කෘෂිකර්ම අමාත්‍යාංශය අවුරුද්දක් වැහුවොත් ගොවීන්ට මොකක් වෙයි ද?

දුමින්ද කියන්නේ බෝ ගසයි. දුමින්ද දිසානායක කියන්නේ ද බෝ පැළයක් වැනි ළමයෙකි. හැබැයි එයාගේ තාත්තා නම් සුපිරි වැඩ්ඩෙකි. තාත්තා පරම්පරා ගණනාවකට ඇති වෙන්න හම්බ කළ නිසා දුමින්ද ළමයා ඒ වෙනුවෙන් එච්චර මහන්සි නො වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්කමත් ලැබුණ එකේ අනාගතයට වැඩක් කර ගත්තා නම් හොඳ ය. මොකද, ඔය වගේ ළාමක වයසකින් එවැනි අවස්ථාවක් ලබන අය අනාගතයේදී මේ රටේ නායකයා පවා වෙන්නට හැකි ය. නායකත්වය තේරුම් ගත් නායකයෙක් මෑත ඉතිහාසයේදී ලංකාවේ සිටියේ නැත. 

ඒ වුණාට ඉතින් ටෙම්ප්ටේෂන් ඇති නො වෙනවා නම් දේශපාලකයෙකු වන්නට බැරි ය.

කෘෂි කරුම අමාත්‍යාංශය වෙනුවෙන් මාසයකට මිලියන 21 බැගින් ගෙවා අප්‍රේල් මාසයේ සිට ගොඩනැගිල්ලක් කුලියට ගත් දුමින්ද දිසානායක දැන් මාස හතරක් තිස්සේ එම ගොඩනැගිල්ලට කුලිය ගෙවයි. ඒ කියන්නේ මිලියන 84කි. අට කෝටි හාරලක්ෂයකි. කජු ඇට කොස් ඇට ද කියා අසන්නට බැරි ය. මන්ද, දැන් ඒවාත් ගණන් ය. මේ මහජන මුදල් ය. මේ ගොඩනැගිල්ල අමාත්‍යාංශයේ කට්ටියට ගැලපෙන විදියට හදා ගන්නට තව අවුරුද්දක් විතර යන බව කියවේ.

ඇමති ලේකම් මෙම ගොඩනැගිල්ල කුලියට ගැනීමේ ගිවිසුම ඩී.පී. ජයසිංහ ටුවර්ස් ඇන්ඩ් ට්‍රාන්ස්පෝට් සමාගම සමග අත්සන් කර ඇත්තේ මාර තදියමකට ය. ඒ සඳහා රුපියල් බිලියන බාගෙක විතර අත්තිකාරමක් ද ලහි ලහියේ ගෙවන ලදී. ඒ කියන්නේ කෝටි පනහකට වැඩි මුදලකි. ඒත් මහජන මුදල් ය.

මෙම ගොඩනැගිල්ල කුලියට ගැනීමේ විචක්ෂණභාවය පිළිබඳ විගණකාධිවරයා විසින් කර තිබෙන ප්‍රශ්න කිරීමවත් සැලකිල්ලට ගෙන නැත. කුලියට ගත් ගොඩනැගිල්ලේ ඉන්වෙන්ට්‍රියේ සඳහන් බඩු තිබේ ද යන්න පරීක්ෂා කර තිබෙන්නේ කුලියට ගෙන මාස ගණනකට පසුව ය. එහි විදුලි සෝපාන දෙකෙන් එකක් කැඩිලා ය. අකුණු සන්නායකය ද කැඩී ඇති බවට සැකයක් ඇත. ඇමති දුමින්ද දිසානායකගේ කාර්යාල මෙහි උඩම තට්ටුවේ පිහිටුවිය යුතු ය. ගිනි නිවන පද්ධතියත් ක්‍රියාත්මක නො වන නිසා තව හොඳ ය.

මෙවැනි ගනුදෙනු යට කොමිස් ජාවාරම් තිබේ ද යන්න සැක සිතෙන එකෙහි වරදක් නැත. 

මේ ගොඩනැගිල්ල කුලියට ගන්නේ රජය විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා දී තිබෙන සෙත්සිරිපායේ ගොඩනැගිල්ල ඉඩ මදි ය කියා ය.

අන්න ඒ ඉඩ මදිකමෙන් වැදගත් ප්‍රශ්නයකට පිවිසිය හැකි ය. ඉඩ මදි වන්නට හේතුව කෘෂිකර්ම අමාත්‍යාංශයේ එතරම් නිලධාරීන් සිටින නිසා ය. මට ඇති ප්‍රශ්නය එම නිලධාරීන්ගෙන් කෘෂිකර්මාන්තයට ඇති ප්‍රයෝජනය කුමක් ද යන්නයි.

ගම්වල ඉන්නා කෘෂි නියාමකයන් යන එවුන් කරන්නේ මිනිසුන් කුඹුරුවල මුකුණුවැන්න පාත්තියක් දැම්මත් පොටෝ ගහගෙන ගොස් බිය කර අර පුරන් වන කුඹුරේ වෙන වැඩක් කරන එක වැළැක්වීමයි. එහෙත්, යාය පිටින් කුඹුරු පුරන් වෙද්දී ඔවුන්ට වගක්වත් නැත.

රට පුරා අතන මෙතන ගොවි ජන සේවා මධ්‍යස්ථාන තිබේ. තමන්ගේ වත්තේ ඇති බෝගයකට වැළඳී තිබෙන ලෙඩක් ගැන විමසා පිළියමක් දැන ගැනීමටවත් මේ තැන්වල කිසිවෙක් නැත. තමන්ට කිසියම් වැඩක් තිබෙන බවවත් ඒවායේ නිලධාරීන් දන්නේ නැත. 

දැන් පොහොර බෙදිල්ලත් නැති නිසා කෘෂිකර්ම අමාත්‍යාංශයට මෙතරම් නිලධාරීන් කුමට ද?

කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් සැබැවින් ම ගොවීන්ට තිබෙන ඵල ප්‍රයෝජන මොනවාදැයි දන්නා කෙනෙකුට කිව හැකි නම් ස්තුතිය පළ කරමි. මා අසන්නේ කෙළින් ම ගොවියකුට කෘෂිකර්ම අමාත්‍යාංශය අදාළ වන්නේ කෙසේ ද යන්න පැහැදිලි කර දෙන ලෙසයි. තව දුරටත් කියන්නේ නම්, කෘෂිකර්ම අමාත්‍යාංශය කෙළින් ම නිෂ්පාදන ගොවීන්ට සලසන සේවා මොනවාද යන්නයි.

මට තිබෙන ප්‍රශ්නය මේකයි. මහජන මුදලින් කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඒ හා අනුබද්ධ ආයතන පවත්වාගෙන යන්නේ කුමට ද?

මේ මූලස්ථාන හුටපටය නිසා ඔය අමාත්‍යාංශයේ ඇමතිගේ සිට සියලු නිලධාරීන්ට අවුරුද්දක් නිවාඩු දී බලන්න. ලංකාවේ කෘෂිකර්මාන්තයට හෝ ගොවීන්ට කිසිවක් සිදු වන්නේ නැත.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා. මගේ හොඳම මිත්‍රය ලක්ෂ 90ක් දීල පොල් ඉඩමක් ගත්ත හලාවත පැත්තෙන්. පොල් වගාවයි යටිතල විදිහට අන්නාසි එනම් මනම් ඔක්කොම පැල කරලා කෘෂි කර්මාන්ත අමන්ත්යන්ශයෙන් වැඩ ටිකක් කරගන්ට ගියහම අරක නෑ මේක නෑ ලිඳ කපල තියෙනව වැරදියි එනම් මනම් කියල අවුරුද්දකටත් වැඩිය ඌ චාටර් කලා. ඒ කාලෙ ඇතුලත බුවාට කිහිප සැරයක් ලංකාවටත් එන්න උනා. වැඩේ කොරල දෙන්නම් කියනවට අතයටින් සල්ලි ගත්තත් බුවා යුරෝප් ඉන්නවා කියල දැනගෙන ඌව මරන් කන තැනටම දැම්ම නිසා අන්තිමට යාළුවා ඔක්කොම දේවල් විකුණලා දාල ආයෙත් ස්විස් ගියා. ඔන්න ඔහොමයි ලංකාවට ආයෝජනය කරන්ට එන්න කියල උන්ගේ දත් ගලවල උන්ව නැතිබන්ගස්ථාන කරලා රටට ආයෝජන ගෙන්න ගන්නේ. ඌ කිව්වා ආයේ ජීවිතේට ලංකාවට යන්නේ නෑ කියල.

    ReplyDelete
    Replies
    1. ඕවිටක එළවළු කොරටුවක් වවන්න උත්සාහ කරන මිනිහටත් මේ රාජ්‍ය ආයතන සේවා සපයන්නේ ඔය විදියට ම තමයි. ඕවිට කිසියම් කාලෙක කුඹුරක් ලෙස තිබුණා නම් ගොවියා ඉවරයි.

      Delete
    2. රට පෙරටAugust 8, 2016 at 4:36 PM

      //ඔය අමාත්‍යාංශයේ ඇමතිගේ සිට සියලු නිලධාරීන්ට අවුරුද්දක් නිවාඩු දී බලන්න. ලංකාවේ කෘෂිකර්මාන්තයට හෝ ගොවීන්ට කිසිවක් සිදු වන්නේ නැත. //

      සම්පුර්න අැත්ත.

      ගොවි ජන සේවා මධ්‍යස්ථාන යනු කෘෂිනිලධාරීන්ගේ දිවාසුරැකුම් මධ්‍යස්ථානය වේ.
      ගොවි ජන සේවා මධ්‍යස්ථානද වසාදමා ඒ මුදල් පොහොර සහනාදාරයට ලබා ගෙන රට පුරාම රු.1250 කට පොහොර මිටියක් හා සහනමිලට යන්ත්‍රෝපකරන ගොවියන්ට ලබාගත හැකි වැඩ පිලිවෙලකින් රට අහරින් ස්වයංපෝෂණය කල හැක.

      ගම්වල ඉන්නා කෘෂි නියාමකයන්(කෘපනිස)යනු තනිකර නිදහස් පක්ෂ කාර්යාලයෙන් පඩිගතයුතු පාප්ප කම්රුවන් පිරිකි,(බොහෝ පිරිසකට අවම අධ්‍යාපන සුදුසුකමවත් නැත)
      මොවුන් තම ප්‍ර‍දේශවල නිදහස් පක්ෂයේ නොවන පිරිස් නිතරම පීඩනයට හා අපහසුතාවට පත්කරයි.මෙම ක්‍රියාවන්ට ප‍්‍රාදේශිය නිදහස් පක්ෂ දේශපලකයින්ගේ රැකවරනය හා අනුබලයද ලැබේ.
      රටේම UNP ,JVP ,TNA,පාක්ෂිකයන් තම බදු මුදලින් කෘපනිසලට පඩි ගෙවන්න දයකවී, UNP ,JVP ,TNA මිනිස්සුම ඔවුන්ට කියා කෙලවා ගන්නේ ඇයි?

      Delete
    3. ඔ් අවුරුද්දක් වැහුවත් සබීතට කෝටි _ _ හම්බ වෙන ඒක වෙනවා

      Delete
  2. හුහ් ! තොපි දුමින්ද උන්නැහැට තව මොකවත් කිව්වොත් තොපිට කලුකම්බිලි ගිගින් පලිගහනවා.
    - මං දිසානායක මුදියන්සේලාගේ දෙටඇක රයිපාල

    ReplyDelete
  3. රජරට රයිපාල කිව්වහම සිරිසේන උන්නැහැත් මාව දන්නව බොලව්.

    ReplyDelete
  4. මම විදේශ ගතවෙලා ඉදලා දැන් ලංකාවට පැමිණිලා ඉඩම් කඩම් කිහිපයක් මිලට ගෙන මහා පරිමාණයෙන් වගා කටයුතු ආරම්භ කරා. පැරාලගේ මතුගම පැත්තේත් වගා කටයුතු සදහා මිලියන 5 කට ආසන්න ඉඩම් ගත්තා.

    මං කෘෂිකර්ම නිලධාරීන්, ගන්නොරුව කෘෂිකර්ම ඒකකය වගේ තැන් වලටත් ගියා. මට නම් එම නිලධාරීන් ඉතාම හොදින් අවශ්‍ය කටයුතු සිදුකර දුන්නා. මා වගා කටයුතු සිදුකරන ඉඩම් වලටත් පැමිණ උපදෙස් ලබා දෙනවා. කිසිම අයෙක් මගෙන් මුදල් ඉල්ලා සිටියේත් නෑ. ගන්නොරුව ආයතනයේ මගේ වගාවන්ට අදාළ පුහුණුව පවා නොමිලේ ලබා දෙනවා. හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නේ මේ ආයතන වල සේවය ලබා ගන්න මිනිසුන් එන්නේ නෑ. මා එම ස්ථාන වලට ගිය ඇතැම් දිනවල මුළු දවසටම එහි පැමිණ තොරතුරු ලබා ගෙන තිබුනේ මා පමණයි.

    මට වගාවන්ට අවශ්‍ය පුහුණුව ලබා ගැනීමට නොහැකිව ඉන්නෙත් ඒ අදාළ පන්ති වලට සිටිය යුතු අවම සංඛ්‍යාව වන 12 දෙනෙක් සොයා ගැනීමට නොහැකි නිසා. මේ කාරණය ගැන පැරා දැනුවත් නැද්ද? මං හිතන්නේ ලංකාවේ ඕනි කෙනෙක් දන්නවා කෘෂි පර්යේෂණ ආයතන තියෙන්නේ වගාවන්ට අවශ්‍ය පුහුණුව, දැනුම, බිජ ආදිය ලබා දෙන්න කියලා. ගොවින් මේවාට යන්නේ නැත්තේ ඇයි?

    ReplyDelete
    Replies
    1. අන්න ඒ ප්‍ර‍ශ්නය වැදගත්. එතකොට මෙතැන තියෙන ප්‍ර‍ශ්නය ගොවීන් ඒවාට නො යෑම ද? අපි හිතමුකෝ එවරස්ට් බේස් කෑම්ප් එක හරියේ හොඳ එළවළු විකුණන කඩයක් තියෙනවා ය කියලා. ඒකට මිනිස්සු යන්නෙ නැහැ. එතකොට මොකද කරන්නේ? එක්කෝ මේ එළවළු කඩය වහනවා. නැතිනම් කල්පනා කරන්න ඕනැ මේ එළවළු කඩයට ඇයි මිනිසුන් නො එන්නේ කියන එක. එක විසඳුමක් තමයි එළවළු කඩය මිනිසුන්ට පිවිසෙන්නට පහසු තැනකට ගෙන යන එක.

      මේ ආයතන මහා පරිමාණ ගොවි ව්‍යාපාරිකයන්ට සලකන විදියෙයි, සාමාන්‍ය ගොවියෙකුට සලකන විදියෙයි පැහැදිලි වෙනසක් තියෙනවා. එන පුද්ගලයාගේ හැඩරුව, ඇඳන් ඉන්න විදිය බලලා තමයි මේවායේ නිලධාරීන් සේවා සපයන්නේ.

      ලංකාවේ ගොවීන් මෙවැනි සේවා ලබා නො ගැනීම ප්‍ර‍ශ්නයක් නම්, ඒකත් විසඳන්නට ඕනැ මේ අය ම තමයි.

      Delete
  5. මේ විදියට බැලුවොත් හුඟක් අමාත්‍යංශ අවුරුද්දක් නොවේ වහලම දැම්මත් කමක් නෑ. නමුත් මම හිතන්නෑ කෘෂිකර්ම අමාත්‍යංශයෙන් සේවයක් වෙන්නේ නෑ කියල.

    ReplyDelete
    Replies
    1. මගේ තර්කය නම්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැදගත් ම සේවය අමාත්‍යාංශය පවත්වාගෙන යාමයි. එහි සේවකයන්ට වැටුප් ගෙවීමයි. නිලධාරීන්ට හා දේශපාලකයන්ට වැටුප්වලට අමතරව තවත් වරප්‍ර‍සාද දීමයි.

      මේ අමාත්‍යාංශයෙන් සේවය සලසන්නේ වෙන කිසිවක් සඳහා නොවෙයි. අමාත්‍යාංශය පවත්වාගෙන යාම සාධාරණීකරණය කිරීම පිණිසයි.

      ඒ නිසා මේ සේවාවන්වල කිසිම වැදගත්කමක් නැහැ.

      උදාහරණයක් විදියට කෘෂිකර්ම අමාත්‍යංශය කරන එක සේවාවක් වන අර දේශීය ආහාර අලෙවිසල් අරගන්න. මේවායේ මැංගෝ ජූස් එකක් රු. 50යි. ඒවා හදන්නේ හැම විට ම ඔවුන්ගේ ගොවිපළවල පලතුරුවලින් නොවෙයි. ඔවුන්ගේ ගොවිපළවල පලතුරු ගත්තත්, සේවක පඩිනඩි, ස්ථාන කුලී ආදිය ගෙව්වා ම මේ අඹ ජූස් එකක් රු. 50 වගේ කීප ගුණයක් වටිනවා. ඒ විතරක් නෙමෙයි, මේ ව්‍යාපාර සෙසු ව්‍යාපාර වගේ ආදායම් බදු ගෙවන්නෙත් නැහැ. කොහොම හරි ඉතිරි ටික ගෙවන්නේ මහජන මුදලින්.

      මේ අය විකුණන පලතුරු පැළ, බීජ වගේ දේවල් ප්‍රයෝජනවත් නැහැ ය කියලා මම කියන්නේ නැහැ. ඒ වුණාට ඒ සියල්ල කරන්නේ අමාත්‍යාංශය පවත්වාගෙන යා යුතු නිසා මොනවා හරි කරන්නට විතරයි.

      Delete
  6. අමාත්‍යාංශය කෙසේ වුවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු වලින් නම් ගොවිජනතාවට සේවයක් නොවෙනවම නොවෙයි. අමාත්‍යාංශයෙන් හැන්දෑවට රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකකින් නාට්‍යානුසාරයෙන් සබ්ජෙක්ට් එක උගන්නනව අහළ නැද්ද?
    -ට්‍රැ

    ReplyDelete
  7. ඒක තමයි මං කියන්නේ ඒ රේඩියෝ වැඩසටහන වගේ සිල්ලර වැඩ ටිකක් වෙනුවෙන් තමයි මේ අමාත්‍යාංශය පවත්වාගෙන යන්නේ.

    ReplyDelete
  8. මම නම් හිතන්නේ යහපාලනය ලබා දෙන්න ජීවීත පරදුවට තබා ගත් ඒ අභීත පියවරට පෙති උපහාර පිදීමක්ය කියලා..

    අනික ඉතින් කලාකාරයොත් බෝඩ් උස්සගෙන පවා ඉල්ලන්නේ එයාලව රයෙන් බලා ගන්න ඕනා කියලා නේ.. ඉතින් මේ බෝ පැලේ... සබීතා වගේම ගයේසාත් බලා ගන්නවා.. ඒවට පෙතිඋපකාරත් ඇති නොවෑ.. ඉරිසියාවෙ බෑ පැරාට.. මට නම් එහෙම නෑ..

    ඒ ඉතරක්ය රවීන්ද්‍ර රන්දෙනියටත් ජොබ් එකක් දීලා රූපවාහිනියේ.. ගීතටත් අඬ ගහන්නේ රනිල් එක්ක දොයියන්න එන්න කියලා.. එයාට දෙන්න පුළුවන් ජනගහන හා සන්කා ලෙකොන අමාත්තන්සේ වගේ එකක්..

    ReplyDelete
  9. මැරෙනකම් මහා ඇමති තාත්තා වගේ පුතාත් මැරෙනකම් මහා ලේකම්කමේ ඉඳීවිද දන්නේ නැහැ.කිරිඇල්ලගේ උපදේශක පත්වීම් ගැන වගේම දුමින්දගේ මේ ගොඩනැගිලි ගනුදෙනුව ගැනත් හොඳ කතිකාවක් ගොඩ නැගෙන්න ඕන.දුමින්ද ගිය ඉරිදා පුවත්පතකට දීපු සම්මුඛ සාකච්චාවකදී නම් කියන්නේ මේ ගනුදෙනුව සිදුවුනේ මුදල් අමත්‍යංශ ලේකම්,කෘෂිකර්ම ලේකම්,අග්‍රාමාත්‍ය ලේකම් ඇතුළු පිරිසක් සාකච්චාකර ඒ එකඟතාවයෙන් කියලා.එහෙමනම් ඒ අයත් පැහදිලි කරන්න ඕන මේ ගනුදෙනුව ගැන.

    ReplyDelete
    Replies
    1. මේවා මෙහෙම වෙන්න ප්‍ර‍ධාන ම හේතුව මේ රජයේ නිලධාරීන්ගේ තියෙන කොන්ද පණ නැතිකම හා හොර හිත.

      අපි පුරුදු වෙලා තියෙන්නේ දේශපාලකයන්ට බනින්නනේ. ඒ වුණාට මේ රජයේ නිලධාරීන් දේශපාලකයන් තරමට ම හෝ ඊටත් වඩා නරකයි.

      Delete
  10. මේ කේස් එක පතරවල , පාර්ලිමෙන්ට් එකේ , කොප් එකේ ඈදුනා. එත් මේක නතර උනේ නෑ. කිසිම යහපාලනයක් නෑ. සබිතාගේ මිනිහගෙ බිල්ඩින් එක . අපරාදෙ මුන්ට චන්දේ ගෑහුවෙ.....

    ReplyDelete
  11. රෙන්ඩ බරක් ආවා උදේ පාන්දරම. ඒකයි පැරාගේ w3lanka පොදු කක්කුස්සියට ආවේ. ලංකාවේ පොදු කක්කුස්සිවල තියෙන හැම දෙයක්ම පැරාගේ මේ කක්කුස්සියෙත් තියෙනවනෙ. පැරා, රිව්වට පස්සේ පුක හෝද ගන්න වතුර ටිකක් තියපන් මෙතනම. නැත්තම් උඹ ලියපු දෙයකින් තමයි පුක පිහද ගන්න වෙන්නෙ. උඹ ලියන ඒවා ඒ වැඩේටවත් හරි යන්නෙ නෑ බං.

    ReplyDelete
    Replies
    1. රට වෙනුවෙන් ඇට්ටිම්බෙන් ම හිටපන්.

      Delete
  12. Para me wage dewal kathakaranawata mage hada piri pranamaya! Obata tawath shakthiya labewa!

    ReplyDelete
  13. දියුණු රටවල තියෙන්නේ දැන් තියෙන්නේ කෘෂි කර්මාන්තයක්,ලංකාවේ තියෙන්නේ කෘෂි කර්මයක්, ඒක බුදු බනේ කර්මය වගේ කරුමයක්. පන්සලේ හාමුදුරුවෝ වගේ එයාලත් තැනක් නොතැනක් නැතිව වසවසනැති බනක් දේසනා කරනවා, ගොවියොත් බුදුබන පිළිපදින ආකාරයටම කෘෂිකර්ම උපදෙසුත් පිළිපදිනවා.

    ව්‍යාප්තිසේවය ගෙඩිය පිටින් වහදාල රටවටේ තැනින් තැන තියන පර්යේෂණ ආයතන සහ ඇට / පැලෑටි /වස නියාමනයට පිහිටුවා ඇති ආයතන ටික ඔයි විද්‍යාතාක්ෂණ අමාත්‍යංසේ වගේ එකක එල්ලුවනං ඉවරයි, ඒවා විශ්ව විජ්ජාල වලට බාරදුන්නත් අවුලක් නෑ.

    ගොවිජනසේවා එකට නම් බෝම්බ ගැහුවත් වරදක් නෑ.

    ReplyDelete
  14. ඒජිට් පෙරකුම් ජෙයෙසින තම ජීවිතයේ වඩාත් ම පසුතැවෙන ලිපිය මෙය ය. අතීතයට ගොස් ජීවිතය යළි අරඹන්නට වරමක් ලදහොත් ජෙයෙසින එම ලිපිය නො ලියන්නට වග බලා ගනු නියත ය. W3Lanka කෝලම් මඩුවක් බවට පත් වූයේත් ජෙයෙසිනගේ පටි රෝල් වූයේත් එම ලිපිය නිසා ය.

    ඒජිට් පෙරකුම් ජෙයෙසිනට අප පවසන්නේ අතීතයට යෑමට වරම් ඉල්ලමින් නො සිට මාර්ක්ස්වාදී දේශපාලනයේ පිළිගත් සම්ප්‍රදායක් වන ස්වයං-විවේචනයක් කර එම ලිපිය ඉල්ලා අස්කර ගන්නා ලෙස ය. මක් නිසා ද යත්, ඒජිට් පැරකුම් ජෙයෙසිනගේ නුදුරු අනාගතය අසුබදායක නිසා ය. පසු ගිය දා ඒජිට් පෙරකුම් ජෙයෙසිනගේ වේලාපත්කඩ පරීක්ෂා කළ මතුගම කැලේ පන්සලේ යකා හාමුදුරුවන් ද මේ බව පවසා ඇත.. ජෙයෙසින දැනට රන් සුරයක දමා පැලඳ සිටින මහා රාජරංගනී තෛලයෙන් එතරම් ඵලයක් ලැබිය නො හැකි බව ද උන්වහන්සේ පවසා ඇත. එනිසා මහා හෙණ රාජ තෛලය ද පලඳින මෙන් ජෙයෙසිනට අවවාද ලැබි ඇත.

    මිථ්‍යාදෘෂ්ටික මඟ නො යා යළි සම්‍යග්දෘෂ්ටික මඟ වෙත එළඹෙන මෙන් ඒජිට් පෙරකුම් ජෙයෙසිනට අපි ඇරයුම් කරමු.

    ReplyDelete
    Replies
    1. ඒජිට්?

      කවුද ඒ?

      Delete
  15. මොනවද පැරා මේ ලියලා තියෙන්නේ?

    ඔය නිලධාරීන්ට නිවාඩු දුන්නොත්, කවුද බිල්ඩින් කුලියට ගන්න කොන්ත්‍රාත්තුවලට අත්සන් කරන්නේ, නිලධාරීන්ගේ පඩි, බටා යනාදිය හදන්නේ? පිරිස් පරිපාලන, බඳවා ගැනීම්, මිළට ගැනීම් යනාදිය කරන්නේ?

    ReplyDelete
  16. This like things very bad to president Mithris pesanalty. But any who do this like things we no go aganst president and garment. we stil want new garment develop cuntry.

    ReplyDelete
  17. කතන්දරේ නං ඇත්ත. ගොවිජන සේවකයින්ගෙන් නං මෙලෝ වැඩක් නෑ තමයි. හැබැයි ගිය සතියෙ සලකුණට ආව දුමින්ද. පොර හොඳට පැහැදිලි කරානෙ ඔය බිල්ඩින් කතන්දරේ. මාත් හිතුව ඇන ගනී කියල. හැබැයි එච්චරම අවුල් උනේ නෑ.

    ReplyDelete
  18. ඔය හත්ඉලවිව නැති වුනත් කාටවත් පාඩුවක් නෑ ජනතාවට ලාභයක් මිසක.ඹුං හිටියත් නැතත් ගොවියො වවනවා.මෙීගොල්ලකරන්නෙ ගොවියට ගොවිතැන එපාකරල කොමිපැනිකාරයො නලවන එක විතරයි.

    ReplyDelete
  19. පරා මචං, විජේ දිවි සැරිය නිම කරලා. මචං ආර්ටිකල් එකක් කළොත් හොඳ යි නේ ද? විජේ ගැන බොහෝ දේ කතා කරන්න තියෙනවා. පැරණි මතක බොහෝමයක් තියෙනවා. උඹ ආරම්භයක් ගනිං. මේ වගේ වෙලාවක අප අතර දේශපාලන භේද අවශ්‍ය නැහැ.

    ReplyDelete
  20. .
    මෙතන කොටන සමහරු කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජනසේවා දෙපාර්තමේන්තුව ,ගොවිජනසේවා මධ්‍යස්ථාන,ව්‍යාප්ති සේවය, සහ කෘෂි කර්මාන්තය, යන කරුණු ගැන කෙටුවට ඒ ඒ ආයතනවල වෙනසවත් දන්නෙ නැති වගේ.
    ඉගෙන නොගත් අය පාසලක වටිනකම නොදන්නවා වගේම කෑම අපේ ගෙදරට එන්නෙ කොහොමද කියල නොදත් අය මෙතන බොරුවට කොටනවා.
    වසවිස වලින් තොර ආහාර ගැන කථා කරන මහ උගත්තු පිටරටින් එන පරිප්පු වලට ගහන වස ගැන දන්නේ නෑ. ලංකාවේ දුප්පත් ගොවියෝ වවන එවා ගැන තමයි අපේ ඇත්තන්ට අමාරුව. පිටරටින් එන කැමවල වස ගැන ඔය උගත්තු කථා කරනවද? එන්නෙ පිටරටින් නිසා......

    ReplyDelete
    Replies
    1. කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජනසේවා දෙපාර්තමේන්තුව,ගොවිජනසේවා මධ්‍යස්ථාන,ව්‍යාප්ති සේවය යන ඒවායේ වෙනස්කම් කෙසේ වෙතත් පොදු සමානකමක් නම් තිබෙනවා. ඒක තමයි මේවායේ ඉන්නේ අයිස් කප්පිත්තෝ ය කියන එක.

      Delete
  21. කියන්නා කෙසේ කීවත්.....
    ගනු දෙනු ගැන කෙසේ වෙතත්...

    ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා එයට අනුයුක්ත සේවකයෝ විවිධ විය හැක. .. එනමුත්
    * රටේ බත හැදෙන කුඹුරු ඉඩම් යම් පමණකින් හෝ ගොඩ නොකර පවතින්නේ එම නිලධාරීන් නිසා ය. එය වළක්වන විට ජාවාරම්කරුවන් හා පරිසර දූෂකයන් පරල වෙති

    * පොහොර සහනාධාරය වසර ගණනාවක් දීමේදී මුට්ටු කර ගැසීම දක්වා ඔවුන් දායක වූ බව ඔබ නොදන්නවා වුව ගොවීහු දනිති
    * අඳ ගොවීන් ගේ ගැටලු සඳහා නෛතික විසඳුම් ලබාදෙන්නට ඔවුන් මැදිහත් වන්නේ බෙර ගසමින් නොවේ

    * ගොවි ආරවුල් විසඳීමේ සරලම යාන්ත්‍රණය සිදුකරන්නේ ඔවුන්ය

    * සුලු වාරිමාර්ග අධීක්ෂණය නඩත්තුවට ඔවුන් කරන මැදිහත් වීම අද්විතීය යයි.

    * ගොවීන් ගේ සංවිධාන පද්ධතිය යම් තරමකට හෝ පවත්වාගන්නට කටයුතු කරන්නේ මෙම නිලධාරීන්ය
    *
    * මේ නිලධාරීන් රාජකාරි කටයුතු කරන්නේ ගොවිජන සංවර්ධන පනතට අනුව ය
    * රටේ වගා කළ හැකි කුඹුරු ඉඩම් ගොඩ කිරීම වලකා තාක්ෂණය හා පරිපාලනය මගින් කෘෂිකර්මය නගා සිටුවීමට කර ඇති සේවාවන් ඈත සිට නොබලා ඇතුලට ගොස් බලන්න...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා