නිර්මාල් රංජිත් දේවසිරි පුරවැසි බලය සමග ගනුදෙනු අවසන් කිරීම

නිර්මාල් රංජිත් දේවසිරි පුරවැසි බලය සමග ගනුදෙනු අවසන් කිරීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. 

පුරවැසි ව්‍යාපාරය ගැන ලිපියක් මේ සතියේ රාවය පුවත්පත අරමුණු කරමින් ලියමින් සිටිමි. එය සිකුරාදා මෙම බ්ලොගයේ පළ වනු ඇත. 

මෙම සටහනෙහිදී සංවාදයට භාජනය කරන්නේ එක් කරුණක් පමණි. එනම් නිර්මාල්ට ජාතික ප්‍රශ්නය, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, යහපාලනය වැනි සියලු කාරණාවලට වඩා සයිටම් අධිනිශ්චය වුණේ ද, ඒ හේතුවෙන් පුරවැසි බලය හෝ පුරවැසි ව්‍යාපාරය සමග ඔහුගේ ගනුදෙනු අවසන් කළේ ඇයි ද යන්නයි. මේ පිළිබඳව නිර්මාල්ට ද අදහස් පළ කරන්නට පුළුවන. 

ලංකාවේ පුරවැසි ව්‍යාපාරයේ ලිට්මස් පරීක්ෂාව සයිටම් ප්‍රශ්නය ය යන අදහස දෙන ප්‍රකාශයක් නිර්මාල්ගේ ෆේස්බුක් පිටුවෙහි පළ වී තිබිණි. එය එසේ ද?

ලංකාවේ තිබෙන ලොකු ම ප්‍රශ්නය සයිටම් ද? කාලයක් ලංකාවේ වමට ලංකාවේ ප්‍රශ්න අතර මූලික ප්‍රශ්නය ජාතික ප්‍රශ්නය වී තිබිණි. ජාතික ප්‍රශ්නය තවමත් ලංකාවේ අතිශය වැදගත් ප්‍රශ්නයකි. එහෙත්, කොටි සංවිධානයේ පරාජයත් සමග ජාතිකවාදය හා සම්බන්ධ අරගලයෙහි ද සුසමාදර්ශීය වෙනසක් ඇති වී තිබේ.

නිර්මාල්ට ජාතික ප්‍රශ්නයත් අභිභවා සයිටම් අධිනිශ්චය වීම තේරුම් ගැනීම අපහසු නැත. හේතුව, ජාතීන්ගේ ප්‍රශ්නයේදී ශක්තිමත් අරගලයක් සිදු කිරීමේ අවස්ථාවක් මේ මෙහොතේ නැත. 

මේ මොහොතේ ශක්තිමත් නැතත්, අරගලයක් තිබෙන්නේ සයිටම් විෂය කරගෙන ය. නිර්මාල් ද එයට ආකර්ශනය හෝ ආසක්ත හෝ වී තිබේ. ඇතැමෙකුගේ දේශපාලනයේ පදනම ආණ්ඩුවට විරුද්ධ වීමයි. ඒ සඳහා මොකක් හෝ හේතුවක්, ක්‍රමයක් සොයා ගත යුතු ය. තවත් සමහරුන්ගේ පදනම රාජ්‍යයට විරුද්ධ වීමයි. ආණ්ඩු විරෝධීන් හා රාජ්‍ය විරෝධීන් අතර ස්වාභාවික සමාදානයක් දක්නට ලැබේ.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි අරගලයේ කිසියම් ආගමික ස්වරූපයක් තිබේ. එය නිර්මානය වන්නට හේතු කීපයක් ඇත. එකක්, එයට නායකත්වය දෙන බලවේග විසින් 1980 දශකයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි අරගලයේ අත්දැකීම ප්‍රතිනිර්මානය කරන්නට දක්වන කැමැත්තයි. ජයග්‍රහනයෙන් අවසන් වූ මෙම අරගලය විසින් ජනතා විමුක්ති පෙරමුණට ශක්තිමත් පදනමක් සකසා දෙන ලදී. එහෙත්, ඒ නිසා වෛද්‍ය සිසුන් ගණනාවක් ජීවිත පරිත්‍යාග කළ හ.

සමාජයේ ගොඩනැගෙමින් පැවති වෛද්‍ය වෘත්තිය පදනම් කර ගත් ධනකාමී, පාරිභෝජනවාදී මධ්‍යම පංතික ජීවන පරමාදර්ශය සමාජවාදය සමග ගැටගසමින් මධ්‍යම පංතිය තුළ ශක්තිමත් පදනමක් දමා ගැනීමට ජවිපෙට හැකි වුණේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි අරගලයේ ප්‍රතිඵලයක් ලෙසයි. අද වන විට ජවිපෙ, පෙසප හා වෙනත් මධ්‍යම පංතික කල්ලි, කණ්ඩායම් ගැලවිය නො හැකි ලෙස මෙම මධ්‍යම පංතික පරමාදර්ශ සමග බැඳී තිබේ. ඔවුන්ගේ සමාජවාදී දෘෂ්ටිය සැකසෙන්නේ රාජ්‍යය මූලික කරගෙන ය. දිළින්දන්, පීඩිතයන්, කම්කරුවන් සූරාකන රාජ්‍යයෙන් පැවැත්ම සාධනය කර ගැනීම ලංකාවේ වාමාංශිකයන් විසින් ප්‍රවර්ධනය කරනු ලබන සමාජවාදී ජීවිතයයි. සරළව කිවහොත්, ලංකාවේ වම්මුන්ට විප්ලවය යනු රජයේ රස්සා කරන, රජයෙන් යැපෙන පරපුටු පංතියේ පහළ ස්ථරය වෙත බලය ගැනීමයි. ඔවුන්ගේ රාජ්‍ය විරෝධයේ, ක්‍රම විරෝධයේ අරමුණ එයයි. 

වෛද්‍ය වෘත්තිය පදනම් කර ගත් ජීවන පරමාදර්ශයට තර්ජනයක් එල්ල වන විට වාමාංශිකයන් ආගමික ස්වරූපයෙන් එයට ප්‍රතිචාර දක්වන්නේ ඇයි ද යන්න තේරුම් ගත හැක්කේ මෙම සංදර්භය තුළයි. 

අධ්‍යාපන නිදහස සම්බන්ධයෙන් සමාජයේ පැහැදිලි මත දෙකක් ඇති බව තේරුම් ගන්නට බැරි වන්නේ අන්තවාදීන්ට පමණි. එහිදී දෙපාර්ශ්වයට ම සිය අදහස් පළ කිරීමට හා සංවාදයට සහභාගි වීමට අයිතියක් තිබේ ය යන මූලික මූලධර්මය පවා නො තකන අන්තර් විශ්වවිද්‍යාල සිසුන්ගේ මොබ් මානසිකත්වය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි දක්වා ම පැතිරීම තේරුම් ගන්නට මනෝ විශ්ලේෂණය භාවිතා කිරීම ඒ පිළිබඳ බොහෝ සෙයින් දන්නා ලංකාවේ සිටින මනෝ විශ්ලේෂණ විශාරදවරුන්ට භාර ය.

මෙම මානසිකත්වය කෙතරම් භයානක ද යත්, ගාමිනී වියන්ගොඩගේ හා දඹර අමිල හිමිගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පිළිගන්නට නිර්මාල් රංජිත් දේවසිරි සූදානම් නැත. එම රැස්වීම සංවිධානය කළ සයිටම් සිසුවකුගේ හෝ සිසුවියකගේ පියෙකු වන ගැමුනු විජේරත්නව ඔහු හඳුන්වන්නේ බස් ගැමුනු යන අපහාසාත්මක පදයෙනි. 

නිර්මාල්ගේ කඳවුරු මාරුව නරක දෙයකැයි අපි නො කියමු. ඔහු වැනි අයෙක් රාජ්‍ය විරෝධී රැඩිකල් ව්‍යාපාරය සමග සම්බන්ධ වීම හොඳ දෙයකි. මන්ද, එහි තිබෙන ප්‍රායෝගික අරමුණක් රහිත මනෝරාජික සමාජවාදී දෘෂ්ටිය සමග සංවාදගත වීමට ඔහුට අවස්ථාවක් ලැබී තිබෙන හෙයිනි.

ඔහු පිළි ගැනීමට දෑත් විහිදා බලා සිටින රාජ්‍ය විරෝධී සහෝදරත්වය සමග එක් වීමට යාම පිණිස අපි නිර්මාල්ට සුබ ගමන් ප්‍රාර්ථනා කරමු. මොබ්වලින් පරිස්සම් වන්නැයි පමණක් ආදරයෙන් ඉල්ලා සිටිමු. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. වමාංෂික ආගමිකයො කොහොමත් විරුද්ධ මතධාරීන්ගේ අදහස් දැරීමේ නිදහස පිලිගන්නට සූදානම් කොටසක් නෙමේ... ඔවුනුත් අර ඉස්ලාම් අන්තවාදියො වගේම තමන්ගේ ආගමේ මතය පමනක් එකම හා නිවැරදිම මතය බවත් අනික් මත "නොපැවතිය යුතු" බවත් හිතන අය..
    (පැරාට මේ ගැන අපට වඩා අත්දැකීම් ඇතැයි මම සිතනවා ).. ලංකාවේ වගේම බටහිර රටවල බොහෝ වම්මුත් තමන්ට නොදිරවන අදහසක් ඉදිරිපත් ක්ලොත් ඒ අදහසට විරුද්ධව counter argument එකක් දෙනවා වෙනුවට බොහෝ විට කරන්නේ ඔහු ඉදිරිපත් කල අදහස වර්ගවාදී හෝ ලිංගවාදී නොවුනත් අදහස ඉදිරිපත් කරන්නාට"racist/ sexist" වැනි ලේබල් අලවා ඔහුගෙ චරිතය ඝාතනය කිරීමට උත්සහා කිරීම...
    මේ දේවල් ගැන පැරාට අත්දැකීම් ඇත්නම් ලංකාවේ මාක්ස්වාදී ආගමේ පූසාරියෙක් වෙන නිර්මාල්ගේ සයිටම් වලට පක්ෂපාතීව කථාකරන අය පිලිබද දක්වන හැසිරීම ගැන පුදුම වියයුතු නෑ...

    ReplyDelete
  2. පැරදී පලායාමට වඩා වැඩි දෙයක් මෙතන නැත.

    ReplyDelete
  3. වඩා වැදගත් වන්නේ පැහැදිලි අරමුණක් මත පිහිටා අරගල කිරීමයි. අරමුණු මාරු කිරීම හිසරදේට කොට්ටා මාරු කිරීමකි. ගහෙන් ගහට යන කුකුළන් තෙමී නසිනු දැක ඇත්තෙමි.

    ReplyDelete
    Replies
    1. Dollar kakkas seem planing to change their strategies. They have finally realized that their Yahapalana bubble is in trouble and about to burst. Something should be done to fix it. They are up to something big again.

      Delete
  4. මොක උනත් නිර්මාල් කියන්නේ හොඳ ප්‍රගතිශීලී අදහස් තියෙන කෙනෙක්. පුරවැසි බලයත් වැදගත් කාර්‍යක් කරන සංවිධානයක්. කොහොම උනත් මේ වෙලාවේ බෙදෙන්න්නේ නැතිව ජාතිවාදී බලවේග පරද්දවලා අළුත් ව්‍යවස්ථාව සම්මත කරන්න කවුරුත් එකා මෙන් එක් විය යුතුයි.

    ReplyDelete
  5. මට නම් මේ පිල් මාරුවෙ ඇති ලොකු වැදගත්කමක් නොතේරේ!

    ජාතික ප්‍රශ්නය වැදගත් යැයි සිතෙන අයෙකු ජවිපෙ සමග හෝ පෙසප සමග එක කඳවුරකට යාවිද?

    ReplyDelete
  6. පුරවැසි බලයෙන් නිර්මාල් ඉවත්වීම නම් නිරපරාදේ ගත් තීන්දුවක්.එලෙසම පුරවැසි බලයේ නියෝජිතයන් SAITM වෙනුවෙන් පෙනී සිටීමත් අනුමත කල හැකි ක්‍රියාවක් නොවේයි.නිසි ප්‍රමිතියකින් පෞද්ගලික වි.වි පද්ධතියක් රටට අව්ශ්‍යයි.ඒ පිලිබදව පෙනී සිටියානම් අවුලක් නෑ.නමුත් SAITM වයිද්‍ය උපාධිය කියන්නේ බොරු පිට බොරු කන්දක් ගසමින් ජනයා මුලා කරමින් පැමිණි වෙද උපාධියක්.ඒ වගේ වන්චාවක් වෙනුවෙන් පෙනී සිටීම කියන්නේ පුරවැසි බලයට තරම් නොවන ක්‍රියාවක්

    ReplyDelete
  7. ඔළුව කොහේ හරි වැදිච්ච පිස්සු මයිනෙක් කියල දැනිල ගොඩක් කල්...

    ReplyDelete
  8. පේන හැටියට පැරා 'අධිනිශ්චය' (Overdetermination) කියා හිතන් ඉන්නේ 'පමණට වඩා වැදගත් වෙනවා' කියන එකට.

    බර වචන පාවිච්චියට කලින් පොඩ්ඩක් කියෙව්වොත් නරකද?

    ඊටත් වඩා ලේසියි සරල වචන ලිව්වා නම්. 'වැදගත්' කිව්වා නම් ඉවර නේ?

    ReplyDelete
  9. නිර්මාල්ට ඔනෑ වූ කෙහෙම්මල් යහපාලනයක් නැතැයි ද, මහින්ද එළවීමෙන් අවශ්‍ය වැඩේ කෙරුණු බවද (වගේ දෙයක්) නිර්මාල් කීවේ කාලෙකට පෙරය. ඉතින් ඉතිරි වී ඇති ප්‍රශ්න අතර නිර්මාල් ට අද්‍යාපනය වැදගත් ප්‍රශ්නයක් වීම මට නම් ලොකු ම දෙයක් නොවෙයි. නිර්මාල් එක පිලකින් අයින් වුනා කියා සටන් නවත්වන බවක් කොහේ වත් කියා නැත. අනෙක් අතට සයිටම් ප්‍රශ්නය ගැන එක කණ්ඩායමක් හැටියට පෙනී ඉන්න ඒක පුරවැසි බලයේ වත් අනික් එකේ වත් අජෙන්ඩා වල තිබුණු එකක් ද?

    සයිටම් සම්බන්දයෙන් ඇති විවෙචනය එහි තත්ත්වය සහ ක්‍රියා පටිපාටි සම්බන්ධයෙන් ද ඇති වූවකි. සාධාරණ හෝ අසාධාරණ වුවත්, ඒ විවෙචන දිහා ඇසක් නොහැර එය සරලව පුද්ගලික අධ්‍යාපනයට ඇති විරෝධයක් ලෙස කියවීම ම කුහක කමකි.

    හැබැයි ඉතින් එහෙම කරන්න ලේසියි!

    ReplyDelete
  10. නිර්මාල් යනු සමස්තයක් ලෙස ම පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධ, රජය විසින් පමණක් අධ්‍යාපනය ලබා දීම සමාජවාදී ප්‍ර‍තිපත්තියක් ලෙස සලකන අයෙකු බව ඔහු 2016-08-04 දින සවස 7.30ත් 8.00ත් අතර ප්‍ර‍සිද්ධියේ පැවසුවා.

    ReplyDelete
  11. // නිර්මාල් රංජිත් දේවසිරි පුරවැසි බලය සමග ගනුදෙනු අවසන් කිරීම //

    නිර්මාල් රංජිත් දේවසිරි පුරවැසි බලය සමග ගනුදෙනු අවසන් කිරීම යනු තමා සැපයූ භාන්ඩ හා සේවා සඳහා පුරවැසි බලය සහ සෝබිත ගේ ගොන් පාට් පෙරමුන සන්විදාන නිර්මාල් හට ඩොලර් වලින්, යුරෝ වලින් හෝ ඉන්දියන් රුපියල් වලින් ගෙවා අවසාන බව ය.

    සතා සරුපයා පවා කාපු බීපු තැන් වල ගැවසි ගැවසී නොසිටින බව ජනවහරේ ඇත... නිර්මාලුත් තමන් ගේ ගනුදෙනුව අතට ලැබුනාම තව තවත් පුරවැසි බලය සහ සෝබිත ගේ ගොන් පාට් පෙරමුන යන සන්විදාන වල හක්කලන් කිරීමේ තේරුමක් නැත!

    ReplyDelete
    Replies
    1. මේවා නිකම් ගොන් කතා ය. සියලු දෙනා ම හැම දෙයක් ම කරන්නේ මුදලට හෝ කීර්තියට නො වේ.

      මේ චෝදනාව නිර්මාල් වැනි අයට එල්ල කරන අය හොඳින් නිරීක්ෂණය කර බලන්න, ප්‍ර‍ති විරුද්ධ කඳවුරේ මුදලට වැඩ කරන අයටවත් ඔහු කිසි දාක මේ චෝදනාව එල්ල කර තිබේ ද යන්න.

      Delete
    2. සා රස තුමාගේ මෙම ප්‍රකාශය, ඔහු යම් අවස්ථාවක හිඳ ගැනීමට යාමේදී තම මොළය තැළී ඇති බවට කදිමට පෙන්වා දෙන්නකි.

      Delete
    3. ස ර ස තුමා ගේ සිරුරේ කොතැනක හෝ මොලයක් තිබේ යැයි කියනා සාදරන ඇනෝ ගේ කතාව ප්‍රීතියෙන් පිලිගනිමි!

      Delete
    4. සරසත්මාට මොළේ ඇති නමුත් කපාල කුහරය තුළ පිහිටා ඇති දැයි සැකයක් ඇත.

      Delete
    5. ස ර ස තුමා ගේ කපාල කුහරය හිස් ය..

      හිස් ටින් එකක් වගේය...

      මොලේ ඇත්තේ පස්චාත් බාගයේ ය!

      Delete
    6. सरस भैया
      यह एक खुशी का पता है कि आप कम से कम अपने नितंबों में एक मस्तिष्क किया है।

      चियर्स !

      Delete
    7. සාරස භයියා
      යේ ඒක් ඛුශී කා පතා හෛ කී ආප් කම් සේ කම් අපනේ නිතම්බෝන් මේන් ඒක් මස්තිශ්ක් කියා හෛ. චියර්ස්

      මාලුම් හේ නා? මෛං සාංස්කෘත් කා වචන් දාතා හූං ! උර්දු නහීං :D

      Delete
    8. සාධාරන් ඇනෝ චෝටා භායි,

      සාරස භයියා යේ නිතම්බෝන් මේන් ඒක් මස්තිශ්ක්, වීර්යකොශ් ( वीर्यकोष ) දේක් මශ්තිශ්ක් යා හෛ.

      Delete
  12. Always being a hot controversial topic itself proves that Dr. Nirmal is a fruit laden tree!

    ReplyDelete
  13. මේ විරෝධය තියෙන්නේ සයිටම් එකේ අය කරන ගනන වන ලක්ෂ 120 ළොකු මුදලක් වන අයට පමණයි... නමුත් මේ රට ආර්ථික අතින් දියුණු වෙන කොට ඕක නැති වෙනවා.. දැන් බලන්න ඉන්ටර්නැෂනල් ඉස්කෝල කියන එවා.. ඉස්සර නාහෙන් ඇඬුවා දැන් බොහෝම ආඩම්බරෙන් කියන්නේ අපේ පුතා ලැයිසියම් කියලා. එහෙම නැත්නම් සසෙක්ස් හරි මොකේ හරි කියලා..

    ඉස්සට මොටර් සයිකල් ආපු කාලේ ඕකට කිව්වේ මඟ මරුවා කියලා.. එහෙම කියපු ආච්චිලා සීයලා අන්තීමට පිටිපස්සෙ සීට් එකේ අජානීය ඉස්කූටර තුරඟා පිට වඩිනා කුම්මාරියනි ඔබේ සළුව ඇඳ නැතෙයිද් සිතුන්නා කියන්නා වාගේ.. ඔහොමයි මේ ලාංකික සමාජය.. අමු ගොබ්බයෝ නේ.. ගොබ්බ ගතිය යන්න මඩේ ඔබ ඔබ හෝදලා ගන්න ඕන.. එතඔට මඩ් වතුරටම සුදු වෙලා එනවා.. දැන් බියුටි කචල් බසවක්කුලමෙත් තියෙන්නේ බං.. පුක සුදු කර ගන්න..

    ReplyDelete
    Replies
    1. සුපුරුදු ගොබ්බ විචාරයට ඉස්තූතියි. ඔයාගෙන් මීට වඩා දෙයක් බලාපොරොතු වෙන එකට වඩා හරකෙක්ට අවකලනය (නෑ සමාවෙන්න චින්තනට මනෝවිශ්ලේෂනය) උගන්නන එක ලේසියි.

      Delete
    2. සයිටම් එකට විරුද්ධ වෙන ගොබ්බයන්ට ගොබ්බ කොමෙන්ට් දානවා මිසක්ක, ප්‍රබුද්ධ කොමෙන්ට් දාන්නය..

      Delete
    3. You are anyway Gobbaya! Your blog proves that in style. It's an empty and useless rhetoric which suits nowhere except the Gallery. Blogs like yours have made intelligent readers to abandon Sri Lanka's blog-sphere!

      Delete
    4. another Gobbaya with a Gobba comment.. intelligence readers (hikz) or "Gobba readers" like you...?

      Delete
    5. "intelligence readers"?

      Delete
    6. Read your comment again. It shows what a Gobbaya you are! Sri Lanka is damn cursed to have Gobbayas like you who shit in its blog-sphere! The biggest curse for us is that these Gobbayas think that they are right and all others wrong.

      Delete
    7. මෙහෙමයි මාතලන්

      මම දැකපු විදිහට නම් මාතලන්ට මුලින් ඕන වුනේ හිටපු හොර රජා වෙච්ච්චි මරාට කඩේ ගිහින් පොරක් වෙන්න. මුලදි පොද්ද සංකල්පෙට හෙම පලු යන්න බැන්නෙ. වෙනසක් කරන්න සැබෑවටම මූලිකත්වය අරන් කැපවුණු සෝභිත උන්නාන්සෙටත් මුලදි කැතට බැන්න.

      රැල්ල දිහා බලපු මාතලන් පස්සෙ ට්‍රයි කරේ මරා කල්ලිය එලවල මයිත්‍රී ගේන්න. දැන් මයිත්‍රී එළවලා රනිල් බලවත් කරන්න. ලංකාවෙ තියෙන ගෝත්‍රික ඉස්කෝලවාදය නිසාම මාතලන් කියන්නෙ තම පාසැලේ ආදි සිසු මෙලෝ රහක් නැති රනිල් නැමැති පුස් චරිතය අදහන බැතිමතෙක්. දැනට මාතලන් සිරිසේනට බනීවි රනිල් ගේ ගුණ වයාවි. ඒ අස්සෙ යහපාලන හොර හැත්තගෙ "බැරිබැරියාව"ට හේතුව විදිහට හැමතැනම ඉන්නෙ මරාගෙ ගෝලයො කිය කිය වඳුරු කුණුහරුප කියනව. යහපාලන කට්ටියට අඩුගානෙ හරියකට කේස් එකක්වත් ෆයිල් කරගන්න බැහැ සාක්ෂි සහිතව. ඉතින් ජජ්ල කොහොමෙයි ඩිසිෂන් අවෝඩ් කරන්නෙ? ජජස්ල කියන්නෙ මරාගෙ චක්ගෝලයොම නෙවී.

      Delete
    8. හා මචං... අපි ඩොලර් වලට මක්කා හරි ලියන්න එපාය මචං..

      Delete
  14. කාලකන්නි මී හරකා නොහොත් පැරා ගොනෝ, උඹ ගේමද ඉල්ලන්නේ? තෝ මොනවද ගොනෝ විශ්වවිද්‍යාල ගැන දන්නේ? තෝ මොනවද ගොනෝ වෛද්‍ය විද්‍යාව ගැන දන්නේ? තෝ වෛද්‍ය විද්‍යාව කියලා හිතන් ඉන්නේ තොගේ ගෑනි ගෙදර ඇවිත් තොට කියන ඉස්පිරිතාලේ ඕපාදූපද?

    තෝ බස් ගැමුණුගෙන් කීයක් ගත්තාද මේ ගූ ලියුම ලියන්න. ඔයට වඩා හොඳයි මතුගම ටවුන් එකට ගිහින් හිඟා කාපං.

    නොදන්න මඟුල් කතා නොකර හිටපං ගොන් මැට්ටා.

    ReplyDelete
    Replies
    1. අපේ රටේ වෛද්‍යවිද්‍යාල (සහ අනිකුත් විශ්ව විද්‍යාල) සිසුන් හිතාගෙන ඉන්නේ, උන්ට නොමිලේ අධ්‍යාපනය ලැබෙනවා කියලාය. එතකොට මුංට උගන්නන ඒවාට වැයවෙන මුදල් ගෙවනවා ඇත්තේ රනිල් හාමුලා, මහින්ද අප්ප්ච්චිලා ගෙදරින් ගෙනා සල්ලි වලින් කියලා මුං හිතාගෙන ඉන්නවා ඇතිය. බොලාට උගන්නන්න වියදම් කරන්නේ, කාලකන්ණි පැරාලා, බෝක්කු උඩ ගංජා ගහන මැට්ටෝ, බස් ගැමුණුලා ඇතුලු මේ රටේ ජනතාව බවත් මතක තියා ගත්තා නම් හොඳය. නැත්නම් තොපේ ඔය උපාධිය රෝල් කරලා අහවල් තැන ගහගනිං.

      Delete
    2. Bastards like you are the reason for this country to go back word, im sure you are a useless government worker leach who has never worked for a single cent you earn, do u at least have a brain to understand that government does not make moeny but do all their activities cz of tax money and borrowings, and would you even have read how under staffed our hospitals are and based on our population how many doctors have to be there how many hospitals have to be there for 1000 people, please refer WHO you dumb mutt , hypo-critics like you never object the doctors who graduate belarus india and china, do have measures to control quality over there, im sure you will never understand the need to have more doctors in this coutnry is direclty linked with the taxes we pay, if people are happy for pay for qualification while having free education whats the problem, if engineering, it, management degrees can be done from private uni's why shouldnt medicine, if you really look at our workforce the majority of government uni graduates cant carry out the simplest tasks a school leaver from a good school would do

      Delete
  15. Another angry dostara Ano.

    ReplyDelete
  16. විශාල විදේශවිනිමයක් ආකර්ශනය කරගතහැකි නමුත් පුද්ගලික විශ්වවිද්‍යාල ව්‍යාපාරය සඳහා දිය හැකි නරකම උදාහරණයක් වන සයිටම් හෙළුව වසන්නට තමුන්ගේ රෙදි උනා දමනා අයවළුන් දෙස උපේක්ශාවෙන් බැලීම හැර කල යුතු දෙයක් නැත.
    සක්විති,ගෝල්ඩන්කී,දඬුවම් මුදලාලි පරම්පරාවේම දිගුවක් වූ නෙවිල් මුදලාලිගේ සයිටම් ජාවාරම විසින් රටේ අධ්‍යාපන ක්ශේත්‍රයේ උන්නතිය උදෙසා එල්ල කරන්නේ මරු පහරකි.
    මෙතෙක් කල් නිදහසේ සිටි ස්ලිට්,එන්.එස්.බී.එම්,ඇපිට් .....,... වැනි ආයතන වලට පවා සයිටම් අසූචි පහර වදිනු බලා සිටිමු.
    තන්හාකාර ජාවාරම්කාරයින් සයිටම් ජාවාරම මඟින් වසා දමන්නේ රටේ අනාගත දියුණුවේ රුවන් දොරටුවක් බව කවුරු කවුරුත් තේරුම්ගනු මනා ය.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. Well said. I agree with you mate. Nice explanation.

      Delete
    2. සයිටම් 'නරකම' උදාහරනයක් යන්න ලංකාවේ වෛද්‍ය බමුනු කුලය විසින් සමාජගතකල මතයක් විනා කිසිදු පර්යේෂනාත්මක සාධකයක් මත ගත් නිගමනයක් නොවේ..
      දැන් SLMC හෝ කාලෝ ෆොන්සේකා එසේ කී නිසා සයිටම් ප්‍රමිතියෙන් තොරයැයි නොකියන්න, ස්වාධීන ආයතනවලින් විනා හොරාගේ අම්මාගෙන් පේන අසා ආයතන වල ප්‍රමිතිය ගැන නිගමනයකට එන සිරිතක් ලොවෙත් නැත.
      ලංකාවේ දොස්තර බමුනු කුලයට අනුව උසස්පෙලින් A-3 ගෙන රාජ්‍ය විෂ්වවිද්‍යාල වලින් උපාධි ගත් අය ඇරෙන්නට අනෙක් සියල්ලෝම නොසුදුසු වෙදුන් වෙති. මොවුන් ECTA සදහා විරුද්ධ වන්නේත් පිටරටින් වෛද්‍ය උපාධි ගෙන එන්නන් හැකිතරම් Act-16 විභාගය හරහා අසමත් කරන්නට දගලන්නේ තම වෘතීය ඒකාධිකාරය පවත්වාගැනීම සදහා විදේෂ උපාධි ලාබීන්, පෞද්ගලික වි,වි වලින් බිහිවෙන වෛද්‍යවරුන් හෝ ඉන්දියානු වෛද්‍යවරුන් තර්ජනයක් වන බව මේ දොස්තර කුලය තරයේ අදහන බැවිනි.

      Delete
    3. පුද්ගලික අධ්‍යාපනය වැනි සංවේදී ක්ශේත්‍රයක වයිද්‍ය උපාධිය වැනි වඩා වගකීම් සහිත උපාධියක් පිරිනැමීමේදී සැලකිය යුතු අවම කාරණා වත් සලකා බලා පූර්ණය කොට ද සයිටම් ව්‍යාපෘතිය දියත් වූයේ?
      ආරම්භයේ පටන්ම මූලික අංගවල පටන්ම දැඩි දෝශ සහිතව වගකිවයුතු ආයතන සඳහා අඩුම තරමේ පිළිතුරුවත් දීගත නොහැකි ආකාරයෙන් ඇයි දියත් කලේ?
      (ගස්ලබ්බ මේ සම්බන්ධයෙන් ලිපියක් බ්ලොගයේ පලකොට ඇත.)
      මුදල් බලය හා රාජ්‍ය බලය භාවිතා කරමින් අඩුපාඩු වසාගැනීමට කොතෙක් උත්සාහ කලත් දැන් ඔවුන්ගේ හෙළුව හෙලිවී හමාරයි.
      ඒ සඳහා යොමුවූ දරුවන් සහ සක්විති ගේ මුදල් ආයෝජනය කලවුන් අතර වෙනසක් නැහැ.
      ඉන්දියානු වයිද්‍යවරුන් තර්ජනයක් වීම කෙසේ වෙතත් ඉංදියාව සතුව තිබූ සෞඛ්‍ය වෙළෙඳපල සිංගප්පූරුවට හා ලංකාවට පවා (වකුගඩු සැත්කම් වෙළෙඳපල.)මාරුවී හමාරයි. හේතුව නිසි ගුණාත්මක තත්වයක් නොමැති වයිද්‍ය විද්‍යාල. මේක කියන්නෙ අපි නෙමෙයි එහෙ රජයමයි.

      Delete
    4. so then if indian uni's are bad how come sri lankan nationals graduated from indian uni's are allowed to sit for the SLMC reg exma???

      Delete
    5. // ඉංදියාව සතුව තිබූ සෞඛ්‍ය වෙළෙඳපල සිංගප්පූරුවට හා ලංකාවට පවා (වකුගඩු සැත්කම් වෙළෙඳපල.)මාරුවී හමාරයි.//

      ඉන්දියානු සෞඛ්‍ය ක්ශේස්ත්‍රය ගැන තව හදාරන්න.... ආසියාවේ 3වැනි විශාලතම ආර්තිකය යනු අන්තරේ කොලුපැංචන් කියන පරිදි හොර දොස්තරලාගෙන් පිරි රටක් නොවේ... යුරොපීයන් පවා ඉන්දියාවට ලාභදායී සෞඛ්‍ය පහසුකම් සදහා එන බව ඔබ දන්නවාද? ඉන්දියාවේ සෞඛ්‍ය ක්ශේස්ත්‍රය කඩාවැටී ඇතැයි යන මුග්ධ කතාව කියන්නන් අන්තරය සහ හැර මට හමුවෙ නෑ... නමුත් මා ඇමරිකාවේ ජීඅත්වෙන සමයේ එහි රෝහල්වල ඔනෑ තරම් ඉන්දීය වෛද්‍යවරුන් හමුවී තිබෙනවා... තනි තනි වෛද්‍යවරුන්ගෙ ගුනාත්මකභාවය විනා "අසවල් රටේ වෛද්‍යවරුන් හොදනෑ" කියා collective conclusion පැමිනීම ලෝකයේ කොහේවත් සිදුනොවන ක්‍රියාවක්.. මේ අදහස් තරමක් දුරට සමාන වන්නේ "ඇමරිකාව කොටින්ට උදව් කරනවා" වැනි ලාංකිකයින් සමහරක් තුල ඇති මුග්ධ අදහස් වලට පමනයි...

      // වයිද්‍ය උපාධිය වැනි වඩා වගකීම් සහිත උපාධියක් පිරිනැමීමේදී සැලකිය යුතු අවම කාරණා වත් සලකා බලා පූර්ණය කොට ද සයිටම් ව්‍යාපෘතිය දියත් වූයේ?//

      ඔබ කියන අවම කාරන පෞද්ගලික අංශයේ ආයතනයකට හැකි උපරිම දුරකට සයිටම් සපුරා තිබෙන බව බොහෝ විශේශඥය වෛද්‍යවරුන් පිලිගෙන තිබෙනවා.. නමුත් පෞද්ගලික ආයතනයකට යා හැකි සීමා තිබෙනවා, උදාහරනයකට අධිකරන වෛද්‍ය සේවා හෝ මරන පරීක්ශන පෞද්ගලික ශික්ෂන රෝහලක පැවැත්විය නොහැකියි.. එවිට කලයුත්තේ ඒ ඒ සායනික කොටස් සපුරා ගැනීමට රජය සහය දීම විනා GMOA කාරයින් කරන්නාක් මෙන් අතිශය කුහක ලෙස ඒ ලමයින් රජයේ රෝහල් වලින් සායනික පුහුනුව ලබාගැනීම වැලැක්වීම නොවේ..
      දියුනු රටවල පෞද්ගලික වෛද්‍ය විද්‍යාව අරඹයා ඇති public private Partnership ගැන දැනගැනීමට එක්සත් ජනපදයේ private medical schools පවත්වාගෙන යන හැටි අධ්‍යනය කරන්න..



      GMOA විසින් සයිටම් ආයතනයට විරුද්ධ වෘතීය ඊර්ශියාව නිසා බව මැදහත්ව බලන ඔනෑම කෙනෙකුට පෙනෙන දෙයක්..
      එයට සමාන ලෙස IESL සාමාජික වරලත් ඉන්ජිනේරුවන් ECTA ගිවිසුමට විරුද්ධ වන්නේ වෘතීය අනාරක්ශිත භාවය නිසා..

      Delete
    6. ඉංදියානු වයිද්‍ය ක්ශේත්‍රය පිළිබඳව තොරතුරු ඉංදියාවේම රූපවාහිනී නාලිකාවක් මඟින් හෙලි කරන වැඩසටහනක් තිබුනා.මම සබැඳිය සොයා ලබා දෙන්නම්.
      ලෝකයේ පවතින 'පුද්ගලික වයිද්‍ය විද්‍යාල' සාතිශය බහුතරයක් රජයට අයත් නොවන නිසා පුද්ගලික ගණයට වැටුනද ඒවා ලාභ ලබන අරමුණෙන් පවත්වාගන යන ආයතන නොවන බව විමසා බැලීමේදී පෙනෙන දෙයක්.
      ඔවුනුත් තමා උපාධියක් පිරිනමන්න හැකි ශඛ්‍යතාවයක් අයත් කරගෙන ක්‍රියාත්මක වන ආයතන.
      නෙවිල් මුදලාලි සල්ලි ගන්නයි,රජයෙන් පහසුකම් සලසන්නයි කියන ඩීල් එක නම් විහිළුවක්.
      'ලාභ ලැබීමේ' අරමුණින් වයිද්‍ය උපාධියක් පිරිනමනවා නම් ඒ මට්ටමට ආයෝජනය කරන්න සූදානම් විය යුතුයි. නැත්තන් ක්ශේත්‍රය ගඳ නොගස්වා ලාභ ලැබිය හැකි නීත්‍යානුකූල ගංජා වගාවක් වත් කරගත්තනම් ශ්‍රී ලංකාවට (පුද්ගලික අංශයේ ආයෝජකයන්ට.)පිළිගැනීමක් ඇති උපාධි ප්‍රධානය කරමින් දෙස් විදෙස් වෙළෙඳපල ජය ගැනීමේ හැකියාව වත් ඉතුරු වේවි.(පුද්ගලික අංශයට.)

      Delete
    7. සයිටම් එකේ සිසුන්ට සායනික පුහුනුව රජයේ රෝහල්වල සයිටම් එකට ඔනෑ විදිහට දියයුතුයැයි මම කොහේවත් කියා නෑ... ඒ ප්‍රශ්නය කෙසේ හෝ විසදාගත හැකිව තිබුනා.. (උදා: රජයේ සායනික පුහුනුව ලබන සෑම සයිටම් සිසුවෙක් සදහාම ආයතනය රජයට මෙපමනක් ගෙවිය යුතුයි වැනි කොන්දේසියකින් )
      නමුත් GMOA කල්ලිය ඉන්නේ "පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මේ කපේ ලංකාවේ අරඹන්නට නොදෙමියි" යන ඉතා ගෝත්‍රික ස්තාවරයේ...
      ඒකට හේතුව මම ඉහලින් කියා ඇති..
      පෞද්ගලික අංශය කොතරම් ආයෝජනය කලත් ඒ අංශයට ලබාදිය නොහැකි සායනික පුහුනු කොටස් තිබෙනවා.. මා ඉහතකී අධිකරන වෛද්‍ය පුහුනුව ඉන් එකක්.. ඒවාට රජය සහය දිය යුතුයි...
      ලාබ ලභන අරමුනින් විශ්වවිද්‍යාලයක් ඇරඹීම ලංකාවේ බහුතරය සිතන පරිදි අපරාධයක් නොවේ.. ලෝකයේ ඔනෑම සේවයක් ලාභය තකා ලබාදිය හැකියි..

      අනෙක මිනිහෙක් පෞද්ගලික ධනයෙන් පටන්ගත් වෛද්‍ය විද්‍යාලයක් දොස්තර කල්ලියක කීමට බලහත්කාරයෙන් රජයට පවරා ගන්න රටක රටක දෙස් විදෙස් වෙලදපොල ජයගතහැකි පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිකරන්නට ආයෝජකයින් එතියි හිතන්නට පිස්සෙක් වියයුතුයි....

      Delete
  17. මම හිතමෙ රට හදන්න කතා කරනවට හොඳවෙන රටටකට යන එක. නැත්නම් ලබන ආත්මේ දි හොඳ රටඉපදෙන්න කියලා දනක් පිනක් කරගන්න එක .

    ReplyDelete
  18. නිර්මාල් නම් අමුම අමු මැන්ටලයකි. එකේ කිසි අවුලක් නැත.
    මේ යකා සමාජවාදී දර්ශනයෙන් පිට මොකවත් දකින්නේ නැත. ලෝකයේ වෙන්නේ මොනවාද දන්නා බවක් පෙනෙන්නට නැත.
    අපි කඩේට ගිහිල්ල බඩුවක් ගන්නෙත් ඉල්ලුම සැපයුමට අනුව මිසක් සමාජවාදී ක්‍රමයට නෙවේ.
    සල්ලි තියෙන උන් කොහොමත් රට ගිහිල්ල ඉගෙනගන්නවා. අපේ රටේ සල්ලි නිකම් පිටරට යනවා.
    ඉතින් උන් අඩුගානේ සල්ලි දීල මෙහෙ ඉගන ගත්තොත් ඒ සල්ලි ටික හරි රටේ නවතිනවා.
    සමහරු හිතන් ඉන්නේ ලංකාව හරිම ධනවත් රටක් කියල, ඕන තරම් සල්ලි තියෙනවා අධ්‍යාපනයට වෙන් කරන්න නමුත් එක ඕනෑකමින් කරන්නේ නැහැ වගේ.
    අපේ විශ්ව විද්‍යාලවලට යන (උගත්?) ශිෂ්‍යයෝ ඉගනගන්න එකට වඩා කරන්නේ ඉගන නොගෙන ඉන්න වැඩ. ඉට්ටයික් කරන්නම තමයි ආස.

    ReplyDelete
  19. අප මහ බ්ලොග් කතු මතුගම අජිත් පැරකුම් ජයසිංහයන්ගේ විශිෂ්ට ලිපියක තේමාව වීම පශ්චාත් උපාධියක් පමනක් හිමි නිර්මාල් දේවසිරිට අපමණ අගයක් එකතු කිරීමකි.

    මෙම ලිපිය කියවීමෙන් නුවන පහලවූ නිර්මාල් නැවත පුරවැසි බලය සමග ගනුදෙනු ආරම්භ කල බවද සැලයි.

    කොහොමටත් නිර්මාල්ට ඕන උනේ සයිටම් මල් වට්ටියට මම අතගැහුවේ නෑ කියන්න විතරයි. මහේන්ද්‍රන් මහ බැංකුවෙන් අයින් කරලා බැඳුම්කර සිද්ධිය ගැන විනිවිද පෙනෙන පරීක්ෂණ කෙරෙන විදිය දැකල කලිසම ගලව ගනිපු නිර්මාල්ට නෙවිල් ප්‍රනාන්දු ඩීල් එකක් දාලා සයිටම් එකේ ඉන්න උන්ව දොස්තරලා කරවන බව නොතේරෙන්නේ නෑ.

    ReplyDelete
  20. පැරා,

    උඹේ ළමයෙකුට අසනීපයක් එහෙම හැදුනොත් සයිටම් දොස්තර කෙනෙක් ගාවට එක්ක යනවද මචං?

    ReplyDelete
  21. අජිත් පැරකුම් ජයසිංහ මහත්මා නිර්මාල් රංජිත් දේවසිරිට වඩා බුද්ධිමතෙකි ...
    =====================================================

    නිර්මාල් රංජිත් දේවසිරි යනු යම් නිෂ්චිත අස්ථානයක පිළිපන් තැනැත්තෙකු නො වන බව මතුගම අජිත් පැරකුම් ජයසිංහයන් නො දන්නේ වුව අපි නම් දනිමු. ඔහු රඹුටන් කාලයට රඹුටන් ද අඹ කාලයට අඹ ද පේර කාලයට පේර ද අලෙවි කරන සුළු වෙළෙන්දෙකි. ජනතා විමුක්ති පෙරමුණේ වාගාලාපකරුවන් හැරුණු කල ලාංකේය සමාජ-දේශපාලන ගෝලයේ එදා වේල ප්‍රතිපත්තිය මත යැපෙන ප්‍රමුඛයා රංජිත් දේවසිරි බව අගනගරයේ ශාස්ත්‍රාලීය කව සමඟ සබඳතා ඇති කවුරුත් දනිති; ජයසිංහයෝ නො දනිති. ජයසිංහයන් දන්නා දේ කොහොමටත් අල්ප බැවින් රංජිත් දේවසිරි නිවරද ව කියවා ගන්නට ජයසිංහයනට නො හැකි වීම පිළිබඳ අපි නම් පුදුම නො වෙමු.

    රංජිත් දේවසිරි යනු බුද්ධිජීවීන් යැයි සැලකෙන කුලකයක සාමාජිකයෙකු බව අපි පිළිගනිමු. එහෙත් ඔහු එම කුලකයේ දීප්තිමත් සාමාජිකයෙකු නො වන බව ඉතා පැහැදිලි ය. තේක්ක, බුරුත, නැදුන් ඈ ප්‍රතාපවත් වෘක්ෂයන් මියැදී ගිය කාන්තාරයක රංජිත් දේවසිරි යනු පතොකකි. රංජිත් දේවසිරි පිළිබඳ අප දැනගත් මුල් කාලයේ සිට අද දවස වන තෙක් ඔහු විසින් ගොඩනැඟුණු සර්වග්‍රාහී ප්‍රවාදයක් හෝ සමවාය සම්බන්ධිත ප්‍රවාද පද්ධතියක් හෝ නොමැත. සිංහල මහා ජාතියේ සංස්කෘතික සම්භවය පිළිබඳ වැදගත් න්‍යායක් රංජිත් දේවසිරි විසින් මුල් යුගයේ දී සූත්‍රගත කෙරිණි. අපි එම සම්ප්‍රදානය මහත් සේ අගයමු. දශක ගණනකට පෙර කොළඹ සරසවියේ දී මොට වූ න්‍යායාත්මක ආයුධවලින් සන්නද්ධ ව නලින් සමඟ වාදයට ගිය රංජිත් දේවසිරි එතැන් සිට අද දක්වා ගෙවී ගිය දීර්ඝ කාලය තුළ තම න්‍යායාත්මක ආයුධ තියුණු කර ගත් බවක් නො පෙනේ. අප එකඟ නො වූව ද නලින් නම් තම “ප්‍රවාද පද්ධතිය” (ඔහු මෙනමින් අප විසින් හඳුන්වනු ලබන දැනුම සංකේතගත කරන්නේ ප්‍රත්‍යක්ෂ දැනුම ලෙස ය) එතැන් සිට සැලකිය යුතු තැනකට වර්ධනය කර ගෙන තිබේ. අවම වශයෙන්, රංජිත් දේවසිරි සතු ව පූර්වසුනාමි යුගයේ දී තිබූ, ලාංකේය සමාජය පිළිබඳ විචක්ෂණ කියවීම හෝ වර්තමානයේ දී ඔහු සතු ව නැත. රංජිත් දේවසිරිට පෙර පරම්පරාවට හෝ ඔහුගේ පරම්පරාවේ දයා පතිරණ, කේ. එල්. ධර්මසිරි වැනි විප්ලවවාදීනට හෝ තිබූ සමාජ දැක්මවත් රංජිත් දේවසිරි විසින් ප්‍රකට කරනු ලැබ නැත. කිසිදු සමාජ ප්‍රපංචයකට සංයුක්ත විසඳුමක් රංජිත් දේවසිරි විසින් කෙදිනකවත් ඉදිරිපත් කරනු ලැබ නැත. “Ludwig Feuerbach and the End of Classical German Philosophy” යන ලේඛනයේ ෆොයර්බාක් පිළිබඳ එකළොස් වැනි ප්‍රවාදය ලෙස කාල් මාර්ක්ස් පෙන්වා දෙන පරිදි “මේ දක්වා දාර්ශනිකයන් විසින් නන් නයින් ලෝකය අර්ථකථනය කරනු ලැබ ඇත; එහෙත් වැදගත් කාරණය නම් එය වෙනස් කිරීම ය”. රංජිත් දේවසිරි නම් තවමත් ලෝකය කෙසේ වෙතත් ලාංකේය සමාජ-දේශපාලන වපසරිය හෝ අර්ථකථනය කර‍ ගෙනවත් නැති බව පැහැදිලි ය. එසේ පැහැදිලි වන්නේ ඔහු පවසන දෙය (එය න්‍යායක් ලෙස තවමත් ගොඩ නැඟී නැත) හා ඔහුගේ භාවිතාව අතර ඇති විසංවාදය නිසා ය.

    මතුගම අජිත් පැරකුම් ජයසිංහයන් “ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් නිර්මාල් රංජිත් දේවසිරිට ඉදිරිගාමී දැක්මත් තිබේ” වැනි විකාර දොඩවන විට අපට අධෝමාර්ග හාස නැඟේ. රංජිත් දේවසිරිට ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ගැඹුරු සර්වග්‍රාහී කියවීමක් තිබූ බව ඔහු තම ක්‍රියාවෙන් තහවුරු කර නැත. වික්‍රමසිංහ ආණ්ඩුවේ සාම වැඩපිළිවෙළ විකසනය වෙමින් පැවති තීරණාත්මක යුගයක එම ආණ්ඩුව පෙරළා දැමීමට න්‍යායාත්මක උල්පන්දම් දුන් එක් නරුමයෙක් වූයේ රංජිත් දේවසිරි ය. එහෙව් නරුමයෙකු “ඉදිරිගාමී වාමාංශිකයෙකු” කරන්නට වචන නාස්ති කරන පැරකුම් ජයසිංහයනට ඒ අඳුරු අතීතය අමතක සෙයකි. රංජිත් දේවසිරි තම භාවිතාව සාධාරණීකරණය සඳහා යොදා ගත්තේ වික්‍රමසිංහ ආණ්ඩුව ලිබරල් ධනවාදී යෝජනා මඟින් මේ රට විනාශ කරන්නට, මේ රට විකුණන්නට සැරසෙන්නේ ය වැනි ජාතිකවාදී නඩයේ සටන් පාඨ ම ය. මේවා මාර්ක්ස්මය අර්ථයෙන් දෘෂ්ටිමය සත්‍යයන් වුවත් ව්‍යාජ-විඥානය මත පදනම් වූ දෘෂ්ටිවාද ය. මෙකී දෘෂ්ටිවාද විසින් පරාරෝපිත (කලක් අපගේ ගුරු වූ බාහු සහෝදරයාට අනුව නම් විගලිත) පුද්ගල කණ්ඩායම් වියවුලට පත් කරනු ලැබේ. අවසානයේ දී මෙකී දෘෂ්ටිවාද ප්‍රතිගාමීත්වයට ම සේවය කරයි. රංජිත් දේවසිරි නරුම‍වාදී ව වික්‍රමසිංහ ආණ්ඩුවේ සාම වැඩපිළිවෙළ බිඳ දමා ජාතිකවාදයට කඩේ ගොස් ඇති බව ඵෙතිහාසික ව සාධනය වීමෙන් ම ඔහුගේ “ඉදිරිගාමී වාමාංශිකකම” පවතින්නේ පැරකුම් ජයසිංහයන්ගේ විඥානය තුළ බව පැහැදිලි වේ.

    රංජිත් දේවසිරි වර්තමාන ආණ්ඩුව බලයට ගෙන ඒමට සැලකිය යුතු කාර්යභාරයක් කළේ ය. ඊනියා මුහුණුපොත් බුද්ධිමතෙකු වන රංජිත් දේවසිරි තමන්ගේ සීමිත අනුගාමිකයන් සමඟ එක් ව කළ කාර්යභාරය ද එදා වේල ප්‍රතිපත්තිය මත පදනම් වූවක් බව පසු ගිය කාලය පුරා ක්‍රමයෙන් තහවුරු වෙමින් පැවතිණි. දැන් නම් ඒ බව පරිග්‍රාහික ව ම තහවුරු වී අවසන් ය.

    Cont ...

    ReplyDelete
  22. ජාතිවාදී, ජාතිකවාදී, වර්ගවාදී, ආගම්වාදී රාජපක්ෂ නඩය කුලප්පු වී සිටින මොහොතක රංජිත් දේවසිරි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳ අවශේෂ කාරණා අල්ලා ගෙන වර්තමාන ආණ්ඩුව පෙරළා දමන්නට උඩගෙඩි දෙයි. තමා නරුමවාදියෙකු බව රංජිත් දේවසිරි යළි යළිත් තහවුරු කරයි. මේ ආණ්ඩුව ලිබරල් ධනවාදී ප්‍රතිපත්ති අනුයන බව රංජිත් දේවසිරි දැන ගත්තේ ඊයේ පෙරේදා ද? මෙවැනි “බබා හුකුං” කතා රංජිත් දේවසිරිගේ මුහුණුපොත් නඩයේ බහුතර සමාජිකත්වය වන ඇටෙන් පොත්තෙන් නො ගිය කොල්ලනට කෙල්ලනට නම් සාරගර්භ දේශනයන් විය හැකි ය.

    උසස් අධ්‍යාපනය සඳහා අවස්ථාව ඒ සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් සපුරාලන ලද සෑම පුද්ගයෙකුට ම හිමි විය යුතු බව පිළිගන්නට මාර්ක්ස්වාදියෙකු හෝ වාමාංශිකයෙකු හෝ වීමට අවශ්‍ය නැත. ලාංකේය සන්දර්භය තුළ උසස් අධ්‍යාපනය සඳහා අවස්ථා රජය විසින් ම ප්‍රතිපාදනය කළ යුතු බව පැවසීම උසස් අධ්‍යාපනය සඳහා අවස්ථාව පුළුල් කිරීම පිළිබඳ පෞරාණික සිහිනයක් තව තවත් ඉදිරියට ගෙන යාමක් පමණකි. අඩසිය වසකට වැඩි කලක් පැරණි එම සිහිනය තවත් අඩසිය වසක් ගිය ද ඉටු නො වන බව නම් ඉඳුරා ව පැවසිය හැකි ය. එයට හේතුව ආර්ථිකය සම්බන්ධයෙන් මෙරට අනුයන අසමත් ප්‍රතිපත්තිය ය. නිදහසින් පසු ජනතාව දශක හයකට වැඩි කලක් පටි තද කරගෙන සිටිය ද තවමත් ලාංකේය ආර්ථිකය ශක්තිමත් වී නැත. ඒ පිළිබඳ මෙම සටහනින් අපි සාකච්ඡා නො කරන්නෙමු. රජයට උසස් අධ්‍යාපන අවස්ථා තනි ව පුළුල් කළ නො හැකි තත්ත්වයක් යටතේ පෞද්ගලික අංශය එයට දායක වීමට එරෙහි වීම ළාමකකමක් පමණක් නො වේ. තමා ලද අවස්ථාව තවත් විශාල පිරිසකට ලැබෙනු දැකීමට ඇති අකමැත්ත නැත හොත් කුහකකම ද එහි ගැබ් ව තිබේ. වාමාංශිකයන් හෝ මාර්ක්වාදීන් හෝ යනු කුහකයන් පිරිසක් ය යන වැරදි වැටහීමක් ලාංකේය සමාජය තුළ පැතිර ගියේ රංජිත් දේවසිරි විසින් අද අනුයනු ලබන කලක් ජ.වි.පෙ. විසින් අධිපතිවාදී ව අනුයන ලද පෙර කී අස්ථානය නිසා ය.

    පෞද්ගලික අංශය යනු රාක්ෂසයෙකු ලෙස සලකා පලවාහැරිය යුතු සංරචකයක් නො වේ. ඉතා පුළුල් පරාසයක ස්වායත්ත ගතිකයක යෙදෙන පෞද්ගලික අංශයක් යනු ලිබරල් ධනවාදයේ සංඝටනීය අවශ්‍යතාවකි. එහෙත් ලාංකේය පෞද්ගලික අංශය එලෙස පූර්ණ ස්වායත්ත ගතිකයක් ලෙස ක්‍රියාත්මක විය හැකි තරම් වර්ධිත අවස්ථාවක නැත. ලාංකේය පෞද්ගලික අංශය භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට වඩා උනන්දු වන්නේ වාණිජ තැරැව්කරණය පිළිබඳ ය. රංජිත් දේවසිරි වැනි ව්‍යාජ බුද්ධිමතුන් පෞද්ගලික අංශය යනු බිල්ලෙකු ය යන දුර්මතය ප්‍රචාරය කරන්නේ එම ලුහු තැන අපහරණය කර ය. රංජිත් දේවසිරි අව‍බෝධ කර ගත යුතු වැදගත් කරුණ නම් දැන් සිටිනා බබ්බු “බිල්ලා එයි බත් නො කෑවොත්” කියූ පමණින් බිය වී බත් කන්නේ නැති බව ය.

    මාලඹේ වෛද්‍ය විද්‍යාලය පිළිබඳ ඇති ගැටලුව විය යුත්තේ එහි ප්‍රමිතිය පිළිබඳ කාරණා ය. රජය කළ යුත්තේ එහි ප්‍රමිතිය යාමනය කිරීම පිළිබඳ තීන්දු තීරණ ගැනීම ය. මහජන චීනයට ගොස්, රුසියාවට ගොස් ලාංකේය අවශ්‍යතාවන්ට බොහෝ දුරස්ථ වූ වෛද්‍ය විද්‍යා දැනුමක් ඉගෙන ගෙන එන වෛද්‍ය උපාධිධාරීනට ද විභාගයකින් පසු මෙරට වෛද්‍ය සේවයට අනුයුක්ත වීමට අවස්ථාව ලැබේ නම් අපගේ අධීක්ෂණය යටතේ මෙරට දී ගෙවීම් පදනම මත අපට ගැළපෙන වෛද්‍ය අධ්‍යාපනයක් අපේ දරුවනට ලබා දීමට එරෙහි ව රංජිත් දේවසිරි වැනි ශාස්ත්‍ර පීඨ ආචාර්යවරු කලබල විය යුතු නැත. නෙවිල් ඩී. පෙරේරාගේත් ගැමුණු විජේරත්නගේත් දරුවෝ අපේ රටේ දරුවෝ නො වෙත් ද? මාලඹේ වෛද්‍ය විද්‍යාලය වසා දැමුවත් එම දරුවනට උසස් අධ්‍යාපන අවස්ථා සපයා දෙන්නට තරම් ආර්ථික ශක්තියක් නෙවිල්ටත් ගැමුණුටත් තිබේ. එහෙත් එතරම් ආර්ථික ශක්තියක් නැති දෙමව්පියන්ගේ දරුවනට ද උසස් අධ්‍යාපනය සඳහා (වෛද්‍ය විද්‍යාව පමණක් නො ව අනෙකුත් විෂයන් ද ඇතුලු ව) ඇති අවස්ථා පුළුල් වන සේ පෞද්ගලික විශ්වවිද්‍යාල සම්මත ප්‍රමිතීන්ගෙන් යුතු ව ඇරඹිය යුතු ය. මාලඹේ වෛද්‍ය විද්‍යාලයෙන් විශිෂ්ට වෛද්‍යවරුන් අනාගතයේ බිහි නො වෙති යි යන පූර්ව නිගමනයකට අප එළඹිය යුතු නැත. කිසිදු නිවරද විෂය දැනුමක් න්‍යායාත්මක ව හෝ ප්‍රායෝගික ව හෝ නො හසළ නාමික වෛද්‍යවරුන් රජයේ වෛද්‍ය විද්‍යාලවලින් ද බිහි වන බවත් මලික් සමරසිංහ, අර්ජුන ද සිල්වා වැනි විශිෂ්ටයින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලින් ද බිහි වන බවත් රංජිත් දේවසිරි වැනි සරලමතිකයන් දැන ගත යුතු ය. රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් අවසන් කාලයේ පැමිණි මලික්, අර්ජුන වැනි විශිෂ්ටයනට එකල උපහාස කිරීම ද ඒ සඳහා තරුණ ශිෂ්‍යශිෂ්‍යාවන් පෙලඹ වීම ද ගැන අපි අපේ පරම්පරාව ලෙස අදට ද කනගාටු වෙමු. රජයේ වෛද්‍ය විද්‍යාලවල නජිත් ඉන්දිකලා, රයන් ජයලත්ලා රජයේ රෝහල්වලට නො ගොස් ලිප්ටන් වටරවුමේ විප්ලවීය පුහුණුව ලබන විට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල දරුවනට රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබන්නට අවස්ථාව දීම අපරාධයක් වන්නේ කෙසේ ද යන්න ශාස්ත්‍ර පීඨයට වී මුහුණුපොතෙන් රජයේ විශ්වවිද්‍යාලවල තරුණතරුණියන් චූන් කරන රංජිත් දේවසිරි පැවසිය යුතු ය.

    Cont ...

    ReplyDelete
  23. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි ව අසූව දශකයේ ඇති වූ විරෝධය ඉතා ආචාසනාවන්ත තත්ත්වයකට වර්ධනය විණි. අද ත්‍රිමාලාගේ වෙනුරලාගේ ඡායාරූපවලට වන්දනාමාන කරන රයන් ජයලත්ලා වැනි ගිරා පෝතකයෝ අසූව දශකයේ දී එම වීරයන් සමඟ බුද්ධිමය සංවාද කරන්නට ගොස් මේ රට ද අතහැර එංගලන්තයට, ප්‍රංශයට පැන ගන්නට වූ අපේ පරම්පරාව විඳි දුක් ගැහැට නො දනිති. ඒදා මේ රට රත් රුධිරයෙන් නැහැවෙන කල ඉන් ලැබූ කාලකන්නි ආස්වාදය සිහි වී තිරිහන් වීමෙන් දෝ රංජිත් දේවසිරි වැනි ව්‍යාජ බුද්ධිමත්හු යළිත් උගත් තරුණ පිරිස් නො මඟ වන්නට මාන බලති. වමේ පැරණි සහෝදරයෙකු වූ සී. ඒ. වන්ද්‍රපේම ඔහු කලක් පෙම් කළ මාර්ක්ස් අනුව යමින් වරක් පැවසුවේ හැත්තෑව දශකයේ මුල දී ඛේදාන්තයක් වූ තරුණ නැඟිටීම අසූව දශකයේ අග දී විගඩමක් වූ බව ය. රංජිත් දේවසිරි වැනි ව්‍යාජ බුද්ධිමතුන් තරුණ පිරිස් කුපිත කරවා ඇති කරවන්නට යන තෙවන තරුණ නැඟීමට වෙසෙසිය යුතු වදනක් මාර්ක්ස් තම “The Eighteenth Brumaire of Louis Napoleon” රචනයේ සඳහන් කර නැත.

    පෞද්ගලික අංශය මේ රටේ උසස් අධ්‍යාපනය අවස්ථා වැඩි කිරීමට දායක කර ගත යුතු ය. ලාංකේය පෞද්ගලික අංශය මඟින් ඇරඹෙන පෞද්ගලික විශ්වවිද්‍යාලවලට පමණක් නො ව එංගලන්තය, ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව වැනි රටවල උසස් විශ්වවිද්‍යාලවලට අනුබද්ධ උසස් අධ්‍යාපන ආයතන ද මෙරට සංස්ථාපනය කිරීම සඳහා රජය ප්‍රතිපත්තිමය තිරණයක් විවෘත ව ගත යුතු ය.
    රංජිත් දේවසිරි වැනි මුහුණුපොත් බුද්ධිමතුන් තම බැතිමතුන් කීප දෙනා සමඟ එක් ව නඟන බලු කෙඳිරිවලින් රජය තම නිවරද තීරණ හකුළා ගත යුතු නැත. හැත්තෑව දශකයේ අග දී මිල්ටන් ෆ්‍රීඩ්මන් වැනි විශිෂ්ට ලිබරල් ධනවාදී චින්තකයෙකුගේ මඟ පෙන්වීම මත මාර්ග්‍රට් තැචර් එංගලන්තයේ ලිබරල් ධනවාදී ප්‍රතිසංස්කරණ ඇති කරන කල ද රංජිත් දේවසිරි පන්නයේ ඊනියා බුද්ධිමත්හු ඔක්ස්ෆර්ඩ්හි ද කේම්බ්‍රිජ්හී ද වියත් සභා මැදට වැද සර්වඅසුභවාදී කන්කෙඳිරි ගෑහ. එහෙත් මාර්ග්‍රට් තැචර් අධ්‍යාපන ලේකම් ව සිටිය දී එක්දහස් නවසිය හැත්තෑතුනේ දී ඇරඹි බකිංහැම් යුනිවර්සිටි කොලීජිය ඇය අගමැති ධුරයට පත් වූ පසු එක්දහස් නවසිය අසූතුනේ දී බකිංහැම් සරසවිය ලෙස එංගලන්තයේ ප්‍රථම පූර්ණ පෞද්ගලික විශ්වවිද්‍යාලය බවට පත් වීම නැවතුණේ නැත; එය වසා දැමුණේ හෝ රජයට පවරා ගැනුණේ හෝ නැත. වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් ප්‍රථම, පශ්චාත් හා ආචාර්ය උපාධි දක්වා අධ්‍යයනයට පහසුකම් ඇති එංගලන්ත විශ්වවිද්‍යාල විසිහයෙන් එකක් ලෙස අද වන විට එය වැජඹේ.

    රංජිත් දේවසිරි විසින් කළ යුතු ව ඇත්තේ තමා පුද්ගල දේපළ රැස් කිරීමට විරුද්ධ බව පවසමින් නන්දෙඩීම නො ව පුදගල දේපළ පිළිබඳ මාර්ක්ස්වාදී සම්ප්‍රදානය වර්තමානය තුළ යළි කියවීම ය. රංජිත් දේවසිරිගේ වැඩක් නො කෙරෙන කයිවාරු කතාවලින් අපට වැඩක් නැත; මේ රටට වැඩක් ද නැත; මේ ලොවට වැඩක් ද නැත. රංජිත් දේවසිරි තම එදා වේල ප්‍රතිපත්තියට අනුකූල ව වර්තමානයේ සේවය කරනුයේ කවර නම් ව්‍යාපාරයකට ද යන්න ලංකා සී නිවුස් වෙබ් අඩවියට පිවිසි කළ වටහා ගත හැකි ය. දැන හෝ නො දැන හෝ රංජිත් දේවසිරි රාජපක්ෂවාදී නඩයට කඩේ යයි. එය අන්ත ප්‍රතිගාමීත්වයකි.

    නිර්මාල් රංජිත් දේවසිරි තමන්ගේ බැතිමතුන්ගේ පහන් සංවේගය පිණිස මුහුණුපොතේ බහුබූත වාක්‍යයක් දෙකක් පැයෙන් පැයට පළ කරමින් ඒවා ගැන තව තවත් බහුබූත ලියමින් වටිනා කාලය අපතේ නො හැර නිවරද ව පර්යේෂණ පත්‍රිකාවක් ලියන ආකාරයත් ආචාර්ය උපාධි අපේක්ෂකයන් ඔවුන්ගේ පර්යේෂණ සඳහා මෙහෙයවන ආකාරයත් තව ටිකක් ඉගෙන ගන්නේ නම් එමඟින් රටට සේවයක් වනු ඇත. කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය වර්තමානයේ පත් ව තිබෙන ශෝචනීය තත්ත්වයට පත් වීමට නිර්මාල් රංජිත් දේවසිරි වැනි මුහුණූපොත් බුද්ධිමතුන් මහත් දායකත්වයක් දක්වා තිබෙන බව කනගාටුවෙන් පවසමු (අර්ජුන පරාක්‍රම හා දයාන් ජයතිලක එහි නැති නිසා අපට ඒ බව පවසන්නට කිසිදු සැකයක් නැත).

    මේ ආණ්ඩුව බලයට ගෙන එන්නට මහත් කාර්යභාරයක් ඉටු කළ මිලියන හතරක ජනමතයක් සහිත මතුගම අජිත් පැරකුම් ජයසිංහයෝ නම් මේ ආණ්ඩුවේ වරද නිවරද කරගෙන ඉදිරියට ගෙන යන්නට ප්‍රශංසනීය මෙහෙයක් ඉටු කරති; නිබඳ ව වියුණුසටහන් පළ කරති; පක්ෂ විපක්ෂ දෙපිරිසෙන් ම නින්දා අපහාස ලබති; එහෙත් එදා මේ ආණ්ඩුව බලයට ගෙනෙන්නට තමන් කළ මැදිහත් වීමේ වගකීම බාර ගනිති. දහසක් විසංවාද ජයසිංහයන් සමඟ අපට තිබුණ ද අප ජයසිංහයනට ගෞරවාදර කරනුයේ ඒ උදාර ගුණාංගය සලකා ය. මේ ආණ්ඩුව රැක ගැනීමට අපි මතුගම අජිත් පැරකුම් ජයසිංහයන්ගේ දෑත ශක්තිමත් කරමු. මක් නිසා ද යත් ප්‍රේත දිෂ්ටි වෙනුවට මහසොහොන් දිෂ්ටි වැද්ද ගැනීම භයානක බැවිනි.

    End.

    ReplyDelete
    Replies
    1. බකින්හැම් විශ්වවිද්‍යාලය යනු ලාබ නොලබන පුණ්‍යායතනයක් (non-profit charity) මිස ලාබ ඉපැයීම පිණිස ඇටවූ පුද්ගලික ව්‍යාපාරයක් නොවේ. එය එක් දිනකින් බිහි කළ ආයතනයක් ද නොවේ.
      http://www.buckingham.ac.uk/about/history

      Delete
    2. නිෂ්චිත යන දූෂ්‍ය වදනක් අප විසින් ලියැ වී තිබේ එය නිශ්චිත ලෙස නිවරද විය යුතු ය.

      රසික වෙත, ස්තුතියි ඔබගේ කරුණු දැක්වීමට. බකිංහැම් සරසවිය ලාබ නො ලබන ආයතනයක් බව සැබෑ ය. එහෙත් එය රාජ්‍ය මත නො ව පෞද්ගලික අංශය මත නඩත්තු වන (පසු කාලීන ව රසල් සමූහයේ යාමනයෙන්) එංගලන්තයේ ඇති ස්වාධීන විශ්වවිද්‍යාලවලින් පැරණි ම විශ්වවිද්‍යාලය යි. එහි වෛද්‍ය විද්‍යාවට අදාළ ආචාර්ය උපාධිය සඳහා ලංකාවේ මුදලින් නම් රුපියල් ලක්ෂ සියයත් එකසිය පනහත් අතර මුදලක් වැය වේ. එම සරසවිය “ලාබ නො ලබන” බව සැබෑවක් වුව ද පුණ්‍යායතනයක් වන්නේ ඔබ පුණ්‍යායතන සඳහා දෙන අර්ථකථනය අනුව ය. මොහාන් ලාල් ග්‍රේරෝ ලයිසියම් ආයතනය ආරම්භ කළේ ද එවැනි පදනමක් මත බව අප සමඟ වරක් පැවසී ය.

      බකිංහැම් සරසවිය එක දිනකින් ආරම්භ වූවක් බව අපි නො පැවසුවෙමු. එය 1973 වර්ෂයේ දී යුනිවර්සිටි කොලීජියක් ලෙස ආරම්භ වී යුනිවර්සිටියක් දක්වා වර්ධනය වූ බව අප අපගේ ආලෝචනයේ පවසා තිබේ. කලක් සරසවියක සිටි ඔබ යුනිවර්සිටි කොලීජියක හා යුනිවර්සිටියක ව්‍යුහමය හා පරිපාලනමය වෙනස දන්නා බවට අපට සැක නැත.

      (බකිංහැම් සරසවිය පිළිබඳ මේ කරුණු අප විසින් පැවසුණේ ගරු ණයක් ගෙවීමක් ලෙස ය! එම “ගරු ණය” යන්නෙහි මාර්ක්ස්වාදී අර්ථය ඔබගේ සන්මිත්‍ර, අපගේ ආදිමිත්‍ර පැරා දනී).

      Delete
    3. THE UNIVERSITY OF BUCKINGHAM. Registered Charity Number 1141691

      "A suitable site was found in Buckingham and on 29 March 1973 the University College at Buckingham (UCB) was incorporated, in the form of a non-profit making company registered as an educational charity."

      මා පුණ්‍යායතනයක් කියා කීවේ එය එලෙස ලියාපදිංචි කර ඇති නිසයි. එසේ කරන්නේ එවිට දානපතියන්ට පුණ්‍යාතනය සඳහා බදු රහිතව අරමුුදල් ලබා දිය හැකි බැවිනි.

      මා කියවා ඇති පරිදි ඇමරිකා එක්සත් ජනපදයේ ඇති, අප "පුද්ගලික" විශ්වවිද්‍යාල යැයි අවභාවිතයෙන් හඳුන්වන හාවඩ්, කානගී මෙලන්, එම්අයිටී වැනි බොහෝ ආයතන ද මේ ආකාරයෙන් දානපතියන් ගේ අරමුදලින් ඇරඹුණු ඒවා මිස මුදලාලිලා ලාභ ලැබීම පිණිස කළ ආයෝජන නොවේ!

      ලංකාවේ ඇති තවත් අවභාවිතාවක් නම් ස්ලිට්, එන්අයිබීඑම් වැනි උපාධි ප්‍රදානය කරන ආයතන "පුද්ගලික" විශ්වවිද්‍යාල ලෙස හැඳින්වීමයි.

      (මගේ වැඩිහිටි ජීවිතයෙන් වසර 20+ ම ගත වුනේ විශ්වවිද්‍යාල ආශ්‍රයේ තමයි)

      Delete
    4. https://www.facebook.com/notes/api-sawdiya-puramu/%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A-%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA-%E0%B6%89%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8-%E0%B7%83%E0%B7%84-%E0%B6%89%E0%B6%9C%E0%B7%99%E0%B6%B1-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8/241038662956417

      Delete
    5. පෞද්ගලීකරණයෙන් බේරිය හැකි නොවුනත්, එය ප්‍රතිපත්තියක් වැලඳ ගැනීමට වඩා සංකීර්ණය. රටට අදාළ විශේෂ තත්ව යටතේ ක්‍රමවේදයක් අවශ්‍ය ය. ඉහත ලිපිය වැනි තව ලිපි පැමිණිය යුතු ය.

      Delete
    6. ඔබ නිර්මාල් ගැන ලියූ දෙයත් පැරකුම් ගැන ලියූ දෙයත් මා අගය කරනවා.

      Delete
    7. ප්‍රස්තුත කරුණ පිළිබඳ රසික දක්වන උනන්දුව අපි මහත් සේ අගයමු. එනිසා මෙම පැහැදිලි කිරීම දක්වමු:

      ඔබ පුණ්‍යායතන (charity organisations) යනුවෙන් පවසන දෙයට ඔබ විසින් සපයනු ලබන අර්ථකථනයත් උසස් අධ්‍යාපන ආයතනයක් පුණ්‍යායතනයක් ලෙස සංස්ථාපනය කිරීමේ හේතුව ලෙස ඔබ විසින් දක්වනු ලබන කරුණත් ඉතා යෝග්‍ය ය. පුණ්‍යායතන යනු යම් ආයතනයක ව්‍යවස්ථාපිත අරමුණක් අරබයා යෙදෙන්නකි. එවන් ආයතනවල “ලාබ” නො ලැබීම යනු තාක්ෂණික ව්‍යවහාරයකි. “ලාබය” හෝ “ආදායමේ අතිරික්තය” යනු ආයතනික ව්‍යුහයට අනුරූප ව ව්‍යවහාර වන්නකි. පුණ්‍යායතන යැයි පැවසුණ ද එවායේ අධ්‍යාපනය කිසිවෙකුටවත් “පිනට” (මා මෙම වචනය මෙහි යොදනු ලබන්නේ නොමිලේ යන අරුතින් ය) ලැබෙන්නේ නැත. එංගලන්තයේ අනෙකුත් සරසවිවලට වඩා සාපේක්ෂ ව වැඩි ගාස්තුවක් මෙම ඊනියා පුණ්‍යායතනවලට ගෙවිය යුතු ය. එම ආයතන නඩත්තු වන්නේ එම ගාස්තුවලින් ලැබෙන ආදායමේ අතිරික්තය (නො ලබන “ලාබය”) සහ පරාර්ථකාමීන්ගෙන් හා දානපතීන්ගෙන් ලැබෙන මූල්‍යමය, ද්‍රව්‍යමය හා සේවාමය ප්‍රතිපාදන මත ය. මේවා පුණ්‍යායතන වන්නේ පුණ්‍යාධාර මත ද යැපීම නිසා ය.

      එලෙස ම මේවා පුණ්‍යායතන වනුයේ සම්භාව්‍ය අර්ථයෙන් නො වේ. සම්භාව්‍ය අර්ථයෙන් පුණ්‍යායතනයකට මෙවැනි ගාස්තු අය කළ නො හැකි ය. මේවා වඩාත් නිවරද ව සැලකිය යුතු වන්නේ charitable for-profit ආයතන ලෙස වුවත් නෛතික හා විගණන අර්ථයෙන් ඒවා charitable not-for-profit ආයතන ලෙස සංශෝධන සහිත ව සංස්ථාපනය කර පවත්වාගෙන යනු ලැබේ.

      එක්සත් ජනපදයේ පමණක් නො ව මෙරට ද බොහෝ විශ්වවිද්‍යාල ආරම්භ වූයේ පරාර්ථකාමීන්ගේ (philanthropists) හා දානපතීන්ගේ (donors) ප්‍රතිපාදන මත ය. ලංකා වෛද්‍ය විද්‍යාලය හා මහාරෝග්‍යශාලාව අරඹන්නට මහා ධනස්කන්ධයක් වැය කළෝ මෑත කාලීන ලාංකික ඉතිහාසයේ මහා පරාර්ථකාමියා වූ මොරටුවේ චාර්ල්ස් හෙන්රි ද සොයිසා ශ්‍රීමතාණෝ ය. ලංකා විශ්වවිද්‍යාලයත් ඉන් බිඳී ඇරඹි කොළඹ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලත් අරඹන්නට මහා ධනස්කන්ධයක් වැය කළෝ ශ්‍රීමත් ජේම්ස් පීරිස් ප්‍රමුඛ පරාර්ථකාමීහු ය.

      ඔබ පවසන එක්සත් ජනපදයේ හාර්වඩ්, යේල්, කෝර්නෙල්, ප්‍රින්ස්ටන් වැනි විශ්වකීර්තිමත් සරසවි ද පරාර්ථකාමීන්ගේ හා දානපතීන්ගේ පුණ්‍යාධාර මත පදනම් වන අයිවි ලීගයේ (Ivy League) ප්‍රතිපාදන මත යැපේ. ඒවා පෞද්ගලික (private) විශ්වවිද්‍යාල ය. හාර්වර්ඩ් සේ ම සම්භාවනීය සරසවියක් වන ස්ටැන්ෆර්ඩ් සරසවිය ද පෞද්ගලික විශ්වවිද්‍යාලයකි. එක්සත් රාජධානියේ බකිංහැම් සරසවිය සේ ම ස්ටැන්ෆර්ඩ් සරසවිය ද නඩත්තු වන්නේ අය කර ගනු ලබන ගාස්තු හා අවශේෂ ප්‍රතිපාදන රැස්කිරීම් මත ය. මේවා පෞද්ගලික විශ්වවිද්‍යාල වුව ද බදුමුක්ත (tax-exempted) ආයතන ය. එසේ බදුමුක්ත වන්නේ ඔබ පවසන අධ්‍යාපන පුණ්‍යායතන (educational charities) යන පදනමින් ය.

      මෙකී විශ්වවිද්‍යාල හැඳින්වීමට “පුද්ගලික”* යන වි‍ශේෂණය යෙදීම “අවභාවිතාවක්” බව ඔබ විසින් පැවසිණි. Private යන ඉංගිරිසි වදනට සිංහලයේ පෞද්ගලික යන වදන (හෝ පුද්ගලික ලෙස ඔබ හඳුන්වන වදන) ව්‍යවහාර කිරීම අවභාවිතාවක් නො වේ. ඔබ පවසන එක්සත් ජනපදයේ විශ්වවිද්‍යාල private සහ public යනුවෙන් මූලික ව දෙවර්ගයකි.

      Public යනු මූලික ව ම රාජ්‍ය ප්‍රතිපාදන මත යැපෙන විශ්වවිද්‍යාල ය. මෙහි දී අප “මූලික ව ම” යන විශේෂණය යොදන්නේ අවශේෂ වශයෙන් public විශ්වවිද්‍යාලවලට ද පරාර්ථකාමීන්ගේ හා දානපතීන්ගේ පුණ්‍යාධාර වැනි ප්‍රතිපාදන මත ද යැපිමට අවසර ඇති නිසා ය. ප්‍රාන්තමූල ව මෙවැනි public විශ්වවිද්‍යාල රැසක් එක්සත් ජනපදය පුරා තිබේ.

      Private යනු මූලික ව ම රාජ්‍ය ප්‍රතිපාදන මත නො යැපෙන, පරාර්ථකාමීන්ගේ සහ දානපතීන්ගේ පුණ්‍යාධාර ද අය කරනු ලබන ගාස්තු ද මත යැපෙන විශ්වවිද්‍යාල ය. මෙහි ද අප “මූලික ව ම” යන විශේෂණය යොදන්නේ අවශේෂ වශයෙන් private විශ්වවිද්‍යාල ද බදු සහන, සුළු ප්‍රතිපාදන ඈ වක්‍ර හෝ සෘජු හෝ රාජ්‍ය ප්‍රතිපාදන මත යැපෙන නිසා ය.

      එක්සත් රාජධානියේ ද විශ්වවිද්‍යාල මේ අයුරින් private සහ public ලෙස ‍මූලික ව දෙවර්ගයකි. එක්සත් රාජධානියේ මෙකී විභේදනයේ දී ප්‍රතිපාදන සැපයීම සේ ම අදාළ විශ්වවිද්‍යාල යාමනය පිළිබඳ ද විශේෂ අවධානයක් යොමු කර ඇත. (එක්සත් රාජධානියේ පාසැල් පද්ධතිය සම්බන්ධයෙන් private සහ public යන සංකල්ප ව්‍යවහාර වන්නේ වෙනස් ආකාරයකට ය. ඒ පිළිබඳ විග්‍රහ කිරීම මෙම ආලෝචනයේ අභිප්‍රේතාර්ථයට පරිබාහිර ය.)

      මෙතෙක් සාකච්ඡා කළ කරුණු සියල්ල ම අප අපගේ මුල් ආලෝචනයේ සංක්ෂිප්ත ව එහෙත් පැහැදිලි ව දක්වා තිබේ. එසේ තිබිය දී රසික බකිංහැම් සරසවිය පුණ්‍යායතනයක් බව පමණක් ඉස්මතු කරමින් එය පෞද්ගලික විශ්වවිද්‍යාලයක් බව යටපත් කරන්නේ ඇයි? අප මූලික විසංවාදය සඟවා බකිංහැම් සරසවිය පුණ්‍යායතනයක් ද? ඇමෙරිකාවේ තිබෙන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල ද? යනාදී විතණ්ඩ ප්‍රශ්න විමසා වැඩක් නැත.

      Cont ...

      Delete
    8. රසික තම ආලෝචන ද්වයය තුළ “පෞද්ගලික” යන (හෝ පුද්ගලික ලෙස ඔබ විසින් හඳුන්වනු ලබන ) වදන අරඹයා නඟන ප්‍රශ්නවලට පදනම ද්විපාදීය “විය හැකි ය”. ඒවා නම්:

      1. අවවර්ධිත පෞද්ගලික අංශයක් (private sector) ඇති ශ්‍රී ලංකාවේ", පෞද්ගලික යන්නට පරිපාලනමය වශයෙන් ද සමාජ-දේශපාලනමය වශයෙන් ද ලැබී ඇති අර්ථයේ පවතින සංදිග්ධතාව ය.

      2. උසස් අධ්‍යාපනය රාජ්‍ය අංශය විසින් ම සිදු කළ යුතු අතිපූජනීය සමාජ සත්කාරයක් ය යන අස්ථානය ය.

      ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය පිළිබඳ රසික එතරම් විශ්වාස නො කරන බව “මුදලාලිලා” පිළිබඳ ද සඳහන් රසිකගේ ආලෝචන ද්වයයෙන් හැඟවුම්කරණය වේ. රසික, ඔබගේ සංශය සාධාරණ ය. ඔබ පවසන අවදානම සැබෑ ය. එහෙත් ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය රාක්ෂසයෙකු ලෙස සලකා සංවර්ධනය පිළිබඳ සමාජ-දේශපාලන කතිකාවේ සීමා මායිමෙන් ඉවතට පලවා හැරීමෙන් ලාංකික රාජ්‍යය සංවර්ධනය කළ නො හැකි තත්ත්වයක් වර්තමානයේ නිර්මාණය වී ඇත. එය ලාංකික සන්දර්භය තුළ පමණක් නො ව සමස්ත ලෝකය තුළ වුව වාස්තවික යථාර්ථයකි. අපි මෙසේ පැවසුවෙමු:

      “පෞද්ගලික අංශය යනු රාක්ෂසයෙකු ලෙස සලකා පලවාහැරිය යුතු සංරචකයක් නො වේ. ඉතා පුළුල් පරාසයක ස්වායත්ත ගතිකයක යෙදෙන පෞද්ගලික අංශයක් යනු ලිබරල් ධනවාදයේ සංඝටනීය අවශ්‍යතාවකි. එහෙත් ලාංකේය පෞද්ගලික අංශය එලෙස පූර්ණ ස්වායත්ත ගතිකයක නිමග්න විය හැකි තරම් වර්ධිත අවස්ථාවක නැත. ලාංකේය පෞද්ගලික අංශය භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට වඩා උනන්දු වන්නේ වාණිජ තැරැව්කරණය පිළිබඳ ය.”

      උසස් අධ්‍යාපනය සඳහා පවතින අවස්ථා පුඵල් කිරීමේ සාර අභිලාෂයේ දී උසස් අධ්‍යාපනය අසමත් රාජ්‍ය අංශයේ ඒකාධිකාරයෙන් මුදවාගෙන, ආරම්භයේ දී අවේක්ෂණ හා සංතුලන සහිත ගමනක් පෞද්ගලික අංශය සමඟ යා යුතු බව අපගේ අදහස ය. සංක්‍රාන්ති සමය ගෙවා පෞද්ගලික අංශය වර්ධිත අවස්ථාවකට එළඹෙන කල, පෙර කී දැඩි අවේක්ෂණ හා සංතුලන ඉවත් කළ හැකි ය. ශාස්ත්‍රාලීය ශාස්ත්‍රවන්තයෙකු වන රසිකට වැටහෙන ආකාරයට පවසන්නේ නම් “රාජ්‍යය විසින් පෞද්ගලික අංශය දැඩි ව යාමනය කරනු ලබන ‍කෙයින්සියානු ධනපති ක්‍රමයෙන් නික්මී පෞද්ගලික අංශය එහි ම ස්වායත්ත ගතිකයන්ගෙන් යාමනය වන ෆ්‍රීඩ්මනියානු ධනපති ක්‍රමයක් කරා සුසුමාදර්ශීය වෙනසක් ශ්‍රී ලංකාව විසින් වහා අරඹනු ලැබිය යුතු ය”.

      අප පෙනී සිටින්නේ (ඔබ පවසන පරිදි) “අටවා” ගත් මාලඹේ ආයතනය එලෙස ම පවත්වා ගැනීම සඳහා නො වේ. එහි ප්‍රමිතිය පිළිබඳ විසඳාගත යුතු ගැටලු රැසක් පවතී. එම ගැටලු පිටුපස පවතින්නේ අපගේ පෞද්ගලික අංශයේ අවවර්ධිතභාවයත් එම තත්ත්වයෙන් පෞද්ගලික අංශය ගලවා ගැනීම සඳහා රජය ප්‍රතිපත්තිමය තීරණ නො ගැනීමත් ය. එම ගැටලු විසදීම යනු පෞද්ගලික අංශය විසින් උසස් අධ්‍යාපන අවස්ථා නිර්මාණය කරනු ලැබීම වැළැක්ම නො වේ. “මාලඹේ වෛද්‍ය විද්‍යාලය පිළිබඳ ඇති ගැටලුව විය යුත්තේ එහි ප්‍රමිතිය පිළිබඳ කාරණා ය. රජය කළ යුත්තේ එහි ප්‍රමිතිය යාමනය කිරීම පිළිබඳ තීන්දු තීරණ ගැනීම ය.” යනුවෙන් අප පැවසූයේ එනිසා ය.

      උසස් අධ්‍යාපනය නිදහස් විය හැකි ය. එහෙත් එය කෙදිනකවත් නොමිලේ ලැබුණේ නැත.ත කන්නන්ගරයන්ගේත නිදහස් අධ්‍යාපනය යනු නොමිලේ ලැබුණු දෙයක් නො වේ. අප නොමිලේ ලැබුණේ යැයි සිතන බොහෝ දේ සඳහා අපගේ අනෙකා ගෙවීම කර ඇත. ඔබ ද මා ද බාලාංශයේ සිට ආචාර්ය උපාධිය දක්වා ලැබූ අධ්‍යාපනය වෙනුවෙන් මේ රටේ වැඩ කරන ජනතාව අඩුපාඩු නැති ව ගෙවා ඇත. අප ඉගෙන ගෙන ඒ වෙනුවෙන් රටට සේවය කළා යැයි පවසා ලිස්සා යන්නට අපට නො හැකි ය. අපට ඉගෙන ගන්නට වියදම් කළ වැඩ කරන ජනතාව ම අප ඉගෙන ගෙන කළ ඊනියා සේවයට ද මාසික ව ලක්ෂ ගණනින් ගෙවා ඇත. රසික ද ලංකාවේ විශ්වවිද්‍යාලයක රැදී සිට තව දශකයකට පමණ පසු විශ්‍රාම ගියේ නම් ඉන් පසු ද පෙර කී වැඩ කරන ජනතාව ගෙවීම් කරනු ඇත. තව දුරටත් මෙම ක්‍රමය ඉදිරියට යා යුතු නැත. පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කළ යුතු සේ ම රාජ්‍ය විශ්වවිද්‍යාලවල ද ගාස්තු අය කරන ක්‍රමයක් ඇති කළ යුතු ය. රජය කළ යුත්තේ නිශ්චිත කාලයක් තුළ නැවත ගෙවන පදනම මත උසස් අධ්‍යාපනය සඳහා ණය මුදලක් ලබා දීම වැනි කාර්ය ය. එසේ වූ කල ලිප්ටන් වටරවුමේත් වෝර්ඩ් පෙදෙසේත් පිස්සු කෙළිමින් වසර ගණනක් සරසවිවලට වී උපාධිය සම්පූර්ණ නො කරන දරුවන් තමන් කළ යුතු සැබෑ කාර්යය කුමක් ද යන්න සිතා බලනු ඇත.

      රසික සමඟ කළ සංවාදයේ ශාස්ත්‍රීය සතුට විඳිමින් අපි නවතිමු. අවම සුදුසුකම් සපුරා ඇති සියල්ලනට ම උසස් අධ්‍යාපනය සඳහා අවස්ථා ලැබේවා!

      End.

      Delete
    9. *රසික භාෂාප්‍රේමියෙකු නිසා මෙම කරුණ පිළිබඳ අවධානය යොමු කරවමු. සිංහල භාෂාවේ “ඉක” යන තද්ධිත ප්‍රත්‍යය නාම ප්‍රකෘතියක අගට එක් වීමේ දී අදාළ නාම ප්‍රත්‍යයේ මුල පවතින්නේ සරල ස්වරයක් (තනි ස්වරයක්) නම්, පද සාධනයේ දී එකී සරල ස්වරය සංයුක් ස්වරයක් (තනි ස්වර කීපයක් එක් ව සැදි ස්වරයක්) බවට වෘද්ධි වේ. එය සිදුවන්නේ නාම ප්‍රත්‍යයේ මුල ඇති අක්ෂරයට අදාළ සරල ස්වරය (මෙය නාම ප්‍රත්‍යයේ ආදි ස්වරය ලෙස ද හඳුන්වනු ලැබේ) වෙනුවට අනුරූප සංයුක්ත ස්වරයක් නිසි ලෙස ආදේශ වීමෙන් ය. එනම් සන්ධි වීමෙන් ය (පෙරපර වණන් නිසි විදින් ගළපනු සඳ නම් - සිදත). මෙය ස්වරාදේශ සන්ධිය ය.

      සමකාලීන සිංහලයේ සංයුක්ත ස්වර තෙවැදෑරුම් ය. ඒවා පහත ආකාරයට ව්‍යුත්පන්න වේ.

      අ + අ = ආ
      අ + ඉ = ඵෙ
      අ + උ = ඖ

      සම්බන්ධ, අයත්, ජනිත ඈ අරුත් දෙන “ඉක” තද්ධිත ප්‍රත්‍යය නාම ප්‍රත්‍ය අගට එක් වීමට අදාළ සම්මතය විමසමු. නාම ප්‍රත්‍යය අගට “ඉක” තද්ධිත ප්‍රත්‍ය එකතු වීමේ දී බොහෝ විට සිදුවන්නේ නාම ප්‍රත්‍යාන්ත අක්ෂරයට අදාළ ශබ්දයේ ස්වරය ලොප් වී ඉතිරි වන ගාත්‍රාක්ෂරය “ඉක” තද්ධිත ප්‍රත්‍යයේ “ඉ” ස්වරය සමඟ සන්ධි වීම ය (පූර්වස්වරලෝප සන්ධිය). මෙලෙස සෑදෙන පද බොහෝමයක් විශේෂණ පද ය.

      1. “ආ” සංයුක්ත ස්වරාදේශය:

      සමාජ + ඉක
      ස් + අ + මා +ජ් + අ + ඉ + ක (ගාත්‍රාක්ෂර හා ස්වර වෙන් වීම)
      ස් + අ + මා +ජ් + ඉ + ක (නාම ප්‍රත්‍යාන්ත “අ” ස්වරය ලෝප් වීම)
      ස් + අ + මා + ජි + ක (“ජ්” ගාත්‍රාක්ෂරය හා “ඉ” ස්වරය සන්ධි වීම)
      ස් + ආ + මාජික (නාම ප්‍රත්‍යයේ මුල ඇති “අ” සරල ස්වරය වෙනුවට “ආ” සංයුක්ත ස්වරය ආදේශ වීම)
      සාමාජික (“ස්” ගාත්‍රාක්ෂරය හා “ආ” සංයුක්ත ස්වරය සන්ධි වීම)

      ලංකා + ඉක = ලාංකික, කය + ඉක = කායික, ප්‍රමාණ + ඉක = ප්‍රාමාණික, දර්ශන + ඉක = දාර්ශනික, ශරීර + ඉක = ශාරීරික, අංග + ඉක = ආංගික, මණ්ඩල + ඉක = මාණ්ඩලික, පරිසර + ඉක = පාරිසරික, අම්ල + ඉක = ආම්ලික, ධර්ම + ඉක = ධාර්මික ඈ පද “ආ” සංයුක්ත ස්වරාදේශයට නිදර්ශන ය.

      2. “ඵෙ” සංයුක්ත ස්වරාදේශය:

      විෂය + ඉක
      ව් + ඉ + ෂ + ය් + අ + ඉ + ක (ගාත්‍රාක්ෂර හා ස්වර වෙන් වීම)
      ව් + ඉ + ෂ + ය් + ඉ + ක (නාම ප්‍රත්‍යාන්ත “අ” ස්වරය ලෝප් වීම)
      ව් + ඉ + ෂ + යි + ක (“ය්” ගාත්‍රාක්ෂරය හා “ඉ” ස්වරය සන්ධි වීම)
      ව් + ඵෙ + ෂයික (නාම ප්‍රත්‍යයේ මුල ඇති “ඉ” සරල ස්වරය වෙනුවට “ඵෙ” සංයුක්ත ස්වරය ආදේශ වීම)
      වෛෂයික (“ව්” ගාත්‍රාක්ෂරය හා “ඵෙ” සංයුක්ත ස්වරය සන්ධි වීම)

      ඉතිහාස + ඉක = ඵෙතිහාසික, දින + ඉක = දෛනික, නිරුක්ති + ඉක = නෛරුක්තික, නීති + ඉක = නෛතික, නිසර්ග + ඉක = නෛසර්ගික, විකල්ප + ඉක = වෛකල්පික, වේද + ඉක = වෛදික ඈ පද “ඵෙ” සංයුක්ත ස්වරාදේශයට නිදර්ශන ය.

      3. “ඖ” සංයුක්ත ස්වරාදේශය:

      පුද්ගල + ඉක
      ප් + උ + ද්ග + ල් + අ + ඉ + ක (ගාත්‍රාක්ෂර හා ස්වර වෙන් වීම)
      ප් + උ + ද්ග + ල් + ඉ + ක (නාම ප්‍රත්‍යාන්ත “අ” ස්වරය ලෝප් වීම)
      ප් + උ + ද්ග + ලි + ක (“ල්” ගාත්‍රාක්ෂරය හා “ඉ” ස්වරය සන්ධි වීම)
      ප් + ඖ + ද්ගලික (නාම ප්‍රත්‍යයේ මුල ඇති “උ” සරල ස්වරය වෙනුවට “ඖ” සංයුක්ත ස්වරය ආදේශ වීම)
      පෞද්ගලික (“ප්” ගාත්‍රාක්ෂරය හා “ඖ” සංයුක්ත ස්වරය සන්ධි වීම)

      පුරාණ + ඉක = පෞරාණික, ලෝක + ඉක = ලෞකික, මූල + ඉක = මෞලික, භූත + ඉක = භෞතික ඈ පද “ඖ” සංයුක්ත ස්වරාදේශයට නිදර්ශන ය.

      පුද්ගලික යන්න සදොස් බව ද එය පෞද්ගලික ලෙස නිදොස් විය යුතු බව ද රසිකට දැන් අවබෝධ වී ඇති බව සිතමු. එහෙත් එය අපගේ සංවාදයට බාධාවක් නො වන නිසා ඒ පිළිබඳ වියරණය පසු ව මෙසේ දැක්වූයෙමු. පුද්ගලික යන්න සුලබ ව දැකිය සදොස් ව්‍යවහාරයකි. සුලබ වූ පමණින් එය නිදොස් නො වන බව අප විසින් අතීතයේ දී පෙන්වා දෙනු ලැබ ඇත. සංස්කෘතයෙන් තත්සම වූ පදවල නාම ප්‍රකෘති සමඟ “ඉක” පමණක් නො ව “අ”, “ඒය”, “ය” යන තද්ධිත ප්‍රත්‍ය ද එකතු වන කල ඒවායේ සම්මතයන් ද මෙලෙස ම විමසිය හැකි ය.

      බොහෝ නීතිවලට ව්‍යතිරේක තිබෙන ලෙස ම “ඉක” තද්ධිත ප්‍රත්‍යය පිළිබඳ සම්මතයට ද ව්‍යතිරේක කීපයක් පවතී. ව්‍යවහාර + ඉක = ව්‍යවහාරික මිස වෛවහාරික නො වේ. ක්ෂණ + ඉක = ක්ෂණික මිස කෛෂණික නො වේ. පන්ති + ඉක = පන්තික මිස පාන්තික නො වේ (නිර්ධන පාන්තික යන දූෂ්‍ය වචනයක් අපගේ ශාස්ත්‍රීය ලිපියක තිබී අපගේ ගුරුදේවයන් අප කොළඹ සිට මහනුවරට කැඳවා දොස් පැවරූ බව ඊයේ අද මෙන් මතක ය), රසායන + ඉක = රසායනික මිස රාසායනික නො වේ. ඔබට කෙදිනකවත් අමතක විය නො හැකි නිදර්ශනයක් ද පවසමින් අපි නවතිමු.

      රස + ඉක = රසික මිස රාසික නම් නො වේ!

      Delete
  24. මගේ යාළුවෙක් පුරවැසි බලයෙන් ඉවත් වෙලා මලා

    ReplyDelete
  25. දැනුයි මතක් වුනේ, පුරවැසි බලය ගැන මටත් තීරණයක් ගන්න වේවිද මන්දා?
    http://rasikalogy.blogspot.com/2014/12/appeal-by-group-of-sri-lankans-living.html

    ;-)

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා