අජිත් පොන්න ජයසිංහ වෙත ලිපියක්

පහත පළ වන්නේ අපගේ පාඨකයකු විසින් මෙම බ්ලොගයේ ම පළ කරන ලද නිර්නාමික අදහසකි. එහි වගකීම භාර ගැනීමට කිසිවෙකුට එඩිතරකමක් තිබේ යයි මම නො සිතමි. 

මෙවැනි වීරයන් අපට ජීවිතයේදී බොහෝ වර හමු වී තිබෙන බව පමණක් කියමි. ඔබට කළ හැකි ලොකුම දෙය අප මරා දැමීම පමණ ය. ඔබගේ ඉවසීමට හේතුව අප මරා දැමීම සඳහා අවශ්‍ය ශක්තිය ඔබට නැති වීම බව මෙවැනි ප්‍රතිචාරවලින් පැහැදිලිව පෙනේ. 

ඔබ වෛර කරන්නේ කුමකට ද? ඒ අපගේ අදහස්වලට ය. තොරතුරු දැන ගැනීමේ පනත සම්මත වන තරම් අදහස් ප්‍රකාශනයේ නිදහස පිළිබඳ සංවාදය දුර දිග ගිය යුගයක මෙවැනි ප්‍රාථමික, බියසුළු මිනිසුන් සිටින බවත් සමාජය දැන ගත යුතු ය.

කෙසේ වෙතත්, මේ භාෂාවෙන් ලියූ ලේඛන ඉතා අඩු බැවින් හුදී ජන පහන් සංවේගය පිණිස එය මෙහි පළ කරමි. දෙවන කොටස මෙම සටහනට පසුව යොදන ලද තවත් මෙවැනි අදහස් පළ කිරීමකි. 

අජිත්  පොන්න ජයසිංහ වෙතයි,

විවේනයක් දරා ගන්න තරම්වත් ආත්ම ශක්තියක් තියෙනවා නම් මේ කමෙන්ට් එක මකන්නේ නැතුව දාපන්.


තෝ හිතුවද පොන්නයො පෙරටුගාමින් කියන්නේ තොපි වගේ නූගත් මොඩයො කියල? ලංකාවේ ඉන්න උගත් බුද්ධිමත් කොල්ලො කෙල්ලො ටික ඉන්නේ පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ. තොට කතාවක් කරන්න අවස්ථාවක් ලැබූනා කියලා තෝ තොගෙ පුක මූනට ගන්න එපා පර බල්ලා. තෝ මෙතන බුදු වෙන්න හැදුවට තොගේ අත්වල තියෙන ලේ පැල්ලම් තවම මැකිල නෑ.


ඈ බොල නාකි හමෝ, තෝ හිතන් ඉන්නේ තෝ මහ දාර්ශනිකයා කියලද? තෝ මෙතන තොගේ බූරු ගෝලයො ටික චූන් කර කර උන්ගේ ගොන් කමෙන්ට්වලින් තෝත් චූන් වෙවී හිටපන්. එත් තෝ නොදන්න අපි ගැන නොදන්න මගුලි කතාකරන්න එන්න එපා. තොගේ අවලම් වැඩ අපි ලවා ප්‍රසිද්ධ කර ගන්න එපා.


ඈ බොල ගස් බල්ලො, තෝ විශ්වවිද්‍යාලයකට වැස්සකටවත් ගිය එකෙක් ද? තොට ඉගෙන ගන්න බැරි අපතයෙක් වුණ එකේ කරුමෙට තෝ ඉගෙන ගත්ත එවුන්ට වෛර කරනවා. තෝ හිඟන්නෙක් වුණ එකේ කරුමෙට තෝ සල්ලි තියෙන එවුන්ට වෛර කරනවා. තොට තවම ඉහළ මධ්‍යම පන්තියට එන්න බැරි වුණ නිසා තෝ ඉහළ මධ්‍යම පන්තියට වෛර කරනවා. තොට හරියට සිංහලවත් ඉංග්‍රිසිවත් බැරි නිසා තෝ සිංහල ඉංග්‍රිසි හොඳින් දන්න එවුන්ට වෛර කරනවා. තොට ඉංග්‍රිසි වචනයක් හරි හැටි කතා කර ගන්න බැරි නිසා තෝ ලස්සනට ඉංග්‍රිසි කතා කරන එවුන්ට වෛර කරනවා. තොට හරියට ආණ්ඩුවේ රස්සාව කර ගන්න බැරි වුණ නිසා තෝ ආණ්ඩුවේ රස්සාව කරන එවුන්ට වෛර කරනවා. ඈ පර බල්ලො, තොගෙ රෙද්දෙ දේශපාලනය ඕකද? ඕකට කියන්නේ දේශපාලනය කියල නෙවෙයි හරකො. ඕකට කියන්නේ හීනමානය කියලා. තොපි වගේ හීනමානකාරයන්ට ලියන්න දුන්නා කියන්නෙ වඳුරන්ට දැළිපිහි දුන්නා වගේ වැඩක්.


තෝ තොගේ බ්ලොග් පඩංඟුවේ ආණ්ඩුවට කඩේ යන ඕන රෙද්දක් ලියා ගනින් පරයා. මොකද තෝ තොගෙ සිටු කුමාරිවයි අර අහිංසක දරුවො දෙන්නවයි ජීවත් කරවන්න ඕනැනෙ. හැබැයි තෝ අපේ පුකේ ඇඟිලි ගහන්න එන්න එපා. ඒවට ආවොත් තොගේ ෆයිල් එක එළියට අදින්න වෙනවා අපිටත්. මොකද තෝ හිටපු තැනිවලින් අපිට තොගේ පර්සනල් ෆයිල්ස් එකතු කර ගන්න එක සිම්පල් වැඩක්. මොකද තෝ හිටපු හැම තැනකම ගූ කරන්නෙ එළියට බැහැල තියෙන්නේ.


මේක අපි තොට දෙන පළවෙනි වගේම අන්තිම අවවාදය. තොගේ මේ කුණු බ්ලොග් එක කියවනවට වඩා අපිට වැඩ තියෙනවා. ඇඟිල්ලෙ තරමට ඉදිමියන් කාලකන්නියා.


දෙවෙනි කොටස:

තෝ හදන්නේ තොට විරුද්ධව කෙරෙන විවේචනවලිනුත් පබ්ලිසිටි ගන්නද? තෝ වගේ එවුන්ට පබ්ලිසිටි දෙන්න අපිට පුකේ අමාරුවක් නැහැ.

අන්න තෝ එක්ක ගුද රමණයේ යෙදෙන එවුන් කුලප්පු වෙලා තොගෙ ඇත්ත එළි වෙනකොට.

මිනිහෙක් වෙන්න බලපන්. කුහකකම අතහැරපන්. අනුන්ගේ ඇසේ තියෙන රොඩ්ඩ ගැන වද වෙන්න කලින් තොගේ ඇසේ තියෙන පොල් පරාලේ ඉවත් කර ගනින්. අපි කරපු විවේචනය ගැන හිතපන්. තෝ වගේ වල පයයි ගොඩ පයයි ඉන්න නාකි හමාලා එක්ක අපිට ගේමක් නැහැ.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මුලු ඉතිහාසයේම වම්මු හා අන්ත දක්ශිනාංශික ජාති/ආගම් වාදියො (මුන් දෙගොල්ලොම එකම කාසියෙ දෙපැත්ත ) ලෝකයෙ කල මේ දේ... විරුද්ධ මතවාද බලය යොදා මර්ධනය කිරීම... ඒකට යොදාගන්න ක්‍රම කුනුහරප ලියුම් වල ඉදන් ගුලෑග් / වදකදවුරු/ ඝාතන කන්ඩායම් / ගෑස්කාමර දක්වාම වමාට හෝ ජාති/ආගම් වාදියාට ඒ මොහොතේ ඇති බලයට සාපේක්ශව වෙනස් විය හැකියි..

    ReplyDelete
  2. විරුද්ද මත දරාගත නොහැකි කෙනෙකු වැඩිහිටියෙක් ලෙස සැලකිය නොහැකිය.

    විස්වවිද්යාල අද්යාපනය ලැබීමෙන් පසු එසේ නොලැබූ අනෙක් මිනිසුන් ගේ අදහස් වල වලන්ගු බාවයක් නැතැයි සිතන්නා විස්වවිද්යාලයට ගියාට එහි අද්යාපනය ලබා නැත!

    විසේසයෙන් ම වැස්සකට වත් විස්වවිද්යාලයට නොගිය කෙනෙකු ලෙස තවෙකෙකුට අපහාස කොරන්න උත්සාහ ගන්නා උදවිය බාලාන්ස පන්තිය වත් සමත් වූවන් නොවේ!

    ReplyDelete
  3. පෙරෙට්ටෙක් වෙන්ටත් පුලුවන් නොවෙන්ටත් පුලුවන්... මොකා හරි මෙලෝ රහක් නැති හිපාටුවෙක්...

    ReplyDelete
  4. මට නම් ඔය වගේ කාලකන්නින්ට දෙන්න තියෙන්නේ එක අවවාදයයි - "තොගේ ***ට ***ගන්නේ නැතුව යන දිහාක පල කාලන්නියා"!

    ReplyDelete
  5. ලිපියේ භාෂා ශෛලයේ උත්කෘෂ්ට භාවය තුලින් බේරෙන්නේ ඉතා ඉහල මට්ටමේ උගත්, බුද්ධිමත්, වැස්සට පමණක් නොව අව්වටත් කම්පස්‍යට ගොඩ වන ප්‍රබුද්ද චින්තකයෙක්.

    ReplyDelete
  6. peratugamin yanu kawurunda?

    Me prashnayata pilithuru soyana oba itha salakiilen kiyawiya yuthu saha surakshithawa thabagena an ayatath penwiya yuthu itha agana liyawillak ihatha dakweyi.
    Meya kiyaweemen mema wyaparaya itha ashilachara wooth, thamanta ekanga nowannawu anekage leyata leya illana manasikathwayak aththawooth prathamika hangim walin yuktha wuwange wyaparayak lesa peni yayi. Mema hasirima sadharanikaranaya karaganeemata mowun thaman buddhimathun wemuyi yana athmabhimanayak pawichchi karana bawa mema liyawillen peni yayi.
    Thaman buddhimathun yayi aththukkansanaya karana mowun ge niyama swabhawaya penweemata haki wenath kisima nidasunak mema liyawilla ta wada awasi natha. Itha pahadiliwa mema buddhi heenawoo, hangim saha mithayawen rawatee aththawoo pudgala gonnage chinthanaya ihatha liyawillen penwa atha.

    Mema liyawillen apata daka gatha haki thawath moola swabhawayak wanne mowunge kadakappalkaree chinthanayayi. Kisidu shashthriya hikmeemak nopenwana winashakaree hangeem walin uluppanu laboo mema kulakaye ashaya wanne dweshaya paliganeema menma awasi wita uparima bheeshanayak muda hareema bawa mema liyawillen monawata pahadili we.

    Mowun buddhimathun less samajayata pamineema Saha thamanwama penwa ganeema samajayata karana nindawaki. Heta mowun wada shilachara lesa oba hamuwe peni sitiya haka. Namuth mowunge athulanthaya monawata mema liyawillen pahadili wena athara eya esema pawathinu atha. Ema nisa ihatha sandahan peratugami liyawilla surakshithawa thaba gatha yuthu mahangu liyawillaki.
    Mema mahangu liyawilla pala kala parakum mahathata mage acharaya.

    Emenma mema liyawilla mema pakshaye podi sokkekuge boru ka gasimak lesa nosalakanna. Meya mema pakshaye nayaka karakadeenge Sita pakshaye hadawathama nirupanaya karana kadima liyawillaki.

    ReplyDelete
  7. සමාජවාදය සහෝදරත්වය මානව ප්‍රේමය උතුරන ප්‍රබුද්ධ ලියවිල්ලක්.සමාජ සමානාත්මතාවය ගැන බණ කියන සහෝදරයො විතරක් නෙමෙයි දයාලෙක්තිය හෙජමනිය අනං මනං අපබ්‍රංශ බහුශ්‍රැත කියෝන අයියලා ගොඩ දෙනෙක්ගෙත් හෙළුව ඔතන තමයි.

    ReplyDelete
  8. ayiyo, i know lot of people from FLSP. I can hardly think they would write something like that. if they did - Sad.

    ReplyDelete
    Replies
    1. Ajith nikam babek wenna epa. Me gollo elipitama nawatha karallak oni kiyana, le rasayata iwa allagena inna narumayo tikak. Munge samanya asthanaya thamayi me pennala thiyenne.. O gollo le athe nogawi mas kanawa athi. E wage yaluwoth oyata athi. Namuth mekayi sathyaya

      Delete
  9. අජිත් පැරකුම් ජයසිංහ එරෙහි ව “පෙරටුගාමියා” අවනඩුව පිළිබඳ තුන් වැනි පාර්ශ්වයක මධ්‍යස්ථ කියවීමක්…
    ===========================================================================================================

    සම්මානනීය වියුණුසටහන්කරුවෙකු, ප්‍රවීණ දේශපාලන විචාරකයෙකු සහ විවාදසම්පන්න මතධාරියෙකු වන මතුගම අජිත් පැරකුම් ජයසිංහයන් හා නිර්නාමික ආලෝචනකරුවෙකු අතර දරුණු විසංවාදයක් ඇති වී තිබේ. ජයසිංහයන් විසින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කිසි යම් සටන්පාඨයක් හා සබැඳි න්‍යායාත්මක අස්ථානයක් විවේචනය කරමින් පළ කරන ලද වියුණුසටහනකින් කිපුණු පුද්ගලයෙකු විසින් අතිශය ග්‍රාම්‍ය භාෂාවකින් ජයසිංහයනට ප්‍රතිචාර දක්වනු ලැබ ඇත. ජයසිංහයන් විසින් නො ලසා එකී අතිශය ග්‍රාම්‍ය ප්‍රතිචාරය වෙන ම වියුණුසටහනක් ලෙස පළ කරනු ලැබ ඇත. එකී ග්‍රාම්‍ය ප්‍රතිචාරයෙන් වෙරම්භ වාතයකින් සේ කැලඹී ගිය ජයසිංහවාදී සහෘද සංසදය එකී ප්‍රතිචාරය ලියූ නිර්නාමික තැනැත්තාට ද පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ද කර්කශ විවේචන එල්ල කරනු පෙනේ. පසු ගිය සමය පුරා මතුගම අජිත් පැරකුම් ජයසිංහයන්ගේ සමාජ-දේශපාලන න්‍යාය සහ භාවිතාව පිළිබඳ විසංවාදී වූ අපි මෙකී ග්‍රාම්‍ය ප්‍රතිචාරය කියවීමෙන් මහත් කම්පනයකට පත් වීමු. මතවාදාත්මක ව හෝ දෘෂ්ටිවාදාත්මක ව හෝ විසංවාදී කතිකාව වඩාත් සුවියත් තලයකට අභිවර්ධනය කර ගත යුතු යුගයක, එය වඩාත් අවියත් තලයකට අවවර්ධනය කර ගැනීමට දායක වන එකී පිළිකුල්සහගත ආලෝචනය අපි කොන්දේසි විරහිත ව ප්‍රතික්ෂේප කරමු.

    එකී ග්‍රාම්‍ය ආලෝචනය මානව විඥානය ඉතා ප්‍රාථමික මට්ටමකට පමණක් වර්ධනය වූ, සමාජ ආචාරධර්මයන් පිළිබඳ අසංවේදී වූ, කිසිදු ශාස්ත්‍රීය ශික්ෂණයකින් විධිගත නො වූ අශිලාචාර මුග්ධයෙකු විසින් ලියන ලද පල් හෑල්ලකි. එය ලියූ තැනැත්තා විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ලැබුවෙකු නම් එම තැනැත්තා වැස්සකට පමණක් අදාළ විශ්වවිද්‍යාලයට ගිය තැනැත්තෙකු විය හැකි ය. එවැන්නන් ශ්‍රී ලංකාවේ සරසවිවල සිටිය හැකි බව දශක හතරකට ආසන්න කාලයක් විශ්ව විද්‍යාල කීපයක උගත් හා ඉගැන් වූ අපි දනිමු. එම ආලෝචනකරුවා ජයසිංහයන් නූගතෙකු හා මෝඩයෙකු බව නිගමනය කරනුයේ ජයසිංහයන් “වැස්සකටවත් විශ්වවිද්‍යාලයකට ගොස් නැත” යන තර්කය මත ය. මෙය කරුණුමය වශයෙන් ද තර්කමය වශයෙන් ද සාවද්‍ය ය. ජයසිංහයෝ පරිවර්තනය පිළිබඳ ප්‍රාමාණික අධ්‍යයනයක් විශ්වවිද්‍යාල පරිසරයක ලද තැනැත්තෙක් වන්නාහ. එනිසා ආලෝචනකරුගේ තර්කය කරුණුමය වශයෙන් සාවද්‍ය ය. ජයසිංහයන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් නො ලැබු ව ද එමඟින් ඔවුන් උගතෙකු නො වන බව හෝ බුද්ධිමතෙකු නො වන බව හෝ සාධනය වන්නේ නැත. එනිසා එය තර්කයක් ලෙස ද සාවද්‍ය ය. මේවා තර්කාභාස නමි. විශ්ව විද්‍යාල සුදුසුකම වූ කලී උගත්කම හෝ බුද්ධිමත්කම හෝ පිළිබඳ එක ම නිර්ණායකය නො වේ. විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් කිසි දා නො ලද උගතුන් ද බුද්ධිමතුන් ද අප්‍රමාණ සංඛ්‍යාත ව මානව සංහතිය ආලෝකමත් කරමින් සුදීප්තිමත් ව ඇත. එම ආලෝචනකරු විශ්වවිද්‍යාල අධ්‍යාපනය මෙතරම් සුවිශේෂ කර සලකනුයේ උසස් අධ්‍යාපනය සඳහා අවම සුදුසුකම් සපුරාලන ලද සියල්ලන්ට ම විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා දීමට නො හැකි වන ලෙස උසස් අධ්‍යාපනය සඳහා රාජ්‍ය ඒකාධිකාරයක් පවතින ශ්‍රී ලංකාව වැනි රටක් තුළ තම චින්තනය සීමා කර ගැනීම නිසා ය. කූපමණ්ඩුකයෙකු නො වී ලොව දෙස නිදහස් හා නිවහල් මනසකින් බලන්නේ නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය යනු එතරම් උත්කර්ෂණයට ලක් කළ යුතු දුලබ සුදුසුකමක් නො වන බව පෙනී යනු ඇත. පූර්ව පුණ්‍ය බලයෙන් විශ්වවිද්‍යාලවලට වැද අධ්‍යාපනය ලබනු වෙනුවට දේශපාලන පක්ෂවල කොන්ත්‍රාත් ඉටු කරමින්, කාලය අපතේ හරිමින් වෙනත් කෙනෙකුට අධ්‍යාපනය ලැබීමට තිබෙන අවස්ථාව ද නැති කරන්නෝ ද එම ආලෝචනකරු වැනි මෝඝයෝ ය. ඊනියා නිදහස් අධ්‍යාපනය සුරුකීමට යැයි පවසමින් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට විරුද්ධවන්නෝ ද මෙම ආලෝචනකරු වැනි මෝඝයෝ ය.

    Cont...

    ReplyDelete
  10. මතුගම අජිත් පැරකුම් ජයසිංහයෝ නූගතෙක් හෝ මෝඩයෙක් හෝ නො වෙති. තුරුණු වියේ දී නිෂ්ඵල දේශපාලන අරමුණක් සඳහා ව්‍යාවෘත ව අසත් මඟක වැටී ස්වකීය විධිගත අධ්‍යාපනය අඳුරු කර ගත්තේ වුව යළි සත් මඟ වෙත එළැඹි ජයසිංහයෝ පසු කාලීන ව තම නිසඟ බුද්ධි ප්‍රභාව උපයුක්ත කර සම්භාවනීය දැනුම් සම්භාරයක් ස්වෝත්සහයෙන් ම සංචිත කර ගත්හ. වීරවිල පුනරුත්තාපන කඳවුරේ දී තනි ව ම ඉගෙන ගෙන උසස් පෙළ ලියූ ජයසිංහයන් එදා මෙදා තුළ සපැමිණි ගමන් මඟ දිරිය පුරාවෘත්තයකි; අසිරිමත් අපදානයකි. සම පනස් වැනි විය ගෙවන ජයසිංහයෝ අඛණ්ඩ ව නව දැනුම ස්වකීය ස්නායු පද්ධතිය තුළට ස්වීකරණය කර ගෙන එම දැනුම මානව සමාජයේ අභිවෘද්ධිය සඳහා උපයෝගී කර ගනිති. අශීලාචාර ආලෝචනකරු විසින් “නාකි හමා“ යැයි අපනාම ගැන්වෙන ජයසිංහයෝ ඔවුන්ගේ දැනුම් හා ඥාන මණ්ඩලවල නිම් වළලු ජීවිතයේ සැඳෑ සමයට එළඹෙන මෙම වයසේ දී ද සම්ප්‍රසාරණය කර ගනිති. ජයසිංහයන් සමඟ නේක විසාහි ගැඹුරු කරුණු-කාරණ පිළිබඳ සංවාද-විසංවාද වී ඇති අප ස්ථිර ව, නිසැක ව පවසන්නේ ජයසිංහයන්ගේ දැනුමේ ද බුද්ධියේ ද මානයන් අපගේ විශ්වවිද්‍යාලවල බොහෝ ශිෂ්‍යශිෂ්‍යාවන්ගේ ද ඇතැම් ආචාර්යවරුන්ගේ ද දැනුමේ ද බුද්ධියේ ද මානයන්ට වඩා පුළුල් බව ය. ආලෝචනකරු විසින් උත්කර්ෂණයට ලක් කෙරෙන ලාංකීය විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය ප්‍රජාව ඉගෙන ගැනීම පසෙක ලා ලිප්ටන් වටරවුමේ හෝ වෝර්ඩ් පෙදෙසේ හෝ නාගඩම් නටන කල එම විශ්ව විද්‍යාලවල ආචාර්යවරු මල් ගස් හෝ ටෙඩි බෙයාර්ස්ලා හෝ වැලඳ ගෙන ඡායාරූප ගෙන ඒවා මුහුණු පොතේ දමමින් විගඩම් කරති. ඒ අතර තුළ සහතික නො ලත් උගතෙක් හා බුද්ධිමතෙක් වන මතුගම අජිත් පැරකුම් ජයසිංහයෝ සමාජ-දේශපාලන ප්‍රපංචයන් පිළිබඳ සාරගර්භ බුද්ධිමය සංවාද තම සාරවත් වියුණුසටහන් මඟින් ඩබ්ලිව් තුන ලංකාහි ජනනය කරති. උගත්කම ද බුද්ධිය ද ඇත්තේ ආලෝචනකරුගේ ඊනියා විශ්ව විද්‍යාල තුළ ද ඉන් පිටත ද යන්න දැන් පැහැදිලි විය යුතු ය.

    Cont...

    ReplyDelete
  11. අපගේ සාකච්ඡාවට බඳුන් වන ග්‍රාම්‍ය ආලෝචනය ලියූ මෝඝ, අශීලාචාර තැනැත්තා “පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයෙකු හෝ එහි නිල ප්‍රතිපත්ති ප්‍රකාශකයෙකු විය යුතු ය” යන පදනම් විරහිත නිගමනයකට මතුගම අජිත් පැරකුම් ජයසිංහයන් වක්‍ර ව ද ජයසිංහවාදී පාඨක සමූහයා සෘජු ව ද එළඹ ඇති බවක් පෙනේ. එය එතරම් බුද්ධි ගෝචර නිගමනයක් නො වන බව අපගේ අදහස ය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ සහෝදරයා වැනි ප්‍රතිපත්තිගරුක හා ආචාරශීලී මානවයෙකුගේ ප්‍රයෝගික නායකත්වයෙන් ද සුමනසිරි ලියනගේ වැනි වාම පන්නරය ලැබූ සුධීමතෙකුගේ අනුශාසකත්වයෙන් ද ඔපවත් වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙවැනි ළාමක ක්‍රියා අනුමත නො කරනු ඇති බව අපි විශ්වාස කරමු. පැරණි සමසමාජයේ සිට ද ඉන් බිඳී වාම සමසමාජය පිහිටුවා ගත් දා සිට ද පේරාදෙණියෙන් වෙන් වන තෙක් ද සුමනේ පිළිබඳ දන්නා අප කිසිදු සැකයකින් තොර ව පවසනුයේ ඔහුගේ අනුශාසකත්වය ලද දේශපාලන ව්‍යාපාරයක් මෙවැනි අශීලාචාර ක්‍රියා සඳහා සෘජු හෝ වක්‍ර හෝ අනුමැතියක් නො දෙනු ඇති බව යි.

    අප විසින් එම ග්‍රාම්‍ය ආලෝචනය සලකනු ලබන්නේ කිසි යම් අශිෂ්ටයෙකුගේ අශිෂ්ට හා කඩාකප්පල්කාරී ක්‍රියාවක් ලෙස පමණි. අවඥාව නමැති කෙවි‍ටෙන් අල්ලා අතීතය නම් කසළ ගොඩෙහි ලා යුතු එම දුර්ගන්ධවත් ආලෝචනය යළිත් නව ආලොචනයක් ලෙස පළ කළ මතුගම අජිත් පැරකුම් ජයසිංහයන් ඩබ්ලිව් තුන ලංකාහි සුගන්ධවත් වා ගැබ තුමු විසින් ම යළි දුර්ගන්ධවත් කරනු ලැබ ඇත. කුණු රසය ජනනය වන ‍එවැනි ආලෝචන ප්‍රවර්ධනය කිරීම මඟින් ජයසිංහයන් විසින් තම සුවියත් පාඨක සමූහයාට අවමන් කරනු ලැබ ඇති බවට අපි ජයසිංහයනට චෝදනා කරමු. එමඟින් ‍එම ආලෝචනයේ කර්තෘත්වයේ හිමිකාරීත්වය පිළිබඳ අවුල තවත් වියවුල් වී ඇත. වයිබර් ඔස්සේ අප ඇමතූ පැරණි වාම මාධ්‍ය සහෝදරයෙකු අපගෙන් විමසූයේ අදාළ ආලෝචනය ද කලකට පෙර ඩබ්ලිව් තුන ලංකා වියුණු සටහන් අඩවිය හිමිකාරීත්වාපහරණයට ලක් වීමට (හැක් වීමට) සමාන සිදුවීමක් විය නො හැකි ද? යන ප්‍රශ්නය ය. ජයසිංහයන් කළ යුතු ව තිබුණේ මෙම ආලෝචනයේ ග්‍රාම්‍ය ලෙස විමසා තිබූ එහෙත් වැදගත් ප්‍රශ්නයකට පිළිතුරු දීම ය. එහෙත් ජයසිංහයන් එම ප්‍රශ්නය මඟ හැර ඇත. ආලොචනකරු අශීලාචාර ව වුවත් විමසන වැදගත් ප්‍රශ්නය වූයේ:

    “ලංකීය සමාජ-දේශපාලන සංස්ථාපිතයේ අධිපති සංරචකයන්ට එරෙහි ව මතුගම අජිත් පැරකුම් ජයසිංහයන් නඟන විවේචනය විෂයනිශ්‍රිත කියවීමක් ද? නැත හොත් එකී විවේචනය තමාට (ජයසිංහයනට) අහිමි වූ ආශාවේ වස්තුවේ අනෙකාගේ (එනම් එම වස්තුවෙන් අනෙකා ලබන) ප්‍රමෝදය කෙරෙහි පසමිතුරු වන පුද්ගලනිශ්‍රිත කියවීමක් ද?”

    යන්න ය. ‍ආලෝචනකරු අතිශය ග්‍රාම්‍ය භාෂාවකින් විමසා ඇති මෙම ප්‍රශ්නය ජයසිංහයන් සමඟ ඩබ්ලිව් තුන ලංකාහි නිරන්තර ව විසංවාද වන ඔර්තඩොක්ස් මාර්ක්ස්වාදී සහෝදරත්වය විසින් ද සම්භාව්‍ය මාර්ක්ස්වාදී සහෝදරත්වය නියෝජනය කරන අප විසින් ද බොහෝ අවස්ථාවල ශාස්ත්‍රීය ව විමසනු ලැබ තිබේ. ජයසිංහයන් ඒ සඳහා සැලකිය යුතු විග්‍රහයක් අද වන තුරු කර ඇති බවක් අපි නො දනිමු.

    අවසාන විග්‍රහයේ දී අප පවසන්නේ මෙම සාකච්ඡාවට අදාළ ග්‍රම්‍ය ආලෝචනය අප දැඩි පිළිකුලෙන් හෙළා දකින බව ය. එය ලියූ අශිෂ්ට ආලෝචනකරු පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරන බව හෝ එම ආලෝචනය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නිල ප්‍රකාශයක් ලෙස හෝ සැලකීම ජයසිංහයන් විසින් සහ ජයසිංහවාදී පාඨක සංසදය විසින් එළ‍ඹෙන ලද පදනම් විරහිත නිගමනයකි. එම ග්‍රාම්‍ය ආලෝචනය නැවත පළ කරමින් ජයසිංහයන් ද එකී ආලෝචනකරුගේ මට්ටමට වැටී ඇති බව කනගාටුවෙන් පවසමු.

    මතුගම අජිත් පැරකුම් ජයසිංහයෝ නූගතෙක් හෝ මොඩයෙක් හෝ නො වෙති. ඔවුහු සුනිශ්චිත සමාජ-දේශපාලන කාර්යභාරයක් ඉටු කරන උගත්, බුද්ධිමත් ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් වෙති. ඔවුනගේ බොහෝ අස්ථානයන් සමඟ එකඟ නො වුව ද අප හද තුළ ඔවුන් පිළිබඳ අප්‍රමාණ ගෞරවාදරයක් පවතී. ජයසිංහයෙනි, හරවත් සමාජ-දේශපාලන කතිකාවක් ඉදිරියට ද ජනනය කරන්නට ඔබට දිරිය ලැබේවා!

    කලකට පෙර අප විසින් ජයසිංහයනට යවන ලද ඉලෙක්ට්‍රොනික ලිපියක් අවසන් කළ වාක්‍යයක් උපුටා දක්වමින් අපි නවතිමු.

    “Offering you the highest respect and regard as one of my worthy opponents with whom I have been at swords' points, I remain.”

    End.

    ReplyDelete
    Replies
    1. මෙය ලියූ තැනැත්තා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අයකු බව මම නො කියමි. එසේ ම, එසේ නො වේ යයි ද කියන්නට තරම් එම පක්ෂයේ සාමාජිකයන් අතර විනයක් දැක නැත. ලංකාවේ බොහෝ මිනිසුන් ලිව්වත්, නො ලිව්වත්, තමන් අකැමැති මත දරණ මිනිසුන් ගැන සිතන්නේ මෙසේ ය.

      Delete
    2. Shishta buddhimath bawaka hangimak danawamin wiyath bhashawen madyastha bawak penwa min oba liyuwath obe niruwatha manawin obe alochanaya thula dakiya haka. Wenasa wanne ihatha peratta amuwenma thama adahas dakwaddee oba wyanga bhashawak yoda ganimayi. Mema tharunayange hangim kulappu kireeme karyaye yedi sitinne oba wani mathawadee shikshanayan penwana sil gaththawun bawa nokiya bariya. Owunwa kulappu Kara obala paththaka sita manda smithayen sathutu weyi.

      Ihatha commentuwa magin sookshama lesa obada mema mugdhayage asthanaya ganna hati balanna. Ohu mugdhayeku wanne ohuge bhashaweni.
      Emenma peratugamingen mema mugdaya wiyuktha kirimata oba sithala uthsahayaka yedeyi. Namuth madyastha lesa ema mugda commentuwa kiyawana onama kenekuta thama pranasamawa usas lesa piliganna mathawadayakata pahara wadimen dandakin pahara lath sarpayeku se ohu naliyana akaraya dakiya haka. Nikamma sympathizer kenekuta metharam kopayak kumakata athiweyida? Ese nam ewannek mema wyaparayata dayaka mower sitiyida?

      Parakum mahatha wisin mema commentuwa nawatha palakara eya prasiddha kireemen kale mana sewayaki. Mewani awasidayaka de oba wani buddhimathun balala paharoo mala se hangimata uthsaha karana bawa sabaya. Mak nisada mewayin obalata wanne agathiyak bawa obe buddhiyata wataheemayi. Emenma eya karanna ta mugdhyeku kiya apahasa kireemada sadharanaya. Obalage niruwatha heliwana bawini. Meya prasiddha kireemen parakum mahatha kale agana sewayaki.

      Delete
    3. // ග්‍රම්‍ය //

      හර බර සින්හලෙන් ලියූ ඇනො ලොක්කානෙනි...

      ග්‍රාම්ය යන වචනය අපාහාසාත්මකව පාවිච්චියට සුදුසු වචනයක් ද? කරුණාකර එහි බාවිතයේ උපත සහ සාදාරනත්වය ගැන කියා දෙන්න පුලුවන්ද?

      Delete
    4. සා රස

      දේශපාලනිකව ගත්තම උඹ කියන ඒවා කොහොම උනත් මේ විදිහට වචන nit pick කරන එකේ තේරුමක් නැහැ. etymological මුල බැලුවොත් politically correct නැති niggardly, philistine, sinister වගේ වචන ඉන්ගිසිරියේත් තියෙන්නේ. වචනෙකට සම්මත තේරුමක් හැදුනට පස්සේ ඒකෙ literal තේරුම අල්ල ගන්න එකේ තේරුමක් නැහැ.

      මේ පොස්ට් එක ගත්තම මම ඔය ඇනෝ එක්ක එකඟයි. මෙහෙම හිවල් කමෙන්ට් වලට අනවශ්‍ය ලොකු කමක් දෙන එකෙන් එහෙම උන් දුර්මුඛ වෙනවද නැත්නම් තව චූන් වෙනවද? පැරා කරන මෙහෙම වැඩ වලට සමහර ෆෝරම් වල නම් අහගන්න වෙන්නේ drama queen කියලා.

      පැරා කියයි "උඹලට මොකෝ මට නේ තර්ජන කරේ" කියලා. ඒකට අහන්න වෙන්නේ "ඉතින් ඔයාට ඔය කියන තරම් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන්, හිරු කණ්ඩායමෙන් ආදී වශයෙන් තර්ජන තිබුනා කියන එකේ මේ වගේ පකිස් බූරුවෝ ලොකු වෙන්නේ කොහොමද" කියලයි.

      Delete
    5. U choon wela nam nathi bawa hondatama pahadili yi, ko u aagiya athak nane. Para karapu deya hariyatama hari, me wage unge redi galawanna oni

      Delete
  12. Ane apoyi kiyala hithenawa!Yantham akuru liyagannawath danna ekek ohoma liyawiya kiyala adahannath baha!Eth ada iganagaththa mehema comment karayoth inna waga.

    ReplyDelete

  13. මේ අසික්ෂිත බැණ වැදීම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සිම්පතයිසර් කෙනෙකු කළා විය හැක.

    නමුත් ඔවුන් අපකීර්තියට පත් කිරීම සඳහා වෙනත් පසමිතුරෙකු ඒ ප්‍රතිචාරය දැක්වූවා යැයි කීමට ද සමාන සම්භාවිතාවක් තිබේ.

    ReplyDelete
  14. පහ්ෂ හෝ විපක්ෂ අදහස්ප්‍/ උදහස් කිසිවක් ප්‍රකාශ කිරීමට මේ ක්‍රමය නොවේ..

    ReplyDelete
  15. තොරතුරු දැන ගැනීමේ පණත! අනේ පැරෝ ඔයත් අර ගොන් යූ.ඇන්.පී කාරයො වගේනෙ.මාර නිදහසක් තමයි ඒ පනතෙන් තොරතුරු වලට හම්බෙන්නෙ නේද?

    කොහොම උනත් ඒ ගොන් ලියුමට අපේ විරෝධය.( ඒක පැරා නෙමෙයිනෙ ලිවුවෙ නේද?)
    පැරා අපිට! අපි පැරාට! ලියපු එකාව අහු උනොත් කියන්න හොඳේ.අපි දෙන්නං වැඩේ!

    ReplyDelete
  16. අන්තිම ජේදය පමනක් වටිනවා..

    ReplyDelete
  17. අන්තිම ජේදය පමනක් වටිනවා..

    ReplyDelete
  18. //ලංකාවේ ඉන්න උගත් බුද්ධිමත් කොල්ලො කෙල්ලො ටික ඉන්නේ පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ. //

    පෙරටුගාමීන්ගේ බුද්ධිමත් බව කෙසේ වෙතත් නූගත් බව හෝ කුහක බව පෙන්න පොස්ටර් එකක් ඊයේ දැක්කා. "සියළුම වැට් බදු අහෝසි කරමු, ධනවතුන්ට බදු ගසනු" වගේ තමයි මතක. පෞද්ගලික අධ්‍යාපනයට බාල්දි දාන ගමන් නිදහස් අධ්‍යාපනය ව්‍යාප්ත් කරන්නයි, පහසුකම් වැඩි කරන්නයි මුදල් එන්නේ උන්ගේ අම්ම්ගෙ බූදලෙන්ද වැට් බදු අහෝසි කරොත්. වැට් නැත්නම් කලින් තිබූ බී ටී ටී වලින් තමයි රජයේ ආදායමෙන් වැඩි හරියක් එන්නේ. ඒ අදායම නැති කරන්න කියන්නේ එක්කෝ නූගත් කම, නැත්නම් ඒවා නොතේරෙන මිනිසුන්ව නොමඟ යැවීම. මුන් බලය ගන්න හදන්නේ නොමඟ යැවීමෙන්. මුන්ගෙ පාරේ යන වෙනිසියුලාව මිනිස්සුන්ට කන්න නැති තරමට බංකොලොත් වෙලා කියලා මුන් කියන්නෙ නැහැ. මුන්ගෙ මුල් තියෙන රුසියාවෙත් පොතේ හොඳ සමාජවාදය අත ඇරලා පෞද්ගලික විශ්ව විද්‍යාල තියෙනවා. මුන් නම් රටේ අවාසනාවට ජාතක වෙච්ච වුන් ටිකක්.

    ReplyDelete
  19. මා සිතා සිටියේද අජිත් පැරකුම් යනු වැදගත් චරිතයකැයි කියාය. එහෙත් දැන් බලාගෙන යන විට ඔහු ලිංගික අපයෝජනයේ යෙදෙන්නකු බව ඉතා පැහැදිලිය. පසුගාමියකුගේ පුකේ ඇඟිලි ගැසීමේ අයතා ක්‍රියාව තරයේ හෙලා දකිමු. අජිත් පැරකුම්ට එරෙහිව ළමා අපචාර කිරීම හා ළිංගික හිංසනය යටතේ වහාම නඩු පවරනු.

    ReplyDelete
    Replies
    1. ඒ කට්ටිය දහ අටට අඩුයි කියලද ඔයා කියන්නේ? මං නම් හිතන්නේ ඒ මොළේ විතරයි.

      Delete
  20. ඇගිලි ගහද්දි බලා ගෙන මොලේ ට හානි වෙන්න පුලුවන් !

    ReplyDelete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. //තොට ඉගෙන ගන්න බැරි අපතයෙක් වුණ එකේ කරුමෙට තෝ ඉගෙන ගත්ත එවුන්ට වෛර කරනවා. තෝ හිඟන්නෙක් වුණ එකේ කරුමෙට තෝ සල්ලි තියෙන එවුන්ට වෛර කරනවා. තොට තවම ඉහළ මධ්‍යම පන්තියට එන්න බැරි වුණ නිසා තෝ ඉහළ මධ්‍යම පන්තියට වෛර කරනවා. තොට හරියට සිංහලවත් ඉංග්‍රිසිවත් බැරි නිසා තෝ සිංහල ඉංග්‍රිසි හොඳින් දන්න එවුන්ට වෛර කරනවා. තොට ඉංග්‍රිසි වචනයක් හරි හැටි කතා කර ගන්න බැරි නිසා තෝ ලස්සනට ඉංග්‍රිසි කතා කරන එවුන්ට වෛර කරනවා. තොට හරියට ආණ්ඩුවේ රස්සාව කර ගන්න බැරි වුණ නිසා තෝ ආණ්ඩුවේ රස්සාව කරන එවුන්ට වෛර කරනවා. ඈ පර බල්ලො, තොගෙ රෙද්දෙ දේශපාලනය ඕකද? ඕකට කියන්නේ දේශපාලනය කියල නෙවෙයි හරකො. ඕකට කියන්නේ හීනමානය කියලා.//

    කිවයුතු දේ සාරාංශ කර ලෙසටම කියා ඇත. අනිත් බ්ලොග් කරුවන්ටත් පොදු ය. රාජපක්ෂ පරාජයෙන් බිඳ වැටුන බටහිර රටක දේශපාලන සරණාගත රැකවරණ ලබා වැඩිවියට පත්වන තම දරුවන්ට නොමිලේ විදේශ උසස් අධ්‍යාපනයක් ලබාදීමේ පැරකුම් සිහිනයට මෙය පිටුවහලක් වේවා

    ReplyDelete
  23. P’kum, why the hell are you deleting our comment? Ours is not slanderous. It deals with an authentic issue on factual basis. It seems that you are not civilised enough to carry on a rational discourse. Probably, you desire and deserve comments flooded with four-letter words in your quest for sensationalism. We cannot depreciate ourselves to that disgusting level. You are very likely to be spoiled here in the web-space by the young blood. The harsh comment you got from an anonymous heralds such future savage in W3Lanka. We sincerely wish such farcical catastrophe not to happen. May your soul be relieved in peace and compassion! Get a life man!

    ReplyDelete
  24. සුහද ආරාධනය යි!
    =============

    අජිත් පැරකුම් ජයසිංහ ශිෂ්ටත්වයට ගෙන ඒමේ බහුජන ව්‍යාපාරය සඳහා ඔබ සැම සුහද ව පිළිගනිමු.

    අජිත් පැරකුම් ජයසිංහ කාලයක සිට කර ගෙන යන ජනතාව නොමඟ යැවීමේ ඉතා නින්දිත ක්‍රියාවලිය අවසන් කළ යුතු කාලය එළැඹී තිබේ. අපගේ බහුජන ව්‍යාපාරයේ අරමුණ විය යුත්තේ අජිත් පැරකුම් ජයසිංහ ශිෂ්ටත්වයට ගෙන ඒම විනා ඔහු කිසිදු ආකාරයක කායික-මානසික පීඩනයකට ලක් කිරීම නො වේ. විමුක්තිකාමයෙන් ඔද වැඩී මානව විමුක්තිය ඉල්ලා හඬ නඟන මාණවමාණවිකාවන් නොමඟ යවන මතුගම අජිත් පැරකුම් ජයසිංහ යනු ඇතන්ස්හි ප්ලේටෝ නම් නො වේ. සැබවින් ම අජිත් පැරකුම් ජයසිංහ යනු ප්ලේටෝනියානු අර්ථයෙන් සාර ජනරජයෙන් පිටුවහල් කළ යුතු භීමරූපියෙකි. එහෙත් අපි එසේ නො කරමු. අජිත් පැරකුම් ජයසිංහ යනු අප අතර සිටිය යුතු ම පුද්ගලයෙකි. ශිෂ්ට සමාජය තුළ අජිත් පැරකුම් ජයසිංහ ස්ථානගතකර තබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය සාධකය වන්නේ අජිත් පැරකුම් ජයසිංහ ශිෂ්ටත්වයට ගෙන ඒම ය. වසර පනහක් ශිෂ්ටත්වයෙන් පරිබාහිර ව සිටි අජිත් පැරකුම් ජයසිංහ ශිෂ්ටත්වයට ගෙන ඒම ඉතා අසීරු කාර්යයකි. එහෙත් අප එය කළ යුතු ම ය. එය අපගේ සමාජ වගකීමකි.

    මෙම බහුජන ව්‍යාපාරය පක්ෂ දේශපාලනය ඇතුලු සියලු භේද අභිභවා යන මූල ව්‍යුහයකින් සංවිධානය කිරීම අපගේ අරමුණ ය. වාමාංශික සහෝදරත්වය මෙන් ම දක්ෂිණාංශික සහෝදරත්වය ද මෙහි සම-සම්පත් දායකයන් විය යුතු ය. ජාති, ආගම්, කුල ආදී සියලු උපරිව්‍යුහාත්මක භේද නො සලකා අජිත් පැරකුම් ජයසිංහ ශිෂ්ටත්වයට ගෙන ඒමේ පොදු අරමුණ සඳහා අපි රොද බඳිමු. දේශපාලනමය වශයෙන් වෙන් වෙන් ව ගමන් කළ ද අපි පොදු අරමුණක් සඳහා එක් ව ක්‍රියාත්මක වෙමු. මෙහි දී අප “වෙන් වෙන් ව ගමන් කරමු: එක් ව පහර දෙමු” යනුවෙන් නො පවසන්නේ අජිත් පැරකුම් ජයසිංහ අපගේ සතුරෙකු නො වන නිසාත් අපගේ බහුජන ව්‍යාපාරය කිසිදු දේශපාලනික න්‍යායක් මත නො පිහිටන නිසාත් ය.

    පසු ගිය දා ග්‍රාම්‍ය ප්‍රතිචාරයක් අජිත් පැරකුම් ජයසිංහ වෙත යොමු කර තිබූ සහෝදරයාට සහ ඔහුගේ කණ්ඩායමට ද අපගේ බහුජන ව්‍යාපාරය තුළ අවස්ථාව තිබේ. එම ග්‍රාම්‍ය ප්‍රතිචාරය මඟින් ඔබට පවසන්නට ඉතා වැදගත් අදහසක් තිබූ බව අපි විශ්වාස කරමු. එහෙත් ඔබ එය පිරිපහදු කර ශික්ෂණයකින් යුතු ව වෛෂයික ව පවසා නැති වීම කනගාටුදායක ය. සහෝදරය, අතිසරල න්‍යයෙන් මත පදනම් ව අතිධාවනකාරී භාවිතාවන්ට ප්‍රවිෂ්ට වීමෙන් අජිත් පැරකුම් ජයසිංහ වැනි පරිණත භීමරූපියෙකු දමනය කළ නො හැකි ය. විමුක්තිකාමයෙන් ඔද වැඩී, විප්ලවීය විභවයෙන් රත් වී, කැලඹී එන ඔබගේ තාරුණ්‍යයේ ශක්තිය සමාජය වෙනස් කිරීමට අත්‍යවශ්‍ය ය. අපි ඔබගේ විප්ලවීය විභවය මහත් සේ අගයමු. එහෙත් එම මාහැඟි විප්ලවීය විභවය සඵල කාර්යභාරයක් සඳහා යොමු කිරීමට ඔබ අධිෂ්ඨාන කර ගත යුතු ය. අනාගත සාර සමාජයක් සඳහා සුවහසක් පීඩිත ජනයාගේ අභිලාෂයන් රැඳී පවතින්නේ ජීවිත ගමනේ අවසානයට එළැඹෙමින් සිටින අපගේ දෑත් මත නො ව තරුණ ඔබගේ සවිමත් දෑත් මත ය. අපි අපගේ කාර්යභාරය ඉටු ක‍ළෙමු. අජිත් පැරකුම් ජයසිංහ යනු හුදු වෙබ් අඩවියක් පමණක් බවට අද පත් ව ඇත්තේ එනිසා ය. දැන් ඔබගේ වාරය පැමිණ තිබේ. අපි ඔබට මඟ පෙන්වන්නෙමු. ඒ මඟ නිර්මාණශීලී ගමනක් යෑම ඔබගේ වගකීම ය.

    අජිත් පැරකුම් ජයසිංහ ශිෂ්ටත්වයට ගෙන ඒමේ බහුජන ව්‍යාපාරය සඳහා අනුකමිටු කීපයක් සංවිධානය කළ යුතු බව දැනට යෝජනා වි ඇත. ඒවා මෙසේ ය:

    1. අජිත් පැරකුම් ජයසිංහගේ දේශපාලන මැදිහත්වීම් විමර්ශන අනුකමිටුව.

    2. අජිත් පැරකුම් ජයසිංහගේ සාහිත්‍යකලා මැදිහත්වීම් විමර්ශන අනුකමිටුව.

    3. අජිත් පැරකුම් ජයසිංහ විසින් සිදු කෙරෙන ද්වේෂසහගත පුද්ලාලම්බන කියවීම් විමර්ශන අනුකමිටුව.

    අප විසින් මෙම බහුජන ව්‍යාපාරය ආරම්භ කළ ද එහි කිසිදු තනි නායකත්වයක් නැත. සියලු සාමාජිකයන් නායකත්ව මණ්ඩලයක සම-සාමාජිකන් ය. දැනට අපි ඔබ සියලු දෙනාගේ අදහස් විවෘත සංවාද මණ්ඩපයක් තුළ විමසමු. අප සංවිධානය විය යුතු ආකාරය පිළිබඳ ඔබගේ අදහස් දක්වන මෙන් කාරුණික ව ඉල්ලා සිටිමු.

    සැ.යු: අපගේ කිසිදු ක්‍රියාවකින් අජිත් පැරකුම් ජයසිංහට නොනිසි ප්‍රචාරණයක් ලබා නො දෙන්නට සැලකිලිමත් වන්න.

    ස්තුතියි!

    අජිත් පැරකුම් ජයසිංහ ශිෂ්ටත්වයට ගෙන ඒමේ බහුජන ව්‍යාපාරය

    ReplyDelete
  25. කවුරුන් හෝ කසඩයකු විසින් ලියන ලද ලිපියක් පළකරමින් පන්තියපරය පිලිබඳ හන්කවිසියක්වත් නොදන්නෙකු කඩදාසි වීරයකු වෙන්නට තතනනු පෙනේ. පිටුව කඩේ යන්නේ මහින්දටද නැතිනම් රනිල්ටද යන්න පන්ති වියාපරයට ගැටළුවක් නැත. එය අජිත්ගේ වියප්රුතියකි.

    කෙසේ වෙතත්, ගැටලුව නම්, ස්ටාලින් සහෝදරයා කිසිදිනෙක කියා නැති දෙයක් මෙතනට ගෙනවිත් පටලවා කියවන්නා නොමග යැවීමය. ස්ටාලින් සහෝදරය පවසුයි මෙම කියමන ලෝක සාහිත්‍යට එකතුවන්නේ අනටෝලි රියබකොව් විසින් 1987 දී ලියන ලද අරබත් හි දරුවන් (Children of Arabath ) නම් ප්‍රබන්ධ කතාව අනුවය. රියබකොව් පසුකලෙක ඉතා ව්ගකිමෙන් පැවසුයේ ස්ටාලින් සහෝදරයා කිසිම දිනෙක එසේ නොපැවසූ බවය.. පසුව, මෙය කොමියුනිස්ට් විරෝදී කසඩයන් විසින් මෙය ස්ටාලින් සහෝදරයා පවසුවයයි හණ ගසන ලදී. එහෙයින්, අජිත් වන්නකු ස්ටාලින් සහෝදරයා නොපැවසූ දෙයක් පැවසීම, ගැන පුදුම නොවෙමි.

    ReplyDelete
  26. බොහෝ වේලාවට අජිත් ලියන පෝස්ට් එකට වඩා සෑහෙන්න දිග කමෙන්ට් ලැබෙනවනේ? :-D

    ReplyDelete
  27. ajith yanu desapalana kasadayeki

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා