වාමාංශිකයන් සමග සටන් විරාමයක්

මහපට ඇඟිල්ලයි මැදඟිල්ලයි ඉහළින් තියෙන්නෙ මේක කියවන ඇතැමෙක් වෙඩි තියන්නට කැමති තැනක්
අද සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වාමාංශිකයන් සමග ඒක පාක්ෂික සටන් විරාමයක් දියත් කර තිබේ.  දින නියමයක් නොමැත.

සියලු එදිරිවාදිකම් අත්හිටුවා ඇත. 

අපේ වැඩේ අපි ඉදිරියට ගෙන යන්නෙමු. ඔබේ වැඩේ ඔබ කර ගන්න. ඒ කියන්නේ අපේ පරිප්පු කන්නේ අපි ම ය. තමන්ගේ පරිප්පු තමන් ම කන වාමාංශිකයන් සමග අපේ කිසිම අමනාපයක් නැත. පිටරට උයන තමන් නො කන පිළුණු පරිප්පු මෙහේ දිළිඳු, නූගත් දරුවන්ට ගිල්ලා බඩේ අමාරු හදන්නට උත්සාහ කරන අය ගැන අනතුරු ඇඟවීම නම් දිගට ම කරගෙන යනු ලැබේ. 

වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ආදීන් වාමාංශිකයන් නො වන බව ඒ බව අමතක වී ඇති අයට මතක් කර දෙමි.

ඇනොනිමස් ත්‍ර‍ස්ත ප්‍ර‍හාරවලට පමණක් නිර්දය ලෙස ප්‍ර‍තිප්‍ර‍හාර එල්ල කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. 

- මෙයට පැරා නොහොත් පෝලෝ සීයා නොහොත් විප්ලවවාදීන්ගේ ආශාවේ වස්තුව වන W3Lanka සංස්කාරක

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ආදීන් වාමාංශිකයන් නො වන බව ඒ බව අමතක වී ඇති අයට මතක් කර දෙමි.
    100% agree

    ReplyDelete
  2. මාතලන් සහ රසික අතර සිදුවුනු පෙම් හසුන් හුවමාරුව ඒ දෙදෙනා කසාද බැඳීමෙන් පසු නතර වූ ඇති සෙයකි...

    ඒ අස්සේ පැරා ත් ඔහු ගේ පරන ඇරියස්කාර වාමාන්සිකයන් සමග සටන් විරාමයකට යෑම නිසා සින්හල බ්ලොග් ලොව ඉතාම සන්සුන් පතෝල වැනි සීතල ඉසතානයක් වනු ඇත.

    එම සන්හිඳියාවට ස ර ස තුම ගේ බලවත් විරෝදය!

    (මීට ස ර ස තුමා: ගරු සාමාජික, කැකුණ පික් පොකට් ගසනා හබන් කුකුලන් ගේ සන්ගමය )

    ReplyDelete
    Replies
    1. අලුත් අලුත් ආතල් නො තනනා වියුණුකරුවෝ ලොව නො නගී

      Delete
    2. අලුත් අලුත් ආතල් තනනා වියුණුකරුවන්ට නො නගී !

      Delete
    3. ඇත්තටම මේ විකාර හින්ද මාතලන් ගැන කතා කරන්න අමතක වෙනව.
      - මීට රජ මගුල් කන හබන් කුකුලන්ගේ සංගමයේ කාරක සභික

      Delete
    4. සාරසෝ ඔච්චර බය වෙන්න එපා. මූ සටන් විරාමේ කිව්වට ඊට පස්සේ දාල තියන ව්‍යතිරේක වලින් පේන්නේ බිස්නස් ඈස් යූශුවල් කියල!

      Delete
    5. ලූලන් තැ.ති වලේ පණ්ඩිත ටෝක් දිදී
      'වොරියර්' වෙමින් තනියම ගෙයි වළං බිඳී
      ලූලන් ඇවිත් දෙනකොට ගැලවෙන්න රෙදී
      'වලි බෑ මචං' කියමින් ඇඳ යටට වදී

      - පෙදෙන් නරි සිරිත

      Delete
    6. ලූලො කවද්ද බං ටොපි කෑවෙ?

      මේ ලූලො නෙමෙයි ඉස්සො.

      උන්ගෙ ඔලුවෙ ගූ

      Delete
    7. ඉස්සන්ගෙන් කාලා ඔබතුමා ඔහොම සරෙන්ඩර්නම් ලූලන්ගෙන් කෑවනම් කොහෙම තියෙයිද නේ?

      Delete
    8. මගෙ යාලුවෙකු වන මාක් ට්වේන් මට මෙන්න මේ උපදෙස දුන්නා.

      'Never argue with an idiot. They will only bring you down to their level and beat you with experience.'

      Delete
    9. So your leftist comrades don't seem to understand that, since they keep arguing with you...:D

      Delete
    10. Yes, they are such morons. I am far better than them. You got it.

      Delete
  3. මාසයක් විතර ඔය සටන් විරාමය ඇදගෙන පලයල්ලා.
    මට එග්සෑම් එකක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මටත් කතාවක් ලියන්න තියෙනවා හිටං ලබන අවුරුද්දෙ සුවර්ණ පුස්තකේට ෆයිට් කරන්න.

      Delete
    2. ඉතින් යකෝ සටන් විරාමෙ වාමාංශිකයොත් එක්ක විතරයි නේ. අනෙක සටන් විරාමෙයි කියල කෝචොක් නවත්තන්න ඕනැ නැහැ නේ.

      ඔය කොටි වුණත් සටන් විරාම කාලෙ හමුදා කඳවුරු කිට්ටුවට ඇවිත් ඔය වගේ ඒවා කළා නේ.

      Delete
  4. වාම ඇනෝ ල ගේ "ආලෝචන" වලින් positive contribution එකක් උනා කියන එක පරා උනත් නැහැ කියන එකක් නැහැ. ඒවත් නොතිබුනා නම් සාකච්චා කිව්වට මේකේ තියෙන්නේ හූමිටි කමෙන්ට්.

    කොහොම උනත් පැරා සහ වාම ඇනෝ සෙට් එක මෙච්චර කල් වැඩේ ගූ වෙන්නේ නැතුව ඇදන් ගියා, හැබැයි ලඟකදී ඉඳන් පොඩ්ඩක් පර්සනල් මඩ ලෙවල් එකට බහින්න එනවා වගේ. කුණු රෙදි එළියේ අපුල්ල ගන්නවට පෘතග්ජනයෙක් විදිහට අකමැති නැහැ අපි නම් මොකද ඕවයෙත් හදාරන්න දේවල් තියෙනවා. පැරා මට අනුව යූඇන්පී කරණය වූ හිටපු ස්ටොක් වමෙක්, ඒ ලෙඩේ රෝග ලක්ෂණ ඔක්කොමත් එක්ක. ලාංකීය වාම දේශපාලනයේ දීප්තිමත් තාරකාවද මොකක්ද කියන උන්නැහේ ගැන මට නම් එච්චර වත් රිගාර්ඩ් එකක් නැහැ. එහෙම උනත්, අඩු ගන්නේ වෙන්න යන්නේ මේකයි කියල තේරුම් ගන්න පැරාට සිහිය තියෙන බව පේනවා අනෙක් වැරදි මොනව උනත්. ආලෝචන අනෝ ද suit එක ෆලෝ කරනු ඇති සිතමි.

    ReplyDelete
    Replies
    1. මතවාද වලින් ඔබ්බට ගිහින්...'හැම තිස්සෙම' භාශන Vs පැරා පෞද්ගලික වලි මට්ටමට එනකොටත් ටිකක් අපහසු ගතියක් එනවා වගේ. එහෙම නැතුව වලියකට දෙකකට කවුද අකැමති :D

      අනිත් එක එකට හිටිය අයම, වලියට බහින්නේ මෙතන විතරක් නෙමේ. මහින්ද- මෛත්‍රී...විමල්- අනුර-කුමාර්...වරක් රනිල්- සජිත්...සම්බන්දන් -විග්නේශ්වරන්......වම ඇතුලෙනම් හැමදාම වෙන්වීම්නේ. සියලුම රසයන් පරදවා ..තර්ජනාංගුලි රසේ ආපුවහම තමයි ගමයි රටයි දෙකම බ්ලාස් වෙන්නේ.

      Delete
  5. අපේ ආතල් කඩන්න එපා පැරා.... ජාත්‍යන්තර වාමාංශික විප්ලවේ නව ප්‍රවණතායි, බන්ධුල කුදලාගම සිරිමතුන්ගේ ආලෝචනයි නැතුව මේකේ ඇති වැඩක් නෑ...

    ReplyDelete
  6. ඒ කියන්නේ මීට පස්සේ මෙතනට ඇවිත් කියවන්න වෙන්නේ පෝස්ට් එක විතරයි :P

    ReplyDelete
  7. Post-post posts කියලා ජාතියක් තියෙන්නෙ බ්ලොග්වල විතරයි. ඒකට සිංහලෙන් මෙහෙම කියන්න පුළුවන්. පශ්චාත් වියුණු පරිකතා.

    ReplyDelete
    Replies
    1. // පශ්චාත් වියුණු පරිකතා. //

      පශ්චාත් බාගේ නැකපුතා....

      Delete
  8. ෆොටෝ එකට අනුවනම් පැරා දාර්ශනික සිතුවිල්ලක වගේ. කන ගාව තියන ඇඟිලි දෙක අතරට දැල්වෙන "රන්පත් දුම්වැටියක්" ආවනම් අපූරුයි.

    ReplyDelete
  9. මොකෝ මේ පැරා? දහසක් මත => දහසක් මල් කතාව පිලිගන්නෙ නැද්ද එතකොට?

    ආසන්නම හේතුව රමිඳු පෙරේරාගේ ලියවිල්ල නම්, මට හිතෙන්නේ ඒක ඔච්චර සීරියස් ගන්න දෙයක් නෙමෙයි. ඔබට මෑතක සිට විවිධ විවේචන එල්ලවෙන බව රහසක් නොවෙයිනේ. විශේශයෙන් පෞ.වි.විද්යාල ප්‍රශ්නයේදී, රජයේ සේවය - සුබසාධනය ගැන ඔබ දරන අදහස් වලදී, යහපාලන රජය වෙනුවෙන් පෙනී සිටිනා විටදී. නමුත් ඒ විවේචන පෞද්ගලිකව ගත යුතු නැහැ. මගේ අදහස නම් ඔබ ඊට ප්‍රතිචාර දිය යුතුමයි කියලයි.

    (btw, ඔය 'සිතට නැගෙන සිතුවිලි' කියන එක 3මාන සුලබව භාවිතා කල වචනයක් මට මතක විදියට.)

    රමිදු, නිර්මාල්, පිලිප් ශාන්ත, පැරා (සහ තවත් අය ) වැන්නන් කරන සංවාද ඉතා වැදගත්. ඔවුන් මේ සංවාදයන් තුල සිටිය යුතුම අයයි.

    හොඳයි, මේක කරන්නම ඕනෙම නම්, ඔබේ පෞද්ගලික කාරනයක් නිසා නම්, කියන්නෙ නැතිව පෝස්ට් දාන්නේ නැතිවත් කරන්න තිබුනා :-).

    - Dimithri

    ReplyDelete
  10. // ඇනොනිමස් ත්‍ර‍ස්ත ප්‍ර‍හාරවලට පමණක් නිර්දය ලෙස ප්‍ර‍තිප්‍ර‍හාර එල්ල කිරීමට සිදු වන බව..//

    'පැරා'-මිලිටරි ප්‍රහාර!

    - Dimithri

    ReplyDelete
  11. අජිත්,

    පුස්සෑලැව බල ප‍්‍රදේශයේ සිරමැදිරියක් ඇතුලත දිවි නසා ගත් තරුණයෙක් වෙනුවෙන් පොලිසියට එරෙහි උද්ඝෝෂණයේදී දී ක්ෂනිකව මැදිහත් වූ යහපාලන රජයේ ප‍්‍රබල අමාත්‍යවරයෙකු වන පී. දිගම්බරන් එම උද්ඝෝෂකයන් ඉදිරියේ පොලිස්පති තුමාට දුරකථනයෙන් අමතා ස්ථානාධිපති තුමා වහාම මාරු කිරීමට ප්‍රසිද්ධියේ නියෝග කරන අයුරු දැකගත හැකි විය. එහි ප‍්‍රතිඵලය විශේෂ රාජකාරි ලෙස ඔහුව ගම්පොල පොලීසියට අනුයුක්ත කොට ඇත.

    තරුණයාගේ සිදුවීම ඉතා කණගාටුදායකය. මීට එරෙහිව සාධාරණ පරීක්ෂණයක් පවත්වා මිනීමැරුමක්දැයි සෙවිය යුතුය. කෙසේ නමුත් පසුගිය රජයට ඒකාධිපතිවාදීයැයි බැණ වැද මහ ඉහළින් ප්‍රජාතන්ත්‍රවාදය ඇතිවේ යැයි පාරම්බාමින් ගෙනා 19 වන සංශෝදනය සම්මත කොට ස්වාධීන කොමිෂන් සභා පිහිටවා ඇති මොහොතක ඇමති දිගම්බරන්ට මෙසේ නියෝග දිය හැක්කේ කෙසේද ?

    තවද පසුගිය අන්ත දූෂිත අශීලාචාර රාජපක්ෂ රෙජීමය පාලන සමයේ තොන්ඩමන් පොලිස් ස්ථානවල යකා නැටු අකාරය අප දන්නා අතර මොහුද (ධිගම්බරම්) ඊට නොදැනිව ආකාරයට ක‍්‍රියා කිරීම යහපාලන ආණ්ඩුවකින් අප කිසිසේත්ම බලාපොරොත්තු නොවන දෙයකි.

    වහාම මෙම ඇමතිවරයාගේ ක‍්‍රියාකාලාපය ගැන රජයේ ස්ථාවර වහා රටට හෙලි කරන ලෙස අප ඉල්ලා සිටිය යුතු අතර තවද පොලිස් කොමිසම මේ සම්බන්ධයන් වහාම පරීක්ෂණයක් සිදුකල යුතු බවද අප ඉල්ලා සිටිමු. මේ පිළිබඳ අජිත් පැරකුම් සහෝදරයාගේ මතය දැන ගැනීමට කැමතියි.

    ReplyDelete
    Replies
    1. නොදන්න නිසා අහන්නේ.....පොලිස් කොමිසමට හැර පොලිස්පතිට මාරුවීම් කිරීමේ බලයක් තියෙනවාද? ඔය කොමිසම් හැදුවෙත් ඕවා අරමුණු කරගෙනම නේද?

      දිගම්බරම් දැන් රනිල් එක්ක නිසා...තොන්ඩමන් මෛත්‍රී කරයිද දන්නේ නැහැ.

      Delete
    2. මමනම් මේ සිදුවීමේ දැකපු විශේෂිතම සිදුවීම ස්වාධීන පොලිස් කොමිෂමක් තියෙනවයි කියන යහපාලනේදී පොලිසියට දේශපාලන මැදිහත්වීම් නැහැ කියන යහපාලනේදී පොලිස්පතිතුමාට ගත්ත එක කෝල් එකෙන් පලනි දිගම්බරන් OIC ව මාරු කරපු හැටි...හික් හික්..

      ඒ දවස්වල මාත් හීන මැවුවේ තරු ගහපු පොලිස් කාරයෙක් වෙන්න..මුන් මේ පිචන් වෙන හැටි දැක්කම දෙයියෝ බේරුවා කියල හිතෙනවා..පොලිස්පතිගේ කියලවත් වෙනසක් නැහැ..නැමුනත් ඇරිය..නැමුණේ නැත්නම් හිටගෙනම ඇරිය...අද ඔය FCID ඉන්න යහපාලනයට විරුද්ධ අයට පමණක් යහපාලනය වෙනුවෙන් නිතිය නමන සියල්ල ගැන හෙට මේ ආණ්ඩුව ගෙදර ගියාම කවර කතාද?

      Delete
    3. හෙහ් හෙහ් දේශපාළුවන්ගෙයි, ජඩමාද්ධිය වේදීන්ගෙයි හපන්කම් තේරුම්ගන්න බැරි ඔහේලා තාම තොත්ත බබ්බු, ඔයි යක්කු තකහනියෙම වීඩියෝ කාරයොත් ඇඳන් ගිහින් අලි ටෝක් දෙන්නේ කොල් දෙක තුනත් දීලා වැඩේ ඉස්තීරෙටම සිද්ධවෙන බව දැනගත්තාමයි, පොලීසිය ඇතුලෙම තුප්පහියෙක් අප්ඩේට් එක දේශපාළුවාගේ කනේ තියනවා, වැඩේ අවුල් වගේනම් පැත්ත පලාතක පස් පාගන්නෑ. ජඩමාද්ධියකාරයොත් ‘පීස් එක‘ දේශපාවවාගේ ලේකම් ගෙන් අනුමත වුනොත් විතරයි චැනල් සේරටම තල්ලුකරන්නේ.

      Delete
    4. @ ඇණයා,

      තමුන් සිරිකොතේ අසූචි කන මීහරකෙක් උනාට කමක් නැහැ මොළේ තියෙන උන්ට බබ්බු කිය කිය තප්පු ලන්න එපා; උන් කියපු දේ ඇත්ත

      බලපන් මේ ලින්ක් එක;

      https://www.facebook.com/fprpsl/photos/a.108230122955833.1073741828.102022726909906/161861357592709/?type=3&theater

      //මේ පී. දිගම්බරන් උද්ඝෝෂකයන් ඉදිරියේ පොලිස්පතිට දුරකථනයෙන් අමතා පුස්සැල්ලාව පොලිස් ස්ථානාධිපති වහාම මාරු කිරීම නියෝග කල අයුරැත් ඒ අනුව එම නිලධාරියා ගම්පොල පොලීසියට අනුයුක්ත කොට තිබීම ගැනත් මහජන අයිතීන් සුරැකීමේ පදනම විරෝධය පල කර නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

      පොලිස් කොමිසමේ බලතල ඇමති දිගම්බරන්ට ලැබුනේ කවදාද ?//

      මේ මහජන අයිතීන් සුරැකීමේ පදනම (Foundation for People's' Rights Protection) කියන්නේ යහපාලනය ගෙන ඒමට සහය දුන් එමෙන්ම රාජපක්ෂ කල්ලිය පාද යාත්‍රාවේ කුඩා දරුවකු නොහොඹිනා ලෙස යොදාගැනෙමට එරෙහිව නීතිය ඉදිරියට ගිය සංවිධානයක්. ඒ විතරක් නෙවෙයි පොලිස්පති වග කිව යුත්තේ විධායකයේ විශයභාර ඇමති සහ ජනපති/ අගමැතිට පමණක් වන අතර ඔහුට කෙලින්ම මෙම නියෝගය ප්‍රතික්ෂේප කළ හැකියි. ඇමතිවරුන්ට නැමෙන්න උවමනා නැහැ. උඹල වගේ මොළේ කළඳක් නැති ගොන්නු ගොංජගේ ගොන් පාට් දැකල දැන් හැම එකටම මනස්ගාත කියවන පිස්සු අපතයෝ නෙව.

      මොළේ තියෙනවනම් මෙන්න මේකත් බලපන්;

      http://www.supremecourt.lk/images/stories/supreme_court/constitution19th.pdf

      Delete
    5. හෙහ් හෙහ් බොහොම කේන්ති ගිහිල්ලනේ, මම නම් මීහරකෙක් තමා, එත් මී හරක් අශුචි කන්නැති බව උගත් ඇනෝ නොදන්නව වගේ. පොලිස්පති ගේ වැඩත් දේශපාළුවෙක්ගේ වැඩ වලින් වෙන්ස් නම් නෑ තමයි. නමුත් ඔතනදී දිගම්බරන් කාරයා අලි පාට් නොදැම්මානම් පොලිස්පතිවරයකු ගත යුතුව තිබූ තීරණය මොකද්ද? විමර්ෂණය නිම වෙන තුරු අදාල පොලීස් ස්ථානයේ සිටි වගකිව යුතු ප්‍රධානියා සහ පිරිස එතැනින් ඉවත් කර තැබීම නොවෙයිද? මිනිස්සු උද්ගෝෂන කලා, දිගම්බරන් කාරයා පාට් දැම්ම කියල ඒ පිළිවෙත වෙනස් කරන්න ඕනෙද? පොලිස් කොමිසම රැස්වෙලා තීරණ ගන්න තුරු විමර්ෂන නොපැවැත්විය යුතුද? පිස්සු නේ.

      Delete
  12. පසුගිය සතියේ අපවත්වී වදාළ රාමඤ්ඤ මහ නිකායේ අනුනායක නාඋයනේ අරියධම්ම හිමියන්ගේ අවසන් කටයුතු පවත්වනු ලැබූ අවස්ථාවේ ජාතික රූපවාහිනියෙන් සජීවී විකාශයක් සිදු විය. එහිදී හිටපු ජනපතිවරයා අවමංගල සභාව අමතන දර්ශන අවස්ථාවත් සජීවීව ප‍්‍රචාරය විය. මේ ගැන දේශපාලන පුවත් වාර්තා මගින් උග්‍ර ලෙස විවේචනයක්ද සිදු කර තිබුණි.

    එම උත්සවයේ ජනපති අගමැති ආදීන් සහභාගී නොවී ඒ වෙනුවට ඔවුන්ගේ පණිවිඩ වෙනත් අය විසින් කියවනු ලැබූ අතර හිටපු ජනපතිවරයාට කතාවක් ලබාදීමට මුල්වී ඇත්තේ හිමි නමකි. ඒ සඳහා එහි සිටි ත්‍රෛනිකායික හිමිවරුන්ගේද විරෝධයක් පළවී නැත. කෙසේ වෙතත් උත්සවය මෙහෙයවූ ජාතික රූපවාහිනී නිවේදකයා උත්සවයේ කතා ලැයිස්තුවට හිටපු ජනපතිගේ කතාවක් එක්කරන්නට යයි කළ ඉල්ලීම ගැන තැතිගැන්මට ලක්ව ඇත.

    හිමි නම කතාව දාන්නැයි කී විට ඔහු ඒ සදහා අවසර නැති නිසා අදිමදි කර ඇත. පසුව උත්සව සංවිධායක වජිර අබේවර්ධන ඇමතිවරයා විමසීමේදී ඔහු තමාට කිසිවක් කිය නොහැකි බව කියා ඇත. ලයිව් ගලවන්නදැයිද නිවේදකයා පසුව විමසා ඇති අතර පසුව ජනමාධ්‍ය ඇමති(ගයන්ත කරුණාතිලක)වරයාවද විමසා වෙනසක් නොකරම අවස්ථාව ලබාදී ඇත.

    සාමාන්‍යයෙන් රජයට අයත් රූපවාහිනී අයිටීඑන් වැනි මාධ්‍ය රාජපක්ෂ කල්ලිය දැඩි ලෙස විවේචනය කරමින් ජනතාවාදී ස්ථාවරයක සිට මෙසේ අන්ත දූශිත අශීලාචාර හිටපු ජනපතිට අනවශ්‍ය ලෙස කතාවකට ඉඩ දීම අතිශය වැරදි සහගත බව විද්වත් මතයයි. මෙම රූපවාහිනී බලධාරීන් වහාම අතඩංගුවට ගෙන දැඩි ලෙස දඬුවම් කල යුතුය.

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ දැන් තියෙන්නේ තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදය උතුරන මාධ්‍ය සන්ස්කෘතියක් කියලනේ ! හුකැස් .... !

      බත් බැලකම් කරලා තනතුරු වලට පත් උනාම ඔහොම වෙනවා... පව් අසරණයා, ගෙදර ගියොත් අබු නසී , මග හිටියොත් තෝ නසී...!

      Delete
    2. ඔය හිටපු රජතුමාට කතාවක් පවත්තගන්න හම්බවෙන්නේ මල ගෙවල්වලයි, පන්සල්වලයි විතරමද මන්දා.....මදැයි කොරා...ඒකටත් බකට් දැන්. යකෝ මේ මිනිහා කුජීතවෙච්ච වෙලාවේ මැදමූලනට වෙලා නිදහසේ ඉන්නේ නැතුව...ජනෙල්වෙල එල්ලිලා ටාසන් වෙන්න ගිහින් කරගත්ත විනාසයක්. දුකත් හිතෙනවා මූණ දැක්කම.

      Delete
    3. ඇත්තනේ නිවේදකයා තමාගේ රස්සාව ගැන හිතන්න ඕනේ.. එක පැත්තකින් හාමුදුරුවන්ගේ ඉල්ලීම, අනිත් පැත්තෙන් ජනමාධ්‍ය ඇමති ප්‍රමුඛ පවතින රජය, අනිත් පැත්තෙන් මේක ලංකාවම සජීවීව බලනවා..

      "මරණ 3ක් ඇති මිනිහෙක්ගේ කථාවක් මේක"

      අනිත් අතට හිටපු ජානාධිපතිගේ කථාවක් රටට පෙන්නන්නත් දෙපාරක් හිතන්න වෙලානේ හාමුදුරුවනේ දැන්.. :D අනික හිටපු ජානාධිපතිගේ කථාවක් පෙන්නන්වත් බැරි තරම් අපරාධයක් හිටපු ජනාධිපති මේ රටට කරලනේ හැබෑටම..:D :D :D

      Delete
    4. මෙක දැන් නම් යමපාලනයම තමයි..ඉහලින් දඩුවම් විදින්න වෙන බව දන්නවා, ආන්ඩුවේ ප්‍රබල ඇමති කෙනෙක් වෙන වජිරටත් තීරනයක් ගන්න බැරි වෙලා..පේනවානේ වෙනස සැප බව !

      Delete
    5. මරාගෙ කාලෙත් මාධ්‍යට තර්ජන ගර්ජන තිබ්බ බව හැබෑව. හැබැයි ඒව උලුප්පල පෙන්න පෙන්න ආපු මුන් දැන් ඊට හපන් බව ඉතාම පැහැදිලියි මේ කෙටි කාලෙට. මුන්ගෙ නියම සෙල්ලම් බලන්න වෙන්නෙ ඡන්දයක් ළංවෙලා තව ටිකක් බය වුණාම තමයි ඉතින්. දෙයි මාධ්‍ය කාරයොන්ට දුකෙන් පුම් දාන්න.

      Delete
    6. ඈ අරුණ,
      එතකොට ඔය එංගලන්තෙ චර්චිල් එහෙම අන්තිමට අගමැතිකම දැරුවට පස්සෙ පාර්ලිමේන්තු ආවෙ නැද්ද? නොදන්න හින්දයි අහන්නෙ.

      Delete
    7. අරුණ මචෝ දැන් ඉන්න ජනපති බුවාට හම්බෙන ඉම්පෝටන්ට් චාන්සස් වලදිත් අම්බානක කිච වෙලා රටම හිනස්සන එකේ හිටපු එකා ඉතින් ඔහොම හරි චාන්ස් එකක් ගත්තම මොකෝ. වත්මන් ජනපති/ අගමැති ඩබල තරම් අමුම අමු ගොබ්බ විදිහට නම් කිච වෙන එකක් නැහැ පොර කොච්චර දූශිත අපත වැඩ එකසිය ගානට කරත් ඉස්සර අර මෝඩ පුත්තුයි ගොබ්බ රැලයි වටකරගෙන.

      Delete
    8. @ චර්චිල් ඇනෝ.......පොර අගමැතිකමෙන් අයින්වුනේ අසනීප නිසා නේද ? ඒත් ඒ අගමැතිකමෙන් අයින්වෙලා පාර්ලිමේන්තුවෙම ඉඳලා ඊට පස්සේ ඡන්දෙකට ආවේ නැහැ කියලයි මම හිතන් ඉන්නේ. ඒ ටෝරි පාලනයෙන් පස්සේ ලේබර් ආණ්ඩුවක් දිනුව බවයි දන්නේ. දන්න කෙනෙක් නිවැරදි කරන්න.

      අපේ රටේම ගත්තත් සිරිමාවෝත් අගමැතිවෙලා ඉඳලා රෝද පුටුවෙන් යනකම්ම පාර්ලිමේන්තු ආවේ. මට මහින්ද මහත්තයා ගැන තියෙන්නේ දුකක්....භේද කරගෙන, හිරගෙවල් ගානේ උදේ හවා විසිට්ස් දාගෙන, කිච කතා අහගෙන නටන නාඩගම ගැන අප්පිරියයි. ලණු කෑවනම් කඹ තමයි රෙන්න වෙන්නේ. පොඩි පුකට කඹ ලොකු වැඩිද මන්දා... එහෙම කියන්නේ ඇත්තටම දුක නිසා.

      @ 2.52 ඇනෝ........මම හිතන්නේ මරා මහත්තයට ඒ කතාව දීපු එකේ කිසි වැරද්දක් නැහැ. ලයිව් හෝ නොලයිව් ඔය චන්ද්‍රිකාගේ කතා යන්නේ ඇති පදම්. එහෙම නැතිව අර මහින්ද අබේසුන්දරලා කරපු තාලේ ගොන් පාට් නම් ඕනම නැහැ. සියලු දේ නිවැරදි කරගන්න බලය දුන්නා නම් මේ පොඩි පොඩි හඳගප්පි ඉශුස් වැඩකටම නැහැ. චන්ද්‍රිකා වගෙම මරාත් රටේ හිටපු නායකයොනේ. ශ්‍රීලංකා පාටි එකේ ප්‍රශ්න ජාතික ප්‍රශ්නේ වෙලා තියෙන එකයි ලෙඩේ.

      Delete
    9. චර්චිල් මිය යන්නෙ 1965 ජනවාරි 24. ඉපදුනේ 1874 නොවැම්බර් 30. 1964 ඔක්තෝබර් 15 දක්වා Woodford ආසනය නියෝජනය කළා. කවුරුත් කියනවද චර්චිල් බල ලෝභියෙක් කියල? අද බ්‍රිතාන්‍යය සලකන්නේ ඔහු තම ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතමයා විදියට.

      Delete
  13. මේ තීරණයට මගේ ප්‍රණාමය

    ReplyDelete
  14. අනන්‍යතා හෙළි කිරීමේ තර්ජනයෙන් පසු ඇරඹි මේ සටන් විරාමය පිළිබඳව මගේ සතුට.

    නමුත්, මායිම් ගම්මානවාසී අප වැනි කියවන්නන් ගේ රස වින්දනය පිණිස, පෙර සිට තිබු ආලෝචන, බන්ධුල කුදලාගම වැන්නන් ගේ සම්මාදම දිගටම කෙරේ යැයි අපේක්‍ෂා කරමි.

    ReplyDelete
  15. පැරා

    ටොපික් එකට අදාළ නැතත් වැදගත් වේ යැයි සිතන නිසා ලියන්නම්. ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධවී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් ශ්‍රිලනිපයේ මෛත්‍රී පිලටත් තවත් කොටසක් එජාපයටත් නැවත එක්කර ගැනීමේ ප්‍රබල මෙහෙයුම් කීපයක් දැන් ආරම්භවී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග හෙළි කරනවා. ඒ අනුව එම පිරිස් බිලී බා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දුරකථන මාර්ගයෙන් හා හමුවීමට දූතයින් යොදවා සාකච්ඡා අරඹා තිබෙන බව පෙනේ.

    එක්සත් ජාතික පක්ෂයේ සිට මහින්ද රාජපක්ෂ සමඟ එක්වූ පිරිස යළිත් එම පක්ෂයට යළි එක්වීමට සූදානමක් ඇතැයි ද ඉරිදා ජාතික පුවත්පත් මගින් හෙළිදරව් කර ඇත. එජාප නායක රනිල් වික්‍රමසිංහ පසුගිය කාලයේ ගන්නේම නැතැයි කියමින් දැඩි ප්‍රතිපත්තියක සිටි අය ගැනද යළි සලකා නම්‍යශීලී ප්‍රතිපත්තියකින් ඔවුන් දිනා ගැනීමට මේදිනවල කටයුතු යෙදී ඇති බවටද ආරංචි පළවේ. ඉදිරි අයවැය විවාද සමයේදී මෙම පක්ෂ මාරු පාර්ලිමේන්තුව තුළදී සිදු කරනු ඇතැයිද එම වාර්තා වල සඳහන්ය.

    ඉදිරියේදී මරා කල්ලියේ ප්‍රබලයන් රැසක් (කෙහෙලිය, ජොන්ස්ටන්, මහින්දානන්ද, බන්දුල, ගාමිණී ලොකුගේ, ගීතා කුමාරසිංහ, පවිත්‍රා වැනී) රජයට එක්වී ඒකාබද්ද කල්ලියට කෙලවනු පෙනේ. ප්‍රීතියි නේද? දැන්නම් රටට සුබ වන ලකුණු පෙනේ.

    ReplyDelete
    Replies
    1. දවල්ද ඇනෝ?

      Delete
    2. Anonymous September 20, 2016 at 2:31 PM

      //දවල්ද ඇනෝ?//

      ඉදිරි අයවැය විවාද සමයේදී මෙම පක්ෂ මාරු පාර්ලිමේන්තුව තුළදී සිදු කරනු ඇතැයිද එම වාර්තා වල සඳහන්ය.

      සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු විවාදය තියෙන්නෙ දවල් නිසා කට්ටිය දවල් තමයි මාරුවෙන්න ඉඩ තියෙන්නෙ. අනික විමල් වීරවංස සහ ගම්මන්පිල, වාසුදේව සමග දිනේශ් ගුණවර්ධන මෛත්‍රී සමග එක්වීමට සැලසුම්කර ඇති අතර ජොන්ස්ටන්, මහින්දානන්ද, කෙහෙළිය, ගීතා වැනි අය එජාපයට එක්වීමට නියමිත බවද දැනගන්නට ලැබේ ඇත. සතුටුයි නේද මචන්. රනිල් තාම වැඩ පෙන්නුවෙ නෑ ඒකයි ඔය ගොන් හැත්ත උඩ පනින්නෙ. අරුණ පෙරේර (Aruna Perera) මචෝ ඇවිත් මොනාහරි කියපන්කො බන්.

      Delete
    3. "රනිල් තාම වැඩ පෙන්නුවෙ නෑ".
      මතක තියාගනිල්ල,සිරිසේන තාම වැඩ පෙන්නුවෙ නෑ කියල. සිරිසේන කේන්තිගස්සන්න එපා. මිනිහ චන්ඩිය. උඹල තාම දන්නෑ "උෂ්ණ සිරා" ගෙ වැඩ.

      Delete
    4. @ 2.44 ඇනෝ..... මොනා කියන්නද බං...ඔය බාගෙට කළවං වෙලා ඉන්න හොර හැත්ත...සම්පූර්ණයෙන්ම කලවං වෙන එක තමයි වෙන්න ඉතුරුවෙලා තියෙන්නේ.


      @ 3.06ඇනෝ.......උශ්ණ සිරා......කවුද බං මේ නම දැම්මේ ...උඹද? චිකේ චිකේ වස කැතයි. එහෙම උරයිද බං,,,බොට පිස්සු.

      Delete
    5. මොනවද මේ උරණ කතා අරුණ? "උෂ්ණ" කියන්නෙ විශේෂණයක්. ඉස්සර ඉඳලම චණ්ඩින්ට නමට මුලින් විශේෂණ දීල තියනව. උදාහරණයක් විදියට "මරු සිරා" ගන්න.

      "උෂ්ණ" කියන්නෙ තේජස වෙනුවෙන් යොදන්න පුළුවන් පදයක්. "රාජ උෂ්ණය" කියන වචන බලන්න.

      "උෂ්ණ සිරා" කියන්නෙ ඒ අනුව තේජස් සහිත සිරිසේන කියල කියන්න පුළුවන්.

      මේ මේව නෙමෙයි අරුණ අර අවුල්වන්නට පෙර ලියන්න පටන්ගන්න.

      Delete
    6. හිතේ තියෙන කුපාඩිකමට හැමදෙයක්ම පේන්නේ අනිත් පැත්තට බං ;D

      ///ඇවුල් වන්නට පෙර////.......බ්ලොගට ගොඩවුනේ නැහැ අවුරුදු ගානකින්. ලියන්න කම්මැලියි මචෝ. කියවන එකනම් කරනවා. පොතුත් කියවනවා,,බීලත් කියවනවා :D

      Delete
    7. කම්මැලි වෙන්න එපා. දිගටම ලියන්න. මම හරිම ආසාවෙන් කියෙව්ව පොරෝලිස් මාම ගැන.

      Delete
  16. පැරා ඊයේ රෑ ITN එකේ බ්ලු බැලුවේ නැද්ද ?
    අසහන ඇනෝ

    ReplyDelete
    Replies
    1. අම්මට සිරිගජ ! ලංකා පෙරටුගාමී (ලෑටිගාමී) පස්සෙ නායක දී.කු. (දීල කුජීත) ගුණරත්නගෙ විචා(කා)රයක්නේ.

      Delete
    2. අසහනයට සහනය "සිරිසේනාලේප"!
      අත්දුටුවයි - ප්‍රත්‍යක්ෂයි

      පොළොන්නරු වාසීව සිටි පුරාණ ඍෂිවරයකු විසින් දෙනලද රහසිගත ඖෂධීය වට්ටෝරුවක් අනුව වෛද්‍යාචාර්ය සාරසතුමා විසින් නිෂ්පාදිතයි.

      ලබාගැනීම සඳහා ලඟම ඇති ග්‍රාමසේවක කාර්යාලය වෙතින් විමසන්න.

      Delete
    3. ඔය මොන ගොඩවෙදකන්ද? ඒ වගේද පැරකුම් හොයාගත්ත නව ලිබරල්වාදී බෙහෙත? ගාපු ගමන් වැඩ. ප්‍රතිපල වෙඩි වගේ.

      “රනිලාලේප” රටේ වෙදෙකි හැම ගෙදර
      රටෙ වේදනාවන් කැක්කුම් යයි පැහැර
      වැට් බදු වැඩිකරන් සැම වෙත දෙන මිහිර
      “රනිලාලේප” සනසයි පැරකුම් සිරුර

      Delete
  17. Me blog wala inna okkoma goo chandine! Goo chandi comment eka balanna!

    ReplyDelete
  18. සින්හල බ්ලොග් අවකාසේ අඳුරන බාප්පා වන රසික වගේ හාදයන් ගේ බොග් පෝස්ට් වලටත් කොමෙන්ට් වැටෙන්නේ 30 ට අඩුවෙන් කොට, පැරා තුමා මොන උප්පරවැට්ටියක් දමා හෝ කොමෙන්ට් 50 ක් වත් කපා ගැනීම ස ර ස තුමා ගේ සන්තෝසයට හේතුවකි!

    ReplyDelete
    Replies
    1. රසිකට කොමෙන්ට් අඩුවීමත් දත් දොස්තර තුමා ප්‍රීතියෙන් ඉපිලවීමට කාරණයකි!

      Delete
    2. නැචුව නැචුව?

      Delete
    3. සරසො, මෙන්න බලන්.

      http://www.w3lanka.com/2016/09/blog-post_16.html?showComment=1474146332716#c8148578825222086317

      Delete
    4. // සරසො, මෙන්න බලන්. //

      කලානිධි බන්දුල කුදලාගම වියැතුන් ගේ උච්චාලෝචනය දෙසට මග පෙන් වූ ඔබට ක්ශාන්තියක් ම වේවා!

      Delete
  19. සාරසතුමෝ,
    "සින්හල බ්ලොග් අවකාසේ අඳුරන බාප්පා" ට මොනව කිව්වුත් රටටම බාප්පා වුනු "උෂ්ණ සිරා"තුමා අමු ඉංගිරිසියෙන් කතාකොරන්න නිවියෝක් ගිය අල්ලපනල්ලේ උන්නහැට නං මුකුත් කියන්න එපාය.

    ReplyDelete
    Replies
    1. ඌස්න සිරා ගවුරවයෙන් පිලිගනිමු!

      Delete
    2. අසහනයට සහනය "සිරාලේප"!
      අත්දුටුවයි - ප්‍රත්‍යක්ෂයි

      පොළොන්නරු වාසීව සිටි පුරාණ ඍෂිවරයකු විසින් දෙනලද රහසිගත ඖෂධීය වට්ටෝරුවක් අනුව වෛද්‍යාචාර්ය සාරසතුමා විසින් නිෂ්පාදිතයි.

      ලබාගැනීම සඳහා ලඟම ඇති ග්‍රාමසේවක කාර්යාලය වෙතින් විමසන්න.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා