ලංකාදීපයට, දෙරණට අනුව මිනී අදින්නේ ගිලන් රියේ ය

සංඛ අමරජිත් නම් මෙම නිවේදකයා මෙවැනි ගොන් කතා කීමට මහත් ප්‍රසිද්ධියක් උසුලයි  
ඉන්දියාව ලංකාවට ගිලන් රථ ලබා දීම ලංකාවේ ඇතැම් දේශපාලන පක්ෂවලට, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි සමිතිවලට හා ඇතැම් මාධ්‍යවලට අනුව ඉන්දියාව ලංකාව ගිල ගැනීමට කරන කුමන්ත්‍රණයේ කොටසකි. 

ගිලන් රථ  දියත් කළ දිනයේ ගිලන් රියක් තල්ලු කරන්නට සිදු වීම ලංකාවේ අයට මාර ජොලියක් ගෙනා දිනයක් විය. 

ළඟදී ලංකාවේ වෙළඳපොළට නිකුත් කළ කුඩා රෙනෝල්ට් මෝටර් රථය ද නිෂ්පාදනය කරන්නේ ඉන්දියාවේ ය. ලංකාවේ වැඩි දෙනෙක් ගමන් බිමන් යන ඇල්ටෝ, නැනෝ, සුසුකි කාර්, බජාජ් ඇතුළු ත්‍රිරෝද රිය, ලේලන්ඩ්, ටාටා බස් හදන්නේ ඉන්දියාවේ ය. එපමණක් නොව, මේ වන විට ලංකාවේ රේල් පාරවල දහස් ගණන් සෙනග පටවාගෙන දුවන සමුද්‍රදේවි, සාගරිකා, රුහුණු කුමාරි, ගාලු කුමාරි අරවා මේවා ලෙස නම් කළ රතු පාට එස් 11 කෝච්චි ද ඉන්දියාවේ හදපු ඒවා ය.  

ඒ එකක්වත් ප්‍රායෝගික ජීවිතයේදී විහිළු නො වනවා මෙන් ම ගිලන් රථ ද විහිළුවක් වන්නේ නැත. 

පහත දැක්වෙන්නේ පත්තරයක ගිය විහිළුවක් පදනම් කර ගත් රූපවාහිනී විහිළුවකි. 

සෙල්ලම් කාර් එකත් චීනයෙන් ආනයනය කරන ලංකාවේ සිටිමින් තාක්ෂණික ලෝකයේ ලංකාවට ගව් ගණනාවක් ඉදිරියෙන් සිටින ඉන්දියාවට දත නියවන්නට හදන මේ මාධ්‍ය වීරයා ගිලන් රිය භාවිතා වන්නේ කුමට ද යන්නවත් නො දනී. 

ගිලන් රිය තිබෙන්නේ රෝගීන් රෝහල් කරා ගෙන යන්නට ය. ඇතැම් විට එසේ ගෙන යන්නේ මළ සිරුරු වන්නට ඉඩ තිබේ. එහෙත්, ගිලන් රියේ අරමුණ මළ සිරුරු ඇදීම නො වේ. 

රෝහලේදී මිය ගිය අය නිවෙසට ගෙන යාම සඳහා ගිලන් රිය දෙන රටක් ලෝකයේ කොහේවත් තිබේදැයි දන්නා අය කියන්න. එහෙම කරනවා නම්, ඒ රටේ ගිලන් රියවලින් රෝහලට යන රෝගීන්ගේ ජීවිත අවදානමේ ය. 

මිනී අදින රියට කියන්නේ ගිලන් රිය කියා නො වේ. ඉංග්‍රීසියෙන් හර්ස් එක යයි කියන එයට මිනී රිය යයි කිව හැකි ය.

මිනී රිය සේවාවක් පවත්වාගෙන යන රජයක් කොහේ හරි තිබෙනවා නම් කියන්න. ලංකාවේ නම් කවදාවත් ආණ්ඩුව සතුව මිනී රිය තිබී නැත. 





මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මේ ගඩොල් බාග man නේද. Looks like he hasn't yet learnt his lessons.

    ReplyDelete
  2. I thought that he was fired from derana because of the gadol baga seen

    ReplyDelete
  3. මූ හිතාගෙන ඇති ඉන්දියාව කියන්නෙත් ලංකාවේ වගේ ජනම් එකක් ඉන්න රටක් කියලා... ඒ වගේ රටක් අපේ උන්ට පාලනය කරන්න දුන්නා නම් මුළු රටේම උන්ට මිනී ගෙනියන්න වෙන්නෙ මෙහම තමයි... මුගේ ගොන්කම මූණෙනුත් පේනවා...

    ReplyDelete
    Replies
    1. අනුන්ගෙ ඇල්පෙනෙති හොයනව තමුන්ගෙ පොල් පරාල තියාගෙන.මේ වගේ කුණු හරුප බේබද්දෝ තමයි බ්ලොග් ලියන්නෙ රට හදන්න.

      Delete
    2. මේ අර කලිසම ගැලවිච්ච දෙබිඩ්ඩද ? ඇනෝ ලෙස හීන් නූලෙන් ඇවිත් මඩ පාර දෙන්නෙ ?

      Delete
    3. ගෝතලන්ගෙනුත් වටිනා අදහසක් පලවෙලා තියෙන්නේ

      Delete
  4. ලංකාවේ නම් කවදාවත් ආණ්ඩුව සතුව මිනී රිය තිබී නැත - සෞඛ්‍ය අමාත්‍යංශයේ චක්‍ර ලේඛවල මිනීගෙනියන රථ ගැන සඳහන් වේ

    ReplyDelete
    Replies
    1. අනේ ඇනෝ. අනේ හුකේ නංනානේ කියන්නෙ මේවට තමයි.google පිහිටෙන් comment, දන්නා සිංහලෙන් කෙටුවට නොදන්නා "ස්ත්‍රී ලිංග" කතා කරන්න එපා. එතකොට 1977 වෙනකම් එල්ලලා මරපු එවුන්ගේ මිනී වලලන්න අරන්ගියේ "ඔබගේ මෑණියන්ගේ උදරය මත තබාගෙනද"?

      Delete
    2. එවැනි රථවලින් නිවසට මළ සිරුර ගෙනත් දීම ගැන චක්‍රලේඛවල සඳහන්ව තිබේ ද? සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සතු මිනී ගෙන යන පැරණි රථයක් දැනටත් හැඳල ලාදුරු රෝහලේ කෞතුක භාණ්ඩයක් ලෙස තිබේ. ඒවායින් කළේ මළ සිරුරු කනත්ත කරා රැගෙන යාමයි.

      Delete
  5. මේ පහල ලින්ක් එකෙන් මුල් පුවත බලාගතහැකිය.
    http://www.ndtv.com/india-news/tribal-man-walks-10-km-carrying-wifes-body-on-his-shoulder-in-odisha-1449948

    "Dana Majhi had no vehicle to take home his wife's body after she died of tuberculosis at a government hospital in Kalahandi, about 60 km from his village. He says he pleaded for a vehicle, but was refused one."

    ඒ අනුව මජ්හි නැමැත්තා මිනිය කරගසාගෙන යන්නේ වාහනයක් නොමැතිවීම නිසාය.

    "The TV crew reportedly called up a senior officer and arranged an ambulance for the remaining journey to Mr Majhi's village."

    ඒ අනුව දෙවනුව ඔහුට මිනිය ගෙනයාමට ගිලන් රථයක් ලැබේ"

    සංඛ අමරජිත් කියනා පරිදි ඒ මාධ්‍ය ආයතනයේ වියදමින්ද යන්න පැහැදිලි නැත.

    "Kalahandi's District Collector Brunda D has alleged that Mr Majhi left the hospital in the middle of the night without informing anyone. "If he had asked for help, we would have provided it," she said adding that the administration has now offered him help with the funeral under a government scheme."

    ඒ ඉන්දියානු රාජ්‍ය නිලධාරිනියකගේ ප්‍රකාශයයි.
    "If he had asked for help, we would have provided it."
    "අපෙන් උදව් ඉල්ලුව නම් අපි උදව්කරනව" යනුවෙන් සිදුවීමකට පසුව කියන රාජ්‍ය නිලධාරී බයිලාව මා හිතන විදියට මේ සාර්ක් කලාපයටම පොදුය.

    මා හිතන විදියට "බඹර වලල්ලේ මැල් මහත්තයා" ඔය බොහෝ මාධ්‍යවේදීන්ට සහ නිලධාරීන්ට සාපේක්ෂව මානුෂිකය.

    - ෆොන්ටමාරාවේ අසඩක්

    ReplyDelete
  6. " ලංකාදීපයට, දෙරණට අනුව මිනී අදින්නේ ගිලන් රියේ ය "
    - අජිත් ටින්කිරි (පැරකුම් = උකුකි(කැ)රි(?)) ජයසිංහ
    ඈ ටින්කිරි ආයිබොවන්ඩ,
    අර 'කැසඩක් අරිය" හීන් නූලෙන් තමුන්නනැහැව ජොකා නොඇඳ සරම යටින් උස්සල මූණ පිහදාන මට්ටමට ගෙනල්ල නොවැ ?
    - රජරට දෙට ඇක රියි පාල

    ReplyDelete
  7. දුප්පතුන්ට රෝහලකදී මිය ගිය ඥාතියකු ආදාහනය කිරීමට මුදල් නොමැති නම්, රජයේ වියදමින් එය කරනු ලැබේ. ලංකාවේ එහෙම ක්‍රමයක් ඇත. මිනිය ගමට රැගෙන යන්නට මහජන මුදලින් වාහනයක් දීම අත්‍යවශ්‍ය නැත. කාට හෝ අවශ්‍ය නම් එවැනි පරිත්‍යාගයක් කරන්නට පුළුවන.

    මෙවැනි සිද්ධි ලංකාවේ ද සිදු වී තිබේ. වතුකරයේ දිළින්දෙකු මීට මාස කීපයකට ඉහතදී සිය මිය ගිය දරුවාගේ මළ සිරුර කාඩ්බෝඩ් පෙට්ටියක දමාගෙන ත්‍රිරෝද රියක ගෙන යමින් සිටියදී හදිසි අනතුරක් වීමෙන් පසු කලබැගෑනියක් ඇති විය.

    සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට මෙවැනි කටයුතුවලට ගිලන් රථ සපයන්නට හැකියාව නැත. එසේම එය ඉතා වැරදි ය. මහජන මුදලින් ආසන්න කනත්තක මිනිය වළ දැමීම කළ හැකි ය. එය දැනටත් කරනු ලැබේ.

    ReplyDelete
  8. හඃ හඃ, මේ අපේ ගඩොල් බාග තුමානේ. මෙතුමා මෙවැනි වෘෂභරාජ ප්‍රකාශන කරන්න හරිම දක්ෂයි.

    මේ බලන්නකෝ ඊයේ පෙරේදා එතුමා කල තවත් වීරක්‍රියාවක්

    ReplyDelete
    Replies
    1. මේ තමයි විචාරක තුමාගේ ප්‍රියතම රූපවාහිනි නිවේදකයා...

      Delete
  9. Mehemai Pera, oya nikan lorry talks dunnata oyath Sancha Amerajit ta wada loku mewwa ekak thiyena kenek newei. Sancha Amerajit Derane karana nondi weda Ajit Jayesinghe W3Lanka eke chaa wela yannama karanawa.

    Pera, oya lokuwata hithan hitiyata oyage mewwa eka mechchara size kiyala, eka wedak nehe meya. Oya Pera ohoma benaganne oyatamai meya.

    Oya Pera kicha wela pacha wela iwarai. Den oyawa kawuruwath thawa duratath kicha karanne pacha karanne neththe maanushika hethu nisai. Mokada me me peedanaya dara ganna beruwa oyata siya divi nasa ganee kiyalai ea ayata dukaiu. Daruwo dennai maayyai pawne. Oyage kuhakakam walata ea asaranayo duk windinna one nehene.

    Anith ayata mada gahana oya tikak oyage jeewithe genama hithala balannako. Maara charter neda? Upan daa sita kattama neda? Anthimata army eken thibichcha ekama wasthuwa uuna mewwa dekath thalala demmane

    Den wath me nahina dehina kaale anunta mada nogaha pin arhe wedak karanna inna Pera. Apita oya gena dukai. Oya ea kaale pitipassen giya aya ada antharjaathika mattame. Eth oya?

    Tharahakata nowei meya mewwa kiwwe.

    ReplyDelete
  10. මිනී අදින රියට කියන්නේ ගිලන් රිය කියා නො වේ. ඉංග්‍රීසියෙන් කියන්නේ Mini-Minor කියාය.
    පැරා නොදන්න මඟුල් ලියන්නැතුව ඉන්නවා.
    ගඩොල් බාගෙට යහපාලනේ ඇලජික්,රජා හිටියනං සංකයා ජන්දෙත් ඉල්ලනවා පුල් සුවර්.ඒකට මෑන් ඇත්තටම සුදුසුයිනේ.

    ReplyDelete
  11. සමහර පලාත් පාලන ආයතන මගින් මෙම සේවාව පවත්වාගෙන යනවා.උදාරණයක් විදිහට කුරුණෑගල මහ නගර සභාව සතුව හර්ස් එකක් තියෙනවා. එය නොමිලේ ලබාදීමක් කරන්නේ නැහැ. හැබැයි සහන මිලකට ලබාගත හැකිය.

    ReplyDelete
  12. මහින්දට එළිපිට කඩේ යන මේ බූරු මාධ්‍යවේදියා වෘත්තියෙන් නීතීඥ්ඥයෙක් කිව්වම මම පුදුමත් වුණා. මූ වගේ ගොන් වහන්සේලාගෙ හැසිරීම ලසන්ත වගේ අදීන මාධ්‍යවේදීන්ටත් අගෞරවයක්. මූගෙ කඳයි බඩයි තිබුණට මොලේ අඩුයි. ඊයෙ පෙරේදා 360 රන්ජන්ව කරකවන්න ගිහින් රන්ජන්ගෙන් හොඳට අහ ගත්ත. මාධ්‍යවේදීන්ට තමන්ගෙ දේශපාලන මතය දැරීමේ අයිතිය තිබුණත්, මේ බූරුව වහලෙක් වගේ තමයි මහින්දගෙ පස්ස ලෙව කන්න හදන්නෙ. මූටම හරියනව ඌත් එක්ක එකට වැඩ කරන චතුරයත්. මම ඉන්න රටේ නම්, රෝගියා ගිලන් රථය එනවිට මිය ගිහිල්ලනම්, ගිලන් රථය මල සිරුරක් බාර ගන්නෙ නෑ. පැරා මෙඩික් විසින් මරණය තහවුරු කරලා පොලීසියට භාර දෙනවා වැඩිදුර කටයුතු කරන්න. දියුණු රටක ගිලන් රථ මල සිරුරු ප්‍රවාහනය නොකළත්, සමහර නොදියුණු රටවල මෙය සිදු වෙන බව අහල තියෙනවා.

    ReplyDelete
  13. ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ මිනී රිය සේවාව http://www.bbc.com/news/world-asia-india-37183011

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා