2012 මාර්තු මාසයේ සිට මේ දක්වා 30,000 කට ආසන්න උපාධිධාරීන් ප‍්‍රමාණයක් විරැකියාවෙන්

පළ කරන්න කියා ඉල්ලා සිටියා. ඒ නිසා ඔන්න පළ කළා.

ප‍්‍රවෘත්ති කර්තෘ/අධ්‍යක්ෂකතුමා
2016.08.23

මාධ්‍ය නිවේදනයයි

රැකියා ඉල්ලා උපාධිධාරීන් උපවාසයේ 
 
දෙනවා යැයි පොරොන්දු වු ගුරු පත්වීම් ලබාදෙන ලෙස ඉල්ලමින් ඊයේ දින (23) වයඹ පළාත් ගුරු විභාග සමතුන් විසින් මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇත. ගුරු පුරප්පාඩු 3500 කට අධික ප‍්‍රමාණයක් ඇති බවට පළාත් අධයාපන ඇමතිවරයා පවසා ඇති මොහොතක මෙසේ පත්වීම් ලබා නොදී සිටීම තරයේ හෙළදකිමු.

විශේෂයෙන් පසුගිය කාලය පුරා සියලූ උපාධිධාරීන්ට රැකියා ලබාදෙන ලෙෂ ඉල්ලා අපද අඛණ්ඩ අරගලයක් කරමු. 2012 මාර්තු මාසයේ සිට මේ දක්වා 30,000 කට ආසන්න උපාධිධාරීන් ප‍්‍රමාණයක් විරැකියාවෙන් සිටිති. ඒ ගුරු පුරප්පාඩු 32,000ක් ඇතුලූ රාජ්‍ය අංශයේ පුරප්පාඩු 50,000ක් පමණ තිබිය දීය.

ජනාධිපතිවරයා මෙන් ම අගමැතිවරයාද පසුගිය කාලය පුරා උපාධිධාරීන්ට රැකියා දෙන බවට විවිධ ප‍්‍රකාශයන් කරන ලදී. නමුත් රැකියා ලබාදෙන වැඩපිළිවෙළක් මෙතෙක් ඉදිරිපත් කර නැත. එපමණක් නොව රැකියා විරහිතව සිටින උපාධිධාරීන්ගේ සංඛ්‍යා ලේඛන පවා ආණ්ඩුවට නැත. එයින්ම වත්මන් ආණ්ඩුවේ තත්වය මනාව පැහැදිලි ව ඇත.

පසුගිය වසරේ අගමැතිවරයා විසින් රැකියා ගැටලූව විසදීමට අදාළව අගමැති පත් කළ කමිටුව රැස් වුයේ එක් අවස්ථාවක් පමණි. එය ද සුදු අලියෙකු බවට පත්ව ඇත. පසුගිය මාස 8 පුරාම සාකච්ඡා ඉල්ලූවද සාකච්ඡාවක් පවා ලබාදුන්නේ නැත.

රැකියා ලබාදෙන බවට කරන ප‍්‍රකාශයන් වහාම නවත්වා සියලූ උපාධිධාරීන්ට වහාම රැකියා ලබාදෙන වැඩපිළිවෙළක් සකසන මෙන් අවධාරණය කරමු.

මෙයට,
ධම්මික මුණසිංහ
කැදවුම්කරු,
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. සැබැවින්ම ඇමැතිවරුන් විසින් උපාධිධාරීන්ට රැකියා ලබාදෙන බවට කරන ප්‍රකාශයන් වහාම නැවැත්විය යුතු බවට අපද එකඟ වෙමු. මක් නිසාද යත් උපාධිධාරීන්ට රැකියා දීම රජයේ වගකීමක් නොවන බැවිනි. රජයේ හෝ පුද්ගලික අංශයේ රැකියා සඳහා තෝරාගත යුත්තේ ඒ සඳහා සුදුසු අය මිස හුදෙක් උපාධිධාරීන් වීමේ සුදුසුකම මතම නොවේ. ලංකාවේ උපාධිධාරීන් සිතාගෙන සිටින්නේ තරඟ විභාගයකින් වැඩි ලකුණු ගෙන විශ්ව විද්‍යාලයකට ගොස් කිසි කෙනෙකුට ප්‍රයෝජනයක් නැති උපාධියක් ගත් පමණින් තමන් අනිත් අයට වඩා උසස් බවය. අනිත් අයට නැති වරප්‍රසාද තමුන්ට ලැබිය යුතු බවය. උපාධිධාරීන් ඇතුලු තරුණ විරැකියාව ලෝකයේ දියුණු රටවල පවා සුලබය. විශේෂයෙන් දියුණු රටවල සිසුන් ඉගෙනගන්නේ දහ අතේ ණය වෙමින් මුදලට මිස ලංකාවේ මෙන් පිනට නොවේ. නමුත් මේ රටවල රැකියා ඉල්ලා උපවාස උද්ඝෝෂණ කරන උපාධිධාරීන් අප දැක නැත.

    ReplyDelete
  2. ඔන්න සල්ලි වලට විකිනුවොත් පව් සිද්දවෙන "නිදහස් අධ්‍යාපනයෙන්" බිහිවෙච්ච පොරවල් වල තරම... මුන්ට වැඩිය අර ඕලෙවල් වලින් නැවතිලා ගාමන්ට් එකක නැතිනම් මැදපෙරදිග කඹුරල රටට ඩොලර් එකක් හරි ගේන ගෑනු දාහෙන් සම්පතයි..

    ReplyDelete
  3. පින්වත් මහතුනේ පෞද්ගලික අංශයේ රැකියා 150,000 ක පමණ පුරප්පාඩු පවතින බව ආයෝජන මණ්ඩලයේ සභාපතියා පවසා ඇත. ආන්ඩුවෙන්ම කන්න බලාගෙන හිඟන මානසිකත්වයකින් පැන්ෂන් හා අයිස් ගැසීමට බලාගෙන කාළය කා දමනවාට වඩා එවන් රැකියාවක නිරත වී රටට වැඩදායක මිනිසුන් වන්න.

    ReplyDelete
    Replies
    1. ඔය මොකුත් ඕනි නෑ අර මාමණ්ඩියගෙ පොත කියවලා කේන්දර බැලිල්ල පටන් ගත්තනම්... සල්ලි ඕසෙට...

      Delete
    2. එක ඉගෙන ගත්ත උන් මේ හිඟන්නෝ වගේ හැම රෙද්දම ආන්ඩුවෙන් ඉල්ලන්නේ නෑ.. තව ටිකක් කල් ගියාම කියයි.. අඩෝ ආන්ඩුව අපි කක්කා දැම්මා.. ඇවිල්ලා පුක හෝදව් කියලා.. එහෙම හිඟන්නෝ ටිකක් මේ.. මුන් ඩිග්‍රී තියාගෙන හිඟ කනවා.. ඩිග්‍රී නති උන් කාලා බීලා අනික් උනුත් බලාගෙන හොඳින් ඉන්නවා..

      Delete
    3. ආණ්ඩුවේ රස්සාවල වැඩ අඩුයි. ලංකාවෙ අය කැමතියි:-D
      පෙන්ෂනුත් තියනවා.

      Delete
    4. හරියටම හරි Pra jay නිකං ඉඳලම පඩි ගන්නත්, සේවාලාභින්ට ගෑස් පෙන්නනත් ආතල් ගන්නත් පුළුවන්

      Delete
    5. Excellent comment. What kind of stupidity is to expect govt jobs

      Delete
    6. මම හිතන්නේ මේ ගැන කථා කරන කවුර්ත් වැස්සකටවත් විශ්ව විද්‍යාලයකට ගොඩ වෙච්ච අය වෙන්න බෑ. උඩ දාගෙන සමාජයේ දැවෙන ප්‍රශ්න කථා කරන මාතලන්ගේ සමාජ දැනීම ගැන මට ප්‍රශ්නයක් ආවා. ඇත්තටම මාතලන් කියන්නේ තර්කන බුද්ධියෙන් හරි වැරදි දේ පක්ෂ-පාට භේදයකින් තොරව කථා කරන කෙනෙක් විදිහට මම මේ බ්ලෙග් අවකාශය තුළ මගේ දැනීමට අනුව කියවගෙන හිටියෙ. හැබැයි ඒක හිතලුවක් විතරයි කියලා දැන් මට හිතෙනවා. පොඩ්ඩක් බිමට බහින්න මාතලන්, මේ උපාධිධාරීන් අතරින් බහුතරයක් රැකියා පුරප්පාඩු ඇති බවට රජයේ ගැසට් එකෙන් ප්‍රසිද්ධ කරපු විභාගවලට රැ.1000ක් රජයටත් දීලා විභාගත් ලියලා සමත් වෙලා තමන්ට හිමි රුකියාව ඉල්ලන අය. ඔයා මේ රටේ හිටිය නම් 2014 වසරේ ගුරු පුරප්පාඩු කියලා රට වටේ ගැසට් කරපු විභාග ලියලා සමත් වෙලා, පළාත ඇතුළෙ උවමනාවටත් වඩා ගුරු පුරප්පාඩු තියෙද්දිත් මේ අයව බඳවා ගන්නේ නැතිව මේ රජය කරන අසාධාරනේ දකිවී. මේ එක උදාහරණයක් විතරයි. මේ සමස්ත රැකියා විරහිත උපාධිදාරීන්ගෙන් බහුතරයක් එහෙම අසාධාරණයට ලක්වෙච්ච අය. රටේ තොටේ හැමදේම හොයන බලන ලියන ඔයාලට මේ ප්‍රශ්න ඔය ලියන එක පෝස්ට් එකකටවත් අදාළ නොවෙන්නේ ඇයි කියලා මට ප්‍රශිනයක්. නිදහස් අධ්‍යාපනයේ උපාධිධාරීන් කිව්වම බෙල්ල කපලා මරන්න ඕන ජාතියක් කියලා හිතන ඔයාලා තමන්ගේ පෞද්ගලික තරහක් තියෙනවා වගේ විමසීමක් නැතිව විවේචනය කරන්න එපා. පොඩ්ඩක් ඇස් අරලා බලන්න.

      Delete
    7. @ රන්දුලා

      අවංකවම උඹලා ගැන කනගාටුයි. බලාපන් පැරා කිව්වා වගේ මේ පින්තූරේ ඉන්න උන් දිහා. ඇයි උඹලා කාටවත් රැවටෙන්නේ. එහෙම රැවටෙන්න උඹල වගේ වයසක උදවියට ලැජ්ජාවක් නැද්ද. මේ කොමෙන්ටුවත් මට ලැජ්ජාවක්. උඹ දන්නවද සාමාන්‍ය පෙලවත් නැති කොල්ලෝ කෙල්ලෝ රක්ෂණ නියෝජිතයෝ වෙලා ඇවිල්ලා මාසෙකට ලක්ෂ ගනන් හොයනවා කියලා. ගාමන්ට් ෆැක්ටරි වල රස්සාවල් පිරිලා. දක්ෂයෙකුට ඒ ක්ෂේස්ත්‍රයේ ඉහලටම යන්න පුළුවන්. තවත් රැකියා ඕනා තරම්. මේ රටේ රස්සාවල් නැතිව නෙමෙයි. මෙහෙම පාරේ හිඟ කනවට වඩා හොඳ නැද්ද එහෙම රැකියාවක් කරලා කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන එක. උඹලට වෙලා තියෙන්නේ ඒක නෙමෙයි. උඹ්ලා හිතනවා ඔය ඩිග්‍රිය මහා ලොකු එකක්ය කියලා. ඕක අමතක කරපන්. ඕක උඹලගෙට් වැරැද්දක් නෙමෙයි. එකක් අජ්ජාපන ක්‍රමයේ වැරැද්ද. එකක් ධනපති දේශපාලනයේ. තා එකක් උඹලාව අන්දන වමේ දේශපාලනයේ. අනික් ආගමේ. හිඟන මානසිකත්වයෙන් මිදිලා පට්තරේ තියෙන පුරප්පාඩුවකට ඉල්ලලා කුමක් හෝ රැකියාවකට පලයන්. ආන්ඩුවේ පින් පඩි හිඟන්නෙක් නොවී. අභිමානයක් තියෙන මිනිහෙක් වෙයන්. උඹ දැකලා තියෙනවද ඔය සයිටම් ප්‍රශ්ණය ගැන කතාකරන පෞදගලික අංශයේ වෛද්‍යවරයෙක් නෑ නේද. ඔය කෑ ගහන්නේ පැනඩෝල් දොස්තරලා. එහෙම නැත්නම් ආන්ඩුවෙන් පිනට කන උන්.

      Delete
    8. This comment has been removed by the author.

      Delete
    9. අනික මාතලන් කිව්ව දේවල්වලින් මම එක දෙයකට එකඟයි. ඒ අධ්‍යාපන ක්‍රමයේ යල්පැනගිය බව. රැකියා වෙළඳපළ ඉලක්ක කරගත් අධ්‍යාපනයක් වෙනුවට හමස් ගැහුණු නෝට් පෙරළගෙන තමන්ටත් නොතේරෙන, අහං ඉන්න එවුන්ට මෙලෝ දෙයක් නොතේරෙන දේවල් උගන්නන මහාචාර්යවරුන්ගේ වැලිබයිලාවලට වඩා හොඳ, රැකියා වෙළඳපළ ඉලක්ක කරගත් දෙයක් විශ්වවිද්‍යාලයකින් මේ උපාධි අපේක්ෂකයින්ට ලබාදිය යුතුයි. මොකද රටක ශ්‍රමබලකාය වෙච්ච තරැණ පරපුරෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න රජයට පුළුවන් වෙන්නේ එතකොටයි.

      Delete
    10. මාතලන් ගොඩක් උපාධිධාරීන් එහෙම රජයෙන් රුකියායක් බලාපොරොත්තුවෙන් උඩ බලන් ඉන්න අය නෙමෙයි. ඔව් මම උපාධිධාරිනියක් තමයි. මම ඒ ගැන ආඩම්බර වෙනවා. මමත් පෞද්ගලික අංශයක රැකියාවක නියුතු වෙලා ස්ථාවරව ඉන්න කෙනෙක්. අපි ගොඩක් අය එහෙම ඉන්නවා. ඒ නිසා මාතලන් උපාධිධාරීන් ගැන දුක්වෙලා, කලබල වෙලා හැඟීම්වලට ඉඩදෙන්න එපා. බුද්ධියෙන් හිතන්න. මේ උපාධිධාරීන් ඉල්ලන්නේ තමන්ගේ අයිතිය. මම ඉස්සෙලා කිව්වා වගේ ආයෙත් කියන්නේ මේ උපාධිධාරීන් අතරින් බහුතරයක් රැකියා පුරප්පාඩු ඇති බවට රජයේ ගැසට් එකෙන් ප්‍රසිද්ධ කරපු විභාගවලට රැ.1000ක් රජයටත් දීලා විභාගත් ලියලා සමත් වෙච්ච අය (හැමෝම නෙමෙයි, බහුතරය හොඳේ). සාමාන්‍ය පෙළවත් හරියට සමත් නැති අයට රජයේ හිතවත්කම් මැද උසස් රැකියා ලබා දෙන්න රජය එළිපිට වැඩ කරනවා. එහෙම වෙනකොට තමන්ට අයිති රැකියාව ලබා ගන්න මෙහෙම උපවාස නොකර නිවටයො වගේ බලන් ඉන්න පුළුවන්ද උපාධිධාරියෙක්ට තියා "කොන්ද පණ තියන" මෙලෝ මනුස්සයෙක්ට? මාතලන් දන්නවද උපාධිධාරියෙක් කටුනායක මහන රස්සාවක් කරන්න ගියාම වෙනදේ. ඔයාට සුදුසුකම් වැඩියි, මේ රස්සාවට හරියන්නේ නෑ කියලා ඒ රස්සාව දෙන්නේ නැහැ. ඔයාට ඒ අත්දැකීම් නැතිව ඇති. ඒත් එහෙම හරි රස්සාවක් කරන්න කැමැත්තෙන් ගියපු උපාධිධාරීන් කිහිප දෙනෙක්ගේ අත්දැකීම් තමයි ඔය. සයිටම් ප්‍රශ්නය මෙතනට ගාවගන්න එපා මාතලන්. මෙතනදි මම බාහිර හෝ පෞද්ගලික විශ්වවිද්‍යාල ගැන කථා තළේ නැහැනේ. ඉතිං ඔයාම හිතලා බලන්න. මම කලින් දාපු කමෙන්ට් එක හරියට ආපහු කියෙව්ව නම් ඔයා මේ විදිහට වටේම තියන දේවල් නෙමෙයි. මේ පෝස්ට් එකට අදාලව කථා කරයි.

      Delete
    11. රන්දුලාගෙ තර්කය හරි. මාතයට වෙලා තියෙන්නෙ සුපුරුදු විදියටම ඩිග්‍රි කාරයොත් එක්ක තියන තරහ නිසා හෝ තමන්ට නැති නිසා, හැඟිම් නිසා පුහු තර්කය එලියට දාන එක

      Delete
    12. ඇනෝ, ඇති නැති උපාධිය ගැන කථා කරන්න එපා. මෙතන අපි තර්ක විතර්ක වලින් නේද කථා කරන්න ඕනෙ. මොකද උපාධිය තියන කෙනෙකේ වුණත් මාතලන්ගේ අදහස දරන්න පුළුවන්. ඒ තමතමන්ගේ කියවීම හා අවබෝධය අනුව. සමහර විට මෙතනදි මගේ කියවීම වැරදි වෙන්නත් පුළුවන්. ඒ නිසා ඇනෝ අපි පුළුවන් තරම් කරැණුවලින්ම අපේ තර්කය හරි කියන්න උත්සාහ කරන්න ඕනෙ නේද? අනිත මාතලන් එකක් මගේ මතගැටීමක් මිසක් තරහක් නෙමෙයිනෙ තියන්නේත කොටිමන්ම කියනවනම් මම මාතලන්ගේ ලිපිවල පාඨකයෙක්, රසියකයෙක් තවත් විදිහකින් සහෘදයෙක්. එයාගේ අදහස් ගොඩක් වෙලාවට සාධාරණය මතයි බ්ලොග් එකේ වුණත් ලියවෙන්නේ. ඉතින් මෙතනදි මාතලන්ගෙයි, මගෙයි අදහස් ටිකක් විතර හැප්පුණා විතරයි මම හිතන විදිහට. හැබැයි ඒ මම හිතන විදිහ හොඳේ.

      Delete
    13. රන්දුලා කියන කතාවෙත් ඇත්තක් තියනව. මේ අය කටුනායක මහන්න ගියොත් සුදුසුකම් වැඩියි කියල හරවල එවනව. මේ අයට යන්නත් බෑ වයස වැඩියි ගිය ගමන්ම අහන්නෙ මෙච්චරකල් මොකද කෙරුවෙ කියල. කැම්පස් ගියා කියන්නත් බැරි නිසා හොරපොල් කැඩුව කෙහෙකන් කැපුව කියලයි කියන්න වෙන්නෙ.

      මට මේ පොටෝ එක දැක්කහම මුලින්ම කට කොනකට හිනා ගියා.පස්සෙ අවංකවම දුක හිතුන. මේ අයත් මේ ක්‍රමයෙ ගොදුරු.
      ගුරු පුරප්පාඩු ඇත්තටම නෑ. ළමයි 20 කට එක ගුරුවරයෙක් ඉන්නව. නමුත් සමහර ඉස්කෝලවල ගුරුවරු ඇත්තෙම නෑ. සමහර විශයන්ට ගුරුවරු නෑ. සමහර ඉස්කෝලවල ගුරු අතිරික්තයක්.කිසිම සෑල්සුමක් නෑ. මේ වගෙ තත්වයක් උඩ මේ අය බදවගත්තත් වැඩක් නෑ. ආයෙ උපවාස කරයි ලග ඉස්කෝලෙකට හදල දෙන්න කියල.
      මම අනාවැකියක් කියන්නම්. අද මේ අයට රස්සාව දුන්නොත් හෙට ඉදන් මේ අය රස්තියාදුවෙන්නෙ පක්ෂ කාර්යාලවල.ඒ වැඩ නැති ගෙවල් කිට්ටුව තැනකට හදාගන්න.

      Delete
    14. This comment has been removed by the author.

      Delete
    15. This comment has been removed by the author.

      Delete
    16. ලද දෙයින් සතුටු නොවීමේ මිනිස්ගතිය උපාධිධාරීන්ටත් අදාළයි මධ්‍යස්ථ මතධාරියා. බලන් යනකොට අපි සේරම එකම වලක තමයි. සමාවෙන්න මගේ කීබෝඩ් එක අප්සට් වෙලා. ප්‍රෙස් කරන කී එක නෙමෙයි ප්‍රෙස් වෙන්නේ කමෙන්ට් 03 මැකුණා මේ වෙද්දි වැරදිලා

      Delete
    17. @ රන්දුලා

      ඔබ මම කියන දේ සනාත කරනවා. මගේ කොමෙන්ට් එකේ මම කිව්වා මතකද, උපාධිය අමතක කරන්න කියන කතාවක්. ඒක කිව්වේ හේතු ඇතුවයි. ගාමන්ට් එකක ජොබ් එකකට මක්කටෙයි බයෝ ඩේටා එකේ උපාධියක් ගැන සඳහන් කරන්නේ. ඒක එතනට අනවශ්‍යයි. උපාධී කාරයෝ ගැන වෛරයකින් ඉන්න එකා ඒක උපයෝගි කර ගන්නවා වෛරය පිරිමහ ගන්න. මම හොඳ උදාහරණයක් කියන්නම්. කලක් මම රක්ෂණ ක්ෂේස්ත්‍රයේ රැකියාවක් කලා. ඔතනට අපි උපාධීදාරීන් කීප දෙනෙක් ගත්තා මැනේජ්මන්ට් ට්‍රේනීස්ලා විදියට. දැන් උන් එක්කම උපාධි ගත්ත උන් ඉන්නවා නේ රැකියාව නැතුව. ඉතින් මුන් මගෙන් උදව් ඉල්ලනවා යාලුවන්ට ජොබ් ඉල්ලලා. මගේ කැපෑසිටි එකෙන් ක්‍රන්න පුළුවන් රක්ෂණ නියෝජිතයෙක් විදියට පුහුණු කරලා ඒ ජොබ් එකක් දෙන එක විතරයි. ඉතින් මම උන්ට කිව්වම් බයෝ ඩේටා ගේන්න කියලා. මම ඒක ටොප් මැනේජ්මන්ට් එකට දාන්න කලින් මේ උපාධි කතන්දරේ ඉවත් කරලා තමයි පර්මනන්ට් කරන්න දාන්නේ. ඊට පස්සේ වැඩ කාරයෝ ටික දිනකින්ම ඒරියා මැනේජර්ලා වෙනවා. අන්න ඒ ඉන්ටවීව් එක ලලිත් කොතලාවල එක්ක තියන කොට මම කියනවා දැන් දාපන් උපාධිය ගැනත් කියල.. අද උන් බොහෝ දෙනෙක් ඉහළ තැන්වල ඉන්නේ. ඒ වගේම අස්වෙලා ආන්ඩුවේ ජොබ් වලට ගියපු උනුත් නැතුවා නොවෙයි. ඒත් අරුන් තාම ආන්ඩුවේ පහළ තැන්වල. එගෙම නැත්නම් ගුරුවරියෝ. රක්ෂණ ක්ෂේස්ත්‍රයේම උන්න උන් ඉඅහළ තනතුරුවල සුපිරි ජීවතයක් ගෙවනවා. මේන් මේ දේවල් විස්ස විජ්ජාලවල උගන්වන්නේ නෑ.. ඒවා ඉගෙන ගන්න ඕනා සමාජයෙන්. මාතලන් කියන්නේ මිනිස්සුන්ට වෛර කරන එකෙක් නෙමෙයි. මිනිස්සුන්ට ආදරේ කරන එකෙක්. ඒකයි මෙහෙම තදින් ලියන්නේ. මේවා කියවලා එකෙක් හරි හැදෙනවානම් එච්චරයි. ඔය හිඟන මානසිකත්වය මේ මිනිස්සුන්ගේ වරදක් නෙමෙයි. මිනිස්සුන්ට ස්වාධිනව හිතන්න පුළුවන් අජ්ජාපන ක්‍රමයක් ඇති කරනකම්. මේ වගේ අසරණයෝ බිහි වෙයි.

      Delete
    18. මම මේකට දෙන්න ඕන උත්තරේ මධ්‍යස්ථ මතධාරියා හරියටම දීලා තියනවා මාතලන්. ඉතිං ඒගැන මම අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ.
      "මේ අය කටුනායක මහන්න ගියොත් සුදුසුකම් වැඩියි කියල හරවල එවනව. මේ අයට යන්නත් බෑ වයස වැඩියි ගිය ගමන්ම අහන්නෙ මෙච්චරකල් මොකද කෙරුවෙ කියල. කැම්පස් ගියා කියන්නත් බැරි නිසා හොරපොල් කැඩුව කෙහෙකන් කැපුව කියලයි කියන්න වෙන්නෙ."
      ඇත්තටම මෙතන රැකියා ප්‍රශ්නය තියන්නේ ගැසට් කරලා පුරප්පාඩු තියනවා කියලා උපාධිධාරින් රවට්ටලා සල්ලිත් හූරගෙන කාලා අන්තිමට විභාග සමත් වුණාම පුරප්පාඩු නැහැ කියන එක. ඔය ඔතන ඉන්න බහුතර උපාධිධාරීන් එහෙම අසාධාරණයට ලක්වෙච්ච අය. ඇයි එයාලාට වෙලා තියන අසාධාරණේ කවුරුත් දකින්නේ නැත්තේ?
      රජය කළත්,පෞද්ගලික ආයතනයක් කළත් එය වැරදි දෙයක්.

      Delete
    19. ඩිග්‍රිය (මේ අයට ලොකු නිසා) නැති උන් එක ජොබ් එකම බලාගෙන ඉන්නේ නෑ. එක ජොබ් එකක ඉන්නෙත් නෑ. උන් පළවෙනි ජොබ් එක හොයා ගන්න ඉන්ටවීව් පනහකට විතර යනවා. ඔයා පෞදගලික අංශයේ හිටියත් නගන්නේ ගොන් තර්කයක්. හරි රැවටුනා කියමුකෝ. දැන් ඕක දෙන්නෙම නතෙයි කියමුකෝ. එතකොට මොකෑ කරන්නේ. වහ බීලා මැරෙන එකද. වෙන ජොබකට ට්‍රයි කරන එකද.

      ඔයා ඉන්නෙත් ඒ ජොබ් එක දෙන්නම ඕන කියන මතයේ. ඔහොම මිනිස්සුන්ට කොහෙද අනාගතයක්. එහෙම හිතන මිනිස්සු ඉන්න රටකට කොහෙද අනාගතයක්. මේ මිනිස්සුන්ගේ දෘවෝ හැදෙන්නෙත් ඔය හිඟන මානසිකත්වයෙන්ම නේද? ලැජ්ජා නැද්ද පොඩි උන් බැලුම් බෝලයක්ම ඉල්ලලා අඬනවා වගේ මේ ජොබ් එකම ඉල්ලලා අඬන්න. ලංකාවේ වෙන ජොබ් ඇත්තෙම නැද්ද. ඉන්ටවීව් එකකට ගියා කියලා ජොබ් එක දෙන්නම ඕනද..

      Delete
  4. රට දියුණු කරගන්න නම් බාහිර කලා උපාධිය දිම අවුරුදු 5කට වත් නවත්තල දාන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇතුලේ කලා උපාධියත් නවත්තලා ෆැකල්ටි ටික ගුරු විද්‍යාල කරොත් වඩා හොඳයි.

      Delete
  5. Can they teach Science, Maths, English, ICT, etc. ? I doubt!

    ReplyDelete
    Replies
    1. පිස්සුද? ඒවාට පුහුණු කරන්නේ විද්‍යාපීඨ වල, කැම්පස් යන්න ලකුණු මදි අය තමා විද්‍යාපීඨ වලට ගන්නේ. සයන්ස්, මැත්ස්, බැරි කඩ පාඩම් කරන්න විතරක් දක්ෂ අය ට තමා කලා උපාධි තියෙන්නේ,

      Delete
  6. මගේ වෘත්තීය ජීවිතයේදී මෙවැනි රැකියා විරහිත උපාධිධාරීන් රැකියාලාභී උපාධිධාරීන් වූ පසු කර තිබෙන ගනුදෙනු ඇසුරෙන් කිව හැකි කරුණු කීපයක් තිබේ.

    මෙම ඡායාරූපය බලන්න. ඔවුන් දැනට ද තරුණ විය ඉක්මවමින් සිටින බව පෙනේ. මේ අයට දෙන්නට පුළුවන් තරමක් හෝ ඵලදායී රැකියාවක් වන්නේ ගුරු වෘත්තියයි. එහෙත්, ගුරු ක්ෂේත්‍රයේ පුරප්පාඩු තිබෙන්නේ විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි, තොරතුරු තාක්ෂණය ඇතුළු තාක්ෂණික විෂයයන්, ජනසන්නිවේදනය,බටහිර සංගීතය, ප්‍රාථමික පුහුණු, ක්‍රීඩා වැනි ගුරු තනතුරු සඳහා ය. මේ උපාධිධාරීන් කීදෙනෙකුට ඒ විෂයයන් ඉගැන්විය හැකි ද?

    ඔවුන් වැඩිදෙනෙකුට දෙන්නට වෙන්නේ 6-11 ශ්‍රේණිවලට සිංහල, බුද්ධාගම, පුරවැසි අධ්‍යාපනය, ඉතිහාසය වැනි විෂයයන් ය. ඒවා උගන්වන්නට දැනටත් ඕනෑ තරම් ගුරුවරු සිටිති. උසස් පෙළ කලා විෂයයන්ගේ තත්වය ද එසේ ය.

    ඊළඟ ප්‍ර‍ශ්නය මොවුන්ට ගුරු වෘත්තිය සම්බන්ධයෙන් වෘත්තීය පුහුණුවක් නැතිකමයි. ඔවුන්ට වෘත්තිය පුහුණුව ලබා ගැනීමට තිබෙන පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව ද ඔවුන් කරන්නේ වැටුප් වර්ධක නතර වන නිසා නො කර බැරිකමට ය. සති අන්තයේ පැවැත්වෙන අධ්‍යාපන ඩිප්ලෝමා පංතිවලට සහභාගි වීම ද ප්‍රායෝගිකව දුෂ්කර ය.

    මොවුන් වැඩි දෙනෙක් දුෂ්කර සේවයට සූදානම් නැත. පත්වීම ගන්නා තෙක් ජවිපෙ සමග සිටිය ද, පත්වීම් ලිපිය ලැබුණ දා සිට මොවුන් විප්ලව අතහැර උපාධිය බල්ලාට දමමින් ඉතා නිවට ලෙස ප්‍රාදේශීය දේශපාලකයන්ට සර් කියමින් පස්සෙන් යති. ඒ තමන්ගේ නිවසට ආසන්න (ගමේ නොව) නගරයේ පාසලට පත්වීමක් ගන්නට ය. ඒ දරුවන් පාසලට දමා ගැනීමේ හා ටියුෂන් කිරීමේ මතු ප්‍රයෝජනය පිණිස ය.

    ගුරු වෘත්තිය නැතිනම් මොවුන්ට දෙන්නට තිබෙන්නේ ඇට මහත්තුරු වැනි රස්සා ය. ඒ කියන්නේ පිං ම පිං පඩි ය.

    ReplyDelete
    Replies
    1. දැන් පුරවැසි අධ්‍යාපනය (නම වැරදි වෙන්න පුළුවනි)වැනි ඉතා වැදගත් විශයයන් (නැවත?) හඳුන්වා දී තියනවා, නමුත් එවා උගන්න වන්න තරම් අාකල්පමය වශයෙන් දියුණු ගුරුවරු නෑ, ඒවැනි විශයයන් උගන්නන්න දාන්නේත් මොට්ට උපාධි ගුරුවරු, කලා උපාධියට යන අය ඒ වෙනුවට හොඳ පුහුණුවකට දාලා මකවල ගන්න පුළුවන් නම්, ඒ අයත් කරුප්ට් වෙන්නේ ඉස්සරින් අවුරුදු 5 හරියට ඇද්දොත් ඒ ඇති රටක් වෙනස් කරන්න.

      Delete
    2. ප්‍රේමදාසගේ කාලේ ජනසවිය ඒ වගේ හොඳ වැඩ කාරයෝ ටිකක් හැදුවා, පස්සෙන් හිටියේ නොරාඩ් එක වෙන්න ඕන. එස් බි යා ඒක කොප්ප ගහන්න ගිහින් ගම කන සමෘද්ධියෝ සෙට් එකක් හැදුවා.

      Delete
  7. මෙහි කියන්නට තිබෙන තවත් වැදගත් කාරණයක් අමතක විය. මේ විප්ලවවාදීන් වැඩි දෙනෙකුගේ විප්ලවීය සුරතාන්තය රජයේ පත්වීමක් සමග ලැබේ. ඉන් පසු මොවුන් අඩු තරමේ වෘත්තීය සමිති සාමාජිකත්වයක්වත් ගන්නේ නැත. ඒ කැම්පස් දේශපාලනය විසින් ඔවුන්ට ලබා දෙන ජීවිතාබෝධයයි.

    ReplyDelete
  8. රජය මොවුන්ට රැකියා ලබා දිය යුත්තේ ඇයි කියා කිසිවෙකුට පැහැදිලි කල හැකිද? පුරප්පාඩු තිබේ නම් සුදුසු ය බදවා ගැනීම වෙනම කතාවකි. නමුත් මොවුන්ට උපාධියක් ඇති නිසා රජයේ රැකියාවක් දිය යුතුයැයි කීම මට නම් මහා විහිළුවකි.

    ReplyDelete
    Replies
    1. මෙම පුවත්පත් නිවේදනයත් සමග විමසීම් කිරීමට දුරකථන අංකයක් එවා තිබේ. එතැනින් විමසන්න.

      ධම්මික මුණසිංහ - 0718 8 655 879
      කැදවුම්කරු,
      ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය

      Delete
    2. මම හිතන්නේ මේ ගැන කථා කරන කවුර්ත් වැස්සකටවත් විශ්ව විද්‍යාලයකට ගොඩ වෙච්ච අය වෙන්න බෑ. උඩ දාගෙන සමාජයේ දැවෙන ප්‍රශ්න කථා කරන තමන්ගේ අනන්‍යතාව පෙන්වන්නවත් කොන්ද පණ නැති ඇනොගේ සමාජ දැනීම ගැන මට ප්‍රශ්නයක් ආවා. මේ උපාධිධාරීන් අතරින් බහුතරයක් රැකියා පුරප්පාඩු ඇති බවට රජයේ ගැසට් එකෙන් ප්‍රසිද්ධ කරපු විභාගවලට රැ.1000ක් රජයටත් දීලා විභාගත් ලියලා සමත් වෙලා තමන්ට හිමි රුකියාව ඉල්ලන අය. ඔයා මේ රටේ හිටිය නම් 2014 වසරේ ගුරු පුරප්පාඩු කියලා රට වටේ ගැසට් කරපු විභාග ලියලා සමත් වෙලා, පළාත ඇතුළෙ උවමනාවටත් වඩා ගුරු පුරප්පාඩු තියෙද්දිත් මේ අයව බඳවා ගන්නේ නැතිව මේ රජය කරන අසාධාරනේ දකිවී. මේ එක උදාහරණයක් විතරයි. මේ සමස්ත රැකියා විරහිත උපාධිදාරීන්ගෙන් බහුතරයක් එහෙම අසාධාරණයට ලක්වෙච්ච අය. රටේ තොටේ හැමදේම හොයන බලන ලියන ඔයාලට මේ ප්‍රශ්න ඔය ලියන එක පෝස්ට් එකකටවත් අදාළ නොවෙන්නේ ඇයි කියලා මට ප්‍රශිනයක්. නිදහස් අධ්‍යාපනයේ උපාධිධාරීන් කිව්වම බෙල්ල කපලා මරන්න ඕන ජාතියක් කියලා හිතන ඔයාලා තමන්ගේ පෞද්ගලික තරහක් තියෙනවා වගේ විමසීමක් නැතිව විවේචනය කරන්න එපා. පොඩ්ඩක් ඇස් අරලා බලන්න.

      Delete
    3. රන්දුලා මේ අහන්න
      කාර්යාලයකට උපාධිධාරීන් ස්කීම් එකකින් ආවම ඒ කාර්යාලෙම රැදෙන්නෙ කලා උපාධිකරපු අය. මේ කලා උපාධි කරපු අයට වෙන කරන්න දෙයක් නෑ. ඔවුන්ට කිසිම දෙයක් බෑ. මේකයි තිත්ත ඇත්ත. ඉංග්‍රීසිත් බෑ සාමාන්‍ය කොම්පියුටර් දැනීමක්වත් නෑ. ගොන් බදින කනු නිර්මානය කරන අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න ඕන. මේ අය රටට බරක්. මේ අය කරල තියන විශයන් බලනන් බෞද්ධ සංස්කෘතියයි සිංහලයි දේශපාලන විද්‍යාවයි. 17 වෙනි 18 වෙනි සියවස්වල ඉදපු අය රක කීව මේක කීව කියල කටපාඩම් කරගෙන.

      අද සංවාද කෙරෙන්නෙ තාක්ෂනය නිසා ශිල්පීය රැකියා නැතිවීම. මේ නිසා තරම රැකියාවල කොලිටිය තරගකාරීව පවත්වාගැනීම ගැන දියුනු රටවල ශ්‍රමිකයො කල්පනා කරනව. අපේ රටවල උපවාස කරන්නෙ මෙලෝ වැඩක් බැරි පිරිසකට අදට නොගැලපෙන උපාධියකට රැකියා දීම ගැන.

      Delete
    4. ම‍ධ්‍යස්ථ මතධාරියා
      ඇත්තටම මම ඔයා කියපු දේට එකඟයි. මේ අධ්‍යාපනය යල්පැන ගිය එකක් තමයි. ඒවා වෙනස් කළ යුතුයි. කලා උපාධියේ වටිනාකම අද අවම වෙලා තියන්නේ මෙන්න මේ හේතුව නිසා. මම ඒකයි කිව්වේ මේ කුමය වෙනස් කළ යුතුයි කියලා.
      ස්තූතියි ම‍ධ්‍යස්ථ මතධාරියා

      Delete
    5. රන්දුලතා, මමත් ලංකාවේ විශ්වවිද්‍යාලයක උපාධියක් ගත්තු කෙනෙක්. අපි ජේවීපී කළබල වලට අහුවෙලා අවුරුදු හතරේ උපාධියට අවුරුදු හතක් ගියා. මොනතරම් රටේ ප්‍රශ්ණ මැද වුනත් අපි අපේ අනාගතය ලංකාවේ රැකියා වෙළඳපොල බලලා තීරණය කළා. මොකද විශ්වවිද්‍යාලයෙන් පිටවෙලා රැකියාවක් කරන්න උපාධියම මදි බව ඒ කාලේ අපි තේරුම් ගත්තා. ඒ නිසා අපි ඒ කාලේ වෙනත් වෘත්තීය පාඨමාලා කළා, නීති, ගණකාධිකරණ, අලෙවිකරණ වැනි. ඒ අතරම අපේ ඉංග්‍රීසි දැනුම සහ පරිඝනක දැනුම දියුණු කළා. උපාධිය අරගෙන රජයේ රැකියාවකට යන්න අපේ කිසි අදහසක් තිබුනේ නැහැ. ඒක යල් පැනගිය අපේ දෙමව්පියන්ගේ කාලයේ (පනස් ගණන්වල) තිබුණු ආකල්පයක්, මොකද රජයේ රැකියා ඒ කාලයේ බොහෝ වැදගත් සේ සැලකූ නිසා. අපිත් එක්ක හිටි සමහර බැචාලා ඉතාම ටික දෙනෙක් රජයේ රැකියා වලට ගියා. නමුත් බොහොමයක් ගියේ පුද්ගලික අංශයේ රැකියාවලට. පළමු රැකියාව හොයාගන්න මටත් ඉතාමත් අපහසු වුණා. ඒ වෘත්තීය සුදුසුකමුත් එක්ක. මගේ මුල්ම රැකියාව වුනේ විගණන සමාගමක පුහුණු රැකියාවක්. මාසේ දීමනාව රුපියල් 1,500. 1990 ගනන්වලත් ඒක සොච්චම් මුදලක්. නමුත් පළපුරුද්ද අවශ්‍ය නිසා මම වසර ගණනාවක් එතන වැඩ කළා.
      ගැසට් කරපු ඇබෑර්තු වලට ඉල්ලුම් කරලා, විභාග කරළා සුදුසුකම් මත රැකියා දුන්නේ නැත්නම් ඒක වැරදියි. නමුත් මේ අය උපවාසය ඉස්සරහට දාගෙන ඉන්නේ තම උපාධිය. උපාධිය තිබුණු පමණින්ම රැකියාවක් බලාපොරොත්තු වන්නේ කෙසේද? විශේෂයෙන්ම කළා උපාධි කරන බොහෝ අය බලාපොරොත්තු වන්නේ රජයේ රැකියාවක්. වෙනත් සුදුසුකම් ලබා ගන්නට, ඉංග්‍රීසි, පරිඝනක දැනුම ලබා ගන්නට කිසිම උත්සාහයක් නැහැ. මෙතන ප්‍රශ්නේ ඕකයි.

      Delete
    6. @ Bud in Oz

      +++++++++++++++++++++++++++++++++

      Delete
    7. @ Bud in Oz
      රන්දුලතාගේ අදහස ඔයාලා පටලවගෙනනේ. මම හැම කමෙන්ට් එකකම අවධාරනෙන් කියලා තියනවා මේ උපාධිධාරීන්ට වෙලා තියන අසාධාරනේ ගැන. තම තමන්ගේ රැකියාවෙ වරුණා මෙතන දාලා තමන් වගේ වෙන්න කියන එක නෙමෙයි, වෙලා තියන අසාධාරණේ බලන්න. ඔයා කමෙන්ට් කියවන්න ඇති කියලා මං හිතනවා. හොඳට කියවලා බලන්නකො. නැත්තන් මටත් පුළුවන් "මම රන්දුලා, මම පෞද්ගලික අංශයේ රැකියාවක් කරන්නේ, ඔයාලත් රජයේ රැකියා නොඉල්ලා මං වගේ වෙන්න" කියලා. ඒත් මම කථා කළේ ඒ ගැන නෙමෙයි. මම කථාකළේ මෙයාලට වෙලා තියන අසාධාරණේ ගැන. නැත්නම් මමත් දන්නවා උපාධිය ගන්න හැමෝටම රජයේ රැකියාවක් ලබාදෙන්න කියන එක විහිළුවක් කියලා. උපාධිය තිබීමම රැකියාවට සුදුසුකමක් නෙමෙයි කියලා.
      ප්‍රශ්නයෙන් බාහිරව ඔයා කියලා තියන දේවල් ගැන කථා කරනවනම්,
      වෘත්තීය පාඨමාලා ගැන කථා කළාම නීති, ගණකාධිකරණ, අලෙවිකරණ පිළිබඳ පිළිගත් තැනකින් සහතිකයක් ගන්න කොච්චර වියදම් කරන්න ඕනද කියන එක ඔයා හොඳට දන්නවා ඇතිනෙ නේද? ඉතින් ආර්ථික දුෂ්කරතා ගොඩක් ලමයින්ට ඒකත් හරස් වෙනවා. අඩුමුදලට ලබාදෙන ඔය පාඨමාලා කොච්චර කරත් ඒවට වටිනාකමක් දෙන්න පෞද්ගලික සමාගම් සූදානම් නැහැ. ඉංග්‍රීසි හා පරිගණක භාවිතය නම් දැන් බහුතරයකට වැඩක් කරගන්න පුළුවන් තරමට පුළුවන් කියලා තමයි මගේ විශ්වාසය නම්. හැබැයි හැමෝටම නෙමෙයි.

      Delete
    8. රන්දුලා, ඔය Comment එක දැම්මේ මම. රාජ්‍ය විශ්ව විද්‍යාලයක උපධිදාරියෙක්. ඉගන ගත්ත දේට අදාළ ජොබ් එකක් පුද්ගලික අංශයේ කරගෙන ජීවත් වෙන්නේ. ;) ඔයාට මම කියල තියෙන දේ තේරිලා නෑ. මම සරලව කියල තියෙන්නේ රජයේ පුරප්පාඩු තියෙනවා නම් බදවා ගනන්වා හැර අර මහින්ද කරා වගේ "ඇට බෙදන මහත්තුරු" බදවා ගෙන බොරුවට පඩි ගෙවන්න එපා කියලා. :D

      Delete
  9. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන කර්මාන්තශාලාවල රැකියා පුරප්පාඩු 150,000 ක් පමණ තිබෙන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති නීතිඥ උපුල් ජයසූරිය BBC Sinhala - සංදේශයට කියනවා. මේ අතර උපාධිධාරීන්ට ගැලපෙන රැකියාත් තිබෙනවා. ප්‍ර‍ශ්නය උපාධිධාරීන් වැඩි දෙනෙකුට ඒ සඳහා අවශ්‍ය කුසලතා නැතිකමයි. ඇත්තම කියනවා නම් සාමාන්‍ය යන්ත්‍ර‍ ක්‍රියාකරවන්නියකටත් උපාධි ගුරු ආරම්භක වැටුප හා සමාන වැටුපක් ලැබෙනවා. ගේ ළඟට ම ප්‍ර‍වාහනය හා තවත් වරප්‍ර‍සාදත් ලැබෙනවා. ඒත් වැඩ කරන්නට ඕනැ.

    ReplyDelete
    Replies
    1. අජිත් පැරකුම්, නරකද ඔයා අධ්‍යාපන ප්‍රතිස්ස්කරණය කළ යුතුයි කියලා ඔය ලොකු ලොකු තැන් දැනුවත් කළා නම්? ඔයා කථා කරන විදිහට ඔයා හසල දැනුමෙන් යුත් කෙනෙක්. ඉති මේ අධ්‍යාපන ක්‍රමය වැරදී කියලා ඔයා කියන්න. එතකොට සුඛිත මුදිත උපාධිධාරීන් පිරිසක් බිහි කිරීමේ ගෞරවයත් ඔයාට ලැබෙයි

      Delete
  10. මගේ යාලුවෙක් උපවාස කරලා (ලෙමන් පෆ් නොකා) මළා.

    ReplyDelete
    Replies
    1. තිලීපන්ද? මමනම් දන්නෙ එච්චරයි.

      Delete
    2. තිලීපන් උපවාස කරලා මැරුනෙ නෑ මහත්තයෝ.කන්න බොන්න නොදී තුවක්කුව පෙන්නලාවතුර උගුරක් බොන්න නොදී මරාගත්තා.ඒක මිනීමැරුමක් මිසක් උපවාස කරලා මියයාමක් නොවෙයි මහත්තයෝ.ඒකට අපේ විමල් මහත්තයා රටේ පිනකට බේරුනේ.නැත්තන් මැරෙන්න ඔන්න මෙන්න හිටියේ.

      Delete
  11. ගොවීන්ට නිකන් පොහොර. දොස්තරලත් නිකන් ඉගෙනගෙන කාර් පර්මිට්. යකෝ මුනුත් රජයෙන් නිකන් දෙන ඩිග්රියක් අරගෙන ආණ්ඩුවේම රස්සාවක් දීල තව මේ ගොන් හැත්තට මැරෙනකන් පැන්ෂන් එකත් දියහල්ලකො. අප්පටහිකේ. මුන් ඔය මහලොකු උපවාස කරන්නේ මුන් දන්නවා ප්‍රයිවට් කොම්පැනි වලට මුන්ට යන්නත් බැ ගිහිල්ල හැරෙන්නත් බෑ කියල. ඔන්න ඔහේ උපවාසේම මැරෙන්ට දුන්නනම් හරි. ගොබ්බ හැත්ත.

    ReplyDelete
  12. ගත්තු උපාධිය "මහානුභාව සම්පන්න"එකක් මොකටද ආණ්ඩුවේ රස්සා?දේශපාලකයොත් බොරු පොරොන්දු දෙන එක නතර කරන්න ඕනෑ.විශ්ව විද්‍යාල පිටවෙන හැම උපාධිධාරියෙක්ටම රස්සා දෙන්න ආණ්ඩුවට බැහැනේ.

    ReplyDelete
    Replies
    1. ඒකට මමත් එකඟයි. රස්සා දෙන්න බැහැ. හැබැයි රැකියා වෙළඳපළට හිරියන අධ්‍යාපන ක්‍රමයක් ඇති කරන්න පළුවන් නේද රජයට?

      Delete
  13. ජවිපෙ ට අවශ්තාවක් දීල බලමුය කියන අය මේ ගැන කියන්නේ මොකද්ද? මේ පලක් නැති උපාධිධාරීන්ට රජයේ රැකියා පුද කරන්න වෙලා තියෙන්නේ නොදුන්නොත් ජවිපේ ජවුසං නටන නිසායි.

    ReplyDelete
  14. මම හිතන්නෙ මේ ප්‍රශ්නය මීට වඩා සානුකම්පිකව බලන්න ඕන. මේ ගොල්ලො ඉතා දුප්පත් පවුල්වල අය. සල්ලි දීලා වෘත්තීය පාඨමාලා කරන්න හැකියාවක් නෑ. සමහරවිට වෘත්තීය පාඨමාලා ගැන දැනුමක් නෑ. මහපොලත් එක්ක වි.වි. තෙරුනා. මොනවා හරි කරලා එලියට ආව. ඔක්කොටම මුල මේ තෙරුමක් නැති උපාධි සඳහා විශාල සංඛ්‍යාවක් බඳවා ගැනීම. මේ කලා උපාධි නවත්තලා අඩුගානෙ වෘත්තීය ගුරු හෝ ඉංග්‍රිසි පාඨමාලා ආරම්භ කරන්න ඕන.

    ReplyDelete
  15. මේ අය වැරදි කලමනාකරනයේ ගොදුරු. පැරකුම් කියන ලෙසින්ම මේ අයගෙ තරුන විය ඉක්මවායමින් තිබෙනවා. මේ අය කලා උපාධි කරපු අය බවට සැකයක් නැහැ. මොනවහරි ලේසි විශයන් තුනක් අරන් බාහිරව උපාධිය ගොඩ දාගන්න ඇති.
    මේ රටේ රැකියා තිබෙනවා. නමුත් වෘත්තීය බමුණුකුලය නිසා කිසිම කෙනෙක් ඊනියා පහත්යැයි සම්මත රැකියා කරන්න ඉදිරිපත් වෙන්නෙ නෑ. වෘත්තීය කුසලතා නැතිව පෞද්ගලික අංශයට ගිහින් විදින්නවෙන නින්දා අපහාස අමානුෂික සැලකිලි බොහොමයි. පෞද්ගලික අංශය කීවම ඕනම කෙනෙකුගෙ හිතට එන්නෙ මාසිකව ලක්ශ දෙක තුන වැටුප් ගන්න සුදු කරපටි රැකියා. නමුත් එහෙම රැකියා තියෙන්නෙ අතලොස්සයි.

    මේ අයට පෞද්ගලික අංශයෙ රැකියා කරන්න බෑ. රජයේ රැකියාම ඉල්ලන්නෙ ඒකයි. මම ඒකයි කලින් ලිපියක රජයේ සේවය ගැන උපහාසාත්මක ලිපියකුත් පලකලේ. එම ලිපියේ තිබූ උපහාසාත්මක බව එය කියවූ කිසිම කෙනෙකුට තේරුනේ නෑ. ඇත්තටම රජයේ සේවයේ තිබෙන ආකර්ශනීය බව නැති කල යුතුයි. මමත් රජයේ සේවකයෙක්. මම කියනෙ පෙන්ශන් එක වාහන පර්මිට් නැතිකරන්න ඕන.

    ඒ වාගෙම වෘත්තීය සමානාත්මතාවය ගැන හැඟීමක් ඇතිකරන්න ඕන. අප කරන වැඩ ටීම් වර්ක් එකක් කියල හිතන්න ඕන. මේ ක්‍රමයට වැඩකරන්න ගිහින් මාත් අපහසුතාවයට පත්වුන අවස්ථා වැඩියි. රජයේ හා පෞද්ගලික අංශයේ තිබෙන වැඩවසම් දේවල් ඉවත්කරන්න ඕන. මට හිතෙන්නෙ ලංකාවෙ නම් මේ තත්වය වැඩි පෞද්ගලික අංශයෙ. වැරදිනම් නිවැරදිකරන්න.

    රජයේ සේවයෙ ආකර්ශනීය බව නැතිනොකර මේ ප්‍රශ්නයට මුහුන දෙන්න බෑ.
    ඒ වගේම වෘත්තීය සමානාත්මතාව ඇතිකල යුතුයි.පහත්යැයි සම්මත රැකියා කරන අය ඉන්නෙ සතුටින් නෙමෙයි.
    පෞද්ගලික අංශයේ රැකියාවල සුරක්ෂිතතාවය ඇති කල යුතුයි.එක තැණක ලොක්කෙක් තරහවුනොත් වෙන කිසිම තැනක වැඩකරන්න බෑ.කෝල් කරල අහනව. ඒ වගේම පෞද්ගලික අංශයෙ සේවකයා තුල අර්ධ වහල් භාවයක් දැකිය හැකියි. ඔහුට පුද්ගලික ජීවිතයක් නැති තරම්. මම කියන්නෙ පෞද්ගලික අංශයෙ පහල සේවකයන් ගැන නිරීක්ෂන.පෞද්ගලික අංශයෙ උසස්වීම් හා වැටුප් වර්ධක වලට කේලම් වගෙ දේවලුත් බලපානව. කාන්තාවන් ලිංගික සූරාකෑමට ලක්වෙන බව අහන්න දෙයක් නෑනෙ.

    මේ පෞද්ගලික අංශයට ඇයි යන්න කැමතිනැත්තෙ කියල අහපුවම එක එක්කෙනා කියපුව.

    රජය කියන්නෙ රැකියා දෙන ආයතනයක් නෙමෙයි. එය කල හැක්කෙත් කල යුත්තෙත් පෞද්ගලික අංශයෙන්. රජය රැකියා මවන තැනක් ය යන මිත්‍යාව දේශපාලකයන් විසින් ඇතිකල එකක්. පෝස්ටර් ගහන්න යන එකාට පියන් ඩ්‍රයිවර් තනතුරු දෙනව. චීනය වගෙ රටවල පියන්ල නැතිලු.
    කිසිම වැඩකට නැති කලා උපාධි දෙන එක නවත්වන්න ඕන.කිසිම ප්‍රමිතියක් නැති බාහිර උපාධි නවත්වන්න ඕන. උපාධිධාරීන්ට රැකියා දෙන එක රජයේ වගකීමක් නොවන බව ඒත්තු ගන්වන්න ඕන.

    මේ වගෙ වෙනස්කම් ඇතිකලොත් අර වේකන්සි තියන 150000 ට යන්න මේ අය කැමතිවෙයි.2004 දි උපාධිය කියන අකුරු තුනට 40,000 කට රස්සා දීල කරපු වැරදි පූර්වාදර්ශය මහින්දත් කලා 50,000 කට විතර රැකියා දීල.

    ReplyDelete
  16. රජයේ රැකියා ඉල්ලන්නෙ ආකර්ශනීය බවක් නිසා නොවේ. මේ අයට කරන්න තියන ලේසිම දේ ඒනිසා. ඔබ සඳහන් කරන පුද්ගලික අංශයෙ ප්‍රශ්න ගැනත් මම එකඟයි. ඊනියා උගත්කම නිසා හොඳ වැටුප් ඇති සාමන්‍ය පුද්ගලික රැකියාවලට මේ අය යන්න කැමතිත් නෑ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා