරන එකයි. ඒ වෙනුවෙන් මම මගේ සමාජමය මැදිහත් වීම දිගට ම පවත්වාගෙන යනවා.

    උඹලා මාව අතහැර දමලා වෙන ඵලදායී වැඩක් කරපල්ලා

    ReplyDelete
    Replies
    1. ඈ බොල ගෙරියෝ, උඹ හිතවා ද අපත් උඹ වගේ සල්ලිවලට අපේ ආත්මය පාවා දෙන බව? ගොබ්බයෙකු වුණත් ගොබ්බ කතා නො කියා හිටපිය.

      අප උඹ අතහැර දමා දැන් බොහෝ කල් වෙනවා. උඹ අපේ ප්‍රහාරයෙන් කම්පනය වෙලා උඹේ මානසික ලෙඩේ යළි මතු වෙලා අර අහිංසක ගැහැනියත් දරුවන් දෙදෙනාත් මරා ගෙන කන්න යන බව ආරංචි වුණාට පස්සේ අප මෙතන උඹට ප්‍රහාර එල්ල කරන එක අඩු කළා; මානුෂික හේතු මත. ඒත් උඹ මේ රටේ තරුණ පරම්පරාව නොමඟ යැවීමේ කොන්ත්‍රාත්තුව දිගට ම කර ගෙන යනවා නම් අපට සිද්ධ වෙනවා උඔ කරළියෙන් ඉවතට විසි වෙන්න ම ගහන්න. අපේ තරුණ පරම්පරාව කියන්නේ අපේ රටේ අනාගත ය. අපේ රටේ අනාගතය විනාශ කරන්න උඹ වගේ මානසික ලෙඩෙකුට ඉඩ දෙන්න බැහැ; ඉඩ දෙන්නෙත් නැහැ.

      උඹ ඔය උඩ දාන වර්ණකුල ද මොකා ද මහ ලොකු චරිතයක් වෙන්නේ උඹ වගේ හීනමානකාරයන්ට විතර යි. එක අතකින් බැලූ විට විප්ලවීය පත්තරයක් නසන්න වෑයම් කර කිච වුණ එකෙක් ඒ ජාතියෙ ම එකෙකු වීරත්වයෙන් සැලකීම අරුමයක් නො වේ. උ‍ඹ කියන්න කියන්න කියමින් මතුගම ටෙලිග්‍රාප් එකක් අටවා ගත්තාට උඹට කලම්බු ටෙලිග්‍රාප් එකට ලියන ආකාරයේ විද්වත් මණ්ඩලයක් ලැබෙන්නේ නැහැ. මොක ද මහින්දපාල එනව ද උඹගේ කියන්න කියන්න එකට ලියන්න? ජෙහාන් එනව ද උඹගේ කියන්න කියන්න එකට ලියන්න? හූල් එනව ද උඹගේ කියන්න කියන්න එකට ලියන්න? නැහැ නෙ? අඩු ම ගණනේ රැඩිකල් අදහස් තිබෙන ලස්සන චරිතයක් වන ශාමිනි සේරසිංහවත් එනව ද උඹගේ කියන්න කියන්න එකට ලියන්න? නැහැ නේ?

      උඹට කොහොමත් වැඩි කාලයක් අපේ තරුණ පරම්පරාව නොමඟ යවන්න ‍බැරි බව පෙනෙනවා. මොක ද අක්ෂය කියලා ආකර්ෂණීය කතිකා මණ්ඩපයක් දැන් තරුණ පරම්පරාව සඳහා තිබෙන නිසා. අපේ පරම්පරාවේ සුමනේ වුණත් අක්ෂයට කැමති යි. උඹ නැති වෙන අනෙක් කාරණය තමා මේ දිනවල පෙරටුගාමින්ගේ පක්ෂ අභ්‍යන්තරයේ සිදුවන න්‍යාය හා භාවිතාව පිළිබඳ ප්‍රබල සංවාදය. යම් විධියකින් පුබුදු ජයගොඩ සහෝදරයා ප්‍රමුඛ පිළ පුළුල් සමාජ ක්‍රියාකාරීත්වයක් ලෙස පෙරටුගාමී දේශපාලනය සමාජගත කළහොත් උඹේ බොරු සෝබන සියල්ල අවසන් පැරා. එතකොට තමා උඹට සිද්ධ වෙන්නේ ඇත්තට ම අනිච්චාවත සංඛාරා කියලා ඩබ්ලිව් තුන ලංකා එකේ දා ගන්න. උඹ කාලයකට පෙර උඹ ම එහෙම දා ගෙන ප්‍රචාරණයක් ගත්ත නිර්ලජ්ජිත වැඩේ මතක ඇති නේ ද උඹට?

      අනාගත පරපුරේ සුරක්ෂිතතාව සඳහා අපි අජිත් පැරකුම් ජයසිංහගේ කුලී ව්‍යාපෘතිය බිඳ දමන්නෙමු. උඹේ කිච වැඩ ගැන අප ලියූ සියලු දේ උඹේ නම යමෙක් ගූගල් කළ සැණින් මතු ව එන බව මතක තබා ගනිං පැරා. උඹ වීරයා නම් උඹේ මය අනුකාරක කියන්න කියන්න එකේ කමෙන්ට්ස් දමන්න පහසුකම සපයපං. එක සතියෙන් කියන්න කියන්න ඉවරයි ඉවරයි කරලා පෙන්වන්නම්. දැන් ඉතිං පිනක් දහමක් කර‍ ගෙන හිටපං පැරා.

      Delete
    2. This comment has been removed by the author.

      Delete

    3. /*ඒත් උඹ මේ රටේ තරුණ පරම්පරාව නොමඟ යැවීමේ කොන්ත්‍රාත්තුව දිගට ම කර ගෙන යනවා නම් අපට සිද්ධ වෙනවා උඔ කරළියෙන් ඉවතට විසි වෙන්න ම ගහන්න. අපේ තරුණ පරම්පරාව කියන්නේ අපේ රටේ අනාගත ය. අපේ රටේ අනාගතය විනාශ කරන්න උඹ වගේ මානසික ලෙඩෙකුට ඉඩ දෙන්න බැහැ; ඉඩ දෙන්නෙත් නැහැ. */

      සීයේ, උඹ නම් හරියටම කියල තියෙනවා. පැරාට හොඳම වැඩේ!
      මේ පැරාටත් ඕනේ නැති වැඩ නේ කරන්නේ. යනවා මෙතන ජර්මනියේ තරුණ පරම්පරාව නොමග යවන්න. ඒවා හඳේ කොල්ලෝ.
      වරෙන් බලන්න ජර්මනියේ අනාගතය විනාශ කරන්න. තෝ දන්නවද හිට්ලරුත් හිටියේ මෙහෙ කියලා.

      Delete
    4. පැරා, මොකක් ද බං මෙතන මේ වෙන්නේ? උඹට පිස්සුව තද වෙලා ද? මචං උ‍ෙඹ් ඔන්න ඔය අන්තිම කමෙන්ට් එකේ තිබෙන පුද්ගල හැඟවුම්කරණය ඉවත් කරපං. නිශ්චිත ව නො දන්න දේ ගැන ඔහොම ලියන එක මාධ්‍ය ආචාර ධර්මවලට එකඟ නැහැ. උඹ වාම විප්ලවීය පුවත්පතක හිටපු අගසකසුවෙකු බව අමතක කරන්න එපා.

      Delete
    5. ඇයි මචං රිදුණ ද? ඔහොම වරෙන්! හරි මං අයින් කරන්නම්.

      Delete
    6. පලයං පලයං පැරා යන්න! මඟුල් නටලා දැන් මෙතන කෝල වෙන්න හදනවා! උඹලට ශාස්ත්‍රීය යමක් පැවසූ විට ප්‍රතිචා‍ර වශයෙන් අහක තියෙන වෙබ් අඩවි පිළිබඳ නන්දොඩවනවා ඕෆ් ටොපික්. ඉතිං අපත් එම ප්‍රතිචාරවලට ඒ ශානරයේ ම ප්‍රතිචාරයක් දුන් විට ඒක නව වියුණුසටහනක් ලෙස දා ගෙන උඹ ඒක තේ කෝප්පයේ කුණාටුවක් බවට පත් කර ගන්නවා. ඕෆ් ඒයාර් කමෙන්ට්‍රීස් බ්‍රෝඩ්කාස්ට් කරන සිරිතක් තිබෙනවා ද බං? උඹ හදන්නේ අපට තරහකාරයන් වැඩි කරවන්න. උඹ දැන් ඔය විකාර ෆේස්බුක් එකෙත් දා ගත්ත ද? පිස්සා!

      ඇත්තෙන් ම උඹ අර ශා. සේ. පිළිබද “අඩු ම ගණනේ” යනුවෙන් ලියවුණු කොටසක් තියෙන ඕෆ් එයාර් කමෙන්ට් එකක් ම මේ කැත වැඩේට තෝර ගත්තනේ බං. ජාතිවාදයට එරෙහි ව මෑත කාලයේ ඇසුණු හොඳ ම ස්ත්‍රී හඬක් ශා. සේ. සුපර්බ් බ්‍රිජටියන් ඇන්ඩ් මියුසියයිට්. ඇනොනිමස් කමෙන්ට්ස් සංශෝධනය කළ හැනි වුණා නම් එම කොටස විත්ඩ්‍රෝ කරනවා.

      උඹට ලිපි ලියන එකත් තේරුමක් නැහැ. ඒක නිසා තමා විපැරාකරණ කලා අනුමණ්ඩලය විසුරුවා හැරියෙත් පසුගිය මාසයේ දී. අර බන්‍ධුල කුදලාගම පවසන ලෙස ම උඹට ශාස්ත්‍රීය යමක් ඒත්තු ගන්වනවාට වඩා ඒ කාලය නිදා ගන්න එක වටිනවා නියුරොට්‍රාස්මිටර්ස් ටිකක් ප්‍රතිජනනය වන්නට. උඹ ඕන දෙයක් ලියා ගනිං පැරා. උඹත් එක්ක නාඩගම් නටනවට වඩා ජිජැක්ගේ අලුත් පොතේ ඉතුරු ටික කියවන එක වටිනවා. හොයාගෙන කියවපං පැරා: Against the Double Blackmail: Refugees, Terror and Other Troubles with the Neighbours. මේක මැයි මාසේ නිකුත් වුණේ. බ්‍රිටිෂ් කවුන්සිල් එකේ ඇති සමහර විට. හොයා ගෙන කියවපං. උඹ දැන් ජිජැක්ටත් වඩා ලකානියන් ඉන්ටප්‍රිටර් කෙනෙක් නො වැ ලංකාවේ! උඹට මතක ද ජිජැක් ලංකාවට ගෙනාවේ කවුද කියා? අර උඹ කැමති ම ඉංගිරිසි පුවත්පත් කර්තෘ ල ගු. සහෝදරයා තමා ඇමෙරිකා ගොස් එද්දී රැගෙන ආවේ. විභවියේ දී දේශනයකුත් දුන්නා ජිජැක් ගැන ලකී. සුන්දර මතක!

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා