අායෙමත් කුමාර් ගුනරත්නම්


කුමාර් ගුනරත්නම්ගේ සිර දඬුවම ගෙවී යමින් තිබේ. ඒ හා සම්බන්ධව සාකච්ඡාවක් ඉල්ලා සිවිල් සමාජ නායකයන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලිපියක් යවා තිබේ. කුමාර් ගුනරත්නම් ප්‍රශ්නය අවසන් වී නැත. එහෙයින් තුන්වන පාර්ශ්වයක් මෙයට මැදිහත් වීම වැදගත් ය.

නීත්‍යානුකූලව සිර දඬුවමෙන් අනතුරුව කුමාර් ගුනරත්නම් රටින් පිටුවහල් කළ හැකි ය. හේතුව ඔහුට නඩු පවරා තිබෙන්නේ වීසා කාලය අවසන් වී රටේ නීති විරෝධීව රැඳී සිටි විදේශිකයකු ලෙස සලකා ය. බ්‍රිතාන්‍ය ආගමන නීති උල්ලංඝනය කළ කරුණා අම්මාන් මෙවැනි සිර දණ්ඩනයකින් පසුව රටින් පිටුවහල් කරන ලදී.

කුමාර් ගුනරත්නම්ගේ ගැටලුව විසඳා ගැනීමට තිබෙන මාර්ගය වැටී ඇත්තේ සාකච්ඡා හරහා බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය වටහා ගෙන ඇති බවක් මෙම ලිපිය ඉදිරිපත් කිරීම සංවිධානය කිරීමෙන් පෙනේ. ප්‍රචණ්ඩත්වයෙන් ඒ ගැටලුව විසඳා ගත නො හැකි ය.

කුමාර් ගුනරත්නම් ශ්‍රී ලංකාවේ පමණක් නොව, ඕස්ට්‍රේලියාවේ නීතියටත් පටහැණිව කටයුතු කළ පුද්ගලයෙකි.

දැන් මේ ප්‍රශ්නය නීත්‍යානුකූලව විසඳා ගත හැකි ආකාරය අතිශය සංකීර්ණ ය.

ලිපියේ දැක්වෙන සේ කුමාර් ගුනරත්නම් සරළ ලෙස ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය අත්හැර දමා ලංකාවේ පුරවැසිභාවය ලබා ගැනීම ද නීත්‍යානුකූලව කළ නො හැකි ය. හේතුව, කුමාර් ගුනරත්නම්, නොයෙල් මුදලිගේ වීම පසුපස ද තවත් පුද්ගලයන් ගණනාවක් පැටලුණ නීති උල්ලංඝනයන් රැසක් තිබෙන හෙයිනි. එය පහසුවෙන් ලිවිය හැකි නූල් බෝලයක් නො වේ.

මෙම ප්‍රශ්නය විසඳා ගැනීම කළ හැකි වන්නේ නීතිය ක්‍රියාත්මක කිරීම දේශපාලන බලය යොදවා නැවැත්වීමෙනි. එවැනි දේ ලංකාවේ ඕනෑ තරම් සිදු වී තිබේ. එක් උදාහරණයක් පමණක් දක්වමි. පසුගියදා ශ්‍රීලනිපයේ කැස්බෑව ආසන සංවිධායකකම ලබා ගත් චන්දන කත්‍රිආරච්චිට එරෙහිව තිබුණු දීර්ඝ ලෙස විභාග වී තිබුණු මිනීමැරුම් නඩුවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔහුට එවැනි ‘උපකාරයක්' නො කළා නම්, මේ වන විට ඔහු සිටින්නට ඉඩ ඇත්තේ සිරගෙදර ය.

එහෙත්, මේ ආණ්ඩුවට හෝ වෙනත් ආණ්ඩුවකට කුමාර් ගුනරත්නම්ගේ පක්ෂය තමන්ට එරෙහිව යන වේලාවක නැවත මෙම ලිපි ගොනු උඩට ගත හැකි වනු ඇත. එසේ නො කර සිටීමේ අවබෝධයක් ඇති කර ගැනීම ද කළ නො හැකි දෙයක් නො වේ. සෝමවංශ අමරසිංහ සම්බන්ධයෙන් එවැනි අප්‍රකාශිත සම්මුතියක් තිබිණි. ඒ සෝමවංශ අමරසිංහ රටින් පළා ගිය ආකාරය ගැන නො වේ. ජවිපෙ විසින් කරන ලද අපරාධ සම්බන්ධයෙන් ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සෝමවංශ අමරසිංහගේ වගකීම නීතියෙන් ප්‍රශ්න නො කිරීම තුළ ය. ජවිපෙ එයට ප්‍රති උපකාර ලෙස ජවිපෙ නායකයන් මරා දැමීම ගැන අද දක්වා ම ප්‍රශ්න කරන්නේ නැත. සම්මුති යනු මෙවැනි ඒවා ය. ඒවා ඇති වූ හැටි කුමාර් ගුනරත්නම් හොඳින් දනියි. ඒ ලිඛිත ගිවිසුම් ඔස්සේ නො වේ. අවබෝධය තුළ ය. ඔය හැම එක ම පක්ෂයේ සාමාජිකයන්ට කියන්නට ඕනෑ නැති බව අමුතුවෙන් කියා දෙන්නට දෙයක් නැත.

මෙම ප්‍රශ්නය විසඳීම දේශපාලනයේදී ඉතා වැදගත් ය. සාකච්ඡා මාර්ගයෙන් සම්මුතියකට පැමිණීමට පෙසප පැත්තෙන් මෙන් ම, ජනාධිපතිවරයාගේ පැත්තෙන් ද සූදානමක් තිබිය යුතු ය.  මර්දනය නිසා කුමාර්ට පිටරට යන්නට වූ කතාව ඕනෑවට වඩා නො කියන්නට පෙසප වග බලා ගත යුතු ය. එයින් ඔවුන් කරන්නේ ජවිපෙ කුපිත කර ගැනීමයි. කුමාර් මුලින් රටින් පිටව යන විට ජවිපෙ යුද්ධය සඳහා ආණ්ඩුවට සහාය දෙමින් සිටියේ ය. එහෙම මර්දන තර්ජනයක් තිබුණේ නැති බව කුමාරුත්, ජවිපෙත් දන්නවා ය. කුමාර් ලංකාවෙන් පිට වන්නේ ජවිපෙ උපාය මාර්ගයකට අනුව සිය කැමැත්තෙන් ය. ඒ නිසා කුමාර්ගේ ප්‍රශ්නයේ වගකීම ජවිපෙ පිට පමණක් පටවන එක සාධාරණ නැත. පසු කලෙක රාජපක්ෂ ආණ්ඩුව විසින් කුමාර් පැහැරගෙන යාම පසුපස ජවිපෙ සිටියාද නැද්ද යන්න හෝ කුමාර් නැවත වතාවක් ලංකාවට පැමිණියේ රාජපක්ෂ ආණ්ඩුව සමග සම්මුතියක් ඔස්සේ ද යන කාරණා ගැන දැන් සංවාද කිරීමෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත. 

ජනාධිපතිවරයා මේ සාකච්ඡාව ලබා දිය යුතු ය. කුමාර් ගුනරත්නම්ට ලංකාවේ දේශපාලනය කරන්නට හෝ ජීවත් වන්නට අවශ්‍ය නම් එය ලබා දිය යුතු ය. ඔහුට ද්විත්ව පුරවැසිභාවය ලබා දීම මානුෂික ය. මන්ද, ඔහුගේ දරු පවුල ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේ වන හෙයිනි. මෙහිදී කුමාර් ගුනරත්නම් සුවිශේෂ පුද්ගලයකු ලෙස සලකා එසේ කළ යුතු ය. එයට හේතුව, මෙය අනවශ්‍ය දේශපාලන ප්‍රශ්නයක් ඇති කිරීමට හේතු වන බැවිනි.

මෙවැනි ගැටලුවලට මුහුණ දී සිටින සෙසු පුද්ගලයන් සම්බන්ධයෙන් ද සානුකම්පිතව කටයුතු කළ යුතු ය. ඒ ඉල්ලීම් සලකා බැලීමට විශේෂ කමිටුවක් පත් කළ යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. කුමාර ගුනරත්නම් කියන්නෙ හරියට leverage එකක් ලැබුනොත් රට අවුරුදු ගනනක් ආපස්සාට යවන්න පුලුවන් අන්තවාදී cult එකක නායකයෙක්... මොහුට සලකන්න ඔනෙත් සමහර රටවල් ඉස්ලාම් අන්තවාදීන්ට සලකන විදිහටමයි... ආයෙ නැවත කවදාවත් ලංකාවට පැමිනිය නොහැකි විදිහට persona non grata ලෙස් නම්කොට පිටුවහල් කල යුතුයි..

    ReplyDelete
  2. මූ ආවේ රජා ගොඩ දාන්න.කැම්පුස් අරගල නවත්වන්න මූව එලියට දාන්න වෙන තරමට කැම්පූස් කචල් කරලා තියෙන්නේ.

    ReplyDelete
  3. There is hardly any consistency in Mr. Jayesinghe’s thoughts expressed in his writings. He had entertained a different philosophy on this issue regarding Kumar Guneratnam a few months back. However, now he comes up with a total different reading. This sort of namby-pamby political commentaries provide nothing but mere sensationalism. This sort of superficial analyses give the lie to Mr. Jayesinghe’s boastful self-proclamation as the leading political blogger of Sri Lankan origin. It is a shame for Mr. Jayesinghe that his writings do not even surpass those of mean celebrities such as Arianna Huffington or Sarah Palin who have produced more lucid and incisive writings on the matters of political interest.

    Mr. Jayesinghe should spend more time for in-depth thinking about what he writes on. The quantity per se will not bring laurels to Mr. Jayesinghe. The quantity accomplished by the quality will make Mr. Jayesinghe a remarkable political writer. Mr. Jayesinghe has an obvious potential to reign supreme in the arena of political journalism. But, he needs to get his profuse verbal diarrhoea treated immediately in order to reach such zenith. Mr. Jayesinghe’s attention to rectify his subtle maladies will decide whether his name can find its place in the history as the Thomas Malcolm Muggeridge of Sri Lanka or just as a mudslinger of Ranga Jayewardene’s or DM Thushara Jayeratne’s genre.

    Bandula Kudalagama
    Toronto

    ReplyDelete
    Replies
    1. You haven't shown how my argument is wrong or what it lacks.

      I was always on the stand that FSP must negotiate a settlement for this problem and violent protests should not be the way to resolve it.

      Also, this is a very complex legal issue and it cannot be disentangled without political interference. In special circumstances, it is valid and we have past experiences of doing so. I have noted only one instance here. But is definitely a privilege which an ordinary citizen may never entertain.

      I have never changed my stance on this issue. Please point out examples for that if you insist I have done so.

      Delete
  4. කුමාර් ගුනරත්නම් රටින් පිට වෙන්න වුනේ දේශපාලනය නිසා බව පැහැදිලියිනේ .මේ හා සමාන වරදකට චෝදනා ඇති විමල් නිදහසේ ඉන්නත් කුමාර් හිරේ ඉන්නත් හේතුව අප්‍රකාශිත සම්මුතියක් වෙන්නත් බැරි නැහැ.

    ReplyDelete
    Replies
    1. විමල්ට තිබෙන චෝදනාව වෙනස්. ඔහුට තිබෙන්නේ බොරු තොරතුරු ඉදිරිපත් කිරීම හා පාස්පෝට් දෙකක් භාවිතා කිරීම වැනි චෝදනායි.

      Delete
    2. නමුත් දෙකම ආගමන විගමන නීති උල්ලංඝනය කිරීම නොවේද?

      Delete
    3. දෙදෙනාම කර ඇත්තේ එකම වරද ය, නමුත් එකෙක් එලියේ ය අනිකා හිරේ ය කියා ජයම්පති වැනි නමකින් කමෙන්ටුවක් මා දැක්කා සාහිත්‍යය ගැන සාකච්ඡාවක.

      ගුණරත්නම් ගේ වරද පිටරැටියෙකු වීසා කාලයෙන් පිට ලංකාවේ රැඳීම. මේ වරද කරන අයට ඕස්ට්‍රේලියාවේ නීතිය අනුව කරන්නේ අත් අඩංගුවට ගෙන, රැඳවුම් කඳවුරේ තබා පසුව පිටුවහල් කිරීමයි.

      Delete
  5. ගෝතලන්ගේ අදහස දැනගන්න පුලුවන්නම් ගොඩක් වටිනවා. චානුක වත්තේගමනම් ඌව හිච්චි කොල්ල විදියට තියන් ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. අඩුගානෙ රොබට් ආවනම් අහගන්න තිබුනා.

      Delete
    2. මේ දවස්වල මාතලන්ගේ නැකතත් හරි නැතිලු . නැකතත් හූනාටමලු. මිනිහගෙ පංචාංගෙ (ලිත) නැති වෙලාලු. හැබැයි තත්කාලෙ බලල කියයිද දන්නෙ නෑ අර "සංගිස්කුරුත" බාසාවෙන්. කොහොමත් ජෝතිෂය ගැන හුඟක් ලියවුනේ සංස්කෘත භාෂාවෙන් නේද?

      Delete
  6. සිර දඬුවම ගෙවී යමින් තිබේ නම් අාපහු ගිහින් ඒ පැත්ෙතනුත් කිලියර්වෙලාම මෙහේ එක ආපහුගත්ත නම් හරිනේ, එහෙම නොකර ෂොට් කට් යන්න හදන නොකියන හේතුත් ඇති නේද?

    ReplyDelete
  7. පැරා, ප්‍රේමකුමාර් ගුණරත්නම් ඕස්ට්‍රේලියාවේ කුමන නීතියට පටහැනිව ද කටයුතු කර ඇත්තේ?

    ReplyDelete
  8. මේ පෝස්ට් එකේ පෙන්නල තියෙන ලියුමෙ දිනේ වැරදිද , නැත්නම් පරණ ලියුමක් ද..?

    ReplyDelete
    Replies
    1. ලියුමෙ තියෙනවනේ කුමාර් අවුරුද්දකට හිරේට යවලයි කියලා. ඒක වුණේ 2016 මාර්තු 31. මේ කට්ටිය ඒක එහෙම වෙන බව දැනගෙන හිටියා වෙන්න බැහැ. ඒ නිසා මේක 2016-08-28 දින දරණ ලියුමක් වෙන්න ඕනැ. ලියුමෙ දිනේ දාන්නවත් සැලකිල්ලක් තිබිල නැහැ වගේ.

      Delete
  9. If I am not mistaken there is a minimum sentence for one year imprisonment regarding this kind of offenses. Therefore no magistrate is able to suspend same. President is the only person who is able to free Gunaratnam under a presidential pardon. It is hard to believe that that will be happened in this kind of political atmosphere.

    ReplyDelete
  10. මේක අවුරුද්දක් පරණ කේස් එකක්නෙ😬, දිනය වැරදිද එහෙම නැත්නම් පැරා ටියුබ් ලයිට් එකක්ද ? කුමාර ගුණරත්නම් Australia migrate වුණා මිසක් පලා ගිහින් නෑ.migrate වුණෙත් 90 ගණන්වල මිසක් 88/89 භීෂණ සමයෙ නෙවෙයි. ගුණරත්නම්ගෙ භීෂණ කාලෙ පොලිස් කේස් නිසා විමලා වගේම හොර පාස්පෝට් එකක් හදාගෙන, ගෑණිගෙ මාර්ගයෙන් skilled migrate වුණා, මොකද ගෑණි දොස්තර නිසා. මූ ඇත්ත නමින් migrate වෙන්න හැදුවානම්, පොලිස් සහතිකේ ගන්න බෑ, මොකද මූ ලංකාවෙ wanted පොරක්. ඔස්ට්‍රේලියාව හැම මලදානෙම හෙව්වට මූ උන්ගෙ ඔෆිසර්ලගෙ කණෙන් රිංගලා තමයි තියෙන්නෙ. බොරු කරල ඔසී migrate වෙලා පස්සෙ citizen ගත්තට , බොරු එලි වුණාම මූට ඒ රටේ දඬුවම් කරනවද දන්නෙ නෑ. එහෙම වුණොත් මූට එහෙත් හිරේ තමයි ඉන්න වෙන්නෙ. මූ වගේ එවුන් නම් මේ රටට පිලිලයක්. හරිනම් පස්ස පැත්තට කස පාර දීල රටින් පිටුවහල් කරන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ඔහෙ පලයන් ! මේ අර රොබට් කියන "පකට පුඟුල" (ප්‍රසිද්ධ පුද්ගලයා) නේද? අන්දරෙත් මැරිච්ච එකේ ටිකා සීපදයක්වත් කියන්න කවුරුහරි ඉන්න එපෑ .

      Delete
    2. හික්ස් 😎, මේ ඉන්නෙ යට කලිසම ගැලවිච්ච කකා ඇනෝ කෙනෙක් වෙලා. ඇත්තටම උඹගෙ සම්පූර්ණ විස්තරේ දැනගත්තෙ මාතෙගෙ පෝස්ට් එකෙන්. උඹටනම් ඇත්තටම සයිකො කේස් එකක් තියෙනවා !!!

      Delete
    3. ගෝතලන්ගේ ගල් කොල්ල රොබට්. මාතලන් චානුකගේ හිච්චි කොල්ල. එතකොට රොබට්ට කවුරුවත්ම නැතිද?

      Delete
    4. ඇයි බන් උඹ මගෙ ගල් කොල්ල වෙයන්කො, ඔය ඔසී සුද්දන්ට අල්ලන වෙලේ. අනිත් එක මතක තියා ගනින් මම මඩ කරියෙක් කියල. උඹ මාව අවුස්ස ගත්තොත් මාතෙ වගේ නෙවෙයි, උඹ යන යන තැන මම පස්සෙන්....

      Delete
    5. මේ කකා නෙමෙයි, කකාගෙ "පපා". ගංජා ගැහුවට කමක් නෑ. මොලේ විකාර කරගන්න එක තමුන්ගේ කැමැත්තක්. ඕන නම් ගංජා වවල ආනයනය කරලා ලංකාවට විදේශ විණිමය ගේන " ගංජා සිහින සංයුක්ත මණ්ඩලේ " සභාපතිකම කරගෙන ඉන්න. හැබැයි විශේෂඥ මනෝ වෛද්‍යවරුන් ගංජා වල ගුණ ගැන අප්ඩේට් නැහැයි කියල බ්ලොග් ලෝකෙ "අමාරිස් අය්ය" වෙන්න එපා. "අමාරිස් අය්ය" මොන විහිලු කළත් මිනිස්සු "අමාරිස් අය්ය" සයිකො කේස් එකක් විදියට සැලකුවේ නෑ. හැබැයි "ගංජා රෝපණ වර්ණනාව" වගේ විහිළු කරලා සයිකො කේස් එකක් බව රටටම පෙන්නන්න එපා.
      - මීට කකාගෙ "පපා"

      Delete
    6. කකාගෙ පපා නැතිවෙලා ගොඩක් කල්නෙ...උඹ ඔය "පා" වෙනුවට "කා" දා ගනින්. කොහොමත් උඹල වගේ උන් ඒවට ගොඩක් ආසනෙ. අනික ඔය ගංජා කේස්, අමාරිස් අයියා මට අදාල නෑ, මේ මාතෘකාවටත් අදාල නෑනෙ. ඒ නිසා අඩු ගානෙ අද මාතෘකාව කුමාර් ගුණරත්නම්ට අදාල දෙයක් දාපන්. ඔය ගුණරත්නම් සිනුවර පැත්තෙ හිටියා නේ ?? අඩු ගානෙ ඌ උඹට ගලවත් කපල තියේනම් කියපන්. ලැජ්ජා වෙන්න එපා කොල්ලො😍

      Delete
    7. රොබට් පුතේ,

      අපි මෙහෙම එමු . ගංජා ජේවීපියත් එක්ක අතීතයේදී සම්බන්ධ වෙනව. " 71 විප්ලවයට " ආයුධ ගෙන්නගන්න විජේවීර මුලින්ම කතා කරන්නෙ විරාජ් ප්‍රනාන්දුට. විජේවීර මැෂින් තුවක්කුවක් ගන්න හිතන්නේ ඩොලර් 10 කට. ඔහොම විහිළු අමාරිස් අය්යාවත් කරලා නෑ. සල්ලි ගෙවන්නේ කොහොමද කියා ඇහුවම විජේවීර කියන්නෙ ගංජා හේනකට පොල්ලක් තියල ගංජා වලින් ගෙවමු කියල. ඔය කතාව විශේෂඥ මනෝ වෛද්‍ය රුවන් ජයතුංග 71 කැරැල්ල ගැන ලියපු පොතේ තියනවා.

      ඒ කියන්නේ ඒ කාලේ විජේවීරත් දැනගෙන ඉඳල තියනවා ගංජා වල තියෙන මහා ආර්ථික වටිනාකම අද ඊශ්‍රායලය දන්නවා කියනවා වගේ. සමහර විචාරකයො කියන්නේ ඊශ්‍රායලය යුධ ශක්තිය පිටුපස සම්පූර්ණයෙන්ම තියෙන්න ගංජා කියල. සමහරවිට රුවන් ලංකා ගංජා වලට විරුද්ධ වෙන්නේ ශරීර සෞඛ්‍ය ගැන විතරක් නෙමෙයි කලාපීය සාමය ගැනත් හිතල වෙන්න පුළුවන්.

      කුමාර් ගුණරත්නම් කියන්නෙත් 87 -89 දී ජවිපෙ සන්නද්ධ නායකයෙක්. ඒ කාලෙත් ජවිපෙ ගංජා හේනකට පොල්ලක් තියල ගංජා වලින් ගෙවමු කියල ඩොලර් 10 ගානේ මැෂින් තුවක්කු ගෙන්නන්න හැදුවද දන්නේ නැහැනේ. ඒ හින්ද කුමාර් ගුණරත්නම් නිදහස් නොකරන්න ආණ්ඩුව කටයුතු නොකරන්නේ ගංජා වල තියෙන මහා ආර්ථික වටිනාකම පෙරටුගාමීන් ද අවබෝධ කරගෙන ඩොලර් 10 ගානේ මැෂින් තුවක්කු ගෙන්නගෙන සන්නද්ධ වෙයි කියල බයට. අනික සිරිසේන උන්නැහැ කොහොමත් ඇමති කාලේ ඉඳලම මතට - දුමට විරුද්ධයි. මිනිහ මං හිතන්නේ කුමාර් නිදහස් නොකිරීමෙන් එක ගලෙන් කුරුල්ලෝ තුන් දෙනෙක් එලා ගන්නවා.

      01. රාජ්‍යරක්ෂාව. 02. ජවිපෙ ආරක්ෂාව 03. මතට -දුමට තිත.

      දැන් රොබට් පුතාගෙ ටිකිරි මොලේට වැටහුනා නේද පැරාගේ ලිපියෙ අන්තර්ගතයට ගංජා සම්බන්ධ වන හැටි.

      - මීට "කකා"ගේ මහප්පා

      Delete
    8. ප.ලි .

      රොබට් පුතේ,

      නිවැරදිකිරීමකි.

      01. රාජ්‍ය ආරක්ෂාව

      මේ ටිකත් කරන්න පුළුවන් පුතේ. පුතේ පැරාගේ ලිපියෙ අන්තර්ගතයට ගංජා විතරක් නෙමෙයි විශේෂඥ මනෝ වෛද්‍ය රුවන් ජයතුංගත් සම්බන්ධ කරන්න පුළුවන්.

      - මීට "කකා"ගේ මහප්පා

      Delete
  11. මහ කුණුගොඩක් නිසා අවුස්සන්නම ඕනෑ.

    එම්බල රොබට,

    තල්මසුන් , මෝරුන් බහුල බ්ලොග් සයුරේ සරණ අපට මඩ පිරි සිඳී යන කුඩා වලෙක සිටින තා වැනි මඩකරියකු කුමක් කරයිද ? යව යව. තව තවත් බක තපස් රකින ගූතලන් නම් පාලං කොක් තෙම සරණ යව. උන් බස් අසා උන් තුඩින් මානස විල බලා ගොස් ඒ අසල ලුණුවරණ ගස උඩදී ගූතලන් නම් පාලං කොක් තෙම වෙතින් ධර්මාවබෝධය ලැබ උන් වෙතින් නිවන් යව.

    - ඒ වගත් මෙසේම "කකා"ගේ සුලුපියාණන් වම්හ.

    ReplyDelete
    Replies
    1. මචෝ මෙහෙම ගියොත් නම් උඹ මාට්ටු වෙනවා. ඔය උඩින් එක දැකලත් මට හිතුනා මේ නම් මූ ම තමයි කියල.

      ආතල් එකට උනත් කැකුණ තලන්නේ නැතුව හිටු.

      - පරණ සටන් සගයෙක්.

      Delete
  12. පැරා උඹ අර 1995 දී ගත්ත පොටෝ එකක් දැම්මට හිට් වුණේ නැහැනෙ බං. ඒත් බලපං මචං අද උදේ ඔටාරා දැම්මා එයාට අවුරුදු 18 දී ගත්ත පොටෝ එකක් instagram එකේ. මචං මාර response එකක් තියෙන්නේ බං. මාර දාර්ශනික කමෙන්ට්ස් වැටෙන්නේ ඒ පොටෝ එකට. පිස්සු assemble වෙනවා පැරා. මචං උඹගේ w3lanka brand එක මොකක් ද පැරා, ඔටාරගේ Odel brand එකත් එක්ක ගත්තම. මචං brand එකක් ගොඩ දාගන්න හැටි වෙලාවක චින්තව meet වෙලා අහගනිං.

    ReplyDelete
    Replies
    1. වයස අවුරුදු 18 දී ගත්තු ෆොටෝ එකේ නම් ඔටාරා අජූතයි. දැන් නම් වයස අවුරුදු 50 පැනලා තිබුණත් නියම කෑල්ල.

      Delete
  13. මෙහෙමයි. මූ ටික කාලෙකට ඉස්සෙල්ල ගෝතලන්ටත් මොනවද කිව්වා. ගෝතලන් දෙකයි කිව්වේ මූ බයවෙච්ච පාරට උගේ ගල් කොල්ල වෙලා තමයි නැවතුනේ. ඒ වගේ එල කොල්ලෙක් තමයි රොබර්ට් කියන්නේ. එල කිව්වට ගල් කොල්ලෙක්

    ReplyDelete
    Replies
    1. උඹ ක(ක්)කා කොලුවගෙ ගල් කොලුවා වෙච්චි, මම මොකාගෙ ගල් කොලුව වුණාම මක්කෙයි ? අනික හැම තිස්සෙම ගල් කතා කියවන්නෙ සබ්ජෙක්ට් කාරයෙක්ම හින්දනෙ.

      Delete
    2. සිදුනයි කොල්ලෝ. ගොතලන්ට කියල අතගා ගනින්

      Delete
    3. ඌ ඉස්කෝලෙ යන කාලේ කොළඹ 7 ලේඩීස් කොලෙජ් එකට යන කෙල්ලො දිහා බල බල තම්යි චූන් එක ගන්නේ. මොකද, ලේඩීස් කොලෙජ් එකේ කෙල්ලන්ගේ යුනිෆෝම් ගවුම කොටයි; අනිත් එක ඒ ගවුමේ අත් නෑ. මූ නියම voyeur ! ලේඩීස් කොලේජ් එකේ කෙල්ලෝ දිහා බල බල හිටපු සුප්‍රසිද්ධ voyeur ගෝතලන් !

      Delete
  14. "ගංජා රෝපණ වර්ණනාව" ? මොකක්ද පැරා මේ ? අපි නම් අහල තිබුනෙ "ගංගාරෝහණ වර්ණනාව" ගැන විතරයි. මහ රජානනුත් ඒ කාලේ නිල්වලා ගඟේ උඩුගං ගිහිං කරන්න ඕන මේ පුණ්‍යයෝත්සවය නිල්වලා ගඟේ යටිගං බලා ගිහින් කොරල දන්න කියන උදවිය හිනැස්සුව නේද ?

    ReplyDelete
  15. බූරු රොබටයෝ,
    තොට තේරෙන්නේ නැද්ද මුන් සෙට් එක මාතලන්ටයි තොටයි වටකරල දෙන්න හදන්නේ. ඔතන භයානකම උන් තුන්දෙනා "කකා"ගේ "පපා"යි, "බාප්පයි", "මහප්පයි". බලපන් උන් පරණ ඇරියස් කවර් කරන ක්‍රියේටිව් විදිය.උන් එක්ක මඩෙන් දිනන්න උඹට තියා මාතලන්ටවත් බෑ. මේක මෙතනින් ඉවර කරපං. උන් කියන දේවල් වලට උත්තර දෙන්න ගිහින් උඹ නානවා. උන්ට ඕනත් ඒක. උන්ට ඕන හු**ක් කියා ගනින් කියල උඹ නිකන් හිටපන්.

    ReplyDelete
    Replies
    1. උඹ කියන එකේ ඇත්තක් නැත්තෙම නෑ, ඒත් උඹට තේරෙන්නෙ නැද්ද ඔතන 3,4 දෙනෙක් නෑ, ඉන්නෙ එකයි කියල. වැඩිම උනොත් දෙන්නෙක් ඉඳියි. අනික ක(ක්)කා කොලුවා එක්ක නම් ගේම තියෙන්නෙ, අනිත් උන් ඇවිත් මෙතන කොටන්නෙ, උන්ට මොකක්ද මාත් එක්ක තියෙන ඇරියස් එක? මම බ්ලොග් ලියන එකෙක් නෙවෙයි. අනික මම මාතෙ ඇරෙන්න වෙන උන් එක්ක ගේම ඉල්ලලා නෑ.ඒ නිසාම මේක කරන්නෙ ක(ක්)කාම තමයි. බලපන් ඌ විතරමයි ඔය ගල් කේස් ඇදගෙන මෙතන කෑ ගහන්නෙ. ඔය ගල් කේස් අදින්නෙම පොඩි කාලෙ පිරිමින්ගෙන් අතවර වෙච්ච එකෙක්, ඒකෙ ඇරියස් අල්ලන්න.

      Delete
    2. මේක එල. මූත් ගෝතලන් වගේම උපන් ගෙයි හරකෙක්

      Delete
    3. මං හිතන්නෙත් එහෙමයි. දෙන්නෙක් තමයි. එකෙක් තුට්ටු දෙකේ ගල් කතා කියනවා. "පපායි", "බාප්පයි", "මහප්පයි" කියන එකා බොහොම නිර්මාණාත්මකව උඹ හරහා මාතෙ එක්ක පරණ ඇරියස් කවර් කරනවා. හැබැයි 7.58 ඇනෝ කිව්ව එක හරි.ඌ භයානක සහ මඩටම උපන් එකෙක්. මම සැකේට හිතන්නේ සිංහලෙන් අකුරු හතරකින් මුල් නම ලියන බ්ලොග් එකේ නම සිංහලෙන් අකුරු පහකින් ලියන එකෙක් ගැන.

      Delete
    4. ඇදගෙන නෑම සහ ගූතලන්...!!! LOL

      Delete
    5. මොකෙද්ද බන් මේ මේ රොබට් ගොං තලං නම් දෙකින්ම එන ඒ මදිවට තව ඇනෝත් එන ගොං පකා..... රෙනව නෙවෙයි රිරී ඇවිදිනව !

      Delete
  16. කෝ මේ ගල් රොබට

    ReplyDelete
    Replies
    1. රොබට් සහ ගෝතලන් නම් දෙකින්ම ඉන්නෙ එකෙක්. ගෝතලන් ගොං මෝලා මේක කාලයක් පැලැන් කොල්ල ගහපු ගේමක්. මුලින්ම බොරුවට ඉකොනොමැට්ට එකේ තමන්ටම බැනගෙන වෙන එකෙක් වගේ පෙන්නල දැන් ඌ නෑවිත් රොබට් කියන හොර නමින් බනිනව. මුගේ සිඟිති ආතල්.

      Delete
    2. ඇනෝ 10:20 PM, මේ ඉකොනොමැට්ට එකේ දැමූ කමෙන්ට් එක.

      //අනික මට පේන විදියට ඉකොනොමැට්ටා කියන එකත් සක්කිලි වැඩ කරනවා වගේ.//

      මාතලන් ඔබ මේ කියන සක්කිලි වැඩ මොනවාද කියල මම දන්නේ නැහැ. මොනවා හරි ප්‍රශ්නයක් හරි සැකයක් හරි තියෙනවනම් මෙතන හෝ මගේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් ලෙස හෝ පෞද්ගලිකව (economatta@gmail.com) වෙත ඊ-මේලයකින් පැහැදිලි කළොත් මට ඒ ගැන අදහස් දක්වන්න පුළුවන්. ඉකොනොමැට්ටා බ්ලොග් එකේ විචාරක ලෙස කමෙන්ට් කළේ රසික නොවන බව මම කිවුවේ එය දමා තිබුණු තැනැත්තා එය දමා තිබුණු රටේ ඒ වෙලාවේ රසික ඉන්න ඉඩක් නැති නිසා. එය දැනුම් දුන්නේ ඔබේ කිසියම් සැකයක් ඇත්නම් දුරු කර ගැනීමට කරන උදවුවක් වශයෙන්. ඒ ඇර මගේ බ්ලොග් එකට සම්බන්ධ නැති අනෙක් දේවල් ගැන මම දන්නේ නැහැ. ඔබ සමහර විට කියන්නේ මගේ බ්ලොග් එකේ වෙනත් අය විසින් අතරින් අතරින් පතර දමා ඇති අපහාසාත්මක කමෙන්ට් ගැන වෙන්න පුළුවන්. මගේ බ්ලොග් එකේ වෙනත් අයෙකු දැමූ කිසිම කමෙන්ට් එකක් මම මෙතෙක් මකලා නැහැ. කලකට පෙර රසික දැමූ එක කමෙන්ට් එකක් වැරදීමකින් ඩිලීට් වී එයත් ඊමේල් එකෙන් හොයලා වහාම නැවත දැම්මා. ඇතැම් කමෙන්ට් ඒවා දැමූ අය විසින්ම පසුව ඩිලීට් කර තිබෙනවා. (දැමූ අය කවුද කියා මම දන්නේ නැහැ) කමෙන්ට් එකකින් එක එක පුද්ගලයාට ප්‍රශ්නයක් වෙන සීමාව මම හරියටම දන්නේ නැහැ. එය මට තීරණය කරන්න අමාරුයි. ඒ නිසා දැනට මම කිසිම කමෙන්ට් එකක් මකලා නැහැ. හැබැයි ඕනෑම කෙනෙක් කිසියම් කමෙන්ට් එකක් මේ හේතුව මත ඩිලීට් කරන්න කියා ඉල්ලීමක් කළොත් එය මා දුටු වහාම ඒ ගැන සලකා බලන්න සූදානම්. බ්ලොග් එකේම ඒ ගැන කිවුවොත් ඉක්මනින් අවධානයට ලක්වෙන්න තියෙන ඉඩ වැඩියි.

      Delete
    3. ඔව් එක වෙන්න පුළුවන්. එත් සාක්ෂි නැතිව ගූතලන් වගේ දෙස් දෙවොල් තිබ්බොත් අපිත් උගේ ගානටම වැටෙනවානේ. එක නිසා සැකයේ වාසිය ගල් රොබට්ට දෙමු

      Delete
    4. නමක් ගමක් නැතුව හැංගි හොරා ඇනෝ ගහල සිඟිති ආතල් ගන්නෙ නපුංසකයො. මම 2014 තමයි ප්‍රෝෆයිල් එක හැදුවෙ. පස්සෙ මගෙම ෆෝටෝ එක දාල කමෙන්ට් කොටනකොට, ඇනෝ බච්චො මාව වෙන උන්ට සමාන කරනවා. උන් හිතන්නෙ මමත් උන් වගේම ඇනෝ ගහන නපුංසකයෙක් කියලා. ඕපු හිතා ගනිල්ල.

      Delete
    5. ආ මේ රොබටනේ. දැනුයි අඳුනගත්තෙ. සන්ග්ලාස් දාල මොඩ් වෙලා නිසා අඳුරගන්න බැරිඋන. ඒ දවස්වල පොල් කඩන්න එනකොට සන්ග්ලාස් දාල හිටියේ නැහැනේ. ඉතින් ඉතින්..

      Delete
    6. හැබෑට? අම්මප ඇත්තද බන්? අනේ සොරි ! බය බෝයි !

      හෙන චාටර් බන් ගූතලනො, අනේ යකෝ උබේ අර ගූතලන් බෙට්ටෙ ඉන්න බච්චො එක්ක ඔව කියහන්.

      Delete
    7. රොබට් නොහොත් මාතලන්,

      දැන් එතකොට ඔය මාතලන් නැත්නම් රොබට් කියන අන්වර්ත නම් දෙකින් ආවම විතරද පොරවල් වෙන්නෙ? ඇනෝ ලිව්වම නපුන්සකලු. තොපිට අන්වර්ථ නාමවලින් ප්‍රොපයිල් හදාගන්න හොන්දයි. අපි ඇනෝ ආපම නරකයි. මේ ඕයි තමුසෙ උපන් ගෙයි මී හරකෙක් උනාට කමක් නැහැ තප්පු ලලා ගොම දාන්න එපා, ගඳයි.

      Delete
  17. මට නම් හිතෙන්නෙ කුමාර් ගුණරත්නම් ගෙ ඉරනම විතරක් නෙවෙයි ළෝකය සහ ළෝකයේ වෙන හැම ලබ්බක්ම තීරණය වෙන්නෙ කේන්දරේ ග්‍රහ පිහිටීම් මතයි. මොන නව දැනුම් පද්ධතියක් බිහි උනත් ජෝතිෂ්‍යයට එහා දෙයක් නැහැ. බොරු නම් අහන්න අපේ මාමගෙන් නාස එකත් ග්‍රහයොත් එක්ක ඩීල් කලේ එයාගෙන් අහල.

    ReplyDelete
    Replies
    1. නාස එකද? අර නාසරාණි එකාද?

      Delete
  18. ඇතැමෙක් පැරාට නිතරම දෝෂාරෝපණය කරන හේතුව ------->

    පැරා දෙමළ කොටි සංවිධානය කරපු මිනීමැරුම්, සමූහ ඝාතන, දේපළ විනාශ, යුරෝපයට කුඩු පැටවීම, ළමා සොල්දාදුවන් බිහි කිරීම, ස්වයං ඝාතකයන් බිහි කිරීම කියන අපරාධ නොදැක්කා වගේ හිඳිමින් ශ්‍රී ලංකා රජයේ හමුදාවන් අතින් සිදුවූ වැරදි පමණක් දකින නිසා.

    NGOවල තියෙන අපකීර්තිමත්භාවය නිසා සමහරු හිතනවා පැරාටත් කුමාර්ලට, ජෙහාන්ලට වගේ ඩොලර් කුට්ටි හම්බ වෙනවා කියලා. ඒත් ඒ මතය වැරදියි. පැරා ඩොලර් කුට්ටි ලබා ගන්න විදිය දන්නේ නැහැ. ඒකට සුද්දන්ව රැවටීම කියන 'බීච් බෝයි' ගුණය තියෙන්න ඕනේ. කුමාර්ලා, ජෙහාන්ලා සුද්දන්ව රැවටීමේ කලාව ඉගෙන ගත්තේ ඒගොල්ලන්ගේ ළමා කාලයේදීමයි. ඒගොල්ලන්ගේ තාත්තලාත් සීයලාත් ඒ කලාවේ අගතැන් පැමිණි අය. ගමක හැදුණු වැඩුණු, අහිංසක ගැමි යුවලක් තම දෙමව්පියන් වුණු පැරාට ඒ කලාව පිහිටලත් නැහැ, ඒක ලේසියෙන් ඉගෙන ගන්නත් බැහැ. පැරා ඒ ගැන දුක් වෙන්න ඕනෙත් නැහැ, මොකද පිරිසිදු හෘද සාක්ෂිය කියන එක ඔය හැම දේටම වඩා වටිනවා. ඒත් කොටි සංවිධානය ගැන පැරා දරණ මතය ගැන පැරා නැවතත් හිතා බැලුවොත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. /සුද්දන්ව රැවටීම කියන 'බීච් බෝයි' ගුණය//

      ඒක හොඳටම තියෙන්නෙ අර බක් ෆියට් එකේ රෝයල් ගිය එකේ රෝයල් එකේ දීප්තිමත් ආදි වාසියෙක් වෙච්ච ගඩ්ඩා බෝයි තමා...

      Delete
    2. අනේ උගේ පංපෝරිය විතරයි, උගෙ මහලොකු ළෝකයේ සුපිරියට පට්ට ඉස්කෝලෙයි උගෙ කෑලි ගැන ගහන මනස්ගාත වැල් බයිලයි, හෙන චාටර් ගොබ්බයෙක් ඔය ගෝතලනා !

      එව්ව හොඳා උගෙ ගෝතලන් බෙට්ටෙ ඉන්න ඌටම එහෙයි කියාගත්ත ගොං බච්චො සෙට් එක එක්ක කාලෙ කන්න.

      Delete
  19. ගූතලන්ට හැබැයි නෙලුම් අජිත් හොඳ ලනුවක් දීල තියෙනවා ඇනෝ ඇල්ලීම පිළිබඳව. මෝඩයනේ. නෙට්වර්කින් ගැන දන්නා බිජ්ජකුත් නැති නිසා මූ හොඳට අන්දිල ඉන්නේ.
    මම හිතන්නේ ඔය ටෙලෙකොම් එකේ හරි මොකක හරි ඉන්න උන් දෙන්නෙකුත් මූට ඇනෝ හොයල දෙනවා කියල ගාන කඩාගන්නවා.

    ReplyDelete
    Replies
    1. හහ් හහ් හා ! වෙල් සේඩ් මචෝ. ගොනා කියල මරන්ට පුළුවනෑ?

      Delete
    2. සහතික ඇත්ත මචං ! හැබැයි ගූතලන්ගෙ "ගංජා රෝපණ වර්ණනාව" එහෙමත් නැත්නම් "කංසා රෝපණ වර්ණනා" ලිපි 2016 වර්ෂය සඳහා වන "ආර්ථික විද්‍යාව පිලිබඳ" නොබෙල් තෑගි කමිටුවට යවල තියනව කියන්නෙ ඇත්තද? ඒ විතරක්යැ මචං මූට "මොසාඩ්" එකෙන් තර්ජනලු ඊශ්‍රායලය ආර්ථික සහ යුධ රහස් ප්‍රසිද්ධ කළා කියල. හැබැයි මචන් ඔමාට මොලේ තියනව බලපන් ඊශ්‍රායලයේ උන්නත් ගෑනි නෙමෙයි ඔය රහස් ගැන කට හෙලෙව්වෙ. දැන් ඉතින් ඔමාට කියලවත් "මොසාඩ්" එක ෂේප් කරගන්න බැරිවෙයිද ?

      Delete
    3. "ගංජා රෝපණ වර්ණනාව" එහෙමත් නැත්නම් "කංසා රෝපණ වර්ණනා" ලිපි ඉතාම හොඳින් කරුණු නිරීක්ෂණය සහ අධ්‍යයනය කර ලියා ඇති ගවේෂණාත්මක වාර්තාකරණයක්. මෙවැන්නක් සුදුසු වන්නේ විශ්ව විද්‍යාලයයීය ශාස්ත්‍රීය නිබන්ධනයකට හෝ ජාත්‍යන්තරව පිළිගත් ශාස්ත්‍රීය සඟරාවකටයි.

      - අරුණ පෙරේරා

      Delete
  20. මුලින්ම සංචාරක සඟරාවක (Travel Magazine) පලකළොත් නරකද ? විශ්ව විද්‍යාලයයීය ශාස්ත්‍රීය නිබන්ධන හෝ ජාත්‍යන්තරව පිළිගත් ශාස්ත්‍රීය සඟරා ඉතා සුලු පිරිසකට සීමා වෙනවානෙ. සංචාරක සඟරාවක් එයට වඩා වැඩි පිරිසක් අතට යනව. ආයෝජකයන් අතට පවා. ආයෝජකයොත් නිතරම සංචාරය කරන මිනිස්සුනෙ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා