පහේ ශිෂ්‍යත්ව විභාගයේ පළමුවැන්නා සහ පියසේන කහඳගමගේ යන ඌරුගමුවෙ කොල්ලන් දෙන්නාගේ වැඩ

පියසේන කහඳගමගේ 
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කියන්නේ ලංකාවේ තරගකාරී ම හා විකාරරූපී ම විභාගයයි. අ.පො.ස. සාමාන්‍ය පෙළ විෂයක් සමත් වෙන්නට 35%ක් ලකුණු ගත්තාම ඇති. ඒත්, පහේ ශිෂ්‍යත්ව විභාගය සමත් වෙන්න නම් 80%ක් විතර ලකුණු ගන්නට ඕනැ.

මේ තරගකාරිත්වය අපේ දරුවන්ගේ ළමා ජීවිතයේ සුන්දරත්වය අහෝසි කර දමනවා.

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අසමත් වුණත් සිසුන්ට වසර 13ක් පාසල් අධ්‍යාපනය අනිවාර්යයෙන් ලබා දීමට රජය තීරණයක් ගත්තා.

ඉස්කෝලවලට එන අම්මලා සාරි ඇඳගෙන ආ යුතු ය කියන නීතියත් ආණ්ඩුව වෙනස් කළා.

ආදි ශිෂ්‍යයන් පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් බඳවා ගන්නා සම්මුඛ පරීක්ෂණ මණ්ඩලවලින් (ආදි ශිෂ්‍ය පදනම හැර) ඉවත් කරන්නත් ආණ්ඩුව හිතුවා. ඒත් කර ගන්න ආත්ම ශක්තිය තිබුණෙ නැහැ.

දොස්තරගොල්ලන්ගේ ප්‍රතිගාමී පාසල් සටනෙදිත් අධ්‍යාපන ඇමති කොන්ද කෙළින් තියාගෙන ඉන්නවා වගේ පෙනුණා.

ඒ වුණාට පහේ ශිෂ්‍යත්වය නම් විකාරරූපී තරග විභාගය අහෝසි කරන එක ගැන නම් ආණ්ඩුව හිතලාවත් ඇති බවක් පෙනෙන්නේ නැහැ.

කොහොම වුණත්, පහේ ශිෂ්‍යත්වයෙන් 200න් 196ක් ලකුණු අරගෙන පළමු ස්ථානය ලබා ගන්නවා කියන්නේ සුපිරි හපන්කමක් බව අමුතුවෙන් කිව යුතු නැහැ.

මෙවර පහේ ශිෂ්‍යත්වයෙන් පළමු ස්ථානය දිනා ගත්තේ දික්වැල්ලේ ඌරුගමුව මෙතෝදිස්ත කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙක්. ඔහුගේ නම සිතිජ නිරාන් සමරවික්‍රමයි. 

ඌරුගමුව මෙතෝදිස්ත කණිෂ්ඨ විද්‍යාලය කියන්නේ පැරණි පාසලක්. ඒ පාසල ගැන ඇසූ විට මතක් වූ තවත් චරිතයක් ගැන කෙටි සටහනක් තබන්නයි මේ සැරසෙන්නේ. ඒ තමයි පියසේන කහඳගමගේ.

2003දී දිවියෙන් සමු ගත් මේ ලේඛකයාගේ කෘති අදටත් ජනප්‍රියයි.

පියසේන කහඳගමගේ බාල කාලය ගෙවන්නේ ඌරුගමුව ගමේයි. ඔහු කුඩා කල ඌරුගමුව මෙතෝදිස්ත කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනගෙන තිබෙනවා. 

කහඳගමගේ හිඟුරක්ගොඩ ගුරු විද්‍යාලයේ ඉන්න කාලේ 1966දී ලියූ කවියක මෙහෙම සඳහන් වෙනවා. 

මෙතෝදිස්ත ඉස්කෝලේ
පුංචිහේව මහතාගෙන් 
ලත් වේවැල් පහර ගණන
දන්නව ඇති බිත්ති හතර

තව විස්තර ඔහු ලියූ අපේ ගමේ විත්ති කියන පොතේ ලියා තිබෙනවා.

ඔහු ඌරුගමුව නම හැදුණු හැටිත් එහි සඳහන් කරනවා. මතක විදියට ඒ මෙහෙමයි.

දෙවන රාජසිංහ රජුගේ නැගනිය රජුගේ හිතවත් ඇමතියකු සමග පෙම් සබඳතාවක් පවත්වනවා. රජු මෙයින් කිපී මේ දෙපළ මාළිගාවෙන් විතරක් නොවෙයි, අගනුවරිනුත් පළවා හරිනවා. ඔවුන් ඇවිත් දික්වැල්ල, වලස්ගල පැත්තේ පදිංචි වෙනවා.

රජ්ජුරුවෝ සිය නැගනියට ආදරෙයි. ඒ නිසා පසු කලෙක ඔවුන් ගැන සොයා බලා තතු දැනගෙන සිය මස්සිනාට හෙවත් හූරාට ගම්වරයක් දෙනවා. හූරාට දුන් ගම හූරුගම වී පසුව ඌරුගමුව වූ බවයි පියසේන කහඳගමගේ පවසන්නේ.

මේ ලියන මම නම් ඌරුගමුවෙ පස්වත් පාගලා නැතුව ඇති. ඒ වුණත් ඒක නමක් තියෙන ගමක් බව කියන්නයි මේ සටහන තිබ්බෙ. කොහොමද ඌරුගමුවෙ කොල්ලන්ගෙ වැඩ?

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Ela Ela Para. Mama eka ��

    ReplyDelete
    Replies
    1. මගෙ යාලුවෙක් ශිෂ්‍යත්වෙ කරන්න ගිහින් මලා...

      Delete
  2. ශිෂ්‍යත්වය අහෝසි කලයුතු නෑ... නගරයෙන් එපිටින් වූ පාසැල් වලටත් පහසුකම් ලබාදිය යුතුයි.. එතකොට දෙමාපියන්ගේ 'සුපිරි පාසැල්' රුදාව අඩුවෙයි..
    නමුත් ශිෂ්‍යත්වය කියන කඩයිමෙන් දරුවෙකුගේ ජීවිතය වෙනස් විය හැකියි.. එමනිසා ඒ අවස්ථාවත් දරුවන්ට තිබිය යුතුයි...

    ReplyDelete
  3. මොන ලොකු ඉස්කෝලෙකට ගියත් ටියුෂන් නැතිව උසස් පෙල ගොඩ යන්න බෑ!

    ReplyDelete
  4. ජාතික ප්‍ර‍ශ්නය මෙන්ම ඊට වඩා දැනට රටට බලපා ඇති ආර්ථික ප්‍රශ්න විසඳාගතයුතුය. පසුගිය අන්ත දූශිත රාජපක්ෂ කල්ලිය පළවාහැර අප විසින් පත්කරගත් නූතන යහපාලන රජයේ ආර්ථික ප්‍රවේශය මදක් සලකා බලමු. උදාහරණයක් ලෙස අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණාට අයත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ලාභය සියයට 434කින් වැඩී වි තිබෙන බව ඔවුන් විසින් ම ප්‍රකාශිත මූල්‍ය දත්තවලට අනුව දැන් හෙළි වී තිබේ. මේ වසරේ මාර්තු දක්වා සමාගමේ ලාභය පමණක් රුපියල් බිලියන 5.1ක් හෙවත් ලක්‍ෂ 51,000ක් තරම් අති විශාල මුදලකි. ගෙවුණු මාස කීපය තුළ එය තවත් වැඩි වී තිබීම අනිවාර්යකි. ඊට පෙර වසරේ එය හුදු මිලියන 767ක් විය.

    පර්පර්චුවල් ට්‍රෙෂරීස් යනු පසුගිය සමයේ බැඳුම්කර මගඩියට සම්බන්ධ මතභේදාත්මක සමාගම ය. රනිල් වික්‍රමසිංහගේ අතිජාති මිත්‍ර අර්ජුන් මහෙන්ද්‍රන් මහබැංකුවේ අධිපති ව සිටි කාලයේ දෙවරක් ම සිදු වූ ඉහත වංචාව ලංකා ඉතිහාසයේ විශාලතම මගඩිය ලෙස සැලකේ. මෙහි විශේෂය වන්නේ අදාළ මගඩියෙන් වන පාඩුව වසර 30ක් තරම් අනාගතයට ද විහිද යෑම ය. මේ අතර, මහේන්ද්‍රන් මහතා දැන් වත්මන් ආණ්ඩුවේ පස් අවුරුදු සැලැස්මේ ප්‍රධානියා වේ. සියළු ආර්ථික තීරණ ගැනෙන්නේ ඔහු හා මලික් සමරවික්‍රම හරහා ය.

    ප්‍රාථමික බැඳුම්කර ගැණුම් සමාගමක් වන පර්පචුවල් සමාගම වැඩිම ලාභ උපයාගෙන ඇත්තේ ප්‍රාග්ධන ලැබීම්වලින් බව ද වාර්තා වේ. ඉහළ පොළියක් සහිත කාලයක බැඳුම්කරයක මිල පහළ යන අතර එහි දී ප්‍රාථමික ගැණුම්කරුවන් විසින් අඩු ඒකක මිලකට විශාල බැඳුම්කර ප්‍රමාණයක් මිළට ගෙන පසුව ඒවා ලාභයක් සහිත ව ද්විතීයික ගැණුම්කරුවන්ට යළි විකුණනු ලැබේ. බැඳුම්කර ගණුදෙනුවේ ස්වභාවය වන්නේ පොලී අනුපාත පහළ යන විට බැඳුම්කර මිළ ඉහළ යාම වන අතර පොලී අනුපාත ඉහළ යන විට බැඳුම්කර මිළ පහළ වැටීම ය. ව්‍යාජ ඉහළ පොලී අනුපාතයක් නියම කොට බැඳුම්කර මිළ කෘතිම ලෙස පහළ යැවීමට සලස්වා හරහා මගඩියක් කිරීමේ විශාල හැකියාවක් ඇත. ඇත්තට ම අර්ජුන් මහේන්ද්‍රන් සමයේ සිදුවූයේ ද එය ම ය. ස්වභාවික පොලී අනුපාත 8 දශම ගණනක තිබිය දී පර්පර්චුවල් සමාගමට ඒවා විකුණා තිබුණේ 11.28ක් වැනි ප්‍රමාණයකට ය. මේ අනුව, ද්විතීයික ගැණුම්කරුවන්ට තම බැඳුම්කර විකිණීමෙන් විශාල ලාභයක් උපයා ගැනීමට ඉහත සමාගමට හැකිවූවාට සැක නැත. ඔවුන්ගේ ලාභාංශ සියයට 400% ඉක්මවා ඉහළ ගියේ එහෙයිනි.

    රටේ ආර්ථික අර්බුදයේ මුල සොයන්නෙකුට ඒ පාදා ගැනීම දැන් ඉතා පහසු ය. දුර්වල ආර්ථික කළමනාකරණ මතට රජයට රුපියල් කෝටි 6000කට පාඩුවක් සිදුකළ බැඳුම්කර මගඩිය පතිත වීම ගැන මදක් සිතා බලන්න. එහි ප්‍රතිඵලයක් ලෙස මෙන් ම විදෙස් ආයෝජන රටින් බැහැර යාමෙන් රුපියල කඩාවැටීම සීග්‍ර ලෙස සිදු වූ අතර ඒ හරහා ආනයන භාණ්ඩ මිළ ඉහළ යාම හා ‍ඩොලර්වලින් ගෙවීමට ඇති ණය ප්‍රමාණය ද සීඝ්‍ර ලෙස ඉහළ ගියේ ය. වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු පමණක් කිසිදු නව සංවර්ධනයක් නොකර තිබියදීත් වැඩි වූ විදෙස් ණය ප්‍රමාණය පමණක් රුපියල් බිලියන 2500කට අධික ය. තවද දූශිත මහින්ද රාජපක්‍ෂ විසින් ඩොලර් බිලියන 10ක පමණ මුදලක් බාරදී තිබියදීත් තිබූ විදෙස් සංචිත එක් වරම බිලියන 2.5ට කඩා වැටුණේ මේ හේතුව නිසා ය. මේ අනුව, ණය හා ආනයන සඳහා වැඩි වැඩියෙන් ඩොලර් යෙදවීමට ආණ්ඩුවට සිදුවිය. යාන්තම් හෝ රටේ ආර්ථිකය පණ අදිමින් හෝ තිබෙන්නේ අන් හේතුවක් නිසා නොව ලෝක වෙළඳපලේ බොරතෙල් මිිළ පහළ බැස තිබෙන නිසා ය. වැට්බදු වැඩිකිරීම වැනි ජනපීඩක ක්‍රියාමාර්ග හරහා රටේ ජනයා පිට පටවන්නේ මේ මහා ඛේදවාචකයේ විපාක හැර අන් කවරක් ද?

    ReplyDelete
    Replies
    1. මචං කුමාර කළුආරච්චි හැන්ගේන්නේ නැතුව නියම නමින් ලියපන්කො. අපි උඹව එච්චර මඩවන්නේ නෑ.

      Delete
    2. Handa pennuwama angilla balanna epa booruwo, umba maathalanda?

      Delete
  5. // කොහොමද ඌරුගමුවෙ කොල්ලන්ගෙ වැඩ? //

    අපි වගේ බයියෝ නේද??

    ReplyDelete
    Replies
    1. @Sa rasa තුමා

      //අපි වගේ බයියෝ නේද??//

      ඌරුගමුවෙ කොල්ලන්ට අපහාස කරන්න එපා අප්පා ඒ අයව අමුම අමු මැට්ටො සෙට් එකකට සමාන කරලා.

      Delete
    2. // ඌරුගමුවෙ කොල්ලන්ට අපහාස කරන්න එපා අප්පා ඒ අයව අමුම අමු මැට්ටො සෙට් එකකට සමාන කරලා.//

      ඒ කතාවත් ඇත්ත තමයි නේද?

      Delete
  6. Karu jayasooriya mehe Buddhagame arakshakayek wage ratama rawattagena hitiyata aththenma sai babage anugamikayek. Sathya sri sai baba Wikipedia page eke followers list eka balanna. Ane ape hamuduruwaru!!!

    ReplyDelete
  7. පුංචි පහේ මංOctober 6, 2016 at 11:59 PM

    පැරා,ඌරුගමුවත් ගමක්ද?
    පහේ ශිෂ්‍යත්වයෙන් 200න් 196ක් ලකුණු ගන්නඑකත් වැඩක්ද?‍
    පියසේන කහඳගමගේගෙ පොත් පොත්ද?
    දෙවන රාජසිංහ රජුගේ නැගනියරජුගේ හිතවත් ඇමතියකු සමග පෙම් සබඳතාවක් තිබුනලූ, ඉතින් අපට ුකද?

    මෙන්න සුපිරි වැඩ බ්‍රෝ..

    හඟුරන්කෙත කොල්ලන් දෙන්නාගේ වැඩ
    ----------------------------
    හඟුරන්කෙත ජනක කාංචන 12mm යකඩ කම්බි 20 කටේ තියා අතින් නවයි.
    හඟුරන්කෙත SB මහ මැතිවරණයෙන් පැරදී ආන්ඩුවේ අැමතිකෙනෙක් වෙයී.
    අන්න ගම..හඟුරන්කෙත.. ගිනස් රෙකෝඩ් තමා.
    කොහොමද හඟුරන්කෙත කොල්ලන්ගෙ වැඩ..අා..

    ReplyDelete
  8. ඌරුගමුවේ දරුවා ගැන මතුගම අජිත් පැරකුම් ජයසිංහට තිබෙන උනන්දුව ඇයි මතුගම සමන් කුමාර තිලකරත්න ගැන නැත්තේ? ලංකාවේ ඝාතන සංස්කෘතිය ඇති වූයේ පසුගිය දශකය තුළ දී බව පෙන්වන්නට පල් හෑලි ලියන මතුගම අජිත් පැරකුම් ජයසිංහ දැන් හැසිරෙන්නේ මැරී ඉපදුණු පුද්ගලයෙකු ලෙස ය. කප්පම් ලබා ගැනීමේ අරමුණින් පාසල් ශිෂ්‍යයන් පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සංස්කෘතියේ ආරම්භය සනිටුවහන් වූයේ 1984 වර්ෂයේ අප්‍රියෙල් මස 5 වන දින මතුගමිනි. ඒ ලංකා ඉතිහිසයේ වනචර ම දාහත් වසර තුළ දී ය. කුරුළු පැටවෙකු මිය ගිය ද හද කම්පා වී කවි සිතුවිලි පහළ වන මතුගම මහා ප්‍රාඥයා වන අජිත් පැරකුම් ජයසිංහට දාහතර වැනි වියේ දී අමානුෂික ව ඝාතනය වූ මතුගම සමන් කුමාර තිලකරත්න ගැන වචනයක් ලියන්නට වේලාවක් නැත. ඇත්තෙන් ම එය වේලාව පිළිබඳ කාරණයක් නො වේ. එය ආධානග්‍රාහී දේශපාලන ලාලසාව පිළිබඳ කාරණයකි. 1984 දී ධර්මසිරිලා ප්‍රේමරත්නලා ඇරඹූ එම ඝාතන සංස්කෘතිය එතැන් සිට වසර දෙකක් ගත වන විට ජයසිංහලා බාර ගත්හ. ඒ වනචර දාහත් වසරේ පාලනයට එරෙහි ව නො වේ. සමන් කුමාරගේ පියා වූ තිලකරත්න මුදලාලි වැනි සාමාන්‍ය මිනිසුන්ට එරෙහි ව ය. එදා ඊනියා ඉන්දීය විරෝධයක් දෙසමින් මයිසූර් පරිප්පු, බොම්බේ ලූනු කෑම මේ රටේ ජනතාවට තහනම් කළ මතුගම අජිත් පැරකුම් ජයසිංහ අද ඉන්දියාට එට්කාවෙන් ඇමිණෙන්නට දත කයි. මතුගම අජිත් පැරකුම් ජයසිජහ යනු ප්‍රතිපත්තියක් වත ලියන්‍නෙකු නො ව මුදලට ඕනෑ ම දෙයක් ලියන්නෙකු බවට තවත් සාක්ෂි කුමකට ද?

    ReplyDelete
    Replies
    1. Obathuma kiyana de hariyatama hari. Apith mu meke liyana dewal balanna nemeyi enne, meke watena comment tika balanna.

      Delete
    2. මුන්ගේ දේශපාලනේ කියන්නේ දුප්පත් මිනිහ විනාශ කිරීමට ධනපති UNP එකත් එක්ක ඩිල් දැමීම. 70 දශකයේදී සහ 80 දශකයේ UNP එකත් එක්ක ඩිල් දාල රට විනාශ කරා. අද ත් කරන්නේ ඒකමයි. කිසි වෙනසක් නැහැ. පිටට පෙන්වන ධනපති විරෝධය තමා තමන්ගේ ඩිල් නිරුවත වහගන්න ලංකාවේ ගොං හරක් අන්ඳන්න පළඳින සීතාම්බර සළුව

      Delete
    3. මචං පැරා මේ එක එක විදියට ඇවිත් බනින බුවාට උඹත්තෙක්ක තියෙන ඇරියස් එක මොකද්ද බං. හැබැයි පොර නම් මාර සයිකො කේස් එකක්. අර උඹ කියනවා වගේ උඹ උන්ගෙ ආසාවෙ වස්තුව වෙලානේ.

      Delete
  9. 5 ශිෂ්‍යත්වෙ අහෝසි කරනවා කියන්නෙ, ගමේ ගොඩේ දක්ෂ ළමයෙක්ට රෝයල්, විශාඛා වගේ ඉස්කෝලවලට යන එක සිහිනයක් පමණයි කිරීම. ඊට පස්සෙ ඔය දේශපාලුවොයි, උන්ගෙ ගෝල බාලයොයි, ආණ්ඩුවට බරක් වෙච්ච ආණ්ඩුවෙ ඉහළ නිළදාරීනුයි තමන්ගෙ රොත්ත බුරුත්ත පිටින් මේ ඉස්කෝලවලට රිංගවා ගනී. එතකොට දැන් තියෙන ආදි ශිෂ්‍ය මාෆියාව ඉස්සරටත් වඩා බලවත් වෙයි. දැනටත් ඔය ජාතික පාසැල්වල ඉහල දක්ෂකම් පෙන්වන්නෙ ශිෂ්‍යත්වෙන් ආපු ළමයි. හරිනම් ඔය ජාතික පාසැල්වල ප්‍රාථමිකය අයින් කරලා, ශිෂ්‍යත්වෙන් පමණක් බඳවා ගැනීම් කරන්න ඕනෙ.

    ReplyDelete
  10. පියසේන කහඳගමගේ බද්දේගම පැත්තේ කෙනෙක් නෙමෙයිද...?

    ReplyDelete
  11. අකිල අධ්‍යාපන ඇමති වුණාට කොලයක් බලාගෙනවත් ඉංග්‍රීසි කියෝ ගන්න බෑ, සිංහලෙන් චව් චව් ගෑවට. මම දැක්ක යු ටියුබ් එකේ තියෙනවා වරද්ද වරද්ද ඉංග්‍රීසි කියවනවා. බොහොම ප්‍රගතිශීලී කියල පෙන්නන්න ඩොකාල එක්ක ඇර ගත්තට, හීන් නූලෙන් තමන්ගෙ බච්චො ඔක්කොම ආණ්ඩුවෙ රස්සාවලට රිංගවනවා. දැන් සා.පෙ ෆේල් උන්ටත් උ.පෙ කරන්න දුන්නම, සා. පෙ කියන්නෙ වැඩකට නැති විභාගයක් වෙනවනෙ. කොහොමත් ඉතින් සා. පෙ දැනටමත් ප්‍රමිතියක් නෑනෙ. ළමයි ෆේල් වෙන නිසා, ලේසි කරලා, කරලා දැන්නම් ගන්න දෙයක් නෑ. සා. පෙ ඉංග්‍රීසි පේපර් එක අක්කගෙ පොඩි එකා කළා, ඔක්කොම හරියන්න. පොඩි එකා තාම ප්‍රාථමිකයෙ. අකිලගෙ ඉංගිරිස් කතාව
    https://m.youtube.com/watch?v=HQ56qW_aL0I

    ReplyDelete
  12. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. Gas gedi kaduwath roberta kiyana kathawa aththa ban methana..

      Delete
  13. ශිෂ්‍යත්ව විභගය තහනම් කරනවා නම් කනිශ්ට ද්වීතියික අංශයට ඇතුල්වෙන දක්ශ දරුවන්ට තරඟකාරි අධ්‍යාපනයක් ලැබීමට සුදුසු වෙනත් ආදේශක විභාගයක් (අවශ්‍ය අයට පමණක් හෝ) ඇතිකල යුතුයි.

    ReplyDelete
  14. ඒයි පැරෝ මොකද බන් පහේ ශිෂ්‍යත්වෙට උඹ කැමති නැත්තේ? උඹ හොඳ සමාජවාදී මිනිහෙක්නේ. ගමේ කොල්ලො කෙල්ලො ශිෂ්‍යත්වෙ පාස් වෙලා ලොකු ඉස්කෝල වලට ගිහින් ලොකු තැන් වලට එනවට කැමති නැද්ද දුප්පත් සමාජවාදී පවුල් වල. දුප්පත් ලමයි යන ඉස්කෝල වලත් පහසුකම් වැඩි කරල හොඳට හදන්න කියල උඹ අර රතු අමුඩෙ ගලවල කඩේ යන රනිලගේ හූඇම්පී ආණ්ඩුවට කියපන්කෝ.

    ReplyDelete
  15. තමා කුණු වැඩවලින් අයථා ලෙස උපයන මුදල් ගණන් කිරීම සඳහා තම බාල වයස්කාර දැරිවිය යොදා ගැනීම පියකුගෙන් බලාපොරොත්තු වන චර්යාවක් ද? සමකාලීන ලංකාවේ රට හදන්නට බ්ලොග් ලියන එවන් පියවරු වාස් ගුණවර්ධන පන්නයේ පියවරු නො වෙත් ද?

    චන්ද්‍රානි බණ්ඩාර මැතිනියනි, මේ ඔබගේ අවධානය පිණිස යි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා