සුදු අලි, කොළ අලි, නිල් අලි හා රතු අලි





















අජිත් පැරකුම් ජයසිංහ, රාවය 2016-09-09

එක්සත් ජාතික පක්ෂය සමග මගේ මුල් ම අභියෝගාත්මක සම්බන්ධය ඇති වුණේ 1986 මුලදීයි. එවකට තහනම් දේශපාලන පක්ෂයක සාමාජිකයෙකු වූ මම බුලත්සිංහල නගරයේ ජවිපෙ දේශපාලන දැනුවත් කිරීමේ පත්‍රිකා බෙදමින් සිටියදී එවකට ප්‍රදේශයේ දේශපාලන බලධාරියා වූ රොනී ද මැල්ගේ අනුගාමිකයන් පිරිසක් මා අල්ලා පොලිසියට භාර දුන් හ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් හදිසි නීතිය යටතේ මාස තුනක් විශේෂ සිර මැදිරියක රඳවාගෙන සිට නීතිපති උපදෙස් මත නිදහස් කිරීමෙන් පසු මම අධ්‍යාපනය අතහැර ජවිපෙ සමග පූර්ණකාලීන දේශපාලනයට එක් වුණෙමි.

එම සිද්ධියෙන් තිස් වසරකට පසු මා මෙම සටහන තබන්නේ එක්සත් ජාතික පක්ෂයට වසර 70ක් පිරෙමින් තිබියදී ය. මේ වන විට ඇතැමෙක් මේ ලියන මා එජාපයෙන් වැටුප් ලබන්නෙකැයි යන අභූත චෝදනාව එල්ල කරන තරම් දුරට ගොස් තිබේ. වාමාංශික දේශපාලන පසුබිමකින් පැවත එන මම එජාප මෙන් ම වෙනත් පක්ෂ සමගත් සමග යම් දේශපාලන ක්‍රියාවලියක නිමග්න වී සිටිමි. එහෙත් මම එජාප සාමාජිකයෙකු හෝ එය සමග වෘත්තීය සම්බන්ධයක් ඇති අයෙකු හෝ නො වේ. කොම්ප්‍රදෝරු ධනපති පක්ෂයකැයි වාමාංශික සාහිත්‍යය තුළ නිර්වචනය වන එජාප සමග දේශපාලන ක්‍රියාවලියක නිරත වීමට දේශපාලනික පුරවැසියන්ට සිදු වී තිබෙන්නේ කුමන හේතුවක් නිසා ද යන්න විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි.

ලතින් නිරුක්තියක් සහිත කොම්ප්‍රදෝරු යන වදනින් සාමාන්‍යයෙන් අරුත් ගැන්වෙන්නේ ආයෝජන, වෙළඳාම වැනි ආර්ථික කාරණාවලදී විදේශ බලවේග සමග සම්බන්ධ බවයි. එය අධිරාජ්‍ය ගැති යන යෙදුම හෝ වර්තමානයේදී නම් ඒ සඳහා වාමාංශික ශබ්ද මාලාවේ බහුලව භාවිතා වන පර්යාය පදය වන නව ලිබරල්වාදී යන යෙදුම හෝ සමග ද සම්බන්ධ වේ. එය කෙසේ වෙතත්, එජාප යනු ධනේශ්වර ක්‍රමය පවත්වාගෙන යාම සඳහා ඇපකැප වුණු පක්ෂයක් බව නො රහසකි.

එජාප අනන්‍යතාව ස්ථානගත වන්නේ ප්‍රතිවිරුද්ධ අනන්‍යතාවන් දෙකකට සාපේක්ෂවයි. ඒ එජාපයෙන් බිඳී ගොස් බිහි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාව හා ලාංකීය වාමාංශික ව්‍යාපාරයේ අනන්‍යතාව යන දෙක ය. වාමාංශික අනන්‍යතාව අඩු වැඩි වශයෙන් ශ්‍රීලනිප අනන්‍යතාව තුළ ගිලී යන එකක් බව 1950 දශකයේ සිට ම දක්නට ලැබිණි. ඒ හුදෙක් ම වම ශ්‍රීලනිපය සමග නිරතුරුව සන්ධානගත වීම නිසා පමණක් නො වේ. වම ප්‍රායෝගික තලයේදී ජාතිකවාදය තුළ ගිලී යාම නිසා ය. එජාපය මුල සිට ම දැඩි ලෙස ආර්ථික ජාතිකවාදී පක්ෂයක් වූයේ නැත. එහි ආර්ථික ප්‍රතිපත්තිය බොහෝ දුරට විදේශ ආර්ථිකයන් සමග ගනුදෙනු කිරීම දෙසට නැඹුරු වූ එකකි. එහෙත්, එය අධිරාජ්‍ය ගැති හෝ නව ලිබරල් ලෙස කරනු ලබන අර්ථ නිරූපණය සරළමතික එකකි. ඩී.එස්. සේනානායක, ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස වැනි එජාප නායකයන් කැපී පෙනෙන්නේ ම ඔවුන්ගේ ජාතිකවාදී නැඹුරුව නිසා ය. ඔවුහු අඩු වැඩි වශයෙන් රාජ්‍යයේ සිංහල බෞද්ධ ආධිපත්‍යය වෙනුවෙන් මෙන් ම ජාතික ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් ද දැඩිව පෙනී සිටි අයයි.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක හා ඔහුගෙන් පසුව සිරිමාවෝ බණ්ඩාරනායක නායකත්වය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එජාපයට සමාන ප්‍රතිවිරුද්ධ බලවේගයක් ලෙස නැගී සිටින්නේ රාජ්‍යයේ සිංහල බෞද්ධ ආධිපත්‍යය හා ආර්ථික ජාතිකවාදය සම්බන්ධයෙන් වන දැඩි ස්ථාවර නිසා ය. හැකි සෑම භාණ්ඩයක් ම දේශීයව නිෂ්පාදනය කිරීම, රාජ්‍යය නිෂ්පාදනයට හා බෙදාහැරීමට ඍජුව ම සම්බන්ධ වීම සහ දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කිරීම සඳහා වෙළඳපොළ දැඩි ආරක්ෂණවාදී පදනමකින් නියාමනය කිරීම ශ්‍රීලනිප ආර්ථික ප්‍රතිපත්තියේ මූලික ලක්ෂණයයි. 1970-76 සමයේදී මෙය වාමාංශික පක්ෂ සමග සන්ධානගතව ස්වයංපෝෂී ජාතික ආර්ථිකයක් ගොඩනැගීම දක්වා දුරදිග ගියේ ය. එය සමාජවාදී රාජ්‍ය ධනවාදයක් ලෙස ද, සුබසාධන රාජ්‍යයක් ලෙස ද අර්ථකථනය කළ හැකි ය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ රාජ්‍ය අංශය ශක්තිමත් කිරීම ශ්‍රීලනිපයේ ප්‍රධාන උපායමාර්ගයක් විය. එහි ප්‍රතිඵලයක් ලෙස රජයේ සේවය මත පදනම් වූ දැවැන්ත මධ්‍යම පංතියක් ද ස්ථාපිත විය. රාජ්‍යයේ සිංහල බෞද්ධ ආධිපත්‍යය තහවුරු කිරීමත්, ශක්තිමත් මධ්‍යම පංතියක් ගොඩනැගීමත්, ආර්ථිකයේ රාජ්‍ය දායකත්වය ඉහළ නැංවීමත්, ස්වයංපෝෂණවාදය හෙවත් ආර්ථික ජාතිකවාදයත් තමයි බණ්ඩාරනායක යුවල විසින් ලංකාවේ ඇති කරන ලද සුසමාදර්ශීය වෙනසේ කුළුණු හතර වන්නේ. මේවා ගැඹුරින් ම එකිනෙක හා සම්බන්ධ ය. වාමාංශිකයන් රාජ්‍යයේ සිංහල බෞද්ධ ආධිපත්‍යය දෘෂ්ටිවාදීමය ලෙස ප්‍රශ්න කළත්, ශ්‍රීලනිපය සමග සන්ධානගත වීමේදී එක් පැකේජයක් ලෙස මෙම සියල්ල භාර ගන්නට හා ඒවා සමාජවාදී භාෂාවකින් වර නගන්නට ද ඔවුන්ට සිදු විය. වඩාත් ම රසවත් කාරණය වන්නේ 1972දී සිංහල බෞද්ධ ආධිපත්‍යය නීතිගත කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනයට නායකත්වය දුන්නේ සමසමාජ නායකයකු වන කොල්වින් ආර්. ද සිල්වා වීමයි. මේ හා සමානව, පසු කාලීනව පැරණි වමේ පක්ෂ හා ජනතා විමුක්ති පෙරමුණ ද (වර්තමාන පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද ඇතුළුව) රාජ්‍යයේ සිංහල බෞද්ධ ආධිපත්‍යය වෙනුවෙන් දෙමළ ජාතික විමුක්ති ව්‍යාපාරයට එරෙහිව දැවැන්ත යුද්ධයකට ද උර දුන්නේ ය.

එජාපය ශ්‍රීලනිපයෙන් හා වමෙන් වෙනස් වන්නේ එය විදේශ ආර්ථිකයන් සමග සම්බන්ධතා පැවැත්වීමේදී හා වෙළඳපොළ විවෘතභාවයේදී දරණ ස්ථාවරයන් නිසා පමණක් නො වේ. එජාපය රාජ්‍යයේ සිංහල බෞද්ධ ආධිපත්‍යය සම්බන්ධයෙන් ද දැඩි සංරක්ෂණවාදී ස්ථාවරයක සිටින බවක් පෙන්නුම් කරන්නේ නැත. එහෙත්, 1948 අංක 18 දරණ පුරවැසි පනත ගෙන ආවේ එජාප රජයක් විසිනි. එමගින් පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ජනයා විසින් සම්පූර්ණ කළ යුතු කොන්දේසි ලැයිස්තු ගත කොට නීති ගත කරන ලදී. ඉන්දීය සම්භවයන් සහිත ජනයාගෙන් බහුතරය මෙරටට ගෙන එන ලද්දේ බි‍්‍රතාන්‍යයට අයත්ව තිබූ තේ වතුවල රැකියාවන්හි නිරත කරවීම සඳහා බැවින් මෙම පනත මගින් රටේ ජීවත් වූ ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනයාගෙන් බහුතරයකට පුරවැසිභාවය අහිමි විය. එය සිංහල බෞද්ධ ආධිපත්‍යය පමණක් නොව ලාංකික දෙමළ ආධිපත්‍යය ද තහවුරු කරන පියවරක් විය.

එහෙත්, ඩඩ්ලි සේනානායක අගමැති ධුරය දැරූ වකවානු දෙකකදීත්, ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති ධුරය දැරූ සමයේදීත්, රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය දැරූ දෙදාස් ගණන්වල මුල් භාගයේදීත් ලංකාවේ ජාතික ගැටලුව විසඳීම සඳහා බලය බෙදා ගැනීම මත පදනම් වූ රාජ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමට කැපී පෙනෙන උත්සාහයන් දරා තිබේ. ඒවා කඩාකප්පල් කරනු ලැබුවේ ජාතිවාදී බලවේග විසිනි. ශ්‍රීලනිපය හා වම එහිදී ජාතිවාදීන් සමග එක් වූ හ. එමෙන් ම, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක වැනි අය විසින් රාජ්‍යය ප්‍රතිසංස්කරණය කරන්නට දරණ ලද නො ගැඹුරු උත්සාහයන්හිදී එජාපය ද ඒ හා සමානව ම කටයුතු කර තිබේ.


එජාප ආර්ථික ප්‍රතිපත්තිය හැම විට ම වෙළඳපොළ විවෘතභාවය දෙසට නැඹුරු වූවකි. එය හැම විට ම පෞද්ගලික අංශය දිරි ගැන්වූයේ ය. රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය ප්‍රතිපත්තියක් ලෙස ප්‍රවර්ධනය කළේ ද එජාප ආණ්ඩු විසිනි. චන්ද්‍රිකා බණ්ඩාරනායක නායකත්වය දුන් 1994-2001 ශ්‍රීලනිප ආණ්ඩුව විසින් එය වේගවත් කරන ලදී. එහෙත්, එජාප ආණ්ඩු රාජ්‍ය අංශය ශක්තිමත් කිරීමට ද කටයුතු කර තිබේ. විශේෂයෙන් ම සෞඛ්‍යය, අධ්‍යාපනය වැනි ක්ෂේත්‍රවල රාජ්‍ය අංශයේ ආධිපත්‍යය තහවුරු කිරීමට එජාප ආණ්ඩු විසින් කර තිබෙන කාර්යභාරය සුවිශාල ය. ශ්‍රී ලංකාවේ සමාජ සංවර්ධන මට්ටම ඉහළ යාමටත්, සාක්ෂරතාව වැඩි වීමට, ළදරු මරණ හා මාතෘ මරණ අඩු වීමට, මන්දපෝෂණය අඩු වීමට එම තත්වයන් දායක විය. අනෙක් පැත්තෙන්, එජාපය හැම විට ම දිළිඳුභාවය දුරලීම කෙරෙහි විශේෂ අවධානයකින් කටයුතු කර ඇති බව පෙනේ. ගොවි ජනපද පිහිටුවීම, මහවැලි ව්‍යාපාරය, ජනසවිය, ගම් උදාව වැනි වැඩසටහන් මෙහිදී කැපී පෙනේ.

එජාප ආණ්ඩු රට තීරණාත්මක හැරවුම් වෙත ගෙන යාමට දැරූ උත්සාහයන් තිබේ. 1977දී ජේ.ආර්.ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුව විසින් දැවැන්ත ආර්ථික හා රාජ්‍ය ප්‍රතිසංස්කරණයකට මුල පුරන ලදී. එහෙත්, ජනවාර්ගික ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලබා දීමට අසමත් වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ධනේශ්වර සංවර්ධනයට බාධා සිදු විය. 1983 කළු ජූලිය ද එජාපයට වගකීමෙන් ගැලවිය නො හැකි කළු ලපයකි. 2001-2004 වකවානුවේ අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත්, ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සමග බල තුලනයක් පවත්වාගෙන ගිය ආණ්ඩුව සමයේදී එජාපය ඉතා ගැඹුරු ප්‍රතිසංස්කරණ සමුදායකට පදනම දැමීමට උත්සාහ කළේ ය. එය ඒ වන විට ගොඩනැගෙමින් තිබුණු ලෝක වෙළඳ සංවිධානය මූලික කර ගත් ආර්ථික ගෝලීයකරණ ක්‍රියාවලියත් සමග සමාන්තර වූ වැඩසටහනක් විය. එම වැඩසටහන ඇමරිකාව, යුරෝපය, ජපානය වැනි අධිපති ජාතීන්ගේ ජාතිවාදයෙන් දූෂ්‍ය වී තිබුණු අතර එයට එරෙහිව සංවර්ධනය වෙමින් පවතින රටවලින් මතු වූ ජාතික ආරක්ෂණවාදී ප්‍රවණතා නිසි ලෙස හඳුනා ගැනීමට එජාපය සමත් වූයේ නැත. එජාපය විසින් අතහැර දමන ලද ජාතිකවාදය අන්ත ජාතිවාදී නාස්තිකවාදීන් විසින් ඩැහැ ගන්නා ලදී. එහි ප්‍රතිඵලයක් වූයේ එජාපය තීරණාත්මක පරාජයකට ලක් වීම හා රට අඳුරු දශකයක් හරහා විනාශකාරී මාවතක් වෙත යොමු වීමයි. තවමත් ඒ පරාජයෙන් මුළුමනින් ම සුවපත් වීමට එජාපය මෙන් ම ශ්‍රී ලංකාව ම සමත් වී නැත.

වර්තමාන පාලනය තුළ එජාපය කැපී පෙනෙන නායකත්ව භූමිකාවක් රඟයි. එහෙත්, එජාපය වත්මන් පාලනයෙන් මුළුමනින් ම වෙන් කර හඳුනා ගන්නට තරම් ශක්තිමත් තත්වයක තවමත් නැත. වත්මන් ආණ්ඩුව එක්තරා ආකාරයකින් සම්ප්‍රදායික දේශපාලන අනන්‍යතා අභිභවනය කළ එකකි. එසේ වන්නේ ම පවතින තත්වයන් විසින් එසේ වන්නට බල කර තිබෙන හෙයිනි. 2015 ජනවාරි 8 විප්ලවය නිවැරදිව තේරුම් ගැනීම මෙහිදී ඉතා වැදගත් ය. එය වනාහි, හුදෙක් රාජපක්ෂ පවුල බලයෙන් පහ කිරීමක් පමණක් වන්නේ නැත. එමගින් ජනතාව අපේක්ෂා කරන්නේ ඊට වඩා ගැඹුරට විහිදුණු වෙනසකි. රාජපක්ෂ දශකය විසින් නිර්මානය කරන ලද ප්‍රජාතාන්ත්‍රික ගැටලු නිරාකරණය කිරීම කෙරෙහි මේ වන විට ආණ්ඩුව තීරණාත්මක ලෙස අත ගසා තිබේ. ආණ්ඩුව මේ වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් සඳහා පුළුල් සහභාගිත්වයකින් යුතු ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාවලියක් ආරම්භ කර තිබේ. රජය විසින් ස්ථාපිත කරන ලද ප්‍රජාතාන්ත්‍රික පසුබිම හා නීතියේ ආධිපත්‍යය ආණ්ඩුවට එරෙහි බලවේගවලට ද උත්ප්‍රේරකයකි. එමගින් ආණ්ඩුවේ පැවැත්මට ද තර්ජනයක් එල්ල කර තිබේ. 2015 ජනවාරි 8 විප්ලවය හා සම්බන්ධ සෙසු ජනතා අපේක්ෂා වන්නේ සාමය චිරස්ථායී කිරීම හා ආර්ථික ප්‍රතිසංස්කරණයි.

මේ වන විට ලංකාවේ රජය පවතින්නේ ඕනෑම මොහොතක පහසුවෙන් කඩා වැටිය හැකි භංගුර තත්වයකයි. මේ වන විට රාජ්‍ය පාලනය යනු අති දැවැන්ත, අකාර්යක්ෂම රාජ්‍ය යන්ත්‍රයක් පවත්වාගෙන යාම සඳහා මාසයෙන් මාසයට ණය ලබා ගැනීමත්, ඒ ණය හා පොළිය ගෙවීම සඳහා තව ණය ලබා ගැනීමත් පමණක් බවට පත් වී තිබේ. රාජ්‍ය අංශය කොයි තරම් අකාර්යක්ෂම ද යත්, පසුගිය අයවැයෙන් අමාත්‍යාංශවලට වෙන් කර ඇති අරමුදල්වලින් වැටුප් හැර වෙනත් ව්‍යාපෘති සඳහා ඇති අරමුදල්වලින් අඩකටත් වඩා වැය නො කර ඉතිරි වී තිබෙන බව වාර්තා වේ. මේ වන විට අවුරුද්දෙන් කාර්තු තුනක් අවසාන ය. ඉතිරි කාර්තුවත් මේ අන්දමින් ම ඇදී යනු ඇත.

මේ දැවැන්ත සුදු අලියාට කරන්නේ කුමක් ද යන ප්‍රශ්නයට මුහුණ දෙන්නට ප්‍රධාන වශයෙන් ම සිදු වී තිබෙන්නේ කොළ අලියාට ය. හේතුව, ආණ්ඩුවේ සිටින නිල් අලි හා ආණ්ඩුවට පිටින් සිටින රතු අලි වනාහි මේ සුදු අලියාගේ දරු පැටවුන් වීම ය. ලංකාවේ සිංහල බෞද්ධ ආධිපත්‍යයෙන් යුතු රාජ්‍යයේ මධ්‍යම පංතිය සතු ආධිපත්‍යය කෙතරම් ද යන්න නිවැරදිව තක්සේරු කර ගත යුතු ය. දේශපාලකයන්, රජය සමග කොන්ත්‍රාත් කරන්නන්, ලක්ෂ 14ක් රජයේ සේවකයන් හා විශේෂයෙන් ම 40,000ක් පමණ වන රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් වනාහි ලංකාවේ රජයේ ප්‍රධාන පාර්ශ්වකරුවෝ ය. ලංකාවේ ධනේශ්වර ක්‍රමයේ ප්‍රධාන බලවේගය වන්නේ මොවුන් මිස ධනපති හෝ නිර්ධන පංති නො වේ. එහෙත්, මෙම පංතිය කෙතරම් බලවත් වුවත්, ඔවුන්ගේ පැවැත්ම තීරණය වන්නේ ධනපති හා නිර්ධන පංති විසින් කරනු ලබන නිෂ්පාදනය මත ය. වෙනත් වචනවලින් කියන්නේ නම්, පෞද්ගලික අංශය විසින් කරනු ලබන ආර්ථික අරගලය තුළ ය. නැතිනම්, ආණ්ඩුවට ණය ගෙවන්නට තව තවත් ණය ගන්නට තිබෙන හැකියාව මත ය. ණය ගෙවා ගත නො හැකිව රජය බංකොලොත් වුවහොත් මෙම පංතිය පමණක් නොව මුළු රටමත්, විශේෂයෙන් ම දිළිඳු ජනතාවත් දැවැන්ත අර්බුදයකට ඇද දැමෙනු ඇත. එම අර්බුදය සමස්ත ආර්ථිකය ම විනාශ කරන්නට ඉඩ තිබේ.

එජාපය වැදගත් වන්නේ එම සංදර්භය තුළයි. ලංකාවේ සෙසු සියලු වාම හා දක්ෂිණාංශික දේශපාලන බලවේග පදනම් වන්නේ රජයේ ඍජු පාර්ශ්වකරුවන් වන මධ්‍යම පංතිය මත ය. එජාපයට ධනපති පංතිය හා නිර්ධන පංතිය වෙත සම්ප්‍ර‍දායික ප්‍රවේශ මාර්ග තිබේ. එජාපය ඒ මාර්ග යළි හෙළි පෙහෙළි කර ගන්නට සමත් වුවහොත්, එයට යළි මේ රටේ මුල් බැස ගන්නට හැකියාවක් තිබේ. අර්බුදයේ මේ මොහොතේ වෙනත් විකල්පයක් දර්ශනය වන්නේ නැති බව කියන්නට සිදු වී තිබෙන්නේ කණගාටුවෙනි. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාවු ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. අන්තිම ඡේදය ගැන වැඩිදුරටත් සාකච්ඡා කළ යුතුයි. සතිපතා පුවත්පතක ඉඩකඩ සීමා සහ කාලය පිළිබඳ ගැටලු නිසා සමහර කරුණු මගහැරෙනවා.

    මට මේකත් කියන්නට අවශ්‍යයි. රජය මත පදනම් වූ මධ්‍යම පංතිය ඉතා ප්‍රබල බව ඇත්ත. ඒත්, ඔවුන්ගේ උවමනාවන් මත රඳා පවතින අයට සමාජ වෙනසක් කරන්නට බැහැ. ජනවාරි 8 විප්ලවයට සම්බන්ධ වූ මෙම පංතික බලවේගවලට මූලිකව අවශ්‍ය වුණේ මහින්ද රාජපක්ෂව ඉවත් කර ඔහු හැදූ ක්‍රමය එහෙමම පවත්වාගෙන යන්නටයි.

    එහෙත්, මම නම් හිතන්නේ මෙම පංතිය මත පදනම් වන ව්‍යාපාරවලට සමාජය වෙනස් කරන්නට මැදිහත් වෙන්නට අමාරුයි. හේතුව මෙම පංතියට දැනට පවතින ක්‍රමය ඉතාම හොඳයි. රජය කඩා නො වැටෙන තාක් කල් ඔවුන්ට ගැටලුවක් නැහැ. එහෙත්, මේ රජය කඩා වැටෙන්නට නියමිතයි.

    එතනදී එම පංතියෙන් ඔය ග්‍රීසියේ සිරිසා වගේ ව්‍යාපාර මතු වන්නට පුළුවන්. එහෙත්, ඒවා අර්බුදයේ ම ප්‍රකාශන මිස, වෙනස්කම් සිදු කළ හැකි බලවේග නො වෙන බව දැන් ඔප්පු වී හමාරයි.

    වමේ ව්‍යාපාරයේ මධ්‍යම පංතික ආධිපත්‍යය නිසා කම්කරු පංතික සංවිධාන පවතින්නේ ඉතා ම දුර්වල තත්වයක. නිර්ධන පංතියේ සංවිධාන ලෙස පෙනී සිටින්නේ ම ව්‍යාජ මධ්‍යම පංතික ව්‍යූහයනුයි.

    එජාපය පවා මධ්‍යම පංතික බලපෑමට නතු වුණ පක්ෂයක්. එහෙත්, එහි තිබෙන විශේෂ ලක්ෂණය වන්නේ එය ධනපති පංතිය දෙසට හා පහළ නිර්ධන පංතික කොටස් වෙතත් ප්‍රවේශ මාර්ග සහිත පක්ෂයක් වීමයි. ලංකාවේ සමාජ වෙනස්කම් සිදු කිරීමේ හැකියාව තිබෙන සමාජ බලවේග වෙත සාපේක්ෂව යහපත් ප්‍රවේශයක් තිබෙන්නේ එජාපට පමණයි.

    ආගමික අර්ථයෙන් වාම දේශපාලනයේ යෙදෙන අයට මේ කතාව නයාට අඳුකොළ වෙන්නට පුළුවන්. ඒත්, මේ ගැන සලකා බැලිය යුත්තේ දේශපාලන ආගමික භක්තියකින් නෙමෙයි.

    පුරවැසි බලවේග උත්සාහ කළ යුත්තේ සමාජය වඩා හොඳ දිශානතියක් වෙත යොමු කරන්නටයි. සිදු වන දේවල් තීරණය කරන්නේ බලවේග පෙළ ගැසෙන ආකාරය විසින් මිස හුදු දෘෂ්ටිවාදයන් විසින් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. අජිත් ගේ සමස්ත විග්‍රහය යේ මුඛ්‍ය දහස් ලෙස පෙනෙන පහත වාක්‍ය ආශ්රයෙන්, ඊට වෙනස් මතයක් එක් කිරීමට කැමතියි.

      //.... රජය මත පදනම් වූ මධ්යයම පංතිය ඉතා ප්රබල බව ඇත්ත. ඒත්, ඔවුන්ගේ උවමනාවන් මත රඳා පවතින අයට සමාජ වෙනසක් කරන්නට බැහැ. ...//
      \\..එජාපය පවා මධ්යයම පංතික බලපෑමට නතු වුණ පක්ෂයක්. එහෙත්, එහි තිබෙන විශේෂ ලක්ෂණය වන්නේ එය ධනපති පංතිය දෙසට හා පහළ නිර්ධන පංතික කොටස් වෙතත් ප්රමවේශ මාර්ග සහිත පක්ෂයක් වීමයි. ලංකාවේ සමාජ වෙනස්කම් සිදු කිරීමේ හැකියාව තිබෙන සමාජ බලවේග වෙත සාපේක්ෂව යහපත් ප්ර වේශයක් තිබෙන්නේ එජාපට පමණයි..//.

      රාජ්‍යය මත පදනම් වූ, රාජ්‍ය ආයතනයන් හි සේවයේ නියුතු මෙම මධ්යම පන්තිය ගැන ඔබේ නිෂධනාත්මක ආකල්පය පදනම් වී ඇත්තේ, මාර්ක්ස්වාදී /ධනවාදී ආර්ථික විග්ර්හයට අනුව ඔවුන් නිෂ්පාදනයට ඍජු දායකත්වයක් නොදැක්වීම නිසා විය හැකියි.

      එසේ වුවත් සමස්තයක් ලෙස ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන භාණ්ඩ/සේවා ව්යාපාර සෑහෙන ගණනක් තිබෙන්නේ රජය පාලනය යටතේ. වරාය, ගුවන් ගමන්, විදුලිය නිපදවීම/ බෙදා හැරිම, ඛනිජ තෙල් පිරිපහදුව/ බෙදා හැරිම, ජලය බෙදා හැරිම , වැනි ව්යාපාර මුළුමනින්ම රජයේ එකාධිකාරයන් ය. බැංකු ක්ෂේත්රය විදුලි සංදේශ /දුර කතන, බස් ගමනාගමනය වැනි ව්යාපාරික ක්ෂේත්රරයන්හි ත් වැඩි දායකත්වයක් දරන්නේ රජය මගින්. මහජනතාවට මුලිකව බලපාන්න වූ සෞඛ්‍ය, අධ්‍යාපන සේවාවන් සැපයීම, විශාල පිරිසක් සේවයේ යෙදවීම මගින් හා විශාල වාර්ෂික ආයෝජන මගින් රජය කරගෙන යයි. පොලිස් හමුදා උසාවි නඩත්තු කිරීම , රාජ්ය පරිපාලන ආයතන, බදු එකතු කිරීමේ ආයතන , මහජන සේවාවන් සැපයීමේ ආයතන රාශියක්ද, නඩත්තු කිරීම මගින්, රජය විශාල පිරිසකට රැකියා සපයයි.
      සන්ක්යාත්මකව විශාල සංක්යාිවක් රජයේ සේවයේ නියුතු මෙම මධ්යම පාන්තිකයන්ගේ පවුල් සාමාජිකයන්ද එක්ව බැලු විට මහජන චන්දයකදී බලපෑමක් කල හැකි චන්ද ස්තරයකි. ලංකාවේ දේශපාලනය තවම තීරණය වන්නේ කලින් කලට පවය්හ්වන මහජන චන්ද හරහා. එසේ හෙයින් රාජ්‍ය බලය ඉල්ලා සිටින ප්‍රධාන පක්ෂ වන ශ්‍රීලනිප එජාප පමණක් නොව වාමාංශික පක්ෂ, ජාතිවාදී ආගම්වාදී පක්ෂ ද මෙම මධ්යම පන්තිය මත පදනම් වීම, ඔවුන්ගේ ඉල්ලීම් ඕනා එපාකම්වලට ප්රමුඛත්වය දීම පැහැදිලියි. එහි පුදුම වීමට දෙයක් නැත.

      එසේම රාජ්ය බලය පවත්වාගෙන යාමේදී ත්, මෙම මධ්‍යමපන්තිය, සංවිධාන ,ඒවායේ නායකයන් සමනය කර තබා ගැනීම අත්‍යාවශ්‍යයි.. ආර් ප්රේමදාස , මහින්ද රාජපක්ෂ මෙම කාර්යය ඉටු කර ගත්තේ,නායකයන්ට වරදාන, හමුදා බලය, මැර බලය වැනි දේ උපයෝගී කර ගනිමින්. එජාප /වික්රමසිංහ අනුගමනය කරන්නේ වෙනත් ආකාරයක් බව පෙනෙයි.

      Delete
    2. අනෙක් අතට, ලංකාවේ තිබෙන්නේ “ධනවාදී ආර්ථික ක්‍රමයක්” යයි ප්‍රකාශ වුවත් එය ඉතාම දුර්වලයි. නිෂ්පාදන ක්රිායාවලියේ යෙදෙන පෞද්ගලික සමාගම් /ආයතන/ පුද්ගලනයන් සෑහෙන සංක්යාීවක් තිබුනත් , ආර්ථිකයට ඔවුන්ගේ දායකත්වය එතරම් බලවත් නැහැ. මෙම ආයතන / ආයෝජන හිමිකරුවන්, ධනපති පන්තියක් ලෙස ප්‍රබල හෝ සංවිධානාත්මක නැහැ . බලවත් ධනපති රටවල සිදුවන්නේ ව්යාපාර හිමි ධනපතියන් , පන්තියක් ලෙස සංවිධානාත්මකව ප්රිධාන දේශපාලන පක්ෂ නායකයන් ,දේශපාලන චින්තනයන් හැසිරවීමයි. නමුත් ලංකාවේ සිදුවන්නේ ව්යාිපාරිකයන් බලයේ සිටින/ බලය ලබා ගත හැකි දේශපාලන පක්ෂවලට අරමුදල් සැපයීම මගින් , තමන්ගේ ව්යාපපාර කරගෙන යාමට, ලාභ පවත්වාගෙන යාමට රජයේ සහනාධාර අනුග්රරහ ලබා ගැනීමයි. බොහෝ විට ඔවුන්ගේ ව්යාිපාර ලාභය පවත්වාගෙන යන්නේ , රජයේ ඍජු මුල්‍ය ආධාර ආයෝජන , බදු සහනාධාර, සහ විවිධ සහයෝගිතාව මතයි. එක කාලයක එජාපය ධනපතියන්ගේ පක්ෂය ලෙස සැලකුණත්, මේ කාලයේ නම් ලංකාවේ ව්යාධපාරිකයන්ට එජාප සහ ශ්රීඑලනිපයේ ප්රතිපත්ති ක්‍රියාවන් හි ලොකු වෙනසක් නැහැ.
      ලංකාවේ ධනපති ක්රමයේ / ධනපති පන්තියේ සාපේක්ෂ දුර්වලකම නිසාම පෞද්ගලික ව්යාාපාරයන්හි සේවයේ නියුතු කම්කරු පන්තියත් දුර්වලයි. ඔවුන් සංවිධානාත්මක හෝ කම්කරු පන්තිමය චින්තනයකින් සන්නද්ධ නැහැ, මේ නිසාම රටේ සමස්ත ආර්ථික ක්රියාවලියට, දේශපාලනික තීරණයන්ට ඔවුන්ට බලපෑමක් කිරීමට හැකියාවක් නැහැ. ලංකාවේ නිර්ධන පන්තිය ලෙස සැලකිය හැකි, නගරාසන්න ලුම්පන් ජන කොටසත්, ගම්බද දුගී ජන කොටසත් සම්බන්ද තත්වයත් මෙයයි.

      එජාපය , ධනපති පන්තිය දෙසට හා නිර්ධන පන්තික ජන කොටස් වෙත ප්රකවේශ මාර්ග සහිත පක්ෂයක් ලෙස ......අජිත් සඳහන් කර තිබෙනවා.
      මෙම ස්තරයන් දෙකට මුල්‍යාධාර ,අනුග්රහය දැක්වීම මගින්, ඔවුන්ගේ සහයෝගය දිනා ගැනීම මතින්, එජාප රජයේ මුලික අරමුණු රාජ්යො /ව්යරවස්ථා ප්රජතිසංස්කරණය, ආයතන ප්රවතිව්ය්නහුකරනය , සමාජමය වෙනස්කම්, ජාතික ප්රෙශ්නයට විසඳුම් දීම කල හැකි යයි සිතන්නට අමාරුයි.

      මන්ද ..? එජාප රජයේ දැනට ප්රධකාශිත අරමුණු ක්රි යාමාර්ග වලට එරෙහිව , රාජ්යය අනුගත මධ්යකම පන්ති සංවිධාන / නායකයන් දැනටමත් යුධ ප්රදකාශ කර හමාරයි . මෙම තත්වයට මුහුණ දීමට ජය ගැනීමට, එජාප /වික්රමසිංහ ගේ උපාය උපක්රම මොනවාද ?..... යන්න තවම පැහැදිලි නැහැ .

      Delete
  2. ඔබ විස්වාස කරන්නේ ලංකාවේ ආර්ථිකය කුමනාකාර විය යුතුයි කියාද? මගේ අදහස සිරිමා බණ්ඩාරනායකත් ජයවර්ධනත් කරන්න ගියපු ආර්ථික වෙනස්කම් දෙකම යම්තාක් දුරකට නිවැරදි උණත් ඒව කරපු ආකාරය අතිශය වැරදි බවයි. උදාහරණයක් විදියට සිරිමා ජනතාවට ආහාර සීමා කලත් ඇගේ රජයේ හිටපු ප්‍රබල ඇමතිවරයෙක් තමන්ගෙ ගොවිපොලක කුකුලන්ටත් කිරිපිටි දැම්ම කියල සමහරු කියන තත්වයක් තුල( සමහරවිට එය ඕපාදූපයක් වෙන්නත් පුළුවන් )ඒ ක්‍රියාවලිය දෙබිඩි හැඩයක් ගත්ත. ඒ වගේම ලංකාවට ගොඩක් දුසිරිත් ආවෙ ජයවර්ධනගේ ආර්ථික පිළිවෙත හින්දය කියලත් විවේචන බොහොමයි.1.අපි මොන වගේ ආර්ථික ක්‍රමයකට යා යුතුද?
    2.මාක්ස් කියනව ධනවාදය දවසක බිඳ වැටෙනවා කියල.එතකොට සමාජවාදය බිඳවැටෙන්නෙ නැද්ද?
    3.සමාජවාදය බිඳවැටීම නේද රුසියාවෙ වුණේ?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ රුසියාවේ (වඩා පුළුල්ව ගත්තොත් රුසියානු ජාතිකවාදී ආධිපත්‍යෙයන් යුත් සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමයේ) තිබුණේ රාජ්‍ය ධනවාදයක් හා සමාජවාදී පාක්ෂික පාලනයක් මිස සමාජවාදයක් නොවෙයි.

      සමාජවාදය කියන්නේ විෂයනිශ්‍රිත ක්‍රියාවලියක් මිස මනෝමූලික පරමාදර්ශයක් නෙමෙයි. ඒ නිසා සමාජවාදය කියන්නේ ජනතා ගොඩනැගීමක් මිසක මාක්ස්වාදයේ හෝ වෙනත් දෘෂ්ටිවාදයක ඉගැන්වීමක් නෙමෙයි. එහෙත්, ඒවා නො වැදගත් ය කියා මා කියන්නේ නැහැ.

      අපි සිටිය යුතු වන්නේ සමාජවාදය සඳහා අරගලයකයි. එය සත්‍යය සොයා යන අරගලයක්.

      අපි එහිදී එක් වන්නේ කා එක්ක ද කියන එක දේශපාලන ආගමික භක්තියකින් විමසන එක අරුත් සුන් වැඩක්. අපි කටයුතු කරන ආකාරය තීරණය කළ යුත්තේ යථාර්ථය විසින් දී තිබෙන නිශ්චිත මොහොතට අදාළව මිසක්, පරමාදර්ශයන් කෙරෙහි තිබෙන අචල විශ්වාසය හෝ භක්තිය හෝ මත පදනම්ව නොවෙයි.

      ලංකාවේ ආර්ථිකයට මැදිහත් වීමේදීත් ප්‍රවේශ විය යුත්තේ ඒ විදියටමයි. ඒකයි මම කියන්නේ මේ මොහොතට අදාළ බරපතල ම ගැටලුව හඳුනා ගැනීම හා එයට විසඳුම් සෙවීම වැදගත් බව. ඊළඟ මොහොත නිර්මානය කරන්නට පුළුවන් වෙන්නේ මේ මොහොතේ අප කරන මැදිහත් වීම හරහායි.

      Delete
    2. Didn't get you Para. Explain please. I want to see your alternate solution.

      Delete
    3. සරළව කිව්වොත්, අපේ ප්‍රශ්නය අපි තේරුම් ගන්න ඕනැ. ඒකට විසඳුම් ප්‍රායෝගික අරගලයක් තුළින් සොයා ගන්න ඕනැ. එක එක තියරි ඒ සඳහා උදව්වට යොදා ගත්තාට කමක් නැහැ.

      ඒ විතරක් නෙමෙයි, දේශපාලන උපායමාර්ග තීරණය කරනකොට පුද්ගලයන්ගේ කීර්තිය, පෞද්ගලික ප්‍රතිපත්ති, පෞද්ගලික හැඟීම් වගේ දේවල් වැඩක් නැහැ.

      Delete
  3. UNP එක තිබ්බ නිසා අඩු ගානේ මේ රට මේ තත්වෙන් තියෙන්නේ.
    නැතිනම් මෙලහකට කියුබාවක් හෝ උතුරු කොරියාවක්

    ReplyDelete
  4. අපේ පුද්ගලික ණය සඳහා කළ හැකි සෑම දෙයක්ම, ජාතික ණය සඳහා කළ නොහැකි වීමට ඉඩ ඇත, නමුත්, වැඩි පොළියට ගෙන ඇති ණය එක්කෝ ඒ ණය හිමියන් සමග අඩු පොළියක් ඉල්ලා නැවත කේවල් කිරීම හෝ එසේ නැතිනම් වෙනත් ජාත්‍යන්තර ණය සංස්ථාවක අඩු පොලී ගිනුමකට ඒ වැඩි පොලී ණය මාරු කිරීම හෝ කළ හැකි දැයි සොයා බැලිය යුතුය.

    ReplyDelete
  5. ඔබ මේ ගෙනහැරපාන ලෝකයේ අනික් රටවල් වල පාවිච්චි කල ආර්ථික ක්‍රම හා සසඳා බැලීම මඟ හැර තිබෙනවා. ඉන් පළමුවැන්න ධනවාදය සහ සමාජවාදය අතර ඇතිවූ ආර්ථික ක්‍රම දෙකෙන් දියුණුව සොයා ගිය රටවල් ලබාගත් ආර්ථික, සමාජයීය සංවර්ධනයයි. රටේ සංවර්ධනයට අමතර ලෝකය පාලනය කිරීමේ පිපාසාවෙන් පෙළුන ඇමෙරිකාව හැරුණු කොට ධනවාදය මත පදනම් වූ ආර්ථික ක්‍රමය සමාජවාදී ආර්ථික ක්‍රමයට වඩා සාර්ථක වුණා. 1956 සහ 1970 රජයයන් කඩ බිඳ දමන තෙක් 1948 සිට මේරටේ ක්‍රියාත්මක වූ ධනවාදී අර්ථික ක්‍රමය දිගටම තිබුණානම් තත්ත්වය මීට වඩා හොඳ වෙන්නට තිබුණා.

    ධනවාදී ආර්ථික රැල්ලට පසුව ඇතිවූ ආසියාතික සංවර්ධන රැල්ල 1965 සිට හඹා යනවිට එය හරහා දියුණුවූ සිංගප්පූරුව, දකුණු කොරියාව, තායිවානය ආදී රටවල් යොමුවූ රැල්ලට යොමු කිරීම තමයි 1977 දී එජාපය කලේ. ඒ සමඟම දේශීය නිශ්පාදනය සඳා වාරිමාර්ග ක්‍රම ආදියත් අමතක කලේ නැහැ. එම ආර්ථික ක්‍රියාමර්ගය කඩා බිඳ දැමුවේ ඉන්දියාව හරහා ඇතිවූ යුද්ධය සහ ඒ මත් දිවූ දකුණේ යුද්ධයයි. 1994 එජාප පරාජයට හේතු වුණේ දකුණේ යුද්ධය මර්ධනයයි. ආර්ථික ක්‍රමය පදනම් වූ හේතු නොවෙයි.

    දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇතිවූ සහ බොහෝ රටවල සාර්ථක වූ ධනවාදී ආර්‍තික ක්‍රමයත් පසුව පැමිණි ඒසියන් ටයිගර්ස් ආර්ථික රැල්ල හරහා ආ ක්‍රමයත් එජාපයේ ආර්ථික ක්‍රම වුණා. නිදහස් පක්ෂය ජාතිවාදය හරා බලය පත්ව 1956 දී ගෙන ආ පසුව ලෝකයේම අසාර්ථක වූ සමාජවාදී ක්‍රමය සහ එම පක්ශයම ගෙන ආ ජාතිවාදය මත බලය ගෙන ගෙන ගිය (පවුල් පාලන පදනම් වූ) සිම්බාබ්වේ ආර්ථික ක්‍රමත් යන දෙක නිසා තමයි අද අපි මේ තත්ත්වයේ සිටින්නේ.

    ත්ව දුරත් ජාතිවාදයම මත බලය සොයන අයට රට බාර දෙනවාද නැත්ද යන්න රටේ ජනයාගේ තීරණයක්. රටකට ලැබෙන්නේ එම රටේ ජනයාගේ දැනීම සහ අදහස් වලට ගැලපෙනම නායකයින් යන කියමන සැමදා වලංගුවේ

    ReplyDelete
    Replies
    1. //ධනවාදී ආර්ථික රැල්ලට පසුව ඇතිවූ ආසියාතික සංවර්ධන රැල්ල 1965 සිට හඹා යනවිට එය හරහා දියුණුවූ සිංගප්පූරුව, දකුණු කොරියාව, තායිවානය ආදී රටවල් යොමුවූ රැල්ලට යොමු කිරීම තමයි 1977 දී එජාපය කලේ. ඒ සමඟම දේශීය නිශ්පාදනය සඳා වාරිමාර්ග ක්‍රම ආදියත් අමතක කලේ නැහැ. එම ආර්ථික ක්‍රියාමර්ගය කඩා බිඳ දැමුවේ ඉන්දියාව හරහා ඇතිවූ යුද්ධය සහ ඒ මත් දිවූ දකුණේ යුද්ධයයි. 1994 එජාප පරාජයට හේතු වුණේ දකුණේ යුද්ධය මර්ධනයයි. ආර්ථික ක්‍රමය පදනම් වූ හේතු නොවෙයි. //

      ඉයන් තුමා ගේ මේ කතාව සමග මා එකඟ වෙමි...

      දේශීය දනපති පන්තිය නැති කර දේශීය ව්යවාසකරුවන් බන්කොලොත් කල ආර්තික ප්‍රතිපත්ති මත ශ්‍රි ල නි ප ආන්ඩු ක්‍රියා කලා.. කුඹුරු පනත වැනි දේ තුලින් නිශ්පාදනය නැවතී කම්මැලියන් ට තමන් හට අයිති නැති දේපල ව්ලට අයිතිය ඉදිරිපත් කොරන්න හැකි වුනා .. එයින් වැඩි වුනේ කලකොලෙලාහල පමනයි! දේසීය වතුහිමියන් ගේ වතු ආන්ඩුවට පවරාගෙන ඒවා වැඩකට නැති ගොන් පාට් බවට පත් කොලා...

      වැඩි දුර කියවීම:



      1972-

      State acquisition of plantations targeting the Karava landed gentry class and the overnight impoverishment of that class. - The Land Reform Act of 1972 imposed a ceiling of twenty hectares on privately owned land. It excluded land owned by foreign and local companies and targeted individual holdings. 228,000 hectares were seized and handed over to newly created state institutions staffed mostly by inexperienced relatives of Sirimavo, the Prime Minister. . If genuine Land reform was the intent of the State, the owners could have been given time to divest their properties rather than surreptitiously bringing the reform act overnight. Compensation was meager and delayed by years thus depriving them of other business opportunities. Only a few acres were distributed among the masses to broad base land ownership. The rest of the Land remained with the state. As such the malicious anti-Karava intent of the Land Reform act is obvious. Most estates were later sold off by the state to others..
      State acquisition of additional houses targeting Karava residential property owners. See an exampleof a Karava mansion that had to be disposed to comply with the law.
      Enactment of a Rent Act which makes it near impossible to evict tenants. See an example of how a Karava mansion was lost as a result.
      State acquisition of Karava businesses
      Neglect of Karava majority regions with no development and no opportunities for the people
      Discreet maneuvers to keep Karava politicians from reaching the top.


      http://karava.org/karava_timeline

      Delete
    2. සෝවියට් බ්ලොක් එකේ රටවල්, චීන බලපෑම් තිබූ රටවල් හා නොබැඳි යයි කිවූ සමාජවාදී /වාමාංශික නැඹුරුවක් තිබූ සියලු රටවල් පාහේම ඒ මිස්ටේක් එක කලා. ඒත් දැන් ඒ රටවල් අපිට වඩා සීඝ්‍රයෙන් ඉදිරියට යනවා වගේ. යුද්ධය එයට ප්‍රධාන හේතුව. ඒ වගේම අපේ තාමත් තියන රොමෑන්ටික් ප්‍රායෝගික නොවන ගැලරි සමාජවාදී/වාමාංශික අදහසුත් හේතුවක්

      Delete
    3. / රටේ සංවර්ධනයට අමතර ලෝකය පාලනය කිරීමේ පිපාසාවෙන් පෙළුන ඇමෙරිකාව හැරුණු කොට ධනවාදය මත පදනම් වූ ආර්ථික ක්‍රමය සමාජවාදී ආර්ථික ක්‍රමයට වඩා සාර්ථක වුණා. //

      Are you trying to say that capitalism was unsuccesful in US? I live in Texas for almost a decade and American model of capitalism is far more succesful than its "welfare capitalits" counterparts such as Italy, Greece, Spain

      Delete
    4. / රටේ සංවර්ධනයට අමතර ලෝකය පාලනය කිරීමේ පිපාසාවෙන් පෙළුන ඇමෙරිකාව හැරුණු කොට ධනවාදය මත පදනම් වූ ආර්ථික ක්‍රමය සමාජවාදී ආර්ථික ක්‍රමයට වඩා සාර්ථක වුණා. //

      Are you trying to say that capitalism was unsuccesful in US? I live in Texas for almost a decade and American model of capitalism is far more succesful than its "welfare capitalits" counterparts such as Italy, Greece, Spain

      Delete
    5. //Are you trying to say that capitalism was unsuccesful in US? I live in Texas for almost a decade and American model of capitalism is far more succesful than its "welfare capitalits" counterparts such as Italy, Greece, Spain//

      That was not what I said. The debt of US is substantial. If the country is successful then it cannot end up there. Greece, Spain and Italy is saddled with the debt burden due to their welfare oriented policies. The reason for the debt burden in US is due to spending a colossal sums on arms, NASA, NATO activities etc.

      Delete
    6. @ ඉයන් September 9, 2016 at 11:44 AM

      \\….1956 සහ 1970 රජයයන් කඩ බිඳ දමන තෙක් 1948 සිට මේරටේ ක්රිියාත්මක වූ ධනවාදී අර්ථික ක්‍රමය දිගටම තිබුණානම් තත්ත්වය මීට වඩා හොඳ වෙන්නට තිබුණා.//

      1948 සිට ( 1970 පමණ දක්වා ...) ලංකාවේ ක්රියාත්මක වුයේ ධනවාදී ආර්ථික ක්‍රමයක්ද ?
      ඒ කාලයේ රුසියාවේ/ චීනයේ පැවතුනු සමාජවාදී යයි හැඳින්වුණු ආර්ථික ක්‍රමයන්ට වෙනස්ව, . ලංකාවේ පෞද්ගලික ව්‍යාපාර ආරම්භ කිරීමට පවත්වාගෙන යාමට ලාභ ලැබීමට, නිදහසක් නීතිමය අවසරයක් තිබු බව පැහැදිලියි. 1948 ට පෙර සිටම ඉංග්රීීසින් ආරම්භ කල ව්යාපාර/සමාගම් සෑහෙන ගණනක් 1948 ට පසුවත් දිගටම ක්රිීයාත්මක වුනා. ස්වදේශික ධනපතීන් ආරම්භ කල, පාලනය කල ව්යාපාරත් පැවතුනා. 1948 -70 තුල ජනගහනයේ සහ ආර්ථික ක්‍රියාවලියේ ප්‍රසාරණය හරහා මේ ව්යාපාර බොහොමයක් වර්ධනය වූ අතර , අලුතින් පෞද්ගලික ව්යාපාර බිහි වීමත් සිදු වුනා.
      නමුත්, එපමණින්ම ලංකාවේ පැවතියේ ධනවාදී ආර්ථික ක්රමයක් යයි සැලකිය හැකිද?

      1956 රජයේ ක්‍රියාවන්ක් ගැන නම් මට අවබෝධයක් නැහැ. නමුත් 1970 රජයේ ප්රතිපත්තීන් හා ක්රිියාවන් ගැන යම් දැනුමක් තිබෙනවා. ඉඩම් අයිතිය අක්කර 50 ට සිමා කිරීම හා බ්‍රිතාන්‍ය සමාගම් සතුව පවතී තේ/ රබර් වැවිලි සමාගම් රජයට පවරා ගැනීම මේ කාලයේ සිදු වූ ප්‍රධානම ආර්ථික වෙනස්කමයි..
      එතෙක් ක්රියාත්මක ව පැවති පව්ද්ගලික ව්යාපාර කිහිපයක් හෝ ජනසතු කිරිමක් සිදු වුවාද ?(හරියටම දන්නේ නැත). පෞද්ගලික අංශයේ මහා පරිමාන ආයෝජනයන් /කර්මාන්තශාලා ආරම්භ වූ බවට ද තොරතුරු නැහැ. නමුත් සමාජවාදී රටවල ආධාරයෙන්, රට තුල යම් නිෂ්පාදන කර්මාන්ත ආරම්භ කිරීමට රජය පියවර ගත්තා .

      නමුත් මෙයින්, එතෙක් පැවති "ධනවාදී" ආර්ථික ක්‍රමයට බාධාවක්, බිඳ වැටීමක් සිදු වුවාද? නැත... යනු මගේ අදහසයි

      Delete
    7. //he debt of US is substantial. If the country is successful then it cannot end up there.//

      The "debt" on US is different from the debt of EU nations such as Italy & Greece, what EU nations has got as debt are cash loans from rich EU nations which the former are unable to repay..
      But most of us 'debt' is in the form of Federal reserve bonds that are bought by governments and companies around the world (US Federal Bonds are considered as one of the safest investments in the world ) for various terms and that are annually paid out with interest by the US Federal reserve each fiscal year. So they are not "bad" or defaulted debt, but just a form of investment that the world has made in US to get annual returns..
      Its not a sign of a unsuccessful economy but of a successful one, as it shows the world places its trust on US (US has never defaulted its debts in History)

      On a latter note, NASA & NATO both are essential for the advancement of Human race and for the protection of west respectively

      Delete
    8. @ AnonymousSeptember 11, 2016 at 11:22 AM
      \\....NASA & NATO both are essential for the advancement of Human race and for the protection of west respectively..//

      NATO is there to advancement of human race..? HILARIOUS..!!

      NATO with nuclear war heads are there to DESTRUCT the human race, at the will of American military /industrial /political establishment.
      NATO forces, military equipment are stationed in Europe, to ensure American people /property are at a safe distance from an impending war with Russia.

      Delete
    9. @ AnonymousSeptember 11, 2016 at 11:22 AM
      \\....NASA & NATO both are essential for the advancement of Human race and for the protection of west respectively..//

      Respectfully forwarded for your kind attention.....
      https://twitter.com/DanielleRyanJ/status/775365871858487296

      Delete
  6. වාමාංශික දෘෂ්ටි කෝණයකින්, ශ්‍රීලනිප/එජාප පක්ෂ ප්‍රතිපත්ති ක්‍රියාකාරකම් විග්‍රහ කිරීමට ගත් හොඳ උත්සාහයක්....අගය කල හැකියි. මෙහි වැදගත්කම තිබෙන්නේ සම්ප්‍රදායික සමසමාජ/කොමියුනිස්ට් හෝ නුතන ජවිපෙ/පොසපෙ නායකයෙකුට, ක්‍රියාකාරීන්ට, හිතවාදීන්ට මෙවැනි අවබෝධයක් නොමැති වීමයි, සාමාන්‍යයෙන් ඔවුන්ට මේවා දිරවා ගත නොහැකියි. මෙම ලිපියට සෑහෙන ගල් මුල් එල්ල විය හැකියි.

    ආර්ථික කළමනාකරණය,ජාතික ප්‍රශ්නය සම්බන්දයෙන් එජාපයේ දර්ශනය, ශ්‍රීලනිප හෝ
    වාමාංශික පක්ෂවල වර්තමාන මතයන්ට/ වැඩ පිළිවෙලට වඩා ඉදිරිගාමී බව, ප්‍රජාතන්ත්‍රවාදී බව මගේ ද අදහසයි. එය "අවසාන විසඳුමක්" නොවුවද, ඉදිරිගාමී බලවේග/අදහස් වර්ධනය වීමට මාවත සකසයි.

    නමුත් එජාප රජයක ක්‍රියාකාරිත්වයේ නොයෙකුත් දුෂණ වංචා, රජයේ මුදල් අවභාවිතයන් සිදු වියහැකියි. වික්‍රමසිංහ සහ තවත් දෙතුන් දෙනෙකුට හැරෙන්නට වෙනත් එජාප නායකයන්ට ක්‍රියාකාරීන්ට මේ දර්ශනය හෝ වැඩ පිළිවෙල ගැන කිසිදු අවබෝධයක් නැති නිසාය. අවබෝධයකින් යුත් පුද්ගලයන් , දෙවන පෙළ නායකයන් ලෙස වර්ධනය කිරීමට වික්‍රමසිංහ අසමත්ය. ජේ ආර් ජයවර්ධනට වඩා ඔහු දුර්වල මේ කරුණේ දිය.
    එසේම ජනාධිපති මයිතිරිපාල ගේ අදහස් ද ප්‍රතිපක්ෂය. ඔහු සමග ද තීරණාත්මකව වෙනස් වීමකට, ඉදිරියේදී සිදු වේ. වික්‍රමසිංහ එය කළමනාකරණය කර ගන්නේ කෙසේද යන්න විවාදාත්මකය. චන්ද්‍රිකා සමග ප්‍රශ්නයේදී ඔහු සම්පුර්ණයෙන්ම "ඇණ" ගත්තේය.

    ReplyDelete
  7. මේකට තාම පැරාගෙ අර දිග කමෙන්ට් යාලුවා ලියන්න පටන් අරන් නෑ නේද​? මේ මම ආපු 4වෙනි සැරේ.

    ReplyDelete
    Replies
    1. මිනිහා දැන්ම එන්නෙ නැහැ. මිනිහා එන්නෙ ඊළඟ පෝස්ට් එක දැම්මාමයි. එතකොට හැංගෙන්න ලේසියි. අනෙක් කට්ටිය වෙන දෙයක් ගැන කතා කරනකොට මිනිහා ඇවිත් මට අපහාස කරලා යනවා. අන්න කලින් පෝස්ට් එකේ ඇවිත් එයාලා එක්ක දේශපාලනය කළ නිසා මං අසත්පුරුෂයකු වන බවත්, දේශපාලනය නො කළ ගුරුවරියන් සිරිමතියන් බවත් කියලා ගිහින් තියෙනවා. ඔය වාමාංශික බුවාලා එක්ක දේශපාලනය කරන අය ඒක කියවා බලා තේරුම් ගන්නා එක හොඳයි.

      මිනිහට තියෙන ප්‍රශ්නය තමයි මං දැන් මේ බ්ලොග් එකේ ආදර්ශ පාඨය විදියට පාවිච්චි කරන්නේ.

      Delete
    2. ආලෝචන ඇනෝ , අසත් දුදනන්ගේ කථා අලුයම හුන් කෙළපිඩක් සේ බැහැර කර ඔබගේ හරබර ආලෝචනයකින් මේ ප්‍රතිකූල බ්ලොගය සුවඳවත් කරන්න

      Delete
    3. හැබැයි පොර ගේ ප්‍රතිචාර නම් ක්ලැසික්!

      රැකියාවක් කරන අයෙකු නම් ඒ වගේ දිගු ව්‍යක්ත සටහන් ලියන්න දවසක දෙකක විවේක කාලය ගත කළ යුතුයි.

      අර සිරිමතිය සමග කොළඹ විශ්ව විද්‍යාලයේ උගත් අයෙකු නම් දැන් විශ්‍රාමික වෙන්නත් ඇති. නමුත් දවසක් ම පහු චෙනවා, ඒ පැරා හැමදාම ලියන නිසායි!

      හැංගෙන්න අවශ්‍ය අයෙකු ඔච්චර කාලයක් ගත කරමින් වද වෙන්නේ ඇයි?

      Delete
    4. වද වෙන්නේ ඇයි කියන එකට හේතුව තමයි මං අර ආදර්ශ පාඨය විදියට පාවිච්චි කරන්නේ.

      හැංගෙන එක නම් ඒ කට්ටියගේ හැටි. සමහර විට ෆ්‍රොයිඩ් හරි ලකාන් හරි ජිජැක් හරි කන්සල්ට් කළොත් ළමා කාලයේ ප්‍රශ්න හරි, ආශාවේ වස්තුව හරි මොකක් හරි හේතුවක් සොයා ගන්න පුළුවන් වේවි කියවීමේ විනෝදය සඳහා.

      Delete
    5. // ආලෝචන ඇනෝ , අසත් දුදනන්ගේ කථා අලුයම හුන් කෙළපිඩක් සේ බැහැර කර ඔබගේ හරබර ආලෝචනයකින් මේ ප්‍රතිකූල බ්ලොගය සුවඳවත් කරන්න //

      ආලෝචන ඇනෝ: ඔවු.... ඔබේ ආලෝචන කියවීමට අප උදක් ම මෙහි පැමිනියෙමු!

      Delete
    6. රසික පඬිතුමනි , කෝ තාම ගෝලයා මේ පැත්තේ ආවේ නෑ වගේ නේ ...

      Delete
    7. Bandula Kudalagama pandiwarayaneni, me parage pal hali nowa obage anargha alochanayan kiyaweemata api udakma mehi paminennemu. Apawa ichchabhangathwayata path nokaranu manawa. Obage supirisidu jala kandak se supahadili vyaktha alochanayangen apawa mohayen mudawa ganu manawa!!

      Delete
    8. Guruwaraya saha golaya ahasath polawath men wenas weemata hethuwa kima? Ekeku giya thana sugandhayada aneka langin yanawita durgandhayada pathireyi!!?

      Delete
  8. මගේ යාලුවෙක් අලිය ගහල මළා.

    ReplyDelete
    Replies
    1. මගේ යාළුවෙක් මළා ය කියා බ්ලොග් කමෙන්ට් දාලා මළා

      Delete
    2. එලිය කන්දේදීද පැරා ?

      Delete
  9. //මම නම් හිතන්නේ මෙම පංතිය මත පදනම් වන ව්‍යාපාරවලට සමාජය වෙනස් කරන්නට මැදිහත් වෙන්නට අමාරුයි. හේතුව මෙම පංතියට දැනට පවතින ක්‍රමය ඉතාම හොඳයි.//

    //එතනදී එම පංතියෙන් ඔය ග්‍රීසියේ සිරිසා වගේ ව්‍යාපාර මතු වන්නට පුළුවන්. එහෙත්, ඒවා අර්බුදයේ ම ප්‍රකාශන මිස, වෙනස්කම් සිදු කළ හැකි බලවේග නො වෙන බව//

    මෙය නිසි විකල්පයක් ගොඩ නැගෙන්න කලින් පවතින ආණ්ඩුව බිඳ වැටුණොත් ප්‍රායෝගිකව සිදු වීමට ලොකු ඉඩක් ඇති, රටට දිගුකාලීනව සිදු විය හැකි නරකම දෙයක්. එවැන්නකින් රට ගෙන යාමට ඉඩ ඇත්තේ හෙමින් සිදුවන නිසා පැහැදිලිව නොපෙනෙන එහෙත් අනිවාර්ය විනාශයක් වෙතයි. මා මේ අවදානම දකින්නේ ආණ්ඩු වෙනසටත් පෙර සිට. ආණ්ඩු වෙනස සිදු නොවුනානම් මේ වන විටත් මේ තත්ත්වය ඇති වෙලා. ආණ්ඩු වෙනසින් සිදු විය හැකිව තිබුණේ සාධනීය එහෙත් ඉතාම ආන්තික වෙනසක් පමණයි. එය එළෙසම සිදුවුණා. දැන්නම් එය කාටත් පැහැදිලියි. ඒ නිසා අර්බුදය කල් ගියා. ඒත් අවදානම ඉවත් වී නැහැ. කණගාටුවට කරුණ වන්නේ ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවයන් හරහා ඔවුන් විසින්ම ආණ්ඩුවේ බිඳ වැටීම ඉක්මන් කරගනිමින් සිටීමයි. මේ අකාර්යක්ෂමතාවයන්ට ප්‍රධානම හේතුවක් වන්නේ ඔවුන්ට ප්‍රමාණවත් මානව සම්පත් නැතිකමයි (ඔළු ගෙඩි නෙමෙයි).

    ReplyDelete
  10. Para 2016-08-20 post eke photo eka gaththe kohedida kiyala kiwwe na!!

    ReplyDelete
    Replies
    1. උත්තරේ එතැන ලිව්වා. මතක් කළාට ස්තුතියි

      Delete
  11. මමනමි හිතන්නේ මෙහිදී රනිල්ගේ භෑමිකාව තමයි වැදගත් අනිත කිසිවෙකුට පැහැදිළි දර්ශනයක් නෑ.රනිල්ගේ සමාජ ධනවාදය මෙීමොහොතේ රටට යමි ජීවයක් ලබාදෙන්න හැකියැයි මමසිතමි.නමුත් ගැටළුව වන්නේ කුණුඋන කුජීත රාජපක්ශ ලුමිපන් ධනපති පංතියට මෙීක කොහොම ගිල්ලවන්න හැක්ද කියන එකයි.පේනවා නේ තමන්ගේ ආදයමි බදු සොචිචමක් වැඩිකරහම නටපු නාඩගම.රාජපක්ශ ගැති ලුමිපන් ධනපතියන් දන්නේ ජනතාව කොල්ලකෑම පමණි සමාජ ශුභසාධනය සහ සේවා ගැන උන්න මෙලෝ වගක් නැත.

    ReplyDelete
    Replies
    1. මේකේ අනෙක් පැත්ත තමයි, පාලනයට සමාජ සහයෝගයක් නැතිකම. 2015 ජනවාරි 8 වෙනසට මුල් වුණ බලවේගයත් කර ඇරලායි ඉන්නේ. සමහරු තමන්ට යමක් ලැබුණෙ නැති නිසා කලකිරිලා. සමහරුන්ට දේශපාලන අවබෝධයක් නැහැ.

      මේ අතර රාජපක්ෂලාගේ න්‍යාය පත්‍රය අනුව මේ සියලු බලවේග නැටවෙනවා. විශේෂයෙන් ම සුමනසිරි ලියනගේ වැනි අය හරහා රාජපක්ෂලා රැඩිකල් වමේ පක්ෂ හා අන්තරේ වැනි සංවිධාන සියුම් ලෙස කඩේ යවා ගන්නවා.

      ලංකාවේ බහුතරයක් ඉන්නේ වගකීමක් ඇති පුරවැසියෝ නෙමෙයි. ඒ නිසා ඔහේ කරන්නන් වාලේ එක එක විකාර කරනවා. අවසානයේ සිදු විය හැකි විනාශයන් ගැන ඔවුන් වග කියන්නේ නැහැ.

      Delete
    2. පාලනයට සහයෝගය දිනා ගන්නට ආණ්ඩුව සමත් වෙලා නැහැ. රනිල් එතනදි අන්තිම දුර්වලයි.

      Delete
    3. // රනිල්ගේ සමාජ ධනවාදය //

      අර්ජුන් මහේද්‍රන් හරහා සිජ්ජ වන දෙයකි!

      Delete
    4. අඩව්, වන්නම්, කස්තිරම්, බෝල්රූම් ඩාන්සින්, චචා, ඔක්කොම දන්න අය රනිල් ගාව නෑ. පරන කස්ටිය අඩව් අල්ලනවා, අළුත් වුන් චචා ඩාන්ස් දානවා, මෛත්‍රි ලඟ ඉන්න රජිත නම් තැනේ හැටියට නටලා හිටංවත් නටෝනවා.

      Delete
  12. මම කාලයක් තිස්සෙ අධ්‍යනය කරපු විදියට මට කියන්න තියෙන්නෙ අජිත් පැරකුම් ජයසිංහ කියන්නෙ හීන මාන කාරයෙක්. ඕන තරම් උදාහරණ දෙන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. අජිත් පැරකුම් ජයසිංහ /ඔහුගේ මානසිකත්වය ගැන නොව , ඔහු ලියා ඇති බ්ලොග් ලිපිය , ශ්‍රී ලංකා දේශපාලනයේ එජාප /ශ්‍රීලනිප භූමිකාව...පිළිබඳව ඔබේ අදහස් කියවීමට කැමතියි.

      Delete
  13. මේ කමෙන්ට් එක දාපු විමුක්ති ජයසිංහ මේ කමෙන්ට් එක ම තමන්ගේ නමින් ෆේස්බුක් එකේ දැම්මා. එතන ඇනොනිමස්කමට මුවා වෙන්න බැරි නිසා එහෙම කරලා මෙතන ඇනොනිමස්කමට මුවාවෙන්න පුළුවන් අවස්ථාව පාවිච්චි කරනවා.

    හීනමානකාරයන් කියන්නේ මෙන්න මෙවැනි අයටයි. විමුක්ති වගේ නමක් දාගෙන මෙසේ පෙනී සිටින පුද්ගලයා වාමාංශිකයෙකු බව ඔහු ෂෙයා කර තිබෙන දේවලින් පෙනේ. ඔහුගේ නම විමුක්ති නො වී විජේසිරි වැනි එකක් විය හැකි ය. ඒ නම විමුක්ති ලෙස පොෂ් කර ගැනීමෙන් ඔහුට තිබෙන හීනමානයේ තරම පෙනේ.

    පහත පළ වන්නේ ඔහු සමග ඇති වූ දෙබස ය. මෙවැනි හීනමානකාරයන් හා මානසික රෝගීන් සුවපත් කිරීමේ වගකීමක් මට නැති මුත් මෙවැන්නන් හඳුනා ගැනීමට අවස්ථාව ලැබුණේ මෙම බ්ලොගය නිසා ය. තැන්කියු විමුට්ටි.

    Vimukthi Jayasinghe මම කාලයක් තිස්සෙ අධ්‍යනය කරපු විදියට මට කියන්න තියෙන්නෙ අජිත් පැරකුම් ජයසිංහ කියන්නෙ හීන මාන කාරයෙක්. ඕන තරම් උදාහරණ දෙන්න පුලුවන්

    Ajith Perakum Jayasinghe ඔයා ජීවිතේ කිසිදාක හමු වෙලා නැති මාව කාලයක් තිස්සේ ඔන්ලයින් අධ්‍යයනය කළා ය කියා සිතමින් මා හීනමානකාරයකු යයි නිගමනය කිරීම මානසික රෝගයක් විය හැකියි. කරුණාකර වෛද්‍යවරුයකු හෝ ශ්‍රී ලාංකික මනෝ විශ්ලේෂක ලියන්නකු හමු වී තමන්ගේ රෝග පරී්ක්ෂාව ලබා ගන්න. අනෙක මෙන්න මේකත් මතක තියා ගන්න. ඔයා මොනවා කිව්වා ම මට මොකද? ඔයා හිතාගෙන ඉන්නවා ද ඔයාග් නිගමනය මට හෝ මේ සමාජයට හෝ වැදගත්කමක් තියෙනවා ය කියලා.

    Vimukthi Jayasinghe ඔයාව ඔන්ලයින් අධ්‍යනය කරන්නෙ නැතුව වෙන කොහොම අධ්‍යනය කරන්නද? ඔයා 2009 ඉදල බ්ලොග් එකක් එහෙම පටන් ගත්තෙ ඒකටනෙ. ඔයා ලියන දේවල් වලින් සහ පුද්ගලයෙක් සමග කරන සංවාදයකදී අපට පේනව ඔයාගෙ හීනමානය.

    Vimukthi Jayasinghe ඔයාගෙ මේ මොහොතේ අදහස් දැක්වීමෙත් //ඔයා හිතාගෙන ඉන්නවා ද ඔයාග් නිගමනය මට හෝ මේ සමාජයට හෝ වැදගත්කමක් තියෙනවා ය කියලා.// මේ සංවාදයත් කරුණාකර වෛද්‍යවරුයකු හෝ ශ්‍රී ලාංකික මනෝ විශ්ලේෂක ලියන්නකු හමු වී තමන්ගේ රෝග පරී්ක්ෂාව ලබා ගන්න

    Vimukthi Jayasinghe වෛද්‍යවරුය ශ්‍රි ලාංකික විය යුතුද කියන එකක් ප්‍රශ්නයක්

    Ajith Perakum Jayasinghe ඔබට සාමාන්‍ය ඡේදයක් කියවා තේරුම් ගන්නටවත් බැරි ය. කරුණාකර වෛද්‍යවරයකු හෝ ශ්‍රී ලාංකික මනෝ විශ්ලේෂක ලියන්නකු හමු වී තමන්ගේ රෝග පරී්ක්ෂාව ලබා ගන්නැයි කී විට, එයින් ශ්‍රී ලාංකික වෛද්‍යවරයකු හමු වන්නැයි අදහස් වන්නේ නැත. ශ්‍රී ලාංකික මනෝ විශ්ලේෂකයකු හමු වන්නටැයි කීවේ ඔවුන් ඔබ හා සමාන ම හීනමානකාරයන් පිරිසක් නිසා ඔබගේ මානසික තත්වය තමන් සමග සසඳා ඔවුන්ට තේරුම් ගැනීම පහසු බැවිනි.

    Ajith Perakum Jayasinghe ඔබ සමග සංවාදය මෙතැනින් සමාප්ත ය. ඔබ වැනි හීනමානකාරයන් සමග කතා කිරීමට තරම් නො වටිනා කාලයක් මට නැත.

    ReplyDelete
    Replies
    1. missing comments -
      Vimukthi Jayasinghe ඔබ නැවත නැවත කරන්නේද එයමයි. මට ඔබව අදාලම නැත. නමුත් ඔබට ඔබ ලියනා දෙය කියවීමට මා අදාළ වන්නේය. මා ලියන්නේ නැත, එම නිසා මා ලියනා දේ අන් අය කියවිය යුතුය කියා අදහසක් මා තුල නැත. (මා යන්නෙන් අදහස් කලේ අන්තර්ජාලය පරිශීලනය කරන්නන් යයි සිතන්න )
      Like · Reply · 16 mins
      Ajith Perakum Jayasinghe
      Ajith Perakum Jayasinghe ඔබට කැමති නම් මා ලියන ඒවා කියවිය හැකි ය. නැතිනම් නො කියවිය හැකි ය. එය ඔබගේ පෞද්ගලික තෝරා ගැනීමකි. මා කරන්නේ දේශපාලනයක් නිසා මම ඒ වෙනුවෙන් ලියමි. එයට පිළිතුරු දීම සඳහා තර්ක වෙනුවට මෙවැනි සාක්ෂි මත පදනම් නො වූ, අවිද්‍යාත්මක, විඥානවාදී කතා ලියන්නෝ ඉතා පැහැදිලි හීනමානකාරයෝ ය. මම අදහසක් කැම්පේන් කරමි. හැකි නම් එයට අභිමුඛ වන්න. මෙවැනි ගොන් කතා කීමෙන් ඔබට හෝ මට වැඩක් නැත.

      Delete
    2. ඔබ හීනමානකාරයෙක් බව ඔප්පු කර පෙන්වන්නම්, එය ඔප්පු කරන්නේ අනෝද විමෝද මොකාද කියන එක අදාල නැත. අදාල වන්නේ ඔබගේ හීනමානය පමණයි.

      Delete
    3. ඕක ඔප්පු කිරීම ඔච්චර වැදගත් නම් කර ගත්තත් මට ප්‍රශ්නයකුත් නැත.

      Delete
    4. ඕයි ඇනෝ, ජොබ්ලස්ද මේ දවස්වල?

      Delete
    5. මෑත වකවානුවේදී මට හීනමානය බව ඔප්පු කිරීමට ඉදිරිපත් වූ තුන්වන පුද්ගලයා මොහු ය.

      පළමුවැන්නා මනෝජ් සමරසිංහ හේවගේ

      දෙවැන්නා හිරු කණ්ඩායම

      තුන්වැන්නා විමුක්ති ජයසිංහ

      තවම ඔප්පු කළේ නැත.

      Delete
    6. මුට්ටි අල්ලන්නන් බොහෝවිට විමුට්ටියන් සේ පෙනී සිටීමත් එක්තරා හීනමානයක් බව ඇස් නොඇරූ බළල් පැටව්ද දනී.මුට්ටි, විමුට්ටි වීමත් මූලික ප්‍රශ්න යට ගැසීමට දෙන පොඩි ආතල් එකක්. වේදනා නාශකත්, පසු කලෙක වේදනාකාරීවීම වෙනත් වේදනා නාශක සොයා ගැනීමට අත්වැලක්.

      Delete
    7. ඔය විජේසිරි වගේ නම් තියෙන එවුන් හොර ප්‍රොෆයිල් හදනකොට ඒවට විමුක්ති වගේ නම් දාගන්න එකේ මනෝ විශ්ලේෂණයත් හරි වැදගත්.

      Delete
    8. පැරා..ඔහොම යන්න...මේවා කවදාහරි මේවා ලෝකය දැන ගනියි. ෆ්‍රෙඩි සිල්වා ගැයු, ප්‍රේම් ලියු ආරෝං මාමාලා තාමත් රට ගිනි තියෙනවා. මම පැරා අනුගාමිකයෙක් නෙමේ. ඒත් ලෝකය දිහා ඔහේ බලන් ඉන්නවා. අපි බොරුව තමයි ඇත්ත කියලා හිතන් ඉන්න සමාජයක්. පිස්සු පීකුදු වෙනුවට පිස්සු ලකාන්ලාගේ ලෝකයක්. ලකාන් කියලා කිව්වේ ..නූතන ලකාන්ලාට. මේ කුණුහරුප ඉදිරියේ කාටත් පෙනෙයි. මම ලකාන් කිව්වේ අධිපති හුකන්නලාට නොහොත් මේ අමුතු රාජලාට. ඔය කොයි රජෙක්වත් මගේ කතාවලින් කිපෙන්න එපා ප්ලීස්.

      Delete
  14. පැරා, උඹේ ඔය ගොන් පාර්ට්ස් නවත්තපං. උඹ තවත් කියවන්න ආවොත් උඹේ ෆයිල් එක ඕපන් කරන්න අපට සිද්ධ වෙනවා. පරණ හිතවත්කම නිසා ටිකක් ලිහිලක් දුන්න ම උඹ ඕවර් යනවා. ෆයිල් එක ෆයිල් කබඩ් එකෙන් ලාච්චුවට ගන්න වුණේ මාස කීපයකට උඩ දී. ඒත් ඕපන් කළේ නැහැ. දැන් ෆයිල් එක මේසේ උඩට අරං තියෙන්නේ. උඹ තව දුරටත් ගොන් පාර්ට්ස් දැම්මොත් ෆයිල් එක ඕපන් වෙයි; ඒකේ තියෙන දේවල් ඩබ්ලිව් තුන ලංකා ඒකට පැමිණෙ යි. තීරණය උඹේ අතේ.

    ReplyDelete
  15. හෑ බොල මේ කවුද ඒ පාර.
    අපේ මහින්ද මහත්තයද? එහෙම නැත්තම් සිරිසේන මහත්තයද?
    ඒ දෙන්න ලන්ගනේ ඔය ෆයිල් තියෙන්නේ?
    අනේ යන්ඩ මෙයා යන්ඩ . එනවා මෙතන ජනාධිපතිලා වෙන්න.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා