වැට් බද්ද හා But Vadda

සීයට සීයක් ම පිරිසිදුව බිස්නස් කරන්නට පුළුවන්දැයි මම නො දනිමි. බොහෝ දෙනෙකු කියන්නේ දූෂිත දේශපාලකයන් ය කියා ය. එහෙත්, මා නම් සිතන පරිදි උන්ට වඩා රජයේ ඉහළ නිලධාරීහු දූෂිත ය. මන්ද, ඔවුහු වයස අවුරුදු 60 දක්වා ම අඛණ්ඩව දූෂිතබව නඩත්තු කරති. 

ලංකාවේ ජනතාව ද පට්ට දූෂිත ය. එහෙත්, හැසිරෙන්නේ මාර පිරිසිදු වගේ ය. 

බිස්නස්කාරයෝ සාමාන්‍යයෙන් හොරු ය. හේතුව, හරියට ම හරියට ආදායම් බදු ගෙවන බිස්නස්කාරයෝ නැත. එක අතකට ආදායම් බදු වංගු ගහන එක ගැන පුදුම විය යුතු නැත. හේතුව, ජනතාව බදු ගෙවන සල්ලිවලින් සිදු වන්නේ දේශපාලකයන් හා රජයේ සේවකයන් ආතල් ගන්නා එක ය. ඒ ගමන් ඔවුහු බදු ගෙවන මිනිසුන්ගේ ඔලුවට අත හෝදති. 

බිස්නස්කාරයන් ගහන වංගු ගැන තවත් බිස්නස්කාරයකු වන මුදල් ඇමති රවි කරුණානායක හොඳින් දනියි. වැට් බද්දට එරෙහිව විරෝධතාවලට නායකත්වය දුන් බිස්නස්කාරයන්ගේ කඩ සීල් වන්නේ ඒ නිසා ය. තමන්ගේ තොග ලබා ගත් විදිය පැහැදිලි කරන්නට බැරි වීම නිසා ඔවුන් ඒවා හොරෙන් ආනයනය කළ බවට රේගු පනත යටතේ චෝදනා නඟා තිබේ. එය බොරුවක් නො වේ. ඒ ගේම් ගැන දැන් මේ වැඩේට විරෝධය පළ කරන රේගු නිලධාරීන්ගේ සංගමය විස්තර ඇතුව දන්නවා ය. 

බිස්නස්කාරයන් ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණය කරන්නට යන එක බස්කාරයන් පොලිසියත් එක්ක ඇරගන්නවා වැනි ය. ලංකාවේ බස් කර්මාන්තය කියන්නේ ම නීති උල්ලංඝනය කිරීමට ය. පොලිසියට ඕනෑ නම් ඕනෑ ම බස් එකකට නඩු දුසිමක් විතර දමන එක සිම්පල් වැඩකි. 

වැට් බද්ද සම්බන්ධ බිස්නස්කාරයන්ගේ උද්ඝෝෂණ මර්දනය කරන්නට ආණ්ඩුව අරගෙන ඇත්තේ එහෙම කෙවිටකි. (අපට මොකද අපි දසසිල් උපාසක - ඉබ්බන්නේ පුච්චන්නේ අනෙක් පිට)

අප ද වැට් හා වෙනත් සියලු බදුවලට විරුද්ධ ය. එහෙත්, රාජ්‍යය බිඳ දමනවාටත් විරුද්ධ ය. 

බදු අඩු කරන්නට ඇත්තේ එක ම ක්‍රමයකි. ඒ දේශපාලකයන්, රජයේ නිලධාරීන්, රජයේ සේවකයන්, රජය සමග කොන්ත්‍රාත් කරන්නන් හා මහජනතාවගේ බදු මුදල් හා අනාගත පරම්පරා උගසට තබා ගන්නා ණය මත යැපෙන සෙසු මළ පෙරේතයන් හා හිඟන්නන් සංඛ්‍යාව අවම කිරීමයි. 

ඒක කරන ක්‍රම හරියට කියන ඕනෑ කෙනෙකු සමග වැට් බද්දට එරෙහිව පමණක් නොව මේ ආණ්ඩුව විතරක් නොව රාජ්‍යය ද පෙරළා දැමීමට අපිත් අත් දෙක ම උස්සන්නෙමු. 

හැබැයි ක්‍රමය පැහැදිලිව කිව යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. දැනට වෙනත් ක්‍රමයක් නැත.. විකල්පයක් කිසිවකු හෝ ළඟ නැත. කුණුහබ්බ කිය කියා හැම එකාම යන්නේ ජේ ආර් ගිය පාරේය.. ජෙප්පන් හා ගල් යුගයට යාමටද නොහැක.. ඇත්තේ උන් පමණි.. එහෙත් ගල් ලෙන බිඳ කුඩු කර වර්ථමානයට පැමිනිය යුතුව ඇත.. ඒ කියන්නේ උන් මොඩරේට් විඅය යුතුය.. ඩිජිටල් විය යුතුය.. ඊයේ උන්ගේ දොස්තර කෙනෙක් සංවාද වැඩ සටහනකදි අජ්ජාපනය පෞද්ගලීකරණය කෙරේ දක්වන ආකල්පය දකිනා විට බඩ දඟලා ඔක්කාරයට එනවාය.

    ReplyDelete
  2. Kohoma thibuna blogayakatada me kala giye.. Ane anichchan...dawasama wele

    ReplyDelete
  3. ලංකාවේ වෙළෙන්දෝ වනාහි අයුක්ති සහගත ලෙස මුදල් ගරන පිරිසක් බව අමුතුවෙන් කිව යුතුද?

    sudukukula.blogspot.com

    ReplyDelete
    Replies
    1. යුක්තිසහගත ලෙස හරිහම්බකරන වෘත්තිකයන්ගේ ලයිස්තුවක් හදමුද?

      Delete
  4. පැරාට බැරිද මේ වැඩේට උපදෙස් දෙන්න.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා