අපේ ගම බත්තරමුල්ල (කවි)


උපන් දා සිටම ඉන්නා
ගමෙන් අපි උදේ ඇවිදින්
රටේ අගනුවර මැද ඇති
අපේ ගම බලා

අපේ ගම නෙමෙයි අපෙ ගම
අපේ ගම ඇත්තෙ එතැන ය
ඇත්ත නම් එකී ගම නම්
තිබෙන්නේ හිතේ

ගම්වලින් ඇවිත් දරුවන්
මළානික පිළිම සමගින්
සෙල්ෆි ගෙන මුහුණු පොත දමතී
විසුළු ලෙස සිටන්

ගමේ ආරච්චි රාළට
කියා දුන් නිසා ගම ගැන
පුංචි සන්තොසක් දුන්නෙමි
අනේ පව් නිසා

ඇවිත් ගම් දමා සෙල්ලම්
ගෙවල් තුළ උයා කාගෙන
පෙට්ටි කාඩ්බෝඩ් මත උන්
නිදති බඩ සයින්

ටැට්ටරේ ගමට ආ කල
දිරූ විය ගසේ සිදුරින්
එකැස් කසුබුවකු කෙදින ද
අහස දකින්නේ

අපේ ගම අසල ඉදි වුණ
ලක්සලේ තිබේ ඒ ගම
අලෙවියට තබා එනතුරු
සුදු මහත්වරුන්

වලව්වට වඩා සුවිසල්
මහා මන්දිරේ වැජඹෙන
පඩිකාර නිලමෙවරු වැඩ නැති
සිටිති සන්තොසින්

- පැරකුම් ජයසිංහ 
2016 - 08 - 17

(බත්තරමුල්ලේ අපේ ගම බැලීමෙන් පසුව ලියුවෙමි. පැරණි ගම මෙසේ ප්‍රතිනිර්මානය කර නව පරපුරට හා සංචාරකයන්ට දකින්නට සැලැස්වීම වරදකැයි නො සිතමි. එහෙත්, මේ අපේගම බැලීමෙන් දැකිය හැකි වන්නේ මෙවැනි සුළු වැඩක් හෝ හරියට කරන්නට රජයට බැරිකමේ තරමයි. මෙතන තිබෙන අපේ ගම දකින විදේශිකයන් පැරණි ලාංකිකයන් යනු දූවිලි ගොඩක සිටි කාලකන්නි සුළු වෙළෙන්දන් පිරිසකැයි සිතනු ඇත. ගම ගැන මැරෙන්න හදන ලේ රත් වුණ මෝඩයින් අපේ ගමට විසිට් එකක් දමනවා නම් හොඳ ය. මෙන්න මහ ලොකු ඉතිහාසය. උඩ දාන ගමේ තරම දැනගන්නට මෙන්න අපේගමේ නිල වෙබ් අඩවිය.) 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඔයිටත් අන්තයි අපේ ගම...

    Sep 26, 2012
    අපේ ගම (අළුත් ගම) - My Home Town (Global Village)
    ***********************************************

    ගොඩ මඩ දෙකම හතේ හතයි වැහි නැතිය
    කටුරොද ගම්මාන තිබුනේ ඉස් සරය
    කුණු ගඳ ගහන ගඟ මැද කිඹුලෝ වැඩිය
    කඩමන්ඩිය කෙළවරේ දැන් අපෙ බාර් එකය

    කඩමන්ඩියක් නොව දැන් එය පොඩි ටවු මක්ය
    කොළොන්තොට වගේ ගතියක් එහි ඇතිය
    එනමුදු සති පොලත් කවදත් හරි සරුය
    ලාබෙට යමක් සොයමින් යන ඇට කටුය

    බස් නැත හයෙන් පසු ගම ඇතුලට යන්න
    කෙල්ලන් බයයි තනියෙම අඳුරේ යන්න
    රෝද තුනේ කුකුලෝ ඇත ගෙන යන්න
    තනිවම ගමන අපචාරෙට ලක් වෙන්න

    ගුරුනට මහනුනට අද කිසි තැනක් නැති
    ගමට රජුයි ප්‍රා...දේශියේ සභා පති
    ගෝලයෝ උගේ රිසිසේ කප්පම් ගනිති
    හොඳ යාළුවා පොලිසියේ ස්ථාන පතී

    සිදුහත් කුමරු කන්තක අසු පිට උඩය
    තුරඟුන් රඟන නියොනින් හෙබි මැදු රක්ය
    වහ බී හෙට මලත් මට නම් කම් නැතිය
    රැජිනගේ එකා ඇද්දොත් මට හෙට බඩුය

    ගත් ණය ගෙවන්නට නොහැකිව වස බොන්න
    වස ගන්නටත් තඹ සතයක් නෑ ඔන්න
    කෙල්ලගේ අරුංගල් කරලා උකසට සින්න
    මැහි තෙල් කුප්පියෙන් නිවනේ සැන සෙන්න.....

    - Maathalan -

    ReplyDelete
    Replies
    1. මාතෙ මේකනම් සුපිරි

      Delete
    2. Maathalan, සුපිරි.....

      Delete
    3. තෑන්ක්ස්... බොහොම පරණ එකක්...

      Delete
    4. සුපිලිම සුපිලියි මාතයියේ.....

      Delete
  2. මේක ලියන්න තිබුණේ රංචාගොඩ ළමයා ගේ කවි විරිතෙනුයි.

    ReplyDelete
  3. ලංකාවේ හොඳම ගම මතුගම නොවේ ද?

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව! බොහෝ දෙනෙකුගේ ආශාවේ වස්තුව.

      Delete
    2. ඔය කියන්න හදන්නේ ලෝකෙම හොඳම තැන සිනුවර කියලනේ , අපි නොදන්න රසික

      Delete
    3. මගේ යාලුවෙක් මතුගම ගිහිං මලා

      Delete
  4. "උඩ දාන ගමේ තරම දැනගන්නට මෙන්න අපේගමේ නිල වෙබ් අඩවිය". සහතික ඇත්ත පැරා ! මුංගෙ අම්මලට digital කරවන්න ඕනැ .

    ReplyDelete
  5. "උඩ දාන ගමේ තරම දැනගන්නට මෙන්න අපේගමේ නිල වෙබ් අඩවිය". සහතික ඇත්ත පැරා ! මුංගෙ අම්මලට digital කරවන්න ඕනැ .

    ReplyDelete
  6. "ඕවිටිගලයි" "නාහල්ලයි" මතුගමට ලඟයි නේද පැරා ? මම රයිගම් කෝරලේ.

    ReplyDelete
  7. Very butifull and tasty song lirks. Thank lots parakum sir. Put English lirics songs too sir.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා