මෙතෙක් කතාව නැතිව අද එතැන් සිට කතා කරන අහිලන් කදිරගාමර්

අප මේ අදහස් දැක්වීමට පදනම් කර ගන්නේ පසුගිය අගෝස්තු 2දා කොළඹදී IMF ණය - උගුලෙන් එලියටද? කබලෙන් ලිපටද? මැයෙන් ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සදහා සන්ධානය විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයේදී අහිලන් කදිරගාමර් විසින් පළ කරන ලද අදහස් ටිකයි.

අදාළ ලිපිය  ණය ගැනීම නිසා අර්බුදයට ලක් වූ රට තවදුරටත් ණය චක්‍රයේ හිරකිරීම විසදුමක් ද? - අහිලන් කදිරගාමර්

ලංකාවේ ණය උගුල නිර්මානය කළේ කවුරු ද? ඒක කළේ වෙන කවුරුවත් නෙමෙයි. ලංකාවේ රජයයි. රජය ගත් ණයවලින් කළේ මොනවාද?

1. දේශපාලකයන්, ජ්‍යේෂ්ඨ නිලධාරීන් හා රජය සමග කොන්ත්‍රාත් කරන්නන් එයින් කොටසක් වංචා කළා.

2. තව කොටසක් ඔවුන් වැටුප්, දීමනා, වරප්‍රසාද ලෙස ලබා ගත්තා.

3. දැවැන්ත රාජ්‍ය අංශයක් ගොඩනගමින් ඉතා අඩුවෙන් වැඩ කර, මහජන මුදලින් වැටුප්, විශ්‍රාම වැටුප් හා තවත් වරප්‍රසාද ගන්නා අකාර්යක්ෂම රාජ්‍ය සේවයක් හැදුවා.

4. ඒ රාජ්‍ය සේවය පවත්වාගෙන යාම වෙනුවෙන් මහජන සුබසාධන සේවා පවත්වාගෙන ගියා. සැබෑ සුබසාධනය වෙනුවෙන් අඩු මුදලකුත්, රජයේ සේවය වෙනුවෙන් වැඩි මුදලකුත් වැය කළා. 

5. රාජ්‍ය සේවය උත්කර්ෂයට නංවමින් වැඩ කිරීමට කම්මැලි, පාරිභෝජනවාදී සමාජයක් නිර්මානය කළා. ශ්‍රමය වගුරුවා වැඩ කරන කම්කරුවන් හෙළා දකින සමාජ ආකල්ප නිර්මානය කළා.

6. රාජ්‍යය වැඩ කරන ජනතාව සූරා කමින් ඔවුන්ගේ ජීවිත කාලකන්නි කළා.

7. ඵලදායී නොවන සංවර්ධන ව්‍යාපෘතිවලට මුදල් නාස්ති කළා.

8. අවිධිමත් සංවර්ධන ක්‍රියාවලි ඔස්සේ පරිසරය වනසමින් ආපදා තත්වයන් වැඩි කළා.

9. එක ණයක් බේරන්නට තව ණයක් වශයෙන් වගකීම් විරහිතව ණය ගනිමින් දැවැන්ත ණය උගුලක් නිර්මානය කළා. 

10. අවසානයේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත නැවත යන්නට සිදු වන තැනට රට පත් කළා. 

දැන් කදිරගාමර් ඒ මෙතෙක් කතාව අමතක කරමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, නව ලිබරල්වාදය වැනි කරුණු සම්බන්ධයෙන් ලොව පුරා ජනප්‍රිය කතිකාව සමග ලංකාව ගැට ගසමින් අද එතැන් සිට කතාවක් පවත්වනවා. 

මේ කතාවේ මෙතෙක් කතාව නැහැ. ඒ නිසා මේ තත්වය නිර්මානය කරන්නට හේතු වූ වගකිව යුත්තෙකුත් නැහැ. 

අපි කියන්නේ ලංකාවේ තිබෙන රාජ්‍ය කේන්ද්‍රීය මධ්‍යම පංතියේ මූලිකත්වයෙන් යුත් ධනේශ්වර ක්‍රමය මෙයට වගකිව යුතු බවයි. 

ඒ ක්‍රමයට ආවඩන, එය ආරක්ෂා කරන මධ්‍යම පංතික නියෝජිතයෝ දැන් අලුත් සතුරෙක් සොයනවා. ඒකට හේතුව, වර්තමාන අර්බුදය සම්බන්ධයෙන් තමන්ගේ පංතිමය වගකීමෙන් මිදෙන්නට අවශ්‍ය වීමයි.  

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පසුගිය අවුරුදු දහයක් විතර කාලයක් තුළ ලංකාවේ කළේ අවම මැදිහත් වීමක්. 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ළඟට ලංකාවට යන්නට සිද්ධ කළේ ලංකාවේ රජයෙන් යැපෙන මධ්‍යම පංතියයි.

මේ කතාවේ බලන්න, අහිලන් කදිරගාමර් මෙම ගැටලුවට විසඳුමක් ලෙස කිසිදු අදහසක් ඉදිරිපත් කරනවා ද කියලා. 

රට හමුවේ තිබෙන ප්‍රශ්නය ඉතා සරළයි. ඒක අමුතු වඳුරු කුණුහරුපයක් නෙමෙයි. රජයේ අය වැය පියවා ගන්නේ කෙසේ ද යන්නයි. මේක ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ළඟට ‍ග‍ෙන යන්න අවශ්‍ය ප්‍රශ්නයක් නෙමෙයි. ලංකාවේ මේ බුද්ධිමත් ප්‍රජාවට පුළුවන් එහෙම නො කර මේ අර්බුදය විසඳා ගන්නට ක්‍රම හා විධි රජයට යෝජනා කරන්න. 

ලංකාවේ රජයෙන් යැපුණු කිසිම කෙනෙකුට අයිතියක් නැහැ තමන්ගෙන් පිට නො දන්නා සතුරකුට ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් චෝදනා කරන්නට. මේකට වගකිව යුත්තේ රාජපක්ෂ පවුල ය කියන එක වුණත් පූර්ණ ඇත්ත නෙමෙයි. අපි පහු කරගෙන ආවේ දූෂණය විමධ්‍යගත වෙච්ච යුගයක්. කවුරු කවුරුත් එකතු වෙලා රජය ඉහගෙන කාපු යුගයක්. 2015 ජනවාරි ඡන්දෙ කිට්ටුවත් මෝටර් සයිකලේ සිට සිල් රෙද්ද දක්වා මහජන මුදල් කොල්ල කෑම්වලට දේශපාලකයන් වගේ ම මේ රටේ ජනතාව සම්බන්ධ වුණා. විශේෂයෙන් ම රජයේ සේවය මේකට වග කිව යුතුයි. 

මධ්‍යම පංතික කණ්ඩායම් දැන් මේ මෙතෙක් කතාව නො ලියා අද එතැන් සිට කතා කරන එක නැවැත්විය යුතුයි. මේකෙ කිසිම තේරුමක් නැහැ. කාටවත් බැහැ මේ අර්බුදයේ වගකීමෙන් ගැලවෙන්න. රට ඉදිරියේ තිබෙන දැවැන්ත ආර්ථික අගාධයෙන් ගොඩ එන මාර්ග සොයා ගැනීම ආණ්ඩුවට විතරක් පවරන්න බැහැ. ඇත්තෙන් ම ආණ්ඩුව ඒ වෙනුවෙන් කරන දේකුත් නැහැ. ඔවුන් යන්නේ අගාධය දෙස යොමු වුණ පාරේයි. ඔවුන්ව ඒ දෙසට දුවවන්නේත් ලංකාවේ අධිපති පංති විසිනුයි.  

මේ ජාතියේ විවේචනවල කිසිදු අලුත් දැනුමක් නැහැ. මේවා පසුගිය කාලාන්තරයක් තිස්සේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව, නව ලිබරල්වාදය අරවා මේවා ගැන පට්ට ගහපු කතා. 

ඇත්ත විසඳුම් යෝජනා කරන්න. හැබැයි මේ වගේ ඒවා නෙමෙයි. 

මේ ක්‍රියාවලියට මුහුණ දිය හැකි එකම ක්‍රමය ඉල්ලීම් හා අරගල මාර්ගයෙන් ඊට සම්මුඛ වීමයි. උදාහරණයක් විදිහට ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිසංවිධාන වැඩපිලිවෙලට විරුද්ධව සාධාරණ හා සමානාත්මතාවය සහිත ආර්ථිකයක් සදහා වූ අපගේම වූ ඉල්ලීම් අප ඉදිරියට දැමිය යුතුයි.
- අහිලන් කදිරගාමර්

මේ විසඳුම් නෙමෙයි. ප්‍රශ්නෙන් තමන්ට පැවැත්මක් හදා ගන්න ක්‍රමයයි. 

ප්‍රශ්නෙ තියෙන්නෙ ඔතැන නෙමෙයි නේ. ප්‍රශ්නෙ තියෙන්නෙ මේ දැවැන්ත රාජ්‍යය හා එයින් යැපෙන මධ්‍යම පංතිය ආරක්ෂා කර ගනිමින් රජයේ අයවැය පරතරය පියවා ගන්නා ආකාරය සම්බන්ධයෙනුයි. 

පෙරටුගාමී සමාජවාදී පක්ෂය නම් ඔන්න තමන්ගේ විසඳුම එක පෝස්ටරයකින් ප්‍රකාශ කරලා තියෙනවා.

අන්න ඒ වගේ තමන්ගේ විසඳුම කියන්න. 

මේ සටහන ලිව්වෙ ටික දිනකට උඩදියි. ඉන් පසු දවසක අක්ෂය වෙබ් අඩවියේ  සිය විසඳුම ප්‍ර‍කාශයට පත් කර තිබුණා. 

එය මෙතැනින් කියවන්න.

සාමාන්‍යයෙන් වාමාංශිකයන් ප්‍ර‍ශ්නවලට විසඳුම් යෝජනා කරන්නේ නැහැ. යෝජනා කරන විසඳුම සමාජවාදයයි. ඒ වුණාට දැන් ඒක කියන්න ඒගොල්ලන්ට ම ලැජ්ජයි. ඒ නිසා විසඳුමක් නැතිව කදිරගාමර්ලා කරනවා වගේ අලුත් අලුත් විධිවලට ප්‍ර‍ශ්නය විග්‍ර‍හ කරන්නට උත්සාහ කරනවා. එහෙම සංදර්භයක් තුළ අක්ෂය කණ්ඩායමේ මේ උත්සාහයට අප ගරු කළ යුතුයි. 

මේ සමාජවාදී විසඳුම ගැන සාකච්ඡාවක් ෆේස්බුක්වල ඇති වුණා. ඒ ගැන පසුව සටහන් කරමු.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. ඉහත කමෙන්ට් ඉවත් කළේ ඒවා වැඩකට නැති විහිළු නිසා ය.

      Delete
  2. //සාමාන්‍යයෙන් වාමාංශිකයන් ප්‍ර‍්නවලට විසඳුම් යෝජනා කරන්නේ නැහැ. යෝජනා කරන විසඳුම සමාජවාදයයි.//

    අපිට බලේ දෙන්න එතකොට අපි විසඳුම දෙන්නං කියල තමයි කියන්නේ

    ReplyDelete
  3. http://www.abc.net.au/news/2016-08-24/australian-companies-embroiled-in-bribery-scandals/7778324

    ReplyDelete
  4. Mun apita nikam ambulance denne apita adaretada?
    http://www.bbc.com/news/world-asia-india-37183011

    ReplyDelete
  5. පැරි කැරා අගේ තොම්මට ගකව හුන්නෙ හැතුව නිටපං බර පල්ලා. පගේ තොයිය බපලා කිස්ටේක් පානවා දරයා.

    ReplyDelete
  6. ඔය පෙ.ස.පක්ෂය යෝජනා කරන "ධනපති බද්ද" ක්‍රියාත්මක කරන ක්‍රමවේදය ගැන අපව දැනුවත් කරන්න පුළුවන්ද පැරා?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා