සිරසේ ආපදාව කළමනාකරණය කිරීම හා රංග කලන්සූරිය

ආපදා කළමනාකරණයේදී ජනමාධ්‍යයන්ගේ වගකීම පිළිබඳ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ආචාර්ය රංග කලන්සූරිය විසින් කරන ලද ප්‍රකාශයක් හා එයට සිරස ආයතනය දක්වන දැඩි විරෝධය හේතුවෙන් පුළුල් සමාජ සංවාදයක් ඇති වී තිබේ.

රංග පැවසුවේ අපදාවකදී මාධ්‍ය සංවිධානවල වගකීම වන්නේ පරිත්‍යාග එක්රැස් කිරීම හා බෙදා හැරීම නො ව, මහජනතාවට නිවැරදි තොරතුරු ලබා දීම හා රජයේ අඩුපාඩු පෙන්වා දීම බවයි. 

මෙම මතක් කර දීම ඉතා වැදගත් එකකි. ලංකාවේ රජය වනාහි අති දැවැන්ත ආයතනයකි. ආපදාවකදී ක්‍රියාත්මක වීම පිණිස දැවැන්ත යාන්ත්‍රණයක් එයට තිබේ. ඒ වෙනුවෙන් සමාජය විශාල පිරිවැයක් දරයි.

එසේම, කිසිවකුට එම යාන්ත්‍රණයට අභියෝග කිරීමේ හැකියාව ද නැත. ග්‍රාමසේවා නිලධාරිගේ සිට හමුදාව දක්වා සමස්ත යාන්ත්‍රණය ම ද, අනාථ කඳවුරු ආදිය පිහිටුවන පොදු ස්ථාන බොහොමයක් ද රජයේ දේපල ය. 

ආපදා කළමනාකරණ කටයුතු නිසි ලෙස කිරීම රජයේ වගකීමක් වන අතර, මාධ්‍ය හා ස්වේච්ඡා සංවිධාන ඇතුළු අනෙකුත් අංශ විසින් කළ යුතුව තිබෙන්නේ රජයේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට උපකාර කිරීමයි. ආපදා කළමනාකරණ කටයුතුවලදී රජය අභිභවා කැපී පෙනෙන්නට උත්සාහ කරන මාධ්‍ය අශ්වයාට ලාඩම් ගසන විට තමන්ගේ කකුල ඔසවන අසු කුර මත වැසූ මැස්සා වැනි ය. 

ඒ බව මතක් කර දීම කාටවත් කේන්ති යන්නට දෙයක් විය යුතු නැත. මන්ද, මෙම මතක් කිරීම දෙපැත්තට ම අදාළ වන බැවිනි. රජයට තම කාර්යය හරියට කරන්නට ඇති වගකීම ද එමගින් නැවත සිහිපත් කෙරේ. මෙම මතක් කිරීම කරන අවස්ථාවේ ආපදා කළමනාකරණ ඇමති අනුර ප්‍රියදර්ශන යාපා ද, එම ක්ෂේත්‍රයේ සෙසු බලධාරීහු ද එතැන සිටිය හ. 

ආපදා කළමනාකරණයට හා සංවර්ධනයට මාධ්‍ය කරන මැදිහත්වීම සමායතන සමාජ වගකීමේ සීමාවන් ඉක්මවමින් තිබෙන බව පැහැදිලි ය. මේ පසුපස විගණනය නො වන දැවැන්ත අරමුදල් රැස්කිරීම් ද තිබේ. 

කේන්ති යන්නට හේතුව එයයි. 

පිළිතුරු දීමට අවස්ථාව නො දෙමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාට පහර දෙන සිරසට මතක් කර දිය යුතු තවත් දෙයක් තිබේ. 

සිරස විසින් භාවිතා කරමින් තිබෙන විකාශන තරංග සංඛ්‍යාත පරාසය යනු කාගේවත් පෞද්ගලික දේපලක් නො වේ. එය පොදු මහජන දේපලකි. ඒවා භාවිතා කරන අය මහජනතාවට වගකිව යුතු ය. ප්‍රජාතාන්ත්‍රික මූලධර්මවලට ගරු කළ යුතු ය.  

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ආපදා කළමනාකරණයට හා සංවර්ධනයට \මාධ්‍ය කරන මැදිහත්වීම සමායතන සමාජ වගකීමේ සීමාවන් ඉක්මවමින් තිබෙන බව පැහැදිලි ය. මේ පසුපස විගණනය නො වන දැවැන්ත අරමුදල් රැස්කිරීම් ද තිබේ/

    රජය නම් පූර්ණ විනිවිද භාවයකින් යුතුව කාර්‍යක්ෂමව පහුගිය ව්‍යසන වලට නොසැලී මුහුණ දුන්නා අපි දැක්කා..

    ආතල් වැක්කෙරෙනවා

    ReplyDelete
  2. සිරස කියන්නෙ කිසිම සදාචාරයක් නැති ජඩ මාධ්‍යක්. ඔය නිසාම තමයි මරා ඕකට බෝම්බ ගහල ගිණි තියල දැම්මෙ.

    ReplyDelete
    Replies
    1. ඔන්න බලපල්ල අපේ රොබට් පුතාගෙ දැනඋගත්කොම.රොබට් පුතා නැත්තං අපි මේව කොහෙන් දැනගන්නෙයි.අපේ වාසනාවට උඹවත් නැත්තං අපි අන්දයො අලියගෙ හැටි කිව්ව වගේ එලෝ පොල් අතගානවනෙ මගෙ පුතේ..පොල්.කිව්වම මතක් උනේ.
      මගෙ පුතා සිරසට ගහන වෙලාවෙ පොල්.කරටිල්ලක ඉඳන් බලාන උන්නැයි මගෙ පුතේ?පටස් ගාල වීඩියෝ කෑල්ලක් අල්ලගත්තනං අපිටත් බලන්න තිබුන නොවැ.

      Delete
    2. ආයෙක් අහල ආයුබෝවන්ඩ. අපේ පොල් රොබට් කොල්ලට තුනුරුවන්ගෙම පිහිටයිි!

      Delete
    3. අම්මප රොබට් පුතේ උඹත් දන්නා දේවල්? මාජ්ජ චාරේ ලොකුද මයෙ පුතේ? උඹේ මාජ්ජ චාරේ බලන්න මේ වල පයයි ගොඩ පයයි තියං ඉන්න අපිට වාසනාව නැති උනානේ.

      ඒ කාලේ උඹේ වේලාපත්කඩේ බලාපු නායක හාමුදුරුවො කිව්වනේ උඹ ඉහල තැනක රස්සාවක් කරනව කියල. උඹ රට ගිහින් කොරනව ඇත්තෙ මෙහෙ කොලා වගේම ඉහල තැනක රස්සාවක් නේද මයෙ පුතේ?

      මයෙ පුතේ ඔහාට වරුසාවද? මෙහාට නං තද පෑවිල්ලය. පොල්ගස්වල ඇට්ටි, කලටි විතරක් නමෙයි අකලට වෙලිච්ච් පොල්ද වැටෙනවාය. අනේ ඇත්තට පොල්ගස් පේනකොට උඹවත් හිටියානං කියා හිතෙනවාය.

      Delete
    4. මගෙ යාලුවෙක් ආපදා කළමනාකරණය දැකල මලා.

      Delete
    5. කවුද බං මේ රොබර්ට් කියන පොන්සි මුනක් තියෙන එකා ?

      Delete
  3. ඕකේ දෙපැත්තක්ම තියනවනේ, ඉස්සර ක්‍රමයට සුබසාධන රාජ්‍ය වල රජයේ අය පොදු අරමුදල් වලින් තමුන්ගේ සුබසාධනය පමණක් කරගන්න කොට ඒ ගැන හෙළිදරවු කිරීමේ වගකීම ජනමාධ්‍ය වල වගකීම වෙනවා. නමුත් අළුත් විදිහට රජයට තියෙන්නේ නියාමන කාර්යයක්නේ, සුබසාධනය හිත හොඳ මිනිස්සුන්ට බාරදීලා ඒ හිත හොද මිනිස්සු කරුප්ට් වෙන්න නොදී එයාලගේ වැඩ නියාමනය කරන එක රජයට බැාර වෙනවා.

    අමරිකාව වගේ රටවල එකිනෙකට ගැටගැසුනු ක්ෂෙත්‍ර කීපයක එකාධිකාරී බිස්නස් පවත්තාගෙන යන්න නොදී පාලනයට නීති කියනවා වගේම (අර මයික්‍රොෙසොෆ්ට් ලට ගූගල් ලට විරුද්ධව නඩු යන්නේ)අපේ රටෙත් නියාමන නීති හදන්න වෙනවා, උදේට පත්තරේ කියවන එක තහනම් කරනවා වගේම, නිවුස් කාරයන්ට එන්ඩීඕ හදන්න/ සුබසාධනය කරන්න බෑ කියලා, ඒකට වෙනම වෙල්ෆෙයාර් ආයතන ලියාපදිංචි කරගන්න ඕනෑනේ, මහරජාගේ පුංචිමිනිස්සුන්ගේ සල්ලි වලින් වෙල්ෆෙයාර් කොම්පැණි වගේ එකක්.

    ReplyDelete
    Replies
    1. අනේ උඹයි මමයි දන්න සුභසාදනේ. උඹව හොඳයි අර පොල් රොබට එක්ක ගඩා ගෙඩි කඩන්න යවන්න. මොට්ට ඇණයා ..

      Delete
  4. මේ දිනවල සිරසකාරයා විසින් කරගෙන යන එක්තරා ව්‍යාපෘතියක් තනි කරම එන්ජීඕ කාරයන්ගේ කාර්යයක් ලෙස හැඳින්විය හැකිය.මෙයට දායක කෙරෙන මහජන සහභාගිත්වය දුටු විට තරමක කුකුසක් ඇතිවෙයි.මෙහි යටි අරමුන මැතිවරනයක්ද? නැතිනම් කිසියම් පුද්ගලයෙකු උඩට ඉස්සීමද?
    මදක් සිතන්න.මොවුන් උස්සන්නේ කවර පක්ෂයක කවර පුද්ගලයාද කියා?
    ආනන්ද



    ReplyDelete
  5. අජිත් පැරකුම් ජයසිංහ මෙවැනි බරපතළ ප්‍රකාශ කරන්නේ අනුභූතික සාක්ෂි මත පදනම් ව ද?

    මීට,
    අක්‍ෂය පාඨකයෙක්

    ReplyDelete
  6. Menna doctorsla pahugiya kale strike kala wadagath hethu- mata meka hoyanna baruwa thibila ravige blog eken gaththe-
    අපරාදෙ කියන්න බෑ. ඒ වගේම ඇස් වහක් කටවහක් එහෙම නෑ. අපේ කුශාග්‍ර බුද්දිමත් අති උතුම් ජොස්තර ගොල්ලො ස්ට්‍රයික් කරන්නෙ ඔය වගෙ ඉතාම සංවේදී ඒ වගේම වෘත්තීය වැදගත් කමකින් යුත් කාරණා වලට තමයි. මේ ඒ වගෙ ජොස්තරල ස්ට්‍රයික් කරපු කාරණා කිහිපයක්.

    1. එක පාරක් ලැබ් ටෙක්නීෂියන්ලට දෙන්න ගිය සුදු කබාය ජොස්තර කබායට සමානයි කියල ඒක ගලවනකල් අපි වැඩට එන්නෙ නෑ කියල ස්ට්‍රයික් කලා.

    2. හෙදි පාලිකාවන්ගෙ වැටුප එක මට්ටමකදි ජොස්තර වැටුපට වඩා වැඩිවෙනවයි කියල ඒක අඩුකරනකල් අපි වැඩ කරන්නෙ නෑ කියල ස්ට්‍රයික් කලා.

    3. ඊගාවට ලෙඩෙකුට කැතීටරයක් දාන්න ඕන ජොස්තරද නර්ස්ද කියල විසඳගන්න බැරුව ස්ට්‍රයික් කොලා.

    4. ඊගාවට ජොස්තරලට පැමිණීම / පිටවීම අස්සං කරන්ට පොතක් දාන්ට හදනවයි කියන ආරංචියට එක්කො ස්ට්‍රයික් කලා නැත්තං ස්ට්‍රයික් කරනවයි කියල තර්ජනය කරල ඒ වැඩේ නවත්ත ගත්ත.

    මේ කාරණා මට මතක තියන විදිහට ලිව්වෙ. තව කාරණා බොහොමයක් තියනව. මේ වෙලාවෙ මතක් වෙන්නෙ නෑ.

    ඔය ජොස්තරලගෙ මහන්තත්තෙ හින්ද රටේ පොදු මහ ජනයා අසීරුවට අපහසුතාවයට පත්වෙන වෙලාවක් එවුංගෙ මේ ඉවක් බවක් නැතුව ස්ට්‍රයික් කිරිල්ල. මේ ඊයෙ පෙරේද ඩියුටි ෆ්‍රී වාහන බලපත්‍ර ක්‍රමය නවත්වන්ට හැදුවම ඒක ඕනය කියල දවස් ගානක් ස්ට්‍රයික් කරල කොහොම හරි ඒක ආපහු ගත්ත.

    ReplyDelete
    Replies
    1. This is from Ravi's blog- also something to note is in the catheter case- doctor's reserved the right to put catheters to only unmarried girls- all the other catheters have to be put by nurses. How smart docs are! Catheters are tubes put into a vagina. May be there is a connection in this to econ's current post on people with influence trying to handle more girl's vaginas

      Delete
  7. මේක විචාරක අහපු ප්‍රශ්නෙකට ප්‍රතිචාරයක්. එතුමා ඇනෝ විරෝධියෙක් නිසා, අපට තැන් තැන් වලයි කොමෙන්ට් කොටන්න වෙලා තියෙන්නේ. පැරා ගේ ඉඩම පාවිච්චි කරාට සමාවෙන්න.

    විචාරක,
    captive bolt pistol
    වැඩි දුරටත්-
    https://www.youtube.com/watch?v=OZUYbRHgsnE

    හමුදාව මෙවැන්නකින් 6 ක් ආනයනය කර තිබුන අතර, ඉන් 4 ක් තවමත් ඉන්වෙන්ට්‍රියේ තිබෙන බව කියවේ.

    ReplyDelete
    Replies
    1. දුප් බල්ලා .. ආව අනුන්ගේ ඉඩං වල රෙන්න !

      Delete
  8. රත්නපුරෙන් අගනා ඉඩමක් පහසු මිලට

    රත්නපුර කොළඹ පාරට 200m ක් දුරින් රත්නපුර රොහල,පලාත් සභාව,උසාවි සංකීර්ණය,රත්නපුර නගරය සහ කොන්වන්ට් පාසලට ඉක්මනින් යාහැකිය (විනාඩි 15න්) ජලය විදුලිය සහිත පර්ච් 10ක ඉඩම සහ නිවස කඩිනමින් විකිනීමට අවශයයි.
    මිල රු.20.00000

    දුරකතන - 0719117938
    දුමින්ද රණසිංහ

    ReplyDelete
  9. ඇත්තටම සිරස කියන්නේ බලු කුනත් විකුණන් කන මාධ්‍යක් . සිරස විතරක් නෙමේ අනිත් මාධ්‍යත් අඩු හෝ වැඩි වශයෙන් එසේම යි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා