නාගොල්ලාගම මේජර් ජනරාල් විදර්ශන????????

පොත් 
කොළඹ පොත් පොළ අවසන් විය.

ඒ ආසන්නයේ නිතර ගැවසුණත්, මම නම් ඒ පැත්ත පළාතේ ගියේ නැත. එවැනි තදබද ස්ථානවල ගැවසෙන්නට මා තුළ කැමැත්තක් නැත. අනෙක, ඔය තරම් පොත් කියවන්නට ද මට හැකියාවක් නැත. මන්ද, මා ජීවත් විය යුතු බැවිනි. පොත් කියවීම ජීවත් වීමෙහි එක් කොටසක් පමණි.

දවසකට එක ගණනේ ලොකු පොත් කියවිය හැකි විස්මිත චරිතවලට පවා අවුරුදු පනහක් පොත් කියැවූවත් කියවන්නට පුළුවන් පොත් 18,250ක් පමණි. එහෙයින්, ඔය කියවූ බව කියවන වැඩි දෙනෙක් කියවූ ප්‍රමාණයට වඩා නො කියවූ ප්‍රමාණය සුවිසල් බව අමුතුවෙන් කියන්නට ඕනෑ නැත. මම නම් මගේ ජීවිතය තුළ බරසාර පොත් 2000ක්වත් කියවා ඇත් ද යන්න මට නම් සැක සහිත ය. අච්චර කියෙව්වා මෙච්චර කියෙව්වා යයි කියවීම ගැන පම්පෝරි ගැසීම පට්ට බොරුවකි. ඔය පම්පෝරිකාරයන් වැඩි දෙනෙක් පොත් 5000ක්වත් නො කියවූ අයයි. ඒ වුණාට පෙනී සිටින්නේ ලක්ෂ ගණන් කියවූ අය ලෙස ය. 

රටක සාහිත්‍යයේ, කලාවේ ප්‍රබෝධයක් ඇති වන්නේ දේශපාලනයේ ස්ථාවරත්වය හා නිදහස් වටපිටාව හේතුවෙන් බව කී විට, එම ප්‍රකාශයට අකැමැති අය ඒ බරපතල ප්‍රකාශය කරන්නේ කුමන අනුභූතික සාක්ෂි මත පදනම්ව ද යන්න අසන්නට ද පුළුවන. එහෙත්, ඒ ප්‍රකාශයට කැමැත්තක් දක්වන අයට එය පිළි ගන්නට පුළුවන. ලංකා ඉතිහාසයේ සාහිත්‍ය ප්‍රබෝධයක් දක්නට ලැබුණු කෝට්ටේ යුගය මෙවැනි ප්‍රබෝධයක් දක්නට ලැබුණු, සාපේක්ෂ වශයෙන් දේශපාලනික ස්ථාවරත්වයක් ද පැවති යුගයක් ලෙස සැලකිය හැකි ය.

එහෙත්, මේ ප්‍රමාණාත්මක වර්ධනය  තුළ ගුණාත්මක විපර්යාසයක් තිබේ ද යන්න සැක සහිත ය. මෙය මම නවකතාව ආශ්‍රයෙන් තරමක් දුරට අධ්‍යයනය කළෙමි. කෙතරම් විශාල නවකතා ප්‍රමාණයක් බිහි වුවත්, 2015 වසරේ නවකතාව තිබෙන තැන එතරම් ඉහළ ස්ථානයකැයි කිව නො හැකි ය. සිංහල නවකතාව තවමත් සැලකිය හැක්කේ මෙම කොදෙව්වේ සීමාවන් තුළ පමණ ය. ඒ ද වික්‍රමසිංහ, කේ. ජයතිලක වැනි ලේඛකයන්ගේ නවකතාවට බොහෝ පසුපසිනි.

විශාල වශයෙන් කවි පොත් නිකුත් වීම ද දැකිය හැකි ය. කවි පොත් පළ කිරීම මා නම් දකින්නේ ලෙහෙසියෙන් ලේඛකයකු වීමේ හා සමාජ ප්‍රාග්ධනය උපයා ගැනීමේ මාර්ගයක් බවට පත් වී ඇති බවයි. 

නාගොල්ලාගම ධර්මසිරි බෙනඩික්ට්ගේ කවි පොත නිකුත් වූ උත්සවයෙහිදී විදර්ශන කන්නන්ගර පැවැත්වූ කතාව පිළිබඳ ඇති වූ මත ගැටුම මෙම අර්බුදයේ ප්‍රකාශනයක් ලෙස සැලකිය හැකි ය. ධර්මසිරි බෙනඩික්ට් යනු විදග්ධ කවියෙක් නො වේ. ඔහු ජන කවියෙකි. විදර්ශන කන්නන්ගර කීවා සේ ම ඔහු ළං වන්නේ (රත්න ශ්‍රී විජේසිංහට වඩා) විල්බට් අඹතලාවට විය හැකි ය. එහි කිසිදු වරදක් ඇතැයි මම නො සිතමි. මේ සමාජයේ රත්න ශ්‍රී විජේසිංහට මෙන් ම විල්බට් අඹතලාවට ද තිබෙන ස්ථානය පිළිබඳ අප ගෞරවනීය විය යුතු ය. 

මෙතැනදී කෙනෙක් මෙසේ අසන්නට ද පුළුවන. එසේ නම් අප ඉරාජ් වීරරත්න විවේචනය කිරීමේදී නිර්දය වන්නේ ඇයි ද යන්නයි. 

විල්බට් අඹතලාව කවියෙන් යමක් උපයා ගන්නා අහිංසක කලාකරුවෙකි. ඉරාජ් වීරරත්න මුදල් ඉපැයීම ම අරමුණු කර ගත් සංගීත ව්‍යාපාරිකයෙකි. යැපුම් වෘත්තිකයකු වන හස්ත කර්මාන්ත ශිල්පියකුගේ ගුණාත්මකභාවයට වැඩි දෙයක් ධනේශ්වර කර්මාන්තකරුවකුගෙන් බලාපොරොත්තු වීමට පාරිභෝගිකයකුට අයිතියක් තිබේ. 

ධර්මසිරි බෙනඩික්ට් කවි නො ලියූ ප්‍රකාශනයක් නැති තරම් ය. ඔහු විසින් ස්පර්ශ නො කරන ලද සමාජ ප්‍රශ්නයක් ද නැති තරම් ය. ඔහු ලියූ කවි ඒ ඒ සංදර්භයන් තුළ දේශපාලනමය හා සමාජ වටිනාකමක් අත්පත් කර ගත් මුත්, ඒවායේ සර්වකාලීන වටිනාකම් අඩු ය. ඔහු ඒ කවි එක් කර පොතක් පළ කිරීම වැදගත් වන්නේ ඉතිහාසයක් ලේඛනගත කිරීම සඳහා ය. එහිදී එම අවස්ථාව සිද්ධියක් ලෙස ද ගත යුත්තේ එම අර්ථයෙනි. විදර්ශන කන්නන්ගරගේ කතාව එතැනට නො ගැලපෙන්නේ එහෙයිනැයි මම සිතමි. එහෙත්, එතැනට විදර්ශනට ආරාධනා කළ අය ඔහු කාලෝ ෆොන්සේකා වැනි යාලුකමට ඕනැ මගුලක් මාරයි කියන පුද්ගලයකු නො වන බව තේරුම් ගත යුතුව තිබිණි. ඔහුගේ නිදහස් අදහස් ඉදිරිපත් කළ පසු එය ධර්මසිරි බෙනඩික්ට්ට කළ අවමානයක් ලෙස සැලකීම බොළඳ වැඩකි. 

ඔය සර්වකාලීන වටිනාකම් ගැන කතා කරන විට මෙය ද කිව යුතු ය. ලංකාවේ වර්තමාන යුගයේ බිහි වන කලා කෘති කීයක එවැනි වටිනාකම් තිබේ ද? විශේෂයෙන් ම, සම්මාන හා දහසින් බැඳි පියලි ඉලක්ක කරමින් ලියැවෙන පොල් කුඩු බඳු සම්මානලාභී නවකතා බොහොමයක තිබෙන සර්ව කාලීන වටිනාකම කුමක් ද?

මෙම සාහිත්‍ය ප්‍රබෝධය තුළ ඇති තවත් වැදගත් ලක්ෂණයක් කෙරෙහි ද අවධානය යොමු කළ යුතු ය. ඒ වනාහි කමල් ගුනරත්නගේ පොත කෙරෙහි ඇති වූ උන්මාදයයි. එය මිළ දී ගත් කී දෙනෙක් එය කියවනු ඇද්ද? වාර්තාවක සඳහන් වූ එක් කාන්තාවක පැවසූ වදනක් මෙහිදී ඉතා වැදගත් ය. ඇය කියන්නේ මෙම පොත නො කියවූවත්, එය ගෙදර තබා ගත යුතු එකක් බවයි. හරියට පිරුවානා පොත් වහන්සේ වගේ ය. ඒ ඇයි? ඒ වනාහි දෙමළ ලේ සුවඳ විහිදුවන හඳුන්කූරක් වැනි එකකි. සිංහල බෞද්ධ ජාතිවාදියෝ එයට කැමති ය. සිංහල බෞද්ධ ජාතිවාදය පවතින්නේ ම ඒ ලේ සුවඳ මත ය. 

පොත් පොළට සෙනග එන තරමට පොත් නො විකිණෙන බව ද, පොත් විකිණෙන තරමට හොඳ පොත් නො විකිණෙන බව ද, මිළ දී ගන්නා තරමට මිනිසුන් පොත් නො කියවන බව ද, පොත් කියවන තරමට හොඳ පොත් නො කියවන බව ද, හොඳ පොත් කියවන තරමට මිනිසුන් හොඳ නො වන බව ද මගේ අවබෝධයයි.

පොත් පොළ සම්බන්ධ තවත් නිරීක්ෂණයක් වන්නේ ධනවාදයට එරෙහිව ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන දාර්ශනිකයන් බොහෝ දෙනෙකුගේ ද ජීවිතය පොත් පොළ කේන්ද්‍ර කරගෙන ගොඩනැගීමයි. වෙළඳපොළට එරෙහි දැනුම පවා අලෙවි වන්නේ වෙළඳපොළෙහි ය. වෙළඳපොළ නොමැති සංදර්භයක් ගැන සිතා ගන්නට බැරි තරමට වෙළඳපොළ මිනිස් සමාජ ජීවිතය සමග බැඳී තිබේ. 

පොත් පොළ යනු නියාමනයක් නැති වෙළඳපොළක් පිළිබඳ කදිම නිදසුනකි. නියාමනය යයි කී විට බොහෝ විට අපගේ සිහියට එන්නේ රජයයි. එහෙත්, සමාජ සංවිධානවලට ද නියාමනයට මැදිහත් විය හැකි ය. සාහිත්‍යය හා කලාව යනු කිසි සේත් ම රජය විසින් නියාමනය කළ යුත්තක් නො වේ. එය යටත් විය යුත්තේ සමාජ නියාමනයකට ය. 

සාහිත්‍යය සම්බන්ධයෙන් එවැනි සමාජ නියාමනයක් තිබේ ද? 

සරළ නිදසුනකින් මෙය විමසා බලමු. නවකතාව සම්බන්ධයෙන් මතු වී තිබෙන තත්වය විමසා බලන්න. අද වන විට බොහෝ ලේඛකයන් නවකතා ලියන්නේ ස්වර්ණ පුස්තක, ගොඩගේ, ෆෙයාවේ, රාජ්‍ය සාහිත්‍ය වැනි සම්මාන බලාගෙන ම ද යන ප්‍රශ්නය මතු වේ. අවුරුද්දකට දෙකකට වතාවක් කෙසේ හෝ නවකතාවක් පඩ්ඩා ගැනීමේ රුදාව තුළ බොහෝ නවකතාකරුවන් පෙන්වන්නේ පසුගමනයකි. මෙවැනි තත්වයන් පාලනය කළ හැකි සමාජ නියාමනයක් සිදු වෙනවා ද? විචාරකයන් ලෙස සිය අනන්‍යතාව සලකුණු කර ගන්නා හා සෙසු අය එම අනන්‍යතාව භාවිතා කිරීමට එරෙහි වන්නන් මෙහිදී සිය කාර්යභාරය ඉටු කර තිබේ ද?

මා සිතන්නේ අප යන ගමන වේගවත් වැඩි ය කියා ය. සම්භාව්‍ය කලාව දඩ බඩ ගා පොත් පැඩ්ඩීම නවත්වා ගුණාත්මකභාවය ගැන සිතිය යුතුව තිබේ. දිවීම නවත්වා නැවතී වටපිට බැලිය යුතු ය. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. රිදුනු තරමට කෑ ගහන්න බැරි උනාම අමාරුව වැඩියි කියල මම අහල තියෙනවා...

    ReplyDelete
    Replies
    1. මොනව කරන්නද පුතේ! අපි පැඩ්ඩ පොත නිකං දුන්නත් ගන්න එකෙක් නැති කොට

      Delete
    2. යම් කාරණයක් පිළිබඳ තමනුත් වෙන අය ද සිතන්නේ තමන් සිතන ආකාරයට ම ය යයි සිතූ විට ඔහොම හිතේ.

      Delete
    3. "බසා වේළල" පිනාචාර්ය හරක් විජේසූරිය දැන් පොත් ලියන්නෙ නැද්ද? ලේඛකයන් හූරා කනවට මදිවට හොරට පොත් ගහනව කියල කතාවක් යනව. ඒ කතාව ඇත්තද?

      Delete
    4. මේ ඇනෝ තමයි අර මරුවා කියලා බයගුලු පෝස්ට් දාන පොන්නයා. අඩෝ පොන්න බැල්ලිගෙ පුතා තොගේ සයිට් එකේ කමෙන්ට්ස් ඇරපන් එතකොට තේරෙයි තෝ ඉන්නේ කොහෙද කියලා බයගුලු පොන්නයා.

      Delete
    5. Anonymous September 26, 2016 at 6:26 PM

      ඇනෝ අරින්නෙ මොකටද බන් උඹල බය නැති හෙන නිර්භීත පොරවල්නම් ප්‍රොෆයිල් එකෙන් ඇත්ත නම් ගම් ඇතුව ගිහින් ඌට ටෝක් කරපන්කෝ බන් මෙතන ගොනා වගේ තප්පු ලලා රට්ටු හිනස්සන්නෙ නැතුව. LoL !

      Delete
    6. සරත්(ක්) විජසුරිය මහදුරු සබැඳිව "බාසා වෙළල" යන පදය පමණක නොව "බාසා වෙලු" යන පදයද යෙදිය හැක. ඒ පද නොසරුප් වදන් නොවේ. එසේ සිතනුයේ බසෙහි නිපුනබව නැත්තෝය. ඉදිරි කල "බාසා වෙළල" හා "බාසා වෙලු" යන්නෙහි පදරුත් දිගුව විමසමි.
      - සුබැසි කුදලාගමයන් සන් මිතු මයුරවිල මි.

      පසු සටහන -
      කුදලගමයනි, සාරසයනි තෙපි සුවෙනැයි සිතමි. සෑගිරියේ කීරාළයන් මෙතෙක් සපැමිණ නැත.

      Delete
    7. This comment has been removed by a blog administrator.

      Delete
    8. සගය, තෙපි බස් වහර නම් මනහරය. නිසැකව තෙපි "බස් තැනුමෙහි" යෙදෙන "බස් වඩුවකුගේ" අපකට පුත් රුවනෙකැයි සිතමි.

      - සුබැසි කුදලාගමයන් සන් මිතු මයුරවිල මි.

      Delete
  2. මගෙ යාලුවෙක් රාජ්‍ය සම්මාන ලැබුණු පොත් කියවල මලා.

    ReplyDelete
  3. "පොත් පැඩ්ඩීම"
    ලක්ෂන වචනයක්

    ReplyDelete
  4. ඊරිසියාව හොඳ ගුනයක් නොවේ!

    ReplyDelete
    Replies
    1. මෙය ඊර්ෂ්‍යාවක් නිසා තබන සටහනක් යයි වරදවා වටහා ගැනීම බොළඳකමකි.

      මා මෙය ප්‍රබෝධයක් ලෙස හඳුන්වන්නේ ම එයට වටිනාකමක් දෙමිනි.

      එහෙත් ප්‍ර‍මාණයෙන් සිදු වන වර්ධනයෙන් ඇස ගිනිකණ වට්ටාගෙන මාරයි කියා කීමෙන් ඇත්තෙන් ම සිදු වන්නේ හානියකි. ගුණය ගැන ගැඹුරින් සිතිය යුතුව තිබේ.

      ප්‍රමාණාත්මක වර්ධනය තුළ ගුණය අන්තයට ම පිරිහීම පිළිබඳ හොඳ ම උදාහරණය 20, 21 සියවස්වල බෞද්ධ කලාවයි.

      Delete
    2. ඔය කියන ගුණය හොඳටම තියෙන දෙන්නෙක් මේ ලඟදි එළි බැස්සා...
      එකෙක් වෙලේ විදානේ කෙනෙක්, අනිකා මහාචාරියෙක්...
      දැන් දැන් තව එවුනුත් හීන් සීරුවේ එළි බහිනවා...

      Delete
    3. // ප්‍රමාණාත්මක වර්ධනය තුළ ගුණය අන්තයට ම පිරිහීම පිළිබඳ හොඳ ම උදාහරණය 20, 21 සියවස්වල බෞද්ධ කලාවයි. //

      වෙලාවක් ලැබුනොත්, මේ පොත ත් අතටම ලැබුනොත්, කියවන්න:

      දූල්වල අලන්කාරේ
      සුමුදු නිරාගී සෙනෙවිරත්න

      ISBN 978-955-30-6583-4

      Delete
    4. සා රස.. ඒක තමයි වසරේ පොත. දාන්න පහක්.

      Delete
    5. සා රස.. ඒක තමයි වසරේ පොත. දාන්න පහක්.

      Delete
    6. ඇත්තමයි.... වටිනා පර්යේශනයක ප්‍රතිපල තමා ඒ පොත....

      Delete
    7. "ප්‍රමාණාත්මක වර්ධනය තුළ ගුණය අන්තයට ම පිරිහීම පිළිබඳ හොඳ ම උදාහරණය 20, 21 සියවස්වල බෞද්ධ කලාවයි."

      බෞද්ධ කලාව පිරිහුණේ මධ්‍යකාලීන යුගයේ සිටය. ආනන්ද කුමාරස්වාමිගේ "මධ්‍යකාලීන සිංහල කලා" කියවන්න.

      Delete
    8. දැන් වෙලා තියෙන්නේ පරිහාණියේත් පරිහාණියයි. එනම් අභාවයාගේ අභාවයයි. බුදුන්ගේ බුදු දහම දැන් ලංකාවේ නැත. මිහිඳු හාමුදුරුවන්ගේ එකත් නැත. නලින් ද සිල්වාගේ එක නම් ඇත.

      Delete
    9. "මිහිඳු හාමුදුරුවන්ගේ" එක නැත්තෙ කොහෙද පැරා?

      Delete
  5. "ඉරිසියාව ක්‍රෝධ රෝග ඇතිවන්නේ විනාසෙටයි
    අත්දුටු හොඳ අරිෂ්ට ඇත පාවිච්චිය ප්‍රවේසමින්"

    සාරසතුමා ගාව එව්ව් නැද්ද?

    ReplyDelete
    Replies
    1. සාරසතුමා ගාව තියෙන්නේ දත් කැක්කුමට බේත්. මේකට මානසික විශේෂඥයෙක් ප්‍රතිකාර කරන්න ඕන

      Delete
  6. පොත් යනු පාරිභෝගික භාණ්ඩයකි, පොත් ලියන්නෝ ශ්‍රමිකයෝ ය කියා හිතුවා ම මේ අවුල් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒකත් හරි. හැබැයි ඉතින් කලාවට සාහිත්‍යයට තැනක් නැහැ අරවා මේවා කියලා අඬන්නෙ නැතිව ඉන්නත් ඕනැ.

      Delete
  7. අද ජාතික පවුල් සැලසුම් දිනයයි. පැරා කොහොමටත් සැලසුම් සහගතව වැඩ කරන්නෙකි. පවුල සම්බන්ධයෙන්ද පැරා එසේය. එබැවින් ...

    "පැරාගේ පවුල රැකේ" යැයි සිතමි.පතමි.

    ReplyDelete
    Replies
    1. ඇයි පැරාට විතරක් සුබ පැතුම්?

      "සියලු ප්‍රෝෆයිලකරුවන්ගේ පවුල් රැකේ" යැයි සිතමු.පතමු.

      - ඇනෝවරුන්ගේ සංගමය

      Delete
    2. සියලු ඇනෝවන් ගේ රැවුලට පාට දැමීමට අපි සූදානම්.

      මීට -ප්‍රොෆයිල් කරුවන්ගේ සංගමය-

      Delete
  8. කමල් ගුණරත්නගේ පොතට හොඳ අලෙවියක් වෙන්න එක හේතුවක් වුනේ පොත එළිදක්වපු කාලය.සැප්තැම්බර් මාසේ ඔය විදියේ පොතක් කරලා පොත තහනම් කරනවා ගන්න,ගන්න කියලා මාධ්‍ය ප්‍රචාරයක් යැව්වාමත් හරි.මොකද අපේ උන් "තහනම්"කියන ඕනෑම දෙයකට හරියට ඇලුම් කරන නිසා ඒ වාසියත් කමල්ට තියෙනවා.දැන් සරත් ෆොන්සේකාගේ පොත මේ උණුසුමේ එන්නේ නැතුව ලබන සැප්තැම්බර් කිට්ටු කරලා එලියට දැම්මා නම් "අන්තිම සටනේ නොකී කතා" එක්ක හොඳට මාකට් කරන්න තිබ්බා.

    ReplyDelete
    Replies
    1. "අන්තිම ජඩයකුගේ කලවැදි කතා" වගේ නමක් හොඳ නැද්ද?

      Delete
    2. රෙන මග ඔස්සේ සිරිකොතට ?

      Delete
    3. මම කමල් ගුණරත්නගේ පොත කියෙව්වේ නැහැ. ඒත් ඔහුගේ සම්මුඛ සාකච්ඡා ගණනාවක් කියවීමෙන් හා ඒවාට සවන් දීමෙන් පසුව මා අවබෝධ කර ගත් දෙය වන්නේ ඔහු අභිරහස් තවත් අභිරහස් බවට පත් කර තව පොත් ගණනාවකට ඉඩ තබා ඇති බවයි. විශේෂයෙන් ම ප්‍ර‍භාකරන්, මදිවාදිනී හා ඔවුන්ගේ දරුවන්ගේ ඉරණම තවමත් විවෘත තීන්දුවකි. අවසන් සටනේ සිටි පුංචි සොල්දාදුවෙකුට කිසියම් දිනෙක මේ අභිරහස විසඳන්නට ඉඩ තිබේ.

      Delete
    4. මං හිතන්නේ
      "රෙන මග ඔස්සේ සිරිකොතට" නම පොතේ නමට හොඳයි. පොත හඳුන්වාදෙන්න
      "අන්තිම ජඩයකුගේ කලවැදි කතා" හොඳයි.

      Delete
    5. මෙහෙම ගියොත් "එලගු තමිල් ඔස්සේ පේදුරුතුඩුවෙන් දෙවුන්දරතුඩුවටම" කියන පොතත් ටික දවසකින් දොරට වඩියි.

      Delete
    6. රෙනමග දිගේ හොරිකොතට
      ඩොලර් කුක්කා රට වික්කා
      සුදු කොඩියෙන් ගොක් කොලයට
      කලවැද්දාගේ යුද්ධය (kalavadda's war)

      Delete
    7. "වසල පිං මාසල කතාවත" වගේ නමක් කොහොමද?

      Delete
    8. Hah ha :D

      Ela Ela :D

      Delete
    9. සරත් ෆොන්සේකා මහතාගේ පොතට කෙසේ හෝ අජිත් පැරකුම් ජයසිංහ මහතාගේ ශාස්තෲ පොතට වඩා යන්තම් වැඩි අලවියක් වාර්තා කරගත් හැක. ඒ ඔහු වඩා රට තුල ප්‍රකට චරිතයක් වීමත් කැපුවත් කොළ එජාප හිතවාදීන් එම පොත සිය පක්ශයට ඇති දැඩි අන්ධ භක්තිය වෙනුවෙන් මිලට ගැනීමත් නිසාය. කෙසේ නමුත් ඔහුට දැනට ඇති ජනතා කැමැත්ත අනුව බැලුවොත් ඔහුගේ පොතට වැඩි ඇලෙවියක් ලැබෙනු ඇතැයි සිතීම සැක සහිතය.

      නන්දිකාඩාල් පොත අලෙවිවන්නේ එහි ඇති කිසි වැදගත් තොරතුරක් නිසාම නොව හුදෙක් සිංහල ජනතාව තුළ රජයේ යුධ අපරාධ සේවීමට ගන්නා ක්‍රියාමාර්ගවලට ඇති විරෝධයේ ප්‍රතිපලයක් යන්න බහුතර විද්වතුන්ගේ මතයයි.

      Delete
    10. කමල් ගුණරත්නගේ පොත තහනම් කරන කතාව මොකක්ද? මම එහෙම එකක් අහල තිබ්බෙ නැහැ. මමත් පොතක් ගන්න කියල යාලුවෙක්ට කිව්ව. ලාබන සතියෙ හම්බ වේවි. ඒ පොත තහනම් කරන්නද යන්නෙ? හේතුව මොකක්ද? යුධ අපරාද ගැන තියෙනවද?

      Delete
    11. AnonymousSeptember 26, 2016 at 12:48 PM

      මේජර් ජෙනරාල් කමල් ගුණරත්න උන්නැහේගේ පොත තහනම් කරනව කියල එකක් තිබ්බෙ නැහැ. ඔය කතාව කියන්නෙ ඔය උඩම කමෙන්ට් කරපු මනෝ විකෘතික මනස්ගාතකාර ගොබිල. ඒක වේගයෙන් විකිණුනු එක දැකල ඉරිසියාවට හරි එහෙම නැත්නම් කමල් ගොයිය මරා කල්ලියට සෙට් වෙච්ච නිසා ආන්ඩුවෙ සට්ටැඹිරැල ගොතපු තවත් අතේ පැලවෙන ටොම් පචයක් වෙන්න ඇති. මමත් ඕක දැක්කෙ මේ දැන්.

      Delete
    12. මචංලා ඔය පොත ඇතුලේ තහනම් කරන්න තරම් දෙයක් තියෙනවාද නැද්ද කියන එක මම දන්නේ නැහැ මට වැඩකුත් නැහැ.පොත තහනම් කරන්න යනවා කියලා කතාවක් ගියා.පොඩ්ඩක් හොයලා බලපල්ලා එහෙම කතාවක් තිබ්බේ නැතිද කියලා.එහෙම කතාවක් ගිය එකත් පොතේ අලෙවියට අනියම් වාසියක් වුනා.තහනම් කරන්න ඕන දේවල් ඕකේ තිබ්බත් නැති ප්‍රශ්න හදාගන්න ඕනේ නැති නිසා මේ වෙලාවේ ඔය පොත ආණ්ඩුව තහනම් කරයි කියලා මම හිතන්නේ නැහැ.

      Delete
    13. පොත තහනම් වෙන කතාවක් අපි නම් අහල නැහැ. සමහර විට කවුරුහරි බොරුවට ගොතපු කතාවක් වෙන්නැති. එක්කො ඔයාගෙ යාලුවෙක් ඔයාට දීපු බයිට් එකක්/ ලනුවක් වෙන්නත් පුළුවනි. හි හි !

      Delete
    14. Dear Manoj,

      Which area you residing? I'm from Colombo district & never heard about such a thing? Any kind of banning has not being noticed about any book in the recent past (After the Good Governance regime bares the office). Might be a provincial rumour. Are you from Kandy or Kurunegala?

      Delete
    15. මමත් කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි කරුවෙක්.පොත තහනම් කරනවා කියා පැමිණි ආරංචි ඔබ කිසිවකු අසා නැතැයි කීම මටත් පුදුමයක්.එක නොනිල ආරංචියක් තමයි.මම ඉහතත් කිව් පරිදි මේ පොත තහනම් කිරීමේ අවශ්‍යතාවක් ඇතැයි මම සිතන්නෙත් නැහැ.

      Delete
    16. Dear Manoj

      I have checked about this rumour with couple of my colleagues at office, whom residing in Nugegoda, Borella, Maharagama, Kadawatha, Kelaniya, Mahara, Kottawa Panadura etc. but nobody has heard such a thing. They aware that the book has been highest grossing one but can't believe such ban would be imposed by current liberal government except some with excessive religious insulting etc. It might be a joke by one of your friends as I guess.

      Delete
    17. Ano 4:00 PM

      ඇනෝ අපරාදෙ ඔබගෙ වටිනා කාලය ටොම්පචයක් නිසා නාස්තිවුණා නේද?

      ඔය මනෝජ් කියන බුවා ශුවර් එකටම යූඑන්පී හරි ජේවීපී එකට හරි රෙදි නැතුව කඩේ ගිය/යන ගොබිලෙක්. ඕකුන් දන්නෙ ඔන්න ඔය වගේ මනස්කල්පිත ටොම් පච අතාරින්න විතරයි. අන්තිමට ගලේ පහරපු බළල්ලු වගේ කිච වෙනව. (හරියට මෛත්‍රීගෙ ඇමරිකාවෙ බකිංහැම් මාලිගෙන් ගෙනා රත්තරන් අස්සයො, ලැම්බෝගිණි වගේ). අනික් අතින් මරාගෙ ගොය්යලත් දැන් දැන් බොරු පච අතාරින්න පටන් අරන්, විශේෂයෙන්ම ජාතිවාදෙ අවුස්සන්න උතුරෙ සිද්ධි ගැන. බොරුව තාවකාලිකයි කියන එක මුන් එකෙක්ටවත් නොතෙරේන හැටි

      Delete
    18. AnonymousSeptember 26, 2016 at 4:09 PM

      It's not like that. I used to have a habit to check & search about most of the news/ rumours I heard & get confirmed before trusting anything. Almost 80% of the rumours are false as my understanding & approx. 20% contains truth on it. Anyway, this news seems like another lie by some of his (Mr. Manoj's) friends since nobody has heard about it whom I checked randomly (Residents of Western province). Might be a rumour made in another distant area, he might heard it from such resident from other province, most of the time.

      Delete
    19. මේ ඉහත කෘතිය තහනම් කරන්න යනවා කියා යම් යම් ය පවසා තිබු දේවල් ගැනයි මා ඉහත කමෙන්ට් සටහන් කෙරුවේ.එවැනි ප්‍රචාරයක් දැනුවත්ව හෝ නොදැනුවත්ව කිරීම පොතේ අලෙවියට අනියම් වාසියක් ගෙන එනවා.මොකද ඔන්න ප්‍රචාරය යනවා "මේ පොත තහනම් කරන්න යන්නේ දැන්ම අරන් තියා ගන්න එක හොඳයි"කියලා.හැබැයි ඉතින් ඔය පොත ගැන කතාව තව මාසයක් තියේ උපරිම.යුද්දේ ඉවර වෙච්චි අලුත ජිවිතේට ගමේ පන්සලට නොගිය උන් පෝලිමේ නාගදීප වන්දනාවේ ගියා වගේ,යුද්දේ නටබුන් බලන්න විනෝද චාරිකා ගියා වගේ රැල්ලට ඔය පොත ගැන වෙන කතාව තව මාසයක් විතර ගියාට පස්සේ නිකම්ම සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියේවි.

      Delete
    20. කොහොමත් ඔය අවසන් සටනෙදි බාල චන්ද්‍රන්, චාල්ස් ඇන්තනි, නඩේසන්, පුලිදේවන්ල මැරිලා තියෙන්නෙ යටත් වුණාට පස්සෙ කියන එක අද ප්‍රසිද්ධ රහසක්. ඔවුන්ගෙ තුවාල ලඟ සිට තියල වෙඩි තියපු බවට මාධ්‍ය වාරථා කරලා තිබුණා. ප්‍රභාකරන්වත් පණ පිටින් අල්ලගෙන ෆොනී ගාවට අරන් ගිහිල්ල තිබුණාලු. ෆොනී ප්‍රභාකරන්ට හොඳට ගහලා ඔලුවට වෙඩි තිබ්බා කියලා කට කතාවක් තියෙනවා. කවුරු පොත් ලිව්වත් ඔය රහස්නම් එළි වෙන්නෙ නෑ, මොකද එහෙම වුණොත් යුධ රහස් එලි කළා වෙනවනෙ. ඒ නිසාකවුරුත් ලියන්නෙ අඩු වැඩි වශයෙන් තමාව හෝ වෙන කෙනෙක් පිම්බීම පමණයි. හැබැයි කමල් පොත ලිවීම හොඳයි, මොකද ඔය ප්‍රභාකරන් මැරිච්ච වෙලාවෙ ඒක පිහිටෙන් පොරත්වයක් ගන්න හැදුවෙ ශවීන්ද්‍ර සිල්වානෙ. බලපුවහම කමල්ගෙ යුනිට් එකෙන් ප්‍රභාට ගහල තියෙන්නෙ. හැබැයි අන්තිම ගහපු යුනිට් එකට අණදීල තියෙන්නෙ ලලන්ත. එයත් කවදහරි පැන්ෂන් යන දවසක ලියයි පොතක්. දැන් ෆොනීත් පොතක් ලියනවලුනෙ. ඔක්කොම හදන්නෙ තමන්ට ලකුණු දා ගන්න.

      Delete
    21. අම්මප රොබට් පුතේ උඹත් දන්නා දේවල්? ඔහෙ පලයං බලනකොට මයෙ පුතා හොඳට අඳුරන උදවිය නොව පොනී,කමල්, සවීන්දර, කමල්. මයෙ අම්මප තන්තෝසෙට නේත්තරා තෙත් වෙනව මයෙ පුතේ. මේ වල පයයි ගොඩ පයයි තියං ඉන්න අපිට උඹ නැත්තං කවුද පුතේ මෙව්ව තේරුං බේරුං කොරල දෙන්නෙ?

      ඒ කාලේ උඹේ වේලාපත්කඩේ බලාපු නායක හාමුදුරුවො කිව්වනේ උඹ ඉහල තැනක රස්සාවක් කරනව කියල. උඹ රට ගිහින් කොරනව ඇත්තෙ මෙහෙ කොලා වගේම ඉහල තැනක රස්සාවක් නේද මයෙ පුතේ?

      මයෙ පුතේ ඔහාට වරුසාවද? මෙහාට නං තද පෑවිල්ලය. පොල්ගස්වල ඇට්ටි, කලටි විතරක් නමෙයි අකලට වෙලිච්ච් පොල්ද වැටෙනවාය. ඒවා දකිනකොට බඩ පපුව දනවාය.අනේ ඇත්තට පොල්ගස් පේනකොට උඹවත් හිටියානං කියා හිතෙනවාය.

      Delete
    22. මෙහෙමයි රොබර්ට් ඔය ෆොනී, ශවීන්ද්‍ර, කමල්, ලලන්ත වගේ අයව හොඳට දන්නව. මොකද රොබර්ට් වව්නියා කෑම්ප් එකේ බැට්මන් (batman) වැඩක් කළා. බැට්මන් කියන්නෙ නිලධාරීන්ගේ ආවතේව කරන සිවිල් කෙනෙක්. ආවතේව කියන්නෙ සපත්තු පොලිෂ් කිරිලි, යුනිෆෝම් මැදිලි, කාමර අතුගාන වැඩ, ටොයිලට් හෝදන වැඩ එහෙම.

      ඉතින් ෆොනී, ශවීන්ද්‍ර, කමල්, ලලන්ත වගේ අයව හොඳට රොබර්ට් හොඳට දන්නව. නමුත් අවුල කියන්නෙ අර උදවිය රොබර්ට්ව දන්නෑ.

      කෑම්ප් එකේ බැට්මන් (batman) වැඩේ කළ රොබර්ට් එහෙ කළ අර වැඩ වලින් තමයි ආරක්ෂක විශේෂඥයෙක් වුනේ. මතක තියාගන්න එකක්. batman සහ buttman වචන පටලව ගන්න එපා.

      Delete
    23. Fernando & Robert

      //කමල් ගුණරත්නගේ කෘතිය තහනම් කරන්න යනවා//

      //එවැනි ප්‍රචාරයක් දැනුවත්ව හෝ නොදැනුවත්ව කිරීම පොතේ අලෙවියට අනියම් වාසියක් ගෙන එනවා//

      //ඔය පොත ගැන කතාව තව මාසයක් තියේ උපරිම//

      //යුද්දේ ඉවර වෙච්චි අලුත ජිවිතේට ගමේ පන්සලට නොගිය උන් පෝලිමේ නාගදීප වන්දනාවේ ගියා//

      &

      //අවසන් සටනෙදි බාල චන්ද්‍රන්, චාල්ස් ඇන්තනි, නඩේසන්, පුලිදේවන්ල මැරිලා තියෙන්නෙ යටත් වුණාට පස්සෙ//

      //ඔවුන්ගෙ තුවාල ලඟ සිට තියල වෙඩි තියපු බවට//

      //ප්‍රභාකරන්වත් පණ පිටින් අල්ලගෙන ෆොනී ගාවට අරන් ගිහිල්ල//

      //ෆොනී ප්‍රභාකරන්ට හොඳට ගහලා ඔලුවට වෙඩි තිබ්බා//

      //ප්‍රභාකරන් මැරිච්ච වෙලාවෙ ඒක පිහිටෙන් පොරත්වයක් ගන්න හැදුවෙ ශවීන්ද්‍ර සිල්වා//

      ඔබ මෙවැනි (අතේ පැලවෙන අමු බොරු බේගල් නමුත්) අතිශය බරපතළ ප්‍රකාශ කරන්නේ අනුභූතික සාක්ෂි මත පදනම් ව ද?

      මීට,
      අක්‍ෂය පාඨකයෙක්

      Delete
    24. යකෝ ගස් බඩගාපු පොල් රොබටව ෆෝම් කරන්නෙ නැතුව උඹ ඔය උඹේ අක්‍ෂය වටේ කක්ෂ ගතවෙලා හිටපං නිකං බහුභූතික දේවල් දොඩවන්නැතුව.

      Delete
    25. මචං බ්ලොග් ලිවිල්ල හරි කමෙන්ට් කිරීම හරි දේශපාලන පක්ශයක්/ කල්ලියක් වෙනුවෙන් රෙදි නැතුව කඩේ යනව වගේ නෙවෙයි. අඩු ගානෙ රූපවාහිනී සංවාදයක අනෙක් පක්ෂ පතුරුගැහීමත් බ්ලොග් ලිවිල්ලට වැඩිය ඉතාම පහසුයි. මොන වැඩේ කලත් විවේචන එල්ල වෙන සිස්ටම් එක ඇතුලේ තමන් ප්‍රශ්න කිරීම්වලට උත්තර දෙන්න බැරි නං කරන්න දෙයක් නෑ. ඉහත මනොජ් ප්‍රනාන්දු සහ රොබට් යන දෙදෙනාම තමන්ම හිතෙන් මවාගත් මනෝ විකාර (නැත්නම් අබිලිං මාමලා වැනි අය දෙසා බෑ ගජබින්න ) මෙබඳු විවෘත බ්ලොග් අඩවියක දෙසා බෑමට ගොස් ගොස් කුජීත වූ අයුරු බලන්න.

      බ්ලොග්කරුවන් අතර තියන ප්‍රධාන මත දෙකක් මම දැකල තියනව.

      එක පිරිසක් ඉන්නෙ හිත රිදෙන කමෙන්ටු නොදැමිය යුතුයි, බ්ලොග් ලියන්නන් දිරිමත් කලයුතුයි කියන ස්ථාවරයේ. අනෙක් පිරිස ඉන්නෙ ඕනෑම දෙයක් ප්‍රශ්න කල හැකියි කියන ස්ථාවරයේ. (මම ඉන්නෙ දෙවැන්නෙ. හිතමිතුරුකම්, කල්ලි, හමුවීම් නැතත් සංවාදයන් තිබිය යුතුයි. මැරිච්ච බ්ලොග් අවකාශයක් වැඩක් නෑ)

      Delete
    26. බ්ලොග් ඇත්තේ සම්මාන දීමටයි කියලායි මම හිතුවේ !

      Delete
    27. බ්ලොග් ඇත්තේ සම්මාන උළෙලවල් සංවිධානය කොට සම්මාන දෙන මුවාවෙන් තම ගජමිතුරු කල්ලියේ මෙලෝ රහක් නැති කබ්බන්ව පොරවල් කිරීමත් ඒ හරහා තමන්ගේ හොද්ද බොර කරගෙන මඩිය තරකරගැනීමටත් කියලායි මම නම් හිතුවේ

      Delete
    28. "මොකද රොබර්ට් වව්නියා කෑම්ප් එකේ බැට්මන් (batman) වැඩක් කළා."
      ඔය කතාව ඇත්තක්ද ?

      Delete
    29. ඔව් ඇත්ත. මොකක්ද ඒකෙ තියන වැරැද්ද? බැට්මන් කියන්නෙත් රැකියාවක්. රොබට් (නියම නම නොවේ) කියන්නෙ තමන්ගෙ රැකියාව ඉතා හොඳින් කරපු ළමයෙක්. රොබට් වවුනියාව කඳවුරේ හිටිය බව ඇත්ත. නමුත් ඔය කියන ඉහළ නිලධාරීන් සම්බන්ධ කටයුතු වලට ඒ ළමය සම්බන්ධ වුනේ නැහැ. එයාව අධිකාරි ලත් කනිෂ්ඨ නිලධාරීන්ගේ කාමර සේවය සඳහා යොදවල තිබුණ. පස්සෙ මේ ළමය විදේශ ගතවුණා. ඒකට උදව් කළෙත් හමුදා නිලධාරීන් කිහිපදෙනෙක්.

      "රොබට්" මාව හොඳට දන්නව. මේ ළමය ලියන දේ සහ විධිය ගැන මටත් ප්‍රශ්ණ තියනව. අදත් අපි අධිකාරිලත් විශ්‍රාමික නිලධාරීන් විධියට ෆොනී, කමල්, ශවීන්ද්‍ර කියල ඉහල නිලධාරීන්ට ගැන සඳහන් කරන්නේ නෑ. මම "රොබට්"ට කියන්නෙ සංයමයෙන් යුතුව ලියන්න කියල. ඒ වගේම කියන්නෙ යුද්ධයක් පැවතුනු වෙලාවක බැට්මන් කෙනෙක් විදියට ඔබ රටට සේවය කරල තියනව ඒ ගැන ආඩම්බර වෙන්න කියල.

      Delete
    30. සාක්‍ෂි පිළිබඳව දැනුවත් වීමට ඊ. ආර්. එස්. ආර්. කුමාරස්වාමිගේ "සාක්ෂි නීතිය" පොත කියවන්න.
      Law Of Evidence - Vol Ii Book I &ii
      by Coomaraswamy E R S R

      Book Details

      ISBN 10 : 9555520984
      ISBN 13 : 9789555520980
      Author : Coomaraswamy E R S R
      Translator : -
      Publisher : Lake House Investments Lt
      Language : GENERAL

      Delete
    31. යම් අදහසක් ප්‍රකාශ කළවිට ඊට අදාල නොවන, මඩ ගහන ඇනෝලට උත්තර දෙන එක මෝඩ වැඩක් කියලයි මට හිතෙන්නෙ. හැබැයි AnonymousSeptember 26, 2016 at 6:29 PM හරවත් යමක් ප්‍රශ්න කරනවා. සයිබර් අවකාශයෙ පැරා හාමුදුරුවන්වත් අමතන්නෙ ගරු කිරීමක් නැතිව. මම හිතන්නෙ ඒක හරි කියලා. ඒ නිසා මමත් කාටවත් තනතුරු නම්බු නාම නැතුව නමින් ඇමතුවා, එච්චරයි. හැබැයි යටත් විජිත, නිවට මානසිකත්වයෙන් ඉන්න ලංකාවෙ ගොඩක් දෙනෙක්ට, නමින් ඇමතුවාම දිරවගන්න බෑ.
      යටත් වෙච්ච කොටින්ට වෙඩි තිබ්බ, සුප්‍රසිද්ධ සුදු කොඩි කතාව අබිලිං කථාවක්ද, මනෝ විකාරයක්ද කියල අපිටනම් තේරෙන්නෙ 2010 ඉඳන් අද දක්වා ජිනීවාවල ප්‍රශ්න කරන එකෙන්. ඒ ගැන පරීක්ෂණ ඉල්ලගෙන එකසත් ජාතීන්ගෙ මහ ලේකමාගෙ ඉඳන් සේරම හැත්ත බුරුත්ත ලංකාවෙ රිංගනකොට, හයිබ්‍රිඩ් උසාවි ඉල්ලනකොට... මෙව්වා ඉල්ලන්නෙ මගෙ මනෝ විකාරයක්නම්, උන් එන්න ඕනෙ මාව හොයාගෙන. හැබැයි උන් එන්නෙ ලංකාවෙ පාලකයො හොයාගෙන.

      Delete
    32. මේකත් කියන්න ඕනෙ, රොබට් කියන්නෙ මගෙ ඇත්ත නම. මම උපතින් සිංහල ක්‍රිස්තියානි (කතෝලික ). ගියෙ රජ්ජුරුවන්ගෙ ඉස්කෝලෙ. අපේ ඉස්කෝලෙ ගිය එවුන්, ආමි උණ තියේනම් කෙලින්ම යන්නෙ දෙවන ලුතිනන්. එහෙම නැතුව රස්සාවට ආමි එකට බැඳෙන්නෙ නෑ.

      Delete
    33. පොත තහනම් කර කතාව මටත් කීප දෙනෙක් කිව්වා. ඕකට හේතුව ෆොනී කියල තිබුණා කමල් ගුණරත්න තමන්ගෙ පොතෙන් යුධ රහස් එලි කරල තියෙනවා, ඒ නිසා ඒ ගැන පරීක්ෂණයක් කරන්න හමුදාපතිට දැනුම් දුන්නා කියලා. මේ කතාවෙන් පස්සෙ ගොඩක් අය හිතුවෙ පොත තහනම් කරයි කියලා, ඒක කට කතාවක්. අනික යුධ රහස් මොනවද කියල දැන ගන්න හැමෝම පොර කකා පොත ඉල්ලන්න පටන් ගත්තා. ඒ නිසා නොසිතූ විධියට පොත මාකට් වුණා, එච්චරයි.

      Delete
    34. අම්මප මයෙ රොබට් පුතේ උඹ රජ්ජුරුවංගෙ ඉස්කෝලෙට ගියෙ දවල්යැ? උඹ කොහොමෙයි මයෙ පුතේ දවාලෙ ගස් බඩගාල ගස් ගෙඩි කඩල රජ්ජුරුවංගෙ ඉස්කෝලෙට ගියෙ දවාලෙ? මයෙ පුතේ උඹ රෑ ඉස්කොලෙවත් ගියැයි කියල මට නිච්චි නෑ.

      කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු. බොලේ හැබෑට උඹ එක වතාවක් රජ්ජුරුවන්ගෙ ඉස්කෝලෙ ගියා නේන්නම්. අම්මප මට අමතක උනහැටි.

      සුවාරිස් මාස්ටර්ගේ වෙස්සන්තර ටීටර් එකේ ජාලියට හිටියෙ උඹ නොවැ. ඉතින් ටීටර් එකේදී උඹ රජ්ජුරුවන්ගෙ පුතාල ඉගෙන ගන්න බරණැස දිසාපාමොක් ලඟට ගියා නොවැ. ඉතිං උඹ රජජුරුවන්නෙ ඉස්කෝලෙ ගොහින් තියනොව නොවැ?

      මොකද්ද මයේ පුතේ අර බැට්මං කතාව. මං උඹේ සීය වෙච්චි මටවත් කියපන්කො.

      Delete
    35. බූරු රොබටයො. කරුණාකරල බයිට් නොවී ඉඳපන්. අන්තිමට උඹත් මාතලනුත් අපේ ඉස්කෝලෙත් බයිට් කරනව.

      උඹත් මාතලන් වගේම දන්න ලොකු දෙයක් නැහැ. ඒකට කමක් නෑ. නමුත් මාතලන් දැනගෙන හිටිය බජාර් භාෂාවෙන් තග දාල මේකෙ පොරවෙන්න. වටේට ත්‍රිල් ගන්න නෙලලා වටේම ඇරියස් හදා ගත්ත. වටේම එවුන් බලාගෙන හිටියෙ මාතලන්ගෙ පය ලිස්සනකල්. මාතලන් හිතුව මමයි රජා කියල සදාම් හුසේන් වගේ ක්වේට් එකට කෙලිය. ක්වේට් හොඳ නෑ. නමුත් සදාම් අඬන්න ඉන්න උන්ගෙ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා. ඇරියස් පොරවල් සේරම ක්වෙටයට සහ ලෝක සාමයට මුවා වෙලා සදාම්ට ඇරිය. මාතලන්ට උනෙත් එකයි.

      උඹ බ්ලොග් වල කමෙන්ට් දාපන් නමුත් රෙද්ද කරට අරන් චන්ඩියෙක් විදියට බජාර් භාෂාව දාන්න එපා. ඒවගේම දන්නේ නැති මගුල් කතා කරන්නත් එපා.උඹේ අදහස නිහතමානීව ශීලාචාරව ලියපන්.

      අද උඹ තමයි බ්ලොග් ලොවේ බයිට් එක. එහෙම වෙන්න එපා. දැන් උඹ රසයක් වෙලා ඉවරයි. පොරවල් බලන් ඉන්නෙ උඹේ කමෙන්ට් යටින් උඹලයි සීයාගේ COMMENT වැටෙනකම්. සීය අපිට උඹෙන් මාර රසයක් අරන්දෙනවා.

      කියනදේ අහල බ්ලොග් අවකාශෙ හොඳින් ඉඳපන්.

      Delete
    36. //බූරු රොබටයො. කරුණාකරල බයිට් නොවී ඉඳපන්. අන්තිමට උඹත් මාතලනුත් අපේ ඉස්කෝලෙත් බයිට් කරනව.//

      යකෝ ඔය මාතලන්ගෙම ෆේක් එක තමයි රොබට් කියන්නෙ. ඔය ප්‍රොෆයිල් දෙකේම රජ්ජුරුවන්ගෙ ඉස්කෝලෙ ගැන කටමැත දෙඩවීම ලෙසටම කරන්නෙ ඒකනේ. බොරුනම් සා ර ස තුමාගෙන් අහපන්

      Delete
  9. "ප්‍ර‍භාකරන්, මදිවාදිනී හා ඔවුන්ගේ දරුවන්ගේ ඉරණම"

    Trotsky wrote:

    "My next visit to Moscow took place after the fall of Yekaterinburg. Talking to Sverdlov I asked in passing, "Oh yes and where is the Tsar?" "It's all over," he answered. "He has been shot." "And where is his family?" "And the family with him." "All of them?" I asked, apparently with a touch of surprise. "All of them," replied Yakov Sverdlov. "What about it?" He was waiting to see my reaction. I made no reply. "And who made the decision?" I asked. "We decided it here. Ilyich [Lenin] believed that we shouldn't leave the Whites a live banner to rally around, especially under the present difficult circumstances."

    ලොව වටා ප්‍රදර්ශණය සඳහා "සජීවී බැනරයන්" ඉතිරි නොකිරීමේ ඉතා නිවැරදි දූරදර්ශී තීරණය ගත් සැමට අපගේ ප්‍රණාමය !!!

    ReplyDelete
    Replies
    1. ඒක මාක්ස් ලෙනින්වාදී පියවරක් නම් ඉතින් නෝ ප්‍රොබ්ලම්ය.

      Delete
    2. සහතිකවම !

      Delete
    3. වඳ පීදුන කෙහෙල් මොටෙයියෝ ගැන කථා කරනකොට උයියා වෙන සිංහල කොටි ඕස්ට්‍රේලියාවේ සිටි

      Delete
    4. ජෙප්පෝන්ගේ විප්ලව දිනුව නම්

      Delete
    5. "වඳ පීදුන කෙහෙල් මොටෙයියෝ" නම ගැලපෙනව මදි නේද? ඔන්න විනාශ වුණු විෂබීජ අංශු නැත්නම් බෙහෙත් වැදී විනාශ වුණු ඩෙංගු මදුරු කීටයෝ වගේ උපමාවක් වඩාත් සුදුසුයි කියන එක තමයි මගේ නම් මතය.

      Delete
  10. රනිල් මහත්තයයි සිරිසේන මහත්තයයි තමන්ගෙ ජීවිත කතා ලිව්ව්වොත් මොනවගේ නම් දායිද?

    ReplyDelete
    Replies
    1. Party leader forever
      ( ද්‍රවිඩ පරිවර්ථනය : எப்போதும் தலைவர்
      සිංහල පරිවර්තනය: චික් කවුද සිංහල කියවන්නේ )

      හිටං! , ස්වයං ලිඛිත චරිතාපදානය
      (මේක ලියන්න වෙයිද දන්නේ නෑ. බලය ගිලිහිච්ච හැටියේ මිනිස්සු මේකගෙ බෙල්ල මිරිකලා කටට රීල මරන්න බලං ඉන්නේ )

      Delete
    2. රනිල් මහතාගේ චරිතාපදානෙ නම් විකුණගන්න පුළුවන් එජාප බැතිමතුන් ඉන්න නිසා. මෛත්‍රීපාල මහතාටත් දැන්මම නම් පොතක් ඉශු කලොත් පොඩි චාන්ස් එකක් තියෙනව කට්ටිය ලකුණු දාගන්න ගනී. නැත්නම් ඉතින් නෝ චාන්ස්.

      මම යෝජනා කරන නම්;

      එජාපයේ නැංගූරම - රනිල් විකුම්සිහයාණන්ගේ සිරිත් මල්දම
      පුලතිසිපුරෙන් රජ ගෙදරට - මෙත්පල් දිවිසැරිය

      Delete
    3. ඕ අප්පුච්ච නම් අළුතෙන් එකක් ලියන්නෑ, එයා හිතාන ඉන්නේ මහා වංශෙට ඇටෑච්මන්ට් එකක් ලියන්න.

      Delete
    4. රනිල්ගෙ චරිතාපදානය සඳහා යෝජිත නම - "පිංගුත්තරාභිධානය"
      සිරිසේනගේ චරිතාපදානය සඳහා යෝජිත නම - "මැස්සෙක් ගිය උඩ"

      Delete
    5. ඇණයා නමැති වසල එජාප වැසිකිළි ලොවින සක්කිලියා වෙත සෙනෙහසින් ලියමි.
      බොට හැම ලබ්බටම රාජපක්ෂ හොර හැත්තගෙන් තොර ලොවක් නැද්ද? උබේ ඔය වසුරු දකින්නත් අප්පිරියයිනෙ ගොන් බිජ්ජො - සොරි මෙහෙම කිව්වට බට් වට ඩිස්ගස්ටිං ඉඩිඅට් යූ ආර්?

      Delete
    6. රනිල්ගෙ චරිතාපදානය සඳහා යෝජිත නම - "පිංගුත්තරාභිධානය"
      සිරිසේනගේ චරිතාපදානය සඳහා යෝජිත නම - "මැස්සෙක් ගිය උඩ"

      Delete
    7. මචන්ලා "සිරි කාලකණ්ණි වත" වගේ නමක් හොඳ නැද්ද මෙත්පල් මැතිඳුට?
      රනිල් මැතිඳුන්ට "සදා හරිත කුජීත කළ සදා සොත්ථි හස්ති රාජ" වගේ එකක් ගැන මොකෝ හිතන්නෙ?

      Delete
    8. මෙන්න මගේ යෝජනා

      "සමරිසි ගජමිතුදම් සමග යාවජීව නායකත්වය"
      "ගොවිගෙයි සිට වී විකුණා ආප්පයෙන් රජමැදුරට"

      Delete
    9. සමරිසි UNP නායක
      ආප්ප විප්ලවය

      Delete
  11. අජිත් පැරකුම්,

    මෙන්න අලුත්ම හොට් ටොපික් එකක්;

    http://gossip.hirufm.lk/11255/2016/09/rolls-royce-car-in-habour.html

    මේකනම් ශුවර් එකටම රාජපක්ශ කල්ලියේ කළු සල්ලි වලින් ගෙනාපු එකක්, කෝටි 15.8ක් වටින සුපිරි රෝල්ස් රොය්ස් එකක්, ලැම්බොගිනියකටත් (කෝටි 13.5ක් විතරනේ) වඩා වටිනව. නාමල් යොසිත පල් හොරු මේක පස්සෙ ඇති, පැරා ඉකමනට හොයල පෝස්ට් එකක් දාන්න ප්ලීස්.

    ReplyDelete
    Replies
    1. යකෝ ඒකටත් රාජපක්ශලා???

      ඔය රාජපක්ශ මුවහමට තඩිබෑම ඉවර වෙන්නෙ කවද්ද බංස්?

      Delete
  12. සම්මානලාභී තනි රූල් පොත් ප්‍ර‍කාශකයෙක්September 26, 2016 at 1:51 PM

    අපි පොත්පත් ලියන්නේ ඇයි?
    අපි පොත්පත් කියවන්නේ ඇයි?
    අපි පොත්පත් විචාරන්නේ ඇයි?
    .
    .
    .
    .
    ඉහත අනන්‍යතා අර්බුද තුනම අපට ජයගත හැකිද?
    .
    .
    .
    අපිට අනන්‍යතා අර්බුද වටහා ගැනීම වැදගත්ද? නද්ද?
    “ලිවීම ලියන්නාගේ ජංගිය ගලවයි“ කියලා පොතක් පැඩ්ඩීමට තියෙනව,
    2017දී හොයාගෙන බලන්න.
    .
    .
    පොත් ප්‍ර‍දර්ශනවලට ගලන අතිවිශාල ජනගඟ නැවතිය නොහැක සුදෝ !!!

    ReplyDelete
  13. සහතිකවම !

    ReplyDelete
  14. // දිවීම නවත්වා නැවතී වටපිට බැලිය යුතුය //

    ලිබරල් ධනවාදී අර්බුධයේ Slogan එක.

    ReplyDelete
  15. පැරා ගූතලන් පොන්නයෙක් කියන්නේ අනුභූතික සාධක මත පදනම් වෙලාද?

    ReplyDelete
  16. //පොත් පොළට සෙනග එන තරමට පොත් නො විකිණෙන බව ද, පොත් විකිණෙන තරමට හොඳ පොත් නො විකිණෙන බව ද, මිළ දී ගන්නා තරමට මිනිසුන් පොත් නො කියවන බව ද, පොත් කියවන තරමට හොඳ පොත් නො කියවන බව ද, හොඳ පොත් කියවන තරමට මිනිසුන් හොඳ නො වන බව ද //

    අජිත් පැරකුම් ජයසිංහ මෙවැනි බරපතළ ප්‍රකාශ කරන්නේ අනුභූතික සාක්ෂි මත පදනම් ව ද?

    මීට,
    අක්‍ෂය පාඨකයෙක්

    ReplyDelete
    Replies
    1. උඹ ඔය උඹේ අක්‍ෂය වටේ කක්ෂ ගතවෙලා හිටපං නිකං බහුභූතික දේවල් දොඩවන්නැතුව.

      Delete
    2. අම්මප රොබට් පුතේ උඹත් දන්නා දේවල්? ඔහෙ පලයං බලනකොට මයෙ පුතා හොඳට අඳුරන උදවිය නොව පොනී,කමල්, සවීන්දර, කමල්. මයෙ අම්මප තන්තෝසෙට නේත්තරා තෙත් වෙනව මයෙ පුතේ. මේ වල පයයි ගොඩ පයයි තියං ඉන්න අපිට උඹ නැත්තං කවුද පුතේ මෙව්ව තේරුං බේරුං කොරල දෙන්නෙ?

      ඒ කාලේ උඹේ වේලාපත්කඩේ බලාපු නායක හාමුදුරුවො කිව්වනේ උඹ ඉහල තැනක රස්සාවක් කරනව කියල. උඹ රට ගිහින් කොරනව ඇත්තෙ මෙහෙ කොලා වගේම ඉහල තැනක රස්සාවක් නේද මයෙ පුතේ?

      මයෙ පුතේ ඔහාට වරුසාවද? මෙහාට නං තද පෑවිල්ලය. පොල්ගස්වල ඇට්ටි, කලටි විතරක් නමෙයි අකලට වෙලිච්ච් පොල්ද වැටෙනවාය. ඒවා දකිනකොට බඩ පපුව දනවාය.අනේ ඇත්තට පොල්ගස් පේනකොට උඹවත් හිටියානං කියා හිතෙනවාය.

      Delete
    3. Anonymous September 26, 2016 at 5:23 PM

      //උඹ ඔය උඹේ අක්‍ෂය වටේ කක්ෂ ගතවෙලා හිටපං නිකං බහුභූතික දේවල් දොඩවන්නැතුව.//


      ඔබ මෙවැනි (අමුම අමු ගොං) බරපතළ ප්‍රකාශ කරන්නේ අනුභූතික සාක්ෂි මත පදනම් ව ද?

      මීට,
      අක්‍ෂය පාඨකයෙක්

      Delete
  17. පැරකුම්, දැන් මේ දවස් වල හැමෝම මෙතන අනුභූතික සාක්‍ෂි කියලා දෙයක් ගැන කතා කරනවා. ඒකෙන් කියවෙන දේ මේකයි කියලා පොඩි අදහසක් තිබුණාට ඇත්තෙන්ම ම‍ට ඒකේ හරි තේරුමක් දන්නේ නැහැ. ඉතිං මං ඒක කොපි කරලා ගූගල් කරලා බැලුවා. මුලින් ම එන්නේ පැරකුම්ගේ සයිට් එකේ රිසල්ට් එක. ඒක කියෙව්වාම ඒකට දාලා තිබ්බ දිග කමෙන්ට් එකක් තිබ්බා. කියවලා යමක් ඉගෙන ගන්න තියෙන කැමැත්ත නිසා ඒක මං සම්පූර්ණයෙන්ම කියෙව්වා. ඉතාම පැහැදිලිව ගැඹුරු විස්තරයක් ඒකේ තිබ්බා. අපිට තනියම ඒ කරුණු ටික ඉගෙන ගන්න නම් මාස ගානක් පොත් බර ගානක් කියවන්න වෙනවා.

    මගේ හිතට එන ගැටළුව මේකයි පැරකුම්. පැරකුම් මෙතන වැටෙන පැරකුම්ට බැණලා තියෙන අන්තිම අශීලාචාර වචන වලින් ලිව්ව කමෙන්ට්ස් ඉස්මතු කරනවා. ඒත් වැදගත් දෙයක් ගැන ගැඹුරින් ලිව්ව කමෙන්ට්ස් යටපත් කරනවා. එතකොට කොහොමද අපි ඔය පැරකුම් කියන සංවාදයක් ගොඩනඟන්නේ? මං ආයේ සැරයක් බැලුවා ඒකේ පැරකුම් ගැන මඩ ගහලද කියලා එහෙමත් නැහැ. ඒක ලිව්ව කෙනා වාමාංශිකයෙක් බව හිතෙනවා ඒකේ තියෙන සමහර අදහස් වලින්. දැනුම කියන දෙයට වාමාංශික දක්ෂිණාංශික කියලා බේදයක් ඕනෙ නැහැ නේද? වාමාංශිකයන් හරි වැදගත් දෙයක් ලියලා නම් අපි ඒවා යටපත් කරන්න ඕන නැහැ නේද? ඒගොල්ලන්ගේ දේශපාලනය අපිට ඕනෙ නැති වුණත් දැනුම අපිට වැදගත් කියලයි මට හිතෙන්නේ.

    පැරකුම් මතක තියාගන්න ඕන අපි පැරකුම්ගේ බ්ලොග එක කියවන්නේ විනෝදයටම නෙමෙයි දැනුමක් ගන්නත් එක්ක කියලා. ඉස්සර මෙතන දැනුමක් ගන්න පුළුවන් සංවාද තිබ්බා. යමක් කියවලා ඉගෙන ගන්න කැමති අපි වගේ අය ගැනත් ටිකක් හිතන්න කියලා පැරකුම්ගෙන් ඉල්ලා සිටිනවා.

    ReplyDelete
    Replies
    1. සාක්‍ෂි පිළිබඳව දැනුවත් වීමට ඊ. ආර්. එස්. ආර්. කුමාරස්වාමිගේ "සාක්ෂි නීතිය" පොත කියවන්න.
      Law Of Evidence - Vol Ii Book I &ii
      by Coomaraswamy E R S R

      BOOK DETAILS

      ISBN 10 : 9555520984
      ISBN 13 : 9789555520980
      Author : Coomaraswamy E R S R
      Translator : -
      Publisher : Lake House Investments Lt
      Language : GENERAL

      Delete
    2. මෙහෙමත් මැට්ටො ඉන්නවනේ බං බ්ලොග්වල! අනූභූතික සාක්ෂි ගැන නො දන්න එකෙක් ඇහැව්වම මේ මැට්ටා කියනවා කූමාරස්වාමිගේ Law of Evidence කියවන්න ලු! මෙහෙම කියන එකා මේ පොත කියවා නැහැ අනිවාර්යයෙන් ම. ඒ වගේ ම නීතිය ගැනවත් තර්ක ශාස්ත්‍රය ගැනවත් විද්‍යාවෙ දර්ශනය ගැනවත් මෙලෝ හසරක් දන්නේ නැති එකෙක් වෙන්න ඕන මේ මැට්ටා. බ්ලොග්වල දැන් වැහි වැහලා ඉන්නේ මේ වගේ ගොබ්බයෝ තම යි. තුඃ විතරක් කාලකන්නි හැත්ත. අහිංසක මිනිස්සුන් ව නො මඟ යවනවා. හෙණ ගහපිය!

      Delete
    3. කමෙන්ට් යටපත් කරනවා කියන්නේ මොකක් ද? ඒ කමෙන්ට් වෙන ම ලිපි ලෙස පළ කළ අවස්ථාවල ඒවා කියවපු පිරිස ඉතා සීමිත බව පෙනුණු නිසා ඒවා නැවත වෙන ම ලිපි ලෙස පළ කිරීම නැවැත්වූවා. එහෙත් ඒවා යටපත් කිරීමක් කරලා නැහැ.

      Delete
    4. අනූභූතික කියන්නේ existential කියන තේරුම නේද?

      "If something is existential, it has to do with human existence. If you wrestle with big questions involving the meaning of life, you may be having an existential crisis.
      Existential can also relate to existence in a more concrete way. For instance, the objections of your mother-in-law may pose an existential threat to the continuation of your Friday night card game. Often the word carries at least a nodding reference to the philosophy of existentialism associated with Kierkegaard, Nietzsche, Sartre, and others, which emphasizes the individual as a free agent responsible for his actions."

      Delete
  18. කෙළියා තාප්පෙට! පොඩි අතුල පැරාට ගේම දීලා පුකෙන් යන්න.

    පැරා සිරිකොතින් දොට්ට

    ReplyDelete
    Replies
    1. මාත් ලින්කුවට ගිහින් ලිපිය කියෙව්වා. නමුත් වික්ටර් ඔය දේ කවදා කොතැන කීවාද කියල නෑ නේද? අනිත් එක පැරකුම් ගැන හෝ එයා දරණ මතය ඔය ලිපියෙන් නිශේධනය වන විදියක් ඔප්පු කරන්නේ නැතුව ඔහොම මතවාදයක් ඉදිරිපත් කරන එක අසාධාරණයි.

      Delete
    2. අනිත් එක ඔය ලිපිය අවසානයේ මෙහෙම සඳහනක් තියෙනවා "-he.lk". නමුත් එක click කලාම මොකුත් එන්නේ නෑ.

      Delete
    3. අජිත පැරකුමු ජයසිහයෝ ඉන් දිරිය නොහරති. ගහපතිතෙම වෙතින් කොතෙකුත් දඬු පහර ලදුවද උන් හැර නොයන සුනඛතෙම සේ ජයසිහයෝ ගජ පසම වසති. ඒ වනති. ඒ මෙසේය.

      "සලපය තරිඳු හිමරැස වෙයි හිම ගිරිඳු
      කරඹය මුහුදු දිළිඳුව ඇවිදියි කිවිඳු
      ලද මේ සියලුදේ උවදුරු දැරුය රුදූ
      සතවෙත පතල සිරිකොත මය සුපිරීසිදූ"

      - සුබැසි කුදලාගමයන් සන් මිතු මයුරවිල මි.


      Delete
    4. අප විමතිකයන වුව අජිත පැරකුමු ජයසිහයන්ගේ ජනිත දින වෙනුවෙන සුබපතුමට පසුබට නොවෙමු.

      සැරද ! අජිත පැරකුමු ජයසිහ.



      - සුබැසි කුදලාගමයන් සන් මිතු මයුරවිල මි.


      Delete
    5. අප විමතිකයන වුව අජිත පැරකුමු ජයසිහයන්ගේ ජනිත දින වෙනුවෙන සුබපතුමට පසුබට නොවෙමු.

      සැරද ! අජිත පැරකුමු ජයසිහ.



      - සුබැසි කුදලාගමයන් සන් මිතු මයුරවිල මි.


      Delete
  19. පැරා අලුත් මොනව හරි දාපංකෝ. මේක දැන් ඉවරයි

    ReplyDelete
  20. //කෙතරම් විශාල නවකතා ප්‍රමාණයක් බිහි වුවත්, 2015 වසරේ නවකතාව තිබෙන තැන එතරම් ඉහළ ස්ථානයකැයි කිව නො හැකි ය//

    කාලසර්ප කියලා 2013 අවුරුද්දේ ස්වර්ණ පුස්තක සම්මානේ හම්බුවෙච්චි පොත කියෙව්වා. අනේ අපොයි අපේ වර්තමාන සහිත්යේ කියල දුක හිතුණා.

    ReplyDelete
  21. හැමදේම මාර්කට් වෙන ලෝකයක, මිත්‍යාව වැපුරුණු සමාජයක ඔව්වා මොනාද පැරා.. කොහොම උනත් පැරාගෙන් බොහොම හොද පෝස්ට් එකක් කියෙව්වා කාලෙකට පස්සේ.. ඔව්

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා