සුබසාධනය දඩමීමා කර ගත් රාජ්‍යය රැකගන්නට රාජ්‍ය ආදායම් බිඳවැට්ටවීම

වැට් බද්දට එරෙහිව උද්ඝෝෂණය කරන්නට ලංකාවේ වෙළඳ ප්‍රජාව එක් වීම සුවිශේෂ සිද්ධියකි. සාමාන්‍යයෙන් වෙළඳ ප්‍රජාව එක්සත් ජාතික පක්ෂයට හිතවත් යයි ජනප්‍රිය මතයක් ඇති මුත්, එය එසේ නොවන බවටත්, පසුගිය රාජපක්ෂ දශකය තුළ වෙළඳ ප්‍රජාව අතර පවා ප්‍රබල වෙනස්කම් සිදු වී තිබෙන බවටත් මෙම සිද්ධිය දෙස් දෙයි.

1987-89 ජවිපෙ කැරැල්ල සමයේ ජවිපෙ ද, කොටි සංවිධානය ද හර්තාල්වලදී වෙළඳසල් වැසීම කළ හ. යම්, යම් සිදුවීම් ආශ්‍රිතව කඩ වසා දමා හර්තාල් පැවැත්වීම සිදු වී තිබෙන මුත්, වෙළෙඳුන් මේ අන්දමින් ආණ්ඩුවට එරෙහිව සටනට පිවිසීම අලුත් තත්වයකි.

නව වැට් බදු සංශෝධන අනුව, රු. 33,333ක දෛනික ආදායමක් ඇති වෙළඳසල්වලට ද වැට් බද්ද ගෙවීමට සිදු වී තිබේ. මෙය ඉතා සංකීර්ණ තත්වයක් නිර්මානය කරන බව ඇත්ත ය. තමන් විකුණන භාණ්ඩයට බිල්පතක් නිකුත් කිරීමේ වගකීමක්වත් නැති කූට වෙළඳුන්ගෙන් පිරි ලංකාවේ වෙළඳපොළ තුළ මෙමගින් වැඩිපුර සිදු වීමට ඉඩ තිබෙන්නේ වෙළඳුන් වැඩියෙන් පාරිභෝගිකයන් සූරාකෑමට මෙය භාවිතා කිරීමයි. අවසානයේදී රජය අපේක්ෂා කරන ආදායම් ලැබෙන්නේත් නැතිව, සූරා කෑම වැඩි වීම නිසා ජනතාවගෙන් බැනුම් අසන්නට ද ආණ්ඩුවට සිදු වනු නියත ය.

වැට් බද්ද ගැන ආණ්ඩුව නැවත සිතා බැලිය යුතු ය. එහෙත්, වැට් බදු විරෝධයට නායකත්වය දුන් බව කියන වෙළඳුන් කිහිපදෙනෙකුගේ කඩ සීල් තැබීමට ක්‍රියා කිරීම ද එක්තරා ඇත්තක් වෙත මහජන අවධානය යොමු කළේ ය. අදාළ වෙළඳුන්ට තමන්ගේ භාණ්ඩ තොග ලබා ගත් ආකාරය පැහැදිලි කරන්නට බැරි වූ බැවින්, ඒවා නීති විරෝධීව ආනයනය කළ භාණ්ඩ ය යන චෝදනාව එල්ල කරන ලදී. ඇත්ත තත්වය වන්නේ ලංකාවේ වෙළඳාම පසුපස දැවැන්ත තීරු බදු වංචා, ආදායම් බදු වංචා, වෙනත් බදු වංචා පමණක් නොව, පාරිභෝගික නීති, කම්කරු නීති, පාරිසරික නීති ආදී උල්ලංඝනයන් අටෝරාශියක් තිබෙන බවයි. සරළව කියනවා නම්, ලංකාවේ වෙළඳපොළ යනු හොර ගුහාවකි. රජය ද, ආණ්ඩුව ද, දේශපාලකයින් ද, ජනතාව ද මේ කවුරුත් අඩු වැඩි වශයෙන් දූෂිත ය.

බදු ක්‍රමය වඩා සරළ වන්නට නම්, ලංකාවේ ආදායම් බදු ගෙවිය යුතු, ඉහළ ආදායම් තිබෙන, ආදායම් ඉපදවීම සඳහා පොදු ආර්ථික හා සමාජ යටිතල පහසුකම් පාවිච්චි කරන ධනවතුන් ආදායම් බදු ගෙවිය යුතුව තිබේ. එහෙත්, ජනතාව අවංකව බදු ගෙවන්නේත් නැත. රාජ්‍ය යාන්ත්‍රණයට නියමිත පරිදි බදු එකතු කර ගැනීමේ හැකියාව ද නැත.

ජනතාව නිසි පරිදි බදු ගෙවන්නට නො පෙළඹෙන එක් හේතුවක් වන්නේ දූෂණයයි. රජය එකතු කර ගන්නා ආදායම්, දේශපාලකයන්, රජයේ නිලධාරීන් හා රජය සමග කොන්ත්‍රාත් කරන පිරිස් විසින් සූරා කන බව ඉතා ප්‍රකට කරුණකි. අනෙක් පැත්තෙන්, රජය විසින් බදු ගෙවන ජනතාවට සාධාරණ සේවාවක් සපයන්නේ ද නැත. රාජ්‍ය සේවය අතිශය අකාර්යක්ෂම ය.

ලංකාවේ රජය යනු ජනතාව සූරාකන දැවැන්ත ම ධනපති සමාගමයි. එය මහජනතාවගෙන් එක්රැස් කරන බදු පමණක් නොව, අනාගත පරම්පරා ගණනාවක් උගසට තබා ගත් ණය ද භක්ෂණය කරමින් තමන් ලබන සියලු පාඩු ආපිට ජනතාව මත ම පටවන අතිශය අකාර්යක්ෂම සමාගමකි. රජයෙන් ලාභ ලබන්නේ කවුරුද යන්න හරිහැටි තේරුම් ගත යුතු ය. ධනපති පංතිය ජනතාව සූරාකනවා ය යන ජනප්‍රිය මාක්ස්වාදී ප්‍රවාදයට මුවා වී වසන් කරන ලද යථාර්ථය තුළ ඇත්තට ම සිදු වන්නේ කුමක් ද? බහුතර මහජනතාවට කාලකන්නිකම උරුම කර දී තිබෙන මේ දැවැන්ත රජය පවත්වාගෙන යන්නට උවමනා වන්නේ කාට ද? ඒ වනාහි, එයින් යැපෙන දේශපාලකයෝ, රාජ්‍ය නිලධාරීහු හා රජය සමග විවිධ කොන්ත්‍රාත් කරන්නෝ ය. රජයෙන් යැපෙන්නන් වන මුත්, රාජ්‍ය සේවකයන්ගේ පහළ ස්ථරයේ ජීවිත ද රජය නිසා කාලකන්නි වී තිබේ.

ලංකාවේ ආර්ථිකයේ තිබෙන ලොකුම ගැටලුව මේ දැවැන්ත, අකාර්යක්ෂම රාජ්‍යයයි. එය සුබසාධන රාජ්‍යයැයි අර්ථකථනය කරන අය තේරුම් ගත යුතු කාරණය වන්නේ සුබසාධනය මේ රාජ්‍යයේ අරමුණ නො වන බවයි. ඇත්තම කියනවා නම් සුබසාධනය යනු මේ රාජ්‍යය පවත්වාගෙන යාම සාධාරණීකරණය සඳහා දඩමීමා කරගෙන ඇති දෙයයි.

දඩමීමා යනු දඩයක්කාරයන් වනයේ දඩයමේ යන විට ගෙන යන මීහරකෙකි. දඩයක්කරුවා යන්නේ ඌට මුවා වෙලා ය. මීමා පමණක් දකින වන සත්තු බිය නො වී නිසලව සිටිති. දඩයක්කරුවා වෙඩි තබන්නේ මීමාට මුවා වෙලා ය. සුබසාධනය ද මෙම දඩමීමා වැනි ය. සුබසාධනය නඩත්තු කරන්නේ රජය පවත්වාගෙන යන්නට මිස, රජය තිබෙන්නේ සුබසාධනය වෙනුවෙන් නො වේ. මෙය ඕනෑ ම, රාජ්‍ය ව්‍යවසායක් ඇසුරෙන් පැහැදිලි කළ හැකි ය. පාර්ලිමේන්තුව තිබෙන්නේ නීති සම්පාදනයට ද, නැතිනම්, එයට තේරී පත්වන අයට වරප්‍රසාද භුක්ති විඳින්නට ද? එපරිද්දෙන් ම, රජයේ රෝහල් තිබෙන්නේ මහජනතාවට වෛද්‍ය පහසුකම් සපයන්නට ද, නැතිනම්, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සේවකයන් මහජන මුදලින් වැටුප් ගැනීම සාධාරණීකරණය කරන්නට ද?

පවත්නා රාජ්‍යය සුබසාධන රාජ්‍යයකැයි නාමකරණය කරමින් එය ඒ අන්දමින් ම රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටින, තමන් ඉතා මානව හිතවාදී යයි කියන බලවේග ඇත්තෙන් ම කරන්නේ මේ රාජ්‍ය සූරාකෑම පවත්වාගෙන යාම වෙනුවෙන් පෙනී සිටීමයි.

ඒ අතරවාරයේ ඔවුන් මේ ඊනියා සුබසාධන රාජ්‍යය පවත්වාගෙන යාමට බැරි තත්වයකුත් නිර්මානය කරනවා. එය කරන්නේ රජයේ බදු ආදායම් මාර්ගවලට විරුද්ධ වීමෙනුයි. ඒකාබද්ධ විපක්ෂය විවෘතව ම ආණ්ඩු විරෝධී පදනමකින් වැට් බද්දට විරුද්ධයි. විමල් වීරවංශ එයට එරෙහිව නඩු පවරා ජය ගත්තා. ඔවුන් තේරුම් ගන්නට පහසුයි. ඔවුන්ට උවමනා වී තිබෙන්නේ රජය අයවැය පියවා ගත නො හැකි තත්වයකට පත් කර, ආර්ථික අර්බුදය උත්සන්න කර, ආණ්ඩුව බිඳ වට්ටා තමන් අතට බලය ගැනීමයි. ඉන් පසු ඔවුන් නැවත වැට් බද්ද හා තවත් බදු ගෙන එනු ඇත.

එහෙත්, මානව හිතවාදී පදනමකින් වැට් බද්දට විරුද්ධ වනවා ය කියන අය ඇත්තෙන් ම කරන්නේ කුමක් ද? ඉතාම සුන්දර පෙනුමක් ආරෝපණය කර ගනිමින්, ආකර්ශනීය වචනවලින් ඔවුන් කියන්නේ තමන් රජයේ හොඳ පැත්ත වන නොමිළේ අධ්‍යාපනය, සෞඛ්‍යය ආදිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෙනී සිටින ගමන් රජයේ නරක පැත්ත වන අධික ලෙස බදු අය කිරීම, ණය ගැනීම ආදියට විරුද්ධ වන බවයි. තවත් සරළ කළහොත්, ඔවුන් කියන්නේ ඔවුන් රජයේ වියදම්වලට පක්ෂ බව හා ආදායම්වලට විරුද්ධ බවයි. ආදායම් නැති, වියදම් වැඩි, ලක්ෂ 14කට අධික ඍජු කොටස් හිමියන්ගෙන් සමන්විත රජයේ අයවැය පියවා ගන්නේ කෙසේ ද යන සරළ ප්‍රශ්නයට විසඳුමක් මේ සෝබනකාරයෝ ඉදිරිපත් නො කරති.

මේ ඊනියා විරෝධතාවාදීහු අර්බුදය ඉතා මනරම් වචනවලින් විග්‍රහ කරති. එහෙත්, ඔවුන්ට විසඳුමක් නැත. කිසිවෙක් මේ සරළ ප්‍රශ්නයට පිළිතුරක් නො දෙති. ඔවුන් රාජ්‍යය බිඳ දමන කඩාකප්පල්කාරීන් පිරිසක් බව අප කියන්නේ ඒ නිසා ය. අප මේ ඊනියා සමාජවාදීන් රාජ්‍ය විරෝධී සහෝදරත්වය ලෙස හැඳින්වූයේ ද එහෙයිනි. නිසි ඉලක්කයක් නැති ඔවුන්ගේ රාජ්‍ය විරෝධිත්වය සේවය කරන්නේ විනාශයටයි. ප්‍රතිගාමිත්වයටයි.

ලංකාවේ ජනතාව සූරා කන, විශේෂයෙන් ම පීඩිතයන්ගේ ජීවිත කාලකන්නි කරන රජය ආරක්ෂා කිරීම වෙනුවෙන් අප පෙනී සිටීම විරුද්ධාභාසයක් බව ගිය සතියේ අප උපුටා දැක්වූ අක්ෂය වෙබ් අඩවියේ සහෝදරයෙක් තර්ක කළේ ය. රජයට විරුද්ධ වෙමින් එය ආරක්ෂා කිරීම වෙනුවෙන් ද පෙනී සිටීම පැහැදිලි කරන්නේ කෙසේ ද? අපි මොහොතකට යුනිලීවර්ස් බහු ජාතික සමාගම සලකා බලමු. එය ජනතාව අතර අධික පාරිභෝජනවාදයක් ප්‍රවර්ධනය කරමින් අධික ලාභයක් ලබන ප්‍රධාන පෙළේ බහුජාතික සමාගමක් බව ඇත්තකි. එහෙත්, එක පාරට එය අහෝසි වේ යයි සිතන්න. එවිට ලෝකයට අවශ්‍ය සබන්, දත්බෙහෙත් වැනි නිෂ්පාදනවල දැඩි හිඟයක් එක පාරට ම ඇති වෙන එක ද සිදු විය හැකි දෙයකි. රජයත් එවැනි ය. රජය සිය පැවැත්ම වෙනුවෙන් දඩමීමා ලෙස හෝ කාලාන්තරයක් තිස්සේ මහජන සුබසාධන සේවාවන්වල ඒකාධිකාරය පවත්වාගෙන ගොස් තිබේ. එය බිඳවැටුණහොත්, මුලින් ම සිදු වනු ඇත්තේ රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමට බැරි වීමයි. එතැන් සිට සුබසාධන සේවාවන් තවත් බිඳ වැටෙනු ඇත. සෞඛ්‍ය සේවාවන් වැනි අත්‍යවශ්‍ය ම සේවා බිඳ වැටුණවිට පීඩිත ජනයා අතර කාලකන්නිකම තවත් තීව්‍ර වනු ඇත.

රජය බිඳ දැමීමට කටයුතු කරන අයට ඒ වෙනුවට ආදේශ කිරීම සඳහා දෙයක් තිබේ ද? නැත. රජය බිඳ වැටීම සමග සමස්ත සමාජ දේහය ම බිඳ වැටෙනු ඇත. එහෙයින් කළ යුතුව තිබෙන්නේ රාජ්‍යය බිඳ දැමීම නො වේ. බිඳ වැටීම වළක්වා ගත හැකි අන්දමේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටිමින් ඒවාට උපකාර කිරීමයි. අරගලය රාජ්‍යය ප්‍රතිසංස්කරණය කිරීමට ය. එය ප්‍රතිව්‍යූහගත කිරීමක් විය හැකි ය. එය කරන්නේ කෙසේ ද යන්න අපේ සංවාදය විය යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. // නව වැට් බදු සංශෝධන අනුව, රු. 33,333ක දෛනික ආදායමක් ඇති වෙළඳසල්වලට ද වැට් බද්ද ගෙවීමට සිදු වී තිබේ. මෙය ඉතා සංකීර්ණ තත්වයක් නිර්මානය කරන බව ඇත්ත ය. //

    ප්‍රස්නේ තියෙන්නෙ එතන නොවේ.

    දිනකට ආදායම ඉක්මවන සෑම වෙලෙඳ සැලකම වැට් බද්ද ක්‍රියාත්මක වන විට එම ආදායම කොපමනදැයි නීර්නය කිරීමේ ක්‍රමවේදයක් රජය විසින් හඳුන්වාදෙනු ඇත. එවිට වෙලෙඳසැලේ සත්ය වෙලෙඳාම දේසීය ආදයම් දෙපාර්තමේන්තුව දැන ගනී.

    එහි ප්‍රතිපලයක් ලෙස මුදලාලි ගේ ආදායමත් ඒ අනුව රජයට ගෙවිය යුතු ආදායම් බද්දත් ගන්නය කිරීම රජයට කජු කන වැඩකි.

    මුදලාලිලා විරුද්ද වැට් බද්ද වැඩිවීම ට නොව වැට් බද්ද නිසා තමන් ගේ සත්ය ආදායම රජය දැනගැනීම සහ ඒ අනුව ආදායම් බදු ගෙවන්නට සිදු වීමය!

    ReplyDelete
  2. රාවයෙන් කිය වූයෙමි...

    ගෙවන්නාටද ලබන්නාටද නොරිදෙන ක්‍රමයක් ඇති කල යුතුය..

    ReplyDelete
  3. Govt can print the invoice books and give it to businesses and professional who don't have computer system. This will limit the professional charging unreasonable amount from poor as well.

    ReplyDelete
  4. //සරළව කියනවා නම්, ලංකාවේ වෙළඳපොළ යනු හොර ගුහාවකි. රජය ද, ආණ්ඩුව ද, දේශපාලකයින් ද, ජනතාව ද මේ කවුරුත් අඩු වැඩි වශයෙන් දූෂිත ය.//

    තවත් කෙටියෙන් කියනවානම්, ලංකාව යනු හොර ගුහාවකි!

    ReplyDelete
  5. එතකොට රාජ්‍ය නොවන සංවිධාන (NGO) ?

    ReplyDelete
    Replies
    1. රාජ්‍ය නොවන සංවිධානය යනු ඉහත කී සියල්ලට ම වඩා හොර ගුහා බව අමුතුවෙන් කියන්නට උවමනා නැත. ඔවුහු මේ හොරකමත් අලෙවි කර පිටරටින් මුදල් ගෙන ඒවාත් හොරකම් කරති.

      ඔබට සතුටුයි ද දැන්?

      Delete
  6. යූඇන්පී රජය ධනවාදී ආර්ථික ක්‍රමෝපායන් අනුගමනය කිරීමේදී
    වඩාත් නිවැරදි ක්‍රමය තෝරා බේරා ගන්නවා වෙනුවට ඇහින්දාස්
    විසඳුම් අනුගමනය කරනු ලබන බව මාගේ වැටහීමයි.
    මා ජීවත් වන ඉතාලියේ vat බද්දට සමාන බද්දක් ක්‍රියාත්මක වෙයි.
    එය එක් එක් භාණ්ඩ සඳහා වෙනස් අගයක් ගනී. අත්‍යාවශ්‍ය භාණ්ඩ
    සඳහා අඩු ප්‍රතිශතයක්ද , සුඛෝපභෝගී භාණ්ඩ සඳහා වැඩි ප්‍රතිශතයක්ද
    ලෙස එය 5% සිට 22% දක්වා පරාසයක විහිදේ.
    ප්‍රධානම කරුණ මෙම ක්‍රමය හරහා කිසිවෙකුටත් බදු නොගෙවා සිටීමට
    නොහැකි වීමයි. වෙළෙඳුන් වර්ග කිරීමක් අවැසි නොවෙන අතර තොග වෙළෙන්දා
    හා පාරිභෝගිකයා අතර අතරමැදි වෙළෙඳ ගනුදෙනුවලදී සිදුකෙරෙන බදු ගෙවීම්,
    ප්‍රතිගෙවීම සඳහා සරල ක්‍රමයක් අනුගමනය කෙරේ.
    ( මෙහි කිසිම ආකාරයක වෙළඳාමක් ලියාපදිංචියකින් තොරව සිදු කල නොහැක.)
    සේවා සඳහාද මෙම ක්‍රමයම අනුගමනය කරන අතර එහිදී නම් යම් ආකාරයක බදු
    පැහැර හැරීම් සිදුවන අතර එහෙත් ප්‍රමාණාත්මකව සුළු පරිමාවකි.
    රාජ්‍යය ක්‍රමික කිරීම හා සරල සැමට අවබෝධ කරගත හැකි බදු ක්‍රමයක්
    පවත්වාගෙන යාම වඩා සුදුසු බව මාගේ වැටහීමයි.
    ලංකාවේ ලක්ෂ අසූවකට පමණ මිල වෙන ජපානයේ නිෂ්පාදිත රීකන්ඩිෂන් මෝටර්
    රථයක් වෙනුවට එහිම අලුත්ම එකක් ලක්ෂ විස්සකට වඩා අඩු මිලකට මෙහිදී මිලදී
    ගත හැක්කේ මා ඉහතින් සඳහන් කල බදු ක්‍රමය යටතේය . අල කිලෝවක මිල රුපියල්
    64කි . සිනී 96කි.
    බලය ඇත්තන්ට මේවා පෙනී සොයා බලා වටහාගෙන ප්‍රායෝගික භාවිතාවේ යෙදවීමට
    සිත් පහල වේවා!!!!!!! සේනක ඉඳුවර

    ReplyDelete
  7. ඩබ්ලිව් තුන ලංකාහි අපගේ මෙහෙවර සඵල සමාප්තියකට එළඹීම හෙවත් අපගේ නික්ම යාම


    සම්මානනීය වියුණුසටහන්කරුවෙකු වන මතුගම අජිත් පැරකුම් ජයසිංහයන්ගේ ඩබ්ලිව් තුන ලංකා වියුණුසටහන් අඩවිය පිළිබඳ මීට වසර කීපයකට පෙර විද්‍යා මාවතේ දී මුළු ගැන්වුණු අපගේ පැරණි මාධ්‍ය මිත්‍ර සමාගමක් විසින් සාකච්ඡාවක් ඇරඹිණි. එය අහඹුවකි. කලකට පෙර වමේ ව්‍යාපාරයේ සිටි මතුගම අජිත් පැරකුම් ජයසිංහ නමැති අතීත මිත්‍රයෙකු ඩබ්ලිව් තුන ලංකා නම් වෙබ් අඩවියක් මඟින් වමට ද වියතුනට ද මඩ ගසමින් සිටින බව සංවාදයට ගැනිණි. එකී අසාධු චර්යාවට එරෙහි ව යමක් කළ යුතු බව ද ගිවිස ගැනිණි. කලක් වාමාංශික ක්‍රියාකාරීන් ව සිට පසු ව විවිධ රටවලට සංක්‍රමණය වූ සුධීමත්හු ද එම මෙහෙවර සඳහා තම බුද්ධිමය දායකත්වය වැඩි කලක් යන්නට පෙර ලබා දුන්හ. එදා අප ඇරඹු එකී මෙහෙවර අද දින වන විට සඵල සමාප්තියකට එළඹ තිබේ. අතීතයේ දී දනන් තුඩ තුඩ රැව් පිළිරැව් දුන් ඩබ්ලිව් තුන ලංකා මේ මොහොතේ දී පණ අදිමින් සිටී. අපි පසු ගිය කාලය පුරා මතුගම අජිත් පැරකුම් ජයසිංහයන් විසින් කෙරෙමින් පැවති බොරුව පෙන්වා දුන්නෙමු.

    ඩබ්ලිව් තුන ලංකාහි අවසානය සහ මතුගම අජිත් පැරකුම් ජයසිංහ පිළිබඳ ප්‍රවාද අපි මෙලෙස සටහන් කරමු:

    1. මතුගම අජිත් පැරකුම් ජයසිංහ ඩබ්ලිව් තුන ලංකා මඟින් සිදු කරන මූලික ම කාර්යභාරය සමාජයේ ප්‍රභූනට ද ශාස්ත්‍රවන්තයනට ද වාමාංශිකයනට ද අවලාද නැඟීම ය.

    2. ලාංකේය සමාජයේ ඉහළ මධ්‍යම පන්තිය සහ කම්කරු පන්තිය කෙරෙහි ද මතුගම අජිත් පැරකුම් ජයසිංහයෝ බද්ධ වෛරයකින් සිටිති.

    3. ඩබ්ලිව් තුන ලංකාහි පළ වන වියුණුසටහන්වලට අනුපූරක ව පළ වන, මතුගම අජිත් පැරකුම් ජයසිංහයන්ගේ න්‍යාය සහ භාවිතාව ප්‍රශ්න කෙරෙන විවේචනාත්මක පාඨක ආලෝචන මතුගම අජිත් පැරකුම් ජයසිංහයන් විසින් එසැණ ලෝපනය කරනු ලැබේ.

    4. මතුගම අජිත් පැරකුම් ජයසිංහයන්ගේ න්‍යාය සහ භාවිතාව ප්‍රශ්න කෙරෙන විවේචනාත්මක නිර්නාමික පාඨක ආලෝචන බහුල ව එක් වන කල ඔවුහු නිර්නාමික ආලෝචන පළ කිරීමේ පහසුකම අකර්මණ්‍ය කරති. ඒ හේතුවෙන් තමනට ද නිර්නාමික ව ආලෝචන පළ කිරීමට නො හැකි වන නිසා මඳ කලක් ගෙවෙත් ම එම පහසුකම යළි සපයා දෙති.

    4. ඩබ්ලිව් තුන ලංකාහි පළ වන වියුණුසටහන්වලට අනුපූරක ව පළ වන, මතුගම අජිත් පැරකුම් ජයසිංහයන්ගේ කිතුසිරුර අපකීර්තනය කෙරෙන බොහෝ පාඨක ආලෝචන මතුගම අජිත් පැරකුම් ජයසිංහයන් විසින් තීව්‍රාලෝක කර එසැණ පළ කරනු ලැබේ. ඉතා අශ්ලීල භාෂාවෙන් ලිය වී ඇති ආලෝචන ඔවුහු අනුවේදනාභිලාෂී ව නො ලසා නව වියුණුසටහන් ලෙස තම ශෝකාලාපයන් ද සමඟ පළ කරති.

    5. ඩබ්ලිව් තුන ලංකාහි පළ වන වියුණුසටහන්වලට අනුපූරක ව පළ වන බොහෝ ආලෝචනවල කර්තෘත්වය මතුගම අජිත් පැරකුම් ජයසිංහයන්ගේ ම ය. ප්‍රචාරණ යාන්ත්‍රණයක් ලෙස ස්වයංවර්ණිත ආලෝචන මෙන් ම ස්වයංඅපකීර්තන ආලෝචන ද මතුගම අජිත් පැරකුම් ජයසිංහයන් තමන් විසින් ම පළ කර ගනු ලැබේ.

    6. තම වියුණුසටහන්වලට අනුපූරක ව පළ වන පාඨක ආලෝචන අතිශය අල්පප්‍රමාණාත්මක වී ඇති විට මතුගම අජිත් පැරකුම් ජයසිංහයෝ ඩබ්ලිව් තුන ලංකා “කිය වූ පාඨක සංඛ්‍යාව” නම් අවනිදේශනීය ස්ථිතියක් හඳුන්වා දී එය තීව්‍රාලෝක කරති. මෙකී ස්ථිතිය විසින් ප්‍රකාශ කරනු ලබන්නේ වියුණුසටහන් හෝ මූලික වෙබ් පිටුව හෝ අභිනව්‍යයනය වූ වාර ගණන මිස “කිය වූ පාඨක සංඛ්‍යාව” නො වේ.

    7. ඊනියා “කිය වූ පාඨක සංඛ්‍යාව” නම් අවනිදේශනීය ස්ථිතියේ සංඛ්‍යාත්මක අගය වැඩි කර ගැනීම සඳහා මතුගම අජිත් පැරකුම් ජයසිංහයෝ ආරම්භයේ දී තම වියුණුසටහන් අඩවිය තුමු ම අභිනව්‍යයනය කර ගනිමින් දවස පුරා වෙහෙසුණහ.

    8. ඊනියා “කිය වූ පාඨක සංඛ්‍යාව” නම් අවනිදේශනීය ස්ථිතියේ සංඛ්‍යාත්මක අගය වැඩි කර ගැනීම සඳහා මතුගම අජිත් පැරකුම් ජයසිංහයෝ වර්තමානයේ දී තම වියුණුසටහන් අඩවිය අභිනව්‍යයනය කර ගැනීමට ස්වයංක්‍රීය අභිනව්‍යයන කේත ඛණ්ඩ ප්ලගිනයක් ඩබ්ලිව් තුන ලංකාහි සංස්ථාපනය කර ගෙන සිටිති. ඒ අනුව ඩබ්ලිව් තුන ලංකා පිළිබඳ ජනතාවගේ උනන්දුව ඉතා පහත වැටී, වියුණුසටහන්වලට අනුපූරක ව පළ වන ආලෝචන සංඛ්‍යාව ද ඉතා පහත වැටී පවතින අවසාන කාලයේ දී ද ඊනියා “කිය වූ පාඨක සංඛ්‍යාව” නම් ශීඝ්‍රයෙන් ඉහළ යයි.

    9. කලක් ඩබ්ලිව් තුන ලංකාහි පළ වන බොහෝ වියුණුසටහන්වලට අනුපූරක ව ආලෝචන 100-150 අතර ප්‍රමාණයක් ලැබුණ ද වර්තමානයේ දී එහි පළ වන වියුණුසටහන්වලට අනුපූරක ව ආලෝචන 10-15 අතර සංඛ්‍යාවක් හෝ ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. එම ලැබෙන ආලෝචන සංඛ්‍යාවේ ඇති මතුගම අජිත් පැරකුම් ජයසිංහයන්ගේ ම ආලෝචන සංඛ්‍යාව නො සැලකූ කල තත්ත්වය ඉතා ශෝචනීය ය.

    Cont …

    ReplyDelete
  8. 10. ඩබ්ලිව් තුන ලංකා යනු මතුගම අජිත් පැරකුම් ජයසිංහයන් ව්‍යාජ ක්‍රම මඟින් ප්‍රවර්ධනය කර ගත් පල් හෑලි එකතුවකි. එහි අන්තර්ගතය පුස්සකි. ඩබ්ලිව් තුන ලංකා මඟින් මතුගම අජිත් පැරකුම් ජයසිංහයන් කළ බොරුව වර්තමානය වන විට පාඨක සමාජය අවබෝධ කර ගෙන සිටිති. වර්තමානයේ දී ඩබ්ලිව් තුන ලංකා සමඟ සිටින්නෝ බහුතර ව මතුගම අජිත් පැරකුම් ජයසිංහයන්ගේ අල්ප සංඛ්‍යාත්මක බැතිමත්හු වෙති.

    11. 21 වැනි සිය වසේ ලාංකේය අග්ග මහා පණ්ඩිතයා තමා යයි සිතා සිටින මතුගම අජිත් පැරකුම් ජයසිංහ අඥානයා කිසිදු විෂයක් පිළිබඳ ශාස්ත්‍රීය ශික්ෂණයක් ලද තැනැත්තෙක් නො වේ. ඔවුන් දන්නා දේශපාලනයක් හෝ කලාවක් හෝ සමාජ විද්‍යාවක් හෝ නැත. ඔහු සිංහලය ද නො දනී; පාලිය ද නො දනී; සංස්කෘතය ද නො දනී. ඔහු ඉංගිරිසිය ද නො දනී; ග්‍රීක ද නො දනී; ලතින් ද නො දනී. ඔහු දන්නා එක ම දෙය ධනපති වසුරු බුදිමින් වාමාංශිකයනටත් හැදෑරීමක් සහිත සුධීමතුනටත් මඩ ගැසීම පමණි.

    ඩබ්ලිව් තුන ලංකා අද වන විට වඳ ව ගොස් ඇත. එහි ඵල නෙළන්නට කිසිවෙක් නො එති. එහි මූලය මිය ගොස් ය; කඩා වැටීමට ඔන්න මෙන්න ය. කඩා වැටෙන ගස් අසල රැඳී සිටිය යුතු නැත. 2007-2009 සමය තුළ අපි මතුගම අජිත් පැරකුම් ජයසිංහ නම් පිළිලය ප්‍රමුඛ ධාරාවේ මාධ්‍ය තුළින් සැත් පහර දී ඉවත් කළෙමු. එහෙත් එම පිළිලය යළි වැඩෙන්නට විණ. මෙවර අපි සැ‍ත් පහරින් ද ඉක්බිති ව විකිරණ පහරින් ද එම පිළිලය නැසුවෙමු. යළි නැඟී සිටින්නට ඔවුනට සවිබල සේ ම කාලය ද නැත. අපි අපගේ මෙහෙවර ඉටු කළෙමු. දැන් අපි අපගේ මී ළඟ මෙහෙවර සඳහා නික්ම යමු. අපගේ මෙහෙවර සඵල කර ගැනීමට මහත් දායකත්වයක් සැපයූ ස්වාධීන අරගලකරුවෙකු වූ ඕර්තඩොක්ස් මාර්ක්ස්වාදී සහෝදරත්වය අපි හිතෛෂී ව සිහි කරමු. ඔබ වැනි පුළුල් හැදෑරීමක් සහිත භාෂාප්‍රේමීන් මෙහි දී හමු වීම ප්‍රීතියකි. අප විසින් ඩබ්ලිව් තුන ලංකාහි පළ කරන ලද සියලු ආලෝචන Wordpress හි deparation වියුණුසටහන් අඩවිය තුළ ද Tumblr හි deparation ක්ෂුද්‍ර වියුණුසටහන් අඩවිය තුළ ද සංචිත කරනු ලැබ ඇත.

    අප විසින් නිර්නාමික ව ආලෝචන සපයනු ලැබීම මතුගම අජිත් පැරකුම් ජයසිංහයනට ගැටලුවක් බව පැවසෙනු ඇසිණි. එයට හේතු වූ කරුණු අපි ඔහුට කලකට පෙර දැන්වූයෙමු. ඔවුහු එය තමනට නො ලැබුණු බව නිතොර පවසති. එනිසා එම ඉලෙක්ට්‍රොනික ලිපිය අවසන් වශයෙන් මෙහි පළ වේ.

    මතුගම අජිත් පැරකුම් ජයසිංහයනට වඩා සැලකිය යුතු කියවීමක් ඇති පූර්ණ යුරෝපීය ඇඳුමෙන් සමලංකෘත ව ෆැසිස්ට්වාදය පතුරවන කුමාර චාපා බණ්ඩාරයනට එරෙහි ව සටනට අපි නික්ම යමු. ලිඛිත හා ශ්‍රව්‍ය මාධ්‍ය මඟින් සිදුවීමට නියමිත එම සංවාදයේ දී යළි මුණගැසෙමු. විප්ලවය දිගු කල් රැඳේවා!

    The End.

    ReplyDelete
    Replies
    1. යන ගමන් බෙහෙත් අරන් පලයං.

      කැමති වෙලාවක ඇවිත් උඹේ ආලෝචනා ද මොනවද ඒවා හලලා පලයන්. මං අහන්නෙ නැහැ ගියානම් ආයෙ ආවෙ මොකද කියලා. ඒකෙන් උඹේ මානසික ආතතිය විමෝචනය වෙන බව මට පේනවා.

      කොහොම වුණත්, උඹ ලියපු සමහර අදහස්වලින් අපි යමක් ඉගෙන ගත්තා. ඒකට ස්තුතියි. උඹේ හැංගිමුත්තම අහු වුණාම තමයි උඹට ඔය සමුගැනීමේ වලිප්පුව වැළඳුණේ.

      උඹගේ කුණු සල්ලිවලින් උඹ ආධාර කරපු වාමාංශිකයන් නටපු සෙල්ලං අපි හෙළිදරව් නො කර ඉන්නං. උඹ කලබල නො වී ඉඳින්.

      මතක ඇතුව බෙහෙත් බීපන්.

      Delete
  9. පෝස්ට් එක නං මරු.මං හිතන විදියට මහින්දයල දීපු ගොන් ආතල් හින්ද දැන් වැට් නොගහ බැරි තත්වයට ඇවිල්ල. පැරා සයිටම් ප්‍රශ්නය ගැන මොකද හිතන්නෙ? මං දැක්කෙ නෑ මුකුත් ලියනවා.මං නොදැනුවත්ව ලිව්වද දන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. මං සයිටම් ගැන කතා කරන්නට කැමති නැහැ. ඒත්, ඒ වගේ ව්‍යාපාරයකට අවසර දීලා, සිසුන්ට බැඳෙන්න පොළඹවලා දැන් ඒ අයගේ වෛද්‍ය උපාධිය පිළිගන්නට බැහැ ය කියලා කියනනට රජයට අයිතියක් නැහැ. එහි අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු තිබෙනවා නම් ඒවා විසඳා ගන්නට රජය උපකාර කළ යුතුයි. කිසිදු ව්‍යාපාරයක් රජයට පවරා ගැනීම නො කළ යුතුයි. රජය ව්‍යාපාර නො කළ යුතුවා විතරක් නෙමෙයි, පෞද්ගලික අංශය ව්‍යාපාර කිරීම අධෛර්ය කිරීමත් නො කළ යුතුයි.

      රජය නම් සමාගම ජනතාවගේ අධ්‍යාපනික අයිතිය තහවුරු කරන්නට සමත් වෙලා නැහැ. එම තත්වය තුළ උසස් අධ්‍යාපනය රජය විසින් පමණක් නොමිළේ හෙවත් මහජන මුදලින් පමණක් දිය යුතුයි කියන අදහස පිළි ගන්නට බැහැ.

      මහජනතාවට අධ්‍යාපනයට ඇති නිදහසට රජයත්, දේශපාලන ව්‍යාපාරත් ගරු කළ යුතුයි.

      සයිටම් කියන්නේ දේශපාලන බලය සඳහා පාවිච්චි කරන සටන් පාඨයක් මිස ලංකාවේ තිබෙන එක ම පෞද්ගලික අධ්‍යාපන ආයතනය නොවෙයි.

      Delete
  10. ඇත්ත! ඇත්ත!ඒත් ටිකක් විග්‍රහ කරල දෙයක් ලියනවා නං වටිනව.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා