මා නො වන මම හෙවත් අජිත් පැරකුම්-2


කුලියාපිටියේ මගේ මිත්‍රයෙක් කතා කරලා අහපි “කෝ දැන් අර පත්තරේ නැවැත්තුව ද?" කියලා.

මං ඇහුව මොකක්ද කියලා.

“අර හෙටදින ද මොකක් ද කියලා අලුතෙන් ආවෙ බදාදට."

“ඒ මොන මගුලක් ද?"

“උඹේ නමත් තිබුණ හින්ද මාත් ගත්තා."

“ආ යූ ෂුවර්?" මං ප්‍රභාකරන් මරපු හමුදා නිලධාරියාගෙන් එයාගේ ලොක්ක ඇහුව වගේ ඇහුව. එයා එහෙම ඇහුවෙ ඊට කලින් දවසෙ මරපු මිනිහෙකුවත් ප්‍රභාකරන් ය කියල හිතපු නිසා ලු.

අන්තිමට තලගොයා මරාපු බ්‍රාහ්මණයා වගේ වුණ මගේ මිත්‍රයා පත්තරේ පිංතූර ගහලා මට එවලා තිබුණා.

“යුරේකා!" මං කිව්වා.

සිංහල බෞද්ධ රටේ මිනිහෙකුව මරපු දවස ලු නේ සතුටු ම දවස. මට මගේ මිනිය හම්බ වුණා වගේ සතුටක් දැනුණා.

එහෙම නො වෙන්නත් ඇති. අර නිකම් කියන්නෙ එක වගේ හත්දෙනෙක් ඉන්නවා ය කියලා. මේ මං වගේ තව එකෙක් වෙන්න ඇති.

ඌත් අජිත් පැරකුම්. මාත් අජිත් පැරකුම්. නයිස් ටු මීට් යූ මචං. 

ඔන්න බොලාට පබ්ලිසිටි පාරක්. කරගෙන පලයල්ලා. හැබැයි මට උසාවි ගානෙ රස්තියාදු වෙන්න බැහැ හරිද? බොලා ම ඒකත් කර ගනිල්ලා. 

මට රස්සාවල් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කවුරුහරි ඉන්නවා නම් මගෙන් අහලා ඉඳපල්ලා. 



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. සිරි පැරකුම් කියල මගේ යාලුවෙක් මළා.

    ReplyDelete
    Replies
    1. "සිරි පැරකුම්" බලල මගෙ යාලුවෙක් මලා. ඌ රාජකුමාරයෙක් නෙමේ ගමේ කොල්ලෙක්.

      Delete
  2. උඹටත් ඉක්මණින් ම නිවන් සැප ලැබේවා!

    ReplyDelete
  3. අජිත් පැරකුම් කීවාට අනිත් නම් දෙක නෑ නේ.

    ඊයේ බස්සී ගේ නවාතැන බ්ලොගයේ විස්තර තිබුණු මකර තොරණ කියන කෙටිකතා පොතේ රචකයාගේ විස්තර හොයන්න ෆේස්බුක් එකේ බැලුවාම ප්‍රභාත් ජයසිංහ ලා සීයක් විතර ඉන්නා බව පෙනුනා!

    ReplyDelete
  4. ඒක හොඳයි, එතකොට පැරාටත් පැරා2 නමින් ඇව්ත් කුනුහබ්බ දෙසාබාන්න පුලුවනි.

    ReplyDelete
  5. පැරා,

    පබ්ලිසිටි පාරට කීයක් දුන්නද මචං? අකමැතිනම් කියන්න එපා. මේකනෙ මචං උන් ඔය ඇඩ්වර්ටයිසින් ඒජන්සි වලට ගෙවනව නං උඹට ගෙව්වම මොකද? හැබැයි මේ වගේ පොස්ට් එකකට පනස්දාහක්වත් ගන්න ඕන. මචං අද පත්තරේක කොලම් සෙන්ටිමීටරයක් කීයද?

    දැන් බලහං ඔය රාජපක්ෂලා defend කරණ promote කරණ වැඩවලට අපිට හොඳට ගෙවනව.
    මොනව වුනත් මහින්ද හිත හොඳ මිනිහ. කුහකකම් නෑ.

    ඉන්න කාලේ මිනිහත් හැදිල අපිටත් හැදෙන්න දුන්න. මිනිහ ලොකු ගොඩ ගත්තට කමක්ඒ නෑ. මිනිහනෙ රජා. අපිටත් තනතුරට සාපේක්ෂව කන්න දුන්න.

    ඒකට දැන් ඉන්න හැත්ත. තමන් කනව විතරයි. අනුන් ගැන හිතන්නෑ.නිකන් උඹලට කටු වීසි කරනව. දැන් බලපන් ඊ ලඟට එන්නෙ ගෝඨ.නියම පොරක්. ඩඩ්ලි සිරිසේනගෙන් දයා ගමගෙගෙන් අහල බලපන් ඔතෙන්ට එන්න වැඩියෙන්ම අතදුන්නෙ කවුද කියල.

    රටකට ඕනැ ගෝඨ වගේ පොරවල්, ඉතින් බන් ඩඩ්ලිල දයාල උනත් ඒකට අකමැති නෑ. ඒක අහල උඹ ගෝඨව දැන්ම promote කරන්න යන්න එපා. දිගටම ගහපන්. එතකොටනෙ මචං උන්ටත් උඹ වගේ එකෙක් ඉන්නව කියල දැනෙන්නෙ. එතකොට උඹට තියන bargaining power එක වැඩියි. එතකොට යටින් deal එක දාපන්.

    මචං මේක deal ලෝකයක්.

    ReplyDelete
    Replies
    1. මගෙ යාලුවෙක් deal දාල මලා

      Delete
    2. මේකෙ ඩීල් එක මෙහෙමයි. උන් මට පබ්ලිසිටි දෙනවා. මං උන්ට පබ්ලිසිටි දෙනවා.

      අනෙක මෙතන මම දක්වන්නෙ corporate social responsibility.

      පත්තරයක් අැරෙන එක හිර ගෙයක් වහනවා වගේ ය කියල ඔය කට්ටිය කියන්නෙ. (හිරේ ඉන්න ඕනැ එවුන් ඒවායෙ රස්සාව කරන නිසා වෙන්නත් පුළුවන්)

      Delete
  6. https://www.facebook.com/profile.php?id=100009277106746

    ReplyDelete
  7. තවත් කාටහරි කඩේ යන පොරක් කියල හිතන් ඉන්න man කෙනෙක්. ඒ ජාතියේම නමක්නේ බෝල තියෙන්නේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා